li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Wednesday, July 22, 2020

මාරක හී පහර - පළමු කොටස

යකුන් බලන්නට රිටිගල ගිය ගමනේදී ....

අනේ අම්මාපල් මේකට ගිය කලක්?

මේ පෝස්ටුව දකිද්දී, අපේ හක්ස්ලි මහත්තයාට හිතෙයි කියලා මට හොඳටම විශ්වාසය.

චිත්තම්මා’ පෝස්ටුවෙදීත් මම හක්ස්ලි පෙරේරා මහත්තයාගේ යෙදුමක් ‘පිරුවටයට ඉල්ලා ගෙන දැම්මත්’ ඒ බවක් ලියන්නට නොගියෙමි. ඉල්ලා ගත්තේ ‘තව අවුරුදු පනහකින් විතර’ කෑල්ලය. තමන් වහන්සේ බ්රූස් ලීගේ ලොකු අයියාය කියා පම්පෝරි ගහන හක්ස්ලි පෙරේරා අපේ මිත්‍ර සමාගමේ වයෝවෘද්ධයාය. 

යකුන් බලන්නට ගිය යක්කු’ පෝස්ටුවෙදී කියූ පරිදි අප ගිය සංචාරයේදී මේ කියන ‘ලී අයියා’, මීගමුවේ සම්පතුත්, මාත් එක්කම වගේ රිටිගල නැංගේය.

අනෙක් නඩේ ඉස්සර වී හිටියහ. (එහෙම ඉස්සර වුණාය කිව්වේ, කොළේ වහලා ගැහිල්ලකි. අප තුන්දෙනා හිටියේ අන්තිමටමය. ඒ බැරි-බැරියාව හින්දාය.) හක්ස්ලිටත්, මටත් එහෙම බැරි වුණේ වයස නිසාය; සම්පත්ට බැරි වුණේ ‘කොසොල් රජ්ජුරුවන්ගේ වගේ’ තිබුණු බඩ ගෙඩිය හින්දාය. 

එච්චර බඩ ගෙඩියක් තියෙන කාලයේදීත් මේ නූතන කොසොල් රජ්ජුරුවන් වහන්සේ 2013 දී, STF කට්ටියකට නෙළලා හිර ගෙදරත් තැප්පේය.

'වළං කඩේ' සම්පත්, WAL ප්‍රියන්ත, නෙවිල්, ඇඹුල්දෙනිය හා බ්රූස් ලීගේ අයියා හක්ස්ලී (වමේ සිට) 2018 අප්‍රේල් 29 ගත් ඡායාරූපයකි. 

“අම්මෝ නිමල් අයියේ..... අපි ඉතින් තව කී කාලයක් මේ වගේ hikes යයිද .... නේ?” රිටිගල නඟින අතරේ, හති හලන්නට නැවතුණු වෙලාවක සම්පතා කීවේය. ‘අඩෝ වළං කඩයා.... කෝ පොසිටිව් තින්කින්? ඔන්න නිමල් අයියේ, මම නම් දෙයියන්ගේ පිහිටෙන් තව අවුරුදු පනහක් විතර ඉන්නවා.... මොකෝ සම්පත්, තමුසේ ඉක්මනටම යන්නද කල්පනාව’ කියලාය; එතකොට අර නාකි පරාණේ ඇහුවේ!

ඉතින් කියාපල්ලකො, වළං කඩේ කතන්දරෙත්.

ඒ දවස්වල සම්පත් රස්සාව කළේ, අපේ සුමිතුරු ලලිත් ප්‍රියන්තගේ ‘වල් කන්ස්ට්‍රක්සන්ස්’ ආයතනයේය; ‘නාවින්න මෙඩි කෙයාර්’ ගොඩනැඟිල්ල ඉදි කෙරෙද්දී සුපර්වයිසර්වරයෙකු වශයෙනි. 

