li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, May 14, 2021

සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස

එහා කොණේ හිටියේ තමිර... (තමිරයි, දර්ශියි, පුතා තිවේනුයි....)

    දයි          නොදයි  කියා කෑවත් කට     දනවා
   බොයි නොබොයි  කියා බීවත් වෙරි  වෙනවා
   ඇයි         හොඳයි  වුණත් කලකදි දුර  යනවා
   දොයි      බබොයි  කියා නළවන්ටත් වෙනවා.
පුරාණ කවියක් මතක් වුණා! ඒක තිබ්බේ සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය පොතේ 337වෙනි පිටුවේ. 

ඔය කවිය නිතර මතක් වෙන්ට ගත්තේ, සුමානෙකට කලින් ඉඳලා.....
නිදිගෙ පංච තන්තරේකියවන ගරු-ගම්භීර පාඨක භවතුන්නං දැනටමත් දන්නවා නිදි කියන්නෙත්, කවියට කැමති දුක්ගන්නා රාළකෙනෙක්ය කියන විත්තිය.
වසන්ත බණ්ඩාර දුක්ගන්නාරාළඋන්නැහේට නං ඒ නම පරම්පරාවෙන් ඇවිදිල්ලනේ. මට ඒ නම ඇවිත් තියෙන්නේ කෙරුවාව හින්දා වගෙයි. ඒ කෙරුවාව හින්දා වෙන්නැති, හැමදාමත් රටේ-තොටේ වෙන දේවල් ගැන මං වහන්සේ up-date වෙන්නේ අඩුම මහන්සියකින්; කිසිම වියදමක් නැතිව.

කිව්වනේ අර නළවන විත්තිය තියෙන කවිය නිතර සිහි වෙන්න ගත්තේ, සතියකට කලින් හිට කියලා; ඒ කිව්වේ 2021 මැයි 5 වෙනිදා ඉඳලා.

ඔන්න එදා උදේ හයයි කාල වෙද්දී දවසේ පළමුවෙනි call එක. එහා කොණේ හිටියේ තමිර.
නිමල් අයියේ good morning, ඔයාලා පමුණුවේ කොහාටද වැටෙන්නේ....තමිර හර්ෂක ඇහුවා.

අර බූරු වහන්සේගෙ කොම්පියුටරේ ලෙඩ දිදී තියෙන්නේ.... උගෙ birthday එකට laptop එකක් දෙන්නයි අපි කතා වුණේ..... එයා අලුත් ගැජට්වලට කැමති නෑ.... ළිං ගෙම්බා වගේ මිනිහනෙ. තමිරට තමයි එයාට ලැප් එක ගැන කියල දෙන්න වෙන්නෙ. හැබැයි ඉතිං යකෙක් බැඳ ගත්ත වගේ තමයි. උඹට ඌ කියන-කියන වෙලාවට ඇවිත් එයා අහන දේවල් කියල දෙන්න වෙයි!
2020 ඔක්තෝබර් මාසේදී අයස්මන්ත
, නෙවිල්, ගවීන්, මර්වින් එහෙම කතාවෙන තැන තමිරත් ඉඳලා. (එයාම තමයි මට ඒ විත්තිය වාර්තා කළෙත්.) මට ගැළපෙන laptop එකක් තෝරන්නත්, ගේන්නත් පැවරිලා තියෙන්නෙත් තමිරට. ඒ තමිර IT ඔස්තාද් කෙනෙක් නිසයි.

දැන්වත් අර ලඩිය මුහුදට දාලා.... (දානවා නං දාන්න ඕනි පිඹුරත්තෑවේ වැව වගේ ලස්සන තැනකට!)

ඔක්තෝබර් දෙවෙනිදා රෑ දොළහ පහුවෙන තත්පරෙත් ඒ කට්ටියම අපේ ගෙදරදී ලෝක අමද්‍යප දිනය සමරමින් හිටියේ. තුන්වෙනිදාට ලැබුවා විතරයි, ‘මෙහාට වරෙන්! අපිට foto එකක් ගන්න ඕනි.මධුවිත මිශ්‍ර විධානයක් නිකුත් වුණා. 

එතකොට, මම කුස්සියට යමින් හිටියේ කෝපි හදන්න.
ඉතිං තමුසෙලා අරගන්නවා.... මෙහෙම කලවැද්දා වගේ ඉඳගෙන මට fotoවලට ඉඳිතෑකිදකමිසයක්වත් නොදා 
foto ගන්න.... එහෙනං පොඩ්ඩක් ඉන්නවාමම කමිසයක්වත් දාගන්නකං.... එපා? එපා නම් මට බෑ! දන්නවනෙ, මගේ විදිහ.

එහෙම බෑනෙ නිමල් අංකල්. Birthday boy නැතිව අද foto අරගෙන හරි යනවද?” ගවීන් කිව්වා.
ඔව්, ඔව්. තමුසෙ අපේ foto 
චීත්තවාහිනියට දැම්මට අපි මේවා fb දාන්නෑ.... බය වෙන්නෙපා... නෙවිලුත් දුවලා ඇවිත්, මාව සාලෙටම ඇදගෙන යන ගමන් කිව්වා. (තගකුත් දැම්මේ පස්සේ.) එතකොට තමයි තමිර එයා එද්දී ගෙනාව කළු බෑග් එක අයස්මන්ත මහතා අතට දුන්නේ.

මෙන්න අපෙන් බර්ත්ඩේ ප්‍රසන්ට් එකක්... දැන්වත් අර ලඩිය මුහුදට දාලා මේකට පුරුදු වෙනවා...කියමින් අයස්මන්ත අර බරැති කළු bag එක මගේ අතෙන් තිබ්බා.

