මමත් සාමාන්‍ය මනුස්සයෙක්නේ... උත්තරීතර human කෙනෙක් නෙවෙයිනේ. හුඟක් උදවිය වගේම මාත් ඕපාදූප අහන්න; දකින්න; කියවන්න; ඒවා ගැන කතා කරන්න ගොඩක් කැමතියි. (ඕපාදූප කිව්වම බාල ගතියක් දැනෙනවද? එහෙනං ඒ වචනේ වෙනුවට news කියන වචනේ දාගෙන ඉන්නකො.)
![]() |
යුද හමුදාව විසින් නුවරඑළියේ සිට
භාණ්ඩ මතුරට ප්රදේශයට බයිසිකල් හරහා ප්රවාහනය කර තිබූ... |
ඉතිං අද
උදෙත් තේ එකක් හදාගෙන Computer එක ඉස්සරහින් වාඩි වුණා.
මෙන්න බොලේ මං කැමතිම පන්නේ විස්තරයක් එක්ක ෆොටෝ පහක්. (එයින් පළමුවෙනි එක තමයි
පෝස්ටුවේ උඩින්ම තියෙන්නේ.)
මෙන්න ඒවාත් එක්ක තිබුණු විස්තරේ.
‘දිසාපතිතුමාගේ
උපදෙස් මත යුද හමුදාව විසින් නුවරඑළියේ සිට භාණ්ඩ මතුරට ප්රදේශයට බයිසිකල් හරහා ප්රවාහනය
කර තිබූ අයුරු‘
![]() |
කඩා වැටිච්ච පස් කඳු- ගහකොළ නිසා
අබලන් වෙච්ච කඳුකර පාරවල්වල මෙච්චර බඩු-භාණ්ඩ බැඳගෙන මෝටර් සයිකල් පදින්න හැමෝටම පුළුවන්යැ? |
1. මාර දිසාපති උන්නැහේ කෙනෙක්; මහ පොළොවේ පය ගහල ඉන්න- ප්‍රායෝගික බුද්ධියෙන් යුතු
අයිඩියානන්ද කෙනෙක් වෙන්නැති.
2. කඩා වැටිච්ච පස් කඳු- ගහකොළ නිසා අබලන් වෙච්ච කඳුකර පාරවල්වල මෙච්චර බඩු-භාණ්ඩ
බැඳගෙන මෝටර් සයිකල් පදින්න හැමෝටම පුළුවන්යැ? ඒක හින්ද වෙන්නැති යුද හමුදාවේ
කට්ටියටම වැඩේ පැවරුවේ.
3. කැප්ෂන් එක ලියද්දී භාණ්ඩ වචනේ දාන්න තිබ්බේ ප්‍රවාහනය වචනෙට කලින් නේද? (හදිස්සියෙ
ලියන්න ඇත්තෙ!) බයිසිකල් හරහා කියන එකත් පැටලිල්ලක්නේ. බයිසිකල්වලින් කියලා
කිව්වනං වඩා හොඳයි නේද.
කොහොම වෙතත්
ඒ post එක මගේ හිතට වැදුණා. ඒ වෙනකොටත් 204 දෙනෙක් ඒක ෂෙයාර් කරලා- 180 දෙනෙක්
comment කරලත් එක්ක.
(දන්නවනේ- මටත් හිතෙන දේවල්!) කමෙන්ට්ස්සුත් ටිකක් හරි කියෙව්වොත්...
ඈෑෑෑෑෑෑ! මේ
මොකද බොලේ?
Wiji Bewin-
‘බොරු කියන්න එපා. ඒ මගේ මස්සිනායි එයාගේ යාලුවෝ සෙට් එකයි. එයාලා ඔය දේ කරන්නේ
බොක්කෙන් එයාලගේ මහන්සියෙන්..♥️♥️♥️♥️මගේ උන්ට
බුදු සරනයි...♥️♥️♥️♥️’
Wiji ඇත්තමද කියන්නේ...
![]() |
‘...එයාලා කැපවීමෙන් ස්වේච්ඡාවෙන්ම කරන අය..’ Dinu Hettiarachchiත් කමෙන්ට් කරමින් කියලා... |
‘අනේ එයාලා යුද්ධ හමුදාවේ නෙමේ... එයාලා කැපවීමෙන් ස්වේච්ඡාවෙන්ම කරන අය..’ Dinu Hettiarachchiත් කමෙන්ට් කරමින් කියලා. තව ටිකක් එහා-මෙහා ගිහින් බලමුකෝ!
