“ඇයි වදේ, මට ආඩම්බර නැද්ද, මගේ දුවෙකුට නිවුන්නු හම්බ වුණොත්? මමත් දරුවො දහ දෙනෙක්ගෙ අම්ම කෙනෙක්නෙ. මමත් ඔයාලව බලා ගත්තෙ... දරුවො බලා ගන්න එක මහ වැඩක්ද සමන්ති.”
“මහ වැඩක්ද? අම්මා අපිව බලා ගත්ත හැටි නං අපිට මතක නැති වෙලා නෑ අම්මේ. අම්ම
එංගලන්තෙට ආවෙ අවුරුදු තුනේ චූටි නංගිවත් ලංකාවේ දාලනෙ... මානෙල් අක්කටයි මටයිනෙ දීපාල්වයි
දීපානිවයි බලා ගන්න වුණේ...” සමන්ති නංගි වගපල කියන්නේ කලාතුරකිනි. ඒත් එහෙම
වෙලාවට...
දේශපාලුවන්ගෙන්
ඉගෙනගෙනද කොහෙදය. කොයි විදිහෙන් හරි… |
අපරාදේ කියන්නට බැරිය. ඕනෑම සටනකදී සැණෙන් රූරා වැටෙන්නට සූදානම් කඳුළු ගංගාවක්
අපේ අම්මාගේ ගබඩාවේ තිබෙයි.
“උඹල
ඔක්කොම එකයි. අනේ මාත් වැදුවනේ මෙහෙම කෙළෙහිගුණයක් නැති දරුවො... එහෙම හරි මම එංගලන්තෙට ආවෙ
නැත්තං
උඹල අද කොහෙද ඉන්නේ?”
Sam
ඒකට උත්තර දෙන්නට හැදුවත් අනිල් ඉස්සර වුණා. අන්නා වමතින් සමන්ති නංගිව අල්ලාගෙන,
දකුණතින් සමන්තිගේ කට මිරිකලා වහගෙන එයාව උඩ තට්ටුවට ඇදගෙන ගියා. “කිව්වම අහල කට පියාගෙන
මෙන්න මෙහෙ එනව හලෝ!”
අපේ
අම්මාගේ හැටි එහෙමය!
ලංකාවේ දේශපාලුවන්ගෙන් ඉගෙනගෙනද කොහෙදය. කොයි විදිහෙන් හරි තමන් ගැන කියවෙනවාට
කැමතිය; කියවෙන්නේ නරකක් වුණත්; නොහොඳක් වුණත් එයාලට කාරි නැත. Center of the attraction
වෙන්නට chance එකක් තිබෙනවා නං ඒ ඇතිය!!
සමන්ති නංගි නොපෙනී යන පමාවෙන්, අපේ අම්මගේ instant කඳුළුත් වියැකුණේ කඩිනමිනි.
“සැසිල්, ඔන්න දැන්මම කිව්වා, රංජියි අනිලුයි ලංකාවට යනකොට මාත් යනවා.”
අපේ රණ්ඩුවලට මැදිහත් නොවී ස්වාධීන නිරීක්ෂකයෙකු ලෙසින් හිටි ඩැඩාගෙ කට ඇරුණේ, අම්මාගේ
එකී හදිසි නිවේදනයෙනි.
“උඹත්
ලංකාවට යන්න? ලීලා ලීලා ලීලා... last Sunday උඹ මට කිව්වා නේද, උඹ ළඟ සල්ලි නැහැයි
කියල. මගේ කාර් එකට road permit එක ගන්න සල්ලි ඉල්ලුවම. දැන් උඹට මේ හදිසියේ සල්ලි
කොහෙන්ද ලංකාවට යන්න...” (ඒ බලපත්‍රයට Road permit කියලා කීවේ මගේ මතකයෙ
හැටියටය.)
“මම
නෑ කිව්වා නේන්නං!”
“එතකොට උඹ මට එදා කිව්වේ බොරු...”
“නැතිව? බොරු තමා කිව්වේ. ඔය කෙහෙල්මල් කාර් එක park කරලා තියෙනවට සල්ලි ගෙවන්නේ
අපරාදෙනේ සැසිල්. මං උඹට එදාත් කිව්වා. අවුරුද්දකට සැරයක් හරි දෙසැරයක් හරි
විතරයිනෙ අපි ඕකෙන් යන්නෙ. ඉතිං මොකටද ඔය ඉලව්වට ලයිසමක් ගන්න තව සල්ලි නාස්ති කරන්නේ...”
