li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, November 16, 2019

හරෝහරා! - දහසයවෙනි කොටස

කිරි සයුර කළඹන්න සුර-අසුර දෙගොල්ලොම එකතුවුණා වගේ, සුදුළූණු කිරි තේ හදන්න ....
සුදුළූණු දමලා කිරි තේ බොන රටක් ගැන අහලා තියෙනවාද?

එකත්තෙකටම ඔයාලාත් අහලා නැතුව ඇතිය. එච්චර කාලෙකට නම් මං වහන්සේවත් අහලා තිබුණේ නැත. ඇහුවේ 2019 පාද යාත්‍රාවේ ඇවිදින් වරහන නැවතුණු දවසේ රාත්‍රිය ගෙවෙද්දීය;

කිරි සයුර කළඹන්නට සුරයන් සේරම එකතු වුණා වගේ, 
පාද යාත්‍රාවේදී අපට එකතු වුණු පිරිසේ හිටි කෙනෙකුගෙනි. 
ඒකත්, කලින් දවසේ වගේම පාන්දර හතර වෙන්නටත් කලින්ය; ඉන්දිකගෙනි. “හිච්චි, නැඟිටිමු නේද?” 

“හ්ම්! පාන්දරත් වෙලාද? ඒයි හිරූ.... දෙනෙත්, 
නැඟිටහල්ලා බං..... එළිවෙන්න කිට්ටුලු.....”

පහළට රූටමින්, යළි ඉහළට වෙමින් නිඳි නැති රැයක් ගෙවාදමා හිටි මට යාන්තමට නින්ද යාගෙන ආවා විතරය. 

නෙවිල් අනුරසිරි නින්දෙන්මද කොහෙද, මෙතැන ලියන්නට බැරි ‘පිරිතකින් පාඨයක්’ තරහෙන් පිපිරෙමින් සජ්ජායනා කර හිසේ හිට රෙද්ද පොරවාගත්තේය. හිච්චිලාගේ අය නැඟිට්ටත්, අපේ පස් දෙනාගෙන් නම් කවුරුන්වත් නැඟිට්ටේ නැත.

පිබිදුණු බව නොපෙන්වමින් හිටියත් අඩවන් දෙනෙතින් බලද්දී මට පෙනුණේ හිච්චි මහත්තයා වතුර ළිපේ තියන අයුරුය.

නැඟිටින්නට මැලිකමෙන් එහෙමම ඉඳගෙන යාන්තමට ඇස් ඇරලා බලද්දී හිච්චි.....
“හිච්චි.... මං ගහන්නං එළ tea එකක්! ඉඟුරු, කුරුඳු, සුදුළූණු දාලා!”

රහස් කතා බැරි ඉන්දිකගේ ඒ වචන ටික ඇහුණා විතරය. 
නිඳාගෙන වගේ හිටි නිමල් දිසානායක වහාම නැඟිට්ටුණේය.... 
(වැඩියත්ම එහෙම වුණේ අනෙක් අයගේ සුබසිද්ධිය වෙනුවෙන්ය!) නැඟිට්ට බව තේරෙන්නටත් එක්කම කතාත් කෙරුණේය...

“ඉන්දික, මොකෝ දැන්මම නැඟිටලා... තවම හතරහමාරටවත් නැහැනේ.”

“ආ.... ඔය මාමාත් නැඟිටලා තියෙන්නේ. 
එළිවෙන්න කිට්ටුනේ මාමේ. 
ඒක නෙවෙයි, මං අහගෙන ඊයේ මාමා කියනවා තව ටිකක් වැඩියෙන් තිබුණා නම් සුදුළූණු උයන්නත් තිබ්බය කියලා. 
ඔන්න, මං වැඩිපුර තියෙන ඒවාට වැඩේ දෙන්නයි යන්නේ... 
ඉඟුරු, සුදුළූණු වැඩියෙන් දාලා ගහනවා නියම ටී එකක්...”
ලෝකයේ පළමු වැඩ වර්ජනය සිදුවී තියෙන්නේ පිරමිඩ ඉදි කරද්දී, රැම්සීස් iii පාරාවෝගෙ පාලන කාලයේ.....
ලෝකයේ පළමු වැඩ වර්ජනය කෙරුණු අවදියේත් මේ යක්ෂයා ඉපදිලා ඉන්නට ඇතිය. (සුදුළූණුවලට මේ තරම් ඇල්මක් ඇත්තේ ඒ නිසාවෙන් විය යුතුය.) දැන් ලංකාවේ නම් වැඩ වර්ජනයක් නැති දවසක් නැතිය.

වාර්තාගතවී තිබෙන හැටියට නම් පළමු වැඩ වර්ජනය කෙරිලා තියෙන්නේ ඊජිප්තු රටකය; පිරමිඩ ඉදි කරද්දීය.

