“හරි වැඩේනෙ අයියේ අම්මා කළේ!
සුසිලාරාමේ ලොකු මෑණියන්ට අයිති පොඩි ආරාමයක් අනුරාධපුරෙත්
තියෙනවා. අපි කට්ටියම නැවතුණේ ඒකෙ. එදා රෑ නිදියන්න
ගියාම අම්මා කිව්වනේ ‘මට නං බිම නිදියන්න බෑ ‘ කියලා. අනේ, ලොකු මෑණියෝ එයාගේ
ඇඳෙන් පැදුරට ආවා- අම්මට ඇඳ දීලා. අම්මා නිකමටවත් එපා නොකියා, යසට ඇඳේ නිදා ගත්තනේ.” අනුරාජපුරේ ගිහිං ආවට පස්සේ මල්ලිකා
කිව්වා. “එහෙම හොඳ නෑනෙ.- කියලා අපි ආපහු ආවම, මම අම්මට කිව්වා. දැන් අම්මා මගෙත්
එක්ක කතා නෑ.”
-“බලන්නකො අයියේ. අම්මා කරන කැත වැඩ... අපි අනුරාධපුරේ ගිහිං ආවට පස්සේ, සුසිලාරාමේ මෑණියෝ මටත් වැඩිය අපේ අම්මව ඔළුව උඩ
තියාගෙන හිටියේ. හැබැයි ටික දවසයි... අම්මා මගේ ගැන මොනවදෝ එයාට කියලා- ඒ මනුස්සයා
දැන් මගෙත් එක්ක හිත හොඳ නෑ.” ඊටත් සති දෙකකට විතර පස්සේ දවසක මල්ලිකා අපට කිව්වා.
අපේ අම්මගෙ මව්වත්කම
අඩුයි තමා. එහෙම වෙන්ඩ ඇත්තේ අම්මගෙ කොටහත් එක්කම අම්මගෙ එකම... |
එතැනදී නං අපේ සමන්ති තමයි මොළේ වැඩියෙන්ම තිබුණු එකී.
එයා අම්මව හම්බ වෙන්න ගියේ සීමිත වෙලාවකට- ටිකක් අඩුවෙන්. එතකොට රණ්ඩු කරන්න
වෙන්නෙත් අඩුවෙන්නෙ.
අපේ අම්මගෙ මව්වත්කම අඩුයි තමා. (එහෙම වෙන්ඩ ඇත්තේ
අම්මගෙ කොටහත් එක්කම අම්මගෙ එකම නංගී සෝමා පුංචිට ‘මව්වත්කම’ ලැබුණු නිසා වෙන්නත්
ඇති!)
හැබැයි අපි කවුරුනුත්, අවශ්‍ය වෙලාවලදී අපේ අම්මා වෙනුවෙන් අවශ්‍ය දේ නොකර
හිටියෙත් නෑ- අපේම අම්මනෙ කියන කාරණේ අපි අමතක නොකළ නිසයි ඒ.
ඉතිං, අම්මගෙත් අයිඩියා එක පිළිගෙන, හොරණ ගෙදර ආරස්සාව බාර
දීලා හිටිය සයිමන් උන්නැහේගේ ‘අමතර ආදායම් මාර්ගය’ ඉක්මනින්ම නවත්තන්න සිද්ද වුණා.
ඒ එක්කම වගේ ඒ මනුස්සයට රස්සාවත් අහිමි වෙච්චි.
‘මේ බුදුන්ගේ දේශය’ කියන එක හරියටම හරි! මෙහෙ යහතින් ඉන්න නං පන්සිල් රකින්ඩ ඕනි;
සුචරිතේ රකින්ඩ ඕනි. අඩුම ගණනේ එහෙම රකින විත්තිය ලෝකෙට පෙන්නන්නවත් ඕනි. කරන ඕනෑම
පාදඩකමක්- වලත්තකමක්- හොරකමක් රහසෙන් කළාම ඉවරයිනෙ.
අනෙක තමයි, වලත්තකං- පාදඩකං- නීති කැඩිලි කියන දේවල් ලොකු ලොක්කන්ට; බලවන්තයන්ට
මිස හුදී ජනතාවට අකැපයි කියන කාරණෙත් මතකේ තියාගන්න එපැයි!
