li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, March 12, 2021

යුවති කිරිල්ලී - විසිදෙවෙනි කොටස

ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක...

එහෙනං ආයෙ දෙකක් නෑ.... මන්ත්‍රණ සභාවක් දාගෙන ඇති!මිලින්දගේ සිනාවට සැවොම හවුල් වූහ.

ඒ අතරේම වලව්ව තුළට ගිය ධනුෂ්ක මවගේ නිදන කාමරයට හිස පෙව්වේය. මාමල බෑනල අරහේ.... අම්මල දූල මෙහේ... මොකෝ සතර කන් මන්ත්‍රණයක්ද? මිලින්දයා කිව්වා හරි තමා...

කොහෙද තමුසෙලා ගියේ?”

අපි ගියේ කෙල්ලෙක් බලන්නනෙ.... ඇයි අපෙ අම්මා තමුසෙට කිව්වේ නැද්ද? කියන්නකො අම්මා....ධනුෂ්ක විහිළු කළේ තරහෙනි. සොහොයුරියගේ නොවුවමනා ඇඟිලි ගැසීම් ඔහු නොරුස්සයි.

එහෙම ගිහින් බලලා එන චාරිත්තරයක් නැහැනෙ.... අපෙ අම්මා හොයල දෙයි තමුසෙට, ඉක්මනටම. එතකල් ඉවසලා ඉන්නවකො අපිත් හිටියා වගේ!

ආ! එහෙනං මෙයා මේ ඒක කියන්නද කලබලේම කඩා පාත් වෙලා තියෙන්නෙ... මේ, මම එකක් කියන්නං! තමුසේ තමුසෙගෙ වැඩක් බලා ගන්නවා... මට පුළුවන් මගේ වැඩ බලා ගන්න, ඔය කවුරුවත් නැතුවට. එච්චරයි!

පුතුත්, දියණියත් විහිළුවකින් ඇරඹූ කතාව මේ තරම් දුර-දිග යතැයි කුමාරිහාමි බලාපොරොත්තු නොවූවාය. එවැනි සැකයක් හෝ තිබුණා නම් මුලදීම මැදිහත්වී ඔවුන් සංසිඳුවාලීම ඇගේ සිරිතකි.

කළු වලා අතරේ රිදී රේඛාත් නැතිවා නොවේ!

ධනුෂ්ක කාමරයේ දොර හඬ නංවමින් වසා දමනවා ඇසී මවත් දුවත් උනුන් මුහුණු බලා ගත්හ.

දැන්මම මේවා මෙහෙම නං වෙන්නේ, අපි නැති කාලෙක උඹලා කොහොම කර ගනීවිද මංදා....කුමාරිහාමි සුසුමක් හෙළා කඳුළු පිස දැමුවාය.

දන්තුරේ වලව්වෙ කුමාරිහාමි මෙන් කඳුළු හෙළුවේ නැති වුණත්, යහමින් සුසුම් හෙළන බවක් පෙනෙන පිරිසකුත් මේ රටේ ඉන්නවදෝ කියා මට හිතෙයි.
(‘පැමිණි දුක් පැණි රසයි’ කියා සැනසෙන්නටය, මේ ලියන්නා නං පුරුදුවී ඉන්නේ. නමුත් හැමෝම එහෙම නොවෙති.) පොත් ප්‍රකාශනය ගැන පසුගිය posts කිහිපයේ comments ගොඩ කියවද්දීය මට එහෙම හිතුණේ.

ඇත්තය!
ලංකාවේ පොත් ලියන සමහර කතුවරුන්ට අත් විඳින්නට වෙන ගැහැට අපමණය. අනෙක් අතට මේක රටේ වැරැද්දය. මොනවා කරන්නට ගියත් ගැහැටක් විඳින්නට නොවන්නේ කොහෙදීද? කොතනදීද?

එහෙත් කළු වලා අතරේ රිදී රේඛාත් නැතිවා නොවේ.

යුවති කිරිල්ලී පළවී මාස කිහිපයක් යනකොටම මට තැපැල් පතක් ආවේය. එයින් කියැවී තිබුණේ, ලේක්හවුස් ඉන්වෙස්ට්මන්ට්ස් සමාගමේ - ලේක් හවුස් පොත් හලට ‘යුවති කිරිල්ලී’ පොත් ටිකක් අලෙවියට ලබා දෙන ලෙසයි! (ඒ පොත් සාප්පුව තිබුණේ; -තවමත් තියෙනවා විය යුතුය!- රීගල් සිනමා ශාලාව අසලයි.) මම ඒ තැපැල් පත ගිහාන් ශ්‍රීනාත් අල්විස්ට දුන්නෙමි.

“නිමල් අයියේ, පොතේ ප්‍රකාශක විදිහට දාලා තියෙන්නේ ‘ලහිරු ප්‍රකාශන’ කියලනේ. දන්නවනේ ඔය ලොකු තැන්වල වැඩ කෙරෙන විදිහ. වැඩිය හොඳයි ඔයාම එහාට ගිහින් බලන්න. ඊට පස්සේ යන්න වුණොත් මට යත හැකි බෙදාහරින එක්කෙනා විදිහට.... යනකොට පොත් 25 විතරත් අරගෙන යන්න. මතක ඇතිව, Lahiru Publishers ලෙටර් හෙඩ්ස් දෙක තුනකුත් අරගෙන යන්න. බිලක් දෙන්න වුණොත් ඒකක ලියතෑකිනෙ....” අත්දැකීම් බහුල ගිහාන් නිර්ලෝභීව මට මඟ-හසර පෙන්නුවේය.

තිලාන් Dancing Group එකක් පවත්වාගෙන යමින් සිටියේය. ඒ කණ්ඩායමේ නම ආපෙජීවෝය.

