‘සර් ඔය කැපවීම අවුරුදු ගානක් කරාට මගේ සර්විස් එක අවුරුදු 4යි. ඒ උනාට මම නම් කිසිම දෙයක් මගේ සල්ලිවලින් හෝ ගේන්න කියලා කරන්නේ නෑ.
මේ මිනිස්සුන්ට කරලා වැඩක් නෑ, කිසිම කෙලෙහිගුණයක් නොදත් ජාතියක් මුන් 😉😉😉
බඩු නෑ කියලා රිෆර් කරලා දානවා. අපේ ජොබ් එක බඩු හොයන් වැඩ කරන එක නෙමේනේ.
මට නම් අහිංසක කියන ලෙඩ්ඩු එපාම කරා!’
![]() |
කාර්ය මණ්ඩලය සහ වෛද්‍යවරුන් මොන ගැටයක් හරි ගහල ශල්‍යකර්ම ටික කරල
රෝගීන් හොඳින් ගෙදර යවන්න දැඩි උත්සාහයක් ගන්නවා. |
ඊළඟ
කමෙන්ටුත් කියවල හිටිමුකො බලන්න...
‘රටට
කැපවීමෙන් සේවයක් කරන මිනිහෙක්ව අධෛර්ය කරන්න කාලකණ්ණි සෙට් එකක් නිතරම බලාගෙන ඉන්නවා.
මෙච්චර අවම පහසුකම් මැද මෙපමණ සේවයක් කරන්නේ කොහොමද කියලා මේ මෝඩ සෙට් එක තේරුම් ගන්නේ
වෙන රටක මාස හයක්වත් ජීවත් උනොත් තමයි.
-විස්තර
හොයල බලන්නැතුව එකපාරට මාධ්‍යට දැම්මේ දැනට වපුරා ඇති රජයේ සෞඛ්‍ය සේවකයින් කෙරෙහි
ඇති වෛරය උත්තේජනය කරන්න වගේ.
-මෙච්චර
උදව් කරන්න ගිහින් අහගන්න කතා. ලංකාවෙ බොහොමයක්ම අක්ෂි ඒකකවල බෙහෙත්, කාච, ශල්‍ය උපකරණ ප්‍රශ්න තියනවා. කාර්ය මන්ඩලය
සහ වෛද්‍යවරුන් මොන ගැටයක් හරි ගහල ශල්‍යකර්ම ටික කරල රෝගීන් හොඳින් ගෙදර යවන්න දැඩි
උත්සාහයක් ගන්නවා. උදාහරනයක් ලෙස ගත්තොත් සුද ඉවත් කිරීමට භාවිතා කරන ශල්‍ය උපකරණ ජාතික
අක්ෂි රෝහලේ පවා ඉතාම බාල ප්‍රමිතියේ ඒවා තියෙන්නෙ, ඒ ටෙන්ඩර් පටිපාටිවල අවම මිලට උපකරණ ගන්න නිසා.
අක්ෂි වෛද්‍යවරු තමන්ගේ පෞද්ගලික ධනය විශාල ප්‍රමාණයක් වැය කර ශල්‍ය උපකරණ මිලදී ගෙන
තමයි රෝහල්වල ශල්‍යකර්ම කරන්නේ. අවම පහසුකම්වත් නැතිව රෝගීන් මෙපමණ ගණනක් ශල්‍යකර්ම
කිරීම ගැන එම කාර්ය මන්ඩලයට ප්‍රශංසා කිරීම වෙනුවට මෙවැනි මඩ ගැසීම ඉතාම පිලිකුල් සහගතව
හෙලා දැකිය යුතුයි.
-මෙම
සේවය නැති උන දවසට දියුනු යැයි කියන රටවල වගේ දවසට උපරිම පස් දෙනෙක් ඔපරේෂන් කරලා ඉතුරු
අයට මාස ගනන් බලාගෙන සිටිය හැකියි.
-මේ
කරන්නේ උඩ බලාගෙන කෙල ගැසීමක් බව කෙලෙහිගුණ නොදත් මෝඩයෝ තේරුම් ගනිත්වා.
