li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, January 28, 2021

පතාගෙන ඇවිත්... -එකොළොස්වෙනි කොටස

මේ මිතුරු සංසදයේ අය අතර ඒ කාලයේ තිබුණු දඩබ්බර ගතිය- එකෙකුව bite කරද්දී කිසිම බුරුලක්....

“... දියතලාවේ වෙන්න ඕනි.... ලෝකාන්තෙටද කොහෙදත් යනවයි කිව්වා වගේ... වෙනද නං දවස් හතර-පහක් ගියාම එනවා.... ඒත්... චූටිලා එක්ක ඒ ගමන ගිය එක්කෙනෙක් ආපහු ඇවිල්ලා....නෙවිල්ල තාත්තා කිව්වේ පැකිළෙමිනි.

“....මිනිහා අපේ ගෙදර ඉස්සරහිනුත් එහාට-මෙහාට ගියා හතර-පස් වතාවක්ම! හැබැයි, අපේ ගේ පැත්තවත් බැලුවේ නැතිව.....හරියට අපට මූණ දෙන්න බැරිව වගේ. එයා අපේ ගෙදරට නොඑන කෙනෙකුත් නෙවෙයිනෙ.... ඒකයි අපිට...
නෙවිල්ල තාත්තා කිව්වේ අන්ත අසරණ ලීලාවකිනි....

Full Story එක දැන ගන්නට හැකි වුණේ දවස් කිහිපයකට පස්සේ නෙවිල් ආපහු ආවාමය. එතෙක් එයාලගේ අම්මාත්, තාත්තාත් හිටියේ බඩේ ගින්දරෙනි. අනිත් ගමන් සගයන්ගේ ගෙවල්වල උදවියත් එහෙමමය.
ඒ සේරම සිද්ද වුණේ මේ මිතුරු සංසදයේ අය අතර ඒ කාලයේ තිබුණු දඩබ්බර ගතිය- එකෙකුව bite කරද්දී කිසිම බුරුලක් නොපෙන්වීම හින්දාය.

“ඔන්න ඒ කාලේ අපේ කට්ටියෙන් රස්සාව කරන අය හිටියේ එකයි-දෙන්නයි. හරිශ්චන්ද්‍ර තමයි ඉස්සෙල්ලාම රස්සාවට ගියේ, නේවි එකට. ඒ හින්දම දියතලාවේ නේවි බංගලාව අඩු ගණනකට බුක් කරගන්න හරිසයට පුළුවන් වුණා.... ඒත් නිමල්, අපේ සමහර අයට දියතලාවට train ටිකට් එකටවත් සල්ලි තිබ්බේ නෑ!”
එක්කෙනෙක් මතක් කරයි.

 “අඩෝ, හරිශ්චන්ද්‍රගේ ඉස්සෝ....” තවත් එක්කෙනෙකු ඒ අතීතාවර්ජනයට බාධා කර, උඩගෙඩි දෙන ගමන්...

“මචං, මතකද අපි සල්ලි හොයා ගන්න, එක-එකාගෙ වතුවල තිබ්බ පොලුත් කඩාගෙන ගිහින් විකිණුවා?”

“ඊට හපන්නෙ, දංකොටුවේ, දිලෙන තරු ක්‍රීඩා සමාජය කියලා, රුපියල් දහයේ බොරු රැෆල් ටිකට් අච්චු ගස්සාගෙන වික්කේ!” කට්ටියම හිනා පළති. “සමහර අයට නං වොරන්ට්ස් ලියවා ගන්නත් ඉඩ තිබුණා, තාත්තලාට ඒ facility එක තිබුණු හින්දා... සමහරුන්ට ඒකත් නෑ...ඉතිං, හරි අමාරුවෙන් තමයි....”

“අඩෝ, හරිශ්චන්ද්‍රගේ ඉස්සෝ....” තවත් එක්කෙනෙකු ඒ අතීතාවර්ජනයට බාධා කර, උඩගෙඩි දෙන ගමන් සිනා වෙයි. ඒ හිනා වෙන්නේත් හරිශ්ට ඔලොක්කු කරමිනි. “අඩෝ මූ අහිංසක මාළු බෝට්ටුකාරයන්ට තග දාලා තමයි එහෙම ඉස්සෝ ගෙනාවේ, සල්ලිත් නොදී!”

මට හමුවී ඇති අහිංසකම මනුස්සයා මේ කියන හරිශ්චන්ද්‍රය. හැමෝටම එයාව bite එකට ගන්නට ඉඩ පෑදෙන්නේ හරිශ්ගේ කියුම්-කෙරුම් නිසාය. නේවි එකේ ඉඳලාත් දැන් පීනන්නට බැරි නිසාය!
හරිශ්චන්ද්‍ර පිහිනලා තියෙන්නේ පුහුණු වෙන කාලයේ විතරයිලු. ඒ ටිකේදීත් ජීවිත කාලයකටම සෑහෙන්නට කරදිය බීලා තියෙනවා කියලා එයාම කියයි.

“ඒ වුණාට මචං ඉන්ක්‍රිමන්ට්ස් ගන්න නං මීටර් සීයක් පීනලා පෙන්නන්න ඕනිනේ.... දැන් පීනන්න බැරි වුණාට ඒකත් කරපු කොල්ලෙක් මං....හරිද? ඕනේ නැති කතා කිව්වට...” හරිශ් ඇවිස්සුණාම කියයි.

ඇයි යක්ෂයෝ, අපේ ගෙදර අම්බලමක් කියලා හිතුවද, මටත් නොකියා අපේ ගෙදරදී set වෙන්න දාගෙන...

අපේ මිත්‍ර සංසදයේ ‘මාධ්‍ය ප්‍රකාශක’ ධුරයට බලෙන්ම පත් කරවාගෙන ඉන්නෙත් හරිශ්වය. Set වෙන දවස් කතාබහ කරගෙන- සාමාජිකයන්ට පණිවිඩ කියලා- එක-එක්කෙනා කළ යුතු, ගෙන ආ යුතු දේවල් සේරම නියම කරන්නෙත් උන්නැහෙමය.

