li Item

Monday, October 23, 2023

තිස් එකේදී... -විසිඅටවෙනි කොටස

‘... ළඳකගෙ සෙනෙහස නොපතමි කිසිදා
නිදහස අගයන්නෙන්//
නුරා පිරුණු නෙත් වෙනතක දල්වා
සමුගත මැනවි ඉතින්...’

දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම සිසුවා වුණු පිංගුත්තරට ඇදුරු දියණිය පාවා දෙනු ලබයි. සතියක් තිස්සෙම බිරිය පිළිකෙව් කරන පිංගුත්තර...

කිත්සිරි නිමල් ශාන්තයන් ඒ ගීයට පාදක කර ගත්තේ උම්මග්ග ජාතකයේ කියවෙන- සිරි කාලකන්නි ප්‍රශ්නයේ ‘පිංගුත්තරයාව’ද?
දිසාපාමොක් ඇදුරුතුමන්ගේ හොඳම සිසුවා වුණු පිංගුත්තරට ඇදුරු දියණිය පාවා දෙනු ලබයි. සතියක් තිස්සෙම බිරිය පිළිකෙව් කරන පිංගුත්තර, ඇයව අත්තික්කා ගහකට නංවලා- බිමට බහින්න බැරි වෙන්න ගහ වටේට කටු අකුල් ගොඩ ගහලා පැනල යනවා...

පිංගුත්තර හුදු නිදහස සොයන්නෙක්ද... වීතරාගී කෙනෙක්ද... නෂ්ටකාමියෙක්ද... එහෙමත් නැත්තං...

එහෙමත් නැත්තං සමලිංගික චර්යාවට ඇබ්බැහි වූවෙක්වත්ද?

ඉතිං, එදා ඩැඩාත් එක්ක කෙරුණු දෙවෙනි සාකච්ඡාවෙන් පස්සේ මට සිද්ද වුණේ ‘සිංහාවලෝකනය’ක යෙදෙන්නටය. එසේය! මා ආපසු හැරී බැලිය යුතුය!! ඉතා සැලකිල්ලෙන්...
මා එලෙස හැරී බලන්නේ පරාජිතයෙකු ලෙසින් නොවේ. යතාර්ථයට මුහුණ පාමින්, සිදු වී තිබෙන දේවල් ගැඹුරින් විග්‍රහ කර ගනිමිනි.
කේසර සිංහයෙකු ‘තමන් එතෙක් ආ ගමන් මඟ’ පිළිබඳව යළි විමසා බලන අයුරෙන්මය. 

‘හරියට හරි. ලොකු-පොඩි එකම එක කාරණයක්වත් මඟ හැරෙන්න නොදී, ආපහු හැරිල බලපං නිමල්.’

‘උපන්නාට මේ ලොව වැනෙනවා       විනා
 ලොව සිරිතට අඹුදරු රකිනවා            විනා
 රූපේ අරං සාපේ ගෙවනවා                විනා
 ගෙනියන දෙයක් නැත පව් ගෙවනවා විනා’
මහරගම ආච්චී මඤ්ඤොක්කා තම්බන- කපන- බදින රස්සාවේ වැඩ අතරේ ගැයූ, ඒ කවියයි හැරිලා බලද්දී ඉස්සෙල්ලාම මගේ ඔළුවට ආවේ. මාත් මෙතෙක් කර තිබෙන්නේ උපන් නිසා ජීවත් වීමද? ගෙනියන්නට පව් කන්දරාවක් එකතු කර ගැනීමද...

ජීවත් වෙනවා කියන්නේ මොකකටද... ජීවත් වෙන්නේ මොකකටද...
‘සෙක්කුවේ බැඳපු ගොනා වගේ වැඩ කළා මිසක් උඹට හිතන්න වෙලාවක් තිබ්බයැ. දැන්වත් හිතපං නිමල්.’

ඉදින් මමත් එසේ කළෙමි.

එහෙත් එසේ කිරීම එතරම් සතුට දනවන්නක් නම් නොවිණි. ජීවිතයේ සොබාව එහෙමය. කලාතුරකින් හෝ සතුට දනවන්නේ නැති දේවලුත් කරන්නට අපට සිදු වෙයි; අමිහිරි වුණත් ‘තිත්ත ඇත්ත’ පිළිගන්නට අපට සිදු වෙයි...
බණ දෙසන එක ලෙහෙසිය; අමාරු පිළිපදින එකය. කප්පරක් කරුණු-කාරණ දැනගෙන සිටින කොච්චර පණ්ඩිත ඇත්තෙකුට වුණත් එහෙම කෙරිල්ල එච්චර ලේසි නැත.

ඉතිං, ඇටිකිති මං වහන්සේ ගැන කවර කතාද?

මොන තරං අමාරු වුණත්, පටන් ගත් දෙයක් ලෙහෙසියෙන් අත් නොහැරීමේ ‘දිසානායක ගතිය’ මෙතැනදීත් මගේ උදව්වට හිටි විත්තිය නොකියාම බැරිය. ‘අවුරුදු 12 සිටම ප්‍රශ්නවලට නොබා මුහුණ දෙන්නට සිදු වීම නිසා මා ලබා තිබුණු පරිචය’ ඒ වතාවේ මට උදව් වුණේය.

ඒ ඒ වෙලාවට සුදුසු යමක් කෙරුණා මිස ඒ එකක්වත් පස්මහ බැලුම් බලා; කල්-යල් බලා; පෙරුම් පුරා කෙරුණු දේවල්...

කන- බොන- අඳින පළඳින- නිඳන- වැඩෙහි යෙදෙන අතරේය; මා එලෙස අතීත සිදු වීම් විග්‍රහ කළේ.

ඒ සඳහා මට වැඩිම ඉඩක් ලැබුණේ, උදෙන්ම අහමඩ්ලගේ ගෙදරට යන අතරේය. ඒ වෙලාවට බසයේ එතරම් සෙනඟක් නැත. හිටියත් බස් එක ඇතුළේ කිසිම චරෝ-බරෝවක් නැත.
ඊළඟට, අහමඩ්ලගෙ ගෙදර තිබණු නිසංසල; නිස්කලංක ගතියත් මට නිදහසේ සිතන්නට ඉඩ ලබා දුන්නේය.

ඒ දවස්වල වැඩ කරන අතරේ, නිදි හිතේ හැටියට අතීත සයුරේ කිමිදුණේය.
එක අතකින් බලද්දී එය විහිළුවකුත් වගේය. මට එහෙම හිතෙන්නේ මේ නිසාය. ‘නිමල් දිසානායකයා ඒ දවස්වල නිදහසේ හිතනවාටත් අහමඩ් මහතා වැටුප් ගෙව්වේය!’

