li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, September 16, 2023

ආයෙමත් වතාවක්... -සිව්වෙනි කොටස

ඒ නිසා සෑම ජාතියකටම, ජනතාවකටම, සමූහයකටම තමන්ට අවශ්‍ය ආකාරයට සිතීමට, ක්‍රියා කිරීමට සහ ජීවත් වීමට "නිදහස" අත්‍යාවශ්‍ දෙයක් බව තේරුම්ගත යුතුයි.’

ඒත් එක්කම; අපේ නිදහස අපට රිසිසේ භුක්ති විඳිය හැක්කේ අනෙක් අයට හිරිහැරයක් හෝ කරදරයක් හෝ නොවෙන විදිහට පමණක් බවත් අපි කවුරුත් සිහියේ තබාගත යුත්තෙමු.

ශෝචනීය වියෝවෙන් පස්සේතරුණ පුතුන් දෙන්නෙකු හා තාත්තෙකු පත්වී ඇති කනගාටුදායක තත්ත්වය...
අනුනට මෙච්චර පණ්ඩිතකම් කියන මොළකාර මටත්- එහෙම සිහියේ තියාගත යුතු දෙයක් ‘අමතක වී ගිහිං තිබුණු හැටි!’

අනේ- එක පාරට දහස් වතාවක් සමාවෙන්න ඕනෑ දහනායක මහත්තයෝ. මේ වස්ගමු ගමනේ මුල්ම වරුවෙන් පස්සේ- මොට්ට මං වහන්සේගේ වැඩකින් ඔබේ හිත රිදෙන්නට හැකි බව; ඔබට දුකක් දැනෙන්නට හැකි බව මට එදා කල්පනා වී නැත.

වෙනදා විදිහටම දහනායක හිතවතා, මෙවරත් අපේ; විශේෂයෙන්ම මගේ ඉවුම්-පිහුම් වැඩවලට බොක්කෙන්ම උදව් දුන්නේය. ඉවුම්-පිහුම් කෙරෙන වෙලාවක නම් ‘චුට්ටක් අනුමත කෙරෙන වැඩ සිද්ද වෙන’ පැත්තට වුණත් නොගිහිං හිටියේය.
ටිරාන්ලගෙ නඩයේ පිරිමි කට්ටිය වුණත් අනුගමනය කළේ ඒ රටාවමය. ඒත් කෙරෙන්නට එතරම් දෙයක් නැති විත්තිය හැඟුණු විටෙක නෙවිල්- හරිශ් දෙන්නාගේ සමාගමය හොයන්නට ඔවුන් මැලිකමක් දැක්වුවෙත් නැත.

“දහනායකත් අර පැත්තට යන්නැද්ද?”
“ඊට වැඩියෙන් හොඳ පාඩම් ටිකක් මම මේ මෙතන ඉඳගෙන ඔයාගෙන් ඉගෙන ගන්නව, නිමල් අයියේ.”
“ඒ මොනවද අප්පේ ඒ.”
“දැන් ටිකකට කලින් ඔයා මට කිව්වේ- හොද්දක් ළිපේ තියෙද්දී හැඳි ගාන්න ඕනි හැටි. මෙච්චර දවස් මං ඒකවත් හරියට දන්නේ නැතිවයි හිටියේ.”

“ඕක ඔච්චර දෙයක් නෙවෙයිනෙ මහත්තයෝ. හොද්දක් නටනකල් හැඳිගානකොට හැන්ද හොද්දේ තියෙද්දීම එහා මෙහා කරන්නෝනි. එතකොට හොද්ද නිවෙන්නේ නෑ. ඉක්මනට උතුරනවා.
හැබැයි, හොද්ද ළිපෙන් බාලා ටිකක් වෙලා යනකල් නම් හැන්ද උස්ස-උස්සා හැඳිගාන එකයි හරි. එතකොට හොද්ද කැටි ගැහෙන්නේ නැතිව
ඉක්මනට නිවෙනවනෙ.”

“ඔයා දන්නවද- ගෙදරදී දැන් මමනෙ නිමල් අයියේ, උදෙන් නැඟිටලා උයන්නේ.” (දහනායක, ඔයාට මතකයිද- ඔයා එහෙම කිව්ව ශෝකී ස්වරය.) “පුතාලා දෙන්නට කෑම අරගෙන යන්නත් එපැයි...”

“එතකොට රෑට?”
“ඒක තමයි ලස්සනම වැඩේ. මයංකයි- රෙහානුයි දෙන්නම හවස් වෙන්න කලින් මට call කරනවා. කරල කියනවා ‘තාත්තේ, අද රෑට මම නොකා ඉන්නයි හිතන්නේ’ කියලා.”
“අම්මට සිරි! ඒ දෙන්නම ඩයටින් පටන් අරංද?”

“මොන ඩයටින්ද නිමල් අයියේ. උන් දෙන්නම එහෙම කියන්නෙ එතකොට මම උයන්නෙ නැතිව ඉඳීයි කියලා. ඉව්වට පස්සේ දෙන්නම රෑට කයිද ඩයටින් කර-කර ඉන්නව නං?”   

ඒ ‘ශෝචනීය වියෝවෙන් පස්සේ’ තරුණ පුතුන් දෙන්නෙකු හා තාත්තෙකු පත්වී ඇති කනගාටුදායක තත්ත්වය ඒ විදිහට හෙළිදරව් වෙද්දී... ටිකෙන්-ටික කියවෙද්දී... කියවෙද්දීවත් මට මීටර් වුණේ නැත!

කහ බත් උයනවා. තක්කාලි යහමින් දාලා උකුවට හිටින්න ටිකාක් සැර හොද්දක් හදනවා. ඒකට බිත්තර... (අපේ මෙනු එකට ගැලපෙන ෆොටෝවක් ජාලෙත් නෑනේ!)

ඒවාට හූමිටි තියන අතරෙත් මම ටිරාන්ගේ ප්‍රියාදර බිරිය ඇමතීමි. අමතමින් එක-එක වැඩ පැවරුවෙමි; උදව් ඉල්ලා ගත්තෙමි;

‘අරක කරනවද නදීකා නංගි; මේක කරනවද නදීකා නංගි’ යයි සිය සැරයක් ‘නදීකා’ නම උච්චාරණය කළෙමි.
එය ඔබේ හදවතේ තුවාලය මත ලුණු ඇතිල්ලීමක් විත්තිය මට යාන්තමින්වත් කල්පනා වුණේ නැත.