ඒ ටික කරද්දීත් උන්නැහේ අම්බානක බැනුම් අහයි!
බොහොමයක් දවසට මගෙනුත්.
එහෙම වෙන්නේ, කට්ටියම එකතු වෙන්නේ අපේ ගෙදරදී වුණත්- ඒ විත්තිය මට කියන්නේ අන්තිමටම වුණාමය.

“ඇයි යක්ෂයෝ, අපේ ගෙදර අම්බලමක් කියලා හිතුවද, මටත් නොකියා අපේ ගෙදරදී set වෙන්න දාගෙන අන්තිමට කියන්නේ?”  අනෙක් අයගෙන් කලින්ම ආරංචිය ලැබී තිබෙන නිසා, මම කඩා පනිමි. “...දවසක තමුසෙලා එනකොට මම දොර-ජනෙල් වහගෙන ගේට්ටුවත් lock කරගෙන ඉන්නවා සද්ද නැතිව.... එක්කෝ එළවලා දානවා.”
(එළවන ටික නං හැම සාදය දවසකදීම මගෙන් කෙරෙයි. ‘දැන් හරි. කෝපිත් බිව්වනේ... මං නිඳා ගන්නේ කීයටද? දැනුත් පාන්දර දෙකයි.... යනවලා!’ මට කියන්නට වෙයි.)

“හඃ හඃ හඃ! ඒව කොහේ කරන්නද නිමල් අයියේ? අපිටත් දැන් මේ ගෙදරට එන්න අයිතියක් තියෙනවා. අපි දැන් අවුරුදු තිහක් විතර මේ ගෙදරදීනෙ දිගටම set වෙන්නේ!” කණ පාත්වී ඉන්නා හරිශ්චන්ද්‍ර නිහතමානී tone එකෙන් කියයි. එහෙව් මිනිහෙකුට බැනලා කට රිද්දා ගන්නට යන්නේ මොකාද?

 ‘නෙවිල් අනුරසිරි පෙරේරා මහත්තයා ජීවිතයේ එකම වතාවක් දෙවෙනි මනාලයා වුණේය’ කියලාය මට මීටර්වී තිබෙන්නේ....

‘පතාගෙන ඇවිත්’ posts මාලාවේ කතානායක ධුරන්දර ‘නෙවිල් අනුරසිරි පෙරේරා මහත්තයා ජීවිතයේ එකම වතාවක් දෙවෙනි මනාලයා වුණේය’ කියලාය මට මීටර්වී තිබෙන්නේ; ඒ හරිශ්ගේය. මට එය දැක ගන්නට නොලැබුණේ, ඒ සුබ දිනය ‘ඩිංගෙන් Hong Kong හිරේකතන්දරවලදී කියූ මගේ හොංකොං ගමන දවස්වලටම යෙදී තිබුණු නිසාය.

“හැම සැරේම දියතලාවේ යද්දී, මූ තම්බාගෙන ගේනවා ඉස්සෝ රාත්තල් හය හතකටත් වැඩිය.... අන්තිමට අපට ඉස්සෝ කාලාම එපා වෙනවා....”

“හඃ හඃ! ඔව් නිමල් අයියේ, මෙයාලා එතකොටත් මට බනිනවා.... හොඳයි කියන්න. මමද වැරදි, එහෙම දෙයක්වත් අරන් ගියාට?” හරිශ් අහයි.

ඒ කට්ටිය හැම අවුරුද්දෙම වගේ ගිය ගමන ඕකය. දියතලාව නිවස්නයේ සිට කෝච්චියෙන් ඔහියට ගොස් ලෝකාන්තයට යාමය.
“අපිත් ගියේ, නිමල්ට මතකයිනෙ... ඔහියේ ඉඳලා පයින් ගිය හැටි...
එහෙම යනකොට එක speed එකට යන අය දෙන්න-තුන්දෙනා කට්ටි ගැහිලා පයින් යන්නේ... xxx තමයි හැමදාම වගේ ඉස්සර වෙන්නේ... ඒ සැරෙත් ඌ ඉස්සර වුණා. දන්නවනෙ සීතලේ ගැහි-ගැහී, මීදුමේ පොද වැහිවලට තෙමි-තෙමී, කන්ද නැඟගෙන යනකොට විදිහ...
අපි කරන්නේ උඩහට යන වාහනවලට අත දාන එක.... ලිෆ්ට් එකක් ඉල්ලා ගන්න...” එක්කෙනෙකුටම කතාව කියන්නට කවරදාකවත් ඉඩ ලැබෙන්නෙ නැතිය.

අන්තිමටම පොරත් ඉන්නවා පාර අයිනේ, මිනිහා අපිවත් දැක්කා....කෑ ගහලා අතත් දැම්මා.....

ගමන් සගයෝ හැම දෙනාම ඒ රසවත් සිදුවීම් කියන්නට පොර වදිති. “අපේම luck එකට ආවා උඩහට- Far Inn එකටද කොහෙද බඩුත් පටවාගෙන යන ට්‍රැක්ටරයක්.... අත දාන්නත් කලින් නැවැත්තුවා. අපිත් දඩිබිඩියේ නැඟගත්තා.... ටිකක් ඉස්සරහට යද්දී ඔන්න තවත් අපේ දෙන්නෙක්... ඒ මිනිස්සු උන්වත් නග්ග ගත්තා.... ඔහොම අපේ නඩේ සේරමලා ට්‍රැක්ටරේට නග්ග ගත්තත් අපේ xxx නෑ. ඌ fitness එක පෙන්නන්න ඇරලා ගිහින්- ඉස්සරහින්ම....”

“ඔව් නිමල් අයියේ, අන්තිමටම පොරත් ඉන්නවා පාර අයිනේ, මිනිහා අපිවත් දැක්කා....කෑ ගහලා අතත් දැම්මා.  ට්‍රැක්ටරේ කට්ටියට අපි කිව්වා ‘නවත්තන්න එපා’ කියලා. ‘නවත්තන්න කිව්වත් දැන් බෑ’ කියල උනුත් නැවැත්තුවේ නෑ!”