බොක්කේ දඩ මස්- හක්කේ බුදු රැස්!
එතකොට හරි...
‘සයිමන්ව ගෙදර යැව්වා වගේ නෙවෙයි. දැන් ඉතිං හොයපල්ලකෝ
තවත් මනුස්සයෙක්....’
බොරලුගොඩ කඩේ මුදලාලිත් ඒ වතාවේ මුර උන්නැහේ කෙනෙක් හොයන වැඩේදි එච්චර උදව් කරන
පාටක් තිබ්බේ නෑ. එයින් මෙයින් වුණේ අපෙන් කාට හරි සුමානයක් ගණනේ එහාට යන්න වෙච්චි
එක.
“අම්මේ, දැන් නං අපිටත් සතියක් ගණනෙ හොරණ යන්න බෑ.
සුනිල්ලටත් එහෙමලු. ඉක්මනටම මොකක් හරි කරන්න වෙයි!” අලුත්ම තත්ත්වේ කියලා මං අම්මට
කතා කළා.
“ඔයාලා කලබල වෙන්න ඕනි නෑ මම කොහා මහත්තයට කතා කළා. අපරාදේ කියන්ඩ බෑ. -ඇන්ටි මට
සුමාන දෙකක් දෙන්ඩ- කියලා කිව්වා. දන්නවනේ එයාගේ හැටි. මිනිහෙක්ව මවල හරි දෙන්නං
කියලත් කිව්වනෙ.” අම්ම උත්තර දුන්නේ හරිම සැහැල්ලුවෙන්.
පූසෙක් දැපනේ වට්ටවා
ගන්නට නම් දික් කළ යුත්තේ කුප්පමේනියා මුලක් මිස- සුදු හඳුන් මුලක් නොවේ. |
“ඒ අවුරුදු ගාණකට කලින්නෙ, රංජි. ඔයාටත් මම කියන්නෙ, වෙච්ච දේවල් හිතේ තියාගෙන ඉන්න පුරුද්ද
අතාරින්න කියලයි. අපේ වැඩ කර ගන්න නං අපට දන්න- කියන අයගෙ උදව් ඕනි වෙනවනෙ.” අපේ
අම්මගෙ එහෙම ප්‍රතිපත්ති ගැන මගේ අදහස් කිව්වාට වැඩක් නැත. මං කළේ නිහඬ වීමය.
“අම්මත් එක්ක කතා කරලා වැඩක් නැහැ අයියේ.
මාත් ඔය ගැන කිව්වා. අයිය දන්නවද එතකොට අම්ම කියපු දේ. එයාට කොහා පුතාව හොඳටම
විශ්වාසයිලු, අපටත් වඩා!” අපේ සුනිල් ඒ ගැන කතා කරන්නට ගියාම අම්මා එහෙම කිව්වා
නං...
අන්තිමේදී හොරණ ගෙදරට වතු අධිකාරීවරයෙකුට බද්දට දුන්
විත්තියක් අම්මා කීවාය. ඒ වෙනුවෙන්මය අම්මා හදිසියේම ලංකාවට ඇවිදින් තිබ්බෙත්.
“ඔයා දන්නෑ රංජි... හරී වැදගත් උදවිය. මටත් එහෙ ඇවිත්
ඉන්නයි කිව්වා මේ මාසෙම. ඕනි දිහාවක මාව එක්කං යන්නං කියලත් කිව්වා. වෙන මිනිහෙක්
නං එහෙම කියයිද අනේ? අනෙක එයාල ජෝඩුව විතරයි. ළමයින්ගෙ කරච්චලේකුත් නෑ.”
“ඉතිං, අම්මත් මේ සැරේ මාසෙම එහෙ ඉන්නද යන්නෙ?”
“නැතුව? ඔයාලටනෙ මගේ කිසි අගයක් නැත්තේ. ඒකට මොකද, ඒ මිනිස්සුන්ට දවසෙන් දෙකෙන්ම තේරිලා
තියෙනවා මගේ වටිනාකම. එයාලට මාව දකිනකොටම මතක් වෙන්නේ, එංගලන්තෙ මහ රැජිනවලු.”
