මම
වධක රාජකාරිය කරන්නට පටන් ගත්තෙමි.
මං
හිත-හිතා හිටියේ නැත; බල-බලා හිටියේ නැත. එකෙක් අතට.
බෙල්ල කොට කෑල්ල උඩට. පිහිය ඉහළට. ඊළඟට පිහිය පහතට. One shot. දඩාස්! බෙල්ල පැත්තකට. කඳ බැරල් එක ඇතුළට. ආයෙමත් ඒකමය. ඔහොම
දිගින්-දිගටම ශීර්ෂඡේදනය කරගෙන-කරගෙන ගියෙමි.
![]() |
ඒ උන්ගේ කරමල්වල තිබුණු ගැටිති තොගය නිසාය. ඒවා මට
පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා කිනිතුල්ලන් සේනාවක්... |
ඒ උන්ගේ කරමල්වල තිබුණු
ගැටිති තොගය නිසාය. ඒවා මට පෙනුණේ කරමල්වල එල්ලීගෙන රුහිරු උරා බොමින් ඉන්නා
කිනිතුල්ලන් සේනාවක් විදිහටය.
“එහෙම හිරිකිත හිතිලා ඔයා
වැඩේ අල්ලලා දැම්මෙ නැහැනේ?” සිරිබිරිස් උන්නැහේ ඇහුවේ ඇස් නටවමින්.
“අපොයි නෑ... කුකුළන්ගේ බෙලි
කපල අන්තිමටනෙ කළුකුම්ලට අත තිබ්බේ. අපේ තාත්තා අපට උගන්නල තිබ්බේ ‘බාගෙට කරන්න නං
මොනම වැඩක්වත් පටන් ගන්න එපැයි කියලා.' ඒ දවස්වල අපි නාට්‍ය කරද්දී තමයි
විශේෂයෙන්ම ඕක කිව්වේ. තාත්තා දිගටම කිව්වේ ‘නාට්‍යය පෙන්නන දවසේ මම මළත් නාට්‍ය
පෙන්නිල්ල නවත්තන්න එපා. මිනිය ගෙදර තියෙන්න ඇරලා හරි උඹලා නාට්‍යය පෙන්නපල්ලා.’
කියලයි.”
“ඒ අතින් නං ලොක්කත් තාත්තගෙම පුතෙක්. ඉස්සර මිනිස්සු කියල තියෙනවනෙ -තාත්ත කරපු
දේ කරන්නෙ නැත්තෙ නොට්ටිගෙ පුතාල විතරයි- කියලා.”
සිරිබිරිස් උන්නැහේ හා-හාපුරා
කියලා අපේ ගෙදරට ගොඩ වැදුනු දවසේත් අපි දෙන්නගෙ කතාබහට කෙළවරක් නොතිබිණි. ඉන්
පස්සෙත් එහෙමය. පසුගිය අවුරුදු හයේම එයා ලංකාවට පැමිණි හැම වතාවකම මා හමු වෙන්නට ආවේය; නොවරදවාම!
“ඔයා එපැයි කිව්වට හරි යන්නෑ ලොක්කා. අපේ අම්ම තමයි මට උගන්නල තියෙන්නේ- කෙනෙකුගෙ ගෙදරකට
යනකොට හිස් අතින් යන්න එපැයි කියලා.” එහෙම කියමිනි, ඒ හැම වතාවකම තෑගිත් උස්සාගෙන
එන්නේ. ඒත්, එහෙව් හිතවත්කමක් තියෙද්දී වුණත් උන්නැහේ මෙතෙක් එකම එක වාරයකවත් මට කලින්
දැනුම් නොදී- අවසර නොගෙන අපේ ගෙදරට කඩා වැදී නැත!
“එහෙම අහල එන්නේ, පැයක්
දෙකක්වත් දිග කයිවාරුවක් ගහන්න ඕනි නිසානෙ නිමල් අයියේ. මොකද දන්නවද- ඔයයි මමයි
දෙන්න එකම ෆ්‍රීකුවන්සියෙ ඉන්න දෙන්නෙක්... එහෙම මිනිස්සු හරි ඉක්මනට එකට set
වෙනවා...” ඒ සිරිබිරිස් උන්නැහේගේ දැක්මයි.
උන්නැහේගෙනි මං වහන්සේට පළමු වතාවට ‘එක ෆ්‍රීකුවන්සියෙ කට්ටිය’ ගැන අසන්නට ලැබුණේ.
‘එක ජාතියේ කුරුල්ලෝ තමයි එක අත්තේ ලගින්නෙ’ කතාව වෙනුවට මටත් දැන් අර ෆ්‍රීකුවන්සි
කතන්දරේ කියවෙයි!
සිරිබිරිස්ය කිව්වාට උන්නැහේට
අපූරු නමක් ඇත. අමිල!
අමිල එක ජාතියක පිස්සෙකි. එක එක දේ සොයා යන්නට- වැලලෙන්නට යන තොරතුරු පිස්සුවෙන්
වගේ හොයා බලන්නට මේ යක්ෂ පැටියා ගජ හපනෙකි.
![]() |
ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු
වෙන්නේ අතීත; ඓතිහාසික දේවල්... |
-ඒ ගල් බරු පාවිච්චි කරල තියෙන්නේ මිනිස්සුන්ව දියේ ගිල්ලලා මරනකොට- කකුල් දෙකට ගැට
ගහන්නලු. මං ඒ ගැන ප්‍රදීප්ටත් කියලයි තියෙන්නේ.”
“මරුනෙ. අපි හඟුරන්කෙත යමුද
බොසා ඒක බලන්න...”
“හඟුරන්කෙත?”
“එක දවසෙන් ගිහිල්ල එන්න පුළුවන් ගමනක්නේ.” අමිල කීවේ එයාගේ යෝජනාව එයාම ස්ථිර
කරමිනි.
Pra Jay හෙවත් ප්‍රදීප්
ජයතුංග නොහඳුනන blogකරුවෙක් නැති තරම්ය. හැබැයි, එයා බ්ලොග් ලියන්නේ නැත. කියවනවා හා
comment කරනවා විතරය. ප්‍රදීප් මහත්තයා කෙනෙකුට උදව්වක් අවශ්‍ය ඕනෑම වෙලාවක ‘බෑ’ කියන්නේ
නැත!. ඒකට ඉදිරිපත් වෙයි. (විශේෂයෙන්ම මේ ලෙඩා උදව්වක් ඉල්ලූ හැම විටම!)
(ස්තුතියි ප්‍රදීප්- එතැනදී අසංග රණසිංහආරච්චි සහෘදයාටත් ස්තුති නොකරම බැරිය.
බ්ලොගය ලියන්නට පටන් ගත්තම පළමුවෙනියට මට කතා කළෙත්- අපේ ගෙදරට ආවෙත්- Pra Jay
මහත්තයාව කැටුව ආවෙත්- blog ලිපිවලට links යොදන හැටි මට කියා දුන්නෙත් ‘කොළොම්පුරේ’
අසංග හිතවතායි!)