අනේ දහනායක, මේ පෝස්ටුව ලියවෙන අතරේය, මට සිහිපත් වුණේ ‘ඔබේ පළමු හා එකම පෙම්වතියත්, ප්‍රියාදර බිරිය’ත් වුණේ නදීකා බව! මා හැම විටෙකම ඇයට කතා කළෙත් ‘නදීකා නංගි’ කියමින් බව...

මෑත දිනයෙක මා මෙතරම්ම අපරීක්ෂාකාරී වුණු වෙනත් මොහොතක් මගේ සිහියට නොනැඟෙයි!
ඔය සිදුවීම වුණේ ජුලි නවවෙනිදා උදේ කෑමට ‘බත් - අර්තාපල්
, තක්කාලි හොදි හා කරවල තෙල් දැමිල්ල’ක් හදන අතරවාරයේය.

‘නිදි, තමුසේ මේවා මෙහෙම ලියල තියන එකත් ඔය දහනායක යාළුවට වේදනාවක් වෙන්න බැරිද?’ මේ විස්තරය බ්ලොගයට ලියාගෙන යද්දී මං වහන්සේට කල්පනා විණි. කොයිකටත් කියලා මම දහනායක උන්නැහෙගෙන් ඒ ගැන අදහස අහලා යැව්වේ එබැවිනි.
පිළිතුරත් ඉතාම ඉක්මනින් ලැබිණි
ඒ උත්තරය හරිම ලස්සන
; සාහිත්‍යමය එකක් නිසාමයි, ඒකත් මෙතනට ඇතුළු කරන්නේ.

‘සමාව ඉල්ලීමට තරමේ යමක් ඔබෙන් තවමත් මට සිදුව නොමැති බව කාරුණිකව දන්වනු කැමැත්තෙමි. මන්දයත් මමද දෛවයට නතු වූවෙක්මි. මේ නදීකාත් එම නදීකාත් හැර තවත් නදීකාවන් බොහෝ සිටිය හැකි නිසාවෙනි .
මෙය පළ කිරීමට මගේ අනුමැතිය විමසීමම මට මහත්වූ ගෞරවයක්මය. ඔන්න ඉතින් OK

ඔන්න ඉතිං මාත් ආපහු මැදපිටිය camping site එකට යනවා... හොඳේ.

“නිමල් අයියේ, දවල්ට මොනවද හදන්නෙ?”
“කහ බත් උයනවා. තක්කාලි යහමින් දාලා උකුවට හිටින්න ටිකාක් සැර හොද්දක් හදනවා. ඒකට බිත්තර තම්බල බැදලා දාන්නයි plan කරගෙන ආවේ.”
“එක කරියයිනේ. කිරට දෙයක්...?”
“උදේ අල හොදි එකෙන් ඉතුරුත් තියෙනවනේ නදීකා නංගි. ප්‍රියන්තලගෙ මැණිකෙ නංගි හදල එවපු තඩි ළූණු බැදුමකුත් තියෙනවා. එක වේලකට නෙවෙයි, තුන් වේලකට විතර ඇතිවෙන size.”

“නිමල්, අපි පපඩම් වගේකුත් ගෙනාව නේද?”
“ඔව්මයි! නදීකා,  එහෙනං අපි පපඩම් බැදිල්ල බාර දෙමු නේද ප්‍රියන්තලටම...”
“හරි හරි... ඕක මොකක්ද, අපි බදින්නං.” හරිශ්චන්ද්‍රය- ඉස්සෙල්ලාම කෝච්චියට බෙල්ල තිබ්බේ; ඒ මදිවට අනෙක් කට්ටියවත් එයට ඈඳා ගත්තේ. “නෙවිල්, ප්‍රියන්ත, බණ්ඩාර, පාලිත. මචංල මොකද කියන්නේ.”

මෑතක සිට යූ බටෙන් අනේක ප්‍රකාර සූපවේදයන් නරඹන; ඒවා අත්හදා බලන්නටත් පසුබට නොවෙන

“උඹ අපෙන් අහලද xකෝ පැනල දුන්නේ? කෙරුමා වගේ බදින්නං කියල බාර ගත්තා නං උඹ තනියෙන්ම බැදපංකො xත්තො. අපිට පාඩුවේ ටිකක් අනුමත වෙන්න දීලා. දවල්ට සෆාරි ජීප් එක එන්න කලින් ඒ දේවකාරියත් කරන්න එපැයි. නැත්තං රුක් දෙවිවරු අමනාප වෙයි!”

“ඔව්වොව්! ඒවා වරද්දන්න බෑ නේන්නං.” පුරුෂ පාර්ශ්වයෙන් මුක්කුවකුත්...

“චෙ චෙ චෙ, එහෙමමත් කරන්න එපා ඉතිං. මම කියන්නං වැඩක්. අපි ටක් ගාලා පපඩම් ටික බැදලා තියමුකො.”
“දැන්මම? පෙඟෙයි නේද හරිශ්...” කම්මැලියන්ට දිවැස් තියෙනවයි කියනවනෙ.
“නිමල් අයියේ, අපි දැන්මම පපඩම් ටික බැදල දුන්නම ඒවා ෂොපින් bag එකක දාලා තියන්න පුළුවන් නේද... අපිට දෙන්නකො පපඩම් ටික. හරි, ඒවා හතරට කඩන එක මම කරන්නං. මචං- ඔයාලා බදින වැඩේ කරනවද? ඉතින් වරෙන්කො නෙවිල්.” හරිශ් නොවේ, චුට්ටක්වත් පස්ස ගැහුවේ.

ඉතින් ඒ වැඩේට සම්මාදම් වෙවී නෙවිල් මුණු-මුණුවෙන් කිව්වේ ‘මේ පිස්සු xත්තෙක්ව trip එකට එක්කගෙන ඇවිත් අපට තියෙන කරදරයක්’කියලද කොහෙදය. පාලිතත්, නුවනුත් බැදිල්ල අහවර වෙන තුරු එතැනටම සිර වී සිටියහ. බණ්ඩාරට එසේ කරන්නට ඉඩක් නොතිබ්බේ, සිඟිති ජෙවීන් තාත්තාගේ උකුලේ හුරතල් වෙමින් හිටි නිසාය.
මෑතක සිට යූ බටෙන් අනේක ප්‍රකාර සූපවේදයන් නරඹන; ඒවා අත්හදා බලන්නටත් පසුබට නොවෙන ප්‍රියන්තත් එතනම හිඳිමින්; උපදෙස් දෙමින් නොමසුරුව හිත-මිතුරන්ට සහාය වුණේය.