එහෙම
කියාගෙනම අම්මාත් නැඟිට්ටාය. ඒ හදන්නේ ඩැඩාව මඟ ඇරලා උඩ තට්ටුවට යන්නටය. ඒ විත්තිය
ඩැඩාටත් තේරිලාය. “Wait a second. I have to tell...” ඩැඩී ඉතිරි හරිය කියන්නටත්
කලින් අම්මා උඩට ගිහිං ඉවරය!
මටත්
ඔයාල එක්කම ලංකාවට යන්න chance එකක් හම්බ වුණානෙ! |
“මම තැප්‍රෝබේන් ට්‍රැවල්ස් එකටම කතා කළා. හෙට වෙනකොට වැඩේ කෙරෙයි. උඹල දෙන්නගේ
ටිකට්ස් ගත්තේ එහෙන්නෙ. නැත්තං ලීලට තනියෙන්ම යන්න වුණොත්... ඒක නෙවෙයි නිමොල්...
උඹල කැමතියි නං February මාසෙත් උඹලට මෙහෙ ඉන්න පුළුවන්. ඒකටත් එක්ක වීසා දීලනේ තියෙන්නේ.”
“නෑ
ඩැඩී. Manel wants me to be there as soon as possible! ඩොක්ටර්ස්ලා මුලින් එයාලට
කියල තිබ්බේ ජනවාරි 17 වෙනකොට දවස් හරි කියලයි. දැන් කියනවලු ඩිලිවරි එක වෙන්නේ
පෙබරවාරි මුල කියලා. Twinsලා කිව්වමයි මානි බයවෙලා තියෙන්නේ!”
මානෙල්ගෙන්
අලුත්ම ආරංචිය ආවේ ඊට පස්සේ; ඊළඟ සුමානේ. ‘දොස්තර මහත්තුරුන්ට වැරදිලා. නිවුන්නු
නෙවෙයිලු...’
“Are
they barefoot doctors?” ඒ විත්තිය දැනගත්තාම ඩැඩා ඇහුවේය. / ‘ඒකට මොකද? මටත් ඔයාල
එක්කම ලංකාවට යන්න chance එකක් හම්බ වුණානෙ, මාසයකට වුණත්.’ අම්මා කිව්වාය. /
“මාසෙකට හරි අම්මා ලංකාවට ගියාම, මට තමයි ලොකූ- හොඳටම වැඩ වැඩි වෙන්නේ. උයන්නයි...
ඒ සේරටම හපන් ඩැඩීගෙයි දීපාල්ගෙයි රණ්ඩු බේරන්න ගියාම...” Sam කිව්වාය. / “ඔයාට
කරන්න තියෙන්නේ එකයි සෑම්. ඩැඩීට කියන්න මම කරන හැම එකටම හොම්බ දාන්නැතිව ඉන්න
කියලා. එතකොට safe!” දීපාල් කිව්වේය.
සමන්ති
නංගි කියූ කතාව ඇත්තය!
එහි සිටියදී දිගටම මට දැනුණේ, ඩැඩාගෙත් දීපාල්ගෙත් අතරේ තිබුණු නොපෑහීමයි.
දීපාල්ගේ
ඇට්ටර ගතියත්, ‘මැචෝ’ ගතියත් ඩැඩාට එච්චර දිරෙව්වේ නැත. එයා හිතුවේ ගෙදර ලොකුම
පිරිමියාගේ තනතුර අපේ මල්ලියා ඉක්මනින්ම අත්පත් කරගනු ඇතැයි කියලාය. ඒ හින්දාමදෝ
නිතරෝම අපේ ඩැඩීගෙන් බඩා මල්ලියාට සිද්ද වුණේ චූටි-චූටි කෙණෙහිලිය.
වැඩේ කියන්නේ, අපේ මල්ලා ඒ කෙණෙහිලි පයිසෙකටවත් මායිම් නොකිරීමයි. ඩැඩාට කාලා
ඉන්නට බැරි වුණේත් ‘ඒක’ය!
එහෙම
නොරිස්සීම්- කාලා ඉන්නට බැරි වීම් සිද්ද වෙන්නේ කරුණු සහිතවම නොවේ. සමහරවිට
නිස්කාරණේත් සිද්ද වෙයි. මං වහන්සේගේත් එහෙම ගොංකමක් තිබිලාය! ඒ විත්තිය කියන්නේ
මගේ දිනපොතයි; 1985 මහපොළ දිනපොතයි. දෙසැම්බර් 10 වෙනිදා ඒකෙ ලියවී තියෙන්නේ මේ
ටිකය.