ඒ වෙද්දී අපේ ෆ්‍රීකුවන්සියේම
සගයෙකු විදිහට කුලවැද්දී උන් Pra Jayත් හඟුරන්කෙත ගමන සඳහා ‘උනන්දුවාගේ චරිතය’ට
පිවිසුණේය. (මා දන්නා තරමින් ලේනම කොටි හැරුණාම Pra Jay මහත්තයා වැඩියත්ම උනන්දු වෙන්නේ අතීත;
ඓතිහාසික දේවල් ගැනයි!)
“මට රවී වීරසිංහ අයියාවත්
හම්බ වෙන්න තියෙනවා. එයාටත් ගමනට කතා කරමු. නෙවිල් අයියත් අපි එක්ක එයි නේද?”
අමිලගෙන් තවත් අදහසක්.
“මචං, හඟුරන්කෙත ගිහිං-
පුළුවන් නං නිදියා කියන ගල් බෝලෙත් 😃😃😃 උස්සගෙන අපේ ගෙදර එමු. අපේ හාමිනේ අපි කට්ටියට
දවල් කෑම හදන්නංලු!”යි රවී අමිලට කියා තිබිණි.
එහෙමය අපි කට්ටිය 2020 දී හඟුරන්කෙත යැවුණේ. (තකතිරු; මැටි මෝල් මං වහන්සේ හිතාගෙන
උන්නේ අවුරුදු 24කටත් වැඩි කාලයක් තිස්සේ හඟුරන්කෙත එදා අනූහයේ තිබ්බ විදිහටම
තිබෙතැයි කියලාය. ඒත්... ඒත්... හඟුරන්කෙතත් එහෙම පිටින්ම ‘සංවර්ධන සුනාමිය’ට අහු
වෙලාය!)
![]() |
මේ |
ඒත්- ලැබුණු ඔත්තු ඔස්සේ, හඟුරන්කෙත
ඉන්න තරමක් ඉන්නා ‘වීර ඩිංගිරාළ පරම්පරාවෙන් පැවතෙන ඇත්තනුත්, ජයසේකරලාත්
හොයමින් හතර-අතේ කරක් ගැසුවෙමු.
(1996දී මට
හමු වුණු ජයසේකර මහත්තයාගේ ඥාතියෙකු වන කටුගස්හින්නේ ඒ.ජේ.එම්. නවරත්න
බණ්ඩා ජයසේකර මහත්තයා ගැන ඔත්තුවක් නම් ‘චමිලානි’ මහත්තයා
දුන්නේය! ඊළඟට අප ගියේ එහාටය...
ඒ නවරත්න
මහත්තයා ඉතා ළෙන්ගතුව විස්තර කීමෙන් නොනැවතී 1848 මැයි 9 දාතමෙන් යුතු ඔප්පුවක් හා පොත්පත් රැසක්
පවා අපට පෙන්නුවේය!
ඒ සේරම
සාක්කි අපට හම්බ වුණත්...
(ආපහු
එන ගමනේදී) ‘බඩ කපාගෙන මැරෙන්නට උවමනා මලකඩ කාපු පිහියක්’ මට හම්බ වුණේ නැත. මීඇස් දෙක
පල්ලා 😂😂; මේඇස් දෙක පල්ලා 😂😂 එදා එහෙම දෙයක් එහෙම තිබුණා නං මෙලහකට මෙව්වා
ලියන්නට නිදියෙක් නැත! එදා ආපහු ගමන පුරාවටම; හොඳටෝම මේ නිමල් දිසානායකයා ‘පණ
පිටින්ම බයිට්’ වුණේය!
“ඕන්න නිමලෝ තරහ වෙන්න නං
ඔට්ටු නෑ. උඹේ ගල් පැලෙන ගල් බෝලේ කතාවයි, අපි සේරම ඒකට ඇන්දුනු කතාවයි මං ලුණු-ඇඹුල්
ඇතිවම ‘නිදහස් සිතුවිලි’ එකට ලියනවා. කමක් නෑ නේද මචං?” රවී අනිත් අයගෙන් අවසරත්
ගත්ත.
“මචං රවී, නිමල් හදාගෙන ආව තඩි
ඉඹුල් කිරිබත් ගෙඩි ගැනත් මතක ඇතිව ලියන්න වෙයි!” එතකොට Pra Jayත් පෝර දැම්මා. ඒත්
රවී අතින් ඒ post එක ලියැවුණේ නැත- කවදාවත් ලියැවෙන්නෙත් නැත!
(ඔයාට නිවන් සුව රවී. අපේ බෝමුරේ ගමන ගැන post එක නං මං ඉක්මනින්ම ලියනවා,
පොරොන්දු වුණු විදිහට. ඒක කරන්න වෙන්නේ- මාරයා ඔයාව හොයාගෙන ආවා වගේ හදිසියේ හරි
මාවත් හොයාගෙන නොආවොත් තමයි...)
අපි බෝමුරේ ගියේ 2025
නොවැම්බර් 22.
කරුණාරත්න අමරසිංහ මහත්තයාව හම්බ වෙන්න ගියේ 2024 සැප්තැම්බරයේ... ඉතිං, දැන්වත් ඒ
ගැන ලියල ඉන්න ඕනිනෙ තවත් සුනංගු නොවී.
“ලොක්කා, ළඟදිම දවසක මම
යන්නයි හදන්නේ කරුණාරත්න අමරසිංහ මහත්තයව හම්බ වෙන්න. යංද?” මගෙන් එහෙම අහපු වෙලාවේ නං සිරිබිරිස්
උන්නැහේට විනාඩි දහයක් විතර අහගෙන ඉන්න වුණා- මගේ පම්පෝරි පට්ටන්දර ටික.
“ඔය තියෙන්නේ... එහෙනං යමු- කිරිබත්ගොඩටනෙ යන්න තියෙන්නේ.
ඊට කලින් ගම්පහ අතුල අබේරත්න අයියල ගෙදට්ටත් යන්න තියෙනවා හැබැයි.”
![]() |
පරිසරය සුරැකීමට ගස් හිටවීමට සහාය වෙන... |
“කියෙව්වා. කියෙව්වා. අතුල අයියා බ්ලොග් නොලිව්වට fb එකේ හෙණට ඇක්ටිව් පොරක්නේ. අඹ කයියකට අල්ල ගන්න වටින මරු මනුස්සයෙක්... මට මතකයි- ඔයා ඒ post එකේදී ඒ මනුස්සයගේ එක පැත්තක් නියමෙට paint කරලා තිබුණ වචනවලින්.”
‘... කොහොම වුණත්
මුලින්ම ගෙනෙන ජාතියක් ගැන පූර්ව නිවේදනයක් නිකුත් කළේ අතුල අබේරත්න සහෘදයාය. ඒකෙන් කියවුණේ ඔහු
බයිට් එකට ‘roasted කජු’ ගෙනෙන බවයි. ඔන්න ආයෙමත් නඩේ ෆෝම් වුණේය.
ගෙනෙන්නේ ‘බිලින් දාපු කජුද?’ වගේ ගැටළු මතුවිණි. කවුරුන්වත් ‘කජ්ජ බිස-බිසා ගේනවද?’ කියලා ඇහුවේ නැත්තේ අමතක වෙලා වෙන්නැතිය.
සාදය දවසේ අතුල අයියා
ගෙනා කජු සහිත බෑගය දැක්කාම නම් මට හිතුණේ ඒවා ගන්නට ඇත්තේ බටලීයේ කජු ලියන්ගෙන්
නම් නොවන බවයි.
