li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, September 20, 2022

හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස

“කිරි? මේ හද්ද කැලේට කොහෙන්ද යකෝ කිරි...?”
“බඩු have! බඩු හෑව්!! Fresh Milk...”
“ගමකට තියෙනවා නිමල් අංකල්!” පසිඳුත් කියයි....

අපි තේ බොන්නට නැවතුණේ වින්ඩ් සර්ෆින්වලට ප්‍රසිද්ධ අරුගම්බේ.... 

එතකොටය මට යාන්තමට මතක් වුණේ... 21 වෙනිදා ඔකඳට එන අතරේ, අපි අරුගම්බේ නගරයේදී තේ බොන්නට නැවතුණු වෙලාව. තේ පානයෙන් පසු පසිඳු, නමී, ජයශංඛ හා නිමල් දිසානායක යන හතර දෙනා වාහනයේ පසුපස අසුනේ වාඩි ගත්හ. අයස්මන්ත, ප්‍රියන්තවත් කැන්දාගෙන කඩිමුඩියේ තව කඩයකට රිංගුවේය. රිංගලා ටිකකින් බරට බරේ bags දෙකක් උස්සාගෙන ආවේය. ඒ මොනවාදැයි මං වහන්සේ ඇසුවේ නැත; බැලුවෙත් නැත.

ඒ අරගෙන ඇවිත් තිබුණේ Fresh Milk පැකට්ස්ය! ගමකට තියෙනවා යැයි පසිඳු කිව්වේ ඒවාය.

“මාමේ, කිරි පැකට්ස් දෙකක්ම දෙන්නද?” පසිඳු අයස්මන්තගෙන් ඇහුවේය.
“එකක් ඇති...” මම කීවෙමි. “එහෙනං, වතුර වෙනම උණු කරන අතරේ, කිරි ටික වෙනම සාස්පානක තියලා රත් කර ගන්න වෙයි.”
“ඒ කිව්වෙ නිමල් අයියේ?” කරුණු නොදන්නා කෙනෙක් ඇසුවේය.
“කිරි දාපු සාස්පාන කෙළින්ම ළිපේ තිබ්බොත් අඩිය අල්ලනවා. ටිකක් ලොකු සාස්පානකට වතුර ටිකක් දාලා, ඒක මැදින් කිරි දාපු පොඩි සාස්පාන තියලා- ළිපෙන් තිබ්බම හරි!”

පසුගිය කොටසට comment එකක් එවමින් ප්‍රසන්න සහෘදයා කියා තිබුණේ ගිය ගමන වගේම මේ ගමනත් මොනව නැතත් කෑම ගැන නං ඇති පදං විස්තර තියෙනව’ යනුවෙනි. සහතික ඇත්තකි!

සමහරු ජීවත් වෙන්නට කති. තවත් සමහරු කන්නටම ජීවත් වෙති!

සමහරු ජීවත් වෙන්නට කති. තවත් සමහරු කන්නටම ජීවත් වෙති.

මං වහන්සේ ඔය ගොඩවල් දෙකටම වැටෙන කෙනෙකි. හැම තිස්සෙම නැතත්, සමහර වෙලාවට නම් මා කෑම ගැන ඕනෑවටත් වඩා සැලකිලිමත්ය. විශේෂයෙන් තව පිරිසක් එක්ක ඉන්න වෙලාවට... කෝකියාත් මං නම්, මං හිතන්නේ එතැන ඉන්නා හැමෝම කන්නටම ජීවත් වෙන අය විදිහටය.

ඉතිං, ළිං තුනේදී මගෙ උපදෙස් ඒ විදිහටම පිළිපැදලා කෝපි හැදුවයි කියමුකෝ... ඒවා බොද්දී හම්බ වුණෙත් හොඳ ප්‍රතිචාරය.
එහෙම ප්‍රතිචාර ලැබිලාත්...
ඊට පහුවදා රාත්‍රියේ වරහන නැවතුණාමත් කිරි කෝපි හැදුණේය. ඒ කිරි සාස්පාන කෙළින්ම ළිපේ තියලාය. (ඒ සාස්පානෙ අඩිය අල්ලලා තිබුණු හින්දා, හෝදන්නටත් වරුවක්ම ගියාද කොහෙදය!) කෝපි කෝප්පයෙන් උගුරක් බීපු ගමන්ම “මේ කිරිකෝපිද?” කියලා විස්මයෙන් අහපු තමීර දෙවෙනි කෝපි උගුරක් බිව්වේ නැත!
අපි පාඩම් ඉගෙන ගන්නෝ වෙමුද; ඉගෙන ගන්නා පාඩම් මතක තබා ගන්නෝ වෙමුද; ඒවායින් පල නෙළා ගන්නෝ වෙමුද?

නොදන්නා යමක් ඉගෙන ගන්නට නම් ඒ පිළිබඳව විමසා බලන්නට වෙයි; කල්පනා කරන්නට වෙයි.
“පීරිස්, අපි සිංදු කිව්වට මොකද මගෙ හිතට නම් හරි මදි!” අපේ වැඩ ගැන එහෙම විමසා බලද්දී මට කියැවිණි.

“අයියේ, අපි බයිලා කිව්වේ නැහැනෙ. බොහොම නිසංසලේ කියවෙන ඒවා විතරයිනේ ඔයා තේරුවෙත්... අපි මෙහෙම බලමු. ඇයි මිනිස්සු දෙයියන්ට පූජා පවත්වන්නේ... මොකක්ද පින කියන්නේ- මම අහන්නේ ඕවට පොතේ තියෙන දේ එහෙම නෙවෙයි, ඔයාගෙ මතය.”
“මාර ප්‍රශ්න දෙකක්නෙ පීරිස් අහන්නේ.”

