නිකමට වගේ
සුරතල් සතුන් විකුණන කඩේටත්… (මේ ගිරව් නං විකුණන්න
නෙවෙයි වගේ පුරුදු කරවලා ඉන්නේ.... දියවන්නා මන්දිරේට යවන්න වෙන්නැති!) |
එහෙමයි නේද අපි පහුගිය කොටහ නැවැත්තුවේ... මෙන්න එතැන ඉඳලා....
43. ගිරා හපන්කම
විනෝදෙට,
කාලේ ගෙවා ගන්න ෂොපින් යන මැදි වියේ නෝනලා තුන් දෙනා නිකමට වගේ සුරතල් සතුන්
විකුණන කඩේටත් ගොඩ වුණා.... ඔහේ එහාට මෙහාට ඇවිද්දා; ගණන් ඇහුවා; කඩේ අයිතිකාරයාට
දැන් තරහත් එක්ක. ඒත් මක් කරන්නද? ඉවසන්න එපාය.
‘කස්ටමර් ඉස් ද කින්ග්!’
“මේ නාටු
ගිරවා කීයද?” එක නෝනා කෙනෙක් ඇහුවා.
“ඩොලර්
සීයයි මැඩම්!”
“මූ එච්චර
වටිනවය?”
“ඌට
ගොඩාක් දේවල් පුළුවන් මැඩම්.”
“ඒ
කිව්වේ?” නෝනලා තුන් දෙනාම පැනලා ඇහුවා.
කඩේ අයිතිකාරයා අසුරක් ගැහුවා විතරයි, ගිරවා කට ඇරියා. “කහ- රෝස- නිල්, කහ- රෝස-
නිල්, කහ- රෝස- නිල්....”කියලා දිගටම කියාගෙන කියාගෙන ගියා.
“ඌ ඔය
කිව්වේ නෝනලා ඇඳගෙන ඉන්න පෑන්ටීස්වල පාට!”
නෝනලා
තුන් දෙනා මූණු රතු කරගෙන මුණු-මුණු ගෑවා.
“හරි,
හරි. අපි හෙටත් බලමුකො!” කියාගෙන එයාලා පිටත් වුණා.
දෙවෙනි
දවසේ එයාලා කඩේ ඇතුළට ආවා විතරයි මෙන්න, ගිරවා කියාගෙන කියාගෙන යනවා. “සුදු- සුදු-
සුදු, සුදු- සුදු- සුදු....” එදාත් නෝනලා තුන් දෙනා පරාදයි. ගිරවා හරි බව එයාලා
පිළිගත්තා.
සියලු
දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටෙන්, අපේ පාලක මහෝත්තමයාණන් වහන්සේලාගේ හොඳටම
කෙරුමේ අනුහසින්.... |
“හොඳටම ක්‍රේල්.
ඉත්තෑ කූරු වගේ කෙළින්. තට්ටේටම ගාලා...”
රසවත් කතන්දර කියවනකොට
කට වහගෙන නිස්සද්දව ඉන්න ඇහැකි මැරිච්චි මිනිස්සුන්ට විතරක් වෙන්නැති.
සියලු දෙවි දේවතාවුන්නාන්සේලාගේ පිහිටෙන්, අපේ පාලක මහෝත්තමයාණන් වහන්සේලාගේ හොඳටම
කෙරුමේ අනුහසින්, තම-තමුන්ගේ වියදමෙන් ජීවිතේ ගැට ගහ ගන්නා අපේ පාඨකයන්ගෙ නාඩි
තවමත් ගැහෙන නිසා.... ඒ භවතුනුත් නිස්සද්දව ඉඳලා නෑ; ‘හිනා තවත් හිනා’ පහුගිය post
එක කියවද්දී.
ඒ හින්දම පෝස්ටුවට වැඩියෙන් බරසාර; හාස්‍යමය; රසබර; අගනා; එකකට එකක් නොදෙවෙනි
comments තොගයක් උන්නැහේලා ඒකට එවලා තිබ්බා.
හිතාදර පාඨක භවතුන්ගෙන් සමහරුන්
පෝස්ටුව මිසක කමෙන්ට්ස් කියවන්නෙ නැහැනේ. (ඉස්සරෝම මාත් එහෙමයි. මගේ අත්දැකීම්
අනුවයි කියන්නේ.) තව අයට පස්සේ ආපහු ඇවිත් කමෙන්ටු බලන්න හිතෙන්නෙත් නෑ. Data
පිච්චෙන එකයි, වෙලාව අඩුකම ගැනයි වුණත් ගණන් බලන්න ඕනිනේ.
(හැබැයි, මම නං ඔයාලට කියන්නේ ඕනෑම blog අඩවියක post එක වගේම කමෙන්ටු ටිකත් කියෝලා
රස බලන්න කියලාමයි.
එතකොට ඔයාලටත් blogs නොලිව්වත් comments හරි ලියන්න හිතෙයි, අදහස් ගලාගෙන එනකොට!)
ඉතිං එහෙම කමෙන්ටු
නොකියවන අයවලුන් ගැනත් හිතලයි, ඒ comments අතර තිබුණු වෙනස්ම විදිහේ යාන් එකක්
මෙතනට ඔබන්නේ.
මේ කතාව ලියලා එව්වේ, ඊයේ පෙරේදා ‘කොටහේනේ
කොටි මැරිල්ල’ (හිනා කන) පෝස්ටුව පබිලිස්
කොරපු ‘කොළොම්පුරේ- අසංග රණසිංහ ආරච්චි’ සහෘදයායි.
