![]() |
මේකත් මඟුල් කතාවක් නං තමා. හැබැයි
වෙනත් මඟුලක්...... |
මේක වෙනම කතාවක්.
මේකත් මඟුල් කතාවක් නං තමා. හැබැයි වෙනත් මඟුලක්......
කිව්වට විශ්වාස කරන්න ආයුබෝවන්ලා, මේ පෝස්ටුව ලියන්න
හිතට වැටුණේ 2021 මාර්තු 11 වෙනිදා වෙච්චි දේවල් දෙකක් හින්දා. ‘අන්දොස් මංගල්ලේ -3’ post එකට අපේ හිතවත් Sam
Perera මහත්තයා කමෙන්ටුවක් එවලා තිබුණා, මෙහෙම.
‘මේ මංගල්ලේ මුකුත් දෝසයක් නැති නිසා ඒකට නම
දාන්න තිබුණේ අන්දොස් මංගල්ලේ කියලා නොවෙයි, un දොස් මංගල්ලේ
කියලයි.’
ඒ comment එකට මං මෙහෙම උත්තර ලිව්වා.
‘අනේ සෑම්!
ඔයා තමයි මට හරිම මාතෘකාව තෝරලා දුන්නේ.
සත්තයි! මට 'un දොස් මංගල්ලේ' හිතට ආවේ නැති
හැටි. හරිම ක්‍රියේටිව්!
ගොඩාරියක් ස්තුතියි!
පරක්කු වෙලා ඇවිත් වුණත් මසුරං වටිනා
දෙයක්නේ කිව්වේ. ආයෙමත්
ස්තුතියි!!’
කොටස් තුනකින් ලියලා publish කරලත් ඉවර
වෙච්චි posts මාලාවක නම දැන් ඉතිං
වෙනස් කරන්නයැ?
![]() |
නොදන්නා අයට වුණත් ටැපලෙන්නේ නැහැනෙ! |
“නිමල් අයියට මාව අඳුරන්න පුළුවනිද?” එහා
පැත්තෙන් කතා කළ කෙනා ඇහුවා.
“මොකද මිනිහෝ බැරි.... ඊසි නේද?”
මේ කතන්දරේ කියන්න පහසුවටයි මං එයාට ‘ඊසි’
කියන නම පාවිච්චි කරන්නේ. එතකොට දන්නා අය විතරක් දන්නවා කවුරුන් ගැනද මේ කියන්නේ
කියලා. නොදන්නා අයට වුණත් ටැපලෙන්නේ නැහැනෙ, ‘ඊසි’ නම මතක තියා ගන්න ලේසි නිසා.
ඊසි හාදයා එදා මාත් එක්ක කතාව පටන්
ගනිද්දිම, මගේ මොළේ හරහා විදුලිය ධාරාවක් ඇදිලා ගියේ අකුණු කෙටිල්ලක් වගේ.... එයා
ප්‍රධාන චරිතය වුණු ‘මඟුල් කතාවක’ මටත් සුළු කොටසක් කරන්න වුණානෙ, අවුරුදු ගණනාවකට
කලින්.
හැබැයි ඒ කතාව ඔයාලට කියන්න නම් එදා වෙනකල්ම, මගේ හිතකවත් තිබ්බේ නැහැ, නැහැ,
නෑමයි ඕං.
ඒත් Sam Perera මහත්තයාගේ වෙඩි උණ්ඩයක් වගේ
සැර ‘un දොස් මංගල්ලේ’ කියන අපූරු නමත් මගෙ මොළ ගෙඩිය ඇතුළේ උණු-උණුවේ දුම් දමමින්
තිබිච්ච වෙලාවේ නිසා.... ඊසිගේ කතාවට, ඒ නම ගැළපෙනවා නේද කියලත් එක සැරේම click
වුණා.
![]() |
ඒ
පැත්තට රට තල්ලු කරපු උත්තමයන් වහන්සේලා.... |
නීතිය තදේටම ක්‍රියාත්මක කෙරෙනවත් එක්ක!