පින කියන්නේ යම්කිසි යහපත් ක්‍රියාවක් කිරීමෙන් අප ලබන සතුටටය.

එවෙලේ එහෙම කිව්වත්, ඒ යකාගෙ ප්‍රශ්න දෙකට මගේ උත්තර වුණේ මේවාය. ‘මිනිස්සු දෙවියන්ට පූජෝපහාර පවත්වන්නේ දෙවියන් සතුටු කරවීම උදෙසාය. / පින කියන්නේ යම්කිසි යහපත් ක්‍රියාවක් කිරීමෙන් අප ලබන සතුටටය.’

“නිමල් අයියේ, මේ ළඟකදී මෙතනට match වෙන දේවල් දෙකක් මම කියෙව්වා. Remember, that you can touch so many lives by simply being in joy!’ අපි සතුටෙන් ඉන්න එකෙන් තව ගොඩක් අයවත් සතුටු කරවන්න පුළුවනි නං, ඒකෙන් දෙයියොත් සතුටු නොවී ඉඳියිද? The greatest gift you ever give another person is your own happiness. බැලූ බැල්මට නං ජෝක් එකක් වගෙත් පේනවා. තමන් සතුටෙන් සිටීම කොහොමද තව කෙනෙකුට දෙන තෑග්ගක් වෙන්නෙ?”

ඒ කතාවේ ගැඹුර කල්පනා වෙන්නේ දැන්ය; කල් ගත වෙන්නට- වෙන්නටය; නැවත නැවත මෙනෙහි කරද්දීය.

සතුටෙන් නොසිටින කෙනෙක් වසංගත රෝගියෙකු වැනිය. එයා අනුනටත් අසතුට බෙදා දෙයි; අතෘප්තිය පතුරවමින් සමාජයම ලෙඩ කරවයි.

තමන් සතුටෙන් නොසිටින පාලකයන් නිසා විතරක්ම වුණත්, සසිරිබර සිරි ලංකාද්වීපයේ පුරවැසි අපට ගෙවන්නට සිදුවී තිබෙන වන්දිය පොඩිපටු එකක් නොවේ!
අපේ පින සිංගල්ය; කරුමේ ඩබල්ය!!
(නෙවිල්ලගේ බණ පිංකම දවසේ, ඒ යෙදුම මට කියා දුන්නාට
සුමිතුරු උදේනි දසනායකට පිං!)

සතුටෙන් සිටීම පිනක් නම් අසතුටෙන් සිටීම පවක් විය යුතුය.

උගේ ගතිය ඌ නාරී මැරූවත්!

මෙවර පාද යාත්‍රා ගමනෙදී මං වහන්සේ වැඩියෙන්ම අසතුටෙන් හිටියේ පහුවදා පාන්දරය. හැබැයි, ඒ අසතුට- නොමනාපය- කේන්තිය පෙන්නුවේ මගේම විදිහකටය. මං එහෙමය!

සිංදු කියමින් සතුටුවී හිඳ, රෑ වෙලා නිඳාගත්තත් පාන්දර තුනහමාර වෙද්දී මට ඇහැරෙන්නට සිද්ද වුණේය. “මාමේ... නැඟිටින්න වෙලාව හරි!” ඉන්දික මගේ කකුලකින් අදිමින් හෙමිහිට කියයි.

   පිහිල්ලේ දියට කළයක්            නැමූවත්
   නොපිරේ කළය හැට පැයකින්  බැලූවත්
   ගුණ නැති එකා බණ දහමින්   වෙළූවත්
   උගේ ගතිය ඌ නාරී                මැරූවත්
කවිය නිකම්ම මට මතක් වුණේ එතකොටය. ඉන්දික හෙමින් කතා කෙරුවත්, ඒ සද්දෙට ප්‍රියන්ත, ජයා දෙන්නත් නැඟිටලාය.

ඊට පස්සේ, ගිනි මැලයෙන්ම අඟුරු ටිකක් අරං ළිප පත්තු කරලා, මං කියන විදිහටම කරමින් ‘කැඳ එක ගැහුවේ’ ඒ දෙන්නාය. ගහලා, අපි දහදෙනාට ඇතිවෙන තරමට ‘කන්ජි’ එකෙන් කොටසක් සාස්පානට දැම්මෙත් එයාලාමය.
ඒවා කරන්නට කලින්ම bed tea එක හදා දීලා හිටියත්, අපේ කට්ටියගෙන් වැඩි හරියක් තවමත් හාන්සි වීගත් ගමන්මය. එහෙම වෙලාවට නම්, මගෙ හිතේ නිඳාගෙන ඉන්නා ආලවක යක්ෂ සේනාධිපතියා ඇඟමැලි කඩා; හිරි ඇර නැඟිටියි!

“මෙන්න, මේ කැඳ සාස්පාන හිච්චිලට ගෙනිහිං දෙන්නයි තියෙන්නේ!” මං වහන්සේ පොදුවේ ප්‍රසිද්ධ නිවේදනයක් නිකුත් කළේ, එතකොටය. ඒත් එකෙකුගෙන්වත් ප්‍රතිචාරයක් නැත. එයාලා තම-තමුන්ගේ වැඩවලය.

දැන් ආලවකයා මගේ ඉස්මුඳුනටම නැඟලා අහවරය. වළන් අල්ලන රෙදි කෑලි දෙකත් අරගෙන මම නැඟිට්ටෙමි.
“අනේ ප්‍රියන්ත, මේ සාස්පානේ පැත්තකින් අල්ලනවද! තවම රස්නෙයි... අපි දෙන්නවත් මෙන්න මේ ඉලව්ව ගෙනිහිං දෙමු.” රෙදි කෑල්ල දික් කරමින් මං කියනකොටත්, ප්‍රියන්ත එතැනය.

