li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, August 12, 2018

පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස


අක්කොධෙන ජිනෙ කොධං - අසාධුං සාධුනා ජිනෙ
ජිනෙ කදරියං දානෙන - සච්චෙන අලිකවාදිනං

මං ඒ ගාථාව ඉගෙනගත්තේ අපොස සාපෙට උගනිද්දීය. ඒ දවස්වල අපි ඒවා කටපාඩම් කළෙමු. මට නම් ඒවා තවමත් මතකය. එව්වා අපේ ජීවිතයට එළිය දෙන මිණි පහන්ය. මට හිතෙන්නේ ලොකු-ලොකු විස්ස විජ්ජාලවලට, පිටරටට හෙම ගිහින් ඉගෙනගෙන එද්දී ඒ වගේ පුංචි පහේ දේවල්; සිල්ලර හොඳකම් ගොඩක් අයට අමතක වෙනවාවත්ද කියලාය.

ක්‍රෝධ කරන්නා දිනාගන්නට නම් මෛත්‍රී කළ යුතුය. අසත්පුරුෂයා සත්පුරුෂකමින් දිනිය යුතුය. මසුරා නොමසුරුකමිනුත්, බොරු කියන්නා සත්‍යය පැවසීමෙනුත් දිනිය යුතුය. ගාථාව විතරක් නොවේ, අර්ථයත් ඔළුවට ගත්තාම එව්වා ජීවිතයේම කොටසක් වෙයි.

ඒ නිසාද මන්දා මට ස්ටැන්ලි තිලකරත්න මහත්තයා ගැන එතෙක්- මෙතෙක් කවදාවත් තරහක් දැනී නැත!

ස්ටැන්ලි තිලකරත්න මහතා
ස්ටැන්ලි තිලකරත්න මැතිතුමාට 1970 දී මොකද වුණේ?

ස්ටැන්ලි මහත්තයා 1970 ජුනි 7 සිට 1977 මැයි 18 වෙනිදා දක්වා ගරු කථානායක ධුරය ඉසිලූ වැදගතෙකි. ඒ දවස්වල මහරගම කියා චන්ද කොට්ඨාශයක් තිබ්බේ නැත. මහරගමත් අයිති වුණේ කෝට්ටේටය. 

1970 මැතිවරණ සමයේ වේදිකාවකදී අච්චර උගත්, වැදගත් මහත්තයා මේ පඟර නැට්ටාට 'හිඟන කොල්ලා' පට්ටමෙන් බැණ අඬ ගැහුවේය! එය මට අවනම්බුවක් වුණේ නම්  නැත; ගෞරවයක් වුණා මිස.

එහෙම බැණුම් අහන්නට වුණේ මාත් දේශපාලන හෙංචයියෙක් වුණු නිසාය. බල්ලොත් එක්ක ලගින්න ගියාම මැක්කොත් එක්ක නැඟිටින්න වෙනවානේ! ඒ නිසා ඒ ‘බලු ලැගුම්’ කතාව වෙනම කියන්නට තියමු නේද? පේව්මන්ට් එකෙන් පස්සේ......

අර වනිතා විත්ති ඉල්ලීම ලියූ රචකයා මා පාසල්වලත් නැටුව බවක් ලියා තිබිණි. එව්වායේ විතරක් නොවේ, පන්සල්වලිනුත් මට ඇරයුම් ලැබිණි. එහෙම අවස්ථා කිහිපයක් ගැන දැන් කියන්නට තිබෙයි.

එකක් හබරකඩ පන්සලකය. මට එහි නම අමතකය. එහෙත් මාව එහාට කැඳවූයේ හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවන් වහන්සේ බව හොඳටම මතකය. උන්වහන්සේත් ඒ දිනවල මහරගම විවේකාරාම පන්සලේ නැවතී උන්හ. යළිත් මට එතුමන් මුණ ගැහුණේ කථික තරගාවලියක විනිශ්චය සඳහා ආනන්ද මහ විදුහලට ගිය විටෙකය. උන්වහන්සේ දකින ඕනෑම කෙනෙකුගේ චිත්තයේ පහන් හැඟීමක් ඇති වෙයි. ඒ තරමටම පිං පාටය. එසේම කරුණාවන්තය.
  
