li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, February 28, 2022

මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස

මං හිටිය අවදානම් තත්වේ ගැන හිතා ගත්තහැකි නේද? පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන්....

‘නරි අඟ’ ගැන නං මතක ඇති සාවියක තිබ්බ බවක් මතක නෑ. දසනායක රත්නවතී; අපේ ආච්චී ඒ ගැන කියාපු කතන්දරේ විතරයි යන්තමට මතක.

මගේ මතකය අලුත් කර ගන්නත් එක්ක, දන්නා පින්වතෙක්- පින්වන්තියක් කියනවද ‘නරි අඟ’ ගැන විස්තර?

පහුගිය කොටසේ අන්තිමට මංතුමා ඔබතුමන්ලාගෙන් ඉල්ලා හිටියේ ගෞරව පුරස්සරව බහුමානයෙන්! අනේ, කියන්නත් සන්තෝසයි- ඉතාම හොඳ ප්‍රතිචාර ලැබුණා.

Sam Perera රසික හිතවතා එදාම, නරි අං ගැන අංග සම්පූර්ණ විස්තරයක් දිගෝම- දිග comment එකක් විදිහට එවලා තිබුණා. ඒ කමෙන්ටුවේ දිග දැකලා වෙන්ටෝනි, D.G.M බස්සා මහත්තය මෙහෙම ලියා තිබ්බේ. “යකඩෝ, මේකෙ පෝස්ට් ඇතුලෙ පෝස්ට් නොවැ? ස්තූතියි.”

කොහොමෙන් හරි ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨක භවතුන්ට  විතරක් නෙවෙයිනෙ මෙහෙම සටහන් කිරීම්වලින් සෙතක් වෙන්නේ. අනාගතයේ දවසක මේ තොරතුරු හොයන අයටත්...
ඒ නිසා මේ පින්කම්වලට සම්මාදම් වෙන හැමෝටම ස්තුතියි කියල, ඔන්න පොතට යනවා. හොඳේ!

මං හිටිය අවදානම් තත්වේ ගැන හිතා ගත්තහැකි නේද?
පිටි පස්සෙන් සිංහය! ඉස්සරහින් කිඹුල! වම් පැත්තෙන් හැඩ පාර ඇති ගඟ! දකුණෙන් මහ ප්‍රපාතයක්! ඊට පස්සේ දැනගන්න ලැබුණ, ඒකත් සර්ප විමානයක් කියල.

මගේ ඔළුව රත් වුණා. ඇඟට පණ නැතුව ගිහිල්ල, ගහ කඩා එලුව වගේ එතැනම ඇද හැලුණ.
මම හිටියෙ, දැන් දැන් එක්කෝ සිංහයා චිරි චිරි ගාල මාව විකාවිය කියල- නැත්නම් කිඹුලා ගෙඩි පිටින් ගිල දමයිය කියල. තත්පර තුන හතරක් ගියා....
මගෙ ඇඟට කිසි වේදනාවක් නොදැනුණට ඇහුණ නපුරු ගෙරවිල්ලක්!

මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන....
මම හෙමින් සීරුවේ ඔළුව උස්සල බැලුව. මොන සන්තෝසයක්ද, ඒක දකිනකොට! මගේ ඇඟට පැනපු වේගේ තදකමට සිංහය උඩින්ම ගිහින් වැටිල තියෙන්නේ කිඹුලගෙ කටට. උගේ ඔළුව කිඹුලගෙ උගුරටම ගිහින්. බේරිලා යන්න ඇති මට්ටම් දැඟලුව. වැඩක් උණේ නෑ.

මම එතෙන්ට පැන්නෙ කඩුව ඇදගෙන.
එක කඩු පාරයි ගැහැව්වෙ.
සිංහයගෙ ඔළුව කිඹුල් කටේ- කඳ කෑල්ල මගෙ පාමුල වැටුණ. තුවක්කු වල්ලෙන් ඇනල ඇනල ඔළුව කිඹුලගෙ උගුරෙන් පල්ලට තල්ලු කළා.
කිහි හෙලවිල්ලක් නෑ, උන්දැත් එතැනමයි!

මේ බයානක සතුරෝ දෙන්නම පරද්දලා ටිකක් වෙලා යනකොට මට මොනව උණාද කියල හොයාගෙන මගෙ යාළුවත් ඔතෙන්ට ආව. එයා මේ හපන්කමට මාව මුරුංග අත්තේ තියල කතා කෙරුව.
අපි දෙන්න එක්ක කිඹුලව මැනලා බැලුව. වැඩිය නෑ, දිග අඩි හතළිහයි අඟල් හතයි!

අපේ දඩයම ගැන ආණ්ඩුකාරතුමාට කිව්වහම උන්නැහේ මේ සත්තු දෙන්නව ගේන්න මිනිස්සු රංචුවක් පිටත් කෙරුව, විසාල වාහනේකුත් එක්ක.
මම ඒ රටේ හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක් ලංකාවේ හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා.