පතනෙමි ඔබට මට හෙළයන්හට සැමට සවිබල ලැබෙන්නට සතුරන් එලවන්ට |
අම්මට පුංචි ගවුම් පොඩි දෙකක් මහල දුන්නා, ප්‍රේම්ගේ බබාට තෑගි කරන්න. ඒ කරලා
උපාලිට යවන්න පොදු ලියුමකුත් ලිව්වා.
දැඩි
වෙන සීත කිළිපොලවන විටදි ගත
උණුහුම් කරයි මව්බිම ගැන හිතන සිත
සිනහව සතුට සැප සුව එහි ගැබ්ව ඇත
හමු වෙමි සිහිනයක ඔබ හෙට සුහද මිත
හමුදාවේ
පිහිට ලැබ දළදා සමිඳූ
හිඳින අයුරු දැක හෙළුවෙමි කඳුළු බිඳූ
මද්දුම, මොණරවිල හෙළයන් දිවිය පිදූ
වැළපෙනු නිසකමයි අද හිඳ අතර කඳූ
නොපතමි
ඔබට දළදා සමිඳුගෙ පිහිට
නොපතමි ඔබට ජය සිරි මහ බෝ පිහිට
පතනෙමි ඔබට මට හෙළයන්හට සැමට
සවිබල ලැබෙන්නට සතුරන් එලවන්ට’
සතුරන්?
ඇත්ත කියනවා! පොදු ලියුමට ලියා තිබුණු තුන්වෙනි කවියේ ‘සතුරන්’ පදය එදා තමුසෙ
ලියලා තිබ්බෙත් ඔය විදිහටද?
ඇත්තය. දිනපොතේ ඒ පදය මා ලියා තියෙන්නේ වෙනස් විදිහටය. ‘දෙමළුන්’ කියලාය. ඒ එවක
මගේ හැඟීම් අනුවය. අද වෙද්දී නං ඒ මෝඩ හැඟීම ගැන නිමල් දිසානායකයා ආඩම්බර වෙන්නේ
නැත. එනිසාමය වචනයත් වෙනස්කොට ලිව්වේ. ඒත් එය තරමක හෝ වංචාවක් ලෙසින් හිතුණු
බැවිනි; මේ විස්තරයත් ඔබට හෙළි කළේ.
අප
ළමා වියේදී දකින විදිහෙන් නොවේ තරුණ වයසේදී බොහෝ දේවල් දකින්නේ. ඒ අවදියේදී අප දරන
ආකල්ප- මතවාද ආදියත් අපේ කෙස්ස පැහෙන කාලයෙදී වෙනස් වෙන්නට පටන් ගන්නා බවයි, මට
දැනෙන්නේ. එහෙත්, කෙස්ස පැහුණත්- හොට බිම ඇනුනා වුණත්- හොම්බෙන් ගියත් සමහරුන්ගේ
ආකල්ප නම් කල්පයකටවත් වෙනස් වෙන්නේ නැත! ඔවුන්ගේ මොළය පෑදෙන්නේ නැත!!
සතුරන්...!
සතුරන් යැයි කියනවිටම, දැන් ඉබේම මගේ හිතට එන දේශපාලකයනුත් ඒ වරිගයේ ඇට මෝඩයන්ය.
‘... ශ්‍රී ලංකාව වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ ඇති රටක් ලෝකයේ තවත් නැති බව...’
දේශපාලකයෙකුම
කියද්දීත් සිරි ලංකාවේ දේශපාලුවන්ට ඒ විත්තිය ඇහෙන්නේ
නැත. දැන් තවත් අලුත් පක්ෂ බිහි කරන්නට තැතනෙයි. ඒ ඔවුනගේ සිතේ අප කෙරෙහි තිබෙන
‘පතළ මහා කරුණාව’ නිසාලු!
