li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, September 19, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - දාහත්වෙනි කොටස

          අඟුලෙ  රඟ   දැනෙන්නේ  පැද්ද කල්හි    ගඟේයා
          නගුලෙ  රඟ  දැනෙන්නේ  බැස්ස කල්හි    මඩේයා
          උගුලෙ  රඟ  දැනෙන්නේ  ඊට පත් වූ      තැනේයා
          මඟුලෙ  රඟ  දැනෙන්නේ  දූ පුතුන් ලත්   තැනේයා

මඟුලෙ රඟ දැනෙන්නෙ දූ පුතුන් ..............
පුරාණ කවියක තියෙන ‘උගුලෙ කතාව’ සහතික ඇත්තය කියල මට වැටහෙන්න ගත්තේ බෙන්තොට ගියාට පස්සේ.

මධුශංක විතානගේ; මද්දා ගිය වතාවේ පෝස්ටුව කියවලා විස්මයට පත් වෙලා. “බිස්නස් එකත් දාලා ජොබ් එකකට යන්න? මට නම් හිතාගන්නවත් බෑ.” එහෙමයි එයාගේ හැඟීම ප්‍රකාශ කරලා තිබුණේ. 

මහා පරිමාණ වෙළෙඳ ව්‍යාපාරිකයන් අතරේ, පුංචි ව්‍යවසායකයින්ට මේක කරන්න වෙන හැටි අද වඩාත් හොඳින් ප්‍රකටයි. 

ඒත් අද වගේ නෙවෙයි, එදා සිරිසේන මුදලාලි යම්කිසි ප්‍රතිපත්ති මාලාවකට අනුගත වුණු හැටි මධුට වගේම හිතවත් රසිකයන්ටත් කියන්නටම වෙයි.

මං එහේ යන්න කැමති වුණේ අපේ තාත්තගේ විසූක දස්සන නොබලා- නොඅසා- ඒවා ගැන මොකුත්ම නොකියා නිස්කාන්සුවේ ඉන්නය. ඒත්.....

අපේ තාත්තාගේ විසූක දස්සන නොඅසා- නොදැක- ඒවා ගැන මොකුත්ම නොකියා..............
එයාලා මට හොඳට සැලකුවෝය. අපේ ගෙදර අය වගේම, එහෙමත් නැතිනං ඊටත් වැඩිය හොඳට කෑම- බීම- නින්ද ගැන හොයා බැලුවා. ටෙරන්ස් තමයි වැඩියත්ම මගේ හිතවතා වුණේ. ඊළඟට අතුල.

මේ වතාවේ පාදයාත්‍රා ගමනේදී හමුවුණු භානි අලුත්ගම එක්කෙනෙක්. 

එයාගෙන් විස්තර අහද්දී කියවුණේ ටෙරන්ස් මියපරලොව ගිහින් බවක්.
“අතුල මල්ලීව හම්බ වුණාම කියන්නකෝ මං මතක් කළ බව!” 
භානිට රාජකාරියකුත් පවරලයි මං පස්ස බැලුවේ! 

සංග්‍රහ- සැලකිලි- සත්කාර මොනවා ලැබුණත් මගේ ‘ගෙඹි ගතිය’ නිසාද මන්දා මට හිතුණෙම හවසට ගෙදර ගිහින් පහුවදා උදේට ආපහු එන්නයි. 

මුලදී නං ඒකට අප්‍රමාණව කරුණුත් යෙදුණා. “නිමල්. ෆොරිනර් කෙනෙකුට මේ කලර් එකෙන් වොයිල් කෆ්ටාන් එකක් ඕනෙලු. තනි පාට.... අපි ළඟ මේ පාට ඩයි තියෙනවද?”

ගෙඹි ගතිය හින්දාද මන්දා හැකි වුණු ගමන්ම එහෙන් පනින්නය ...........
ඒ පාට වැඩිය පාවිච්චි වෙන එකක් නෙවෙයි නම් ඉතින් මරදානට ගිහින්මයි ගෙනෙන්න වුණේ.

මං කීයටවත් එහෙම chances මඟ ඇරගත්තේ නැහැ. 

