li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, May 20, 2021

සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස

එයාව බලෙන්ම ඉස්කෝලෙට දක්කනවා වෙනුවට....

ඔයාට ගරු කරනවයි කියලා, මට බොරුවට රඟන්න බෑ. හැබැයි, ඔයාලා නැති තැනදී මම වැඩියෙන් පරෙස්සම් වෙනවා- ඔයාල මාව පණ පිටින් තියාගන්න වෙන මහන්සියට කරන ගෞරවයක් විදිහට.” 

විකී බෝම් නෝනා මහත්තයා...
එක්කෝ ඒවා ඊළඟ කොටසෙන්ම කියන්නංකො!
කියලයි දෙවෙනි කොටස අවසන් කළේ.

විකී බෝම් නෝනා පොඩි කාලේ ඉඳලා තියෙන්නේ ඔස්ට්‍රියාවේ, වියානාවල. 1888 ඉපදුණු ඒ නෝනා ඉගෙන ගන්න කම්මැළි දැරියක් වෙලාලු හිටියේ. ඉතිං, අපේ රටේ අම්මල-තාත්තල වගේ නෙවෙයි, එයාගේ දෙමවුපියන් එයාව බලෙන්ම ඉස්කෝලෙට දක්කනවා වෙනුවට නිදහස දීලා.
“ඔයා ඉගෙනගන්න කැමති දෙයක් තෝරගන්න දුවේ. අපි ඔයාව එහෙම තැනකට යවන්නං.” අම්මලා විකීට කියලා.
අන්න මොළේ ඇති දෙමවුපියෝ. හැම ළමයම දොස්තර කෙනෙක් වෙන්න හරි ඉංජිනේරුවෙක් වෙන්න හරි ඉපදිලා ඉන්න එකක්යැ?

ඉතිං, අවුරුදු අටේදී වීණා වාදනේ ඉගෙන ගැනීම තෝරගත්තු ඒ දැරිවිය, අවුරුදු පහළොව වෙද්දී- අපූරුවට ඉගෙනගෙන ලේඛිකාවක් වෙලත් ඉවරයි. මටත් ඒ නෝනාව හම්බ වුණේ පොතකින්. හරියටම කියනවා නං 1959 සිංහලෙන් පළ වුණු අනුවාදිත පොතකින්. (ඒ පොතේ දෙවෙනි මුද්‍රණයකුත් ගොඩගේ එකෙන්  2001 වසරේදී පළ වුණා.)

ඒ රස වෑහෙන නවකතා පොතේ ප්‍රධාන චරිතය....

‘ගසක කඳුළු’ ඒ පොතයි. එහි මුල් කෘතිය The Weeping Wood.

ඒ රස වෑහෙන නවකතා පොතේ ප්‍රධාන චරිතය ‘රබර්’; වැලපෙන ගහේ කඳුළු!

‘මේ මැයි මාසේ පස්වෙනිදා - අපවත් තනි කෙරුණා
ගෙවල් අස්සටම - වෙලා ඉඳපියව්! නොකිය කියා හිටියා!’ විතරයි අම්මෝ, එක-එක දේවල් වෙන්න පෙළ ගැහුණා; හරිම වේගයෙන්. ඒවා වාර්තා කරලා තියන්න වටිනවා. මොකද ඒ හැම සිදුවීමකම ප්‍රධාන භූමිකාව ‘කොරෝනා’.

අවුරුදු පනහකටත් එහා පැත්තේ කියවපු අර පොත;
(සිරිබිරිස් උන්නැහෙයි මායි හොයන ‘ඇක්සයිස් පොතක අතින් ලියාගෙන රටේ තැනින් තැන සංසරණය වුණු ලිංගික උපදෙස් සහිත පොත’ නෙවෙයි, හොඳේ!)
හොඳටම හිතට කාවැදුණු අර දැවැන්ත පොත තමයි, මේ posts කීපය ලියන්න පාර පෙන්නුවේ.

ඒ පොතේ රබර් වගේ, මේ පෝස්ටු පෙළේ ප්‍රධාන චරිතේ ‘කොරෝනා’! 

ස්තුතියි විකී බෝම් මැතිණියනි, අනුවාදක ගරු ඌරාපොළ හිමියනි- ජී. හේමපාල විජයවර්ධන මහත්මානෙනි!

ඉතිං, මැයි පස්වෙනිදා හැන්දෑවේ ‘කොරෝනා’ තවත් හොර වැඩක් කරලා.... හොර වැඩක් කිව්වේ කොරෝනාගේ මැදිහත් වීම අනියමින් කෙරුණු නිසා. ඒ ගැන අපව දැනුවත් කෙරිලා තිබුණේ මහ රෑ මැද ආපු දුරකථන ඇමතුමකින්!

ඒ ළමයගේ වෙඩින් එක නේද... (foto- අපේ අනිල් මල්ලිගේ බාලම දියණිය සචිනිගේ මංගල ඡායාරූපවලිනි.)

“අනේ සර්, අපේ පොඩි දුවට අමාරු වෙලා හම්බන්තොට හොස්පිට්ල් එකට ඇඩ්මිට් කළා... පස්සේ මෙහෙන් ගාල්ලේ කරාපිටියට යවලා.....” දොස්තර මහත්තයාගේ ළඟම හිතවතෙක් (අපි එයාට විජේ කියමු!) කියලාය; රෑ දොළහට විතර.

“...ඒකෙන් වුණේ මට හරියට නිඳා ගන්නවත් බැරි වුණු එක නිමල් අයියේ. ඒ ළමයව කරාපිටියේ කාගෙ වාට්ටුවටද දැම්මේ, කවුද ඉන්නේ සේරම හොයා ගත්තා රෑම. එයාලට විජේගේ දුව ගැන ටිකක් බලන්න කියල කියන්න ඕනිනෙ!”

“අනේ දෙයියනේ!
ඒ ළමයගේ වෙඩින් එක නේද මේ මාසේ ගන්න හිටියේ..... ඊයේ රෑත් කොත්තු කඩේදී අසංග කිව්වේ- මනමාලයා ලංකාවට ඇවිත් දවස් ගාණක් තිස්සේ කොරන්ටයින් වෙවීය ඉන්නේ කියලත්...” මට කියැවුණේය.
“.... මාස තුන-හතරකට කලින් විජේ පමුණුවටත් ඇවිත් ගියා නෝනයි, ඔය ගෑනු ළමයයි එක්ක කර්ට්න් වගයක් හොයන්න. පීරිස් දන්නවද, එදා එයාලා අපේ  ගෙදරත් ආවා. එතකොටත් කියවුණා, අක්කල දෙන්නගෙ මඟුල් වගේම හරි ජයට එයාගෙ වෙඩින් එකත් ගන්න ඕනියි කියලා.”

