li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, September 24, 2021

Brighton Marathon - දිව්වද හයියෙන්

ලීලා ශ්‍රෝඩර්ට පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත්..... (සමන්ති, දීපානි, දීපාල් එංගලන්තයට ගිහින්)

‘සමන්ති’ නම එංගලන්තයට ඇල්ලුවේ නැතිය.
‘නිමල්’ නම වගේමය. එහෙ උදවිය Nimal උච්චාරණය කළේ නිමොල් කියලාය. 

ඉතිං සමන්තිගේ නමත් එහෙම එක-එක විදිහට කියවෙන්නට ගත්තාම එයා කළේ නමේ අන්තිමට තිබුණු anthi කෑල්ල හළලා දැමීමය. Sam නම කෙටිය;  උච්චාරණයටත් ලෙහෙසිය.
දිසානායක පවුලේ හත්වෙනි දරුවා ලෙස 1967 දෙසැම්බර් 5 වෙනිදා උපන් දැරිවියට, ඇයගේ ලොකු අයියා විදිහට ‘සමන්ති පද්මිණී දිසානායක’ කියලා නම තියද්දී, අනාගතයේ දවසක මෙහෙම අලකලංචියක් සිදු වේවියැයි මට හිතුණේ නැත!

කොහොම හිතන්නද?
ඊට අවුරුදු 9කට පස්සේ 1976දී සමන්ති පද්මිණීගේ අම්මා; දිසානායක හේවගේ ගුණපාලගේ බිරිය; රහුබැද්දේ විදානේලාගේ
යසවතී හෙවත් ලීලාවතී එංගලන්තයට යැවෙයි කියලා සාංකාවක්වත් පහළවී නොතිබුණුකොට-

එහෙම ගිහින්, එංගලන්තයේදී සැසිල් ෆෙඩ්‍රික් ශ්‍රෝඩර් හා විවාහවී ‘හිරු නොබසින අධිරාජ්‍ය’යේ පුරවැසිකම ලබා එහේම පැලපදියම් වෙන බව හීනෙකින්වත්, නොහිතූකොට-
ඊළඟට (දිසානායක පවුලේ ලොකු දෝණියන්දෑ නෝනා; පුෂ්පා රංජනී දිසානායක 
වස බී සියදිවි නසා ගත්තාට පස්සෙ) ලීලා ශ්‍රෝඩර්ට පවුලේ බාලම දරුවන් තිදෙනාවත් එංගලන්තයට අරගෙන යන්නට වීසා ලැබේවි යැයි බලාපොරොත්තුවක්වත් නොතිබුණුකොට.... 

ජීවිතය එහෙමය!
ජීවිතය කියන්නේ අහම්බයන් ගොඩකි.
මේ පෝස්ටුවත් හරිම අහම්බයකි!!

අද උදේ සමන්ති නංගිගේත්, ලොකු පුතු ඩ්රූගෙත් foto එක දකිද්දී නං...

අද; 2021 සැප්තැම්බර් 13 වෙනිදා උදේ කම්පියුටරයට වාඩි වී fb යන තුරුමවත් මේ post එක ලියන්නට මගේ හිතක නොතිබිණි.

ඊයේ; 12 වෙනිදා fb එකෙන් ‘Dhru Patelගේ අම්මා’ මේ වතාවෙත් ‘බ්‍රයිට්න් මැරතන්’ එක දුවන බව දැකලා සුබ පතද්දීවත් මේ කාරණාව ගැන ලියන්නට මගේ හිතේ තිබුණේ නැත. (ඩ්රූ කියන්නේ Samගේ ලොකු පුතාටය.)

නමුත් අද උදේ සමන්ති නංගිගේත්, ඩ්රූගෙත් foto එක දකිද්දී නං මේක ලියන්නට ඕනිම කියලා හිත කිව්වේය! මෙහෙම සහලේ ඥාතීන් ඉන්නා එක ගැන මං වහන්සේ ආඩම්බර වෙන්නට ඕනෑය කියලාත්  හිතුණේය!! 

අපේ ආච්චිගේ ‘යකඩ ගතිය’ එහෙම පිටින්ම වාගේ Samට ලැබී ඇති බව මගේ විශ්වාසයයි.

‘... අපේ ගෙදර හැච්චෝ-බැච්චෝ-ඇටිකිච්චෝ සේරමත් පුළු-පුළුවන් විදිහට ඒ රාජකාරිය කරන්නට ඇවිත්ය. එයාලා හිස් බාල්දි, ජෝගු වගේ පුංචි දේවල්වල වැලි පුරවාගෙන ආවේ සෙල්ලමක් කරනවා වගෙය.

ඒ අස්සේ කොහෙද යන weසා පොළඟෙක් අපේ වැඩේ කඩාකප්පල් කරන්නට මාන බලමින් උන්නේය.

එතකොට සෑම්ට අවුරුදු හතවත් පිරිලා තිබුණේ නැතිය. සමන්ති නංගී ජෝගුවක් පුරවාගෙන වැලි ගෙනෙමින් හිටියදී අර වේsaවා එයාට දෂ්ට කළේය!

අනේ දෙයියනේ.... සමන්ති නංගිව පොළ....කවුදෝ අඳෝනා දෙන්නට කට ඇරියා විතරය.

කට වහගන්නවා.... සමන්ති උඹත් කට ඇරියොත්  බලාගෙනයි ..... මොකටද කලබල වෙන්නේ. සමා, බය නැතිව හිටහන්. පොඩි බේතක් කරවපු ගමන් හරි. දන්නවනෙ ලොකාගේ හැටි? ඇඬුවොත් නං උඹට හොඳ පාරක් දෙනවා. 