ඒත් නැත්තං ඒ
බෑග්වලට කජු පැකට් දමා දෙන අය, අතුල
අයියාත් ෆොරිනර් කෙනෙකු කියලා වරද්දා ගන්නට ඇත.
හැබැයි හිතන්නට ඇත්තේ ‘ජැමෙයිකාව
වගේ රටකින්’ ආවා කියලාය. අපේ සහෘද හිතවතා ඒ තරම්
පැහැපත්ය.
ඒත්, දුටු පළමු දවසෙම වුණත් ටික වෙලාවක් අතුල
අයියාගේ ඇවතුම්-පැවතුම්
දිහා බලන් හිටියාම මට පෙනුණේ මනුස්සයාගේ හිත ‘සුදු’ බවයි.
සැනසුම් සුවය පතා ඈත දුරකටවී ඉන්නා, පරිසරය සුරැකීමට
ගස් හිටවීමට සහාය වෙන, නිවුණු- කළු- මැදිවියේ
පාංශු දේහධාරී කෙනෙකු ගැන හිතාගන්න. ඒ හිඳින්නේ ඔහුය.
ඔහු
ඉංගිරිසින්ගේ කලිසම් කමිසවලින් සැරහී අපේ ගෙදරට ආවත්, ඒ නිමේශයෙන්ම, අරගෙන ඇවිත් හිටි සරමට බැස්සේය! “සරම
විතර ලෙහෙසි ඇඳුමක් කොහෙන්ද?”
ඒ විතරක් නොවේ. එයා සාදයට ආවත් එදා මගේ
අත්තේම වැහුවේය. සැර
බීම පාවිච්චියෙන් වැළකුණේය!’
අවුරුදු
ගණනාවකට කලින් මං වහන්සේම ලියා ඇති දේවල්වලට සම්බන්ධ කොටස් සමහරක් අදය මගෙන්
ලියවෙන්නේ. ඒවා මට මතක තිබුණාට ඔයාලගේ මතකයේ නොතිබෙන්නට තිබෙන ඉඩ වැඩිය.
![]() |
කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද? |
(තව දෙයකුත් කියන්නට තිබේ. එක දිගට එක වැඩක යෙදෙන්නට තරම් සුවයක් තවමත් මට ලැබී
නැති නිසා- සුදුසු තැනෙකදී එහෙම කිරීම ලොකු පහසුවකුත් වෙයි!)
දැන්
මේ ආපහු යන්නේ ‘ගම්පහ- කිරිබත්ගොඩ ගමන යමු’යි අමිල මට ආරාධනා කළ වෙලාවටයි.
‘කරුණාරත්න
අමරසිංහ මහත්තයත් මගේ වීරයෙක් එදා ඉඳලම. ඒත්
ඉතිං මමත් ඔය ගමනට ආවොත් ඔයාට අවාසියක් වෙයි. ඔයා තරං නිස්සද්දව අහගෙන ඉන්න බැරිව-
මාත් ප්‍රශ්න අහයි. ඒකෙන්...” මං කියන්න පටන් ගත්තා විතරයි. “ඒකට කමක් නෑ මනුස්සයෝ... මට ඒ දෙන්නගෙන්ම අහගන්න තියෙන්නෙ ප්‍රශ්න
කීපයයි. ඔයා අහන දේවල් මටත් ප්‍රයෝජනවත් වේවි. ඒකමයි ඔයාටත් යන්න අඬ ගැහුවේ...”
සිරිබිරිස් උන්නැහෙ කිව්වා. “... Pra Jayටත් අඬ ගහන්න
හිතුණා... සතියේ දවසක යන නිසයි, ප්‍රා සාහිත්‍යය ගැන
එච්චර උනන්දු නැති නිසයි කතා කරන්න නොහිතුවේ.”
ඉතිං, අත්දැකීම් බහුල- ඒ
දෙන්නගෙත් එක්කම අපි කතාබහ කළ දේවල් නමී පටිගත කර ගත්තා. ඔන්න එව්වයින් එක කාරණයක්
තමයි මේ.
අතුල අයියා ඉතා සාර්ථකව කොළ කැඳ අලෙවි හලක් පවත්වාගෙන යනවා.
ඒ නිසාම එයා සතියේ දවස් හයක්ම හෙණට බිසි. “මගේ කොළ කැඳ බොන්නම දුර ඉඳල එන
කස්ටර්මර්ලත් ඉන්නවා...” අතුල අයියා එහෙම කියද්දී ඔන්න මාත් ප්‍රශ්න අහන්න ගත්තා.
එතකොටයි මේ ‘tip’
එක කියැවුණේ.
“නිමල් කොළ කැඳ හදනකොට ගම්මිරිස් කුඩු පොඩ්ඩක් එකතු කරනවද?”
අවංකවම කිව්වොත්- එහෙම කරන විත්තියක් මං අහලවත් තිබ්බේ නෑ!
(හැබැයි පැණිපොල් හදද්දී නං මම ගම්මිරිස් කුඩු ටිකක් එකතු කරනවා.)
“නැහැනෙ අතුල අයියේ. පොල් කිරි කැඳ හදනකොට නං ගම්මිරිස් ඇට ටිකක් දාලමයි හාල් ළිපේ
තියන්නේ...”
ඔය විස්තර ඩිංගිත්ත
නං 2024දීම ‘රහස් නොවන රහස් ටිකක් - දෙවෙනි කොටස’ post එකට ලිව්වා. ඒත් කරුණාරත්න
අමරසිංහ මහත්තය එක්ක කෙරුණු කතාබහ ගැන නම් ලියැවුණේ නෑ. ඒත් අපේ නමී උන්නැහේ පටිගත
කරලා දුන්; පැය දෙකක් විතර දිග සාකච්ඡාවන් නං තවමත් මගේ ළඟ.
හැබැයි
එව්වයෙ තියෙන ඔක්කොම කරුණු ‘නිදිගෙ පංච තන්තරේ’ට ලියැවෙන එකක් නෑ. මේ වගේ ටිකක්
මිස.
![]() |
ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක්
එයාලව අවුස්සලා නිකං ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව... |
ඒත් ඒ ප්‍රශ්නයට කරුණාරත්න මහත්තය
දුන්නේ පොතක් ලියන්න තරම් ‘වපසරියකින් යුතු’ උත්තරයක්.
“අමිලට ඔහොම
රුචියක් ඇතිවෙලා තියෙන එකම වුණත් සතුටට කාරණයක්. පැරැණි සාහිත්‍යය විතරක් නෙවෙයි,
ඕනෑම විෂයයක් ගැන හදාරන්න නං කෙනෙක් තුල ඇල්මක්- උනන්දුවක් ඇතිවිය
යුතුයිනෙ. ඒක; ඒ ඇල්ම එන්නේ කුතුහලය නිසා. ඔයාලා දන්නවද?
කතාවක් තියෙනවා ‘කුතුහලයයි ගැහැනියයි දෙකම එකයි’ලු කියලා!” එහෙම කියූ
කරුණාරත්න මහත්තයා අපි තුන්දෙනා දිහාවට හෙළුවේ දඟ බැල්මක්.