“නිමල් අයියා, අද dinner එක අපි දෙන්න හදනවා. මායි නදීකායි. මැකරෝනි හදන්නේ... මචං ප්‍රියන්ත, jeep එකේ හාදයා එනකොට අපි කිව්ව chicken ගෙනෙයි නේද?” ටිරාන්ගෙනුත් නිවේදනයක්. “මැකරෝනිවලට තමයි අපි වෙනම එළවලු ගත්තෙත්... ඔන්න- අද නිමල් අයියට නියමෙට rest කරන්න පුළුවන්.”

“Rest කරන්න? මෙයාට... ඔන්න ටිරාන්, හොඳට notice කරපං මචං. මෙයාටත් ඕනි වෙයි උඹල කරන වැඩේට හොට දාන්න!” මාව අවුස්සන්නට ප්‍රියන්තලා එහෙම කියන විත්තිය හැබෑය.
ඒත්
තජකයෙන් ලද පුහුණුවට පින් සිදුවෙන්නට මම ඉගෙනගෙන සිටිමි; පුරුදු පුහුණු වී සිටිමි.

හොඳ නායකයෙකු ඕනෑම විටෙක හොඳ...

හොඳ නායකයෙකු ඕනෑම විටෙක හොඳ අනුගාමිකයෙකු වෙන්නටද සූදානමින් සිටිය යුතුය.

කෙනෙකුට හොඳ කථිකයෙක් විය යුතු නම් අනිවාර්යයෙන්ම හොඳ සවන් දෙන්නෙකු වීමටත් සූදානමින් සිටිය යුතුය.
හැම තැනෙකදීම Center of Attraction වී ඉන්නට ගියොත්- ඔබ ජෝකරයෙකු වෙතැයි සිහියේ තබාගත යුතුය.
උපතින්ම අපට එක කටකුත්, කන්පෙති දෙකකුත් ලැබී තිබෙන්නේ අඩුවෙන් කතා කරන්නටත්; වැඩියෙන් සවන් දෙන්නටත් බව හොඳින් මතකයේ තබාගත යුතුය. (අපේ සුමිතුරු අයස්මන්ත නං කියන්නේ ‘ලියද්දී වගේම කියද්දීත් තිත්, කොමා, විරාම ලක්ෂණ ආදිය යොදන්නට උගත යුතුමය’ කියලාය.)

ඉහත කී උපදෙස් මා හොඳින් අවධාරණය කරගෙන සිටින නිසාම, මේ මැදපිටියේදීම වෙනත් කෙනෙකුට නිදහසේ සැමන් සම්බෝලයක් හදන්නට ඉඩදී මා helpකාරයෙකු සේ බලාහිඳ ඇත.

අපේ මිතුරු ඉංජිනේරු නඩයක් එක්ක ට්‍රිප් එකක් ගියා වස්ගමුවේ මැදපිටියට. එක ඉන්ජෙක් හිටියා මැදපෙරදිග කාලයක්ම හිටපු. "මං තමයි අයියේ චමරියේ ඉව්වේ. කොච්චර ඉව්වත් කට්ටිය කනවා...." පුරාජේරු වැස්සයි! ඔන්න මිනිහටත් වේලක් උයන්න ඕනෙයි කිව්වා.

"නිමල්, එයාට වේලම නම් උයන්න දෙන්න එපා. එක ජාතියක් විතරක් හදන්න දෙන්න." හිතවතෙක් කිව්වා; රහසෙන්. ඔන්න සැමන් සම්බෝලයක් හැදීම මිනිහට බාර කළා. "හරි, නිමල් අයියා මට ඕනේ කරන බඩු ටික විතරක් ළඟට දෙන්න." ඔන්න මිනිහා අවශ්‍ය කරන දේවල් කියන්න පටන් ගත්තා.
“සැමන්
, බී ළූණු, රතු ළූණු, අමුමිරිස්, ලුණු කුඩු, ගම්මිරිස් කුඩු, මිරිස් කුඩු, කෑලි මිරිස්, ගොරකා, සියඹලා, දෙහි, විනාකිරි, තක්කාලි." ඒ විතරක් නෙවෙයි, උන්නැහේට උම්බලකඩ කුඩුත් ඕනෙ වුණා!’

අද සාක්කි කූඩුවට නැංගෙව්වට, මම ඔය විස්තර ලිව්වේ 2019දී, ‘යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස’ටයි.

ඉතිං ටිරාන්- නදීකා ජෝඩුවේ උයමන නිරීක්ෂණය කරපු විස්තරවලට ඉස්සෙල්ලා කියන්න ඕනි, එදා දවල් නෙවිල් අනුරසිරි උන්නැහෙගෙ ‘විස්මෘති අලකලංචිය’ ගැන!

ඔන්න එයාල කට්ටිය එකතු වෙලා ‘පනහක විතර අනුමත වෙමු’ කියලා වටේට වාඩි ගත්තා. Bar Tender වැඩේ කළේ නෙවිල්; පුරුදු විදිහටම. ටික වෙලාවකට පස්සෙයි ටිරානුයි- ප්‍රියන්තයි එතෙන්ට set වුණේ. ඉතිං, රවුම ලොකු කරගෙන ඒ දෙන්නත් වාඩි වෙච්චි!

දඩයක්කාරයෙක් ආවද දන්නෙත් නෑ!

‘ටිරාන්, ඔයා හොරටයි බොන්නේ. මොකද කොණ්ඩ පොලිසියෙන් ලෙඩ දානවද?’ කියලත් හෙමින් අහගෙන නෙවිල් දොළ පාර පැත්තට පල්ලම් බැස්සා. ටිකකින්ම මනුස්සයා කට්ටිය ළඟට ආවේ මුහුණ නරක් කරගෙන. හිස් අතින්...

(අපේ ප්‍රියන්ත බොන්නේ බියර් එකක් විතරයි.) නෙවිල් ගිහින් තිබ්බේ එයාට බියර් කෑන් එකක් ගේන්න.