ගමගේ අක්කේ... ඔයාලා සමන්ති නංගිව ළමා නිවාසෙට එක්ක යන්න.
ස්වර්ණා.... ටක් ගාලා සුනිලුත් එක්ක ගිහින් ඇලන් අක්කලාගේ දුවව එක්ක එන්න.
නිවාස වත්ත උඩින්ම දේවාල පාරට ළඟයිනේ......

ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන්.... (පවන්, සෑම්, ඩ්රූ හා බිමල්)

... පට-පට ගාලා එයාලාව පිටත් කර හැරලා මං දිව්වේ ගෙදර දිහාවටය. ඒ ඊළඟට සිදුවෙනදේ....” කියලා දිග විස්තරයක්මෝස්‌තර එක්ක හත් වසරක් 13’ post එකේදී ලිව්වෙත් මේ සමන්ති නංගි ගැනය; මගේ ගෝරනාඩුවට බියවී හෝ නිසි ප්‍රතිකාර සේරම කෙරෙන තුරුම හෝ එදා අපේ සමා ඇඬුවේ නැත.

සෑම්ගෙන් ඒ යකඩ ගතිය Dhruටත් උරුමවී තියෙනවා වගෙය. (රංගන කණ්ඩම්බි හිතවතා මට පිදූ ‘Born Fighter’ අභිධානය සමන්ති නංගී, ඩ්රූ පුතා දෙන්නාටත් ගැළපෙයි. මං එහෙම කියන්නේ නිකම්ම නොවේ; හේතු ඇතිවය.

Dhru එංගලන්තයේ උපන් නිසාම ජීවිතය පවත්වාගෙන යන්නට, ජීවිතය දිනන්නට අවස්ථාව ලද්දේය. ඩ්රූ උපන් විගස, ඔහු සාමාන්‍ය ජීවිතයකට මුහුණ දෙනු ඇතැයි විශ්වාස නොකෙරිණි.

ඔහුගේ මොළයේ දියර උනන රෝගී තත්ත්වයක් තිබිණි. සැත්කම් ගණනාවක් කෙරිණි. දිගටම ඒ දියර ඉනීම පවතින බැවින්ය, ඒ operations සිදු කෙරුණේ.  අන්තිමේදී, උනන දියරය ඉවත් කෙරෙන සේ මොළයේ සිට ආමාශය දක්වා (සිරුර අභ්‍යන්තරයෙන්) කෘත්‍රිම නලයක් සවි කෙරිණි.
ජීවත්වීම පවා අඩමාන වුණු Dhru උසස් අධ්‍යාපනයත් නිමාකොට, දැන් ක්‍රීඩා ගුරුවරයෙකු ලෙස සේවය කරයි. ඒ ගැන ඩ්රූම 
2017 ජුලි 21 වෙනිදා කියලා තිබුණේ මෙහෙමය. 

Dhru Patel

21 July 2017 

I know I posted yesterday but...

Many of you know when I was born, I was told I may not live a normal life, have trouble reading, writing and speaking. I was told I might not be able to play any sports. There was people who told me not to go to university because I would fail.

ඒත් එය මර්දනය කර ගන්නටත් සෑම්ට හයිය තිබුණේය. (2015 මට කීමෝතෙරපි ප්‍රතිකාර දෙන දිනවල)

BUT... After three tough but rewarding years at St Mary's, I've proved that I can overcome the doubt and the lack of belief in me, to graduate university with a Upper Second Class Honours Degree in Physical and Sport Education.

Mum, Dad, what you have done for me and continue to do for me, there are no words to describe how grateful I am. Endless amounts of support and love, thank you for everything, without your support, none of this would have been possible.

You guys are the real MVPs.

සමන්ති නංගීත් අවුරුදු ගණනාවකට කලින්ම පිළිකා රෝගයට ගොදුරු වුණාය. ඒත් එය මර්දනය කර ගන්නට සෑම්ට හයිය තිබුණේය.

සමන්ති නංගි නොදැනුවත්වම මාවත් සූදානම් කරවලා තිබ්බා වගෙය. එයාට වැළඳුණු පිළිකාව ගැන අනුකම්පාවෙන් කෙරුණු කතන්දරවලට Sam කන් දුන්නේ ආසාවකින් නොවේ.
“බලන්නකො ලොකූ, අපි දිසානායකලා නේද? කොච්චර දේවල්වලට මුහුණ දුන්නත්, අපි දැන් හොඳට ඉන්නේ... සමහරු හිතන්නේ ‘පිළිකාවක් හැදුණාම සේරම ඉවරයි’ වගේ. I have to face! මං ඒක කරනවාමයි... ඔයාලගෙන් වගේම බිමල්ලගෙනුත් හම්බ වෙන ආදරේ තමයි ලොකූ, මාව strong කරන්නේ. අපි වගේ අයට අනුකම්පාව නෙවයිනෙ ඕනේ.... මට නං එහෙමයි!’
(සමා ඔව්වා කියන්නේ කැඩිච්චි සිංහලෙන් හෝ ඉංග්‍රීසියෙනි. කතා කරනවා කොහොම වෙතත් Samට සිංහල කියවීම නං හොඳටම අමාරුය.)

පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට තරම්... (බිමල්ගේ පවුලේ අය හා...)

අදහනු මැනවි. අද වෙන තුරුමවත් සමන්ති නංගිට වැළඳී තිබුණු පිළිකාව කුමක්දැයි මා අසා නැත. එයාගෙන් මට කියවිලාත් නැත. එව්වා කතා නොකළාට, පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට; සතුටු වෙන්නට තරම් දේවල් අපේම පවුල්වල තිබේ. අප කතා කරන්නේ එහෙම දේවල්ය.