Post Card එක ලියා තිබුණේ ‘තිලාන් මලිගැස්ප’ කියා කෙනෙකි. ඉතිං මම පොත් සාප්පුවට ගොස්, තිලාන්ව මුණ ගැසුණෙමි.

ටිකාක් විතර හතරැස් මුහුණක් තියෙන, ගිනිකූරු cut රැවුලක් තිබුණු තරුණ හාදයෙක් විදිහටය තිලාන්ව මට මතක තියෙන්නේ.
“මිස්ටර් නිමල්ගේ පොත ගැන මං පත්තරෙන් දැක්කා. අලුතින්ම ලියන කෙනෙක් හින්දා පොඩි support එකක් හරි දෙන්න ඕනියි කියලා හිතුණා. ඒකයි පෝස්ට් කාඩ් එකක් එව්වෙ....” තිලාන් මලිගැස්ප සහෘදයා කිව්වේය;
විකුණා මුදල් ගෙවීමේ පදනමින් මගේ පොත එහාට ගන්නටත් සියලු කටයුතු පිළියෙළ කොට දුන්නේය!

මතක හැටියට යුවති කිරිල්ලී පොතෙන් දෙතුන්-සීයක් ලේක් හවුස් පොත් හලේදී විකිණුනේය; මුදලුත් ලැබුණේය. මා නම් එහි ගියේ දෙවතාවක් පමණි....

තිලාන්ව හමුවී තියෙන්නෙත් ඒ දෙවතාවේ විතරය. නමුත් තවමත් මට තිලාන්ව මතකය. ඒ තමන් කරන රැකියාවට ඔහුගේ තිබුණු අවංක කැපවීම නිසාය! පොත් සාප්පුවක වැඩ කරන කෙනෙකු හැටියට, පොත් ලියන- පළ කරන අය වෙත තිලාන් දැක්වූ කරුණාව නිසාය!!
එච්චරකුත් නොවේ. තිලාන්ගේ නමත් විශේෂය....
මට හමුවී ඇති එකම මලිගැස්පවරයා තිලාන්ය.

තිලාන්ට සම්බන්ධ අනෙක් නම ඊටත් හපන්ය. ‘ආපෙජීවෝ’. ඒ නම වැරදියි නම් මට සමාවිය යුතුය. තිලාන් Dancing Group එකක් පවත්වාගෙන යමින් සිටියේය. ඒ කණ්ඩායමේ නම ‘ආපෙජීවෝ’ය. (මා මේ විස්තර ලියන්නේ මතකයෙනි. අවුරුදු 20කට විතර ඉස්සර, ඒවා දැනගත්තේ සරසවිය පුවත්පතෙනි.)

ළඟ එන හොරා අංකල්’ film එකේ නර්තන නිර්මාණය තිලාන් මලිගැස්ප කරන බවයි.

විටින්-විට තිලාන් ගැන තොරතුරු කියවූ මට අලුත්ම තොරතුර ලැබුණේත් 2021 ජනවාරි 21 සරසවිය පත්තරයෙනි. එහි 19 පිටුවේ තිබ්බේ, ළඟ එන ‘හොරා අංකල්’ film එකේ නර්තන නිර්මාණය තිලාන් මලිගැස්ප කරන බවයි.

සමහරවිට දැන් තිලාන් පූර්ණකාලීනව නර්තනය කරනවා වෙන්නැති.

(තිලාන්ට මෙහෙම ස්තුතියක් කෙරුණු බව දන්වන්නටවත් ක්‍රමයක් මට නැතිය. මේ පෝස්ටුව කියවන ඔහුට හිතවත්; දන්නා කෙනෙකු වෙතොත්.... කරුණාවෙන්, මේ බව තිලාන්ට කියනවා නේද?)

මේවා සටහන් කර තිබ්බාය කියලා තිලාන්ට නම් සිදුවෙන අමුතු වාසියක් නැතිය; මටත් එහෙමය. නමුත් මනුස්සකම මතු වුණු මෙහෙම අවස්ථාවන්; අයවලුන් ගැන ලොවටම කිව යුතුය. ජාතියක් වශයෙන්ම අප විවේචනයෙදී නිර්භයව පෙරට එන්නෙමු. නමුත් තුති මල් කළඹක් පුදා; ප්‍රශංසාවක් කළ යුතු තැනදී ‘වාලධිය පශ්චාත් භාගයේ සඟවා ගන්නා කුක්කුරයෝ’ වන්නෙමු.

තිලාන් වැන්නවුන් පොත් සාප්පුවල ඉන්නේ නම්....
Pra Jay කියා තිබුණාසේ ‘....
පොත් කඩවල වැඩ කරන අයගේ අකාර්යක්ෂමබවත් බලපානවා. ශෙල්ෆ් එකේ පොත් නෑ, කම්පියුටර් එකේ පෙන්නනවා. පබ්ලිෂර්ගෙන් ඕඩර් කරන්නෙ නෑ.’ යැයි නොකියවෙනු ඇත;

කට්ටකාඩුවේ ලොකු මල්ලීත් මෙවැනි චෝදනා නොනඟනු ඇත.
‘ප්‍රා ජේ ගෙ කමෙන්ටුවත් එක්ක මාත් එකඟයි. දවසක් ආණ්ඩුවේ පොත් විකුණන තැනකට ගිහින් එතැන ඉන්න කැෂියර් නෝනා බත් කාලා අත හෝදගෙන එනකල් මට ඉන්ඩ උනා. තවත් දවසක එතැනම මට ඉතුරු සල්ලි දුන්නේ ඉඳුල් අතින්. එතන කාඩ්වලින් ගෙවීමේ පහසුකම නෑ කියල කියන්ඩ ඕන නෑ නෙ....’

එවැනි අයට දිරි ගැන්වෙන වදනක් දෙඩීම හෝ තුති මල් කලබක් පිදීම යුතුකමක් සේ.....

