‘දවසක්
දා හැන්දෑවක’... මං වහන්සේ මේ රූකාන්තගේ සිංදුව කියන්න හදනවා නෙවෙයි හොඳේ...
2026 අගෝස්තු 27 වෙනිදා හැන්දෑවේ සිද්ද වෙච්ච දේවල් ටිකක් කියන්නයි හදන්නේ.
![]() |
යමක් දිහාව බලන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව නෙව. එතකොට
ඉතිං එයාලට පේන දේවලුත් වෙනස් වෙලයි පෙනෙන්නේ! |
පොතුබරියෝ
post එක upload කරලා ඉවර වෙලා ගියා fb එක පැත්තට. මාත් update වෙන්න එපැයි- චුට්ට
චුට්ට හරි.
අර
මිණී වළේ මැරෙන්න දපන්නට සූදානම්ව ඉඳලත්, අන්තිම තත්පරේදීත් යමක් ඉගෙන ගන්න ගිය බමුණා
වගේ තමයි මමත්. හැබැයි, දැන් මං වහන්සේ වැඩියත්ම යාවත්කාලීන වෙන්නේ කම්පියුටරේ
උදව්වෙන්...
fb එකේ තිබ්බා- තිබිල්ලක් ඇට්ටි හැලෙන්න!
මට
නං හිතට වැදුණු posts ගොඩාරියක්.
හැබැයි, යමක් දිහාව බලන විදිහ එක්කෙනාගෙන් එක්කෙනාට වෙනස් වෙනව නෙව. එතකොට ඉතිං
එයාලට පේන දේවලුත් වෙනස් වෙලයි පෙනෙන්නේ!
මේ මට පෙනිච්ච සුවිශේෂ දේවල් ටිකක්.
ශ්‍රී
ලංකාවේ ප්‍රසිද්ධම අලි රංචුව හොඳටම නන්නත්තාර වෙලා වගේ ඉන්න වෙලාවක වල් අලි
රංචුවක් හොඳටම නීතිගරුක වෙලානේ. එයාලා මාර්ග නීති පිළිපදින අපූරුව දෙපා සතුන් වන
අපිටත් ආදර්ශයක්. බලන්නකො මේ විස්තරේ.
ලෝක සමාජ මාධ්‍යය හොල්ලයි:
අලි පැටවෙකු රාළහාමිට ආචාර කරයි.
ශ්රී ලංකාවේ වන අලින් පිරිසක් මහා මාර්ගය හරහා ආරක්ෂිතව ගමන් කරන අන්දම සහ
එහි සිටි කුඩා අලි පැටවෙකු මඟ දෙපස රැස්ව සිටි පිරිස සහ රථවාහන පාලනයේ යෙදී සිටි
පොලිස් නිලධාරියා වෙත ගොස් සුබ පතන ආකාරය දැක්වෙන වීඩියෝවක් සමාජ මාධ්ය පුරා දැඩි අවධානයක් දිනා ගනිමින් පවතින බව Therapeutic Videos වාර්තා කරයි.
මහජනතාව සහ
රථවාහන නවතා පසෙකට වී බලා සිටියදී කිසිදු බියකින් තොරව ඉතා සාමකාමීව මාර්ගය හරහා
ගිය මෙම අලි රංචුවේ සිටි පැටවා, ගමනාගමන කටයුතු
පාලනය කළ පොලිස් නිලධාරියා අසලටම පැමිණ සිය හොඬවැල තවරමින් ආචාර කිරීම විදේශීය
නරඹන්නන්ගේ පවා මහත් කුතුහලයට සහ ඇගයීමට ලක්ව ඇත.
![]() |
ශ්රී ලංකාවේ වනජීවීන් සහ මිනිසුන් අතර පවතින මෙම අද්විතීය සහජීවනය
සහ සත්ව කරුණාව අතිශය අගය කරමින්... |
දන්නවනේ,
උඩරට රජවරුන්ට හිටියලු සට්ටඹිය කියල නිලකාරයන් කොටහක්. දැන් රජවරු නෑනෙ. ඒත්
සට්ටඹි රාළලා තවමත් ඉන්නවද මංදා... මේ පහතින් තියෙන post එක කියවනකොට මට එහෙම
සැකයක් මතු වුණානෙ.