“එහෙනං ඇන්ටි, මං අද හවසට ගෙදර ගිහින්, හෙට උදේ ඩයිත් අරන් එන්නං.” හැබැයි, එහෙම කියලා රෑ වෙලා එද්දී අපේ ගෙදර දහඅටපාලිය නටනවා. ‘අනේ මං වගේ කාලකන්නි පව්කාරයෙක්. දුවගෙන එනවනේ මේවා බලන්න.’ මටම සිය වතාවක් හිතුණත් ‘ඇටි කෙහෙල් කාපු උගුඩුවා වගේම’ මටත් ඒවා ඉක්මනටම අමතක වෙනවා. පුළුවනි නං පහුවදාමත් ආපහු එනවා.

සුනිලුයි, ලොකු නංගි නෝනයි දෙන්නා වැඩපොළේ වැඩ පුරුදු විදිහට කරගෙන ගියා.

සති අන්තයේ ආවාම මං කමිස, ගවුම්, ස්කාෆ්, කෆ්ටාන්, ලුන්ගි, සරොම් වගේ තොගයකට මෝස්‌තර ඇන්දා. 

කොච්චරද කියනවා නං දිගම දිග මේසයක, එක පැත්තක රෙද්දක් එළලා දෙද්දී, මං අනෙක් පැත්තේ එළලා- සූදානං කරලා තිබුණු රෙද්දක මෝස්‌තර අඳිනවා. රෙදි එළලා සූදානම් කරන්නේ වෙනින් කෙනෙක්, මෝස්‌තර මගෙන්.

ඇස්වල සුද ඉවත් කරන්න ඔපරේෂන් දෙකක්..........
අපේ අයස්මන්ත මහත්තයා අවුරුදු දෙකකට විතර කලින් මගේ ඇස්වල සුද අයින් කරන operation දෙකක් කළා. “අයියේ, සාමාන්‍යයෙන් ඇස් දෙකම එක දවසේ ඔපරේෂන් කරන්නේ නැහැ. එහෙම කමක් නැහැ නේද?” කියලයි ඒ යක්ෂ පුත්තරයා මගෙන් ඇහුවේ.

මාවත් ඔපරේෂන් තියටර් එකට ගත්තා. ඒක මීවදයක් වගෙයි.

එක ඇඳක බාවලා, කට්ටියක් මාව සූදානම් කරන අතරේ- අනෙක් ඇඳේ  එක්කෙනෙකුට සැත්කම කෙරුණා. එයාව එළියට ගෙනියන අතරේ තව කෙනෙකු ඇතුළට ..... මාව සැත්කමට.... මගේ ඔපරේෂන් එක කෙරෙද්දී පට ගාලා එයාව සූදානම් කරනවා! 

No කතා No සිනා අස්සේ හීනියට classic සිංදුත් ඇහුණා. එතකොට අයස්මන්ත මහත්තයාගේ මූඩ් එක නොබැහැ හොඳට තියෙනවාලු! නැතිව කොහොමද දවසකදී සැත්කම් 100ක් විතර කරන්නේ?

දොස්තර මහත්තයා අනෙක් ඇඳේ ලෙඩාව සැත්කමට ගනිද්දී, ආයෙම වතාවක් මගේ අනෙක් ඇහැත් ඔපරේෂන් කරන්න සූදානම් කෙරුණා.

ඔන්න මචං අද කෙරුමගේ ඇස් දෙකටම එක සැරේ වැඩේ දුන්නා!
“ඔන්න මචං.... අද කෙරුමගේ ඇස් දෙකටම එක සැරේ වැඩේ දුන්නා. 
බලපංකො පොට්ටයා අසරණ වෙලා ඉන්න ලස්සන. උඹවත් උදව්වට නැත්තං මේකාට එක තැනමයි ඉන්න වෙන්නේ!” 
මට ඇහුණේ දොස්තර මහත්තයා එළියේදී නෙවිල්ට කියන සද්දේ විතරයි.

“බැරිද මචං මූව දවස් තුනක් විතරම මෙහෙම තියන්න...?” ඊළඟට දෙන්නාගේ තද සිනා!

දවසක්ම මං හිටියේ ‘චාමර වීරයා’ හිටියා වගේ අඳුරු ලෝකයක;
පියතිස්ස මහත්තයා’ වගේ අන්ධ වෙලා. 
තවම මට මතකයි. දවසකදී මට එහෙම දැනුණා නම් එයාලා වගේ අයට කොහොම දැනෙනවා ඇතිද?    

හැම දොස්තර මහත්තයාම මෙහෙමද කියන්න නං මට දැනීමක් නැහැ. 
ඇස්වහ වදින්නේ නැහැ, කරන සේවය තවත් හොඳින් කරන්න ශක්තිය ලැබේවා! අයස්මන්ත පීරිස් මහත්තයා ඒ ඔපරේෂන් කළ වේගය මං රෙද්දක මෝස්‌තර ඇඳපු වේගයට වඩා වැඩියි!

