li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, April 22, 2021

ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස

ඒකා පොඩි කාලේ නං ටින් කැඩීමත් ආසාවෙන් කළේය. ඒ සෙල්ලම් දෙකේදීමත්....

මාරයා දත් විළිස්සමින් ඒවා දිහා බලාගෙන ඉන්නට ඇතුවා නිසැකය! 

වැඩි වැඩක් කරන්නට ගිහින් සිදු වුණු පමාව අල්ලා ගන්නටත් එක්කලාය, මං ‘හනුමා’ වගේ ගලින් ගලට පනින්නට වුණේ.
හනුමා වන්නමේ කියන විදිහට ඌ ගිරෙන් ගිරට පැන්නේ අරුණෝදයේයි; ‘ගිරෙන් ගිරට පැන ලැගුම් සොයා පුබුදමින් අරුණ කල මා’. මං පැන්නේ මද්දහනෙයි. එතකොට රාහු කාලයද? මරු සිටින දිසාව කොහේ විණිද?

මේ ලියන ශරීර හොරා, සිරුර වෙහෙසවන ක්‍රීඩාවන් කියලා කර තියෙන්නේ තාච්චි පැනීම විතරක්ය. ඒකා පොඩි කාලේ නං ‘ටින් කැඩීම’ත් ආසාවෙන් කළේය. ඒ සෙල්ලම් දෙකේදීමත් ශාරීරික ජවයට; ශක්තියට වැඩියෙන් උවමනා කරන්නේ උපාය කෞශල්‍යයයි. මා ඒවාට ප්‍රිය කරන්නට ඇත්තේ එසේ මොළයෙන්ම ගහන games නිසාවත්ද?

එහෙනං පිහිනන්නට කැමති? පීනනකොට මොළෙත් වැඩියෙන් වැඩ කරනවද? නිමලෝ, තමුසෙ බොහොම නිවිහැනේ float වෙවී ඉන්න නේද කැමති... අනේ මන්දා! මට හිතෙන්නේ මං වතුරට කැමති එතැනදී දැනෙන සිසිලස නිසා වෙන්නට ඇති කියලාය.
වතුරේ උඩ ඔහේ පා වෙවී ඉන්නට නම් හිත සැහැල්ලුවෙන් තිබිය යුතුය; ගතත් සැහැල්ලුවෙන් තිබිය යුතුය. එහෙම ඉන්නා විට අනන්ත අප්‍රමාණ ආකාශය හිතේ හැටියට පෙනෙයි. අවට සද්ද-බද්ද කිසිවක් ඇහෙන්නෙත් නැත!

ජවන හා පිටිය ක්‍රීඩා ගැන තිබුණු නොදන්නාකම; පළපුරුද්දක් නොමැති වීම ‘පරෙයියන් ඇල්ලේ’දී මගේ ඔලමෝල්- ගොං පිම්ම වරදින්නට මූලිකම හේතුව විණි.

පැන-පැන එන සඳේ - පියගැට පෙළ දිගේගීතයට සුරූපී ජානකී කුරුකුලසූරිය හරිම අපූරුවට....
“නිමල් අයියත් අපි එක්කම දුවගෙන ආවේ.... ඒත් මඟදී නැවතිලා ඇඳුම් ගලව-ගලවා හිටිය නිසා ටිකක් පරක්කු වුණා! පල්ලෙහාට යන ගමන් ‘නාන්න හොඳයි’ කියලා අපි බලාගෙන ගිය පොට් එකට ඔන්න-මෙන්න කියලා තියෙද්දී මම පස්ස හැරිලා බැලුවා.... එතකොටත් නිමල් අයිය පැන-පැන එනවා!”

(‘පැන-පැන එන සඳේ - පියගැට පෙළ දිගේ’ ගීතයට සුරූපී ජානකී කුරුකුලසූරිය නම් හරිම අපූරුවට ‘ගීතා’ film එකේ රැඟුවාය. ඒ දර්ශනය කොතරම් චමත්කාරජනකද කියනවා නම් තවමත් මගේ දෙනෙතේ නිදන් වෙලා තියෙයි.
එදා ජොකෙක් විතරක් ඇඳගෙන ගලින්-ගලට පැන-පැන ආ මගේ අජූව දර්ශනය ජෝ දේව් ආනන්ද් දැක්කා නං....) 

‘පොර කොහොමද පැන-පැන ආවේ?’ අදටත් ඒ ගමන ගැන කියවෙන හැම වෙලාවකම, අපේ නෙවිල් අනුරසිරි හිතවතා අහන්නට අමතක නොකරන ප්‍රශ්නයකි ඒ.

එහෙම එද්දී, මගේ ඇඳුම් දැමූ සිලි කවරය (shopping bag) එක අතකය; නවන කුඩය තව අතකය.

“මහත්තයෝඕඕඕ, මේ ඇල්ල ඉස්සර රජ කාලේඒඒඒ ඉඳලාම මිනිස්සු දැනගෙන හිටිය එකක්! ඔය මානාභරණ ර..ජ..තුමා මෙහාට ඇවිත් දිය කෙළියා කියන කතාව, අපේ නත්තා-මුත්තා-කිරිකිත්තා කාලෙ ඉඳලාාාාම කියවෙච්චි එකක්... ඒ වගෙමයි, තව කතාවක් තියෙනවාාාා මේ ඇල්ලේ කොහේ හරි තැනකින් ගොඩඩඩඩඩ ඈතට යන්න පුළුවන් උමඟයකුත් තියෙනවයි කියලාාාාා..... නිධානයක් හංගලා තියෙනවයි කියලත් ඉස්සර කිව්වාාාාාාා....”
ගමේ දැනුම්-තේරුම් ඇති පැරැණි; වැඩිහිටි කෙනෙකුගෙන් කියැවිණි.
“නිධානයක්?”

