li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, August 18, 2025

හතලිහේදී... දහඅටවෙනි කොටස

... තත්ත්පරයක් ගල් ගැහිල බලාගෙන හිටි ඒකා එක පාරටම ඉස්සරහට පැනලා මාව බදා ගත්තා.
හීනෙකින්වත් නොහිතපු hug එකක්!
කියන්නත් ලජ්ජයි... ඒ මනුස්සය එහෙම මාව වැළඳගන්න ඇත්තේ සතුටින් උදම් වෙච්ච හිංදා කෙළෙහිගුණය පෙන්වන්න වෙන්නැති.

නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව!

ඒත් මං?

වලත්ත මට හොඳටම දැනුණා මාව උණුසුම් වේගෙන යන හැටි... මගේ ඉඳුරන් අවදි වේගෙන එන හැටි... දෙකක් නෑ! එහෙම වෙන්න ඇත්තේ මගේ ඔක්සිටොක්සින් ශ්‍රාවය වීම වැඩි වුණු හිංදා තමයි.

ඇත්තටම මිනිහා කියන සතාගේ හැටි! අනික් හැම සතෙකුම මිනිහා කියන සතාට වැඩිය වෙනස්නෙ. උන් රැලේ වැටෙන්නේ එක කාලෙකට විතරයි. ඒකත් තමන්ගේ වර්ගයා බෝ කිරීමේ අරමුණෙන්...
අපි එහෙමයැ? වෙලාවක් කලාවක් ඕනි නෑ. ඕනිම වෙලාවක- ඕනිම තැනක... ඒ වගෙම අපේ ලිංගික ක්‍රියාවලින් සීයට අනූනවයක්ම වගෙ සිදු කෙරෙන්නෙත් ජනිතයන් බිහි කිරීමේ අරමුණකින් තොරවනෙ; ලිංගික ප්‍රීණනය ලැබීම තමයි අපේ මුඛ්‍ය පරමාර්ථය වෙන්නෙත්.
එහෙව් එකේ පුදුම ලැබීමක් නේද අපට ලැබිල තියෙන්නේ...
ඇඟේ size එකට සාපේක්ෂව ලොකුම
මොළයකුයි, ප්‍රාණවත් වුණාම ලොකුම ලිඟුවකුයි හිමි වෙලා තියෙන එක!

එව්වයින් කමක් නෑ. නිමලෝ. උඹ වහාම අහකට වෙයං... වහාම- මේ දැන්ම- මේ දැන්මම ප්‍රසාද්ගෙන් ඈතට වෙයං!!
ඔලුව ඇතුළේ රතු සීනුවක් මහ හඬින් වැදෙන්න ගත්තා. ඒ අස්සේ මං තැනට ගැලපෙන විදිහට වචන එකතු කරගෙන කතා කරන්න වීරිය ගත්තා. සිංහලෙන් කියල හරි යන්නෙත් නැහැනෙ. ඉංග්‍රීසියෙන් එපායැ කියන්න ඕනි. මං කළේ වෙනදා පුරුදු විදිහටම සිංහලෙන් හිතල ඉංග්‍රීසියෙන් කියා ගත්ත එක.

(ප්‍රසාද්ට නං මට වැඩිය ඉංගිරිස් පුළුවන් විත්තිය එතකොටත් මට තේරිලයි තිබ්බේ.)

“Let me go! Your hug is very tight. I can’t take a breath.”
ඒක කියපු ගමන්ම ප්‍රසාද් මගෙන් ඈත් වුණා. ඒත් මගේ අතක් අල්ලාගත් ගමන්මයි උන්නේ.
ඒ අතත් හෙණ ගොරෝසුයි... ඒ ගොරෝසු අත දිගේ ප්‍රසාද්ගේ උණුහුම මගේ අතට කාන්දු වෙමින් තිබ්බේ.

අපි දෙන්නගෙන් කවුරුවත් අත්වැසුම් දාල හිටියේ නෑ, සමර් එක නිසා. ඒ නිසාම කරුවල වැටිලා තිබ්බෙත් නෑ. (සමර් කාලෙදි අඳුර වැටෙන්නේ රෑ දහය විතර වෙලානෙ. එළිය වැටෙනවා පාන්දර තුනට විතර.)

බස් ස්ටොප් එක පැත්තට ඇවිදගෙන යන අතරේ මං හීන් සීරුවේ ප්‍රසාද්ගේ ගොරෝසු හස්ත ග්‍රහණයෙන් මිදුණා. මොකද ඒ වෙනකොටත් මං හිටියේ ඒ උණුහුමට ලොල් වෙවී... දිගටම එහෙම ගියා නං...

ඔහොම ‘ඇබැද්දි’ කාට වුණත් වෙතහැකිනෙ. පහුගිය සතියේ දවසක fb එකේ දැක්ක ඒ වගේ හරි අපූරු ශෘංගාරාත්මක අලකලංචියක් ගැන: නටන අමුඩයක් ගැන කවි 4ක්.  R O S H B R O ගේ වෝල් එකේ.