“ඒක නේන්නං මනුස්සයො....
විජේ හොඳටම අඬනවා. කෙල්ල හරි හිතේ අමාරුවෙන් ඉඳලා තියෙන්නේ. කොරෝනා නිසා මංගල්ලේ සරුවට ගන්න බැරි වෙයි කියලා.....
ඒකමලු පහුගිය කාලේ දවස තිස්සෙම කල්පනා කර-කර හිටියේ. මතකනේ.... ගිය සැරේ මඟුලටත් එක්දාස් පන්සීයක් විතර හිටියනේ.....”

මොළේ ලේ නහරයක් පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා!

අවුරුදු විසිපහක තරුණියකට වුණත්, දැඩි මානසික පීඩනය නිසා මෙහෙම ඇබැද්දි වෙන්නට ඉඩ තිබෙන බව දොස්තර අයස්මන්ත මහත්තයා කියයි.

“තත්ත්වය එච්චර හොඳ නෑ අයියේ.... මොළේ ලේ නහරයක් පුපුරලා අභ්‍යන්තර රුධිර වහනයක් වෙලා තියෙන්නේ..... සමහර වෙලාවට මොළේට කාන්දු වෙලා තියෙන ලේ අයින් කරන්න operation එකක්ම කරන්න වෙයි. දන්නවනේ, ඒවා සිරා ඔපරේෂන්.... ඔපරේට් කරන්න තරමට තත්ත්වේ දරුණු නොවේවා කියලා ප්‍රාර්ථනා කරන එක විතරයි අපිටත් දැන් කරන්න පුළුවන්.....”

ඉතිං හිතන්නකෝ, එහෙම දේවල්ය මැයි 6 වෙනිදා උදේ, අපට නිඳි ඇඳන්වලින් බහින්නේවත් නැතිව කතා කරන්නට වුණේ. අපට තේ ගෙනාවේ, හරියටම ඒ හෝරාවේය.

“මචං, අද තේ එක නං වෙනදටත් වැඩිය රසයි වගෙ නේද?” නෙවිල් තේ කෝප්පයේ වරුණ කිව්වේ, තොලට තියා ගන්නටත් කලින්ය. සගයා ඊට හපන් එකෙක් නෙවැ.
“රසයි නේදත් අහනවා. ගාණට කහට... ගාණට සීනි... හොඳ ගාණට රස්නෙත්...” එයාත් උඩගෙඩි දෙයි. කාමරයේ තිදෙනෙකු නැවතිලා සිටින නිසා තේ තුනක්ම ගෙනැවිදිනි. මගේ ‘ෆාස්ටින් බ්ලඩ් ෂුගර් test’ එකකුත් කෙරෙන්නට තිබියදී මට තේ බොන්නට ඉඩක් නැත.

ඒ වග පත්තරේ දමලා නැහැනෙ, ඒකයි- තේ තුනක් ගෙනෙන්න ඇත්තේ!

“හලෝ දොස්තරයෝ. දැන් තමුසෙම කිය-කියා හිටියා නේද මානසික අවපීඩනේ ගැන. ප්‍රශ්න ගැන දිගට කල්පනා කරන්න හොඳ නැතිය කියල... එච්චර දන්න තමුසෙලත් දැන් හදන්නේ, මාව පිස්සෙක් කරන්නනේ..... ඕනි බම්බුවක්! පිස්සෙක් වෙනවට වැඩිය හොඳයි, test රිපොර්ට්ස් අල කර ගන්නවා.... ඔන්න මාත් මගෙ තේ එක බොනවා!!”
මගේ රංගනය කොතරම් තාත්වික වීද යත් දොස්තර මහත්තයා හොඳටම කලබල වුණේය.

... සමාජ පරතරය පවත්වා ගැනීම කොරෝනා මර්දනයේදී අතිශය වැදගත්ය! (චමින්ද දිසානායකගේ නිර්මාණයකි.)

“අඩෝ නෙවිල් අයියෙ.... ඔය ටෞකන්නට තේ එක ගන්න දෙන්න එපා..! ඕකා බීලා දමයි!!”

එයාලා හිතන තරමටම මං වහන්සේ මෝඩ නැත; හිතුවක්කාරත් නැත; පරෙස්සම් නොවී ඉන්නෙත් නැත.

සැර කොරෝනා වයිරස ප්‍රභේද පැතිරෙමින් තිබෙන හෙයින් අඩු තරමින් මාසයක කාලයක් අනවශ්‍ය ගමන් බිමන්වලින් වැළකී සිය නිවෙස්වලට වී..... දැඩි ලෙස පරෙස්සම් විය යුතුය!
එහෙම කියලා තිබුණේ පොඩි කෙනෙක් නෙවෙයි.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයේ වෛද්‍ය පීඨයේ අසාත්මිකතා
,ප්‍රතිශක්තවේද හා සෛල ජෛව විද්‍යා අධ්‍යයන අංශයේ ප්‍රධානී ආචාර්ය චන්දිම ජීවන්දර මහත්තයා. 

ඒ වගේ තත්ත්වෙකුත් තියෙද්දීය, අපට හම්බන්තොට යන්න වුණේ.

“මේකයිනෙ නිමල් අයියෙ. කොරෝනා කියලා අනෙක් ලෙඩවලට බෙහෙත් නොකර හිටියොත් හරි යන්නෑනෙ. මිනිස්සු කී දෙනෙකුට දැනටමත් දියවැඩියාව වැඩි වෙලා තියෙනවා ඇද්ද.... ඇස්වල සුද හොඳටම වැඩි වෙලා ඇද්ද? හාට් පේෂන්ට්ලා... ඒ අස්සේ විජේගෙ කෙල්ල වගේ තව කී දාහක් stress එක නිසා එක-එක ලෙඩ හදාගෙන ඇද්ද? කොරෝනා- කොරෝනා කිය-කියා ඒකෙම ටැපලිලා හිටියම හරි යන්නෙ නැහැනෙ අයියේ....”

ඒකත් ඇත්තය! ඒ වගේම තව වැදගත් ඇත්තකුත් තිබේ.
අප නොහිතන විදිහේ මැරෑටි හපන්කම් කරවන්නටත් කොරෝනාවට ඇහැකිය.