තියෙන දෙයකින් වැඩ කරල නැති දේවල් හොයන්න මහන්සි නොවී ඉන්න එක හරි කියලා හිතන්නේ.
-කොපමන
ගුණ කලත් දුදනෝ නොවේ යහපත්.’
‘මටත්
ඔය වගේ ලෙඩ්ඩු පව් කියල ඉස්සර හිතුනා. මට පුළුවන් විදිහට ඒ දවස්වල මිලියන ගණන්වලින්
ආධාර එකතු කළා ඉස්පිරිතාලෙට. හැබැයි මේ ආණ්ඩුව වෙනස් කියලා දන්න නිසා මම අවුරුදු 2කට
ඉස්සෙල්ලා ඒ වැඩ නැවැත්තුවා.
දැන්වත් පාඩම ඉගෙනගෙන, දෙන පඩියට පොතේ හැටියට රස්සාව කරලා ගෙදර
යන්න. දෙයියන්ට ඇදලා වැඩ කළාට, වයසට යනකොට ළමයින්ට මතක තාත්තා ගෙදර හිටියේ
නෑ කියල විතරයි. ඔය ඇස් පාදපු එකෙක් ඒ කාලෙට නෑ. රස්සාව රස්සාව විදිහට කරලා, පුළුවන් හැම තප්පරයම පවුල එක්ක ඉන්න.’
![]() |
අයස්මන්ත, ප්‍රීතිකා යුවල |
දෙවෙනිත් දැනටම ඒ මාර්ගයේ බාගයකටත් වැඩි දුරක් ගිහිං ඉන්නේ...
‘හිතාදර
සොයුර,
ඔබ ලියූ හැම වචනයක්ම අකුරක් නෑර කියවීමි. ඒ වචනවල බර හදවත පතුලටම දැනිණි. ඔබ වෛද්‍යවරයෙකු
මතු නොව මහා මනුස්සයෙකි. ‘මගෙ පේෂන්ට්ස්ලට බාල දේ දාන්න බෑ. කොහෙන් හරි ගෙනත් මවල හරි
කරනවා.’ ඒව ඔබත් ඔබ හැදූ දෙමාපියනුත් ඔබේ වැඩවලට පරිසරය හදා දුන් ඔබේ බිරිඳටත් දරුවන්ටත්
පිහිට වනවාමයි.
ඒ සදාතනික සත්‍යය කැමරාවක් අටවගත්ත හිඟන්නෙකුට නැති කරන්න බැහැ. වෙන්න
පුලුවන් නරකම දෙය ඔබ කණගාටුවට පත් වෙලා මිනිස්සුන්ට වෙන්න තියෙන දේ නැති වෙන එක. ඒක
එහෙම වෙන්නෙ නැති බවත් මා දන්නවා.
-ඔබ
වර්ගයේ මනුස්සයෙකුට එහෙම ඉන්න බෑ. ඒ තමයි ඔබේ Legacy එක.
ඔබට ස්තුතියි මේ රටට කළ කී දෑට...
ජය සතුට වේවා’!
‘Like
comment share බලාගෙන
බොරු පතුරන අයටම ඇවිත් ශල්‍යකර්ම කරන්න කියමු!’
‘Ane
Ape sir
අක්ෂි රෝහලේ ඔබ ඉගෙන ගන්නා mulkale ඉඳලම දන්නා Api.
ඔබ ඉක්මණින්
දක්ෂතම Eye surgeon කෙනෙක් una. එදා සිට ada
wenathek kahatath eka wage සලකන නිහතමානී dr කෙනෙක් uwa. ඔබ wage චරිත hari අඩුයි. Mul kale සිට අදටත් ඔබ වැනි dr කෙනෙක් සමඟ රාජකාරි කරන්න labema
ගැන
mama hari wasanawanthai, Adambarai.
ආදරෙයි හැමදාම.’
‘තරහෙන්, කුහකකමින් පිරුනු මිනිස්සු, හැම සත් ක්‍රියාවක්ම හොරකම් යැය් හංවඩු
ගසනවානම්, ඒවාට වෙනදාටත් වඩා තැනක් ලැබෙනවානම්, මදක් පසෙකට වී ගිමන් හැරීම වඩාත් සුදුසු
යැය් සර්ට යෝජනා කරමි.’