තිලාන්ලා වැන්නවුන් පොත් සාප්පුවල ඉන්නේ නම්.... කට්ටකාඩුවේ ලොකු මල්ලීගේ මේ ලැයිස්තුව තවත් දිගු වෙනු ඇති!

‘පොතක් හොයා ගන්ඩ ඇත්තටම උදව් වෙන සහායකයෝ මට තාම හම්බ වෙලා තියෙන්නෙ මරදානේ සූරිය ප්‍රකාශකයො ගාවයි තර්ස්ටන් එක ඉස්සරහ විජිත යාපා එකෙයි විතරයි....
තාම පිට පලාත්වල තියෙන හොඳ පොත් කඩේකට මට හම්බ වෙලා තියෙන්නෙ අම්පාරෙ වැලිගම පොත් හල. මම මේ කියන්නෙ
2005 දි විතර. 2016 විතර අම්පාර හරහා යන වෙලාවක ඒ පොත් කඩේට ගොඩ වෙන්ඩ හැදුවත් මට පොත් කඩේ හොයා ගන්ඩ බැරි උනා. සමහර විට වහල දාලාද දන්නෙ නෑ!!’

(බ්ලොගයත් මුහුණු පොතත් හරහා මා සමඟින් මිතුරු වුණු චලන සුධීර ඉන්නේ අම්පාරේය. වැලිගම පොත් සාප්පුව ගැන හොයා බලන්නටත්, එහි දුරකථන අංකය ඉල්ලාගෙන එවන්නටත් මම චලනට කියා යැව්වෙමි.
එහෙම කළෙත් එවැනි අයට දිරි ගැන්වෙන වදනක් හෝ දෙඩීම යුතුකමක් සේ මා සලකන බැවිනි.
-නිමල් අයියේ, වැලිගම පොත් සාප්පුව තියෙනවා! ටෙලිෆෝන් නොම්මරේ එවන්නං!! දැනටමත් චලන කියා එවලාය.)

කාටවත් දොස් කියනවාට වඩා ගුණ කීම අගනේය. විවේචනය රාත්තලකට වඩා ප්‍රශංසාව අවුන්සයක් වටිනවාලුනෙ!

19

“මම කවදාවත් ධනුෂ්ක අප්පොට දොස් කියන්නෙ නෑ. අප්පො මට වැරැද්දක් කරලා නැහැ දෙයියනේ.... මමයි වරද්දගත්තේ. ඒකයි මං කවදාවත්... මගේ පණ තියෙනකල්මත් ධනුෂ්ක අප්පොට දොස් නොකියන්නේ...”

මාලතීගේ කතාව නැවතුණේ නැඟී ආ ඉකියකට ඉඩ ලබා දෙමිනි.

තවත් බොහෝ දේවල් ඔහුට කියන්නට ඉතිරි වී තිබේ. මෙතෙක් දිනක් ඒවා ඔහුට කිව යුතු යැයි ඇය සිතුවේ නැත. හදවත් ගැබේ අඳුරු පතුලේම නිදන් කොටගෙන සිටි මේ වේදනාවන් ඔහුට කිව යුතුය. මුතු බෙල්ලෙකුගේ කුසට ඇතුළු වූ වැලි කැටයක් ඌට වේදනා දෙමින් කැවෙන්නාසේ, මේ වේදනාවන් මාලතීව දවා ලූයේ සති ගණනාවක සිටය.

පිං සිද්ද වෙයි ධනුෂ්ක අප්පෝ, මාව නවත්තන්ඩ නං එපා!

“මාලතී....!” යුවතියගේ කඳුළුත්- ඉකියත් තවත් දකින්නට බැරිම තැන ධනුෂ්ක කතා කළේය.

ඈ වෙර ගත්තාය. අදම මේවා කියන්නට නොලැබුණහොත් ඒ සඳහා නැවත අවස්ථාවක් උදා නොවනු ඇත. මෙතෙක් දිනක් බලා සිටි ඒ මොහොත උදා වී ඇත. කඳුළකට හෝ ඉකියකට හෝ ඒ අවස්ථාව පැහැර ගැනීමට ඉඩ නොදිය යුතුය. තමා දුර්වල විය යුතු නැති බව, ඈ සිතට ඒත්තු ගැන්වූවාය.

“පිං සිද්ද වෙයි ධනුෂ්ක අප්පෝ, මාව නවත්තන්ඩ නං එපා. මේවා තවත් හිතේ හිර කරගෙන හිටියොත් නං මට පිස්සු හැදෙයි. අද විතරයි.... අද විතරයි... අද විතරයි, මම මේවා අප්පොට කියන්නේ. අපේ අම්මා- අප්පච්චි- අයියා.... ඔක්කොමල්ලම එක දවසෙම සදාකාලෙට නැති වෙච්චි කාලකන්නි කෙල්ලක් මං.... එහෙම කාලකන්නි එකියකුට අප්පො වගේ කෙනෙකුත් නැති වෙන එක එච්චර දෙයක් නෙවෙයි අප්පෝ! මට ඕනෑ මේවා ඔක්කොම ඉවරයක් වෙනවා දකින්ඩ...”

ධනුෂ්ක අසා සිටියේය.

‘කෙල්ලේ.... එච්චර ලේසියෙන් මේවයෙ ඉවරයක් දකින්න පුළුවන් නම් මමත් කොච්චර ආසයිද කියලා උඹට හීනෙකින්වත් හිතාගන්න බෑ. වැරැද්ද මේවා අපි-අපිටම ලෙහාගන්න බැරි තරමට පැටලිලා තියෙන එකයි. මාත් ඔයා වගේම අසරණ වෙලා මාලතී!’ ඔහු ඒවා එකක්වත් කීවේ නැත; ආවේශ වූ එකියක ලෙස කියවන මාලතී දෙස බලා සිටියා පමණි.

