li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, December 13, 2019

හරෝහරා! - දහඅටවෙනි කොටස

කතරගම දෙයි හාමුදුරුවන් වහන්සේ උදව් කරන්නෙත් බලවන්තයන්ට විතරද?

කඳ සුරිඳුන් වුණත් එහෙම අයට වැඩියෙන් උදව් වෙනවාද මන්දා? එහෙම උදව් කරන්නේ..... ඇති-හැකි අයටම වෙන්නැතිය; බලවත් අයටම වෙන්නැතිය. 
දෙවියන් විතරක් නොවේ; කවුරුනුත් එහෙමය! 

යක්කු වුණත් පිරිතට කීකරු නොවුණාට කුණුහරුපවලට ආම්බාං වෙති.

     වීරිය කර බාල කලේ ලබපු         ළමා
     හෑරිය එක් වෙන්න නෑසිය දුන්න සැමා
     සූරිය දෙවියන්ඩ වැඳ කියමි අත   නමා
     බාරිය මගෙ එවන් දෙවියනි  කතරගමා

- එහෙම කියමින් කතරගම දෙවිඳුන්ටත් orders දුන්නාය කියන්නේ බරණ ගණිතාචාර්යතුමාය.

“කතරගම දෙයි හාමුදුරුවන්ට බරණ ගණිතයා අණ කළා හෝ නැතා, උන්නාන්සේ කෙනෙකුගේ දුකේදී පිහිට නොවී ඉන්නේ නැහැ.”

කප්  කණු දෙක සිටුවීමට පෙර- මහ දේවාලයේ ඇතුළත............
“එහෙනම් එදා කිව්වේ මර්වින්ගේ රත්තරන් මාලේ ......?” 
(මතකයි නේද? අර නොකියා හංගන කතාවක් අවුස්සලා එළියට ගන්න හිටපු බව. මං try කරන්නේ ඒකටය.)

මර්වින් බොතේජු සුමිතුරාට අමතක වෙන දේවල් කෙළවරක් නැතිය. 

පංච තන්තරේ කියවන රසිකයන් දැනටමත් ඒවායින් කිහිපයක් දැනගෙන හමාරය. මේ සිදුවීමේත් කතා නායකයා එතුමාමය. 

“නිමල් අයියේ, මායි මර්වියායි කතරගම ගිහින් සෙල්ලෙදී මහසෙන් විහාරයේ කතරගම දේවාලෙටත් ගියා. විශේෂ පූජාවක් තියන්න. 
පූජාව තිබ්බට පස්සේ ඒක ආපහු දුන්නාම, මේ මිනිහා පූජා වට්ටිය පිටින්ම එතැන වැඩ කර-කර හිටි බාස්ලා වගේකට දුන්නා බෙදාගෙන කන්න කියලා. 
ඊට පස්සේ අපි කතරගම නවාතැනේ කාමරයට ආවා, ටිකක් නිඳාගන්න. 
මට නින්ද යාගෙන ආවා විතරයි, මේකා පොඩි එකෙකුගේ වගේ අඬන මූණක් දාගෙන කාමරේට කඩා වැදුණා......

එදා පොරට ඇඬුණේ නැතිව විතරයි!
-‘මචං මගේ මාලේ නැහැ!’ එදා මූට ඇඬෙන්න තරං දුකෙන් හිටියේ. පවුම් හත-අටක මාලයක්නේ.

-‘තෝ කොහෙද යකෝ ඒක දැම්මේ?’ කියලා, අඩි පොළොවේ හප්පලා- සංස්කෘතෙන් ඇහුවමයි මූට මතක් වුණේ. ‘මං ඒක පූජා වට්ටියට තිබ්බනේ මචං....’ මේකාට කියවුණා.

-‘එහෙනම් උඹේ මාලේත් පූජා කළා කියලා හිත හදාගනින්.’ තරහෙන් එහෙම කිව්වත් නොසොයා ඉන්නද? දඩි-බිඩියේ ඇඳුමක් දාගත්තා...

-නින්ද පැත්තකට දමල ආයෙම අපි දෙන්නා දේවාලෙට ගියා. මේ ගෙස්ට් එකේ අක්කා තමයි දඩි-බිඩියේ දේවාලවල කපු මහත්තුරුන්ටත් කෝල් කර-කර වැඩේ කිව්වේ.....”.