මම සාස්පානේ අනෙත් පැත්තෙන් අල්ලා ගත්තෙමි. උණු උණු ලොකු කැඳ සාස්පානකුත් උස්සගෙන, ටෝච් එළියෙන් එච්චර දුරක් යන්නට එදා නම් මට හයිය දුන්නේ ‘මගේ නිම්හිම් නැති කේන්තිය’යි.

ඔය කොහෙද ඔයාල යන්නෙ? ඔය පැත්තට ගියොත් ආපහු යැවෙන්නෙ කුමන පැත්තටනෙ... (foto- පසිඳු බණ්ඩාර)

“මාමේ, අපි කඩල එකක් ගැහුවා ඔහෙලටත් එක්ක. අපි නම් ලෑස්තියි. කැඳ බීලා අපි තව ටිකකින් පිටත් වෙනවා. කඩල කන්න ඔහෙලා එනකල් අපි මඟ ඉන්නවා ඔන්න....” ඉන්දිකලා කියද්දීත් මගෙ වෙනුවට උත්තර දුන්නේ ප්‍රියන්තයි. මං ඔළුව වැනුවා විතරකි.

හැබෑ ලෙසම කේන්තියකින් ඉඳිද්දී මට කතා කර ගන්නට අමාරුය.

ඒ කේන්තියෙ තරම එදා නමීටවත් පෙනිලා නැත. එහෙම පෙනුණා නං - මේ posts මාලාවේ දෙවැන්නට නමියා මෙහෙම comment කරන එකක් නැත. ‘වැඩිය කේන්ති ගිය නැති ගමන්වලින් එකක් නේද නිදිතුමෝ... මේක ඔහෙගෙ?’

නමී තේරුම් නොගත්තත් අනෙක් අය නිදිගෙ කේන්තිය වටහා ගත්තා වෙන්නැති.
ඊට පස්සේ අපේ නඩය පට-පට ගාලා සූදානම් වුණේය. කොච්චර ඉක්මනින්ද කියනවා නං, අරුණලු වැටෙන්නටත් කලින් පිටත් වෙන්නට අපටත් හැකි විණි. හැබැයි, කතාබතා හරිම අඩුවෙන්- තිත්ත කසායක් බීලා වාගේ...
ඒ නිසාමද කොහෙද, කිසිම විමසා බැලීමකින් තොරව- ඉස්සරහින් ගිය එකා පස්සේ යමින්- අපි ගිහිං තිබ්බේ වැරදි පැත්තකටය.

“නිමල් අයියල කට්ටිය නේද මේ?... ඔය කොහෙද ඔයාල යන්නෙ? ඔය පැත්තට ගියොත් ආපහු යැවෙන්නෙ කුමන පැත්තටනෙ...” දෙවියන් අපට අත පෑවේ ‘චානකගේ වේශයෙන්’ ඇවිදින්ය.

“අනේ චානක, ගොඩාරියක් පින්! අපිට එහා පැත්තෙන් ඉඳලත්, තේ බිව්වට පස්සෙම ඔයාව දැක්කෙ නැහැනෙ. චානකගෙන් ෆෝන් number එකවත් ඉල්ල ගන්නයි හිටියෙ.”
“මටත් ඔයාගේ නම්බර් එක ඕනි. අද අපි දෙගොල්ලෝ ආපහු මුණ ගැහෙයිනෙ දවල්ට. එතකොට ගන්නං!” චානක කිව්වේය. ඊළඟට එයා පෙන්නූ පැත්තට ගිහිං අපි හරි පාරට වැටුණෙමු.

නමුත් දෙයියන්නේ අඩවියෙදී කට ඉස්සර කර ගත්තොත් වරදින බව තහවුරු කරමිනි, එදා වැඩ සිද්ද වුණේ.

කිසිම අව් රැල්ලක් වැටිලා නැති වෙලාවේ, උපරිම දුරක් යා ගන්නට... (foto- අනුර පල්ලිමුල්ල)

චානකලාගේ හුළඟක්වත් අපට ආයෙත් හම්බ වුණේ නැත. ඊට වඩා ප්‍රශ්නයකට මැදිහත් වෙන්නටය, අපේ ඉහේ කෙටී තිබ්බේ! ඒ ගිනි විජ්ජුම්බරය සිදු වුණේ කටුපිල ආරට පස්සේ හින්දා- කටුපිල ආර තෙක් ගිහිල්ලා ඉන්නට කරුණාකර ඉඩ දෙන්න...

චානකගේ මඟ පෙන්වීම ඔස්සේ දෙපා නඟද්දී, අඳුර විනිවිදගෙන ආවේ රබානක් වැයෙන හඬයි. ඒ තාලයටම ගැයෙන ‘හරෝහරා හරෝහරා - වේල් මුරුගා හරෝහරා’ භජන්ය. “අපිත් එයාලට කිට්ටුවෙන්ම යං... ඒ සද්දෙට මෙලෝ සතෙක් නං කිට්ටුවට එන්නෑ.”
“ඒකම තමයි එයාල ඔච්චර සද්දෙන් රබාන ගහනව ඇත්තෙත්...”
... “අම්මට සිරි! සද්දේ තිබ්බට එතැන ඉන්නෙ තුන් දෙනයිනෙ!”

පැයක් යනතුරුම මං ‘නවතිමුද’ කියලා ඇහුවේ නැත. කීප සැරයක්ම ‘නිමල් අයියට අමාරුයි නං ටිකක් නැවතිලා යමු’ කියල යෝජනා වුවත් මං ඒවාට කීකරු වුණෙත් නැත. කිසිම අව් රැල්ලක් වැටිලා නැති වෙලාවේ, උපරිම දුරක් යා ගන්නටය මට උවමනා වුණේ.

