li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, March 24, 2019

දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස

තඩි කුරුඳු කැලයක් අයිනේ තිබුණු ඒ නාන ළිඳ...........
අප නාන්නට ගියේ කුරුන්දේ තිබුණු නාන ළිඳකටය! කුරුන්දය කිව්වේ තඩි කුරුඳු කැලයකටය!! මාස්ටර්ලගේ ගෙදර තිබුණු ළිඳ ගැඹුරුය. ඒකෙන් ඇදගෙන නානවාට වඩා කුරුන්දේ ළිඳට යන එක ලෙහෙසිය; විනෝදය. වැඩියත්ම එහෙම වුණේ නාන්නට යන ගමනට එක්වුණු ප්‍රසාද්ලගේ අක්කලා දෙන්නා නිසාය. 
එයාලා හිටියෙත් මාස්ටර්ලගේ අල්ලපු වැටේම වාගෙය. අර ගැහැනු ළමුන් දෙන්නාගේම රන් කිරි කටගාලා තිබුණේ ‘පඩික්කමේ’ උරච්චි කරපු රත්තරන් අරගෙනය.

අපේ ගෙදරදී නම් අවකැපෙන කතා, දෙපිට කැපෙන කතා කිව්වේ වැඩිමහල් උදවියයි. ඒවාට වඩා ගැටවර අය කියන කතා රසවත්ය; හැඟීම්බරය; අසභ්‍යය. 

මං ඒ බව ඉගෙනගෙන හිටියේ නාට්‍ය කරන්නට ආ අයගෙනි. ඒ වැඩි දෙනෙකුම මට වඩා චුට්ටක් වැඩිමහලු අයයි. හැබැයි එයාලා මං ඉන්නා තැනකදී ‘ඒවා’ කියන්නේ හොඳට වට-පිට බලලා අපේ තාත්තා නැතිනම් විතරය.

“කොච්චර කිව්වත් අහන්නේ නැහැ රංජි මල්ලී. හිනාවෙන ඕනෙ එකෙක් එක්ක නීලා සිරික්කිය දානවා. කොල්ලෝ එහෙම වුණාට කෙල්ලෝ දැනගන්න ඕනිනේ ටිකක් ගණන් උස්සගෙන ඉන්න! ඒවාට වචනයක් කියන්න බැහැ, අඬන්න ගන්නවා.” 
ජවනිකාවක් ඉවර වුණු තකහනියේ නීලා අක්කා හොයාගෙන ආ සිරි අයියා ස්ටේජ් එකේදිම මට කිව්වේ හිත අමාරුවෙනි. තාත්තා කොහේදැයි හතර වටේ  බලමිනි.

ඉතින් සිරි අයියේ, හිනාවෙන මනුස්සයෙකුට රවන්නයැ..............
“ඉතින් හිනාවෙන කෙනෙකුට රවන්නයැ.”

“රංජි මල්ලිත් මොකද. ඕනෙ බල්ලෙක් එක්ක හිනාවෙන්නනෙ පුරුදු වෙලා ඉන්නේ.” 
සිරි අයියාට උත්තර දෙන්න නොවේ, ඒ වෙලාවේ මා බලා උන්නේ. වේදිකාවට යන්නටය.

මිගාරුචි උයනට සිල් ගන්නට ගිය නා රජ්ජුරුවන් ආපහු නාග ලෝකයට ඇවිත් ආ-ගිය විත්ති විමලා දේවියට කියයි. ඒ කතන්දර අහන බිසවට ‘විධුර පණ්ඩිතයන් වහන්සේ දකින්නටත්, ඔහුගෙන් බණක් අසන්නටත් ආසාවක්’ ඇති වෙයි. 
ඇත්තම කිව්වොත් කාරිය කෙරෙන්නේ නැත. ආදම්-ඒවගේ ඉඳලාම වෙන්නට ඇත්තෙත් මේකය. බිසව සැමියා රවටන්නට ප්‍රයෝගයක් යොදන්නීය.

“ස්වාමිනී, මට දොළක් ඉපිද ඇත. ඉදින් එය සපුරාගන්නට නොහැකි වන්නේ නම් මගේ දිවි තොර වෙනවා නිසැකය.” වගේ දෙයක් විමලා දේවිය හිමියාට කියන්න ඇති. හැටහතර මායම් පාලා බදා-වැළඳගෙන වෙන්නත් ඇති, නේද? දොළදුක විධුර පණ්ඩිතයන්ගේ හෘදය මාංශය වැළඳීමටය.

සමහරවිට සයනයෙදී බදා වැළඳගෙන වෙන්නටත්...........
ඒ කාලයේ ඉඳලාම රජකම් කරන බොහෝ දෙනා මැටිමෝල්ලුය! (මතකයිනේ, දහබලු කතා වස්තුව 2 පෝස්ටුවේදී හම්බවුණු කොසොල් රජ්ජුරුවෝ. කොහෙද යන බාසා වෙල්ලෙක් මඟුල් පොකුණ අද්දරදී මල්ලිකා බිසවුන්නාන්සේට අහවල් වැඩේ කරනවා දැක්කම වෙච්චදේ.... මල්ලිකා බිසවගේ මුසාවාදෙට රැවටුණා.)

මෙයාත් ඒ රජා වගේමයි, හෙට අනිද්දා දීග දෙන වයසේ ‘එරන්දතී’ දෝණි ඉඳිද්දී, මව් බිසව ආයෙමත් ගැබ්බර වෙන්න පුළුවනිද කියලා කල්පනා කරන්න ඕන නේද? 
මොන, රන්ගොජා බිසව දීපු ලණුව එහෙම පිටින්ම ගිලිනවා. ඔන්න දැන් රජ්ජුරුවෝ පඹගාලක පැටලිලා. පාලකයන් ප්‍රශ්නවලට පැටලුණාම ගෙදර ඉන්න පූසා ගිරවා හිට හොට දානවා; ඒවා විසඳන්න බලනවා.  එරන්දතීත් එහෙමයි.

දැන් තියෙන්නේ එරන්දතී තාත්තා කල්පනාවේ ගැලිලා ඉන්න තැනට එන සීන් එක! විධුර නාට්‍යයේ එරන්දතී ඉස්සෙල්ලාම ස්ටේජ් එකට එන්නේ දැන්. මතකයිනේ, මායි එරන්දතී. ඒ එද්දිත් මං හිනාව නවත්තගෙන ආවේ අමාරුවෙන්. දැනුත්, මේ ටික කොටද්දීත් මට හිතෙන්නෙම නාග ලෝකයට අධිපති නා රජතුමා ‘පොට්ටනිය එළියේ දාගෙන වාඩි වෙලා හිටි හැටි’ ගැන.

දිව්‍ය අංගනි සේ මම සැරසී - යන්නෙමි පර්වත කාළ එ ගිරී.............
දත් මිටි කාගෙන ඒ ටික කළයි කියමුකො. ඔන්න, විධුර පණ්ඩිතයන්ගේ හදවත ගෙනත් දීමට හැකි සමතෙකුව හොයාගෙන එරන්දතී යනවා. එයාගේ පළමුවෙනි ගීතය. මට දැන් මතක මෙච්චරයි!

“දිව්‍ය අංගනි සේ මම සැරසී- යන්නෙමි පර්වත කාළ එ ගිරී//
වීනා වයමින්, ගී කියා මං//
හදවත ගෙන්වා ගන්න සේ තුම්
දිව්‍ය................”

සිංදුව කියන්නේ නාග භවනේදීය. යන්නේ කාළගිරි පර්වත මුදුනටය. එරන්දතී කුමරිය එතනට ගිහින් වීනාව වයමින් ඉඳිද්දී ‘පූර්ණක යක්ෂ සේනාධිපතියා’ අහසින් යන ගමන් ඇයව දකියි.

දැන් ඉස්සරහ තිරය වහලාය. දෙතුන් දෙනෙක් එකතුවී මේසයක් වේදිකාවේ මුල්ලකට තල්ලු කරති. ඒකට උඩින් තද පාටක රෙද්දක් දමලා කාළගිරි පරුවතය හැදීම ටොයිස් වැඩකි. 
හැබැයි එරන්දතීට වයන්නට වීනාවක් නැත.
එහෙම වුණේ නාට්ටියට සංගීතය සැපැයූ සරත් ජයරත්න අයියා ළඟ වීනාවක් නැති හින්දාය. “කමක් නැහැ සරත්, තියෙන සිතාර් එක මෙයාට දෙමු. මිනිස්සුන්ට තේරෙන්නේ නැහැනේ සිතාර් එකෙයි වීනාවෙයි වෙනස.”

මිනිස්සු දන්නවය සිතාර් එකෙයි වීනාවෙයි වෙනස.........
“එහෙනං ගුණපාල අයියේ, රංජි මල්ලිව මේසේ උඩින් වාඩි කරවලා තියලා සිතාරේ අතට දෙමු. මෙයා සිතාර් එක තරම් උසත් නැහැ වගෙයිනේ.” සරත් අයියා කිව්වේ ඇදලා-පැදලා වැනි-වැනීය. ඊළඟට තාත්තා චුට්ටක් එහාට යනවාත් එක්කම මගේ කණට කෙඳිරුවේය.