“මොකද මචං අවුලෙන්?”
“අවුල් නැද්ද බං. කූල් වෙන්න දැම්ම බියර් cans දෙක උස්සලනෙ.”
“කවුද මචං මේ කැලේ මෙතෙන්ට එන්නේ ඔව්වා උස්සන්න...”
“ඒකම තමයි මචං ප්‍රශ්නෙත්... බියර් කෑන්ස් දෙක ෂොපින් bag එකක දාලා- හොඳට ගැට ගහලා, රෙදි පටියකින් අත්තකටත් ඈඳල තමයි දොළේ ගිල්ලුවේ, cool වෙන්න.”

“වතුරේ ගහගෙන යන්න ඇති නෙවිල්.”
“කොහෙ ගහගෙන යනවද හරිශ්. Bag එක ඉරලයි අරගෙන තියෙන්නේ.” නෙවිල් එහෙම කිව්වාමය කවුරු-කවුරුනුත් කලබල වුණේ!

සතෙක්වත්ද? / දඩයක්කාරයෙක් ආවද දන්නෙත් නෑ / අපි මෙතැන හිටිද්දී? / යමු, යමු. දොළ පාරේ පහළට ගිහින් බලමු. / අපේම කවුරු හරි... / පිස්සුද බං? / හිස් කෑන් එකක්වත් පේන්න නැද්ද? / මං කිව්වේ, එගොඩ හරියෙන් කවුද ගියා වගේ දැක්කයි කියලා...
(මමත් කලින් දවසක පල්ලෙහා පැත්තෙන් කවුද යනවා දැක්කා. කට්ටියම ගිහින් බැලුවත් එක්ක. හිටියේ නෑ- සෙරානුත් අතීත කතාවක් කිව්වේය.)

ඔයින්-මෙයින් අපේ නඩේම නප්පියට කුලප්පු වුණාටත් පස්සෙයි, කාටදෝ ගණදෙවි නුවණ පහළ වුණේ.
“පොඩ්ඩක් මතක් කරපං මචං... කොයි වේලාවෙද උඹ ඒවා cool වෙන්න දැම්මේ?”
“ඊයේ දවල්.”
“ඇයි හුයන්නෝ. ඒවා ඊයේ රෑ බොද්දී ගත්තනෙ. උඹ ඊට පස්සේ තවත් කෑන්ස් එතෙන්ට දැම්මද?”

“අම්මට සිරි, නැහැ නේන්නං...”
‘#$@ &*^$ #%*@ . තිබ්බ වෙරියත් හිඳුනා!’
එවෙලේ කියැවුණු ශුද්ධ සංස්කෘත කතන්දර ටික ඇහිලා ලජ්ජාවෙන්දෝ, එදා හවස් වෙනතුරු
ඒ අහල-පහළක කුරුල්ලෙකුවත් උන්නේ නැත.

“නිමල් අයියේ, වෙනදා කනවට වැඩිය කට්ටියම අද දවල්ට බත් කයි! කහ බත්නේ... දැන්මම සුවඳේ ඉන්න බෑ. මොනවද අප්පේ ඔච්චර සුවඳ එන්න ඔයා දැම්මේ?”
“විශේෂයෙන් කිසිම දෙයක් දාල නෑ. හැබැයි, හුඟ දෙනෙක් කරනවා වගේ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, ගම්මිරිස් ඇට, රම්පෙ, කරපිංච එහෙම  බත ළිපේ තියනකොටම දැම්මේ නෑ...”

නිදහස් කතාබහක් කොතරම් ළගන්නාසුලුද? (මේ නිදහස් කතාබහ කෙරුණේ ෆිෂින් හට් සිට සිරිපා වන්දනාවේ යද්දීය.) 

“මමත් දැක්කා. අහන්නත් හැදුවා. ඔයා ඒවා පෙඟෙන්න තියලා, බත ඉදුණම නේද ඒවා බතට යට කරලා තිබ්බේ?”

“ඔය කිව්වේ! ඒක තමයි නංගි රහස.”

කවුරුනුත් වැඩියෙන් දවල් බත සප්පායම් වෙද්දී ලසිතලා jeep රැගෙන ආවෝහ.
“ධනුෂ්ක, එයාලා දෙන්නවත් එක්කගෙනම එන්නකො බත් ටිකක් කන්න. එයාලටත් එක්කමයි ඉව්වේ.”

Trip  එකේ සම්පූර්ණ විස්තර ලියනවා නං, ඊළඟට ලියන්නට වෙන්නේ ‘වනචර වෙමුද’ posts දෙකේදී කියැවුණු අප ගිය පාරවල් ගැනමය; වෙනසකට තියෙන්නේ දුටු සතුන්- උන් හිටි තැන් ආදිය ගැන විස්තර විතරකි. එනිසාය අදත් ඒවා නොලියා ‘පුනරුත් දෝෂය’ වළක්වා ගන්නේ.

එදා රෑ ටිරානුත්, නදීකාත් එක්ව මැකරෝනි සෑදීම ඇත්තෙන්ම ‘Cookery Demonstration’ එකක් බඳු විණි. එතරම්ම ක්‍රමානුකූලවය, කටයුතු සිද්ද වුණේ. මැකරෝනි ටික නටන වතුරට දැමූ ටිරෝන් ළඟ සිටි මිතුරෙකු දෙසට හැරුණේය. “මචං මට විනාඩි පහකින් කියපං. මේවා හරියට විනාඩි අටෙන් තැම්බෙනවා.” කියලත් කිව්වේය.

ටිරාන්ලා මැකරෝනි හැදුවේ හොඳම ඔලිව් තෙල් පාවිච්චි කරමිනි. හොඳම Olive Oil හඳුනාගන්නා ක්‍රමයකුත් එතැනදී කියවුණා වුණත් ඒක දැන් මගේ මතකයේ නැත. “අයියේ, පාන් ටෝස්ට් කරලා අරගෙන ඒක උඩට නියම ඔලිව් ඔයිල් ටිකක් ගාගෙන කාල බලන්න. මාාාාාාර ටේස්ට්!”

සහතික ඇත්තය!
මමත් එහෙම කරලා බැලුවෙමි. ඒ ගමනාවසානයේ ටිරාන්ලා මට තිළිණ කළ ඔලිව් තෙල් බෝතලයේ තෙල්ම පාවිච්චියට ගනිමිනි. (ටිරාන්- නදීකා, ඔයාලට ගොඩක් ස්තුතියි!)
එදා ටිරාන්ලා හැදූ මැකරෝනිත් නඩේටම අල්ලලා ගිය බවයි, කාටත් පෙනුණේ.