පසුගිය
දවස් තුනේ යෙදුණු සංචාරය එයින් එකකි. |
ඒ අතරේ ‘පොඩි අයියාගේ බාල ළදරු ටිකිරි මල්ලී
අරවින්ද
ඉන්ද්‍රසිංහ’ හිතවතාගේ මෑණියන් අහාවප්‍රාප්ත වෙලාය. Trip එක නිසා ඒකට සහභාගි වෙන්නටත්
ඉඩක් ලැබුණේ නැත. හිතාගෙන හිටියේ හත්දොහේ බණ පිංකමට සහභාගි වෙන්නටය. ඒකත් චාං-චඃ
වෙලා ගියේය. එහෙම වුණේ ඒ පිංකමත් අදටම යෙදී තියෙන බැවින්ය.
නිදිගෙ
පංච තන්තරේ බ්ලොගය හරහාම හිතවත්වූ සිරිබිරිස් උන්නැහෙත් අද; 2024 ජනවාරි 21 උදෙන්ම
මට call එකක් දුන්නේය. “ඊයේ රෑ නේද ගෙදර ආවේ? නිමල් අයියේ, Pra Jayගේ අම්මා අන්තරා
වෙලා. ආරංචි විදිහට හෙට හවසලු පිළියන්දලදී funeral එක. ඔයාට එහෙ යන්න ඕනි නං, මම
එන්නං එක්කගෙන යන්න.”
ඒ
අතර කැලැන්ඩරයත් මට ‘සිහි කැඳවීමක්’ කරයි. ‘ලබන සුමානෙත් trip එකකට අඬගහල නේද
තියෙන්නේ? යන්නම වෙනව නේද?
ඒ විතරක් නොවේ. පෙබරවාරියේත් මා සංචාර දෙක තුනක් යැවෙන පාටය!
(ඒ මේ විස්තර කියන්නට කලින්; අමතක වෙන්නට කලින් හිතවත් අරවින්දගෙත්, Pra Jayගෙත්
ආදරණීය මෑණිවරුන්ට සගමොක් සුව ප්‍රාර්ථනා කර සිටින්නෙමි!)
ඔය
ගමන්; ඇරයුම්; හා වැඩ විස්තර මා බ්ලොගයට ලියන්නේ පම්පෝරියක් වශයෙන් හෙම නොවේ. ‘සමාධිය
භජනය කරන්නැයි කෙරෙන ආයාචනයක් වශයෙනි.
පසුගිය මාස කිහිපයේම නිදිගෙන් මේ posts ලියැවුණේ ක්‍රමවත්ව නොවේ; දුරාවාරයේය. ඒ
මදිවාට නුදුරු සති කිහිපයේත් එලෙසින්ම වෙනවා වගෙය. එබැවින්, මේ අඩවියට ගොඩවැඩෙන
ආදරණීය පාඨක පිරිසට මගෙන් ‘විය යුතු මෙහෙවර’ මේ ටිකේ නිසි පරිද්දෙන් ඉටු නොවෙන
බවකි; මට සිතෙන්නේ.
‘නිමා කරනු මිස වැඩ ඇති තමා අත - සමාවට කරුණු
මට
උවමනා නැත’ යන දහම ඉගෙන ගත්තු දවසේ පටන් ඉහළින්ම එය අගයන නිදිටත් මේ වංගියේ ඒ බණේට
අනුව වැඩ කරන්නට බැරි වෙලා වගෙයිද?
‘ඒක
නේන්නං මිනිහෝ. මේ පෝස්ටුව වෙනදාට වැඩිය කෙටියෙන් හරි ලියල ඉවර කරලා, ඉක්මනට
publish කරපං නිදි.’
මගේ යටි හිතෙන් කෙරෙන තන්වැසි නිවේදනයට අනුව වැඩ කරන්නටය; මේ සැරසෙන්නේ.
What is that idea... |
එතකොටත් මං වහන්සේ ඒවා ගණන් බලා තිබ්බේ නැත. නමුත් අම්මාගේ සල්ලි
වෙනමත්- මගේ සල්ලි වෙනමමත් මගේ කාමරයේ හංගලාය තිබුණේ. ඩැඩා අර ප්‍රශ්නය ඇහුවේ
අම්මාත් අප දෙන්නා ඉස්සරහින් හිටි වෙලාවකය.
“I have to count...”
ඊළඟට
ඩැඩී හැරුණේ අපේ අම්මා දිහාටය. “Yes මිසිස් ශ්‍රෝඩර්. How much money is in your
hidden bank?”
“ඒකෙන් උඹට වැඩක් නැහැනෙ සැසිල්.”
“Why not? I do want to know that... I am having a very important idea!”
“අනෙඃ...
එයාගේ වැදගත් කෙහෙල්මල්...’ අම්මා මුණු-මුණුවෙන් මට කියලාය; ඩැඩීගෙ පැත්තට හැරුණේ.