කඳුළෙන් තෙමී ඇති ඇයගේ දෙනෙත් වඩාත් පියකරුය. අනන්ත ආකාසයේ කොනක දිදුලන තරු කැට දෙකක් ලෙසින් ඒවා දිලිසෙයි. කෝපයෙනුත්, වේදනාවෙනුත් රත් පැහැ වී ඇති දෙකොපුල ඇගේ රූමත් බව නංවාලයි.
‘මෙච්චර දෙයක් වෙලා තියෙද්දිත් උඹට ඕවද පේන්නෙ ධනුෂ්ක?’ ධනුෂ්කට තමා ගැනම සිනා නැඟුණි. එය දුක්බර සිනාවක් වුවත්....

.... ඒ සිනහව දුටු මාලතී වඩාත් කෝප වූවාය.

“හිනාවෙන්ඩ ධනුෂ්ක අප්පෝ, තවත් හිනාවෙන්ඩ! මගේ මෝඩකමට... පට්ට පල් මෝඩියෙක් වෙලා අප්පො වගේ උත්තමයෙකුට ආදරේ කළාට මට හිනාවෙන්ඩ වටිනවා තමයි....”

අපේ මෝඩකම්වලට හිනා වෙන්න වටිනවා තමයි. ඒත්.... ඒත් මම හිනා වුණේ.....

“මාලතී!” ධනුෂ්ක කෝපයෙන් ගිගිරුවේය. ඔහුගේ දෙනෙත් රතු වී, පිටතට නෙරා විත් ඉලිප්පී තිබේ. යක්ෂාවේශයකින් මෙන් වියරු වැටුණු; වෙවුලන ඒ මුහුණ දුටු මාලතී තැති ගත්තාය.

“මං ඔයාට හිනා වුණේ නෑ මාලතී... මම හිනා වුණේ මටමයි. මගේ.... අපේ මෝඩකම්වලට හිනා වෙන්න වටිනවා තමයි. ඒත්.... ඒත් මම හිනා වුණේ මටමයි කෙල්ලේ, ඔයාට නෙවෙයි... මාව විශ්වාස කරන්න මාලතී....”

ඔහුගේ කෝපාවේගය නිමා වී ඇති බවට දෙස් දෙමින් ධනුෂ්කගේ කටහඬ මෘදු ස්වරයක් ගෙන තිබිණි. මාලතී හිස ඔසොවා බැලුවාය.

ඔහුගේ කමිසයේ බොත්තම් කිහිපයක් පියැවී තිබුණේ නැත. ඒ අතරින් ධනුෂ්කගේ පපු පෙදෙස මාලතීට පෙනෙයි. රෝමයෙන් වැසී ඇති ඒ ළය මඬලෙහි මුහුණ හොවාගෙන සිත්සේ හඬා වැටෙන්නට; ඒ උණුසුමට තුරුලු වෙන්නට ඇති වූ ආශාව මාලතී මැඬ ගත්තාය. ‘ධනුෂ්ක අප්පෝ වෙන කෙනෙකුට අයිති වස්තුවක්.’ ඇගේ යටි හිත හඬගා කියයි.

“කෝ, ඔයා කියලා ඉවරද මාලතී?” 

“ධනුෂ්ක අප්පෝ! අප්පො වගෙ උත්තමයෙකුට කෑ ගැහුවට මට සමා වෙන්ඩ දෙයියෝ.... මාත් එක්ක තරහ වෙන්ඩ එපා....” මාලතීගේ කටහඬද වඩාත් ශෝකී බවක් ගෙන තිබිණි.

“... ආදරේ කියන එක අපේ හිතට එන්නෙ කලින් කිය-කියා නෙවෙයි. කවුරුවත් කියපු වෙලාවටත් නෙවෙයි, ඉබේ! මටත් ඒකමයි වුණේ.... අප්පොව දැක්කම; අප්පොත් එක්ක කතා කරන්ඩ වුණාම මට ඒක එක පාරටම තේරුණේ නෑ... ඒත් පස්සෙ-පස්සේ අප්පොගේ මූණ නොදැක ඉන්න එක නරකාදියක ඉන්නවා වගේ දැනෙද්දී මට තේරුණා, මං අප්පොට ආදරේ බව.
එතකොට මට අනිත් ඔක්කොම අමතක වෙලා තිබුණේ!

මට හිතුණේ, ඇස් දෙක ඇතුළෙ වාගෙම අප්පොගේ හිත ඇතුළෙත් මගෙ රූපේ ඇති කියලයි.....!

-ධනුෂ්ක අප්පොට මතකයිද, අප්පො මගේ මූණට හොඳටෝම ළංවෙලා ඇස් දෙක පුංචි කරගෙන මගේ දිහා බලා හිටපු හැටි? ඒ වෙලාවල්වල මට පෙනුණා, අප්පොගේ ඇස් දෙක ඇතුළෙ මගේ රූපෙත් තියෙනවා. මට හිතුණේ, ඇස් දෙක ඇතුළෙ වාගෙම අප්පොගේ හිත ඇතුළෙත් මගෙ රූපේ ඇති කියලයි.....!

-කවුද දෙයියනේ හිතුවෙ, අප්පො මගේ ඇස් දිහා බලාගෙන හිටියේ මගේ ඇසුත් අර සුදු කෙල්ලගේ වගෙම නිසා බව? ඇයි දෙයියනේ, අප්පෝ මගේ නිල්පාට ඇස් ගැන නිතරෝම කියද්දීවත් මට ඔහොම දෙයක් නොහිතුණේ.... ඇයි දෙයියනේ, මට මේ වගේ පව්කාර නිල්පාට ඇස් දෙකක් හම්බ වුණේ...?”

ඈ මොහොතක් වැලපුණාය. ඊළඟ මොහොතේ වඩාත් එඩිතර හඬකින් කතා කරන්නට වුණාය.