හැබැයි, අපේ නඩයෙන් තුන් දෙනෙක් අමාරුවේ වැටිලාය. ඒ එයාලා ටිකක් විතර පමා වුණු නිසාය.
“ඔක්කොමලම ඉස්සර වෙලා... ජයයි- ප්‍රියන්තයි මායි විතරක් පහු වෙලා... bags තොගේකුත් අපි ළඟ.” ගවීන් කිව්වේ පස්සේ වෙලාවක ඉස්පාසුවක් ගනිද්දීය. “... පොල්ලක් හොයාගෙන ඒවා සේරම ඒකට අමුණගෙන අපි එන්න ගත්තා... අම්මට සිරි, turn එක මාරු කර ගන්නත් තව එකෙක් නැහැනෙ පෙනෙන හරියක හිටියේ.”

“හොඳ වැඩේ! ඔහොම පොල්ලක දාලා බඩු bag බඩු ගෙනියන එක ලේසියි කියල මං කිව්වනෙ මුලින්ම. කොහෙද? අර පණ්ඩිත අප්පුහාමි ඤැක්-බැක් ගෑවනෙ කියනකොටම...”
“ඔව් නිමල් අංකල්, මෙහෙම ගෙනියන එක වැඩිය ලේසියි!” එයින් පස්සේ නම් වැඩි දෙනෙක් ඊට සම්මාදම් වූහ. මට තවමත් විසඳා ගන්නට බැරි වුණු ඒ හා අදාළ ප්‍රශ්නයකුත් තිබේ.

Difficult roads lead to beautiful destinations!  

කිසිම දමිළ බැතිමතුන් පිරිසක් තම-තමන්ගේ බඩු මලු උස්සාගෙන යාමේදී මේ ක්‍රමය අනුගමනය කරනවා මං දැක්කේ නැත. එයාලා වැඩිම දෙනෙකු ලොකු බරක් වුණත් අරගෙන ගියේ හිස උඩ තියාගෙනය. එය වඩා පහසුද?

සමහර විට එයාලා ‘Difficult roads lead to beautiful destinations!’ කියන එක විශ්වාස කරන නිසා එහෙම අමාරුවෙන් බඩු උස්සගෙන යනවා වෙන්නත් ඇති. (ඒ ඉංග්‍රීසි කියමන, පහුගිය කොටසට Lotus රසිකාවිය එවූ comment එකකින්ය ගත්තේ. ස්තුතියි Lotus!)
ම්... ම්... ම්... ඒ හරිය ලියාගෙන යද්දී කල්පනා වුණු දෙයකි මේ. භක්තියකින් යුතුව; කැපවීමෙන් කරද්දී අමාරු වැඩක් වුණත් ලෙහෙසියට දැනෙනවාවද්ද?

එහෙම වෙන්නැති!
ගිය වතාවේ ළිං තුනේ සිට වරුවක් ඇවිදගෙන ඇවිදිනුත්, කටුපිල ආරට එන්නට අපට බැරි විය. ඇඳිරි වැටුණු නිසාත්, තවත් ඇවිද ගන්නට බැරි මට්ටමක හිටි නිසාත් අපට
අතරමඟ නවතින්නට සිද්ද වුණේය.
මේ වතාවේ උදේ දහයමාර වෙද්දී අප කටුපිල ආර ළඟය.

“අම්මට සිරි මාමේ! මෙදා සැරේ දන්සලත් දෙන්න පටන් අරං...”
“ඒක නේන්නං. කලින් ආව තුන් වතාවෙම අපි මෙතන පහු කරගෙන යද්දී දන්සල පටන් අරං තිබ්බෙ නෑනෙ.”
“යමු මාමේ. දන්සලෙන් බත් කමු!”

එතකොටත් හිච්චිලගේ නඩේ දෙතුන් දෙනෙකුත්, අපේ නඩේ දේවාල මාමාත් වැඩ අල්ලලාය.
“හිච්චිලා යං! මඟදී ඔයාලගේ කඩල කාල තවම වැඩි වෙලාවකුත් නැහැනෙ...” මං කිව්වේ බාග ඇත්තකි. වතුර නැති හින්දා එදා උදේ දත් වහල්ල මැදගෙන කට හෝදා ගන්නට විතරකි, මට පුළුවන් වුණේ. ඉතිං, මට මාවම හිරිකිතේය හිටියේ.
“ඔන්න මහත්තයෝ දැන්මම කිව්වා. මැණික් ගඟ දකින පළවෙනි තැනදීම මම නවතිනවා. නාල මිසක් මම නං එතැනින් ඉස්සරහට යන්නෑ.” කියලා තරයේ කියමිනි මං එතෙක් දුර හරි ආවේ.

ඉස්සෙල්ලාම දන්සලෙන් බත් කාලා ඉවර වුණු මර්වින්, තව බත් එකක් බෙදවාගෙනත් ඇවිත්ය. “නිමලෝ, උඹට හරි පීරිස්ට හරි කතහැකි. බැරි නං ඔතාගෙන යමු, මඟදි කන්න... උඹල දැන්ම කනව නං තව එකක් ගේන්නං...”

ඔන්න මහත්තයෝ දැන්මම කිව්වා. මැණික් ගඟ දකින පළවෙනි තැනදීම මම නවතිනවා. නාල මිසක්...

අපේ කට්ටියටම බත් ඔතාගෙන යෑමේ අදහස ආවේ එහෙමය!