වර්ගපූර්ණිකාව's post
‘මහින්ද රාජපක්ෂ
යනු රාවණා රජතුමාගේ පුනරුප්පත්තිය බව ඔබ දැන සිටියාද?
පසුගිය වසර
ගණනාව තුළ ආචාර්ය මීවනපළානේ ජයරත්න වන මා නීලගිරි පර්වතයේ කුණ්ඩලීනී යෝගයට සමවැදී
සිටි අතර, මතු බුදු වන නාථ දේවයන් වහන්සේ විසින් අතිශය
වැදගත් හෙළ ඉතිහාස තොරතුරු සමුදායක් ලබා දුනි. නාථ දෙවිඳුන් හරහා ප්රත්යක්ෂව මා අවබෝධ කරගත් එම තොරතුරු සමුදායෙන්
මහින්දයන්ට අදාල තොරතුරු කිහිපයක් මෙසේ ඔබට දක්වන්නම්.
මහින්දගේ
සම්පූර්ණ නම පර්සි මහේන්ද්ර රාජපක්ෂ වේ.
එහි නිරුක්ති ඔබ දන්නවාද? එකින් එක බලමු.
පර්සි = පර +
ඉසි... ඒම් පරයන් යනු ඉන්දියානුවන් ය. ඉසි යනු සෘෂිවරයාය. ඉන්දියානුවන්ට සෘෂි වූයේ
අන් කවරෙක් නොව අප මහා රාවණ රජතුමයි.
මහේන්ද්ර = මහා + ඉන්ද්ර... මහා ඉන්ද්ර යනුත් රාවණ රජතුමාට තවත් නමකි.
රාජපක්ෂ = රාජ +
පක්ෂ. රාවණ රජ තුමාට පක්ෂ අයට එම වාසගම ලැබුනි. රාවණ රජතුමන් නැවත උප්පත්තිය
ලබන්නේ රාජපක්ෂවරයෙක් ලෙස බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ සඳහන් වෙයි.
ඒ අනුව
මහින්දයන්ගේ නම බැලූ බැල්මටම රාවණ රජතුමා බව පැහැදිළි වෙයි.
මහින්දයන්ගේ
නිවසේ නම කාල්ටන් ය. එහි නිරුක්තිය බලන්න. කාල් = කාලය. ටන් = ස්ථානය. එනම් කාලයේ
ස්ථානය යන්නයි. රාවණ රජතුමන් රාමාගේ හී පහර කා මිහිතලයෙන් නික්ම ගියේ නැත. ඔහු
කාලය හරහා නැවතත් ඉදිරියට ගමන් කළේය. කාලය නැවතුණ ස්ථානය කාල්ටන් බවට පත් වේ.
මහින්දයන්ගේ ගමේ
නම මැදමුලන වේ. මැද = මධ්ය, මුල = ආරම්භය, න=නිරිඳු. එනම්
විශ්වයේ මධ්ය ලක්ෂය හෙළදිවයි. හෙළදිවේ ආරම්භක නිරිඳු යන
අරුත මැදමුලන යන්නෙන් පැහැදිළි වෙයි.
![]() |
මහින්දයන්ගේ ප්රියතම කෑම කුරහන් ය. එයත් රාවණා රජතුමාගෙ ප්රියතම
කෑම බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ... |
මහින්දයන්ගේ ප්රියතම කෑම කුරහන් ය. එයත් රාවණා රජතුමාගෙ ප්රියතම කෑම බව වර්ගපූර්ණිකාව පුස්කොළපොතේ සඳහන් වෙයි. කුර = කුර , හන් = සම්. එනම් අශ්වයින්ගේ කුර මගින් පාගා හම් සෑදීමට මෙම හෙළ අහර යොදා
ගැනුනි.