“කියන්නත් ලජ්ජයි නිමල් අයියේ. එදා අපි කොන්ක්‍රීට් slab එකක් දැම්මා එළිවෙනකල්... පාන්දර ඉවර වුණේ. ආයෙ ටිකක් හරි rest කරලා ගෙදර යනවට වැඩිය හොඳයි, ගෙදරම ගිහින් නිඳා ගන්නවා කියලා හිතාගෙන එහෙමම පිටත් වුණා... Wash එකක්වත් දාගෙන නෙවෙයි, සිමෙන්ති දූවිල්ලෙන් නෑවිච්ච ගමන්, පෙරේතයා වගේ...” සම්පත් කිව්වේය. 

නිඳි මරලා පාන්දර මෝටර් සයිකලෙන් මීගමුවට යද්දී නින්දට වැටුණු සම්පත්ට ඇහැරුණේ වළං, මල් පෝච්චි කුඩුපට්ටං වෙන සද්දෙටය!

එහෙම පිටත්වී මීගමුවට යන අතරමඟදී මේ පුතයාට නින්ද ගිහින්, මෝටර් සයිකලය පාරෙන් ඉවතටත් පැනලාය. බයිසිකලය නැවතිලා තියෙන්නෙත්; සම්පත්ට ඇහැරී තියෙන්නෙත් එක විඩේමය!

හැළි-වළං-මල් පෝච්චි කුඩු-පට්ටං වෙන සද්දෙටය!!

ඒ බව කියන ටෙලිෆෝන් කෝල් එක ඇහෙද්දී මගේ මනසේ ඇඳුණේ, පරසිදු අම්බලමේ පිනා කවියයි. ඒ එක්කම ‘අකල් මරණෙකට හවුල්වී’ පෝස්ටුවේ කියැවුණු ‘සම්පත් පුංචිහේවා’ නීතීඥ හිතවතායි. තව ඩිංගෙන් ඒ සම්පත් මෙන්ම මේ සම්පතුත් සමාදානයේ සැතපෙනවාය. 

වාසනාවට වගේ සම්පතාට ඉස්පිරිතාලෙකට යන්නට තරම් කැඩුම්-බිඳුම්-සීරුම්-තුවාල නොවුණේය; කඩේ අයිතිකරුවන්ට අලාභය ගෙවා නිදහස් වෙන්නට පුළුවන් වුණේය. ඒත් කරුමේය කියන්නේ- සම්පත් රණසිංහට හක්ස්ලි අයියා පබැඳූ නමෙන් ගැලවෙන්නට බැරිවීමය. ‘වළං කඩේ!’

ඔහොම humorous හක්ස්ලි අයියාට මදිය නොකියන්නම හිනා ගියේ ‘මාරක හී පහර’ නාට්‍යය ගැන කතන්දරේ එයාට කියූ දවසේය.

'මාරක හී පහර' 'මහ සමයම' වැනි දැවැන්ත නාට්‍යයක් නොවේ; පොසොන් නාට්ටියකි!

(මගේ බ්ලොගය කියවනවාට හක්ස්ලි පෙරේරා මහත්තයා ජපන් කොම්පැනියකින් වැටුපකුත් ලබන නිසාදෝ, සමහර ඒවාට කමෙන්ටුවකුත් දමයි. නිදිගෙ පංච තන්තරේට පළමුවෙනි කමෙන්ටුව දමමින් ලී මහත්තයා කිව්වේ ‘සාම ජාතක කතන්දරේ’ ලියනතුරු ආසාවෙන් බලාගෙන ඉන්නවා කියලාය! 

Huxley Perera April 9, 2018 at 11:21 PM

Interesting. I am eagerly waiting to read Poson Drama Sama Jathakay !!! 

ඒ තරමටම හක්ස්ලිට මේ කතන්දරේ අලකලංචිය හිතට අල්ලලාය!)

ඔන්න දැන් කියන්නට යන්නේ ඒ කතන්දරේ; බ්රූස් ලීගේ වැඩිමහල් සොහොයුරාට එදා නොකී විස්තරත් එක්කම!

මතකයිනේ, මහරගම හන්දියේ පෙන්වපු පළමුවෙනි වේදිකා නාට්‍යය විදිහට- අපි 1966 ‘අජාසත්ත නාට්‍යය’ රැඟුවා. ඊළඟට නැටුවේ අබරන් මාස්ටර්ගේ විධුර.

