li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, April 1, 2023

තිස් එකේදී... -අටවෙනි කොටස

එහෙ තිබුණු Coconut Cream මට නං හරි ගියෙම නැත. ඒවා දැම්මාම හොද්දෙන් ආවේ කිරි රසයක් නොවේ, තෙල් රසයකි.
Hounslow ඉන්දියන් කඩයක පොලුත් තිබිණි. ඒ දවස්වල පොල් ගෙඩියක් පවුමකි. වැරැද්ද ඒ පොල් හොඳටම කරුකුට්ටන් වෙලා තිබුණු එකය. ඒ පොල් බෑයකින් බාගයක් ගාන්නටත් කලින්ම කටුවෙන් ගැලවෙයි...

කවුරුත් බලන්නෙ පොඩි ගණනකට වැඩේ කර ගන්න!
ඒ නිසා, පොල් කිරි වෙනුවට යොදන්නට- මා තෝරා ගත්තේ මුදවපු කිරි ආදේශකයයි!

ට්‍රීන් ට්‍රීන්... ට්‍රීන් ට්‍රීන්... එතකොටය ටෙලිෆෝනය නාද වෙනවා ඇහුණේ. “Nimal, it’s for you.” ඩැඩා කීවේ මුහුණ නොරොක් කර ගත් ගමන්මය. ටෙලිෆෝන් කර තිබ්බේ අශාන්ය. “ඔයාට හොඳට අකුරු අඳින්න පුළුවන් කියල අද දවල් කිව්ව නේද? මට ඇත්තම කියන්න ඕනි... බැරි නං ඒක කෙලින්ම කියන්න. ඒක තමයි මෙහෙ විදිහ. ලංකාවේදී නං අපි බැරි දෙයක් වුණත් බැහැයි නොකිය කරන්න කර ගහනවනේ.” අශාන් කිව්වේ පොල්ලකින් ගහන්නා වගෙය; වහෙන් ඔරෝ නැතුව- කෙලින්මය.

“මම ලංකාවේදී නං අකුරු ඇඳල තියෙනවා... අශාන්! හොඳයි කියලත් සමහරු කියල තියෙනවා!!”

“මේකයි නිමල්. කයිසර්ගේ බිස්නස් යාළුවෙකුගේ van එකක් තියෙනවා. මිනිහට ඒකෙ එයාලගෙ බිස්නස් එකේ නම paint කරවගන්න කෙනෙක්ව හොයනව. අපි ඔයා ගැන කතා කර-කර යනකොටයි කයිසර් මට ඕක මතක් කළේ. හැබැයි, England ආර්ටිස්ට් කෙනෙකුට ගෙවන ගණන නං ගෙවන එකක් නෑ. ඔයා දන්නවනෙ, work permit එකක් නැති අයගෙන් වැඩ ගන්න කවුරුත් බලන්නෙ, පොඩි ගණනකට වැඩේ කර ගන්න.
ඔයාලගේ ඩැඩා වගේ සුද්දො නං එහෙමවත් වැඩක් දෙන්නෙ නෑනෙ, නීති කඩන්න බය හින්දා. ඉන්දියන්, පකිස්තාන්, අරාබි එවුන් තමයි ඔහොම අඩු ගාණකට හරි වැඩ කරවගන්නේ... ”

(අශාන්ලා මොනවද මගෙ ගැන කතා කර-කර ගියේ?) ඒ ප්‍රශ්නය හිතේම තියාගෙනය මං උත්තර දුන්නේ.

“මම බැනර් කීපයක්ම ඇඳල තියෙනවා! වතාවක් මොරටුමුල්ලේ ලී බඩු කඩේක බෝඩ් එකකුත් ඇන්දා.”
“සිංහලෙන්ද...”
“බැනර් නං සිංහල, ඉංග්‍රීසි, දෙමළ තුනෙන්ම... ලී බඩු කඩේ එක ඉංග්‍රීසියෙන්.” මං එහෙම කිව්වාම නං අශාන් පැළෙන්න තරං සද්දෙට හිනා වෙනවා ඇසිණි. “ ඔය තියෙන්නේ. එහෙනං මොකටද බය වෙන්නේ. දෙමළ අකුරුත් ඇන්දා නං ආයෙ මොනවද... වැඩේ set කරන්නං.”

එංගලන්තයේදී මට කරන්නට සිදු වුණු පළමු job එක ඒකය.
ඒ ගැන කතා කර ගන්නට, එයාලගේ යහළුවාව මුණ ගැස්වීම සඳහා අශානුත් කයිසරුත් මා කැඳවාගෙන ගියහ. ඒ වෙනුවෙන්ම එහි යන්නට; එයාලගේ වාහනයෙන්ම අපේ ගෙදරටත් ආවෝහ.