මොකක්ද මේ?”
ටෞකන්නෙ නැතිව ඇරල බලනවකො...

මූ යකාගේ බඩුවක්නෙ මචං... තෑග්ගක් දුන්නම ඇරලා බලන්නෙ නැතිව, මොකක්ද කියලා අපෙන් අහනවා.
ඔව්, ඔව්... ඇරලා බලන්නකො, නිමල් අයියෙ!එහෙම කියපු තමිර තමයි, මේ අවුරුද්දේ මැයි පස්වෙනිදා පාන්දර මට කතා කළේ.

ඇයි, ඔයා news බැලුවේ නැද්ද?
“... ඒ මොකටද තමිර... කොහාටද වැටෙන්නේ කිව්වේ...මට ඒ ප්‍රශ්නය හරියට තේරුණේ නෑ. ඒකයි එහෙම ඇහුවේ.

ඔන්න බොලේ එකට උත්තර දෙනවා වෙනුවට, තමිරගෙන් තවත් ප්‍රශ්නයක්.
ඇයි, ඔයා news බැලුවේ නැද්ද?”
තවම නෑ මහත්තයෝ.

පමුණුවේ කොටසක් lockdown කරලා.... ඔයාලවත් අහු වෙලාද?”

ඔහොම ප්‍රවෘත්ති දැන ගන්නට නං විශ්වාසබල්ම තැන අපේ ගේට්ටුව ගාව සංගමේ. ඒත් පාන්දරම නිසා තවමත් එය රැස්වී නොමැත. මම අල්ලපු ගෙදරට එබී බැලුවෙමි. දේවිකා නංගි ජංගමයාගෙන් කතාවකය. ඉන්න ඉන්න නිමල් අයියෙ, call එක ඉවරයි. අපේ සාන්ත අයියා කතා කළේ.... අපිවත් ලොක්ඩවුන් එකට අහු වෙලාද බලන්න...

ඒක අහගන්නම තමයි මාත් එබුණේ....

ඉක්මනටම; එක දිගටම ‘breaking news’ ගලාගෙන එන්නට වුණේය.
සාහිත්‍ය චක්‍රවර්ති ඩබ්ලියු.ඒ. සිල්වා ශූරීන් ඉන්නට තිබුණේ අදය. එහෙනං
කැලෑහඳේ- නිකිණියානේ විදුලි කම්බියකොච්චර අකාර්යක්ෂමදැයි එතුමා පසුතැවෙනු නියතය.
දේවාල පාර වහලා.’ - ‘නවරෝහල පැත්තෙන් පමුණුවට එන්න දෙන්නෑ.’ - ‘දෙල්ගහවත්ත හරියෙන් එහාට විතරයි ලොක්ඩවුන් එකට අහුවෙන්නේ.... අපිට අවුලක් නෑ!

ඒ අතරවාරයේ ළබැඳියන්ගෙන් එක පිට එක calls ගලාගෙන එයි.
ගෙදරට ඕනි කරන හාල් තුනපහ තියෙනවද?’ - ‘අඩුපාඩු මොනවත් තියෙනවා නං කියන්න!’ - ‘අවුලක් නැහැ නේද?’

ඔබටත් මටත් පමණි මේ දාමය බිඳ හෙළිය හැක්කේ!
අපේ ගෙවල් හරියේ සිට බලද්දී දේවාල පාර පෙනෙයි. එයට ඇතුළුවෙන තැන හරහා එල්ලෙන ඇතුළුවීම තහනම්බැනරයකි. ඇතුළු වෙන්නට මිස, පිට වෙන්නට තහනම්ය කියලා බැනරයේ නැහැනෙ. දේවාල පාර ඔස්සේ පිඹගෙන එන මෝටර් සයිකල් කිසිම පැකිළීමකින් තොරව, අර බැනරයට යටින් රිංගයි. මිනිසුනුත් එහෙමය.....

කියන සිංහල තේරිලා නැතිවා වගේ ඔන්න බොලේ ඊළඟට මිනිසුන් දේවාල පාරට ඇතුළු වෙනවාත් එක්කය. ටිකකින් පමුණුව පාර දිගේ කඩාගෙන ආ වාහනයක්, ඒ වේගයෙන්ම දේවාල පාරට දැම්මේය. බැනරය පැත්තකින් කැඩුණේ; පැත්තකින් එල්ලෙමින් අයිනකට වුණේ, දැන් තටු හකුළාගෙන ඉන්නා වාමාංශික සහෝදරයන්; සිංහයන් වගෙය.

දේවාල පාරේ ලෙඩ්ඩු ගොඩක් ඉන්නවලු.
ඇයි, චන්දන උද්යානේ.....
අතන ඉන්න සිකියුරිටි පොලිසියට කියලා, බැනර් එක කඩාගෙන වාහනේ ගිය එක.

දේවාල පාර තියෙන්නේ අපේ අතුරු පාර ඉස්සරහින්මපල්ලමට වෙන්නටය. එහි වඩාත් ජනාකීර්ණ ඉසව්ව තියෙන්නේ ටිකක් ඈතට වෙන්නටය.
වෛරස්වලට දුරේ ගණනක් නැත! වීසා නැතිවම ඉන්දියාවෙන් එන අලුත් වෛරසය සුළඟින් පවා පැතිරෙනවාලු! ආයෙමත් තහංචි නිවේදනයක් එල්ලුණේය.... ඒ එක්කම...