ඒකෙදිනේ, නා රජ්ජුරුවන්ට ඇඳපු නිහාල් ලියනගේ අයියාට ‘රෝමන් style’ එකට අන්දවලා, දන්නෙම නැතිව නාග මාණික්කේ පෙනෙද්දී කොල්ලෝ හූ තිබ්බෙත්! 

සිරිත් දන්නා අමරේ අවුරුදු දවසක අපේ ගෙදරට ගොඩ වැදුණේ තෑගිත් අරං...

ඊළඟට තමයි, මේ ‘මාරක හී පහර’ වේදිකාගත කෙරුණේ. ඒ ගැන කියද්දී අමරේ ගැන කියලා ඉන්නම වෙනවා. 

වත්තේගෙදර පාරේ ‘අමරේ’ මාව හඳුනාගත්තේ අර නාට්‍ය දෙකින් එකක රසිකයෙකු විදිහටද, එහෙමත් නැතිනං මං ‘පේව්මන්ට් එකේ රජවෙද්දී’ ඒවා නැරඹූ ප්‍රේක්ෂකයෙකු විදිහටද කියලා නම් මට මතක නැහැ. ඒවා කොහොම-කොයි හැටි වෙතත්, අපි දැන-හඳුනාගෙන සතියෙන්- දෙකෙන් වගේ අමරේ අපේ ගෙදරටත් ආවා. අපේ තාත්තාගේත් හිත දිනාගත්තා. මනුස්සයා ඒ තරමටම අහිංසක පාටයි; අවංක පාටයි; ලැදියි.

ඒ ගතිය වැඩියත්ම පෙනුණේ එයා හිනා වෙද්දී. හිනාවෙනකොට එයා නොවැරදීම වාගේ අතින් කට වහගන්නවා.

ලජ්ජාවට? .... පිස්සුද, ලජ්ජාවට නෙවෙයි, ඒ මනුස්සයාගේ ඉස්සරහ දත් පහ-හයකම බාගය බැගින් තිබ්බ හින්දා. කොයි තරුණ හාදයාද කැමති, තමන්ගේ ලොඹු කට එළියෙ දාගෙන හිනා වෙන්න?

අමරේගේ ඔය දත් කතන්දරේ හින්දා දවසක් මං අපේ පිය මහ රජ්ජුරුවන්ගෙන් ගුටිත් කනවා, තව ඩිංගෙන්.

අලුත් අවුරුද්දක් ලබපු දවසක් ඒ. සිරිත්-විරිත් දන්නා අමරේ බිස්කට්- කැවුම්- කෙසෙල් ගෙඩි බෑගයකුත් උස්සාගෙන අපේ ගෙදරට ගොඩ වැදුණා. මාත් වචනෙන්-දෙකෙන් මනුස්සයාට ඇයි-හොඳයි කියලා, කරමින් හිටි වැඩේටම බැස්සා. ‘අමරෙට තාත්තා එක්ක කතා කර-කර ඉන්න බැරියැ’ කියලා හිතාගෙන. 

ළඟ ගෙදරක කොලු කුරුට්ටොයි අපේ ගෙදර හැච්චො-බැච්චොයි එකතු වෙලා....

අපේ ගෙදර දරු පිරිවරයි, ළඟ ගෙදරක කොලු-කුරුට්ටොයි එකතු වෙලා වාද බයිලා කියමින් තමයි, අපි අවුරුදු නිවාඩුවෙන් කොටසක් ගෙවමින් හිටියේ, අමරේ එනකොට.

අමරෙව අපේ තාත්තාට පංගාඩම් කරලා, මං බයිලා පිටියට යනකල් එයාලා ‘commercial බ්රේක්’ එකක් අරගෙනයි හිටියේ. “හුරේ... අපේ ලොකා ආවා. හරි... ආයි පටන් ගමු....” කට්ටිය මාව පිළිගත්තේ හුරේ දාලා.

අපි ආයෙමත් බයිලා කියන්න පටන් ගත්තා.

කියනවා කිව්වේ ගිරව් වගේ තමයි. අපෙන් කාටවත්ම බයිලා ගොතන්න බෑ. හැබැයි, අරයා-මෙයා කියනවා අහගෙන ඉඳලා කටපාඩම් කරගෙන තිබ්බා.