“අනේ බුදු මල්ලියේ, සිතාර් එක පරෙස්සමෙන්. මේක හෙණ ගණන්. ගෙඩිය පිපිරුවොත් හෙම...........”

“බන්දු.... කෝ බන්දු.... ආ හරිනේ, තමුසේ ස්ටේජ් එකට පනින කොටම මහා හයියෙන් හිනා වෙන්න ඕනේ ඕඩියන්ස් එකම බයවෙන තරමට....” තාත්තා ඒක කියන්නට ඇත්තේ දසදහස් වෙනි වරට විය යුතුය.

මීට ඉස්සරත් මා කියා ඇත. බන්දුල ජයකොඩිට හරි ගියේ නපුරු, යක්ෂ පාට් විතරය. අජාසත්ත 2 පෝස්ටුව කියෙව්වා නේද? මතකයිද ‘වධකයිනි, මේ බිම්බිසාර රජුගේ දෙපතුල් පලා ලුණු දමව්’ වගේ ගාම්භීර දෙබසක් කියලා, ඒ එක්කම සරම කැටිකරලා අරන්, මිනිහා පරම්පරා කුට්ටමට යටින් දෙපරැන්ද අස්සේ ගහගත් හැටි..... මේ වෙද්දී බන්දුල හොඳට මෝරලා, තිතට රඟපානවා. හැබැයි සොෆ්ට් කැරැක්ටර්ස් බැහැ. ලව් සීන්ස් බැහැ. උපන් හැටිනේ ඒ!

මහානාද ගුවන් විදුලි නාටකයේ කතාව ඩ්රැකියුලා කතාවම වගෙය...........
ඒ දවස්වල රේඩියෝවෙන් රෑ නවයයි කාලට විතර ගුවන් විදුලි නාට්‍යයක් ප්‍රචාරය වුණේය. වෙළඳ සේවයෙන්ය. මගේ මතකය හරි නම් එය ‘ඒ හඬ ඇසෙන්නේ මාලිගාවත්ත ලී මෝලෙනි’ දැන්වීමත් ප්‍රචාරය කරවූ ලී මෝලෙම නිෂ්පාදනයකි. නාට්‍යය ‘මහානාද’ ය. හරියටම ඩ්රැකියුලා කතාව වගෙය! මහානාදට පණ පෙව්වේ එම්.ඒ. සිමියොන්ද කොහෙදය. එයාටත් ඒ මරුමුසු හිනාව තිබ්බේය. ඒකට වහ වැටිලාද මන්දා අපේ තාත්තාත් පූර්ණක යකාට ‘භයංකර සිනහවක්’ දමන්න කිව්වේ!

ඔන්න එරන්දතී වීනාවත් තියාගෙන කාළගිරි පර්වතය මුදුනේය; අනෙක් පැත්තේ පුටුවක් උඩටවී බිමට පනින්නට බලාගෙන ඉන්නා  පූර්ණක යක්ෂ සේනාධිපතියාය. 

තාත්තා තිරය ඇරියේය. පූර්ණකයා පැන්නේය, හිනාත් වුණේය. හඃ හඃ හා! තාත්තා බන්දුට කියා තිබුණේ දෙපාරක් හිනා වෙන්නටය.

ඉතින් මිනිහා දෙවෙනි වතාවේ හිනාවෙද්දී ඇක්ෂන් විතරය. සවුන්ඩ් නැත!

පුරුද්දක් වශයෙන්ම හඬ නඟා නිතර කතා නොකරන අය වැඩියෙන් කතා කළොත් උගුර බැරැන්ඩි වෙයි. නාට්‍යය ප්‍රැක්ටිස් කරද්දී වැඩියෙන් එන්නට බැරිවුණු නිසා බන්දුල අන්තිම දින කිහිපයේ ‘ඇරියස් cover’ කළේය. නාට්‍ය දවස වෙද්දී මිනිහාගේ උගුර බාගෙට ‘බල්ලෝ කාලාය’ තිබ්බේ. කාළගිරි පරුවත හෙවණේදී තිබ්බ ටිකත් නැති වෙලාය. 
බන්දුල තිරය අයිනේම හිටි අපේ තාත්තා දිහා බලා, අත් දෙක නොපිට හරවා ඉඟියක් කරනවා මටත් පෙනිණි.

පූර්ණක එරන්දතී තර්ගය කියලාය............
‘පූර්ණක - එරන්දතී තර්ගය’ කියලාය අබරන් මාස්ටර් ගෙනා පිටපතේ එතැන ලියා තිබ්බේ. යක්ෂ සේනාධිපතියෙක් වුණත් කටහඬ නැතිව ගිහින් නම් තර්ග සිංදුව කියන්නේ කොහොමද?

‘තමුසේ දිගටම කරනවා. මං කියන්නම්.’ 
අපේ තාත්තා කොඳුරලා කියන ගමන්ම අභිනයෙනුත් කිව්වේය. 

නාට්‍ය කලාවේදී ‘අභිනයන්’ හතරක් යොදා ගැනේ. ඉස්සෙල්ලාම ‘වාචික අභිනය’යි. ඒ කියන්නේ වචනයෙන්; කතා කිරීමෙන් කෙරෙන රඟපෑමයි. දෙක: ‘ආංගික අභිනය’යි. අංග චලනවලිනුයි ඒ රංගනය. තෙවැන්න හැඟීම් පෙන්වමින් කෙරෙන ‘සාත්විකාභිනය’යි. වෙස් ගැන්වීම් ආදී බාහිර කටයුතු මඟින් කෙරෙන්නේ හතරවෙනි ‘ආහාර්ය අභිනය’යි.

එදා බන්දුලට රඟන්නට වුණේ වාචිකාභිනය නැතිවයි.

“එතකොට ඔතැන තිබ්බේ මහා විශාල කුරුඳු වත්තක්. දැන් තරුණ සේවා සභාවේ ගේට්ටුව තියෙන හරියට වෙන්න තමයි මහරගම අම්බලම තිබුණේ. කුරුඳු කැලය තිබ්බා අක්කර ගණනක්..... ඇල්හේන පාරේ පල්ලෙහා හරියට යනකල්ම. ඒක කොච්චරද කියනවා නම් ඒ වත්තේ කැපෙන කුරුඳු තලන්නම වෙනම පවුලකුත් හිටියා ඔය හරියේ.”

කුරුඳු තලන පවුලකුත් හිටියා ඔය සම්පත් බැංකුව අයිනෙන්..............
දේවිකා නංගිලාගේ අම්මා වාචික අභිනයෙන් විතරක් නොවේ ඒ  විස්තර කිව්වේ. ආංගික, සාත්වික අභිනයන් දෙකත් උදව්වට ගනිමිනි.

ඩබ්ලිව්.ජේ.සෝමදාස ගෝමස් මහත්තයා ගෙන්නාගෙන මං මහරගම ඉතිහාසය හොයන බව අල්ලපු ගෙදර දේවිකා නංගිටත් දැනිලාය. දේවිකා නංගිලා ඉන්නේ මා ගැන හොඳ සෝදිසියෙනි. ‘චීත්තවාහිනියට’ කරුණු හොයන්නට නොවේ! මෛත්‍රියෙනි; කරුණාවෙනි.

වැරැදි බෝනස් එකේදි කියූ විලසින් මයෙලොමාවට බෙහෙත් ගනිද්දී සමහර වෙලාවට මා හොඳටම දුර්වල විණි. එහෙම වෙලාවක හිටි ගමන් කලන්තයක් හැදී තැන්-තැන්වල ඇදගෙන වැටෙන්නට වීමි. එහෙම වැටුණු හත්-අට වතාවෙම වැටුණේ ගේ ඇතුළේය. 

එක වතාවක් සාලය මැද්දේ දඩ-බඩ සද්දෙන්, පුටු පෙරලාගෙන වැටෙන සද්දේ ඇසී, දේවිකා නංගිලා දුවගෙන ආවේ නනා ඉඳලාය! 
(තවමත් වාසනාව මගේ පැත්තේ බව හොඳටම පෙනුණේත් ඒ දවස්වලය. ඔච්චර කලන්තේ දාලා වැටිලත් තැල්මක් මිස මට කිසිම තුවාලයක් වුණේ නැත.)

දැනුත් හිමිදිරියේම දේවිකා නංගි බලන්නේ මං ඇහැරිලා ඉන්නවාද කියලාය. හදිසියෙවත් හුචස් ගාලා මගේ පණ කෙන්ද ගිහින් තිබ්බොත්! උදෙන්ම මං දොර-ජනෙල් ඇරලා නැත්තං............. එහෙම බලන්නට කියලා තියෙන්නෙත් මං වහන්සේමය. 

‘කිකලද මහසෙන් මරු ඇප වන්නේ - කෙලෙසද හෙට මරු නේති සිතන්නේ’ නොවැ.   

අල්ලපු ගෙදර දේවිකා නංගියි එයාලගෙ අම්මයි........
“නිමල් අයියේ, ඔයාට ඕනේ කරන සමහර විස්තර අපේ අම්මත් දන්නවා ඇති. ආව වෙලාවක අහල බලන්නකෝ. අම්මා පුංචි කාලේ ඉඳල තියෙන්නෙත් බුවෙනකබාව ඉස්සරහ හරියෙ ගෙදරක....” හිතකවත් නොතිබුණු වාසනාවක් කඩා වැටුණේ  එහෙමය. 