Thilina Lanka-
‘Chathura Alwis චතුර
මේ නිව්ස් එක වැරදී. මේ volunteers
ලා. Nilanka Jayalath මේ ඉන්නේ
වැඩේ කරපු කොල්ලෝ. දිසාපති කරපු දෙයක් නෙමෙයි. Prasad Indika Perera අයියා
දාපු fb පෝස්ට්
එකකට සිංහ රෙජිමේන්තුව හා එක්ව කරපු දෙයක්. මෝටර් සයිකලයෙන් දුශ්කර ප්‍රදේශ ආවරනය කරන
එක මේජර් වරයකුගේ විශිෂ්ට අදහසක්. දිසාපති කාර්‍යාලය හා එකතු වුනේ පැක් එක ලබාගැනීමට
පමනයි. මේ නිවුස් එකෙන් මෙච්චර කැපවීමක් කරපු කොල්ලෝ demotivate වෙනවා.
කරුනාකර සොයාබලා නිව්ස් එක නිවැරදි කරන්න. ස්තූතී.’
එතන තිබ්බ
commentsවලින් තෝරා ගත්තු ටිකක් මේ.
Sumuduni Shashikala-
‘මේ යුද හමුදාවෙන් නම් නොවේ. මේ මගෙ මහත්තයායි එයාගෙ යාලුවො දෙන්නයි ස්වෙච්ඡාවෙන්
උදව් කරන්න ගියේ.’
Buddhi M Ranathunga-
‘මේ යුද හමුදාව නෙවෙයි. ස්වේච්ඡාවෙන්ම ඉදිරිපත් වූ bike riders ලා...
දන්නා තරමින් මිනුවන්ගොඩ Nilanka Jayalath පෞද්ගලිකව ලොකු කැපවීමෙන් මේ වැඩේ කරන්නෙ.
පැහැදිලිවම අවධානමක් ගැනීමක්. ඒ අයට හරි වටිනාකමක් දෙන්න. නයි අරින්නෙ නැතිව☝👌’
![]() |
අප කිසිදු දේශපාලකයකුටවත් කිසිදු
පරිපාලකයකුටවත් කිසිදු පුද්ගලයකුටවත් යටත්
Team
එකක් නොව... Hiker Team අප ඉදිරියටත් ආපදාවලට ඕනෑම වෙලාවක
ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු ඇත... |
‘මේකට උත්තර මේ සහන කටයුතු අවසන් කල විගස අපි Team එක ඉක්මනින් පිලිතුරු සපයමි. දැනට කරගෙන වැඩ කටයුතු කරගෙන යමි... ඇත්ත නැත්ත මා දන්නා හඳුනන අය සහ fecebook මිතුරන් පිලිතුරු සපයනු ඇත... කවුරුන් හෝ දෙන information ම නොදා වගකිව යුතු මාධ්‍යක් ලෙස Mr.Chatura Alwis වචන වගකීමක් ඇතිව කරුනාකර හසුරුවන්න. නැත්නම් මහ ජනතාව ඔබ කෙරෙහි ඇති විශ්වාසය බිඳෙනු ඇත.’
Hiker ටීම්
එකේ සාමාජිකයන් වෙනුවෙනුත් කමෙන්ටුවක් එවලා:
‘අප යුධ හමුදාවට අයත් නොවේ. අප ස්වේච්ඡා සේවයක් කරේ. ඒක විපතට පත් අපේ සහෝදර ජනතාව
වෙනුවෙනි....
අප ජීවිත
අනතුරේ දාගෙන... අපත් ඒ කඳු අතර සැඟවී ගියා නම් ඔය කතා නෑ... අපේ ක්‍රියාව සාර්ථක උනාම
මෙහෙමයි. අසාර්ථක උනානම් අපේ කැමැත්තෙන් ගිය පිරිසක් අපට වගකීම භාරගත නොහැක කියා ඔවුන්
පවසාවි.
අපේම
චායාරූප අපෙන් ලබාගෙන පළ කර ඇත....