ඔන්න ඔතැනදීය, ඒ ව්‍යාපාරික කාන්තාවගෙ මුවෙනුත් වචන පැන්නේ.

කොකුවලින් එල්ලී පැද්දෙමින් කරන 'පරෙයි කාවඩි' පූජාව හා සිරුරේ තැනින් තැන රිදී වේලායුධ 108ක් ගසාගෙන කරන 'ගිනි කාවඩි' පූජාවත් කඳ සුරිඳුන් වෙනුවෙන් කෙරෙයි!
“මහ දේවාලේදී ඕක වුණා නම් මාලේ හම්බ වෙනවා බොරු! රත්තරන්වලට කවුද ආසා නැත්තේ?” 
ඒ කිව්වේ දෙවියන් ගැනද, එහෙමත් නැතිනම් අතරමැදියන් ගැනද? 
ම්හු..... මං පරාදය.... තවමත් කිසි කෙනෙකු කටක් හෙල්ලුවේ නැත. පෙනෙන්නේ එහෙම කරන්නේ නැති විදිහකි. ඉතින්, මට කළ හැක්කේ සිදුවුණු ටික කියන එක විතරය.

“යකෝ.... ඔය සේරම දේවල් ලියලා- දෙයියන්ට පළි ගහලා පලයන්කෝ, මෙදා සැරෙත් පාද යාත්‍රාවේ... මෙන්න කියලා තමුසෙට පිහිට වෙයි දෙයියෝ...”

“ඒකට කමක් නැහැ හලෝ. ඇත්ත කියනවට අකැමැති නං දෙයියොයි මිනිස්සුයි අතරේ වෙනසක් නැහැනේ....”

මට හිතෙන්නේ එහෙමය. මේ විදිහටම ඇත්ත කියමින්; මගේ අවංක හැඟීමට නතු වෙමින් පෝස්ටුවේ ඉතිරි කොටස කොටන්නට මට ශක්තිය දෙන්නේ ඒ හිතිවිල්ලයි; පණ පිටින් හිටියොත්- දෙපා වාරු තිබුණොත් ඊළඟ වතාවෙත් පාද යාත්‍රාවේ යන්නට හිතාගෙන ඉන්නේ දෙවියන්ට ඇත්ත පිළිකුල් නැතිය යන විශ්වාසයෙනි.

ඊළඟ වතාවෙත්; 2020 වසරේදීත් පාද යාත්‍රාවේ යන්නට පතාගෙන..... (foto-කසුන් ප්‍රියලාල්) 
“ඉතින් අපි කෙලින්ම ගියේ අර පූජා වට්ටිය දීපු මිනිහා ළඟට. 
ගිහින් කෙලින්ම ඇහුවේ ‘කෝ අර වට්ටියේ තිබ්බ මාලේ?’ කියලයි. 
දේවාලවල කපු මහත්තුරු කිහිප දෙනෙකුත් එක්කමනේ අපි එතැනට ගියේ..... මිනිහා බය වෙන්න ඇති.

-‘මං හිතුවා මහත්තැන්ලා ආපහු එයි කියලා.... මං පරෙස්සමට අරන් තිබ්බා.’ කියලා කොලේක ගුළි කරලා හංගගෙන හිටි රත්තරන් මාලේ ආපහු දුන්නා.”

“...... තවද ඔබ දෙවි හාමුදුරුවන් වහන්ස, රුහුණු පුර කතරගම දෙවි විමනට අධිගෘහිත රණ මයුර වාහනාරූඪ රක්තොත්පල පුෂ්පයන්ට නිගා දෙන මූණු සයකින් යුත්, 
නීල සමූහයකට නිගා දෙන නෙත් දොළසකින්ද, 
අත් දොළොසෙහි දරා සිටින්නාවූ විචිත්‍ර චිත්‍ර නා නා විධ ආයුධ දොළොසකින්ද, 
ඇසළ පෙරහැර මංගල්‍යයට නානු මංගල්‍යයට කාර්තික උත්සවයට යහතින් දිවැස් කරුණාකර බලා.....” වගේ තවත් දේව කන්නලවුවක් කරලා නෙවෙයිනෙ මර්වින්ගේ රත්තරන් මාලේ ආපහු හම්බ වුණේ!

හිතෙන් කළ යාදින්නකට වෙන්නැති.

