li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, February 7, 2023

Nice View

‘අපිට ඕන තරම් මේ ජීවිතයෙදි හම්බෙනවානෙ තමන්ගේම කියලා දෙයක් නොකර අනුන්ගෙන්ම දේවල් වලින් යැපි යැපී, අනුන්ටම ගරහන අය. (කාටද කියන්නේ කියලා තේරෙනවානෙ). එහෙම අනුන්ගෙ දේවල් අරගෙන ලංකාවේ අංක එක වුණත් කවදාවත් යාදෙන්නෙ නෑ. ඊට වඩා තම මහන්සියෙන් ලැබෙන පොඩි දෙයක් උනත් අපිට යාදෙනවා, සතුටක්  තියෙනවා. ඒ වගේම නිකම් ලැබෙන කිසිම දේක අගයකුත් නෑ. ඉතිං තව කෙනෙක්ගෙ දෙයක් හොරෙන් අරගෙන පුහු ජයග්‍රහණ පෙන්වන මුග්ධ පුද්ගලයින් හට ලැජ්ජාව, භිය කියන දේ ඇති වී, මේ සිනමාපටයේ කතාව වගේ තම මහන්සියෙන් දෙයක් කිරීමට හේතු වාසනා වේවා කියලා පතනවා.’

තම මහන්සියෙන් ලැබෙන පොඩි දෙයක් වුණත් අපිට යාදෙනවා...

රවිඳු හේෂාන් එහෙම ලියලා තිබ්බේ හරියටම මාසෙකට කලින්. Nice View චිත්‍රපටය ගැන හැඳින්වීම් ලිපියේ. රවිඳු වගේ අය එහෙම හිතුවට එහෙම නොහිතන අයත් මේ සිරි ලංකාද්වීපයේ ඕනි තරං ඉන්නවා.

මේ සැරේ පළාත් පාලන ඡන්දයට ඉදිරිපත් වෙලා ඉන්න අපේක්ෂකයන් රොත්ත දිහා බලන්නකෝ. 80,000කට කිට්ටුලු!
බුදු අම්මෝ, මහජනතා අපි වෙනුවෙන් සේවය කරන්න කොච්චර ඉන්නවද?
පිරිසිදු චේතනා පාදයි වාසනා!! කියලයි සින්දුවකත් තියෙන්නේ. වාසනාව පාදා ගන්න හදන්නේ කාට වාසි වෙන්නද...
කාගේවත් හිතක තියෙන දේවල් කාටවත් පෙනෙන එකක්යැ?

ඔය ඉදිරිපත් වුණු උදවියගේ පොඩි පරහක් තියෙනවා වගේ හින්දයි මං එහෙම කිව්වේ. මේ අපේක්ෂකයන්ගෙන් 20,000කටත් වැඩිය පිරිසක් විවිධ චෝදනා තියෙන අයලු.

‘ගෙවුණු කාලය තුළදී ඥාතීන්ට ටෙන්ඩර් ලබා දීම, කඩ කාමර බදු දීම සහ ආයතන සතු දේපළ අවභාවිත කිරීම යන චෝදනා ඉන් ප්‍රධාන වෙන බවයි වාර්තා වන්නේ.’ කියලයි ඒ වාර්තාවේ තිබුණේ.
එතනදී නොකියා කියා තියෙන දෙයකුත් තියෙනවා. එහෙම වැරදි කරන්නෙත් ඉතිං බලයක් තියෙන- බලයක් තිබුණු උදවියනේ. බලමුකෝ එහෙම දූෂිතයන් කොච්චර දෙනෙකුට මේ වතාවේ ආයෙමත් දිනන්න හැකි වෙයිද කියලා... රටේ ජනතාව හිතන විදිහ සහ ඔවුන්ගේ දේශපාලන සබුද්ධික බව මේ ඡන්ද ප්‍රතිඵලය පෙන්නාවි කියලයි මට හිතෙන්නේ.

බලය! ධනය!! තත්ත්වය!!! තව තවත් වැඩි කර ගන්න නේද අපෙන් වැඩි දෙනෙකු පොර කන්නේ... සේරම බලුකම් කරන්නේ... අනුන්ට උගුල් අදින්නේ?

මේ අයියා නංගී විදිහට කෙරෙන ඒ දෙන්නගෙ රඟපෑම බලන්න විතරක්ම වුණත් නයිස් විව්බලන්න වටිනවා. ඒ තරං සුපිරියි එයාලගේ රංගනය.

ජිංග් හාඕ එහෙම දහදුරාකම් කරන කෙනෙක් නෙවෙයි.

කොහොමත් තරුණ වයසෙදී වැඩි දෙනෙක් දූෂිත නෑනෙ. Jing Haoත් එහෙමයි. කොල්ලට තවම අවුරුදු 20යි.
(විස්ස පරවෙලත් බල තණ්හාව නිසා තරුණ පෙළට ඉඩ දීලා පැත්තකට නොවෙන මිනිස්සු යහමින් ඉන්න කාලයක් නෙව මේ!)

ජංගම දුරකථන අලුත්වැඩියා කරමින් ජීවිතය ජය ගන්න හදන ජිංග් හාඕට තියෙන්නේ එකම හීනයයි. ඒ එයාගේ එකම නංගිව මරණයෙන් ගලවා ගන්න එක. ඒ රෝගී හුරතල් දැරියට තවම වයස අවුරුදු හයයි. මේ සිඟිත්තිය; ටොංග් ටොංග්ට අවුරුදු අට වෙන්න කලින් සැත්කමක් නොකළොත්... ඒ දෙන්නට ඉන්නේ ඒ දෙන්න විතරයි. දෙන්නා දෙන්නට පණ ඇරලා ආදරෙන් ඉන්නේ.
මේ අයියා නංගී විදිහට කෙරෙන ඒ දෙන්නගෙ රඟපෑම බලන්න විතරක්ම වුණත් ‘නයිස් විව්’ බලන්න වටිනවා. ඒ තරං සුපිරියි එයාලගේ රංගනය. මොනවද ඔට්ටු- මේ ෆිල්ම් එක නරඹද්දී, ඕනෑම දරදඬු කෙනෙකු එකම එක කඳුළක් හරි හෙළනවාමයි!