‘අන්න... අන්න... tv එකකින් ඇවිල්ලා... / බස්නායක නිලමෙත් ඉන්නවා වගෙයි / කපු මහත්තුරුත්...’ වටපිටාවේ හිටි පිරිසක් කලබල වෙලාය. සමහරුන් රූප රාමුවලට මූණු ඔබා ගන්නට කලබලයෙනි.
“හිච්චි මාමේ. ඔහෙ කපු මහත්තුරුන්වත් අඳුරන කෙනා වෙච්චි එකේ, ගිහිං කිව්වොත් හොඳයිනෙ තවම වතුර දීලා නැති එක...” කවුරුන්දෝ යෝජනා කරයි.

“කියන්න ගියොත් නං, මොනවා කියවෙයිද විශ්වාස නෑ. පොඩි කරදරයක්ද මේ මිනිස්සුයි, අපියි වින්දේ ඊයේ දවස පුරාම...”
“ඒක නේන්නං. ඔහෙ ගිහිං කිව්වම හොඳ... අපි වගෙ කෙනෙක් කියනවට වැඩිය වදින තැනකට වදියි!”
හිච්චි කතරගම ජනමත නායකයකු විත්තිය අප දැනගත්තේ එතකොටය. පහුගිය වතාවේ, කතරගම දේවාලයේ මුරුතැන් පූජාව පිළියෙළ කරන තැනට මේ ලියන්නාව එක්කාසු කරගෙන ගිහිං පෙන්වද්දී, මං හිතා ගත්තේ හිච්චි කපු මහත්වරුන් හැමෝම අඳුරන බවයි. දැන් පෙනෙන්නේ ඒ අඩවියේ හැමෝමත් ඔහු දන්නා- හඳුනන බවයි!

“නිමල් මාමේ... හිච්චි මාමා ටීවී කැමරා ඉස්සරහම අරුන් ඔක්කොටම දෙහි කැපුවා!” කියලාය එතනදී සිදු වුණු දේ ගැන වාර්තාව මට ආවේ.
“අන්න සම්පත් කිව්වා පීරිස්වයි- නිමල්වයි දෙන්නවත් newsවලට පෙන්නනවා දැක්කයි කියලා...” කතරගමට ආවාට පස්සෙ අපටත් ආරංචි වුණේය.
“අපි මොනවත් කියන්නවත් ගියායැ? පැත්තකට වෙලා වාඩි වෙල හිටිය මිසක්. හිච්චිනෙ කතරගම ලොක්කොන්වයි- කපු මහත්තුරුන්වයි පතුරු ගැහුවා කිව්වේ...”
අපි එහෙම කිව්වත්, ජනමාධ්‍යවල පළ වෙන්නේ වැදගත්ය කියලා ඔවුන් සිතන දේවල්ය; ඔවුන්ට හැඟෙන දේවල්ය.

කටුපිල ආර දන්සල ළඟදී අපිත් වැඩි සැලකිල්ලක් දැක්වුවේ එකම එක කාරණයක් ගැන පමණකි!
වන ජීවී එකෙන් වසා දමලා තියෙන අඩි පාර!

මේ සැරේවත්... ඒ පාරෙන් ගියොත් ගොඩක් ලේසියි. (foto- අනුර පල්ලිමුල්ල)

“කලින් සැරවල් තුනේදිමත් අපිට ඒ පාර හොයා ගන්න බැරි වුණානෙ ඉන්දික.”

“දෙමළ කට්ටියක් යන පස්සෙන් යමු! ඒ මිනිස්සු ඔය පාරවල් දන්නවා...”
ඒ අතරේ ප්‍රියන්තත් පොලිසියේ සගයෙකුගෙන් තොරතුරු අහගෙන ඇවිදින්ය. “කටුපිල පහු කරලා ටිකක් දුර යනකොට, කැලේ මැදින් දකුණට තියෙනවලු අඩි පාරක්...”

“අන්න අන්න... දෙමළ නඩයක් පිටත් වුණා. යං යං අපිත් ඒ පස්සෙන්ම යං... ඉක්මන් කරමු. ඒ නඩේ පේන දුරෙන් අපිත් යමු!”

කාලයකට ඉහතදීම ඒ අඩි පාර අවහිර කොට වසා දැමූ බව කලින් වතාවක අපට කීවේ වනජීවියේ නියාමකවරයෙකු ලෙස සේවය කළ නිශාන්තය. “ඒ හරියේ ගංජා හේන් ගොඩක්ම අහු වුණා. ඒකලු පාර block කළේ...”
“එතකොට තවත් හොඳයිනෙ ගංජා හේන්කාරයන්ට. කාටවත් පේන්නෙම නැහැනෙ...”
“ඒ ඔහෙට හිතෙන විදිහනේ නිමල් අයියේ...” එහෙම කියූ නිශාන්ත හිතා-මතාම වගේ ඒ පාර හොයා ගන්නට බැරි බව අපට කීවේය!

“මේ සැරේවත්... ඒ පාරෙන් ගියොත් ගොඩක් ලේසියි. අඩුම ගණනේ පැයක දෙකක් වෙලාවවත් ඉතිරියි.” අප ගණන් බලා තිබ්බේ එහෙමය; එහෙම කීම කට වරද්දා ගැනිල්ලක් බව අපට නොසිතුණි.

“අන්න හැරුණා... හැරුණා...”
මේ... මේ. කොළ අතුත් කඩල දාලා. ඒවා තවම මැලවිලාත් නෑ...”
“පස්සෙන් එන අයට ලේසි වෙන්නයි ඔහොම අතු කඩල දාන්නේ..” සමහර තැනක රතුපාට රෙදි පටිත් අතුවල ගැට ගහලාය. “මේ රෙදි පටි ගැට ගහල තියෙන්නෙත් පාර හොයා ගන්න ලේසි වෙන්නම තමයි.”