සතිපතා ඒ කම්කරුවනට සැපයුණු සුදුළූණු සලාකය නොලැබුණු විටෙක ඔවුන් වැඩ වැරූ බව මා කියෙව්වේ මනහරසඟරා  කලාපයකිනි.
මුල්ම සිංහල ඩයිජස්ට් සඟරාවවුණු මනහර’ 1980 පළවෙන්නට පටන් ගත්තේය
1983 සිට මුතුහරත්, 1984 සිට ප්‍රදීපාත් මා වැනි අයගේ කියවීමේ පිපාසය සංසිඳෙව්වේය.
මනහර-1981 මාර්තු, ප්‍රදීපා-1984 පෙබරවාරි, මුතුහර- 1984 ජුනි කලාප කවර කියාපාන්නෙත් ඉතිහාසයකි!
ඒ කාලයේ රූපවාහිනියත් ආවා විතරය. අපට දැනුම දුන්නේ පොත්- පත්තර ආදියයි.                 
අද, ලෝකයේ පළමු වැඩ වැරුම ගැන අන්තර්ජාලයේ හොයද්දී නම් ‘සුදුළූණු’ ගැන වගක්වත් ඒවායේ තිබ්බේ නැත.
ඊජිප්තුවේ තෙවෙනි රැම්සීස් පාරාවෝගේ සමයේ; Deir ei-Medinaහිදී ආහාර සලාක පමාවුණු බැවින් වර්ජනය කෙරුණු බව විතරය තියෙන්නේ. එහෙම වෙතත් සුදුළූණු කිරි තේ හින්දා අපේ නඩයේ එක්කෙනෙකු නම් වර්ජනයක් කරන්නට ගියේය.
“ඉන්දික ඔයා හදන්න යන්නේ පන්ජාබිකාරයෝ හදන ජාතියේ කිරි තේ එකක්ද?” නැඟිටගත් ගමන්ම මම ඉන්දිකගෙන් ඇසුවෙමි.

“ඔව් මාමේ... මාමත් බීලා තියෙනවද?”

“බීලා නම් තියෙනවා. හැබැයි ඒකට ඉඟුරු, කුරුඳු, කරදමුංගු වගේ දේවල් දැම්මට සුදුළූණු දාන්නෙ නැහැනේ......” 
අපරාදේ! මං  ඉඟියෙන් කිව්වාට වැඩක් වුණේ නැත. 
ඉන්දික tea project එක නැවැත්තුවේ නැත. මට තිබුණේ කෙලමෝලෙන්ම අනින්නටය.

මොන හුයන්නක්ද ඕයි මේ? කිරි තේ එකේ සුදුළූණු ගෙඩි පිටින් පාවෙන්නේ... මේ තේද සුප්ද?
“මොන හුයන්නක්ද ඕයි මේ..... කිරි තේ එකේ සුදුළූණු ගෙඩි පිටින් තියෙන්නේ. මේ බම්බුව තේද, සුප්ද?” තේ අතට ගත්තාම නෙවිලුත්, පීරිසුත් බුරා පැන්නෝය.

“කට වහගෙන බොනවලා... බොන්න බැරිනම් විසි කරනවා. අර මනුස්සයා පාන්දරම නැඟිටගෙන හදපු එකේ නම්බුව හරි තියන්න එපැයි.”

“ඉතින් තමුසෙත් නැඟිටගෙන ඉඳලා බම්බු ගැහුවා..... බලපන් පීරා...... මේ ඉලව්ව බොන්න පුළුවන්ද? හිටපල්ලකො අද ඉතින් bed tea එකවත් නැතිව! 
අඩෝ, දොස්තරයා... තොටත් එක්කයි කියන්නේ.... 
වරෙල්ලකෝ, ලබන සැරෙත් පාද යාත්‍රාවේ යං කියලා කියාගෙන. 
නිවාඩුත් ඉවර කරගෙන, කකුල්වල දියපට්ටත් හදාගෙන ආවා මදිවට, උදේ තේ එකටත් කෙලවලා....”

ඒ අත්දැකීම එක්ක බලද්දී සුදුළූණු තේ එක කැලේය. 

නෙවිල්ගේ ‘හැවිල්ල’ සේරටම වඩා වටිනවාය. හැබැයි, ඒකෙන් බාගයක් විතරම අප්‍රකට භාෂාවකි. රහසින් විතරක් වහරන එකකි.

පියනන්ද මහත්තයාත් අපේ දොස්තර මහත්තයාත් මැදින් ඈතින් පෙනෙන්නේ උදේ කෑම මේසයයි!
“සන්සුන් වෙයං මචෝ, සන්සුන් වෙයං! කටගමුවට ගියාම නියම තේ එකක් හදවලා දෙන්නං පියනන්ද මහත්තයට කියලා!” 

අයස්මන්ත මහත්තයා කැරට් අලයක් දික්කළාමය, නෙවිල් තටු හකුළා ගත්තේ. “කොල්ලෝ, ඉක්මන් කරමු..... අපි විතරයි පරක්කු. හිච්චිලා සේරම පාරටත් බැහැලා බලාගෙන ඉන්නේ.” 

“උඹටත් කුලප්පුවද මර්වින්? ටිකක් හිටහන්..... අර මඟුල් තේ එක විසිකළ හින්දා බොග....”

කොහොමෙන් හරි අපේ පස්දෙනා මඟට බහිද්දීම ඉන්දිකට යහළුවෙකු මුණ ගැහුණේය. මිතුරා ජීප් රථයක් රැගෙන ආ කෙනෙකි. “කොහෙද මචං මේ පාන්දර?”