ඉතිං, වැඩියෙන්ම මට කල්පනා වුණේ ‘මගේ ඉලක්කය මොකක්ද?’ කියන කාරණයයි; මගේ අනාගත සැලසුම් මොනවාද කියන කාරණයයි.

ඒ වෙනතෙක්ම මා ජීවත් වී තිබුණේ ‘එන එන හැටියට ගහ උළුවස්සා’ තාලෙටය; වරින් වර මතු වෙන ප්‍රශ්නවලට විසඳුම් ඒ ඒ වෙලාවේදී හොයා ගනිමිනි.
අපේ තාත්තා ලෙඩින් වැටිලා- ගෙදර ආර්ථිකය බිංදුවට බැස්සාම ‘
පේව්මන්ට් රස්සාව’ට...
දේශපාලන
මඩ ගොහොරුවේ ගැලුණාට පස්සේ ‘ඉඳියාප්ප තැම්බිල්ලට...
ඊටත් පස්සේ
බතික්වලට... කැන්ටින් කෙරුවාවට... සිල්ලර කඩයට...
ඒ සේරම කළේ ‘පවුලේ වැඩිමලා විදිහට’ අපේ පවුලේ උදවිය බඩගින්නේ තියන්නට බැරිකම නිසාය. ඒ ඒ වෙලාවට සුදුසු යමක් කෙරුණා මිස ඒ එකක්වත් පස්මහ බැලුම් බලා; කල්-යල් බලා; පෙරුම් පුරලා කෙරුණු දේවල් නොවේ.

ඒ ඈත අතීතයයි. දැන්; 1985ය. ඒ තත්ත්වය වෙනස්ය.

අපේ පවුලේ බාලම සොයුරු-සොයුරියන් තුන් දෙනාම ඉන්නේ එංගලන්තයේය.
අනිත් නංගිලා- මල්ලිලා හැමෝම වැඩිහිටියන්ය. දැන් ඔවුන් තම-තමන්ගේ දෙපයින්; තම-තමන්ගේ වීරියෙන් හිටගත්තාවේ. එතකොට මම?

මාත් මගේම වූ ස්වාධීන ජීවිතයක්; මගේම කියා නිදහස් ජීවිතයක් ඇරඹිය යුතුය.
‘හඃ හඃ නිමලෝ, මරු! උඹ ඒ අලුත් ජීවිතේ ගෙවන්න හදන්නේ ගෑනියෙක් විදිහටද?’ / ‘ස්වාධීන ගෑනියෙක් විදිහට?’ / ‘අනේ මෝඩ තකතිරුවෝ, උඹ ලංකාවෙ නේද ඉන්නෙ, ඒරොප්පේ නෙවෙයිනෙ. පොඩ්ඩක් බලපන්කො, උඹ දන්න ගෑනු පරාණවලට වෙලා තියෙන්නේ මොනවද කියලා!’

එක දිගටම මගේ හිතට ගලාගෙන ආවේ ආන්න ඒ ජාතියේ ‘අන්දොස්’ හිතිවිලිය.

‘ලංකාවෙය එංගලන්තෙය කියල වෙනසක් නෑ... බනාසේලා ගෙදර- අපේ ගෙදර විතරක් නෙවෙයි, හැම තැනම පිරිමියා නේද රජ කරන්නේ. නීලියා! ඔව්, අනෙක් ගැහැනුන්ට සාපේක්ෂව බලද්දී- වඩා ස්වාධීන නීලියා වුණත් හරි අපූරුවට කර බාගෙන අස්වර්ට බය පක්ෂපාතීව ඉන්නෙ...’

උඹට පුළුවන්ද, උත්පත්තියෙන්ම හම්බ වෙලා තියෙන පිරිමිකමනැති කරගෙන, ගැහැනියෙක් වෙලා ජීවිත කාලයක් තිස්සෙ තවත් පිරිමියෙකුට දෙවෙනි වෙවී ඉන්න?

බලපං නිමොල් උඹලගේ අම්මගේ කතා. කොහෙද යන මිනිහෙකුට කෑමකටත් invite කරන්නෙ- නිකමටවත් උඹෙන් ඇහුවද එදාට උඹ වැඩද කියලා... මගෙන් ඇහුවද මට වැඩක් තියෙනවද කියලා... මට කියපං නිමොල්, එහෙමද අනිත් මිනිසුන්ට ගරු කරන්නේ. ස්පෙෂලි තමුන්ගේ husbandට! හස්බන්ඩ් කියන දේට කීකරු වෙන්න ඕනි නේද, ගෑනු වුණාම....

... උඹත් කොහොම හරි කර ගනිං අර මඟුල් ඔපරේෂන් එක. උඹටත් ඕනි ගෑ..නි..යෙ..ක් වෙන්නනේ. ඊට පස්සේ උඹටත් තේ..රෙ..යි පුතෝ ඒ..කෙ රඟේ.

එතෙක් මට ඇතිවී නොතිබුණු සිතුවිල්ලක බීජයකි, එදා මගේ හිතේ රෝපණය වුණේ!’

තිස් එකේදී... -දහසයවෙනි කොටස මම එසේ ලියුවෙමි.
එසේය! එදා මගේ සිතේ පැලපදියන් වූ ඒ බීජය මටත් හොරෙන් සරුවට රෝපණය වී; ලියලා වැඩී, අරටුව සහිත විසල් රුකක් බවට පත් වී තිබිණි. ඒ බව මට ඒත්තු ගියේ දිගින්-දිගට කල්පනා කරද්දීය.
සමහර සිද්දි සිද්ද වෙන වෙලාවේදී, ඒවා කොච්චර වැදගත්දැයි අපට වැටහෙන්නේ නැත. ඒත් ඒවා ගලේ කෙටූ සටහන් ලෙස සිතේ සනිටුහන්ව- අපටත් හොරා අපේ ජීවිතයට තදින්ම බලපෑම් කරන හැටි පුදුම සහගතය.

‘නිමලෝ, උඹට පුළුවන්ද, උත්පත්තියෙන්ම හම්බ වෙලා තියෙන ‘පිරිමිකම’ නැති කරගෙන, ගැහැනියෙක් වෙලා ජීවිත කාලයක් තිස්සෙ තවත් පිරිමියෙකුට දෙවෙනි වෙවී ඉන්න?’

‘නිදිගෙ පංච තන්තරේ’ කියවන ආදරණීය රසිකාවියනි, මෙතැනදී මා පවසන දේ ඔබේ අමනාපයට හේතුවක් නම් මට සමා වෙනු මැනවි. ඒත් මගේ අවංක අදහස මා ඔබට කිව යුතුය.

පුරුෂයන් ප්‍රමුඛ විත්තිය මගේ විශ්වාසයයි! කාන්තාවන් දෙවෙනියන්ය!!
ඒ මගේ දැක්මයි.