හිතා ගන්නට පුළුවන්ද? අපේ මිත්තරයන් රොත්තම එකට එකතුවී පාර අයිනේ හිටි xxx හිතවතාට කොහොම කෝචෝක් කරන්නට ඇතිද කියලා.
“එතකොට අපේ එකාට මළ පැන්නා. ඌ නං යකෙක් නිමල්! අච්චර මහන්සියෙන් ඉඳලත් මූ ට්‍රැක්ටරේ එක්කම අපේ පස්සෙන් සෑහෙන දුරක් දිව්වයි කියපන්කො!”

“එතකොටවත් ට්‍රැක්ටරේ නැවැත්තුවේ නැද්ද?” ට්‍රැක්ටරය පිටුපසින් දුවන ධාවකයාගේ චිත්ත රූපයක් මවා ගනිමින් මම ඇසුවෙමි.
“නැහැනෙ හලෝ! අපි බැහැල බලාගෙන හිටිද්දී xxx මූ ආවේ හෙණ වෙලාවකට පස්සෙ... නප්පියටම තද වෙලා.... ‘අඩෝ, උඹලත් යාළුවොද බං?’ කියාගෙන....”

එදා ලෝකාන්තය බලන්නට යන තුරුමත්, බේකර්ස් ඇල්ල බලා ආපසු එනතුරුමත් xxx එක දිගටම bite වෙන්නට....

එකත් එකටම එදා ලෝකාන්තය බලන්නට යන තුරුමත්, බේකර්ස් ඇල්ල බලා ආපසු එනතුරුමත් xxx එක දිගටම bite වෙන්නට ඇත.

“ඒකනෙ වුණේ. ඊට පහුවදාත් ඒ වගේම වැඩක් වුණා. අපි ගියා නුවරඑළි...
පිදුරුතලාගත් නැග්ගා.... නඟින අතරේ හීනියට drink එකකුත් ගත්තා. Xxx ඒ වෙලාවෙත් පොර වෙන්න ඕනි නිසා වැඩියෙන් ගැහුවා... බීලා එතැනදිත් xxx දිග රිටක් හොයා ගත්තා කන්ද නඟිද්දී ලේසියි කියලා.... බහිනකොටවත් මේ යකා ඒ රිට වීසි කළේ කළේ නෑ කියපංකො.... කන්ද නඟින්න උදව් කරපු රිට වීසි කරන්න බෑ කියලා..... ලජ්ජාවේ අපේ පණ ගියා. Bus Stand එකේදිත් මූ හිටියේ අර පොල්ල උරුක් කරගෙන....”

“ඌ එක විදිහක පිස්සෙක්නෙ මචං!”
“උඹට මතකද.... අර පෙට්ටි බස් එකේ කොන්දා -ඕක කොහේ ගෙනියන්නද මේකෙ- කියල ගෝරි දාත්දිත් මූ වලියට ලෑස්ති වෙච්චි හැටි.... නෙවිල්, උඹ නේද මචං ඒ රිට උදුරලා අරන් හෙණ පල්ලමකට වීසි කළේ? එතැනත් තව ඩිංගෙන් හෙණ මරාලයක් නිමල්! රිට ගිහින් වැටුණේ ගෙදරක ටකරන් වහලේ උඩට....”

එයාලාගේ මතකයේ හැටියට, එදා නම් xxx කණ්ඩායමත් සමඟ හොඳටම තරහ වෙලාය.
“හෙට උඹලා පලයල්ලා පිළිමතලාවේ... මං උඹලා ලොකු අම්මලාගේ ගෙදර යන්න එන්නෑ. කෙළින්ම කොළඹ යනවා....” Xxx අන්තිමට කියලාය.

 ‘කොළඹ යනකං කකා යනවා’ කියලා, අපට පේන්නම තඩි වඩේ මල්ලකුත් අරගෙන, අපෙනුත් ඈත් වෙලයි කෝච්චියට නැග්ගේ.

“ඒ කිව්වා විතරක් නෙවෙයි, ඌ ‘කොළඹ යනකං කකා යනවා’ කියලා, අපට පේන්නම තඩි වඩේ මල්ලකුත් අරගෙන, අපෙනුත් ඈත් වෙලයි කෝච්චියට නැග්ගේ; අපේ පෙට්ටියටම. අපි මොකද කළේ, මිනිහව චාටුවෙන් යාළු කර ගත්තා. –‘අඩෝ! එකට ඇවිත් තනියම ආපහු යන්නෙ කවුද මචං? විහිළුවක්වත් තේරෙන්නෙ නැද්ද බං....’ වගේ බයිලා ටිකක් කිව්ව ගමන් xxx ආයෙමත් අපිට set වුණා. දැන් කට්ටියම එකතු වෙලා, නුවර ඉඳන් පිළිමතලාවට එන්න කලින් xxxගේ වඩේ මල්ලම කනවා.... කාලා....

-කෝච්චිය පිළිමතලාවට එද්දී, xxxත් අපිත් එක්කම බහින්න ලෑස්ති වුණා. -අඩෝ, උඹ පොර වගේ තනියම කොළඹ යන්නනේ හැදුවේ; ලබ්බටද එහෙනං අපිත් එක්ක එන්නෙ, ලජ්ජ නැතිව.... දිගටම පලයංකො කොළඹ.
පල- පල ඩෝ! කොළඹම පල ඩෝ!- කියලා ආයෙමත් xxxව ඔරොප්පු කළා....”

එයින් උරණ වුණු xxxය, ඉක්මනින් තලපත්පිටියට ඇවිත් ‘සක්මන් පූජා’ පවත්වමින්, අනෙක් ගමන් සගයන්ගේ ගෙවල්වල උදවිය කුලප්පු කළේ! 