“ලොකා ඔයාට චූටි නංගී කතා කළාද?” අපේ මානෙල් නංගී ඇහුවේ අප හම්බන්තොට එන්නට කලින්ය.

“නෑ මානි! ඇයි, හදිස්සියක්ද?”
“ඒකිට පිස්සු ලොකා.... තවම සමන්තිටවත් කියල නෑ, මං හිතන්නේ. චූටිමයි මට කිව්වේ....” සමන්ති, දීපානි දෙන්නාම එංගලන්තයේ හිටියත් නිතරම මානෙල් එක්ක කතා කරති; ඒ අක්ක-නඟාලගෙ රහස්- උවන්දිරම් සේරම හුවමාරු කර ගනිති. අන්තිමට එවැනි දේවල් (මතකයි නේද? අලුත් මනාල
ජෝඩුවම හවුලේ ගිලින පෙති බිව්ව හැටි!) මට ළඟා වෙන්නේ මානෙල් හරහාය. 

මට කොරෝනා හැදුණොත් මගේ ළමයි පස්දෙනා- කියලා චූටි නංගිට හෝ ගාලා ඇඬිලා!

“මොනවද කිව්වේ?”

“චූටිගෙ උගුර කසන්න අරං... හෙම්බිරිස්සා ගතියකුත් දැනුණලු. ඒකිට දෙයියෝ සිහි වෙලා... -අනේ! මටත් කොරෝන හැදෙන්න තමයි එන්නෙ, අනෙ, අනේ... එහෙම වුණොත් මගේ ළමයි පස්දෙනා- කියලා ඒකිට හෝ ගාලා ඇඬිලා.... ලොකා දන්නවද ඒ සැරේ මේ මොට්ටි කරල තියෙන දේ?”

“එයා තමුසෙටනේ කියල තියෙන්නෙ, ඉතිං, මං කොහොමද යකෝ දන්නෙ?” මං
එහෙම ‘යකෝ’ වගේ දේවල් කියන්නේ තරහෙන් නොවේ. නළවා-ලෙළවා ආදරණීය tone එකකිනි. (මගේ ඒ නිපුණතාව ගැන ‘
ආදර පූජාසනේ’ posts කියවූ ඔබට යළිදු කිව යුතු නැත.) 

“...චූටි නංගී හොරෙන්ම සැනිටයිසර් බෝතලෙන් ටිකක් උගුරට විදගෙන....”

වාසනාවටය මොකුත් වෙලා නැත්තේ. චූටියා මේ තරමටම ළිං ගෙම්බියක්ද?         
එංගලන්තයේ සන්නිවේදන ක්‍රම අපට වඩා දියුණුය; යාවත්කාලීනය; තොරතුරු හංගනවා අඩුය; විවෘතය.
එහෙම රටක ඉඳගෙනත්, දරු පස් දෙනෙකුගේ අම්මා වෙලත් දීපානි නංගී තවමත් පරිණත වෙලා නැද්ද?

“කොහෙද? ඒකිට වෙලාවක් තියෙනවය, ලෝකේ වෙන දේවල් ගැන දැනගන්න.... චූටිගෙ වැඩේම සුදිත්ටයි, ළමයින්ටයි කැමැති-කැමති දේවල් උය-උයා දිදී ඉන්න එකනෙ... ලංකාවේ වුණත් අපේ අම්මණ්ඩිලා වැඩි හරියක් එහෙමනෙ. දවසම උයයි.... එක්කො තමුසෙ වගේ කෙහෙල්මල් ටෙලි නාට්‍ය බල-බලා ඉඳියි!”

“අනේ, ඔයා කියන තරං මම ඔව්වා බලන්නෙ නෑ ලොකා.... ඔයා වගේ ලෝකෙ වටේම වෙන දේවල් හෙව්වේ නැතත්, මට මේ ගමේ-වටේ තියෙන කෝලං දැනගත්තම ඇති ලොකා!” මානෙල් නංගිත් ඉඳහිට ඔහොම hints පාස් කරන්නියකි!

මිනිස් සංහතියම හැකිතාක් දැනුමෙන් පෝෂණය විය යුතුය....

කවුරු කොහොම කිව්වත් මං නං හිතන්නේ මිනිස් සංහතියම හැකිතාක් තොරතුරු දැනගෙන; හැකිතාක් දැනුමෙන් පෝෂණය විය යුතු බවයි.

දැනුමෙන් පෝෂණය!
අපට රැකෙන්නට; පවතින්නට හැකි වෙන්නේ එහෙම දැනුවත් වීමෙන් පමණකි.

මැයි 6 වෙනිදා උදේ කෑම ගන්නා අතරේදී, මගේ දෙනෙත් සතුටු කඳුළෙන් නෑවුණේ එහෙම දැනුමැති පුතෙක් ගැන ඇහුවාමය. අයස්මන්ත, නෙවිල් දෙන්නා කෑම මේසයට වාඩි වෙද්දී මං කළේ, කෑම බෙදාගෙන සුජානි නංගිලාගේ සාලයෙන් වාඩි වෙන එකය.

“ඇයි නිමල් අයියේ, ඔයාත් අර මේසෙටම වාඩි වෙලා බෙදාගෙන කන්නකෝ!” සුජානි නංගී ඇහුවේ මං එහෙම ඈතින් වාඩි වෙනවා දැකලාය.

“ඉස්සර වගේ නෙවෙයි නංගී. දැන් කාටවත් පෙනෙන්න ඉඳගෙන කෑම කන්න මං අකැමතියි. ඇඟිලි ලෙඩ දෙන හින්දා හැන්දෙන් කෑම කෑවත්- හැට පැයක් හපන්නත් වෙලානෙ තියෙන්නේ දත් වහල්ල දුර්වල නිසා! දකින කෙනෙකුට අප්‍රසන්න බව දැනගත්තාම, තමුන් දැන ගන්න ඕනිනෙ මොනවද කරන්න ඕනි කියලා....”

“ඔයාට නං පිස්සු නිමල් අයියේ.... ඉන්නකො එහෙනං මාත් මෙහෙන් වාඩි වෙන්න. අපි දෙන්නා අඹ කයියක් දාගෙන කමු..... ඔයාට තව මොනවා හරි ඕනි නං මට කියන්න, හොඳේ!” කියලා සුජානි නංගී මට තනි රකින්න ගත්තා.

අද රටට ඕනෑ කරන්නේ Sanjula වැනි දරුවන්ය.