හැමදාම වගේ උදේ පාන්දරින්ම fb එන මගේ මිතුරෙක් සිටියි. එයාගේ වෝලයේ හැමදාම උදේට ‘කොරෝනා update’ තොරතුරක් තියෙනවාමය. ‘ඔය පැත්තේ තත්ත්වේ කොහොමද නිමල් අයියේ’ කියලාත් මනුස්සයා සමහර විටෙක අහයි.
“යකෝ... ඔය විස්තර දැන ගත්තා කියලා මොකක්ද තමුසෙට වෙන හොඳේ.... ඒවා දැන ගත්තත් නැතත් පුළුවන් තරම් පරෙස්සමින් උපදෙස් පිළිපැදලා ඉන්න එකනෙ තියෙන්නේ....”

හොඳ දේවල් සොයන්නට, දැන ගන්නට අපේ මනස සුසර කර ගත්තාම අපට වැඩියෙන්ම ලැබෙන්නේ එහෙම newsය. ඒ ලෝක ස්වභාවයයි.
ඔබ මල් ආසනයක් වෙයි නම්, මොළේ කළඳක්වත් තියෙන මෙලෝ යකෙකු ‘ඒ පුදසුන’ මත තබා පර මල් පූජා කරන්නේ නැත!
ඔබ කසළ ගොඩක් වෙනවා නම්, අහක යන කුණු-කන්දලුත් ඒ ගොඩට එකතු වෙන එක වෙනවාමය.

නමුත් අප නොසිතන ‘අහම්බයන්’ සිදු වෙන අවස්ථාවන්ද තිබෙන්නට පුළුවන් බව අමතක නොකළ යුතුය.
එහෙම දෙයක් ගැන මට ලියන්නටත් සිදු විණි.

‘එයා ආවේය.
අහසෙන්ද
, පොළොවෙන්ද, මුහුදෙන්ද ආවේ කියලා නම් නොදන්නෙමි. ආවේ මාරයාය!

අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. (2014 පීයා, මාකෝ, නිමල් හා දීපාල්)
මා ළඟට නොවේ. අපේ පවුලේ හතරවැන්නා ළඟටය. අනිල් ධර්මකීර්ති දිසානායක ළඟටය. ඒකෙන් වුණේ මැයි මාසයේදී වියෝවීම් දෙකකටම මුහුණ දෙන්නට අපේ පවුලේ අයට සිදුවීමය. අන්නාගෙ මරණ සහතිකයේ මරණයට හේතුව ලෙස ලියැවුණේ 'රෙස්පිරෙටරි ඇරස්ට් කාසිනෝමා ඊසොපැගස්' ය. අපේ දැනීම නම් අන්නා පිළිකාවෙන් මියගිය බවය. ඒ මැයි 29 වෙනිදාය.

අපේ සුනිල් මල්ලීගේ බිරිය මල්ලිකාත්, සමන්ති නංගිගේ සැමියා බිමලුත්, අනිල් මල්ලීත් එකම හේතුවකින් දැනටම පරලෝකප්‍රාප්තවී හමාරය. සමන්ති නංගීත්, මාත් ඒ පෝලිමේමය. පිළිකාව එතරම්ම ලාබ වෙලාය!

...... මල්ලිකා අවුරුදු හතක් පීඩා වින්දාය; බිමල් අවුරුදු එකහමාරක් විතරය; අනිල් වසරකට කිට්ටු කාලයකි.
පැරැණිම රෝගිණිය සමන්ති නංගිය. අවුරුදු හත-අටකටත් වඩා රෝගය යටපත්ව තිබී
, මාස කිහිපයකට කලින් ආයෙම මතු වුණේය.
මාත් අවුරුදු හයක ප්‍රතිකාරවලින් පස්සේ ඉන්නේ
රෙමිෂන්මට්ටමේය.

..... අපේ බඩා මල්ලා විවාහ කරගෙන ඉන්නේ පිලිපීන ජාතික Pia ය. ලොකූ, උඹලගේ පවුලේ අය විතර ස්ට්‍රෝන් කට්ටියක් මට නං මෙච්චර කාලෙකට හම්බවෙලා නැහැ. දැන් ඔයා..... සෑම්....
දන්නවද
, මේ සැරේත් සෑම් ලන්ඩන් මැරතන් එක දිව්වා. සෑම්ට කීමෝතෙරපි පටන්ගත් දවසෙත් බැඩ්මින්ටන් ගහන්න ගියා. අනිල් අයියාත් හැම තිස්සෙම හිනා වේගෙන ඉන්නේ කොච්චර අමාරුකම් තිබ්බත්.....පීයා ළඟදී දවසක කිව්වාය.....

.... සමන්ති නංගී නැවත අසනීපවී ඉන්නා බව දැනගත්තාම නිමලුත්, මාර්කෝත් සමන්ති නැන්දාට කියූ දේවලට සෑම් දීලා තිබ්බේ කදිම; ගීතවත් උත්තරයකි. පීයා එය මට පෙන්නුවාම නම් නොහඬා ඉන්නට බැරිවිණි. අනේ, සමාවෙන්න. මට තවමත් එය පරිවර්තනය කරන්නට හිත දෙන්නේ නැත. (සෑම්, මේවා පීයාගෙන් ඉල්ලා ගත්තේ ඔයාගේ අසනීපය ආයෙමත් මතුවී තියෙන බව මට හංගාගෙන හිටි දවස්වලය!)’