‘What is that idea... tell me first. ඊට පස්සේ බලමුකො මොනවද කරන්න පුළුවන් කියලා.”
“If it is so, listen carefully. අනිල් මෙහාට ආව දවසේ ඉඳලා දිගටම වැඩට ගියා නේද?
But, නිමොල් එච්චර ලකී වුණේ නැහැනෙ... මම කියන්නේ ලීලා... කෝ උඹ අහගෙන නෙවෙයි
වගේනෙ ඉන්නේ...”
“මම අහගෙන තමයි ඉන්නේ සැසිල්... කියපංකො ඉතිං...’
“Anil
was not the breadwinner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ.
අපි ඒ ගැනත් අමතක කරන්න හොඳ නෑ ලීලා!”
“හරි සැසිල්. ඉතිං උඹ මට මොකක්ද කරන්න කියන්නේ. ඒක පත්තරේකට දාන්නද?”
“කියන්නෙද... කියන්නේ මෙන්න මේකයි... අනිල් ලංකාවට ගෙනියන්න දැනට ඉතිරි කරගෙන
තියෙන ගණන අහලා...”
à ඊළඟ කොටසට...
සංචාර අස්සෙ මෙහෙම හරි පෝසට් දාන්න දත කන එක ලොකු දෙයක්.
ReplyDeleteකෝටිගානක් ගේන්න ඇති නෙ... ලංකාවට එද්දි 😂😂🤭
අන්ත්‍රා වුන හැමදෙනාටම... සුබ ගමන් ප්‍රාර්ථනා කරනව 🙏
Deleteනමී, බදු වැඩියෙන් ගස්සන්න නේද හදන්නේ?
Deleteඔයාගේ ප්‍රාර්ථනය ඉෂ්ට වේවා!
Deleteකාලයත් එක්ක තමන්ගෙ අදහස් මැචුවර්ඩ් වෙද්දි පරණ අදහස් වලට අපිටම හිනා වෙන්න පුලුවන්...සමහර විට පසුතැවිලිත් ඇතිවෙනවා..මොනවා උනත් පිලිගත හැකි කරුණු කාරණ ඉදීරියේ තමන්ගේ අදහස් වෙනස් කර ගන්නපුලුවන් වීම බුද්ධිමත් බාවයේ ලක්ශණයක්...දෙමළුන් වෙනුවට සතුරන් යැයි වෙනස් උනත් ඊටත් ඔබ්බට ගිහින් එය ලියැ දැක්වීම ඔබේ බුද්ධිමත් භාවය වගේම අවංක කමත් පෙන්නුම් කරන තැනක් කියලා මට හිතෙනවා.
ReplyDeleteඅරවින්දටත් , ප්‍රා ජේ ගේත් මෑණියන්ගේ අභාවය ගැනුඅ කණගාටුව ප්‍රකාශ කරන්නත් මෙය අවස්ථාවක් කරගන්නවා.ඔවුන්ට අජරාමර නිවන් සුව ලැබේවා.
ස්තුතියි මයියා.
Deleteඅනෙක් කවුරු කොහොම හිතුවත් ඉස්සෙල්ලම අපි අපටම අවංක වෙන්න ඕනි කියලයි මම හිතන්නේ. අපේම හෘදය සාක්ෂියට සවන් දෙන්න ඕනි නෙව. ..
එහෙම කරන්නට ඔයාලාගේ මේ වගේ කමෙන්ට්ස් මට තවත් දිරිය දෙනවා. ස්තුතියි!!!
Deleteඅරවින්ද හා ප්‍රදීප් ගේ මෑණියන් වෙනුවෙන් බලවත් කණගාටුව. ඔවුන්ට සුභ ගමන්.
ReplyDeleteඑසේම වේවා!
Deleteහුඟක් කාලෙකට කලින් ඔය තැප්‍රෝබේන් ට්‍රේල් එකෙන් තමා මමත් ටිකට් ගත්තේ ලංකාවට යන්න.
ReplyDeleteඒ දවස්වල ඒ ආයතනය හරි ප්‍රසිද්ධ ප්‍රමුඛ එකක් නෙව අජිත් මහත්තයෝ.
Deleteට්‍රැවල් එකෙන් කියල නිවැරදි වෙන්න ඕනේ.