එහෙව් මිතුරනුත්, සැවොම අතිශය විශ්වාසවන්ත අයුරින් ‘නෙවිල්ගේ 35 වෙනි උපන් දින උත්සවය’ රහසින් සංවිධානය කෙරෙද්දී රහස රැක්කෝය. ඒ ගැන කටේ කෙළ බිමට නොවැට්ටූහ. 

“බලනවා, අද දවල් .....නුත් මගෙන් ඇහුවා නිමල් අයියා මොනවද අර blogවල ලියන්නේ කියලා.... එයත් කියනවා ඔහොම ලිව්වම තමුසෙට නේද හොඳ නැත්තේ කියලා....” නෙවිල් අද (2021 ජනවාරි 25 වෙනිදා) කිව්වේය. එහෙම කියන්නේ මට තිබෙන හිතවත්කමට මිස අරෝවකට නොවේ. (අර නම නොලියු හිතවතාත් මට හොඳටම හිතවත්ය.)

මේ කතාවල ඇත්ත ජීවිතේ ඒ විදියටම තියෙනවා... මෙහෙම අවංකව ලියන්න පුළුවන්කම කියන්නෙම...

එතකොට මං නෙවිල්ට කිව්වේ, ‘පතාගෙන ඇවිත්- 10’ පෝස්ටුවට පැතුම් හේරත් හා ඩ්රැකී හිතවතුන් දෙන්නා එවා තිබුණු comments දෙකක් ගැනය.

‘මේ කතාවල ඇත්ත ජිවිතේ ඒ විදියටම තියෙනවා... මෙහෙම අවංකව ලියන්න පුළුවන්කම කියන්නෙම නිදි ලොකු වාසනාවක්...’- පැතුම් හේරත්

‘ඇත්ත මචං. අවංකව ලියන බ්ලොගර්ස්ලා මම දැක්කෙම දෙන්නයි. නිදියි, සුරංගයි විතරයි.’- ඩ්රැකී

එය ප්‍රමාණවත් ප්‍රශංසාවක් නොවෙයිද?

මා ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තේම හිතළු ලියනවා කියලා නොවේ. මගේ ඇත්තම ජීවිත කතන්දරය ලියන බව කියමිනි. මට මගේම නීති-රීති තිබේ; අරමුණක පිහිටා පටන් ගත් දෙයක් එලෙසින්ම පවත්වාගෙන යාමට ශක්තියද තවමත් තිබේ.
එහෙත් අද ඉන්නේ එදා හිටි නිමල් දිසානායක නොවේ; හෙට මා තවත් වෙනස්වී සිටිනු ඇත.
එහෙම වෙනවාය කියලා, 100%ක්ම සුදු චරිතයක් ලෙස පෙනී හිටින්නට මට කොහෙත්ම උවමනාවක් නැත. මම දෙබිඩ්ඩෙක්මි; දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙක්මි; සුදු-කළු සම්මිශ්‍රණයක්මි. එය හංගන්නට මට අවශ්‍ය නැත. කවුරුන් කෙලෙස සිතුවද, මට අවශ්‍ය වන්නේ මට හිමි තැන සිටීම පමණකි.

‘පතාගෙන ඇවිත්’ පෝස්ටු මාලාව වුණත් බැලූ බැල්මට පෙනෙනවා ඇත්තේ නෙවිල් අනුරසිරි හිතවතා ගැන ලියුවක් ලෙසිනි.

හොඳ රචකයෙක් හඳ එළිය ගැන කෙළින්ම කියනවා වෙනුවට කරන්නේ, හඳ එළිය වැටී දිළිසෙන වීදුරු කැබැල්ලක් ගැන කීමය...

එහෙත්, මනා සැලකිල්ලෙන් කියවන රසිකයෙකුට හෝ රසිකාවකට ඒ අත්දැකීම්වලට මගේ ඇති සම්බන්ධය.... ඒ අත්දැකීම්වලින් මා ඉගෙනගෙන ඇති දේවල් පෙනී යනු ඇත. ‘හොඳ රචකයෙක් හඳ එළිය ගැන කෙළින්ම කියනවා වෙනුවට කරන්නේ, හඳ එළිය වැටී දිළිසෙන වීදුරු කැබැල්ලක් ගැන කීමය’ කවුදෝ කියා තිබිණි. (අනේ සමා වෙන්න. ඒ කථකයාගේ නම මට අමතකය. අදහසත් ලියුවේ මට මතක හැටියටය.) මම ඒ ක්‍රමය අනුගමනය කරන්නට කැමැත්තෙමි!

මා ලියන්නේ හැකිතාක් එය සිහියේ තබාගෙනය!!

අනෙක් අතට, නිදි ලියන්නේ ඔහුගේ අත්දැකීම් සියල්ලමත් නොවේ; අමතක නොවන තරමට වැදගත් සිදුවීම් පමණි. එසේ වුවද අනෙක් අයට අපහාසයක්; මදි පුංචිකමක් වෙතියි හැඟෙන දේවල් ඔහු ලියන්නේ නැත. (ඒ මගේ මිනුම් දණ්ඩෙන් බලලාය. සමහර දෙනෙකුගේ කෝදුව මගේ මිම්මට වඩා වෙනස් වෙන්නටත් ඉඩ තිබේ.)

නමුදු කළලයක් ලෙසින් සිටියදීම ‘ගස්සලා යවන්නට’ යෝජනා වුණු කුළුඳුලෙකු, 
අවුරුදු හයටත් කලින් සමරිසි තරුණයෙකුගේ ආදරයට ලක් වුණු සිඟිත්තෙකු;
අවුරුදු දොළහටත් කලින් ලිංගික කරුණු පවා ආච්චීත් එක්කලා කතාබහ කළ කොල්ලෙකු;
දොළහෙදීම සමරිසි සබඳකමකට ලක් වුණු ගැටවරයෙකු;
අවුරුදු දහනවයේදී ‘නැවත දරු පිළිසිඳගැනීමක් නොවිය යුතුයැයි’ අම්මාටත්, තාත්තාටත් තග දමන්නට සිදු වුණු 
ලොකු පුතෙකු වූ මගේ සදාචාර කෝදුව එච්ච්ර කොට එකක් වෙන්නේ නැතිකම වැරැද්දක් නම්, ඒ වගකීම මම නිහතමානීව බාර ගන්නෙමි!