අනුන් සන්තක වස්තුව හොරා කාලා සන්තෝස වෙන්න මිනිහෙකුට ඇහැකිද?

“ඔව්වයේ හැබෑ බොරු නං අපි දන්නෙ නැහැ මහත්තයෝඕඕඕ.... පරෙයියෙකුගේ ලකුණක් කොටපු ගලකුත් තියෙනවලුනේඒඒඒ.... ඒ කිට්ටුව තියෙන ලොකු වළකින් තමා එතැනට යන්න වෙන්නේ කියලා කියනවා....”

“එහෙනං.... ගඟේ උඩ හරියට වෙන්න ගල්වල කොටාපු පඩි පෙළකුත් තියෙනවා නෙව.” ඒ තවත් වැඩිහිටියෙකුගේ අලගු තැබීමකි.

අපේ රටේ ලොකු-ලොකු නිදන් හොරුන් ගැන අවබෝධයක් මේ ගමේ වැසියන්ට නැතුවා වගෙය.
පරෙයියන් ඇල්ල බලන්නට යන්න.... ගමේ උදවියගෙන් තොරතුරු අහන්න.... ඔවුන් ඔබට විස්තර කියනු නිසැකය.
ඒ අහිංසක වැඩිහිටියන් ඒවා කියන්නේ කිසිවෙකුටත් ඒ නිධන් හොරා ගන්නට බැරි විත්තිය අදහන නිසා විය යුතුය.

“.... එහෙම ලේසියෙන් ඔය නිදන් ගන්න බැහැ මහත්තයෝඕඕඕ.... රජ උත්තමයෝ කියන්නේ මෝඩයෝද? ඒ උත්තමයෝ වස්තුව හැංගුවේඒඒඒ තමන්ට ගන්න නෙවෙයිනේ. අනාගතේ උපදින අයට අහේනි කාලෙකදි ගන්නයි.
ඒවා කළෙත් හොඳ හිතිංංංං, හරියට පුද-පිළිවෙත් කරලනේ... නිසියාකාරව ඒවා කරලාම තමයි ඔව්වාාාා ගන්නවා නං ගන්න වෙන්නෙත්....
මහත්තයෝ, නිධානයක් හාරනවා කියන්නේ මහ විශාාාාල පාප කර්මයක්... හොරකමක්....
අනුන් සන්තක වස්තුව හොරා කාලා සන්තෝස වෙන්න මිනිහෙකුට ඇහැකිද මහත්තයෝ?”
(සිතින් පොහොසතුන් හිතන්නේ එහෙමය! රටක රජෙකු වුණත් හිතින් දිළින්දෙකු නං...)

මැණික් ගඟේ තියෙන අලි නාවන තරමේ වළවල්, ගල් කුහර, ගල් වැටි ගැන කිසිම අවබෝධයක්....

ප්‍රජාතන්ත්‍රවාදී රටක ධනයෙන් ආඪ්‍ය ලොකුම මෝඩයෙකුට වුණත් රජ වෙන්නට පුළුවනිය. අවශ්‍ය වෙන්නේ ඇන්දීමේ කලාව ප්‍රගුණ කිරීම විතරය; මොළයේ කොටසක් උපායෙන් නිර්වින්දනය කර, හැඟීම් ඇවිස්සීම විතරය! මෝඩයාට කරන්නට තියෙන්නේ නිසි කල්හි, ඒවා කරන්නට හැකියාව ඇති ප්‍රවීනයන්ගේ ‘සේවාව’ කුලියට ගැනීම විතරය.

එහෙමත් නැතිනම් ඒවා කරන්නට කාර්යාංශයක් පිහිටුවා ගැනීමය!! 

සල්ලි- සල්ලි කියලා බිය විය යුතු නැතිය. වියදම් කරනවා වගේ දහස් ගුණයකින් හම්බ කරගන්නට ‘ක්‍රම සහ විධි’ ඇති තරම් ඇත.

ඉතිං..... ආයෙත් පුන්සිසිගමට යංකො, නේද?
අපි 1999 පරෙයියන් ඇල්ලට යද්දී මැණික් ගඟේ වතුර ඒ තරම් අඩු වෙලා තිබුණේ නැතිය. කලින් කිව්වා වගේ, තරුණයා පත්තරයේ විශේෂාංග ලිපිය විතරය අපට මඟ පෙන්නුවේ. ගඟේ තියෙන අලි නාවන තරමේ වළවල්, ගල් කුහර, ගල් වැටි ගැන කිසිම අවබෝධයක් එදා අපට තිබුණේ නැත.

පරෙයියන් ඇල්ල කඩා වැටෙන ඉසව්වේදී, මැණික් ගඟ ගලාගෙන යන්නේ තනිකරම වාගේ කළු ගල් මතිනි.

තද වැස්ස වෙලාවකදී; කඳුකර පෙදෙසකට අනෝරා වැස්ස වැටෙන වෙලාවකදී; ඇද හැලෙන වතුර කන්දරාව සුළුපටු නැත. (ඒවා එකට එකතුවී පහළට ගලා එන්නේ හිතා ගන්නටවත් බැරි තරම් ක්ෂණිකවය. එහෙම වෙලාවකය, ඊයේ-පෙරේදා පිය-පුතු දෙපළක් වේලි ඔයේදී මරුට බිලි වුණේ.
(ඒ අවාසනාවන්තයන් පදිංචිව හිටියේ පමුණුවේ දෙල්ගහවත්තේය. අපේ ගෙවල්වල සිට විනාඩි පහක පා ගමනින් යා හැකි දුරකය.)
ඒ ඛේදවාචකය අප දැනගත්තේ නම් අප්‍රේල් 19 වෙනිදාය.

... සුවිසල් ගල් කුහර හා වළවල් අපට හොඳින්ම දැකගන්නට හැකි වුණේ කල්තොට දූවිලි ඇල්ලේදී හා...