ඒ ජෝඩුව කුකුළු මස් කරියත්, මැකරෝනිත් හදන අතරේ බණ්ඩාරත්, මමත් කළ සාකච්ඡාව ගැන නාම මාත්‍රිකව හෝ සඳහන් නොකර හරින්නට බැරි තරම් සාරවත්; හරවත් එකකි.
එවන් නිදහස් කතාබහක් කොතරම් ළගන්නාසුලුද?
එවැනි කතාබහකදී කොතරම් දේ දැන-උගත හැකිද?

පාලිත සනතුත් රාජකාරී කරන්නේ සෙන්කඩගල ෆිනෑන්ස් ආයතනයේ බවත්- අපේ සුමිතුරු ගවීන්ගේ මිතුරෙකු විත්තියත් හෙළි වුණේ එවැනි විටෙකය.
තලපත්පිටියේ සිටි; දැන් ඉතාලියේ සිටින නෙවිල්ගේ හිතවතෙකු ගැනත් ‘රසකතා බොහොමයක්’ අප්‍රසිද්ධියේ ප්‍රසිද්ධ කෙරුණෙත් ඒ අස්සේය. නහමක් නොසිතනු මැනවි, මං වහන්සේ ඒවා ලියන්නට නොයන්නේ දැනටමත් මේ පොස්ටුව දිගු එකක් වෙතැයි පෙනෙන බැවිනි.

ඇතෙක් කොතෙක් වැහැරුණා වුණත් කොරහක නාවන්නට බැරිය!

ගයාන් - ධනුෂ්ක දෙන්නා අපේ නඩේ දෙතුන් දෙනෙකුට විතරක් කියා තිබ්බ රහස් හෙළි වුණේ. (මේ වනජීවී නියාමක ධනුෂ්කය.)

Post එක කොතෙක් දිග වුණත් සමහර දේවල් ලියන්නටම වෙයි. රාත්‍රියේ දිගෑරුණු ගී පැදුරු! නෙවිල්ගෙත් හිතට වැදිලාය. “මාර සිංදුනෙ එයාලා මතක් කළේ.”

“ඒක නේන්නං. මතක් කළා විතරක් නෙවෙයි, එයාලත් කිව්වනේ!”

මේ විශේෂ ස්තුතිය නදීකා, මධූ, නදීෂා ගායිකාවන් තිදෙනාටය!

මේ posts කීපයේදී වනජීවී නියාමක ගයාන්- ධනුෂ්ක දෙන්නා ගැනත් ටිකක් වැඩියෙන් ලියවුණා වගෙයි. ‘ලියවුණා වගෙයි’ නෙවේ, ලිව්වා; හිතා-මතාම. එහෙම ලිව්වේ ‘වනජීවී නියාමකවරයෙක් ගැන ඉතාම අප්‍රසන්න මතකයක්’ මේ දෙන්නා නිසා ආපහු මතක් වුණු හින්දයි. ඒ සිදුවීම ගැන අවුරුදු එකහමාරකට කලින් මම ලිව්වා ‘හෙනහුරු ගුණ්ඩු බත්තලං... -පළමුවෙනි කොටසේ comments තීරුවේදී- මේ විදිහට:

‘ඒ ගැන තියෙන ඉතාම අප්‍රසන්න මතකයක් කිව්වට කමක් නැහැනේ.

2008-9 වගේ අවුරුද්දක අපේ අම්මත් ලංකාවට ආව වෙලාවක අපි යාල, වරහන camping කරන්න book කළා. එහාටම ගියාට පස්සේ කියාපි 'පාද යාත්‍රාවේ එන පිරිස නිසා අපිට වරහන නවතින්නට ඉඩ දෙන්න බැහැ'යි කියලා. පස්සේ දවසක් ඒ වෙනුවට දෙන්නම් කියලත් කිව්වා.

මං පොඩි කොක්කක් දාගත්තා. එහෙම නං අපට කලින් දන්වන්නට එයාලට යුතුකමක් තිබෙන බවත්, කොළඹ සිට දුර ගෙවාගෙන ආ වියදම- කාලය අපතේ බවත් කිව්වා. ඒ පාර මගෙන් ඇහුවා වෙන වතුර පාරක, පුළුල් වැලි තලාවක කෑම්පින් කරන්න කැමතිද කියලා. මම හා කිව්වේ පැනලා.

අපි එතන නැවතුණා. පොඩි පොද වැස්සක් වැටුණා හවස හතට විතර. මෙන්න බොලේ වැල්ලෙන් (මෙරු මතු වෙනවා වගේ) කුරුමිණි සත්තු වගයක් මතු වෙන්න ගත්තා. ට්‍රැකර් කිව්වේ 'කැකිරි ඉබ්බෝ' කියලයි. එදා රෑ අපිට ලන්තෑරුමක්වත් පත්තු කරගන්න බැරි වුණා. අර සත්තු නහයේ- කටේ- කනේ හිට රිංගන්න ගත්ත. ඈතින් ගිනි මැලයක් ගහලා ඒ එළියෙන් තමයි අපි රෑට කෑවෙත්... එදා රෑ ඉහේ හිට පොරවාගෙන- දාඩියෙන් තැම්බි තැම්බී තමයි අපි කට්ටිය වැල්ලෙ නිඳා ගත්තෙත්.

උදේ බලනකොට අපේ ට්‍රැකර් විතරක් යස අගේට පෙරවාගැනිල්ලක් නැතිවම නිඳි. මිනිහගේ පැදුර වටේට කොහොඹ අතු පේළියට තියාගෙන. එතකොට කැකිරි ඉබ්බෝ ළඟට එන්නේ නැතිලු.

හැබැයි, අපි දහ දෙනෙක් රෑ තිස්සේ වද විඳිද්දී මිනිහා නෙවෙයි, අපිට ඒ කෙම කිව්වේ. තනියම හොරාට කොහොඹ අතු දාගෙන බේරුණා මිස!’