නමුත්
අප කලේ සේවයක්ය....
හරි විදියට
ප්‍රවෘත්ති Chatura Alwis කරුනාකර
පළ කරන්න.
අප කිසිදු
දේශපාලකයකුටවත් කිසිදු පරිපාලකයකුටවත් කිසිදු පුද්ගලයකුටවත් යටත් Team එකක්
නොව....
Hiker Team අප ඉදිරියටත්
ආපදා වලට ඕනෑම වෙලාවක ජනතාව වෙනුවෙන් පෙනී සිටිනු ඇත...
වචන හරියට
ගලපා නොදැමීමෙන් මාධ්‍ය විශ්වාස ජනතාව අතර අප්‍රසාදයට ලක් විය හැක...’
ඊට පැය හයකට
පස්සේ බලද්දී ඒ post එක share කරගත්තු ගණන 220ක් වෙලා. කමෙන්ටු ගණනත් 196ට නැඟලා. ඒ
post එක දෙරණේ චතුර අල්විස්ගෙනෙ...
![]() |
මේ වගේ එව්වා ඇත්තමද... |
ම්හු!!!
මට තියෙන ප්‍රශ්නේ
මේකයි. ජනමාධ්‍යවල පළ කෙරෙන මේ වගේ එව්වා ඇත්තමද කියල අපි වගේ පොදු ජනතාව කොහොමද හොයා
ගන්නේ?
![]() |
වගකිවයුතු ප්‍රසිද්ධ ජනමාධ්‍ය හා
ඒවායේ උදවිය කියන දේවල් පරම සත්‍යයන් විදිහට... |
ඊයේ හැන්දෑවේ
දකින්න ලැබුණු මේ ප්‍රවෘත්තියත් මම
නම් විශ්වාස කළා.
‘සම්පූර්න
සහන පැකේජ් එක සංක්ශිප්තව
1. ගංවතුරෙන්
හානිවූ සෑම නිවසකටම පිරිසිදු කරගැනීම සඳහා රුපියල් 25,000යි
2. නැවත
පදිංචි වූ නිවාසවල අත්‍යාවශ්‍ය භාණ්ඩ මිළදී ගැනීම සඳහා රුපියල් 50,000යි
3. නාය
ගිහිං නිවාසය අහිමිවී අවතැන් කඳවුරක සිටීනම් රජයේ වියදමින් සියලු පහසුකම් ලබාදෙනව.
එසේ නොමැතිව වෙනත් ස්තානයකට කුලියට යාමට කැමති නම් එවන් නිවසකට මාසෙකට රුපියල්
25,000 බැගින් මාස තුනක්. මෙය මාස හය දක්වා දීර්ග කිරීමටත් අපේක්ශා කරනව.
4. ඉහත
කාණ්ඩයට අයත් පිරිසට අහිමි වී ගිය ජීවනෝපාය සකස් කරගන්න තෙක් මාසෙකට රුපියල්
50,000 බැගින් මාස තුනකට දීමනාවක් ලබා දෙනව. (පවුලේ සිටින්නේ දෙන්නෙක් නම් රු
25,000යි. දෙන්නට වැඩිනම් 50,000)
5. විනාස
වූ වී හා ධාන්‍ය කුඹුරු සඳහා හෙක්ටයාරයකට රු 150,000යි
6. විනාස
වූ එළවළු කොටු සඳහා හෙක්ටයාරයකට රු 200,000යි
7. ලියාපදිංචි
සෑම සත්ව පාලන ගොවිපොලක් සඳහා ලක්ශ 2ක්
8. ලියාපදිංචිකොට
ඇති සෑම සුලු හා මධ්‍ය පරිමාන ව්‍යාපාරයකටම ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමට ලක්ශ 2ක්
9. විනාස
වුනු ධීවර බෝට්ටුවක් සඳහා ලක්ශ 4ක්
10. ආපදාවට
ලක් වුනු පාසැල් සිසුන්ට භාණ්ඩාගාරයෙන් 15,000යි. ජනාදිපති අරමුදලින් 10,000යි. ඔක්කොම
25,000යි
11. හානිවී
ඇති ව්‍යාපාරික ආයතනයකට තක්සේරුව අනුව උපරිම ලක්ශ 50ක්
ආපදා
12. පූර්න
වශයෙන් හානියට ලක් වුනු නව නිවසකට ලක්ශ 50යි.