උඹල England ඇවිත් ගොඩක් කල්ද දීපාල්? (මේ foto එක ගත්තේ දීපාල්ලා එංගලන්තයට යන දවසේ දහවල්ය. වමේ සිට: පසු පෙළ- නිදි, සුනිල්, අනිල්, අජිත් -දෙවෙනි පෙළ-අම්මා මානෙල්, සමන්ති -ඉදිරියෙන්ම- දීපානි හා දීපාල්)

“ඔයාට තනියම මෙහෙ පාරවල් එහෙම හොයා ගන්න පුළුවන්ද? වැඩේ කරන්න වුණොත් නිමල් කොහොමද තනියෙන් එහාට යන්නෙ?” පිටත් වෙන්නට පෙරාතුව අශාන් මගෙන් ඇහුවේ, අපේ ගෙදරදීමය.

සැටියට බර දීගෙන, උඩ බලාගෙන- මෞන ව්‍රතය රකිමින් ‘තමන්ට නොවේ’ වගේ හිටි අපේ ඩැඩා එතකොට නම් කතාවට මැදිහත් වුණේය! (බලනකොට එයත් මොනවද වෙන්න යන්නෙ කියලා හෙවිල්ලෙනුයි ඉඳල තියෙන්නේ.)
“නිමොල්. දැන් උඹල යනකොට දීපාල්වත් එක්ක යන්නයි තියෙන්නේ. මිනිහා මේ ඒරියා එකේම පාරවල් දන්නවා. එතකොට උඹට ආයෙම එතැනට යන්න ඕන වුණාම එයත් එක්ක ගියෑකි.”

“සැසිල් තමයි දවසකටවත් මිනිහා. එයාට අපි දෙන්නව අල්ලන්නෙම නැති හැඩයි...” කාර් එක පාරට ගනිද්දී අශාන් කිව්වේ සිනාසෙමිනි. කයිසරුත් හිස සොලවා ඒ අනුමැතිය දුන්නේ, මා දෙසත් බලමිනි. “උඹල England ඇවිත් ගොඩක් කල්ද දීපාල්?”

“අවුරුදු දෙකකට විතර කලින්...”
“එතකොට උඹ කොහොමද මෙච්චර ඉක්මනට මෙහෙ පාරවල් දැනගත්තේ?”
“මිස්ටර් කයිසර්, මම Hounslow News පත්තරේ බෙදුවා ඒරියාස් දෙක තුනකම.”

Hounslow News කිව්වාට, මං එහෙම කිව්වේ අනුමාන කරලාය. නිදිගෙ පංච තන්තරේ කියවන ආදරණීය පාඨකයනට ලියද්දී එහෙම අනුමාන කිරීම මගේ පුරුද්ද නොවේ. හැකි උපරිමයෙන්ම සොයා බලා, තොරතුරු විමසා, තහවුරු කර ගන්නට උපරිමයෙන්ම වෙහෙසී ලිවීමය- මං කරන්නේ.
මිනිත්තු කිහිපයකට කලිනුත් පිස්සු මං වහන්සේ කළේ ඒකය.

අන්තර්ජාලයේ එහෙම පත්තරයක් ගැන තොරතුරු නැත. නමුත් 2016 ජනවාරි 29 වැනිදා නිකුත් කෙරුණු Hounslow Chronicle පත්තරයක foto එකක් නම් මට හමු විණි. එවිටත් ඒ පත්තර නොමිලයේ බෙදා හැරුණු බව ඒ foto එකෙන්ම තහවුරු වෙයි. පත්තරයේ නමට ඉහළින්, දකුණු කෙළවරේ ඉහළින්ම තියෙන වැකියකිනි, ඒ බව සනාථ වෙන්නේ. ‘Pick me up, I’m FREE’ ඒ වැකියයි.

මට නම් ඒ foto එකෙන් තවත් තොරතුරු සිතා ගන්නට හැකිය. ඒ පත්තර දැන් පත්තර කඩවලටත් දමා තිබෙන බව... මහා බ්‍රිතාන්‍යයේත් පත්තර කියවන ජනතාව අඩු වී තිබෙන බව...
(ඊට වඩා අලුත් ෆොටෝස් එතැන නැත්තේ දැන් ඒ පත්තර අච්චු ගැහිල්ලත් නැවතිලාවත්ද?)
කොරෝනා වසංගතයත්, ආර්ථික අහේනියත්, මුද්‍රණ වියදම් ඉහළ යාමත්, මුද්‍රිත පතපොත කියවීමේ පුරුද්ද අඩු වීමත් නිසා ශ්‍රී ලංකාවේ නම් පත්තර ගණනාවක්ම අභාවයට ගියේය. ඊට අමතරව (මගේ හැඟීමේ හැටියට නම්) අපේ පත්තරවල අන්තර්ගතයේ කොලිටිය හිටු කියලා ‘Down ද පල්ලම්’ යාමත්, ඒ අභාවයන්ට බලපාන්නට ඇත.

පිටු 50ක් 60ක් තිබුණු, අතක් බර ඒ දැවැන්ත පත්තරවල news තිබුණේ තුන හතරකි. අනෙක් සේරම...