කිව්වම විස්සාසෙට ගන්ඩ ඕනි ආයිබොවන්ලා.
ඊයේ රාත්තිරියේ ගරුතර මැංචෝසන් සාමිතුමා ආවා නෙව මේ ලියන නිදි ඇටිකිච්චාව මුලිච්චි වෙන්න.
හැබැහින්ද ඇහුවා? මොකටද මගේ කට.... තමුන්නැහේලට බොරු කිව්වයි කියලා මට මොනවා ලැබෙනවටද?
හැබැයි ඉතිං දැන් දැන් හැම තැනම බොරුව පැටවු ගහලා. කොයි කපේද කිරි බුදු අප්පච්චියේ මේ තේ ගොයි රාළලාත් කිසිම බයක්-හැකක් නැතිව අතිගරු ජනාධිපති උතුමාණන් ඉදිරියේ; ඔව් ඔව්-
අපේ ‘ස’ ඉදිරියේ එකට-එක බොරු කියාගෙන වාද කළේ? විපරීත කාලෙ විනාශ බුද්ධිඃ කිව්වලු නෙව.

ඒකෙන් මේකෙන් තව ඩිංගෙන් කියන්න ආව කාරණයත් අමතක වෙනවා!

සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්තයි කියලා මම කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක් දමාගෙන ඇවිත් දීලා ගියේ!

මැංචෝසන් සාමිවරයා ආවයි කිව්වනේ මාව හම්බ වෙන්න.

(මොකක්ද ඇහුවේ.... උන්නැහේ ආවේ හීනෙන්ද හැබැහින්ද කියලා ලියලම දෙන්නං පොතකුයි පෑනකුයි ඇන්න ආවොත්! මගේ සිරසටත් ආලවකයා ආරූඪ වෙනවා ඔහොම පුරස්න අහද්දිං.) උන්නැහේ එහෙම ඇවිත් කියපු දෙයින් නම් මාව තක්බීර් වුණා, අම්මපා.

“ඔහේට හින්දයි කියන්නේ. මෙච්චර කාලෙකට කටේ කෙළ නොහෙළා හිටිය කතන්දරයක්. අර සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්තයි කියලා මම කිව්වනෙ. ආන්න එයින් එහෙක තමයි ඩේසි ආච්චී මැණික් කැට වගයක් දමාගෙන ඇවිත් දීලා ගියේ! මම එයින් එක කූරපයියක් ජරාපස්ස වලව්වේ ආදිතම උත්තමයෙක්ටත් තෑගි කළා නෙව... ඒක තමා ඒ!”

මැංචෝසන් සාමිතුමා ඒ නඩුවටත් සාක්කි දෙන්න ඇති අප්පරසිද්ධියේ. ඒ ගැන ඔය මදැයි. එහෙනං, ආයෙම ‘මැංචෝසන් චාරිකා’ පොතට...

... මම ඒ රටේ හම් වැඩකාරයෙකුට කියල සිංහ හමෙන් කූරපයි ගණනාවක් මස්ස ගත්ත. එයින් ටිකක් ලංකාවේ හිටිය හිත මිත්තරයින්ට තෑගි කළා. ඉතුරු හරිය ඇම්ස්ටර්ඩෑම් නුවර ලොකු ලොක්කන්ට දුන්න. ඒ ගොල්ලන්ට ලොකුවට ඕනෑකම තිබුණ, මට රන්කාසි දාහක තෑග්ගක් දෙන්න. මම මේ තෑග්ග නොගෙන ගැලවුණේ බොහොම අමාරුවෙන්.

කිඹුල ගෙඩි හමට හම ගහල අරගෙන ආව.

අද ඇම්ස්ටර්ඩෑම් නුවර කටුගෙයි තියෙන අනර්ඝම වස්තුව ඒක තමා. කටුගෙයි බාරකාරය මගෙ කතන්දරේ හැම අමුත්තෙක් එක්කලම කියනව. මිනිහ මේ කතාව කියන්නේ ලුණු ඇඹුල් ඇතිවයි. මංචාඩියකවත් බොරුවක් නැති ඇත්ත කතාවට ඒකෙන් වෙන්නෙ බරපතළ හානියක්.

... කිඹුලට වෙච්ච ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට උගේ හදවත හිල් කරගෙන ගිහින් එතැනම මළාලු....

මිනිහ අමුණපු එක කෑල්ලක් මෙහෙමයි.

‘සිංහය කිඹුලගෙ කටෙන් ගිහිල්ල අනික් පැත්තෙනුයි මතු වුණේ. මතු වෙනවත් එක්කම අපේ සත්-ගුණවත් සාමිවරය (එහෙමයි මිනිහ මට කියන්නෙ) උගෙ බෙල්ල කැපුවා. කපනකොට කිඹුලගෙ වලිගෙන් අඩි තුනක කෑල්ලකුත් කැපිල ගියා.’ ඉතිං මේ කයිකාරයා කියන්නෙ කිඹුලට වෙච්ච ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ලයි කියලයි. ගිල්ල පාරට උගේ හදවත හිල් කරගෙන ගිහින් එතැනම මළාලු.