පූසෙක් දැපනේ වට්ටවා ගන්නට නම් දික් කළ යුත්තේ
කුප්පමේනියා මුලක් මිස- සුදු හඳුන් මුලක් නොවේ.
අපේ අම්මව හොඳටම අන්දවා ගන්නට නම්, කරන්නට තියෙන්නේ
මොකක්දැයි කොහා වතු අධිකාරිවරයාට කියා දෙන්නට ඇත! ඒ මනුස්සයාත් ඒ උපදෙස් අකුරටම
පිළිගෙන තියෙන පාටය!!
‘තෙල් කෑල්ලක් කාලා ඉඩම් කෑල්ලක් දුන්නම මොකෝ?’ කියලා
ඉස්සර හිටි ‘ඌරු මස්වලට ලොල් වස්තුකාරයෙකු’ කිව්වේලු! අපේ අම්මත් ඒ වෙලාවකට ඒ
ජාතියේය.
අනෙක් අතට මෙහෙමත් කතාවක් මා අසා ඇත. ‘මේ ලෝකයේ නොවිකිණෙන මිනිහෙක් නැත; ඒත්
අසීරුව ඒ ඒ කෙනා විකිණෙන මිල මොකක්දැයි සොයා ගැනීමය.’
“රංජි, අපේ හොරණ ගෙදර කුලියට අරගෙන ඉන්න වතු මහත්තය ගොඩක්
ආසාවෙන් ඉන්නේ ඔයාලව හම්බ වෙන්න. ඔයාලට ලේසි දවසක් දාගෙන කියන්නලු. නෙවිල් පුතා
එක්ක කතා කර ගන්නකො, රංජි. එදාට පොඩි පැදුරු සාජ්ජයකුත් දාමු කියනවා. වතු මහත්තය
කොහාවත් ගෙන්නා ගන්නංලු. අනේ, එන්න පුතේ.” අම්මා කිව්වේ පෙරැත්තයක් කරන්නා මෙනි.
“අම්මා සුනිල්ලටත් කිව්වේ නැද්ද? කොහා සුනිල්ගේ යාළුවානේ. මගේයැ...”
‘වටිනා සාරි-බාරිවලින්, රිදී-රත්තරන්වලින් මොනොවට හැඩ-වැඩ දමලා වෙනස්ම කෙනෙකු බවට පත් වෙනසේ අන්දවා තිබුණු මනාලියක’ පරිද්දෙනි. |
ඔයාලවත් නාවොත් මේ පුතාල හිතයි, මං අහසෙන් වැටිච්ච ගෑනියෙක්ය කියල. එහෙම නේද දුවේ?”
අම්මා අන්තිම ප්‍රශ්නය අහපු විදිහෙන්ය තේරුණේ. එතැනම අර
වතු අධිකාරිවරයාගේ බිරියත් ඉඳී.
“රංජි. චුට්ටක් ඉන්න. මේ දුවට ඕනිලු ඔයාට කතා කරන්න.
ඔන්න මං ෆෝන් එක එයාට දෙනවා.”
“හලෝ රංජි. How are you? හරි සතුටුයි ආන්ටි ලීලගේ ලොකු පුතා එක්ක කතා කරන්න ලැබුණු
එකට...” කතාවේ ලතාවෙන් නං එයා සිරිත්-විරිත් දන්නා විදිහය; ප්‍රියමනාප පාටය; තරමක්
හෝ උගත් කෙනෙකු වගෙය.
“එහෙනං රංජි අපට කියනවා නේද එන්න පුළුවන් වෙලාවක්. ඔයාල කැමතියි නං ඒ එන දවසේ මෙහෙ
නැවතිලා next day මෝනිංම යන්න බලාගෙන එන්න. දන්නවනෙ, මෙහෙ කාමරත් ඕනි තරං
තියෙනවනේ.” ඒ අංගනාව පිළිසඳර හමාර කෙරුවේ මට තවත් රාජකාරියක් පවරමිනි.