අවුරුදු පතා දහස් ගණන් බැතිමතුන් පාද යාත්‍රාවේ යෙදෙන්නේ.... (foto- ශෂී ගයාශාන් වෙලගෙදර)
පාද යාත්‍රිකයන් අවුරුදු පතා මේ දුෂ්කර ගමන යන්නේත් හිතෙන් දේව පිහිට යදිමින්. එහෙම ඉල්ලන පිහිටාරක්ෂාව දෙන්නේ දෙවියන්ම ඉදිරිපත් වෙලා නොවෙන්නත් පුළුවනි නේද?

මතකයි නේද, ශිවසාන්ද්‍ර ස්වාමි කියපු කතාව? දෙවියන් පේන්න එනවද කියලා ඇහුවම.
  
අහලා ඇතිනේ, මහා ගංවතුරකට අහුවෙලා ගහක් මුදුනේ හිටි මිනිහගෙ කතාව.

“අනේ දෙවියනේ, මේ විපත්තියෙන් මාව ගලවා ගනු මැනවි!” මිනිහා දිගටම යාඥා කළාලු.
විපතට පත්වුණු අය බේරාගන්න පහුරක්, බෝට්ටුවක්, හෙලිකොප්ටරයක් ඇවිල්ලත් මිනිහා ගහ අතහැරියේ නැහැල්ලු.

“මාව බේරාගන්න දෙවියන් ඒවි.” කිය-කියා හිටියලු.

ඉතින්, ගහටත් උඩින් වතුර ගැලුවා. ගිලිලා මැරුණු මිනිහා අවසන් විනිශ්චය සඳහා දෙයියන් ඉදිරියට ගියා. “ඔබ වහන්සේ හරිම අසාධාරණයි... මං කොච්චර හොඳින් ඔබතුමාව අදහගෙන, පුදපූජා පවත්තගෙන හිටියද? 
ඒත් මං උදවු ඉල්ලලා යදිද්දී ඔබතුමා මගේ දිහා බැලුවේ නැහැ....” මිනිහා නෝක්කාඩු කිව්වා.

ගංවතුරට මැදිවෙලා- ගහක් උඩට කොටුවෙලා ඉන්න වෙලාවේ මිනිහෙක් .....
“යුෂ්මතාව බේරාගන්න පහුරකින්, බෝට්ටුවකින්, හෙලිකොප්ටරයකින් කණ්ඩායම් තුනක්ම එව්වේ කවුරුයි කියලද හිතන්නේ.....?” දෙවිඳුන් ඇහුවලු.

ඒ වගේම තමයි. මට නම් ඉල්ලන්නේ නැතිවත් උදවු ලැබුණා.... අපේ නඩේ අයගෙන් විතරක් නෙවෙයි; ඉන්දිකගෙන්, හිච්චි මහත්තයාගෙන්, සුජීගෙන්..... කසුන් ප්‍රියලාල්, පියනන්ද මහත්තයා  වගේ අලුතින් හඳුනාගත් අයගෙනුත්.... 

මේ පෝස්ටු පෙළ ලියන්න ගත්තට පස්සෙත්, නන්නාඳුනන කී දෙනෙකුගෙන් නම් පිහිට ලැබුණද? ඊට හපන්.... නිකම්ම දෙවියන් සිහි වුණාමත්?     

“අනේ දෙයියනේ.....” 
මට නිකම්ම දෙවියන් සිහි වුණේ ආපහු එන අතරේ හම්බන්තොටදී..... 

හරියටම කියනවා නම් ශිරෝමිලගේ ගෙදර ඉඳලා එද්දි. ආපහු එන දවසේ අපේ නඩයට උදේ කෑම ලැහැස්ති කරලා තිබුණේ ශිරෝමිලගේ ගෙදර.

“වැඩි දෙයක් නම් නැහැ, සර්. හදිසියේ ලැහැස්ති කළේ.... සර් හරියටම කිව්වේ නැහැනේ එනවයි කියලා.... කතරගමින් පිටත් වෙද්දිනේ කිව්වේ ඇවිත් යන්නං කියලා ....”