හොද්දට පැණි දාන මෙහෙම අන්දරේල හින්ද මට ඇතිවෙන හිත් වේදනාව කියන්න ඕනෑ නෑ. මේ අබුද්දස්ස කාලෙ මේ වගෙ වල්-බූත ඈඳුවහම, මං ගැන හොඳහැටි නොදන්න උදවිය කොහොමද මේ කතන්දරේ ඇත්තයි කියල බාර ගන්නෙ? පිහියෙන් අනිනව ඉවසතෑකි, අවංක මිනිහෙකුට මේ මුසාවාද ඉවසන්න බෑ!

දෙවැනි පිම්ම
රුසියාවට එන ගමනේ

සීත ඉර්තුවේ මැද හරියේදී වතාවක් මම රුසියාව බලා පිටත් උණා. පළපුරුදු ගමන්කාරයෝ කවුරුත් කිව්වේ ඔය යන මාර්ගේ ජර්මනිය, පෝලන්තෙ, කුවෝර්ලන්තෙ, ලිතුවේනියාව කියන රටවල්වල උතුරු හරියේ පාරවල් නොසෑහෙන විදිහට අබලන් වෙලයි කියල.

ඒත් හිමෙන් කඩතොලු මැකිල ඔප මට්ටම් වෙලා නැද්දැයි කියල මම මගේ ගමන යන්න ගියා. ගමනට ලේසිම විදිහ කල්පනා කරල අස්සයෙකුත් තෝර ගත්ත. කිටි-කිටියේ ඇඟ තද වෙන්න ඇඳුම් අඳින්න උවමනාවක් කළේ නෑ.

එතකොටම දෙවි කෙනෙක් කතා කරල මෙන්න මේ විදිහට...

ඊසාන දිහාවට යන්න යන්න ඒකේ අමාරුව නං හොඳට තේරෙන්න උණා. අතරමඟදී හීතලෙන් පාළු වෙච්ච පිට්ටැන්නක් අයිනෙ, යන එන මං නැතුව පාරෙ වැටිල, සරීර කූඩුව හරියට වහ ගන්න වස්තරයක්වත් නැතුව වෙවුල වෙවුල උන්න අසරණ නාකි පරාණයක් මට දකින්න ලැබුණ. මිනිහ ඉන්නෙ කොච්චර අමාරුවකින්ද කියල හිතුණහම මගෙ පපුව උණු උණා.

මටත් සෑහෙන්න හීතල තිබුණත් ‘අනේ කොහොමද’ කියල මගෙ කබාය ගලවල මිනිහගෙ ඇඟට දැම්ම.
එතකොටම දෙවි කෙනෙක් කතා කරල මෙන්න මේ විදිහට කියනව ඇහිච්චි!

“දරුව, මේ කර ගත්තු කුසල කර්මයේ ආනිසංස තොපට මත්තෙදී ලැබෙනවා සහතිකයි.”

රෑ දවල් නැතුව ගමන් කෙරුව. ගමක් දකිනව තියා හෝඩුවාවක්වත් තිබුණේ නෑ. මුළු පලාතම හිමෙන් වැහිලා. මමත් මේ හාපුරා කියල යනවමයි.

පාං කියන්න බැරි තරම් අමාරු උණහම, අස්සයා පිටින් බැහැල, ඌ බැන්ද හිමෙන් උඩට මතු වෙලා තිබිච්ච මොකක්ද උලක් වාගෙ එහෙක. සූදානං සරීරෙ කියල පිස්තෝලයත් කිහිල්ලේ ගන්නගෙන හිම උඩම දිග ඇදුණ. නින්ද යන එක නං නින්ද ගියා මදියි නොකියන්න.
මට ඇහැරෙනකොට ඉර මුඳුනටත් කිට්ටුයි. ඇස් දෙක පිහිදාල එහෙම වටපිට බැලුව. ඊයේ හැන්දෑවෙ නිඳා ගත්තේ කොහෙද, දැන් ඇහැරිලා ඉන්නේ කොහෙද?
මෙන්න මේ ගම්මානෙක පල්ලිය වත්තේ වැටිල ඉන්නෙ!

මාව අන්දුං කුන්දුං වෙලා හිටපි. අස්සයත් ආගිය අතක් නෑ. ටිකක් වෙලා යනකොට ඔන්න කොහෙද උඩක ඉඳන් ඌ අඬන සද්දේ ඇහුණ. බැලින්නං පල්ලියේ කොතේ එල්ලිලයි ඌ මේ බෙරිහං දෙන්නෙ.

කලින් දා මුළු ගමම හිමෙන් වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා!

වෙච්ච දේ ලේසියෙන්ම වැටහුණා.