“ඒ කතාව දන්නවද? දන්නවද...” නැවතත්
එහෙම අහල එතුමා පෑවේ කොක් හඬ නැඟෙන හිනාවක්. 😆😆😆
“... අපි පුරුදු
වෙලා ඉන්නේ ‘කුතුහලය’ කියල උච්චාරණය කරන්නනෙ. නමුත් ඒක ‘කුතූහලය’ කියලයි නිවැරදිව උච්චාරණය
කරනවා නං කියන්න වෙන්නේ. මොකද, ඒක සංස්කෘත වචනයක්... කුතූහල්!
තුයන්න දීර්ඝ වෙන්න ඕනි.
කොහොමද මේ කුතුහලය ගෑනියෙකුට සමාන වෙන්නේ?” ඒ වතාවේ අර දඟ
බැල්මට අමතරව තද සිනාවකුත්...
එතුමාගේ ප්‍රශ්නයට උත්තර හොයමින්
උන්නු අපටත් ඒ හිනාව බෝ වුණේ හරි ඉක්මනින්. මොකක් හරි ප්‍රශ්නයකට උත්තර නොදන්න
වෙලාවක එහෙම හිනාවක් දැමිල්ල මං වහන්සේ නං කරන සම්‍යක්ප්‍රයෝගයක්...
“මෙහෙමයි! කුතුහලය
කියන්නේ සැඟවිලා තියෙන යමක් ගැන දැනගන්නට ඇති වෙන ගුප්ත ආසාවටනෙ. දැන් ඔය ඕනෑම නිර්මාණ
කෘතියක... නවකතා- කෙටිකතා- නාට්‍ය- සිනමා වගේ ඕනෑම කෘතියක අන්න අර කුතුහලය;
කුහුල නොමඳව තිබිය යුතුයි. ඒ කුහුල තමයි රසිකයන් ඒ නිර්මාණයෙන් බැහැර
යා නොදී ඔවුන්ව ඒ කෙරෙහි රඳවා තබා ගන්නේ. කුතුහලයෙන් tension
එක දිගටම ගෙනියන්න පුළුවන්. ඒක සාහිත්‍යයේදී වගේම නිර්මාණ කාර්යයකදීත්
ඉතාම හොඳ උපක්‍රමයකුත් වෙනවා.” එහෙම කියල එතුමා පුංචි විරාමයක් ගත්තේ අපි දිහා විමසිලිමත්ව
බලමින්.
“ඉතිං කුතුහලය ඇවිස්සුවොත් ඒක සංසිඳුවන්නම ඕනනෙ. හොඳ නිර්මාණයකින්
ඇවිස්සෙන කුහුල නිවා ගන්නකල් සමහර රසිකයෙකුට නින්ද යන්නෙත් නැති තරම්නේ... ඒ වගේම තමයි
ගැහැනියත්! ඇයවත් ඇවිස්සුවොත් සංසිඳුවන්නම ඕනි. අපේ හුඟක් දෙනෙක් එයාලව අවුස්සලා නිකං
ඉන්නවා- සංසිඳුවන්නේ නැතුව... එහෙමත් නැත්තං සංසිඳවන්න දන්නැතුව...”
![]() |
කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ
වී තිබෙන ‘හිතක මතක’ පොතකට... |
“... පස්සේ ඉතිං කෑ ගහනවා -ගෑනි
මට ද්‍රෝහී වුණා -අරක වුණා -මේක වුණා කිය-කියා... සාර්ථක නිර්මාණකරුවන් කුතුහලය ගැන
මේ රහස දන්නවා... නමුත් දැන් ඉන්න නිර්මාපකයන් හුඟ දෙනෙක් ඔය බවක් නොදැනයි වැඩ කරන්නේ.
- හැබැයි, සාහිත්‍යයෙදී කියන්නෙ නැහැනෙ කුහුල දැනවීම
උසස්ම කරුණක්ය කියලා. නමුත් හොඳ විමසිල්ලෙන් බැලුවොත් අපට පෙනෙනවා... උසස් ලෝක සාහිත්‍ය
කෘතිවල වගේම සම්භාව්‍ය පැරණි සිංහල සාහිත්‍ය කෘතිවලත් තිබෙන එක ගුණයක් තමයි පාඨකයන්ගේ
කුහුල රඳවා ගැනීම.”
අපි එහාට ගිහිං සෑහෙන
වෙලාවකුත් ගත වෙලා. අමිලගෙ පළමුවෙනි උවමනාව විතරයි තවම ඉටු කර ගන්න ඇහැක් වුණේ.
කරුණාරත්න අමරසිංහ මහත්තයා ලියා, විදර්ශන ප්‍රකාශනයක් ලෙසින් පළ වී තිබෙන ‘හිතක
මතක’ පොතකට කතුවරයාගේ අත්සන ලබා ගැනීමයි ඒ උවමනාව වුණේ.
ඒ වුණත් අමිලගේ දෙවෙනි අවශ්‍යතාවට;
එයා ඇහුව පළමු ප්‍රශ්නයට උත්තරයක් තවමත් පෙනෙන තෙක් මානයක නැති හැඩයි. ප්‍රශ්නය වෙනින්
විදිහකට අහල හරි අමිලට උදව්වක් වුණොත්...
“ඔබතුමාගේ අදහසට
අනුව අපේ අමිල මහත්තය ඉස්සෙල්ලම කියෙව්වොත් හොඳ සද්ධර්මාලංකාරයද- සද්ධර්මරත්නාවලියද-
පූජාවලියද, එහෙමත් නැත්තං අමාවතුරද?”
ඉතිරි හරිය ඉක්මනටම ඊළඟ කොටසෙන්...







කතාව ඇත්ත තමයි නිදි...!
ReplyDeleteමනසින් උසස්ම සතා
මිනිසා පමණකැයි සිතා
මානයෙන් පින්බුනු නිසා
තිරිසනුන්ට අන්ත විය මිනිසා....
මානව රූපයෙන් සැදුනු
නොමිනිස් ගුණදමින් පිරුණු
නොමිනිස් මිනිසුනි බලනු
මනුස්සකම පයට පෑගුණු...!
@ නීමල් අංකල්
ReplyDeleteසද්ධර්මරත්නාවලිය, සද්ධර්මාලංකාලය, පූජාවලිය අමාවතුර ගැන ඉස්කෝලේ කාලේ ඉගෙනගත්ත මමත් 9/10 වසරවලදී ලේඛකයෙක් වෙන්න හිතාගෙන හිටියේ ඒත් උසස් පෙල ගණිත අංශයෙන් කරලා උසස් අධ්යාපනයට ගිය නිසාත් විදේශගතවීමෙනුත් මට සිංහල බසින් ලේඛකයෙක් වීමේ අවස්ථාව අහිමි වුණා
ඒක නිසා පුංචි කෙටි කතාවක් ලියන්නම්
අන්ධකාරයේ වියැකුණු සිහිනය...
යාපනයේ අහස මහ වැස්සක පෙරනිමිති මවමින් මාලිමා චෞර රෙජීමාධිපති පල්හොර අනුරලා මහජන බදු කෝටි දහස් ගණනක් ගසාකමින් ගෙනා බාල ගල් අඟුරු යායක් සිහිකරමින් සැරටම කළුවී තිබිණි.