එදා අලි හිටිය ඉසව්වේ වලස්සු පොරකමින් ඉන්න සද්දෙත් ඇහුණලු! (Foto- සෙරාන් එච්. ගමගේ)

ඒ ආත්මාර්ථකාමී වනජීවියා වගේ නෙවෙයි, මේ දෙන්නා!
ජුලි 10 රෑ ඒ දෙන්නාගේ තිබුණු අමුත්ත අපිට මීටර් වුණේ නෑ. නමුත් ඒ දෙන්නා මුළු රෑ පුරාම මාරුවෙන් මාරුවට නැඟිටලා හිටියා. එහෙම හිටිමින්; ගිනි මැලේ යස අපූරුවට දස අතම එළිය කරමින්- පට පට ගගා ගිනි පුළිඟු විසුරුවමින් තියෙන විදිහට දර දැම්මා; ගිනි බෝ කළා. අන්තිමේ උදේ පහමාරට විතර අපි කීප දෙනෙක් නැඟිට්ටම තමයි, දෙන්නම හොඳට නිඳා ගත්තේ.

ඊටත් පස්සෙයි ගයාන් - ධනුෂ්ක දෙන්නා අපේ නඩේ දෙතුන් දෙනෙකුට විතරක් කියා තිබ්බ රහස් හෙළි වුණේ.

මැදපිටියේ අපේ කූඩාරම්වලට චුට්ටක් එපිටින් වලස්සු වගයක් හිටියලු / උන් පොරකමින් ඉන්න සද්දෙත් ඇහුණලු / කැලේ ඉන්න සත්තුන්ගෙන් වැඩියත්ම විශ්වාස කරන්න අමාරු සතා වලහාලු / ‘කට්ට්ටිය බයවෙයි- කාටවත් කියන්න එපා. අපි මාරුවෙන් මාරුවට ඇහැරල ඉන්නවා. ඔයාල බය නැතිව නිඳා ගන්න!’ කියල එයාලා අරගොල්ලන්ට කිව්වත් එක්කලු.

මං වහන්සේ ඒ කැපවීම වෙනුවෙන් ගයාන්ටත්, ධනුෂ්කටත් උපහාර දැක්වූයේ -උදේ තේ බීමටවත් ඒ දෙන්නාව කූද්දන්නේ නැතිව සිටීමෙනි.  එහෙම ඉඳලා- (අමතර කරදරයක් වුණත්,) එයාලම නැඟිට්ටාට පසු තේ හදා දීමෙනි. (ඔයාලා දෙන්නාටම ගොඩක් ස්තුතියි!)

‘අහම්බෙන්වත් වලසුන් කූඩාරම් කිට්ටුවට ආවා නං?’
ඒ එක්කම මට කල්පනා වුණේ, ජුනි 25 වෙනිදා ගොම්මන් යාමේ (මෙතැනම) අපේ කූඩාරම් අසලට
අලි රංචුවක් ඇවිදින් හිටි වෙලාවේ අපේ කට්ටිය කියූ දේවල්ය.
අම්මෝ! උන් යන පාටක් නැහැනෙ...” / “කරුවල වැටෙන්නත් එනවා.” / “අලි ඉන්න අස්සෙම වාහන සයිට් එකට හරවන්නේ?” / “ඇයි බං, මෙතැන ගල් ගැහිලා ඉඳල හරි යනවද?” / “මෙච්චර කිට්ටුව අලි ඉන්නැද්දි මට නං නිඳා ගන්න බෑ.

ඊටත් අමතරව... වතාවක් හැන්දෑවක- වස්ගමුවේම වවුල් ඇබේ camping site එකේ අප කූඩාරම් අටවමින් සිටිද්දී වනයෙන් මතු වුණු දැවැන්ත හස්තියෙකු එතනට ආ හැටිත් මට මතක් වුණේය. එවිට හොඳටම කලබල වුණු අපේ ඇත්තන්ගෙන් කිහිප දෙනෙක් දුවන්නට සැරසුණහ. ‘ඌ තව චුට්ටක් ළඟට ආවා නං මම බලාගෙන හිටියේ ගඟට පනින්න.’ එක වීරයෙකු පස්සේ කිව්වත් එක්කය.
එදා මහවැලි නදියේ වතුර මට්ටම ඉහළින් තිබුණු විත්තියත්, තමන්ට අඩි දෙකක්වත් පිහිනිය නොහැකි විත්තියත් ඒ මිතුරාට අමතක වී තිබිණි!

තල-තුනා නොගෙන ආරක්ෂක ජැකට්ටු ඇඳගන්න හැටි පවා Team 39 ආයතනයේ ප්‍රධානි රවී හිතවතා...

අප මෙවර පාද යාත්‍රාවේ යන අතරෙත්, අපට තරමක් ඉස්සරහින් ගිය කාන්තාවකටය ළිං තුන අසලදී- අලි ප්‍රහාරයකින් මරු දකින්නට සිදු වුණේ.

වල් වැදී සිටින සංචාරක අප එවන් හදිසි අවස්ථාවක හැසිරිය යුත්තේ කොහොමද?
ඒ ගැන යම්කිසි දැනුවත් කිරීමක් ගමනාරම්භයට පෙර කෙරෙනවා නම් කොතරම් අගනේද?
ඒ අදහස කෙරෙහි වනජීවී දෙපාර්තමේන්තුවේ අවධානය යොමු වේවායි මම පතමි.

“සර්ලා ඔය යන ගමන නං එච්චර හොඳ එකක් නෙවෙයි. ඒත් ඉතින් නාකි මං කිව්වට අහන වයසක නෙවෙයිනේ සර්ල ඉන්නෙ.
මේ දවස්වල මදාවි අලි ටිකක් ඔය ඉසව්වේ කරක් ගහනවා. සර්ලා දන්නවද අලියෙක් එළවගෙන ආවොත් කරන්න ඕන දේ?”
අවුරුදු තිස්පහකට විතර ඉස්සර දවසක ‘බෝගොඩ පාලම’ බලන්නට ගිහිං, එදා රෑ පන්සලේ බණ මඩුවේ නවාතැන් ගෙන ඉන්නා අතරේය- අපට හලාඹේ පාලම ගැනත් ආරංචි වුණේ. පසුවදා උදේ අපි පා ගමනින්ම හලාඹේ පැත්තට තිබුණු වනගත පාරට වැටුණෙමු. එවිටය අර කාරුණික දැනුමැත්තා අපේ පෙරමඟට ආවේ; අපෙන් අරහෙම ඇසුවේ!