කලින් දා මුළු ගමම හිමෙන් වැහිලයි තිබුණේ. හිටි හැටියේම කාලගුණේ වෙනස් වෙලා. මමත් උන්නු හැටියටම නින්දටත් බාදාවක් නොකර, හිම දිය වෙන්න දිය වෙන්න, ඩිංගෙන් ඩිංග පොළොවට පාත් වෙලා තියෙනව.
අන්දකාරේ උලක් කියල අස්සය ගැට ගහල තියෙන්නේ පල්ලියේ කොතේ!

කල්පනා කර කර ඉන්න දෙයක් නෑ. පිස්තෝලේ අරං වෙඩි තිබ්බ කටකලියාව දෙකට කැඩෙන්න. අස්සය හෙමින් බිමට පාත් කරගෙන එතැනින් පිටත් උණා. කිසිම හිරිහැරයක් නැතුව ගියා, ඌ පිට යන ටික.

රුසියාවෙ රට මැද්දට වෙනකොට මට වැටහුණා, සීත ඉර්තුවෙ අස්සය පිටින් යාම තුට්ටු දෙකේ වැඩක් බව. දේසෙ හැටියට බාසෙ කිව්වනේ! මමත් ඒ රටට පුරුදුකාරයෙක් උණා.
ගත්ත තනි අස්සය බඳින හිම කරත්තයක්. ඒකේ නැඟල සැන්ට් පීටර්ස්බර්ග් නුවර දිහාවට සෑහෙන වේගෙකින් යන්න පටන් ගත්ත. මට නිච්චියටම කියන්න බෑ කොහෙද කියල.
හද්ද වනාතෙදී, කාලෙකින් ගොදුරක් නැතුව හෝපොතු ගැහිච්ච වුර්කයෙක් උන්නු ගමන් පස්සෙන් එළවන්න ගත්ත. බඩගින්නේ සැරටද මන්ද ඌ ආවේ ඊ ගහේ වේගෙන්. ඒ බලල මේ බලනකොට අත ළඟටම ඇවිල්ල. මොන මාදිලියෙන්වත් ගැලවිල්ලක් නෑ.
ආපු අතකට ඔට්ටුයි කියලා මම පාත් වෙලා කරත්තේ ඇතුළෙම ගුලි ගැහුණ. අස්සයත් දුවනවා පණ එපැයි කියල.

එහෙම දෙයක් වෙයි කියල හිතන්න නං බෑ. මගෙ හිත නං කිව්වේ වෙයං වෙයං කියලමයි. වුර්කය මාව පයිසෙකටවත් ගණන් නොගෙන කරත්තේ උඩින් පැනපු පිම්ම වැටුණෙ අස්සයා උඩට. වැටෙනවත් එක්කම උගේ පස්ස පැත්ත හප හපා කන්න පටන් ගත්ත. පොඩි වේදනාවක්යැ? ඊටත් වැඩියි පරාණ බය. අහිංසක අස්සයා මර අඬ දිදී තව හය්යෙන් පිම්ම ඇල්ලුව.

හිටි හැටියේ පස්සෙන් වැදිච්ච මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට පිම්මක්-

මේ හතුරටත් නොපෙනී, හෙමිහිට බයෙන් බයේ ඔළුව උස්සල බැලූකොට- පිටි පස්සෙන් කන්න ගත්තු සතා එහෙම පිටින් අස්සයගේ ඇඟ ඇතුළට කාවදින්න ඔන්න මෙන්න කියලයි තිබුණෙ.

වුර්කය හොඳටම ඇතුල් උණහම මගෙ වාරේ ආව.

කසේ මිටෙන් දුන්න රත් වෙන්න පාරක්!
හිටි හැටියේ පස්සෙන් වැදිච්ච මේ හෙණ පාරෙන් හෙල්ලුම් කාපු වුර්කය පැන්න ඉස්සරහට පිම්මක්- පුළුවන් දහිරියෙන්.

අස්ස කුණ පාරේ වැටුණ. ඒ වෙනුවට වුර්කය බෝං ලීයට කර දුන්න.
ඔරුව පෙරළුණහමත් පෙරළිච්ච පැත්තට වැඩිය හොඳයි කිව්වනෙ මේ පැත්ත. මමත් කිසි ලෝබකමක් නැතුව කසෙන් තළ තළා ඌව දැක්කුව. වුර්කයවත් මංවත් හිතුවද මෙහෙම ගමනක් යන්න? කොහොම හරි අපි දෙන්න අතුරු අන්තරාවක් නැතුව යහතින් සැන්ට් පීටර්ස්බර්ග් නගරෙට යහපත් වුණා.

ඔන්න ඩ්රැකියෝ, තමුන්නැහේ කියාපු කාරණාවකුත් ඉෂ්ට කරන්න කාලෙ හරියාගෙන එනවා. මතකයි නේද?