සුද්දා හස්ත මුද්‍රා දන්න එකක් යෑ, ඌට කියාපං ‘තොරණ දවස් පහක් පෙන්වනවා-
දැන් දවස් දෙකක් ඉවරයි. තව තුනක් තියෙන බව තමයි.... |
‘ඔන්න එක දවසක්, වෙසක් දවස්වල සුද්දෙක් දාගත්තු අපේ ගයිඩ් පොරක් කොළම්පුරේ
වෙසක් පෙන්නන්න එක්ක ගෙන යනවා. පෑලියගොඩ තොරණ ළඟ නවත්වලා පොරට තොරණ ගැන විස්තරයක්
එහෙම කළා. සුද්දත් ගයිඩ් පොරව ඇඹරිලා යන ප්‍රස්නයක් ඇහැව්ව. ‘අර තොරණ මැද්දේ ඉන්න
බුදු හාමුදුරුවෝ අතේ ඇඟිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි’ කියලා. ගයිඩ් පොරට හීනියට වාගේ
මුත්තර බරකුත් දැනුණා, මේකට කොහොම උත්තර දෙන්නද කියලා හිතද්දි.
පොර ඔළුව කසලා ළඟ හිටපු පොඩි එකෙක්ගෙන් ඇහුවා,
‘මල්ලි අර බුදු හාමුදුරුවෝ ඇඟිලි දෙකක් නවාගෙන ඉන්නේ ඇයි’ කියලා සුද්දා අහනව
කියලා.
පොඩි ඇම්බැට්ටයා එක පාරටම කිව්වා,
අයියේ සුද්දා හස්ත මුද්‍රා දන්න එකක් යෑ, ඌට කියාපං ‘තොරණ දවස් පහක්
පෙන්වනවා- දැන් දවස් දෙකක් ඉවරයි. තව තුනක් තියෙන බව තමයි එතැනින් පෙන්වන්නේ’
කියලා.’
ඔය කතන්දරේ
කියෝපු උපතින්ම සැදැහැවත් බෞද්ධයෝ අසංගයි, මායි එක්කලා වෛර බැඳ ගන්නට තරම් උග්‍ර
සිංහල බොදුනුවෝ නොවෙත්වා!
අම්මට
සිරිගජ! දැනුයි පෙනෙන්නේ. ඊළඟ කතාවට දෙවියන් වහන්සේත් ඉන්නවා! පුදුමේ කියන්නේ
දෙවියන් වහන්සේව විහිළුවලට ගාවා ගත්තයි කියලා කුලප්පු වෙන ඇත්තන් හරිම හිඟ එක.
44. ආයු බොහෝ වේවා!
දෙවියන්
වහන්සේ ලෝකය මවා අවසන් කොට සතුන් මැවීමෙහි නිරත වූහ. එතුමා පළමුවෙන්ම මැවූයේ
බූරුවෙකි.
“අද සිට
තොප බූරුවා නම් වන්නේය. නුඹට බර උසුලාගෙන යාමට සිදු වෙයි. නුවණක් හෝ බුද්ධියක් හෝ
හිමි නොවෙන නුඹට උරුම ආහාරය තණකොළ වෙයි.
මම තොපට අවුරුදු පනහක පරමායුෂ පිරිනමමි!” දෙවියන් වහන්සේ බූරුවාට පැවසූහ.
අනතුරුව
මවන ලද්දේ වඳුරාය... (දෙයියොම වෙන්නැති මෙ ‘රිලා උඩවැඩියා මල්’ මැව්වෙත්!) |
“කිසිම
රසක් නැති තණකොළ කකා, උදේ හිටං බර ඇද ඇද තකතීරු මෝඩයෙක් වගේ මට අවුරුදු පනහක්
ජීවත් වෙන්න ඕනි නැහැ දෙවියනි. කරුණාකරලා මගේ ආයුෂ අවුරුදු විස්සක් කරලා දෙන්න.”
බූරුවා ඉල්ලා සිටියේය.
දෙවියන්
වහන්සේ උගේ ඉල්ලීම පිළිගත්හ.
ඊළඟට මවන
ලද්දේ සුනඛයාවයි.
“සුනඛය,
තොපගේ රාජකාරිය වන්නේ මිනිසාගේ නිවසත් දේපලත් සොර සතුරන්ගෙන් ආරක්ෂා කිරීමයි.
ඒ අතරම ඔහුගේ හොඳම මිතුරාද, සුරතලාද, විශ්වාසවන්තයාද වීමට තොපට සිදු වේ. ඒ අතරේම
තොපට ඔහුගේ ඉඳුල්වලින් කුස පුරවා ගැනීමටත් සිදු වෙනු ඇත.
මම තොපට වසර තිහක ජීවිත කාලයක් නියම කරමි.” දෙවියන් වහන්සේ සුනඛයාට කී සේක.
“ස්වාමීනි!
තිස් වසරක ජීවිත කාලය ඉතා දිගු එකකි. එයින් අඩක් පමණක් ජීවත් වීමට කැමැත්තෙමි.’
සුනඛයාත් දෙවියන් වහන්සේට වැඳ වැටෙමින් කිව්වේය.
“හොඳයි,
ඔබේ ප්‍රාර්ථනය එය නම්, එය එසේම වේවා!” සුනඛයාට පහළොස් වසරක පරමායුෂ දෙමින් දෙවියෝ
කීහ.
අනතුරුව
මවන ලද්දේ වඳුරාය.
“එම්බා
සත්ත්වය. තාගේ නාමය වඳුරා නම් වන්නේය. තොපගේ වාසස්ථානය වන්නේ උස් තුරු මුඳුන්ය.