හරි විදිහටම කියනවා නං, දැන්-දැන් ලංකාව පුරා මතුවෙන පොකුරුවලින් වැඩි හරියකට
‘පමුණුව පොකුරු’ නැත්තං ‘අවුරුදු රෙදි පොකුරු’ කියලයි කියන්න ඕනි.
ගිය මාසේ මුල හරියේ, පමුණුවේ අපට පාර-තොටේ
බැහැලා යන්න බැරි තරමට මිනිස් ගඟක් ගලමින් තිබුණේ. එච්චරට මිනිස්සු.... අත දරුවාගේ
හිට ඇවිදගන්න හැකි අසූවේ-අනූවේ අය පවා ලාබෙට රෙදි හොයමින් පමුණුව පාර දිගේ පොදි
කකා තෙරපුණේ ‘කොරෝනා’වට කොරන්න ඇහැකි මඟුලක් නැතැයි කියලා හිතාගෙන.
එව්වයේ දායකත්වය කොහොම වෙතත්, ඊයේ 2021 මැයි
හත් වෙනිදා මෙතෙක් නිල වශයෙන් වාර්තා වුණු වැඩිම කොරෝනා මරණ ගණන වාර්තා වෙලා.
ඒ විතරක් නෙවෙයි. ඊයේ වෙද්දී කොරෝනා ආසාදිතව ලංකාවේ අලුත උපන් බිලිඳුන් ගණනත් හැත්තෑවක්ලු!
රටක්ම ඒ පැත්තට තල්ලු කරපු උත්තමයන් වහන්සේලා
චිරාත් කාලයක් නිදුක්- නිරෝගීව යහතින් වැජඹේවා!
දැන් ඉතිං ‘ආඳා යවා තබාලා වල්පොත ගත්තාසේ’
කරන්න දෙයක් නැතිකම ගැන, රටම තක්බීර් වෙලා බලාගෙන ඉන්න කාලේ උදා වෙලා. ඒ නිසයි,
සැහැල්ලු දෙයක්, දෙකක් ගැන මේ ටිකේ ලියන්න හිතුණෙත්. මගේ විශ්වාසයට අනුව ‘සිනහව,
සතුට, ප්‍රමෝදය හා සැහැල්ලුව’ කියන්නෙත් දිවිය අවුසදයක්නෙ මහතුනේ!
![]() |
ඒ
මදිවාට ඊසිගේ අක්කලාත් අම්මා ඩුබායිවලම ඉන්නවට කැමතියිලු! |
හදිස්සියට අතින් කඩදාසි නවාගන්න වැඩ, පොත් ගැදර් කරන වැඩ, බිල්පත්වල නොම්මර ගහන
වැඩ වගේ වැඩත් ගොඩාරියයි.
ඊසි ගොයියා එයාගේ අම්මා ගැන එච්චර ප්‍රසාදයෙන්
නෙවෙයි හිටියේ. “අම්මට දැන් ලංකාව අල්ලන්නෙම නැතිව ගිහින්. ඩුබායිවලම ඉන්න තමයි
හිත. ආවත් මාසෙන්-දෙකෙන් ආපහු යනවා.... රට ගිහින් සෑහෙන කාලයක් වෙලත් තවම ඇති වෙලා
නෑ.”
ඒ මදිවාට ඊසිගේ අක්කලාත් අම්මා ඩුබායිවලම
ඉන්නවට කැමතියිලු!
“එතකොට අක්කලට පුළුවනිනේ අපේ ගෙදරටම වෙලා
ඉන්න.... මං විතරයි ගෙදර කියලා...”
“ඉතිං හොඳනේ මනුස්සයෝ!”
“අපෝ, නිමල් අයියා දන්නෑ අපේ පොඩි අක්කගෙ හැටි.... ඔයා එක්ක වුණත් හිනාවෙලා කතා
කරන්නේ එයාගේ වාසියට.... ඔයාව ෂේප් කරලා තියාගන්න හිතාගෙන... උන් සහෝදරියෝ නෙවෙයි
නිමල් අයියේ. මිනී මෝරු!”