මැදමුලනේ සූර චෞර නාකි මයිනාගේ මහ ගෙය වන් පැරණි වලව්වක හැඩය ගත් නෙලීශාගේ නිවසේ කුඩා සාලය තුළ දැල්වී තිබුණේ එකම එක තෙල් පහනක මැලවුණු එළියක් පමණි. ඒ අඳුරු සෙවනැලි අතර, විදුමිණගේ උරහිසට බර වී සිටි නෙලීශා හුස්ම ගත්තේ 2022 ගෝල්පේස් බුරියානි ජංගි අරගලය පරදවන මහත් අරගලයකින් මෙනි. පිටත වැහි බිංදු ජනෙල් වීදුරුවල වැදී නැඟූ ශබ්දය හැරෙන්නට, මුළු පරිසරයම මළ මෙළෙව්වක් මෙන් නිහඬය.
"විදුමිණ... අපිට ඇත්තටම මේ ලෝකෙන් ගැලවීමක් නැද්ද?"
නෙලීශාගේ හඬ වෙව්ලන්නට විය. ඇයගේ දෑස්වල බියක් මෙන්ම අසීමිත ආදරයක්ද විය.
විදුමිණ පිළිතුරු නොදී මෘදු ලෙස ඇයගේ නිකටෙන් අල්ලා ඉහළට ගත්තේය. ඔහුගේ රළු ඇඟිලි තුඩු ඇයගේ කම්මුල් මත පාව යද්දී, විදුමිණ ඇයගේ දෙතොල් මතට බර විය. ඒ කිසිදා නිවී නොයන පිපාසයකින් යුතු, අනුරාගයෙන් පිරුණු දීර්ඝ හා ගැඹුරු හාදුවකි. නෙලීශාගේ දෑස් පියවී ගියේ ඒ ආශ්වාදයේ මුදුන්කඩ ස්පර්ශ කරමිනි. ඇයගේ දෙපා මුදුනින් ආරම්භ වූ සිසිල් කම්පනය ඇයගේ මුළු සිරුරම වෙළා ගත්තේය.
"පිස්සි..." විදුමිණ ඇයගේ කණට කොඳුළේ යන්තම් ඇසෙන තරම් හඬකිනි.
"මම මැරුණත් උඹව වෙන කෙනෙකුට දෙන්නේ නැහැ නෙලීශා. මේ රුධිරයෙත් තියෙන්නේ උඹේ නම විතරයි."
ඒ වචනවල තිබූ රළු සත්‍යයත්, ඒ සමඟ බැඳුණු අනුරාගයත් නිසා නෙලීශා තවත් තදින් විදුමිණගේ පපුවට තුරුළු වූවාය. ඔවුන් දෙදෙනාගේ සිරුරු එකිනෙකට තද වූ ඒ අඳුරු රාත්‍රියේ, සමාජයේ නීති, කුලමල සහ දේශපාලන කුමන්ත්‍රණ සියල්ල අමතක වී ගොස් තිබිණි.
විදුමිණගේ දෑත් ඇයගේ සිරුර පුරා ගමන් කරමින්, ඔවුන්ගේ ආදරය ශාරීරික හා ආත්මීය බැඳීමකින් තවදුරටත් තහවුරු කළේය.
නෙලීශාගේ දිගු කෙස් කළඹ විදුමිණගේ දෑත් අතර අවුල් වී ගියේය. ඇයගේ මියුරු කෙඳිරියත්, විදුමිණගේ උණුසුම් හුස්මත් ඒ කාමරය එකම ආශාවක උණුසුම් ගිනි කඳක් බවට පත් කර තිබිණි. ඔවුන්ගේ දෙතොල් නැවතත් එකිනෙක ගැටුණේ අසීමිත තෘප්තියක් සහ මත්වීමක් ලබමිනි. ඒ මොහොතේ කාලය සදාකාලිකවම නතර වී තිබිණි; ලෝකයේ වෙන කිසිදු දෙයක් ඔවුන්ට වැදගත් නොවීය.
එහෙත්, පහන් වන ජාමයේ සැපදුක හොරන්නට දෙපතුලට එන මෝඩ සජියා මෙන් යථාර්ථයේ කුරිරුකම හරියට කිසිම හිතක් පපුවක් නැති නරුම තනි ධමනියේ කජු මුත්තා මෙන් ඔවුන්ගේ දොරට තඩි බාන්නට විය.
පසුදා හිරු උදාවත් සමඟම, යාපනයේ නගරය පුරා පැතිර ගිය කලබලකාරී වාතාවරණයත් සමඟ විදුමිණට හදිසියේම රටින් පලා යාමට සිදු විය. දේශපාලන බලපෑම් සහ ජීවිත තර්ජන හමුවේ තවදුරටත් එහි රැඳී සිටීම භයානක විය. වෙන්වී යාමට පෙර ගුවන්තොටුපළට යාබද පාරක, පස්වරු අඳුර වැටෙන මොහොතක ඔවුන් දෙදෙනා අවසන් වරට මුණගැසුණහ. අහසින් වැටෙන වැහි බිංදු ඔවුන්ගේ කඳුළු සමඟ මුසු වී තිබිණි.
"පරිස්සමින් ඉන්නවා නෙලීශා... මම ආපහු එනවා, ඒ වෙනකල් මේ මුද්ද තියාගන්නවා," විදුමිණ වෙව්ලන දෑතින් තබා ගිය කුඩා පිත්තල මුද්ද දෙස නෙලීශා බලා සිටියේ ගල් ගැසී මෙනි.
"මාව දාලා යන්න එපා විදුමිණ... මට බයයි..." ඇය ඇඬූ කඳුළින් ඔහුගේ අත තදින් අල්ලා ගත්තාය. එහෙත් කරන්නට දෙයක් නොතිබිණි, සිය කුලිරු ඉරණම ඔවුන්ව වෙන් කර අවසන්ය. බස් රථයට නැඟී ඔහු යද්දී, නෙලීශා පාර අයිනේ තනිවී බලා සිටියාය.
අද, අවුරුදු ගණනකට පසුත් නෙලීශා ඒ පරණ කාමරයේ තනියම හිඳියි. මැධමුලන පොඩි මයිනා කවදා හෝ බලයට එනතෙක් දෑස් දල්වා බලා සිටීන තැරිදාර පුන්නක්කු බයි රාජිනියක මෙන් එදා විදුමිණ දුන් මුද්ද ළඟ තබාගෙන, වැටෙන වැහි බිංදු දෙස බලා හිඳින ඇයට අතීතයේ විඳි ඒ අනුරාගී රාත්‍රියේ සුවඳ තවමත් දැනේ. ශෘංගාරයේ අසීමිත මත්වීමෙන් පටන් ගත් ඒ ප්‍රේමය, අද අවසන් වී ඇත්තේ සදාකාලික හද කම්පා කරවන වේදනාවකිනි. ජීවිතය කොතරම් ක්‍රෑර ද යන්න ඇයට වැටහුණේ විදුමිණගේ හිස් සෙවනැල්ලත් සමඟ මෝදී ආණ්ඩුව සමග අරගල කරන CJP කැරපොත්තන් මෙන් දැඩි ලෙස අරගල කරන මේ තනිකම තුළය. ඇයගේ දෑස්වලින් ගලා යන කඳුළක් තවමත් ඒ පපුව මත වියැකී යමින් තිබිණි...
(කොහොමද මේක?)