පත්තරවලට ගෙවන මුදලට සරිලන තරම් දෙයක් ඒවායින් නොලැබෙනවා යැයි හැඟුණු නිසා, මේ ලියන්නාත් අවුරුදු 55කටත් වඩා වැඩි කාලයක් තිස්සේ ඒකාට තිබුණු පුරුද්දකට ‘ටටා- බායි’ කියලා සමු දුන්නේය; පත්තර මිලදී ගැනීම අතහැර දැම්මේය!

ඉතිං ආයෙමත් නියමිත පීල්ලට සම්ප්‍රාප්ත වී Hounslow පත්තරවලට යමු නේද?

පිටු 50ක් 60ක් තිබුණු, අතක් බර ඒ දැවැන්ත පත්තරවල news තිබුණේ තුන හතරකි. අනෙක් සේරම වෙළෙඳ දැන්වීම්ය. හැම පෙදෙසකටම වෙන් වුණු පත්තරයක් බැගින් වෙනම මුද්‍රණය කෙරිණි. ඒ පත්තරය බැගින් හැම ගෙදරකටම නොමිලේ බෙදා දෙනු ලැබිණි. එංගලන්තයේ බොහෝ පිරිමි ළමෝ අතිරේක මුදලක් උපයා ගැනීම සඳහා, පාසල් යන අතරේම මේ පුවත්පත් බෙදාහැරීම කළහ.

“එහෙනං දීපාල්, ඔන්න පාර මතක තියා ගනිං.
නිමල්- අපි එහාට ගියාම, මුගේ යාළුවා අහයි වැඩේ කරනවට කීයක් ඕනිද කියලා. ඔයා ගණනක් කියන්න එපා. කයිසර් ඒක බලා ගනියි, ඔයාට අසාධාරණයක් නොවෙන විදිහට. එහෙම හොඳයි නේද කයිසර්?” මට කේවල් කිරීමට බැරි විත්තිය අශාන්ටම තේරුම් ගිහිං වගෙය.

“හ්ම්! මම එයාටම කියන්නං අශාන්, ඕනි කරන තීන්ත බ්‍රුෂ් එහෙමත් supply කරන්න කියලා.”
“ඒක නං ගොඩක් හොඳයි කයිසර්. වාහනේක නම paint කරන්න ගන්න තීන්ත මොනවද කියලවත් මම දන්නෙ නෑනෙ. ඒකයි!”
“මට පෙනෙන්නෙ මචං, මෙයාට මේ job එක අරං දෙනවට වැඩිය හොඳයි වගේ අපිම ඒක අරගෙන- මෙයාට sub දෙන එක...” අශාන් විහිළුවටමද එහෙම කිව්වේ?

අශානුත්, කයිසරුත් ‘ඒ වාහනයේ නම පින්තාරු කිරීමේ රස්සාව’ මටම පට්ටල් කර දෙන්නට දැරූ වෑයම සාර්ථක විණි. ‘එංගලන්තයේදී මට කරන්නට සිදු වුණු පළමු job එක ඒකය.’ කියලා මේ post එකේ මුල් හරියේදී කියන්නට ඉඩ ලැබුණේ එහෙයිනි.
ම්...ම්...ම්...! ඊළඟ ටික ලියන්නට කලින් නිරාකරණය කර ගන්නට ප්‍රශ්නයක් තිබෙයි.

මට ඒ නම පින්තාරු කරන්නට වුණේ වාහනය එළිමහනේ තිබියදීය. Summer එක වෙලාත් එහෙ තිබුණේ පට්ට සීතලකි. (ඒ, මට දැනුණු විදිහ වෙන්නත් ඇති!) සීතලේ ගැහෙමින්ය, මට ඒ රාජකාරිය කරන්නට වුණේ. මට හොඳටම  මතකය!
Van එක නවතා තිබ්බේ එළිමනකය; පාරක් අද්දරය.

එතෙක් කිසිම දිනෙක නොදැනුණු තනිකමක් මට එවෙලේ දැනුණි. හැබෑම තනිකමක්...

බිස්නස්කාරයෙකියි කියන මේ මනුස්සයාගේ ගෙදරට ගැරේජ් එකක්වත් නැත්තේ ඇයි? ඒ ප්‍රශ්නය ගැන තදින් හිතෙන්නේ දැන්ය. ඒ ගැන මතක් කර ගන්නට, පෝස්ටුව ලිවීම නවතාගෙන කල්පනාවේ සිටින විටය Pra Jay මහත්තයා මට ඇමතුමක් දුන්නේ. තට්ටු කරන්නාට දොර ඇරෙන්නේ එහෙමය!

ඊයේ Pra Jay හිතවතා හා කෙරුණු පිළිසඳර කතාවෙදී, වැඩියත්ම මතු වුණේ එංගලන්තයේ නිවාසවල ගරාජයන් හා වාහන නවත්වා තබන ක්‍රම ගැනයි.

“නිමල්, එහෙ හුඟක් ගෙවල්වලට වෙනම ගැරේජ් එකක් නෑ. ගෙදරට කිට්ටුව පාරේම තැනක තමයි වාහනේ park කරන්න වෙන්නේ. හැබැයි, ඒ වෙනුවෙනුත් pay කරන්න වෙනවා. සැරයක් මම එහෙ ගිය වෙලාවක, නැවතුණු ගෙදරක ඉඳල විනාඩි පහක විතර ඇවිදින දුරකින් තමයි එයාලගෙ car එක park කරල තිබුණේ.” ප්‍රා ජේ කීවේය.