ඒ අඹ කයියෙදියි කියැවුණේ, සුජානි නංගිගේ මල්ලිගෙ පුතාත් A/L විභාගයෙන් හොඳට සමත් විත්තිය.

“අපිටත් හරි සතුටුයි නිමල් අයියේ. ඔයාට කියන්න කොල්ලා ඉගෙන ගන්න හරි දක්ෂයා! ඔයා දන්නවද මේකා මොන්ටිසෝරියේ final දවසෙ කියපු කතාව?
-දැන් මොන්ටිසෝරි ඉවරයි!
ඊළඟට ඉස්කෝලේ. ඊට පස්සේ campus නේ තාත්තේ.-
එච්චරට උනන්දුවෙන් හිටියේ studiesවලට....”

ඒ කතාව මගේ බොක්කටම වැදුණේය!
පහුවදා උදෙන්ම මං කළේ
Sanjula Gathsara ගැන fb එකෙන් සොයා බැලීමය.

එහෙම කළේ සංජුල ගැන විස්තරයක්, මේ බ්ලොගයෙන් හිතාදර පාඨක ඔබටත් කියන්නට හිතුණු නිසාය; හරියටම කියනවා නං Sanjula ගැන නොවේ- ඒ දරුවාගේ කෙරුවාව ගැන කියන්නටය.

දැනටමත් ඔබ දනියි.
පමුණුව කිව්වාම රට පුරාම ප්‍රසිද්ධය. මුලදී නිකම්ම තිබුණු පමුණුව ‘පාංකඩ පමුණුව’ වුණෙත්, ටිකෙන්-ටික ‘පාංකඩ’ විශේෂණය හැළී ගියෙත්, මගේ ඇස් පනාපිටය.
එහෙම ප්‍රසිද්ධවූ පමුණුවේ රෙදි බිස්නස් කරන්නට බැස්ස උදවියගේ පවුල්වලින් බිහිවෙන වැඩි හරියකුත් එයින් එහාට නොගිය බව මම දුටුවෙමි.
අපේ රට පුරා ත්‍රී වීල් රස්සාව කරන අයගෙත් එහෙමය. නිකමට හොයා බලන්න. තාත්තාගේ තුන්සකේ රස්සාවටමය පුතාලාත් බහින්නේ.

හෙට රටට නොව, අද රටටත් ඕනෑ කරන්නේ එවැනියන් නොව Sanjula වැනි දරුවන්ය.

විද්‍යා ශිෂ්‍ය සංගමයේ උප ලේකම්- නියෝජ්‍ය ප්‍රධාන ශිෂ්‍ය නායක- තාරකා විද්‍යා සංගමයේ ලේකම් වගේ තනතුරු-වගකීම් උසුලන අතරේමය, මාතර රාහුල විද්‍යාලයයේ උගත් සංජුල පුතා ගණිත අංශයෙන් සිරි ලංකාවේම 18 වෙනියා වෙමින්, මාතර දිස්ත්‍රික්කයෙන් තෙවෙනියා ලෙස අපොස උසස් පෙළ සමත්වී තියෙන්නේ.

ඒ වාර්තා දැක්කාම.....

His ambition is to learn Robotics.... කොල්ලා අවුරුදු 15දී ජනාධිපති සම්මානයකුත් දිනාගත්තා, අලි වෙඩිල්ලක් හදලා. එහෙම වෙලත් ඒකා හරිම නිහතමානියි, අයියේ. ඒකනෙ වැදගත්...”

“නියමයි, සුජානි නංගී...” මට හීල්ලුණේ නිකම්මය.

“ඇයි නිමල් අයියේ.... හූල්ලන්නේ?”
“එහෙම වෙලා, කවදා හරි ඒ දරුවත් අන්තිමට නවතින්නේ පිටරටක තමයි.... මට ඒක කල්පනා වුණා!”
“ඉගෙනගෙන පිටරටකට නොයා මෙහෙ මොනව කරන්නද? ඉගෙන ගත්ත තරමටම ගැළපෙන රස්සාවල් හම්බ වෙනවද අයියෙ මේ රටේ. රස්සාවක් හම්බ වුණත්
කොන්ද කෙළින් තියාගෙන වැඩ කරන්න ඉඩක්...?” 

ඒ ප්‍රශ්නයට උත්තර නං දෙයියන්වත් දන්නවා වෙන්නට බැරිය. සමහර විටෙක සංජුල දන්නවා විය හැකිය, දැන්ම නොකිව්වාට. මට එහෙම හිතුණේ 2021 මැයි 5 වෙනිදා හැන්දෑවේ සංජුල පුතා මුහුණු පොතේ මෙවන් සටහනක් ලියා තිබෙනු දුටුවාමය!

8 A’S and 1 C for O/L’s…. It’s nothing…. This is A/L…. Come and Enjoy….. Go beyond the system….. It tries to drive you but you drive it…. Think Different! Be dIFFERENT!
මට නම් මසුරං වටින්නේ මෙවැනි එඩිතර උදානයන්ය!

ඒ පුතණ්ඩියා එවන් වාර්තා තියද්දී අපට විතරක් නිකං ඉන්නට පුළුවන්ද? අපිත් ඔන්නොහේ වාර්තා තැබුවෙමු. ඒ වෛද්‍ය වාර්තාය. ඒවා දැක්කාම......

ඔව්, ඔව්! උදේ දහයාමාරට විතර ඒවා දැක්කාම අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ අයස්මන්ත පීරිස් මහත්තයාගේ සිරසට යක්ෂ සේනාධිපතියෙකුම ආරූඪ වුණේය.

“ඈ xත්තො, තෝ අපට හොරෙනුත් බීල-බීලා, බතුත් කෙළලා ඇරලත් තොගේ රිපොර්ට්ස්සුත් මෙහෙට ආවම හොඳයි. මුගෙ ඊට හපන්.... මූත් පැණිරස ගිලලා; මුගෙ හූනියන්කාර ආදරණීය මානෙල් නංගි අපිටත් ගිල්ලවන පිටි-සීනි කෑම සේරම කාලා ඇවිල්ලත් මුගෙ reportsසුත් හොඳයි..... යකෝ.... බලාගෙන ගියාම මටනේ පිස්සු!”

දොස්තර මහතාට එලෙස කියවුණා වුණත්, එහෙම වෙන්නට ඇත්තේ කිමද කියා වටහාගන්නට වෙර දැරීමක නියැළෙන්නටත් අපි අමතක නොකළෙමු.