ඉතිං, අර හය හැවිරිදි දැරියගේ එච්චර බරපතල සැත්කමක් නිකම් කෙරෙනවයැ? සල්ලි කන්දරාවක් ගෙවන්න වෙනව කියල දොස්තර මහත්තුරු ජිංග් හාඕට කල් තියාම කියලයි තියෙන්නේ. ඒක නිසාමයි මිනිහා දන්න සෙල්ලම් ඔක්කොම දමමින් එක පාරම ලොකු සල්ලියක් හොයන්න plan ගහන්නේ.

මොන දේ කරන්නත් කොල්ලා හොඳටම දන්නේ ජංගමයන් ගැනනෙ. ඒවා තොගයක් එක්ක ජාවාරමක්...
මම මොකටද කතාවේ රසය අඩු කරන්නේ? මේ චුට්ට විතරයි ඔන්න හිතාදර පාඨක ඔයාලට දැන් කියන්නේ.

ඉතිං එයා අපතයන් අතරේ ඉන්න හොඳම දක්ෂයන්වත්, එයාගේ වැඩේට අරගන්නවා.

Jing Hao අයියණ්ඩි එයාගේ ආදරණීය චූටි නංගී Jing Tong රැකගැනීමේ එකම අභිලාෂයෙන් මාර game එකකට එන්ටර් වෙනවා. එකම එක ඥාතියෙකුගේ උදව් ඇතිවයි කොල්ලා ගේමට බහින්නේ. තනියම නං කීයටවත් කරන්න බැරි වැඩක්! ලොකු පිරිසක් ඕනි. එහෙම වැඩකට ගැලපෙනම කට්ටිය තෝරා ගැනිල්ලත් ලේසි වැඩක්යැ? එහෙම නොවුණොත් හෙණ අවුල්ය කියලා ජිංග් හාඕ හොඳටෝම දන්නවා.

ඒත්... එයාට ඕනි දක්ෂයන්. ඉතිං එයා අපතයන් අතරේ ඉන්න හොඳම දක්ෂයන්වත්, එයාගේ වැඩේට අරගන්නවා.

ආත්මාර්ථකාමී නොවී, නිවැරදි නායකත්වයක් දෙමින්; අවශ්‍ය තැනදී පරහිතකාමී වෙමින්- තමන්ගෙ mission එක අනතුරේ දාගන්න තරමටත් ඒ තරුණ හාදයා උතුම් ගති ඇත්තෙක්.

ඒකටත් එක්ක අපේ නායකයෝ!

රටේ අහිංසක දූලා- පුතාලා, මිනිස්සු වැඩි හරියක් හරි-හමන් කෑමක් බීමක් නැතිව දුක් විඳින අතරේ...
ලෝකෙට පරකාසේ වෙමින් නිදහස සමරනවා. නිකං නෙවෙයි. තම තමන්ගේ සාක්කුවෙන්; ගෙදරින් වියදම් කරලත් නෙවෙයි. අපේ සල්ලිවලින්... අපි ගෙවන බදු මුදල්වලින්.      

‘වැසිකිළි ලක්ෂ 142 ශබ්ද විකාශන ලක්ෂ 32 විද්‍යුත් තිර ලක්ෂ 27. නිදහස් උත්සවයේ වියදම් ලැයිස්තුව’ ඔන්න අද එළියට ඇවිදින් තියෙන පුවතක සිරස්තලය. එයින් කියන විදිහට...

‘රට ආර්ථික වශයෙන් මෙන්ම සියලු අංශයන්ගෙන් බංකොලොත් භාවයට පත්ව ඇති මොහොතක පෙරේදා (04) දින පවත්වනු ලැබූ නිදහස් දින උත්සවයේ වැසිකිලි පහසුකම් වෙනුවෙන් පමණක් රුලියල් ලක්ෂ 142ක (රු. 14,258,850) මුදල් වියදම් කරන බව අල්ලස, දූෂණය, නාස්තියට එරෙහි පුරවැසි බලය සංවිධානය පවසයි.

කොහොමෙන් හරි හැත්ත පස් වෙන නිදහස් සමරුව රුපියල් කෝටි 40ක් ගිල දාලා!  

එහි සභාපති ජාමුණි කමන්ත තුෂාර මේ බව අනාවරණය කරන්නේ මෙවර ජාතික නිදහස් දින උත්සවය වෙනුවෙන් රජය දරන වියදම් ඇතුළත් වාර්තාවක් ලබාදෙන ලෙස තොරතුරු දැන ගැනීමේ අයිතිවාසිකම් පනත යටතේ රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යාංශයෙන් ලබාගත් තොරතුරු මතය. ඔහුට ලබාදී තිබූ වියදම් විස්තරය පහතින්...’ සේරෝම විස්තර බලා ගන්න වටිනවා ‘ගොසිප් ලංකා නිව්ස්’ අඩවියටම ගිහිං.

කොහොමෙන් හරි හැත්ත පස් වෙන නිදහස් සමරුව රුපියල් කෝටි 40ක් ගිල දාලා!

අපේ ලොක්කන් වගේම සල්ලි- සල්ලි කියල බලන්නේ නැතිව; චිත්‍රපටයේ නිෂ්පාදක Ning Hao ලෝස්බෝස් නැතිව වියදම් කරලයි Aka Qi Ji- Ben Xiao Hai ෆිලුම නිපදවල තියෙන්නේ. ඒ චීන නමෙන් හඳුන්වන්නෙත් ඉංගිරිසියෙන් Nice View නමෙන් හඳුන්වන ෆිල්ම් එකමයි. ‘නයිස් විව්’ 2022 වසරේ ‘Box Office’ ලෝක වාර්තා තියපු චීන ෆිලුමක්.
මිලියන 38ක් වියදම් කරලා නිෂ්පාදනය කෙරුණු Nice View ආදායම මිලියන 211ක් බවයි වාර්තා කියන්නේ.
Wen Muye තමයි මේ චීන ෆිලුම අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ.