අටාන ලියන පතිරණගේ සෝමාවතී නොහොත් කුසුමාවතී නොහොත් දේවිකා නංගිලගෙ අම්මා මහරගම පරණ විස්තර කියන්නට එකතු වුණේ එහෙමය.

සර්වාභරණ තිබුණේ නැතත් කාඩ්බෝඩ් අත්පට, ලලාටපට, කර්ණාභරණ, කර්ණකුණ්ඩලා, වොටුණු, වළලු ආදියෙන් සජ්ජිතවී එදා එරන්දතී වේදිකාවේ රඟන විදිය ප්‍රේක්ෂකයන් පොදි කකා බලා හිටියේ අර විසාල කුරුඳු කැලය අයින දිගේත් හිටිමිනි. 
(නොකියාම  බැරිය. අර ආභරණ කාඩ්බෝඩ් ඒවාය කියලා කාටවත් හිතෙන්නට නැතිව ඇති. ලයිට් එළියට ඒවා නියමෙට දිලිසුණේය. ඒවා හදාගන්නට ඕනෙ නම්, ක්‍රම සහ විධි දැනගන්න ‘අජාසත්ත 4’ ක්ලික් කරලා මෙතැනින්ම යන්න පුළුවන්, හොඳේ!)

“මං අබරන් මාස්ටර්ලගේ ගෙදර ඉඳිද්දී නාන්න ගියේ ඒ කුරුඳු වත්තේ තිබ්බ ළිඳට.”

අම්මෝ, ඒ වනාතේ ළිඳට නම් අපිට යන්න දුන්නේ නැහැ!
“අම්මෝ, අපිට නම් ඒ වනාතට යන්න දුන්නේ නැහැ. මාත් හරි පොඩියිනේ ඒ කාලේ. හැබැයි දැන් ඔය සම්පත් බැංකුව අයිනෙන් තියෙන පාරේ..... අර ඉංග්‍රීසි ටියුෂන් පන්ති තියන පාරේ.... ඒක එතකොට අඩි පාරක් විතරයිනේ. ඒකෙ තමයි අර කුරුඳු තලන මිනිස්සු හිටියේ. නිමල්ට මතක ඇතිනේ එහෙනම් බුවෙනකබාව ඉස්සරහම වගේ තිබ්බ මිනී පෙට්ටි සාප්පුව!”

“පුදුමේ කියන්නේ මට ඒක මතක නැහැනේ. හැබැයි හැත්තෑ ගණන්වල නම් අනුෂා හෝල් එක ළඟ ‘ජයරත්න මල් ශාලාව’ක් තිබුණා. දැන් සරසවි බුක් ෂොප් එක තියෙන තැන.”

විද්‍යාකර විද්‍යාලයේ ඉඳලා පාසල ඇරී අප පමුණුව පාරට එන්නේ කෙලින්ම නොවේ. හිස වටේ අත යවා කණ අල්ලනවා වගෙය. දැන් කාර්ගිල්ස් ෆුඩ් සිටි එක අද්දරින්ම තියෙන ගුරු පාරේ වට වන්දනාවේ ගිහින්ය. අනේ, දැන් ළමයින්ට කොහෙද එහෙම ඉස්පාසුවක්?

දේවිකාල අම්මා එක්ක කතා කරද්දීත් සමහර දේවල් නිකම්ම මගේ මතකයට ආවේය. ගෝමස් මහත්තයා එක්ක සංවාදයේදී වගෙමය. 

හැබැයි ඒකේදි වගේම, මේකෙදි කියවුණු දේවලුත් එක විඩේම පට ඇරලා දිගාරින්නේ නැතිය. ලෝබකමකට නොවේ; පෝස්ට් එක රීඩබල් විදියට තියාගන්න ඕනේ හින්දාය.

සේරම එක විඩේටම පට ඇරලා............
ඉතින්..... විධුර තව දිගාආආආආආය. ගොඩාක් දිග මහරගම විස්තර නම් විඩෙන්-විඩේ පටාරින්නට පුළුවනිය. කියවන ඔයාලටත් දැන් මහන්සි ඇති කියා හිතෙනවාය. ඒ හින්දා අදට සමුගන්න අවසරය!

Thursday, March 21, 2019

යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස

“අන්න නිදි බොස් ඌරු සංහාරය, ගව සංහාරය, වීදුරු සංහාරය වගේ සීරීස් එකක් ලියන්න ප්ලෑන් කරලලු තියෙන්නේ. දැන් නම් ඉඳල ඉවරයි කමියෝ.”


කැලුම් හා ප්‍රදීප් සහෘදයන් දෙන්නාත් බ්ලොගර්ස් ඊව් එකේදී .........
අසංග රණසිංහ ආරච්චිට පිහි පහරවල් හතරක්ද කොහෙද ඇනලාය. එකක් පෙණහැල්ලක් කිට්ටුවටම ගිහින්ය කියලා අසංග අපට ඇලපිල්ලක්-ඉස්පිල්ලක් නෑර විස්තර කළේ එයාලගෙ ගෙදරදිමය. සාදය තෙක්ම අසංගව බලන්නට යා නොහැකිව හිටි මාවත් කාර්වල පටවාගෙන එහි ගිය ප්‍රදීප් ජයතුංගටත්, ප්‍රගීත්ටත් පින් සිදු වෙන්නට ඕනෑය! ස්තුතියි ප්‍රදීප්, ස්තුතියි ප්‍රගීත්! 

ඒ දෙන්නාත් මාර්තු 3 ඉරිදා උදේ, මා සමඟ අසංගගේ ‘ෆුල් සීරියල්’ ඒකාංගික රංගනය නැරඹූ රසිකයන්ය.

අපේ කතාවට නව නළු රසයෙන් රස තුනක්ම; රෞද්‍ර- වීර- භයානක රසයන් එකතු වුණේ මේ ‘පිහි ඇනුම’ නිසාය. හැබැයි තව ඩිංගෙන්, අර කමෙන්ටුවේ කියලා තිබුණු ඒවා විතරක් නොවේ, ‘බඩෝවිට චණ්ඩියෙකුගේ අමානුෂික සංහාරය’ වගේ පෝස්ටුවකුත් ලියවෙන්නට ඉඩ තිබිණි.

මේවා අප කාට-කාටත් පාඩමක් කියාදෙයි. අතිශයින් දියුණු අවදියක වුණත් මනුස්ස ජීවිතයක වටනාකම තුට්ටු දෙකට බැස ඇති හැටි පෙන්වයි. අර මනුස්සයා රණ්ඩුවට පැටලී ඇත්තේ ‘රුපියල් සීයක්’ ප්‍රස්තුත කරගෙනය!

හැබැයි පිහි ඇනුම් කාලා, ඉස්පිරිතාල ඇඳක් උඩ දපා තියා තිබ්බත් අපේ පුතයා count down එක- අවරෝහණ ගණනය නම් නැවැත්තුවේ නැත! එහෙන්-මෙහෙන් කටු ගසා තියෙද්දිත් උන්නැහේ චැට් ග්රූප් එකේ ස්වේච්ඡා සේවයට කටුව ගැහුවේ නැත. ‘තව දවස් හයයි... පහයි... හතරයි’ පණිවිඩ උදේම දකින්නට තිබිණි.

පිහි ඇනුම් කාලාත් අසංග එයාගේ ජොබ් එක නොකර හිටියේ...........
‘කාලක් ගැහුවොත් කාලකන්නියෙක් වෙනවා - බාගයක් ගැහුවොත් භාග්‍යවන්තයෙක් වෙනවා - බෝතලයක් ගැහුවොත් බෝධිසත්වයෙක් වෙනවා කියලා අපේ මිය පරලොව ගිය පප්පාත් කියලා තිබුණා’ය කියමින් උන් මනුස්සයාගේ හිතේ පාටිය ගැන තිබුණු උනන්දුව තරමේ උනන්දුවක් ඒ කාලේ කුමාර් ධර්මසේන ළඟවත් තියෙන්නට නැතිව ඇතිය.

ආ..... මාත් එහෙම උනන්දුවකින් කට මැදගෙන උන්නු කාරණයකුත් කියන්නේ අහිතකින් නොවේ! මගේ කෑදරකම; මජරකම හින්දාය. 

සමහර වෙලාවට මාත් බොන අයගේ ‘අසීමාන්තික පරිභෝජනය’ ගැන ‘විවේචනාත්මක දෘෂ්ටියකින් යුතුව’ බලනවාය; හිත පාලනය කර ගන්නට බැරිකම ගැන ‘ධර්ම දේශනා’ පවත්වනවාය. හැබැයි මගේත් ‘චිත්ත සමාධානය’ නැතිව ගිහින් බලන් හිටියේ ‘වරකා’ ගෙනෙන තුරුය. විශේෂයන් කියලා තිබුණු නිසා මං මඟ බලන් හිටියේ ‘හඟුරන්කෙත පැණි වරකා ගහේ’ වරකා වගේ පැණි බේරෙන වරකා ගෙනෙන තුරුය.

මං ඉස්සරත් ඔහොමය. වරකා, බැදපු වල්දෙල් ඇට දෙජාතියටම හරිම පෙරේතය. 