ඒ එක්කම වුණේ අපේ ගෙවලුත් lockdown ඒරියා එකට වැටෙන එකය. අපේ වසමේ ග්‍රාමසේවක නෝනා මහත්තයා අප තහනම් කලාපයේ නොවෙන බව තේරුම් කරලා, මෝබයිලයෙන් පණිවුඩ එව්වත් වැඩක් නොවුණු එකය. අල් ගෆූරියා විදුහලේ (මුස්ලිම් පල්ලියේ ඉස්කෝලේ) ගේට්ටුව ඉස්සරහින්ම අලුත් බැරියර් එකක් ස්ථාපිත කෙරුණේය.

ඒවායේ අංගනාවෝ පිරිසක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි... (මේ හිඟුරක්ගොඩ ළඳුන් මෙන්...)

තමුන්ගේ පරෙස්සම තමුන්ම සලස්සා ගන්ට ඕනි!කිව්ව ජයවොාාාාාඩනයුගය හමාරවී ගොඩක් කල්ය. ඒත් ඒ පාඩම නං අපට අමතක වෙලා නැති පාටය; විසේසෙන්ම අපේ අතුරු පාරේ අයට....

Dead end එකකින් කෙළවර වෙන මේ අතුරු පාරේ ගෙවල් පහළොවක්වත් නැත. ඒවායේ අංගනාවෝ පිරිසක් වහාම ක්‍රියාත්මක වෙන පරිදි බලය අතට ගෙන, අපේ පාරට ආගන්තුකයන් ඇතුළුවීම නොනිල වශයෙන් තහනම් කළහ; බැනරයක් එල්ලලා නොවේ. පාර හරහට ලණුවක් ඇදීමෙනි.

ලණුවක් විතරක් තියෙන නිසා හොඳය. ලණුව මැදින් තහනම්අකුරු පින්තාරු කෙරුණු රෙද්දකුත් අමුණලා තිබුණා නං....

මගේ කුප්පිදු ඇහැට මැවිලා පෙනෙන්නේ, ඒකට යටින් අපේ අතුරු පාරේ උදවිය රිංගලා එන විදිහයි. එහෙම වුණා නං, මට ලියවෙන්නේ පාරේ නිවැසියෝ රෙද්ද උස්සා එයට යටින් රිංගා එතිකියලාය. ඔහොම අසික්කිත දර්ශන මනසින් නිර්මාණය කර ගැනිල්ලත් මගේ එක පුරුද්දකි!

අලුත් බැරියර් එකේ අරුම අමාරුවඉස්සෙල්ලාම දැනුණේ මිසිස් කුටිලාන්ටය. අපේ ගෙදර උඩ තට්ටුවේ ඉන්නේ එයාලයි.
හරි වැඩේ දේවිකා... අපේ අම්මා වැටිලා. ඉස්පිරිතාලේ නවත්තලාලු. කොහොම හරි ගිහිල්ලා එන්න වෙනව අනේ, බැරියර් එකෙන් යන්න දෙයිද මන්දා කිව්වම! අපේ එක්කෙනා උදෙන්ම වැඩටත් ගියා. පමුණුව lockdown කරපු බව අපි දන්නෙ පස්සෙනේ....

ඒ සාකච්ඡාව මගේ කණට වැටෙන අස්සේ, පාර කෙළවරේම ගෙදර ගෘහිණිය, ලණුව උස්සලා පාරට ඇතුළු වෙනවා ඇස්දෙකට වැටිණි..... දේවිකා නංගී හිටියේ අපේ ගේට්ටුව ළඟය.

බැරියර් එකෙන් ඔයාට එන්න දුන්නද?” දේවිකා නංගී අර කාන්තාවගෙන් ඇසුවාය.
ඇය පෞද්ගලික රෝහලක සේවය කරන හෙදියකි
; හොරෙන්ම අපේ පාරේ 
පදිංචියට ආවේ කොරෝනා එනකොටමය!
ඒකනෙ මෙයා. අපි ආවේ හොස්පිටල් එකේ වාහනේක. මාව ඇරලවන්න ආවයි කියලවත් ඒකට මෙහාට එන්න දුන්නේ නෑනේ.... වැඩි දුර නැති නිසා කමක් නෑ.... බැරියර් එක ළඟින් බැහැලා, මායි දුවයි පයින්ම මේ ටික ආවා....

පැන්නා හතර මුල්ල... ඒක දැක්ක ගමන්.. (තිලක් ප්‍රියන්ත, දේවිකා නංගී හා දූලා)
ආනේ! එහෙනම් අපේ ප්‍රියන්තටත් හරි වැඩේ වෙන්නේ.... එයා හන්දියට ගියා ත්‍රී වීල් එකත් අරන්. ඔය විදිහට නං, එයාටත් බැරියර් එකෙන් එන්න දෙන එකක් නෑ...දේවිකා නංගී සැමියා ගැන විස්සෝප වෙන අතරේ ලණුව ඉස්සුණේය; පාර ඇතුළට දැම්මේ තිලක් ප්‍රියන්තගේ තුන් සකයයි.

මෙයාලගේ ඉස්පිරිතාල වාහනේටවත් බැරියර් එකෙන් එන්න දීලා නෑ... ඔයා කොහොමද අනේ එතැනින් ආවේ?”

පැන්නා හතර මුල්ල... ඒක දැක්ක ගමන්, මට එන්න දුන්නා....තිලක් ප්‍රියන්ත දේවිකාට කියන්නේ රඟමිනි.