ලේඛකයෙක් වෙන්න ඔයාට හොඳට පුළුවනි Ano! ඔය ලියල තියෙන්නේ අපූරුවට. තව තව ලියන්න... ඒක හොඳ සතතාභ්‍යාසයක් වගේම 'හොඳ භාව විරේකයකුත්' වේවි!
Deleteමනසින් උසස් වූවද මිනිහත් සතෙකී
ReplyDeleteආයුධ දරන්නට අතැඟිලි නැමූවෙකී
දෙපයින් නැඟිට ගත් වාසිය ලැබූවෙකී
ලෝකෙම මගේ යැයි හිතනා තිරිසනෙකී
වල්ගය ගෙවී යන සමයේ ලොම් හැලුණ
රෝදය වගෙම ගින්දර සේවයට ගෙන
ලෝකෙම පාලනය සතු කරගත් 'අමන
මිනිහා' යනව වාගෙයි අවසන් ගමන!
හරි වැඩේ...
DeleteAnonymous July 26, 2026 at 6:30 AM එවා තිබුණු කවි comment එකට 'කවි පද බඳිමින්' උත්තර ලියන අතරේ තමයි තව කමෙන්ට් එකක් ඇවිදින් තියෙන්නේ.
අද පෝස්ට් එක බලද්දී මට හිතුනෙ දෙයක් මේ: නිදිගෙ කෑම-බීම, ඉවුම්-පිහිම් උපදෙස් තිබ්බට, ඒව තියෙන්නෙ එක තැනක නෙමෙයි. "රහස් නොවන රහස් ටිකක්" පෝස්ට් දෙකට අමතරව තව අටෝරාසියක් තැන්වල තියනවා. අර බ්ලොග් බැනර් එක යටින් තියෙන කැටගරි/පේජස් වල මේ කෑම-බීම ලින්ක් වලට තව කැටගරියක් අරින්න ඇහැකි නං ලොකු උදව්වක්. නිදිගෙ පෝස්ට් බරගාණක් තියෙන නිසා ඒක මේ අපි වගේ කන්නම උපන් එවුන්ට ප්‍රයෝජනවත්.
ReplyDeleteමොකද නිදි තමයි ඕව තියෙන පෝස්ට් දන්නෙ.
හොඳ අදහසක්. ඒත් බකුසුතුමෝ සෑහෙන වෙලාවක් අරගෙන කරන්න වෙන වැඩක් නෙව. දැනට ඔයාගේ යෝජනාව මතකයේ තියා ගන්නං. කෙරෙතොත් ඇත අනාගතේදී තමා.
Delete++++++++++++++++++++++++++++++++++++
ReplyDeleteඅර කුකුලො මරපු හැටි ගැන නිදිගේ සහ සිරිබිරිස්ගේ උද්‍යෝගය මට පැහැදිලි නෑ. ඒක මේ සමහරු මාලු බෑමෙන් ගන්න ආතල් එක වගේ වැඩක්ද? නැත්නම් මට ඔබ මතුකරන පොයින්ට් එක මිස් වෙලා වත්ද?🤔
ReplyDeleteavian fellowship
Deleteඔලුව ජපන්, කඳ ජර්මන් 😵💫
Deleteසිරිබිරිස් උන්නැහේට වැදිලා තිබුණේ මගේ 'සෘජු දඩබ්බර ගතිය' කියලයි මට හිතෙන්නේ.
Deleteමානෙල් නංගිගේ මඟුල් ගෙදරට ගම් කුකුල් මස් ඕනිමයි කියපු අපේ ගෙදර උදවිය හැදුවේ 'සල්ලි දීලා මස් කඩේ උදවිය ලවා ඒ ප්‍රාණඝාත අකුසලේ කරව ගන්න'යි. ඒකටයි මම විරුද්ධ වුණේ.
අදටත් මම තදින්ම විරුද්ධයි 'බළලුන් ලවා කොස් ඇට බාවන වැඩවලට'...
අපි තම තමන්ටම අවංක වෙන්න ඕනි නේද?
හඟුරන්කෙත විස්තරයෙන් ටිකක් රවීතුමගෙන්ම රසට අහන්න හම්බුවෙලා තියේ. හුම්... 💔😥
ReplyDeleteකෑම ගැන කියවෙලා තියෙන හින්ද මේ කියමන මතක් වුනා.
Curiosity/ කුතුහලය, විස්මය කියන්නේ... ආහාරයකට යොදන කුළුබඩු වගේ.
ඒ වගේම ඔහෙ ඒ කතාබහ අතරේ මතක් කරපු කාරණයකුත් මතක් වුනා... නිදි ලොක්ක. දන්නා කතාවක් උනත් කොහොමද එය වෙන්නේ කියන කුතුහලය ප්‍රේක්ෂකයාට, රසිකයාට තියාගෙන නිර්මාණ කරන්න පුළුවන් කියන එක. මේක වෙන්නෙ ඉතිං පෙරදිග ගොඩක් නිර්මාණවලට පාදක වන කතා, අපි කලින් දැනුවත් වීම නිසා. එක්කෝ ජාතක කතාවක්, නැතිනං රාමායනය, රාජකතා හෝ දේවකතාවක්... වගේ ඒව. ඉදිරියේදීත් දකුණු ඉන්දියාවේ එලියට එන්න තියෙනව කතරගම දෙවියන්ගේ කතා සම්බන්ධ චිත්‍රපටි 4ක්. එකම කාලයක!
ඔයගොල්ලෝ ඒ කාලේ කරපු වේදිකා නාට්‍යයත් එහෙමමනේ. ඔක්කොම දන්න කතා.
Deleteකුතුහලය, විස්මය කිව්වා?
Deleteලවුපූෂ්ගේ කුකුල් ලව් එක
බැලුව. මරු කතාව 😄😄
Deleteනමී, හඟුරන්කෙත ගමන ගැන රවීගෙන්ම බොහොම රහට අහගත්තා කියලා බොහොම සංවරව කියල තිබුණට මොකද... බෝමුරේ ගමනේදීත් ඔහෙලා කට්ටියම බයිට් එකට ගත්තේ මේ 'අහිංසක නිදි'ව නෙව!
Deleteඔයා කියන දෙවෙනි කාරණයත් රෙකෝඩ් එකේ තියෙනවා නමී. මම ඒ ටික ගත්තේ නැහැ - කතාව ගොඩාරියක් දික් වෙන නිසා. අනෙක මට ඒ කතාව මිස ඒක කියූ විද්වතා ගැන නිශ්චිතවම මතක නැති නිසා.
Deleteමගේ මතකය හරි නං ඒක කිව්වේ මහැදුරු එදිරිවීර සරච්චන්ද්‍ර මහත්තය 'මනමේ' ගැන කියන වෙලාවක. මේ අදහස එතුමාගේ- වචන මගේ.
"අපි මනමේ වගේ නාට්‍යයක් බලන්න යනකොටම දන්නවා ඒකේ කතාව හා සිදුවීම්. ඒත් ඒවා යම් නිර්මාණකරුවෙකු ප්‍රතිනිර්මාණය කරන්නේ කොහොම රසයක් උපදවමින්ද කියලයි අපි නොදන්නේ. එය දැනගන්නයි ප්‍රේක්ෂකයා යන්නේ."