එහෙමය කියලා, ගැහැනියට අවමන් කිරීමටවත්- දෙකේ කොළයට දමන්නටවත් මා කිසිසේත් සූදානම් නැත. ‘ඇයට ගෞරව කළ යුතුය; ඇයට සවන් දිය යුතුය; ඇයගේ මතිමතාන්තරවලට ඉඩ දිය යුතුය; ගැහැනියට මුල් තැන නොදුන්නාට කමක් නැත. නිසි තැන ලබා දෙන්නට ඕනෑය.’
කාන්තාව ලතාවකි; පිරිමියා වෘක්ෂයකි. ගසක් වටා වැලක් එතෙනවා විනා, වැලක් වටා ගහක් එතෙන්නේ නැත.

මං වහන්සේ හිතන්නේ එහෙමය.
මගේ අදහස් චුට්ටක් අවුල් වගෙයිද?

අවුල් නොවී තියෙයිද? තමුසෙ අම්මගෙ කුසේ පිළිසිඳගෙන තියෙන්නෙම අවුලකින් වගෙයි නෙව...
ඔව්! දෙකක් නැත. ‘අංග සම්පූර්ණ පිරිමි සිරුරක හිර වුණු ගැහැනු ආත්මයක් ලෙසිනි මා පිළිසිඳ ගන්නට ඇත්තේ.’
... අවාසනාවට ඒකත් බාගෙටය; පුරුෂ දරදඬුකමක්- පුරුෂ එඩිතරකමක්- ලෙහෙසියෙන් නොනැමෙන කොඳු නාරටියක් එහෙමත් ඇතිවය, නිමල් දිසානායක ඉපදිලා තියෙන්නේ. ඒ මදිවාට සෑහෙන අභිමානයකුත්; ඉපදෙනකොටම ඒකාට උරුම වෙලාය. සෑහෙන අභිමානයක් කියන්නේ ‘තඩි ආඩම්බරයකට’ නොවෙන විත්තියත් මෙතැනදී නොකියා බැරිය!

ඒ අභිමානය නිසාම- නිදි රූකඩයක් නොවී, නොබියව තමන්ට වැටහෙන සත්‍යයපවසයි! තමන්ට නිවැරදි යැයි හැඟෙන ප්‍රතිපත්තිවලට අනුකූලව...

ඒ අභිමානය නිසාම- නිදි රූකඩයක් නොවී, නොබියව ‘තමන්ට වැටහෙන සත්‍යය’ පවසයි! තමන්ට නිවැරදි යැයි හැඟෙන ප්‍රතිපත්තිවලට අනුකූලව වැඩ කරයි; ජීවත් වෙයි.

අද්‍යතන සමාජයේ වැඩි දෙනෙකු නම් ‘අභිමානය’ හා ‘ප්‍රතිපත්ති’ කියන්නේ මොනවාද කියලාවත් නොදන්නා පාටය.

එහෙම අභිමානයක් තියෙන අයටත්- නොතිබෙන අයටත් පායන්නේ එකම ඉරය; එකම හඳය. ඒ හැමෝම අම්ලකර වායුව ආශ්වාස කරමින් ජීවත් වෙන අයයි. ආසා, බලාපොරොත්තු පොදි බැඳගෙන- සිහින දකිමින් ජීවත් වෙන උදවියයි. ඒ සමහර හීන හැබෑ වෙයි. සමහර හීන ‘හීනයක්’ විතරක්ම වෙයි!

හීන අත් හැරියොත් මිස කල් ඉකුත්වීමක්; expire වීමක් සිද්ද නොවේ!

‘උඹටත් තියෙන්නේ උඹේ ලොකුම හීනය අත් අරිනවද කියල හිතන්න... නිකමට හිතපං නිමල්. කොහොම හරි ඔය ඔපරේෂන් එක කරවගත්තයි කියලා. උඹ හිතන්නේ කවුරු හරි එක්ක පවුල් කන්නද? කවුද උඹ වගේ එකෙකුට කර ගහන්නේ? උඹෙන් හම්බ වෙන්නේ සැපක් නං එහෙම කර ගහන එකා ටික කාලයක් උඹ එක්ක ඉඳියි. අතිරහත් වැඩියෙන් කනකොට තිත්ත රහ වෙනවලුනෙ... ඊළඟට? උඹට වෙන්නෙ අතින්-අතට යන්න. දෝන කමලාවතී පොතේ කමලට වෙච්ච දේ මතකයි නේද?

-හැමදාම හඳ පායන්නේ නැහැනේ. උඹේත් රුව ලස්සන තියෙනකල් විතරක් පොංගල් තියෙයි... ඊට පස්සේ ඉතිං උඹත් අවලංගු කාසියක්! උඹටත් අන්තිමට නවතින්න වෙන්නෙ ‘වෙට්ට පාසියෙක්’ හරි ‘වෙල් පාසියෙක්’ හරි වෙලා තමයි, නිමලෝ.’

ඉහතින් තියෙන අන්තිම වාක්‍යය කෙටුවට පස්සේ මාව හිර වුණේය! දවස් දෙකක්ම ඒ හිරවිලි තහංචිය එහෙමම තිබ්බේය. එහෙම වුණේ ‘වෛශ්‍යාව’ හෝ ‘ගණිකාව’ හෝ කියන වචන දෙකෙන් එකක්වත් අර වාක්කියට උවමනා තරං බරක් නොගෙනෙන බැවිනි. මා යොදා තිබෙන ‘වේසි’ වචනය ‘බරැති එකක් වුණත්’ නිදිගෙ පංච තන්තරේට ගැලපෙයිද? දෙගිඩියාවේය මං උන්නේ...

එහෙම වෙලාවටය දෙයියෝ අත පාන්නේ. 2023 ඔක්තෝබර් 22 ඉරිදා උදේ, blog අඩවි වට වන්දනාවේ යද්දී, මෙන්න බොලේ... Ano කෙනෙක් ‘xxx සුරිxxxx’ නමින් විවාදාපන්න comment එකක් blog අඩවි ගොඩකටම එවලා.
මෙන්න ඒ කියවලා බලන්න වටින comment එක- නම් විතරක් වසංගලා:

‘ඩයනාට වේසි යනුවෙන් පාර්ලිමේන්තුවෙ බැන වදිද්දී ඩයනා අහනවා කවුද යකෝ වේසි?’ කියල.

උඹටත් තියෙන්නේ උඹේ ලොකුම හීනය අත් අරිනවද කියල හිතන්න...