“දෙයියෝ සාක්කි ප්‍රා ජේ මහත්තයෝ. දැනුයිනෙ මතක් වුණේ. අපේ කවුන්සිල් ගෙදර ඉඳල ඩැඩාගේ car එක තිබ්බ තැනටත් ටික දුරක් ඇවිදගෙන යන්න වුණානෙ...” (ස්තුතියි Pra Jay, අවශ්‍යම වෙලාවකය ඔබ මට ඇමතුවේ; තොරතුරු මතක් කෙරෙව්වේ!)  

මේ එළිමහනේ ඉඳගෙන- සීතලේ ගැහි-ගැහී අකුරු අඳින්නද වෙන්නේ? මට එදා හිතුණේ එහෙමය. ඒ ඩැඩාත් දීපාලුත් මාව එතනට ඇරලවලා ආපසු ගියාමය.
අප එතැනට යද්දී කයිසර්ගේ මිතුරා අවශ්‍ය කරන උපකරණ, තීන්ත ආදී සියලුම දේ පෙට්ටියක බහා ගේ දොරකඩින් තබා පිටත්ව ගිහින්ය; Note එකකුත් එක්කම. එයින් කියැවුණේ ඔහු දවල් දෙක වෙද්දී ආපහු එන විත්තියයි. එතෙක් නොසිට වැඩ ආරම්භ කරන ලෙසත් ඔහු ලියා තිබිණි.

“ලොකා, මෙහෙ හැටි ඔහොම තමයි. ඔයා වැඩේ පටන් ගන්න. මං ගෙදර ගිහිං සැන්ඩ්විච් එකකුයි තේ බොට්ල් එකකුයි හදාගෙන ගේන්නං.” බඩා මල්ලියා කිව්වේය.

“ඩැඩා ආපහු එන්න හා කියයිද...”
“පිස්සුද ලොකා. එයා මොකටද... මම බයිසිකලේ එන්නං. එතකොට ඔයාට උදව්වකුත් කරලා, ටිකක් තනියටත් ඉඳලම යන්න පුළුවනිනේ.”

එතෙක් කිසිම දිනෙක නොදැනුණු තනිකමකි; මට එවෙලේ දැනුණි. හැබෑම තනිකමක්...

නෑසියන්ගෙන්; මිතුරන්ගෙන්; ගමෙන්; උපන් බිමෙන් ඈත්වී නොරටකට ගිය පළමුවෙනියා මං නොවේ. ඒ බොහෝ දෙනා ගිහිං තිබ්බේ තනිවමය. නොදන්නා පිරිසක් මැදටය. මම එහෙමද? අපේම පවුලේ පිරිසක් මැද ඉඳලාත් මට මෙතරම් තනිකමක් දැනෙනවා නං...

එක්කෙනෙකුවත් එතැන සුනංගු වෙන්නට නොසිටියහ; තමන්ගේ පපුතුරෙහි මගෙ හිස හොවාගෙන ඇති පදම් හඬන්නැයි... 

අදහනු මැනවි; විශ්වාස කරනු මැනවි. එබඳු තනි වූවන් කෙරෙහි මෙන්ම මා කෙරෙහිත් උපන් අනුකම්පාවකින් මම දැවෙන්නට වීමි. එතැනම, ඒ ගෙදර දොරකඩ පඩිය උඩින්ම වාඩි වී මම දෙදණ අතරේ හිස රුවා ගත්තෙමි.

උණු කඳුළැල් මගේ දෙකොපුල් තෙමාලන අතරේ, මම ඉකි ගසමින් හඬන්නට වීමි.

අනේ, පද්මේ ළඟ හිටියා නම්.... සංජේ ළඟ හිටියා නම්... දේමිත්ත ළඟ හිටියා නම්... එහෙම ගොඩ දෙනෙක් මගේ මතකයට ආවෝහ. එහෙත් ඒ එක්කෙනෙකුවත් එතැන සුනංගු වෙන්නට නොසිටියහ; තමන්ගේ පපුතුරෙහි මගෙ හිස හොවාගෙන ඇති පදම් හඬන්නැයි නොකීහ. පැමිණි සැණින්ම වාගේ පිටත්ව ගියහ.

අන්තිමේදී කඳුළුවලටම මගේ දෙනෙත් එපා වෙන්නැති. මගේ දුකටම මා එපා වෙන්නැති.   
ඊටත් මොන ගොන්කමක්ද නිදි මේ? ඇඬුවා කියා ප්‍රශ්න විසඳුනු තැනක් කොහෙද තියෙන්නේ... නැඟිටපං ඉතිං, අඬ-අඬා හිටියට වැඩේ කෙරෙනවද...
අර මනුස්සයා දෙකට විතර ආවම බලයි නේද- වැඩේ කෙරිලා තියෙන හැටිත්...