ඒත් මගේ පුරුද්දක් නිසා මට හැමදාම වගේ කෙළවුණාත් එක්කය. ඒ දවස්වල වරකා විකුණන්නේ නැත. කොස්, පොළොස්, වැල, වරකා සේරම කාගෙ වත්තක තිබ්බත් ඉල්ලු ගමන් ලැබෙයි! (අජාසත්ත 2 පෝස්ටුවේ සමරේත් විමලෙත් අමු හෙළුවෙන්,‘ගෝරා අවුර් කාළා’ වගේ හඳපානේ හොරපොල් කැඩුව හැටි ලිව්වේ, කොස් නිකං දුන්නත් පොල් පිනට දුන්නේ නැති බැවිනි!)   

ගම්මිරිස් ඇට ටිකකුයි, දියලුණු කැට ටිකකුයි එක්ක වරකා මදුලුත්........
වරකා කද්දී මං ඉස්සෙල්ලාම කරන්නේ මදුලු ගලවා ඉරි ඉවත් කිරීමය. ඊළඟට ඒවා දෙකට පලා කොස්ඇට ටිකත් අයින් කළ යුතුය. දැන් වැඩේ ලස්සනය, ලකයක් තියෙනවාය. අතේ ගෑවී තියෙන කොහොල්ලෑ අයින් කරලා, අතුත් හෝදාගෙනය; මං පැත්තකින් වාඩිවෙන්නේ. ඒකත් ගම්මිරිස් ඇට ටිකක්, ලුණුකැට කිහිපයක් එක්කය. 

හුඟ දවසට මං ඔහොම සූදානම් වෙද්දී නංගිලා-මල්ලිලා උන්ගේ පංගුව කාලා මාවත් කන්න බලාගෙන ඉඳිති!    

අනේ, මෙදා පොටේ එහෙම කරන්නට වුණේ නැත. වරකා පොරොන්දුව ‘කඩවුණු පොරොන්දුව’ක් වුණේය! ඔච්චර පිරිසක් එකට එකතු වෙලාත් එකෙක්වත් ඒ ගැන ඇහුවෙත් නැත. ‘කමි’ට විතරක් ඒ වග මතක් වෙලා තිබුණේ එයාගේ ‘වර්ෂන්’ එක ලියද්දීය.

මේවා මෙහෙම අමතක කරන්න බැරි මගේ මතකය හොඳ නිසාද? මේ පෝස්ටු මාලාවේ දෙවැන්නට තිළිණ කමෙන්ටුවක් දමමින් හිතවත් තිළිණ ප්‍රියසාද් කියා තිබුණෙත් ‘නිමල් අයියගෙ මතකය ගොඩක් hondai නෙ’ කියලාය. 

ඒ ගමන්ම තිළිණ කියා තිබුණේ එයාට හම්බ වුණේ අන්තිම ‘පූරිය’ බවයි.

අතුල තිලක්, කමි, මාධව, නෙවිල්, ගවීන්, ප්‍රසන්න, අතුල, ලක්මාල්, කැලුම්, නයනජිත්, අතුල අබේරත්න අයියා හා තිළිණ...
අයියෝ, දුකේ බැරිය. මේසයට තිබ්බේ බැදපු පූරි ටික විතරය. බැදලා ගත්තේ ටිකකි.

‘එච්චර කැවෙන එකක් නැහැ’ කියලා ගොඩක් අය කියූ නිසා ටිකක් බැද්දත් special half cooked පූරි ගොඩක්ම ඉතිරිත් වෙලා තිබුණේය. (හැබැයි එහෙම ජාතියක් අන්තර් ජාලයෙවත් නැතිවාට සැකයක් නැත. එය නිදි නිෂ්පාදනයකි.) පිටිකෑම නොකන කෙනෙක් හිටියොත් කියන සැකේටය බත් ටිකකුත් උයලා තිබුණේ.

“ඕක දීසියකට දාන්න එපා. සාස්පාන පිටින්ම තියමු! කවුරුවත් කයිද මන්දා.” උදව්කාරයෙක් සාස්පාන පිටින්ම බත් එක මේසයට ගෙනිච්චේය.  කෑම මේසේ උඩ සාස්පාන පිටින්ම බත් තියෙන ෆොටෝ එක දැක්කාම ලජ්ජාවේ පණ යයි!
    
එවෙලේ ගොඩ දෙනා ‘අද මෙච්චර දේවල් තනියම කළේ කොහොමද?’ කියලා මවිත වෙද්දී මං මොකුත් කිව්වේ නැත. එහෙම කිව්වා නම් එවෙලෙම ‘ක්‍රිමිරාජ කරල් ගුළි’ හොයන්න වෙනවාය. 

මගේ කෑමවල සුලමුල ඇහුවාම සමහරුන්ට බඩේ අජීරණය හැදෙන්නට පුළුවන් නිසාය; එදාම මේවා නොකිව්වේ. වංහුං නොදැන කෑවාම නම් මොකුත් වෙන්නේ නැති බව අත් දුටුවයි; සත්තයිය.

නිල්ගල නදියක් අසබඩ කෑම්පින් කළ  දවසෙත් ..............
මුලින්ම ගෙදරදී පූරි හැදූ දවසෙත්, යාල කුඹුක්කන් ඔයබඩ කඳවුරු බිමකදීත්, නිල්ගල නදියක් අසබඩ කඳවුරු ලාගත් දවසේදීත් විතරය මං එවෙලෙම පිටි අනා, පූරි බැද්දේ! මේ දක්වා විසිතිස් වතාවක් පූරි හදා ඇතත් ඒවා හැදුවේ pre cooked විදියටමය. ඔන්න ගුරු මුෂ්ටි නැතිවම එයින් එකත් කියලා දාන්නටය; මේ සූදානම.

“මාතියා, පාන්පිටි කිලෝ එක හොඳට අලලා අරන්, ලොක්කු සාස්පානකට තමා දාගන්නවා! යේක ගේව පොල් ගෙඩිය තමා යේකටම දානවා. තව මාගරින් හැඳි දෙක්ක-තුනයි ලුණුකුඩු ටික්කයි දාලා කවලම් තමා කරනවා! බිත්තරත් තුනයි-හත්තරයි දානවා.” පූනගල කුස්සි කාමරයේදී කෝකි අප්පු පියවරෙන් පියවර කරන ගමන් කිව්වේය. 
“.... ඒම කරලා හොන්ද උණු වත්තුරෙන් තමා අනනවා!”

පූරිවලට පිටි අනන්නේ උතුරණ වතුරෙනි. දියාරු නොවෙන්නට; රොටි පදමට වඩා ටිකක් තදට හිටින්නට මෝලිය හදා ගත්තාම හරිය. පිටි මෝලිය හොඳින් අත්ගසා, ඊළඟට පැයක් හමාරක් ඒක පිපෙන්නට තිබ්බොත් වඩා හොඳය.

වෙජිටෙරියන්ස්ලා එන දවසට මා බිත්තර දාන්නේ නැත. (අනෙක් දවස්වලටත් එහෙමමය. ඒ මා කිකිළියක නොවන නිසාය.) මා අදහස් කළේ පූරිවලට පිටි අනද්දී එයට බිත්තර මිශ්‍ර කිරීම ගැනය. ආආආආ.... තව එකක්. දැන් මේ රෙසිපිය මට උවමනා හැටියට මොඩිෆයි කරගෙන තිබේ. පිටි අනද්දී සූදුරු ඇට තේ හැන්දක්-හමාරක් ඒකට දාන්නේ ඒ නිසාය. ඕවා නම් කුකරි  රහස්, හොඳේ!.
එකම ප්ලේන් තොසේ මිශ්‍රණයට රතුළුණු ටිකක් කපලා දැම්මාම...............
ලොකු-ලොකු නම් දරාපු තැන්වල කෙරෙන්නේත් මෙහෙමය. එකම plain තෝසේ මිශ්‍රණයට රතුළූණු ටිකක් කපලා දැම්මාම Red Onion Thosai ය. කංකුන් ටිකක් කපා කවලම් කළාම Keera Thosai ය. අමුමිරිස් කරල් දෙකතුනක කෑලිත් එක්ක හැදුවාම Green Chilly Thosai වෙයි. කොහොමද වෙනස?
ඉතින් පූරි හදද්දීත් බී ළූණු, කරපිංචා, කතුරුමුරුංගා - අසමෝදගම් කොළ වගේ එක-එක ජාති එක්ක අත්හදලා බලන්නකෝ! මං එහෙමය. 
ඒත් ඊට කලින් නිකම්ම පූරි හදලා ඉඳිමුකෝ! අර අනාගත් පිටි මෝලිය තියෙනවනේ. ඒකෙන් ලොකු දෙහි ගෙඩි විතර ගුලි හදාගෙන පාන්පිටි තවරමින් තුනී කරගන්න. පපඩම් වගේ තුනීවටමත් නොවේ. රොටි තරම් ගනකමටත් නොවේ. වැරැදුණා. ඔබතුමන්ලාට කැමැති විදියකට............. ඊළඟට ගැඹුරු තෙලේ රන්වන් පාට වෙනතුරු බැදගන්නා එකය. (ළා කහපාට වෙනතුරු විතරක් බැදගත්තොත් මෘදුය! සමහරු කැමැති ඒ විදියටය.)
කවුරු හරි එන දවසටම ඔය සුමේ කරන්නට මට වෙලාවක් නැත. එක දිගට වෙහෙසෙන්නට බැරි නිසා; විදිහකුත් නැත.
මෙදා සැරෙත් මං පූරි හැදුවේ තුන් දවසකට ඉස්සෙල්ලාය! පූරි තුනී කරගත්තාට පස්සේ නන්ස්ටික් සාස්පානක ඒවා යාන්තමට පුච්චා ගත්තාම හරිය. එතකොට ඒවා එකට ඇලෙන්නේ නැත. එහෙම පුච්චාගෙන ඒවා ශීතකරණයේ මාසයක් - හමාරක් වුණත් තියාගන්නට පුළුවන්ය. හමුදාවක් හටනට ලැහැස්තිවී සීරුවෙන් ඉන්නවා වගෙය. ඕනෑ වෙලාවට බැටේ දෙයි. පූරි බැදගන්න එකත් ඒ වගේමය.