එතකොට තමයි මතක් වෙන්නේ, මාත් කෙරුමෙක්ය කියලා හිතාගෙන හිටි එකේ වැරැද්ද.

අයස්මන්ත පීරිස් මහත්තයා ඔපරේෂන් කළ වේගය ..........
බෙන්තොට බතික් වැඩපොළේ එච්චර කට්ටිය හිටියේ නැහැ. පස්-හය දෙනෙකු විතරයි. සැරයක්-දෙකක් තව දෙතුන්-දෙනෙකු ආවා-ගියා. 

ඒ දවස්වල ඒ ඉසව්වේ පිරිමි ළමයි නං යාන්තං කරදඬු උස යද්දී බැලුවේ guide කෙනෙකු වෙන්න. සුද්දෙක්ව, සුද්දියෙක්ව අල්ලා ගන්න! සුද්දන් සුද්දියන් එක්ක එහෙම පරිවාර වැඩවලට ගිය හුඟ දෙනෙකුගේ ඉස්කෝල ගමනත් කඩාකප්පල් වුණා!

“ඒයි.... වරෙල්ලා ..... අන්න වැල්ලේ පතෝල වේලනවා!” හිටි ගමන් කොල්ලෙක් කියාගෙන දුවයි. පණිවිඩය ඇහෙන කොල්ලෝ සේරම වැල්ලට දුවති! ඒ බාගෙට හෙලුවෙන් අව්ව තපින සුද්දියන් දැකගන්නටය.

එතකොට බිකිනි ඇඳගෙන ඉන්නා එකියකු දැකීමත් හරිම වාසනාවකි! සිකියුරිටිලා කොල්ලන්ට වැල්ලට එන්නවත් නොදුන් කලක............

උන් පස්සේ නොවැටුණාය කියලා මට කිසිම පාඩුවක් වුණේ නැත. 
ආපහු එන කොල්ලන් සේරම සුද්දියන්ගේ ඇඟේ නැමි, වක, ලප, ඉස්පිල්ලක් ඇලපිල්ලක් නෑර, පණ පිහිටුවා සමාලෝචනය කරන්නේ ‘සුසන්ත බතික්’ වැඩපොළේදීය. 
ඒවා blue films පරදවන සජීවී විස්තර ප්‍රචාරයන්ය.

ඒ කොල්ලන් සුද්දියන්ගේ ඇඟේ නැමි- වක- ලප විතරක් නොවේ.......
බතික් වැඩපොළ කෙරුණේ බෙන්තොට දුම්රිය පළ අද්දරම තිබුණු ගෙදරය. මුදලාලිලාගේ ගෙවල් තිබුණේ ඊට ටිකාක් එහායිනි.

මා නවාතැන් ගත්තේ වැඩපොළේමය. 

‘උඹලත් නිමල් එක්කම මෙහෙ නිඳාගනිල්ලා! මේ ළමයට විතරක් තනියම මෙහෙ ඉන්න අරින්න බැහැනේ!’ සිරිසේන මුදලාලි අණක් දුන්නේ ලොකු පිරිමි ළමුන් දෙන්නාටය. 

ඒකෙන් හොඳටම සතුටු වුණේ ටෙරන්ස්ය!

“තාත්තට කියන්න එපා. දොර lock කරන්නේ නැතිව තියන්න. අද බසාර් එක ළඟ සුද්දන්ට තොවිලයක් නටනවා! ටක් ගාලා බලලා එන්නං!” කියලාය කොල්ලා ඉගිලෙන්නේ.

තොවිල්, සංස්කෘතික සංදර්ශන සේරම බලන ටෙරන්ස්ගේ ‘ටක් ගෑම’ ඉවර වෙන්නේ පාන්දරය.

ටෙරන්ස්ගේ 'ටක් ගෑම' ඉවර වෙන්නේ පාන්දර ජාමයේය!
ඒ ගෙදර පැරණි පන්නයේ අල්මාරියක් වැජඹුණේය. තිබුණේ යතුරු දමලාය. යතුරු තිබුණේ සිරිසේන මුදලාලි අතේය. සමහර දවසක රාත්‍රියේ අටට-නවයට විතර මුදලාලි එහාට එයි. අල්මාරිය අරියි. එළියට වඩම්මන්නේ අරක්කු බෝතලයකි.