අපි මෙවර පා ගමන නිමා කරලා කිරි වෙහෙර වහන්සෙත් වැඳ පුදාගෙන, පහුවදා පාන්දර එන ගමනේදී ශිරෝමිලගේ ගෙදර තමා..... (foto- නෙවිල් අනුරසිරි)
අයස්මන්ත මහත්තයා එක්කම අක්ෂි වෛද්‍ය වාට්ටුවේ සේවය කරන ශිරෝමි එහෙම කිව්වත් කෑම මේසයේ choices ගොඩක් තිබුණා. 
එපැයි නොකියා මාත් හැම ජාතියම දෙසා බෑවා; මොකද දෙවිවරුන්ට වගේ දුටුමනතින් අපේ බඩ පිරෙන්නෙ නැහැනේ.

“මේ බලපන් මචං. මූ බත්, ආප්ප, ඉඳියාප්ප, කිරිබත් සේරම ගිලලා දැන් කිරිපැණිත් කනවා... කිරිවලට වැඩිය පැණි....”

“පවු නෙවිල් අයියේ... එයාට කන්න අරින්නකෝ. දවස් කීයකින්ද? ඔයා ඕනේ දෙයක් කන්න නිමල් අයියේ.... මේවා හැදුවේ ඔයාලටනේ....” ශිරෝමියි මහත්තයයි දෙන්නම කියපු නිසා වෙන්නැති අයස්මන්ත මහත්තයා ඔළුව විතරක් හෙලෙව්වේ!

හැබැයි, ගින්නක් ඇවිලෙන්න යනවය කියලා තේරුණේ; ඒකෙන් මගේ ඔළුව ගිනි ගත්තේ; සරුවාංගයම කසන්න ගත්තේ වාහනේට නැග්ගට පස්සෙයි.

මගේ සරුවාංගයම කසන්න; දැවෙන්න පටන් ගත්තේ...............
“හිතුවේ මං බලාගෙන හිටියේ නැහැයි කියලද? 
නෙවිල් අයියේ, මේකා ලෙඩෙක් විදිහටද ගමන යද්දිත් කෑවේ... කැවුම්, බිස්කට්, පුහුල් දෝසි, රට ඉඳි, බත්..... 
ඒ මදිවට අද උදේ කාපු හැටිත් මං බලාගෙන හිටියේ.... 
අසංග.... Medi House එකට යං. අද දෙන්නං නිමලයට blood රිපෝට් එක හම්බ වුණාම!”.

“අන්න හරි පීරෝ! දීපං දෙකක් නිමලයට හාන්සි වෙන්නම.” මර්විනුත් උඩ පනිමින් කීවේය.

වැඩේ වැරදුණු බව මට තේරුණේ ඇත්තටම වාහනය ඒ පැත්තට හැරුණාමය. 
මෙඩි හවුස් යන්නේ මගේ ලේ පරීක්ෂාවක් කරවන්නටය; මට දෙවියන් සිහි වුණේය. ඒ ගමන්ම සිහි වුණේ මගේ එල්ලාගෙන යන ගමන් මල්ලේ තිබෙන ‘කිරාත තිත්ත’ කොළ ටිකයි!

කිරාත- කිරාත තිත්ත කියන්නේ ‘හීන් බිං කොහොඹ’වලට බව එතකොට මං දැනගෙන හිටියේ නැතිය. ඒ ගැන කියා, වත්තේම හිටවාගන්නට කිරාත පැළයක් ගෙනැවිත් දුන් හිතවත් උදේනි දසනායකවත් ඒ විත්තිය දන්නේ නැත. 

“නිමලෝ, මෙයින් කොළ දෙක තුනක් කාපු ගමන් සීනි බහිනවා.... කෝවක්කාවලට වැඩිය speed. හැබැයි, පුතෝ පට්ට තිත්තයි. මම නම් ගිලින්නේ බත් ගුළියක් මැදට තියලා...” උදේනි කිව්වේය.

කිරාත; කිරාත තිත්ත කියන්නේ හීන් බිං කොහොඹවලට බවක්...............
මගේ තියෙන්නේ short cutsය. කිරාත කොළ තිත්ත බවත් ඇත්තය. ඒවාට පට ගාලා සීනි බහින බවත් ඇත්තය... 
මං හොයාගත්තේ ඒවා පහසුවෙන් බඩට යවන ක්‍රමයකි. 
කරන්නට තියෙන්නේ, කොළ තුනහතරක් සීරුවට රෝල් කර ගිරියටම තියලා වතුර උගුරකින් බඩට සෝදා හැරීමය!