“අර මහත්තයලගේ වැඩකට ආවේ.... එයාලගෙ බෑග් ටික අරන් යන්න මචං. අර විස්සක් විතර ඉන්නේ.... එයාලා පයින් එන්නේ.... බෑග් ටික දාගෙන යන්නයි මගේ ජීප් එක....” ඒ ආයතනයකින් පාද යාත්‍රාවේ පැමිණි පිරිසකි. 
සම්පත් බැංකුවෙන්ද කොහෙදය. “එයාලා එක්කෙනෙක්වත් වාහනේට නඟින්නෙ නැහැ. පයින්ම ගිහින් ගමන ඉවර කරන්නලු ඕනෙ.”

වරහන හිට කටගමුවට එන ටිකත් පයින්ම එද්දී අපේ යාළුවන්ට තවත් හිතවතුන් පිරිසක් හමුවී.....(foto-නෙවිල් අනුරසිරි)
සිං ගාලා පෑදුණු පොට, සං ගාලා අල්ලාගන්නට ඉන්දික සූරය.

“මචං...ඒ මහත්තයගෙන් අහපන්කො අපේ බෑග් ටිකත් දාගෙන ගියාට කමක් නැද්ද කියලා.....” පටන්ගත්තේ එහෙමය. ඉවරවුණේ අපේ බෑග්වලට අමතරව මාවත් ජීප් රියට පටවන්නට අවසර අරගෙනය.

“මේ මාමගෙ කකුල් දෙකේම මහපටැඟිලිවල නියපොතු උඩත් දියපට්ට ඇවිත් තියෙන්නේ. මාමලාවත් කටගමුවෙන් බස්සලා පලයං මචං..... තිලක්, මාමට විතරක් අපි සේරමගේ බෑග් බාගන්න බැහැ. උඹයි භානියි දෙන්නත් මේකෙම පලයල්ලකො මාමත් එක්ක. දොස්තර මහත්තයාට හෙම පයින්ම ගමන කම්ප්ලීට් කරන්නෝනිලු කියනවනේ.”

ඒකෙන් වුණේ, අපේ අනෙක් වීරයන් තුන් දෙනාටමත් පා ගමනේ මිහිර දිගටම විඳගන්නටය. 

“මටත් එහෙම තමයි යන්න ඕනේ. ඒ වුණත් මං හින්දා ඔයාලා එකොළොස් දෙනෙකුටම පරක්කු කරවන්න බැහැනේ.” මම කීමි. 
වැරැද්ද තිබුණේ මගේ සපත්තු දෙකේය. කකුල් දෙකම ඉදිමෙන තරමට ඒවා ඉදිමුණේ නැතිය.

කටගමුවේ ගේට්ටුවෙන් එළියට එනකොටම එතැන දන්සලකි! පටන් ගත්තා විතරය!!(foto- නෙවිල් අනුරසිරි)
අවුරුද්දක-හමාරක හිට මගේ දෙකකුල් හිරි වැටී තියෙන නිසා සෙරෙප්පු දෙකක් දාගන්නටත් බැරිය. මගේ කකුල් ලෙඩේ හොයාගත් ගමන්ම ජයශංඛ එයාගේ සපත්තු දෙක මට දුන්නත්, එතකොට පෙරහැර ගිහින් ඉවරය. දියපට්ට ඇවිත් ඉවරය! දැන් මං barefootය.

ජීප් රථයේ රියදුරු මහත්තයාට උපදෙස් ලැබී තිබුණේ ටික දුරක් ගිහින් නවත්තාගෙන ඉන්නටය. 

“නඩේ කට්ටිය වැඩියිනේ. කාට හරි අමාරුවක් වුණොත් කියලා ඒ මහත්තයට බයයි..... ඒකයි එක දිගට නොගිහින් නැවතිලා බල-බලා යන්න කිව්වේ......” 
Private bus එකක් වගේ කොට-කොටා යන ඒ ගමන, විනාඩි දහයක් යන්නටත් කලින්ම භානිට එපා වුණේය. “මාමලා යන්න. මං බැහැලා පයින්ම එන්නං, අපේ කට්ටියත් එක්කම.”

තිලකුත් මාත් කටගමුව පිවිසුමෙන් එළියට එනවිටත් පියනන්ද මහත්තයා ගේට්ටුව ළඟය!

“කෝ දොස්තර මහත්තයලා?”

“එයාලා පයින්මයි එන්නේ, පියනන්ද මහත්තයෝ. මං හිතන්නේ තව පැය බාගෙකින් විතර එයි.”
ගණ දෙවිඳුන්ට තියන පූජා වට්ටියේ කළු උක්ගස් කෑල්ලක් වරදින්නේ නැතිය!
“එහෙනං මම ඉක්මනට කෑම ටික මේසෙට අරින්නං.”

“හරි, ඔයා ඒ වැඩේ කරගන්න... එතකල් අපි තේ දන්සලෙන් තේ එකක් බොන්නං!” කටගමුව පිවිසුම අද්දර තිබුණු ඔසුපැන් වඩාත් රසට දැනුණේ අපේ විඩාවත්, ලොකු හකුරු කෑලිත් හින්දාමය. තිබුණේ උක් හකුරු වගෙය.