ලිපිය ගොඩක්
දිගු වෙන නිසා මෙතනින් අදට නවත්වන්නම්... ඔබට ඇති ගැටලු ගැන කොමෙන්ට් සෙක්ෂන් එකේ
දක්වන්න.
කෙසේ නමුත්
පිරුපාහරන් නැමැති රාමවාදියාව පලවා හැර හෙළදිව එක් සේසත් කළ අවසන් මහ රජ වන්නේ අන්
කිසිවෙක් නොව රාවණා රජතුමාගේ පුනරුප්පත්තිය වන මහින්ද රාජපක්ෂ රජතුමා ය.
- ආචාර්ය මීවනපළානේ ජයරත්න’
ආචාර්යතුමෝ,
ඔබතුමා වචන විසන්ධි කරලා, කපල, කොටල අරගෙන එව්වායේ හැංගිච්ච අර්ථ එළියට ගන්න විදිහට
මාත් සට්ටඹි වචනයට මේ විදිහට වැඩේ දෙනවා. හරිදැයි කියන්නකො.
සට්ටඹි = සට්ටම් + ඉඹීම = තට්ටම් / පුක + ඉඹීම / ලෙවකෑම = පුක ලෙවකෑම
ඉතිං ඊළඟට මං
දැක්කේ ‘Address නෑ's post’ එක.
‘ගමේ ඉඳන් කොළඹ ඇවිත් කරගත්ත දෙයක්
පිටකොටුව මධ්යම බස් නැවතුම්පළෙහි තැනින් තැන බුලත් කෙළ ගසා සහ මූත්රා කරලා අපවිත්ර කළ පුද්ගලයන් 1029 දෙනකු CCTV
මගින් නිරීක්ෂණය
කර හඳුනාගෙන ඔවුන් ලවාම එම ස්ථාන පිරිසුදු කරවීමට ක්රියා කළ බව ශ්රී ලංකා ගුවන්
හමුදාව පවසනවා.
පසුගිය අප්රේල් 08 වෙනිදා විවෘත වුන කොටුව නවීකරණය කල නව බස්
නැවතුමේ ගුවන් හමුදා නිලධාරීන් 25 දෙනෙකු ආරක්ශාව
වෙනුවෙන් පැය 24 රාජකාරි කරන අතර CCTV කැමරා 64 සවිකරලා
තියෙනවා. ඒවා නිරීක්ෂණය කරන්න තවත් නිලධාරින් 88 ඉන්නවා
මේ මාස හතර තුළ
සිදුවීම් 1286 ක් අනාවරණය කරගෙන ඇත. ඒ මගින්ගේ ගමන් බෑග්
මුදල් ආදිය සොරකම් කිරීම, නීති විරෝධී ක්රියා හා බස් නැවතුම්පළේ දේපළවලට හානි කිරිම් සම්බන්ධ අය 64ක් අත්අඩංගුවට ගෙන පොලිසිය වෙත බාරදී ඇත.
![]() |
ගුවන් හමුදාවට පිං සිද්ධ වෙන්න දැන් සොරකම් නීති විරෝධි වැඩ මුකුත්
නෑ. ගුවන් හමුදාව නොහිටියා නම් මේ වෙද්දි අලුතින් හදපු මේක මල අපායක් වෙලා. |
තවද ජල කරාම, කොමඩ් ඇතුළු පොදු දේපළ විනාශ කිරීමේ සිදුවීම් 48 ක්ද ආරක්ෂිත කැමරා දර්ශන මගින් හෙළිකර ගෙන ඇත.
රියදුරු -
කොන්දොස්තර විවේකාගාරය අසල කසළ බඳුනකට නිරන්තරයෙන් මූත්රා කළ බෝතලයක් දමා යාමේ සිදුවීම මත ආරක්ෂිත කැමරා පැය අටක කාලයක් ආපස්සට
නිරීක්ෂණය කර මූත්රා බෝතලය කසළ බඳුනට දැමූ අවිස්සාවේල්ල ඩිපෝවේ
බස් රියැදුරකු අල්ලාගැනීමට හැකිවූ බවද ගුවන් හමුදාව කියනවා
මෙම කාලය තුළ
බස් නැවතුම්පලට පැමිණ රෝගී වූ පුද්ගලයන් 64 දෙනකු සුවසැරිය
ගිලන් රථ යොදවා කඩිනමින් රෝහල්ගත කිරීමට හැකිවී තිබේ.