-අප්‍රේල් 13 වෙනිදා පාන්දරින් පිටත්වී වල් වැදී, සංචාරයේ යෙදී 18 වෙනිදා රෑ දොළහටය අප ආපහු ආවේ!

ඒවා කිව්වේ පම්පෝරියකට හෙම නොවේ.
පෝස්ටුවක් ලියන්නට තරම දේවල් ඒ ගමනෙදී එකතු-පහදු වුණු නිසාවෙනි.)

ඉතිං, තද වැසි වෙලාවක ගස්-ගල් පෙරළාගෙන එන වතුර කන්දරාව සමහර තැනකදී දිය සුළි හදයි. ඒවායේ කැරකෙන- ඇඹරෙන ගල් නිසා නිර්මාණය වෙන්නේ සද්දන්ත වළවල්ය. ඒ ගැන කිසිම අවබෝධයක් පළමු ගමන වෙලාවේ අපට තිබුණේ නැතිය.

මෙහෙම කළු ගල් ඛාධනයවී සෑදුණු සුවිසල් ගල් කුහර හා වළවල් අපට හොඳින්ම දැකගන්නට හැකි වුණේ කල්තොට දූවිලි ඇල්ලේදී හා දැරණියගල දිය ඇල්ලකදීය. (මතක හැටියට ඒ දිය ඇල්ල තියෙන්නේ දැරණියගල, උඩ මාලිබොඩය.)
එවැනි තැන් හැම එකකදීම පාහේ නාන්නට තරම් අප මෝඩ වුණත්, මදාවියන් (මද + ආයුෂ ඇතියවුන් = මදාවියන්) නොවීම කොතරම් වාසනාවක්ද?
අපේ නඩයෙන්, එහෙම මදාවියෙකු වෙන කිට්ටුවකටවත් ගිහින් බේරුණේ මේ මොට්ට ලියන්නා විතරය.

ඔයාලා දන්නවද, මේ පෝස්ටුවේදී ලියවෙන ඇබැද්දියට ගොදුරු වුණේ නිමල් දිසානායක වුණත්, වෙන දවසක නම් මේ අකරතැබ්බය වෙන්නට වැඩිම සම්භාවිතාව තිබුණේ නෙවිල් අනුරසිරි පෙරේරාට කියලා?

නිමල් අයියට අඩි දෙකක් විතර දුරකුයි පනින්න තිබ්බේ...

මොන ගමනකදී වුණත්, නොදන්නා වතුරකට ඉස්සෙල්ලාම බහින්නේ ඒ හාදයායි. ඒ මදිවාට මිනිහා අනෙක් අයටත් වතුරට අඬ ගසයි. එයා තරමටම පිහිනන්නට හපන් තවත් අය අපේ නඩේ හිටියත්, එච්චරට අපරීක්ෂාකාරී ‘හරකෙක්’ වෙන නැත.

“තමුසෙ අඩි දෙකක් ගිහිල්ලා, එක පාරටම ‘වරෙන් මචං’ කියන්නේ එකෙක්ව මරා ගන්නද?” කියලා මං අනන්තවත් අසා ඇතත්- පළමුවෙන් වතුරට බසින මේ ‘බිලි boyයා’ට, එව්වා මතක් නොවෙයි.
එදා; පළමුවෙන් පරෙයියන් ඇල්ලට ගිය දවසේ නම් වුණේ එයාලා foto ගහන්නට ලැහැස්ති වෙද්දී මේ ලියන මොට්ටයා ඉස්සර වීමය.

“පොර කොහොමද පැන-පැන ආවේ?” කියලා නෙවිල් පස්සෙ ඇහුවාම නම් ‘ඇසින් දුටු සාක්ෂිකාරයෝ හතර දෙනෙක් විතර’ම තොරතුරු සපයන්නට පටන් ගත්හ.

“නිමල් අයියට අඩි දෙකක් විතර දුරක් පනින්න තිබ්බේ...”
“මෙයා පැන්න විදිහයි වැරදි!”

“ඒ මොකෝ.... බයගුල්ලා ඇස් දෙක වහගෙනද පැන්නේ....?” නෙවිල් අහයි.

“නෑ නෙවිල් අයියේ... නිමල් අයියගෙ අත් දෙකේ බඩු ගොඩක්නෙ...”
ඇත්තටම වුණේ ඒකය. කලබලයෙන් ඇකිලුව නිසා පොඩි කුඩය එහෙන්-මෙහෙන් දිග හැරෙමින්ය තිබුණේ. මගේ කොට කලිසමත්, කමිසයත් දාන්නට තරම් ලොකු; ප්‍රමාණවත් සිලි කවරයක් නොවේ, මං ගෙනිහින් තිබුණෙත්.

ඇයි මෝඩ වහන්සේ, අත් දෙක නවා ගත්තාම ගැම්මක් ගත්තැකිද?

ඉතිං, තරමක පරතරයක් තියෙන තැනකින් පනින්නට තියෙද්දී මම- එවැනි විටෙක කිසිසේත්ම නොකළ යුතුව තිබුණු ලොකුම මෝඩකමකුත් කළෙමි!

කුඩය වම් කිසිල්ලටත්, ඇඳුම් බෑගය දකුණු කිසිල්ලටත් ගන්නාගෙනය, මං වතුරට උඩින් පැන්නේ. කිහිල්ලේ ඇති දේවල් නොගිළිහෙන විදිහට අත් දෙකත් නවාගෙන!!!

‘ජබෝහ්!’ සද්දය මට ඇහුණේත්, මං වතුරට වැටුණේත් එක විඩේමය.