ගස්වල අත්තෙන් අත්තට පනිමින් දළු- කොළ- පළ ආදිය අනුභව කරමින් විසි වසරක ආයු කාලයක්
භුක්ති විඳිනු. ඒ අතරම නියවමින්- විළිස්සමින් මිනිසා සිනහ ගැන්වීමටත් තොපට සිදු
වෙනු ඇත.”
දෙවියන්
වහන්සේගේ කතාව අසා සිටි වඳුරාත් දොහොත් මුඳුන්දී එතුමාට වැන්දේය.
“අවසරයි ස්වාමීනි. ඔබතුමා නියම කළ ලෙසින්ම කටයුතු සිදු වේවා. එහෙත් මගේ ආයු කාලයත්
කෙටි එකක් කරවා දෙනු මැනවි.”
නුඹ
මිහිතලය මත ප්‍රධානියා වන්නේය.... |
අන්තිමේදී
මවනු ලැබූයේ මිහිතලය මත උසස්ම සත්ත්වයා වීමට නියමිත මිනිසාය.
“නුඹ
මිහිතලය මත ප්‍රධානියා වන්නේය. සිරුරේ ප්‍රමාණයට සාපේක්ෂව විශාලම මොළයත්, ලිඟුවත්
නුඹට හිමි වෙනු ඇත. එසේම මානවයාට ලිංගික කටයුතු සඳහා නියමිත ඍතුවක් හෝ සමයක්ද නියම
නොකරමි.
නුඹේ බුද්ධිය මෙහෙයවා, ලෝකයම පාලනය කරමින් සතුටෙන් හා ප්‍රීතියෙන් යුතුව විසි
වසරක් ජීවත් වෙනු!”
දෙවියන්
වහන්සේගේ කතාව අවසන් වන්නටත් පෙරාතුවම මිනිසා හඬමින් බිම පෙරළුණේය.
“අපොයි
ස්වාමීනි, ඒ මොන අපරාධයක්ද? මෙච්චර දේවලුත් දීලා අවුරුදු විස්සක්.... හොඳටම මදි!
හොඳටෝම මදි... මට දිග කාලයක් ජීවත් වෙන්ඩ ඕනෑ.”
“බොහොම
හොඳයි! තොපගේ අභිප්‍රාව ඉටු වෙනු ඇති. බූරුවා ප්‍රතික්ෂේප කළ අවුරුදු තිහත්,
බල්ලාගෙන් ඉතිරිවූ පහළොස් වසරත්, වඳුරාගේ දස අවුරුද්දත් තොපට ලැබෙයි.” දෙවියන්
වහන්සේ මිනිසාට සමු දුන්හ.
එදා සිට
මිනිසා ස්වකීය ජීවිතයේ ප්‍රීතිමත් හා සැහැල්ලු කාලය විසි වසරක් පුරා භුක්ති විඳී!
ඉන් පසුව
විවාහවී, හරි හමං අහරක් හෝ විවේකයක් හෝ නොලබා බර අදිමින් ඊළඟ තිස් අවුරුද්ද
බූරුවෙකු විලසින් ගෙවයි!!
එයින් පසු
මුණුබුරු මිණිබිරියන් බලා-හදා ගනිමින්, ආරක්ෂා කරමින් බල්ලාගේ ආයු කාලය ගෙවමින්; උගේ
රාජකාරියත් ඉටු කරමින් ඊළඟ පහළොස් වසර ජීවත් වෙයි!!!
මිනිසා
ඊළඟට මහලුව, අබල-දුබලව, අනුනට විළිස්සමින්; අනුන්ව හිනස්සවමින් අන්තිමට ප්‍රයෝජනයට
ගන්නේ වඳුරා ඉවත දැමූ දස වසරයි!!!!
ඉස්කෝලේ ගේට්ටුව
ගාව වයසක සීයා කෙනෙක් ඉන්නව අම්මේ. ඒ සීයට.... |
“අනේ අම්මා... මගේ හොඳ අම්මා වගේ මට රුපියල් දහයක් දෙනවද?”
“ඒ මොකටද දුවේ
රුපියල් දහයක්?”
“අපෙ ඉස්කෝලේ
ගේට්ටුව ගාව වයසක සීයා කෙනෙක් ඉන්නව අම්මේ. ඒ සීයට දෙන්න.”
“මගේ හොඳ දුව!
පුංචි කාලේ ඉඳලම ඔහොම නැති බැරි අයට උදව් කරන්න පුරුදු වෙන්න ඕනි. ඉතිං, ඒ සීයාට මුකුත්ම
වැඩක් පලක් කරන්න බැරිද?” දියණියට රුපියල් දහයක් දෙමින් මව ඇසුවාය.
“ඒක නං දන්නේ
නෑ අම්මේ. එයා එතැන ඉඳන් රටකජු විකුණනවනේ....!”
මේ පුංචි දෝණියන්දෑ
‘ඇම්ඩන්’ගෙ සොහොයුරියක්වත්ද කියලයි මට හිතුණේ. ඔය වයසට ඔහොම නං ලොකු වෙද්දී මේ
ඇටිකිච්චි කොහොමට හිටීවිද? ඒ ගැන හිතෙද්දී, හැට්ටර් මල්ලී ගිය සතියේ මට එවල තිබුණු
ඇම්ඩන්ගෙ කතාවකුත් ඔන්න මගේ මතකයට ආවා.
ඒ අපූරු කතන්දරෙත් කියවලා බලමුකෝ, නේද?
සොසේජ්
දාන මැෂිම
‘ඇම්ඩාගේ තාත්තා පට්ට සල්ලිකාරයලු.....