‘සත්
භාවයෙන් කලත් වරද වරදමයි... රුපියල් 6,000ක් කියන්නෙ දැන් කාලෙ සාමාන්‍ය මනුස්සයෙක්ට
ලොකු ගාණක්... එහෙම සල්ලි එකතු කරන්න බෑ... නැති බෙහෙත් ලියල දීල කාච අරන් එන්න කියල
දාල දෙනව නම් ඒක වෙනම වැඩක්... සල්ලි එකතු කරන එක වැරදි. යහපත් චේතනාවෙන් කලත් ඕකෙන්
කුනු ගෑවෙන්නෙ දොස්තරල හැමෝගෙම...
හොඳ වැඩේ බල්ලගෙ වැඩේ බූරුව කරන්න යනවට... බඩු නැත්තන් තියන බඩුවලින් කරන්න පුලුවන්
දෙයක් කරල ගෙදර ගියා නම් තමනුත් සතුටින්, ලෙඩ්ඩුත් සතුටින්...’
![]() |
ඉන්දියාවෙන් එළවපු විජයගෙන් පැවතෙන කට්ටියට ඕවා අදාළ නෑ. Video කරන, FB superheroes හැර අනිත් ඔක්කොම හොරු. |
-සර් ගැන අපි හොඳටම දන්නවා රත්නපුර වැඩ කරපු කාලෙ ඉඳලා.
මම දැකපු දක්ෂ මනුස්සකම පිරුණු eye surgeon කෙනෙක්. සර්ට කවදාවත් වරදින්නෙ නැහැ. මේ වගේ දේවල්වලින් වරදින්නෙ දුප්පත්
අහිංසක ලෙඩ්ඩුන්ට.
බුදු සරණයි සර්. චිරං ජයතු...’
‘Very
inspiring story my dear friend, I know how dedicated you are, many occasions
you have helped me in my surgery traveling hundreds of kilometers without any
financial gain, I know you for more than 10year, a good friends to
count on any situation.
Keep doing your good work friend.’
‘මෙතුමා
නාවලපිටිය රෝහලේ සේවය කරන කාලෙදි මෙහේ ජනතාවට කරපු සේවය අමතක නැහැ, උදේ පාන්දර 4.30 ඉඳල ලෙඩ්ඩු බලනවා, දවසට ශල්‍යකර්ම 100 ආසන්න ප්‍රමාණයක් කලා, ඔහු මිනිසුන්ගේ ඇස් පාදන දෙවි කෙනෙක්, නාවලපිටියේ සිංහ සමාජය විසින් නාවලපිටිය
රෝහලට ලයින් සයිට් සෙන්ටර් එකක් ඉදිකරලා දුන්නේ එතුමාගේ කාලේ. ලෝක සිංහ සමාජ අරමුදලින්
ලක්ෂ ගණනක නවීන අක්ෂි උපකරණ ගෙනල්ල දුන්නේ එතුමගෙ කාලේ. එතුමාට බුදු සරණයි දෙවි පිහිටයි.’
‘දොස්තරකමේ
මෝඩ ජවය.
Microscope එකට ඔළුව ඔබාගෙන surgeries 10–15කට වැඩිය කරනකොට බෙල්ලට දෙයියන්ගෙම
පිහිටයි. දිගුකාලීනව ඇස් දෙකත් ටිකක් අවුල් යනවා. බලන් ඉන්න අපේ කකුල් දෙකටත් හොඳ ගාණක්
දැනෙනවා. හරි නම්, මේ කන කට්ටට Gov. incentives දිය යුතුයි, for all staff (up to a certain
maximum limit, to minimise human errors).
ඉන්දියාවෙන් එළවපු විජයගෙන් පැවතෙන කට්ටියට ඕවා අදාළ නෑ. Video කරන, FB superheroes හැර අනිත් ඔක්කොම හොරු.’