ඒ කාලේ ඉස්කෝලේ ළමයින් ගොඩ දෙනෙකුත්, ටීචර් කෙනෙකු නැති පීරියඩ් එකක් පුරා කළේ බයිලා කියනවා වගේ වැඩ! එහෙම කටපාඩමින් බයිලා කියන්න දක්ෂයින් තමයි ඒ දවස්වල වැඩියත්ම හිටියේ.

හිටි ගමන් අමරේ අපේ ගෙදරින් එළියට බැහැලා, කඩා-බිඳගෙන යනවා දැක්කත් මට කිසි ගනිච්චියක් වුණේ නෑ. වෙනදට නං මනුස්සයා ඔහොම මටත් නොකියම ආපහු යන සිරිතක් නැහැ. ඒත්, බයිලා පිටිය හොඳටම උණුසුම් වෙලා තිබුණු නිසා මාත් එහෙමම හිටියා.

මං ආලවක තාත්තා ළඟට ගියා!

ආ, අන්න තාත්තා ජනේලෙන් එබුණා. “රංජි, මෙහාට වරෙන්!” ගෝරනාඩුවත් ඇහුණා.

“අනේ තාත්තේ.... තව ඩිංගයි.... මේක ඉවර වෙනකල්......”

“හොඳ හිතින් උඹ මෙහාට එනවද, මට පව් නොදී..... නැත්තං මං ඔහාට එන්නද?”

බයිලා තරගෙ බල්ලට ගියා. මං ආලවක තාත්තා ළඟට ගියා.....තාත්තා රකුසු මූණෙන් ඔරවාගෙන.

“තොට මොළයක් කියලා එකක් ඇත්තෙම නැද්ද?”

මේ මොන මරාලයක්ද යකඩෝ? දන්නවනෙ... එහෙම වෙලාවට තූෂ්ණීම්භූතව ඉන්න එක තමයි නුවණක්කාරම වැඩේ. මම හැකිතාක් අහිංසක පාටින් යුතුව, එකත්පස්ව බලාගෙන හිටියා; සීරුවෙන් නෙවෙයි හලෝ, හොඳටම අසීරුවෙන්. පළමුවෙනි ප්‍රශ්නය නොගෙන හිටියට, දෙක එහෙම කරන්න බැරි එකක්....

“උඹ මොකක්ද අර කිව්ව බයිලේ?”

ඒ වෙලාවේ කියපු බයිලා මතක තියෙන්න මම වොලී බැස්ටියන් නෙවෙයිනේ....

ඒ වෙලාවේ කියපුවා මොකාටද මතක තියෙන්නේ? ඊටත් බය බිරාන්ත වුණාම අතැඹුලක්සේ දන්නා දේවලුත් අමතක වෙනවනේ! ඒත් දිගටම නිරුත්තරව හිටිල්ලත් අපේ තාත්තාව කේන්ති ගැස්සිල්ලක්. “මොකක්ද තාත්තේ....”

“මොකඩ්ඩ ටාට්ටේ.... උඹ මො..ක..ද්..ද දැන් ටිකකට ඉස්සෙල්ලා කිව්ව බයිල එක.... යකෝ, තොටත් මොළේ නැද්ද? අර ලොම්බා ඉන්න වෙලාවෙම ඒක කියන්න... ඒ මනුස්සයා තේ එකවත් නොබී එළියට බැහැල ගියේ.... ආයෙ මේ පැත්ත පළාතේ පස් පාගන එකක් නැහැ... දැන් ඉතින් විරෝගෙන හිටපං... මෝඩ හරකා! මෙතනිං පලයන් ඉතින් මගේ දෑහැට නොපෙනී...”

අන්තිම හරියෙදී නම් මටත් හුස්මක් වැටුණේය. ඒ අන්තිම හරිය කියද්දී අපේ තාත්තා හිටියෙත් හිනාව හිර කරගෙනය!

අර ලොම්බා!