ගුවන් හමුදාවට
පිං සිද්ධ වෙන්න දැන් සොරකම් නීති විරෝධි වැඩ මුකුත් නෑ. ගුවන් හමුදාව නොහිටියා
නම් මේ වෙද්දි අලුතින් හදපු මේක මල අපායක් වෙලා.
ගෞරවණීය ප්‍රනාමය ශ්රී ලංකා ගුවන්
හමුදාවට
ආ, මට තව එකක්
කියන්න අමතක වුණා.
මං මේ post එකේ දාල තියෙන්නේ ඒ ඒ පෝස්ටුවල තිබුණු දේ විතරයිනේ. ඒවා කියවලා comment
කරපුවත් නියමයි.
ආදරණීය ඔයාලත් මං වගේම ‘පිස්සො’ නං ඒ තැන්වලට ගිහිං ඒ commentsතුත් කියවල බලන්නකො.
බෙල්ලන්විලට
කිලෝ මීටර් තුන-හතරකට මෙහායින් ඉඳලවත් මං වහන්සේ තවම බෙල්ලන්විල පෙරහර බලල නෑ. මහරගම විපශ්‍යාරාම
පන්සලෙනුත් අවුරුද්දක් පාසා ජය-පහේ පෙරහරක් පවත්වනවා. පයින් ගියත් විනාඩි පහයි
එහාට... ඒක දැකලත් නෑ. ඉතිං කතරගම- දෙවිනුවර- නුවර පෙරහරවල් ගැන කවර කතාද?
හැබැයි, මං එකම
එක පෙරහරක් බලලා තියෙනවා. 1963/65 අතර කාලේ... මං පැටි වයසේ ඉඳිද්දී. බදුල්ලේ මුතියංගන
රජමහ විහාරයේ පෙරහර.
ඊට අවුරුදු පහකට විතර පස්සේ නුගේගොඩ කන්දවත්තේ පෙරහරක නටලත් තියෙනවා. අපේ ලොකු
නංගියි- උදේනි අල්විසුයි එක්ක. වැදි නැටුමක්. ඒකෙදි තේරුණා පෙරහරක යනකොට; නටනකොට
තියෙන අමාරුව...
වැදි නැටුම නටපු
අපේ ලොකු නංගි වස බීලා සියදිවි හානි කරගෙනත් දැන් අවුරුදු 40කට
වැඩියි.
උදේනි අල්විස්
හිතවතා අවුරුදු කීපයක හිට නුවර පෙරහරේ නිලමේ කෙනෙකු විදිහට සැරසිලා බොහොම
අභිමානවත්ව ඇතෙකු පිට යනවා.
ඔය තරම් දේවල්
මගේ දෑස්වල නටාගෙන- නටාගෙන ගියෙ Kalawama
News's post එක කියවද්දී.
![]() |
මම මොහොමඩ් ෆයිසින් ජෙෆ්රි. මට අවුරුදු 23ක් වෙනවා. මං මුලින්ම දළදා
පෙරහැරට සම්බන්ධ වෙන්නේ 2022 අවුරුද්දේ... |
ඒ වාසනාවන්ත
තරුණයා මෙසේ අදහස් දැක්වුවා.
"මගේ නම මොහොමඩ් ෆයිසින් ජෙෆ්රි. මට අවුරුදු 23ක් වෙනවා. මං පාසල් ගියේ අලවතුගොඩ ජාතික පාසලට. මං මුලින්ම දළදා පෙරහැරට
සම්බන්ධ වෙන්නේ 2022 අවුරුද්දේ මහනුවර ශ්රී මහා නාථ දේවාලයේ අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට
තමයි මං මුලින්ම දළදා පෙරහැරට සම්බන්ධ වෙන්නේ."