මගේ ජීවිතයේ බොහෝ දේ ඔබෙන් කවුරුන්වත් නොදන්නා බව යළිදු අවධාරණයෙන් කියමි!

අවුරුදු දොළහෙන් මගේ ජීවිතය නැවතුණේ නැත. අද දක්වාම විවිධ අත්දැකීම් මගේ ජීවිතයට එකතු වෙයි. ඒවා හැම එකක්ම, මගේ සමීපතමයෝ පවා නොදනිති! ඒ මගේ හැටිය!!

මගේ හිතාදර මිතුරු-මිතුරියනි, අමනාප නොවෙනු මැනවි. මගේ ජීවිතයේ බොහෝ දේ ඔබෙන් කවුරුන්වත් නොදන්නා බව යළිදු අවධාරණයෙන් කියමි. ඒ අතින් මා අන්තිම හොරෙකි. පුදුමයක් නැතිය; අපේ අම්මා මා කුස දරාගෙන සිටියදී ‘අහිගුණ්ටික සාත්තරකාරියක’ කියා තිබුණේ ‘නෝනා, බඩේ ඉන්නේ දවල් ඔරා තමා’ කියලාය. 

ඇත්තය, ‘වස් කවි කියවීම' පෝස්ටු හෝ ‘ආදර පූජාසනේ’ පෝස්ටු හෝ විතරක්ම වුණත්, ඒ බවට දෙස් දෙයි. 

මට පෙනෙන විදිහට නම්, මා වටා ඉන්නා අයට- මා ඇසුරු කරන අයට ‘නිදි’ දේව දූතයෙකු විදිහට පෙනෙනවා වගෙය. (එහෙම වෙන්නේ අපේ අම්මාගෙන් මට උරුමවී තිබෙන ප්‍රසන්න පෙනුම නිසා වෙන්නැතිය.) ඔවුහු මා තුළ හැංගී සිටින ‘සාතන්ගේ දරුවා’ නොදකිති. අසරණ මං ඒකට වැරදිකාරයෙක් නොවේ.
මගේ සටකපට ලියැවිල්ල ඊටත් හපන්ය.
බ්ලොගයේ ලිපි සියල්ල කියවා අවසන් වෙන තුරු ‘නිමල් දිසානායක’ යනු කවුරුන්දැයි තීරණය කිරීමට හිතාදර රසික-රසිකාවනට ඉඩක් නොදෙන තරමට මා සූක්ෂ්මය; බ්ලොගය ලියද්දී මගේ නසරානි- කුප්පිදු ගතිය උපරිමයෙන්ම පාවිච්චියට ගන්නටත් මැලි නැතිය.

එයට අවශ්‍ය දැනුමින් පෝෂණය වීම තවමත් මගෙන් කෙරෙයි!

ඒ ඒ විනිසුරුවරයා ගායකයාගේ හෝ ගායිකාවගේ හෝ කැමැත්ත දිනා ගැනීමට යොදන උපක්‍රම... එළන දැල්.... එමටය!

මේ මාස කිහිපයේදී මා උනන්දුවෙන් බලන TV ප්‍රෝග්‍රෑම් එකකි The Voice; සිරසේ වැඩ සටහනකි. තවමත් විකාශය වෙන්නේ Blind Audition වැඩ සටහන්ය. එක වැඩ සටහනක් පැයක් හෝ ඒ ආසන්න කාලයක් ගනියි. සතියකට මගේ කාලයෙන් පැය දෙකක්- ඒ වැඩ සටහන් දෙකට විතරක්!

මේ චුට්ට කියන්නේ එය බලා නොමැති අය වෙනුවෙනි.

මූලික පරීක්ෂණවලින් සමත්වූවෝ වේදිකාවේදී ගීයකින් කොටසක් ගායනා කරත්. විනිසුරුවන්ට ඔවුන් නොපෙනේ; ඇසෙනවා විතරය. ආසන පනවා තිබෙන්නේ වේදිකාවට පිටුපාලාය. ගායනය ප්‍රශස්ත නම් ඒ බව අඟවා- වේදිකාව පැත්තට හැරෙන්නට හැකිය.
විනිසුරන් හතර දෙනෙකි.

උමාරියා සිංහවංශ, භාතිය සහ සන්තුෂ්, ශෂිකා නිසංසලා හා කසුන් කල්හාර.

ගයන්නාට මනාපය පෙන්වා තිබෙන විනිසුරුවරුන්ගෙන් තමා කැමති කෙනෙකුගේ කණ්ඩායමට ඇතුළු වීමට ගායකයාට අවසර ලැබෙයි. ගායිකාවකට වුවද එහෙමමය. ගයන්නන්ගේ ප්‍රමුඛ අභිලාෂය එක විනිසුරුවරයෙකුගේ හෝ මනාපය ලබා ගැනීමය. එසේ කළ නොහැකිවන්නන් තරගයෙන් ඉවත් කෙරෙයි.
විනිසුරුවන් හතර දෙනාගේ සූදානම වඩාත් දක්ෂයන්ගේ කැමැත්තෙන්, ඔවුන්ව තමන්ගේ කණ්ඩායමට ඇතුළත් කරවා ගැනීමය. ඒ සඳහා විනිසුරුවෝ වචනවලින් සටන් වදිති.

වැඩ සටහනේ මා වඩාත් අභිරුචියෙන්; විමංසනාත්මකව බලන්නේ ඒ සටන් වැදීමය.
ඒ ඒ විනිසුරුවරයා ගායකයාගේ හෝ ගායිකාවගේ හෝ කැමැත්ත දිනා ගැනීමට යොදන උපක්‍රම... එළන දැල්.... එමටය. එහිලා කවුරුන් වඩාත් දක්ෂදැයි මෙතැනදී මා කියන්නේ නැත.... එකම වැඩ සටහනක් වුවත් බැලූ පමණින් ඔබටම එය වැටහෙනු ඇතිය. කළ යුතු මෙන්ම නොකළ යුතු දේවලුත් එකෙන්ම දැනගත හැකිය.

