li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, August 16, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දහතුන්වෙනි කොටස

‘බතික් ගෙදර’ කියන නමත් හතර අතේම පැතිරුණා වගෙය. අඳුනන අය වගේම නාඳුනන අයත්; ගැහැනු ළමයිනුත් අපේ ගෙදරට ආවෝය. ගොඩක්ම ආවේ අම්මලාත් එක්කය. ඒ වැඩට ගන්නැයි කියන්නටය. 

වැඩට ගත්තාට විතරක් මදිනේ. වැඩ කරන්නට තැනකුත් ඕනැනේ.

ඒ වෙද්දී අපේ බතික් වැඩ සේරම කෙරුණේ ආච්චිලාගේ ගෙදර ඉස්සරහ කෑල්ලෙත්. අපේ ගෙදර ඉස්තෝප්පුවෙත්ය.

මෙයාලා ලංලෝද, කිඹුලාද?
ඒ කාලය ගැන සිහි කරද්දී රේඩියෝව ගැනත් කියන්නටම වෙයි. තිස්ස දෙවේලේම, අපේ ගෙදර රේඩියෝව තිබුණේ on වුණු ගමන්ය. නප්පියටම සද්දෙටත්ය. 

ඉතින්, ඉක්මනින්ම බැටරි කෑලි මාරු කරන්නට වුණත්, සිංදු අටෝරාශියක් මතක තියාගන්නට අපට හැකි වුණේ රේඩියෝවට පින්සිදු වෙන්නටය.

ගීතයක ආමුඛ සංගීතය යද්දීම, ඒ අහවල් ගීතය යයි හඳුනාගන්නටත් අපේ ගෙදර කාටත් හැකියාව ලැබුණේ ඒකෙන්ය. හැබැයි අප ඇහුවේ වෙළෙඳ සේවයයි. ස්වදේශීය සේවය අපේ ඔළුවට උඩින් ගියා වගෙය!

උඩින් තියෙන ෆොටෝ එක (තිබුණේ එකකි. පෝස්ටුවේ යොදන පින්තුර පළලින් වැඩි ඒවා වුණාම වඩා හැඩ බව මගේ හැඟීමය. ඒ නිසාය එහෙම වෙන්නට එක හතරක් කරලා තියෙන්නේ.) එය දුටු විගසම මට මතක් වුණේ ‘කිඹුලා උදලු තල’යි. 

ඉස්සර උදලු තල විකුණාගන්නටත් තරගයක් තිබුණු නිසාදෝ වෙළෙඳ දැන්වීම් පවා ප්‍රචාරය කෙරුණේය.

වම් කෙලවරේ හිටගෙන ඉන්නේ ස්වර්ණලගේ අම්මාය. (වාඩිවී-) ස්වර්ණා, නිදි, වින්සන් අයියා හා හිතවතෙක්........ 
පමුණුවේ, දේවාල පාරේ මල්ලිකා ජයකොඩි අක්කාගේ  ඥාති සොහොයුරියක් වන ස්වර්ණා අපේ බතික් වැඩපොළට ආවෙත් ඒ වකවනුවේය. ස්වර්ණාට වහලේ උළු උඩ යන තරමේ සද්දෙට, high පිච් එකෙන්; උච්ච ස්වරයෙන් සිංදු කියන්නට පුළුවන්ය. එයාගේ අම්මාත් ටවර් හෝල් නිළියකි.

ගීත ගායනය ස්වර්ණාට උරුමවී තිබුණේ අම්මාගෙන් වගෙය.

මෙතැනදී තවත් පීල්ලක් පනින්නට හිතෙයි. තරුණ වියේ ඉන්නා ගායක කුරුල්ලන්ට (song birdsලාට) කිරිල්ලියන් වැඩියෙන් කැමතියිලු!

ෆ්ලොරිඩා විශ්ව විද්‍යාලයේ ජීව විද්‍යා මහාචාර්ය රින්ඩි ඇන්ඩර්සන් කළ අධ්‍යයනයකින් තමයි මේ විත්තිය හෙළිවෙලා තිබුණේ. වැඩිහිටි කුරුල්ලන්ගේ ගීත වඩාත් නිවැරැදිව අනුකරණය කළ හැකි තරුණ කුරුල්ලන් හා සහවාසයට කිරිල්ලියන් වැඩි මනාපයක් පෙන්නුවාලු.

