li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, October 16, 2019

මෝස්‌තර එක්ක හත් වසරක් - විසිඑක්වෙනි කොටස


සිනහව අතරින් කඳුළක් උපන්නා - ඒ බැව් නොදැනම සිනහවක්ම පෑවා’. ළයාන්විතව ඒ ගීතය ගයන්නේ මිල්ටන් මල්ලවාරච්චිය.

අපි එකතුවී ගී ගයන දවසක, ගීත තෝරාගැනීම් කෙරෙද්දී........
අප ගී ගයන්නට එකතුවෙන දවසක ගීත තෝරාගැනීම මගේ පිටට වැටුණොත් (හුඟක්ම දවසකට යෝජනා ස්ථිර කිරීමකින් තොරවම ඒ chance එක ගන්නේ මාය.) අර ගීතය වගේම තවත් එකක් මා තෝරාගන්නා ගොඩේ තිබෙයි.) 

ඒක සුජාතා අත්තනායකගේ ගැයුමකි. ‘මීදුම් වලාවන් ගලාලා - කඳුරැලි පාමුලේ - සවනට මොනවාද මුමුණා කියන්නේ’.

ගී දෙකම මධුරය. ඒ ගී දෙකම තිබුණේ එකම චිත්‍රපටයකය. සිනමාස් මණ්ඩලයේ ශාලාවලට මේ ෆිල්ම් එක release කළේ 1976 අප්‍රේල් 2 වෙනිදාය. මහරගම තිබුණු සිනමාස් සමාගමේ film hall එක ‘අනුෂා’ය.

ත්‍රිකෝණ ප්‍රේම කතාවක් ගැබ්වුණු එහි ප්‍රධාන චරිත රඟපෑවේ රවීන්ද්‍ර රන්දෙනිය, විජය කුමාරණතුංග හා මාලිනී ෆොන්සේකාය. පතිරාජ එල්.එස්. දයානන්ද අධ්‍යක්ෂණය කළ ඒ චිත්‍රපටය ‘ගංගා’ය.

අපේ තාත්තා මිය යද්දී අනුෂා සිනමාහලේ පෙන්වමින් තිබුණේ ඒ ‘ගංගා’ය.

අපේ තාත්තා මියයද්දී මහරගම අනුෂා film hall එකේ පෙන්වමින් තිබුණේ  'ගංගා' චිත්‍රපටයයි.
අනේ සමාවෙන්න! දහස්වාරයක් සමාවෙන්න!! ගංගා ගැන කියන්නට ඉක්මන් වුණා වැඩියි වගේය. 

ඊට කලින් කමලා සංජීවනී දිසානායක ගැනත් යාන්තමට මතක් කරලා ඉන්නට වෙයි. එහෙම කියන්නේ ‘නිදිගෙ පංච තන්තරේ’ පටන්ගත් අලුතම, අපේ පවුලේ බඩ පිස්සී ගැන කියුව හින්දාය. 

එයා ගැන ලිව්වේ බ්ලොගයේ 17වෙනි දිග හැරුමේදී; ගස්සලා යවමුද-2 පෝස්ටුවේදිය

ඔන්න, අපේ දීපානි නංගි බිහිවුණු වෙලාවේ, කළුබෝවිල ඉස්පිරිතාලේ සිස්ටර් කෙනෙක් මාව පොලීසියට අල්ලලා දෙන්න ගියාම මට නප්පියටම තද වුණා.

‘ආයේ එහෙම අම්මාට බබාලා හම්බ වෙන්න ආවොත් මම ගෙදරින් යනවා.” මං තගක් දැම්මා, අම්මටයි තාත්තටයි දෙන්නාටම. ඒක නිසාම, ඊළඟ වතාවේ ගැබ් ගත්තම අපේ අම්මලා ගබ්සාවෙන්න බෙහෙත් අරන්. ඒත් පරක්කු වැඩිවුණු නිසා කළලය ගබ්සා වුණේ නැහැ. 

දරුවා ඉපදුණා; අංග විකල වෙලා. 1975 නත්තල් දවසේ උපන් කමලා නංගි, අපේම වාසනාවට දවස් 15ක් විතරයි ජීවත් වුණේ.

ඒ විස්තර සේරම ගස්සලා යවමුද පෝස්ටු හතරේ ලිව්වා. මාවත් ගස්සලා යවන්න හදපු හැටිත් එක්කම! ඒත් එදා නොලියූ දේකුත් දැන් කියන්නට වෙයි! 

කමලා සංජීවනී නංගිව මිහිදන් කළේ බොරැල්ල කනත්තේදීය. ඒ කෙම්මුර දවසකය..........
කමලා නංගි මිහිදන් කළේ බොරැල්ලේ කනත්තෙදීය. සාමාන්‍යයෙන් මිනියක් වළලන්නේ නැති දවසකය. අඟහරුවාදාවක හෝ සිකුරාදාවකය. මළගමට හිටියෙත් අප-අපම පමණකි. දහයකටත් අඩුවෙනි.