එදා අප හිටියේ trip එකක් ගිහින්ය. තිහක් විතර... ගමන සවිධානය කළේ සුමිතුරු උදේනි දසනායකය.

මගේ අරමුණෙන් ඒ වැඩ සටහන නරඹන තවත් අය සිටීදැයි දැන ගන්නට පිළිවෙලක් නැත. මා නම් ටෙලි නාට්‍යයක් හෝ චිත්‍රපටයක් හෝ බැලුවත්, පොතක්- පත්තරයක්- බ්ලොග් පෝස්ටුවක් කියෙව්වත් ඒවා කරන්නේ යමක් උගෙන ගන්නටත් එක්කලාය. මතක ඇතිනේ, අපේ තාත්තා මට කියා දුන් කතාව. මිනී වළේ දපා උන් බමුණා ගැන!   ඉතිං මෙතැනදී කියන්නම වෙන්නේ ඔහොම ඉගෙන ගන්නට නම් නෙවිල්ගේ ඇති නොවුවමනාවයි.

එදා අප හිටියේ trip එකක් ගිහින්ය. තිහක් විතර... ගමන සවිධානය කළේ සුමිතුරු උදේනි දසනායකය. (උදේනි කියන්නේ ඉන්දිරා හෙට්ටිහේවාගේ මස්සිනාය. උදේනි ගමනක් යොදා ගන්නේ නෙවිල්ටත්, මර්වින්ටත්, මටත් යන්නට හැකි දවස් හොයලාමය.) නවාතැන වූයේ බෝඹුරුඇල්ල බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයය.
“නිමලෝ, මම අදත් නාට්‍යයක් ලියාගෙන ආවා. උඹයි නෙවිලයි මර්වියයි තුන් දෙනාටම කෑලි තියෙනවා...” උදේනි කලින්ම කිව්වේය.

“අපි දෙන්නා නං හරි.... ඒත් උදේනි නෙවිල්...? තවම මටවත් එකම එක වතාවයි මිනිහව මෙහෙම වෙලාවකවත් නළුවෙක් කරවන්න පුළුවන් වුණේ.... නාග විහාරෙදී... ඒක නං තිතට කළා...” මං කිව්වා මතකය.

“ඇත්තට.... නෙවිලා කාටද මචං act කළේ?”
“ගමේ චණ්ඩියෙකුට... අඩෝ කියාගෙන එන්නයි තිබ්බේ. වලියක් බේරන්න.... සරමේ පැත්තකිනුත් උස්සගෙන ලස්සනට ආවා.... මොකක්ද ඔයාගේ නාට්‍යයේ මිනිහට කරන්න තියෙන්නේ?” මම ඇසීමි.

උඹට තියෙන්නේ බෙහෙත් ගන්න එන ආච්චීට ඉන්නයි. ආච්චී එක්ක තනියට එන ළමිස්සී මර්වින්.... අපේ රවිඳු තමයි ඩොකාට ඉන්නේ...

උදේනි සංවිධානය කරන හැම ගමනකදීම රාත්‍රියේ ගීත ගායනා, නැටුම්, නාට්‍ය වගේ දේවල් ඇතුළත් පැය තුන-හතරක ප්‍රසංගයකුත් තියෙනවාමය. “ මේ සැරේ තියෙන්නේ ඉස්පිරිතාලෙක කතාවක්. උඹට තියෙන්නේ බෙහෙත් ගන්න එන ආච්චීට ඉන්නයි. ආච්චී එක්ක තනියට එන ළමිස්සී මර්වින්.... අපේ රවිඳු තමයි ඩොකාට ඉන්නේ...”

“එතකොට නෙවිල්...?”

“මමයි චීෆ් ඇටෙන්ඩන්ට්... නෙවිලා දෙවෙනියා.... පොඩි කොටසයි පොරට තියෙන්නේ.... මං නාට්‍යයේ කොපීස් කීපයක් foto කොපි කරලා ලැහැස්ති කරගෙනයි ආවේ... කවුරුවත් නැති කාමරයක් අල්ලාගෙන දෙතුන් පාරක් practice කරපුවාම හරි, වෙනදා වගේ...”

නාට්‍යය පිළිබඳ උදේනිගේ යෝජනාව ඇසූ ගමන්ම නෙවිල් පස්ස ගැහුවේය.
“යකෝ, මාවම කන්න හදන්නේ අර ඉන්න වෙනින් එකෙක්ව අල්ල ගනිංකො. උඹේ වැඩේ පටන් ගත්ත වෙලාවේ ඉඳලා, ඉවර වෙනකල්ම කොංගෝ එක ගහන්නත් එපැයි.... ඒ මදිවට නොබී.....”

නෙවිල් කිව්වෙත් ඇත්තකි. උදේනිලාගේ ඒ ගමන්වලදී මත-දුම දෙකම නැතිය. හැබැයි බුලත් විට තියෙයි; ඒ චිත්‍ර ශිල්පී (බලන්ගොඩ සරත්මධුගේ සොහොයුරු) සිනෙත් බැද්දගේට උවමනා නිසාය.
ප්‍රසංගය ඉවර වෙද්දී කොංගෝ drum එක වයන නෙවිල්ටත්, තබ්ලාව හා ඩොල්කිය වයන සිනෙත්ටත් පාන් කියා ගන්නට බැරි තරමට මහන්සිය.

මොන ඉතිරියක්ද බං.... දැක්කනේ අද දවල් ගේම්ස්වලදිත් සිනෙතයා මැරීගෙන fight කරපු හැටි. එයත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට.....  

“එතකොට සිනෙත් ඉතිරියිනෙ.....?”