වේසි කියන්නෙ අපහාසාත්මක වචනයක්. වෛශ්‍යාව කියන ගෞරවනීය අර්ථය ඒ වෘත්තියට නැති වෙලා ගිහින් වික්ටෝරියානු කුහක ලිංගික වත ආගමික විදිහට බාරගත්ත තැන ඉඳන් ඒ වෘත්තිය අපහාසාත්මක එකක් වුනා. වෛශ්‍යා වෘත්තිය විතරක් නෙමෙයි සම්පූර්ණ ලිංගිකත්වයම කුණුහරුපයක් වුනා. විශේෂයෙන් ස්ත්‍රී ලිංගික අවයව කුණුහරුප බවට පත් වුනා. ස්ත්‍රී ලිංගිකත්වය අපහාසාත්මක වුනා. හුත්තී, වේසි, බැල්ලි වගේ වචන ගැහැණියට පටබැඳුනා. පිරිමියාට යෙදුනෙ පකයා, කැරියා වගේ වචන. මීට අමතරව පොන්නයා කියලත් පිරිමින්ට අපහාසයට කියනවා. එනම් පිරිමිකමෙන් තොර වීම අපහාසයක් විදිහට හඳුන්වනවා.

මාxxx වගේ අය මට පොන්නයා කියලා බැන්නා. මගේ පුතාට පොන්නයා කිව්වා. xxx දුවට වේසි කිව්වා. xxxලා එහෙම ඒ පිටිපස්සේ හිටියා. මම නං මගේ පුතාගේ පොන්නකම භාර ගන්නේ වටිනාකමක් විදියට. පුතා කැමති ඒකට නං මම පියෙක් විදියට ඒකට ඉඩ දෙනවා.

එතකොට කවුරු හරි සංක්‍රාන්ති ලිංගිකයෙකුට පොන්නයා කිව්වොත්, එයා ආපහු හැරිලා, ‘කවුද යකෝ පොන්නයා, කියලා අහන එකක් නැද්ද? මොකද පොන්නයා කියන්නෙ සංක්‍රාන්ති ලිංගිකත්වයට යොදන අපහාසාත්මක වචනයක් නිසා.

රමණය කිරීම හිකීම ලෙස කුණුහරුපයක් වුනා. වෘත්තියක් විදිහට කුණුහරුපවලට එකතු වුනේ වෛශ්‍යා වෘත්තිය විතරයි. ඒ සංසර්ගය සමග සබැඳි එකම වෘත්තිය එය වීම නිසයි. මේ සදාචාරය විසින් අපහාසාත්මක ලෙස නම් කලේ ලිංගිකත්වයයි.

වෛශ්‍යා වෘත්තිය කියන්නෙ සුවිශේෂ වෘත්තියක්. ඒක ආගම කියන සංස්ථාවට විරුද්ධව පවතින එකම වෘත්තිය වෙන්න පුළුවන්. ඒ වෘත්තිය මූලික වශයෙන්ම ස්ත්‍රී වෘත්තියක්. වෛශ්‍යාව කියන්නෙ නිදහස් ගැහැණිය කියන එකට. ඇය පවුල් සංස්ථාවට එන්නෙ නෑ. ඊට පිටතින් පවතින්නෙ. ඇය පවුල් සංස්ථාවෙ අවුලක් ප්‍රදර්ශනය කරමිනුයි පවතින්නෙ. ඇයව ආගමකට දරාගන්න බෑ. හැම ආගමක්ම නිර්මාණය වෙලා තියෙන්නෙ ලිංගිකත්වය තහනම් කිරීමෙන්. ඇය තමයි තහනම් ගහේ ගෙඩිය අතින් ගත්ත ඊවා.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.

වේසි කියන්නෙ වෛශ්‍යා වෘත්තියට කරන අපහාසයක්. ඒකට ඒ ලැබිය යුතු වෘත්තීමය වටිනාකම ලැබිය යුතුයි. ඊට අදාල සංස්කෘතික සහ දාර්ශනික වටිනාකම ඊට ලැබිය යුතුයි. ඒක සිදු නොවී තියෙන්නෙ සමාජය කුණුහරුපයක් ලෙස පැවතීම නිසා මිස වෛශ්‍යා වෘත්තිය කුණුහරුපයක් නිසා නෙමෙයි.

වෛශ්‍යාව කියන්නෙම අරගලකාරියක්. ඇගේ අරගලය ඇය කරන්නෙ ශරීරයෙන්. ඒක පොතේ තියෙන අරගලයක් නෙමෙයි. ඇය එකවිට සමාජ දේශපාලන වගේම ආධ්‍යාත්මික අරගලයක් මෙහෙයවනවා.  

වේසි කියලා කතා කලොත් වෛශ්‍යාවකට තරහා යන්න ඕන. තමන් කරන වෘත්තිය ගෞරවයෙන් බාරගන්නා කිසි කෙනෙක් ඊට අපහාස කරන කුහකයෙක්ව දරාගන්න උවමනා නෑ. වෛශ්‍යා වෘත්තිය කියන්නෙ වේසකම නෙමෙයි. වෛශ්‍යාව කියන්නෙ වේසි නෙමෙයි.

ලිංගික ශ්‍රමිකයන් යන වචනෙ වුනත් ඒ වෘත්තිය හෑල්ලුවට ලක් කරන වචනයක්. ඒක හුදු ශ්‍රම වෘත්තියක් නෙමෙයි. ඒ වෘත්තියේ කලාව, සෞන්දර්ය සියල්ල ඉවත් කරමින් ඒක හුදු කම්කරු වෘත්තියක් බවට පිරිහෙලා තියෙනවා. වෛශ්‍යා කියන්නෙ ආර්ථිකමය වශයෙන් ස්වාධීන, නිදහස් ගැහැණු.

වේසි කිව්වම කේන්ති යනවා නම් වෛශ්‍යා වෘත්තිය නීතිගත කරන්න කතා කරන්නෙ ඇයි වගේ ප්‍රශ්න අහලා තිබුන. ඒ ප්‍රශ්න අහන අයගෙ සීමාවම ඒ ප්‍රශ්නෙ තියෙනවා. ඒ අයට වේසි කියන කුණුහරුපෙන් පිට වෛශ්‍යාව කියන ඉතිහාසයක් පුරා පැතිරුණු විසල් නිදහස් ගැහැණිය ගැන අවබෝධයක් නෑ. ඒ අය තවමත් වික්ටෝරියානු සදාචාරයේ ගොදුරු.

කාට හරි වේසි කියනවා නම් ඒ දරාගන්න බැරි ආදරෙන් පමණක් විය යුතුයි.

-xxx සුරිxxxx’

අපි ගුණදාස අමරසේකර මහත්තයාගේ ‘ගල් පිළිමය හා බොල් පිළිමය’ පොත අච්චු ගහද්දී- එතුමා තෘප්තිමත් නොවුණු වැකියක් නිසා දවස් ගණනාවක් හිර වුණේ. අන්න ඒ වගේ තමයි මෙදා සැරේ මටත් වුණේ. එහෙම ඉඳිද්දී දැකපු මේ comment එක, වළක වැටිල හිටපු එකෙකුට ගොඩ එන්න දුන්නු මාරම උදව්වක් වගෙයි. ඉතිං මට හෙණ happy!
මොකෝ දන්නවද-
ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ, උත්තරීතර පාර්ලිමේන්තුවේ උත්තම මහජන නියෝජිතයන් වහරන භාෂාවටත් ‘වේසි’ වචනය ඇතුළු වෙලානෙ.