“යකෝ මේ මොට්ටයා මෙච්චර වටිනා විස්කිවලටත් කියන්නේ අරක්කු කියලනේ!”

නෙවිල්ලා, පීරිස්ලා, ගවීන්ලා විතරක් නොවේ තවත් අයත් මට බැන වදිති. 
ටිකිලා, කොඤ්ඤැක්, ෂිවාස් රීගල්, බ්ලැක් ලේබල්, රෙඩ් ලේබල්.....තවත් නම් ගොඩක් කියවෙයි. “දන්නවද මොට්ටයෝ... මේවට ෂැන්ඩි කරන්නේ උණුවතුර- අරවට නම් දෙහි- තමුසෙගෙ බ්ලොග් එකෙනුත් ලියනවා මේ වගේ වැදගත් දේවල් ගැන!” එයාලා කියති.

නිකම්ම ලියන්නයැ? මට අදාළ නැති- නොදන්නා මඟුල්!

ඉතින් තවමත් මට ඒ සේරම අරක්කුය. සිරිසේන මුදලාලි බිව්වෙත් අරක්කුය කියන්නේ ඒ පුරුද්දටය. එදාට නම් ටෙරන්ස්, අතුල දෙන්නාටත් මටත් නිඳාගන්නට ලැබෙන්නේ රෑ ජාමයටය. මුදලාලිගෙ bite එකට ගන්නේ අප තිදෙනාය.

කවුරු, කොහොම, කොහේදී මොනවා බිව්වත් ඒ සේරම මට නම් අරක්කුය!
“බලනවකො ළමයෝ... මුන්ට මොනවද අඩු? 
මේ වැල්ලේ කොල්ලෝ වගේ මුන්ටත් සුද්දන්ගේ පුක පස්සේ යන්න ඕනෙද? මහ ලජ්ජාවක් නේද? අරහෙන් රත්තරන් බඩු- මැණික් විකුණන සාප්පුවක් තියෙනවා. මෙහෙන් බසාර් එකේ කඩේ...... දැන් බතික් ෆැක්ටරිය. කාටද මේවා? 
මෙයාලා දැන්ම හම්බ නොකළට..... මාත් ආසයි ළමයෝ මෙයාලා ඉගෙනගෙන ලොකු මහත්තුරු වෙනවට..... එතකොට මං වගේ සරමයි කමිසෙයි නෙවෙයි.....”

මුදලාලි නික්ම යන්නේ අප නිඳාවැටෙන්නට ගත්තාමය, නැතිනම් එයාගේ පදමට ආවාමය. ඒත් කවදාවත් සිරිසේන මුදලාලි වෙරිවෙන තරමට මත්පැන් පානය නොකළ බව නම් මට හොඳටම මතකය.

මොන තරම් උත්ප්‍රාසයක්ද? 

සිරිසේන මුදලාලි පදමට බීලාත් කල්පනා කළේ බිස්නස් තවත් දියුණු කරගන්නේ කොහොමද කියලාය. දරුවන්ගේ අභිවෘද්ධිය ගැනය. 
අපේ තාත්තා........ ඒවා දෛවය විසින් එක-එක්කෙනාට ලබාදෙන දේවල් කියලාය මට හිතෙන්නේ. ඊට complain කරලා පලක් නැත.

ඒවා දෛවය විසින්ම විපරීත කර එක-එක්කෙනාට ලබාදෙන............
“ලොකා, දැන් තාත්තා ගෙදර උයන කෑම කන්නෙත් නැහැ. එපා කියනවා. ආච්චිලා ගෙදරින් දෙන ඒවා තමයි කන්නේ. දවල්ටත් බොන එකමයි වැඩේ!” 
ගෙදර ගියාම මට ලැබුණේ එහෙම ආරංචිය!

“හරි. ඒක එයාගේ කැමැත්තනේ. එකක් මතක තියාගන්නවා. කන-නොකන එක තාත්තගේ වැඩක්. හැබැයි තමුසෙලා එක වේලක්වත් එයාට කෑම නොදී ඉන්න බැහැ. තේරුණානෙ... පස්සේ ගෙනත් අහක දානවා. ඒකට කමක් නැහැ. එයාට චාන්ස් එකක් දෙන්න එපා ‘අපි නොසලකනවය’ කියන්න.” 
තාත්තාගේම පුතා නිසාය ඔහොම තුරුම්පු සෙල්ලම් කරන්නට මටත් පුරුදු වෙන්නට ඇත්තේ.