හොඳින් ගයන කුරුල්ලන් හා සහවාසයට කිරිල්ලියන් මනාපය දෙන්නේ පැනලාලු!
සහවාසයට කලින් කුරුල්ලන් බොහොමයක් කැදලි තනනවා වගේ නොවේ අපට අලුත් නිවහනක් හදන්නට ඕනෑ වුණේ. බතික් කරන්නට ඉඩ මදිවුණු හින්දාය.

“පල්ලෙහායින් මඩුවක් ගහමු!” තාත්තා යෝජනා කළේය.

“නිකම්ම මඩුවක් ගහන්න බැහැ ගුණපාල අයියේ, නගර සභාවෙන් අවසරයක් ගන්න වෙනවා. නැතිනං නඩු දාන්න පුළුවන්. ප්ලෑනක් අන්දවලා අනුමත කරෝගන්න වෙයි.” සෝමවීර තාත්තාට කිව්වේය. (මතකයි නේද? කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් හාදයා!)

සෝමවීර නීති-රීති, රෙගුලාසි පරතෙරට දන්නා හාදයෙකි. 

එයා කියූ විදිහට, ප්ලෑන් එක අන්දවාගෙන නගර සභාවට යන්නට වුණේ මටය. ගියෙමි. මගේ අම්මෝ! නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හත් පට්ටයක්ම ගෙනැවිදින් තිබුණත් මදිය. ‘තව චුට්ටක් මදිනෙ’ කියනවාලු. 

අපේ රටේ නීතිය කරවන්නෙත් එහෙමය.

ස්සෙල්ලම ඔයාගේ බතික් වැඩපොළ බිස්නස් එකක් විදිහට රෙජිස්ටර් කරගන්න වෙයි!
“ඉස්සෙල්ලාම ඔයාගේ බතික් එක බිස්නස් එකක් විදියට රෙජිස්ටර් කරවාගන්න වෙයි.... මේ ප්ලෑන පාස් කරන්න නම් මේ ඉඩමට අඩි දහයේ පාරක් තිබිලා මදි. 
අඩි දොළහකවත් පාරක් ඕනේ. ඔයාට පස්සේ හරි ලයිට් ගන්නත් වෙයිනේ. 
ඒ නිසා පාර පළල් කරවාගෙන ඉන්න.... 

-නැතිව මේ බිල්ඩින් එක හැදුවොත් අපිට නඩු දාන්නයි වෙන්නේ.” 
නගර සභාවේදී, අතනින් මෙතැනට; මෙතැනින් අතනට යවලා, රස්තියාදු කරවා කියැවුණු දේවල්වල සාරාංශය එහෙමය.

ඇත්තම කියනවා නම්, කොතෙක් රස්තියාදු වෙන්නට විණිදැයි කිව්වොත් මං හිටියේ ‘මළ’ අතේ තියාගෙනය.

“මාත් හරිම කැමතියි අපේ වත්තට අඩි දොළහේ පාරක් තියෙනවා නම්..... 
පාරේ මේ ටික තියෙන්නේ ළමා නිවාස වත්තට මැදින්. 
මෙතැන නැම්මේ ඉඳලා පහළට යන ටිකට එක-එක්කෙනාට අයිති ඉඩම් කට්ටි හතරක් තියෙනවා..... පාර පළල් කරගන්න නම් මේ සේරමලාගේ ඉඩම්වලින් අඩි දෙක-දෙක දෙන්න වෙනවනේ. සර්ලා දන්නවනේ මේක ලංකාව කියලා....

-කවුරුවත් පිනට ඉඩම් දෙන්නේ නැහැනේ පාරක් පළල් කරන්න. 
අපේ බතික් එකෙන් ළමයි විස්සකට විසිපහකට දැනටමත් රස්සාව දීලයි තියෙන්නේ. වැඩපොළ වහන්නේ නැතිව, මං මේ බිල්ඩිම හදනවා... 
පුළුවන් නම් නඩු දාන්න. මම හිරේ යන්නම්.”