“කොහෙද, මෙයාලා අතිපණ්ඩිතයොනෙ.... ගුණපාල අයියත් මේ ලෝකේ දෙයක් විශ්වාස කළේ නැහැ. රංජි ඊටත් හපන්..... කොහෙද රංජි ගෑනු මිනීවලට කර ගහන්නේ?” චූටි නංගිගේ භූමදානය තිබුණු දවසේ සුල-මුල සේරමත් මතක තබාගෙන ඉඳලා තිබුණේ අපේ අසල්වැසියන්ය.

ඒවා කියැවුණේ තාත්තාගේ අවමඟුල් පෙරහැර ගැන තීරණ ගන්නට ගියාමය.

“නිමල් අයියේ, අපිත් තාත්තගේ මිනිය අරන් යනවා ටික දුරක්! එපයි කියන්න නම් එපා!!” ලලිතා, ස්වර්ණා, අයිරාංගනී, සෝමලතා හා ගමගේ අක්කා ඇතුළු කට්ටියම මට කිව්වෝය.

ඇමෙරිකන්කාරයෙක් හඳට ගිහින් නමෝවිත්තියෙන්ම ඉස්සරහට තිබ්බේ වම් පයයි!
ගැහැනු අය මිනී උස්සාගෙන යන සිරිතක් නැතැයි හා-හෝවක් ගියේ ඊට මාස කිහිපයකට ඉහතදීය. 

ඒ මහරගම දුම්රිය මාවත අසල හිටි නන්දසීලිගේ මරණය වේලාවේය. ‘Neil හඳට - Sunil කරඬුවට- Waල්ල බිමට’ පෝස්ටුවෙදී කියූ පොඩි සෝමක්කාගේ ළඟම ඥාති දියණියකි නන්දසීලී. එයා වැඩ කළේ ‘හයිඩ්රාමනි ආයතනයේ’ය.    

නන්දසීලී මියගියේ කෝච්චියට පැනපු හින්දාය. හේතුව නං මට මතක නැත. 

මළගමේදී හයිඩ්රාමනියේ ගැහැනු ළමයි විලාප දෙමින් මිතුරියගේ දේහය ඔසොවාගෙන ගියහ. ඒකෙන් උත්තේජනයක් ලබලාද කොහෙදය, දීපානි බතික් ආයතනයේ ළමයිනුත් ‘ගුණපාල අයියාගේ’ මිනියට කර ගහන්න ආවේ.

“ඔව්වා වස් වදින වැඩ..... ඉඩ දෙන්න නං එපා, ලීලා. 
පේනවනේ... ගුණපාලයියා පුංචි දුවව වළේ දැම්මේ කෙම්මුර දවසක. යාන්තං මාස තුන වෙනකොටම ගෙදර තව මරණයක් වුණා.... 
ඔන්න, මේ සැරේ කෙල්ලෝ ලව්වා මිනී උස්සවලා කොතනින් කෙළවර වෙයිද දන්නෑ!”

එයාලගෙ අදහස් හින්දාම ආච්චීත්, අම්මාත් එකතුවී මා අධෛර්යවත් කරන්නට හැදුවෝය. මටත් තියෙන්නේ මහම කැත පුරුද්දකි. මොකක් හරි වේවා ‘එපා’ කියනවා නං ඒකම කරන්නට හිතනවාය.

ඒ කාලයේ ඉඳලාමත් අපේ ගෙදර අධිකාරි බලය තිබුණේ මගේ අතේ වගෙය!
අනෙක් අතට ඒ කාලයේ ඉඳලාම මා අධිකාරී බලය අතට ගෙන තිබුණා වගෙය කියලා හිතෙන්නෙත් දැන්ය. පවුලක් නඩත්තු කිරීමේ බරට උර දුන්විට ඒ ‘බලය’ ඉබේම අතට එනවා වෙන්නැතිය. අනෙක ලොකු පුතාත් වුණාම.... 

නිවැරදිව යමක් බලාගන්නට ඕනෑ නම් ‘ස්වාධීන - අපක්ෂපාතී මනසකින් යුතුව’ හිටින්නට වෙයි. බලය තියෙද්දී එහෙම කරන එකත් ලේසි-පාසු නැත.

“ඒ ළමයින්ගේ කැමැත්තනෙ.... ඔන්නොහෙ උස්සන් ගියාවේ..... තව ඉන්නවනේ මිනිස්සු. දිගටම උස්සන් යන්නේ නැතිව එයාලටත් දෙයිනෙ.” මම කීමි.

එතැනදී සේ ටීචර් වුණත් කතා කළේ මගේ පැත්තටය. ළමා නිවාසයේ කුලතුංග සර් කිව්වෙත් එහි වරදක් නැති බවයි. ඒ 1976 දීය. අදට අවුරුදු 53කට කලින්ය. එහෙත් අපේ රටේ මති-මතාන්තර තවමත් වෙනස්වෙලා නැහැ වගෙය. 