හබරකඩ ඉන්ද්‍රරතන හිමිපාණෝ
ඒ පන්සල් ගමනටත් වඩා නොමතක ගම්පහ පැත්තේ පන්සලකට ගිය ගමනය. පිංකම තිබුණේ රාත්‍රියේය. මගේ තනියට ගියේ ලකීය. (එහෙම බලද්දී මාත් එසේ-මෙසේ කෙනෙක් නොවේ. ඒ දවස්වල මාව එහෙ-මෙහෙ යැව්වේ කවුරුන්ම හරි ‘බොඩිගාඩ්’ කෙනෙකුත් එක්කය.)

අපි දෙන්නා හවස හතරට විතර නියමිත පන්සලට ළඟා වුණෙමු. අපව කැඳවූ කෙනා 'යං තේ එකක් බොන්න' කියා ඉස්සර වුණේ අප 'හා' කියන්නත් ඉස්සෙල්ලාය.

එය පිටිසර ගමක තිබූ පුංචි කඩයකි. කඩයක්ය කිව්වාට පැත්තක හෝටලයකුත්ය. අපේ 'අථිථි සත්කාරකයා' අපව වාඩි කෙරෙව්වේය. 'හරක් මස් කනවනේ?' කියා අපෙන් ඇසුවේය. අප උත්තර දෙන්නත් කලින්ම 'හරි. එහෙනම් මුඩ්ලියර් අපි තුන්දෙනාටම මස් හොදියි, රෝස්පානුයි දෙන්න.' කියා කිව්වේය. 

ඔහු හරිම 'ක්වික්ය'. ප්‍රශ්න අහන්නේ කඩිනමින්ය. උත්තරය දෙන්නත් කලින්ම ඒක බාරගෙනත් ඉවරය.

එය පිටිසර ගමක තිබූ.......
මම සර්ව භක්ෂකයෙක්මි. ලකීත් එහෙමය.

අපි මදියි නොකියන්නම ඒ මස්, පාන් දෙවගෙට වග කිව්වෙමු! මට නම් එදා මුඩ්ලියර්ගේ මස් හොද්දේ රස, සුවඳ තාමත් දැනෙනවා-දැනෙනවා මෙනි! ගෙදර ඇවිත් මා එය කොතරම් වර්ණනා කළාද කියතොත් අපේ තාත්තාට හිතුණේ ඔහුට මදි-පුංචිකමක් කරනවා කියලාය.

'යකෝ, කඩවල්වල කොහෙද හොඳ හොදි? ගොඩ හොදි මිසක්. හිටපන්කෝ මාත් මස්වලින් ගොඩ හොද්දක් හදලා දෙන්න, උඹේ දොළදුක යන්න.' තාත්තා අභියෝගය බාරගත්තේ එහෙමය. 

ඒ විදියටම ගොඩ හොද්දක් හැදුවේ ලකීත්, මාත් දෙන්නාම කියූ විස්තරවලට අනුවය. මොන? ඒක මුඩ්ලියර්ගේ මස් හොද්දට අලගු තියන්නවත් බැරි තරම් නරකය. පුදුමය කියන්නේ මාත් කිහිප වතාවක්ම මිරිස්, තුනපහ අඩු-වැඩි කරමින් දමා ඒ හොද්ද හදාගන්න ට්‍රයි කළත් තවමත් හරි නොගිය එකය.

ඉස්කෝල ගැන කියනවා නම්, මා ගැන දැනගත් උතුම් ගුරු මහත්මයෙක් මහරගම බුවෙනකබා විදුහලේ උන්නේය. 

එඩ්වඩ් ලොකුලියනගේ. හතර රියන්, ඍජු, කඩවසම් ගුරුතුමා තෝරාගෙන තිබුණේ ගැළපෙනම රස්සාවය. නැටුම් ගුරුකම.