හෙදිය තවමත් ප්‍රියන්ත ගැන දන්නේ අඩුවෙනි. යන්නට එසවූ පයත් ආපසු බිම තියලාය, ඇය හැරුණේ. එහෙම කළාම එන්න දුන්නා? මොකක්ද දේවිකා හතර මුල්ල පනිනවා කියන්නේ...?”
ඇයට උවමනා වෙන්නට ඇත්තේ
, ඒ ක්‍රමය ඉගෙන ගෙන බැරියර් එකෙන් ඇතුළු වෙන්නටය.
මෙයාට පිස්සු අනේ.... මෙයාගේ කෝලං ඔයා තවම දන්නෑ!
දේවිකා නංගිගේ කතාවෙන් පස්සෙය හෙදිය ගෙදර ගියේ.

ට්‍රීන්... ට්‍රීන්... ට්‍රීන්....ට්‍රීන්.....!

ඔන්න නිමල් අයියේ ආයෙමත්.... අද ඉතිං නිමල් අයියට නිවනක් වෙන එකක් නෑ....
ඔව් දේවිකා නංගී... යන්තං විනාඩි පහයි ටෙලිෆෝන් එක කෑ නොගහ තිබුණේ...

යුෂ්මතා නානවද?”
පිස්සුද පීරිස්.... තාම හිතුවෙවත් නෑ... අපිව lockdown කරලනේ...
ඒකම තමයි මාත් කතා කළේ. ඔයාලවත් වහලද? එතකොට හෙට හම්බන්තොට යන එකට මොකද වෙන්නේ?” දොස්තර මහත්තයාගේ ඒ ප්‍රශ්නය ඇසුණු ගමන්ම, මම කල්පනාවේ ගිලුණෙමි.

කුරුල්ලන් දෙන්නෙකු හෙළා ගන්නට try කළ නිසා....
දැනටමත් ඒ ‘Monthly රූටින්එක සතියක් පමා වෙලාය. එහෙම වුණේ එක ගලෙන් කුරුල්ලන් දෙන්නෙකු හෙළා ගන්නට try කළ නිසාය.

මේ සැරේ එහෙ ගියාම මාවත් specialist කෙනෙකුට පෙන්නමු කියලයි පීරා කිව්වේ.... මේ මාසෙම මගේ ප්‍රෙෂර් එක වැඩිනෙ හලෝ! ඒක හින්දද මන්දා, සැර ඔළුවේ කැක්කුමකුත් තිබ්බා දවස් දෙක තුනක්ම...කියමින් නෙවිලුත් බලාගෙන හිටියේ හම්බන්තොට යන්නටය. “... සිකුරාදා උදේටලු මාව බලන ඩොකා ඉන්නේ....

අපරාදේ කියන්නට බැරිය. පීරිස්-නෙවිල් දෙන්නා එවැනි වෛද්‍ය වාර්තා මගේ ඉදිරියේ දිග හරින්නේ අඬුපඬු කපා දමලාය; කොළේ වහලා, බර හෑල්ලු කරලාය.
ඕක මොකක්ද නිමලෝ, කැබිනට්ටුවටත් කොකා පෙන්නල පනත් ගේනවය කියන්නේ ඔය විදිහටනේ... උඹට ඔය reports ගැන නොකියන්නේ, උඹ හැම ඉලව්වටම හේතුව බොන එකයි කියලා නිගමනේ දෙන නිසා...”  අපේ ළබැඳි මිතුරෙකු ඒ කොළේ වහලා ගහනකිරියා පටිපාටිය විග්‍රහ කළේය.

අද රෑ එහෙ ගියොත් අපිට සිකුරාදා හවස් වෙනකල්ම එහෙ ඉන්න වෙනවනේ.... එතකොට නෙවිල්ට නිවාඩු? එයාල අම්මා?” මං කල්පනා කළේ ඒ ගැනය.
ඊට හපන්, අද උදේ නං මෙහෙ බැරියර් එක ළඟට ගිය හුඟ දෙනෙකුට බැනලා පන්නලා....ඔයාගේ වාහනේටවත් ඒකෙන් එන්න දෙන එකක් නෑ මහත්තයෝ.

මටවත්?” දොස්තර මහත්තයා ඇසුවේය.
පස්සේ බලද්දී එයාටවත් වාහනය ඇතුළු කරන්නට ඉඩ දීලා නැත.
“... මම ආවේ පොල්වත්ත පාරෙන් එන්න බලාගෙන. නව රෝහලට යන්නයි කිව්වාමත් පමුණුව පැත්ත වහලා හින්දා ඇඹුල්දෙනියට ගිහින් යන්න කිව්වා.හවස අයස්මන්ත මහත්තයා කිව්වේය. ඊළඟට මේ ටිකත්...

අපේ ලොකු කෙල්ල A/L පාස්.... ලොකූට Medical Collage යන්නත් පුළුවන්. (දූලාගේ සතුට!) 

“....අපි හෙට හරි, අද හවස හරි එහෙ නොගියට නං මට ප්‍රශ්නයක් නෑ. හැබැයි නෙවිල් අයියව ඉක්මනට පෙන්නන එකත් වැදගත්... මම හොයල බලන්නං එයාව අදම පෙන්නගන්න පුළුවන්ද කියලා...  යුෂ්මතාව පෙන්නන එකත් miss කරගෙන බෑ....

ආ... අපේ ලොකු කෙල්ල A/L පාස්.... ලොකූට Medical Collage යන්නත් පුළුවන්. මම එයාලට ලම්ප්‍රයිස් පාටියක් දෙන්න යන ගමන්, හම්බන්තොට staff එකේ ඩොකාලට ගෙනියන්න ලොකු කේක් දෙකකුත් ගත්තා Fab එකෙන්... ඒකත් අපරාදේ වෙනවා අපි නොගියොත්...