ෆැක්ටරිම තුනක් තියේලු....
ඉතිං ඇම්ඩා එක්සෑම් ඉවර උනාම මූට කර්මාන්තයක් උගන්වන්න ඕනය කියලා ඇම්ඩගේ
තාත්තා මූව එක්ක ගියාලු තාත්තගේ ගාමන්ට්
එකට....
රෙදි එනවලු කපනවලු මහනවලු වැඩ ගොඩයි ඒත් මූ නෑලු කිසි ඉන්ට්‍රස්ට් එකක්.....
එක්ක ගියාලු #බිස්කට්
ෆැක්ට්‍රියට......
පිටි හැලෙනවලු ඇනෙනවලු බිස්කට් හැදෙනවලු සීනී දානවලු #හිල් ගහනවලු
ඒත් මූ නෙමේලු වචනයක් කීවේ.....
එක්ක ගියාලු #සොසේජස්
ෆැක්ට්‍රියට.....
එහෙම මැෂිමක් තියෙනවා තොපේ අම්මා ගාව. ඒකට අවුරුදු 20කට කලින් දාපු සොසේජස් එකක් නිසා තමා තෝ වගේ මීහරක් පැටියෙක් පවුලට හම්බ උනේ... |
ඇම්ඩා පට්ට ඉන්ට්රස්ට්ලු.....
සෑහෙන ප්‍රශ්න අහනවලු බලනවලු අතගානවලු එක විකාරයයිලු.....
තාත්තටත් පට්ට හැපිලු මූට මේකවත් හිතට ඇල්ලුවනේ කියලා.
සේරම කරලා අන්තිමට ඇම්ඩා මෙහෙම ඇහුවලු.....
තාත්තේ දැන් මේකේ හරකව මෙහෙන් දැම්මමනේ සොසේජස් මෙහෙන් එන්නෙ.
නැද්ද මැෂිමක් #සොසේජස් මෙහෙන් දැම්මම #හරකා මෙහෙන් එළියට එන විදිහේ ඈ???
තාත්තට #නැට්ටටම පෑගුණාලු බ්රේක් එක....
තාත්තා මෙහෙම කීවලු.
තියෙනවා පුතේ. එහෙම මැෂිමක් තියෙනවා තොපේ අම්මා ගාව. ඒකට අවුරුදු 20කට කලින් දාපු සොසේජස් එකක් නිසා තමා තෝ වගේ මීහරක් පැටියෙක් පවුලට හම්බ උනේ...’
‘හිනා තවත් හිනා’ පොතෙනුත් බාගෙකට වැඩිය තමුන්නාන්සේලා කියවලා ඉවරයි බොලේ. මේ තියෙන්නේ පොතේ 58 වෙනි පිටුවේ යටින්ම තියෙන කතාව.
46. මහත්තයට තියෙන ආදරේ
ගිනි මද්දහනේ
හොරු රංචුවක් ප්රේමලතාලගේ ගෙදරට රිංගුවා. හරියටම කියනවා නං රිංගුවා නෙවෙයි ඇතුළු වුණා,
බාගෙට ඇරලා දාලා තිබුණු දොරෙන්!
අනේ බුදු
අයියේ! |
ඇඳ උඩ අමු නිරුවතින් දෙදෙනෙක් සංසර්ගයේ යෙදෙනවා!
හොරු කඩා
වැදුණා විතරයි, ඇඳ උඩ හිටපු දෙන්නා බයෙන් බිරාන්ත වුණා. හොරු මොකද කළේ- පිරිමියාව
නැඟිට්ටවලා පුටුවක වාඩි කෙරෙව්වා. ප්‍රේමලතාගේ ඇඳුම් අල්මාරියෙන්ම සාරියක් අරන්,
ඒකෙන්ම පිරිමියාව පුටුවට තියලා ගැට ගැහුවා. ඊළඟට ප්රේමලතාවත් ඇඳටම තියලා ගැට
ගැහුවා.
ඊට පස්සේ
රත්තරං බඩු, සල්ලි විතරක් නෙවෙයි වටින-කියන ඔක්කොම දේවල් එකතු කර-කර පොදි බැන්දා.
“මේ නෝනයි
මහත්තයයි දෙන්නම බොහොම හොඳයි; නුවණක්කාරයි..... මෙච්චර වෙලා කටක් ඇරියේ නැහැනෙ.
දන්නවද, කටක් ඇරියා නම් අපි අඟල් හයක්ම බස්සලයි පස්ස බලන්නේ...” ආපහු යන්න
ලැහැස්ති වෙලා එක හොරෙක් කිව්වා.
එතකොටයි
ප්‍රේමලතා කට ඇරියේ!
“අනේ බුදු
අයියේ, ඔය අතන මෙතැන තව මඟ ඇරිච්ච දේවල් වුණත් එකතු කරගෙන යනකල් අපි කට වහ ගෙනම
ඉන්නං. ඒ වුණාට යන්න කලින් මෙයාව විතරක් ලෙහල දාලා යන්න....”
“ඒ මොකද
ඒ? මහත්තයට බොහොම ආදරෙයි වගේ.” එක හොරෙක් ඇහුවා.
“පිං
සිද්ද වෙයි, එයාව ඉක්මනට ලෙහලා අරින්න අයියෙ. එයා අල්ලපු ගෙදර ඉන්නේ.”ප්‍රේමලතා
උත්තර දුන්නා.
47. අමීර් ඛාන් පොලිසියේ!