ගැහැනු මිනී උස්සාගෙන යාම පැත්තක තිබුණාවේ!

දැනටත් අඟහරුවාදා, සිකුරාදා දෙකේ මිනියක් ගෙදරකටවත් ගෙනෙන්නේ නැතිය. ඒ මැරුණු මිනිහා ජීවත් වුණු ගෙදරටවත්ය. 
හැබැයි ඇමෙරිකාවේ නීල් ආම්ස්ට්‍රෝන් 1969 හඳට ගිය වෙලාවේ ඉස්සෙල්ලම ඉස්සරහට තිබ්බෙත් ‘වම් පය’යි! 
අපෙන් කවුරුවන්වත් එහෙම කරන්නට එඩිතර වෙනවාද? 
(ඇමෙරිකානුවන් 13 ට බය එක වෙනම කතාවකි. අපිත් බයෙන් ඉන්නේ 19ට!)

කුරුල්ලන් පියඹනවා වගේම පුරුද්දක් අපේ ආච්චිටත් තිබිණි. පියඹන්නට නොවේ......
ඉතින් බතික් වැඩපොළේ ගැහැනු ළමුන්ගේත්, තවත් නෑදෑ හිතවතුන්, මිතුරන් රාශියකගේත් කර පිටින් දිසානායක හේවගේ ගුණපාල, 1976 අප්‍රේල් 20 වෙනිදා හෝ 21 වෙනිදා ගොඩිගමුව සුසාන භූමියට ගියේය. අනෙක් අය සේරම ආපහු ආවත් එයා එහෙම නැවතුණේය!

ඊළඟට කියන්න වෙන්නේ අපේ ආච්චිගේ පුරුද්දකි! ජන්මෙටත් වඩා ලොකු පුරුද්දකි!!

කොච්චර මනුස්සකම් තිබ්බත්, යාළු-මිත්‍රකම් තිබ්බත්, ගමේ හැම අවමඟුලකටම ගියත් දසනායක රත්නවතී ‘මළ බත්’ නම් කෑවේ නැතිය. 
ඒකට හේතුව අප ඇහුවෙත් නැත. එයා කිව්වෙත් නැත. 
එකා යකා වුණු තම එකම පුත්‍රයාගේ මළගමේදීවත් ඇය සිරිත අත් නොහළාය; මළබත නොකෑවාය.

“ඔව්වා කියන්නත්  දේවල්ද?” කියලා කෙනෙකුට හිතෙන්නටත් ඉඩ තිබෙයි. 

මට නම් මේ හැම එකක්ම විශේෂය. මමත් ඒ ආච්චිගේ මුණුබුරෙක්මි. මගේ ගතිගුණවලින් වැඩි හරියක්ම එයාලාගෙන් උරුමවුණු ඒවාය. දැඩි හිත! විශේෂයෙන්ම. 

එදා මළබතෙන් පස්සේ අපේ ගෙදර ඉතිරිවුණේ ටික දෙනෙකු විතරය.... නිඳිමතත් තරහ වෙලා වගෙය.........
එදා මළබතෙන් පස්සේ ගෙදර ඉතිරි වුණේ ටික දෙනෙකු විතරය. 

මුළු රෑම එළිවෙනතුරු පාලු කපන්නට රංජිත් අයියලා, සෝමවීරලා එනවාය කිව්වේ හොඳටම පරක්කු වෙලාය. “දොළහෙන් විතර පස්සේ හුඟ දෙනෙක් යනවනේ මල්ලී. ටිකක් නිඳාගෙන ඉඳලා ඒ වෙලාවට එන්නයි අපි කතා වුණේ!” ඔවුහු කල් තියාම මට කීහ.

එදා මගේ නිඳිමතත් මාත් එක්ක තරහ වෙලා හිටියා වගේය. ඉවසන්නට බැරි පාළුවක්, තනිකමක් දැනුණු මම කලිසමත්, කමිසයත් දමාගෙන අම්මා ළඟට ගියෙමි.

“කොහෙ යන්නද මේ රෑ...... ඊටත් අද?”
“මං යනවා ‘ගංගා’ බලන්න!”

“මොකී?”
“මොකියෙක්වත්වත් නෙවෙයි අම්මේ. අනුෂා එකේ චිත්‍රපටිය.”

මගේ හැටි දන්නා නිසාද කොහෙද අම්මා එතැනින් එහාට කතා කළේ නැත. එහෙත් එකම-එක අවවාදයක් විතරක් දුන්නාය. “යන්නෙ කොහෙද කියලා බෙර ගගහ ඉන්නේ නැතිව; සද්ද නොකර ගිහින් වරෙන්. මිනිස්සු කැත කියයි.”

මට boy friend කෙනෙක් ඉන්නවා. ගෙදරින් against.... (ෆොටෝ - මාධව බොතේජු)
කාටවත් කියන්නේ මොකටද? මට ඕනෑ කළේ ෆිලුම බලන්නටය. 9.30 දර්ශනය බලලා එද්දිත් රංජිත් අයියලා ඇවිත් තිබ්බේ නැතිවායින් මට ලෙහෙසියක් නම් වුණේය. 