ඊසිගේ පොඩි අක්කාත් ඉස්සර press එකක
බයින්ඩින් රස්සාවම කළ එකියකි. ඒ වෙද්දී එයා කොළ නවන, පොත් ගැදර් කරන, බිල් පොත්
සාදා දෙන වැඩ කොන්ත්‍රාත් ක්‍රමයට නිවසේ සිටම කරමින් සිටියාය. ඒ වැඩ බාර ගැනීමට-
බාර දීමට අපේ press එකට ආවාමය මං හඳුනා ගත්තේ. එහෙම පැමිණි වේලාවන්හිදී මට පෙනුණු
විදිහට නම් ඇය කුඩුකේඩු එකියක් නොවේ.
![]() |
කොල්ලෙක්
වෙලා ඇඳුමකටවත් හරියට වියදං කරනවද, මෙයාලා වගේ... |
“තමුසෙගෙ හිතළු... එයා අම්මට බොරු කියන්නේ මොකටද මනුස්සයෝ, තමුසෙ ගැන...”
“ඇයි, පොඩි පුතා හැටියටයි; පවුලේ එකම කොල්ලා හැටියටයි මටනේ මහ ගේ අයිති වෙන්න
තියෙන්නෙ. තවම අපේ අම්මා කාටවත් ගෙදර ලියල දීලා නැහැනෙ.... පොඩි අක්කා කුරුමානං
අල්ලන්නෙ අම්මව රවට්ටගෙන ඒක එයාට ලියවගන්න.”
හැබැයි, ඊසි බලාගෙන හිටියේත් අම්මා ගෙදර
අයිතිය එයාට පවරන තෙක්ය.
“මූ මහ කුණා, නිමල් අයියේ. පේන්නැද්ද
කොල්ලෙක් වෙලා ඇඳුමකටවත් හරියට වියදං කරනවද.... දෙක තුනක් තියාගෙන පට්ට ගහනවා....
එයාලගේ පොඩි අක්කා වැඩියත්ම මූ එක්ක තරහ, ගෑනු හුටපටයක් හින්දා.”
Press එකේදිත් වැඩි දෙනෙකුගේ තෝම්බුව මගේ
ළඟට එන්නේ එයාලාගේම හිතවතුන්- හිතවතියන් හරහායි. ඒ විස්තර හාරලා අහන්නට ඕනෑ නැත.
කවුරුන් හෝ විස්තර කියද්දී ඕනෑකමින් අසාගෙන හිටීම විතරක් කළාම ඇතිය. කියන්නට අය
එමට සිටිති. නැත්තේ ඉවසීමෙන් ඒවා අහගෙන ඉන්නා උදවිය නෙව.
ආයතනයක කළමනාකාර ධුරය දරන විටෙක, පුද්ගලයන් ගැන පෞද්ගලික දේවල් පවා දැනගෙන හිටින
තරමට මෙහෙයවුම් කටයුතු ලේසිය.
“නිමල් අයියේ, තරහ නැතිව අපේ මල්ලිට පොඩ්ඩක්
අවවාද කරන්නකෝ.... ඔයා කියන දේවල් එයා අහනවත් එක්කනේ...” දවසක් press එකේදී ඊසිගේ
පොඩි අක්කා මට කීවාය.
“ඊසි පොඩි ළමයෙක්ය, අවවාද කරන්න?” මං කිව්වේ විහිළුවක් විදිහෙන්ය.
![]() |
දැන්
කාලේ කොල්ලො-කෙල්ලො කොච්චර නං යාළුවෙලා... |
එහෙමය මට ඇගේ පැත්තෙන් විස්තර ලැබුණේ.