බතික් වැඩපොළේ ළමුන්. මගේ ළඟින්ම දකුණෙන් වාඩිවී ඉන්නේ අපේ ලොකු නංගිය.
වෙවුළමින් ඒ ටික කියාගත් මම ගෙදර ආවෙමි.

මට එච්චර කේන්ති ගියේ අවුරුදු හතළිහකට-හතළිස් පහකට විතර පස්සෙත් අපේ රටේ විදිය ඒකම වෙතියි නොදැන හිටි බැවිනි. 
ඒ වෙනවිටත් පාරේ පටුකම නිසා අපට ගොඩාක්ම කරදර වෙමින් තිබුණු බැවිනි.

ටයි & ඩයි කරන ඒවා හැර, අනෙක් හැම බතික් නිර්මාණයක්ම අවසන් වෙන්නේ රෙද්දේ ඉටි තොගයක් එක්කය. ඒ ඉටි ඉවත් කරගන්නේ උතුරණ උණු වතුරෙන් රෙදි තැම්බීමෙනි. 

ඒකට දරන්නට වෙන මහන්සිය හරිම විශාලය. 

ඒ දවස්වල, ලොකු බාග බැරල් තුනක් එක පෙළට ළිප්වල තියලාය අප රෙදි තැම්බීම පටන් ගන්නේ. හිතාගන්නකෝ...... එතකොට යන දර තොගය ගැන.

ලොකු බාග බැරල් තුනක් එකවර ළිප් තුනක තියලය අපි රෙදි තම්බන්නට ගන්නේ.......
“රංජි, මෙහෙම පළාපු දර ගන්නවට වඩා ලාබයි රබර් මුල් ගත්තාම. අපේ මස්සිනාලගේ දර මඩුවට දර ගෙනෙන හාදයෙක්ගෙන් අහලා බලන්නද රබර් මුල් ලොරියක් ගෙනෙන්න. 
හැබැයි මුල් පිටින්ම ළිපට දාන්න නම් බැරි වෙයි. 
කෑලි කරලා, තුනට-හතරට පළාගන්න වෙයි. ඒත් ගොඩක් ලාබයි මං හිතන්නේ.” 
සෝමවීර සාධනීය යෝජනාවක් ගෙනාවේ ඒ දිනවලය.

එහෙම ගෙනෙන දර ලොරි අතරමඟදී නවත්තාගන්නටය අපට සිදුව තිබුණේ. 

ඒ පාර පටු නිසාය. ඉතින් දර මුල් තොගයක් ගෙනාවාම වැඩිම රාජකාරිය පැවරුණේ අපේ අනිල් මල්ලීටය. එතකොට අන්නාට අවුරුදු පහළොවක් විතරය.

දර මුල් ඇදීමත්, පැලීමත් කළ නිසාම අනිල්ට gym එකකට නොගිහින්ම ‘fit බොඩියක්’ හදාගන්නට හැකිවිණි.

බොඩිය හදාගත්තත්, අපේ ගෙදරින්ම හැන්ඩියා වුණත් අනිල් මල්ලීටත් පිළිකාව වැලඳුණේය; එයා ලෙඩ වුණේ මට පස්සේ වුණත්, දෑවුරුද්දක්වත් පිරෙන්නට කලින් අවසන්  ගමනුත් ගියේය! මේ මාසය අගදීය තුන් මාසය පිරෙන්නේ.

අපේ ගෙදරින්ම හැන්ඩියා වුණු අනිල් පිළිකාවෙන් හොඳටම අදෝබලත්වී................
දැන් නම් ගැටවර වයසට එන්නත් කලින්ම කොල්ලන්ට ඕනේ body එක හදාගන්නටය. කෙල්ලන්ට ඕනෙත් model කෙනෙකුගේ වගේ සිහින් ඇඟක් හදාගන්නටය. 
කළු හෝ තලෙළු හමක් තිබේ නම් එන්නතක් හරි විද්දවාගෙන සුදු වෙන්නටය. 
දැන් ඉන්නා නායකයන්ගෙන් කෙනෙකුත් ඒ ආසාව වටහාගෙන තියෙන පාටය.