‘ඇයි මෝඩ වහන්සේ, අත් දෙක නවා ගත්තාම ගැම්මක් ගත්තැකිද? දුර තියා දුවගෙන ආවත් ඒ ඉරියව්වෙන් ඈතට පනිතෑකිද?’ දැන් ඔබ අසනු නියතය.
ඒ වෙලාවේ මට ඒවා කල්පනා වුණේ නැත. මගේ ඔළුවේ තිබ්බේ නාන්නට සුදුසුම තැනට යාමත්, අත් දෙකේ තිබුණු අඩුම-කුඩුම පරෙස්සමෙන් අරගෙන යාමත් විතරය.

ඇල්ල පහතට කඩා වැටෙමින් තිබුණේ එතැනට මීටර් කිහිපයක් පහතින් නිසා ජල දහරාවේ වේගය වැඩිය. මාව ගසාගෙන යන බව; පහළට ඇදෙන බව මට හොඳටම දැනුණේය.
එක වතාවක් මාව ගිලුණේය. වතුර යටට... ආයෙමත් උඩට....
උඩට මතු වෙන ඩිංගට මගේ මොළය පෑදුණේය....

විශ්වාස කරනවා නම් විශ්වාස කරනු මැනවි. මට ටිකක්වත් බයක් හිතුණේ නැතිය; මර බය දැනුණේ නැතිය. හොඳ කල්පනාව; හොඳ සිහිය; සම්මා සතිය ඕනෑ කරන්නේ එහෙම වෙලාවටය. කළ යුතු දේ; නොකළ යුතු දේ තෝරා ගන්නට පුළුවන් වෙන්නේ එතකොටය.

... මට පෙනුණේ වෙන්නට යන ඊළඟ විපත්තියයි. ධම්මික වාඩිවී හිටියේ උක්කුටිකයෙනි...

මම ආපස්සට ඇලවී, දෙකකුල් ගලක රඳවා ගන්නට උත්සාහයක් දැරුවෙමි. ම්හු... පතුල් දෙකම ලිස්සා යනවා විතරය. දෙවන වතාවටත් වතුර යටට......

“නිමල් අයියේ.... මගේ අත අල්ලා ගන්න!” වතුරෙන් මතුවෙන අතරේ, ටිකාක් පහතින් ධම්මිකගේ කෑ ගැසීම ඇහුණේය.

දියේ ගිලෙන්නට යන මිනිහා පිදුරු ගසක වුණත් එල්ලෙනවාලු. ධම්මික දිගු කළ අතෙන් මට අහු වුණේ ඇඟිලි හරිය විතරය. දෙයියනේ.... ඒ ඇඟිලි අල්ලා ගන්නවාත් එක්කම මට පෙනුණේ වෙන්නට යන ඊළඟ විපත්තියයි.

ධම්මික වාඩිවී හිටියේ උක්කුටිකයෙනි. (හරියට වළ වැසිකිළියක මළ පහ කරන්නට වාඩි වෙන ඉරියව්වෙනි.) ගොඩබිමට පිටුපා, වතුරට මුහුණ පා- එයා එහෙම වාඩිවී හිටියෙත් මැණික් ගඟට ඇලයක් (slop එකක්) තිබුණු ගලක් උඩය.

ධම්මිකගේ ඇඟිලි අල්ලාගන්නවාත් එක්කම මට පෙනුණේ එයාවත් ටිකෙන්-ටික පහළට ලිස්සන විදිහය. මට උදව්වට ඇවිත් ඒ හාදයාවත් වතුරට වට්ටා ගන්නට බැරිය. මම ඒ ඇඟිලි අත හැරියෙමි. ආයෙත් වතුර යටට... පතුල් රඳවා ගන්නට ආයෙමත් කකුල් හරඹයක.....

ඒ වතාවේ වාසනාව මගේ පැත්තට ඇවිදින්ය. ගඟේ පතුලේ කළු ගලක ගැට්ටක්..... මම පරක්කු නොවී දෙපතුල් එහි රඳවාගෙන ඉවුර පැත්තට රූටන්නට වීමි.

මගේ උරහිසක් හරි හතරැස් වෙලාය... ඒ අත උස්සනවා තියා හිතන්නටවත් බැරිය.

එතකොටත් නදී, ධම්මික, චූටි මල්ලී සමීපයෙන්ම තිබුණු ගලක් අයිනට ඇවිදින්ය; අත් දිගු කරගෙනය!

“නිමල් අයියෙ, ආයෙමත් ගහගෙන යයි.... අල්ල ගන්න... අල්ල ගන්න... ටක් ගාලා..” එයාලා කෑ ගහන්නටත් පටන් ගෙනය. ආයෙමත් මාව පහළට ගහගෙන නොයන විත්තිය මට ෂුවර්ය. ඒ තරමටම ගැම්මෙන්ය, මගේ දෙපා ගල් වැටියේ රඳවාගෙන හිටියේ. එහෙත්.... අත් දෙක තියා එකක්වත් දික් කරන්නට බැරි තරමට වෙනසක් නං මට දැනෙයි.
ඒවා ගැන කිසිම ගනිච්චියක් නැතිව මැණික් ගඟ නම් දිගටම පහළට ගැලුවේය.

“මට කලන්තේ වගෙයි.... පොඩ්ඩක් ඉඳලා....” මට කියැවුණේ වතුරේ තන මත්තක් ගිලී හිටිද්දීමය. ඔළුව උස්සාගෙන ඉන්නටත් බැරි තරම්ය.... ‘මොකක්ද මට වෙලා තියෙන්නේ?’

වතුරෙන් ගොඩට ඒම පැත්තකට දමලා, මං කළේ ඒ ළඟින්ම තිබුණු කළු ගලකට හේත්තු වෙන්නට හැදීමය. එතකොටය දැක්කේ.... එතකොටය තේරුණේ...

මගේ වම් උරහිස හරි හතරැස් වෙලාය... වමත උස්සනවා තියා හිතන්නටවත් බැරිය. ක්ලාන්ත ගතිය දැනෙන්නේ හතරැස් උරහිසෙන් පටන් ගන්නා වේදනාව නිසාය.