ඒ මනුස්සයා එහෙමමය. මට උපකාරී වෙන හම්බන්තොට රෝහලේ වෛද්‍ය කාර්ය මණ්ඩලවල සාමාජික-සාමාජිකාවන්ගේ හිත සතුටු කරවන්නට වියදම් කරන්නෙත් එයාමය!

එහෙනං මම නෙවිල් එක්කත් කතා කරගන්නං... අද රෑ වෙන්නේ නැතිව හවසටම යමුද කියලා... එතකොට වැඩ සේරම කරගෙන හෙට හවසම එන්න පුළුවන්නෙ.... බැරියර් එක ළඟට ගිහින් විස්තර කියලා අහගන්නං, මට එතැනින් යන්න දෙනවද කියලත්... අහන්න ගියයි කියලා එයාලා මාව මරන්නයැ?”
ඒ කිව්වා වගේම
, මම බැරියර් එක ළඟට ගියෙමි.
මගේ වෛද්‍ය වාර්තා- සටහන් පොත් එහෙමත් අරගෙන
, හැකි උපරිමයෙන්ම තටු හකුළාගෙනය.

එතැන රාජකාරියට සිටියෝ, ජනතා ප්‍රශ්න වටහා ගැනීමේ බුද්ධියෙන් යුතු- හැබෑම කරුණාවන්ත මහත්වරුය. (සමහර විට මේ අසරණයාගේ මූණත් තහඩුවයි, අවිහිංසක කතාවයි දැකලා ඒ නිලධාරීන් හිත උණු කරගත්තා වෙන්නටත් පුළුවනිය.)
ඔයාව එක්කරං යන්න එන දොස්තර මහත්තයට මෙතනට එන්න කියන්න. ඒ වෙලාවට ඔයාටත් පුළුවන් මෙතනට ඇවිත් වාහනේට නඟින්න.... යන වෙලාව දාගන්න අද හවසට කලින්. මොකද, අපි අද හවසට duty මාරු වෙනවා!

සාමාන්‍ය ජනතාවගේ නාඩි වැටෙන හැටි....  
ඒ කඩුල්ල පනින්න ඇහැකි විය. දැන් බේරා ගන්නට වෙන්නේ දෙවැන්නය.

එහෙනං නිමල් අයියේ අද හවස යමු... මම නෙවිල් අයියව පෙන්නන්න තියෙන ඩොක්ටර්ටත් කතා කළා. Luck එකට පොර හවස PP එකේ ඉන්නවා රෑ අට වෙනකල්. ඉතිං අපි අටට කලින් හම්බන්තොට ඉන්න ඕනි. නෙවිල් අයියගෙන් අහන්න 4.45 වෙනකොට එයාල ගෙදරට ආවොත්, ලැහැස්ති වෙලා හිටියැකිද කියල.... මම four thirty වෙද්දී බැරියර් එක ළඟට එන්නං.... එහෙම කළොත් අපිට වැඩ සේරම කරගෙන, හෙට හවසම ආපහු එන්න පුළුවන් වෙයි....
අයස්මන්ත මහත්තයා යෝජනා කළේය.

ඒ යෝජනාව ගැන දැනගත්තාම එහෙන්-මෙහෙන් සංශෝධන එහෙමත් ඉදිරිපත් වුණේය.

නිමල් අයියට ඇඳුම් bag එකත් උස්සගෙන එතන්ට යනවට වැඩිය ලේසියි, දොස්තර මහත්තයට සුබසාධක පාරෙන් ඇවිත් මෙහාට එන්නයි කියන්නකෝ.
නැත්තං නාගහවත්ත පාරෙන් ඇවිත්....

ඒ අස්සේ-මුල්ලෙ පාරවල් පීරිස් මහත්තය දන්නෙ නැතිවත් ඇති. නැතත් මට ඔය ටික යාගන්න එක එච්චර අමාරු නෑ. ඔන්නං ටිකක් වෙලාව යයි.

අන්තිමේදී පෙනුණේ මං ඒ සංශෝධනවලට කැමති නොවීම හොඳයි කියලාය. එහෙම කිව්වේ 20 හරි ගියෝතින් සේරම ප්‍රශ්න විසඳෙනවාය කියලා 2/3 දීලාත් අපේ විස්ස පරවෙච්චිනිසා නොවේ. Lockdown කරවන බලධාරීන්ට සාමාන්‍ය ජනතාවගේ නාඩි වැටෙන හැටි අසුවී තිබුණු හින්දාය.
දැන් ඕන්න අතුරු පාරවල්වලත් පොලිසියෙන් ඉන්නවා....හතරාමාරට කලින් breaking news එකක් ආවේය!

අයස්මන්ත මහත්තයා වෙලාවටම වැඩය.

මම ඔය අනිත් අය වගේ නෙවෙයිනේ. අකුරට වැඩ!
මං වාහනයට නඟිද්දී එයා බැස්සේය. බැරියර් එකේ සේවය කරමින් හුන් නිලදරුවන් හමු වන්නට ගියේය. මොනවාදෝ කියලා ආපසු ආවේය. ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ මොන වගන්තිය ඔස්සේද රාජකාරියේ ඉන්නේ කියලා ඇහුවද?” මං ඇහුවේ ඔලොක්කුවටය, පළමුවර පාද යාත්‍රා ගමනෙදී දමාගත් වලිය මතක් කරමිනි. 