මොට්ට මං වහන්සේ චීන දන්නා එකක්යැ? ඒ ෆිලුමටත් සිංහල උපසිරැසි දීලා තිබ්බේ ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියේ. රවිඳු හේෂාන් විසින්.
ඔයාලට ගොඩක් පිං! අපි වගේ දුහුනන්ගේ ප්‍රයෝජනය තකා මෙහෙම හොඳ films සිංහල උපසිරැසි එක්ක අපට හඳුන්වා දෙන එක ගැන. මේ post එකේ ආරම්භයේදීම යෙදුව ඡේදයේ තියෙන (කාටද කියන්නේ කියලා තේරෙනවානෙ) යන වැකිය ගැනත් මෙතනදී කියන්න හිතෙනවා.

මොකද දන්නවද?

බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් දෙන ‘සිංහල subs’ හොරකම් කරලා, තවත් අඩවිවලින් තමන්ගේ වගේ ඉදිරිපත් කරනවාලු. අනුන්ගේ දේවල් හොරකම් කරන; ඒවාට තමන්ගේ උප්පැන්න ලියාගන්න හදන; අනුන්ට හිමි ගෞරවය තමන් සතු කර ගන්න හදන අය කොහෙත් ඉන්නවනේ.
දැන් බයිස්කෝප් සිංහලෙන් අඩවියේ ඇඩ්මින්ලා නං ඒවා වළක්වන්න උපක්‍රම යොදලා.
ඒ නිසා මං වගේ උදවියටත් අමුතුවෙන්ම කරදර වෙන්න වෙලා. රවිඳු ලියපු ලියවිල්ල copy කර ගන්න බෑ. ඉස්සර වගේ නෙවෙයි, දැන් දෙන subsවල අකුරු ලොකු-පුංචි කර ගන්නත් බෑ. Subs ඩවුන්ලෝඩ් කර ගන්න ගියාමත් බය හිතෙන නිවේදනයක් එනවා. ‘Zip may be dangerous, so Chrome has blocked it.’ බයිස්කෝප් සයිට් එකෙන්ම අහලා තමයි මං නං දැන් බය නැතිව සබ්ස් බාගන්නේ.

හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ.
බය නැතිව?

බය නැතිව subs බාගන්නවා වුණත් ‘හදවත්ගලනය’ ගැන නං තව-තවත් බය නොවී බෑ වගෙයි. පහුගිය ජනවාරි 24 වෙනිදා ‘ලොකු අම්මත් එක්ක- සිව්වෙනි කොටස’ ලියද්දී ඔය ‘හදවත්ගලනය’ වචනේ මේ ලියන්නා නං දැනගෙන හිටියේ නෑ. මං හිතන්නේ සිංහල භාෂාව පාවිච්චි කරන කවුරුන්වත් ඒක පාවිච්චි කරලා තිබ්බෙත් නෑ.

ඉස්-ඉස්සෙල්ලම ඒ වචනේ නිපදවාගෙන; යොදා ගැනීමේ ගෞරවය අයිති කමීට. කල්‍යාණ මිත්‍ර blog අඩවිය ලියන කමීට. කමී ඒ වචනය පාවිච්චි කරන්නේ අවුරුදු එකහමාරකට පස්සේ එයාගේ ‘ඉස්ටැයිල් එකෙන්’ ලියන අලුත්ම post එකේදියි.

කරන්ට් නැතුව මොන රව්ටර්ද මහත්තයා? බ්ලොග් පුනර්ජීවන සම්මන්ත්‍රණ මාලාව අංක දෙක සහ හදවත්ගලනය- Welcome me back to blogging..! තමයි ඒ පොස්ටුව. ඒකෙ මුල කොටසේදීම කමී මෙහෙම කියනවා.

‘... අවුරුදු එක හමාරකින් මේ ආසාවෙන් බ්ලොග් සටහනක් ලියන්න අරන් තියෙන්නේ... ඒකට හේතු ගොඩයි.

පළවෙනිම හේතුව තමයි මාතෘකාවේ අන්තිමට තියෙන 'හදවත්ගලනය'... මම දන්නේ නෑ මේ වචනේ කලින් කොහෙවත් ලියවෙලා තියෙනවද කියලා. හැමෝම කතාවෙන බුද්ධිගලනය නම් නිතර දකිනවානේ. පුද්ගලිකව ඔය බුද්ධිගලනය කියන එකට මගේ මරාසාද් විරෝධයක් නැති නිසා මම ඒක ගැන ඒ හැටි වද වෙලා නෑ. බුද්ධිය හා හැකියාව කියන්නේ මිළ කලයුතු සම්පතක්. ඒකට නිසි වටිනාකමක් ලැබෙනකම් ඒක මාකට් කරන්න ඕනි. 'නිසි වටිනාකම' කියනෙකට පරිවාර එක්ස්ප්ලනේශන් ගොඩයි. නිසි වටිනාකම පුද්ගලයාට, අවස්ථාවට කාලයට අනුව වෙනස් වෙනවා. බුද්ධිය තියෙන එකා ඒක තමන්ට ගැලපෙන විදියට යොදාගන්න එහෙට මෙහෙට ගලනව... ඒක වැළැක්විය හැකි හෝ වැළැක්විය යුතු දෙයක් නෙවෙයි. වළක්වන්න ඕනිනම් කරන්න ඕනි තමන්ට ඕනි බුද්ධියට නිසි වටිනාකම දෙන එක. ආ... ඒ ඇති. හැබැයි 'හදවත්ගලනය' ඊට වඩා හැඟීම්බරයි...’
එහාටත් ගොඩ වැදෙන්න. හදවත්ගලනය ගැනත් දැනගන්න අතරේ ඔයාලට ඉතා රසවත්- හරවත් ලිපියක් කියෙව්වැකි!