‘ගියේ කොහෙද?’ කියා මගෙන් අහන්නට වෙන කවුරුන්වත් හිටියේ නැත.

රෝබියෙස් අයියලාගේ ගෙය කුලියට ගැනීම එහෙමම නතර වුණේය. බෙන්තොට සුසන්ත බතික් වැඩපොළේ සේවය කිරීමත් නවතා දමන්නට මට සිදු වුණේය. ඒකෙන් වැඩියත්ම පාඩු වුණේ චූටි මම්මාටය. 

චූටි මම්මාය කිව්වේ ටෙරන්ස්ලාගේ අම්මාගේ; සිරිසේන මුදලාලිගෙ ඇඹේණියගේ නංගිටය. එයාත් ඒ දවස්වල හිටියේ බෙන්තොටට ඇවිදින්ය. මටත් හොඳටෝම හිතවත් වෙලාය.

“නිමල් අයියේ, අපේ චූටි මම්මාට ලොකු රහසක් තියෙනවලු ඔයාට කියන්න.” කවුරුන්වත් නැති වෙලාවක ටෙරන්ස් කතාවකට මුල පිරුවේය.

 කතාවේ ඉතිරි කොටස, පස්සෙන්-පහු මට කිව්වේ චූටි මම්මාමය.

“මට බෝයි ෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවා නිමල්. අම්මලා සේරම against. මේ අක්කත් කැමති නැහැ. ඒකයි මාව මෙහෙ ගෙනත් තියාගෙන ඉන්නේ. හැබැයි, කවුරු විරුද්ධ වුණත් අපි බඳිනවා. තව ටික දවසයි ඉන්න ඕනේ. 
එතකල් මට එයාගෙන් ලියුමක් දෙකක් ගෙන්නාගන්න උදව් වෙන්නකො.”

ඉතින් මමත් ඒ පෙම්වන්තයන් යුවළට බොක්කෙන්ම උදව් කළෙමි!
මගේ මතකය හරි නම් ඒ පෙම්වතාගේ නමත් නිමල්ය.
බද්දේගම නගරයේම ප්‍රසිද්ධ ව්‍යාපාරික පවුලක දියණියක් හින්දාද කොහෙද, චූටි මම්මලාගේ වැඩිහිටියන් ‘ලොකු බෑනෙකු’ පතමින් හිටියාලු!

“කෙනෙක් කසාද බඳින්න ඕනේ තමන්ට ඕනැ කෙනෙක්වනෙ නිමල්, මමනේ බඳින කෙනා එක්ක දිගටම ඉන්න ඕනෙ. මං එයාට කැමතියි. එයත් එහෙමයි.....” ඒ මතවාදයට එකඟ හින්දාම, මමත් එයාලට full support වීමි.

සතියකට වතාවක් ගෙදර යන මට ලියුමක් දෙකක් ආවේ හිත-මිතුරු කාගෙන් හරිය. ඒකත් චූටි මම්මාට වාසියට හිටියේය. 

ඒ නිමල්ගෙන් මේ නිමල් නමට ලැබුණු පෙම්හසුන්වල ලිපි කවරයේ කොණක පුංචි කතිරයක් තිබිණි. ඒවා විවෘත නොකරම චූටි මම්මාගේ අතට ගියේය.

එහෙම මගෙන් ලැබුණු උදව්ව හිටි ගමන් නැවතුණාම පෙම්වතුන් දෙන්නා වෙනත් මඟක් හොයාගන්නට ඇත. “චූටි මම්මා අරයව බැන්දා.” පස්සේ දවසක ටෙරන්ස්ම දැනුම් දුන්නේය. ඒ පෙම් යුවළට උදව්වක් විනැයි කියන නිරාමිස සතුට අදටත් මට හිමිය.

තාත්තාගේ විසූකදස්සන නැති හින්දා දැන්වත් අපට සතුටෙන් ඉන්නට හැකි වෙතියි .......
සතුට!

‘දැන් නම් ඉතින් තාත්තගේ කෝලම් නැති හින්දා යන්තම් නිස්කලංකෙන් ඉන්න පුළුවන් වෙයි. පොඩි එවුන්ටත් කණක් ඇහිලා ඉන්න තියෙන සතුටම මදැයි.’ මං හිතුවේ එහෙමය. ඒ සිතුවිල්ල අතුරුදහන් වුණේ තාත්තාගෙ හත් දවසේ දානය දෙන්නටත් කලින් දවසේය.

හරියටම කියනවා නම්, අම්මා ඊවා හාමුලගේ ගෙදරට ගිහින් ආ දවසේය.

“ඊවා හාමු තිරීස් මිසීට ටෙලිෆෝන් කරවලා දුන්නා. මට එහෙ එන්නලු... එයා ටිකට් එකක් එවනවා කිව්වා!” 