ඩ්රැකීගේ අඩවිය, නිදිගෙ පංච තන්තරේ වගේ blog අඩවිවල නිත්‍ය පාඨක රසික-රසිකාවන් විතරක් නොවෙයිනේ මේ ලිපි කියවන්නේ. අලුතිනුත් පිරිසක් කියවන්න එනවනේ. මේ පරණ කතන්දර ලියන්නේ එයාලා වෙනුවෙන්.

එහාටම ගිහින් බලන්නත් ඇහැකියි ඔන්න, ඔන්නං. අරුම ගමනත් කියවලාම.

ඩ්රැකී ලිව්වා ‘අරුම ගමන’ කියලා post එකක්. 2021 නොවැම්බරයේ. ඒ රස වෑහෙන; මරේ මරු පෝස්ටුව කියවාපු ‘සරත්’ රසිකයා සිංගිරිසියෙන් මෙහෙම ලියලා තිබ්බා.

Lassana kathawa. Oya wagema katha gonnak thibunu pothak dasaka thuna hatharakata withara udadi kiyewwa mathakayi. Mama hithanne pothe nama "Manchosange charika" wageyi mathake hatiyata.’

මමත් එතැනට comment එකක් යැව්වා, රහසකුත් හෙළි කරමින්.
‘මැංචෝසන් චාරිකා ඒ චිත්‍ර එක්කම කියවන්න දෙනවා ළඟදීම
, නිදිගෙ පංච තන්තරේ අඩවියෙන්. සූදානං වෙන ගමන්!’

කිව්වම විශ්වාස කරන්ඩ මහත්තුරුනේ, ඒ විත්තිය කියවපු ගමන් මේ අසමජ්ජාති ඩ්රැකියා මෙහෙම කියලා තිබුණනේ, link එකකුත් දමන ගමන්.
‘එතකං ඉවසං ඉන්ඩ ම බැරි නං මෙතනිං පොත ඩවුන්ලෝඩ් කරගන්ඩ. (නිදි ගෙ කටේ පස් දැමීමේ ඒකායන පරමාර්ථයෙනි)’

විස්වාස නෑ? ඩ්රැකී වගේ මහත්තයෙක් එහෙම’කෙනෙකුගේ කටේ පස් දාන්ඩ හදයි’ කියලා. මෙතන උඩින් ක්ලික් කරලා එහාටම ගිහින් බලන්නත් ඇහැකියි ඔන්න, ඔන්නං. ‘අරුම ගමන’ත් කියවලාම.

ඉතිං මම වැඩේ අල්ලලා දාන්නත් හිතුවා. ඒත් බකුසුතුමා කිව්වනේ පොත දාන වැඩේ කරන්නයි කියලා. පස්සේ ඩ්රැකී උන්නැහෙත් මෙහෙම කියලා තිබ්බා.
‘මං කැමතියි නිදි ගෙ පංචතන්තරෙන් ම මැන්චෝසන් චාරිකා කියවන්න. මොකද
, නිදි ගෙ තියෙනව ලස්සන ඉදිරිපත් කිරීමේ ශෛලියක්.

ඊට සමාන්තරව මං ලියන්නං මැන්චෝසන් ගෙ ෆිල්ම් එක ගැන.’

ආන්න එහෙමයි ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න හබන් කුකුළන්ට රජ මඟුල්වෙන්නේ.

දැන් ඉතිං ලියපංකො ඩ්රැකී පුතෝ ඒ post එක!

(ආන්න එහෙමයි ‘ඌරො කැකුණ ඇට තලනකොට අහක ඉන්න හබන් කුකුළන්ට රජ මඟුල්’ වෙන්නේ. අනේ ආයුබොවන්ලා, සමා වෙන්නෝනි- උපහැරණයකින් කිව්වා මිස ඔය කාවවත් ‘හබන් කුකුළන්’ කරන්න හැදුවා හෙම නෙවෙයි! ඒ කතා නවත්තලා මෙන්න.. 

තුන්වැනි පිම්ම
රුසියාවේ වනාන්තරවල

මං හිතාගෙන හිටිය හැටියට යුද්ද හමුදාවේ තානාන්තරයක් ලබා ගන්න එක පාරටම බැරි උණා. මාස ගාණක්ම නිදැල්ලේ හැසිරෙන්න මට ඉඩ ලැබුණා. අත දිග ඇරල වියදම් කර කර කුමාර ලීලාවෙන් නන්දන කෙරුවා ඒ ටිකේදි.

කණමොදා වාගෙ බීගෙන සූදු කෙළියෙන් රෑ කීයක් ගත කරන්න ඇද්ද? අපේ මේ සාන්ත දාන්ත ජර්මනියෙ වාගෙ නෙවෙයි, රුසියාවේ අඩි ගැහීම වැදගත්කමක්. බීමට මේ පාරට්ටුව ලැබුණේ රටේ තද හීතලයි, චාරිත්තරයි දෙක හින්ද.