දරුවන් තිදෙනෙක්
ඉන්න පවුලක වැඩිමලා වුණු මොහොමඩ් ජෙෆ්රි බටනලා ශිල්පයට අත්පොත් තබන්නේ පාසල්
කාලයේදීමයි.
"බටනලාව පුරුදු වුණේ ඉස්කෝලේදී. මම තූර්ය වාදක
කණ්ඩායම නියෝජනය කරා. ඒකේ බටනලා ශිල්පියෙක් විදිහට තමයි මං ඒක පුරුදු වුණේ. ඒකෙන්
පස්සේ තමා මම පළවෙනියට අංජන සර්ගේ රබන් නර්තනයේ බටනලා වාදන ශිල්පියෙක් විදිහට
පෙරහැරට ඉදිරිපත් වුණේ. ඊට පස්සේ මට හසිත රාමනායක සර් හම්බවුණා. ඉතින් හසිත
රාමනායක සර් එක්ක මම දැනට පෙරහැර 100කට වඩා අධික ප්රමාණයක් සර් එක්ක වැඩ කරලා තියෙනවා.
ඊට පස්සේ මම එතනින් එහාට මහනුවර ශ්රී මහා කතරගම
දේවාලය නියෝජනය කරමින් මහනුවර ඇසළ මහා පෙරහැරේ පතුරු නර්තන කණ්ඩායමේ බටනලා වාදන
ශිල්පියෙක් විදිහට දැනට අවුරුදු තුනක් එක දිගට සම්බන්ධ වෙලා වැඩ කරගෙන යනවා."
පෙරහැර ගණනාවකට
සහභාගි වුණු මොහොමඩ් තමන්ගේ ශිල්පය වෙනුවෙන් අතිදක්ෂයෙක්. ඒ විතරක් නෙමෙයි, ඔහුගේම දක්ෂතාවය අවස්ථා ගණනාවකදීම ඇගයීමට ලක් වෙලා තියෙනවා.
![]() |
දැන් ගොඩක් අය බලාගෙන ඉන්නවා මේ දළදා පෙරහැරට සම්බන්ධ වෙන්න. මම
කියන්නේ බැරි නැහැ, ඔය කට්ටියටත් පුළුවන්. ගොඩක් ශිල්පීන්ගේ හීනයක් ඒක. |
-මං ගොඩක්
ස්තූතිවන්ත වෙනවා මගේ අම්මටයි තාත්තටයි. මට මේ දේට යන්න ගොඩක් මට ගොඩක් කැප
කිරීමක් කරනවා ඒ කට්ටිය. ඉතින් මං ඒ කට්ටියටත් ගොඩක් ස්තූතිවන්ත වෙනවා.
මගේ ජීවිතේ තියෙනකම් දළදා පෙරහැරට එනවා,”
මේ ප්රාර්ථනය හැමදාකටම යථාර්ථයක් වෙන්න කියලා අපි ප්රාර්ථනා කරනවා.!
මේ වගේ දේවල් මම
නං දකින්නේ ‘ශ්‍රී ලංකේය ජාතිය’ක් බිහි වීමේ සුබවාදී පෙරමඟ ලකුණු විදිහටයි.
කියවල තියෙනවද
ආචාර්ය වල්පොළ රාහුල මහ නා හිමියන් ලියූ ‘බුදුන් වදාළ ධර්මය’ කියන ග්‍රන්ථ රත්නය?
එහෙම කිව්වේ ඒ පොත පොතක් නෙවෙයි ‘ග්‍රන්ථ රත්නයක්’ නිසයි.
ඒ පොත කියවපු, අපේ පටු මඟේ ඉන්නා ජිනදාස අයියා එයින් අමන්දානන්දයට පත් වෙලා.
කොච්චරක්ද කියනවා නං ගොඩගේ එකෙන් එක සැරේ පොත් දහය-පහළොව වගේ කීප සැරයක්ම අරං ආවා
යාළුවන්ට බෙදල දෙන්න. මටත් එක පිටපතක් හම්බ වුණා.
Hela Rahas's post එකකුත් ඒ පොත
ගැන ලියැවිලා.