මම එයාලට thank කළා.... හෙට හවස එනකොට එයාලම හිටියොත් නිමල් අයියව ගෙදරටම drop කරන්න හිතාගෙන එහෙම කළේ.... අපි එහෙමයි! සාදර අනුග්‍රහය... ටිං ටිං දොස්තර අයස්මන්ත පීරිස්ගෙන්...

නෙවිල් අනුරසිරිලාගේ ගෙදර ළඟ ඉඳලා අධිවේගී මාර්ගයේ කොට්ටාව පිවිසුමට යනකල්ම දොස්තර මහත්තයාත්, මමත් කිසිම කටකමසිරියාවක් නැතිව ආක්‍රෝශ-පරිභව බෙණෙමින් ගියෙමු.
ඇයි ටෞකන්නෝ, තොට කිව්වේ පාරට එන්න කියලා නේද? බලපංකො අටට කලින් හම්බන්තොටට යාගන්න බැරි වුණොත්.....

සුක්කානම කරකවමින්ය ලෝකල් නසාර්උත්තර දෙන්නේ.
මම ඔය අනිත් අය වගේ නෙවෙයිනේ. අකුරට වැඩ!
අකුරට වැඩ වෙන්නෙ කොහොමද xත්තො? මං උඹට කිව්වනේ අපි බැරියර් එක ළඟින් පිටත් වෙනකොටම පාරට එන්න කියලා..... කෝ, ආවද? ගෙදර ගේට්ටුව ළඟට එනකල්ම ඌ නෑ!

මෙයයි මචං මට කිව්වේ, එයා ගෙදරින් පිටත් වෙනකොට මට කෝල් එකක් දෙනවයි කියලා... ඒක දුන්නද කියලා එයාගෙන්ම අහපං...
ඔව්! ඔව්!! මමම call කරන්න ඉතිං, බැරියර් එක ළඟට land phone එකත් උස්සං පලයංකො,  මට වෙන වැඩ නැතිවට.

ඔහොම රණ්ඩු-දබර හින්දා highway එකේ යද්දී ‘wal ප්‍රියන්ත හිතවතාගේ නිඳිමතට බේත; බැදපු කඩලඋවමනා වෙන්නේ නැත. විශේෂයෙන්ම නෙවිල්ට. වාහනයක් එළවද්දී මිනිහාට නින්ද යන්නේ නැත. අනෙක දැන් ඒ හාදයාට දඩාවතේ යන බල්ලන්ගෙන් තිබුණු ආකර්ශනයත් නැතිව ගිහින්ය! මෝටර් බයිසිකලයේ යද්දී වගේ ඉවනොදැනෙනවාත් වෙන්නැති. එහෙමත් නැත්තං ඒ හාදයාව බල්ලොන්ටත් එපා වෙලාද?

කොහොමද අපටත් බල්ලොන්ට වගේ බලවත් බලු ඉවක්’ තිබුණා නම්...
දැනුයි කල්පනාවට ආවේ. කාලෙකට ඉස්සර විදුසරපත්තරේ තිබ්බා බල්ලෝගැන අපූරු ලිපියක්.

බල්ලෙකුගේ ගන්ධ සංවේදනය මිනිසකුගේ මෙන් 1,000 ගුණයක් බව කියවේ. අපේ නහයේ ඇත්තේ ගන්ධ ප්‍රතිග්‍රාහක (sent receptors) මිලියන 5ක් පමණි. ජර්මන් ෂෙපර්ඩ් සුනඛයකු සතුව ගන්ධ ප්‍රතිග්‍රාහක මිලියන 220ක් පමණ පවතියි....

කුඩා අවදියේදී බොහෝ ක්ෂීරපායී සතුන් මවගේ තනපුඩු හඳුනා ගන්නේ දෘෂ්‍ය සංවේදන මඟින් නොව කිරි සුවඳෙන් යැයි කියවේ. එසේ වුවත් ක්ෂීරපායියකුගේ මේ ඉහළ ගන්ධ සංවේදනය වැඩිහිටි වියේදී වර්ධනය නොවේ....

කොහොමද අපටත් බල්ලොන්ට වගේ බලවත් ඉවක්තිබුණා නම්!
එහෙනං ගවීන්ටත් අද අපිත් එක්ක එන්න තිබුණනේ...

එන්න ඉඩක් තියෙනවා නං, නිවාඩුවකුත් ගන්න හැකි වුණා නං- මේ වතාවේ හම්බන්තොට යද්දී ගවීනුත් එන්නද කියලා අපෙන් අහලයි තිබුණේ. ඒත්....

24 comments:

  1. ඇසින් නොදුටු, මනසින් දුටු හිතහොඳ දොස්තර මහත්තයාටත් වෛද්‍ය විද්‍යාලටය තේරුනු දියණියටත් සුභපැතුම්. ඇයත් පියාමෙන්ම මානවහිතවාදී දොස්තර නෝනා කෙනෙක් වේවායි පතනවා.

    ReplyDelete
    Replies
    1. ඔබේ සුබ පැතුම පීරිස් මහතාට කියන්නම්. ඔහු වෙනුවෙන් ස්තුතියි චමී.

      Delete
  2. සමාජ දුරස්ථභාවය මගේ කන්ඩායමට පැහැදිලිකරදීමට සැකසු පෝස්ටරයක් විද්‍යුත් තැපෑලට යොමුකරා. ප්‍රයෝජනවත් වේයැයි හිතනවා.

    ReplyDelete
    Replies
    1. අපොයි ඔව් චමී. ඉස්සරහදී බලන්නකො! thank you!