‘සැලෙන්න
එපා සර්. ඔබතුමා කලවාන රෝහලට අතින් වියදම් කරගෙන ඇවිත් විශාල රෝගීන් ප්රමාණයකගේ ශල්‍යකර්ම
රත්නපුර රෝහල හරහා කර දුන්නා අපට මතකයි. FB එක හරහා කරන විවේචන සාධාරණ හා නිවැරදි විය
යුතුයි.’
‘සර්.
සර් කව්ද, සර් මොනවද කරල තියෙන්නෙ කියල මේ සමාජයට
අකුරු කරල කියල දෙන්න උත්සහ කරන්න සර්ගෙ වටිනා කාලය නාස්ති කරන එකත් තේරුමක් නැති වැඩක්.
![]() |
No work... no trouble - More work... more trouble! |
අපේ ජනතාව සර්ලාට කියල නෑ අලුත් තාක්ෂණය ඉගෙනගෙන ඒ මිනිස්සුන්ට සේවය කරන්න කියලා. සර්ලාම
මහංසි වෙලා ඉගෙනගෙන මේ රටට හිතාගන්නවත් බැරි සෞඛ්‍ය සේවයක් ලබා දීලා තියනව.
-ඒත්
මේ ගුණමකු ජාතිය ලේසියෙන්ම අවස්ථාවක් හම්බ වෙච්ච ගමං ඔලුවට අත හෝදනව... අපිට සර් ඉක්මනටම
zero tolerance law එකක් හදා ගන්නම වෙනව.
නැත්නම් හැමදාම මේවගෙ වැඩ කරන උං නිසා හිත රිදව ගන්න එක නවතින්නෙ නෑ. හරිනම් අර වීඩියො
එක දාපු එකා ගැන විමර්ශනයක් කරල ඌට දඬුවමක් දෙන්න ඕනෙ.
සර් මේ ප්‍රශ්නෙ නීතිය හමුවට අරගෙන යනව නම් හොඳයි. සර්ගෙ කීර්තිනාමයට හානි කරාට.’
‘මට
එක මිතුරෙක් කියු දෙයක් මතක් උනා.
No work... no trouble - More work... more trouble’
‘එම
පෝස්ට් එකේදී ඩොක්ටර් සම්බන්දව කිසිදු වැරදි දෙයක් නොකියන අතර එම හඬ පටයේ ඩොක්ටර් සම්බන්දව
ඉතාම ගෞරවනීය විදියට කතා කරනවා. මේ රෝහල් තුල ඉන්න ජාවාරම්කාරයන් නිසා ඉතාම ගෞරවනීය
ඩොක්ටර් කෙනෙකුගේ කීර්තිනාමයට කැලලක් වෙමින් පවතිනවා.’
‘හොඳ
ගරානා කෙනෙක්’ කියලත් කමෙන්ටුවක් තිබුණා. ඒකට ‘පුලුවන්නම් උදාහරණ සහිතව ඉදිරිපත් කරන්න’ කියලා reply එකකුත් තිබුණා.
එච්චරයි!
එවා තිබුණු comments සිය ගණන් අතරෙ මට එහෙම නිෂේධනීය කමෙන්ටු තුනක් විතරයි දකින්න
ලැබුණේ.
‘ඇත්තම
කතාව නම් සර්, රජය වෙනුවෙන් සේවය කරලා තියෙන ප්‍රමාණයට රජය සර්ට ගෙවලා තියෙන පඩියට
වඩා සර් තමන්ගෙ අතින් වියදම් කරලා රජයට සේවය කරලා තියෙනවා. රත්නපුරේ ලේසර් machine
එක පරිස්සම්
කරලා රෝගීන්ට ප්‍රතිකාර කරන්න ඒ room එකට සර් ගෙදර තිබුණ AC එක ගෙනැත් සවි කළා කියලා මට දැන ගන්න ලැබිලා
තියෙනවා. ඒ room එකට AC නැති වුණොත් ලේසර් machine
එක අක්‍රීය
වෙලා යන්න පුළුවන් ඉක්මනින්ම. එහෙම වුණොත් ලේසර් ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට කරන්න වෙන්නෙ
නැහැ. ඒ එක උදාහරණයක් විතරයි.