Medi House යන බව දැකපු හැටියෙම මං සූදානම් වුණේ කිරාත කොළ දෙක තුනක් ගිල දමන්නටය. 
මර්විනුත්, නෙවිලුත් මගෙන් බෑගය උදුරාගත්හ. “මෙන්න මචං, අර බම්බුවේ කොළ ගිලින්න හදනවා...”

“එපා, එපා. දෙන්න එපා... අද තමයි තමුසෙගෙ කෙළි මාට්ටු වෙන්නේ.....”

මගෙන් ලේ සාම්පලය ගනිද්දීම මං හිටියේ ඇති පදම් බැණුම් අහන්නට සැරසිලාය. 
ඒත්, දෙකක් නැත; එදා පොටේ නම් මාව බේරන්නට ඇත්තේ දෙවියන්ම විය යුතුය. රුධිර පරීක්ෂණ වාර්තාවට අනුව මගේ සීනි මට්ටම වැඩි නැත! 

මටමත් ඒක අන්විශ්වාසබල්ය!!

මගෙන් ලේ සාම්පලය ගන්න වෙලාවේම මං හිත හදාගෙන හිටියේ අම්බානක බැණුම් අහගන්නටය!
එදා, මාව බේරාගත්තේ කොයි වේශයෙන් ඉන්න කතරගම දෙවිඳුන්ද?

මං එහෙම අහන්නේ සහේතුකවය. එක වෙසකින්වත් මට දර්ශනය නොවුණාට, කඳ සුරිඳුන්ට ‘වේශයන්’ 16ක්ලු!

“..... කාලිදාස යුගයේ රචිත යැයි සැලකෙන, විමසීමට භාජන විය යුතු ‘කුමාර තන්ත්‍රය’ නමැති කෘතියේ ස්කන්ධ කුමාරයන්ගේ එක් එක් නාමයක් අනුව එක් එක් මූර්ති සකස් විය යුතු ආකාරයත්, ඒ එක් එක් මූර්තියක අන්තර්ගත විය යුතු ලක්ෂණයනුත් විස්තර කෙරේ.....” කියලා ආචාර්ය අලුත්වැව සොරත හිමියන් ලියූ 
‘කතරගම පුද සිරිත්’ පොතේ සඳහනක් තියෙනවා. (පොත ‘සරසවි’ ප්‍රකාශනයක්.)

සොරත සමිඳුන්ට අනුව 
ශක්තිධර, ස්කන්ධ, සේනාපති, සුබ්‍රහ්මණ්‍ය, සුබ්‍රහ්ම, ගජවාහන, සරවනභව, කාර්තිකේය, කුමාර, ෂණ්මුඛ, තාරාකාරී, සේනානී, බ්‍රහ්ම සාස්ථ, වල්ලි කල්‍යාණ සුන්දර, බාල හා කෞඤ්ච පේථා 
කියලා විලාස 16කින් කඳ කුමරුවාණන්ගේ මූර්ති හැදෙනවාලු.

වැඩියෙන්ම කඳ සුරිඳුන් මූර්තිමත් කෙරෙන්නේ ෂන්මුඛ වෙසින්. එහෙමත් නැතිනම් සේනාපති හෝ කුමාර වෙසින්......
“....දැනට ලංකාවේ බහුල වශයෙන් දක්නට ලැබෙන්නේ ෂණ්මුඛ මූර්තිය අනුව සකස්වූ දේව ප්‍රතිමාවන් බව පෙනේ.....” යැයි කියවෙන සොරත හිමියන්ගේ පොතේම (96 පිටුවේ) ෂණ්මුඛ මූර්තිය ගැන විස්තර තියෙනවා මෙහෙම.

     “බන්දේ සින්ධූරකාන්තිං සරවනභවම් ශ්‍රී මයුරාදිරූඪම්
      ෂට් වක්ත්‍රං දෙවසෛන්‍යං මතුරිපුතනයා වල්ලභං ද්වාදසාක්ෂම්
      ශක්තිං පානම් කපානම් කෘපානම් ත්වජමජිව කථා මාභයං සව්‍යහස්තේ
      චාපං වජ්‍රං සරෝජං කටකමපිවරං සූලඅන්‍යර්ථධා නම්

-මුහුණු සයක් ඇති 
කිරි සයුරේ කාන්තියෙන් යුත් මයුර වාහනාරූඪ වූ 
අසුර මථනය කළා වූ ශක්තිය හස්ත කොට යදියනට අභය දෙන්නා වූ 
චාපය වජ්‍රය සහ පියුමක් ද කුකුළු ධජයක් ද දරන්නා වූ 
පද්මාසන සහිත 
ෂණ්මුඛ මූර්තිමත් ස්කන්ධයන් වඳිමි.”