නැටුම් ගුරුකම......
බුවෙනකබාවේ තරුණ සිසුවන් කිහිප දෙනෙකුත් අපේ නාට්‍යවලට (තවම එව්වා ගැන ලිව්වේ නැත. ලියා ඇත්තේ මුල්ම නාටකය වූ අජාසත්ත ගැන පමණි.) සම්බන්ධවූ විට එඩ්වඩ් සර්; නැටුම් සර් අපේ ගෙදරත් ආවේය. (අකල් මරණෙකට හවුල් වී-1 පෝස්ටුවේදී ඔබට හමුවුණු උදේනි අල්විස් මට මුලින්ම මුණ ගැහුණේ නැටුම් සර්ගේ ගෙදරදීය.)

"ගුණපාල අයියේ, මේ කොල්ලව එවහන් අපේ ඉස්කෝලෙට හවසට පැය භාගයක් විතර. මං මේ කොල්ලට නැටුම් ටිකක් කියලා දෙන්නම්." නැටුම් සර් අපේ තාත්තාට කිව්වේය.

මං විද්‍යාකරේ ඉගෙනගත්තත් බුවෙනකබාහු එකෙන් නැටුම් ඉගෙනගත්තේ එහෙමය. හැබැයි දිගට නැටුම් කරලා එඩ්වඩ් සර්ගේ නම ගෙනිච්චේ නැත. මා නැතත් එසේ අපූරුවට නැටුම් කළ සිසුවියක් ගැන දැන් මතක් වෙයි. බියට්‍රිස් බටපොල. එඩ්වඩ් සර් හැදූ 'මැණික්පාලි' නාට්‍යයේ ප්‍රධාන නිළිය ඇයයි.

ප්‍රවීණ සංගීතඥ රෝහණ වීරසිංහයන්ගේ පාදපරිචාරිකා චරිතයෙන් පස්සේ ඇය වේදිකාවේ රඟපෑම අත් හැරියා විය යුතුය.

බියට්‍රිස් බටපොල සැමියා හා දෙපුතුන් සමඟ 
සමහර ස්වාමි පුරුෂයෝ බිරින්දෑවරු රස්සා කරනවට අකැමැතිය. අපේ තාත්තාත් ඒ ආකල්පය දැරූවෙකි. ඒත් ඉස්තාලය වහන්නට හැදුවේ අශ්වයා පැනලා ගියාට පස්සේය. “රංජි, හොඳට මතක තියා ගනින්. කවදාවත් රස්සාවක් කරන ගෑනියෙක්ව බැඳගන්න එපා. රස්සාවට යන ගෑනියෙක්ව බැන්දත්, බැන්දට පස්සේ ඒකට යන්න දෙන්න එපා. එතකොට ගෑනුන්ව මේච්චල් කරන්න අමාරුයි...” ඔහු මටත් කිව්වේය.

අපේ ගෙදරදී නම් ඒක වුණේය. ඒ අම්මාත් රස්සාවක් කරන්න ගත්තාට පස්සේය. ම් ම් ම් .... මේ කොටන්නේ ‘පදික වේදිකා...’ පෝස්ටු මාලාවේ අටවැන්නයි. අම්මා ගැන වෙනම කියන එක ලෙහෙසිය. ඊටත් එඩ්වඩ් නැටුම් සර් ගැන කියන්නත් ඕනිනේ. ආයෙම එතනට යන්නෙමි.

නැටුම් සර්ගේ ප්‍රියම්බිකාවත් ගුරුවරියකි. ඉගැන්නුවේ තලපත්පිටිය සිද්ධාර්ථ ඉස්කෝලයේය. මා ගැන දැනගත් ඇය එහි විවිධ ප්‍රසංගයක් තියෙන දිනයක නැටුම් අංගයක් ඉදිරිපත් කිරීමට මා ගෙන්වා ගත්තාය. ගුරු මණ්ඩලයෙන් සෑහෙන මුදල් ආධාරයකුත් මට එකතු කර දුන්නාය.