කඳ සුරිඳුන්ගේ වැඩිමහලු සහෝදරයා ලෙස සැලකෙන ගණ දෙවිඳුට තබන පූජා වට්ටියේ කළු උක් කැබැල්ලක් වරදින්නේ නැත. එහෙම කෙරෙනවා ඇත්තේ ඇත් හිස නිසාම වෙන්නට ඇත. 

කටගමුවේ සිට කතරගමට යන අතරවාරයේ වැඩියෙන්ම කියැවෙන්නේ ගණ දෙවියන් ගැන වගෙය. 
ඒ අතරමඟ කොච්චිපතානේ තියෙන්නෙත් ‘සත්‍ය ශ්‍රී කැලේ ගණපති දේවාලය’ හෙවත් ‘වීරච්චෝලේ ගණපති’ දේවාලයයි.

“ගණ දෙයියෝ නුවණ දෙන බව නං ඇත්තයි.... ඒත් මාතර පැත්තේ හොරෙක් උන්නාන්සේගෙන්ම නුවණක් අහගෙන එයැයිටම වැඩක් දුන්නු කතාව ඔහේ දන්නවැයි?”

දෙයියෝ වුණත් අහක බලන්නේ කොහොමෙයි, ප්‍රතිපත්ති පූජවකුත් නෙවෙයි... ලොකු ආමිස පූජාවක් නොවැ..
ඒ ප්‍රශ්නයත් එක්කම කියවුණේ දෙයියනුත් අමාරුවේ වැට්ටවූ දකුණේ හපනෙකුගේ කතන්දරයකි.  

“ඔන්න මාමේ, දකුණේ ගොඩාක් අනුහස් තියෙන ගණ දේවාලයක් තිබුණා. යහමින් පඬුරුත් වැටෙන එකක්. බාරහාර ඔප්පු කරනකොට දෙන රිදී රත්තරන්වලිනුත් දේවාලේ පිරිලා.
මාතර පැත්තේ හොර කල්ලියක් කීප සැරයක්ම මේ දේවාලේ බිඳින්න හැදුවා. හැම සැරේම වැඩේ අල වුණා.

-මොකක් හරි නොහිතපු ඇබැද්දියක් වෙලා වැඩේ නවතිනවා. ‘දෙයියන්ගෙ අනුහස තමයි.’ හොරාට හිතුණා. 

-බැරිම තැන ලොකු හොරා මොකද කළේ? ලොකු පූජා වට්ටියකුත් ලෑස්තිකරගෙන දේවාලෙට ගියා. ගියෙත් සෙනඟ නැති වෙලාවක් අල්ලලා.

-පූජාව තිබ්බා. ගණ දෙවියන්ගෙන් නුවණක් ඉල්ලා හිටියා එයාලගෙ වැඩේ සාර්ථක වෙන්න.

-දෙයියෝ වුණත් අහක බලන්නේ කොහොමෙයි? ප්‍රතිපත්ති පූජාවකුත් නෙවෙයි.... ආමිස පූජාවක් නොවැ? පූජා වට්ටියත් සරුයි. පිළිගෙනත් ඉවරයි. 
ගණ දෙවියන් වහන්සේ කපුවාට ආරූඪ වෙලා හොරාට උපදෙස් දුන්නා.

කතරගම දේවාලයට හොරු පනින්නට ඇත්තෙත් මේ විදිහටම පූජාවක් කරලා දෙවියන් පහදවාගෙන වෙන්නැති!
-“දරුවා, මේ දේවාලය බිඳින්න ඇහැක්වෙන්නේ උළුවස්සට යටින් පොළොව හාරාගෙන ඇතුළට ආවොත් විතරයි!” හොරා ඉතින් දෙයියෝ කියපු විදිහට අකුරටම වැඩේ දුන්නලු!”

කලකට පෙරාතුව කතරගම දේවාලයට හොරුන් පනින්නට ඇත්තෙත් මේ විදිහටම ලොකු පූජාවක් තියලා ‘සරවනභව කඳ සුරිඳුගෙ තෙද බල - දේව කරුණාව’ ලබාගෙන වෙන්නට ඕනෑය. ඒ ගැන වැඩි විස්තර දන්නා කෙනෙකු තවම මට මුණගැසී නැත.

හැබැයි, පාද යාත්‍රාවේ යන අයත්, කතරගම යන අයත් කාර්තිකේය වන්දනාව කරන්නේ, තම-තමන්ගේ හැකියාවේ මට්ටමට පූජා වට්ටියක් තියමිනි.

එවැනි බැතිමතුන් කොපමණ කතරගම එනවාදැයි කියන්නට හොඳම සාක්කියක් වන්නේ මහා දේවාලයේ උදේ- හවස සහ දහවල් පැවැත්වෙන මුරුතැන් පූජාවන්ය; ඒවායේ ප්‍රමාණයන්ය.

මේ තියෙන්නේ සතියේ දවසක 10.30ට පැවැත්වෙන මුරුතැන් පූජාව පිළියෙළ කරන්නට ගන්නා ද්‍රව්‍ය ලැයිස්තුවයි.

