li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, August 21, 2020

ආදර පූජාසනේ - තෙවෙනි කොටස

මොකද වස්තුවේ තිස්සෙම එල්ලෙන්න හදන්නේ?

“මොකක්ද වස්තුවේ.... තිස්සෙම එල්ලෙන්න හදන්නේ.....”

“එල්ලෙන්න....එල්ලෙන්න මං කටු අත්තක්යැ?”

ඒ වගේ වෙලාවට මං උත්තර දෙන්නේ එයාලටත් තව දෙයක් කියන්න අවස්ථාව උදා කරමින්. එතකොටම මහී දුන්නු උත්තරෙනුත් තේරෙන්නෙ නම් එයාත් ඒ පාඩම ඉගෙනගෙන තියෙනවා වගෙයි.......

“ඔන්න බබෝ ඔයා තරහ ගන්නේ නැති නං විතරක් දෙයක් කියන්නං.”

“තරහ වුණොත් පස්සේ ඔයාටම මාව යාළු කරගන්න බැරියැ.... කියන්නකො බලන්න!”

“.... දන්නවද? ඔයා කටු අත්තක් නෙවෙයි. ඇමිණිලා- තුවාල වෙලා ලේ ගලන්න වුණත්- ඇ..මි..ණෙ..න්..න..ම හිත්දෙන කටු ගාලක්!” මහී ඒ වචනය කීවේ ‘ඇ’ අකුර යොදමින්ද, එහෙමත් නැතිනම් ‘හැ’ අකුර යොදමින්ද කියලා සැකයක් හිතුණත්, මං අමුත්තක් ඇඟෙව්වෙ නෑ.

“ඔන්න මං තරහයි!!”

“තරහ ගන්න දෙයක්යැ මං කිව්වේ.... ඇත්තමනේ...”

දැන් නම් ටෙලිෆෝන් එකත් එහෙම පිටින්ම Sexy වෙලාය.... 

ඔහොම කතා වෙන්නට ගියාම ඒවායේ ඉවරයක් නැතිය; අන්තිමට බැලුවාම එතුවක් වෙලා කතා කළ දෙයකුත් නැතිය; වෙලාව ගතවී ගිහින් තිබුණා විතරය. ඒත් ඒ වයසේ හැටියට වෙන්නැති මටත් ‘කාලය රන් හා සමානය’ කියලා එතකොට කල්පනා වුණේ නැති හැටි! ඒකත් වැරදිය. කාලය රත්තරන්වලටත් වඩා වටිනවානෙ.

පස්සෙදි කාලයකයි මට හරිහැටිම තේරුණේ මහී, සුනන්ද දෙන්නත් එච්චර වටිනා කාලය වැය කරගෙන වරු ගණන් මාත් එක්ක සංවාදයෙ යෙදුණේ ඇයි කියලා.

අද ඉන්න ඔයාලට නම් මේවා අමුතු නැති විත්තිය මං දන්නවා. ඒත් මං මෙව්වා දැනගත්තේ 1985 පළමු වතාවට එංගලන්තයට ගියාට පස්සේ. අපේ අම්මා එහාට ගිය හැටිත්, මං දෙවතාවක්ම හිරු නොබසින අධිරාජ්ජෙට ගිය බවත් එහෙන්-මෙහෙන් කියවිලා තියෙනවනේ. 

මං එහාට යද්දී අපේ දීපාල්; බඩා මල්ලා අවුරුදු 15ක ගැටයෙක්. ඉගෙන ගන්නවා.

ඒ අතරේ සතියකට දවසක් විතර වෙන්නැති පත්තරයක් බෙදන රාජකාරියත් කළා. එහෙ එක-එක පළාත්වලට- නාගරික පෙදෙස්වලට වෙන්නැති වෙනම පත්තර අච්චු ගැහෙනවා. හැබැයි එව්වා නිකං බෙදන්නේ. අපි හිටිය ‘Hounslow’ ඒරියා එකට ගැහුණු පත්තරේ තමයි ‘බඩා මල්ලියා’ සයිකලේකින් ගිහින් ගෙවල්වලට බෙදුවේ.

බඩා මල්ලියාත් ඒ දවස්වල හවුන්ස්ලෝ ඒරියා එකේ පත්තර බෙදුවේය

හවුන්ස්ලෝ ඉසව්වේ හැම ගෙදරකටම ඒ පත්තරේ නොමිලේ බෙදනවා වුණත්, ඒ රාජකාරිය වෙනුවෙන් දීපාල්ට සල්ලි හම්බ වුණා.