“රංජි පුතාලට ලේසි වෙන්න මං ටික දවසක් මෙහෙ ඉඳල යන්නං අම්මාාාාාා. අනේ රංජි පුතා, මට ඉතින් එච්චර තමා කරන්න පුළුවන්නෙ.”. එහෙම කියලා ඒ දවස්වල අපේ ගෙදරම නැවතිලා හිටි සෝමා පුංචිය (අම්මාගේ එකම නැඟණිය), ඉස්සෙල්ලාම අපේ අම්මාට හරස් කැපුවේ.

“පිස්සුද ලීලක්කා? මේ දරු කැලතක් දාලා ඔයා එංගලන්තෙට යන්න.... 
තවම මේ නොදරුවාට වයස කීයද?”  ඒ කිව්වේ අපේ දීපානි නංගි ගැනය. 
දීපානිට එතකොට අවුරුදු තුනවත් පිරිලා නොතිබිණි. 

“කවුද මේ ළමයි බලාගන්නේ? රංජි පුතාට පුළුවන්ද බතික් රස්සාව කරන ගමන් නංගිලා-මල්ලිලාවත් බලාගන්න.... තවම නොදරුවොනෙ..... ඔයා ගියොත්, තාත්තත් නැති ළමයින්ට අම්මත් නැතිවෙනවා නේද ලීලක්කා?”

මගේ දඩබ්බර හිත ඇවිත් තියෙන්නේ අපේ මහ උන්දැලා දෙන්නාගේම ජානවලිනි!
දැන්ය වැටහෙන්නේ. මගේ දැඩි හිත ‘රහුබැද්දේ විදානෙලාගේ’ ජානවලිනුත් ඇවිදින්ය. 

අපේ අම්මා මේ බ්ලොගය කියවන්නේ නැත. කියවනවා නම් මෙහෙම තැන්වලදී, මදිය නොකියන්නම ආඩම්බර වෙනවාය. එහෙම වෙලාවට එයාට හිනා වෙන්නට කට මදිය!

එදා නම් අපේ අම්මා හිනා වුණේ නැත. මොකුත්ම කිව්වෙත් නැත. බුම්මාගෙන හිටියා විතරය!

“ඇත්තටම ලීලා, උඹේ මොළේ නරක් වෙලාද බං?” ආච්චී ඇහුවාය. 
ඒක හරියටම ඇවිලෙන ගින්නක් නිවන්නට තෙල් දැම්මා වගෙය. අම්මා ගස්සාගෙන ගෙට ගියේ, ආච්චිටත් සෝමා පුංචිටත් ‘කන්සෙට පහරක්’ බැගින් දුන්නා සේය.

“මම එයාලට වැඩියෙන් කොච්චර පරණයිද? අදක ඊයෙක ඉඳලාද මං උන්නාන්සේව දැනගෙන ඉන්නේ? හතර පෙර නිමිති දකිනකොට මං උන්වහන්සේ එක්ක... 
අභිනිෂ්ක්‍රමණය කරද්දී මම උන්නාන්සේ එක්ක. 
එතකොට කෝලිතලා-උපතිස්සලා කොහෙද හිටියේ.... 
මහා කාශ්‍යපලා කොහෙද හිටියේ... 
පැරණිකම නොවෙයිද වටින්නේ... ජ්‍යෙෂ්ටත්වය නෙවෙයිද වටින්නේ?’ 

ඡන්න හාමුදුරුවන් එහෙමයි හිතුවේ. එහෙම උඩඟුකම් කෙනෙකුගෙ හිතට ආවාම හරි-වැරැද්ද පෙනෙනවයැ?

ආනන්දය, මාගේ පිරිනිවීමෙන් පසු ඡන්න තෙරුන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩය...........
පුදුමේ කියන්නේ ‘සීනියෝරිටි’ එක එකම සුදුසුකමය කියලනේ අපේ රටේ ගොඩක් දෙනා හිතන්නේ. ඡන්න හාමුදුරුවන්ගේ කතාවවත් කියවලා නැතිව ඇති.

එහෙම ආඩම්බර වෙලා බණක්-භාවනාවක් නොකර හිටි ඡන්න හාමුදුරුවන්, බුදුහාමුදුරුවන් වහන්සේ දුන්නු අවවාදවත් කණකට ගත්තේ නැහැ.

“ආනන්දය, මගේ පිරිනිවීමෙන් පසු ඡන්න තෙරුන් වහන්සේට බ්‍රහ්ම දණ්ඩය පනවනු. එවිට උන්වහන්සේ නිසි මඟට එළඹෙනු ඇත.” බුදුහු වදාළහ.

බ්‍රහ්ම දණ්ඩය කියන්නේ ‘කෙනෙකු සමඟ අනෙක් අය කතාබහෙන්- ඇසුරෙන්- එක්ව කටයුතු කිරීමෙන් වැලකිලා ඔහුව හුදෙකලා කිරීම’ටයි. 
බුදුන් වහන්සේ ආනන්ද හාමුදුරුවන්ට කී දඬුවම; බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වේ වැරැද්ද කළ කෙනාටය!