සූදානමින් ඉන්නා අසරු හමුදාවක් වගේ............
තෙල් කෑම හොඳටම අගුණ නම් මේවා රොටි වගේ කබලේ බැදගන්නත් පුළුවන්ය. 

හැබැයි බාගෙට පිසගත් පූරි තියන්නේ ෆ්‍රිජ් එකේ පහත තට්ටුවේ නොවේ. උඩ කොටසේය. පාවිච්චියට ගන්නට පැය හතර-පහකට කලින් ෆ්‍රිජ් එකෙන් එළියට අරන් සාමාන්‍ය උණුසුමට එන්න තිබ්බාම ‘පට-පට ගාලා’ බැදගැනීම ටොයිස් වැඩකි! කුකරි පාඩම අහවර නිසා දැන් ‘පූරි පුරාණයේ’ තව කොටසක් කියන්නට කල් හරිය!

මේ අපි පළමුවරට කැබිලිත්තේ නොහොත් සියඹලාවේ දේවාලයට ගිය ගමනයි. කතරගම දෙවියන් වැඩ හිඳින්නේ කැබිලිත්තේය කියලාය, බොහෝ බැතිමතුන් අදහන්නේ.

“නිමල් අයියේ, කෑම ලැයිස්තුව හදද්දී මස්, මාළු, කරවල, සැමන් තියා උම්බලකඩවත් ගන්න එපා. ෆුල් වෙජිටෙරියන් ඩයට් එකක් ගනිමු, දවස් හතරේම. හැබැයි දැන්ම කාටවත් ඕව කියන්න යන්න එපා. යනකල් විතරක් පේවෙන්න කියලයි මං කියලා තියෙන්නේ.” දොස්තර අයස්මන්ත මහත්තයා කලින්ම මට  කිව්වේය. 

අපි දෙන්නාම මාසයක්ද කොහෙද පේවුණු බවත් මට මතකය. එදා සැරෙත් තිහකට කිට්ටු ගණනක් ගමනට ඇවිත් හිටියෝය.

දවස් හතරේම ෆුලි වෙජිටේරියන් කෑම විතරයි!
සුපුරුදු විදියටම කඳවුරු බිම් තුනක් වෙන් කරගෙන එකකට ගාල් වීමය අප කළේ. මට මතක හැටියට නම් ඒ යාල නුගගහ ආර කෑම්පින් සයිට් එක වෙන්නට ඕනෑය. 

එක රැයකට පූරි හදන්නටය මා සැලසුම් කළේ. නඩේ හිටි ගාය ඇති නාඹර කොල්ලන් තුන්-හතර දෙනෙක්ම එකතුවී පිටි මෝලිය හොඳින් අත් ගසා දුන්නේ කුතුහලයෙන් ප්‍රශ්න දාහක් අසමිනි. ඒ  දිහා හොඳ විපරමෙන් බලා උන්නේ අවට ගස්වල ලැගගෙන උන් රිලවුන්ය! උන්ගෙන් අපේ බෑග, කෑම පරෙස්සම් කරගත්තේ පුදුම කරදරයක්  විඳිමින් බවත් දැනට මතක තියාගමුකො, හොඳේ.

පාන්පිටි කිලෝ පහක පූරි හදන්නට ආවත් ඒවා තුනී කරගැනීමට ඕනෑ කරන දේවල් තිබුණේ නැත. “අයියෝ නිමල් අයියේ, ඔයා බය වෙන්න එපා. මං දෙන්නෙක්-තුන්දෙනෙක් අල්ලාගෙන ඒ වැඩේ කරන්නම්කො” ප්‍රීතිකා නංගි; පීරිස්ගේ ප්‍රියම්බිකාව කිව්වාය. 

වැඩේ පටන් ගත්තා විතරය. සූ ගාලා පිරිසක් උදව්වට ආවෝය. තිබුණු තරම් සාස්පාන් පියන්, ට්‍රේ එහෙමත් පූරි තුනී කෙරිල්ලට අරගෙනය.

පැය බාගයක් විතර යද්දී එකා-දෙන්නා හීන් සීරුවේ මාරු වෙලාය. පෝල් සම්බෝලයත්, මිශ්‍ර කරියත් හදලා මං පූරි බදින්නට ගත්තේ ‘උණුවෙන්ම කන්න එන්න’ කියලා නිවේදනයකුත් කරමිනි. විශ්වාස කරන්න, එක ගැටවරයෙකු පූරි පහළොවක් කාලාය. ඒ තව එක්කෙනෙකු එක්ක තරගෙටය.

 පවුල් පිටින් ගස් උඩටවී අපේ වැඩ දිහා බලා උන් රිලව්...........
කවුරුනුත් හොඳට සප්පායම් වෙද්දී අන්තිමට ප්‍රීතිකා නංගිත්, තව දෙන්නෙකුත් මාත් විතරය ‘පූරි’ කරුමාන්තයට ඉතිරිවී හිටියේ. හැබැයි හදපුවා ඉතිරිත් විණි! 
“නිමල් අයියා, ඔන්නොහෙ ඕවත් බැදලා තියමු අප්පා. උදේට හරි කට්ටිය කයිනේ.” ප්‍රීතිකා මට වැඩේ නවතන්නට නොදී කිව්වාය.

ඒත් පහුවදා පාතරාසයට කවුරුනුත් කෑවේ සීතලවී තිබුණු පූරි නොවේ. උදේ හැදූ නූඩ්ල්ස්ය. “නිමල් අයියා .... මේ ඉතිරි පූරි අරගොල්ලන්ට දාන්නද?” හක්ස්ලි ඇහුවේ ඒ අල්ල-පනල්ලේය. මොකට එපා කියන්නද. 
හේෂාන්, සසිඳු, චිරන්ත, ෂෙහාන් වගේ ගැටවරයනුත් එක්කාගෙන හක්ස්ලි ‘පූරි පූජාව’ කළේය! රිලවුනුත් පොරකමින් මේ අලුත් කෑම වර්ගය ඩැහැගත්හ.

නිරීක්ෂණය කළේ කවුද කියලා ප්‍රසිද්ධ නැත. ඒත් කියවුණු දේ හරිම ප්‍රසිද්ධය; පෙරාපු රත්තරන් වගේ ඇත්තය. ගමන නිමාවී අප ආපසු එනතුරුමත් එක රිලවෙකුවත් ආයේ ඒ කඳවුරු බිම පැත්ත-පලාතට ආවේ නැත. (කොච්චර හිතේ අමාරුවෙන් වුණත් ඒක ඇත්ත බව මමත් කියමි.) ඉතින් කට්ටිය ඉතා පහසුවෙන් නිගමනයකටත් එළඹුණාහ. 

‘නිදිගේ පූරි කෑවොත් යාල රිලවු කැලයත් අතහැරලා යති!”.

පූරි හින්දා ඔහොම නවනින්දාවකට පාත්‍රවී හිටි නිදිට ‘කමි’ එයාගේ පෝස්ටුවට දී තිබුණු මාතෘකාව දැක්කාම ඇතිවුණු සන්තෝසේ....... ‘සන්තෝසා අයිලන්ඩ්’ එකටත් වඩා ලොකු එකකි! ‘කමි’ ස්තුතියි! ස්තුතියි!! ස්තුතියි!!!

මේ කතාව නම් පූරි ගැන වෙන්නට බැරිය. ඔරොප්පුවක්ද?
මේ ෆොටෝ එකේ ටීපෝව උඩ තියෙන කැන්ද කොළ පෙනෙනවාද? මගේ නිරීක්ෂණයට අනුව නම් පූරිවලටත් වැඩියෙන් කට්ටියට අල්ලලා ගියේ කැන්ද කොළවල තියලා ‘සර්ව්’ කළ ‘මඤ්ඤොක්කා’ බයිට් එකය. ඒකෙන් නම් එක කෑල්ලක්වත් ඉතිරි වුණේ නැත. ‘ඔට්ටමාවඩු’වල මහපාර අයිනේ ‘දුවනගිරියක තියාගෙන බයිට්-ටේස් විකුණන මුස්ලිම් හිතවතාණෙනි, ස්තුතියි- ගොඩක් ස්තුතියි’ ඒක මට ඉගැන්නුවාට.

එදා රාත්තිරියේම අපේ සගයන්ගෙන් තුන්දෙනෙක් කුස්සියටම ඇවිදින් ඒ විදියට මඤ්ඤොක්කා බදින හැටි මගෙන් අසාගත්හ!