වෙලාවක් තියේ නං මේකත් බලන්න නමී.
Deletehttps://www.youtube.com/watch?v=KAiIFUrs2Fo&t=9s
වෙලාවක් ලැබුනොත් බලන්නම් ✌️
Deleteමේ කොලුව ඉන්න පාදයාත්‍රා ගැන කියවුණු Podcast එක්කනං බැලුව.
ඒ වැඩසටහන නියමයි.මම මේ කොටස් වශයෙන් බලමින් ඉන්නෙ. දේව කතා ගැන මගෙ ඒ හැටි කැමැත්තක් නැති නමුත්, මේ ප්‍රියමනාප කොලුවාගේ ඉදිරිපත් කිරීම විශිෂ්ඨයි.
Deleteඅනිත් හාදයත් ඔහුට බාධා නොකරන එක ගැන මනාපයි. පාදයාත්‍රා ගැන එකත් බලන්න ඕනෙ. නිදිටත්, නමියටත් ස්තූතියි.💐
සත්තකින්ම බකුසුතුමෝ- ඒ වැඩ සටහන් ඉදිරිපත් කරන හා ඒවාට සහභාගි වෙන කවිත ඇතුළු පිරිස ඉතාම ප්‍රියමනාප ලෙසයි හැසිරෙන්නේ හා කරුණු ගෙනහැර පාන්නේ.
Deleteඔවුන්ගේ දැනුම ඉතාම පුළුල්- මේ වයසට මෙච්චර දැනුමක් කොහෙන් එකතු කර ගෙනද මංදා. මට නං ඒ එක වැඩ සටහනක් බැලුවම දවස් ගණනාවක් හිතන්න දේවල් එකතු වෙනවා.
නිදි කියන බොලේ මොනවගේ එකක්ද?
ReplyDeleteහිඟුරක්ගොඩ ගමන ගැන ඇහුවම මට මතක් උනා අපි පන්ච්කාවත්තේ පරණ කාර් බ්‍රෝකර් කෙනෙක්ගෙ ලන්වක් කාල මහා රෑ අලින්ගෙන් බේරිලා අඩි 100 පාරේ අම්බිලිපිට්යේ පරණ කාර් එකක් හොයන්න ගිය හැටි.
ඉස්සර හබරණ හිඟුරක්ගොඩ අතරේ රෑ වෙකොට අලි හිටියා මේ ලගදි දඹුල්ල හබරණ අතරේ දවල්ට අලි ඉන්නවා දැකකා.
මම ව්ජෙබාහු
විජේබාහු මහත්තයෝ, ඒ ගල් බරුවේ ආකෘතියක් හදලා ෆොටෝ අරගෙන දැම්මත් එක්ක post එකකට. ඒ post එක කියවලා; ෆොටෝ එකත් බලතහැකි, මේ පෝස්ටුවේ දාල තියෙන link එකට ගියාම.
DeleteLink එක යොදා තියෙන්නේ පෝස්ටුවේ රතු පාටින් තියෙන 'ඔප්පුවක් හා පොත්පත්' කියන වචනවලටයි. ඒ වචන උඩින් ක්ලික් අරන්නයි තියෙන්නේ.
ඔබතුමාගෙ පහසුව තකා මෙන්න ඒ link එකත්.
https://nidigepanchathanthare.blogspot.com/2020/01/blog-post_9.html
නිදි ලොක්කාට මෙවර හරෝ හරා කියන්න යන්න බැරිවුන නිසා අපිටත් මේපාර හරෝ හරා කතාව මගහැරෙනවා. නිදි ලොක්කා නැති නිසා නමියාත් ගමනට පොල්ල තියලා ශ්‍රියා කාන්තාව හමුවෙන්න බැරිවුනා නේද? දොස්තර මහත්තයාට වත් කතාව ලියන්න කියන්න.
ReplyDeleteමං ගමන නොගියට මොකද posts දෙක තුනකට සෑහෙන 2026 පාද යාත්‍රා ගැන තොරතුරු එකතු කරගෙනයි තියෙන්නේ, Ano. ඉදිරියේදී ඉඩක් ලැබුණොත් ලියයි සමහරවිට .
Delete... ඊයේ රාත්‍රියේ දොස්තර මහතා, මර්වින්. නෙවිල් හා නමී අපේ ගෙදර ආවා. පාද යාත්‍රාව ගියාට පස්සෙයි- ඒ කට්ටියම එකට set වුණේ. ගමන ගැන තමා වැඩියත්ම කතාබහ වුණේ.
Deleteඑවෙලේ මං දොස්තර මහතාට කිව්වා Anoගෙ අදහස ගැනත්. post එකක් ලියන්නකෝ කියලා ආරාධනාවකුත් කළා.
++++
ReplyDelete++++ගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ++++
Deleteමෙන්න ගිගල් ජෙමිනි පිළිතුර නිදි ගේ ප්‍රශ්නයට : මේ පොත් හතරම සිංහල සම්භාව්‍ය සාහිත්‍යයේ තියෙන අතිශය වටිනා, රසවත් ග්‍රන්ථ! හැබැයි මුලින්ම කියවන්න පටන්ගන්න හොඳම පොත තීරණය වෙන්නේ ඔයාගේ රුචිකත්වය සහ කියවීමේ හැකියාව මත.
ReplyDeleteඔයාට වඩාත්ම ගැලපෙන පිළිවෙළ තෝරාගන්න පහත සාරාංශය උදව් වෙයි:
1. මුලින්ම කියවන්න හොඳම පොත: සද්ධර්මාලංකාරය (හෝ පූජාවලිය)
සද්ධර්මාලංකාරය:
ඇයි හොඳ? මෙය රසවත් කථා වස්තු (කථා 100කට ආසන්න ප්‍රමාණයක්) එකතුවක්. භාෂාව තරමක් සරලයි, තේරුම් ගන්න ලේසියි. කථා සරිත් සාගරය වගේ රසවත් සිදුවීම් සහ කර්ම ඵල ගැන කියවෙන නිසා මහන්සියක් නැතුව දිගටම කියවාගෙන යන්න පුළුවන්.
කාටද ගැලපෙන්නේ? සම්භාව්‍ය සාහිත්‍ය පොත් කියවන්න පටන්ගන්නා කෙනෙකුට හොඳම ආරම්භය මෙයයි.
පූජාවලිය (මයුරපාද පරිවේණාධිපති හිමි):
ඇයි හොඳ? බුදුරජාණන් වහන්සේට ලෝකයා කළ පූජාවන් මුල් කරගෙන ලියවුණු ඉතාම සුගම, සරල, රසවත් ලේඛන ශෛලියක් තියෙන පොතක්. බුදු සිරිත සහ විවිධ කථා පුවත් ඉතා අලංකාර ලෙස විස්තර වෙනවා.
කාටද ගැලපෙන්නේ? ලස්සන කථාන්දර ශෛලියෙන් බුදු සිරිත සහ ධර්මය කියවන්න කැමති අයට.
2. ඊළඟට කියවන්න හොඳ පොත: සද්ධර්මරත්නාවලිය (ධර්මසේන හිමි)
ඇයි දෙවෙනියට තිව්වේ? සද්ධර්මරත්නාවලිය කියන්නේ සිංහල සාහිත්‍යයේ තියෙන රසවත්ම පොතක්. ධර්මසේන හිමියන්ගේ භාෂා ශෛලිය ඉතාම උපමා රූපකවලින් පිරුණු, ගැමි වහරට ආසන්න, උපහාසාත්මක සහ ජීවන අත්දැකීම් එකතු වුණු එකක්.