-අක්ෂි
සායනවලට අවශ්‍ය බෙහෙත් අඩුපාඩුවලට සර් හැම මාසෙම සර්ගෙ වියදමින් බෙහෙත් සැපයුවෙ. හම්බන්තොට
විතරක් නෙවෙයි රත්නපුරට පවා සර්ගෙ මුදලින් ගත්ත නවීන උපකරණ රෝගී ප්‍රතිකාර වෙනුවෙන්
සර් යෙදෙව්වා.
අනෙක් රෝහල්වලදීත් සර් එහෙම කරන්න ඇති. තමන් සේවය කරන රෝහලේ රෝගීනුත්
බලලා සර් පර්යන්ත රෝහල්වල ලෙඩ්ඩු වෙනුවෙනුත් සර් අතින් වියදම් කරගෙන ඒ රෝහල්වලට ආවෙ.
ඒ සායනවල බෙහෙත් මදි නම් ඒවටත් සර් සර්ගෙ සල්ලිවලින් බෙහෙත් අරන් දුන්නෙ.
![]() |
රෝගීන් වෙනුවෙන් කැපවුණු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආදරයෙන්
සළකපු, සර් වෙනුවෙන් අපට තියෙන අප්‍රමාණ
ආදර ගෞරවය වචන කරන්න අකුරු මදි... |
-ඇත්තටම
රජය, මේ රට සර්ට ණයයි. මේ රටින් යන්න වුණත් ඕන තරම් අවස්ථා තියෙද්දී ඇනුම්
බැනුම් ඔක්කොම අහගෙන, අසීමිත සේවයට නොගැළපෙන තරම් සුළු වැටුපකට මේ රටට
කරපු සේවය වෙනුවෙන්, සර් යොදවපු අසීමිත කාලය, ධනය, ශ්‍රමය වෙනුවෙන් මේ රට සර්ට ණයයි.
-එදා
සර් අසනීප වෙලත් ලෙඩ්ඩුන්ගෙ කාච ටික දාලා ඉවර කරලා මිසක් සර් theater
list එක නැවැත්තුවෙ
නැති පුදුම මනුස්සයෙක්. එදාම හවස සර්ව hospital admit කළාමයි හොයාගෙන තියෙන්නෙ සර්ට නියුමෝනියා
තත්ත්වයක් ඇවිත් කියලා. සර් තමන්ගෙ අසනීපයකටවත් clinic එකක් නවත්තන්නෙ නැහැ ලේසියකට.
-රාජකාරිය
සර්ට දේවකාරිය වගේ. මට ඇත්තටම හිතා ගන්න බැහැ, මනුස්සයෙක් විධියට ඔය තරම් දරාගෙන වැඩ කරන්න
සර්ට තියෙන හයිය ගැන, capacity එක ගැන.
රෝගීන් වෙනුවෙන් කැපවුණු, සෞඛ්‍ය කාර්ය මණ්ඩලයට ආදරයෙන් සළකපු, සර් වෙනුවෙන් අපට තියෙන අප්‍රමාණ ආදර ගෞරවය
වචන කරන්න මට අකුරු මදි...’
අම්මෝ!
Comments ගොඩ!! එකකට එකක් දෙවෙනි නෑ. දවසක්ම ගියා හොඳම ටික තෝරාගන්න. ඊළඟට ඒවායිනුත්
හොඳ ඒවා තෝරාගන්න. අයස්මන්ත පීරිස් මහත්තයා ගැන යම්කිසි අවබෝධයක් ලබා ගන්න මේ post
එක උදව්වක් වෙයි කියලයි මං හිතන්නේ.
ඒ වගේම ලංකාවේ සෞඛ්‍ය ක්ෂේත්රය හා රෝහල් ගැන සෑහෙන්න හොඳ අවබෝධයක් ලබා ගන්නත්...
ඊට අමතරව රජයේ රෝහල්වලින් ප්‍රතිකාර ගැනීමට එන අහිංසක රෝගීන් ගැන දැනීමක් ලබා
ගන්නටත්...