“අපේ මල්ලී පැටලිලා ඉන්න කෙල්ල අපේ ගෙදරමයි
බෝඩින් වෙලා ඉන්නේ. මල්ලිට ඕනි මක් කරලා හරි මාව ගෙදරින් යවාගන්න. අපේ මහත්තයත් මට
කියනවා ළමයිනුත් අරගෙන ගෙදරින් යමු කියලා.... ඒ වුණාට අයියෙ, අපි එහෙම කළොත් මේ
මෝඩයා අර කෙල්ලව කසාද බැඳලමයි නවතින්නේ... ඒකිට වෙන බෝඩිමක් හොයාගෙන යන කිව්වට
යන්නෙත් නෑ.”
“ඇයි ඉතිං ඔයාලා ඒ සම්බන්ධෙට ඔච්චර
අකමැති.... දැන් කාලේ කොල්ලො-කෙල්ලො කොච්චර නං යාළුවෙලා බඳිනවද?”
“කොහොමද නිමල් අයියෙ අපි ඒකට කැමති වෙන්නේ... ඒ කෙල්ල මෙයාට වැඩිය අවුරුදු
හත-අටක්ම වැඩිමල්නෙ.”
“හරි, හරි.. එහෙනං කෙල්ල ලස්සන ඇති මෙයා වහ වැටෙන්න....” මට කියැවිණි.
“මොන ලස්සනක්වත් නෑ.... කෝටු දරහැවක්... උන්
හරි කපටියි නිමල් අයියේ... මාතර පැත්තේ එවුන්නේ... අපේ හරකට ඉනා බේතක් කවලම තමයි!
ඒකි හිතන්නේ මේ මෝඩයව අල්ලගත්තම හෝමාගමින් ලොකු ගේකුත් අයිති වෙනවනේ කියලයි.”
ඒ ගැටළු ගැන කියද්දී අසාගෙන සිටීමෙන් විනා,
උපදෙස් දීමක් කිරීමෙන් උදව් වෙන්නට මට සිතුණේ නැත. ඒ කියවෙන දේවල්වලින් හැබෑ-බොරු
තේරුම් ගැනීම මට අසීරුවූ බැවිනි. නමුත් හැම පාර්ශ්වයෙන්ම මට තොරතුරු ගලා ඒම නම්
නිබඳවම; දිගින්-දිගටම සිදු වුණේය.
![]() |
උන්ගෙ
ගමටම ගිහිල්ලයි මේකව හොයා ගත්තේ...! |
ඒ කතන්දරවලින් විශ්වාස කළ යුත්තේ කොයිකද?
ඊසිගේ කතාවද? පොඩි අක්කාගේ කතාවද? මිතුරන්ගේ
කතාද?
ඔහොම ඉන්නා අතරේය, හදිසියේම ඊසි හාදයා වැඩට නෑවිත් සිටියේ.
“අනේ නිමල් අයියේ, අපේ මල්ලී අරකිත් එක්ක
පැනල ගිහිල්ලා!” ඊසිගේ පොඩි අක්කා දුරකතනයෙන් හඬා වැටුණාය.
“ඔයාලගේ අම්මත් මේ දවස්වල ලංකාවට ඇවිත් නේද ඉන්නේ....”
“ඒක නේන්නං අයියේ. අම්මා ඒ කෙල්ලට හොඳටම බැන්නා. කාමරයෙනුත් යන්න කිව්වා... ඒ තරහට
තමයි මේ බූරුවා ඒකිත් එක්ක යන්න ඇත්තේ.... අනේ අයියේ... මල්ලී හදිසියෙවත් press
එකට ආවොත් අපිට කියනවද?”
සති දෙක තුනක් ගත වුණේය. ආයෙමත් වතාවක් දුරකතන
ඇමතුමකි.
“අපි මල්ලිව ගෙදර ගෙනාවා නිමල් අයියෙ... උන්ගේ ගමටම ගිහිල්ලයි මේ හරකව හොයා ගත්තේ...