එහෙව් එකේ මං වගේ පුංචි සිංඤෝ කෙනෙක් මොන ඉලව්වකටද පස්ස ගගහ ඉන්නේ... ඒ වචනය සුදුසුම තැනක කොටන්න.

ඉතිං, අපි අතුරු කතාවලට පීලි පැන්නේ... ‘මගේ චිත්තයා කිව්වේ ‘... උඹටත් අන්තිමට නවතින්න වෙන්නෙ වෙට්ට පාසියෙක්හරි වෙල් පාසියෙක්හරි වෙලා තමයි, නිමලෝ. කියල කියාපු තැනින්නෙ. ඔන්න ඔන්න ආයෙමත් එතෙන්ට යනවා.

එතෙක් මගෙත්තෙක්ක රමණයේ යෙදිච්ච හැමෝම එහෙම කළේ බොහොම රහසෙන්. හැංගි හැංගී. එයින් ගොඩක් උදවිය ඒ වෙලාවල උපරිමෙන්ම තෘප්තිමත් වුණත් එක්ක. සමහර විට එයාලාට ‘හොරෙන් කනකොට වැඩි රහක් දැනෙන්නත්’ ඇති. ඒ නිසා නේද, එයාල ආයෙ-ආයෙත් මගේ පහස හොයාගෙන එන්න ඇත්තේ; හොර රහසෙන් වුණත්!

කොහොම වුණත්, මට තේරුම් ගිහිල්ලයි තිබ්බේ. මිනිස්සුන්ගේ මේ දවල් මිගෙල් - රෑ දනියෙල් කෙරුවාව ගැන; ආඳා මාළු අතින් නොකා ඉරටුවෙන් කන කෙරුවාව ගැන. ඔහොම හැංගි හැංගී නැටිල්ල මට  නං අරහං...

‘ඉතිං මොට්ටයො, ගෑනියෙක් වෙලා- ඔහොම මිනිහෙක්ගෙ අඹුව හරි, හොර අඹුව හරි වෙන්නද යස්සයො උඹට ඕනි?’   

à ඊළඟ කොටසට...

45 comments:

  1. හ්ම්. නිදිලොක්ක කාරණා කාරණා බරට හිතල.
    ඇත්ත. ඔය වැඩේ කරගත්ත වගේ නෙවෙයි... පහුව එන අභියෝගවලට මුහුණ දෙන එ

    ReplyDelete
    Replies
    1. පනින්න පෙර සිතා බලන්න කියලනේ නමී උපදේශයකිනුත් කියන්නේ.

      Delete
  2. ගැහැණු පිරිම් හෝ ඒ දෙක අතරමැද
    රැදුණු අයට තව අපහස කරනවද
    දියුණු රටක සම තැන ගරු කරනලද
    සිතණු සැවොම එක වාගෙයි දැනෙනවද

    ජයවේවා

    ReplyDelete
    Replies
    1. තියෙද්දී තමන් ඇස පොල් පරාලයක්
      නොතකා දකිමු අනු'නැස එක පොල් කෙන්දක්
      හෙළා දැකුම හෙළයන්හට පුරුදු දෙයක්
      කරන්නට වැඩක් නොමැති උදවිය කරන එකක්

      ස්තුතියි දුමී.

      Delete
  3. ඔය transgender සීන් එක ගැන කතා කරනවා නම් මට මතක විදියට විදිහට දෙදහස් එකේ වගේ ලක්බිම පත්තරේ තිබ්බා නිව්ස් එකක් ලංකාවේ ඩොක්ටර් කෙනෙක් ඔපරේෂන් එකක් කරගෙන කාන්තාවක් වුණ. මතක විදිහට එයා බදුල්ලෙ. ඒ දවස් වල පත්තර ගැන මතකයක් තියෙනවා නම් ඕක හොයාගන්න බැරි වෙන එකක් නෑ. මට ඕක විශේෂයෙන්ම වැදුනේ ඒ සිදුවීම ඇත්තටම අලුත් දෙයක් නිසා.

    සාමාන්‍යයෙන් චිත්‍රපටි ගත්තහම චිත්‍රපටි වලත් ඔය transgender සිදුවීම් හරි කොමඩි විදිහටනේ පෙන්නන්නෙ. මං කියන්නේ ඒක කොමඩියක් නෙමේ නමුත් ඒ ඒ පුද්ගලයන් ඒ ගති සොබාවන් උපහාසයට ලක් කරලා චිත්‍රපටි හදන එකනේ කරන්නේ.
    ඒත් ගිය අවුරුද්දෙ ආයුෂමන්.කුරාණා ගෙ ෆිල්ම් එකක් ආවා Chandigarh Kare Aashiqui කියල. කිසිම අපහාාසයක්උප හාසයක් නැති ඒ ෆිල්ම් එක.නං මනුස්සයෙක් බලන්නම ඕන එකක. ඒ වගේ තව චිත්‍රපටි ඕන තරම් තිබුනත් ඕන තරම් හොයා ගන්න පුළුවන් වුණත් මම ඒක ගැනම විශේෂ කළේ සමාන කලාපවල රටවල් වල මිනිසුන්ගේ අදහස් සිතුම් පැතුම් යම් තරමකට හරි සමාන වෙන්න පුළුවන් නිසා.

    ගුණදාස අමරසේකරගේ යළි උපන්නෙමි කියවලා තියෙනවද.

    කවදහරි අවස්ථාවක් හම්බ උනොත් කියවන්න බලාගෙන ඉන්න මම තාම හොයන මට හම්බ උනේ නැති පොතක්.

    ReplyDelete
    Replies
    1. පොඩි කාලෙ ම කියවල තියනව ඒ පොත

      Delete
    2. මහේෂ්, මම ඒ සිදුවීම ගැන දන්නේ නෑ.
      නමුත් දැන් ට්‍රාන්ස්ජෙන්ඩර් සිද්දි බහුල බවයි පෙන්නේ.
      Chandigarh Kare Aashiqui නම් බලලා නැහැ. නමුත් එවන් තේමාවන් සහිත හින්දි- මලයාලම්- තෙලිඟු වැනි ෆිල්ම්ස් කීපයක්ම මමත් බලලා තියෙනවා.

      යළි උපන්නෙමි කියෙව්වේ O/L කරන කාලේ. මගේ ලඟත් ඒ පොත නෑ.

      Delete
    3. මහේෂ්,
      Nagarkirtan (2017) බෙන්ගාලි- ෆිල්ම් එක බලලා තියේද. හිජ්රා ප්රජාව ගැන ඉතා අනගි චිත්‍රපටයක්.