ඒ රටේ ඉහළම පැලැන්තියෙ නම්බුකාරයො මම දන්නව, මේ වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය.
කොච්චර කළත් අපි මොන ඇච්චොද, අපිට බීමෙන් අහලකටවත් කිට්ටු වෙන්න බැරි එක මනුස්සයෙක් හිටිය.
වයසක පහේ සේනාපතියෙක්- තඹ පාට මූණ. රා මටුල්ලකට කියාපු රැවුල. මිනිහ අපිත් එක්ක නිතරම වාගෙ එකට ඉඳන් කෑම කෑව.

ඉහළම පැලැන්තියෙ නම්බුකාරයො මම දන්නව, මේ වැදගත් චාරිත්තරේ යස මහිමෙට පුරුදු කර ගත්තු උදවිය....

තුර්කියට විරුද්දව කරපු යුද්දෙකදී මේ මනුස්සයගේ ඉස් මුඳුනෙන් පෙත්තක් කැපිල ගිහින් තියෙනව. අනික් තැන්වලදී වගේම කෑම මේසෙදීත් තොප්පිය දාගෙනමයි හිටියෙ.

අමුත්තෙක් මුණ ගැහිච්ච හැම වෙලාවකම, තොප්පිය දාගෙන කෑමට වාඩි වෙන්න සිද්ද වීම ගැන හතරට පහට නැමිල සමාව ඉල්ලන්න මුන්නැහේ පුරුදු වෙලා හිටියෙ ඒ හින්දයි.

කන්න ගියහම බ්‍රැන්ඩි වීදුරු බර ගණනාවක් ඇඟට පතට නොදැනී උගුරෙන් පහළට දාන එක මිනිහට මහ කජ්ජක් නෙවෙයි.
හමාරෙට බ්‍රැන්ඩි බෝතලයක් හරි තව ඕනැ නං, ඒ වගේ දෙගොඩක් හරි බුත්ති විඳීම තමා මිනිහගෙ සිරිත. බොනවයි කිව්වහම මෙහෙම බීමක් කොහෙද?

බිව්වහම පොඩ්ඩක් හරි වෙරි වෙන්න එපායැ.
ඒත් අපේ සේනාපතිය නෙවෙයි, වෙරියක හෝඩුවාවක්වත් පෙන්නුවේ. කොච්චර බිව්වත් ගිරුවාව මැදින් කෝඳුරුව ගියා වගෙයි.
මේක මහ පෙරෙහේලිකාවක්.

අහම්බෙන් වාගෙ හොරේ අල්ල ගන්න මට පුළුවන් උණෙත් කාලයක් ගියාට පස්සෙයි!

ඒ කොහොමද කියලා කියෝමු තුන්වෙනි කොටසින්......

40 comments:

  1. ආවා, වැට ගැහැව්වා, වැටාධිපති එන්න කලින් අපි සුරුස්....😂

    ReplyDelete
    Replies
    1. මැන්චෝසන් සාමිතුමා බොරුවගේ බොරු කිව්වා
      අපේ ගරු බස්තුමා ඉතිං ඇත්ත වගේ..........සම්පූර්ණ ඇත්තනෙ නේද?

      Delete
    2. මම ඇත්තත් ලියල තියනවද? ම්හු....මතක නෑ නෙව?🤔

      Delete
    3. මොකද නැත්තෙ. ඔය ලිව්වෙ

      Delete
    4. මම මොකටද මේ දන්නා කියන දෙන්නෙක්ගෙ හබයකට මැදිහත් වෙන්නේ. දෙන්නටම ස්තුතියි කියලා.... සුරුස් ගාලා මාරු වෙන එකයි ඇත්තේ.

      Delete
  2. හේ හේ , පරණ ඒවා මතක් කරලා දුන්නට ස්තූතියි

    ReplyDelete
    Replies
    1. මේ දවස්වල අජිත් මහත්තයාට හරියට වැඩ ගොඩ ගැහිලා තියෙන බව දන්නවා. එහෙමත් තියෙද්දී මේ අහටත් ගොඩ වැදෙනවට ගොඩක් ස්තුතියි!

      Delete
    2. එපාවෙලා තියෙන්නේ මචෝ. ෆේස්බුක් එකෙනුත් අයින් වෙන්න හිතිලා තියෙන්නේ. මේ වෙන දේවල් ලියන්න විධිහක් නැහැ. හැම පැත්තේම යාලුවෝ ඉන්නව. උන් දෙකට බෙදිලා. කවුරුත් තර්කානුකුලව හිතන්නේ නැහැ. ඒ අතරේ ළමයින්ගේ අනාගතේ ගැන හෙන දුකයි . මොන වගේ ලෝකයක්ද උන්ට අපි ඉතුරු කරල යන්නේ කියල.

      Delete
    3. සහතික ඇත්ත අජිත්.
      නිර්වින්දනය වෙලා වගේ ඉන්න තමයි වෙලා තියෙන්නේ. අනාගතයක් ගැන හිතන්නවත් බයයි....