      Delete
  3. ලොක් ඩවුන් කරලා තියෙන්නේ කොහේද, ලොක් අප් කරලා තියෙන්නේ කොහේද කියලා දැනගන්න නම් අංජනං එළියක් ඇරලා බලන්න වෙනවා.

    දොස්තර අයිඩෙන්ටිටි එක පෙන්නලා, ලොක් ඩවුන් ප්‍රදේශ හරහා යන එක ප්‍රශ්නයක් වෙන්නේ නැහැ කියලයි මම දැනගෙන හිටියේ.

    යාලුවෝ කට්ටිය ඔයාට ළිං ගෙම්බා කිව්වේ ලැප් ටොප් එකක් පාවිච්චි කරන්නේ නැතිව ඩෙස්ක් ටොප් එකක් පාවිච්චි කරන නිසාද?

    එහෙම නම් මමත් ළිං ගෙම්බෙක් තමයි. ගෙදරදී නම් මගේ ප්‍රියතම උපකරණය ඩෙස්ක් ටොප් එකයි. ඒක තියන ඩෙස්ක් එකේ, බෝතලයකට, වීදුරුවකට, බයිට් දීසියකට එහෙම ඉඩ පහසුකම් තිබුනාට, ලැපේ එහෙම පහසුකම් නැහැනේ.

    ReplyDelete
    Replies
    1. ළිං ගෙම්බා කියන්නේ මම මොබයිල් ෆෝන් එකක්වත් නොගන්න නිසා. ඒ තිය පෙළක් වෙලාවට මේ land ෆෝන් එකත් වදයක්...

      හැබැයි Sam, ලැප් එකෙන් නං මම උපරිම ප්‍රයෝජනේ ගන්නවා. වහින- ගොරවන- අකුණු ගහණ වෙලාවට කොම්පියුටරේ off කරලා lap එකෙන් films බලනවා. කලින්ම charge කරගෙන සූදානමින් ඉන්නේ.

      ඒක මේසය උඩින් තියාගන්න නිසා තේ එහෙම තියාගන්න අවුලක් නෑ.

      Delete
  4. පංචතන්තරේ කියනවා වඩා අම්මප චීත්තවාහිනිය කියුවම ගතියක් තියෙනවා නේ..

    ඔය පොලොස් නිළධාරීන්ගේ වැඩනම් ඩිපෙන්ඩ් වෙන්නේ තනිකරම ඉන්න මනුස්සයා මත. නැතුව ඕවයේ එහෙම පිරිසිදු පැහැදිලි අණපනත් නෑ මේ වගේ හදිසි වැඩවලට. තිබ්බත් ඒවා කියවන එකාට කැමති විදියට නවා ගන්න පුළුවන්.
    දොස්තර මහත්තයාගේ දුවට ජයවේවා! සුබ අනාගතයක් ලැබෙයි අනිවාර්යයෙන්ම :)

    ReplyDelete
    Replies
    1. කමි, රෝස මලට වෙන නමක් කිව්වත් ඒකෙ සුවඳ අඩු වෙන්නේ නැති විත්තියක් කිව්වේ ශේක්ෂ්පියර් උන්නැහේ නේද?

      පොලෝසියේ විතරක් නෙවෙයි කමි, ලංකාවේ කොතැනත් බලපාන්නේ එතැන ඉන්න කෙනාගේ තත්ත්වය. නීතියකුත් නෑ- රීතියකුත් නෑ.

      ලොකූගෙ ගැන ඔයාගේ පැතුමත් අයස්මන්ත මහතාට කියන්නම්. ස්තුතියි!

      Delete
  5. දැන්වත් මෝබයිල් ෆෝන් එකක් ගන්නෙ නැත්නම් .....

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, කෙනෙකුගේ අතේ මහපටැඟිල්ල පිට පැත්තට නැවෙන තරම බලන්නයි කියනවනේ. මම නම් හිතවත් හුඟ දෙනෙකුගේ ඒ ඇඟිල්ල නැවෙන හැටි බලනවා. සසඳන්න.

      ඇඟිල්ලේ නම්‍යශීලීකම වැඩියි නං එයාත් නම්‍යශීලීයි, සමහරුන්ගේ ඇඟිල්ල චුට්ටක්වත් නවන්න බෑ. මගේ ඇඟිල්ල නැවෙන්නෙත් පොඩ්ඩයි!

      Delete
  6. මේ පෝස්ට් එකේ අමුතුම ගතියක් තියනවා. සාමාන්‍ය එදිනෙදා ලොක්ඩ්වුන් ජන ජීවිතය ගැන වුනත්, ඒකෙත් අමුතුම සුන්දරත්වයක් තියෙනවා. ගූගල් ස්ට්‍රීට් මැප් එකෙන් ඇවිදලා බලන්න හිතුනා.

    ගේ ඉස්සරහින් "සස්" ගාලා බස්සෙක් ලිස්සලා ගියොත්, වැඩිය ගණන් ගන්න එපා, ඈ?😂

    ReplyDelete
    Replies
    1. ස්තුතියි බකුසු මහතාණෙනි.
      සතුටුයි, මගේ උත්සාහය තේරුම්ගෙන ඒ ගැන කියපු එක ගැන. කොරෝනා ගැන සුන්දර විදිහටත් බලමින්, සතියක අත්දැකීම් ගැන ලියන්නයි හිතුවේ.

      ඒවා කොච්චර විවිධයිද, වටිනවාද, විච්ත්රයි හා වැදගත්ද කියනවා නං දොස්තර මහත්තයි මායි මේ දවස්වල ඊමේල් හුවමාරුවක. ඉස්සරහට ඔයාලටත් කියවන්න දෙනවාමයි.