13. ඉඩමක්
නැත්නම් රජයේ ඉඩමක් ලබාදෙනව. රජයේ ඉඩම් ලබාදීමට බැරිනම් ඉඩමක් ලබාගැනීම ලක්ශ 50 දක්වා
දීමනාවක් ලබාදෙනව
14. අර්ධ
වශයෙන් හානිවූ නිවාසයක් සඳහා උපරිම ලක්ශ 25 දක්වා. මෙය ලක්ශ 10, 15, 20, 25 වැනි
කාණ්ඩ හතරකට දීමට යෝජිතයි
15. මියගිය
එක් අයෙක් සඳහා ලක්ශ 10යි
මීට
තඹුත්තේගම රන්බණ්ඩගෙ කොල්ල ❤️👊
![]() |
රටටත්, රටේ ජනතාවටත් තියෙන ආදරය නිසාම සද්භාවයෙන්... |
එහෙව් ජනමාධ්‍ය හා සමාජ මාධ්‍යවලට තියෙන නිදහස මෙහෙම වල්බූරු නිදහසක් කර ගන්න ගියෝතින්...
![]() |
කොළඹ ගංවතුර අනාථයන්ට උදව්වට බලපිටියෙන්
ආව බෝට්ටු නඩේ හාදයා ප්‍රමෝද්‍ය ලක්මුතු. |
දෙසැම්බර් 3 වෙනිදා වෙනකොටම ඒ අවිනීතයන් දෙන්නාව අත් අඩංගුවට අරගෙනයි කියලා fb එකේ
post එකක් වැටුණා.
(හොඳ වැඩේ! මටත් හිතුණා.) ගොඩ දෙනෙක් ප්‍රතිචාරත් දක්වල තිබ්බා.
![]() |
මේ AI එකෙන් හදල. මගෙ දැනුමෙ හැටියට.
එහෙම නැතිනම්... |
‘මේ AI එකෙන් හදල.
මගෙ දැනුමෙ හැටියට.
එහෙම නැතිනම් ඇත්තනම් දෙන්න තියෙන්න ලඟ වෙත් නැතිවෙන්න.
ඇත්තට
ඒ බලු වැඩේ කරපු උං හොයාගන්න. මේක විශ්වාස කරල. දකුණෙ නෙමයි ශ්‍රී ලංකාවෙ මිනිස්සු
හිතන්න එපා වැඩේ හරි කියල.
ඇත්තටම උංව හොයාගෙන සමාජයට පෙන්වන එක පොලීසියෙ ,CID
එකේ "වගකීම"...’
මධූගෙ
අනුමානය හරි වගේ.
දෙසැම්බර් 5 වෙනිදා වෙද්දී වාර්තා වෙනවා ඒ සිදුවීම සම්බන්ධව එතෙක් කිසිවෙකු අත්අඩංගුවට
අරං නැති විත්තිය.
දැන් මං
ඉන්නේ දෙලොවක් අතර අතරමං වෙලා. කවුද ඇත්ත කියන්නේ- කාවද විශ්වාස
කරන්නේ?
ඒත් මට දැනෙන
ලොකුම ප්‍රශ්නේ නං ඒක නෙවෙයි.