ඉතිං හදවත්ගලනය වචනේ ඔන්න මාත් ඉල්ලා ගන්නවා, කමීට ස්තුතිවන්ත වෙමින්.

පෙබරවාරි 2 වෙනිදා හවස අපේ අකලංක පුත්තරයා මෙහාට ගොඩ වැදුණා, සිය පවුලත් එක්කම.

“බෑ මහප්පේ. දැන් එන විදිහට ලංකාවේ ඉඳලා බෑ. මාත් තීරණේ කළා මෙයාලත් එක්කම රටෙන් යන්න.”
“හෑ?” පුදුමයෙන් ‘හෑ’යි ගාලා මගේ කට ඇරුණු පාර තව ඩිංගෙන් කටට මැස්සොත් රිංගනවා.

ටැන්සානියාවේ කෙරුණු විදිහ මෙහෙත් කළා නං කොහොමට හිටියිද...

ගෝල්ෆේස් අරගල බිමේදී, මං වහන්සේ පැය 68 උපවාසයක් කළා මතකයිනෙ. එතකොට නෙවිල්, ජයශංඛ දෙන්නා එක්ක අකලංකත් මට තනි රැක්කා. එහෙදී ‘No පාර්කින්’ බෝඩ් එකක් මගෙ කකුල උඩට වැටිලා ඇඟිලි දෙකක් තැලිලා හිටින අතරෙත්-  මහරගම තිබුණු විරෝධතා කීපෙකටම මාව එක්ක ගියෙත් මේ අකලංකමයි.

ඒ විතරයැ? Blog අඩවියක් ලියන්න යනවා- මට එකක් හදලා දෙන්න කිව්වම, තාක්ෂණික උපදෙස් දීලා... සේරම වැඩ මට කියලා දුන්නෙත් මිනිහා.

මිනිහගෙ එකම වැරැද්ද, ‘මට ඒ තාක්ෂණික වැඩ එච්චර නොදිරවන විත්තියත්; මං වහන්සේ හෙමින් ඉගෙන ගන්න මැන්ටලයක් විත්තියත්’ තේරුම් නොගැනීම. එයා හැදුවේ දවසෙන් දෙකෙන් මාව කොම්පියුටර පකීර් කෙනෙකු කරවන්න. එව්වා කොහෙද මොට්ට මාත් එක්ක?

ඉතිං, අකලංකත් පිටරට රස්සාවකට යනවා කිව්වමයි මට පුදුම හිතුණේ.

මිනිහගෙ කුළුඳුල් පුතණ්ඩියාට නම තියන්න ගියාම ඒකාට ඕනි වුණේ ආර්ය කියලා නම තියන්න. ඒ මදිවට ඒකාට ඕනි වුණා ආර්ය කියන නම ‘ය අකුරට උඩින් රේපය; පහළට හැරවූ කොම්බුව’ දාලා උප්පැන්නෙටත් ලියවන්න. එච්චර දේශභක්තිය තිබ්බ මිනිහා.....? දැන්...

“බැහැනෙ මහප්පේ. දැන් tax එක කීයක්ද? Tax ගැහුවත් කමක් නෑ. ඒවා හරි විදිහට වියදම් කෙරෙනවා නං. අපෙන් හූරලා හූරලා අරගෙන උන්ට ඕනි විදිහට නාස්ති කරනව. නිකමට කියන්නකො මහප්පේ, ටැන්සානියාවේ කෙරුණු විදිහ මෙහෙත් කළා නං කොහොමට හිටියිද... බොරු පම්පෝරි ගහන්න වෙලාවක්ද මේ. මේ යන විදිහට ගියොත් නං...”

තරුණ පරම්පරාවට අද නොනවතින අරගලයක් කරන්න වෙලානෙ තියෙන්නේ- එහෙව් රටක් ඇති කර ගන්න.

දැන් මිනිහ ගිහිල්ලත් ඉවරයි.

කමීගේ පෝස්ටුවෙනුත් කියන විදිහට බොහොම අපූරු blog රචකයෙකුත් තව දින කීපෙකින්  අර විදිහටම නොරටක පැලපදියම් වෙන්න යන්නයි ලෑස්තිය! එයාලා ඒ වගේ තීරණ ගැනීම වැරදිය කියලා මට නං හිතන්නෙම නෑ.
හැබැයි, රටක පාලකයන් සතු ලොකුම වගකීමක් තමයි ඇයි දිගින් දිගටම මෙහෙම වෙන්නේ කියලා හොයා බලන එක.

නැතිනං...

‘අපි ජීවිතයේ කොච්චර නම් දේවල් අමාරුයි කම්මැලියි, මේක හිංදා මට ගොඩ යන්න පුළුවන් වෙයිද කියලා හිතලා අපේ ඉලක්ක කීයක් නම් අතාරින්න ඇත් ද? එහෙමත් නැත්නම් ඒ කාලය වටපිටාව අනුව අතාරින්න ඇත් ද? එහෙත් අපිට අවශ්‍ය ඕන ම ඉලක්කයක් කඩඉමක් ජය ගන්න පුළුවන් නොපසුබස්නා උත්සාහය, අසීමිත කැපවීම හා අධිෂ්ඨානය තියෙනවා නම් එම ඉලක්ක සපුරා ගන්නවා කියන එක ඒ හැටි දෙයක් නෙවේ.....’ රවිඳු හේෂාන් Nice View ෆිලුම හඳුන්වා දෙමින් ලියූ එයාගේ ලිපියේදී කියලා තියෙනවා.