කෙස්වැටිය තිබුණත් නැතත් මම - මමම නේදෝ - නැතිය වෙනසක්

‘වීරයා ගෙදරද 4’ පෝස්ටුවට ලියා තිබුණු වචන 228 ආයෙමත් මෙතනට එබුවේ 2019දීත් මේ කාරණාවලින් ටිකක් ලියැවුණු බව සනාථ කරන්නටය; http://nidigepanchathanthare.blogspot.com/2019/06/blog-post.html

එදා පරිවර්තනය නොකළ ‘Samගේ වදන්’වල අදහස අදවත් ඡායානුවාදයක් ලෙස සිංහල බසින් ලියන්නට හිතාගෙනය.

‘කෙස්වැටිය තිබුණත් නැතත් මම
 මමම නේදෝ - නැතිය වෙනසක්
 ගණන් ගන්නේ, කවුද පිළිකා -
 නොවෙමි ඒකට නටන කෙනෙකුත්

 මගේ රිස්සට - මම කැමති ලෙස
 ගෙවමි දිවියම සතුට විඳිමින්
 සහනෙ ගෙන දෙයි - මිතුරු ඇසුරද
 ප්‍රාණවත් කෙළි සෙල්ලමද මට!

 ඇයි, දිවුම මට සුවැති හැඟුමක්
 දෙවයි නැත, අමතක කරන්නේ!
 කිසිම ලෙඩකට- නතු නැතිය මා
 මට පමණි මා වග කියන්නේ

 සොඳුරු හමුවට, සතුටු සාදෙට
 පිළිසඳරකට වුව මාත් ඔට්ටුයි
 අවුලකදි ගැටලුවකදීවත්
 මගේ නම් වෙනසක් නොවේමැයි
 සහය දෙන්නට සැරසිලා ඉමි
 ‘ලෙඩ’ට මා නැවතිය නොහැකි වෙයි’

එහෙම හිතේ හයියක් ඇතිව හිටි සමන්ති නංගි වඩාත් අසරණ වුණේ ඇයගේ හබියා; බිමල් මහේන්ද්‍ර භායි පටෙල්ටත් මුඛ පිළිකාව වැලඳී තිබෙන බව දැන ගත්තාමය. පවුලේ කටයුතුවලට කාලවේලාව මදි වෙන නිසා බැංකු කලමනාකාරියක ලෙස ලැබුණු උසස්වීම පවා බාර නොගෙන හිටි Sam, සැමියා වෙනුවෙන් රැකියාවටද තාවකාලිකව සමු දුන්නාය. බිමල්ගේ පවුලේ නෑදෑ-හිත මිතුරන්ගේත්, ඩ්රූ- පවන් දෙපුතුන්ගේත් උදව් හා ආශීර්වාද නොඅඩුව ලැබුණත් Bimal අකාලයේ වියෝ වුණේය. 

සමන්ති නංගි බ්‍රයිටන් මැරතන්තරගයට සහභාගි වන්නී අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය!

දුවන්නට තියෙන ලැදියාව පිළිකා රෝගීන්ගේ යහපත වෙනුවෙන් යොදවන්නට Sam හිතාගෙන තිබුණේ ඉන් පසුවය. අපට පැමිණුණු විපතක් වුවද අන්‍යයන්ගේ යහපත උදෙසා යමක් කරන්නට නිමිත්තක් කරගත හැකි නම්...

ඒ කරුණ සපුරා ලමින් සමන්ති නංගි ‘බ්‍රයිටන් මැරතන්’ තරගයට සහභාගි වන්නී, අරමුදල් රැස් කිරීමකද යෙදෙන්නීය!
වෙනදාට Sam දුවන ‘ලන්ඩන් මැරතන් තරගය’ කොරෝනා උවදුර නිසා පැවැත්වෙන දිනය කල් ගොසින්ය. පැවැත්වුණේ
Brighton Marathon තරගයයි. 

‘2021 Brighton Marathon

12  Sep 2021

I’m raising as much as I can to beat cancer & Barclays Bank will match your donations!

In memory of
My Amazing Bim.

Cancer has claimed the lives of so many special people in my life, including my wonderful husband Bim. He was an amazing person, kind, caring and selfless. Cancer ripped our family apart & took away our happiness. I want to raise money so we can stop someone else going through the same suffering as us!

 Cancer you are so cruel & callous.
 You take away those who are so precious.
 You don’t care about our pain or our tears,
 Or about the broken hearts & shattered dreams.

 We are certainly not giving up on our hopes,
 Nor are we about to give up on our fights.
 I know one day we will be victorious,
 Together we will find a cure for all cancers! 

මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත් සහභාගි වෙලා. ඒ Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය කරන Chris Green මන්ත්‍රීතුමා.

 රුදුරු පිළිකාවෙනි දයා නැති
 බොහෝ අගනා අයද ගෙනියන
 ඔබට කම් නැත, අපේ කඳුළැල් වේදනාවන්-
 බිඳෙන හදවත්- බොඳව යන සිහිනයන් ගැනවත්!

 නමුදු සුබවාදීය අප සැම - තවම ඇත පැතුමන් පතාගෙන
 දැනට පසුබැස සිටිනමුත් අප - දිනනවාමයි නැතිය කිසි සැක
 එකට එකතුව මානවයො කැළ - සොයා ගනු ඇත
 ඔබ මඩින ඔසු; පිළිකා නසන ඔසු!

Sam xx

(ශ්‍රී ලංකාවේ අපට නුහුරු යෙදුමකි, මේ කතිර ගැහිල්ල. සමන්තිලා ලිපියක අගට කතිරයක් ගහන්නේ ‘ඔයාට ආදරෙයි- love you’ කියලා හඟවන්නටලු.
අප කතිරය ගහන්නේ මනාපය පළ කරන්නටය. එහෙම මනාපය දෙන්නේ වැරදි මිනිසුන්ටම නිසා ඡන්ද පොළේදී X ගැහීමේ වැරද්දකුත් නැතුවා වගෙය.)