ඒ කැලය එතරම්ම ඝන කැලයකුත් නොවේ. රූස්ස ගස් නැතිම තරම්ය. ඒත් ඉහට උඩින් වැවුණු කටු පඳුරුය. කටු පඳුරුවලින් බේරෙමින්- රිංගමින් යන අපේ ගමන හොඳටම හෙමින්ය.

මේ මොකෝ? ඉස්සරහින් ගිය කිහිප දෙනා නැවතිලාය!
“ඇයි නැවතුණේ?”
“අලි බෙටි!”
“අලි නෙවෙයිනෙ... බෙටි විතරනෙ...”
“ඒක නෙවෙයිලු... පාරවල් දෙකක්ම තියෙනවා... දෙකටම කොළ අතු කඩල දාලා. මොකෙන්ද යන්නෙ කියල හිතා ගන්න බැරිව...”

හරෝහරා! මුරුගන් සාමී!! දැන් ඔවුහු දෙවියන් යදිති.
බලාගෙන ගියාම අපට ඉස්සරහින් ගිය දෙමළ නඩයේ කට්ටියත් පාර-තොට දන්නා අය නොවේ! “හරෝහරා! මුරුගන් සාමී!!” දැන් ඔවුහු දෙවියන් යදිති.

“අන්න අන්න... අර පාර දිගේ ගිය කට්ටියක් ආපහු එනවා...”
“ඒ පාර මඟදි ඉවර වෙන එකක්ලු.”
“එහෙනං ඒ පැත්තට තියෙන අතු කඩල දාපුවා අයින් කරලා මේකෙන් යං!” එහෙම ගිහිනුත් අමාරුවේ වැටෙන්නටය අපට වුණේ.

“මෙතැනින් එහාටත් පාරක් නෑ!” දැන් අප ඉන්නේ එක-එක අතට විහිදුණු අඩි පාරවල් ගොඩක් මැද වංකගිරියකය.

“කෝ හිච්චිලා?”
“එයාලා ආවේ අපිට පස්සෙන්...”
“එතකොට අපේ කට්ටිය...? පොඩ්ඩක් බලලා කට්ටියම එකතු වුණාම එකට යං.” අපේ දහ දෙනාත්, පාරක් නොදන්නා දමිළ නඩයත් දැන් ලඳු කැලෑව මැද්දේ එක තැනක හිර වෙලාය. හිච්චිලාට වෙච්චි දෙයක් නැත.

“අපිව අතරමං වෙලාද මචං?”
“හිටපං බං... ඉස්සරහට ගියොත් නං අර උස ගස් පේළිය අහු වෙයි!”
“ඔව්, ඔව්! ඒ පේන්නේ මැණික් ගඟේ ඉවුරේ තියෙන ගස් වෙන්නෝනෙ.”
“උස ගස් තමයි තිබ්බෙ, ගං ඉවුර දිගේ.”
“මේ ආරක් දිගේ ගියොත්... මේවා වැස්ස කාලෙට වතුර ගලාගෙන ගිය එව්වනේ...” එකේක කතන්දර අදහස් මැද්දේ අයස්මන්ත පීරිස් මහත්තයා ඉස්සර වුණේය. “ළඟින්ම එනවලා!” ...

30 comments:

  1. Replies
    1. මෙන්ඩා දැන් සිංහලෙන්ම comment කරනවා නේද ඩ්රැකී?

      Delete
  2. නිදිතුමෝ... ඔහෙ කේන්තියකින් කැඳ හැලිය ඇන්න ගිය බවක් නම් තේරුණා. ඒත් කේන්තිය ගොඩක් වෙලා තිබ්බ බවක් නම් ඇත්තටම දැනුනේ නෑ... මංවහන්දෑට

    ReplyDelete
    Replies
    1. කේන්තිය ගොඩක් වෙලා තියා ගත්තොත් ලේ නරක් වෙන්නේ මගෙනේ නමී.

      Delete
  3. අපි පාඩම් ඉගෙන ගන්නෝ වෙමුද; ඉගෙන ගන්නා පාඩම් මතක තබා ගන්නෝ වෙමුද; ඒවායින් පල නෙළා ගන්නෝ වෙමුද?// - ජීවිතේ බොහෝ වෙලාවල් වලදි අපි අපෙන් විමසන්න ඕන ප්‍රශ්නයක්...

    තෝරගත්ත සිංදු ටිකක් කිව්ව නිසා... මටත් එකේ වරදක් දැනෙන්නේ නැහැ. මොකද දැන් දේවයාතිකා උනත් මෙලඩි අරෙහෙමෙහෙ දාල හරි අගේට පල්ලි ඇතුළේ හෙම ගායනා කරන්නෙ.

    ReplyDelete
    Replies
    1. එහෙම දේවල් ගැන කතාබහ කිරීමෙන් ගොඩක් අදහස් දැනගන්න ඇහැකිනෙ... ඒ නිසා ඒවා විමසා බලන එකයි මගෙ විදිහ....

      Delete
  4. මගෙ පදම බලන හැකියාව එච්චර හොඳ මදි..... ඒ නිසා මංනම් අර කිරිකොපි එක ගැහුවා. ඒකෙ අවුලක් දැනුනෙත් නෑ😂

    ReplyDelete
    Replies
    1. ඒකෙදි නං රජෝ මම වෙනස්. තවම මගෙ පසිඳුරන් හොඳටම වැඩ කරනවා. ඒ කිරි කෝපි එක අජපල්!

      Delete
  5. රටවටේ බයිසිකලෙන් කියවන්න ගිහිනුත් තව පොඩ්ඩෙන් අතරමං සීන් එකක් කියවලා ආවෙ. හරෝහරේ තවත් අතරමං සීන් එකක්...