"නිමල් පුතේ, ඔයා ඉස්කෝලේ යනකල්ම මං හැම මාසෙම ඔයාට රුපියල් දහයක් දෙනවා! මගේ පඩි දවසේ හවස ඔයා අපේ ගෙදරට ඇවිත් ඒක ගන්න ඕනා!" අපේ පවුලේ විස්තර අසාගත් ඒ පාසලේ එක ගුරු මහත්මියක් මට කිව්වේ එදාය.


කල්පනාවක් එදා මට ....
ඇය දිගටම ඒ පොරොන්දුව ඉටු කළ බවත් නොකියාම බැරිය. 

තවත් මගේ අකෘතඥකමකි මේ; අවුරුදු ගණනක් ඒ ගුරු මහත්මියගේ ගෙදරට ගියත්, ආධාරය ලැබුවත් ඇයගේ නමවත් අසාගත යුතු යැයි කල්පනාවක් එදා මට නොවිණි. තවමත්, අදත් සමහර වේලාවන්හිදී කළ යුතුම දේවල් පවා මට මඟ හැරෙයි. 

‘අනේ, ඒක මෙහෙම නේද කරන්න තිබුණේ’ කියලා හිතෙන්නේ පස්සේය. මෝඩකමට බෙහෙත් නැතැයි කියනවානේ!

අඳුනන අය පන්සල්- ඉස්කෝල වැනි තැන්වලට මා ගෙන්නා ගත් විදියටම, ඒ දවස්වල මට රජ වෙන්නට හොඳ තැන් ගැන ‘අයුරු’ කිව්වේ පේව්මන්ට් සගයන්ය. ඒ කාට-කාටත් මා තමන්ගේම දරුවෙක් විය. අද මුලින්ම කියූ ‘පාර්ලිමේන්තුවේ කථානායකතුමාට’ වඩා ඉදිරියෙන් ඒ හැමෝම හිටියා නේදැයි කියා හිතෙන විටත් පුදුමය.

පේව්මන්ට් මාමලාගෙන් ඔත්තු ලැබී මා ගිය තැන් බොහොමයකි. හෝමාගම පොළ, පාදුක්කේ පොළ හා කිරිවත්තුඩුවේ පොළ එවන් තැන් තුනකි. එයින්ද තෙවැන්න විශේෂය. 

කිරිවත්තුඩුවේ පොළ තිබුණේ වෙළෙඳුන් වෙනුවෙනි; ගම්වැසියන් සඳහා නොවේ. එහෙම කියන එකත් වැරැදිය. එහෙනම්....? හරි. මෙහෙම කිව්වොත්. ගමේ උදවිය ඒ පොළට ආවේ තම-තමන් වවන, හදන දේවල් විකුණා ගන්නටය. පිට තැන්වලිනි ගැනුම්කරුවන් ආවේ.

මේ 1938 දී බොරැල්ල මාර්කට් එකය. 1968 දී කිරිවත්තුඩුවත් මෙහෙමය...
උදේ රැයින්, හතර- හතරහමාර වෙද්දී පොළ ඇරඹෙයි. හත වෙද්දී මිනිස්සු ඇත්තෙම නැති තරම්ය. ඒ මා දුටු විදිහය! දැන් කොහොමද කියා ගිහින් බලන්නට හිතෙයි. ඉඳහිට ගිය නිසාදෝ එකල මා එහි ගිය හැම දවසකම ‘අස්වැන්න’ සරු වුණේය.

“පිටෝටුව, පිටෝටුව...සීට් තියෙනවා! නඟින්න...” ඔන්න දැන් වමට සිග්නල් දමා දකුණට හරවනවා. ඒ ආපහු පිටෝටුවට යන්නය.

අජිත් අයියා! බාබර් අජිත්! හිටියේ පිටකොටුවේ, පස්වෙනි හරස් වීදියේ සැලූන් එහෙකය. ඇන්දේ සුදුම සුදු සරමක් හා සුදු කමිසයකි. 