රටේ සමාජ-ආර්ථික ප්‍රශ්න විසඳන්නට කලින්, ‘ජිම් සෙට් දෙන්නට’ ‘බ්‍රේස්ලට් දෙන්නට’ ‘වයිෆයි දෙන්නට’ වැනි බ්‍රිලියන්ට් අයිඩියාස් උන්නැහේට එන්නේ ඒ නිසා වෙන්නැතිය.

ඉතින් බිල්ඩිම හදන්නට ගෙනා වැලි, ලයිසන් ගල්, සිමෙන්ති සේරමත් මඟ ඉඳලා වත්තට අදින්නට අපට සිදු වුණේය.

ඉස්සෙල්ලාම කියන්නට ඕනේ, බිල්ඩිම වචනය කිව්වාට ඒකට හරියටම හරි යන්නේ ‘මඩුව’ කියන වචනය බව! තවත් නිවැරැදි වෙන්නේ ‘දිග මඩුවක් කියන එකය. 

බාග බිත්තිය. වහලය පොල් අතුය. බිමට නම් සිමෙන්ති දමලාය. ඒක ඕනෑම කරන දෙයක් වුණේය. බිමට හැලෙන ඉටි සූරා  ආපහු එකතු කරගැනීම, ඒකෙන් පහසු වුණු හින්දාය.

හැම කෙල්ලෙකුම වාගේ හීන මවන්නේ නිරූපිකාවකගේ වැනි සිහින් ඇඟක්............
අපරාදේ කියන්නට බැරිය. අපේ වැඩපොළේ ඒ වෙද්දී හිටි ගැහැනු ළමුන් සේරම මසුරංය. පෙරාපු රත්තරංය. “රංජි අයියේ, ඔව්වා අදින්න කුලීකාරයෝ ගෙන්නන්න ඕනේ නැහැ. අපි අදින්නම්.....” ඔවුහු කීහ.

එහෙම ඇද්දේ ගෝනි පඩංගුවලට පුරවා, දෙන්නෙක් දෙපැත්තෙන් අල්ලාගෙනය. 

අපේ ගෙදර හැච්චෝ-බැච්චෝ-ඇටිකිච්චෝ සේරමත් පුළු-පුළුවන් විදිහට ඒ රාජකාරිය කරන්නට ඇවිත්ය. එයාලා හිස් බාල්දි, ජෝගු වගේ පුංචි දේවල්වල වැලි පුරවාගෙන ආවේ සෙල්ලමක් කරනවා වගෙය. 

ඒ අස්සේ කොහෙද යන weසා පොළඟෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්නට මාන බලමින් උන්නේය.  

එතකොට සෑම්ට අවුරුදු හතවත් පිරිලා තිබුණේ නැතිය. එයා සෑම් වුණේ එංගලන්තයට ගියාමය. මෙහෙදී සමන්ති පද්මිණී දිසානායකය. 
සමන්ති නංගී ජෝගුවක් පුරවාගෙන වැලි ගෙනෙමින් හිටියදී අර වේsaවා එයාට දෂ්ට කළේය!

අර weසා පොළඟා ඒ අස්සේ අපේ සමන්ති නංගිට දෂ්ට කළේය........
“අනේ දෙයියනේ.... සමන්ති නංගිව පොළ....” කවුදෝ අඳෝනා දෙන්නට කට ඇරියා විතරය.

“කට වහගන්නවා.... සමන්ති උඹත් කට ඇරියොත්  බලාගෙනයි ..... මොකටද කලබල වෙන්නේ. සමා, බය නැතිව හිටහන්. පොඩි බේතක් කරවපු ගමන් හරි. දන්නවනේ ලොකාගේ හැටි? ඇඬුවොත් නං උඹට හොඳ පාරක් දෙනවා. 
ගමගේ අක්කේ... ඔයාලා සමන්ති නංගිව ළමා නිවාසෙට එක්ක යන්න. 
ස්වර්ණා.... ටක් ගාලා සුනිලුත් එක්ක ගිහින් ඇලන් අක්කලාගේ දුවව එක්ක එන්න. 
නිවාස වත්ත උඩින්ම දේවාල පාරට ළඟයිනේ......”

පට-පට ගාලා එයාලාව පිටත් කර හැරලා මං දිව්වේ ගෙදර දිහාවටය. ඒ ඊළඟට සිදුවෙනදේ දන්නා නිසාය! 