    ReplyDelete
    Replies
    1. තට්ටයා මහතාට හරී මට හරි ටෙලිපති සීන් එකක් වැඩ කරලාවත්ද ඩ්රැකී?

      Delete
    2. ටෙලිපති කිව්වෙ රූපවාහිනි සංස්ථාවෙ ලොක්ක නේද?

      Delete
    3. එතකොටයි මතක් වුණේ, එහෙම කෙනෙකුත් ඉන්නවද ඩ්රැකී?

      Delete
  6. https://www.britannica.com/art/plainsong-music
    https://en.wikipedia.org/wiki/Head-carrying

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay.
      ඔළුව උඩ තියාගෙන බර ගෙනියන එක ගැන මෙච්චර විස්තර තියෙනවයි කියලා නිකමටවත් හිතුණේ නෑනෙ.

      Delete
  7. දෙවෙනි පාර කිරි කෝපි අඩිය අල්ලපු සාස්පාන හේදුවෙ නිදි නං වෙන්න බෑ. :D

    ReplyDelete
    Replies
    1. මේ සැරේ ගමනේදී එකම වෙලාවකවත් වළන්- පිඟන්- භාජන මට හෝදන්න වුණේ නෑ, ප්‍රසන්න. අපරාදේ කියන්න බෑ, ඒවා සේරම අනිත් අයයි කළේ- කියන්නත් කලින්.

      Delete
  8. දෙමළ මිනිස්සුංගෙ අසීමිත භක්තිය නිසා ඔළුව උඩ තියාගෙන යන ඒවගෙ බර දැනෙන්නැතුව ඇති හෝ ඉවසනව ඇති.

    ReplyDelete
    Replies
    1. ප්‍රසෝ, ඉඩක් තියේ නං Pra Jay මහත්තයා උඩින් දාලා තියෙන දෙවෙනි link එකට ගිහිං බලන්නකො.

      Delete
  9. රජෙකු තම මාලිගාවේ විවේකී සුවෙන් සිටින විට, ජනේලයෙන් දෙසින් කටහඬක්
    ඇසුනා.
    "රස ඇපල්!
    රස ඇපල්....
    දෙව්ලොව රස ඇපල්"
    වයසක මිනිසෙක් අශ්ව කරත්තයක ඇපල් විකුණන බව ඔහු දුටුවා. අවට ගණුදෙණුකරුවන් බොහෝය. රජු තම ප්‍රධාන අමාත්‍ය වරයා කැඳවීය.
    "මෙන්න ඔබට රන් කාසි 5ක්, දුවලා ගිහින් මට ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
    ප්‍රධාන අමාත්‍යවරයා එක් වාසල ඇමතියෙකු කැඳවා,
    "මෙන්න රන් කාසි 4 ක්, දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
    ඔහු මාලිගාවේ නිළධාරියෙකු කැඳවීය.
    "මෙන්න ඔබට රන් කාසි 3 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න..."
    මාලිගාවේ නිළධාරියා සෙන්පතියා කැඳවා,
    "ආ ඔබට රන්කාසි 2 ක්. දුවලා ගිහින් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
    සෙන්පතියා මුර සෙබළකු කැඳවා;
    "ආ ඔබට රන් කාසි 1 ක්. දුව ගොස් ඇපල් ගෙඩියක් මිලදී ගන්න."
    මුර සෙබළා මහලු වෙළෙන්ඳා කරපටියෙන් අල්ලාගෙන,
    “ඒයි, තමුන් මොකද කෑගහන්නේ?
    මේක තානායමක්ද මාලිගාවක්ද?
    මේ මඟුලෙන් අයින් වෙන්න. මම ඔබේ කරත්තය සහ ඇපල් රාජසන්තක කරනවා."
    මුර සෙබළා සෙන්පතියා වෙත හැරී,
    "මෙන්න, රන් කාසිය සඳහා ඇපල් කරත්ත භාගයක්."
    සෙන්පතියා මාලිගාවේ නිලධාරියා දෙසට හැරී
    "මෙන්න, රන්කාසි 2 සඳහා ඇපල් ගෝනියක්."
    මාලිගාවේ නිලධාරියා ඇමති වෙත හැරී;
    "මෙන්න, රන්කාසි 3 සඳහා ඇපල් මල්ලක්."
    ඇමතියා මහඇමතියා වෙතහැරී
    "මෙන්න, රන්කාසි 4 සඳහා ඇපල් මල්ලකින් අඩක්."
    මහ ඇමති රජු ඉදිරියේ පෙනී සිටියේය.
    "මෙන්න, මම රන් කාසි 5 කට ඇපල් පහක් ගත්තා මගේ රජතුමනි. ඔබ ඇණවුම් කළ ආකාරයටම."
    රජු වාඩි වී කල්පනා කළේය,
    "ඇපල් පහක් - රන් කාසි පහකට?
    ඒ කියන්නෙ පුරවැසියන්ගේ තත්වය ඉතා හොඳයි. වහාම බදු වැඩි කළ යුතුයි...!!!"

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී. ඔය කතාවම පොඩි පොඩි වෙනස්කම් එක්ක හිනා තවත් හිනා post එකකදි ලියවුනු බව මතකයි.

      Delete
  10. නිදි කොහොමඩ් අප්පා මැණික් ගඟේ නාන්නේ . මම අසූ ගණන්වල යනකොටත් .....නානවා ටියා පයක් දාන්න හිතෙන්නේ නැහැ

    ReplyDelete
    Replies
    1. යාල කැලය ඇතුළේදී මැණික් ගඟ අහු වෙන්නේ පරණ තොටුපලේ සිට වරහන දක්වා යන ටිකේදීයි අජිත් මහත්තයෝ. ඒ හරියේදී ගඟ දිය ගොඩක් පිරිසිදුයි. අපි බොන්න වගේම උයාගන්න වතුර ගත්තෙත් ඒ වැල්ලේදී පූ වළවල් හාරලයි.