“ඒ මිනිස්සුන්ට පිස්සුද නිකම්ම පත්තරයක් අච්චු ගහලා, අතින් වියදම් කරගෙන ගෙයක් ගානෙත් බෙදවන්නේ?”

මං දන්නා ඉංගිරිසියෙන් ගැට ගහගෙන ඇහුවා; dadaaගෙන්. “නිමොල්... පත්තරේ පෙරළලා බලපංකො තියෙන ඇඩ්වටීස්මන්ට් කොච්චරද කියලා. ඒවාට හම්බවෙන සල්ලි කීයක්ද?”

අන්න වැඩේ. හවුන්ස්ලෝ පැත්තේ දේවල් විතරයි පත්තරේ තියෙන්නේ. කිලෝ එකකටත් වැඩියෙන් බරට තිබුණු ඒ පත්තරේ පෙරළාගෙන- පෙරළාගෙන යද්දියි හම්බ වුණේ. ‘Phone Sex’ දැන්වීම්. එහෙම දැන්වීම් ‘Sun’ පත්තරේ තමයි වැඩියෙන්ම තිබ්බේ!

ඒ මොනවද කියලා dadaaගෙන් අහන්න බය හිතුණේ නැත්තෙ එයත් හරි විවෘත නිසා. මතකයි නේද, මනුස්සයා ඒ දවස්වල මට කිව්වා ‘දීපාල්ට හස්තෝපක්‍රමය කියලා දීපං!’ කියලත්.

“නිමොල්, එහෙම ෆෝන් එකෙන් සෙක්සි දේවල් කතා කරන අයට ඒවාට ගෙවන්න ඕනි. මිනිස්සුන්ට ආසා හිතෙන විදිහට, සැටිස්ෆයි වෙන විදිහට sexy voice එකකින් කතා කරන්න පුළුවන් අයට හොඳ ඩිමාන්ඩ් එකක් තියෙනවා.....” එදා අපේ dadaa මට කියා දුන්නා.

පූනගල වතුයායෙ ඔෆීසියෙන් කතා කළ අංගනාවගේ හඬට වසීවී......

ශෘංගාරාත්මක හඬක් ඇහුණාම ඒ හඬේ හිමිකරුවා හෝ හිමිකාරිය හෝ දැකගැනීමට ඇතිවන ආසාව! ඒක කොච්චරට ප්‍රබලද කියලා මට හරියටම තේරුම් ගියේ අපි පූනගල වත්තේ බංගලාවට ගිය ගමනේදී අපේ දොස්තර මහත්තයෙක් නඩේ අනෙක් සේරමලාට තහංචි දාලා පූනාගල වත්තේ ඔෆීසියට ගිය වෙලාවෙයි.

ඉතිං මහීලාත් ළඟින් නැති ලස්සන කෙල්ලෙක්ව හිතෙන් මවාගෙන, මාත් එක්ක ටෙලිෆෝන් එකෙන් කතා කරන ගමන් මොන විදිහේ හරි තෘප්තියක් ලබන්න ඇති නේද?

හැබැයි, මේකත් නොකියා බැහැ, එයාලා එක්කෙනෙක්වත් මගෙත් එක්ක අසභ්‍ය දේවල් නම් කතා කළේ නැහැ. ඒක නම් ඒ කාලේ හැටි වෙන්නැති. දැන් බ්ලොග් අඩවිවල, FB එකේ හෙම කමෙන්ට්ස් දමද්දී සමහරුන් පාවිච්චි කරන ‘වදන්’, ‘යෙදුම්’ දකිද්දී නං හිතෙනවා ලංකාවේ වුණත් phone sexවලට ඉල්ලුමක් නැතිව ඇති කියලා, නිතරම භාවිත වෙන නිසා!

අනේ, ඒ අතින් නම් මම හරිම වාසනාවන්තයි.

අද වෙනකල් කිසිම කෙනෙක් තරහෙන් කමෙන්ට් කරලා නැහැ; අසභ්‍ය දේවල් කියලත් නැහැ. මෙතෙක් ‘නිදිගෙ පංච තන්තරේ’ පෙරළපු හැමෝටම ඒ ගැන ගොඩක් ස්තුතියි!