      Delete
  3. රුසියාවට යනකොට කතා කරපු දෙය්යො මොකද පොහොට්ටුවක් අතේ තියන් රෙදි නැතුව ඉන්නෙ කියල කල්පනා කරන මං.
    ටොප්ලස් ඉන්න එකනං පුටින් දෙය්යො අස්සය පිටේ යනව වගේ. ඒත් අනිත් හරිය නිදිතුමා නාට්‍ය කරන කාලෙ වගේ

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයත් අහන ප්‍රශ්න. දෙයියෙක් හොයා ගන්න මං වින්ද වෙහෙසක තරම දන්නෙ මමනේ. ඒ තරමටම එයාල අඩුයි!
      මේ දවස්වල දෙයියලා තව තව දෙයි දෙයි දෙයි කියලා අපි කරුවලේ බලා ඉන්නවා!

      Delete
    2. ඈ බං ඔය පිස්සව තවම තියන් ඉන්න ලංකාවේ මිනිස්සුන්ට පිස්සුද?

      Delete
    3. අජිත් මහත්තයෝ, තමුන්නාන්සේ තවම ලංකාවේ මිනිස්සුන්ගේ මොළේ තරමයි- මතකයේ වපසරියයි- ගති සොබාවයි දන්නෙ නැතිව වගේ.

      මම ඔය කියපු පළමුවෙනි කාරණය රොබට් නොක්ස් උන්නැහේ කියල තියෙනවා.
      දෙවැන්න ප්‍රභාකරන් කිව්වා.
      තුන්වැන්න කියන්නේ මං. අපේ උදවිය මාරාන්තික විප්ලවයක් කරන්න පාරට බැස්ස වෙලාවක වැස්සක් වැස්සොත් ගෙදර දුවන ජාතියෙ අය, තෙමෙනවට බයේ!

      පිස්සු මටද මන්දා...

      Delete
  4. කිඹුලට වෙච්ච ලජ්ජාව උහුලගන්න බැරුව සාමිවරයා අතින් කඩුව උදුරගෙන ගිල්ල - ඕක මොකද්ද, ඇමතිගේ අතේ තිවන ලනුපොට අරං තමුන්ම ගහේ බැඳ ගත්තෙ.

    හොද්දට පැණි දාන මෙහෙම අන්දරේල - ඒ විස්තොරේ කිව්ව රාජ්‍යය මාධ්‍ය හා කඩේ ගිය මාධ්‍යය

    ReplyDelete
    Replies
    1. හැබෑටම නමී, දැන් ඒ වීර පුරුෂයෝ කෝ?
      ඔහොම සූර වීර විදිහට වික්‍රම පාපු කී දෙනෙක් නං කාලය විසින් වළලලා දැම්මද.... දැන් ඉන්න කට්ටිය එව්වා ගැන මතකෙට ගන්නවා නං...

      නොදන්නා හින්දයි අහන්නේ. රාජ්‍ය මාධ්‍ය හා එක-එක්කෙනාව උස්ස්සලා තියන්නම කැප වෙච්චි මාධ්‍ය කීයක් විතර මෙහෙ තියෙනවද හැබෑට....

      Delete
  5. අපේ දේසපාලුවෝ ඒ ගොල්ලන්ගේ මැතිවරණ ප්‍රකාශන වලට, රැස්වීම් වල කතා පවත්වන්න, ප්‍රතිපත්ති ප්‍රකාශන වලට එහෙම මේ පොතේ ආභාෂය ලබා ගත්ත බව නම් පේනවා.

    ReplyDelete
    Replies
    1. සහතික ඇත්ත Sam. අපේ වාසනාවට චේතිය රජ්ජුරුවන්ගේ කතාව විස්තර් ඇතිව ලියවිලා නැත්තේ.
      ඒක කියනකොට කල්පනා වුණේ.. ඉඩක් තියෙන කෙනෙකුට හොඳ රචනා ගොඩක් ලිව්වැකි චේතිය රජ්ජුරුවන්ව අල්ලා ගත්තොත්..

      Delete
  6. මදැයි. ෆිල්ම් එක ගැන ලියන්ඩ කලිං ෆිල්ම් එක ආපහු බලන්ඩ ඔ්නෙ. මට මතක නැති කොයිතරං දේවල් නං තියෙනවද ඒකෙ.

    ReplyDelete
    Replies
    1. තමුන්නැහේව ඔහොම අමාරුවක දාන්නම වටිනවා... ඒකායන ප්‍රාර්ථනාව හින්දම...
      දැන් විවේකය තියෙනවා නේද?

      Delete
  7. බලං යද්දී අපේ දෙස පාලකයනුත් මැන්චෝසනුත් අතර වැඩි වෙනසක් නැහැ.