ඒක ඇත්ත තමයි රවිඳු, නීතියක් රීතියක් තියෙන රටකදී නං... සාධාරණත්වය යම්තාක් හරි අගයන රටකදී නං...
ශ්‍රී ලංකාවේ අපට; විශේෂයෙන්ම තරුණ පරම්පරාවට අද නොනවතින අරගලයක් කරන්න වෙලානෙ තියෙන්නේ- එහෙව් රටක් ඇති කර ගන්න.

මට දැනෙන- පෙනෙන තරමින් නං අද ඉන්නේ එයාලගේ ඉලක්ක ලේසියෙන් අතාරින්නෙ නැති තරුණ පරම්පරාවක්. එයාලගේ වෑයම මල්ඵල ගැන්වෙන ලොකුම පියවරක් සාර්ථක වෙන හැටි දකින්නයි මම නං මේ දවස්වල පෙරුම් පුරමින් ඉන්නේ෴0෴

36 comments:

  1. අපිත් පෙරුම් පුරමින් ඉන්නෙ ඒ දේ දකින්න පුලුවන් වෙයි කියල තමයි.

    නිදහස් උත්සවේ අකුණු සන්නායක වලටත් සෑහෙන ගානක් වියදං කළාලු.

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, නිදහසක් තියේ නං මේ post එකේ 'ගොසිප් ලංකා නිව්ස්' රතුපාට අකුරු උඩින් ක්ලික් කරලා එහාටම ගිහිං බලන්න.
      හෙණ ගහන එක නතර කරන්න කරපු වියදමත් ඇතුළුව මුළු වැය විස්තරේම එතැන තියෙනවා. ඔයා කිව්වා හරි. අකුණු සන්නායක වලට රු.3,45,000/-යි.

      Delete
  2. රවියගේ ගජබින්න වලට කට්ටිය කට ඇරගෙන ඇහු‌ුම්කන් දෙනවා.😀

    ReplyDelete
    Replies
    1. ඒ ගජබින්න නෙවෙයි, ගජබින්නාලංකාරයනෙ කුමාර. හිනා ගඟුලක් එතැන....

      Delete
  3. What a nice (pre)view on Nice View :) <3

    මටත් පොඩි පෙඅමොශන් පාරක් දුන්නට තැන්කියු ඈ..! අපොයි අර සෝක් කොල්ලා නේද අකලංක කියන්නේ? එක පාරලුත් ඔසී ගිහින් දමල ගහල ආපු කොල්ලා.. අරගල බිමේ කළබලෙන් එහෙ මෙහෙ දුව දුව පුටුව ගැන පවා හොයලා බැලුවා මතකයි. කමක් නෑ. උන්ට හරියන්නෝනි..

    අද ෆුල් බිසි..! තට්ටය මහත්තැන් වට්සැප් ගෘප් එකක් හදලා නෙව බ්ලොග් ගෙට්ටුවක් තියන්න. මම නිවාඩුවක් දැම්ම ඒක කියවන්න. :))))

    ReplyDelete
    Replies
    1. ස්තුතියි කමී.
      සෑහෙන කාලෙක ඉඳලම අදාළ සහෝදර blog රචකයන්ගේ අපූරු ලියවිලිවලින් කොටස් යෙදුම් උපුටා දක්වන්න මම පුරුදු වෙලා ඉන්නේ. එයින් තව කෙනෙකුට කෙරෙන දිරි ගැන්වීම එකක්. දෙවැන්න මගෙ ලිපියටත් එයින් තව එළියක් ලැබෙනවනේ!
      මටත් මේ ටිකේ බිසී තමයි. හොඳම හිතවතියක් ඊයේ වියෝ වෙලා, අවුරුදු 49යි. එහෙ ගිහිං අද පාන්දර 1.30ට ආවේ. අදත් එහෙ යන්නයි සූදානම.

      Delete
    2. අපොයි.. තරුණ වැඩියි එහෙම ගමනක් යන්න තරම්..! ළඟම ඥාති හිතවතුන්ට කොහොම දුකක් ඇත්ද හිතාගන්න පුලුවන්.

      සුබ ගමන් ඇයට..!

      Delete
    3. ඒක නේන්නං කමී. වඩාත්ම දුක ඇය ඉතාම මානවවාදී ගුරුවරියක් ලෙස සේවය කළ කෙනෙක්; ඉතා උසස් රසයක් සහිත පොත් කියවන සාහිත්‍යයට ඉතා ලැදි ආදරණීය මවක්. දෙවෙනි පුතා මෙවර උසස් පෙළ විභාගයට ලියනවා- එච්චර ඉලංදාරියෙක් වෙලත් ඒ අම්මා තවමත් පුතාලට කෑම කවනවා වෙලාවකට.... හරිම ආදරණීය කැදැල්ලකින් ඇය අකාලයේ ගියේ!

      Delete
  4. 'මැති ඇමතිවරුන් තිහකට බාර්, පෙට්‍රල් ෂෙඩ්'
    'මන්ත්‍රී නිල නිවාස 110න් 60කම ඤාතීන් හිතවතුන්'
    'එක වේලක් කන සරසවි ළමයි'
    'මන්දපෝෂණය මට්ටු කරන්න ළමාරක්ෂණ අධිකාරිය තොරතුරු සොයයි'
    - 2023.01.15, ඉරිදා ලංකාදීප පත්තරේ මුල් පිටුවේ පුවත් ටික.

    ReplyDelete
    Replies
    1. කමියගෙ වචනෙ, නිදි ලොක්ක කිව්වාම තමා මටත් ක්ලික් උනේ. 'හදවත්ගලනය' මරු වචනය.

      Delete
    2. ඒත් ඒක වෙන එකනම් දුකක්.

      Delete
    3. ලංකාවේ වැඩි දෙනා පත්තර බලනවා. හැබැයි කියවන්නේ නෑ. කියෙව්වත් ඒවා හිතේ රඳවගන්නේ- විග්‍රහ කරගන්නේ නෑනෙ නමී. බහුතරය එහෙම කරන්න පුරුදු වෙනව නං...