‘විද්යාවටත් උත්තර නැති ප්රශ්නවලට ලෝකයම උත්තර හෙව්වේ ලංකාවේ හාමුදුරුවෝ ලියපු මේ පොතෙන්ද?😲
ඔයා දන්නවද, අදටත් බටහිර ලෝකයේ ඉන්න ලොකු ලොකු විද්යාඥයෝ, දාර්ශනිකයෝ විතරක් නෙවෙයි ලෝක ප්රසිද්ධ විශ්වවිද්යාලවල
මහාචාර්යවරු පවා බුදු දහම ගැන හරියටම ඉගෙන ගන්න මුලින්ම අතට ගන්නේ අපේ ලංකාවේ
හාමුදුරුවෝ කෙනෙක් ඉංග්රීසියෙන් ලියපු
එකම එක පොතක් කියලා?😙
බුදු දහම
කියන්නේ නිකම්ම නිකන් ආගමික විශ්වාසයක් විතරක් නෙවෙයි, ඒක විද්යාවටත් වඩා එහා ගිය, ඕනෑම කෙනෙක්ට මාරම විදියට හිතන්න පොළඹවන අතිප්රබල දාර්ශනික චින්තනයක් කියලා මුළු ලෝකයටම තර්කානුකූලව ඔප්පු කරලා පෙන්වපු
ඒ අමරණීය යතිවරයාණන් වහන්සේ තමයි අතිපූජ්ය ආචාර්ය වල්පොල
රාහුල මහ නා හිමියන්!
මේ අපූරු කතාව
පටන් ගන්නේ 1907 අවුරුද්දේ මාතර වල්පොල කියන ලස්සන ගමේදී. පොඩි
කාලෙදීම පැවිදි බිමට පත්වුණු උන්වහන්සේ, සාම්ප්රදායික පිරිවෙන් අධ්යාපනයෙන් පස්සේ
ලංකා විශ්වවිද්යාලයට ඇතුළත් වෙලා ප්රථම පන්තියේ ගෞරව උපාධියක් දිනාගන්නවා.
![]() |
| ‘බුදුන් වදාළ ධර්මය’ කියන සුප්රසිද්ධ කෘතිය අදටත් ලෝකය පුරා තියෙන විශ්වවිද්යාල දහස් ගණනක බෞද්ධ දර්ශනය ඉගැන්වීමට ප්රධානම පෙළපොත විදියටයි භාවිතා කරන්නේ. |
හැබැයි
උන්වහන්සේගේ ජීවිතයේ ලෝකයම හොල්ලපු ඓතිහාසික කඩඉම සනිටුහන් වෙන්නේ ප්රංශයේ සුප්රසිද්ධ සෝබෝන් විශ්වවිද්යාලයෙන්! ලෝක ඉතිහාසයේ ප්රථම වතාවට
ආචාර්ය උපාධියක් ලබාගත් බෞද්ධ භික්ෂූන් වහන්සේ බවට පත්වෙමින්, අපේ වල්පොල රාහුල
හාමුදුරුවෝ මුළු ලෝකයටම ලංකාවේ නම අරන් ගියා.👍
ඒ විතරක්ද, උන්වහන්සේ ලියපු ‘බුදුන් වදාළ ධර්මය’ කියන සුප්රසිද්ධ කෘතිය අදටත් ලෝකය පුරා තියෙන විශ්වවිද්යාල දහස් ගණනක බෞද්ධ දර්ශනය ඉගැන්වීමට ප්රධානම පෙළපොත විදියටයි භාවිතා කරන්නේ.
බුදු දහම ගැන
ලෝකයේ වැඩියෙන්ම අලෙවි වූ සහ වැඩියෙන්ම කියැවුණු අංක එකේ පොතක් විදියට මේ කෘතිය
අදටත් රන් අකුරෙන් සටහන් වෙලා තියෙනවා.🙆
ඊට අමතරව ලංකාවේ
බුදු සමයේ ඉතිහාසය සහ භික්ෂුවගේ උරුමය වැනි කෘති අපේ රටේ ඓතිහාසික උරුමය ලෝකයට
කියාපාන්න ලියවුණු අතිශය වටිනා මූලාශ්රයන්.