“පාර නං වරදින්නේ නෑ. වල් බිහි වෙලා තිබ්බට අඩි පාර පේන්න තියෙනවා. මෙහෙ අලි තමයි වැඩි. අපට හේනක් කුඹුරක්වත් කර ගන්න බැරි  තරමට...
අලියෙක් හෙම දැක්කොත් මහත්තයෝ, උඩු හුළඟට අහු නොවී ඉන්න බලන්න. ඒකත් හරි ගියේ නැතුව ඌ එළවන්න ගත්තොත් පල්ලමකට දුවන්න. පල්ලමකට දුවද්දී අලියට හයියෙන් දුවගන්න බෑ. උගේ කන්තල දෙකෙන් උගේම ඇස් දෙක වැහෙන්න ගන්න නිසා...”

එතෙක්- මෙතෙක් වනගත ගමනකදී එවන් උපදෙසක් අපට ලැබී ඇත්තේ එදා පමණෙකැයි මගේ මතකය කියයි.
කිතුල්ගල ‘39 Team’ හරහා White Water Rafting ගිය හත්-අට වතාවෙම, නදියට බැසීමට පෙර පැය බාගයක විතර
දැනුවත් කිරීම් රැසක් සිදු කෙරිණි. තල-තුනා නොගෙන ආරක්ෂක ජැකට්ටු ඇඳගන්න හැටි පවා ඒ ආයතනයේ ප්‍රධානි රවී හිතවතා සජීවීව සනිදර්ශන සහිතවම පෙන්වා දුන්නේය.

එවැනි පෙර සූදානමක් ඉතා වටිනා බව මගේ විශ්වාසයයි!

මේ posts හතර මෙතැනින් අවසන් කරමින් මා ඔබට සිහිපත් කරන්නේ සංචාරක ගමනක් සංවිධානය කිරීමේදී උද්ගත විය හැකි හදිසි අවස්ථාවනට මුහුණ දිය යුත්තේ කෙසේදැයි කියාත් සොයා බලන ලෙසයි.
හැබැයි, මේ වැදි බණකි!

මහමෙරක් වටිනා අගය කිරීමකුත් මේ සංචාරය අතරතුරේදී...

කොතරම් risky- අනතුරුදායක ගමන්වල යෙදී ඇතත්, අප මෙතෙක් එහෙම සොයා බලා නැති විත්තියත් මෙතැන ලියන්නේ එබැවිනි.

මහමෙරක් වටිනා අගය කිරීමකුත් මේ සංචාරය අතරතුරේදී මට ලැබිණි. ඒ පිළිබඳවත් ලියලාම ‘කුණ්ඩලි’ සලකුණු යොදන්නෙමි.

“ම..මං ඔයා එක්ක ත.ර..හ..යි. ඔයාට දෙන්නේ බිංදුවයි!” සිඟිති ජෙවීන් අයියා කෙනෙකුට කියනවා ඇසිණි. අයියා පොඩිත්තාව කේන්ති ගස්සලාය. මම ජෙවීන්ව වඩා ගත්තෙමි; කේන්තිය අමතක වෙනතුරු ඔහු හා කතාවේ යෙදුණෙමි. ජෙවීන්ව බිමින් තියන ගමන් ප්‍රශ්නයකුත් ඇසුවෙමි.
“ජෙවීන්, ඔයා මට marks කීයක් දෙනවද?”
පොඩිත්තා ඇඟිලි තුනක් දිගු කර පෙන්නුවේය. ‘Three!’කියලාත් කිව්වේය.

තුනයි? මගේ යටිහිත දුකෙන් අහයි. ඒ ප්‍රශ්නය මධූටත් ඇසිලාවත්ද?
“අපේ ජෙවීන් පුතා නිමල් අයියට ඉහළම මාර්ක්ස් දුන්න නේද?”
“නෑ මධූ, තුනයි දුන්නේ.”
“ඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ 
ගණින්න දන්නේ.”෴0෴ 

23 comments:

  1. අලි මන්තරයක් එහෙම කියල දුන්නෙ නැතෑ 😂
    බියර් කෑන් සිද්ධිය... මරැ ඇැැ 😁

    ReplyDelete
    Replies
    1. අර ජෙවීන් පොඩි ලමයගෙ එකත් මරැ. ඇහුවෙ නැත්තං දන්නෙ... අඩු ලකුණක් හම්බුනාය කියල නෙව

      Delete
    2. ගොඩ කාලෙකට කලින් උඩවලවේදී ට්‍රැකර් කෙනෙක් අලි මන්තරෙකින් අලියෙක්ව එලවනවා දැක්ක. එයා කිව්වා අලි මන්තර කියද්දී නිරුවත් දෙපයින්- පොළොවේ පය ගහලා ඉඳගෙන- මන්තරය කිව යුතු බව. එහෙම කිව්වෙත් කොඳුරලා වගේ.
      ඊට පස්සෙම අලි මන්තර කියන කෙනෙක්ව දැක්කේ නෑනෙ- අහගන්න.

      නෙවිල් උන්නහෙව හමු වුනාම බියර් කෑන් ගැන අහගන්නකෝ තව විස්තර.

      ජෙවීන් නං අපේ හිමන්‍යාගේ පලෝලේ හරිම හුරතල් දරුවෙක්!

      Delete
  2. නිදී ලංකාව මැච් එක පරාදයි නේද? ආසියානු කුසලාන එක්දින තරගාවලිය අවසන් තරගය ලංකාව කැතට පැරදුනා නේද?

    අර ඒ කාලේ 2019 අප්‍රේල් මාසයේදී ඊස්ටර් ඇටෑක් එක වෙලාවේ බීබීසී ලෝක සේවයට මෛත්‍රීපාල සිරිසේන ගේ ලේකම් විදියට වැඩකරපු භාරත ප්‍රභාෂණ තෙන්නකෝන් (Bharatha Prabhashana Thennakoon) සහ එවකට හිටපු ආරක්ෂක ලේකම්වරයා කියපු විදියට

    "ගහනව කියල නම් දැනගෙන හිටියා ඒ වුණාට මේ තරම් බරපතල විදිහට ගහයි කියල නම් හිතුණේ නෑ"

    වගේ සීන් එකක් මේකත්... එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. අනේ ජසොන් මහත්තයෝ, මම ක්‍රිකට් ගැන උනන්දුවෙක් නෙවෙයිනේ!
      ඉතින් නොදන්නා දෙමළෙට යන්නෙ නෑ. හොඳේ.