      Delete
  5. මහජන මුදලින් බාල් නැටීම අනුමත කරනවා නෙවෙයි. ලෝකෙ කොහේ කවුරු පාලනේ කරත් ප්‍රොපගැන්ඩා වලට (propaganda) වියදම් කිරීම වෙනවා. ඔබලා මහත් බලාපොරොත්තු තබාගෙන සිටිනබව පෙනෙන මාලිමාවේ ජන්ද ව්‍යායාපාරයට කොයිතරම් වියදම් කරනවා ඇතිද? ඒ මුදල් නායක කාරකාදීන් ගෙදරින් ගෙනල්ලද?

    ReplyDelete
    Replies
    1. ලන්ඩන් වල තිබ්බ එකේදී මිනිස්සු සෑහෙන්න සල්ලි දුන්න. පවුම් වලින්නේ . මාරු කරන කොට ගොඩක් එනවා ඇති

      Delete
    2. චමී, ප්‍රොපගැන්ඩාවලට වියදම් කරන්න වෙනව වුණත් ඒවාටත් සීමාවක් තිබිය යුතුයි නේද. රටකට දරාගත හැකි මට්ටමට.

      ජාතියක් වශයෙන්ම අපි බොරු පම්පෝරිවලට කැමතියිනේ.

      කලින් මහින්දවාදියෙක් වෙලා හිටි ඥාතියෙක් 4 වෙනිදා දවල් අපේ ගෙදර ආවා බිරිය හා දියණිය සමඟ. රැකියාව ත්‍රී වීලරයක් එළවීම. (නමීට උත්තර දෙද්දී ලිව්වා වගේ එයා දිනපතාම පත්තරයක් මිලදී ගෙන කියවන කෙනෙක්.) ඉස්සර කොච්චර මහින්දවාදියෙක්ද කියනවා නං පහුගිය මුළු කාලය පුරාම එයා ඡන්දය දාන්න ගියේ තනියම- ත්‍රී වීලරයේ ඒ ගමනට බිරිය දුව, පුතා තුන් දෙනාගෙන් එක්කෙනෙකුවත් කැටුව ගියේ නෑ. එහෙම කළේ ඒ තුන් දෙනාගේම ඡන්ද එයා කැමති පැත්තට නොදෙන හින්දයි. මාස කීපෙක හිට එයා පොහොට්ටුවේ- ශ්‍රීලනිපයෙ- රනිල්ගේ වැරදි දකින්න පුරුදු වෙලා හිටියේ.

      4 වෙනිදා දවල් ආවාම එයා කියනවා 'රටට සල්ලි නැති වුණත් ලොකා, අද උදේ tv එකෙන් නිදහස් උත්සවේ දකිනකොට නං ගැම්මක් ආවා' කියලා.

      Delete
  6. ලංකාවේ බදුගැන කලකිරෙන අය බදු අයනොකරන රටකට ගියොත් හොඳයි. හැබැයි යුරෝපෙට හරි උතුරු ඇමරිකාවට හරි ගියොත් මීට වඩා කීප ගුනයක් බදු ගෙවන්න වෙනවා.

    ReplyDelete
    Replies
    1. චමී, ඊයේ රාත්‍රී අවමඟුල් ගෙදරකදීත් බදු ප්‍රතිපත්තිය ගැන දිග කතාවක් ඇති වුණා. වෙන රටවල ලොකු බදුගැසීමක් සිදු කෙරෙන බවත් ඒ මුදල් රටේ යහපතට යෙදවෙන බවත් කියවුණා. ගොඩක් උදාහරණ සහිතව. අපේ රටේ සිදු වෙන 'ජනතා බදු මුදල් අවභාවිතය' නිසා නේද වැඩි දෙනෙක් ඊට විරුද්ධ?

      Delete
  7. ඔයා දන්නවද, ඔය සබ් හදන හැටි?

    ඔන්න ඉංග්‍රීසි සබ් ෆයිල් එක හොයල ඩවුන්ලෝඩ් කරනව. ඒක ඔ්පන් කරන්ඩැහැකි නෝට්පෑඩ් හරි වර්ඩ් හරි ඒ වගේ වදන් සැකසුම් ඇප් එකකින්. ඊට පස්සෙ, ඒකෙ ඉංග්‍රීසි සබ්එක මකලා, එතන සිංහලෙන් ටයිප් කරනව. අමාරු වැඩක් නෙමෙයි සමහරුන්ට නං. මොකද, මුල්කාලෙ ගොඩක් අය කළේ ඉංග්‍රීසි කොටස කොපි කරලා, ගූගල් ට්‍රාන්ස්ලේටර් ට දාලා, සිංහල එක ගන්න එකයි. (ඒ කාලෙ bloody hell එහෙම ට්‍රාන්ස්ලේට් කරල තිබුණා "අවලං අපාය" කියලා.) නමුත් හරියට කරන කෙනෙකුට දවසක් දෙකක් නිදි මරාගෙන කරන්න සිද්ධ වෙන වැඩක් මේක.

    අර විදිහට ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අයත්, මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං. අනික, ඒ අයත් ට්‍රාන්ස්ලේට් කරන්නෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හදපු කෙනාගෙ කර්තෘ අයිතිය උල්ලංඝනය කරලනෙ.

    ReplyDelete
    Replies
    1. නෑ, එච්චර මහන්සි වෙන්න ඕනෙත් නෑ. අවශ්‍ය වෙන්නෙ Subtitle Edit විතරයි. නොමිලෙ දෙන ඕපන්-සෝස් ඇප් එකක්:
      https://www.nikse.dk/subtitleedit
      මම නං වැඩියම ට්‍රාන්ස්ලේට් කරල තියෙන්නෙ, වෙන භාෂාවලින් ඉංග්‍රීසි වලට විතරයි. හේතුව, වඩා නිවැරදි නිසයි. පරිවර්තනය වෙන්නෙ, ගූගල් හරහා, ඒත් තත්පර ගානකින් හරි ටයිම්-කෝඩ් එක්ක ඔක්කොම පරිවර්තනය වෙනවා.