මම දත කාගෙන, වැඩ පටන් ගත්තෙමි.
නම පින්තාරු කළ යුතු ඉසව්ව සලකුණු කර ගත්තෙමි. හරස් අතට පැන්සල් ඉරි ගසා ගෙන අකුරුවල දළ සටහන අඳින්නට ගත්තෙමි.

බඩා මල්ලියා එයාගේ foot සයිකලයෙන් ආවේ ඊට පසුවය.
“Come on ලොකූ... Let’s have a Tea!” මල්ලියා සයිකලයෙන් බැස්සෙම එසේ කියාගෙනය. “එතකොට සීතලත් මැකෙයි.”

“ඊට කලින් මේ අකුරු ටික හොඳද කියලා බලල ඉන්නවකො.”
“Good! ඒක නෙවෙයි ලොකූ, There is a big news! අපේ ඩැඩාට ලජ්ජා හිතිලා...” මල්ලියා සැන්ඩ්විච් පෙත්තක් මට දෙමින් කීවේ, ප්‍රීතිමත් උද්දාමයකිනි.
“ඒ මොකටද, මල්ලා?”
“අපේ ගෙදර යන ගමන් එයාමයි කිව්වේ! ඔයාට මොකක් හරි job එකක් හොයල දෙන්න එයාට බැරි වුණාලු, සුද්දෙක් වෙලත්.”

සුද්දෙක් කියන්නෙත් මනුස්සයෙක්නෙ. දෙවියෙක් නෙවෙයිනෙ!

“සුද්දෙක් කියන්නෙත් මනුස්සයෙක්නෙ. දෙවියෙක් නෙවෙයිනෙ දීපාල්.”

“ඒ වුණාට ලොකූ, එයාට දැනිලා තියෙන්නෙ එයා second වුණා වගෙයි කියලා. Don’t වොරි. ඒකත් ඔයාට වාසියක් වෙයි වගේ. ඩැඩාට ඕනිලු ඔයාට මීට වැඩිය හොඳ වැඩක් දෙකක් set කරල දෙන්න.”

“අනේ සාදු. එහෙනං ඒකෙනුත් මට යහපතක් වෙන්නයි යන්නෙ. එතකොට අනිල්ට වගේ මටත් කීයක් හරි ඉතිරි කරන් යතහැකියිනේ. මේ වැඩේ ඕන්නං දවස් දෙකක් අල්ලයි. එච්චර වෙන්නෙත් මල්ලෝ, සීතලේට ඇඟිලි තුඩු ගල් වෙලා වගේ නිසා...”
“ඇයි ලොකා ඔයාගේ ග්ලවුස් දෙක ගලෝගෙන ඉන්නේ. එව්වා දාගත්තම  හරිනේ.”
“බෑ මල්ලා, ඒවා දාගෙන පින්සල හරියට අල්ල ගන්න බෑ. මට නුහුරුයි වගේ.”

කයිසර්ගේ මිතුරා එනකොටත් දීපාල් මාත් එක්කමය.
“වැඩේ හොඳට යනවා. නිමල්ගේ මල්ලිත් ඇවිත් ඉන්නේ තනියට. අපි තේ එකක් බොමු.” වාහනයේ ඇඳ තිබූ අකුරු දුටු ඔහු සෑහීමට පත් වුණු බවයි, පෙනුණේ. “උඹ වැඩේ කරගෙන පලයං නිමල්. මම තේ හදලා කතා කරන්නං. දීපාල්, උඹත් හිටපං.”
“ඔව්, ඔව්. මම කොහොමත් හවස් වෙනකල්ම ඉන්නවා, ලොකූ එක්කම යන්න බලාගෙන.”

අප තිදෙනා තේ පානය කරද්දීය, අශාන් ටෙලිෆෝන් කළේ.

“හොඳයි, හොඳයි... මිනිහා වැඩේ හරියට කරයි... හවසට නිමල් ආපහු යන්නෙද, ඒක නං ප්‍රශ්නයක් වෙන එකක්  නෑ, අශාන්.. නිමල්ගේ මල්ලී ඇවිත් ඉන්නවා, නිමල්ව එක්ක යන්නත් ඉන්නවය කියල කිව්වා...
හා... කාටද ෆෝන් එක දෙන්න ඕනි?
නිමල්, මෙන්න අශාන් උඹට කතා කරනවා...” මිතුරා මට ටෙලිෆෝනය දුන්නේය.

අශාන් කතා කළේ හදිසියෙන් වගෙය. “දීපාල් ආවේ සයිකලෙන් කිව්ව නේද? එයාව යවන්න. මම හවසට ඔහෙට එනවා. එතකොට ඔයාවත් ගෙදරට drop කරන්නං. යාළුවට ඔයාගේ වැඩ හිතට අල්ලලා...”

ඒ ආරංචිය ඇහුවාට පස්සේ දීපාල් ඉක්මනින් ගෙදර ගියේය.
මම යළිත් වාහනයේ අකුරු පින්තාරු කිරීම පටන් ගත්තෙමි. හය විතර වෙද්දී අශාන් ආවේය. එතකොටත් හොඳටම එළියය!