අසභ්‍ය නොවුණත් ශෘංගාර රසය කුළුගන්වමින්- හැඟීම් ඇවිස්සෙන ස්වරයෙන්- නැළවීම්-ලෙළවීම්වලින් සජ්ජිතව දොඩමින් වුණත්, මං මගේ එක ප්‍රතිපත්තියක් නම් රැකගත්තා. මටම පුදුමයි, එහෙම කරන්න පුළුවන් වුණේ කොහොමද කියලත්.... ඒ කාටවත් මං එකම බොරුවක්වත් කිව්වෙ නෑ! මට හිතෙන්නේ ඒ බොරු නොකියන පුරුද්ද මං ඇති කරගත්තේ 1975 විතර ඉඳලයි.

කොහොමද යකෝ එහෙම කරන්නේ......

‘කොහොමද යකෝ එහෙම කරන්න පුළුවන් වුණේ?’ ඔයාලට හිතෙයි.

තනිකරම බුද්ධිය හා උපායශීලී බව හා මුඛරිකම! හොඳට මොළේ පාවිච්චි කරනවා නං ‘බොරු නොකියාම’ අනුන්ව අන්දවන එක වුණත් මහලොකු දෙයක් නෙවෙයි. ඒ කර්තව්‍යයෙදී ‘නිදි’ ඇත්ත නොකියා ඉන්න එක නම් මදිය නොකියන්නම කළා. ඔන්න පුංචි උදාහරණෙකින්ම කියන්නංකො.

එයාලා හතර දෙනාටම (වැරැදීමක් නෙවෙයි- තව දෙන්නෙක් එන්න ඉන්නවා! එතකොටයි 4 වෙන්නේ.) ඕනෙ වුණා ‘මේ කතා කරන කෙනා’ මොන විදිහද කියලා මවා ගන්න. ඉතින් හිටි ගමන් එක-එක ප්‍රශ්න අහනවා. “ඔයා අද ඇඳගෙන ඉන්නේ මොකක්ද?”

උත්තරය: “T shirt එකක්....”.

“හැමදාම ඔයාගෙන් ඇහුවොත් කියන්නෙම ඔහොමයි. ඔයා බ්ලවුස් එකක් ගවුමක් අඳින්නෙම නැද්ද?”

“මම අඳින්නේ මට ඕනි විදිහටනේ.....! අපෝ.... ඔයත් මහ හණමිටිකාරයෙක්නේ.... ළමයො, ටී ෂර්ට් එක කොච්චර ලේසි ඇඳුමක්ද? ටක් ගාලා දාගන්නත් පුළුවන්.... කොයි පොතේද තියෙන්නේ ගෑනු සාරි, ගවුම්, බ්ලවුස් අඳින්න ඕනියි කියලා?” එයින් එහාට ඒ මාතෘකාවෙන් කතාව කෙරෙන්නේ කලාතුරකිනි.

ඔයාට දිග කොණ්ඩයක්ද තියෙන්නේ?

එයාලාට ඊළඟ ගැටලුව තිබ්බේ කොණ්ඩය ගැනයි.

“ඔයාට දිග කොණ්ඩයක්ද තියෙන්නේ?”

“තට්ටයක් නං නෙවෙයි.” මං කියන්නේ දඟකාර හිනාවකුත් එක්කය. එතකොට ප්‍රශ්න විචාරකයා ටිකාක් විතර නන්නත්තාර වෙයි. ඒත්, ඊට පස්සෙත් එඩිතරව ඊළඟ ප්‍රශ්නය ඇහුණු වෙලාවලුත් තිබිණි. “...කියන්නකො ඉතිං. ආසයි හිතාගෙන බලන්න...”

“එ..හෙ..නං ඉ..ස්..සෙ..ල්..ලා ඔයා හිතාගෙන ඉන්නේ කො..හො..ම..ද කියන්නකො....”

ඒ තවත් උපක්‍රමයකි. වචන වැඩි වෙන තරමට අදහසේ හුස්ම හිර වෙනවාය කියනවනේ. ඉතින්, සම්මා සතියෙන් යුක්තව කතාව දිග්ගස්සන තරමට ඇත්ත වසන් කරගන්නට ඉඩ ලැබෙයි.

“මං හිතන්නේ කොණ්ඩේ දිගයි කියලා.”

“එහෙනං ම..හ..ත්..ත..යෝ ඔයාට මාත් එක්ක ක..තා..ව නවත්තන්නයි වෙන්නේ....”