“අර ලියුම කියෝපුවම තමයි මගේ ඇස් දෙක පෑදුණේ! එතකොටයි මට තේරුණේ, අප්පො මා දිහා බලාගෙන හිටියට හිතේ තිබ්බේ රෝසි ගැන බව... කිරි අම්මගෙ වැරදි නිසා ආරෙට ඇවිත්, මට මේ වගෙ ඇස් දෙකක් ලැබිච්චි නිසා, තව ඩිංගෙන් අපේ අප්පච්චී අපෙ අම්මවත් අත්හැර දාලා යනවා.... මම උපන් දවසේ ඉඳලාම මේ කෙහෙල්මල් ඇස් දෙක හින්දා වුණේ විනාසයක් විතරයි... ඇයි දෙයියනේ එහෙම වුණේ...?”

මාලතී හිස දෙදණ අතරේ හොවා ගත්තාය.

නොකඩවා කඳුළැලි ගලා එයි. ඒවා නැවත්වීමට වෙර දැරීම නැඟෙන හිරු දෑතින් මුවාකොට නවතන්නට වෑයම් කිරීමක් මෙනි. ඈ දිගටම සිත්සේ හැඬුවාය. කාල-වේලාව ගතවෙන බවක්වත් මාලතීට හැඟුණේ නැත.

උරහිස මතට අතක් තබනු දැනී මාලතී තිගැස්සුණාය. හිස එසවූ ඈ දුටුවේ චන්ද්‍රක්කාගේ සානුකම්පික මුහුණයි.

“ගෙදර යමං.....”

“.......”

උඹ නැතුවට බලන්ඩ ආවා! රෑ වෙනවා.... ඔය මදැයි ඇඬුවා... යමං...

“මෙච්චර වෙලා උඹ නැතුවට බලන්ඩ ආවා! රෑ වෙනවා.... ඔය මදැයි ඇඬුවා... යමං...”

“කෝ ධනුෂ්ක අප්පෝ?”

“මං එනකොට හිටපු අප්පෙක් නෑ!”

ධනුෂ්ක නික්ම ගොස් තිබුණේ, මාලතීට කිසිවක් නොකියා- ඉඟියකිනුදු ඇඟවීමක් පවා නොකොටය.

********

ඉඹුල් කිරිබත් තසිම අතට ගත් කුමාරිහාමි එකක් හැන්දට ගෙන, ධනුෂ්කගේ පිඟානට බෙදීමට සැරසුණාය. ඔහු අතින් පිඟාන මුවා කරගෙන, හිස සලා ‘ඇති’ යැයි ඇඟෙව්වේය.

මේසය මත ඔහුගේ කිරි තේ කෝප්පය, පීරිසියෙන් වසා තැබූ ලෙසමය. ධනුෂ්ක අත සෝදද්දී කුමාරිහාමි පීරිසිය උඩු අතට හරවා, කෝප්පය ඒ මතින් තැබුවාය.

ළඟ එන මාරුතයක ඉව ධනුෂ්කට දැනී තිබිණ.

“මයෙ පුතේ, අපි ලබන ඉරිදා නිල්ගල වලව්වට යන්ඩ දින යොදාගත්තා... පුතා පූර්ණිමාව දන්නවා නෙව?”

තිගැස්සුණු ධනුෂ්ක තත්ත්පර කිහිපයකට ගල් ගැසුණේය. සිතේ මතු වුණු නොරිස්සීම මවට පෙන්වීමට ඔහු කැමති නැත. ඇය ඉන් වේදනාවට පත් වෙන බව ඔහු දනියි.
ඇගේ රෝගී තත්ත්වයෙන් පසු වලව්වේ කවුරුත් කුමාරිහාමිට හදිසි කෝපයක්; වේදනාවක් හෝ කම්පනයක් හෝ අත් නොවෙනසේ කටයුතු කිරීමට ප්‍රවේසම් වෙති.

“ඇයි අපෙ අම්මා, අම්මට තේරෙන්නෙ නැත්තේ.... මට දැන්මම ඔව්වා ඕනෑ නැතිය කියන එක. මම එදාත් කිව්වනේ, ඉතිං.... හොඳ අම්මා වගේ මට වද නොකර පාඩුවේ ඉන්න අරින්නකෝ!” ධනුෂ්ක හැකිතාක් ඉවසීමෙන් හා චාටු ලීලාවෙන් කීවේය.

අම්පාරේ චලන සුධීර හිතවතා අද උදැහැනක්කෙම, වැලිගම පොත්හලේ දුරකථන අංකත්, ඡායාරූපයකුත් මට එවලා!

“අනේ මයෙ පුතේ... දැන් කොයි වෙලේ හරි මාව මැරිල යයි!”

“නෑ අපෙ අම්මා.... කවුද දන්නෙ අම්මට ඉස්සෙල්ලා මාව මැරෙන්න ඉරණමේ ලියවිල තියෙනවද කියලා...” ධනුෂ්ක මවට බාධා කළ ලෙසින්ම, කුමාරිහාමිද පුතුට බාධා කළාය. එසේ කිරීමේදී ඇයගෙන් පළ වූ නොඉවසිල්ල නිසාම ඒ මොහොතේ ධනුෂ්කගේ දෑසේ වූ තියුණු බැල්ම ඇයට නොපෙනිණි.

මෙන්න බොලේ- අම්පාරේ චලන සුධීර හිතවතා අද උදැහැනක්කෙම, වැලිගම පොත්හලේ දුරකථන අංක දෙකත්, ඡායාරූපයකුත් මට එවලා!

ඒ මොහොතේම මම කට්ටකාඩුවේ ලොකු මල්ලීට දුර ඇමතුමක් ගත්තෙමි. පොත් සාප්පුවේ අංක දෙකත් ඔහුට දුන්නෙමි.