එංගලන්තයේ හැටි එහෙමය. Summer කාලයේදී; ග්‍රීෂ්ම ඍතුවේදී දහවල දීර්ඝය. උදේ තුන-හතර වෙද්දී හිරු එළිය වැටෙයි. රාත්‍රී දහය විතර වෙනකල්ම අඳුරු නොවැටෙයි.
සීත ඍතුවේදී වෙන්නේ මෙහිම අනිත් පැත්තයි. සවස හතර විතර වෙද්දී අඳුරු වැටෙයි. පසුවදාට පහන් වී හිරු එළිය වැටෙන්නේ උදේ නවයහමාර- දහය විතර වෙනකොටය.

එදා ඒ සොබාවික සංසිද්ධි පවා දැනුණේ; පෙනුණේ...
සමකයට ආසන්න රටක ඉපදී, එහිම හැදී- වැඩී ඇටුවම් බැසගත් මං වහන්සේ වගේ ළිං ගෙම්බෙකුට එදා ඒ සොබාවික සංසිද්ධි පවා දැනුණේ; පෙනුණේ ලොකුම දේවල් හැටියටය.

“Mr. Painter, අදට වැඩේ නවත්තමු නේද, එහෙනං. මං ඔයාව ඩ්‍රොප් කරන්නත් ඕනිනේ.” Van එක වටේටම රවුමක් ගිය අශාන් යෝජනා කළේය.
“ඔයාට වැඩක් නං මාව Bus Stop එකකට දැම්මත් ඇති, අශාන්. Hounslow බස් ස්ටෑන්ඩ් එකේ ඉඳල තනියම වුණත් අපේ ගෙදරට යන්න මට පුළුවන්.”
“තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ... මං ඔයාව drop කරන්නං කිව්වේ මට එහෙම කරන්න පුළුවන් නිසානේ. මචං, අපි යනවා එහෙනං...”

කාරයට නැඟී ටික දුරක් යනතුරුත් අශාන් හිටියේ බර කල්පනාවකය. එයා හිටිවනම ඒ නිහඬ mood එකෙන් මිදුණේය. හීනි සිනාවක් පා මගෙ දිහාව බැලුවේය; ඉන්පසු කතා කළේය.
“නිමල් ඔයාට පුළුවන් ඕනි නං මේ ප්‍රශ්නෙට උත්තර නොදී ඉන්න වුණත්. ඒ උත්තරේ අපේ ෆ්‍රෙන්ඩ්ෂිප් එකට බලපාන්නේ නෑ. හරි? මේකයි ප්‍රශ්නෙ. ඔයා හෝමෝද?
මමයි කයිසරුයි නං හෝමෝසෙක්ෂුවල් කපල් එකක් කියල ඔයා දන්නවනේ...”

à ඊළඟ කොටසට...

45 comments:

  1. අහා කයිසාරු වත්තේ මුදියන්සේ, පොල් පැලේ වටේ කැරකෙනව වගේ? අද කොටසත්, හිටගෙනම කිව්වා, හොඳයි.🙏👌😊

    ReplyDelete
  2. හොඳ වෙලාවට ඒ කාලෙ එංගලන්තෙවත් ඩිජිටල් ප්‍රින්ටිං තිබිල නෑ.

    අපේ ගෙදරටත් පත්තර ගන්න වැඩේ කොරෝන වලින් පස්සෙ නැවතිලා ගියා. උංගෙ ගණං වල හැටියට පත්තරවල බලන්න දෙයක් තියා කොල වත් නෑ.

    ReplyDelete
    Replies
    1. ඔව්නේ ප්‍රසෝ! ඩිජිටල් ප්‍රින්ටින්, ස්ටිකර් ප්‍රින්ටින් එහෙම එන්න ඇත්තේ ඊට පස්සේ.
      අනේ සිංහල පත්තර.... සත පහේ විශ්ව විද්යාලයෙ සිට.....

      Delete
    2. නිදි,මතක විදියට සත දහයේ විශ්ව විද්‍යාලය කීවේ සිළුමිණට මාටින් වික්‍රමසිංහ මහත්තයා කතෘව ඉන්න කාලේ

      Delete
    3. ඔව් ඔව් සිරිබිරිස් උන්නැහේ, සිළුමිණ තමා!

      Delete
  3. නිමල්ට කියන්න තිබ්බේ මම හෝමෝසේපියන් (homosapien) කියලා.

    ReplyDelete
    Replies
    1. චමී, අරහෙම ප්‍රශ්න ඇහුවම එක පාරටම shock වෙනවා මිස ඔහොම අපූරු උත්තර මගෙ ඔළුවට නං එන්නෙ නෑනෙ.

      Delete
  4. Straight කියන තද පොරවල්ට නැති කොන්දක් homo කියන අශාන්ට තියෙන පාටයි.

    ReplyDelete
    Replies
    1. සත්තකින්ම! ඊළඟ කොටසෙන් තව ලියැවෙනවා අශාන් ගැන.