කොරන්ටයින් අවදියේදී හුදෙකලාව මකා ගැනීමට ගස්-ගල්-බිත්ති අමතා හෝ කතා කිරීම සාමාන්‍ය දෙයකි. එහෙත් ඒවා ප්‍රතිඋත්තර දුන්නොත්.....

“මුගෙ ගැන නම් කතා කරලා වැඩක් නෑ පීරෝ... මේකා හම්බන්තොට එන්න දවස් ගාණක් තියලා හිටු කියලා කිරාත කොළ ගිලිනවනේ... ඔන්නං බලපං- දැනුත් මුගෙ bag එකේ කිරාත කොළ නැද්ද කියලා....” නෙවිල් කෙළින්ම චෝදනා පත්තරේ කියවමින් පෙරමුණ ගත්තේය.

“ඕයි. කිරාත කියන්නේ හීන් බිං කොහොඹ. කොරෝනාවලට හදන සිංහල බෙහෙත්වලත් වැඩියෙන්ම තියෙන්නේ ඒවාලු.... සීනි බහින එකම විතරක් නෙවෙයි, කිරාතවල තියෙනවය කියන්නේ... අනික ඔය තමුසෙලා බනින තරමට මම කෑදර නෑ. හැබැයි, කවුරු හිටියත් මට යමක් කන්න හිතුණොත් කනවා... ඒත්, දන්නවද මම කී දවසක් පැය 16 ගණනේ fasting කරනවද කියලා....”

ඒ වෙලාවේ මගේ උත්තරේ තවත් දිගය. ඒ සේරම මෙතැනට අදාළ නැත. “....එහෙනං නෙවිල්... තමුසෙම කියනවකො තමුසෙගෙ රිපොර්ට්ස් හොඳ වුණේ කොහොමද කියලා. තමුසෙ මොනාද කළේ?” 

“ඇති, ඇති..... යුෂ්මතාලගෙ කයිවාරුව! තොපි දෙන්නම එකයි..... නෙවිලෝ, මේකට නං කියල වැඩක් නෑ මචං... මම කල්පනා කළේ...., උඹේ blood pressure එක නඟින්නෙ රස්සාවයි, අම්මයි දෙකම හින්දා වෙන්න පුළුවන්.....” පීරිස් කිව්වේ බැරෑරුම් හඬකිනි.

“වෙන්නත් පුළුවන් පීරා!
දන්නවද... මේ දවස්වල අපේ සයිට් එකට ඇවිත් ඉන්නේ xxxxxxx පැත්තේ ගමක set එකක්. කිසිම උගත්කමක් නෑ මචං. එදා-එදා විතරයි ජීවත් වෙන්නේ... ගෙවල්වලට යනකොට ගෙනියන්න කීයක් හරි ඉතිරි කරගනිල්ල කිව්වට අහන්නෙත් නෑ..... වියදම් සල්ලි නෙවෙයි, දවසේ පඩියම දුන්නත් උන්ට මදි. පට ගාලා වියදම් කර ගන්නවා.
දවස තිස්සෙම නැහිල-නැහිලා ගන්න සල්ලිත් වියදම් කරගෙන හවසට බොනවා.... බීලා කෙළ ගන්නවා.
කොහෙන් හොයා ගන්නවද මන්දා මචං.... උන් ගමේ ඉඳලා ඇවිත් දවසෙන්-දෙකෙන් ගංජත් හොයා ගන්නව වෙන්ඩෝනෙ මෙහෙන්....
උන්ගෙන් වැඩක් ගන්න නං පස්සෙන්ම ඉන්න ඕනි... ඒ මදිවට, හරියට සිංහලවත් බෑ. තෙලිඟුලු....”

එයාලා එන්නැත්තෙ අහිගුණ්ටික ගමකින් වෙන්නැති!

“තෙලිඟු කතා කරනවයි කියන්නේ අහිගුණ්ටික ගමකින් වෙන්නැති!” ඒ ප්‍රදර්ශනය කෙරුණේ නිමල් දිසානායකගේ සාමාන්‍ය දැනීම හා හොම්බ නොදා සිටින්නට ඇති නොහැකියාවයි.

“... යුද්දෙ කරලා ගෙදර යනකොට අම්මා! මම බයේ ඉන්නේ මචං... කොච්චර කිව්වත් අහන්නෙ නෑනෙ බං.
වත්තෙ ගස්වල මල් කඩාගෙන අහල-පහළ ගෙවල්වලට යනවා බෙදන්න... ඒ මිනිස්සුන්ට පූජා කරන්න මල් නැහැල්ලු. හැබැයි, අපේ එක්කෙනා මලක්-පහනක් පූජා කරන්නෑ මතක ඇති දවසක....
ඔහොම ගිහිල්ලා වැටිල ඔත්පොල වුණොත්! ..... ඇඳේමයි විඳවලා මැරෙන්න වෙන්නේ.... එපා කිව්වම අහන්නනෙ බැරි.
මට යකා නැඟපු තැන, මම වත්තේ තිබිච්ච මල් ගස් සේරම කපල දැම්මත් එක්ක....”

කාලෙකට පස්සේ, නෙවිල් එච්චර දිගට කතා කරනවා පෙනුණේ එදාය.

“...සේරටම හපන් පීරා, දැන් ගොඩක් වෙලාවට එයාගෙ මතකෙත් මාව නෑ. හවසට බලාගෙන ඉන්නෙත් මං එනකල් නෙවෙයි. මම ගෙනියන බනිස් දකිනකල්.... දැක්ක ගමන් අහන්නේ -බනිස් ගෙනාවද- කියල විතරයි.....”

අනිච්චේ, දුක්ඛේ, සංසාරේ! ඒ උදාහරණය කොට්ටාවෙනි.
මේ පමුණුවෙනි!

ලාවතී අක්කා ඉන්නේ අපේ පාරෙමය. (‘ලාවතී’ කියව්වේ නමෙන් කෑල්ලක් විතරය.) ඒ මනුස්සයා ඇහැරෙන්නේ හිමිදිරි පාන්දරය. First of all ඒ අංගනාව අපේ අතුරු පාර ඉස්සරහටම යයි.
අපේ පාරේ උදවිය
ගෙවල්වල කුණු ගෙනිහින් දමන්නේ එතැනටය. 
පමුණුව පාරේ වාහනවලින් යනෙන ‘හැබෑ ශ්‍රී ලාංකේය පුරවැසියෝ කොටසකුත්’ සාඩම්බරයෙන් එයාලගේ කුණු මලු අර කුණු ගොඩටම වීසි කරගෙන යති. ලාවතී අක්කා එතැනට පාද යාත්‍රාවේ යෙදෙන්නී අර කුණු මලු සියල්ල එකක් නෑර පිරික්සා බලන්නටය.