පම්පෝරියක්ය
කියලා කාට හරි හිතෙන්න ඉඩ තියෙන කාරණා ටිකකුත් කියන්නයි මගේ මේ සූදානම.
අයස්මන්ත
මහත්තය සතියකට සැරයක්වත් අපේ ගෙදරට ගොඩ වැදෙනවාමයි. ඒ මගේ තත්ත්වය පිරික්සන්නත්
එක්කමයි. ඒ එන දවසට නෙවිල්ටත් අපේ ගෙදරට ඇවිත් ඉන්නම වෙනවා. සමහර දාට මර්වින්- නමී
එහෙමත්... දවස් ගණනාවක් එක දිගට වෙහෙසිලා එන දොස්තර මහත්තයා එයාගේ වෙහෙස නිවා
ගන්නෙ පැයක් දෙකක් අපිත් එක්ක කළු කෝපි බිබී සතුටු සාමීචියේ යෙදෙමින්...
එහෙම
වෙලාවලදී එයා රාජකාරියෙදී ලබන ප්‍රසන්න වගේම අප්‍රසන්න අත්දැකීම් ගැනත් කියවෙනවා.
එව්වට අපි කාගෙ ළඟවත් විසඳුම් නෑ! ඒත් ඒවා කීමෙන් අයස්මන්ත හිතවතාගෙ හිතට සහනයක්
ලැබෙනවානේ. ඒත් මදැයි!!
![]() |
ඒ ඒ වෘත්තීන් කරන අයත් වෙනත් ඕනෑම කෙනෙක් වගේම... |
ඒ මදිවට මේ යක්ෂ පැටියා ‘වර්කොහොලික්’ කෙනෙක්ය කියලයි මං හිතන්නේ.
ඒ ස්වභාවය
ලෙඩ්ඩුන්ට නං ආශීර්වාදයක්... නමුත් කාර්ය මණ්ඩලයට- අනෙක් වෛද්‍යවරුන්ට හා පෞද්ගලික
රෝහල්වලට?
එතැනත් හිතන්න තරම් වැදගත් කරුණු කිහිපයක් තියෙන විත්තිය මම තේරුම් ගත්තේ මේ
commentsවලින්. මේවා මේ ලිපියේ පළමු කොටස කියවූ
සහෘදයනුයි එවා තිබ්බේ.
‘...
අයස්මන්ත මහත්තයට බාධා කරන්නෙ කවුද? එහෙම කරන්නෙ ඇයි? පොලිටිකල්
බළල් අතක් තියනවද? අපිට නොකියන, කතාවෙ කොටසක් තියනවද?’
‘...
ඒත් ලංකාවෙ "නිදහස" ගැන දන්න නිසා, මෙහෙමත් කියන්න හිතුවා:
-ඔක්කොම කතාව කියන්න බැරි නම්, ඒක ඒ
හැටි අවුලකුත් නෑ. කියන්න බැරි හේතු තියෙන්නත් හැකි බව මම පිලිගන්නවා. ඉහල නිළධාරි
බියුරෝක්‍රසිය එක්ක කෙලින්ම හැප්පෙන එක, වෘතීය "සිය දිවි නසා ගැනීමක්" වගේ වෙන්නත් ඇහැකි...’
ඒ
commentsවලට මං පිළිතුරු දුන්නේ මෙහෙමයි.
‘...
මේ ප්රශ්නය ගැන ලියන්න මම කල් ගත්තෙත් ඒකයි. අත් දෙක බැඳලා වතුරකට දැම්මම පීනන්න පුළුවනැයි...
එහෙම ලතවෙවී ඉන්නකොට තමයි දැක්කේ 'මට කියන්න ඕනි කරුණු' එක එක්කෙනා එයාලගෙ commentsවලින්
ටික ටික හරි කියලා තියෙන බව. ඉතිං මම ඒවා උදව්වට ගත්තා - බළලුන් ලවා කොස් ඇට බාවන්නෙක්
විදිහට...
-...
මහත්වරුන්ට වගේම තව අයටත් මේ තත්ත්වය තේරුම් ගන්න ඇහැකි විත්තිය මට විශ්වාසයි!’