“අර මොකෝ?” මනුස්සයා අහන්නේ කලබලයෙනි. මම හිනා වෙමි. විරාමයක් ගනිමි. එයාට ඇවිස්සෙන්නට ඉඩ දීලාය, ආයේම කතා කරන්නේ.

“මොකෝ කියන්නේ, ඔයා කතා කරන්න කැමැති දිග කොණ්ඩයක් තියෙන අය එක්ක විතරනේ.

ප්‍රශ්නවලට උත්තර දෙනකොට, ඒකටත් ක්‍රම සහ විධි තියෙනවානෙ.....
ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තරුණ ජනගහන කමිටුවේ ‘සන්නිවේදන පුහුණු වැඩ සටහන්’වලදී ඉගැන්වූ ප්‍රශ්නවලට උත්තර දෙන ක්‍රම ගැන ඒ දවස්වල මා දැනගෙන හිටියේ නැතිය. ඒත් ‘තීක්ෂණ බුද්ධි’ටත් එහා ගිය නුවණක් තිබුණු අපේ තාත්තාගේ කනෙන් රිංගන්නට ලබා තිබුණු පුහුණුව නිසා මට, මහින්දගෙන්වත්- සුනන්දගෙන්වත් ප්‍රශ්නයක් වෙන තරමේ ප්‍රශ්න පැනනැඟුණේ නැත.

විවිධත්වය පැත්තෙන් බලද්දී නම්, ඒ දෙදෙනා වැනි අය එක්කලා එකම කාලයකදී සංවාදයේ යෙදෙන්නට ලැබීම වාසනාවකි. මහීගේ කතාබහ සෙල්ලක්කාරය; විනෝදබරය; සැහැල්ලුය. සුනන්දගේ කතාබහ තැන්පත්ය; දැනුමෙන් සජ්ජිතය; අවවාදාත්මකය.

මතකයි නේද ‘ප්‍රියාවී’ පත්තරේ තිබුණු සුනන්දගේ කවි පෙළට මං ලියූ ලියුම? මගේ ඒ කවි ලිපියට සුනන්දගෙන් ලැබුණේ පිටු කිහිපයක් දිග කවි ලිපියකි! ඒ, දිනපතා කෙරෙන සංවාදවලට අමතරවය!!

“අනේ මහත්තයෝ.... මට නං බෑ ඔයාට වගේ ලස්සනට කවි ලියන්න. ඊටත් එකක් දෙකක්යැ.... කවි විසිපහක්-තිහක්.” ලියුම ලැබුණු දවසේ හැන්දෑවේ මම නහයෙන් ඇඬුවෙමි.

“එහෙම නෙවෙයි මාලි. ඔයාට කවි ලියන්න පුළුවන්..... තව ටිකක් පුරුදු වෙන්නයි තියෙන්නේ. ඔයා මොකුත් හිතන්නේ නැතිනම්..... විතරක් මට පුළුවන් නිකම්ම කවි ලියවෙන ගුරුකමකුත් ඔයාට කියල දෙන්න.” සුනන්ද කිව්වේ වරින්-වර තැනින්-තැන නවත්තමිනි. ඒ විරාමයන්- බර තියා කීම් කිසිවක්ම නොතේරුණු ගණනටය මං සැහැල්ලු- දඟකාර විලාසයෙන් කතා කළේ.

හිතාගන්නකො අපි දෙන්නා පෙම්වත්තුය කියලා!

“ගුරුකමක් කියලා දෙන්න හදද්දී තරහ වෙන්නේ මෝඩයෝ විතරනේ.... මොකෝ, ඔයාට මාවත් පේන්නේ ඒ වගේද?”

“අපොයි නෑ. ඔයා මෝඩයි කියන කෙනෙක් ඉන්නවා නං එයා තමයි මෝඩ.... ඉඩක් හම්බ වුණොත් නං ඔයා ක්ලියෝ පැට්‍රාට එහා ඉඳියි!”

ඊළඟට සුනන්ද මට ක්ලියෝ පැට්‍රා රැජන ගැන විස්තර ඇතිව කියාදෙයි. ඒකට සෑහෙන වෙලාවක් යන නිසා අර ගුරුකම ගැන කියන්නටත්-අහන්නටත්  අප දෙන්නාටම අමතක වෙයි. ඒක මතක් වෙන්නේ පහුවදාටය.