      Delete
    4. ඒ doctor තාම ඉන්නවා ask from ayeshmantha

      Delete
    5. අයස්මන්ත මහතා හමුවුණු විට අහන්නම්.

      Delete
  4. ෆේස් බුක් එකේ SL-Comics වල ජෝතිමාලිකා නමින් පරණ චිත්‍ර කතාවක් පලකරනව. ඒක ගෑණු පෙන්නන්න බැරි කුමාරයෙක් ගැන. ඒ කතාව මොන ජාතකයෙන්ද?

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, fb ගිහින් කතාව මොකක්ද කියලා බලන්නන්. මට හිතෙන්නේ අසනග ජාතකය වෙන්න ඈති කියලයි. උද්දාල- ස්වර්ණතිලකා කතා වස්තුව වෙන්නත් ඉඩ තියෙනවා.

      Delete
  5. This comment has been removed by the author.

    ReplyDelete
  6. තියරි එකක් තියනවා ඉස්සර ප්‍රාථමික සමාජ බොහොමයක් මාතෘ මූලික, ගැහැණුන් විසින් පාලනයකල ඒවා කියල.
    ග්‍රීක් ඔලිම්පියන් අහස් දෙවියන් විසින් පෘථිවි මාතා දෙවඟන ඇදහීම අභිබවා යාම මගින් පිලිබිඹු කරන්නේ මාතෘ මූලික සමාජ පසුව පීතෘ මූලිකවීමට පෙරලීමයි කියලා. ඉන්දු ආර්යන් හින්දු දේව මණ්ඩලයත් ඊට සමානයි.


    ඒකට පක්ෂ හා විපක්ෂ මත තියනවා
    https://archive.nytimes.com/www.nytimes.com/books/first/e/eller-myth.html?_r=1

    https://www.ucl.ac.uk/news/2022/sep/analysis-how-did-patriarchy-start-and-will-evolution-get-rid-it

    ReplyDelete
    Replies
    1. තියරියක්ම නෙවෙයි නේද. එහෙම සමාජ තිබිල තියෙනව නේද. වැඩිය දුර නොගියොත් අසල්වැසි ඉන්දියාවෙත් තිබිල තියෙනව.

      https://www.prathaculturalschool.com/post/matrilineal-societies-in-india#:~:text=Matrilineal%20Societies%20in%20India%3A%20Garo,Ezhava%7C%20Bunt%7C%20Billava%20%7C%20Pratha

      Delete
    2. මේට්‍රියෑකල් සමාජ තිබුනයි කියන එක පිලිගත් එකක්.
      කොයිතරම් දුරට මාතෘ මූලික හෝ මාතෘ ඩොමිනේටින් ද කියන එක ගැනයි තියරි තියෙන්නෙ. ෆෙමිනිස්ට්ලා ඒක කොයිතරම් පුම්බලා වැඩි කරලද, ෆෙමිනිස්ට් විරෝධීන් ඒක කොයිතරම් අඩු කරලද කියන එක
      https://archive.nytimes.com/www.nytimes.com/books/first/e/eller-myth.html?_r=1

      Delete
    3. හුඟක්ම ගැහැණු ඩොමිනේටෙඩ් සමාජවල පියාට කිසිම තැනක් නැතුව (සමහර ඒවායේ පියා කවුද කියන එක නොදත්), දරුවන් පිලිසිඳ ගැනීමේ බයොලොජිකල් ක්‍රියාවලියට පිරිමි සම්බන්ධය නොදත් හෝ නොපිලිගත් සමාජ ප්‍රාග් අයිතිහාසික ග්‍රීසියේ තිබුනයි කියල .උපකල්පනයක් තියනව

      Delete
    4. ලංකාවෙත් මාතෘ මුල්ක සමාජ තිබිල තියනවනේ. කන්ද උඩරට එක ගෙයි කෑම

      Delete
    5. Pra Jay, මහේෂ්, අජිත් මහත්වරු තුන් දෙනාටම ස්තුතියි.
      Linksවලට ගියා. හදිස්සියේ කියවන්න බෑ, අලුත් වදන් වැඩියි. නිදහසේ පස්සේ කියවන්නන්.
      ඔයාලගේ කමෙන්ටු කියවද්දී මගේ මතකයට ආවේ රයිඩර් හැගාර්ඩ්. එයා ලියපු පොත්වලින් වැඩිම හරියක රටවල්වල ඉන්නෙ රැජිනියන්.
      එඩ්ගා රයිස් බරෝස්ගේත් සමහර පොත්වල.

      Delete
    6. සොබාවිකවම හැදී තිබෙන ලොකුම මාතෘ මූලික සමාජය මී මැස්සන් නේද?

      Delete
  7. Replies
    1. එහෙමද? Anoල තමයි වෙනත් අඩව්වල වැඩියෙන්ම comments දාන්නේ. මෙහෙ නං හරිම අඩුයි නොනමින් කමෙන්ටු එවන උදවිය.

      Delete
  8. ප්‍රාග් වෛදික යුගයෙ කාන්තාවට උපරිම නිදහස තිබිල තියෙනව. භාරත ඉතිහාසය හා දර්ශනය වගේ විෂය නිර්දේශවල සඳහන් වෙන්නෙත් එහෙමයි.
    සිද්ධාර්ථ කුමාරයාගෙ සුළුමවට නම වැටුනෙත් ප්‍රජාවට අධිපති, මහා ප්‍රජාපති විදිහට.

    යග්ඥ වගේ කාලෙදී තමයි දේව සංකල්ප වඩා ඉස්මතු උනේ. ඒ එක්ක තමා සැමියගෙ සොහොනෙම බිරිඳ වැළලෙන, සැමියාගේ යටතේ ඉන්න වගේ චාරිත්‍ර ආව.

    මේත් ඒ වගේ කාන්තා නිදහස ඇති කොටසක්. පාකිස්තානයේ කලාෂ් වරු

    ReplyDelete
    Replies
    1. ඔයාගේ ලින්කුවටත් එබිලා බැලුවා. ස්තුතියි නමී. දැන් කියවන්නේ නැතිව bookmark කරගත්තා.
      අපේ සාකච්චා මණ්ඩපයක් වෙලාවට කතා කරන්න හොඳ මාතෘකාවක්.

      Delete
    2. දිග කමෙන්ටුවක් ලියන්න ඕන මේ කොටස ගැන. නමීගෙ කොමෙන්ටුවත් ඒකට ම අදාලයි

      Delete
    3. ඔන්න ඉතිං දිග කමෙන්ට් එක ලියන්න එකලාසියක් ඇති වුණේ දැන්.