වැලිගම පොත්හල ආරම්භ කරලා තියෙන්නේ 1967 බව මට පෙනුණේ foto එකෙන්ය.
“ලොකා, මං ඒ පොත් සාප්පුවට ගියේ අවුරුදු පහළොවකට-විස්සකට විතර ඉස්සර. අපි පොත් සාප්පුවකට ගිහින් මොකක් හරි පොතක් ගැන ඇහුවම, ඒකෙ ඉන්න කෙනෙක් ඒ පොත හොයලා දෙන විදිහටනේ ඒ කාලේ හුඟාක් පොත් සාප්පු තිබුණේ; විශේෂෙන්ම දුර පලාත්වල.... නමුත්, වැලිගම එකේ එහෙම නෙවෙයි තිබ්බේ!
අපිටම ඇතුළට ගිහින්, අපිට ඕනි පොතක් තෝරාගන්න පුළුවන් විදිහටයි.... කවුරුවත් අපේ පස්සෙන් පොලිස්කාරයාගේ වැඩේ කරන්න හිටියෙත් නෑ!” කට්ටකාඩුවේ ලොකු මල්ලී කීවේය; පොත් සාප්පුවේ වරුණේ කියමින් සැටිපිකේට් එහෙකුත් දුන්නේය.

බලාගෙන ගියාම අම්පාරේ උදවිය ගැන සෑහෙන්නට ආඩම්බර වෙන්නට ඇහැකි නෙව. ඒ පැත්තේ හොරුන් නැතිවා වෙන්නට ඕනිය. 1967 පටන් ගත් පොත් සාප්පුවක්, ලොකූ ඒ කියාපු ක්‍රමයට කරලා, තවමත් යහතින් තියෙන එක කොච්චර දෙයක්ද?
මට තියෙන්නට ඇත්තේ වැරදි හැඟීමකි. අම්පාර පැත්තේ ඉන්නේ ලොකු කම්හල් වගේ එව්වාත් හොරා කන උදවිය නිසා, මං හිතාගෙන හිටියේ එහෙ ඉන්නා සේරම  කම්බ හොරුයි කියලාය!

සීනි හොරු ගැන සංඛියා ලේකන අඩංගු පිංතූරනිසා මොළේ කොළොප්පන් වුණාම...

‘මොන ජාතියේ හොරුන්ට අනුකම්පා නොකළත්, පොත් හොරුන්ට අනුකම්පා කළ යුතුය. ඒ ඔවුන් හොරකම් කරන්නේ දැනුම ලබා ගැනීමේ අභිලාෂයෙන් නිසාය.’ කොහේදෝ මං වහන්සේ දැකලා තිබුණු ඒ උපදේශය ‘වැලිගම පොත්හල’ කරවන ඇත්තනුත් දැකලා තිබුණා වෙන්නටත් ඉඩ තිබේ.

ඔව්වා ලියාගෙන යද්දී ‘කට්ටකාඩුවේ ලොක්කා’ ලියා තිබුණු පෝස්ටුවක් ගැනත් මගේ කරඬු පොත කීං-කීං ගාන්නට වුණේය. ඒ හාදයා ඒක ලියලා තිබ්බේ අවුරුදු දෙහෙකට කලින්ය. 2019 පෙබරවාරි 2 වෙනිදාය.

ඒ ලියමනේ හොරු ගැනත්, සිංහයන් ගැනත් තිබුණාය.
ඒ මතකය අලුත් වෙන්නට ඇත්තේ අද උදේ දැකපු සීනි හොරු ගැන ‘සංඛියා ලේකන අඩංගු පිංතූර’ නිසා මොළේ කොළොප්පන් වුණාම වෙන්නැති.... එහෙමත් නැතිනං පිල් මාරු කර-කර අපට කෙළවමින්; ඔහේ කෙළින; සිංහ සෙයියාවෙන් වැජඹෙන සුනඛ මහතුඟලාගේ රඟ කල්පනා වුණු නිසාවත්ද?

මේං තියෙනවා අර පෝස්ටුවෙන් ටිකාක් විතර:     

.... මං අහල තියෙන්නෙ සිංහයා හෙණ කම්මැලි සතෙක් කියල. ඌ පැත්තකට වෙලා ඉන්නවලු. ගෑනිලු කන්ඩ ගෙනැල්ලා දෙන්නෙ. නේද?

නෑ. ඒකත් ඇත්තම නෙවෙයි. සිංහයෝ ක්‍රම තුනකට ගොදුරු හොයා ගන්නවා.
එක: අනුන් මරපු ගොදුරක් හොරකං කරන එක.
දෙක: පොඩි මුවෝ වගේ සූපිං ගොදුරු අල්ලා ගන්න එක.
තුන: අලි
, කුලු හරක්, රයිනෝලා වගේ ඩූ ඕ ඩයි ගේම්. මෙන්න මේ තුන්වෙනි ටයිප් එකේදි නං පිරිමි සිංහයොත් ගේම් එකට එන්ටර් වෙනවා. අනික ඉතිං අපිත් ඒ වගේමනේ.

සිංහයොත් හොරකං කරනවද මචං?

ඒ කොහොමද ඒ?

ඇයි මනුස්සයෝ රටක් විදිහට ලංකාවත් යැපෙන්නේ අපේ රටේ කාන්තාවො දහදුක් විඳල හම්බ කරල ගේන සල්ලිවලින් නේ. ඒ අතිනුත් අපිට සිංහයා ගැලපෙනවා. ඒ මදිවට ගෙදරක උනත් උයල පිහල කන්ඩ ටික හදල දෙන්නෙ බවලත් උදවියනේ. ලංකාවෙ නර්ස්ලගෙන්, ගුරුවරුන්ගෙන් 70% ට වඩා ඉන්නෙත් කාන්තාවො. තව ටික කාලෙකින් අනිත් ජොබ්වලත් වැඩි ප්‍රමාණයක් ඉඳියි ඒ කට්ටිය.