“පෙම්වතුන් දෙන්නෙක් අතරේ ලියවෙන විදියට ලියනවා නං කවි ලියන්න හරි ලේසියි!”

“පෙම්වතුන් දෙන්නෙක්?”

“ඇයි කලබල වුණේ? ඇත්තටම නෙවෙයි ළමයො. මම කිව්වෙ නිකමට හිතාගන්න කියල විතරයි.... ඔන්න බලන්නකො. මම හෙට ලියුමක් ලියලා එවන්නංකො ඔයා මගේ ආදරවන්තිය කියලා හිතාගෙන ලියන විදිහට.... ඔයාටත් තියෙන්නේ කවියෙන්ම උත්තර ලියන්න....”

සුනන්දට කවි ලිවීම හරිම ලේසි වැඩක් වුණු බව පෙනිණි. ඒ ලියුම් එකක්වත් පිටපත් කළ ඒවා නොවීය. ඒ බව පැහැදිලිවම පෙනුණේ, සමහර තැනෙක- සමහර වචනයක්-දෙකක් කපා දමා තිබුණු විදිහෙනි. ඒ ලිපිවලට කවියෙන්ම පිළිතුරු ලියන්නැයි සුනන්ද මට බලකොට කියා සිටියේය.

භූරිදත්ත ජාතකයේදී චිත්‍රශූල කැස්බෑවා මරා දමන්නට හොඳම ක්‍රමය ලෙස ‘ගංගා නම් ගඟේ සලාවැටුමට දමමු’ කියලා රාජ්‍ය උපදේශකයන් කියද්දී, කැස්බෑවා ‘අනේ එපා!’ කිව්වා වගේය, මා සුනන්දට ඇහෙන්නට නහයෙන් ඇඬුවේ.

නෙත් පින් නැතත් මාලී මා දිනු පිනය!

“හොඳ කෙල්ල වගේ, මම කියනවාට එක ලියුමක් ලියලා බලන්නකො!”

“ඔන්න.... වැරදුණාට හිනා වුණොත් නම්, මං තරහම- තරහම- තරහ වෙනවා. හාද?”

“හාද වෙන්න කියනකොටනේ ඔයා බැහැයි කියන්නේ....”

විවාහක- දැඩිමේනි වුණු දරුවන් සිටින තාත්තා කෙනෙකු විදිහට සුනන්ද ස්ත්‍රීමය හඬකට වසඟ වුණේ කොහොමද කියලා නම් මට කවදාවත් අසාගන්නට බැරි විණි. ඒ කාලයේ එච්චර දුරටම විශ්ලේෂණාත්මකව බලන්නට තරම් මට නුවණක් තිබුණේ නැතිය. අනේ! අද සුනන්ද කොහේ හෝ ඉඳගෙන මේ අතීත සැමරුම් කියවනවා ඇතිද?

සුනන්ද කොහෙ ඉන්නවා වුණත් එයාට ගොඩාරියක් සන්තෝෂ හිතෙයි, අද මේ පෝස්ටුවට දාන එයාගේ ‘කාව්‍යමය හසුන’ දකිද්දී නම්.... අවුරුදු 41ක්.... මටම පුදුමයි මෙච්චර කාලයක් තිස්සේ ඒ ලියුම්වලින් කීපයක් හරි වේයන්ට, මීයන්ට, කාවුන්ට බිලි නොවී, මගේ පාමුල් පෙට්ටියේ ඉතිරි වෙලා තියෙන එක ගැන.

මේ ලියුමේ මුලට දිනයක් දාලා නෑ. පළමු කවියෙන්මයි දාතම කියවෙන්නේ.

   හැත්තෑනමයෙ පෙබරියෙ එකොළහ දිනය

   ගත්තේ පෑන ලීමට අද ඔබ             ගැනය

   මත් වුණු හදවතින් සිතුවිලි රැඳි        තැනය

   නෙත් පින් නැතත් මාලී මා දිනු        පිනය

මෙතනට දාන්නට ඕනේ සුනන්ද රාජකාරි කළ තැපැල් කන්තෝරුවේ foto එකකි. ඒත් එයාගේ ගෞරවය රැකිය යුතුය. එබැවින් මෙතනට ඔබන්නේ 'බදුලුපුර Heaven' අඩවියෙන් උපුටාගත් ඉදල්ගස්හින්නේ ෆොටෝ එකකි!