මට  නම් අජිත් අයියාව පෙනුණේ දමිල නළුවෙකු වාගේමය. කොණ්ඩය පොකුටුය. උඩු රැවුල සිහින්ය. පැහැපත් පාටය. උසට සරිලන මහතය. ඉතා ප්‍රියමනාප පෙනුමකි, අජිත් අයියාට තිබුණෙත්. ඒ පෙනුම නිසාමත්, මෘදු සංවර කතා ලතාව නිසාත් ඕනෙම කෙනෙක් ඔහු හා මිතුරු විණි කියලාය මට හිතෙන්නේ.

ඔහුගේ තරුණකමට නොගළපෙනවා වාගේ පෙනුණේ එකම දෙයකි. තිස්සෙම විටක් හැපීමය.

අපේ තාත්තාත් අජිත් සමඟ කුළුපග විණි. තාත්තාත් මා සමඟ කොළඹ ආවොත්, මා පස්වෙනි හරස් වීදියේ රජ වෙන අතරේ ඔහු කාලය ගෙවා දමන්නේ අජිත් එක්කය. සැලූන් එකේය.

“රංජි, ඔන්න උඹට චාන්ස් එකක් වදින්නයි යන්නේ. අජිත් එයාලගේ ගමේ පන්සලක තියෙන පින්කමකට උඹව එක්ක යනවලු. නාට්ටියකුත් පෙන්නලා, මල් වට්ටියත් උඹ ලව්වා වෙන්දේසි කරවන්නයි යන්නේ.” තාත්තා කීවේ මට ලොකුම ලොකු වාසියක් වෙන්න යනවා වගේ අඟවමිනි. ඒ චාටු කතා නම් මට අරහංය. ඒත් එහෙම වෙලාවට මං කට ගහගෙන යන්නෙත් කලාතුරකින් විතරය.

ගමේ පන්සලක....
පිංකම තියෙනවා කීවේ පෝය දවසකය. අජිත්ව තාත්තාගේ හිතට අල්ලා තිබුණු හින්දා මා එක්ක බොඩිගාඩ් කෙනෙක් යවන කතාවක්, සූදානමක් තිබුණෙත් නැත. “මහ දුරක නෙවෙයිනේ. අතුරුගිරියනේ.... අජිත්ම එනවා කිව්වා එක්ක යන්න. උදේට උඹව බස් එකට නග්ගවයි. තනියම එන්න බැරි මොකෝ, කොළඹත් තනියම යන එකේ!”

ඉතින් අපි; අජිත් අයියාත්, මාත් ගියෙමු. අතුරුගිරියට. පිංකම සාරෙට තිබුණි. නාට්‍යය රඟපා, ඊටත් පස්සේ මල් වට්ටියත් වෙන්දේසි කර හමාර වෙනකොට මගේ හොඳ පණ ගිහින් අහවරය. කෑම-බීමවල නම් කිසිම අඩුවක් තිබුණේ නැත. ලොකුම අඩුව නිවනක් නොතිබීමයි. නින්ද!

නමේ හැටියටම මම නිදිකුම්බයෙක්මි. ඒ දවස්වල මහරගම සිට බසයක නුගේගොඩට යනවිටත් මා නින්දට වැටී අහවරය. මරනවා කීවත් නොනිඳා හිටින්නට නම් බැරි ගණනය. “අනේ අජිත් අයියේ, දැන් නම් මට හරිම නිදිමතයි. තව වෙලා යයිනෙ පිංකම ඉවර වෙන්න.” මම කෙඳිරි ගෑවෙමි.

පෙනුණේ නම් අජිත් අයියා පිංකම ඉවර වෙන තුරුම පන්සලේ ඉන්නට හැදූ බවකි. 

ඒත් අන්තිමේදී ඔහු මාවත් කැන්දාගෙන පිටත්ව ආවේය. රාත්‍රිය ගත කරන්නට සූදානම් කර තිබුණු කාමරයට ආවා මට මතකය. මුහුණ කටවත් නොසෝදා එහෙමම පැදුරට වැටුණාත් මතකය. කොච්චර වෙලාවක් ගියාද කියා නම් අමතකය. 