අනේ නිමල් අයියෙ. බොස්ට මේවා කියන්නේ නැතිව ටිකක් ෂේප් කරනවද? නැතිනං මේ බූරුවට
රස්සාවකුත් නැතිව යනවනේ අයියේ....ටික දවසක් ගෙදර ඉන්න දීලා, මාසයක් විතර යද්දී
ආයෙම මිනිහව වැඩට එවන්නං....”
ඒ call එක ලැබිලා දවස් දෙක-තුනකින්ම ඊසිගේ
කතන්දරේ press එකේ හැමෝටම වගේ ආරංචි වෙලාත් තිබුණේ, පුදුම විදිහටය. ඒ කොහොම
කාගෙන්ද....
ඒත් මං නෙවෙයි ඒ ගැන දන්නා විත්තියක් කාටවත් පෙන්නුවේ. අනුන් කියන දෙයක් අහගෙන
ඉන්නවා මිස.... අර සම්පත්ගේ අකල් මරණේ වෙලාවේදී මොකුත්ම නොදන්නා බබෙකු වගේ හිටි විදිහට.
![]() |
හෙණ
අහිංසක මනුස්සයෙක්.... ඇතුළට එන්නත් බයයි වගේ. |
“මාව හම්බ වෙන්න නං පාරේ ඉඳල හරි යනවද? මෙහාට එන්න එපැයි!”
“මම ඒ මිනිහට කිව්වා.... හෙණ අහිංසක මනුස්සයෙක් නිමල් අයියේ.... ඇතුළට එන්නත් බයයි
වගේ......”
ඒ ළමයා කීවා හරිය. Press එකට නෑවිත් හිටි
මනුස්සයා අහිංසක පාට තමාය. ඒත් ඊට කලින් මං දැක පුරුදු කෙනෙකුත් නෙවේ. මම ඔහු ළඟට
ගියෙමි; ඒ මනුස්සයාත් නිමල් දිසානායකව හඳුනන පාටක් නැත.
“ඇයි තාත්තේ?”
“අනේ සර්, මේ අච්චු කන්තෝරුවේ වැඩ කරන නිමල් අයියා මහත්තයව හම්බ වෙන්න කියලා.....”
එයා ඉස්සරහම හිටගෙන ඉන්නේ නිමල් බවවත් එයා නොදනී. “තාත්තේ, යමු ඇතුළට. මං තමයි
නිමල් අයියා.”
එතකොටත් press එකේ උකුසු ඇස් ජෝඩු හත-අටක්
හොරාට ගේට්ටුව අයිනේය. මටත් කලින් ඒ අහිංසකයා ඒ විත්තිය දැකලාය.
“අනේ රත්තරං මහත්තයෝ.... මගේ දූටයි තමුන්නාන්සේව හම්බ වෙන්න ඕනි. හන්දියේ කඩයක්
ඇතුළෙ එයා ඉන්නවා. අච්චු කන්තෝරුවේ අයට පෙනෙයි කියලා තමයි දුව මේ අහ ආවේ
නැත්තේ.... දැනුත් එයාලා මහත්තය අහ බලාගෙන ඉන්නෙ එබිකම් කර-කර....”
මං හැරී බලනකොට ඒ ඇස්ගෙඩි ඇතුළට ගිහිනුත් ඉවරය....!
“තාත්තගේ දුව මාව දන්නවද?”
![]() |
ගිහිල්ලා
දුව ඉන්න කඩේ ඉස්සරහට වෙලා.... |
වෙසෙසා කිව යුතු නැත. මගේ පපුව පත්තු වුණේය.
“කවුද ඔය බෑනා?”
“සර් එයාව දන්නවා. මෙහෙ වැඩ කළේ..... ඊසි!”
“හරි....” පැටලිල්ල ළිහීගෙන එයි. දැන් කරන්නට
ඕනෑ මොකක්ද?
“... තාත්තා දැන් ආපහු හන්දිය ළඟට යන්න. ගිහිල්ලා දුව ඉන්න කඩේ ඉස්සරහට වෙලා ඉන්න.