“මට කලන්තෙයි.... උරිස්සට මොකක්ද වෙලා...” එතකොට නම් මට කියැවුණේ හැඬුම් අතරිනි. “අපි ඔයාව උස්සලා ගොඩට ගන්නද?” එක්කෙනෙක් ඇසුවේය.
තවකෙක් මහ හයියෙන් ‘චූටයියේ’ කියමින් කෑ ගසන්නට වුණේය. ඒ කතා කළේ නලින් ප්‍රියදර්ශනටය; WAL ප්‍රියන්තගේ මල්ලීටය. ප්‍රියන්ත, නදී, ධම්මික, සසිත, සඳුන්, මංජු සේරමලා එකම පවුලක සොහොයුරියන්ගේ දරුවන්ය.

තව ඩිංගෙන් මහත්තයාව ඇල්ලට වැටෙනවා නේද?

“දිය ඇල්ල වැටෙන සද්දෙට අපි කතා කරන ඒවා ඇහෙන්නේ නෑ. මං පහළට ගිහිල්ලා චූටයියාව එක්කං එන්නම්....” නදීද කොහෙද ආපහු පල්ලම් බැස්සේය. ඒ අතරේ අනෙක් දෙන්නාගේ උදව්වෙන් මම දියෙන් ගොඩට ඇදුණෙමි. ඇදී ගං ඉවුරේම වැතිරුණෙමි.

“තව ඩිංගෙන් මහත්තයාව ඇල්ලට වැටෙනවා නේද?” කියාගෙන කවුරුන්දෝ එතැනට ආවේය.  ඒ ගම් වැසියෙකි. අමාරුවෙන් වුණත් මං බැලුවේ ඒ මනුස්සයාගේ සරුවාංගයෙන්ම වතුර බේරෙන හැටිය.
“.... මෙන්න...”
කියමින් ඔහු දිගු කළේ මගේ ඇඳුම් සහිත සිලි බෑගයයි. “... මේක විතරයි අල්ලා ගන්න ඇහැක් වුණේ.... මහත්තයාව අල්ලා ගන්නයි මාත් දැක්ක ගමන්ම වතුරට පැන්නේ...”

තමන්ගේ ජීවිතය ගැනවත් නොතකා, අමුත්තෙකු බේරාගන්නට දියට පිනූ ඒ මනුස්සයාට ස්තුති කරන්නටවත් ඒ වෙලාවේ මට කල්පනා නොවිණි. වේදනාව එන්න-එන්නම තීව්‍ර වෙමින් තිබුණු නිසාය, ඒ.

‘මොකද වුණේ?’, ‘කොහොමද නිමල්ව වතුරට වැටුණේ?’
ප්‍රශ්න වැලක් එක්කමය අපේ නඩයේ සෙස්සන් දුවගෙන ආවේ....

වෛද්‍යවරයෙකු වීමට සැරසෙමින් හිටි නලින් මගේ උරහිස දුටු ගමන්ම ‘රෝගය විනිශ්චය’ කළේය!

“නිමල් අයියේ, ඔයාගේ අත පැනලා!”

පහළට ගසාගෙන යාමෙන් වළකිනු සඳහා දඟලන වෙලාවේ මට නොදැනුණත්, මං මැදිවී තියෙන්නේ දිය සුළියකටය. “ඔයාව සුළියට අහුවෙලා එහාට-මෙහාට ඇඹරෙන අතරේ අත පනින්න ඇති.....” නලින් කිව්වේය.

අතක් පනිනවා කියන්නේ උරස් හන්දිය විසන්ධි වීමටයි. ඒක ක්‍රම තුනකට වෙන්න පුළුවනි....

පසු කාලයක නලින් ඒ සිදුවීම වෛද්‍ය විද්‍යාත්මකව පහදා දුන්නේය. “අතක් පනිනවා කියන්නේ උරස් හන්දිය විසන්ධි වීමටයි. ඒක ක්‍රම තුනකට වෙන්න පුළුවනි. ග්ලෙනොයිඩ් කුහරයට සාපේක්ෂව ඉදිරියට, පසුපසට සහ යටට... Anterior, posterior, inferior කියලයි ඒවාට කියන්නේ. වැඩියෙන්ම වෙන්නේ ඉදිරිපසට විසන්ධි වීමයි...”

“හරි, දැන් අපි නිමල්ට මොකද කරන්නේ?” ප්‍රියන්ත නලින්ගෙන් ඇහුවේය. නලින් අයියාට උත්තර දෙනවා වෙනුවට මගෙන් ප්‍රශ්නයක් ඇසුවේය.

“නිමල් අයියට රිදෙනවද?”
ඔළු භාෂාවෙන් ‘ඔව්!’.
“කැක්කුම තව වැඩිවෙයි, තව වෙලාව යන්න-යන්න..... Dislocate වෙලා තියෙන අත ආයෙම හරි තැනට දාන්න වෙනවා.... හැබැයි ටිකක් රිදෙන වැඩක්.... මොකද කරන්නේ? Hospital එකකටම යනවද.... නැත්තං මම try කරලා බලන්නද?”

අපායට යතත් පමා වෙන්නට හොඳ නැත. ඉස්පිරිතාලෙකට ගියත් කෙරෙන්නේ එකම දෙයක්නේ. මට කල්පනා වුණේ එහෙමය. නොදන්නා යකාට වැඩියෙන් දන්නා යකා හොඳය!
“ඔයා බලන්න නලින්..”

නලින් මගේ උරහිස් සන්ධිය පිරික්සුවේය. මොහොතක් කල්පනා කළේය.