පාරේ
තනියෙන් යන ගැහැනු ළමයින්ගේ මාල කඩා ගැනිල්ල තමයි ‘ආමි සනත්’ රස්සාවට කළේ. මිනිහා
රස්සාවට යන්නේ මෝටර් සයිකලෙන්.
දවසක් ආමි සනත් පොලීසියට මාට්ටු වුණා.
මේ පරයා
මට කිව්වේ මුගේ නම ආමි සනත්ය කියලා.. ඔය ආ...වෙ.... නියම නම... අමීර් ඛාන්! |
ඔන්න ඔය
වෙලාවෙමයි, අලුතෙන් පොලීසියට බැඳුණු තරුණ පොලිස් කාන්තාවන්ගෙන් කෙනෙක් එතනින්
ගියේ. එයා ආමි සනත්ව දැකලා නතර වුණා;
ඇහිපිය නොහෙළා මිනිහා දිහාව බලා හිටියා.
“මොකද
නංගී? ඔයාටත් මේකව මීට් වෙලා තියෙනවද?” රාළහාමි කෙනෙක් පොලිස් කාන්තාවගෙන් ඇහුවා.
“අනේ නෑ
අයියා...”
“එහෙනං
ඔච්චර බැලුවේ?”
“මෙයා නං
අමීර් ඛාන්ම තමයි.. අමීර් ඛාන්!” පොලිස් කාන්තාව කීවා.
“මූව හම
ගහන්න! මේ පරයා මට කිව්වේ මුගේ නම ආමි සනත්ය කියලා.. ඔය ආ...වෙ.... නියම නම...”
දත්මිටි කකා රාළහාමි බැටන් පොල්ල අතට ගත්තා.
48. ඔක්කොම වැරදියට කරන්නේ
දෙවෙනි
ලෝක යුද්ධ කාලේ දවසක්දා ඇමෙරිකානු සොල්දාදුවෙක් ගමනක් යන්න ආවා. මිනිහගේ පිටේ
ඇඳුම්-කැඩුම් පුරෝගත්තු බෑග් එකක්. එයා ලන්ඩන් දුම්රිය පළෙන් කෝච්චියට නැංගා.
කෝච්චිය පිරෙන්නම සෙනඟ.
සොල්දාදුවාත් යුද පෙරමුණේ ඉඳලා එන ගමන් නිසා හරිම මහන්සියෙන් හිටියේ. ඒත් මිනිහට
වාඩි වෙන්න ආසනයක් අල්ලා ගන්න බැරි වුණා.
ඔන්න මිනිහා කෝච්චි පෙට්ටියෙන් පෙට්ටියට යනවා ඉඩ තියෙන සීට් එකක් හොය-හොයා.
‘ම්හු!’
හැම එකේම මිනිස්සු වාඩි වෙලා.
ඔහොම යද්දී සොල්දාදුවා දැක්කා නාකි සුද්දියෙක් මහා
උද්ධච්ච ලීලාවෙන් බූරු ඇඳත් දිග ඇරගෙන වාඩි වෙලා ඉන්නවා. එච්චරක් විතරයැ. එයාගේ හුරතල්
බැල්ලිවත් සීට් එක උඩින්ම වාඩි කරවාගෙන. සොල්දාදුවා පට ගාල එතනට ගියා.
තමුසෙලා; ඇමෙරිකන්කාරයෝ
හැම දේම කරන්නෙ වැරදියට.... |
සුද්දී සොල්දාදුවාගේ කතාව නෑහුණා වගේ ඔහේ හිටියා!
“නෝනා,
කරුණාකරලා ඔහේගේ බැල්ලිව නෝනගේ ළඟට අරන් මටත් වාඩි වෙන්න ඉඩක් දෙන්න...”
සොල්දාදුවා ආපහු කිව්වා.
“ඒ මොකටද
ඒ?”
“මේක මිනිස්සුන්ට
යන්න තියෙන කෝච්චියක්... අනෙක මං මේ යුද පෙරමුණේ ඉඳලා එන ගමන්... අපේ රටවල්
වෙනුවෙන් යුද්ධ කරලා.”
“මට උඹ
යුද්ධ කළත් එකයි, නැතත් එකයි. මගේ චූටි පුංචි පැටික්කිටත් අතපය දිග ඇරලා වාඩි වෙලා
යන්න ඕනෙ. උඹට මෙතන වාඩි වෙන්න දුන්නොත් එයාටත් යන්න වෙන්නේ හිර වෙලා.......”
සුද්දී කියාගෙන ගියා.
සුද්දිගේ ආඩම්බරකාර
කතාවට සොල්දාදුවාට මළ පැන්නා. මිනිහා මොකද කළේ, පැනපු ගමන් සුද්දිගේ චූටි පුංචි බලු
පැටික්කිව උස්සල ගත්තා; ගත්ත ගමන්ම ඌව කෝච්චියේ ජනේලෙකින් එළියට දැම්මා!
“ඕ මයි ගෝඩ්!”
සුද්දී බෙරිහන් දුන්නා.
“... මේ ඇමෙරිකන් යක්ෂයා මගේ චූටි පුංචිව කෝච්චියෙන් එළියට වීසි කළා!” සුද්දි ළඟ හිටපු
හැමෝටම එයාට වෙච්ච අවනඩුව ගැන කිව්වා.
මුල ඉඳලාම
වෙච්චි දේ බලාගෙන හිටිය සුදු මහත්තයෙක් කට ඇරියේ එතකොටයි.
“තමුසෙලා;
ඇමෙරිකන්කාරයෝ හැම දේම කරන්නෙ වැරදියට.... තමුසෙලා පාරේ වාහන එළවන්නේ වැරදි පැත්තෙන්.