ලන්ඩන් මැරතන් ධාවන තරග තියන්නේ දිනන අය තෝරා ගන්නම නෙවෙයි; උත්තම අරමුණු රාශියක් සපුරා ගන්නයි.

එහෙම අරමුණුවලින් යුතු ගොඩාරියක් කට්ටිය සද් චේතනාවලින් යුතුව මේ ධාවනයට එකතු වෙනවා.

1981 වසරේ, මලල ක්‍රීඩක Chris Brasherගේ මූලිකත්වයෙන් පටන් ගත්තු මේ තරගයට මේ වතාවේ එංගලන්තයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකුත්  සහභාගි වෙලා. Bolton West and Atherton කොට්ඨාශ නියෝජනය කරන Chris Green මන්ත්‍රීතුමා.

කොරෝනා මර්දනය කරන්නට කෙරෙන එන්නත ගැනත් ‘තම-තමුන් වහන්සේලාගේ (පඩත්තල) නම්- පට්ටම් සේරම දාලා පෝස්ටර් ගහන්නට තරම් විලි ලජ්ජාවක් නැති එවුන්’ ඉන්නා අපේ රටේ මෙහෙම අරමුදල් රැස් කරන මැරතන් ඉසව්වක් තිබ්බොත්.......?
දුවන්නට කොහොම වෙතත් අරමුදලේ භාරකාරයන් වෙන්නට නම් අපේ රටේ ලොකු මහත්තැන්ලා පොර කකා එනවා සැක නැත!

අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද?

ඉතිං අද උදැහැනැක්කේ මං දැක්කේ ඒ අම්මයි පුතයි දෙන්නා; සෑම්- ඩ්රූ දෙන්නා Brighton Marathon ධාවන තරගයට එකතුවී සිටි අයුරුයි.

ඒ සමඟම Dhru ඉංග්‍රීසියෙන් සටහනකුත් තබා තිබිණි.

'කොච්චර අපූරු දවසක්ද අම්මේ! ඔයා ගැන කොයි තරම් ආඩම්බර වෙන්න පුළුවන්ද?

මමත් ඒකට ආවේ ඔයාගේ උදව්වට විතරක් නෙවෙයි අම්මෙ. මටත් කවදාවත්ම අමතක නොවෙන මතකයක් ගන්න; ඔයා යන පාරේම යන්නයි- සත්තයි!

කොහේ හරි ඉඳගෙන තාත්තා තවමත් ඔයා දිහා බලාගෙන ඉන්න බව මම දන්නවා, අම්මෙ.

ඔයා අද සම්පූර්ණ කළේ ඔයාගේ හතරවෙනි මැරතන් දිවුම. මොන දේවල් වුණත්, ඔයා පවුම් 1200ක්* පිළිකා සමාජ සත්කාරක කටයුතු වෙනුවෙන් එකතු කළා. පවුලක් විදිහට ඒක කොතරම් දෙයක්ද?

මෙතෙක් ඒ වෙනුවෙන් ආධාර කළ හැමෝටමත් ස්තුතියි!

ඔයා හැමෝටම පාර පෙන්වන පහන් තාරකාවක්, අම්මේ!

Dhru’
(*ඒ සටහන තියද්දී ලැබී තිබුණු පරිත්‍යාග දැන් ගණනින් ඉහළ යමින් තිබෙන්නේ.)

ඔව් Dhru, අම්මා විතරක් නෙවෙයි ඔයාත් එහෙමයි. මතකයිද අවුරුදු දෙකකට ඉස්සෙල්ලා; 2019 ඔක්තෝබර් 28 වෙනදා ඔයා fb එකේ පළ කරලා තිබ්බ මේ සටහන.

‘23 has been by far the most challenging year but as my Dad once said, go and achieve your dreams/goals, that's exactly what I've done! 

ඩ්රූ 2019 ජුලි 25 වෙනිදා මැරතන් තරගයට සහභාගී වෙමින්...

 ☑️ Passed my NQT year

 ☑️ Started a new job teaching PE with a House Leader role

 ☑ Raised £1500 for Cancer Research in memory of my Dad.

 23 you've taught me to be strong through the difficult times, let's see what 24 has in store!

ආදරණීය තාත්තේ,

ඔයා මට කිව්වා 23 වෙනි අවුරුද්ද අභියෝගාත්මක අවුරුද්දක් වෙයි කියලා. ‘... යන්න. ගිහින් ඉලක්ක දිනා ගන්න!’ කියලත්. ඒකම තමයි තාත්තේ මම කළෙත්. 

 ️ NQT; Newly Qualified Teacher -වසරක අභියෝගය ජය ගත්තා.

 ☑️ PE; Sports- Physical Education -ගුරුවරයෙකු විදිහට රැකියාව පටන් ගත්තා.

 ☑️ තාත්තාව මතක් කරලා, පිළිකා පර්යේෂණ කටයුතු වෙනුවෙන් ස්ටර්ලින් පවුම් 1,500ක මුදලක් මේ (2019) වසරේදී එකතු කරලා දුන්නා.

ඔව් තාත්තේ, 23වෙනි අවුරුද්ද මට ඉගැන්නුවා කොහොමද අසීරු අවස්ථාවන්ට මුහුණ දෙමින් ශක්තිමත්ව නැඟී හිටින්නේ කියලා. බලමුකො, 24 අවුරුද්ද වෙනුවෙන් මොනවද එන්න තියෙන්නේ කියලත්!’