ඈ එලෙස යන්නී, එක හැරමිටියක් හා එක අත් වාරුවක් බැගින් දෑතේ රුවාගෙනය; ගාටමින්ය; කොන්ද වකුටු කරගෙනය. එතැන......

25 comments:

  1. එකටම ඇවිත් කියවන්නට ලැබුණා ය
    කිරාතා ගැණත් වතගොත හෙව්වා ය
    වෙන මොක නැතත් කට කෑවත් කිව යුතුය
    අදනං චීත්තවාහිනියක් ලියලා ය

    ReplyDelete
    Replies
    1. දැනගෙන මෙලෙස ලියවෙන බව හුටප්පර
      මුලදීම කියා, සතියක බව ලකුණු කර
      ලිව්වේ විත්ති, covid ලොකු චරිතෙ කර
      පේනව නේද තත්ත්වේ අතිභයංකර

      Delete
  2. කෝවිඩ් නිසා සාමාන්‍යයෙන් ලංකාවේ මගුල් හා අවමගුල්වලට කරන අති විශාල වියදම්නම් අඩු වුනා නේද?
    මටත් වෙඩින් ඉන්විටේශන් නොලැබීම හා ලැබුනත් නොයාම වගේ හොඳක් වුනා. අකමැතිම දෙයක් වෙඩින් (ට්‍රිප් එකක් වගේ යන කොළඹින් ඈත පැතිවල තියන ඒවා හැර )

    ReplyDelete
    Replies
    1. මගේ විශ්වාසය නම් Pra Jay, විවාහය කුඩා උත්සවයක් ලෙස ගෙන, අඩුම ගානෙ දෙවෙනි සංවත්සරයවත් එළඹෙන තෙක් හිඳ ලොකු උත්සවයක් ගත යුතු බවයි. කැමතිම නං- සල්ලිත් තියෙනවා නම්. එහෙම කියන්නට හේතුවත්, මෙන්න ඇත්ත කතාවකින්ම.

      මගේ සුමිතුරු ඡායාරූප ශිල්පී උදේනි අල්විස් වතාවක් කිව්වා, සමහර කපල්ස්වල 'මංගල ඡායාරූප ඇල්බමය' හදාගෙන යනකොට එයාලා ඩිවෝස් වෙලත් ඉවරයි කියලා.
      (හැබැයි, එයා එහෙම කියපු තැන හිටි අපි දෙන්නගෙම යාලුවෙක් එතකොට කිව්වා -මචං, උඹ සමහර ඇල්බම් ඉවර කරගෙන යනකොට ඒ මිනිස්සුන්ගෙ දරුවොත් බඳින වයසට ඇවිත්නේ- කියලත්!)

      මටත් හුඟාක් වෙඩින්ස් හරිම බෝරින්, වැඩියත්ම කණ පැලෙන සද්ද නිසා..

      Delete
  3. මේ කාලේ කසාද බඳින කපල් හෙන ලකී. අපි වෙඩින් වලට ගත්තු ලෝන් තාම ගෙවනවා හෙහ් හෙහ් ..

    ReplyDelete
    Replies
    1. පැතුම්, අද foto එක දැම්මට සචිනි-ෂෙහාන් දෙන්නගෙ දෙවෙනි වෙඩින් ඇනිවසරි එකයි අද තියෙන්නේ.

      මනාලියගේ වමත පැත්තෙන් ලඟින්ම ඉන්නේ ඒ පවුලේ දෙවෙනියා; ප්‍රමෝද්‍ය. ඊළඟට ලොක්කා, අකලංක. එයා තමයි මේ බ්ලොග් සයිට් එක හදලා දුන්නේ සහ සේරම කියලා දුන්නේ.
      වඩා වැදගත් ඒවා නෙවෙයි.

      මේ අප්‍රේල්වල සචිනිට- අකලංකට- එයාගේ බිරිඳට; තුන් දෙනාටම කොරෝනා හැදුණා. එයාලගේ අම්මා ආසාදිත වෙලා ඉන්න අතරේ මේ ගෙවල් දෙකටම ඇවිත්. ජෝඩු දෙකටම බිලිඳු දරුවෝ දෙන්නෙකුත්... අම්මයි, පුතයි, ලේලියි, දුවයි හතරදෙනා නිරෝධායන මධ්‍යස්ථාන තුනක කොටු කෙරුණා!
      ගිය වතාවේ පෝස්ටුවෙන් කියපු අපේ මිතුරන් දෙන්නා වගේ නෙවෙයි, අකලංක දන්නා හැමෝටම කොරෝනා පණිවිඩේ දුන්නා.... මටත් කිව්වා මේ අවට හැමෝටමත් ඒ විත්තිය කියන්න කියලා. එයාලා ඉන්නේ අපට lane එකකට එහායින්- එක්සත් සුබසාධක මාවතේ.

      Delete
  4. චූටි නංගි රටේ ලෝකේ දේවල් හොඳට දැනගෙන තමයි සැනටයිසර් ගහන්න ඇත්තේ. ඒක ට්‍රම්ප් මහත්තයා රෙකමදාරු කරපු බෙහෙතක්නේ!. ඉතින් පොඩ්ඩක් උගුරට ස්ප්‍රේ කලාට වරදක් වෙන එකක් නැහැ.

    මටත් කොරෝනා එන්නත ලබා ගන්න කියලා ලිපියක් එවලා තිබුනා. දැන් අවුරුදු 50-59 අතර මැන්ටල් වලට තමයි එන්නත දෙන්නේ. ඉතිං, මමත් පෙරේදා ගිහින් ගහ ගත්තා. ඒක නිසා මට සති අන්තේ සැනටයිසර් ටිකක් උගුරට දාගන්න තියන වරප්‍රසාදයත් අහිමි උනා.

    ReplyDelete
    Replies
    1. ගෙදර ඉන්න මටත් සැනිටයිසර් බෝතල කිහිපයක්ම ලැබුණා. මං ඒවා හොඳ වෙලාවට වෙන-වෙන අයට දීලා දැම්මේ. නැත්තං බීලා බලන්න හිතෙයි... ට්‍රම්ප් උන්නැහේත් කිව්වා නං නාක් වෙන්න බැහැනෙ.