සමාජ මාධ්‍යවලට, ජන මාධ්‍යවලට නියාමනයක්, පාලනයක් අවශ්‍යයිද? ඒවාට අසීමිත නිදහසක්
තිබිය යුතුද? දිගින් දිගටම මෙහෙම දේවල් වෙන්න ගියොත්...෴O෴









අති විශිෂ්ටයි නිදි, අපි යන්න ඕනේ, හිතන්න ඕනේ මේ ක්‍රමේට. විමසලා බලලා තීරණ ගන්න. ගංවතුර විතරක්ම නෙමෙයි අපේ රට බොරු පැල කරපු රටක්. බොරුවට ආයුෂ නැහැ කිව්වට ඒ බොරු පැල වෙලා මහා රූක්ෂ වෙලා. අපි දැන් වෙනස්වෙමු. තොරතුරු හරිද වැරදිද බලන්න අමාරු නැහැ. කාලාම සූත්‍රය කියන්නේ නිරගමිකයන් වැරදියට අල්ලාගත්තු සුත්‍රයක්. එකෙන් අපිට කියලා දෙන්නේ හිතන්න. “කාලාමයෙනි, තොප විසින් සැක ෂාංකා ඉපදවීමට සුදුසුය. සැක කිරීමට සුදුසුය. තොපට ෂාංකා කළයුතු තන්හිම සැක උපන්නේය. කාලාමයෙනි, තෙපි අනුන් කියනු ඇසීමෙන් නොපිළිගනිව්. පරම්පරායෙහි ආ හෙයින් නොපිළිගනිව්. මෙය මෙසේ විය හැකියයිද නොපිළිගනිව්. අපගේ පිටක පාළිය යනු සමාන වේයයිද නොපිළිගනිව්. තර්‍කානුකූලයයිද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගනිව්. න්‍යායට අනුකූලයයිද නොපිළිගනිව්. මේ කාරණය යහපතැයි කල්පනා කිරීමෙන්ද නොපිළිගත යුතුයි. අප නුවණින් තීරණයකොට ගන්නාලද දෘෂ්ටියට සමානයයිද නොපිළිගනිව්. මේ මහණ තෙමේ යහපත් කෙනෙකි, ඔහුගේ කීම පිළිගත යුතුයයිද නොපිළිගනිව්. මේ ශ්‍රමණ තෙමේ අපගේ ගුරුයයිද නොපිළිගනිව්,
ReplyDeleteඉතිං මහාචාර්ය කෙනෙක් කිව්වා කියලා හරි මහනායක ස්වාමින් වහන්සේ නමක් කිව්වා කියලා හරි පිළිගන්න එපා.
නිතීරීතී ඕනේ වෙනවා. ඒ පුද්ගලික අපහාස නීතිය යටතේ.ප්‍රසිද්ද චරිත විතරක් නෙමෙයි අප්‍රසිද්ද අපිටත් ඒනිතිය පහසු වෙන්න ඕනේ. දේශපාලකයෝ ඉන්නෙම මඩ ගොඩේ. එකිනෙකා මඩ ගහගනිමින් ඒක නිසා ඒගොල්ල ගැන වද වෙන්න ඕනේ නැහැ. දුස් තොරතුරු වළක්වමු, අපි හැදෙමු.post එකක් share කරන්න ඉස්සර check කරන්න.නීති රීති දෙපැත්ත කැපෙන ආයුධයක් ඔයාගෙම ඇඟිල්ල කපන්න පුළුවන්. පරිස්සමින්.
@ නිහඬපාල
Deleteමේ කියන විදියට ලෝකවාසී ලාංකික ප්‍රජාව ආධාර කරලත් තවම ලැබී තිබෙන්නේ රුපියල් මිලියන 700ක පමණ මුදලක් එනම් බිලියන 0.7යි
ලංකාවේ වර්තමාන සුළි කුණාටුව නිසා පූර්ණ වශයෙන් හානි වූ ගෙවල් 4164
එක ගෙයකට කෝටි 1/2,යි
එතකොට කෝටි 2082යි, දළ වශයෙන් රූ. බිලියන 20යි.. නමුත් දේවානි ජයතිලක නමැති ජවිපෙ ජාතික ජන බලවේගයට සම්බන්ධ පරිසර නිලධාරිනියක ඇතුලු පිරිසක් විසින් මධ්‍යම අධිවේග මාර්ගය සංවර්ධන ව්‍යාපෘතිය මැද්දට පැන 2021 වසරේ එම ව්‍යාපෘතිය මැද්දට පැන එමගින් දුර්ලභ පණුකරඳ ගහක් විනාශ වන බවට බොරු ව්‍යාජ ප්‍රචාරයක් නිර්මාණය කර ජනතාව කුපිත කරවීම සහ ව්‍යාපෘතියේ ඉදිකිරීම් කටයුතු ප්‍රමාද කරවීම හේතුවෙන් ව්‍යාපාර අලාභ ලෙස පුද්ගලයන් 825 දෙනෙකුට රුපියල් කෝටි 72කට වැඩි මුදලක් වන්දි වශයෙන් ගෙවා ඇති බව ජාතික විගණන කාර්යාලය පවසනවා.