“ආන්ටි ලීලා කියනවා, රංජි force කරලා කිව්වොත් නං
සුනිලුත් එයි කියලා. එයා නේද මේ ගේත් හැදුවේ? ඔයාට බැරිද සුනිල් මල්ලිට මෙහෙ එමුයි
කියල කියන්න...”
“බල කරන්න නං බෑ... ඒත් මම සුනිල්ට කියලා බලන්නං...”
සුනිල් ඒ වෙද්දීත් නිගමනයකට ඇවිත් තිබුණු බවයි, පෙනුණේ.
“බෑ අයියේ, ඔයාල ගිහිං එන්න. අරූ අපේ අම්මටත් ලණුවක් ගිල්ලවලා මට කරපු පාහර වැඩෙන්
පස්සේ මට මිනිහගේ මූණ බලන්නත් ලජ්ජයි.”
“එන නොඑන එක නං ඔයාගේ තීරණයක්. ඒත් සුනිල්, ඔයා මොකටද ලජ්ජ වෙන්නේ. වැරද්ද කළේ
කොහා නං එයා එපායැ ඔයාට මූණ දෙන්න පැකිළෙන්න ඕනි.”
“කවුරු තුවාල කෙරුවත් අයියේ, රිදෙන්නේ ඒක තියෙන කෙනාටනෙ!”
කියලාය, අපේ සුන්නා ඒ ගමනට නෑවිත් උන්නේ.
අපි එහාට ගියේ හවස හයට-හතට විතරය. එතකොට හොරණ ගෙදර මට
පෙනුණේ ‘වටිනා සාරි-බාරිවලින්, රිදී-රත්තරන්වලින් මොනොවට හැඩ-වැඩ දමලා වෙනස්ම
කෙනෙකු බවට පත් වෙනසේ අන්දවා තිබුණු මනාලියක’ පරිද්දෙනි. නෙවිල්ටත් ඒ විභූතිය
පෙනිලාය. “බලනවකො හලෝ. මෙහෙ තියෙන බඩුමුට්ටු කන්දරාව. Show Room එකකවත් නැති තරං...”
“මටත් හිතුණෙ ඕකමයි නෙවිල්. ඉස්සර මේ ගෙදර නිකං හෙළුවෙන් වගේනෙ තිබ්බේ. දැන් බඩු
වැඩියි. දකිනකොටත් මොකක්දෝ හුස්ම හිර වෙන ගතියක් තියෙනවා.”
මසක් මාළුවක් නොකන; චුට්ටක්වත්
නොබොන උ..පා..ස..ක...යෝ ඉන්නවා නේද... පට්ට සිංහල බෞද්ධයෝ... උන් සේරම පට්ට හොරු.
(1929දී ගත් ඡායාරූපයකි.) |
ඔවුනගේ ආගන්තුක සත්කාරය නම් ඉස්තරම්ය. සේවකයන් කිහිප දෙනෙක්මත් එදා එහි වැඩපලෙහි යෙදී
උන්හ.
“අපි යමුද රංජි, අනිත් තට්ටුවලටත්. මෙයාලා ලස්සනට ඒ කාමර
තියාගෙන ඉන්නවා... බඩුමුට්ටු පිරිලා. බලන්න වටිනවා.”
“ආනේ! ඇත්තද අම්මේ. එව්වා විකුණන්න නෙවෙයිනෙ තියාගෙන ඉන්නව ඇත්තේ. හරි නැහැනෙ
අපිත් ඒ කාමර අස්සේ රිංගන්න යන එක.” අපේ අම්මා මගේ කීම වගේම tone එකත් තේරුම් ගත්තා වගෙය. ආයෙමත් ඒ
ගෙදර සිසාරා සැරිසරන්නට අපට අඬ නොගැසුවාය. ඒත් විටින්-විට අනවශ්‍ය කතන්දර නං
කිව්වාය.
“නෙවිල් පුතා දන්නවද?
මෙහෙ ගෙදර ඔක්කොම වැඩ කරන්නෙ මේ පුතා වැඩ කරන වත්තේ මිනිස්සු.