තත්ත්වය: මෙහි තියෙන පැරණි සිංහල යෙදුම් සහ උපමා තේරුම් ගන්න ටිකක් අවධානයෙන් කියවන්න ඕනේ. හැබැයි රසය අතින් අංක එකයි!
3. අන්තිමට කියවන්න හොඳ පොත: අමාවතුර (ගුරුළුගෝමී)
ඇයි අන්තිමට තිව්වේ? අමාවතුර කියන්නේ බුදුරජාණන් වහන්සේගේ "පුරිසදම්මසාරථී" ගුණය විස්තර කරන ඉතා ප්‍රෞඪ ග්‍රන්ථයක්.
තත්ත්වය: ගුරුළුගෝමීන්ගේ භාෂාව ශුද්ධ සිංහල (එළු සිංහල) ශෛලියක්. වාක්‍ය කෙටියි, ඒත් භාෂාව හරිම ගාම්භීරයි. මුලින්ම කියවන්න ගියොත් තේරුම් ගන්න ටිකක් අමාරු වෙන්න පුළුවන්. ඒ නිසා අනිත් පොත් කියවලා සිංහල සාහිත්‍ය භාෂාවට හුරු වුණාට පස්සේ අමාවතුර කියවන එක තමයි වඩාත්ම සුදුසු.
💡 මගේ නිර්දේශය (කියවිය යුතු පිළිවෙළ):
සද්ධර්මාලංකාරය (ආරම්භයට ලේසිම සහ රසවත්ම පොත)
පූජාවලිය
සද්ධර්මරත්නාවලිය (සාහිත්‍යමය රසය උපරිමයෙන් විඳින්න)
අමාවතුර (ගාම්භීර එළු සිංහල ශෛලිය විඳින්න)
නූතන සුගම මුද්‍රණ (තේරුම සහිත පොත්): ඔයා සම්භාව්‍ය සිංහල කියවන්න අලුත් කෙනෙක් නම්, පුරාණ පදවල තේරුම් යටින් සටහන් කරලා තියෙන මුද්‍රණයක් (Modern edited versions) තෝරාගත්තොත් කියවන්න තවත් ලේසි වෙයි!
අමාවතුර කියවල තියනව . මම හිතන්නේ අනිත් ඒවත් කියවන්න හිතුන මේක බැලුවහම
Deleteගොඩක්- ගොඩක්- ගොඩාක් ස්තුතියි අජිත් මහත්තයෝ!
Deleteසත්තයි මටත් හිතුණා බ්ලොග් එක ලිවීම තාවකාලිකව හරි නවත්තලා ඔය පොත් හතරම කියවලා ඉන්න ඕනිය කියලා. මොකද ඒ කාලයේ ඕවා කියෙව්වට වයස- ආකල්ප- දැනුම අඩුවෙන් නෙව තිබ්බේ...
මිලින්ද ප්රශ්නයත් බකට් list එකේ තියාගෙන ඉන්නේ.
පට්ට ලිපියක් නේ . අතුල අබේරත්න මගේ ෆේස්බුක් එකේ ඉන්නව . දැන්නේ දැන ගත්තේ කවුද කියල . කැඳ ටිකක් බොන්න යන්න ඕනේ . ලංකාවට ආවහම කැඳ බොන එක මගේ සිරිතක් . හෝඩුවාවක් කියන්නම් මම දන්න කෙනෙක් ගේ ගෙදරක තියනව ඔහොම එකක් . මම හිතුවේ හාල් , මිරිස් අඹරන ගලක් කියල සිදුරු දෙක නිසා . දැන් තමා තේරුනේ . මමත් ඔහොම- මගුල් හොයනවා- වෙනේ හේතුවකට . ලංකාවේ ආදී කාලයේ තිබබ් ඒවා ග්‍රීසියේ පැරණ ශිෂ්ටචාරයකත් තිබිල තියනවා . ඒ මනුස්සය ජා ඇල ඉන්නේ . අහලා පෙන්වන්න කැමති නම් ඔයාට කියන්නම් . සිරිබිරිස් එක්ක බලන්න යන්න . මං ළඟ ගත්ත පින්තුරයක් තිබ්බ වගේ මතකයි . ඒකත් හොයල බලන්නම් . .
ReplyDelete//මං ළඟ ගත්ත පින්තුරයක් තිබ්බ වගේ මතකයි . ඒකත් හොයල බලන්නම් . .//
Deleteඅනේ හොයල බලන්නකො අජිත් මහත්තයෝ.
Pra Jay මහත්තයත් ඉතිහාසය හොයන- දන්නා කෙනෙකුගෙනුත් අහලා තිබ්බා. මේ ගල් බරුව ලොකු කාල තුවක්කුවක් වගේ එකක මූනිස්සමක් වෙන්න ඇතියි කියලා ඒ මහත්තය කියලා තිබ්බා.
නමුත් ඒ මතය මට ඒත්තු ගන්න අමාරුයි. මොකද මේකේ විශාලත්වය සහ බර හින්දා.
නැවත හඟුරන්කෙත පැත්තෙ යන වෙලාවක නගරය මැද්දෙම තියෙන ලොකු පන්සලට ගිහින් බලන්නයි හිතාගෙන ඉන්නේ. අර දර මඩුවේ සීයා ඒ ගල් බරුව පන්සලට දීලද කියලා ළඟදී හිතුණා.
https://en.wikipedia.org/wiki/Chain_shot
Deleteස්තුතියි Pra Jay මහත්තයෝ, අර තොරතුර තහවුරු කළාට.
Deleteසද්ධර්මාලංකාරය (ආරම්භයට ලේසිම සහ රසවත්ම පොත)
ReplyDeleteපූජාවලිය
සද්ධර්මරත්නාවලිය (සාහිත්‍යමය රසය උපරිමයෙන් විඳින්න)
අමාවතුර (ගාම්භීර එළු සිංහල ශෛලිය විඳින්න) මේ ටික කියවන්න ඕනේ .. ස්තුතියි අජිත් සහ නිදී ..
ඔයාගේ කමෙන්ටුවෙන් ලොකු සතුටක් ගෙනාවා පැතුම් මහත්තයෝ. ගොඩක් ස්තුතියි!
Deleteමේක මරු පෝස්ට් එකක් .. කුතුහලය නිසා නේද හැමදේම වෙන්නේ ? සාහිත්‍ය විතරක් නෙමේ .. මීට වඩා අරක හොඳයි කියල හැමදේ ගැනම හිතෙන්නෙත් කුතුහලය තියෙන නිසා නේ ..
ReplyDeleteමිනිස්සු අනිත් සත්තුන්ගේ වෙනස් වෙන්නෙත් කුතුහලය නිසා කියල මට දැන් හිතුනා .. හෙහ් හෙහ්
අල්ලපු ගෙදර පූෂා :ඤාව්......
Deleteඅඩේ හැබෑට! කුතුහලය මොන තරම් බලගතුද?
Deleteඅල්ලපු ගෙදර පූසත් ඒකම නේද කියන්නේ?
Delete