සිංහයොත් හොරකං කරනවද මචං?

ඔය පොත්වල තියෙන්නෙ... උන්ගෙයි අපෙයි හොරකමේ නං වෙනසක් තියනවා.

ඒ මොකද්ද?

කිසිම සතෙක් ගොඩ ගහන්ඩ හොරකං කරන්නෙ නෑ. උං හොරකං කරන්නෙ ජීවත් වෙන්ඩ ඕන මූලික දේවල් ටික ලබා ගන්ඩ. ඒක අපි කරනවට වඩා අහිංසක හොරකමක්. තමුන්ටයි තමුන්ගෙ පවුලටයි කන්ඩ බොන්ඩ දෙන්ඩ තමයි උන් හොරකං කරන්නෙ.....’

ඉල්ලංකාවේ අල්පේසාක්කිය- මහේසාක්කිය හොරකං ගැනත්;
සාක්කි නැති නිසා; තාක්ෂණික දෝෂ නිසා වීසිවෙන තම-තමුන්නේ නඩු ගැනත්, හිතන්න ඉඩ දීලා ඔන්න අදට නවතිනවා.... මටත් එව්වා ගැන හිතන්න ඕනි! දැන්වත් ඒවා ආදුරුසේට අරන් හැදෙන්නවත්....

16 comments:

  1. https://www.tripmondo.com/sri-lanka/southern-province/maligaspe/

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  2. https://www.namespedia.com/details/Maligaspe

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා දකුණෙද?
      මලිගස්පෙ කියන්නෙ නිකම්ම වාසගමක් විතරක් නෙවෙයි කියලා දැනගත්තේ ඔබතුමාගේ links වලට ගිහින් බැලුවාමයි!

      Delete
    2. ඕක දාපු වෙලාවෙ හිටියෙ ගූග්ල් එකේ, දකුණෙ නෙමෙයි,

      Delete
    3. හරි නේන්නං!
      මේක ලියද්දී මං ඉන්නෙත් පුටුවෙනේ!!

      Delete
  3. පොත් ප්‍රකාශකයන් කියන්නෙත් බිස්නස් කාරයෝ නේ . පොතේ අන්තර්ගතය වත්, කතෘ ගේ නවක/ජනප්‍රිය භාවයවත් හොයන්න ඉස්සෙල්ලා ඒ ගොල්ලෝ හොයනවා ඇත්තේ තමන්ට මේ බිස්නස් එකෙන් ලාභයක් ලැබේවිද කියන එකනේ!. බිස්නස් කාරයෙකුගෙන් වෙනත් දෙයක් බලාපොරොත්තු වෙන්න බැහැ. ඉතින් නවක කතුවරුන්ට අත දීලා පාඩු විඳින්න උනොත්, ඒකට වගකියන්නේ කව්ද? මම මෙහෙම ලිව්වේ මේ දේ හරි නිසා නොවෙයි, නමුත් රුපියල් සත වලින් ලෝකය මනින අපේ රටේ, පොත් ප්‍රකාශකයන් පමණක් නොවෙයි, නව නිෂ්පාදනයක් කරපු එහෙම නැතිනම් අලුත් වැඩක් කරපු හැමෝටමත් මේ කාරනාව පොදුයි කියලා (පහත)ලියවුන වාක්‍යය හරියටම හරි කියලා පෙන්නුම් කරන්නයි .

    //ලංකාවේ පොත් ලියන සමහර කතුවරුන්ට අත් විඳින්නට වෙන ගැහැට අපමණය. අනෙක් අතට මේක රටේ වැරැද්දය. මොනවා කරන්නට ගියත් ගැහැටක් විඳින්නට නොවන්නේ කොහෙදීද? කොතනදීද?//

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ව්‍යාපාරිකයෙක් ලාභය ගැන, අලෙවිය ගැන, වාසිය ගැන නොහිතනවා නං වෙන්නේ බංකොලොත් වීමනේ. ඒ නිසා ඔය කරුණු ගැන සැලකිලිමත් වීම වරදක් විදිහට මම දකින්නේ නැහැ.

      හැබැයි අසීමිත තණ්හාවෙන් යුතුව වැඩ කිරීම නං කවුරු කළත් හොඳ නැහැ කියලයි මං හිතන්නේ.

      ඒ වගේම කොච්චර කළත්, දැනුමැති අයටත් වරදින්නටත් ඉඩ තියෙනවා- පොත් ප්‍රකාශනයේදීත්. මට මතක විදිහට 'හැරී පොටර්' එකත් මුලදී ප්‍රකාශන ආයතනයකින් ප්‍රතික්ෂේප වුණු එකක් නේද?

      Delete
  4. “ගෙදර යමං.....” “මං එනකොට හිටපු අප්පෙක් නෑ!” : චන්ද්‍රා තමයි මම කැමතිම චරිතය. කාටවත් බය නැති, නියම බුලට් එක (අපහාසයට නෙවෙයි ඒ වචනය පාවිච්චි කලේ)

    "අප්පොගේ ඇස් දෙක ඇතුළෙ මගේ රූපෙත් තියෙනවා": මට මතක් වුනේ 'සසල නොවී ඔබ හිඳින තුරා -පෙනෙයි මා ඔබේ නෙතින්' ලක්‍ෂමන් විජේසේකර/යමුනා මාලිනි සින්දුව. නිමල්ගෙ ලිවීම හරිම romantic. ආදරය මෙච්චර සුන්දරද කියලා මහාචාර්ය සුනන්ද මහේන්ද්‍ර නේද ඇහුව කියලා කලින් කොටසක ලියලා තිබුනෙ.