කනකොට ගෑරුප්පුව අල්ලන්නේ වැරදි අතින්.... දැනුත් ඒ වගේමයි!
තමුසේ කෝච්චියෙන් එළියට උස්සලා දැම්මෙත් වැරදි බැල්ලිවනෙ අයිසේ.”
අපිත් ඒ ඇමෙරිකන් සොල්දාදුවා වගේ අයද? අවුරුදු 70ක් තිස්සේ වැරදි කට්ටියවද පැත්තකට වීසි කළේ? හිනා වෙන්න විතරක් නෙවෙයි, හිනා වෙවී අඬන්නත් ඇහැකි වෙයි මේ කෙටි වීඩියෝව බලලා!
අසංගගෙ කතාව නං කී පාරක් දැක්කත් හිනා යනව. අර ආමීර් ඛාන් පොලිසියට අහුවෙලා වගේ ඇස් ලොකු කරං ඉන්න පින්තූරෙත් මරු...
ReplyDeleteනිදි සහ ඩ්රැකී ට ස්තුතියි...
Deleteඑච්චර අගේ ඇති කතා පොඩ්ඩක් ලියලා එව්වටත් ස්තුතියි අසංග!
Deleteඅද හිටවන මාටිනුයි, අටවන මාටිනුයි එන්ඩ කලිං මං ඇවිත් කියෙව්වා...
ReplyDeleteමාටින්ලා කලින් ඇවිත් ලිස්සල යනවා. කලින් කමෙන්ට් කලාම රට්ටු කයි-කතන්දර කියනවා කියන්නෙ.
Deleteමම මේ වල් ටුවර් එකක් යන ගමන්, දැකලා බුරලා යන්න ආව.😂
ඩ්රකී, ටොමී දෙන්නටම ස්තුතියි මහා වැස්සේම ආවට!
Deleteඑක දිගටම කියෙව්වා, වෙනස් විදිහට සමහර කතා අහල තිබ්බත්, ආයෙ මේ වර්ශන් එකේ රසයෙ කිසිම අඩුවක් නෑ. ස්තූතියි.🙏👌🐶
ReplyDeleteඑකම කතාව වුණත් එක-එක්කෙනා කියන විදිහ වෙනස්නේ ටොමී!
Deleteඔන්න සුද්දො අපේ රට අල්ලගත්තු කාලේ රට තොට බලන්න එක සුද්දෙක් අස්සකරත්තෙක නැගලා යනවා. එයාට ගමේ පාරවල් පෙන්නන්න අපේ සිංහල රටේ මහත්තයෙකුත් ගියා. දැන් දෙන්නා යන්නේ මීගමුව පැත්තෙන්. ඒකාලේ ඔය කඩමන්ඩියක් දෙකක් හැරෙන්න ලොකුවට නොතිබුණු එ පැත්තේ බල්ලෝ එහෙම හිටියා. අස්සකරත්ත දැකලා නැති බල්ලෝ එක සිරුවට බුරා වැටෙන්න ගත්තා. වට පිට බල බල ගිය සුද්දා පාරේ හිටිය බල්ලෝ දැක්කා.
ReplyDeleteOh my god two much dogs here. What is the name of this village?
සුද්දා රටේ මහත්තයාගෙන් ඇහැව්වා.
ඔව් සර් මේ බල්ලෝ නිකං බුරනවා. නිකං බුරනවා..
Oh Negambo.. very nice village.. සුද්දා පොතේ සටහනක් දාගත්තා..
ඔන්න එදා ඉදන් මිගමුවට නිකං බුරනවා කියලා නම වැටුනා..
ඔය උඩ ඉන්න ටොමිය තමයි ඕවට වගකියන්න ඕන.
Deleteවග කියන්න, ආන්න ටෝච් එකත් අරං වඩිනවා, වවුල් ආදිපාද. 😂
Deleteකෙහෙල්මල. ඒමද මීගමුවට නම වැටුනෙ. හත්තික්කේ 😂😂😂
Deleteඅසංග කියලා තියෙන්නේ අලුත්ම වර්ෂන් එක.
Deleteසද්ධර්මාලංකාරේ කියන විදිහත් මෙතනට ලියන්න හිතුනා.
විහාර මහ දේවියට දොළ දුක හැදුනාම.....
'එපවත් අසා රජ්ජුරුවෝ නුවර බෙර ලවන්නාහු යමෙක් සියක් රියනක් දිග මීයක් දැක කීයේ වී නම් ඕහට බොහෝ සම්පත් දෙමියි කියා නුවරැ බෙර ලැවූහ. එකලැ බිසවුන් කුස පිළිසිඳගත් කුමාරයන්ගේ කුශලානුභාවයෙන් ගොළුමුහුදැ වෙරළ අසැ මුණින් නමා තුබූ මහලු නැවක් ඇතුළතැ සියක් රියන් පමණ තැනැ මීමැස්සෝ මහත් වූ මීපටලයක් බැඳ ගියහ.....'
පාලකයන්ගේ පිනට සතා-සිවුපාවත් පැනල දෙන හැටි තමා ඒ. එහෙම වුනයි කියන්නේ මීගොමුවේ!