ඒත් මේ වෙලාවේ අපේ අම්මා බ්‍රහ්ම දණ්ඩය පැනෙව්වේ ගෙදර හිටි අනෙක් අයටය!

මට 100%ක්ම ෂුවර් අදටවත් අපේ අම්මාගෙන් ඇහුවොත් ‘බ්‍රහ්ම දණ්ඩය කියන්නේ මොකක්ද?’ කියලා එයාගෙන් හරි උත්තරේ ලැබෙන එකක් නැහැ

එහෙම වුණත්, අර ගෝරිය වෙච්ච දවසේ ඉඳන් එයා අපට බ්‍රහ්ම දණ්ඩය පනවාපි! ගෙදර හිටි කා එක්කවත් කිසි කතාවක් නැහැ; හිනාවක් නැහැ. ඔහෙ උන්නා; ඉන්නවාට විනා. ‘Zombie’ කෙනෙක් එහෙමත් නැත්තං ‘පිල්ලියක්’.........

“මේක මහ විකාරයක්නෙ රංජි පුතා.... ලීලක්කා ගැන මටම ලැජ්ජයි. කොහොමද මන්දා ලීලක්කා මෙච්චර දරදඬු වුණේ?” සෝමා පුංචි මුණු-මුණුවෙන් ඇහුවා.

“අපේ ඒකාගේ වැරැද්ද. එදා ඉඳලම ගෑනිව ඉස් මුඳුනේ තියාගෙන හිටියා..... කටුස්සගෙ කරේ රත්තරන් බැන්දා වගේ ගෑනිත් පිම්බුණා. දැන් ඒක පුරුද්දට ගිහින්....” ආච්චී කිව්වේ කටු-කුටුවෙන්.

සීයා විතරයි අපේ අම්මාට කෙලින්ම කතා කළේ. 

ඒකත් ඉතාම සාමකාමී විදිහටය. හිත නොතැලෙන විදිහටය. “ලීලා. ඔහෙ දැන් වැඩ කරන්න ඕනේ දුර-දිග බලලා.... ළමයි දහ දෙනෙකුගේ අම්මෙක්නේ... එක්කෙනෙක් නැති වුණත්.... ලොකු කරුමයක් ගෙවලා ඉවර වුණා විතරනෙ.... මෙයාලගේ අනාගතේ ගැනත් හිතන්න ඕනේ. තමුන්ගෙ අනාගතේ ගැනත් හිතන්න ඕනේ.... තමනුත් තවම තරුණයිනේ...”

සීයා එච්චර යාප්පුවෙන් කතා කරලත් අපේ අම්මා.........
එච්චර යාප්පුවෙන් කතා කළ අපේ සීයාගේ line එකත් වැඩ කළේ නැත.

සේ ටීචර්, කුලතුංග සර්, රංජිත් අයියා වගේ කිසිම කෙනෙකුට වුණත් අපේ අම්මා උත්තර දුන්නේ නැත. අහගෙන- බුකවාගෙන බලා හිටියා විතරය. 

“තුන්මාසේ දානෙට සේරමලා එකතු වෙනවනේ.... දානේ දීලා ඉවර වෙලා අපි මේක විසඳුමක් කරගනිමු..... කතා කරලා.” මම යෝජනා කළෙමි.

ඒ වෙන තුරුමත් මේ ප්‍රශ්නය ගැන මගේ මතය මා ප්‍රකාශ කොට තිබුණේ නැත. කිසිම ප්‍රතිචාරයක් දක්වා තිබුණෙත් නැත.

වැඩියෙන්ම අම්මා සමඟ උරණව හිටියේ අපේ ලොකු නංගිය. 

ඒකත් සහේතුකය. කලිනුත් කියා තිබෙන විදිහටම අපේ අම්මා ගෙදරදොර ඉවුම්-පිහුම් වැඩවලට වැඩි කැමැත්තක් තිබුණේ නැත. අම්මා මහන රස්සාවට ගියත් හරි ගෙදර වැඩ සේරම පැටවුණේ ලොකු නංගිගේ කර පිටටය. 
එයාත් කළේ ඒවයින් බාගයක්ම වගේ මානෙල්ගේ පිටට දැමීමය.

1976 වෙද්දී මානෙල්ට 11කි. ගෙදර 11 දෙනාට උයන රාජකාරිය එච්චර පුංචි දැරියකට....
76 වෙද්දී ලොකු නංගි පුෂ්පාට අවුරුදු 17කි. මානෙල්ට 11කි. උයන්නට ගියාම දෙන්නාගේ රණ්ඩුවල නිමක් නැත. මුල් කාලයේ නම් තාත්තා කුස්සිය මෙහෙයෙව්වත්, කකුල් දෙක කැපුවාට පසුව ඒවා කළේ නැත.