‘මට
වෙනම කාරණයක් ගැන කියන්න හිතුණා. මේක කිසිසේත්ම අයස්මන්ත ගැන විවේචනයක් නෙවෙයි; සාමාන්‍යයෙන් අපේ සමාජයේ පවතින ආකල්පයක්
ගැන අදහසක් විතරයි. මේ කමෙන්ට් එක ඉතාම ජන අප්‍රිය වෙයි 😀. නමුත් තමන්ගෙ ප්රේක්ශකයින්ගෙ අදහස් matured විදිහට ගන්න නිමල්ට පුලුවන් නිසා මම මේක
දානවා.
-අපේ
රටවල සමහර වෘත්තීකයින්ව සමාජයේ අතිශය ගෞරවයට ලක් වෙනවා; ඔවුන්ට සළකන්නෙ දෙවියන් විදිහට. ඇත්තටම
සමහර වෘත්තීන් සුවිශේශයි;
විශේශයෙන්ම
මිනිසුන් සුවපත් කිරීමට අදාළ වෘත්තීන්වල යෙදිලා ඉන්න අය තමන් සුව කරපු ලෙඩ්ඩු ගැන හිතලා, "මගේ අම්මා, තාත්තා, දරුවො සුවකරේ ඔබයි" කියලා අනිත් අය තමන්ට දෙන
ප්රශංසාවන් අහලා ලොකු ආත්ම තෘප්තියක් ඇති කරගන්න පුලුවන්. ඔවුන්ට සමාජයෙන් ලැබෙන ගෞරවය
සෑහෙන දුරට සාධාරණයි.
![]() |
වැඩේ බරපතලකම අනුව අපි කෑම බීම ගැන හිතන්නෙ නැතුව වැඩ කරන එක... |
එකක් ඒ ඒ වෘත්තීන් කරන අයත් වෙනත් ඕනෑම කෙනෙක් වගේම විවේකය, සෞඛ්‍යය සහ පෞද්ගලික ජීවිතය අවශ්‍ය වන මනුෂ්‍යයන් වීම, දෙවනුව ඔවුන්ට දෙවියන් විදිහට සැලකීම නිසා සේවදායකයින් ඔවුන්ට එරෙහිව පැමිණිලි කරන්න, නඩු දාන්න පසුතැවිලි වීම.
-කිසිම
වෘත්තිකයෙක් නොකා නොබී වැඩ කරන්න කියලා නියමයක් නෑ. (ඒ වෙලාවෙ තියෙන වැඩේ බරපතලකම අනුව
අපි කෑම බීම ගැන හිතන්නෙ නැතුව වැඩ කරන එක වෙනම දෙයක්).
ඒ වගේම තමන් ලෙඩවෙලා නම් සික්
ලීව් දාලා ගෙදර ඉන්න එකයි හරි දේ. ලෙඩ වෙලා ඉද්දිත් වැඩ කරන්න කෙනෙකුට ශක්තිය (physical and mental) and willingness තිබුණත්, හැමෝටම ඒක කරන්න බැරි වෙන්න පුළුවන්.
දෙවෙනි කාරණය තමයි රෑ දවල් නොතකා වැඩ කිරීම හරහා අපි තබන පූර්වාදර්ශය මොකක්ද කියන එක.
What is the precedent we
are setting? ස්ටාෆ්
එකේ එක්කෙනෙකුට හරි හිතුණොත් "මේ මනුස්සයා නිසා අපිටත් හුස්මක් කටක් ගන්න වෙලාවක්
නෑනෙ කියලා", ඒ තැනැත්තා HR (හෝ equivalent) දෙපාර්තමේන්තුවට කම්ප්ලේන් කරොත්, ඔහුට හෝ ඇයට justifiable concern එකක් තියෙනවා.
-මගේ
යාලුවෙක් (ශ්‍රී ලාංකික සම්භවය සහිත කෙනෙක් නෙවෙයි) මේ ළඟදි කිව්වා එයාගෙ ටීම් එකේ
රෑ තිස්සෙ හා වීක් එන්ඩ් එකේ වැඩ කරන කෙනෙක්ව එයා මේ ළඟදි HR එකට රිපෝර්ට් කරා කියලා.