උන්වහන්සේගේ මේ
මහා දැනුම නිසාම ඇමරිකාවේ වයඹදිග විශ්වවිද්යාලයේ බෞද්ධ
ඉතිහාසය සහ දර්ශනය පිළිබඳ මහාචාර්යවරයෙකු ලෙස කටයුතු කරන්නත් අවස්ථාව ලැබුණා.
විදේශීය
විශ්වවිද්යාලයක මහාචාර්ය ධුරයක් දැරූ ප්රථම ශ්රී ලාංකික භික්ෂූන් වහන්සේ වන්නේත්
උන්වහන්සේමයි!
එපමණක් නෙවෙයි, අපේ රටේ ශ්රී ජයවර්ධනපුර විශ්වවිද්යාලයේ උපකුලපතිවරයා ලෙසත් කටයුතු කරමින් අපේ රටේ අධ්යාපනයට දැවැන්ත මෙහෙයක් ඉටු කළා.
1997 අවුරුද්දේදී උන්වහන්සේ අපවත් වී වදාළත්, උන්වහන්සේ ලෝකයට දායාද කළ ඒ අමරණීය දාර්ශනික කෘති හරහා අදටත් මුළු ලෝකයකටම
නිවන් මඟ විවර කරමින් පවතිනවා.
අතිපූජ්ය ආචාර්ය වල්පොල රාහුල මහ නා හිමියන් කියන්නේ සැබවින්ම අපේ දැයට සදාකාලික
අභිමානයක්! 💗
දිලිනි දීපිකාගේ
පෝස්ටුව දැක්ක වෙලාවේ මට මතක් වුණේ සමාජ මාධ්‍යවල පළ වෙච්ච ‘බේරේ වැව පිරිසිදු කිරීමේ
වියදම එක දානපතියෙකු දරයි’ කියන posts කන්දරාව. ඒක පදනම් විරහිත එකක් විත්තියයි පස්සෙ කියැවුණේ.
ඉතිං කොයිකටත්
කියල මාත් මේ තොරතුරු හොයා බැලුවා;
චුට්ටයි හොඳේ.
කවුරු කිව්වත්; ඇහිං දැක්කත්; කනින් ඇසුවත් එක සැරේම විශ්වාස කරන්නත් හොඳ නැහැ
නෙව. මෙන්න Dilini Deepika's post එක.
‘අමිල සේවයක්.
ලංකාවේ වෛද්‍ය ඉතිහාසය වෙනස් කළ රුපියල් බිලියනයක (කෝටි 100ක) අසිරිමත් මනුෂ්යත්වය.
![]() |
අපි දවසකට රුපියල් 10,000 ගාණේ හැමදාම දැම්මත්, මේ රුපියල් බිලියනය
(කෝටි 100) සම්පූර්ණ කරන්න අවුරුදු 273 ක් විතර යනවා! |
අපි දවසකට
රුපියල් 10,000 ගාණේ හැමදාම දැම්මත්, මේ රුපියල් බිලියනය (කෝටි 100)
සම්පූර්ණ කරන්න
අවුරුදු 273 ක් විතර යනවා! ඒ තරම් මිල කළ නොහැකි, තනි මනුස්සයෙක්ට හිතාගන්නවත් බැරි තරම් ලොකු පින්කමක් තමයි එතුමා තමන්ගේ
ආදරණීය මෑණියන්ට පින් පිණිස සිදු කරලා තියෙන්නේ. මුදල් හිඟකම නිසා අතරමඟ නතර වෙන්න
ගිය මේ වටිනා ව්යාපෘතියට නැහිල් විජේසූරිය මහතා දුන්නු මේ ජීවය
නිසා, ඉදිරියේදී දිනකට සිය ගණනක් අහිංසක දරුවන්ගේ
ජීවිත රැකේවි.