      Delete
  5. ඔබ ලිවීමට දක්වන මහන්සියටයි කියවන්නාට උපරිම සාධාරණයක් කරන්න දරන උත්සාහයටයි ගරු කරන බවනම් නොකියාම බෑ.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමී, සතුට දනවන පැසසුමක්!

      Delete
  6. ඩඩා මොන ජොබ් එකක් සෙට් කරයිද ?

    ReplyDelete
    Replies
    1. ඒවාත් ලියන්න තියෙනවා, ලලිත්. පස්සේ.

      Delete
  7. පොල් ඔයතරම් ප්‍රශ්නයක් වෙන එක මට නම් නෑ. මම එක දිගට පිටරට ඉඳල තියන උපරිම කාලය මාසයකි. ඒ මාසය ඇතුලෙ මට නම් ලංකාවෙ කෑම මිස් වුනේ නෑ. බොහොම කැමැත්තෙන් වෙනස් කෑම රසබැලුවා අත්හදා බැලුවා. කොහොමත් බලන්න ආස තැන් තියන ට්‍රිප් එකක් ගියාම ගෙදර ඉන්නකොට කනව වගේ කන්න ඕනෙකමක් නෑ මට. ලංකාවෙ ඉන්නකොටත් සමහරුන්ට වගේ හැමදාම ඕනෙ පරිප්පු සම්බෝල වගේ කෑම නෑ මට නම්. බත්කනකොට අමු ලූණු තියනවනම් හොඳයි .එච්චරයි. පිටරටදි නම් කෑම අමුතුවෙන තරමට මම කැමතියි. සමහරවිට මාස6ක් විතර ඉන්නවනම් ඉතින් පොල් සම්බෝල වගේ ඒවා තිබුනොත් හොඳයි කියල හිතෙයි.
    මාසයක් දෙකක් වගේ නම් කොහෙත්ම මිස් වෙන්නෙ නෑ.
    මට ලොකු ප්‍රශ්නයක් වෙන්නෙ පිටරටදි ලංකාවෙන් ආපු යාලුවෙගෙ ගෙදර ගියාම ඒගොල්ලො මට කියල ලංකාවෙ කෑම හදන එක. මම ඉතිං පොලයිට්ලි කියනව මට ඕවා එපාවෙනකම් තව ටික දවසකින් ලැබෙයි මෙහෙ ඒවා කමු කියලා.

    ReplyDelete
    Replies
    1. මටනම් ඉන්ගලන්තෙ නෑයො නෑ. යාලුවන් ඉන්නව. ඒත් එහෙ ඇවිදපු තැන්වලින් බාගයක් විතර තනියම. තනිකමක් දැනුනෙ නෑ. ඉන්ටරෙස්ටින් දෙයක් දැක්කාම ඒ ඉන්ටරෙස්ට් එක තියන යාලුවෙකුත් එතන හිටියනම් හොඳයි කියල හිතෙනව විතරයි. එතකොට ෆෝටෝ හෝ විඩියෝ කරල යවනව හෝ පස්සෙ පෙන්නනව.
      මම ඉතිං introvert නෙ?

      Delete
    2. Pra Jay මහත්තයෝ, මමත් ඔයාගේ බෝට්ටුවෙ. මටත් එක එක කෑම ජාති දිරවගන්න පුළුවන්, ඒකට කැමතිත් එක්ක. දැනට එකම ජාතියයි දකිනකොටම එපා වෙලා තියෙන්නේ. බෙල්ලෝ. මට්ටි නෙවෙයි- ඔයිස්ටර්ස්. (අමු බිත්තර සාරු වගේ මදේ) ඔයිස්ටර්ලා තිබ්බේ Sea Food රෙස්ටෝරන්ට් එකක තඩි dish එකක. ලංකාවේ.
      දැන් England ඉන්න අරවින්ද ඉන්ද්‍රසිංහ හිතවතා තමයි අපිට ඒ dinner එක දුන්නේ.

      ලංකාවේ විදිහටම කන්න ඕනි වුණේ, අපේ අනිල්ටයි. සුනිල්ටත් මෙහෙ කෑම නැතිව බැරි තරං.

      Delete
  8. Nidi, were you around Hounslow West, Central or East?

    ReplyDelete
    Replies
    1. ඒක නම් මට හරියටම නිච්චි නෑ, අජිත් මහත්තයෝ. ලිපිනයේ තියෙන්නේ මෙහෙමයි: Brookwood Road, Hounslow, Middx.

      Delete
    2. අජිත් කියලා ඔබතුමාට කිව්වේ වැරදීමකින්. සමාවෙන්න ඕනි. හොඳේ.

      Delete
    3. No issue whatsoever. I know the area well, you have been living just a stone throw from Lampton Park- the location for “Bend it like Beckham” . Very close to Hounslow Central Tube station and to the High Street

      Delete
    4. තවමත් අපේ අම්මා ඉන්නේ ඒ ගෙදරමයි!
      ස්තුතියි විස්තර මතක් කරන එක වෙනුවෙන්!