“මොන ඉතිරියක්ද බං.... දැක්කනේ අද දවල් ගේම්ස්වලදිත් සිනෙතයා මැරීගෙන fight කරපු හැටි. එයත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට..... අනේ මචං නෙවිල්.... උඹව තමයි මම second ඇටෙන්ඩන්ට්ට ගන්න හිතාගෙනම හිටියේ... බැහැයි කියන්න එපා මචං... නිමලෝ... මූට කියපංකො බං උඹත්.... කට වහගෙන බලා ඉන්නේ...” උදේනි පෙරැත්තයකුත් කළේය! ....

20 comments:

  1. රංගයි මායි තව කට්ටිය එකතු වෙලා
    එරත්තන පාරෙන් නැග්ගෙමු සිරීපාදේ
    අවිස්සාවේල්ලෙ ඉඳලම මහ නැග්ම
    රිටි අරගෙන තමයි ගියේ අපි හැවොම

    ඔය රිටි කුරුවිටින් බස් එකේ දමා ගෙන
    අත නෑරම අරං ගියා පද්මෙට ම
    ආපහු එන ගමනෙදි සිහිවටනයට
    රංග ආරං ආවා රිට ගෙදරට ම

    අපි ගිය හැටි බලං උන්න කුරුවිටදී
    යාලුවෙක්ගෙ තාත්තෙක් මරු කතාවක්
    කීවා "මුං ගියේ හරියට මේ වාගෙයි -
    සමන් දෙයියන්ට පොල්ලෙන් ගහන්නටයි"

    ReplyDelete
    Replies
    1. ඉස්සර ගොඩක් අය යද්දී උජාරුවෙන්
      'යන්නේ සිරීපාදේ' කිව්වාලු සැරෙන්
      එනකොට ඇසූ විට තොරතුරු සැදැහැ සිතින්
      "රි..රී පා...රෙ ගියා' කියනවාලු හෙමිං

      Delete
  2. ඉස්සර ලෝකාන්තයට, එහෙම නැතිනම් පිදුරුතලාගල ගිය හැටි ගැන කියවන්නත් ආසයි.

    ඩ්‍රැකී එරත්න පාරෙන් සිරීපාදේ ගිය හැටි ගැන කියන එකටත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි.

    වර්තමානයේ ඒ ගමන් සඳහා තියන පහසුකම් දැක්කාම සතුටු උනත්, පනවා තියන නීති රීති, ප්‍රවේශ පත්‍/අවසර අවශ්‍ය තාවයන් සහ පනවා තියන තහංචි, ගැන දැනුවත් උනාම, එහි යනවාට වඩා නොයනවා හොඳයි කියලා හිතෙනවා.

    අදටත්, අපි හතර දෙනෙකුගේ ජීවිතයේ විනෝදමත් ම රාත්‍රිය (සීතල ඉවසන්න බැරිව, වැටකට ගසා තිබුන කම්බි කණු ගලවා ඒවායින් ගිනි මැලයක් ගසාගෙන රැය පහන් කල), සහ හොඳම ඩ්‍රින්ක් එක (පිළුණු වූ බයිට් සමග අරක්කු) ලබා ගත්තේ හෝර්ටන් තැන්නේ දී බව දිවි තියෙන තුරාවට අමතක වෙන්නේ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තට... සමාජ පරිවර්තතනයේ ප්‍රතිවිපාක නේද ඒ. දැන් කාලෙ අපි ඉස්සර ගිය විදිහට අපේ දරුවන්ව එක්ක යන්න හිතෙන්නෙ නෑනෙව. අදාළ ස්ථානය ළඟටම වාහනයෙන් එක්ක යන්න හිතෙනවා මිස. සමහරවිට අපේ සීයලා එහෙම සිරීපාදෙ ගියපු දුෂ්කර ගමන ඒ අය විනෝදයෙන් සහ වින්දනයකින් යන්න ඇති කියලා හිතෙනවා.

      Delete
    2. එහෙමයි කියලා තමා මටත් කියන්න තියෙන්නේ.

      මුල්ම වතාවල කෝච්චියේ ගිහින් සීතලේ ගැහි-ගැහී ස්ටේෂන් එකේ ඉඳලා ගිහින්-ගිහින් ලෝකාන්තය බලලා අපහු ආව ගමන් තමයි හොඳට මතකයේ තියෙන්නේ.
      පිවිසුම ළඟටම වාහනයෙන් ගිය ගමන් ගැන තියෙන්නේ අඩු මතකයක්.

      සෑම්- ඩ්රැකී, සිරීපාදේ ගමන ගැනත් කියන්න තියෙන්නේ ඒ ටිකමයි. හැබැයි තවමත් එරත්න පාර සංවර්ධනය වෙලා නැහැ අනිත්වා තරම්. මම පහළොස් වතාවක් විතර එහෙ කරුණා කරලා තියෙනවා. හැබැයි හැටන් පාරෙන් ගියේ දෙවතාවයි. දෙවෙනි සැරේ ගියේ හිතවතුන්ගේ වදය නිසා. අනිත් හැම වතාවෙම එරත්න පාරෙන් නැඟලා පලාබද්දල (රත්නපුර) පාරෙන් බැස්සෙ.

      අපේ ගමන්වලින් හැම කෙනාම තලු මරමින් මතක් කරන්නේ එව්වයෙදී කට්ට කාපුවා විතරයි. හොඳ සැප පහසුවෙන්-සනීපයෙන් හිටි තැන්වල නමවත් සමහරුන්ට මතක නෑ! ඔන්න ඇත්ත!

      Delete
  3. 'මගේ අරමුණෙන් ඒ වැඩ සටහන නරඹන තවත් අය සිටීදැයි දැන ගන්නට පිළිවෙලක් නැත'. Voice SL අපිත් බැලුවා YouTube video කීපයක්ම. නිමල් කියනවා වගේම judgesලගෙ pitching සහ තරඟකරුවන්ගෙ සිත නොරිද්දා අඩු පාඩු කියාදීමත්, ඊලඟ වටයට නොතේරෙන අයට ඒවගේම සිත නොරිද්දා නැවත එන්න encourage කිරීම තමයි ඉතාම ලස්සන. මේ judgesල තවමත් තරුන අය නිසා එගොල්ලන්ගෙ තියෙන ඒ ආකල්පමය maturity එක අපි ඉහලින්ම අගය කරන්න ඕනෙ.