“මම කල්පනා කළේ කොයි විදිහටද අත පැනලා තියෙන්නේ කියලයි. මම කීවනේ ක්‍රම තුනකට සන්ධිය විසන්ධි වෙන්න පුළුවන්ය කියලා.... ඒක හරි ගස්වන්න ඕනි විදිත් කීපයක් තියෙනවා..... එතකොට මටත් experience එකක් තිබ්බේ නැහැනෙ, තියරි ඉගෙන ගත්තට.... අනුමාන කරන්න විතරයි පුළුවන්කම තිබ්බේ.”

උන්ටත් වඩා බියපත්වී, හොඳටම බිරාන්ත වුණේ
නලින් ප්‍රියදර්ශනයි. (අද නලින් හා චමනී)

එහෙම අනුමාන කරලා නලින් මගේ වම් අත අල්ලාගෙන හිට, කුඩා උත්සාහයක් කරන්නට හැදුවා විතරය. ‘අනෙ අම්මෝ!’ මහා විලාපයක් නැඟුණේය.

ඒ අඳෝනාව පුන්සිසිගම ඉසව්වෙනුත් එහාට ඇසුණා වෙන්නට ඇත.
මැණික් ගං දෑලේ තුඟු රුක්-වදුලුවල ලැග හුන් රිලා-වඳුරු මොටෙයියනුත්, සකුණ කැලත් මගේ ඒ විලාපයෙන් තැති ගත්තාට කිසිම සැකයක් නැත. උන්ටත් වඩා බියපත්වී, හොඳටම බිරාන්ත වුණේ
නලින් ප්‍රියදර්ශනයි. 

“ළඟම තියෙන ඉස්පිරිතාලෙකට යං!”

කට්ටියම යන්නට සැරසුණහ. මට ඇවිදගන්නටවත් බැරි තරමට වේදනාව දැඩිය. අමාරුවෙන් ටිකක් දුරට යද්දී ගෙයක් හමු විණි.
“අර ගෙදරට කතා කරලා පුටුවක් ඉල්ලගෙන මෙයාව ඒකෙ වාඩි කරවලා උස්සගෙන යමුද?” අපේම කෙනෙකුගෙන් යෝජනාවක්....
පුටුව නම් ලැබුණේය. වාඩි වෙන ඉරියව්වෙන් හිටිද්දී වේදනාව දැඩිය. “අනේ මට බෑෑෑෑෑෑෑ!” මං කළේ, කෙඳිරි ගාමින් අඬා වැටෙන එකය.

“මේ වැඩේ හරි යන්නේ නෑ මචං.... බල-බලා ඉඳලා බෑ... ඉක්මනට හොස්පිටල් එකකට යන්නත් ඕනිනේ. අපි ගිහින් වෑන් එක අරගෙන එමුද....” ප්‍රියන්ත ඇසුවේය.

දෙදෙනාම ඉගිල්ලුණහ. ටික දුරක් දුවගෙන ගියාට පස්සේ...

එහෙම එන්නට පාරක් නැතිකම ගැන ප්‍රියන්ත හිතුවේ නැත. ඉලුක්- මානා- ගඳපාන පඳුරුවලින් වැසී තිබුණු ලන්ද මැදින් වෑන් රථය අරගෙන එද්දී සිදු විය හැකි අකරතැබ්බයන් එකක්වත් ගැන ඒ මොහොතේ ප්‍රියන්ත හිතන්නට නැති විදිහය.

“යමු මචං.... අපි දෙන්නා දුවල යමු....”

මර්විනුත් අඩියක් පෙරට තියලා අහවරය. දෙදෙනාම ඉගිල්ලුණහ. ටික දුරක් දුවගෙන ගියාට පස්සේ එක්කෙනෙක් හැරී බලලා කෑ ගැසුවේය.
“පුළුවන් විදිහකට නිමලයව ඉස්සරහට උස්සන් වරෙල්ලා... ටිකක් හරි ඉස්සරහට....”

29 comments:

  1. පමුණුවේ දෙල්ගහවත්තේ පිය-පුතු ඛේදවාචකය දැක්කා. ඔය වගේ නොදන්නා තැන් වල විතරක නෙමෙයි, දන්නවා කියල හිතන තැන් වලත් නාන්න ගිහිල්ලා වෙච්ච දේවල් ගැන කතා අපමණයි.

    ඒ කොච්චර කතා ඇහුවත්, නිල්පාට වතුර ටිකක් දැක්ක ගමන් මී හරක් ගිණියම හැදෙන එක, මට හිතෙන්නේ මනුෂ්‍ය ස්වභාවය. ලස්සනට සාන්ත දාන්තව ගලාගෙන යන දියපාරකට යකා වැහෙන්න යන්නෙ විනාඩි ගාණක් විතරයි.

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ. ඔයාට මතකයිද මේ දෙල්ගහවත්තේ දෙන්නා වගෙ තවත් පවුලක් සැඩවතුරකට බිලි වුණා වාහනයත් එක්කම. නුගේගොඩ ක්වින්ලන් එක ළඟම තිබුණු රෙස්ටෝරන්ට් එකක හිමිකරුවෝ.... මට නම මතක් වෙන්නේ නැ මේ මොහොතේ... එන්රිච් වගෙයි මතක.

      Delete
    2. මතක නැත. පුහුණු ජීවිත ආරක්ෂකයෙක් වෙන තට්ටයා මහතාගේ මේ අනගි ලිපිය ආදර්ශෙට ගන්න වටින එකක්:

      ජීවිතයට වටිනාකමක් දෙන්න!

      Delete
    3. තට්ටයා මහතාගෙ පෝස්ට් එක ඉතාම වටිනවා. මේවා වැඩි දෙනෙක් කියවා පිලිපදිනවා නම් කොයිතරම් හොඳද.

      Delete
  2. Oin giya mada, ella asseth wela. Wijebahu

    ReplyDelete
    Replies
    1. ඔව් විජේබාහු මහත්තයෝ... 1999 මාරයා දෙපාරක්ම මගේ ළඟට ආවනේ.... දුක හිතිලා ගියා වෙන්නැති, හිස් අතින්ම.