වත්තේ කන්කානම් ලා සමහර වෙලාවට තේ වදුලු අස්සට ලෙච්චමී ල බලෙන් අරන් යනවලුනේ, එහෙම වෙලාවක හිංසක ලෙච්චමී කෙනෙකුට් තේ කඩන්න උගන්නන කොට පල්ලහ පාරේ වත්තේ සුද්ද උඩ බලබල යනවලු ගැනියෙක් ගේ මුණක් වරින්වර කණ්ඩියෙන් උඩට එන්නේ මොකද කියල . ලෙච්චමී ඒක දැකල කෑ ගහනවලු. ශු** පලාගෙන යනවා , ශු** පලාගෙන යනවා කියල. කන්කානම කියනවලු ෂරි ෂරි නංගි අපේ ඒවා දානකොට එහෙම තමා කියල.
Deleteතේ කූඩය පිටේ බැඳන් උඹ එනවා කන්ද උඩින්
Deleteමම දැක්කේ හුඟ කලකට පස්සෙ ලෙච්චමී
කාගෙත් ඇස් වහල හොරෙන්.....
මම හිතුවෙ අඟල් හයක් බස්සනවයි කිවුව හින්ද නෝන අර හොරාට ඉන්න කියයි කියල. හැක්..
ReplyDeleteවෙන මොනාත් හිතුන්නැතෙයි
Deleteකලින් කතන්දරේක කියපු බාවා මහත්තයා ආවා නං... නෝනා මොනවා කියයිද කියල ප්‍රසන්නට කියමුද මහේෂ්?
Deletehttps://www.hercampus.com/school/western/10-tried-and-true-pubic-hairstyles/
ReplyDeleteනොදන්න හින්දයි අහන්නෙ සෑර් "Bermuda Triangle combined with a Landing Strip" එහෙම තියෙන්නෙ ඇයි සෑර්? කාගෙ හරි ජෙට් එකක් ලෑන්ඩ් කරන කොට, හොට බිම ඇනෙයි කියල වත්දෑ?🤔😊🦉🐶
Deletehttps://www.healthline.com/health/mens-health/manscaping-pubic-hair-tips#grooming-options
Deleteඅර තට්ටෙටම ගෑව නෝනලාට මේ links යවන්න තිබ්බා නං Pra Jay මහත්තයෝ... බුදු ෂුවර් ගිරවා වහ කනවා!
Deleteකඩල කන්න රුපියල් 5ක් ඉල්ලලා ඇම්ඩා හැමදාම නැන්දට කරදර කරනවලු. බැරිම තැන නැන්ද ඇහුවලූ මේ තරම් කඩල කන්න හේතුව. ඇම්ඩ කිසි ගානක් නැතුව කිවුවලු කඩල කෑවම මිනිහගේ අහවල් එක හොදට ප්‍රානවත් වෙනවා කියලා. ඊලග දවසේ ඇම්ඩා ඉල්ලනත් කලින් නැන්දා රුපියල් 15ක්ම දීලා කිවුවලු පුතා රුපියල් 5ක කඩල කාලා මාමට රුපියල් 10ක කඩල ගෙනත් දෙන්න කියලා.
ReplyDeleteඑතකොට චමී ජෙන්ටල්මන් ඔන්ලි ඔත්තුවක් දෙන්න හිතුනා විහිළුවක් නොවෙන.
Deleteකෙනෙක් නිතිපතා යහමින් කිකිළි බිජු අනුභව කරන්නේ නම් ඕහට වැඩි ලිංගික ආකර්ෂණයක් ලැබෙන්නේල.
කැමැත්තෝ අත්හදා සත්ත දන්වා එවත්වා!
මාත් විහිළු කතාවක් කියන්ඩද? අන්න ගමේ සමූපකාරේ ඇතිවෙන්ඩ සිමෙන්ති තියෙනවා!! ගෑස්, සීනි, හාල්, පරිප්පු ඕනතරං!!
ReplyDeleteතවත් විහිළු කතාවක්:
Deleteලාබයි පර්චස් එකම 500යි
“මට ඕනනම් බෙල්ලෙන් අල්ලලා කාබනික පොහොර දැම්මෙවුවැකි“ - කොහොමද ඒක?
Deleteඅම්මෝහ්!! වැඩිය හිනා ගස්සන්ඩ එපා යකුනේ මට කැස්ස හැදෙනවා!!
Deleteබෙල්ලෙන් අල්ලන්න යන්නෙ 'බෙල්ල වණ' වෙලා ඉන්න කෙනෙක්ද?
Deleteගොවියෙක් කිව්ව, බෙල්ලෙං අල්ලන්ඩ ආවොත්, පිස්ස කියල බලන්නෑ උදැල්ලෙං කොටනව කියල.
Deleteහැබෑට ඩ්රැකී, ගොවියා කිව්වද piss ස' කියල?
Deleteමම තමයි හොඳටම කලේ
Deleteඅමීර් ඛාන් පොලිසියේ! කියවපුවාම පහු ගිය දවසක කියවපු පොලිස් කතාවක් මතක් උනා. ඒක එහෙම්ම පහලින් දාන්නම්.
ReplyDeleteOne hot summer day, a blonde came to town with her dog, tied it under the shade of a tree, and headed into a restaurant for something cold to drink.
Twenty minutes later, a policeman entered the restaurant and asked, 'Who owns the dog tied under that tree outside?'. The blonde said it was hers. 'Your dog seems to be in heat' the officer said.
The blonde replied, 'No way. She's cool 'cause she's tied up under that shade tree.' The policeman said, 'No! You don't understand. Your dog needs to be bred'. 'No way,' said the blonde. 'My dog doesn't need bread. She isn't hungry 'cause I fed her this morning.'
The exasperated policeman said, 'NO! You don't understand. Your dog wants to have sex!'
Blonde looked at the cop and said, 'Well, go ahead. I always wanted a police dog.'