ඒ සේරම වුණේ එක බයිලා පදයක් නිසාය. ඒ පදය මට තවමත් මතකය. ‘කොහේ ඉඳන් ආවද මේ දත් නැති ලොම්බා’. ඒ දෙවෙනි පදයයි. දැනටමත් දහ-දොළොස් දෙනෙකුගෙන් අසා බලා ඇතත්, ඒ බයිලාවේ පළමු පදය දන්නා කෙනෙකු හමු වුණේ නැත.

ඉතින් එතැනින්ම එදා අපේ මහා වාද බයිලා තරගය නතර වුණේය.

අපිත් මෙදා සැරේ නාට්‍යයක් කරන්නයි යන්නේ, පොසොන් එකට....

ඒත් එදා කාටවත් නොකියා, දඩි-බිඩියේ අමනාපයෙන් වගේ පිටත්ව ගිය අමරේ, ආයෙත් අපේ ගෙදර පස් නොපාගා හිටියේ නැත; ආවේය. ඒ ආවේ පංකාදු පහේ යෝජනාවකුත් අරගෙනය.

“ගුණපාල අයියේ... අපිත් මෙදා සැරේ පොසොන් එකට නාට්‍යයක් පෙන්වන්නයි යන්නේ.....”

“හොඳයිනෙ...”

“ඒක නේන්නං.... සාම ජාතකය. ඔන්න ගුණපාලයියේ, බැහැයි නොකියා රංජි මල්ලිවත් මට ඒකට ඕනෑ... අපේ මාමා තමයි ඒ නාට්ටියම කරමුය කිව්වේ.... එදා රංජි මල්ලී අපේ ගෙවල් ගාවදි ඒකාංගික නාට්‍ය දර්ශනේ කරපු වෙලාවේ (ඒ ගැන කලින් පෝස්ටුවකදී කීවෙමි. එහෙත් link එක නොදමන්නේ හිතා-මතාමය. ඔන්න, ‘කොලොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි මහත්තයෝ, ‘පලිඟු කිරිල්ලී’ ලියමින් ඉන්නවා මිස, අමරේගේ සුල-මුල හොයා ගත්තත් ප්‍රසිද්ධ කරනවා හෙම නෙවෙයි!) අපේ මාමත් ඒක බලන්න ආවා.

මාමට රංජි මල්ලිව හිතට අල්ලලා, හොඳටම. මාමා කියනවා, වෙල්යාය පාරේ කෙලවරේ තැනක නාට්‍ය කරමුය කියලත්....”

ඉන්දීය නිළි රේඛාගේ තාත්තා ජෙමිනි ගනේෂන්ට මේ කියන 'පෙම් රැල්ල' තිබුණේය!

අමරේ දිගටම කියාගෙන ගියේ නළලට වැටී තිබුණු පෙම් රැල්ල හොලවමිනි.

ඒ කාලේ උදවියට නම් ඔය ‘තරුණ හාදයන්ගේ පෙම් රැල්ල’ මතක ඇතිවාට සැක නැතිය. මට මතක හැටියට නම් ඒ රැල්ල ජනප්‍රිය වුණේ ඉන්දීය නළු ජෙමිනි ගනේෂන් හින්දාය. (ජෙමිනි තියා, හින්දි තිරේ ගිනි සිලුවක්වූ එයාගේ දෝණි රේඛාටවත් දැන් එතරම් තැකීමක් නැත.)

එතකොටත්- සරම කමිසය අඳින අමරේ, අතින් කරකවා හදාගත් කෙහෙ රැල්ල නළලට දමාගෙන ඇවිද්දේ නළු උණකින් පෙළෙන්නෙකු මෙනි.

ඉතින්, නිදිගෙ පංච තන්තරේ දිගටම කියවූ කෙනෙකුට නම්,  අමරේගේ කතාවට කන්දී හුන් අපේ තාත්තාගේ සොබාවය අමුතුවෙන් කියන්නට උවමනා නැතිය!

අද උදේ ‘තට්ටයාගේ කොලම’ බ්ලොගයෙන් ‘මපුතු වසික වෙත සෙනෙහසින්! - (දෙවැනි එක) පෝස්ටුව කියවද්දී නම් මට ඇඬුණේය. එහෙම වුණේ අපේ තාත්තාගේත්, මේ තාත්තාගේත් වෙනස සිහිවෙලාය.