      Delete
  3. Replies
    1. ඔයා මේ අඩවියට අලුතින් ආවා වගේ. ස්තුතියි. සාදරයෙන් පිලිගන්නවා, නෙත්මා!

      Delete
  4. මේ සිද්ධිය කොයිතරම් වෙනස් ආකාරයකට අවසාන වෙන්න ඉඩ තිබුනාද කියන එක "වේලි ඔයේදී" දිවි අහිමි උන පියපුතු දෙපොළගේ කතාවෙන් ඔප්පු වෙනවා.

    සොඳුරු අතීතයෙන් බිඳක් බ්ලොග් අඩවියේ මේ ගැන ලිපියක් තියනවා. මේ දෙන්නා නොදන්නා පලාතක නොදන්නා තැනක නාන්න ගිහිල්ලා නොවෙයි, මේ අවාසනාවන්ත සිදුවීමට මුහුණ දීලා තියෙන්නේ.
    http://helmalu.blogspot.com/2021/04/blog-post_20.html

    මම සියළු ආරක්‍ෂිත ක්‍රමෝපායයන් පිලිපැදපු යහපත් දරුවෙක් වෙලා හිටියා වගේ මේවා ලිව්වට, මාත් කිහිප වරක්ම වාසනාව සහ හොඳ මිතුරන් නිසා දිවි ගලවාගත් කෙනෙක්. වරක්, පුෂ් බයිසිකල් වලින් නුවර යනකොට, අඟුරුවැල්ලේදී, ගුරුගොඩ ඔයේ වක්කලමකට පැනලා වෙච්ච දේ තාමත් අපි එකතු වෙලා ඩ්‍රින්ක් එකක් දානකොට බයිට් එකට ගන්නවා.
    මම තෙත යට ඇඳුම පිටින් ඉන්න(හෝ බයිසිකල් පදින්න) අකමැතියි. ඒ නිසා යාළුවන් දෙන්නා යට ඇඳුම පිටිනුත්, මම බයිසිකලය පිහදාන්න තිබුන පුංචි රෙදි කෑල්ලත් ඇඳගෙන තමයි ඔයට පැන්නේ. හැඩ පාර සැර කමට අපිට ආපහු මෙහා ඉවුරට එන්න බැහැ. එහා ඉවුරේ වේවැල් නිසා ඒ පැත්තට ගොඩ වෙන්නත් බැහැ. ඒ අතරේ මගේ විලි වහපු රෙදි කෑල්ල අහිමි වෙච්ච එක මලාට වඩා හපන්.

    ReplyDelete
    Replies
    1. සෑම්,
      ඔයාගේ අත්දැකීම කියවද්දී මතක් වුණා මටත් වෙච්චි ඒ වගේම අබග්ගයක්.
      කුරුවිට බෝපත් ඇල්ලේදී.
      අපි youth එකෙන් වැඩ සටහනකට ගිහින් එන අතරේ ගියා බෝපත් ඇල්ල බලන්න. එතකොට එතනට යන්නට හරිහමන් පාරක්වත් තිබ්බේ නෑ.
      මර්වින්, ඉන්දිරා, සුනීතා, ගීතා, අනුර ජිනදාස, අසෝක කපුරුගේ වගේ කිහිප දෙනෙක් තමයි හිටියේ. ඇල්ලට ගිය ගමන් මටත් හදුනා මී හරක් ගිනියම.
      තුවායක්, අමතර ඇඳුමක් මොකුත්ම තිබ්බේ නැහැ. කලිසමයි, කමිසයයි ගලවලා යට ඇඳුම පිටින් පැන්නා වතුරට. වතුර පාර හිතුවට වඩා සරයි, පීනන්න වුණේ ඒකට එරෙහිව-උඩ අතට. මොන පීනිල්ලක්ද? මාව බිල්ලට ගන්න බැරි තැන වතුර පාර මගේ ජොකා බිලිගන්නා හැදුවා....
      පුදුම වදයක් විඳලා විළිබිය සිඳ ගන්නේ නැතිව, ජොකාත් බේරාගෙන ගොඩට අවේ.

      Delete
  5. මම නම් කොහොමත් වතුරට ටිකක් බයයි... පූල් එකක ඇර ෂුවර් නැති තැන් වලට බහින්නේ අඩුවෙන්... මේ වෛරසේ ආවත් හරි පූල් එකට බැස්සෙත් නෑ හරියටම අවුරුද්දකින් විතර ... හෙහ් හෙහ්

    ReplyDelete
    Replies
    1. පැතුම්, මම නම් ආසම ව්‍යායාමය පිහිනීමයි. දාඩිය නොදැන එකක්නෙ.... ඒ වගෙමයි උඩුබැල්ලෙන් ඔහේ පා වෙවී හිඳීම. වස්ගමුවේ මැදපිටියේ ඉතා හෙමිං වතුර ගලා යන දිය වලක් තියෙනවා. නිල් කැටේට වතුර. සීතලත් එක්ක. එතැන ෆ්ලොට් වෙනකොට රූස්ස ගස්වල අතු අස්සෙනුයි නිල් අහස පෙනෙන්නේ... ඇතිවෙන එකම බාධාව එතැන නින්දගම අයිතිකාර මාලුවන්ගෙන් විතරයි. 'මේක අපේ! දැන් ඔයා හිටියා ඇති!!' කියනවා වගේ වට කරගෙන- තුඩින් කොට-කොටා කිති කවන්න පටන් ගන්නවා... එතැනත් දිවිය ලෝකයක්!

      Delete
    2. මම පීනන්න ඉගෙන ගත්තේ පූල් එකෙන්. මැලේසියාවේදී.. ලස්සන චීන ගෑනු ළමයෙක් ඉගැන්නුවේ ... ෆ්ලෝට් වෙන එකයි යන්තම් පූල් එකේ දෙකොනට පීන ගන්නයි විතරයි පුළුවන්... කොහොමත් නහයෙන් ඉහලට වතුර තියෙන තැන් වලට බහින්න තරම් තාම විශ්වාසයක් නැහැ...