ReplyDeleteඅරවින්ද හා ප්‍රදීප් ගේ මෑණියන් වෙනුවෙන් බලවත් කණගාටුව. නිවන් සුව ලැබේවා!
ReplyDeleteනිමකොට දිවි ගමන්
Deleteගිය අවසන් ගමන්
මව්වරුන් වෙනුවෙන්
පතමු සැනසුම හිමිවෙනා මෙන්!!!
මේ කතා මාලාවෙ මම කැමතිම කොටස වන "ලන්ඩන් ගිය ජෝන්" කොටස ඉවර වෙන්න එන බව දැනෙන කොට කණගාටුවකුත් හිතෙනවා.
ReplyDeleteලන්ඩන් ගැන ඕනෑ තරම්, විස්තරාත්මක ට්‍රැවල් වීඩියෝ තිබුණත් නිදිගෙ මතක සටහන්, මට විශේෂයි. ලංකාවෙ මුල් කාලය ගතකල පවුලක්, විදෙස් ලන්ඩන් ජීවිතයට මුහුණ දෙන ආකාරය, ඔවුන්ගේ එදිනෙදා ජීවිතය, හැල හැප්පීම්, පවුල් සබඳතා වල අමුතුම රසයක් තියනවා.
ස්තුතියි බස්සා මහත්තයෝ, ඒ විස්තර ඔයාලගේ සිත්ගත්තා නම්- ඒකට ප්‍රධාන හේතුව 1985 මා ලියා තියෙන දිනපොතයි.
Deleteතව කිහිප වතාවක් බාගේට ලියු දිනපොත් තිබුන. පස්සේ කාලෙක ඒවා පුච්චලා දැම්ම එකේ වැරැද්ද දැනුයි තේරෙන්නෙ...
එහෙම වුණත්, මේ සීරීස් එක ලියා හමාර වුණාම මේ දිනපොතත් අග්නි දේවතාවුන් වහන්සේටම පූජා කරන්නයි යන්නෙ.
Delete//මේ දිනපොතත් අග්නි දේවතාවුන් වහන්සේටම පූජා කරන්නයි යන්නෙ//
Deleteඒක ගැන මුකුත් කියන්න බැහැනෙ? එක්කො වේයො, මීයො කයි. එහෙම නැති වුනත් රහස් කේත වලින් නේද ලියල තියෙන්නෙ?
ඔයා හරි බස්සා මහත්තයෝ. වැඩි හරියක් ල්යල තියෙන්නේ ඉලක්කම් බාසාවෙන් තමා. ඒ වුණත් තව අයගේ නම් තියෙනවනේ..
Delete// වැනි දේශපාලන පක්ෂ 75ක් පමණ // ඊයෙ පෙරේදත් මේ ගැන ආයෙම විපරම් කරා මං.
ReplyDeleteමැතිවරණ කොමිසම් වෙබ් අඩව්යේ පක්ෂ 84ක් පෙන්වනව. (ඔය සමහර ඒවයෙ ඉන්නෙත් සාමාජිකයො අතලොස්සයි 😂🤭)
ඒ ලියාපදිංචි වෙච්චි කොටහ විතරයි. ඒ හැර තව කීයක්නං සංධාන, එකමුතු තියේද
https://elections.gov.lk/si/political_party/political_party_list_S.html
මේ ලිංකුවෙන් ගිහිං ඒ පස්ස වල වයවස්තා හෙම කියවන්ට. ඒව හරි විනෝදයි 🙈
Deleteඇත්තමයි නමියො, ඔහේව අදහන්න වටිනවා!
Deleteස්තුතියි
ReplyDelete++++
Delete“Anil was not the breadwinner of your family. නිමොල් තමයි උඹලගේ පවුලට කන්න දුන්නේ" අම්මගෙන් සමන්තිලගෙන් දැනගත්ත විස්තරවලට අමතරව, නිමල් එහෙ හිටපු කාලෙ නිමල්ව නිරීක්ශණය කරලත් වඩා ත්‍යාගශීලි, අනිත් අය ගැන හිතන කෙනා නිමල් කියලා ඩැඩා තේරුම් ගන්න ඇති
ReplyDeleteඔව්, එහෙම වෙන්න ඇති Lotus. එයා හොඳ මීටරයක් තමා.
Deleteටික දවසකින් නේද ඔයාට blog අතර සැරිසරන්න ඉඩක් හම්බ වෙලා තියෙන්නේ.
ඔව් නිමල්, ටිකක් බිසි.
Delete