දෙමෙල්ලු නේද පුතා. දෙමළ මිනිස්සු හරි කීකරුයි. මොනව කිව්වත් කර බාගෙන ඉන්නවා.”
“ඒ මොන විකාරයක්ද? වැරදි දෙයක් කිව්වත් කර බාගෙන ඉන්න එක
හොඳක්ද? මම නං ඒකට කියන්නේ නිවටකම කියලයි!”
“අම්මෝ... ලීලා ආන්ටි. ඔයාගෙ ලොකු පුතා හරි ඉක්මනට ඇවිස්සෙනවනේ... පෙනෙන තරං
අහිංසක නැහැ වගේ! හිඃ හිඃ හී! එදා ටෙලිෆෝන් එකෙන් කතා කරද්දී නං මට හිතුණේ මෙයා හරීඊඊඊඊම
polite කියලයි.”
“පොලයිට්? අනේ දුවේ, පොඩ්ඩ බැරි වෙන්ඩ බෑ. කේන්ති යනවා. ගමේ පන්සලේ හාමුදුරුවොත්
අපේ ගෙදරින් දෙන දානේවත් එපැයි කිව්වා- මෙයා JVP කියලා.”
“මොනවා.... JVP? ලීලා ආන්ටි...”
“Please darling, ඔයා ආන්ටි ලීලාගෙන් විස්තර අහගන්නකෝ
පස්සේ. අපි enjoy කරන අස්සේ මොකටද ඔය political කතන්දර ඇදල ගන්නෙ? නැද්ද මිස්ටර්
නෙවිල්... යමුද තව වටයක්...”
ඒ වගේ සැලකිලි නිසා නෙවිල් අනුරසිරිට නම් වතු අධිකාරිතුමන්ව
හිතට අල්ලලා තිබිණි. “ඒ බුවා නං හො..ඳ..යි වගේ! ඔය කන බොන මිනිස්සු ඉන්නවා නේ..ද? තේරුණාද?
හිත හොඳයි හලෝ. හි..ත හො..ඳ.යි! මසක් මාළුවක් නොකන; චුට්ටක්වත් නොබොන උ..පා..ස..ක...යෝ
ඉන්නවා නේද... අර පට්ට සිංහල බෞද්ධයෝ... උන් සේරම පට්ට හොරු. ඕන්නං මිනීත් මරයි...”
“මේ, අප්පුහාමි. තමුසෙට වැඩියි වගේ... පරෙස්සමින් වාහනේ
එළවනවා. කතා කළාට කමක් නෑ- පාරත් බලාගෙන.”
“හුළං වදිනකොට තමයි හලෝ වැදෙන්නේ... කො.හෙ.ද- මෙහෙම වෙලාවකවත් වාහනේ අරන් යන්න ඩ්‍රයිවින්
පුරුදු වෙනවකො හලෝ. මටත් වත්තක වැඩට යන්න තිබ්බ නං මරු දිසානායක. හොඳ පඩියකුත්
හම්බ වෙනව ඇති නේද? අම්මගෙ ගෙදරට කුලිය ගෙවන්නෙත් වත්තෙන්ම කිව්වේ...”
‘ලංකාවේ එකම දෙමහල් අම්බලම’ ගැන මා දැනගත්තේ ‘ගමක සිරිය’ group එකේ පළවූ... |
“දැන් මාස ගාණක්, රංජි. කොහා පුතයි කිව්වේ, අර මනුස්සයාගේ වැඩ තහනං කරලලු. ගෙට
කුලිය ගෙව්වෙත් නෑ....”
අම්මා මා එක්ක කියන්නට ඇත්තේ ඉවසාගෙන ඉන්නට බැරිම තැන
වෙන්නැති.
කොච්චර වාද-විවාද, මත ගැටුම් ඇති කර ගත්තත් ඒවායින් අපේ
පවුලේ මව්-දරු-සහෝදර සබඳකම්වලට හානියක් නොවිණි. ඉතා
අහේනි අවරුදු ගණනාවකට එකාවන්ව මුහුණ දෙමින්; එකටම දුක්-පීඩා වින්ද නිසාදෝ මේ
සම්බන්ධතා මෙලෙස ශක්තිමත් වෙන්නට ඇතැයි මට සිතේ!