හුදීජන පහන් සංවේගය උදෙසා මම කතාව ගූගල්ට කියල, පරිවර්තනය කෙරෙව්වා:
Deleteඑක් උණුසුම් ගිම්හාන දිනයක, රන්වන්තියක් තම බල්ලා සමඟ නගරයට පැමිණ, එය ගසක සෙවණක් යට බැඳ, සිසිල් යමක් පානය කිරීමට අවන්හලකට ගියාය.
විනාඩි විස්සකට පසු ආපන ශාලාවට ඇතුළු වූ පොලිස් නිලධාරියෙක් ඇසුවේ ‘එළියේ ගහ යට බැඳ ඇති බල්ලා කාගේද’ කියාය. රන්වන්තිය පැවසුවේ එය ඇගේ බවයි. 'ඔයාගේ බල්ලා රත් වෙලා වගේ' නිලධාරියා කීවේය.
රන්වන්තිය පිළිතුරු දුන්නේ, 'එසේ නොවේ. ඒ සෙවණ ගහ යට බැඳලා ඉන්න නිසා ඇය නිහඩයි. පොලිස් නිලධාරියා, 'නැහැ! ඔබට තේරෙන්නේ නැහැ. ඔබේ බල්ලා ඇති කළ යුතුයි. 'කිසිම විදිහක් නැහැ,' රන්වන්තිය කීවාය. 'මගේ බල්ලාට පාන් අවශ්‍ය නැහැ. එයාට බඩගිනි නෑ 'මොකද මම අද උදේ එයාට කැව්ව.'
කෝපයට පත් පොලිස් නිලධාරියා, 'නැහැ! ඔබට තේරෙන්නේ නැහැ. ඔබේ බල්ලා ලිංගිකව හැසිරීමට කැමතියි!'
බ්ලොන්ඩ් පොලිස් නිලධාරියා දෙස බලා, 'හොඳයි, ඉදිරියට යන්න. මට හැමදාම ඕන වුණේ පොලිස් බල්ලෙක්.'
ගූගල් ට්‍රාන්ස්ලේට් එකෙනුත් හොඳ විහිළු කතා හදා ගන්න පුළුවන් නේද??
Deleteඅනේ Sam, ටොමී ගොඩාරියක් තැන්ක්ස්!
Deleteමට මතක් වෙන වාරයක් වාරයක් පාසා, දවස් ගනනාවකට හිනා වෙවී ඉන්න මේ විහිලුව ඇති!
හෙහ් හෙහ් හේ.. මහන්සි වෙලා ගෙදරාවම මහන්සි නිවෙන පෝස්ටුවක්. මල් හතයි
ReplyDeleteපෝස්ටුව වගේද මහේෂ්, ඔයාලා එවන විහිලු.... මේ comment එක කොටද්දී කම්පියුටරෙත් හිනා වෙවී ගැස්සෙනවා.....
Deleteසුපිරි!
ReplyDeleteඅලියා දිරි දිරී - එනකොට රෙද්දෙ තුත්තිරී
Deleteසුපිරි විහිළු කියවමුකෝ -හිනා පෙරි පෙරී
අර මනුස්සයගෙ වයසෙ සීන් එක අහලා තිබුනා. අනිත් ඒවත් මරූ👌😝
ReplyDeleteස්තුතියි නවීන්.
Deleteමේ වන විටත් ඔබගේ බ්ලොගය අප අපගේ සින්ඩියට ඇතුලත් කොට හමාරය. එය "3. බ්ලොග් සඟරා" කොලමයේ දක්වා ඇත! අපට අවශ්‍ය වන්නේ බ්ලොග් ස්වර්ණමය යුගයක් යලිත් ඇතිකිරීමටය. ඒ සඳහා ඔබගේ සහයෝගයද අප නිරන්තරයෙන් බලා පොරොත්තු වෙමු. අප පිළිබඳව හැකි උපරිම ප්‍රචාරණයක් ලබා දෙන්න!
ReplyDeleteThis comment has been removed by the author.
Deleteඒ බව දුටිමි. ස්තුතියි. සඳකඩපහණ සින්ඩියේ නම මෙ බ්ලෝගයේ 'මට උදව් කරන අය' තීරුවේ එල්ලා ගත්තෙමි. එහෙත් එය යාවත්කාලීන නොවේ. දෝෂය ඇත්තේ කොතනදැයි සොයා ගැන්මට වෙර දරන්නෙමි. ඒ ගැන අනුමාන කල හැකි නම් දන්වනු මැනවි, ඔබ අඩවියේ උපදෙස් පරිදි දක්වා තිබෙන 'කෝඩ්' එක copy කරගෙන [ ලකුණ ඇති දෙතැනම එය < ලෙස වෙනස්කොට යෙදු විටත් පලක් නොවේ. වැරැද්ද කොතනද?
Deleteනෝනලා කොමාන්ඩෝ ඇවිත් වගේ, ඛාන් කතාව වෙන විධිහ්කට් අහල තියෙනවා. බැල්ලිගෙ කතාව නම් දන්නවා
ReplyDeleteකොමාන්ඩෝ ඇවිත්.... අහලා නොතිබුණු යෙදුමක් අජිත්. ස්තුතියි.
Deleteඅම්මෝ....හිනාඋනා...එල ද බ්‍රා
ReplyDeleteහිනා වුණාට කමක් නෑ. කියන දේ කරන්න ඕනි. ඔබතුමා ඔක්තෝබර් තිස්වෙනිදා කියලා තියෙනවනේ පලමුවෙනිද හවස් වෙන්න කලින් මර්වින්ව එලියට ගන්න කතන්දරයක්... කෝ ගත්තද?
Delete