      Delete
  3. අද නං නිදි ලොක්කගෙ ඉවුම්-පිවුම් ගුරු මුට්ටියෙ පියන යාන්තමට දැක්කා.😉
    සම්ම ජාතියකට හැඳි ගගා හොදි උයන්නෙ නං නෑ, ඒත් අර "හැඳි නොගා උයපු හොද්ද වගේ" කතාවෙ මොකක් හරි ඇත්තක් ඇති නේද?🤔

    ReplyDelete
    Replies
    1. හොඳට පොල්කිරි දාල හදන හොද්දක් නටාගෙන එද්දී හැඳි නොගෑවොතින් කැටි ගැහෙනවනේ. ළිපෙන් බාලත් චුට්ට වෙලාවක් හැඳි ගාන්නේ ඒකයි.
      හොද්දක් කැටි ගැහුණම රස අඩුයි... බකුසුතුමෝ.

      Delete
    2. ... එතකොට හොද්දේ ආටෝප ගතියත් අඩුයි. මට නං මිරිසට උයපු හොද්දක වුණත් ටිකක් හරි ආටෝප ගතියක්- උකු ගතියක් තියෙන්නම ඕනි. ඉතින් මම කරන්නේ කුරක්කන් පිටි චුට්ටක් හොද්දට එකතු කරන එකයි. කොන්ෆ්ලාර් වෙනුවට.
      මිරිසට උයන මාලුවකට නං එකතු කළාම හොඳ- පාන් කුඩු.

      Delete
    3. අහා! ආන්න ජංසං. 🙏👌
      මේව "කොමන් සෙන්ස්" කියල නොලිය ඉන්න එපා. ඉවිල්ල ගියාම, අපට ඒක ඇත්තෙම නෑ.😂😉

      Delete
  4. ඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ ගණින්න දන්නේ.”//
    එහෙනම් පුල් මාර්කස් හම්බවෙලා...

    ReplyDelete
    Replies
    1. ඔව් ලලිත්!
      කොහොමද පොඩ්ඩන්ගේ ලෝකෙ සරලකම?

      Delete
  5. "හුඟ දෙනෙක් කරනවා වගේ කරදමුංගු, කරාබු නැටි, කුරුඳු පොතු, ගම්මිරිස් ඇට, රම්පෙ, කරපිංච එහෙම බත ළිපේ තියනකොටම දැම්මේ නෑ...” ....."ඔයා ඒවා පෙඟෙන්න තියලා, බත ඉදුණම නේද ඒවා බතට යට කරලා තිබ්බේ?”

    ඒක නම් ඉතාම හොඳ ටිප් එකක්. මම කහබත් හදන්න පටන් ගන්න කොට සුවඳයි නමුත් උයලා ඉවර වුනාම ලොකුවට සුවඳක් එන්නෙ නෑ. මේ විදිහට ට්‍රයි කරන්නම්.

    ReplyDelete
    Replies
    1. හොද්දකට රම්පෙ කරපිංච කුරුඳු පොතු දමද්දීත් - බතට රම්පෙ කොළ දමද්දීත් ළිපෙන් බානකොට දාලා බලන්න Lotus.
      කරපිංච කොළවල ලස්සන කොළ පාටත් තියාගන්න කැමති නං හොද්ද ටිකක් නිවුනම- මඳ රස්නේ තියෙද්දී ඒවා දාන්න.

      Delete
  6. “මාර සිංදුනෙ එයාලා මතක් කළේ.” ඒ සිංදු මොනවද කියලා ලියන්න තිබුනනෙ. 'කම්පා නොවන් මහමායා' සිංදුව එහෙම කිව්වද. සිංදුවක් මතක් කරපු ගමන් වාදක මංඩලය ටක් ගාලා chords figure out කරගන්නවද, නැත්නම් වෙලා අරන් ගූග්ල් කරලා එහෙම බලනවද.

    ReplyDelete
    Replies
    1. Lotus, මේ පොස්ට් එක දිග වැඩි නිසා විස්තර ටිකක් අඩුවෙන් ලිව්වේ. එයාලා මුලටම මතක් කළේ සිහිනයකි ඔබ නිහඬ මැදියම් රෑ වගෙයි මට මතක!
      ඒ ඉසව්වට සිග්නල් නෑ. අපේ තනි වාදකයා නෙවිල් තාලය අල්ල ගන්නත්- ලලලල හරි නනනන හරි කියමින් ඉන්ටර්ලූඩ් එකත් නියමෙට දෙනවා.
      වෙනුජ පුතත් එයා දන්නා සිංදුවලට ගිටාර් එක ගහනවා. එයා තාම නැඟී එන තරුවක්නේ!

      Delete
  7. "ඉතින් හරිනෙ අයියේ.එයා තුනට විතරයිනෙ ගණින්න දන්නේ" මම හිතන්නෙ අපි වැඩි දෙනෙක් අනිත් අයට marks දෙන්නෙ 'ගණින්න දන්න' පරාසය දක්වා විතරයි.

    ReplyDelete
    Replies
    1. හුඟ දෙනෙක් නං Lotus දන්නා පරාසයේත් අඩුම ලකුණු දෙන්න තමයි කැමති. විවේචනයේදී තරම් පැසසුම් කිරීමේදී නිර්ලෝභී නෑ...
      සමහරු ප්‍රශංසා කිරීම කියල දෙයක් තියෙනවද දන්නෙත් නෑ!

      Delete
  8. ට්‍රිප් යන සොමිය , මාත් ට්‍රිප් එක ගිහින් ආවා සොරි හම්බ වෙන්න බැරි වුනාට

    ReplyDelete
    Replies
    1. ඔයා හමුවකට ආරාධනා කරලත් මට එන්න විදිහක් නොතිබුණු එකට දුකයි, අජිත්!
      ඒත් ඇරයුමට ගොඩක් ස්තුතියි!!

      Delete
  9. තව පොඩ්ඩෙං බියර් කෑන් දෙකක් හින්ද අහක යන දඩයක්කාරයෙකුට වෙඩි කන්න වෙනව. හැක්..

    ReplyDelete
  10. ඒක නෙවෙන්නං ප්‍රසෝ- සතිය නැතිකම!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්