මං හිතුවා හරිය. අපේ අම්මා දිග ගවුම පිටින්ම විලාප තියමින්; අඬා වැටෙමින් දුවගෙන එයි.

“කට වහගෙන ගෙදර යං... පින් සිද්ධ වෙයි. මගේ යකා අවුස්සා ගන්න එපා.” අම්මව බලෙන්ම හරවා යැවූ මං දිව්වේ ළමා නිවාසයටය.

එතකොට ළමා නිවාසයේ පාලකයාව හිටි කුලතුංග මහත්තයාත්, බිරියත් දෙන්නාම හරිම බුද්ධිමත් අයයි. ඒ පවුලම; දියණියත්, පුතාලා දෙන්නාත් පදිංචිවී උන්නේ ඒකෙමය. මාත් සුනිලුත් හුඟක් හැන්දෑවල් ගෙව්වේ කුලතුංග යුවල සමඟ සාමීචියෙනි. 

මෙපමණ දවසක් එයාලා ගැන නොකීවත් ඉදිරියේදී එයාලා ගැනත් කියන්නටම වෙයි! මාතර අතුල දහනායක දෙවෙනි සර් ගැනත්...........

මාත් අපේ සුනිලුත් හුඟක්ම හැන්දෑවන් ගෙව්වේ කුලතුංග යුවල සමඟ සතුටු-සාමීචියෙනි.
සර්ප දෂ්ටයකදී රෝගියා බයට පත් වුණොත් හොඳ නැති බව විතරය එතකොට මං දැනගෙන හිටියේ. එදා මා කළේ සමන්ති බියට පත්වීම නවතා ගැනීමය.

“.... පොළඟාට බය වෙයිද? ඊට වැඩිය එහෙකුටනේ සමන්ති නංගි බය වුණේ.... 
අම්මෝ, එවෙලේ නිමල් අයියා නං නියමම යකෙක් වුණා! 
බෙහෙත් කරලා ඉවර වෙනකල් ඇන්ටිටවත් සමන්ති ළඟට යන්න දුන්නේ නැහැනේ!” 

අවුරුදු දෙකකට විතර ඉහතදී බතික් වැඩපොළේ හිටි ගැහැනු ළමුන්ගෙන් පිරිසක් අපේ ගෙදරට පැමිණි විටෙකත් මට කීවෝය.

ඒ අපේ අම්මාත් ඉන්නා වෙලාවකය; එයාලාටත් ආරාධනා කරලා කෑම වේලක් දෙන අතරේය.

“ආන්න, පේනවා නේද රංජි. එයාලටත් මතකයි... එදා මෙයා මට සමන්තිගේ ළඟට යන්න දුන්නෙම නැහැනේ... ගෙදරටම තල්ලු කළා මිසක්. ඔයාලට කියන්න, මෙයා නම් තවමත් යකාම තමයි...” 
අර කතාවෙන් උදම්වූ අම්මා ඊට පස්සෙත්, කිහිප වතාවක්ම ඒ ‘ප්‍රකාශය’ උපුටා දැක්වීම පුරුද්දක් කරගෙනය!

නීතිගරුක නොවී අවසර රහිතව බතික් මඩුව හැදුවා වුණත්...........
නීතියෙන් අවසර නොගෙන ‘යක්ෂ වැඩක්’ කරමින්, බතික් මඩුව හැදුවාට නගර සභාවෙන් මට නඩු දැම්මේ නැත. ඒක නම් තිබුණේ එක්සත් සුභ සාධක මාවතේ අන්තිම කොණේ නිසා හැමොන්ටම නොපෙනුණාය කියමුකෝ.

දැන්.... මේ දවස්වලත් පමුණුව පාර ඔස්සේ යන-එන අයට කිසිම කරදරයක් නැතිව දැකගන්නට හැකි දෙයක් නිසි බලධාරීන්ට පෙනෙන්නේ නැති එකය පුදුමේ. පාර දෙපැත්තේ අයින්වල ස්ථිර ගොඩනැඟිලි ඉදිවෙයි. 

ඒ ඉඩම් කාගේවත් පුද්ගලික අයිතියට නතු ඒවා නොවේ. නමුදු හැදෙන්නේ රෙදි කඩය!