ඉදිකිරීම් කටයුතු නිමවනතුරු මෙම වන්දි මුදල් දිගින් දිගටම ගෙවීමට සිදුවන්නේ යැයි නිරීක්ෂණය වූ බව පවසන එම කාර්යාලය වන්දි ගෙවූ පුද්ගලයන් අතුරින් දාහක් දෙනෙකුට 2023 සහ 2024 වසර සඳහා පිළිවෙළින් එක් අයෙකුට රුපියල් දෙකෝටියකට වැඩි මුදලක් බැගින් නැවත ගෙවීමට සිදුව තිබූ බව වාර්තාව සඳහන් කරනවා. මේ මුලු මුදල කෝටි දෙදාහක් හෙවත් බිලියන විස්සක පමණ මුදලක්,චුට්ටක් කල්පනා කරලා බලන්න, දේවානි ජයතිලක නමැත්තිය සිදු කර ඇති විනාශය සම්බන්ධව දේවානි යන අයගේ පෞද්ගලික වත්කම් සහ ජවිපෙ ජාතික ජන බලවේග දේශපාලන පක්‍ෂ අරමුදලෙන් මේ වියදම් නැවත අයකර ගැනීමට හැකි වේවිද?
ඒ වගෙම ඔබට මතකද 2020 (කොවිඩ් වසංගතය කාලයේ) බුර්වී කියන සුලිකුනාටුව ලංකාවට ආවා.මේ තරමටම ලොකු එකක් නෙමෙයි. හැබැයි ඒකත් විශාල විනාශයක් කළා පූර්ව සුදානම මෙයට වඩා දහස් ගුණයක මට්ටමේ තිබුනේ.ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වහාම ක්‍රියාත්මක වෙලා මිනිසුන් 75,000 කට වඩා අනතුරුදායක ප්‍රදේශ වලින් ඉවත් කරලා ඔවුන්ට අවශ්‍ය සහන සලස්වූවා. නිකන්ම අයින්වෙන්න කිව්වේ නැහැ. යන්න තැනක් , ආරක්ෂාවක්, කෑමබීම , මේ සියල්ල ලස්සනට සොයා බලුවා. කුණාටුව උතුරු නැගෙනහිර මිමි 250 වර්ෂාවක් ඇතිකරලා ගියා. ගෙවල් 99 සම්පුර්ණයෙන් විනාශ වෙලා, 3500 අර්ධ වශයෙන් විනාශවුණා.
මේ වතාවටත් දෙවියන් වහන්සේ
අපිට දුන්න simulation test එකක් ද මේක.අපි එකෙන් සමත් ද?
2020 බුරවි එකට ලංකාවේ රජය සහ ජනතාව සාර්ථකව මුහුණ දුන්න නිසා යාන්ත්‍රණයක් නැතිවෙන්න බැහැ , මේකෙදි හොයන්න ඕනේ පූර්ව දැනුම් දීම අනුව රජය හරියට ක්‍රියාත්මක වුණාද කියලා.
කුණාටුවල සති ගණනකට පෙර දැනුවත්කිරීමක් නොකරත් ජනාධිපතිට හොයන්න පුළුවන්, ඉතා කෙටි දැනුම් දීමකින් අදාල යාන්ත්‍රණය හරියට ක්‍රියාත්මක වෙනවද කියලා. මේ ගැනත් ලියන්න පුළුවන්ද?
සොයා බලා සත්‍යය තහවුරු කරගැනීමේ විවේක බුද්ධිය හෝ අවශ්‍යතාව බොහෝ අයට නෑ. ඒ නිසාම තමන් දරන මතය හා එකඟවන ප්‍රවෘත්තියක් දැක්ක ගමන් ආවේගශීලී ප්‍රතිචාර දක්වනවා. මේවා හදන අයත් ඒ බව හොඳින්ම දන්නවා. එයින් ප්‍රයෝජන ගන්නවා.
ReplyDeleteෆේස්බුක් තියෙන්නෙ ආතල් ගන්න කියල හිතන මිනිස්සු ඔය වගේ දේවල් මේ වෙලාවෙත් කරනව. ඒ වගේම ආතල් එකට විතරක් ෆේස්බුක් පාවිච්චි කරන මිනිස්සු කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව ඒව ශෙයා කරනව.