“මගේ හිතේ තිබුණේ ජපානෙ සයිකල් ගෙන්වන තැනකින් ඔයාට සයිකලයක් අරන් දෙන්න. ඒ වුණාට මම මම ඒක ඔයාට කියන්න ගියේ නෑ. ඔයා ඒ කාලේ ඉස්කෝලෙ එකේ දෙකේ  විතර.

තාත්ති, ඒක 6,500ක්ලු!... අම්මෝ හොඳටම වැඩියි.....

ඉතින් අපි දෙන්නා ජපන් සයිකල් ගේන තැනකට ගියා. මට පේනවා වැටට අස්සෙන් නිල්පාටයි කහ පාටයි බ්‍රිජ්ස්ටන් බයිසිකලයක්. බයිසිකලේ අපි දෙන්නා දිහා බලාන හිටියා! දැක්ක ගමන් මගේ හිත ගියා. මම ඔයාට ඒ බයිසිකලේ පෙන්නලා ඇහුවා ‘පුතේ ඔයා අර බයිසිකලේට ආසද?’ කියලා.

ඔයාගේ දෑස් ආශාවෙන් දිළිසුනා!

“ඔව්! ඒක ගම්මුද?” ඔයා උත්තර දුන්නා.

“හරි පුතේ! ඔයා ගිහින් ගාන අහගෙන එන්නකො! මා ගාව රුපියල් 3000ක් තියෙනවා!” මම හොඳටම දැනගෙන හිටියා 3000 ට ඒ සයිකලේ ගන්න බැරිවෙන බව.

ඔයා ගේට්ටුවෙන් ඇතුළට ගිහින් ඒ යාඩ් එකේ හිටපු කෙනෙක්ගෙන් සයිකලේ ගාන අහලා පිම්මේ දුවගෙන ආවා මා ගාවට!

“තාත්ති! ඒක 6500ක් ලු!” 

“අම්මෝ, හොඳටම වැඩියි! එච්චර සල්ලිත් මා ගාව නෑ! ඔයා පුළුවන් නම් ගිහින් 3000කට ඉල්ලන්න!”

ඔයා ආයෙත් ඇතුළට ගියා. ගිය පයින්ම ආපසු ආවා. “අන්තිම 5000ක් දෙන්නලු!”

එහෙම වුණා නම් බ්ලොගයක් ලියන්නට...

“ඉතිං අපි ගාව එච්චර සල්ලි නෑනෙ! අන්තිම 3500ක් දෙන්නම් කියන්න. ඔයා කියන්න අපි ගාව එච්චර සල්ලි නැති බව!”

මේ විදියට ඔයා දෙතුන් වතාවක් ඒ-මේ අතට ගියාට පස්සෙ සයිකලේ  4000කට ගණං බැස්සා. “ගන්නවා නං අන්තිම රුපියල් 4000ක් දෙන්න කිව්වා!” ඔයා මට කිව්වේ ඇස්වල කඳුළු පුරෝගෙන! ඊට පසුවයි මම ඒක ඔයාට අරං දුන්නේ.

ඒක අයිති කරගන්න ඔයා කරපු කැපවීමකුත් තිබුණා! ඔයා ඒක ගන්න සෑහෙන කට්ටක් කාපු නිසාම ඔයා ඒක  ආදරෙන් පරිස්සම් කළා......”

කඳුළෙන් පිරුණු දෑසින් යුතුව ඒ පොස්ටුව ගෙඩිය පිටින්ම කියවලා ඉවරවී මම කමෙන්ට් එකක් දාන්නට මුල පිරුවෙමි; කෙටුවෙමි කවි පද දෙකක්... 

         ඔබ වන් පියෙකු ඇයි බැරි වුණෙ ලබන්නට  

         කියලත් දුකක් හිතුණා මේ           දරුවා

එතකොටම කල්පනා වුණා අපේ තාත්තාත්, වසික පුතාගේ තාත්තා මෙන් නොවීමේ වාසිය. කොටන්න ගිය කවි පද දෙක අමතක කළා. වෙනින් දෙපදයක් කෙටුවා. ‘හැම නරකකම හොඳකුත් හැංගිලා තියෙනවනේ!’