සොමිපාල ටී රත්නායක ප්‍රධාන කපු මහත්තයා 2013දී අපට මහඟු වරප්‍රසාදයක්........
සුදු කැකුළු හාල් කිලෝ 20, 
පරිප්පු- අල- බෝංචි- බීට්- ගෝවා කිලෝ 1 ½ බැගින්, 
වම්බටු කිලෝ 2, තක්කාලි කිලෝ 1, වට්ටක්කා කිලෝ 3ක ගෙඩියක්, 
අමුමිරිස් ග්‍රෑම් 500ක්, මිරිස් කුඩු- සුදුළූණු ග්‍රෑම් 250 බැගින්, 
තුනපහ කුඩු- ගම්මිරිස් කුඩු ග්‍රෑම්100 බැගින්, 
කහ කුඩු- උළුහාල්- කුරුඳු ග්‍රෑම් 50 බැගින්, 
දියලුණු- ලොකුළූණු කිලෝ 1 බැගින්, 
පොල් ගෙඩි 10ක් හා දෙහි ගෙඩි හතක්.

මේ මුරුතැන් පූජාව පිසෙන මුළුතැන් ගෙයටත් මෙවර මා කැඳවාගෙන ගිය හිච්චි මහත්තයාට නැවතත් වරක් ස්තුති කරන්නේ, ඒ භාග්‍යය කෙනෙකුට ලෙහෙසියෙන්ම අත් නොවන බැවිනි!

තවත් විදිහකින් කියනවා නං දෙවි-දේවතාවුන්නාන්සේලාගේ ළඟට වුණත් කිට්ටු වෙන්නට නම් දැනෑඳුනුකම් තියෙන්නට ඕනෑය.

2013 පළමු වතාවේ පා ගමන නිමා කළ දවසේත්, මේ වගේම පිනක් අපේ නඩයටම පල දුන්නේය! 

ඒ සොමිපාල ටී. රත්නායක ප්‍රධාන කපු මහත්තයා හින්දාය; හරියටම සුල-මුල කියනවා නම් අපේ අයස්මන්ත මහත්තයා කපු මහත්තයාගේ නේත්‍රා සැත්කමක් කරලා තිබුණු හින්දාය.

අපට ඒ ඉපැරැණි කුටියට යන්නට මඟ පෑදුණේ සොමිපාල ටී. රත්නායක කපු මහත්තයාගෙ කරුණාව හින්දාය....
“මහත්තයෝ, මේ කුටියේදී තමයි සේරම පින්කම් පටන් ගන්න මුල පුරන්නේ.
පෙරහැර පහක් පැවැත්තුවාට පස්සේ විශේෂ චාරිත්තර කරන්නෙත් මේ කුටියේ...
පුරාණ රජ කාලේ ඉඳලයි මේ කුටිය තියෙන්නේ. 
අලුතින් මොනවා හැදිලා තිබුණත් මෙතැන මේ විදිහටම, ගොම-මැටි ගාලා ආරස්සා කරගෙන යනවා.....” 

සොමිපාල මහත්තයා අපට කියා දුන්නේ ඒ සැඟවුණු කුටියට යන්නටත් කලින්ය.

මෙහෙම තැන්, මෙහෙම දේවල් ටිකක් හැංගිලා තියෙන එකත් හොඳය. ඕනෑම ආගමක, ඇදහිල්ලක එවැනි තැන් තිබෙයි. 

නසරානි මට වුණත් ඒ කුටියට ගියාම, ඒ මුළුතැන් ගෙයට ගියාම අමුතු ගතියක් දැනුණු බව හංගන්නට ඕනෑ නැත. එහෙම දැනුණා වුණත් මගේ විමංසනාක්ෂියට අසුවෙන දේවල් හංගාගෙන ඉන්නට බැරි (කැත) පුරුද්දකුත් මට තිබෙයි. 

ඔන්න හිච්චි, තරහ වෙනවා හෙම නෙවෙයි. මේ කතාවේ පොටක් පෑදුණේ ‘ඔහෙ’ නිසාය.

ශිව ලිංගය දක්වන්නෙම යෝනිය මැදින් ඉහළට එසවී හිටින ආකාරයටය. බැතිමතුන් ලිඟුව සුදු පැහැ කිරෙන් නහවද්දී.........
“... විසා නැකතේ නන්දන මුර්තයෙන් කප් හිටවන්න කපාගෙන එන කණුව වල්ලි මාතා දේවාලේටයි වඩම්මන්නේ. ඒකේ කප් කණුව තැන්පත් කරලා තියනවා.... ඊට පස්සෙයි ඒවා මහා දේවාලෙට වඩම්මලා හිටවන්නේ.”

හොයාගෙන ගියාම පෙනෙන්නේ, කප් හිටුවන්නට කපාගන්නේ කිරි සහිත ගස් වර්ගයක් බවයි. කැපූ විගස මේ කණුව වල්ලි මාතා දේවාලයේ තැන්පත් කර තියන්නේ කිරි හිඳෙන තුරුද? අසැබි දෙයක් වගේ පෙනුණත්.....

හින්දු ආගමේ නම් ලිංග සංකේත එමටය. 
ශිව ලිංගය දක්වන්නෙම යෝනිය මැදින් ඉහළට එසවී තිබෙන ආකාරයටය. 