පාද යාත්‍රාවේ යන්නට කලින් අප හැමෝම ජොගින් ට්‍රැක්ස්වල ඇවිදලා..............
පාද යාත්‍රාවේ යන්නට කලින් අපි හැමෝම ඒ වෙනුවෙන් පෙර පුහුණුවක යෙදුණු විත්තිය දැනටමත් කියලා ඉවරය. 
අයස්මන්ත පීරිස් දොස්තර මහත්තයා ස්මූති බොන්නට දීලා, 
ගමනට විවරණ දුන්නේ එහෙම වතාවකය. 

ඒ සූදානමම වුණත්; පේ වීමම වුණත් වන්දනාවක්- පූජාවක් නේද? 

ඉතින් එහෙම training කරලාත් අපේ කකුල්වල දිය පට්ට ආවේය. අප පුහුණු වෙන්නට ඇවිද්දේ හොඳින් සැකසූ ජොගින් මං තීරුවලය; සමතලා පාරවලය.

කුමන- යාල වනෝද්‍යානවල කොහෙන්ද එහෙම පාරවල්? 

ගොඩක් තැන්වල ඇත්තේ වැල්ලයි. වැල්ලේ පා තබද්දී එරෙයි. කකුලක් උස්සා කකුලක් තියන්නට වෙන්නේ ආයාසයකිනි. ඉතින් ඇඟට වගේම දෙපයටත් වෙහෙස වැඩිය.

ඒ නිසාදෝ ගමනෙන් තුන්කාලක් යන්නටත් කලින් මර්වින්ගේ සපත්තුවක් හිනා වෙන්නට ............
ඒ නිසාදෝ ගමනේ තුන්කාලක් යන්නටත් කලින් මර්වින් බොතේජු උන්නැහේගේ සපත්තුවක් කැඩුණේය. එහෙම දෙයක් අප බලාපොරොත්තු වුණේ නැතිය.

“කරන්න දෙයක් නැහැ මචං.... බැරිම තැනකට ආවොත් විසි කරමු.... එතකන් ඕකම දාගෙන යං. සෙරෙප්පු හරියන්නෙ නැහැ. 
දැක්කනෙ... නෙවිලා සෙරෙප්පු දාගෙන යන්න ගිහින් වරුවෙන්ම සෙරෙප්පු පටි ගෑවෙන තැන්වල  දියපට්ට එන්න ගිය හැටි.... 
අර මිනිස්සු සෙරෙප්පු සපත්තු මොකුත්ම නොදා ගියාට අපට පුරුදු නැහැනේ මර්වින්.....” අයස්මන්ත එහෙම කිව්වාට පස්සේ මර්වින් ගමන ගියේ සපත්තුවක් හිනා වෙද්දීය.

පීරිස් ගමන ගියේ අලුත්ම, මිල අධික සපත්තු කුට්ටමක් දමාගෙනය. 
යන වේගය, යන දුර සේරමත් ඒකේ උදව්වෙන් අපට කියමිනි.

ඉතින් පළමු වතාවට ඔහොම ගමනේ යෙදුණු අපේ පිරිවර විසිරෙන්නට පටන් ගත්තේ අපේ ගෙදර ළඟිනි. සුනිලුත්, නෙවිලුත්, මාත් වාහනයෙන් අපේ බඩු-භාණ්ඩ බාගෙන පීරිස්ටත්, මර්වින්ටත් සමු දුන්නෙමු.

ඇසළ කාර්තිකෝත්සවය දිය කැපීමෙන් හමාර වුණත් ඊට කලින් අපේ පා ගමන නිමා වුණේය. එදා....
පහුවදා උදේ දහයට විතර පීරිස් දුරකතනයෙන් කතා කළේය. “නිමල් අයියේ.... තරහ නැතිව ඔයාලගේ ගෙදර ළඟ කුණු ගොඩ ගාවට දුවලා ගිහින් බලන්නකෝ කුණු අරන් ගිහින්ද කියලා....”.

“මොනවා බලන්නද? මෙච්චර පරක්කු වෙන්නෙ නැහැ. කුණු ගෙනියනවනෙ උදෙන්.”