      එක...
      ගැහැණිය දෙවෙනි පුරවැසියා විදිහට හැදෙන්නෙ, ගැහැණු ළමයි ලොකු මහත් වෙන්නේ වැඩිහිටි ගැහැණු යටතේ නිසා. වැඩිහිටි ගැහැණුන්, ගැහැණු පරම්පරාව දිගේ එන මතවාදවලින් පොඩි කාලේ ඉඳන් ම ගැහැණු ළමයින්ව හික්මවනව. ඒ නිසා, ගැහැණුන්ට සමතැන දුන්නත්, පොඩි කාලේ ඉඳන් සමාජානුයෝජනය වී ඇති ආකෘතියෙන් පිට පනින්නෙ නෑ.

      දෙක...
      වෛශ්‍යා කර්මය ඉස්සර කාලේ ආගමින් බැහැර වුණු දෙයක් නෙවෙයි. පුරාණ මෙසොපොටේමියාවේ, ග්‍රීසියේ ආදී සභ්‍යත්වවල දෙවියන් පිනවීමේ කාර්යයක් ලෙස ලිංගික චර්යාවන් යොදා ගැනුණා. මෙසොපොටේමියාවේ දේවස්ථානවල පූජකවරියන් සමඟ රමණය කිරීම ම පූජා විධියක් වුණා. ඉන්දියාවේ දේවාලවල දේවදාසීන් යොදා ගැනුනේත් ඊට සමාන කරුණකට.

      කෞටිල්‍ය අර්ථශාස්ත්‍රයට පසුබිම්වන කාලයේ ජනපද කල්‍යාණියන් සමාජයේ කොටසක් වුණු අතර, ඔවුන් දේශපාලන කටයුතු සහ රහස් ඔත්තු සේවයටත් යොදා ගැනුණා.

      බුද්ධ කාලයේ විසු අම්බපාලියත් ඒ වගේ කෙනෙක්...

      අන්තිම වශයෙන්, නිදි කාරණා කාරණා ඇස්තමේන්තු කරපු විදිහ හරි.

      Delete
    4. ඩ්‍රැකී මහත්තයෝ, කොම්පියුටරෙයි- ෆෝන් ඒකයි දෙකම එක සැරේ ලෙඩ වුණා. දවස් ගණනාවක් සන්නිවේදන ලෝකයෙන් ඈත් වෙන්න සිද්ද වුණා.
      ගොඩාරියක් ස්තුතියි හරබර දිග comment එක වෙනුවෙන්!
      කියා තියෙන සියලු කරුණු එක්ක එකඟයි.

      Delete
  9. මෙතන වැඩියම තියෙන ප්‍රශ්ණෙ සමාජ ආකල්පය. එක දැනට වෙනස් වෙමින් පවතිනවා, ඒත් හෙමින්.

    ReplyDelete
    Replies
    1. දැනුම පහසුවෙන් ලබා ගන්න පුළුවන් වෙද්දී සමාජ ආකල්පත් සෙමින් වුණත් වෙනස් වෙනවා නේද බස්සා මහත්තයෝ.

      Delete
  10. මේක කියවද්දි මට හිතිනෙ නිදීට තිබිල තියෙන ප්‍රශ්ණ එක්ක අපිට තිබ්බ ප්‍රශ්න මොනවද කියල. හරිම ආඩම්බරයි නිදී.

    ReplyDelete
    Replies
    1. ගොඩක් ස්තුතියි ඉයන් මහත්තයෝ.

      Delete
  11. //පුරුෂයන් ප්‍රමුඛ විත්තිය මගේ විශ්වාසයයි! කාන්තාවන් දෙවෙනියන්ය!!
    ඒ මගේ දැක්මයි.// මේක අපේ කෙල්ලෝ දෙන්නට කීවනම් උඹව හම ගහල ලුණු දානව . හැබැයි ලංකාව සම්බන්ධයෙන් කතාව ඇත්ත.

    ReplyDelete
    Replies
    1. මාරයි!
      මම හිතුවේ මගේ අදහස දරන්න මට අයිතියක් තියෙනවා කියලයි!

      Delete
  12. ඒ විතරක් නෙමේ. උඹ ලිංගික සම්බන්ධතා පවත්තපු විධිහට කෙල්ලෙක් උනානම් වේස කාඩ් එක වැදිලා ඉවරටේම ඉවර වෙනවා. අනාගතයක් නැති වෙන්නම. (ලංකාවේ) . එංගලන්තයේ, රුසියාවේ හෙම කෙල්ලෙක් හෝ කොල්ලෙක් ලිංගික සම්බන්ධතා පවත්තල තිබුනේ නැති වුනහම යාලුවෙන අය අඩුයි. (දැන්) . සෝවියට් දේශයේ සම ලිංගික සම්බන්ධතා නීතියෙන් තහනම්. හොරෙන් කරපු එවුන් හිටිය කියල දන්නවා. අපේ හිටපු එම්බා නෙවිල් ක. වගේ. හැබැයි කෙල්ලෝ ලිංගික සම්බන්ධතා පවත්තපු ගාන එක්ක උන්ට අපේ එවුන් කාඩ් ගැහුවට රුස්සෝ එහෙම කලේ නැහැ. හැබැයි දැන් ලංකාවේ නගර වල තත්වය බොහොම වෙනස් කියල තමා දන්නේ

    ReplyDelete
    Replies
    1. මෙහෙ කෙල්ලෙක්- එක්කෙනෙක් එක්ක සම්බන්ධකමක් තිබිලා, ඒක නැති වෙච්ච ගමන්ම වැඩි දෙනෙක් ඒ කෙල්ලව හඳුන්වන්නේ 'බඩුවක්' විදිහට. හිතන්නේ ඒ කෙල්ලගෙන් අයුතු ප්‍රයෝජන ගන්න. හැබැයි, සල්ලි තියෙන -ප්‍රසිද්ධ උදවිය එහෙම කළාම බොහොම සර්ධාවෙන් එයාලව උඩ දානවා. එකෙන් නොදැනීම වගේ වෙන හොඳක් තමයි අජිත් මහත්තයෝ, 'ආකල්ප වෙනස් වීම'.

      Delete
    2. @ Ajith

      Is this true? I have seen this comment has been posted in many blogs many times, please tell us honestly that what really happened

      //අජිත් ධර්මකීර්ති මහතා සෝවියට් රුසියාවේ විශ්ව විද්‍යාලයක ඉගෙනුම සදහා යවන ලද්දේ එවකට එජාප රජයේ බලගතු කැබිනට් අමාත්‍යවරයෙකු වූ රනිල් වික්‍රමසිංහ මහතා විසිනි. මේ පිළිබඳව සත්‍යය සියලු තොරතුරු සාක්ෂි සහිතව බොදු බල සේනාවේ විධායක නිලධාරී ඩිලන්ත විතානගේ මහතාගෙන් දැනගත හැක.