ශිව ලිංගය නාවන්නේ සුදු පැහැති කිරිවලිනි. බැතිමතුන් එසේ කරද්දී ශිව ලිංගය නැහැවී වැගිරෙන කිරි පහතින් ඇති යෝනි තටාකයට එකතු වෙයි! 
මේවා සංකේතවත් කරන්නේ කුමක්ද?  

ඔන්න දයාබර ඔබට හිතා බලන්නටත් ඉඩක් දෙමින් අදට නවතිනවා......

27 comments:

  1. ලොකා ග්‍රීක දේව පුරාණය ගැන කියවලා තියෙනවද? ඔය ලිංග නෑවිල්ලට වඩා බාවනාව(න) විදි ඒකෙ තියෙනවා

    ReplyDelete
    Replies
    1. ලොකු,
      ග්‍රීක දේව පුරාණයත් කියවලා නම් තියෙනවා.
      ඒකේ ව්‍යභිචාර, විවිධාකාර රමණයන්, පෙම්බැඳුම් ගැන කියවුණත් බාව නාවන කතා එච්චර හිතට වැදුණේ නැහැ.

      ඔයා කිව්වට පස්සේ ආයෙම කියවලා බලන්න හිතුණා.

      Delete
  2. ඒක කියලා තියෙන්නේති අල්ලාහ්ගේ පොරක්

    ReplyDelete
  3. සුදු ලූණු ටී එකක් ගැන ඇහුවමයි. මනහර මුතුහර කියවලා තිබ්බට ප්‍රදීපා කියවලා නෑනෙ. ඔබතුමා ළඟ ලස්සන කලෙක්ෂන් එකක් තියෙනවා වගේ.

    ඒ තටාකෙට එකතු වෙන ඒවද ළමයි නැති ගෑණුන්ට බොන්න දෙන්නෙ?

    ReplyDelete
    Replies
    1. ප්‍රදීපා එච්චර ආයුෂ තිබුණු සඟරාවක් නෙවෙයි. මනහර විකිනුනු හින්දා එයාලමයි ගැහුවේ.

      පොඩි එකතුවක් තියාගෙන ඉන්න වාසනාව ලැබිල තියෙනවා මියුරු. ඒත් කාවොයි, මීයොයි. වේයොයි සෑහෙන්න දේවල් වරින්-වර හොරා ගන්නවා!

      ඔව්, ඔව්. ඒ කිරි තමයි බොන්න දෙන්නේ!

      Delete
  4. මහාබ්‍රහම්මයා නැතහොත් පිතාමහට කරන යාගයකට එන්න සරස්වතිය පරක්කු විම නිසා ගයාත්‍රිව කසාද බැදිමෙන් කෝපයට පත්වුනු සරස්වතිය හැමොටම සාප කලා. පුරැෂයත්වය නැති වෙන්න සාප ලැබු කෙනෙකු තමයි රැද්‍ර. රැද්‍ර කියන්නේ ශිවට ද? ශිවගේ ලිංගයට හැමොම වන්දනා කරන්නේ එ නිසාද?

    ReplyDelete
    Replies
    1. ඔන්න ඉතින් අසංගත් මට home work දෙන්න ගත්තා.

      සාධාරණ උත්තරයක් දෙන්නං හරියටම හොයා බලලා. දන්නා කෙනෙක් එතෙක් උත්තර දීලා තිබුණේ නැතිනං.(එහෙම පින්වතෙක් හිටියි කියලයි හිත කියන්නේ.)

      Delete
    2. රුද්‍ර කියන්නෙ ශිවට තමයි. නමුත් ඔය පුරුෂත්වය නැතිවීම ගැන මං ඇහුවෙ අදමයි... හොයල බලන්ඩ ඕනෙ.

      Delete
    3. ස්තූතියි ඩ්‍රැකී. සමහර දේව කතාවල ඔය සාප කිරිල්ල ගැන ලියවිලා තියෙන්නේ වෙනස් විදිහටලු. ගයාත්‍රි කියන්නෙත් සරස්වතියටමයි කියලත් කියවෙනවා. අපේ නිදි උන්නැහෑ වාගේ නිදා ගන්නා කුම්භකර්ණයාටත් සදා කාලිකව නිදා ගන්නටත් සැලැස්සුවා කියන්නේ ඔය සරස්වතිය කියලාත් කියනවා. ඊශ්වරයාගේ නලලේ ඇතිවුන දහඩිය ලි කැබැල්ලකින් පිසදමද්දි ලේ බිදුවක් ගිනි ගොඩකට වැටිලා ඉන් තමයි රැද්‍ර උපන්නා කියන්නේ.

      Delete
    4. ගායත්‍රි කියන්නෙ ගංගා දෙවඟනට කියල මට හිතෙන්නෙ. බ්‍රහ්මයගෙ ම දුවල දෙන්නනෙ, සරස්වතියි ගයත්‍රි යි... (මහ කුපාඩි තාත්තෙක්)

      කුම්භකර්ණගෙ තපස් බලයට එයා ඉල්ලන වරය දෙන්න සිද්ධ වුණා. ඒක දෙන්න ශිව දෙයියො යන්න කලින්, සරස්වතීට කිව්වා කුම්භකර්ණගෙ දිවට ආරූඪ වෙලා, "අපරාජිත වරය" වෙනුවට "නිද්‍රා වරය" ඉල්ලන්න කියල.