    ReplyDelete
    Replies
    1. https://ahasyaathrikaya.blogspot.com/2022/03/blog-post.html?showComment=1646149994629#c4520908930135280827
      එකත් හොඳ කතාවක් අහස් යාත්‍රික

      Delete
    2. වැරදි කතාවක් නෙව අහස් යාත්‍රික මහත්තයෝ ඔහෙත් කියන්නේ. අපේ දේශපාලකයන් කොච්චර උඩින්ද ඉන්නේ.. මැන්චෝසන් උන්නැහේ කැලේ!

      ඒක නෙවෙයි. නමී දීලා තියෙන link එකට ගොහින් බලලා ආව නිසා අහන්නේ. රෝල්ඩ් ඩාල්ගෙ පොත් දෙකක පරිවර්තන මුද්‍රණයෙන් පහරවන්න මාත් උදව් වුණා. හරිම අපූරුයි. මැටිල්ඩා, තාත්තයි පුතයි- තමා ඒ පොත්.

      Delete
  8. මැංචෝසන් ලියන අතරෙ නිදී බයිසන් ප්‍රහාරයකට ලක්වෙන්නත් බැරි නෑ වලව්වෙ උත්තමයන්ට එක එක දේවල් කියන්න ගිහින්.

    ReplyDelete
    Replies
    1. Lotus, මනඃකල්පිත චරිතයක් කොහොමද වලව්වකට සම්බන්ධ වෙන්නේ.... ඒකයි බය නැතිව උන්දැවත් ඇද ගත්තේ.

      දැන් ඒ ඇත්තන්ට ප්‍රසිද්ධියේ හූ කියන්නත් පටන් අරං...

      Delete
  9. වම්පයරු, පිසාච ගැන තිව්න අල්ප කැමැත්තත් නැතුව ගියා ඩ්කිය කොරපු වැඩේ අහල 😆😆😄

    ReplyDelete
    Replies
    1. බලාගෙනයි නමී, පරෙස්සමෙන්.
      කොයිකටත් සුදුලූනු ටිකක් එහෙම සූදානං කරගෙන ඉන්ඩ...

      Delete
    2. හ්ම්.... කුරුසයකුත් ඕනෑ වෙයිද නිදි. 😄😄

      Delete
    3. දකුණු එකටත් කැමතිද?

      Delete
    4. කුරුසේ නම් අපි කර ගහ ගෙනනේ ඉන්නේ නමී දැන්!
      Pra jay මහත්තයා කියපු දේ නං වැටහුණේ නෑ. සොරි.

      Delete
  10. Replies
    1. ඩ්රැකී ආදිපාද තුමෝ,

      පළමුව ස්තුතියි මේ ගැන ලිව්වාට
      සිහි කැඳවීම ගරු-සරුවට තැකුවාට
      'බලනු' බැරිය විදුලිය නැත මුළු රටට
      වැඩක් වෙයිද, කළුවරෙ 'අත ගෑවා'ට

      Delete
    2. වෙල්කම් වගෙම තුති, උනන්දු කෙරුවාට
      ආතලයක් තිබේ කළුවරෙ බොහෝ විට
      රන්මැලි සෑය හැදුවෙත් විදුලිය නැතුව
      විදුලිය තියෙන පැය කීපයෙ බාගන්ට

      Delete
    3. බා ගත්තා බා ගත්තා වැඩේ හරි
      මේ ඉක්මනට ඔක්කෝමත් බලනු බැරි
      ෆිලුම එකකි පොත වෙනෙකකි, එහෙම හරි
      දෙකම රස විඳින්නට ඉඩ තිබෙයි ඇරී

      Delete
    4. ඩ්රැකී, ෆිලුමෙන් මට තව වාසියක් ගන්න ඇහැකියි. blog posts හැඩ කරන හොද ෆොටෝ ටිකක් ගත්තහැකි! ඒකට මෙන්න වෙනම ස්තුතියක්!

      Delete
  11. නිමල් අයියට 'ඩිංගි මහත්තය' මහත්තය කොහොමෙයි ඤාති වෙන්නේ?

    ReplyDelete
    Replies
    1. ඉඳල ඉඳලා හැට්ටර් මලයා 'ප්‍රකාගේ යශ්නයක්' නෙව අහන්නේ.

      වාච්යාර්ථයෙන් ප්‍රශ්නේ ගත්තොත්, මට ඒ ඇත්තා එක්ක කිසිම ඥාති සම්බන්ධයක් නෑ.
      අනියමාර්ථයෙන් (වචනේ හරි නේද) ගත්තොත්, උත්තර දෙන්න තරමට මට දැනීමක් නෑ. මොකද අවුරුදු 15-20කින්ම මං කෝපි කඩේ බලල නෑ.
      ඒත් ඩිංගි මහත්තයාගේ ඉස්සර තිබ්බ ටැපලෙන ගතිය නං මටත් අඩු නැතිව තියෙනවා හැට්ටර් මලේ! වෙනස - මං ටපලාගන්නේ ඕනිකමෙන්!

      ඉතිං කෝමෙයි?

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්