අද; 2021 සැප්තැම්බර් 17 වෙනිදා Sam මට කතා කළාය.

“අනේ ලොකූ, ඔයාගේ post එක මට කියවන්න බෑ, දුක හිතෙනවා..... Bim වෙනුවෙන් අපි හැමෝම කරන්න පුළුවන් දේවල් ඔක්කොම කරනවා..... මේ අවුරුද්දේ දැනට ස්ටර්ලින් පවුම් 4,500ක් එකතු වෙලා තියෙනවා. මොකද අපේ fund එකට වැටෙන හැම සල්ලියක්ම ‘බාක්ලේස් Bank’ එකෙන් ඩබල් කරන නිසා. අපේ ටාර්ගට් එක තව පවුම් 250ක් එකතු කර ගන්න. එතකොට ඒකත් ඩබල් වුණාම පන්දාහේ ඉලක්කය හරි යනවා.”
 

ඒ සමහර දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ... 

සමන්ති කියන විදිහට නම් දැන් එංගලන්තයේ ‘කොරෝනා සීමා - තහංචි’ ලිහිල් වීගෙන එයි. “මායි, පුතාලා දෙන්නයි අර්ජුන් කුමාරුයි- ඩ්රුතීයි ඔක්කොමලා අගෝස්තුවෙදීම ලංකාවට එන්නයි plan කරගෙන හිටියේ.... තවම එච්චර ඉඩ දීල නැහැනෙ ලොකා.........” සෑම් කීවාය.

Sam ලංකාවට ආවට පස්සේ මූණට මූණ ඉඳගෙන කතා කරලා- එයාගෙන් අවසර අරගෙනම ලියන්න දේවල් ගොඩාරියක් මගේ හිතේත් පිරිලා- ඉතිරිලා දොරේ ගලමින් තිබේ.

ඒ සමහර දේවල් මටත් අදාළ වුණත් ප්‍රධාන චරිත වෙන්නේ එයාලනෙ. එහෙම වෙලාවක එයාල දැනුවත්ව ඒක කරන එකනෙ නේද, මගේ යුතුකම.
කොහෙද, කොරෝනාවක් නිසා Sam විතරක් නෙවෙයි අපේ අම්මටත් අවුරුදු දෙකක් තිස්සෙම
ලංකාවට එන්න බලාගෙන ඉන්නයි වෙලා තියෙන්නෙ.

ගතවෙමින් පවතින්නේ එතරම්ම අවිනිශ්චිත කාල වකවනුවකි. නමුදු ලෝකය හැමදාමත් මේ වගේමය; කොයි මොහොතේ, කාට, කුමක් වේදැයි කියන්නට හැකියාවක් ලොව කිසිවෙකුට නැත. අපි ඒ අනියත බව ගණනකට නොගනිමින් සිටින්නමෝ නොවෙමුද?

ඒ නිසාමදෝ කොරෝනා ඇවිත්, ඒ අවිනිශ්චිත බව අපේ මූණටම ඇනලා; මුහුණේ උලා පෙන්වා දෙමින් හිටියි.

 ‘.... නිසල නැතේ- සසල වෙතේ
 නොතිර සසර සාගරේ

 කුමට නැටුම් කෙළි කවට සිනාදා//
 මරුට නොමැත කිසි විටෙකදි බාධා
 ඔබට නොදන්වා මරු මෙහි ආදා
 යන්නට සිදු වන්නේ - ඉන්නට බැරි වන්නේ
 නොතිර සසර සාගරේ....’

වාර ගණනාවක් ආශාවෙන් අසා ඇති මුත් ඒ ගීතයෙන් කියවෙන අරුත සිත රඳවාගෙන ඇත්තේ කීයෙන් කී දෙනෙක්ද?

ඉතිං... දෛවය මට කාරුණික වන්නේ නම් සමන්ති නංගිව මුහුණට මුහුණ හමුවී, එයාලා ගැනම පෝස්ටුවක්- දෙකක් අනාගතයේ දිනෙක ලියන්නෙමි෴

35 comments:

  1. https://charlies-names.com/en/samantha/

    ReplyDelete
    Replies
    1. Samantha means “name of God”, “God has heard” or “asked of God” (from Samuel) and “flower” (from ancient Greek “ánthos/ᾰ̓́νθος”). In Aramaic, Samantha means “listener” (from Syrian “šemʿanta”).

      Delete
    2. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete

  2. The common custom of placing "X" on envelopes, notes and at the bottom of letters to mean kisses dates back to the Middle Ages, when a Christian cross was drawn on documents or letters to mean sincerity, faith, and honesty.

    https://en.wikipedia.org/wiki/Hugs_and_kisses

    ReplyDelete
    Replies
    1. මෙච්චර දේවල් පුංචි කතිරයක තියේවි කියලා හිතලා තිබුණේවත් නෑනෙ!

      Delete
  3. තාම කියෙව්වෙ නෑ, අවුලක් නෑ නේද? හීනෙන් කතා කියවන එක හොඳ නෑ කියල අම්ම කියල තියනවා. පස්සෙ එඤ්ඤං.

    ReplyDelete
    Replies
    1. https://www.crimetraveller.org/2017/11/homicidal-sleepwalking/

      Delete
    2. මෙහෙම් හීනෙන් ඇවිදින සිදුවීමක් විල්කි කොලින්ස්ගේ
      The Moonstone (සිංහලෙන් පළවුණු පොත චන්ද්‍රකාන්ති මාණික්‍යය) පොතේ තිබුණා.