ලොකු සටනක යෙදී දැඩි සීතලය මැද....

   මෙහි පරිසරයෙ ඇති වෙනසේ බලය  මැද

   ලොකු සටනක යෙදී දැඩි සීතලය       විඳ

   අරුණලු නැගෙද්දී සොම්නස දවන     හද

   ආවා තැපැල් බස්රිය පෙර පරිදි           අද

දෙයි හාමුදුරුවනේ..... දැනුයි; ඒ ලියුමෙන් බ්ලොගයට දාන්න කවි තෝරලා ගනිද්දියි, සහමුලින්ම අමතක වෙලා තිබ්බ සමහර දේවල් මතක් වෙන්නේ..... මේ නවවෙනි කවිය එහෙම මතකය අවදි කරවන්නක්.

   ලස්සන අකුරු සිත් ගන්නා පැහැය            නිල

   සුළඟේ පවා පාවෙන                    කඩදාසිවල

   කළු පැහැ බෝල් පොයින්ටෙන් රස එකතු කළ

   පිටු හතරක ලිපිය මිහිරකි මිහිරි                කළ

‘සුළඟේ පවා පාවෙන කඩදාසිවල’.... හරිනේ. අපේ අම්මා එංගලන්තයට ගියාට පස්සේ අපි ලියුම් යැව්වේ AEROGRAMME; ගුවන් ලියුම් කඩදාසිවල ලියල නෙවෙයි. වෙනම කඩදාසිවල ලියලා කවරවල දමලයි.... හුඟක් වෙලාවට එහෙම කරන්න වුණේ අපේ ගෙදර හැමෝම චුට්ට-චුට්ට හරි යමක් කුරුටු ගාපු නිසයි. ආච්චියි සීයයි දෙන්නා නැතුව වුණත් අපි නවයක්නේ. ඉතින්, එහෙම ලියුම්වලට බර අනුවයි මුද්දර ගහන්න වුණේ. ඒවායේ බර අඩු කරගෙන, වියදමත් අඩු කරගන්නයි මං ලා නිල්පාට තුනී කඩදාසි වර්ගයක් ගෙනත් තිබ්බේ.

ලස්සන සිතුම් හමු වේවා දිනෙක හැම! 

ආයේ දෙකක් නෑ.  මං සුනන්දට යවපු ලියුමත් ලියලා ඇත්තේ ඒ කඩදාසිවල! තවමත් මං ලියන්නේ කළු පාට පෑන්වලින්. ඒවා වෙනස් වෙලා නෑ.... මං වියපත් වෙලත්!

මේ ලියුමේ කවි 33යි. ලියුමේ හැම කවියක්ම අංකනය කරන එකයි සුනන්දගේ පුරුද්ද. එහෙම නැතත්, එයා එදා සමුගන්නේ 33න් බව කවියේම තියෙනවා.

   ඇස් වහ කට වහක් නොව! හැම  විටකදිම

   ලස්සන සිතුම් හමුවේවා දිනෙක        හැම

   තිස් තුන් කෝටියක් දෙවියන් පිහිට     වුම

   තිස් තුන්වන කවෙන් පතනෙමි ඔබට මම!

එහෙනං, රසික හිතවත් ඔබ හැමටත් දෙවි පිහිට පතමින්, මාත් අදට සමුගන්නේ ඊළඟ post එකේදී හමුවෙන්න හිතාගෙන....

6 comments:

  1. එහෙනම් ඔයා ටෙලිපෝන් එකෙන් ලව් කරපු අය දෙන්නෙක් නොවෙයි, හතර දෙනෙක් වෙලා. හොඳ හොඳ සෙල්ලං එළිවෙන ජාමෙට වගේ!

    ReplyDelete
    Replies
    1. කියවගෙන යන්නකෝ සෑම් මහත්තයෝ!

      Delete
  2. Pra Jay මහත්තයෝ... ස්තුතියි!

    ReplyDelete
  3. ඔය ස්තිරියාවකගේ කටහඬ අපි ආපු දවසේ තිබුනේ නැහැනේ , කවදාවත් බොරු නොකියන නිදි පචමයි ලියන්නේ හේ හේ

    ReplyDelete
    Replies
    1. අනේ මන්දා එක එක්කෙනාට ඇහෙන හැටිත් වෙන්නැති අජිත් මහත්තයෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්