      පරිවර්තනය ගූගල් නිසා, අතරින් පතර, "අවලං අපාය" ඉස්ටැයිල් එකේ එව්වත් ඒවි. ඒ ටික හදාගන්න වේවි.

      Delete
    2. //....මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං. අනික, ඒ අයත් ට්‍රාන්ස්ලේට් කරන්නෙ ඉංග්‍රීසි සබ් ෆයිල් එක හදපු කෙනාගෙ කර්තෘ අයිතිය උල්ලංඝනය කරලනෙ//

      ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙන් යම් සේවයක් වෙන එක ඇත්ත. ඒත් ඒකත් තව බිස්නස් එකක් විතරයි. "කර්තෘ අයිතිය සුරකින්න" වගේ එව්වා නං ඉතිං දාර වැල් බයිලා තමයි. ගූගල් වුනත් කරන්නෙ, මහජන සේවයකට වඩා බිස්නස් එකක්. ChatGPT වගෙ රියල් චැලේන්ජ් එකකින් ගූගල් මොනපොලි එක කැඩෙනවට මම කැමති ඒකයි. සොඳුරු වුනත් ආඥාදායකයින්ට මම කැමති නෑ.

      Subtitle Edit එකෙන්ම ඉංග්‍රීසි සබ් ෆයිල් එකක් වුනත් ජෙනරේට් කරවන්නත් පුලුවනි.

      Delete
    3. අනේ රත්තරන්ලා, මම ඔය තාක්ෂණ හරඹ මොකුත්ම දන්නේ නෑ. blog එක ලියන්න ඕනි නිසයි කී බෝඩ් එක පුරුදු වුණෙත්.

      හැබැයි බයිස්කෝප් සිංහලෙන් අඩවියෙන් තවමත් ෆිල්ම්ස් බාගන්නවා, බලනවා- සතියකට 4-5 විතර.
      මං තෝරාගත්ත ෆිල්ම්ස්වල නං හොඳටම නුසුදුසු යෙදුමකට දැකලා තියෙන්නේ ඉඳියා කියන වචනේ විතරයි. හිටියා වගේ ඉතා සරල යෙදුමක් දාන්නේ නැතිව ඉඳියා වගේ අප්‍රභංශ වචනයක් එයාලට
      දුන්නේ ගූගල්ද මන්දා.

      Delete
    4. මට පුදුමයි නමී සද්ද වහල ඉන්න එක ගැන.
      මිනිහගෙන් අහම්බෙන් කියැවුණේ- එයාත් මේ අඩවියටම ඉතා ප්‍රශස්ත ෆිල්ම්ස් දෙකකටම subs දුන්නු කෙනෙක්. මං හිතන්නේ එතැනින්ම මේ හාදයා වැඩේ නවත්තලා.

      Delete
    5. This comment has been removed by the author.

      Delete
    6. නෑවිත් ඉන්න එකක් නෑ, ඒවි. නමියා නං අබංක ගොබිලා නිසා පුපු ඉරාගෙන, දත විකාගෙන, නිදි මරාගෙන පරිවර්තනය කරන්න ඇති නේද?

      ‘බයිස්කෝප් සිංහලෙන්’ අඩවියෙ කොපි ප්‍රොටෙක්ෂන් ගැන නං කියන්න තියෙන්නෙ "මගේම කලසම අගේට ඇඳගෙන- උගේ වගේ යනවා" කියල තමා.

      Delete
    7. ඩ්‍රැකී, බස්
      //ගූගල් ට්‍රාන්ස්ලේට් කරන අයත්, මහලොකු පේටන්ට් එකක් වගේ, "කර්තෘ අයිතිය සුරකින්න" කියල දාල තියෙනකොට හතර හිනා ඉතිං.// - //"කර්තෘ අයිතිය සුරකින්න" වගේ එව්වා නං ඉතිං දාර වැල් බයිලා තමයි//

      තාමත් එහෙම ගූගල් ට්‍රාන්ස්ලේට් ඒවා වෙනව.

      ඉංග්‍රීසි සබ්එක නොමිලේ ගන්න තමා අන්තර්ජාලයට මුදා හරින්නෙ. දන්න තරමින්... film ප්‍රඩක්ෂන් එක පැත්තෙනුත් සබ් එනව. හැබැයි එහෙම ආපු නිදහස් සබ් එකට සිංහල උපසිරස දෙන්න (හරි විදිහට) කට්ටක් කන්න ඕන. අඩුම පැය 2ක්වත් යයි. (හොඳට කඩ්ඩ දන්න එකාට). ඉතිං කාලේ කාගෙන දෙයක් කරහම ඒකට තමන්ගෙ නම ගහන එකේ වරදක් නෑනෙ. ඒවා අරන් සීඩී කඩවල උන් නම මකල ගහල දාල විකුණනව. වෙන සයිට් වල උන් උස්සනව. සත පහක ලාබයකුත් නැතුව, කමෙන්ට් එහෙකින් හරි ප්‍රසන්සාවක් නැතුව ඉන්න අතරේ... ඔහොම දේ වෙනකොට පොඩි සඳහනක් දැම්මම මොකද. (Tv එකේ යන ඒවාට සබ් දෙන එවුන්ට ගෙවනව. සමහර වෙලාවට tv හිට අර සබ් උස්සලා දානවත් ඇති).

      පරිසර දර්ශනයක් ඒ විදිහටම ඇඳල... සයින් එක ගහල, චිත්‍රයක් විදිහට සල්ලි කරන එක පර්ශ්නයක් නැත්තන්... මේ නොමිලේ දෙන එකට, පොඩි 'කර්තෘ අයිතිය සුරකින්න' කියල ගහන එකේ අවුල මොකක්ද කියල මට හිතා ගන්න බෑ.