එයාලා එක්ක මගේ නම් කිසිම අහිතක් නැත. 

හැබැයි වැස්ස වෙලාවක පමුණුව පාර දිගේ යන්නට බැරිය. යන්නට වෙන්නේ රෙදි උස්සාගෙනය. තවම නම් පීනාගෙන යන්නට නොවෙන එකත් ලොකු දෙයකි! 
මේ සේරම වතුර බහින්නට කාණුවක් නැති නිසාය.

වැස්ස වෙලාවට පමුණුව පාරේ යන්නට වෙන්නේ අඩි බාගයක් විතර උස වතුර කන්දරාවක් මැද්දෙනි!
අවුරුදු ගණනාවක් තිස්සේ පමුණුව පාර අයිනෙන් කාණු පද්ධතියක් හදන්නට බැරිවෙලා තියෙන්නේ මෙවැනි වෙළෙඳසල් හිමියන්ගේ අකැමැත්ත නිසාලු. 
වෙනින්-වෙනින් ගනුදෙනු හින්දා නොවේලු! 
අපේ රටේ ප්‍රජාතන්තරේ නැතිය කියන එවුන්ට හෙණ හතම වදීවා!

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනියගේ තුන් හවුල් ආණ්ඩුවෙන් පටි තද කිරිල්ල රටවැසියන්ට පුරුදු කරවන්නට වුණේ ඔය අතරේය. 
හාල් පොලු- මිරිස් පොලු වැටුණේය. 
භූමිතෙල් ගඳ ගහන චීත්ත රෙදි සමූපකාරවලට ආවේය. 
නිල් ඉර චයිනීස් පොප්ලින් නැත්තටම වගේ නැති වුණේය.

මටත් වෙනින් ආදේශක හොයන්නට වුණේය!

“මෙච්චර ළමයි ගොඩකට රස්සාවලුත් දීගෙන මෙච්චර බතික් හදන එකේ ඇයි රෙදි කෝටා එකක් ගන්නේ නැත්තේ?” 

අපේ ගෙදරට එන ගොඩ පෙරකදෝරුවෝ අහන්නට ගත්හ. එතකොට නම් සිරි ලංකාවේ හැටි මටත් අවබෝධ වෙමින් තිබිණි.
“දෙයි මෙන්න කියලා රෙදි කෝටා එකක්, ඉල්ලන පරක්කුවෙන් ....”

මෙච්චර බතික් කරන එකේ , ළමයින්ට රස්සාවල් දීලා තියෙන එකේ ඔයාලට රෙදි කෝටා එකක්....
“ඔන්න ඕකනේ රංජි, පණ්ඩිතයට ඒදණ්ඩේ යන්න බැරි.... ගිහින් බලන්න එපැයි. ගියාට දඬුවම් කරන්නයැ? තනියම යන්න බැරි නං මාත් එන්නං ග්‍රාම සේවක රාලහාමි හම්බවෙන්න.”

ඒ ගමන්වල විස්තර කියන්නේ එන ගමනේදී, හොඳේ!

6 comments:

  1. //අවුරුදු හතළිහකට-හතළිස් පහකට විතර පස්සෙත්
    හෙහ්.ටීඕ මහත්තයෙක් එක්ක කතා කරන්නකෝ ඕන වැඩක් කෙරෙන හැටි අහගන්න.

    ReplyDelete
    Replies
    1. ඒ හින්දමනේ සිරිබිරිස් උන්නැහේ අපේ රට දියුණු වෙන්නේ නැත්තෙත්.

      Delete
  2. අවුරුදු 40කට පස්සෙත් 😥

    ReplyDelete
  3. පිළිකාව ගැන නම් කියන්න දේවල් බොහොමයි ... ඒත් නොකියාම ඉන්නව.

    එක නෙමෙයි අර නංගිව කෑව අහිංසක පොළඟට එදා කරදරයක් උනේ නෑ නේද නිමල් අයියෙ ?

    ReplyDelete
    Replies
    1. මාව කෑවා නං තමයි අහිංසක පොළඟාට විස වෙන්නේ. නංගිව කෑවාට නෙවෙයි කණ්ඩා මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්