      ගූගල් එකෙන් බැලුවොත් මම කියාපු පාරවල් ටික හැඩට පෙන්නයි!

      Delete
  7. අනේ එදා අපේ ගෙදරත් එනවා කිව්ව දවස

    ReplyDelete
    Replies
    1. නෑ නෑ ද්මුතු නංගී, අපි කියලා තිබුණේ හැකි වුණොත් එනවා කියලා. හදිස්සිය වගේමයි, අහිතකින් නෙවෙයි නෑවිත් හිටියේ. සංචරණය අඩු කර ගන්නත් ඕනි නිසා.... නැත්තං හැම මාසෙම වුණත් ගොඩවෙලා යන්න ආසයි. ඔයාලගේ පවුලේ සේරම සංසාරේ පුරුදු අය විදිහටනේ අපි කාටත් දැනෙන්නේ.

      Delete
  8. බලන් යනකොට පමුනුවේ රෙදිගන්න ඇවිත් තියෙන්නේ පිලියන්දලින් නෙව

    ReplyDelete
    Replies
    1. ඔය අලගිය මුලගිය තැන් හොයන්න ගියොත් අසංග මහත්තයෝ කම්මුතු වෙලා බෙල්ලත් ගහලා යයි, බෙල්ල රත්තරං වීම කෙසේ වෙතත්!

      Delete
  9. කොරෝනා කාලේ මිනිස්සුන්ගේ හැසිරීම් කියවන එකත් රහයි...

    ReplyDelete
    Replies
    1. මිනිහා නම් පුදුම සතා කියලා පොතකුත් තිබුණා මතකයිද මිතිල?

      මිනිස් චර්යාවන් ගැන කියවීම ඉතා රසවත් වගේම හරවත්. මේ වගේ කාලෙක එයාලගේ හැසිරීම කලින් තීරණේ කරන්න අමාරුයි මිතිල. ඒ නිසාමයි මේ පොස්ට් කීපය ලියන්න හිතුවෙත්. වාර්තාකොට තියන්න.

      Delete
  10. ගිහිං ආව හැටිත් කියවලාම කමෙන්ට් එකක් දානව

    ReplyDelete
  11. ඒහෙම බේරෙන්ඩ හිතුවා මදි විය
    හුට්ටප්පරයට කෙළවීලා ගිය
    අාරංචිය දැක හරිම පුදුම විය
    බලන්ඩ ඒවට සිදුවෙන අැබැදිය

    ReplyDelete
    Replies
    1. ඩ්රැකී. ඇත්තමයි හුට්ටප්පරේ හින්දා හරිම හුට්ටප්පරයක් තමයි වුණේ, පෙරේදා.

      මේ පෝස්ට් එක හරි ගස්සලා upload කරලා පෙරේදා උදේ publish වෙන්න ෂෙඩුල් කරලයි තිබුණේ. උදේ බලද්දී මට බ්ලොග් සයිට් එකට යන්න බෑ. ඔයාලගේ ඒවාටවත්.
      මං අන්දොස් වුණා.

      තමිරට- අයස්මන්තට- ඔයාට එහෙම මැසේජ් කළේ ඒකයි. දවස් ගාණක් තිස්සේ land ෆෝන් එකත් වැඩ නෑ. ඉන්ටනෙට් line එකත් හිටි ගමන් විතරයි වැඩ. ටෙලිකොම් එකට කම්ප්ලේන් කරාම කියපි lockdown ඉවර වෙනකල් ෆෝන් හදන්න එන්නෙ නෑ කියලත්.

      ඒ අස්සේ blog site එකට යන්න ඇහැක් වුණා. හුටා! ෂෙඩුල් කරලා තිබුණු post එක missing!
      ඉන්ටනෙට් line එක වැඩ නිසා මං මොකද කළේ, ආපහු post එක upload කළා. පබ්ලිෂ් කළා.

      ඒ කරලා තමයි නාලා; කාලා ආයෙම කම්පියුටරේ ළඟට ආවේ.
      මෙන්න බොලේ google එකෙන් ලියුමක්. මං එයාලගේ නීති කඩලාලු!
      කාගෙන්ද අහන්නේ? මගේ අනුමානය වුණෙත්, කීප දෙනෙකුම කිව්වෙත් 'හුට්ටප්පරේ' වචනය කුනුහරුපයක් බව පරිගණකවලින් කියන්නට ඇති බවයි. ආයෙ මාතෘකාව වෙනස් කරන්නයැ! එතකොටත් අනූ ගාණක් පොස්ට් එක බලලා.

      ඕනෑ හුට්ටප්පරයක් කියලා බලං ඉන්නවා, දෙවෙනි කොටස දාන්න යද්දී මොකක් වෙයිද කියලා.
      මාතෘකාව හින්දද මන්දා පෙරේදා පංච තන්තරේ පෙරලන්න 305 කුත්, ඊයේ 221 කුත් ඇවිත්!

      අනේ google දෙයියෝ, මේ අසරණ ගැත්තා අතින් දැන වැරදි- නොදැන වැරදි සිදුවී ඇති නං ඒවාට සමා වෙලා, සමාධිය භජනය කරලා, දුකට පිහිට වෙලා සියලු වස්-දොස් දුරු කරවා දෙන්ටයි.....

      Delete
  12. උඩ එවුන් කොහොම කොමෙන්ට් කරනවද මන්දා මුකුත් තේරුනේ නෑ යකෝ

    ReplyDelete
    Replies
    1. අජිත්, ඔයාට මගේ ලිවීම සංකීර්ණ මදි වෙන්තැති.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්