............කොහොමද ඇහුවා...... පිස්සුද මෙයාලා. එක දවසේ  රෙසිපි දෙක තුනක් කියනවද? එතකොට අගයක් නැතිව යනවනේ! ඕනේ නම් එදා මෙනු එක කියන්නම්. රෙසිපීස් ඊළඟ පෝස්ට් එකේදී, හොඳේ.

බයිට් හැටියට මං හදලා තිබුණේ ඌරු මස් ඩෙවල් එකකුයි, ජීරා චිකනුයි, බැදපු මඤ්ඤොක්කා හා ලුණුමිරිස් dip එකයිය. අතුල අබේරත්න අයියා ගෙනා රෝස්ටඩ් කජු, ඉයන් ගෙනා රටකජු- මුරුක්කු වැනි දේත් තිබිණි! දන්නවද? එහෙම තිබිලත් අපේ නඩේ කිලෝ තුනකම මඤ්ඤොක්කා බයිට්වලට වග කිව්වෝය!

එදා එයාලට බැලන්ටයින් බෝතල හතරක් එක්ක, එච්චර කාලාවත් නොදැනුණු මත් ගතියක් මේවා ලියද්දී මට දැනෙයි. ඒ හින්දාය මං මේ විරාමයකුත් ගන්නේ! 

Monday, March 18, 2019

පත්තෑයට පෙත්තෙන් - හතරවෙනි කොටස

අම්මා තුන්සිය හැටපස් දවසෙම මහන රස්සාවට ගියාය. මගේ දවස් ඉස්කෝලෙටත්, ඉඳියාප්පවලටත් ගෙවුණේය.
මට කලින් 'විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති' වෙලා හිටියේ.......
ඔහොම යද්දී....... 1970 වසර සඳහා, පාසලේ ‘විද්‍යා ශිෂ්‍ය සංගමයේ සභාපති තනතුර’ මට ලැබුණේය. මට කලින් ඒ තනතුර දැරුවේ හෙක්ටර් අයියාය. පස්සේ දේශපාලනයටත් ඇවිත්, හෙක්ටර් බෙත්මගේ මැතිතුමා- ඇමැතිතුමා නමින් රටේ සුපතළ වුණේ එයාය.

ඒ දවස්වල විද්‍යාකර විද්‍යාලයේ සාමාන්‍ය පෙළ, උසස් පෙළ පංතිවල කැපී පෙනුණු කිහිප දෙනෙකුම වූහ. අනේ කුරුලු කූඩුවලට පෝස්ටුවෙදී අපේ  පාසලේ කැපී පෙනුණු කට්ටිය ගැන කියා තියෙන නිසා, එදා නොකියූ අය ගැනය දැන් කියන්නේ. 
තිස්ස ගාමිණී එක්කෙනෙකි. එයා හිටියේ ආර්ට්ස් පන්තියකය. මං හිටියේ සයන්ස් පන්තියකය. තිස්ස හැන්ඩියෙකි; කැඩෙටින් කළ සිසුවෙකි. ඒ වගේම ඇඟ-පතෙන් නම් කැපී පෙනුණු හාදයෙකි. හැබැයි 'අඩු කුලේ' වගෙය!

තිස්ස ගාමිණී විතරක් නොවේ, කලා අංශයේ හිටි සේරමලා ‘හීන කුලයේ’ අය වගෙය!

ඒ දවස්වල විද්‍යා අංශයට තේරුණු සිසු දරුවන් දිහා නම් කවුරුනුත් බැලුවේ පුංචි ගෞරවයකිනි. ඒ එයාලා බුද්ධිමතුන් විදියට සමාජය හිතූ බැවිනි. ('සියලු සයන්ස්කාරයෝ නැසෙනසුළුය' කියන්නේ දැන්ය.) ආර්ට්ස්; කලා අංශයට දැම්මේ අඩු ලකුණු ගත් උදවියයි. ඉතින් එයාලා මෝඩයන් ලෙස හිතීම අරුමයක්ද?

පොඩි කාලේ ඉඳලාම ‘නළුවෙක් වෙනවා’ කියමින් හිටි මට කලා අංශයට යන්නට ඕනෑ වුණත් තාත්තලා ඒකට ඉඩ දුන්නේ නැත. “උඹට පිස්සුද බං? කලාව කරලා කාටද හරි ගියේ. කලාව කරන මිනිස්සු ඔක්කොම හිඟා නොකා හිඟා කන හිඟන්නොනෙ බං!”

කලාව කරලා කාටද හරි ගියේ? උන් සේරම හිඟන්නොනෙ බං..............
ඒ එදා අපේ තාත්තලා දැකපු විදිහය. අවුරුදු 50 කදී ඒ තත්ත්වය කොච්චරට වෙනස් වෙලාද? රියලිටි ෂෝ එකකින් තරු මාවතට වැටී සින්දු කියන්නට පටන්ගත් ගමන් ...... එක්කෝ මෙගා ටෙලියක රඟපෑ පමණින් 225 න් එක්කෙනෙකු වෙන්නටත් පුළුවන්ය.

ඒකටත් මොළය තියෙන්නට ඕනෑය. සුපර් ස්ටාර් වුණු සමහර තරු ඉක්මනින්ම කඩා වැටිලාය. අපට නමක්වත් මතක් වෙන්නේ නැත. 

ඒත් අවසන් තරගයටවත් නොතේරුණු ශිහාන් මිහිරංග අද රියලිටි තරග විනිශ්චය කරයි; සාර්ථක ව්‍යාපාරිකයෙක්ව හිඳියි! ඒ ඔහුට ඉලක්කයක් තිබුණු නිසා වෙන්නැතිය! තමාගේ ජනප්‍රියත්වය, ඉල්ලුම හැමදාමත් එක ලෙස නොපවතින බව දැනගෙන හිටි හින්දාය. 
ලැබුණු දෙයක් පරෙස්සම් කරගත යුතු බව ශිහාන් දැනගෙන හිටියත්, සමහරු ලැබෙන්නටත් කලින්ම අසීමිතව පල-ප්‍රයෝජන ලබන්නට සැදී-පැහැදී හිටි මැට්ටෝය.   

අපේ පන්තියේ එහෙම දෙන්නෙක් තිස්ස දෙවේලේ තිස්සත් එක්කම භජනයට වැටී උන්හ. එයාලා ආවේ-ගියේ අනෙක් සිසු-සිසුවියන් පයිසේකටවත් මායිම් නොකරමිනි. 
ඉගෙනීමට දක්ෂකමක්වත්, ක්‍රීඩාවකට විශේෂ කෞශල්‍යයක්වත් නොතිබුණු ඒ දෙන්නා ඉදිමුණේ බලාගෙන ඉන්දදිය.

“මොකද යකෝ කන්න වගේ බලන්නේ? තව මාස දෙක තුනකින් බලපල්ලා. එතකොට අපි එන්නේ බෙන්ස්වල!” ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා  පුරාජේරු කතන්දරත් කීහ!

ඉදිමුණා මදිවාට ඒ බකමුහුණලා පුරාජේරු කතන්දරත්......... 
ඒ පම්පෝරි කතන්දර කිව්වේ ඇයිදැයි; මොන පදනමකින්දැයි එදා අපි නොදත්තෙමු. හැබැයි එයාලා නිතරෝම එහෙම දේවල් කියද්දී කාට-කාටත් කුකුසක් නම් ඇති වුණේය.

එහෙම තියෙද්දීය ‘චේ ගුවේරා’ කැරැල්ල ආවේ! ඇඳිරි නීතිය වැටුණේ!! 

ඇඳිරි නීතියක් දැම්මාට කරුවල නොවැටුණු හින්දා මාත් වික්ෂිප්ත වුණ බව හංගන්නේ නැතිවම කියන්නට ඕනෑය. මට හිතෙන්නේ 1953 හර්තාලයට පස්සේ ලංකාවට ඇඳිරි නීතිය පනවා තියෙන්නේ 1971 බවයි. අවුරුදු 18 කට පස්සෙය. ඒත්, ඊට පස්සේ..... 
අපේ පරම්පරාවට- අපගේ ජීවිත කාලය තුළදී ගණන් නැති තරම් අඳුරු නීති දවස් ගෙවන්නට වීම පුදුමයක් නෙවෙයිද?

දෙසතියක් යන්නට කලින් ආරංචිය ආවේය. තිස්ස ගාමිණීත්, අපේ පන්තියේ දෙන්නාත් හිරබාරයට අරන්ලු. ඉස්කෝලේ තව කිහිප දෙනෙකුත්.... එයින් වැඩි දෙනා ආර්ට්ස් පන්තිවල හිටි අයයි. එයාලා පන්ති පහකටත් සහභාගී වුණු අයලු! 
ඒ සමහර දෙනා ආයේ කවදාවත් කාටවත් කොහෙදිවත් දකින්නටවත් ලැබිලා නැත. අතුරුදහන් වෙලාය!

එයාලා චේ ගුවේරා කල්ලියේ පන්ති පහකටත් සහභාගී වුණු...............
එහෙම වුණේ ඒ කාලයේ තරුණ පිරිසට වැඩි නිදහසක් තිබුණු නිසාද? එහෙමත් නැති නම් වෙනසක් අවශ්‍යව තිබුණු නිසාද? 70-71 කාලය ගැන හොඳ තක්සේරුවක් කරන්නට තරම් වයසක නොවේ මා හිටියේ.