      මට සබ හදන්න දවසෙන් භාගයක් විතර ගියා. දැන් සබ් හදන එවුන් අඩුවෙලා... ඒ කාලේ වෙනදෙයක් කරලා සල්ලි හොයන්න උන් වැය කරනව, මේ ආර්ථික වැටිල්ල එක්ක. සමහරු ඇත්තටම ඇඟේ අමාරුවට සබ් කරේ... කිසිම ලාභ අපේක්ෂාවක් නැතිව. ඒව දාන සයිට් එකේ ඇඩ්මින්ල කීයක් හරි හම්බකරගන්න එක වෙනම දෙයක්.

      Delete
    8. හ්ම්.........( කර්තෘ -ප්‍රාජේගෙ අයිතිය සුරකින්න)

      Delete
    9. බස්සා මහත්තයෝ, ඔයා කිව්වා වගේම නමී ඇවිත් නේන්නං. ස්තුතියි නමී.

      Delete
  8. ෆිල්ම් එක නිදි කියන නිසාම බලනවා. නැත්නම් අපේ ගෙදර කොරියන් චිත්තරපටි නැරඹීමේ අයිතිය තියෙන්නේ දුවල දෙන්නට. අරගලේ ගැන කීවොත් නිදි නම් අවංකවම ඒක කළා. සමහර උන් ගැනනම් කටත් අක්රන් එකත් අරහං. අර ආර්ය යාලුවට මගේ ග්‍රීසිය ලිපිය (හය) පෙන්නන්න නම් එපා.

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, ෆිලුම බලලා මතක ඇතිව කියන්න එක ඔයාට අල්ලනවද කියලා. මගෙ taste එක ගැන අදහසක් මටම ගන්නයි එහෙම කරන්න කිව්වේ.

      අරගලයට සහභාගී වීමේදී මගෙ අවංකකම ගැන සහතිකයක් දුන්නාට බෙහෙවින්ම ස්තුතියි. එතනදීත් මම කළේ මගෙ හෘදය සාක්ෂියට එකඟව වැඩ කිරීමක්.

      ආර්යගේ තාත්තා අකලංක IT කාරයෙක් වුණත්, මට blog අඩවිය හදලා දුන්නත් බ්ලොග්ස් කියවන්නෙක් නෙවෙයි නෙව.

      Delete
    2. අජිත් අයියේ අජිත් අයියලාගේ පක්ෂ නායක අතිගරු ජනාධිපතිතුමා වන අනුර සහෝදරතුමා ලංකාවේ ඔක්කොම තැරිදාර පුන්නක්කු අමු මැටි මීහරක් බයියෝ රැලම එකට එකමිටට තියලා බටලන්දට දාලා උතුරු පලාතේ පුනරුත්ථාපන කඳවුරු වලට ගාල් කරලා අවුරුදු ගානක් තිස්සෙ පුනරුත්ථාපනය කරන්න යවලානේ, උන් මේ දවස්වල ගොනිබිල්ලා ධර්ම චක්‍රය වගේ වටිනා පාඩම් ඉගෙන ගනිමින් ඉන්නා නිසා දැන් බයියෝ ටොයියෝ කියලා ජාතියක් නෑ

      ඉන්නේ එකම පක්ෂයක සහොදර සහොදරියෝ විතරයි! 😛😛😍

      Delete
    3. මගේ පක්ෂ නායක වුනේ කොහොමද? කවුරුහරි කීවද මම ජේවීපී කියල?

      Delete
  9. දැන් ඔය සිංහල උපසිරැසි එක්ක බලන චිත්‍රපට බලන්නේ සල්ලි ගෙවලා Netflix, Prime වැනි සේවාවලින් ද? නැහැ නේද?

    ඒ උපසිරැසි අනවසරෙන් භාවිතා කරන අය කරන්නෙත් උපසිරසි භාවිතා කරමින් චිත්‍රපට බලන අයකරන වැඩේමයි

    ReplyDelete
    Replies
    1. උඩින් තියෙන ප්‍රතිචාර කියෙව්වෙ මගේ ප්‍රතිචාරය පළ කළාට පස්සෙ

      Delete
    2. ආයුබෝවන් රසික මහත්තයෝ,
      රටේ හැටිද- මනුස්සකමේ හැටිද මන්දා. අපි විරුද්ධ වෙන්නේ; කා ගහන්නේ අපිට පාඩුවක් වෙන දේවල්වලදී. අනෙක් අයට පාඩු වෙන තැන් ගැන අපට කල්පනා වන්නේ නෑ- ඒකෙන් අපිට වාසියක් වෙනව නං. Copright ගැන විතරක් ඒක වෙනස් වේවිද?
      ඇත්තම කිව්වොත්, මං ෆිල්ම්ස් බා ගන්නෙත් හොර අඩවිවලින්ම තමා....

      Delete
  10. මටනම් හුඟක් ඉස්සර ඉඳල මේ රටට වඩා ජීවත්වෙන්න කැමති රටවල් තිබුන..ඒත් රස්සාවල් හොයාගැනීමේ ප්‍රශ්න, වගකීම්, කම්මැලිකම වගේ හේතු නිසා ගියෙ නැත්තෙ.

    ReplyDelete
    Replies
    1. අපි කොයි කාටත් එක එක්කෙනාට සීමා වුණු චින්තන රටා- රුචි අරුචිකම් තියෙනවා නේන්නං, Pra Jay මහත්තයෝ. //මේ රටට වඩා ජීවත් වෙන්න කැමති රටවල් තිබුන...// කියන්නේ බොහොම එඩිතර- අවංක හැඟීම් කියාපෑමක්. ඒ වෙනුවෙන් මේ ස්තුතිය!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්