“අම්මම නේද කිව්වේ ඒ මිනිස්සු හරි හොඳයි කියලා. ඒ මදිවට එයාලා
අම්මට රැජිනකට වගේ සැලකුවත් කියලා. ඒ මිනිස්සුන්ට ඔය කරදරවලින් ගොඩ එන්න ටික කාලයක්
දීලා බැලුවොත් නේද හොඳ? ඒ මිනිස්සුන්ව යවා ගන්න කලින් හිතල බලන්න අම්මේ, මොනවද
කරන්නේ කියලත්.”
“අනේ රංජි... බෝධිසත්තකං කරන්න මං ගෙවල් හැදුවේ නෑ. මම හදන්නේ කොහා පුතාටම කියන්න
එයාලව ගෙදරින් යවලා දෙන්න කියලා. එයාම රෙකමන්ඩ් කරපු ජෝඩුවක්නේ ඔය...”
අපේ අම්මා බෝධිසත්ත්වකම් නිසා මන්දිර නොතැනුවාට ‘ඩී.ඩී.
සේතුංග නොහොත් සැරයන් මුත්තා’ එහෙම කර තිබේ! සැරයන් මුත්තා හදවලා තිබෙන්නේ දෙමහල්
අම්බලමකි!! ඒ පිං පිණිසය!!!
FB එකේ ‘Gamaka Siriya (ගමක සිරිය)’ නම්වූ group එකක් ගැන මාව දැනුවත් කළේ Pra Jay හිතවතායි.
‘ලංකාවේ එකම දෙමහල් අම්බලම’
ගැන මා දැනගත්තේ ‘ගමක සිරිය’ සමූහයටත් යොමුකොට තිබුණු post
එකකිනි. ඒ post එකෙන් ටිකකි මේ:
‘මාතර දිස්ත්‍රික්කයේ දික්වැල්ල ප්‍රා.ලේ. කොට්ඨාසයේ
කැකණදුර-දික්වැල්ල හා හුන්නදෙනිය- දන්දෙනිය මාර්ග එකට හමුවන රත්මලේ සිව්මංසන්ධියේ
මෙම අම්බලම දැක බලාගත හැකිය.
මෙය මීට වසර 111කට පෙර රත්මලේ ග්‍රාමයේ වාසය කල ඩී.ඩී.
සේතුංග නොහොත් සැරයන් මුත්තා නම් ගැමි ප්‍රභූවරයෙකු විසින් ඉදිකරන ලද්දකි. ප්‍රදේශවාසීන්ගේ
ඉල්ලීම මත මේ වනවිට මෙම අම්බලම 2003 වර්ෂයේ දී සංරක්ෂණය කොට පුරාවිද්‍යා
දෙපාර්තමේන්තුව මගින් පුරාවිද්‍යා ස්මාරකයක් ලෙස නම් කර තිබේ.
දිවයිනේ අනෙකුත් අම්බලම්වලට සාපේක්ෂව විශාල නිර්මාණයක්
වන මෙය මහල් දෙකකින් හා පහළ මහලට සම්බන්ධව ඉස්තෝප්පුවක් තිබී ඇති නමුත් බස් රථයක
ගැටී...
දැන් නං ආරාමයක්
කියන්නේ ‘සකල ශ්‍රීයෙන් විභූෂිත දිදුලන; බබළන මන්දිරවලින්
සමන්විත තැනකි. |
වර්තමානයේදීත් ප්‍රදේශයේ විවිධ පොදු කටයුතු, ගම්පිරිත්, දන්සල් ආදිය සඳහා මෙම
ගොඩනැගිල්ල යොදාගනු ලැබේ. මෙහි වටිනාකම නොදත් ඇතැම් අය...’