ඒකට මට credit එකක් දුන්නෙත් තාත්තාමය.

“උඹ එහෙනං ඒකෙනුත් දිනුවා..... මොකටද යකෝ නොකන මනුස්සයෙකුට කෑම දීලා අහක දාන්නේ උඹලට පිස්සුද?... උඹලා දෙනකොට කන්න.... මේ ගුණපාල? ... අම්මගේ රෙද්දේ කෑම .... දාපං බල්ලට....”

අම්මගේ රෙද්දෙ කෑම; දාපං බල්ලෙකුට!
තාත්තා එහෙම වෙද්දී අපේ අම්මා නම් හිටියේ රූකඩයක් ගානටය; 
සහමුලින්ම පිටස්තරයෙකු වගේය; කෝන්තරකාරියක වගෙය; 
තරහක් පිරිමහන්නියක විදිහටය!

වැඩියත්ම එහෙම වුණේ තිරීස් මිසීගේ ආරාධනය පිළිගන්නට අපේ තාත්තා අම්මාට ඉඩ නොදුන් හින්දාය.

ඒ ආරාධනය ආවේ, අපේ අම්මාට එංගලන්තයට එන්නට කියලාය!

අපේ ජීවන කතන්දරය එහෙම පිටින්ම උඩු-යටිකුරු කරන්නට තිරීස් මිසීත් හේතුභූත වූවාය.

තිරීස් මිසී කිව්වාට ඇයගේ නම ඒක වෙන්නට බැරිය. අප දන්නේ අම්මා ඇයට තිරීස් මිසී කියලා කියූ බව විතරය.

අපේ ජීවනාන්දරය එහෙම පිටින්ම උඩු-යටිකුරු කරන්නට .............
“තිරීස් මිසී හරි හොඳයි. බොරුවක් කරලා නම් බේරෙන්න බැහැ. දුවල දෙන්නට වුණත් එච්චරයි.” අම්මා කියලා තිබුණේ එහෙමය. ඒ කතාව සහතික ඇත්ත බව අපටත් ඇස් පනාපිටම ඔප්පු වුණේ සිරියාගේ සිදුවීමෙනි. 

නැන්සි අක්කලාගේ වත්තේ ගෙදරක කුලියට හිටි දුප්පත් පවුලක ලොකු දියණිය සිරියායි.

තිරීස් මිසීලාගේ ගෙදර වැඩට සිරියාව පන්ගාඩම් කළේ අපේ අම්මාමය.

දවසක් උදේ පාන්දරම තිරීස් මිසී අපේ ගෙදරට ආවාය. හරිම විදිහට කියනවා නං ආවා නොවේ; කඩා වැදුණාය. අපේ ගෙදර අය එවෙලේ ඇහැරිලාවත් නැතිය. 
“ලීලා.... මට සිරියලගේ ගෙදරට යන්න ඕනේ.... දීපං උඹේ ළමයෙක්ව, මට උන්ගෙ ගේ පෙන්නන්න.” එවේලේත් ඇය උන්නේ වෙවුලන කේන්තියකිනි.

“රංජි. ගිහින් සිරියලගේ ගෙදර පෙන්නලා වරෙන්.” විමසිලිමත් බැල්මක් දැමූ තාත්තා මට කිව්වේය. මමත් ඉස්සර වීමි. කාර් එකෙන්ම නැන්සි අක්කලාගේ වත්තට. “මිසී, අරක තමයි ගේ!”

පාර පෙන්වන්නට............
ඒ පාන්දර ඇහැරෙන්නේ මොකාද? මට සිදු වුණේ සිරියලගෙ ගෙදර දොරට තඩි බාලා ඔවුන්ව කූද්දන්නටය. දොර ඇරෙනවාත් එක්කම තිරීස් මිසී ඉස්සරහට පැන්නාය. 

“කෝ සිරියා කුමාරිහාමි? සිරියා... සිරියා... එළියට වරෙන්.”

තිරීස් මිසී එහෙම කතා කළේ හෙමින් එහෙම නොවේ. මහා සද්දෙනි. අහල-පහළ අයටත් මෙතැනට එබිකම් කරන්නැයි ආරාධනා කරනවා වගෙය. ඒ වෙද්දීත් හතර වටේම ගෙවල්වල අය සිරියලගේ ගෙදර පෙනෙන තැන්වලය; කබ කඩමින්- කුණු කෙළ පිස දමමින්; හිටි-පියේම හිඳිමින්, පංචේන්ද්‍රියවලින් දෙකක්ම සිරියලගේ ගෙදරට එවලාය.