අපේ ගෙදර තීරණ ගැනීමේ අයිතිය තිබ්බේ නිසි බලධර තාත්තාටය. ඒවාට බලපෑමක් කෙරුවා නම් ඒ...

        එහෙම වුණා නම් බ්ලොගයක්   ලියන්නට

        මතක ගොඩක් ලැබෙයිද මේ මොට්ටයට?

ඉතින්.... අපේ ගෙදර කිසිවෙකුට තීරණ ගැනීමේ අයිතිය නොතිබිණි. එය තිබ්බේ නිසි බලධාරියා වුණු තාත්තාගේ අතේය. ඉඳහිට හෝ ඒකට බලපෑමක් කළා නම් ඒ අපේ අම්මා පමණකි.

අමරේගේ කතාවෙන් පස්සේ, මං බලාගෙන හිටියේ තාත්තා කට අරින තුරුය. ඒ වෙද්දී අපේ පොසොන් නාට්‍යය ගැනත් යන්තම්-සන්තම්-පදම් සූදානමක් තිබිණි.

“අමරේ..... වැඩේ නම් හොඳයි... ඒත් පොඩි පරහකට තියෙන්නේ අපිත් පොසොන් එකට නාට්‍යයක් කරන එකයි. දන්නවනෙ.... මේ තුන්වෙනි සැරේ..... මහරගම දන්නා කියන හැමෝම දැන් අහ-අහ ඉන්නේ මේ සැරෙත් නාට්‍යය පෙන්නනවා නේද කියලා. ඉතින් කොහොමද අපේ මිනිහා එකම දවසේ දෙපොළක නාට්‍යවල ඉන්නේ?”

“මං ඔය විත්තිය අපේ මාමට කිව්වා ගුණපාල අයියේ. ඔයාලගේ නාට්‍යවල ප්‍රධාන නිළිය ඉතින් රංජි මල්ලිනෙ....”

එක්කෝ සිංදු බෑ, නැත්තං නැටුම් බෑ... ඒවා පුළුවන් අයට ඇක්ටිං බෑ! (සිත්තම- සිතුම් සුධාර)

“ඒකනෙ අමරේ. ගෑනු ළමයි කිහිප දෙනෙක්ම බැලුවා.... ගෙවල්වලින් එවන්න කැමති ගෑනු ළමයින්ට එක්කෝ නටන්න බෑ.... එක්කෝ සිංදු කියන්න බෑ.... ඒවා පුළුවන් අය හිටියොත් හොඳට ඇක්ටිං බෑ... අපේ මිනිහටත් තව අවුරුදු දෙක තුනකින් නිළියට ඉන්න බැරි වෙයි උගුරු ඇටේ කැඩෙනකොට! ඒවා තව පස්සෙනෙ... මේකට මොකද කරන්නේ?” තාත්තා ඇහුවේය. 

පෙම් රැල්ල සලිත වුණේය.

“අපේ මාමා කිව්වා ඔය ප්‍රශ්නේ ආවොත්, අපේ නාට්‍යය පොසොන් දවසෙම නැතිව ඊට කලින් ඉරිදා හරි, ඊට පස්සේ ඉරිදා හරි පෙන්නමු කියලා.... අපි දවස වෙනස් කරගන්නං.”

අපේ තාත්තා කල්පනාවකට වැටුණේය. තව මොනවද හිතන්නේ? හා කියන්නකො තාත්තේ...

ළඟදී අපේ අයස්මන්ත මහත්තයා වැඩිපුරත්, මං වහන්සේ අඩුවෙනුත් (එකතුවී ලියූ) පෝස්ටුවකදී කිව්වා වගේ ඒ කාලේ මාත් නාසිසිස්ට් කෙනෙකු වුණාවත්ද, අභ්‍යන්තරයෙන් හිස් බවක් හැඟුණු? වේදිකාවේ රංගනය ඒ දවස්වල මට දැනුණේ එතරම්ම සාඩම්බරයක් විදිහටය!