      Delete
    5. Gosh, over 40 years in Brookwood Estate, thanks to Thatchernomics and right to buy Council flats can be bought by the tenants. Hope she did that ! Ask her how Hounslow has changed. However two pubs in your vicinity remain, The Bulstrode and the Black Horse. Remember?

      Delete
    6. ඔය ඇස්ඩ එක ගාවනේ . මම දන්නා කෙනෙකුත් ඉන්නවා ඔය හරියෙම වගේ

      Delete
    7. ඒ පැත්තේ ගෙවල් ගණන් ගියේ අඩුවෙන් කියලයි මම අහල තියෙන්නේ. හීත්‍රෝ එක ළඟ නිසා

      Delete
    8. Not anymore Ajith, Hounslow prices have risen very fast in the last few years.

      Delete
    9. Anonymous, අම්මාගෙන් නම් දැන් තොරතුරු අහ ගන්න විදිහක් නැහැ. ගොඩක් කල්පනාව නැහැ. රෝගීව ඉන්නේ මාස කීපයක් තිස්සේ. ඩිමෙන්ෂියා.
      ඩැඩා pubs දෙක තුනකටම මාව එක්ක ගියා. කොහේද, එතකොට දන්නේ නැහැනේ මේවා මෙහෙම ලියන්න වෙයි කියලා. ඒ පබ්ස්වල නම් හෙම බලාගත්තේ නෑ. දැනුයි ඒ පාඩුව තේරෙන්නෙ.

      Delete
    10. අජිත්, හීත්‍රෝ කිට්ටුව තිබීම නිසා ඒ ගෙවල්වලට තිබුණු බලපෑම- ශබ්ද දූෂණය වැඩියි. ඒ නිසයි ඉල්ලුම අඩුව තිබ්බේ.

      Delete
  9. Replies
    1. Link එකට ගිහිං බලද්දී ආයෙම මොහොතකට එහාට ගියා වගෙයි!

      Delete
  10. අනිත් පත්තරේ https://www.yourlocalguardian.co.uk/news/local/hounslowchiswick/

    ReplyDelete
    Replies
    1. ස්තුතියි අජිත් මහත්තයෝ. කාරණයක් දෙකක් දැනගන්න ඕනි. මම inbox අහගන්නන්.

      Delete
  11. බැරි නං බෑ කියන්න, දන්නැත්තන් දන්නෑ කියන්න අපේ අයට දිව නැමෙන්නෙ හරි අඩුවෙන්නෙ... හිටන්

    ලොක්ක ඒ රටේ කපල් එක කඩාකප්පල් කරාවත් ද 😂

    ReplyDelete
    Replies
    1. මම එහෙම දුෂ්ට වැඩ කරන කෙනෙක් වගේද පෙනෙන්නේ?

      Delete
  12. Interesting trivia Nidi, did you know that Bend it like Beckham was made in to West End production in 2015 and two of the cast members were of Sri Lankan descent! Surath Tony Jayawardena and Natasha Jayetileke

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි විස්තරවලට.
      ටෝනි, නටාෂා දෙන්නා ගැන විස්තරත් හොයල බලලම හිටියා, උත්තර ලියන්න.

      Delete
  13. //තියා ගන්නවා, තමුසෙගෙ ආඩම්බරේ
    අම්මපා බෝ නං දසමයක් වෙනස් වෙලා නෑ

    ReplyDelete
    Replies

    1. //අපේ පත්තරවල අන්තර්ගතයේ කොලිටිය හිටු කියලා ‘Down ද පල්ලම්’ යාමත්

      එකම පත්තර කන්තෝරුවේ සිංහල පත්තරෙයි ඉංග්‍රීසි පත්තරෙයි අන්තර්ගතයේ
      වෙනස අහසයි පොළොවයි වගේ.
      සිංහල කියවන්නේ බූරුවෝ කියලද දන්නෑ උන්දලා හිතාගෙන ඉන්නේ.

      Delete
    2. දශම භාගයක් විතර වෙනස් වෙලා කියලයි බොලේ, මං හිතං උන්නේ!

      ඇත්තටම හොඳ කාරණයක් සිරිබිරිස් උන්නැහේ මතු කළේ. එකම කන්තෝරුවෙන් ගහන ඉංග්‍රීසි පත්තරේ තියෙන විස්තරවලින් භාගයක්වත් සිංහල පත්තරේ නෑ නේන්නං.

      හැබැයි, මෙහෙම දෙයකුත් තියනවා. සිංහල කියවන අය ගොඩ දෙනෙකුට news කියන්නේ මිනීමැරුම්, දික්කසාද, හොර මඟුල් වගේ දේවල්නෙ.

      Delete
    3. //news කියන්නේ මිනීමැරුම්, දික්කසාද, හොර මඟුල්
      හ්ම්, හිතන්න වටින කාරණයක් කොහොමද එහෙම වුනේ කියල

      Delete
    4. සිරිබිරිස් උන්නැහේ, ඕකට අපේ අයස්මන්ත මහත්තය කියනවා අපූරු කතාවක්. 'ලංකාවේ මිනිස්සුන්ට හැම තිස්සෙම ඕන කරන්නේ drama' කියලා.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්