      Sam, 50-59 කියන්නේ මැන්ටල් වයසක්ද? ඔහොම ඒවා රහසේ කියනවා මිස මෙහෙම ප්‍රසිද්ධියේ කියන්න එපා, මහත්තයෝ. එහෙම කිව්වාම අපිට මොනවද වෙන්නේ...

      Delete
  5. එන්නත් මාත්‍රා දෙකම විද්දාට පස්සේ ඇගපත රුදාව මහන්සිය අතේ කැක්කුමක් වැනි අටෝ රාසියක් අතුරුආබාධ ගොඩදෙනෙකුට ඇවිල්ලා කියලා කියනවා. මටත් ඔය රෝග එකක් දෙකක් දැනෙනවා. නිරන්තරයෙන් මුඛාවරණ දමන් ඉදිල්ලෙන් මොළයට සිරුරට අවශ්‍ය ඔක්සිජන් අඩුවෙන් ලැබිමත් එන්නතේ අතුරුආබාධ ගොන්නට එක හේතුවක් වෙන්න ඇති.

    ReplyDelete
    Replies
    1. අසංග, එක-එක්කෙනාට ආපු අතුරු ආබාධ එක-එක විදිහයි. (එකම දවසේ එන්නත ගත් හුඟ දෙනෙකු දන්නා-හඳුනන, තොරතුරු කතාබහ කරගන්නා උදවිය නිසා චීත්තවාහිනියට සේරම තොරතුරු වාර්තා වුණා. දෙවැන්න ගත්තාමත් එහෙමයි.)
      අපේ කට්ටියගෙන් නම් කාටවත්ම එච්චර අසීරුතා දැනුණේ නෑ. ඒ තියා මේ හංකඩේ වගේ ඉන්න මාත් ඔරොත්තු දුන්නනේ!

      Delete
    2. අසංග, එන්නතේ අතුරු අබාධත් මේ රෝගය වගේම තමා. කිසිම වේදනාවක් අපහසුතාවයක් නැති තත්වයේ සිට මරණය දක්වා පරාසයක මේ රෝගය සහ එන්නතේ අතුරු ආබාධ පැතිරී තියනවා. මගේ ලොක්කාට එන්නත ගහලා දවස් දෙකක් අත හොල්ලන්න බැරුව හිටියා. ඒ උනාට මට එන්නත ගහනකොටවත්, (කටුවෙන් අනින කොට එන වේදනාව දරා ගැනීමට සුදානම් උනත්, 'ඔක්කොම හරි' කියලා නර්ස් කියනකනුත් මට ඉඳි කටුව අතට ඇනෙනවා වත් තේරුනේ නැහැ), ඉන් පසුව වත් අමාරුවක් තිබුනෙම නැති තරම්. ඒ උනාට මේ වෙනකොටත් ඕස්ට්‍රේලියාවේ 26 දෙනෙක් විතර එන්නත නිසා රෝහල්ගත කරලා තියනවා.
      ලංකාවේ මේ රෝගය සහ එන්නත් වල හොඳ නරක ගැන මහජනතාවට උපදෙස් දෙන්නේ උදය ගම්මන්පිල, ජොන්ස්ටන් ප්‍රනාන්දු වගේ හාල්පාරුවන් උනත්, ඕස්ට්‍රේලියාවේ මේ ගැන හොඳ නරක වාර්තා කරන වැඩ සටහන් වලට කරුණු ඉදිරිපත් කරන දෙතුන්දෙනා අතර මහාචාර්ය සංජය සේනානායක කියලා ඔසියෙකුත් ඉඳීම අපිට ආඩම්බරයක්.

      Delete
  6. ඔය කියල තියෙන සාමාන්‍යයි කියලයි කියන්නෙ. ඒත් බොහොම සුළු පිරිසකට, ඇත්තම අතුරු ආබාධ ඇවිත් තියනවා. තමන් ඒ සුළු පිරිසට අයිතිද, නැත්ද කියල දැණගන්න වෙන්නෙ එන්නත් විදගත්තාම තමා.

    ReplyDelete
    Replies
    1. ඔයා හරි බස්සා මහත්තයෝ! සීයට ගණන් වශයෙන් කියන්න දැනුම මදි. අපට එන්නත් කළ මධ්‍යස්ථානයෙන් බෙහෙත විදගත් එක්කෙනෙකුට නං දිගටම පාචනය තිබුණු බව ආරංචි වුණා... දන්නවනේ මගේ හැටි, මට හිතුණේ ඒ මනුස්සයා ගූ බයේ ඉන්න ඇති කියලයි.

      පීනන්න වෙන්නේ වතුරට බැහැලමනේ!

      Delete
  7. නිමල්ගෙ චූටි නංගිගේ විස්තරේට පස්සෙ සංජුල ගැන විස්තර ලියපු එක හොඳයි. සමහර වෙලාවට වැඩිහිටියන්ට අමතක වෙනවා පොඩි අයගෙන් අපට ඉගෙනගන්න පුලුවන් දේවල් තියෙන බව.

    ගැහැනු ලමයින්ගෙ ඔලුවට පොඩි කාලෙදිම ජීවිතේ එකම අරමුණ හොඳ විවාහයක් කරගෙන ලස්සන පවුලක් හදාගෙන ඉන්න එක කියලා දාන එකත් ඔය වගේ පස්සෙ කාලෙක රට තොට ගැන අවබෝධයක් නැතුව ටෙලි නාට්ටියක් විතරක් බලාගෙන ඉන්න යොමු වෙන්න හේතුවක්. ඒක හොඳ අරමුණක් තමයි, නමුත් ඊට වඩා higher purpose එකක් ජීවිත් තියෙන්න පුලුවන් කියලා තේරුම් ගන්නෙ නැති නිසා ඒගොල්ලො stuck වෙන්න පුලුවන්. තමන් තනියම ඉන්න කාලෙ කරපු විනෝදාංශ, වෙනත් දක්ශතා වගේ දේවලුත් විවාහයේ නමින් සමහරු අත් හරින නිසා ඒ සයිඩ් එකෙන් සතුටක් ලැබෙන එකත් නැති වෙනවා. Voice SL බලද්දි මම ඉතාම අගය කරන දෙයක් තමයි පොඩි ලමයි තමන් කැමති දේ කරන්න, කැමති විදිහට අදින්න, කොන්ඩෙ කපන්න යම් ප්‍රමාණයකට නිදහසක් ලැබිලා තියෙන එක වගේම- ඒක ඒගොල්ලන් සංගීතය වගේ දෙයක් pursue කරන්න යොදවලා තියෙන එක.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම Lotus, අපේ චූටි නංගී, සංජුල ගැන වගේම අර xxxxxxන් ඇවිත් වැඩ කරන පිරිස ගැනත් එකම දවසේ කියන්න ලැබීම වාසනාවක්. ඒවා එක ළඟ දවස් දෙකකදී කියැවුණු තොරතුරුනේ. මානෙල් නංගී ගැනත්...