      Delete
    3. ආන්න ජංසන්, මම කැමතිම කතාවක්. මටත් කොහේදිද ඔය පරිවර්ත්නයේ කොල හැලිච්ච පොතක් ලැබිල තමා කතාවට වහ වැටුනෙ. මම නං කියන්නෙ ඔරිජිනල් පොත කියවන්න කියලයි, බට්ලර් උන්නැහේගෙ කතා රටාවෙ උත්ප්‍රහාසය නියම විදිහට රස විඳින්න ඇහැකි එතකොටයි. කොපි රයිට්ස් නෑ

      http://onlinebooks.library.upenn.edu/webbin/gutbook/lookup?num=155

      Delete
    4. මෙන්න මේකත් දාගන්න.
      https://appsource.microsoft.com/en-us/product/office/wa200001524?tab=overview

      එතකොට අමාරු වචන වල තේරුම/සමාන වචන, වචනෙ හිලයිට් කලාම බලාගත්තෑකි.

      Delete
  4. මාත් තාම කියෝල ඉවර කලේ නෑ. කියවල ම මොක හරි ලියන්නං

    ReplyDelete
  5. ආහ්... නිදි, අපේ පැත්තෙත් ඇවිත් යන්ඩ. එහෙ ගිණි ගන්නව.

    ReplyDelete
    Replies
    1. නොගොහිං කෝමද මලේ? ගියා විතරක් නෙවෙයි මේන් මෙහෙම 'හණ' තියලත් ආවා!

      උපන් ගතිය වාගෙයි හොරකම උන්ට
      ජනයා ඉපදිලා ඉන්නේ රැවටෙන්ට
      රටක ඉන්නෙ පුරවැසියෝ නම් නිවට
      උන්ට ලැබෙයි පාලකයොත් ගැලපෙන්ට

      Delete
  6. ආ... මං බැලුව උතුවන්කන්ද ගිණි තියල මේ යෝදය කොහෙ ගිහිං ද කියල.

    ReplyDelete
    Replies
    1. උතුවන්කන්ද විතරය... කොදෙව්වම ගිනි අරගෙන නෙව... මම්මලේ!

      Delete
  7. මම එංගලන්තේ අවුරුදු 25 විතර ඉනන්ව තවම් හොඳට සින්හල කියවන්න පුළුවන්නේ බං. සෑම් නංගිට මම ටියුෂන් දෙන්න ඕනේ. මචන් පිළිකාවක් කියන්න පවුලෙන් එන දෙයක් නම් නෙමේ. මම මේක මගේ සියාම පොතෙත් ලිව්වා දෙයක්. කන කෑම වලට අමතරව දැඩි චිත්ත පීඩා ටිඑබ්න කොටත් ස්ට්‍රෙස් එක වැඩි වෙන කොටත් පිළිකා හැදෙනවා කයල මම දැක තිබෙනවා. අර හැමෝටම උදව් කරලා හැමෝගෙම වැඩ කරන්න ගිහින් ස්ට්‍රෙස් වෙලා හෘදයාබාධ හැදිලා පිළිකා හැදිලා මැරුණු අය මම දැකල තියෙනවා. ඉතින් පව්. අනේ හොඳ අය කලින්ම යනවනේ කියල අපි දුක් වෙනවා. කන කෑම , ඉන්න තැන් , ස්ට්‍රෙස් එක ඔය තුන තමා අඩුවැඩි වශයෙන් බලපාන්නේ කියන එකයි මගේ හැඟීම

    ReplyDelete
    Replies
    1. ඕං අපි ඔය අනිත් අය වගේ ලිස්සල යන්නේ නැහැ හරිද. පෝස්ට් එක කියවල කොමෙන්ට් එකකුත් දැම්මා :)

      Delete
    2. https://stanfordhealthcare.org/medical-conditions/cancer/cancer/cancer-causes.html

      දැම්මා ලින්කුව, ඕං අපි ගියා😷

      Delete
    3. https://www.curetoday.com/view/dark-days-depression-may-precede-a-cancer-diagnosis-in-some-cases

      Delete
    4. අජිත් මහත්තයෝ, Sam එංගලන්තයට ගියේ අවුරුදු දහසයට ඔන්න මෙන්න කියලා. ඊට පස්සේ එයාලා තුන් දෙනාම ඉස්කෝලේ ගියේ එහෙ, අපෙ ගෙදරදීත් dada එක්ක කතා කරන්න වුනෙත් ඉංග්‍රීසියෙන්. ඒ නිසා වෙන්නැති එයාලට සිංහල කියවීම අමතක වුණේ. එහෙම අය සිංහල කතා කරන්නෙත් හිතෙන් ට්‍රාන්ස්ලේට් කරමින්.... එතකොට තමා මරු!

      සමන්ති නංගිට එංගලන්තයේදී කරපු tests වගයකට අනුව උපදෙස් දීලා තියෙන්නෙ (විශේෂයෙන් අපෙ පවුලේ ගැහැනු අයට) පිළිකා හැදෙන්නට වැඩි ඉඩක් තියෙන බව.

      හැබැයි ඔයා කියනවා වගේ කරුණු රෝග හැදෙන්න බලපාන බව මමත් පිළිගන්නවා.

      බස්සා, අජිත් මහත්තුරු දෙන්නාටම ස්තුතියි, හොඳේ.