අපේ අම්මාට මෙවැනි පරහිතකාමී දේවල් ගැන දැන ගන්නට තිබ්බේ
එකම එක ක්‍රමයකි. බණ ඇසීම ඒ එකම ක්‍රමයයි. (ශ්‍රී ලංකාවේ මිනිසුන් නම් බණ අහන
තරමටම ඒවා ඔළුවට ගන්නවාද කියලත් වෙනමම සොයා බැලීමක් කළ යුතුය.) මොන තැනකදී වුණත්,
මොන වැඩකදී වුණත් ගරුතර සංඝයා වහන්සේ නමක් ධර්ම දේශනාවක් කරන්නේ නම් ‘අප්‍රමාදව
පිං කරන්න’යැයි කියවෙයි; ‘පිං කිරීම යනු දන් දීම විතරක්ය’ කියා හැඟවෙන තරමට ‘දානයේ
ආනිශංස’ නප්පියටම වණණු ලැබෙයි.
‘වණණු’ කිව්වේ අත- කකුල- ඔළුව- වලිගය- කොඩිය- සීනුව වගේ දෙයක්
වනනවා කියන අදහසින් හෙම නෙවේ. ‘වර්ණණා කරනවා’ කියන අදහසිනි!
ආරාමය කියලා කියනකොටම සිංහල බාසාව දන්නා කෙනෙකුගේ ඔළුවට
එන්නේ පන්සලකි. ඒ ඉස්සරය. දැන් නං ආරාමයක් කියන්නේ ‘සකල ශ්‍රීයෙන් විභූෂිත දිදුලන;
බබළන මන්දිරවලින් සමන්විත තැන’කි.
ප්‍රෝඩා වචනයේ තේරුම නං නොදන්නා කෙනෙක් නැත. වර්තමානයේ හැම තැනම ඒවා කෙරෙයි...
දේශපාලුවන් ගෑවුණු තැනක් වෙතොත් එතන ප්‍රෝඩා ගොඩකි.
ඉතිං... ප්‍රෝඩාරමය කියලා මේ posts පෙළ නම් කෙරුණේ ඇයිදැයි කියන්නට සුදුසු
කාලයයි මේ!
ම් ම් ම්... ඒත් ඊට කලින් හිතවත් නිශාන්තගේ මංගල්ලය
ගැනත් ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන දයාබර පාඨක ඔබට කියා සිටිය යුතුය. ඒ මංගල විස්තර
කියන්නේ ඊළඟ කොටසිනි.
එතෙක් වුවද 'එක විශේෂ කාරණාවක්' ගැන ඔබ අඳුරේ තියන්නට මං
කැමති නැත!
නිශාන්ත කිව්වේ දේශපාලඥ සනත් නිශාන්ත මහතාට නොවේ. මගේ හිතවතෙකු වන යූ.ඩී. නිශාන්ත
කුමාරටය. මේ නිශාන්ත තජකයේත් හිටියේය. ඊට කලින් ජාතික තරුණ සේවා සභාවේත් හිටියේය.
මේ හාදයා ‘ප්‍රෝඩාරාම’ postsවලට ගෑවෙන්නේ පුදුමාකාර අහඹුවකිනි!
එහෙනං, පුංචි විරාමයක් අරගෙන
‘ප්‍රෝඩාරාමය නවවෙනි කොටසෙදී’ නැවත හමු වෙමු!
ආරාම අසපු වලට ගියාම අම්බානි කවුද කියලා හිතෙනවා
ReplyDeleteඑහෙම වෙලා තියෙන්නේ අප නිසාම නේද කියලා මට හිතෙනවා. අපි හිතන්නේ නිවන, මෝක්ෂය, ස්වර්ගය වගේ තැන් සල්ලිවලට ගන්න පුළුවන් කියලනේ... ඉතිං ආරාම වගේ තැන් හිටු කියලා පැතිරෙනවා, නේද?
Deleteඅම්මා ගෙදර පන්සලකටවත් පූජා කරයිද කියල මන් කල්පනා කරන්නේ....
ReplyDeleteof course that's the plot! Nidi will have to change the title from Prodaramaya to Schroederaramaya .lol
Deleteලලිත්, Ano මහත්තුරු දෙන්නටම අද උත්තර දෙන්නේ නෑ, හොඳේ!
Deleteඑහ අතකට කුලිය නොලැබුනත්, ගෙදර බලා ගන්නව නං ටිකක් කල් බලන්නයි තිබුනෙ. එකම එයාලත් අවුල කොහා පුතාගෙ ගැන්සියෙ අය නිසා, මොන ජාතියෙ අයද කියන එකයි.