    'මගේ සටකපට ලියැවිල්ල ඊටත් හපන්ය'. ඒ කොහොම වෙතත්, ජීවිත අත්දැකීම් (ඒවා නේද නිමල්ගෙ 'A Game' එක, Voice SL Judgesලගෙ වචනවලින්ම කියනවා නම්)- බෙදාගනිමින් හිතන්න යමක් අපිට දීම ඉතාම වටිනවා.

    ReplyDelete
    Replies
    1. මගේ හිතේ තියෙන දේවලුත් කියෙව්වට පස්සේ Lotus, ස්තුතියි කියන එක වචනය කිව්වාම ඇතිය කියලා හිතුණා.

      ඒ සැරේ හිතුණා 'ගොඩාක් ස්තුතියි' කියන්න!

      Delete
  4. මචන් අර පින්තූරේ ඉන්න මනාලයාට බයටම චූ ගිහින්ද?

    ReplyDelete
    Replies
    1. ඒ කාලේ සෙල්ෆි ගහල එහෙම fotoවලට පෙනී ඉන්න පුරුදු වෙලා නැතිකම වෙන්නැති. එදා හරිශ්; මනාලයා ජීවිත සාගරේ පීනන්නත් බය වුණාද මන්දා.

      Delete
  5. //මගේ හිතාදර මිතුරු-මිතුරියනි, අමනාප නොවෙනු මැනවි. මගේ ජීවිතයේ බොහෝ දේ ඔබෙන් කවුරුන්වත් නොදන්නා බව යළිදු අවධාරණයෙන් කියමි.//ඒකනේ බ්ලෝග කියවන්න ඉන්නේ . මොනවාද කියල දැන ගන්න

    ReplyDelete
    Replies
    1. දවල් ඔරා ඔය දේවල් දවල් ලියන්නේත් නෑ රෑට හින බලන හින්දා රෑට ලියන්නෙත් නෑ.

      Delete
    2. ඇත්ත නේන්නං අජිත් මහත්තයෝ!

      අසංග, ඔයා කියන විදිහට නං මම බ්ලොගය ලියන්නේ රෑත් නොවෙන දවලුත් නොවෙන වෙලාවල... ඒ කියන්නේ- පාන්දර හෝ හැන්දෑවේ...
      ටෙලිෆෝන් කරද්දී ඒ ටිකත් අල්ලා ගත්තද?

      Delete
  6. දෙවන මනමාලිගේ මුහුනින් දෙවන මනමාලයා ගැන හිතන දේ පිලිබිමු වෙනවා

    ReplyDelete
    Replies
    1. ඒවා මොකුත් ගැන මට අදහසක් නැත්තේ එතකොට හොංකොං ගිහින් හිටි හින්දායි අසංග... මම ආපහු එද්දී මඟුල, හෝම් කමින් දෙකම ඉවරයිනේ!

      Delete
  7. නිමල් තිහක් වගේ සෙනගක් එක්ක ට්‍රිප් සෑහෙන්න යනව නේද? මම අවු 30කටත් වඩා ඉස්සර තමයි එහෙම ගිහින් තියෙන්නේ. ආයිත් යයි කියල හිතන්නත් බෑ.
    (ලොකු සෙනගක අප්සෙට් යන අවදානම වැඩි නිසා සහ අපිට ආස දේවල් කරන්න බලන්න බැරි නිසා ) ඒත් ඒ ට්‍රිප් ගැන හුගක් කතා ඇතිනේ? පුද්ගලයන් ගැන.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ Pra jay මහත්තයෝ, සමහර විට 50ක් විතර ලොකු බස් එහෙක යන වෙලාවලුත් තියෙනවා. තිහ තමයි අයිඩියල්. වැඩිපුරම යැවෙන්නේ 10-12 තමයි. එතකොට පිරිමි විතරයි. එයාලගේ පවුල්වල කට්ටිය එකතු වෙද්දී 30 සීමා කරගන්නේ හරි අමාරුවෙන්. දැන් නම් මම සංවිධානය කරන ගමන් අඩුයි. ප්‍රියන්ත හරි එයාලගේ සහෝදරියක් හරි තමයි එව්වා කරන්නේ. උදේනි වගේ තව කීප දෙනෙකුත් ඉන්නවා..

      බස් එකක ගියත්, ජීප් එකක ගියත්, වෑන් එකක ගියත් මට නං වැදගත් වෙන්නේ යන කට්ටිය. යන තැන....

      ජීවිතේටම අප්සෙට් ජොකියන් ගිය ගමන් දෙක තුනක් විතරයි මං ගිහින් තියෙන්නේ. එව්වා ගැන කතන්දරත් ගොඩයි තමා.

      Delete
  8. දේවදූතයෙක් වගේ? angelic?
    හ්ම්ම්. නෙවිල් කමන්ට් කරන්නෙ නැති පාඩුව හුගක් දැනෙනවා මේකෙ

    ReplyDelete
    Replies
    1. කතෝලික නිකායන් ගැන මගේ දැනුම නිල්. බෞද්ධ නිකායන් ගැනවත් නොදැන එකේ ඒක පුදුමෙකුත් නෙවෙයිනේ. වචන නං අහුලාගන්නේ ඒවායේ නිරුක්තිය සලකලා නෙවෙයි, හොඳේ!

      ඔයාලාටම තමයි නෙවිල්ව කමෙන්ට් කරන්න පොළඹවාගන්න පුළුවන්!

      Delete
    2. ආයිත් හමුවුන වෙලාවක නෙවිල්ටයි Docටයි කියන්නම්කො නිමල් දේවදූතයෙක් වගේ කියල

      Delete
    3. අනේ ලොකු උදව්වයි. මම කොච්චර කිව්වත් ඒ දෙන්නම ඒක පිළිගන්නෙ නැහැනෙ මහත්තයෝ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්