මේ ළඟදී ‘ගින්නෙන් උපන් සීතල’ චිත්‍රපටයේ අදියුරු අනුරුද්ධ ජයසිංහ මහතා ‘දේශය’ පත්තරේ- ‘හදසර’ අතිරේකයට මෙහෙම කියලා තිබුණි. හැබැයි මේත් 71 කාලය ගැන නොවේ. 1989 අවධිය ගැනය. එතකොට හිතාගන්න පුළුවන් නේද, ඊට අවුරුදු 18 කට ඉස්සර තත්ත්වේ.

“ඒ කාලේ සමාජය හරි විවෘතයි. දැන් වගේ ළමයින්ව ඒ කාලේ කොටු කරලා තියලා තිබුණේ නැහැ. ඒ නිසා ගෙවල්වල ඉඳන් බස් එකේ ඉස්කෝලේ යද්දී අපේ අම්මලා තාත්තලා ඉස්කෝලෙට ටියුෂන් පන්තියට අපේ පස්සෙන් ආවේ නැහැ. අපි වැරදි වැඩ කරයි කියලා සමාජයේ මතයක් තිබුණේ නැහැ. වැඩිම වුණොත් පිරිමි ළමයෙක් සිගරැට් එකක් බොයි. එහෙමත් නැත්නම් බීඩියක් බොයි. එහෙම නැතිව කුඩුවත් ගංජාවත් ඒ කාලේ ළමයි බිව්වේ නැහැ. ගෑනුන් එක්ක කාමරවලට යන යුගයක් ඒ කාලේ තිබුණේ නැහැ. ගෑනු ළමයි එක්ක පිරිමි ළමයි රූම්වලට යනවා අපි දැකලාවත් තිබුණේ නැහැ.”

'ගින්නෙන් උපන් සීතල' ඇවිළවූ අනුරුද්ධ ජයසිංහ කියා තිබුණේ...........
හැබැයි එහෙව් අහිංසක තරුණ පෙළකට රස්සා තිබුණේ නැත. එතකොට වැඩියෙන්ම, පුද්ගලික අංශයේ රස්සා තිබුණේ ‘කඩුව වනන’ අයටය. පේව්මන්ට් එකේ රජ වෙන්න යද්දී ‘කොටුව දුම්රිය ස්ථානය’ට ටිකක් මෙහායින් තිබුණු රැකීරක්ෂා කාර්යාලය ළඟ හැමදාමත් ලොකු සෙනඟ පොදියක් තිබුණේය! ඇහැට-කනට පෙනෙන ගෑනු ළමයින්ට නම් ඒ කාලේ දේශපාලුවන් තානායම්වලදී පත්වීම් දුන් කතන්දර එමට අහන්නට ලැබිණි. ඒ එදාය.

මේ මෙදාය. 2019 ය.

මධුසමය ගත කරන්නට ගිය යුවලක් ආපසු පැමිණෙන අවස්ථාවේ ඔවුන් පිළිගන්නට ගිය මිතුරා දුටුවේ වියවුල් ගතියකින් යුතුව ඉන්නා මිත්‍රයායි. මිතුරා සමඟ තනි වුණු පළමු මොහොතේම ඔහු ඒ ගැන විමසුවේය. “මොකද මචං අප්සෙට් මූඩ් එකේ? අවුලක්ද.”

“ඒක නේන්නං මචං. Rest House එකේදි ගේම ඉවර වෙච්ච ගමන්ම මං වයිෆ් කාරයට 5000/= ක් දුන්නනේ!” අලුත් මනාලයා කීවේය.
“ගම කාලා! ඒකද අවුල?”
“නෑ මචං. මේකයි අවුල. ඒකි නොකර සද්ද ඇඳෙන් බැහැලා ගිහින් තුන්දාහක් ආපහු මට දුන්නනේ -මෙන්න ඉතිරි- කියලා!”

රෙස්ට් හවුස් එකේදි 'ගේම' ඉවර වෙච්ච ගමන්ම මං.......................
ඒ වර්තමානය කියවෙන ප්‍රබන්ධයකි. හැබැයි ඇත්තක්ම වෙන්නටත් පුළුවන් එකකි. කුමරි බඹසර, කුමර බඹසර, පතිවත, පතිනිවත සේරම ආගිය අතක් නැත! මතකයිනේ, ඉස්සෙල්ලත් අපි ඒවා ගැන ගොඩක් කතා කළා?

ඉතින් දැන් අප, ආපහු 71 ට යා යුතුය!

“සමසමාජකාරයෝ චයිත්තිය කඩලා ගඩොල් ගන්නවා කිව්වා. ආගම අබින්ය කිව්වා. දැන් චේගුරාකාරයෝ මොකක්ද මේ කරන්න හදන විනාසේ?” අපේ ආච්චි දෙස්-දෙවොල් තිබ්බාය. සාප කළාය. ඔවුන් කරන්නට හදන දේ මොකක් වුණත්, අපට නම් ලොකුම විනාශයක් කඩා වැටිලාය! මං කළ රස්සාවට තිත තියන්නට වෙලාය; ඉඳියාප්ප බිස්නස් එක නවත්තන්නට වෙලාය.

ඇඳිරි නීතිය වැටෙන වෙලාවක්, කලබලයක් ඇතිවෙන වෙලාවක් කල් තියා කියන්නට පුළුවන් කාටද? 

“එහෙම කිව්වත් ගුණේ මේ පොඩි එකාව පාරේ බස්සලා යවන්න පුළුවනිද. මූවත් චේගුරාකාරයෙක් කියලා අල්ලන් ගියොත්..... ඔය රට පෙරලන්න ගිහින් අහුවෙන තරමක් අහුවෙන්නේ රැවුලවත් වැවිල නැති ගැටව්ලු නේද? අනේ පුතේ......... ඉඳියාප්ප කෙරුවාවට වැඩිය ලොකු නැද්ද ජීවිතේ. ඔන්න ඕක අල්ලලා දාපං.” ආච්චී තාත්තාට බාගයකුත්, මට බාගයකුත් කිව්වාය.

අපේ ආච්චිගේ අර්ථකථනයට අනුව නම් එය ‘චේගුරාකාර කොල්ලන් විහින් නැහෙන්න හැදූ වෑයමකි’.
අපේ ආච්චී කැපුවත් නිල් ජාතියේ එක්කෙනෙකි.........
“..... ඉස්සෙල්ලා බණ්ඩාරනායක මහත්තයාව මරාගත්තා. ඊළඟට මැතිණියටත් රට ආණ්ඩු කරන්න නොදී කරන්න හදපු විනාශේ..... මුන්ට හොඳක් නම් වෙන්නේ නැහැ මේ කරන අපරාදෙට.”

පමුණුව හරියෙනුත් කිහිප දෙනෙක්ම අත්අඩංගුවට පත්විණි. පසු කාලයක, ස්ථිර තැන්පතුවේ සල්ලි සේරම රේස් බයි රේස්වලට දියකර වහත් බීලා- බෙල්ලෙත් වැල දමාගෙන -ළිඳටත් පැනලා දිවි නසාගත් RPR මතකද? රේස්වලින් රේස් එකට පිම්මක් 3 පෝස්ටුවේදී කියුවේ. එයා එක්කෙනෙකි. චන්දන උද්‍යානයේ ක්ලෝඩ් තව එක්කෙනෙකි. මහරගම පාසල්වලිනුත් ගොඩක් කට්ටිය අත්අඩංගුවට අරගෙනය.

“අන්න, දේව බණ්ඩාරත් හිරබාරේට අරන්..... හොඳටම ගහලා, හෙළුවැල්ලෙන්ම හංදිය පුරා පාරක්-පාරක් ගානේ ඇවිද්දෙව්වලු!” අපේ තාත්තා ආරංචියක් ගෙනාවේය.

“....... ඔව් ඔව්, මට මතකයි. එතකොට සිංහලෙන තිබුණේ හයිලෙවල් පාරේ. ඒක අයිතිවෙලා තිබ්බේ දේව බණ්ඩාර සේනාරත්නලාට.” දිව්‍ය අංගනි සේ 3 පෝස්ටුවෙදීත් දයාබර රසික ඔබට ‘මහරගම පුරාණය’ හෙළිදරව් කරන්නට පිවිසුණු ඩබ්ලිව්.ජේ. සෝමදාස ගෝමස් මහත්තයා මට උත්තර දෙමින් කිව්වේය. මගේ මතකයේ ඡායාමාත්‍ර ලෙසින් ඇති දේවල් නම්, හොයා බලලාම තහවුරු කරගෙන ඉවරවෙලා ලිවීමය මගේ සිරිත!

වික්ටර් බණ්ඩාර සේනාරත්න හැදූ වෙල්ලස්සේ වෙඩිහඬ වේදිකා නාට්‍යය...............
“මතකයිද මහරගම පරණ පාරේ තිබ්බ ඩියුක් කොලේජ් එක..... අර ජෑම් ගහක් මිදුලේ තිබ්බේ?” මනසින් එතැන මැවෙද්දී ඒකට බාධා කරන්නේ, දැන් ඒ ඉසව්වේ තිබෙන ‘සතොස’ වෙළෙඳ සලයි.