දොර විවර කළ මැණිකේ නැන්දා; සිරියල අම්මා ගෙට රිංගාගත්තේ පුදුම කඩිනමකිනි.

බිරන්තට්ටුවී සිරියා එළියට ආවේ ඇස් පිස දමමිනි. 

“මිසී.... ඉන්න මං පුටුවක්....” සිරියාට ඒ ටික කියලා ඉවර කරන්නට ඉඩක් ලැබුණේ නැතිය. රතිඤ්ඤා වැලක් පුපුරන්නට පටන් ගත්තේය.

කෝ මහ ලොකු කුමාරිහාමි? (ඊ.එන්.එම්.කේ. සොයිසාගේ සිතුවමකිනි.)
“කොහොමද කුමාරිහාමි.... මං උඹට කිව්වා මාව උඹලගේ බංගලාවට ගෙන්නාගන්න එපැයි කියලා. මට දැන් හොඳට පේනවා, උඹලගේ ගෙදර පුටු විතරක් නෙවෙයි පුටු සැටිත් පුරවලා තියෙනවා කියලා. අනේ යකෝ.... මෙහෙම ගෙදරක ඉඳගෙනද උඹ කිව්වේ වටේ ඉන්න අය ඔක්කොම අඩු කුලේ කියලා..... 
උඹ මේ කාගේවත් ගෙදරකින් වතුර උගුරක්වත් බොන්න යන්නෙ නැහැ කියල.... 
උඹල යන්නෙ නැහැ. හඃ! මේ මිනිස්සු උඹලට ඒ ගෙවල්වලට එන්න දෙනවද බං.... බලපංකො ඒ ගෙවල් දිහා.”

කතාව ඇත්තය.

නැන්සි අක්කලාගේ වත්තේ ගෙවල් දහයක්-දොළහක්ම තිබුණේය. කුලියට දෙන්නම හදාපුවාය. 

(ලීලක්කාගේ ස්වර්ණ ළමා සමාජයේ හිටි වැඩි දෙනා ඒ ගෙවල්වල අයයි.) ඒ ගෙවල්වලින් හොඳටම අබලන්- දුප්පත් පෙනුම තිබුණේ සිරියලගෙ ගෙදරටය. සිරියල තාත්තා කළේ ‘ගස් බඳින’ රාජකාරියයි. එහෙම වුණත් ඒ මාමා අතිශයින්ම කාරුණික අහිංසක මනුස්සයෙක් විය. 

ඒ ගෙවල්වලින් හොඳටම දුප්පත්- අබලන් පෙනුම තිබුණේ...........
“....අහිංසකකම නෙවෙයි නෝන්ජල්කම... එහෙමත් නැත්තං මැණිකෙගෙ අනික් මිනිහවත් ඒ ගෙදරම නවත්තගෙන ඉඳීවිද? බලපල්ලකො, මැණිකෙගෙ දෙවෙනි කොලුවාගේ මුහුණ බලපු ගමන්ම පොට්ටයෙකුට වුණත් පේනවනෙ, උගේ තාත්තා කවුද කියලා......” 
ගමේ ගැහැනුන් කියන්නට පුරුදුවී හිටියේ එහෙමය. 

ඉතින් කුකුළාත් අතින් අරං- කාර් එකකින් එහෙව් ගෙදරකට ආ සුදු නෝනා මහත්තැන් කෙනෙකු, ගමේ අම්මණ්ඩි කෙනෙකුට වැඩිය හොඳින් පළි ගහද්දී අහගෙන නොඉන්නේ කොයි මනුස්සයාද?

ඇත්තටම තිරීස් මිසී එච්චර හොඳට සිංහල කතා කරන්නට  පුරුදු වුණේ කොහොමද?

එයා විදෙස් රටක තානාපති කෙනෙකුගේ බිරිඳය. කාලයකට ඉස්සර ඒ තානාපති මහත්තයා ලංකාවේදීම මිය ගොසිනි. තිරීස් මිසී දුවලා දෙන්නත් එක්ක මෙහෙම බින්න බැහැලාය.

ඊවා හාමුගේ හොඳ මිතුරියකවූ ඇයට, අපේ අම්මාගේ මැහුම් වැඩ ගැනත් රෙකමදාරු කරලාය. පරණ කණට වඩා අලුතින් ආ අඟ කොච්චර හොඳද කිව්වොත් ඊවා හාමුටත් හොරෙන් අපේ අම්මා වැඩි දින ගණනක් වැඩ කළේ තිරීස් මිසීටය!

සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව පළමු අග්‍රාමාත්‍යවරියවී.............
“..... මම කිව්වා ලීලෝ, ඒකිගෙ රෙදි ගැලවෙන්නම.... ඔය බැල්ලි මට කියලා තිබුණේ ලීලලාත් අඩු කුලේ කියලා..... රස්සාව එපා වෙලා කියලා ගෙදර එන්න ඕනෙය කිව්වා නං මම ඒකිව බලෙන් තියා ගන්නද? 
මට කේන්ති ගියේ ඒකි මාව මෝඩයාට අන්දවලා රුපියල් පන්සීයකුත් ඉල්ලාගෙන ගෙදර නැවතුණාට...” 
තිරීස් මිසී අපේ ගෙදරදී කිව්වාමය අපට පැටලුම් ඇරුණේ.

70වේ සිරිමාවෝ බණ්ඩාරනායක මැතිනිය ලොව ප්‍රථම අග්‍රාමාත්‍යවරියවී බලයට පැමිණි පසු අලුත් අණ-පනත් ගණනාවක් ගෙනාවාය.

“වත්තේ ඔක්කොම අයට ගෙවල් හොයාගන්න කිව්වා ගුණපාලල අම්මේ. කුලියට හිටපු එවුන්ට ගෙවල් අයිති වෙන්න දෙන්නය නිකම්ම. කඩලා දානවා සේරම. මේ ගෑනි ළමයි හදාගෙන, හොරගොල්ලේ වලව්වට වෙලා ඉන්නේ නැතිව රටක් ආණ්ඩු කරන්න ආවා මදැයි!” නැන්සි අක්කා අපේ ගෙදරදී කිව්වේ අපේ ආච්චිටය. 

දැන්ය මතක් වෙන්නේ, බණ්ඩාරනායකවාදිනියක වුණු අපේ ආච්චී එවෙලේ ඉන්නට ඇත්තේ දත්මිටි කාගෙන වෙන්නැතිය.

තිරීස් මිසීටත් ලංකාව එපා වුණේ ඒ දවස්වලමය.

තිරීස් මිසීට ලංකාව එපාම වුණේ තුන් හවුල් ආණ්ඩුවේ ............
තුන් හවුල් ආණ්ඩුවේ කෙළවරක් නැති තහංචි- සීමා කිරීම් නිසාය, එයා දූලාත් එක්කම එංගලන්තයට ගියේ.

එහෙම ගිහින් ටික දවසකට පස්සේ අපේ බතික් වැඩපොළේ  ගැහැනු ළමයෙකුගේ අක්කා කෙනෙකු එහාට ගෙන්නා ගත්තාය. ඒ අපේ අම්මාගේ මාර්ගයෙනි. අක්කාගේ විභූතිය නංගී කියාපාමින් හිටි අල්ල-පනල්ලේ, අපේ අම්මාටත් ආරාධනයක් කෙරිලාය. අර අලංකාරවලින් අපේ අම්මාගේ ඇස් නිලංකාර වෙලාය!

“තමුසෙට පිස්සුද? මින් මනත ඔය ගැන මේ ගෙදරදී වචනයක්වත් කතා කරනවා නෙවෙයි ඕං...... දරු කැලතක් දාලා අම්ම රට යන්න..... උඹේ තිරීස් මිසීට දරු හැවිකාරේ නැතිකමට ඔහොම කියලා එව්වත් ලීලා, උඹම හිතපන්.....”

හිතපු නිසාදෝ ඊට පස්සේ අපේ අම්මා හිටියේ ‘alien’ කෙනෙකු වෙමිනි. සැමියා, දරුවන් සේරමලා එක්ක නොරිස්සුමකිනි!

අද පෝස්ටුව මෙතනින් නවතනවාටත් රසිකයන් නොරිස්සීමක් ඇති කරගන්නවා ඇතිය. ඒත් මේ කතාව තව වචන දෙතුන් සීයකින් ඉවර වෙනවායැ? ඉතින්...........

13 comments:

  1. නිමල්ගේ අම්මා එංගලන්තයේ ඉන්න බව කියල තිබුණට ගියේ කොහොමද කියලා දැන් තමයි තේරෙන්නේ.

    ReplyDelete
    Replies
    1. ඉස්සරහට තව පැටලිලි ලෙහන්න තියෙනවා, කුමාර!