      අජිත් ධර්මකීර්ති මහතා ලබා ගත්තේ මොණරාගල ප්‍රදේශයේ විසු දක්ෂ සිසුවියකට සෝවියට් දේශයට යාමට ලැබී තිබුණු ශිෂ්‍යත්වයක් බව කියවේ. කෙසේ වෙතත් ඇයට එම ශිෂ්‍යත්වය අහිමිකර රාජ්‍ය බලය යොදා ඇයගේ නම වෙනුවට අජිත් ධර්කීමර්ති නම ඇතුලත් කොට එම ශිෂ්‍යත්වය අතිශය තිරශ්චීන ලෙස පැහැරගත් නිසාම දැඩි ලෙස මානසික ආතතිය ඇතිවී මානසික රෝගී තත්ත්වයකින් පීඩාවට පත්ව ඇති එම සිසුවිය දැඩි කලකිරීමට පත්ව මාර්ගයේ හිස හැරුණු අත ඉබාගාතේ ගමන් කරනා විට රිය අනතුරකට ලක්ව එක්තැන්ව වසර ගණනාවක් දුක් විඳ පසුව මිය ගියාය.

      රනිල් වික්‍රමසිංහ ඇමතිවරයාගේ අනුහසින් රුසියාවට ගිය අජිත් ධර්මකීර්ති මහතා සිදුකලේ තරුණ ගැටවුන් සමග කම්සැප විඳිමින් විනෝද වීමය.
      විනාශ කලේ රටේ මුදල්ය.

      මේවාට කවදා හරි වන්දි ගෙවීමට අජිත් ධර්මකීර්ති මහතාට සිදුවනු ඇති බව පමණක් අපට කිව හැකිය.//

      Delete
  13. නිදි සෑෑෑෑෑහෙන්න දුරට හිතලනෙ.
    අර ඉයන් කියල තියෙන දේම තමයි මටත් කියන්න තියෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. බරපතල තීරණ ගන්න කිලං හිතන්න එපැයි ප්‍රසෝ!
      ස්තුතියි.

      Delete
  14. Replies
    1. නවීන් අයියේ ලංකාවේ නිව්ස් වල ගිය මේ කියන කතාව ඇත්ත ද? 🤔

      //මෑතකදී කොළඹ මහනගර සභාවෙන් කරනලද සමීක්ෂණයකදී හෙලි වී ඇත්තේ
      2022 අප්‍රියෙල් සහ අගෝස්තු අතර කාලය තුල කොළඹ නගරයේ අයාලයේ ගිය සුනඛයන් විශාල ලෙස අතුරුදහන් වීමට හේතුව එම අසරණ සතුන් ඝාතනය කර අරගල ක්‍රියාකාරීන් හට කෑමට දුන් මට්න් බිරියාණි සැකසීම සඳහා යම් පිරිසක් එම සතුන්ගේ මස් යොදාගන ඇති බවයි..!//

      මේක කරල තියෙන්නේ කවුද? කාලකන්නි රාජපක්ෂ හොර රැලේ පාහර බයි හැතිකරය වෙන්න පුළුවන් නේද බොහෝවිට?? දීප්ත කුමාර ගුණරත්න සහෝදරයාට මේ ගැන වීඩියෝ එකක් කරන්න කියල ඉල්ලීමක් කරන්න ඕනේ 🤔

      Delete
  15. 👌👌 ස්තුතියි නවීන් 👌👌

    ReplyDelete
  16. නිමල් අයියා මට නම් වීරයෙක්, හැම අතින්ම.
    නිර්භීත මිනිසෙක්, විවෘතව කතාකරන අය සිටියට ඔය සයිඩ් එක ගැන ඔච්චර ඕපන්ලි කතා කරන එවුං බෙහෙතකටවත් නෑ.

    ඔබට ජයවේවා!
    Myself Hattor

    ReplyDelete
  17. නිදී අංකල්, මැතිවරණ අහෝසි කර ලංකාවේ පාලනය කුමන්ත්‍රණයක් මගින් බලහත්කාරය යොදාගෙන අල්ලගෙන සිටින නීති විරෝධී රනිල් රාජපක්ෂ මූසල ආණ්ඩුව විසින් ගුරු සංගමයක් විසින් දැනට පවතින දරාගන්න බැරිව ගිය ජීවන වියදම නිසා තමනට අතිශය සාධාරණ වු වැටුප් වැඩිවීමක් ඉල්ලා ඉතාම සාමකාමීව උද්ඝෝෂණයක් කළ විට දැවැන්ත පොලිස් මැර සේනාවක් යවා රාජ්‍ය ත්‍රස්තවාදය යොදා එය කෲර ලෙස මර්දනය කිරීම ගැන රටම කම්පා වුණා...

    මේ සංවේදී කවිය බලන්න

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද .
    TEARS FOR TEACHER S.
    #####################

    පොලිස් පුතේ...
    ****************

    හැබෑවට ඒ විද්දෙ වතුරද...
    තෙලෙස් වසරක් කරපු අකුරුද??

    අවි අරන් මග හරස් කෙරුවේ...
    හෝඩි පොත්වල උන්නු අමරද??.

    ***********************************

    ඇත්තටම ඒ ගැසුවෙ කඳුළුද...
    විබාගෙට අර ගත්තු ලකුණු ද??

    අඳුර ගන්නට බැරිම තරමට..
    දරුවනේ අපි ගොඩක් වයසද???

    *************************************

    දමන් හෙල්මට් වහන් උන්නේ...
    වඳින කොට අත ගාපු ඔලුමද??

    යුනිෆෝම් වල ගහන් උන්නේ...
    හෝඩියෙදි අපි දුන්නු තරුමද???

    **************************************

    ඉගැන්නුවෙ ඇත්තටම අපිමද...
    පොඩි එවුන් ඉස්කෝලෙ යනවද ??

    අපිට නම් නැතිවුනත් කම් නෑ...
    ගෙදර වියදම් නුඹට කෝමද???

    **-****************

    නුඹට තෙරුවන් සරණයි .

    ගුරුතුමී.

    ***************************-*****************
    ගාමිණී මද්දුමගේ .
    වෛද්‍ය නිලධාරී .
    බන්ධනාගාර වෛද්‍ය ඒකකය
    බදුල්ල .
    2023..10.25.

    මේක ගැන නිදී අංකල්ලා නිහඬව සිටීම ගැන මට පුදුමයි නිදී ඇයි ඒ?

    ReplyDelete
  18. මරුවො වෙන්නෙත් අමරලාමයි මොකක් හරි වරදක් නිසාමයි
    විරුවො වෙන්නෙත් ඔබේ පන්තියෙ අකුරු කළ ඒ පුතාලාමයි
    තවුසො, හොරු අතරේ හැදුණු ඒ ගිරා පැටවුන් මට මතක් වෙයි
    මුහුද ගැඹරෙදි හරිම නිහඬයි- වෙරළෙදී හඬ නඟා වැළපෙයි

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්