රටේ ආර්ථික
අපහසුතා මධ්යයේ වුවද, මතු පරපුරේ
දරුවන් වෙනුවෙන් මෙවැනි මහා පරිමාණ පරිත්යාගයන් සිදු කිරීම
මුළු මහත් සමාජයටම ආදර්ශයකි. මෙමඟින් ලිට්ල් හාර්ට්ස් ව්යාපෘතියේ කටයුතු අවසන් අදියර කරා ළඟා කරවීමට හැකිවූ අතර, ඉදිරියේදී දිනකට සිය ගණනක් අහිංසක දරුවන්ගේ ජීවිත රැකගැනීමට මෙම අසිරිමත්
මනුෂ්යත්වය ශක්තියක් වනු නොඅනුමානය.
රටක් විදිහට මේ
වගේ උදාර
මිනිස්සුන්ට අපි හැමෝගෙම උපහාරය හිමිවිය යුතුයි!’
මදැයි fb එකේ
උන්නා. ගියා ගොසිප් ලංකා news අඩවියට. උඩින්ම තිබ්බේ ‘Update:
නේපාල ව්‍යසනය භූමිකම්පාවෙන් හිම තට්ටු කඩාවැටීම නිසා සිදුවුණා’ කියන පුවත.
‘2026 අගෝස්තු 26 වන දින උදෑසන නේපාලයේ රසුවා දිස්ත්‍රික්කය සහ ටිබෙට් දේශසීමාව යා කෙරෙන
භෝටේ කෝෂි සහ ත්‍රිශූලී ගංගා පද්ධති ඔස්සේ ඇති වූ දැවැන්ත හදිසි ගංවතුර සහ හිම
පතනය හේතුවෙන් විශාල විනාශයක් සිදු විය. අගෝස්තු 27 වන දින උදෑසන වන විට නේපාල පොලිසිය විසින් මෘත ශරීර 157 ක් සොයාගෙන ඇති අතර, ටිබෙට් සීමාවේ පුද්ගලයින් තිදෙනෙකු මියගොස් 265 දෙනෙකු අතුරුදහන් වී ඇති බව චීනය වාර්තා කරයි.’
අලුත්ම වාර්තා අනුව අතුරුදහන් වූ හා මියගිය අයගේ ගණන් මේ
වාර්තාවට වඩා බොහොම වැඩියි.
![]() |
මට නං හිතෙන්නේ ‘සොබාදම් දිනිතිය මනුසතාට පාඩම් රැසක්ම කියා දෙන්නට පටන් අරගෙන’ කියලයි. |
එහෙම නැති ගුණ-යහපත් උදවියත් ඒ අතරේ ඉන්න ඇති නෙව. ඒත් ඒ කොයි කාටත් සමෝසමේ අත්
වුණේ එකම විදිහේ ඉරණමක්. පෙර කළ අකුසල් නිසාවත්ද ඒ?
මට මතක් වෙන්නේ ඉස්කෝලෙදි ඉගැන්නුව ‘ධම්ම පදයේ’ ගාථාවක්;
මගේ හිතට තදින්ම වැදුණු ගාථාවලින් එකක්.
‘න අන්තලික්ඛෙ න සමුද්ද මජ්ඣෙ -
න පබ්බතානං විවරං පවිස්ස
න විජ්ජති සො ජගතිප්පදේසො -
යත්ථට්ඨිතො මුඤ්චෙය්ය පාපකම්මා
යම් තැනක සිට පවේ විපාකයෙන් මිදිය හැකි ද එ බඳු තැනක් අහසෙහිත්
නැත; මුහුද මැදත් නැත; පර්වත කුහරයකවත් නැත; එ බඳු බිම් පෙදෙසක් ලොව කොහේ වත් ඇත්තේ
නැත.’
ලෝකයේ හතර අතින්ම අහන්නට, දකින්නට ලැබෙන news ගැන
හිතද්දී, මට නං හිතෙන්නේ ‘සොබාදම් දිනිතිය මනුසතාට පාඩම් රැසක්ම කියා දෙන්නට පටන්
අරගෙන’ කියලයි෴0෴









No comments:
Post a Comment