    හොයාගෙනම ගිහින් මේ වගේ ස්තුති කරන එකනම් ඉතාම හොඳ දෙයක්. සාමාන්‍යයෙන් කියන්නෙ අපි තව කෙනෙක්ගෙ දකින 'නරක' අපි තුලත් ඉතාම සුලු වශයෙන් හෝ තියෙනවා, හොඳත් ඒ වගේමයි- අපි තව කෙනෙක් තුලින් දකින්නෙ අපි තුලම තියෙන හොඳ. ඒනිසා තවත් කෙනෙක්ගෙ හොඳ වැඩියෙන් දකින්න පුරුදු වෙනවා කියන්නෙ අපි තුල තියෙන අපේ හොඳ වැඩි කරගන්න උදව් වෙන දෙයක් කියලා.

    ReplyDelete
  5. Lotus,
    ගොඩක් ස්තුතියි නිතරම හිතන්නත් යමක් ලියනවාට. ත්න්වෙනි කරණය ගැන ඉස්සෙල්ලාම. ඒක මට වැඩිය කල්පනා නොවුණු කරුණක්. ගොඩක් හිතන්න; විග්‍රහ කරලා බලන්න වටිනා දෙයක්!

    කලින් කමෙන්ටුවකදී මගෙන් ලියවුනාත් එක්ක, මම ආසාම චරිතයත් චන්ද්‍රා. වඩාත් සාර්ථකව ගොඩනැඟිලා තියෙන්නේ එයාවයි. පොත ලිව්වට පස්සෙයි කල්පනා වුණේ, මම චන්ද්‍රාට දීලා තියෙන ගති-පැවතුම්, ආකල්ප හා ස්වභාවය.... වගේ දේවල්වලින් 90%ක් විතරම දසනායක රත්නවතී; අපේ මහරගම ආච්චී; අපේ තාත්තගේ අම්මාගෙන් ගත්තු ඒවා.

    මට නම් ආදරය ඉතාම සුන්දරයි. හැබැයි ඒ ගැන හරිම ව්යාකූලයි.... යුවති කිරිල්ලී ලියන්නට වස්තු බීජය වුණෙත් ඒ දවස්වල හිතේම හිර කරගෙන තියාගන්නට වුණු රහසක් හා ආදරබර හැඟීමක් බව මුල් post එකකදී- පොතේ පෙරවදනේදී ලිව්වා. එහෙම ප්රෙමාතුර වෙලා හිටි නිසා වෙන්නැති මෙච්චර බොළඳ-ආදරණීය හා ළයාන්විත වෙන්න ඇත්තේ; මම නෙවෙයි- ලියවිල්ල.

    ස්තුති කිරීම ගැන වෙනම පෝස්ටුවක් ලියන්නට හිත කියමින් ඉන්නවා....

    ReplyDelete
    Replies
    1. නිමල් ඒ තුන්වෙනි කාරනය මං මුලින්ම ඇහුවෙ අජාන් බ්‍රහ්ම්ගෙ (Ajahn Brahm) කතාවක. එතුමා කිව්වා 'අපි වතුර දානකොට මල් පැල වලට මිසක් වල් පැල වලට දාන්නෙ නැහැනෙ හැබැයි අපි වල් පැලත් හොය හොය වතුර දැම්මොත් මල් පැල වගේම හොදට වල් පැලත් හැදිල එයි' කියලා. ඒක හොඳ උපමාවක් අපි ජීවිතේ attention දෙන්නෙ යම් දෙයකටද ඒ දෙය වැඩි දියුනු වෙනවා කියන එකට. මට මතක විදිහට අජාන් බ්‍රහ්ම් එදා නම් කතා කලේ තමන්ගෙ ජීවිත සහකරු හෝ කාරියගේ වැරදිම හොයන්නෙ නැතුව හොඳ දකින එකේ වැදගත්කමයි. නමුත් ඒක ඕන කෙනෙකුට අදාලයි.

      අපි අවටින් දකින්නෙත් අපිමයි කියන එක ස්වභාව දර්මයේ නීතියක් Law of Projection කියලා විස්තර කෙරෙන. ඒ ගැන අන්තර්ජාලයෙන් හා යූටියුබ් වල හුඟක් විස්තර තියෙනවා (නිමල් ස්තුති කිරීම ගැන පෝස්ට් එකක් ලිව්වොත් පොඩි හෝ ප්‍රයෝජනයක් වෙයි කියලා මේ ටික ටයිප් කළේ).

      Delete
    2. අනිවා ප්‍රයෝජනවත්.
      ස්තුතියි Lotus!

      Delete
  6. එක පැත්තකිං මාලතියයි විරහ දුකයි
    තව පැත්තකිං වැලිගම පොත් කඩේ හොඳයි
    වෙන පැත්තකිං හොරකම් කළ පාලකයොයි
    තුන් පැත්තකිං නිදියා ඉඳ අප නටවයි

    ReplyDelete
    Replies
    1. නැටෙව්වත් හොඳය-නැටුවත් වැරදි නැත
      නටවන්නොයි ඉන්නෙ බලනා හතර අත
      සීනි කකා- බුර්කා ඇඳ හදන් හිත
      නටරජ නැටුම නටනා හැටි බලමු කැත

      Delete
  7. වැලිගම පොත් කඩේ මතක් වෙච්ච වෙලාවෙ තවත් ලස්සන කතාවක් මතක් උනා. ලගදි ලියන්නංකො ඒ ගැනත් කට්ටකාඩුවේ. ස්තූතියි ලොකා මහන්සි වෙලා පොත් කඩේ ගැන හොයල දුන්නට.

    ReplyDelete
    Replies
    1. වෙන්න ඕනි එහෙම තමයි. හොඳ කළ කෙනෙකුට පැසසුවාම ඒ වගේ දේවල් නැවත කරන්නට අපි එයාලව උත්තේජනය කරනවා වගෙයි නෙ. ඒකටයි මං උදව් වුණේ.

      ලොකූ, අලුතින් ලියවෙන පොස්ටුවත් කියවන්න බලං ඉන්නවා ඔන්න.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්