ඒත් වැඩි වෙලාවක් ගියා වෙන්නට බැරිය.


කාගේදෝ මුහුණ මගේ මුහුණේ ඇතිල්ලෙයි! මට ඇහැරිණි. ඔව්! මේ හීනයෙන් නොවේ. හැබැහින්මය. කවුදෝ මා සිප ගනී. මට මතක විදියට නම් නිදා ගන්නට ආවේ අප දෙදෙනා පමණි. තව කවුරුන් හෝ කාමරයට ඇවිත්ද?

‘අජිත් අයියේ, අජිත් අයියේ.” මා හයියෙන් කෑ ගැසුවා මට මතකය. එතකොටම කවුදෝ මගේ කට මිරිකුවේය. කට්ට කරුවලේ ඒ කවුරුන්දැයි අඳුනාගන්නේ කොහොමද? ‘සද්ද කරන්න එපා’ හඬක් නැඟිණි. ඒ අජිත් අයියාද? බය බිරාන්තයෙන් මොහොතක් ගෙවිණි. “අනේ අජිත් අයියේ.... අජිත් අයියේ... මට ගෙදර යන්න ඕනේ” මම කොඳුරා කීවෙමි.

ඊළඟ නිමේෂයේ මා ළඟ හිටි කෙනා ඈත්ව යන බව දැනිණි. තවත් විනාඩියක් දෙකක් ගෙවී ගියේ කල්පයක් වාගෙය. “අජිත් අයියේ!” මා කීවේ තරමක් සෙමින්ය. “මට දැන්මම ගෙදර යන්න ඕනේ!”

ගිනිකූරක් ගහනවාත්, එළියෙන් කාමරය පිරෙනවාත් එක්කමය මට හුස්ම වැටුණේ. “ඇයි, ඔයා හීනෙන් බය වුණාද?”

ඇත්තමයි, නින්ද ගැන කොටමින් හිටි නිසාද මන්දා ‘නිදි දෙව්දුව’ මා සමීපයටම ඇවිත්ය. මේ පෝස්ටුවේ දිගත් ඇති-ඇති කියා හිතෙයි. ඔන්න මං නිදි! නැඟිටලා.....

2 comments:

  1. හබරකඩ ඉන්ද්‍රරත්න හාමුදුරුවො අපි ආනන්දෙ ඉන්න කාලෙත් ඉගැන්නුව වගේම බෞද්ධ සංගමයත් මෙහෙයෙව්වෙ හාමුදුරුවොම තමයි ... අනික කොයිතරම් මදාවි කොල්ලෙක් උනත් වචනෙකින් මෙල්ල කරන්න පුළුවන් පෞරුශයක් තිබ්බ කෙනෙක්. අවාසනාවකට දැන් අවුරුදු දෙකකට විතර කලින් අපවත් උනා.

    පේව්මන්ට් එකේදි උදව් කරපු සගයන් අර කිව්වත් වගේ පාර්ලිමේන්තුවේ කථානායකතුමාට වඩා හොඳ බව නම් ඇත්ත !

    අන්තිම ඩිංග තමයි බොහොම භයානක :-O

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවෝ ගැන මතක් වෙද්දීත් හරිම නිවුණු හැඟීමක්- පහන් හැඟීමක් තවමත් මට දැනෙන්නේ. එතුමා දැකගන්නට ලැබීමත් පිනක්. ඒ අතින් ඔයාලා මට වඩා වාසනාවන්තයි කණ්ඩො, එතුමාගෙන් ඉගෙන ගෙනත්නේ.

      කතානායකතුමා ගැනත්, අජිත් අයියා ගැනත් මට සිහිවෙන්නේ එක වගේමයි. ජීවිතයේ අත්දැකීම් දෙකක් ලබාදුන්නු දෙන්නෙක්!

      අජිත් අයියා ගැන ඊළඟටත් කියවෙනවා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්