නංගිලාගේ රණ්ඩු බේරීම එකම හිසරදයක් වුණු තැන මං කළේ ඉවීම මාරුවෙන් මාරුවට කරන්නට නංගිලාට පැවරීමයි. 

එදා මට නොවැටහිණි. අවුරුදු 11ක දැරියකට; මානෙල්ට 11 දෙනෙකුට උයන්නට පැවරීමම කොතරම් හිංසනයක්ද? 

ඒවා නොතැකීම ලොකු නංගිගේත් වැරැද්දක් නොවේ. එයා එතරම් දුර හිතුවෙම නැතිය. ඒ දෙන්නම නොහිතූ කෙනෙකුටත් ලොකුම වැරැද්දක් වුණේය. ඒ සමන්ති නංගිටය. අවුරුදු 8ක දැරියකව හිටියදීම, අක්කලා දෙන්නාටම කුස්සියේ සහයිකාව වෙන්නට වුණේ සමන්තිටය.

කොහොමෙන් වුණත්, ඒ හැම දේකින්ම මටත් බැට කන්නට සිදුවුණේය!

“පුතා ගැන තමයි රංජි පුතේ මට හොඳටම දුක. පුතා ඔහෙ හම්බ කරනවා..... දියුණුවක් නැහැ. කියන-කියන දේ ගෙදරට ගෙනත් දෙනවා..... නංගිලාටත් තේරුමක් නැහැනේ. 
පුතාලගේ ගෙදරට සුමානෙකට ගෙනෙන දේවල්වලින් මට පුළුවන් මාසයක් පිරිමහගන්න.....”

සෝමා පුංචි එහෙම කිව්වේ නිකම්මත් නොවේ. මාව කුස්සියටම අඬගසාගෙන ගිහින් පෙන්නලාය.

නෝනා උයන වෙලාවට අඹරන මිරිස් ගුළිය මානිට දෙන්නෑ. මානෙලුත් එහෙමයි.... නාස්ති වෙන්නේ පුතාගේ සල්ලි!
“මේ... මේං බලන්න රංජි පුතේ මේ මිරිස් ගුලි. නෝනා උයන වෙලාවට අඹරන මිරිස් ගුළිය මානෙල්ට දෙන්නෑ. හංගනවා.... මානෙලුත් එහෙමමයි.... දවසක් ඇර දවසක්නෙ එක්කෙනෙක් කුස්සියට එන්නේ.... එතකොට මිරිස් ගුළිය පුස් කාලා..... මේ පේනවද මිරිස් ගල වටේ වැටිලා තියෙන මිරිස් කරල් ගොඩ. අපරාදෙනෙ මයෙ පුතේ...... බදුල්ලේ නැතිව ළඟකවත් හිටියා නං....”

එදාය මාත් දැක්කේ. බෝතලයට නොදැමූ සීනි ගොටු කොටස්වලට කූඹි වහලාය. ඉතිරි වුණු පාන් කාල්-බාග තැන-තැනය. වළංවල ඉතිරි කෑම පුස් කාලාය.

ඒ දවස්වල අරපිරිමැස්මක් කියලා දෙයක් අපේ ගෙදර තිබිලාම නැත.

අපේ ගෙදර ළඟම ගෙදරක හිටියත්, අපේ ආච්චිට වුණත් අපේ නංගිලා ආංබාං කරන්නට; මෙච්චල් කරන්නට හැකි වුණේ නැත. ඒ එයාලත් දිසානායකලා වුණු හින්දාය. ආච්චී දසනායකනේ! 

ඉතින්, දිගින්-දිගටම ගඟට ඉණි කපන්නට කැමැති කවුද? 


18 comments:

  1. නිමල් අයියේ තාත්තා මිය ගිහිල්ලා අවුරුදු 53 ක් නොවේ 43ක් වෙනවා නේද?
    සිනමාස් සමාගම එක විකුණලා දැන් අනුශා ෆිල්ම් හොල් එක අයිති නව පරපුරේ නළුවෙක්ට.

    ReplyDelete
    Replies
    1. ඒකනේ මටත් අවුලග මමත් බැලුවා කමියා එගෙමත් එච්චරම වයසට ගිහින්ද කියලා

      Delete
    2. ගොඩාරියක් ස්තුතියි අසංග.

      ඉතාම ඉක්මනින්ම මගේ වැරැද්ද අහුවීම ගැන. ඒ වගේම සතුටුයි ඒ වැරැද්ද ගැන තියෙන ප්‍රතිචාර දැක්කමත්. ඒ කියන්නේ රසික ඔයාලා ඉතාම සැලකිල්ලෙන් - අවදියෙන් කියවනවා කියන එකනේ.

      පෝස්ටුවක් කෙටුවාම දෙතුන් වතාවක්වත් කියවෙනවා, අක්ෂර- ව්‍යාකරණ වැරදි බලන්නයි, පින්තූර ගැළපෙන පරිදි යොදන්නයි යද්දී.
      එහෙමත් එකේ මේ වැරැද්ද අහු නොවුණේ මං ගණිතයට දක්ෂ නැති නිසාම වෙන්නෝනි.