-කවුරුවත්
ඔවර් ටයිම් කරන්නෙ කැමැත්තෙන් නම්, කොහෙවත් ඉන්න කෙනෙකුට තියෙන ප්‍රශ්ණෙ මොකක්ද කියලා කෙනෙක් හිතන්න පුලුවන්.
නමුත් ප්‍රශ්ණයක් තියෙනවා;
කෙනෙක්
පුරුද්දක් විදිහට ඔවර් ටයිම් කරනවා නම් එක් හේතුවක් ආයතනික හේතුවක් වෙන්න පුලුවන්, i.e. resourcing. අර කෙනා දිගටම එහෙම වැඩ කරනවා කියන්නෙ ඒ
හේතුව stats වලින් රිෆ්ලෙක්ට් වෙන්නෙ නෑ, and, therefore, unlikely to be
corrected by the organization. තුන් වෙනි කාරණේ, කෙනෙක් ඔවර් ටයිම් ක්ලේම් කරන්නෙ නැතුව පුරුද්දක්
විදිහට වැඩ කරනවා කියන්නෙ එයා අනිත් අයට precedent එකක් සෙට් කරනවා එහෙම වැඩ කරන්න කියලා.
-මෙහෙම
කියද්දි කෙනෙකුට කියන්න පුලුවන් ඕගොල්ලො පිටරට ඉඳගෙන ඔය කියන ඒවා මේ ලංකාවෙ තත්වවලට
ගැලපෙන්නෙ නෑ කියලා. ඒකටත් සම්පූර්ණයෙන්ම එකඟයි.
නමුත් අපේ රටේ අය හැමවෙලේම කතා කරන්නෙ
වෙනසක් කරන එක ගැනනෙ. නමුත් අපේ අය difficult conversations කරන්න ටිකක් අකමැතියි. එක්කෙනෙක් හොඳයි
කිව්වොත් හැමෝම රැල්ලට හොඳයි කියාගෙන යනවා, අපිත් හොඳයි කිව්වෙ නැත්නම් කොන් වෙයි කියලා හිතනවා. ඒ නිසාමයි මම මේ
කමෙන්ට් එක දැම්මෙ. කලිනුත් කිව්වා වගේ මේ මගේ general observation එකක් විතරයි.’
ඉතිං
මහත්වරුනේ; නෝනා මහත්වරුනේ- පෝස්ටුව ඉවර කරන්නයි හදන්නේ. මට දැනෙන්නෙ සමහර
වැදගත්ම කාරණා ගැන මං මඟ හැරලා නේද කියලයි. ඔව්! ඒකට දහස් වාරයක් කනගාටුයි. ඒත් මේ
posts දෙක කියවන බුද්ධිමත් පාඨකයන්ට ‘නොකියා කියා ඇති සමහර කරුණු වටහා ගන්නට හැකි’
විත්තියත් මට විශ්වාසයි.
තවමත්
මගේ හිතේ නලියන ප්‍රශ්න දෙකක් තියෙනවා. ඒ දෙකත් ලියලා අන්තිමටයි මං කුණ්ඩලි සලකුනු
යොදන්නේ.
1. වෛද්‍යවරයෙකුට
පුළුවන්ද රෝහලකට සැපයෙන ඖෂධවල ප්‍රමිතිය හොඳ නැතිනම් ඒවා පාවිච්චි නොකර සිටින්න?
2. වෛද්‍යවරයෙකු විසින් දිනයකදී බැලිය යුතු / ප්‍රතිකාර කළ යුතු / සැත්කම් කළ යුතු රෝගීන්
සංඛ්‍යාවක් තිබේද? එසේත් නැත්නම් වෛද්‍යවරයෙකුගේ කාර්යක්ෂමතාව සොයා බැලෙන- අගැයෙන
යම්කිසි ක්‍රමවේදයක් තිබේද෴0෴







No comments:
Post a Comment