ReplyDeleteහිටියට මට වැඩක් වුනිද රන්ජිය සහ සුන්නා
Deleteසුන්නව එලවලා, කොහා ගේ හදලා දුන්නා
වතු අධිකාරී පුතාට ගේ කුලියට දෙන්නා
වඳින්න ගිය දේවාලේ හිසට කඩන් වැටුනා
කවුරුන් හිටියත් - උපදෙස් දුන්නත්
Deleteපලක් වෙන්නෙ නං - කණකට ගත්තොත්
හොඳ හොඳ පාඩම් - මෙව්වා කාටත්
මතකෙ තියාගෙන - වැඩ අර ගනිතොත්
එහෙම නේද බකුසු හාමුදුරුවනේ...
රැජිණ වගේ එංගලා..න්තෙ ඉඳලයි මම එන්නේ
Deleteඕප-දූප වල ඇති රස හොඳ හැටි අඳුරන්නේ
පහු-පහු වෙනකොට සැලකිලි කොහු-කොහු වෙනවානේ
ඒක නිසයි මාසෙන්- දෙකෙන් ගිණි තියලා පැන්නේ
දුක් විඳ-විඳ ජීවිතයම දරු පවුලට කරනා
Deleteඅතේ තියන හැම සතයම දරුවන් හට බෙදනා
ඊට පස්සෙ , තොපි වැටුනම උන් සලකයි හිතනා
"ලන්ඩන් ලීලා" ගෙන් බොලා ඉගෙන ගන්න ඕනා
අටේ කැලෑසිය යන්තං කම්මුතු කල සේ ම
Deleteස්ට්‍රීට් වයිස් ලීලා මම, කෝමද මගෙ ගේම
"කපුටා හිට් ද ප්ලේන්" කියල ඇමටියා කිව්වාම
මගෙ ඉංගිරිසිය විතරක් "ජම්බල්" වුනෙ කෝම
මගේ ක්‍රමය හරියි කියල හිතනවා හැමෝම
Deleteඅත දරුවව ගෙදර තියල මම රට පැන්නාම
නොපැන්න නං අපි හැමෝම ලෑලි ගෙදර තාම
ඇමටි කමක් ලැබුනා නං ගොඩ දානව රටම
බස් කවි වදිනවද?
Deleteවදිනවද කියලත් අහනවා?😁🤭
Deleteහොඳ වෙලාවට නිදියට කේන්ති නොයන හින්දම හොඳයි.🙏💐
බස් කවි මඩුව , බස් නිදි කවි මඩුව
Deleteනිදිම තමා කිව්වෙ, අපි කවි මඩුවක් දාමු කියලා. ලව්පූෂ්ලෑ අහත් කවි මඩුවක් දාමුද? හැබැයි ගොයියෝ, ඇල්ලෙන් පල්ලට තල්ලු කිරිලි එහෙම බෑ, හොඳද? 🙏🤭
Deleteඔව්වොව් අපි කවි කියමුද බස්සෝ - කට්ටිය එක්කම එකතු වෙවී
Deleteඑතකොට තව තව අයටත් ලියතැකි - මෙතුවක් කාලෙට නොලියු කවී!
ගූගල් එකවුන්ට් එකෙන් කමෙන් කරන්න විධිහක් නැහැ. sign in කරන්නත් බැහැ. මොන මගුලක්ද මේ. - ලිපිය සුපිරි නිදි. - කොළඹ ගමයා
ReplyDeleteස්තුතියි මහත්තයෝ, මම තාක්ෂණික පැත්ත ගැන නං දන්නෙ නැහැනෙ. ඒත් අසීරුවෙන් හරි comment කලාට ගොඩක් ස්තුතියි!
Deleteඊයේ අවුල්. අද හරි. 😀
Deleteඒකනේ අජිත් මහත්තයෝ.
Deleteකාලෙකින් අය්යගේ blog එක කියෙව්වේ. හරිම රහයි. 👍👍
ReplyDeleteගොඩාරියක් ස්තුතියි!
Delete