      උදාර, කමිගේ වයස කොහොමද මෙතනට.... සොරි, සොරි, මම සාමාන්‍යයෙන් කෙනෙකුට මගේ වයස කිව්වෙත් නැහැ, කෙනෙකුගේ වයස ඇහුවෙත් නැහැ මේ ළඟක් වෙනකල්ම!

      කොහෙද, අපේ නංගිල-මල්ලිලාගේ දරුවෝ අම්මල-තාත්තල වුණාම මං ඉබේම 'කොකු සීයා' වුණානෙ. වයස හංගන එක අතෑරියේ එතකොට.

      Delete

    3. ඌත් මග‍ේ වයසමන‍ෙ

      Delete
  2. මේ පැත්තෙනං දැන් අඟහරාවාදා සිකුරාදා අවසන් කටයුතු කරන එක සෑහෙන්න කෙරෙනව. දැන්වීම් අච්චු ගහන මනුස්සයෙක් හැටියට මට ඒක කියන්න පුලුවන්.

    //ඒ 1976 දීය. අදට අවුරුදු 53කට කලින්ය// මගේ වයස අවුරුදු 10 කින් ඉහළ දැමීම පිළිබඳව සාතිශය සංවේගය. :D

    ReplyDelete
    Replies
    1. බලන්යනකොට කො.කො.ස සභාපතියා නன මගේ පලෝලේ එකෙක්නේ

      Delete
    2. නෙදකින් මූත්‍9දෙන්නත් 1976

      Delete
    3. හත්තිලව්වේ, වැරැද්ද හදන්නේ නැතිවම තියෙන්න අරිනවා. තව කියවන අයගෙනුත් මොන-මොනවා හරි කියවෙයිනේ එතකොට.

      Delete
    4. ප්‍රසන්න උන්නැහෙත් ප්රින්ටින්ද කරන්නේ?

      මේ පැත්තේ නං මේ ළඟදිත් මිනිය ගෙදරකට නොගෙනවිත් බලන් හිටියා රෑ දොළහ පැනලා දවස වෙනස් වෙනකල්.

      සාතිශය සංවේගය පහන් සංවේගයක් කර ගනිමු නේද, ප්‍රසන්න.

      Delete
    5. 1976 උපන්න අපි වගේ තරුණයන්ට අවුරුදු 10 අහිමි කිරීම එච්චර දෙයක් නෙවෙයි. අපි දවසක මෙහෙන් චුතවෙලා ආපහු නම ගම වෙනස්වෙලා එන අමරණීය මිනිස්සු හරිය ලොකා...

      Delete
    6. යකෝ බලාගෙන යනකොට 76 සෙට් එකක්ම ඉන්නවනෙ. මම ඉස්සෙල්ලම දැනගෙන හිටියෙ කමිය 76 කියල විතරයි. ඊගාවට ලොකු මල්ලි.

      @නිදි, ලොකුවට නෙමෙයි පොඩි ප්‍රින්ටින් වැඩක් තමයි කරන්නෙ. මෙහේනං දැන් ඔය දවස් දෙක ගනන් ගන්නෙ නෑ.

      Delete
  3. Ramses 11 ට වගේ අධිකාරී බලය ගැන මට හිතුනෙ

    ReplyDelete
    Replies
    1. එච්චර නැහැ Pra Jay මහත්තයෝ.

      කොච්චර අධිකාරි බලය තිබුණත් වැඩක් නැතිවෙන තැනුත් තිබුණා. අපේ පළමුවෙනි විධායක ජනාධිපතිතුමාටත් ඒක වුණේ. ඉතින් මට වුණාම මොකෝ?

      Delete
    2. ගෙදර ලොකු එකා උනාම හම්බ වෙන අධිකාරී බලය!!! අප්පේ මට මතක් වෙනකොටත් හිරිගඩු පිපෙනවා!!!

      Delete
  4. ඡ්න්න ස්වාමීන්වහන්සේට බ්‍රහ්ම දණ්ඩණය පැණවුන එක ආරංචිවුනාම කලන්තෙ දැම්මලු.

    ReplyDelete
    Replies
    1. ඉයන් මහත්තයෝ, ඒකටත් එක්ක දැන් ඉන්න අය. බ්‍රහ්ම දණ්ඩනේ නෙවෙයි සිවුරු අරවනවාය කිව්වත් ....

      Delete
  5. අදයි කියෙව්වේ මේක . වෙන තැනකින් ඇවිත්. කණගාටුයි නංගිලා දෙන්න ගැන. අඩු වයසින් වැඩිහිටි උණු නිදි ගැන

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් මහත්තයෝ, මෙහෙම හරි; පහුවෙලා හරි මගේ ජීවිතේ කොටස් කොටස් දැනගන්නට උනන්දුවීම ගැන ගොඩාරියක් ස්තුතියි!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්