      අර රුද්‍ර උපත ගැන මම ඒ කතාව දන්නෑ... ගොඩක් ස්තූතියි!

      Delete
    5. මෙතන නම් කියනව රුද්‍ර කියන්නෙ ශිවට කලින් කියපු නමක් කියල...
      https://si.wikipedia.org/wiki/%E0%B6%B4%E0%B7%81%E0%B7%94%E0%B6%B4%E0%B6%AD%E0%B7%92_%E0%B6%B8%E0%B7%94%E0%B6%AF%E0%B7%8A%E2%80%8D%E0%B6%BB%E0%B7%8F%E0%B7%80

      අර පොත ගුණසේන පොතක්. හොයාගන්න අමාරුයි. ජපුරෙ කැම්පසේ එකේ ලයිබ්‍රියෙ තියෙනවලු. කොහොමහරි හොයාගෙන කියවන්නම්. අසංගට ස්තූතියි ඔත්තුවට...

      Delete
    6. http://www.divaina.com/2009/09/13/siya05.html

      Delete
  5. හින්දු ආගම පටන්ගන්නෙ මානව ශ්ෂ්ඨාචාරයේ මුල ඉඳන්. සෘග් වේදය හැදෙන්නෙ මුල් මිනිස්සු සොබාදහම දකින සුන්දර සහ ගුප්ත විදිහ එක්ක හැදෙන සංකල්පවලින්.

    ඉතින් මුල් කාලෙ අස්වැන්න සරු වීම, පොළොව සරුවීම ආදිය සංසර්ගය එක්ක සම්බන්ධ කරන්න පෙළඹුනා. පොළොව මවකට සමාන කරන මිනිස්සු, එය සරු වෙන්න සහ ඵල දරන්න, ලිංගිකත්වය අවශ්‍ය බව සිතුවා. හින්දු විතරක් නෙවෙයි අනික් ශිෂ්ඨාචාරවලටත් ඒක පොදුයි. ඉන්දු ඉරානීය මූලයෙන් හටගත් මෙසොපොටේමියාව, එයින් ආභාෂය ලැබූ ග්‍රීක රෝම සංස්කෘති ඔය හැම එකකම ලිංගිකත්වය, සශ්‍රීකත්වය එක්ක බැඳෙනව.

    ශිව දෙයියො මහ දෙයියො කියලා හඳුන්වන නිසාත්, හින්දු ආගම සංස්ථාපිතව බිහිවෙන්නත් කලින් ඉන්දු නිම්න ශිෂ්ඨාචාරයේ ම එයාගෙ ඇදහීම පශුපති ලෙස සිදුවෙන නිසාත්, සශ්‍රීකත්වය බාර වෙන්නෙ විශ්වය පවත්වාගෙන යනවාය කියන ධනාත්මක දෙවියෙක් වෙන විෂ්ණුට නෙවෙයි, විනාශකාරී සහ නොටෝරියස් හැසිරීමක් දරණ ශිවටයි.

    එයාගෙ භාර්යාව ඊට හතයි. එයා එකවිටක අන්නාපූර්ණ (කෑම අඩු නැතුව සපයන) තව වෙලාවක කාලි (භායානක). මගෙ යාලුවෙක් වන හින්දු භක්තිකයෙක් කිව්වා, ඒකත් ඕනෑම සාමාන්‍ය ගැහැණියකගේ විවිධ අවස්ථා නිරූපණය කරනව කියල.

    හරි ඉන්ටරෙස්ටිං ඉතිං ඔය හින්දු දේව ඇදහිල් ගැන හොයන එක...

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඩ්රැකී, දේව කතා හරිම නිර්මාණාත්මකයි වගේම සිත්ගන්නාසුලුයි.

      විටෙක ශිව දෙවියන් ත්‍රිමුර්තිය ලෙස; මවන බ්‍රහ්ම- පවත්වාගෙන යන විෂ්ණු- විනාශ කරන ඊශ්වර ලෙසත් හඳුන්වනවා නේද?

      ඔයාගේ කමෙන්ටුව මඟ එද්දී මං අසංගට උත්තරයක් කොටමින් හිටියේ. ඔයා දන්නවද රුද්‍ර හා ශිව ගැන වැඩිමනත් දේවල්?

      Delete
    2. ත්‍රිමූර්තිය කියන්නෙ ශිව නෙවෙයි, ශිව ඒකෙ එක කොටසක්... (මතකද චරිත තුනක් එකේ උපාසක ඉසාට කියනව, ඉසයි සනයි රංජිතුයි ත්‍රිමූර්තිය වගේ කියල?)

      රුද්‍ර ගැන මගෙ කමෙන්ට් එක අසංගගෙ කමෙන්ට් එකට පහළින් දැම්මෙ ඔයා එතන රිප්ලයි කරන අතරෙ. වැඩිදුර හොයලා කියන්නම්...

      Delete
    3. ගොඩක් ස්තුතියි ඩ්රැකී!