      කමෙන්ට්ස්වලදී මට ඔයාගේ නම අහුවුණේ අද වගෙයි. වැරදියි නම් සමාවෙන්න. ස්තුතියි- හොඳේ.

      Delete
  2. Kumara is correct, things are getting bit clear now. I did not read all posts, so I am filling in gaps (trying to catch-up)

    ReplyDelete
    Replies
    1. ඔව්නේ විජේබාහු මහත්තයෝ.

      පංච තන්තරෙන් ලියන්නේ මගේ ජීවිත කතාවනේ. ඒ හින්දා මට ඕනේ හැටියට අවුල් කරන්නවත්, නිරවුල් කරන්නවත් ඉඩක් නැහැ. වෙච්චි දේවල් වුණු විදිහට ලියනවා.

      ඒ වගේම මගේ දිවියේ 'වංකගිරි' ගමන ලියද්දී කියවන අයටත් සාධාරණයක් කරන්න වෙනවානේ, රසබර විදිහට ලියලා. කුතුහලය රඳවාගෙන. ඒකටත් උපරිම උත්සාහයක් ගන්නවා.

      ඔබතුමා වගේ සියලුම පෝස්ට්ස් නොකියවූ සහෘද රසිකයන්ට පහසු වෙන්නයි වත්මන් පෝස්ටුවල පැරැණි සම්බන්ධතා ගැන කියවෙද්දී (අපේ අසංග රණසිංහ ආරච්චි හිතවතා කියලා දුන් විදිහට) links වෙනස් ඇල අකුරුවලින් යොදන්නේ.

      Delete
  3. https://www.thrillist.com/travel/nation/best-nude-beaches-around-the-globe

    //තිරීස් මිසී කිව්වාට ඇයගේ නම ඒක වෙන්නට බැරිය.// ????
    Therese

    ReplyDelete
    Replies
    1. සුපුරුදු විදිහටම ලින්ක් එකට ස්තුති කරන්නම් ඉස්සෙල්ලා.

      Pra Jay, මට ඒ දවස්වල ඉඳලාම තිරීස් කියපුවාම ඔඩ් ගතියකුයි දැනුණේ. එකයි එහෙම කිව්වේ. මං වැරදි වෙන්නත් පුළුවනි, නේද?

      Delete
  4. ම්.......... ඒකයි එහෙනම් හේතුව.

    ReplyDelete
  5. අම්මා අදට වඩා හෙට හොඳින් ඉන්න උත්සහ කරන චරිතයක්ව.පියානෝ හෙට මලත් අද හොඳින්.
    ඒහන්දම දෙපැත්ත බැලන්ස්.
    නිදි ඔය කාලේ බෙන්තොට රජයේ රෙස්ට් හවුස් එක තිබුනද?

    ReplyDelete
    Replies
    1. මට (ඡායාවක් වගේ) මතක හැටියට, බෙන්තොට ස්ටේෂන් එකට (ගොඩ පැත්තට) මෙපිටින්, පොලිසියට හරි තානායමට හරි පිටුපසින් තිබුණු ඉඩමේ තමා සුසන්ත බතික් එක තිබ්බේ.

      සිරිබිරිස් උන්නැහේ ඒ පැත්තේද?

      Delete
    2. නැහැ නිදි,පරණ පොත් වල ඔතැන ගැන විස්තර තියනවා.ඒ නිසා පොඩ්ඩක් බැලුවා.
      බෙන්තොට බීච් එක නං හැදුවේ ලන්දේසි බලකොටුව තිබ්බ තැනලුනේ.

      Delete
  6. බතික් අඳිනව වගේම සුද්දියො බලන එකත් අඩු නැතුව කරල තියෙනව වගෙයි.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න, ඔයාගේ ප්‍රශ්නේ දැක්කාම මට මතක් වුණේ කාලෙකට ඉස්සර 'මැඩෝනා' කියලා තිබුණු දෙයක්. 'මං එළවලු විතරක් කාලා, දවසකට පැය ගණනාවක් මහන්සි වෙලා ව්‍යායාම කරලා, හදාගන්න ඇඟ රසිකයන්ට පෙනෙන විදියට ඇන්දාම මොකද වෙන්නේ?'

      ඉතින් හැම කෙනාගෙම පොදු චින්තනය එකනෙ. එහෙම පෙන්වන්න හොඳ නං බලන්න මොකටද පැකිළෙන්නේ?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්