      Delete
  11. සතුටෙන් සිටීම ආගමට අනුකූල නෑ කියන එක කොහෙන් හරි අපේ ඔලුවලට පොඩි කාලෙ ඉඳලම දාලා තියෙනවා නේද. ඒ උනත් බුදු හාමුදුරුවො පෙන්නලා දීලා තියෙන්නෙ ජීවිතේ 'පරම සතුට'' සොයා ගන්න විදිහ. සමහරවිට ධර්මයේ හරය මිනිස්සු තේරුම් අරගෙන ජීවිතේ වඩා සුන්දර කරගනියි කියලා බය වෙච්ච බක පන්ඩිතයො හදපු මතවාද වෙන්න ඇති ඕවා.

    "The greatest gift you ever give another person is your own happiness" ඒක ඇත්ත. Queen Elizabeth II පිලිපැද්දා කියන Never complain-Never explain කරන්න පුරුදු වුනොත් ඒකත් සතුටින් ඉන්න උදව් වෙනවා. හැබැයි ඉතින් සමහර දේ ගැන නම් කතා නොකර ඉන්න එක හොඳ නෑ.

    ReplyDelete
    Replies
    1. ඔබේ අදහස් වල පැහැදිලි තේරුමක් නෑ වගේ නේද පේන්නේ මට නම් හිතෙන්නෙ එහෙමයි

      සතුටින් ඉන්න එක බෞද්ධ ආගමට අනූකූල නෑ කියලා කවුරුවත් හිතන්නෙ නෑ මම දන්න තරමින්

      දුක්ඛ කියලා කියන්නේ හැමදෙයක්ම ගත්තොත් ඒ හැම එකකම එක්තරා ආකාරයක සතුටක් වගේම අනිත් පැත්තෙන් දුක්ඛ එහෙම නැත්නම් suffering දුක් සහිත බවකුත් ගැබ්වී ඇති බව තේරුම් ගෙන කටයුතු කළ යුතු බවත්

      ආරෝග්‍යා පරමා ලාභා සන්තුට්ඨි පරමං ධනං
      විස්වාස පරමා ඥාති
      නිබ්බාන පරමං සුඛං

      වගේ සතුට යනු වඩාත්ම වැදගත් වත්කම් (ධනං) බවයි සිදුහත් ගෞතම පවසන්නේ

      Happiness gift කරන ආකාරය සහ never explain never complain කියන කතාවත් මට නම් පිළිගන්න බැහැ පැටලිලි සහගත කතා, ඒ වගේම පෞද්ගලික වශයෙන් මම ගැන කියනවනම් මා ද්විත්ව් පුරවැසියෙකු වුවද එය ද ලංකාවේ රුපියල බාල්දු වන කාලවලදී ඉතාමත් අඩුමිලට ලංකාවේ ගම්පහ දිස්ත්‍රික්කයේ යම් යම් ඉඩම් මිලදීගෙන නැවත වතාවක් රුපියල ශක්තිමත් වෙද්දී සහ ඉඩම් මිල ඉහළ යද්දී ඒවා විකුණලා විශාල ලාභ සහිතව එය ඔස්ට්‍රේලියානු ඩොලර් බවට හරවා ගැනීම, ලංකාවට නිවාඩු එන කාලවලදී දේශීය පුරවැසියෙක් ලෙස ඉතා අඩු මුදලකට ලංකාවේ සේවාවන් ලබා ගැනීමට ආදී මගේ පෞද්ගලික වාසි ගණනාවක් තකා ශ්‍රීලංකා රජයට මුදල් ගෙවා ලබාගත්තෙකි. එවකට පැවති ලිහිල් සංක්‍රමණ නීති වලට පින්සිදු වන්නට 1998 ජනවාරියේ සිට ඕස්ට්‍රේලියානු පුරවැසියෙක් ද වෙමි. කෙසේ නමුත් එම ඕස්ට්‍රේලියාවේ පුරවැසි භාවය මට ලබා දෙන විට මගේ ලංකාවේ පුරවැසි භාවය අහිමි වී ගියා. නමුත් මා ඒ ගැන නැවත නැවතත් කල්පනා කර වාසි ගැන සොයා බලා අවශ්‍ය පරිදි ගණනය කිරීම් කර ලංකාවේ පුරවැසි භාවය ඉතා සුළු මුදලක් ලංකාවේ රජයට ගෙවා මිලදී ගැනීම මගින් විශාල වශයෙන් මූල්‍ය සහ වෙනත් වාසි ඇති බව හොයා ගත්තා, ඒ අනුවයි මා සුළු මුදලක් වැය කර ගත හැකිවූ එම ලංකාවේ අහිමි වී තිබුණ පුරවැසි භාවය නැවතත් ලබා ගත්තේ.

      දැන් මම ගැන ඔබේ අදහස කුමක්ද?

      Delete
    2. මාත් මැදිහත් වුනාට කමක් නැහැ නේද?

      ඔබ ගැන මගෙ අදහස නම් මේකයි: තවමත් ඔබතුමා හෘදය සාක්ෂිය දොඩමලුව පවතින කෙනෙකි!

      Delete
  12. පොල්ලක බැදගෙන බඩු අරගෙන යනකොට ඒක ලේසි වෙන්නෙ කොහොමද?🤔

    ReplyDelete
    Replies
    1. නවීන්, මේ පොස්ට් එකේ 5 වෙනි foto එක බලන්නකෝ. පොල්ලක බැඳගෙන බඩු ගෙනිච්චද කියලා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්