      Delete
    4. පරණ පොතක් පුලුවන් නම් හොයාගෙන කියවන්න. අපේ දෙව් දේවතාවෝ - ධර්මබන්දු අමරසේකර

      Delete
  6. කන්‍යාවො ලවා කිරිවලින් නාවාගැනීමක් ගැන මීට ගොඩ කාලෙකට කලිං චිත්‍රකතාවක් ගියා. මට හරියට නම මතක නෑ. ඒකෙ විපක්ෂ නායකයා වගේ ඉන්න මැරයෙක්, සල්ලි දීලා රජාව නාවනවා රබර් කිරි වලින්. අන්තිමේ රජා ප්‍රතිමාවකට තියනවා... හැක්!

    ඔය චිත්‍රකතා පළකෙරුණ බ්ලොග් එකක් තිබුණා "SLCOMICS" කියලා. දැන් ඒක වහල දාලා.

    ReplyDelete
    Replies
    1. අපරාදේ, මට ඒ චිත්‍රකතාව කියවන්න ලැබිලා නැහැ.

      SLCOMICS අඩවිය පවත්වාගෙන යන්න ප්‍රශ්න මතුවෙලා. චිත්‍රකතා ගැන පොස්ටුවකට දෙකකට කරුණු තියෙනවා මටත් සම්බන්ධ. ඉදිරියේදී ලියන්නම්.

      Delete
    2. ඈ...? ඔයා දන්නවද ඒ ගැන? ප්‍රසිද්ධියෙ කියන්න බැරිනං ඊමේල් කරන්න... (drackey@gmail.com) අපරාදෙ ඒක වැහුවෙ...

      Delete
    3. ඒ තොරතුරු කිව්වේ සිනෙත් බැද්දගේ. බලන්ගොඩ සරත්මධුගේ මල්ලී. සරත්මධු මහත්තයාගේ පුතා හිමේශාන් එක්කත් අපි ට්‍රිප් එහෙම ගියා. SLCOMIKS ගැනයි, චිත්‍රකතා ගැනයි මටත් පොඩි සබඳකමක් තියෙනවා මුද්‍රණ ශිල්පය නිසා.

      ඒවා ගැන කරලා තියෙන සාකච්ඡාවල වීඩියෝ පැය දෙකක විතර ඒවයි. බලමින්, සටහන් ගනිමින් ලියන්න ගොඩ වෙලාවක් යනවා. කාටවත් අසාධාරණයක් වෙන්න දෙන්නත් බැහැනේ.

      ඕන්න ඩ්රැකී, ඔයා වගේ උනන්දු තව අය ඇතියි කියලා හිතෙන නිසා ඒ පෝස්ටුත් ලියන්න සූදානම් වෙනවා.

      Delete
    4. නියමයි. ඒක අහන්නත් සතුටුයි...

      Delete
  7. ඉන්දික අහක යන්න හදන දෙයින් උපරිම ප්‍රයෝජන ගන්න දස්සය වගෙයි. හොඳ වෙලාවට සුදුළූණු විතරක් වැඩිපුර තිබුනෙ. නැත්තං තව මොන මොනව දාල ටී බොන්න දෙයිද දන්නෑ මිනිහ.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මරු අර්ථ කථනය!

      අහක යයි කියලා වැඩියෙන්; නිකම් තියෙන සේරම ජාතිවලින් වැඩ ගන්න ගියොත්.... බුදාම්මෝ!

      Delete
  8. https://www.verywellfit.com/garlic-tea-benefits-and-side-effects-4163918

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,

      මියුරුටත් ඔයා දීලා තියෙන ලින්ක් එක ගොඩක් ප්‍රයෝජනවත් වේවි.

      අමු සුදුළූණු ගෙඩියක් කපලා කෙනෙකුගේ යටි පතුලේ ඇතිල්ලුවත් ඉතා කෙටි වෙලාවකින් දහදියවල සුදුළූණු ගඳ එන්න ගන්නවලු. ඒ වගේමයි අහලා ඇතිනේ සුදුලූනුවලින් ක්ෂණික උණ හදාගන්න විදිහ.

      අවුරුදු ගණනාවකට කලින් අපේ නංගිලාගේ ගෙදරදී ඒ ගැන මගෙන් කියවුණා. නංගිගේ දුව එතකොට ඉස්කෝලේ යනවා. දවසක් එයා උදේ නැඟිටින්නේ නැතිව ඉඳගෙන කියලා 'අද මට උණ වගේ... ඉස්කෝලේ යන්නේ නැතිව ඉන්නං' කියලා.

      'මොන උණක්ද?' කියලා නංගි කෙල්ලගේ නළලට අත තියලා බලලා. එතකොටම පෙනුනලු කොටේ යට තිබුණු සුදුළූණු බික් කීපයක්.

      "ලොකු මාමා කිව්ව කතාවේ - සුදුළූණු බික් ගහගන්න ඕනේ තැන එදා මට ඇහිලා නැහැනේ!" කියලා අතීත විත්ති කතා වෙද්දී සති දෙකකට කලින් කියවුණාමත්, අපි කැකිරි පැලුවා!

      හැබැයි Pra, ආයුර්වේද මතයක් නම් තියෙනවා 'කසායකට අනුපාන විදිහට හරි මීපැණි දමනවා නම් ඒක උණුවෙන් තියෙන්න හොඳ නැහැ' කියලා. ඔයාගේ ලින්ක් එකේ සුදුළූණු තේ හදාගන්න ක්‍රමය බලද්දී මට ඒ ගැටලුව මතු වුණේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්