“යකෝ, ගිහින් බලපන් කෝකටත්. මතකද ඊයේ රෑ අර පkoරිස් -කැඩිච්ච සපත්තු ගෙදර ගෙනියන්නේ මොකටද- කියලා සපත්තු ජෝඩුව තමුසෙලගෙ කුණු ගොඩට විසි කළා. ඒ හුයන්නා කලබලෙන් විසි කරලා තියෙන්නේ උගේ සපත්තුවකුයි, මගේ සපත්තුවකුයි.”

කුණු ලොරිය ඇවිත් ගිහිල්ලාය. 

මං ඒ බව බලාගෙන ඇවිත් දොස්තර මහත්තයාට කියූ වෙලාවේ නම්, මර්වින් උන්නැහේට විතරක් නොවේ පරම්පරාවේ අයටත් කිවිසුම් යන්නට ඇත්තේ පැයට කිලෝ මීටර් 160ක සාමාන්‍ය කිවිසුම් වේගයත් ඉක්මවලා වෙන්නට ඇතිය.

යළිත් පා ගමනේ යෙදෙනවිට කළ යුතු දේවල් දෙකක්............
‘යක්කුන්ගේ හැටියටය විමානේ තියෙන්න ඕනේ’ කියලා, ඊළඟ දෙවතාවේම පීරිස් මහත්තයා අච්චර වටිනා; දහ-පහළොස් දාහේ සපත්තු දාගෙන ආවේ නැත!

ඊළඟ වතාවේ පාද යාත්‍රාවේ යද්දී නම් කරන්නට දේවල් දෙකක් මමත් දැනටම හිතාගෙන ඉන්නෙමි. එක- ටිකක් ලොකු සපත්තු දෙකක් දාගෙන යන්නටය. එතකොට කකුල් ඉදිමුණාම හරියට fit වෙනු ඇත. 

දෙක- ඒ පාද යාත්‍රාව ගැන පංච තන්තරේට නොලියන්නටය. දැන් කියන්නට තිබෙන පාද යාත්‍රා පසුබිම් කතන්දර කියලා අහවරය.

එක ගමනක නොවේ; දැන් පාද යාත්‍රා ගමන් තුනකම විස්තර කියලා හමාරය. ඒ මදැයි, නේද?
හරෝහරා෴

11 comments:

  1. ඇයි අපිත් පාදයාත‍්‍රාවේ ගියා නොවැ ඔබතුමාගේ ලිපියත් එක්කම මනසින්... හරෝහරා......

    ReplyDelete
    Replies
    1. ගිය විතරක් නෙවෙයි. උත්තේජනය වෙලා, 'අපේ දෙවි දේවතාවෝ' දුර්ලභ පොත ෆොටෝ කොපි කරලා ගෙනැවිත් දුන්නටත් ස්තුතියි. තවම කියවන්න ලැබුණේ නැහැ, අසංග. පහුගිය දවස් දෙකේ හම්බන්තොට ගිහින් හිටි නිසා.

      මුලුන් පොත හම්බ වුණා නම් හරෝහරා 19කුත් ලියවෙන්න ඉඩ තිබ්බා.

      Delete
  2. මේ අවුරුද්දෙත් පාද යාත්‍රාවගිහිල්ල අපිටවිස්තර කියන්න ශක්තිය ලැබේවා කියල පතනව.

    ReplyDelete
    Replies
    1. සුභ ප්‍රාර්ථනාවට ස්තුතියි ප්‍රසන්න.

      Delete
  3. https://www.scoopwhoop.com/inothernews/unbelieveable-celebrations-of-india/

    ReplyDelete
    Replies
    1. ලින්ක් එකට ගියාම අපූරු විස්තර ටිකක්නෙ Pra Jay තියෙන්නේ. වර්ණවත් - පුමාකාර ඇදහිලි චාරිත්‍ර! මරු! ගොඩක් ස්තුතියි

      Delete
  4. merit casino - Shootercasino
    Merkur - The Merkur Progress. Merkur Progress Adjustable Safety Razor is oklahomacasinoguru.com a top-quality poormansguidetocasinogambling.com shaving razor that was previously known as https://casinowed.com/merit-casino/ the https://shootercasino.com/merit-casino/ Merkur https://baccaratsites777.com/ Progress but still

    ReplyDelete
  5. හරෝ හරා! මෙදා පාරත් ගමන නම් සුපිරි ලොකූ

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්