      චුට්ටක් හිතනකොටම මට පේන්නේ ඒ ඒ අයගේ ජීවිත අරමුණුවල වෙනස....
      ලංකාවේ හුඟ දෙනෙකු හිතන්නේ එයාලා ඉපදිලා ඉන්නේ කසාදයක් බඳින්න- දරුවෝ හදන්න - එයාලගේ අනාගතය හදලා දෙන්න කියලා විතරයි. තමන්ටත් හරවත්- රසවත් දිවියක් ගෙවන්න අයිතියක් තියෙනවා කියලා හිතන්නේ කීයෙන්-කී දෙනාද?
      ඇත්තමයි, මොන්ටිසෝරි අධ්‍යාපනය ඉවර වෙන දවසේ; ඒ වයසේදී sanjula කිව්ව කැම්පස් කතාව මොන තරම් අධිෂ්ඨානශීලී එකක්ද?

      මම හරිම ආසයි අපේ දරුවෝ හැමෝම ඒ වගේ අය වෙනවා නං...

      Delete
  8. This comment has been removed by the author.

    ReplyDelete
  9. කොරෝනා දවස්වල ststress ආව තව දන්න අය ඉන්නවද අය්යේ

    ReplyDelete
  10. Replies
    1. මෙහෙමයි දිමුතු නංගි, මේ ලියන්නේ සුමානෙක විස්තරනෙ. ඒ දවස් හතේ වෙච්චි දේවල්වලින් හොඳම හරිය- අරන් ලියන්නේ නීරස නොවෙන්න.
      ඉතිං සමහර ඒවා පිළිවෙලටම නෙවෙයි, කරුණු අනුව ගලපන්නත් වෙනවා. හරිම විදිහට බලනවා නං තවම කියැවුණේ මැයි 5 හා 6 දින දෙක ගැන- 6 වෙනිදායිනුත් කොටසක් ගැන විතරයි. ඉස්සරහට තව තියෙනවා..... එතකොට බලන්නකො....

      Delete
  11. “ඉගෙන ගත්ත තරමටම ගැළපෙන රස්සාවල් හම්බ වෙනවද අයියෙ මේ රටේ” - අනිවාර්යයෙන්ම වෙනස්විය යුතු දෙයක්. ඉගෙනෙගෙන රස්සාවක් ගන්න නෙවෙයි රස්සාවල් ගොඩක් දෙන්න අපි දරුවන් උනන්දුකල යුතුයි. ඉගෙනීම තුලින් වුර්තිකයන් (Proffesionals) විතරක් හදලා මදි. ව්‍යවසායකයිනුත් (Entrepreneurs) හදන්න ඕන

    ReplyDelete
    Replies
    1. චමි, අපේ රටේ අධ්‍යාපන ක්‍රමය වෙනස් කරන්න යන කතාවක් දැක්කා.... දරුවෙකුගේ ඉගෙනීමේ කාලයත් අවුරුදු 12 කට සීමා වෙනවලු.
      හැබැයි ඔය නීති හදන අය මව්කිරි බීපු, ඉගෙනගත්තු, පොළොවේ පය ගහලා ඉන්න අය වෙයිද මන්දා.

      Delete
    2. මට හිතෙන විදිහට ලමයින්ට පොලොවේ පයගහලා ජීවත්වෙන්න පුරුදු නොකරන්නේ දෙමවුපියෝ. අද ලමයින්ව හදාවඩන්නේ කූඩුකරපු වටිනා කුරුල්ලෝ වගේ. දෙමවුපියෝ නැතිදාක ලමයි ජීවිතේට කොහොම මුනදෙයිද කියලා දෙමාපියෝ හිතන්නේ නෑ.

      Delete
    3. දැන් ඉන්න මිනිස්සු මැරෙන බවක් නොදන්නා අයනෙ චමි!
      අමතක වුණා, ඔයාගේ පෝස්ටර් නිර්මාණයට ස්තුතියි, හොඳේ.

      Delete
  12. මිනිස්සු බය උනාම අපේ ලොකු කතා අදාළ නෑ.. හරක් ගොම නාන්න, හරක් මුත්‍රා බොන්න, පැණි බොන්න, අරිෂ්ට බොන්න, ස්ටීම් කරන්න, නැත්නම් ඔය ඔක්කම කලවමේ කරන්න විතරක් නෙවෙයි සනිටයිසර් උගුරට ගහන්න, සබන් වතුරෙන් තත්පර විස්සක් උගුර හෝදන්න ඔය වගේ ඕනි විගඩමක් කරන්න පුළුවන්. නිවැරදිව දැනුවත් කිරීම් කරන එක, පැහැදිලි උපදෙස් ලබාදීම, ජනතාවගේ විශ්වාසය දිනාගත්ත පිරිසක් මේ දේවල් සම්බන්දව කටයුතු කිරීම වගේ දේවල් තමයි ඕකට විසඳුම. අනික රජයෙන් ගන්න ඇක්ෂන් වල විනිවිදභාවය. 'අපිව බලාගන්න කවුරුත් නෑනේ' කියල හිතුනොත් තමයි මිනිස්සු පුළු පුළුවන් විදියට තම තමන්ව බලාගන්න යන්නේ

    ReplyDelete
    Replies
    1. අනේ මහත්තයෝ, දැනුවත් වීම පැත්තෙන් නං අපි ඉන්නේ ලෝකේ හොඳම තැනක.
      2021 මැයි 10, නිවේදන අංක-21/115 යටතේ ජනාධිපති මාධ්‍ය අංශයෙන් නිකුත් වුනු වාර්තාවට අනුව රුපියල් 67,543,967.00ක් කොරෝනා දැනුවත් කිරීමේ වැඩ සටහන්වලට වියදම් කරලාලු!
      ඉතිං මොකටද බය වෙන්නේ....

      ඒ නිවේදනයේ හැටියට 'කෝවිඩ් -19 (ඉටුකම) සෞඛ්‍ය හා සමාජ ආරක්ෂණ අරමුදලට රු.1,752,402,793.24ක් ලැබිලා තියෙද්දී තමයි අරහෙම වියදම් කරලා තියෙන්නේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්