      Delete
    3. පැතුම්, මම දන්නා තරමට නම්, බයක් හිතෙනකොට මාංශ පේශි ගල් වෙනවා... එතකොට ෆ්ලොට් වෙන්නේ නැතිව යට යනවා. එතකොට පිහිනන්න අමාරුයිනේ....
      ඉතිං, ආත්ම විශ්වාසයෙන් වතුරට බහින්න කියලයි මට ඉගැන්නුවේ.

      Delete
  6. https://www.medicinenet.com/dislocated_shoulder/article.htm

    https://www.hindawi.com/journals/crior/2019/9320569/

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ,
      ගොඩාක් ගොඩාක් ස්තුතියි, මට මතක විදිහට දීලා තිබුණු වෛද්‍ය උපදෙස් තහවුරු කරගන්න මේ linksවලට ගියාම ඇහැක් වුණා. මේ දවස්වල ඒක ලොකුම උදව්වක්.... ගිගිරුම් සහිත වැසි හින්දා නලින්, අයස්මන්ත දෙන්නාවම අල්ලාගන්න තියෙන වෙලාවත් අඩුයිනේ.

      Delete
  7. මමත් කල්පනා කරන්නෙ මහරගම ඉන්න මනුස්සයට හිතේ හැටියට පීනලා, පාවෙලා එන්න ඔය ළඟ swimming pool එකක් හෝ public baths නැත්ද කියලා, දිය ඇලිවල ගිහිල්ල අත පය කඩාගන්නෙ නැතුව. පීනන එක හොඳම stress reliever එකක් තමයි. නමුත් ස්වාභවික පරිසරයේ පීනන්න අසාවට ලන්කාවෙ මිනිස්සු ගන්න ජීවිත අවදානම කොයි තරම් විසාලද.

    ReplyDelete
    Replies
    1. අපේ කට්ටියගෙම වතුරට තියෙන ආසාව හින්දා wal ප්‍රියන්ත එයාලගේ ගෙදර ස්විමින් පූල් එකක් හැදුවා අවුරුදු විස්සකට විතර කලින්. තලපත්පිටියේ නව රෝහල කිට්ටුව. කට්ටිය එතනට ගියාත් එක්ක පීනන්න. ඒකෙන් වුණේ විපත්තියක්. ව්නාඩි දහයක් විතර පීනලා බාබෙද්දෝ ටික බෝතලයක් කඩා ගන්න පටන් ගත්තා....
      එපාය කිව්වට ඇහුවේම නැහැ... මම කළේ එහාට පීනන්න යාම නතර කිරීමයි!

      පූල් එකෙන් වෙච්චි යහපත තමයි ප්රියන්තලගේ පවුලේ ඊළඟ පරම්පරාවම, නංගිල මල්ලිලාගේ- නෑයන්ගේ දරුවන් සේරම හොඳ පිහිනුම් හපන්නු වීම. තවමත් පූල් එක අපටත් විවෘතයි!

      හැබැයි පූල් එකක පිහිනීමයි, ඇලක දොලක පිහිනීමයි දෙන්නේ වෙන රසයන්...

      Delete
    2. පමුණුව පාරේ අරාබි ඉස්කෝල වත්තේ, අපේ ගෙවල් ඉස්සරහම ලොකු ක්‍රීඩා සංකීර්යණක් පිහිනුම් තටාකයක් හෙම දැන් ඉදිවෙමින් පවතිනවා. අවරුදු දෙකක් යද්දී විවෘත කරනවාත්ලු!

      Delete
  8. //බස්සා මහත්තයෝ. ඔයාට මතකයිද මේ දෙල්ගහවත්තේ දෙන්නා වගෙ තවත් පවුලක් සැඩවතුරකට බිලි වුණා වාහනයත් එක්කම. නුගේගොඩ ක්වින්ලන් එක ළඟම තිබුණු රෙස්ටෝරන්ට් එකක හිමිකරුවෝ.... මට නම මතක් වෙන්නේ නැ මේ මොහොතේ... එන්රිච් වගෙයි මතක.//

    නුගේගොඩ Tally Ho Restaurant

    ඩබල් කැබ් එක උඩවලවේ චන්ද්‍රිකා වැවේ පිටවානේදී ගහගෙන ගියා වගේ තමයි මතක.

    ReplyDelete
    Replies
    1. ඔය මතකෙ තියෙන්නේ, සෑම් මහත්තයාට තිතට.

      Delete
  9. මදෑ ඔයින් ගියා.
    මමනං කොහොමත් පීනන්න දන්නැති හින්ද වතුරට බහින්නෙ බොහමෙ පරිස්සමෙන්. මෙතෙක් කාලයක් ඈත ගිය ගමන් වලදි නිදි මහත්තයගෙ වගේම ඉන්න මගේ යාලුවො දෙන්නෙක් මම වතුරට බැහැල ගොඩ එනකල් මා ගැන සෑහෙන අවධානෙන් ඉන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම තමයි ප්‍රසන්න මහත්තයෝ, හැබෑ මිත්‍රයෝ!
      තවමත් පීනන්න ඉගෙන ගන්න පරක්කු නෑ. මම ඉගෙන ගත්තේ 30ත් පැන්නට පස්සෙයි.

      Delete
    2. Praසන්ன තාම පොඩි එකා තව කල් තියෙනවා ඉගෙන ගන්න..

      Delete
    3. @ පැතුම්,
      ලොකු උනාම පුරුදු වෙන්න හිතාගෙන ඉන්නෙ. හැක්..

      Delete
    4. ඉගෙන ගන්න වයසක් නැහැනෙ ප්‍රසන්න!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්