ReplyDeleteඔය වගේම අර හෙලිකොප්ටරේ කඩා වැටිච්ච වෙලාවෙත් පල්ලෙහ හිටපු මිනිස්සුන්ට පලු යන්න බැන්න. අන්තිමේ හමුදාවෙන්ම කියල තියෙනව මිනිස්සු හිටියට නෙමේ එතන බැස්සුවෙ නැත්තෙ කියල.
මේව ඉතිං මිනිස්සුංගෙ ආකල්ප හරියට හැදිල නැති එකේ ප්‍රතිඵල තමයි.
කෝ අද අර ලංඩන් තට්ට කොට පල් හොරා ඇවිල්ලා නෑ නේ තාම, ඌ ඇවිත් තව මොකක් හරි ගොන් කතාවක් කියල කොහෙන් හරි හොයා ගන්න ටොම් පච ටිකක් කොපි පේස්ට් කරලා ගොන් ආතල් එකක් දෙයි, ඕකව කුලප්පු කරලා ආතල් එකක් ගන්න පුළුවන් වෙයි අදත් 🤣
ReplyDeleteදැන් ඇත්ත මොකක්ද බෝරු මොකක්ද කියලා ලියන/කියන එකා/එකී වත් දන්නේ නැති කාලයක් මේක. මේවා තව වැඩි වෙනවා මිස අඩු වෙන්නේ නෑ. මේවා තමයි දැන් දීයුනුව කියන්නේ
ReplyDeleteමම විජේබාහු
නිදි ලොක්ක, මේක තමයි කලක ඉඳං දැන් අලුත් කලාව!
ReplyDeleteviews, likes, attention එක නොවැ වැදගත්. ඊටපහු පුළුවන් වෙලාවක සත්‍යය වාර්තාකරන්න ඇහැකි නිවී හැනහිල්ලෙ... වෙන්ට ඕන සියල්ල උනහම
අලුත් කලාවක් හොයා ගත්ත උං
දියුණුවෙන්න ඕනෑ නම්.....
ඉතාම කාලොචිත, වැදගත් මාතෘකාවක්. ආයෙ එන්නං.👌🙏
ReplyDelete@ බස්සා
Deleteචන්දිමා ගෝමස් කියන ගෑනි ආයේ මොනවත් ලියලා නෑ නේද ? අර කලින් පෝස්ට් එකේ දාපු ලින්ක් එකෙන් ගිහින් මම උත්තර දුන්නා ඒත් පබ්ලිෂ් කරේ නෑ ඒ නිසා මම අමු තිත්ත කුණුහරුප වලින් හොඳම එකෙන් තේරෙන බාසාවෙන් උත්තර දුන්නා දැන් පෝස්ට් එක මකලා දාලා නේද? පබ්ලිශ් නොකරන කියවන්න ඕනේනේ
ඔය වගේ තව ඒවා දැකාකොත් අපට ලින්ක් එකක් දාන්න දෙන්නම් දොඹෙන් යන්න 🤣
දිට්ටා සුළි කුණාටුව පහව ගියත් මිට්ටා පච කුණාටුව තවමත් සක්‍රීය බව පෙනෙන්නට ඇත 😁
ReplyDeleteඇත්තටම ඕවා පච කොටා ඇද බාපු ටොම්පච එක්ක බලනකොට නම් ඒ තරම් දේවල් නෙවෙයි නේද?