සර්වාභරණයෙන් විභූෂිතව....... අංග රචනයෙන් රූමත්ව.... පැය කිහිපයකට හෝ නරඹන්නන්ගේ දෙනෙත්වල අංජනය වීම කොතරම් භාග්‍යයක්ද? ආඩම්බරයක්ද?

මමත් 'උඩින් ඔපේ - යටින් හපේ' ඇති 'නාසිසිස්ට්' කෙනෙකු වීම්ද?

“අමරේ.... මොකුත් හිතන්න එපා.... මම මේ ඇත්තම කියන්නේ. අපේ නාට්‍යය පටන් ගත්තම ආධාර එකතු කරන්න යන්න ඕනේ. පහුගිය දෙපාරමත් මේකාගෙ listවලින් තමයි වැඩිම කලෙක්ෂන් එක තිබ්බේ..... එහෙම එකතු කරන්නේ නාට්‍යයටනේ....

ඒකට ගියාය කියලා අපි බඩගින්නේ ඉන්නයැ. රංජිට කළුබෝවිල ඉස්පිරිතාලේ ළඟට යන්නත් වෙනවා, පනං හතරක් හම්බ කරං එන්න.... නොගියොත් අපි බඩගින්නේ.... ඉතින් මේකට වෙලාවක් තියෙයිද ඔයාලගේ රිහසල්වලටවත් එන්න....”

අනේ......

13 comments:

  1. ඔය සාමජාතකේ නාට්‍ය අහපු දවසේ මම හිතුවේ ඉල ඇට ටික කැඩෙයි කියල..

    ReplyDelete
    Replies
    1. ඔස්ටියෝපොරසිස් තියෙනකොට එහෙම තමයි මහත්තයෝ....

      Delete
  2. This comment has been removed by the author.

    ReplyDelete
  3. “Children begin by loving their parents; as they grow older they judge them; sometimes they forgive them.”
    ― Oscar Wilde

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත. එතකොට තමයි Pra Jay මහත්තයෝ, ජීවිතේ මොකද්ද කියලා තේරුම් ගන්න පටන් ගන්නේ .......

      Delete
  4. අනික් කොටස එනකල් මොකවත් කියන්නෑ.

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ.
      අර හක්ස්ලි මහත්තයට වගේ අමාරුකම් එහෙම නැහැ නේද?

      Delete
  5. අර වල් ප්‍රියන්ත කියල ප්‍රසිද්දියේ අපහාස කරන එක හරිද කෙනෙකුට :)

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, එයා අපේ හොඳම මිත්‍රයෙක්.

      මට මල්ටිපල් මයෙලොමා කියලා දැනගත් වෙලාවේ බෙහෙතක් තියෙනවා නම් පිටරටකින් හරි ගෙන්නමු, යන වියදම මම බලා ගන්නනම් කියලා කියපු කෙනා.

      අපේ දහ-දොළොස් දෙනාගේ මිතුරු නඩේ tripsවලින් 99%කම ගිහින් තියෙන්නේ එයාගේ වාහනේක. හුඟක වියදමත් එයාගෙන්. ළඟදීම පොස්ටුවකින් ලියපු චිත්තම්මාගේ ලොකු පුතයි ඒ.

      එයාගේ නම W.A.L. ප්‍රියන්ත.... එයාගේ ඉදිකිරීම් සමාගම W A L කන්ස්ට්‍රුක්ෂන්ස්. ඒ නිසා හැමෝම එයාව දන්නේ වල් කන්ස්ට්‍රක්ෂන්ස් එකේ වල් ප්‍රියන්ත කියලයි.

      මුල් කාලීන බ්ලොග් POSTS රැසකත් වරින්-වර මම මේ බව ලිව්වා!
      ඉතිරි හරිය හිතා ගන්න පුළුවන් නේද?

      Delete
  6. මුල කොටසක් හොයාගෙන කියවන්න ගත්තා. නිදීගේ කතා ඔක්කොම කියවන්න ආසයි. හෙමිහිට බලන්නම්.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි පැතුම්, වැඩ අස්සෙම වෙලාව හොයාගත්තට!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්