“හරියට හරි. නිමල් ඔහොම කියද්දී සේරම මතක් වෙනවනේ. ඒක රෙජීගේ. ඒ කාලේ මහරගම ලොකුම ෆාමසිය අයිති වෙලා තිබුණෙත් එයාලට. ඔයා කිව්වා හරි. ඒ රෙජීගේ දුව දයානි තමයි සේනාරත්නලගේ අයියා; සිසිරත් එක්ක යාළුවෙලා බැන්දේ!” 

ඒ කාලයේ සිංහයා සිසිල් බීම කොම්පැණියේ මහරගම අලෙවි නියෝජිතයා වුණේ ‘සිංහ ලෙන’යි. ඒක අයිති වෙලා තිබුණේ දේව බණ්ඩාර සේනාරත්නලාටය. පසු කාලයක ‘වෙල්ලස්සේ වෙඩිහඬ’ වේදිකා නාට්‍යය හැදූ වික්ටර් බණ්ඩාර සේනාරත්නත්, සිසිරත්, දේව බණ්ඩාරත් සොහොයුරන්ය. 71 දී මහරගමින් අහුවුණු ‘චේ ගුවේරා’ දළකාරයන් අතර දේව බණ්ඩාර ඉහළින්ම හිටියේය.

ඒකෙත් හැටි! ඒ කාලේ ජනප්‍රියම සිසිල් බීම කොම්පැනි දෙකකි. අලියා එක හා සිංහයා එක. තවමත් ඉහළින් ඉන්නේ නම් 'එලිෆන්ට් හවුස්' එකය. එතනදී Lion එක පස්සෙන් වගෙය.

“මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට අපලයි. රංජි, උඹත් ඉන්න වයස හොඳ නැහැ. පොඩි එකා වගේ පේන එක විතරයි වාසියට හිටියොත්. කොයිකටත් උඹ කොහෙවත් යනවා හෙම නෙවෙයි. ගෙදරම ඉන්නවා මිසක්.” එදා; එවේලේ ඉඳලා මාවත් නිවාස අඩස්සියට වැටුණේය.

මේ කාලේ තරුණ කොල්ලෝ-කෙල්ලන්ට හොඳ කාලයක්............
බැටරි කෑලිවලට වියදම් වුණත් ඒ දවස්වල අපේ ‘Devilo’ ට්‍රාන්සිස්ටරේ දාපු ගමන්මය.

ඒ ඇරුණාම නුගේගොඩ ඇන්ටිගෙන්ය ආරංචි ගොඩක්ම ලැබුණේ. මීන  සංහාරය, අජාසත්ත 3 වගේ පෝස්ටු ගණනාවකදීම කියූ කොටුවෙ ආච්චිගේ පුතා; මට ඩීමන් ආනන්දගේ මාරක කතා කියූ, චන්දරේ මාමාත් හිරබාරේට අරන්ලු. 
“මේ අම්මණ්ඩි තමයි දවසකටවත් ගෑනි. අච්චර වෙලා මෙහාට ගොඩ වැදිලා ඉඳලත් නිකමටවත් කිව්වද? චන්දරේ විතරක් නෙවෙයි තව මුණුබුරෙකුත් අල්ලලා. සුමනේගේ පුතා..... රාජපක්ෂ. සොපිහාමි නෙවෙයි කටේ කෙළ බිම හැලුවේ.” 
ඒ ප්‍රවෘත්ති විකාශ අපේ ආච්චිගේ ඒවාය.

තරුණ පරම්පරාවටත් වැඩියෙන් ‘රටේ කලබල අපලය’ බලපෑවේ අපටය. අම්මා දිගටම රස්සාවට ගියත් ගෙදරට වියදම් කළේ අත දිගහැරලා නොවේ. ඉච්චිකමෙනි. වැඩියත්ම අසහනයෙන් හිටියේ මාය. නංගිලා මල්ලිලා විතරක් නොවේ, මාත් උන්නේ ‘අඩහ කෑම දහස් වටී’ කියමන අදහන්නා වගෙය. හැබැයි කැමැත්තෙන් නොවේ.

ඒත් හැමදාම වාගේ වෙන විදියටම ඒ වෙලාවෙත් දෙවියෝ අපේ මුහුණ බැලූහ!

“රංජි.... See හාමුලගේ ගෙදර ස්මොක් කරන්න ඇඳුම් ගොඩක් තියෙනවා. විකුණන්න හදන ඒවානේ. ඔයාටත් පුළුවන් වෙයි ටිකක් මහනවා නම් ගානක් හොයාගන්න.” අපේ අම්මා යෝජනාවක් ගෙනාවාය. 

ඒ වෙද්දීත් අපේ ආච්චී මට කොණ්ඩ කැවුම් බැදීම, පොල් අතු විවීම, කතිර මැස්ම, ස්මොක් කිරීම විතරක් නොවේ; රේන්ද ගෙතීමත් උගන්වලා තිබිණි. ආච්චීට හිටියේ එකම පුතෙක් හින්දාත්, ඌ එකා යකා වෙච්චි එකක් හින්දාත් තමුන් දන්නා සියලුම ශිල්ප-සාස්තර කියා දෙන්නට උන්දැ තෝරාගත්තේ මාවය!
මේ තියෙන්නේ 'ස්මොක්' - smock කළ ඇඳුමකි. හැබැයි මෙය 'හෑන්ඩ් මේඩ්' නොවේ. දැන් පන්නෙට මැෂින්වලින්ම කළ එකකි.
ආදායමක් ලැබෙනවා නම්....! මම එකක් ගෙන්වා ගත්තෙමි. ඒ කාලේ ළමා ඇඳුම්වලට ස්මොක් කිරීම ජනප්‍රිය මෝස්තරයකි. මෝස්‌තර, මල් මහන්නට කලින් රෙද්ද රැලි හිටින විදියට නූල් ඇද ගන්නට වෙයි. ඒකට සෑහෙන වෙලාවක් ගත වෙයි. 
වෙලාව ගතවුණත් මට වැඩේ එපා වුණේ නැත. See හාමු මගේ ‘මැහිල්ල ගැන’ සැටිස් වෙලා බව පෙනුණේ කැපූ ඇඳුම් හා නූල් තොගයක්ම එවා තිබුණු එකෙනි. 71 කැරැල්ල සමයේ ස්වයං නිවාස අඩස්සියේ ඉඳිද්දී මට ගෙදර ඉඳන් කරන රස්සාවක් ලැබුණේ එහෙමය!

“See හාමුට රංජිගෙ වැඩ දැකලා එයාවත් දකින්න ආසයිලු! දවසක එක්ක එන්න කිව්වා!” අම්මා දවසක් කියාගෙන ආවාය.

“අනේ මේ, එයාලගෙ ආසාව පස්සේ ඉෂ්ට කරන්න තියාගනින්. මේ කාලේ හෙම කොල්ලව කොහෙවත් එක්ක යන්නේ නැහැ.” තාත්තා අම්මාගේ ඇඟට ගොඩවුණේය. ඒ මාව ආරක්ෂා කරගන්නට වෙන්නැතිය. අනෙක් අම්මලා තාත්තලාගේ දරුවෝ දරුවන් නොවෙයිද? එයාලා රැකෙන්නට ඕනේ නැතිද?

මතක් වෙද්දීත් ලජ්ජාවෙන් ගත කිළිපොලා යන කතාවක් දැන් හෙළිදරව් කළ යුතුය.
අපේ චූටිම නංගි; කමලා සංජීවනී උපන්නෙම අංගවිකල දැරියක විදියටය!
අපේ චූටිම නංගි; පවුලේ දසවැන්නිය; කමලා සංජීවනී අංගවිකලවී ඉපදීම ගැන මාත් බාගයක් වගකිව යුතුය. ඒ බව ඔබ ඉදිරියේ ගස්සලා යවමුද පෝස්ට්වලදී පාපෝච්චාරණය කළෙමි. කොටුවෙ ආච්චිගේ කොරටුවේ කානුව නිවහන කරගෙන හිටි සිය ගණනක් මාළුන් සමූල ඝාතනය කළ හැටි මීන සංහාරයේදී කියා හිත නිදහස් කරගත්තෙමි. හිතට බරක් නොවුණත්, ගෙදර හැදූ කුකුළන් හා කළුකුම්ලාගෙ ශීර්ෂච්ඡේදනය කළ හැටි ‘සැවුළු සංහාරයේදී’ ඔබ සමඟ කිව්වෙමි. ‘ත්‍රිත්ව මිනිස් ඝාතනයකටත් හවුල් වුණෙමි!’ කියලාත් පෝස්ටුවක් ලියවෙන්නට ඉඩ තිබුණු බව දැන් සිහි වෙයි. මගෙම වාසනාවට ඒ ඛේදවාචකය නූලෙන් නැවතුණේත් මේ වකවානුවේය.

“රංජි, ගනින් කොළේකුයි, පෑනකුයි.” දවසක් හැන්දෑවේ තරහෙන් පුපුරමින් ගෙදර ආ තාත්තා මට කීවේය. ඒවා අතට ගත්තා විතරය. “මං  කියන ඒවා ඔය කොළයේ ලියපං, හැබැයි වමතින්....”

ලියුමේ අන්දරය ඊළඟටය.



පසුගිය මාසයේ වැඩිම පිවිසුම්