ReplyDeleteමේ පච කොටා ආවේ උගේ ගොන් මෝඩ ඉතුරු වෙලා ඉන්න වහල්ලු ටික චුන් කරලා ශේප් කරලා යන්න. ( බලන්න මේකේ ජේපි වැහෙලා ටිකගේ post )පොඩ්ඩක් තග දාලා වීරයා වගේ වාචාලව කියෝලා මෝඩ රැලට වීරයෙක් වෙන්න මිසක් ඔය කියපුව කරන්න නෙවෙයි. අහිංසක මිනිස්සු සංඝයා වැහෙන්සේලා එකතු වෙලා බෙදපු බඩු මාලූමාවේ මෙලෝ වැඩක් නොකරපු තියලා තග දාලා බලෙන් අරන් බෙදලා උනු නෝන්ඩිය වහගන්නත් එක්ක පචකොට රිලවා අලංකාර සල්ලි ඉලක්කම් ලක්ෂ ගණන් වලින් කියලා චමත්කාර සහන පොකුරක් මවා පාල ගියා. අපදාවක් නැති කාලේ වත් ගොවියන්ට පොර ටික වෙලාවට නොදුන්න, ගොවියාගේ වී, ලොකු ලුනු, එළවලු ටික මිලට නොගත්තු ගොවියා බිමට තියලා ගොවියන් ගේ බෙල්ල පාගපු මේ යක්කු ඔය කියපුව දේවි කියලා හිතනවා ද? එහෙනම් චන්දෙ කාලේ කියපු බොරු වලට රැවටුණු උන් අයෙත් රැවටිලා. ආණ්ඩු ගන්න ඉස්සෙල්ල අපදා ආවම කරන්න කියපු ලොකු ලොකු ටෝක්ස් වලින් අඩක් කරලා තිබුනා නම් මේ තරම් ව්‍යාසනයක් වෙන්නේ නෑ.
ඇයි අර ඇප නැතුව ණය දෙන බැංකු, එක පෑන් පාරින් කරනවා කියලා ලොරි ටෝක් දීපු වැඩ දහස් ගණනක් තියෙනවා, ඒ විතරද
හාල් මාෆියාව පාලනය කරනවා, රිලා සංගණනය කරලා රිලව් ටික රට පටෝනවා වෙනම දූපතක වගාහානි කරන සත්තු ටික දානවා තනියම දොර ඇරගෙන වාහනේ යනවා, ජනතාවට නැති මොකවත් අපට එපා ආරක්ෂාව එපා වාහන එපා කියල දැන් කොහොමද මුන්ගේ වැඩ? 😅
ඔය වගේ ටොම් පච ප්‍රචාර ලක්ෂ ගානක් දෙසාබාපු ඕකා ඊයේ රෑ කියෙව්වෙත් ඒ වගේම ලොකු ටෝක්ස් ටිකක්. අනෙක පළකොට රිලවා කිව්වේ බොරු නම් පාර්ලිමේන්තුවේ කියනවා ඇත්ත කියන්නේ සීඅයිඩී එකට කියලා කතාවකතුත් ඒ නිසා ඕකත් 99%ක්ම තනිකරම ටොම් පච ගොඩක් විතරක් වෙන්න ඕන
අපි ඔක්කොම ඉන්නේ මේ රටෙනේ බලමු ඒ පොරොන්දු ඉෂ්ට කරන හැටි.. ඕන නම් උපරිම අල්පමාත්‍රයක් කරයි උන්ගේ ඩෝබි වහල්ලුන්ට විතරක්👍🤪
හිත් ඇතුලේ කැලති කැලති උපන් යකා
ReplyDeleteහිතට උපන් නව අදහස් අකා මකා
පෙනෙන හැම දෙයක දොස් ලෙස දකී මකා
පරසක්වල ගසව් හිත්තුල ඉන්න යකා
හිත් ඇතුලේ කැලති කැලති උපන් යකා (ලෝභ,ද්වේශ මුල්කරගත් ජවිපෙට මාලිමා පක්ෂයට ඇති අන්ධකාර වහල්භාවය)
හිතට උපන් නව අදහස් මකා දමා (අනුරලා ඇතුලු මාලිමාවේ අය දෙසන අසත්‍ය සම්ඵප්‍රලාප වලට රැවටී ඇතිවන අධික මෝහය සහ මුග්ධත්වය)
පෙනෙන හැම දෙයක දොස් ලෙස දකී මකා (ජවිපෙ මාලිමාවට ආවේණික ඉරිසියාව, කුහකකම, වෙෙරය, අවිද්‍යාව ආදී අතිශය ඍණාත්මක ආකල්ප)
පරසක්වල ගසව් හිත් තුල ඉන්න යකා ( මාලිමාවට ජවිපෙට ඇති අන්ධ භක්ති වහල් භාවය, මුග්ධත්වය, ජවිපෙ මාලිමා ආවේණික තකතිරුභාවය, අමනකම, තක්කඩිකම අමනුස්ස අදහස් ආදී අවිද්‍යාව නසා විද්‍යාව ඉපදවීම.)