      Delete
  8. මෙතන ස්ට්‍රෙස් කියන එකඟ මම ඒක විතරක් නෙමේ අදහස් කලේ depression එකත් එක්කම. මම දන්නා කාන්තාවෝ දෙන්නෙක් ඉන්නවා මෙහෙ. ළමයින්ගේ ශිෂ්‍යත්වේ (හොඳ ඉස්කෝලෙකට දාන්න , ලනක්වේ වගේම තමා ) ටියුෂන් ගෙනියනවා, රස්සාවට යනවා, ගෙදර අම්මට සනීප නැහැ , හස්බන්ඩ් පාඩම් කරනවා. පිළිකාවක් හැදුන. ළමය ශිෂ්‍යත්වේ පාස්. හස්බන්ඩ් ගේ විභාගෙත් ඉවරයි. අවුරු දෙකකින් විතර කීමෝ හෙමත් කරලා දැන් සනීපයි. දෙවෙනි එක්කෙනාට ළමයාගේ වැඩ විතරයි. එයාටත් හදුනා.ඒ එයටත් හොඳයි. තුන්වෙනි කෙනාට - බෝයි ෆ්‍රෙන්ඩ් දාල ගියා. රස්සාව නැති වුනා. කැන්සර් හැදුනා . එයට හොඳ වුනේ නැහැ.
    හතරවෙනියා - අර පවුලේම අයට හැදෙනවා වගේ සීන් එකක් . එයාගේ අම්මට සහ අක්කට තිබුන. පවුලේ ලොකු ප්‍රශ්න නැහැ. නමුත් කෑම බීම පැත්තෙන් පරිස්සන් නැහැ. මගේ බිරිඳගේ යාළුවෙක්. එයා නැතිවුනා දැන් මාස දෙකකට කලින්. ඊයේ පෙරේද දැනගත්ත හස්බන්ඩ් ටත් කන්සර් එකක්. එතැන මට හිතෙන්නේ ලයිෆ් ස්ටයිල්. හරියට එක හේත්යුවක් කියන්න බැරි වුනත් longtime depression තියෙන අයට හැදෙනවා කියල මම දැකල තියනවා. කවුරුහරි සාම්පල අරගෙන පර්යේෂණ කරන්න ඕනේ දෙයක්.

    ReplyDelete
    Replies
    1. එකඟයි, ස්ට්‍රෙස් කියන එක ප්‍රධාන සාධකයක්, ඒත් එකම සාධකය නොවෙන්න ඉඩ තියනවා.

      Delete
    2. Samට මුල් වතාවේ පිළිකාව හැදිලා ප්‍රතිකාර කරලා රෝගය එහෙම පිටින්ම යටපත් වෙලා තිබුණේ, නමුත් බිමල් අසනීප වෙලා දුර්වල වෙන්න ගත්ත ගමන්ම සමන්තිගේ රෝගය නැවත මතු වුණා. දැන් ඒක ආයෙමත් යට ගිහින්. Stress එක මිනිසුන්ව ලෙඩ ගොඩකට ඇදලා දාන බවයි මගෙත් දැනීම.

      Delete
    3. අනිවාර්‍යයෙන්ම, ඒකයි මම මේ හිනා කතා සීරීස් එක පස්සෙ මෙච්චරම පන්නන්නෙ.

      ස්ට්‍රෙස් එක ලේ වල සීනී වගෙයි. ගාණට තියෙනෙ එක හොඳ උත්ප්‍රේරකයක්. හැබැයි වැඩි වුනොත් මලා!

      Delete
  9. https://www.healthline.com/health/can-stress-cause-cancer#theories

    ReplyDelete
  10. හරිම inspiring. අපිට කියවන්න ලිව්වට ස්තුතියි, නිමල්.

    "අද වෙන තුරුමවත් සමන්ති නංගිට වැළඳී තිබුණු පිළිකාව කුමක්දැයි මා අසා නැත. එයාගෙන් මට කියවිලාත් නැත. එව්වා කතා නොකළාට, පැය ගණනාවක් වුණත් කතා කරමින් හිනා වෙන්නට; සතුටු වෙන්නට තරම් දේවල් අපේම පවුල්වල තිබේ". කොච්චර හොඳද. තව කෙනෙක් කතාකරන්න අකැමති හෝ අපහසුතාවයට පත්වෙයි කියලා දැන දැනම ඒ ගැනම කතාකරනවට වඩා ගොඩක් හොදයි. නිමල් කරන්නෙ pastoral care වගේ දෙයක්.

    (සමන්ති ඉංග්‍රීසියෙන් ලියපු දේ නිමල් සිංහලට අරගෙන තියෙන විදිහ හරිම ලස්සනයි).

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි Lotus. මේවා ලියද්දී මගේ ප්‍රධානම අරමුණක් වෙන්නෙත් කියවන කෙනෙකුටත් මේවායින් පළ-ප්‍රයෝජනයක් වේවා කියන එක.

      ප්‍රශංසාවටත් ස්තුතියි හොඳේ.

      Delete
  11. Dhru ගැන මොකුත් කියන්න බැරිවුනානෙ. Mum and son දෙන්නම එකවගේ inspiring. What a great story!!

    ReplyDelete
    Replies
    1. මාත් එයාලා ගැන හරිම ආඩම්බරයි.
      ලිපිය දික්වෙන නිසා කිව්වේ නැතත්, කියන්නෙ සමන්ති නංගි හරිම වාසනාවන්තයි බිමල්ගේ වගේ family එකකට බැඳෙන්න. ඒ පවුලේ උදවිය තවමත් -දිගටම සෑම්ලා එක්කමයි.

      Delete
  12. Replies
    1. ස්තුතියි අනුරුද්ධ මහතාණෙනි, මෙන්න මගේ ඊමේල් ලිපිනය.
      mrnimaldissanayake@gmail.com

      Delete
  13. හදිස්සියෙන් ආවේ. කියවන්න වෙලා මදිය. පෝස්ට් එක හෙන දිගය. පසුවට අනිවා කියවමි😊

    ReplyDelete
  14. නිවාඩුවක් ලැබුනාම එන්නකෝ නවීන්! ස්තුතියි!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්