මම විනාඩියෙන් එනවා, අපේ කන්තෝරුවේ අයට කියලා. තේරුණානෙ...”
“අනේ මහත්තයෝ.... නෑවිදින් ඉන්න එපා!” ඒ අසරණයා දොහොත් මුදුන් දීලා වැඳලාත්ය පිටත්
වුණේ.
විනාඩි දහයකට පිටතට යන බව කාර්යාලයේ අයට
දන්වා, මා යන විටත් අර මනුස්සයා සෝදිසියෙන් බලාගෙන ඉන්නවාය. එයාගේ දෝණියන්දෑ ගැන
ඊසිගේ පොඩි අක්කා කිව්වා හරිය. ඇය රූමතියක් නොවේ; කෙට්ටු, අවපැහැති යුවතියකි.
ඊසිත් එතරම් කඩවසම්; කැපී පෙනෙන හාදයෙක් නොවේ.
ඒත් මගේ මිම්මෙන් නං ඒ දෙන්නාගේ ඇති
නොගැළපීමකුත් නැත!
“අනේ නිමල් අයියේ.... එයා මට කියා-කියාම
හිටියේ නිමල් අයියට call එකක් දෙන්න ඕනියි කියලා, අපේ අහ ගියාට පස්සේ. ඒකට කලින්
එයාල අම්මලා එහාට ආවනේ....” ඇය කීවාය.
![]() |
අමරණීය
පෙම්වත්තු බාධා ඉදිරියේ කිසිදා නොසැලෙති. |
ඒ සටනේදී ඊසි හාදයා කිසිම මැදිහත්වීමක් කරලා
නැතිය. මිනිහා ඒ ගති-සොබාවේ කෙනෙකි. මං නම් එහෙම අයට කියන්නේ කොන්ද පණ නැති
සෙවලයන් කියලාය.
“ඉතිං... ඉතිං...”
“අම්මලා අපේ අහට ඇවිදින්, ගමටම ඇහෙන්න මාව පලිච්චි කරලා එයාවත් වෑන් එකට දාගෙන
අරන් ආවා. එහෙම ඇවිත් දැන් දවස් හත-අටකටත් වැඩියි.... මම බලාගෙන හිටියේ එයා
හොරෙන්ම ගෙදරින් පැනලා හරි ආයෙම අපේ අහට එයි කියලා.... කොහෙද, අම්මට බයේ ඔහෙ
කරබාගෙන ඉන්නවා ඇති...” ඒ කෙල්ලත් අඬා වැටෙයි.
කඩේ මිනිස්සුත් එහෙන්-මෙහෙන් එබෙති.
“නංගි, ඇඬුවයි කියලා ප්‍රශ්න විසඳගන්න
බැහැනෙ. සමහරවිට එයාව වෙනින් කොහේ හරි නවත්තලා වෙන්නත් ඉඩ තියෙනවා නේද?” මට කල්පනා
වුණේ ඒකය.
ලුණුයි බතුයි වුණත් කාලා ඉන්නට ලෑස්ති අමරණීය පෙම්වත්තු බාධා ඉදිරියේ කිසිදා
නොසැලෙති. ඊසිටත් තාවකාලික බාධාවක් වෙලා වෙන්නැති.
“අනේ, එහෙමවත් වෙනවා නං එකක්.... මෙයා ඔතෑනි
වැඩියි නිමල් අයියේ.... අක්කයි අම්මයි සැර කළොත් ඒ පැත්තට වුණත් නැවෙන්න බැරි
නෑ... ඒකමයි මට බය.... මගේ බැංකු පොත, ෆෝන් එක එහෙමත් එයාගේ bag එකේ තිබුණේ.... ඒව
ඉල්ලා ගන්නවත්....”
“ඇයි නංගි, එව්වා එයාට දීලා තිබ්බේ.....”




