‘මැණිකෝ මගේ හරි පුසුඹයි උඹ ගාව
මොනවැයි හත්තිලව්වේ ඔය ඇඟ ගෑව
තාමත් හැඩයි රත්තරනේ රූ සපුව
නළියන හැඩයි මගෙ අමුඩය දැක නුඹව

ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින්...
ඉසකේ පැහුන මුත් ගත සිත ඇත සරුව
දරුවන් නිසා නෑ ඉස්සර වගෙ හමුව
ඉක්මන් කර උයා අහවර කර ගනුව
කෝ ගං ගාල දෙන්නට ඔය පොල් බෑව

පිල්කඩ වැතිර නිදියන විට ඔය මූන
අම්මප මතක් වෙනවා බං දැක හීන
නැතිදෝ හිතක් පෙර සේ ආලය පාන
ඉඳහිට වරෙන් බැලුවැකි රෑ හඳ පේන

ගෙවෙනා තනිකමින් සීතල රෑ මැද්ද
උනුසුම ගෙනේ පොරවන උඹෙ මල් රෙද්ද
අදවත් බලන්නට පිරිපුන් මල් ලන්ද
ආසයි මැණිකෙ දරුවන් තව නිදි නැද්ද’

කවි හතරකින්; වදන් අනූ පහකින් මවන ඉතා වර්ණවත් සිත්තමක අපූරුව!
මං කවි ගැන දන්න ඩිංගිත්ත අනුව නං- එළිවැට රැකීම, රිද්මය රැකීම එහෙමත් නියමෙටම සිද්ද කෙරිලා.

බිරින්දෑගේ පහස ලබන්නට පෙරුම් පුරන ඒ සැමියා වගේමයි- මං වහන්සේත් ඒ දවස්වල ‘උණුහුම් ලිංගික පහස’ක සුවය පතමින් උන්නේ.
දන්නවනේ, මං-
කේන්දරේට අනුව අතිධාවන කාම යෝගයක් සහිතව උපන්; ලිංගික හෝර්මෝන ඉතා හොඳින් නිපදවන සිරුරක හිමිකාරයෙක් විත්තිය. ඒ වගේම සිය ගණනක් partnersලත් සමඟින් විවිධාකාර ලෛංගික අත්දැකීම් ලබා තිබුණු කෙනෙක් විත්තිය. එහෙම කෙනෙකුට තට්ට තනියෙන් කෙලෙස් තවමින් ඉන්න වුණාම කොච්චර අසීරුයිද...

එහෙම අසහනකාරී හැඟීම්වලින් ආතුර වෙලා හිටිය වුණත්, එදාත් මගේ පුරුද්ද අතෑරුණේ නෑ. ‘කුඩු කතත් තිරිත්තමක් ඇතිවයි කන්න ඕනේ!’

ඉතිං, ඒ සංයමය ආයෙමත් මතකෙට නඟාගත්තු මං ප්‍රසාද් එක්ක Bus Stop එකට ඇවිදගෙන ගියා. එතැන seats දෙකකට බර දීලයි, අපි දෙන්නා අපේ කතාව කරගෙන ගියේ.

“මං ගෙදරින් ඇවිල්ලා අවුරුද්දකටත් වැඩියි නිමල්. ඒ ආවෙත් හොරෙන් මිනිස්සුන්ව රට පටවන මිනිහෙකුට ලක්ෂ ගාණක් ගෙවලා. එහෙම ගෙවන්න තරං අපි පෝසත්තුත් නෙවෙයි බ්‍රදර්. අපේ අම්මල ණය වෙලයි මට මේ ගමන එන්න සල්ලි හොයල දුන්නෙත්.” ප්‍රසාද් හරිම දුක්බර ස්වරයකින් කියාගෙන ගියා.
“ඇයි ප්‍රසාද්, ඔයා ඉන්දියාවේදී රස්සාවක් කළේ නැද්ද... IT ඉංජිනියර් කෙනෙක් වෙලත්?”

“ඒ ස්ටෝරීස් සේරම බොරු නිමල්... අර මිනිහමයි අපිව රවට්ටලා, ලොකු ගණනක් අරගෙන ඒවා හදවල දුන්නෙත්. ඌ කිව්වා මෙහෙ ඕනි තරං රස්සාවල් තියෙනවා, කරන්න මිනිස්සුයි නැත්තේ කියලත්. මොන විදිහකින් හරි මෙහාට පැන ගත්තොත් ලේසි job එකක් ලේසියෙන්ම හොයා ගන්න පුළුවනි කියලත් කිව්වා. මාස දෙක තුනක් වැඩ කරපු ගමන්ම අර ණය ඔක්කොම ගෙවල දාන්නත් පුළුවන් වෙයි කිව්වම අපිත් රැවටුණා!”

හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත්....

මෙහෙම blog එකක් ලියන්නට වෙතැයි ඒ දවස්වල දැනගෙන උන්නා නම්... ප්‍රසාද්ගේ කතන්දරය හරියටම විස්තර ඇතිව අසා ගන්නටත්; මතක තබා ගන්නටත් තිබිණි. අපරාදේ!

එහෙම නොවුණු නිසාත්, ඒ සිදුවීම් සිද්ද වුණේ මීට අවුරුදු තිහකට විතර කලින් නිසාත් මට සමහර දේවල් අමතකය. ඒ ගැන පසුතැවෙමිනි, මා අද මේවා අකුරු කරන්නේ.

ඒ දවස්වල අද තරමට වේගයෙන් ලෝකයේ තොරතුරු එහා-මෙහා ගලාගෙන ගියේ නැත. හොරෙන් රට රටවලට යවන මරුමුසු මගඩි වියාපාරත් තිබ්බේ නැතුවා වෙන්නැති. Human Trafficking කියන යෙදුමක්වත් භාවිතයට අවුත් නොතිබුණා විය යුතුය. (කෙරුණා නං කෙරුණේ ‘මරිසි මංගල්ලය’ post එකෙන් කියවුණු ජාතියේ ‘නීතිය නවන වැඩ’ විය යුතුය!)

“අර යක්ෂයා කියපු බොරුවලට මම විතරක් නෙවෙයි, අපේ ගෙදර අයත් රැවටුණා. අපි වගෙම ඌට රැවටිච්ච තව කට්ටියත් හිටිය නිමල්.
ඌත් ඉන්දියාවේම ඉපදිච්ච එකෙක්. තමන්ගෙ රටේම ඉපදුණු- තමන්ගෙ ජාතියේම මිනිස්සුන්ට මෙහෙම කරන්න පුළුවන් මිනිස්සු ඉන්නවයි කියලා අපි හිතුවේ නෑ නිමල්... පූරුවේ පිනකටයි මගේ පණ බේරුණේත්... තව ඩිංගෙන් අතරමඟදීම මාව මැරෙනවා බ්‍රදර්!
මේ බලහං... තවමත් ඒවා මතක් වෙද්දී මාව වෙව්ලනවා.”

එතකොටත් ප්‍රසාද් ගැහෙමින් උන්නේය.

“දැන් ඉතිං එහෙම කරදරයක් නැහැනෙ ප්‍රසාද්. ඒවා සේරම වෙලා ඉවරයිනේ...”
මගේ සැනසිලිදායක වචනවලින් ඒ හාදයා තවත් අවුල් වුණා වගෙය. ප්‍රසාද් ඉස්සරහට නැමී දෑතින්ම එයාගේ කෙස්වල්ල ඇද ගත්තේ කඳුළු පෙරමිනි.
“ඒ වෙලාවේ එහෙම මැරුණා නං ඒත් එකක්, නිමල්. එහෙනං මට මෙච්චර දුක් වෙන්නැතිව ඉන්න තිබ්බ.”

එහෙම වෙලාවට මොනවත්ම නොකියා හිටීම වඩා සුදුසුය. වැරදි දෙයක් කියවුණොත් අනෙකා වඩාත් අපහසුතාවකට පත් වෙනවාට සැකයක් නැත. ඒත් මා ඔහුට ඇහුම්කන් දෙමින් ඉන්න විත්තියත්- ඔහුගේ දුක්බර අත්දැකීම්වලින් සංවේගයට පත් වී හිඳින විත්තියත් ප්‍රසාද්ට ඇඟවීම කළ යුතුය!

හැකිතාක් ප්‍රවේසම් වෙමින් මම ප්‍රසාද්ගේ අත මතින් මගේ අත තැබුවෙමි. එහෙත් ඒ අත පිරිමැදීමෙන් වැළකුණෙමි. මෘදු ලෙස ඔහුගේ අතට තට්ටු කිරීම් පමණක් කළෙමි. අන්තිමේදී එයාමය කතා කළේ.

“මට කියපං නිමල්, මම කොහොමද අම්මලට මේවා කියන්නේ කියලා. මම අපායකට වැටිලයි ඉන්නේ කියලා අම්මලට කියන්න පුළුවන්ද නිමල්? මං අන්තිමට අම්මලට ලියුමක් යැව්වේ අවුරුද්දකට විතර කලින්. ඒකෙ ලිව්වෙත් රස්සාවක් හොයාගන්න හොඳටම අමාරුයි කියලා. ඒ හිංදා තැනින් තැනට යන්න වෙනවා කියලත් මං ලිව්වා...”

තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක...

ආයෙමත් විරාමයක්! ප්‍රසාද් දහිරිය දාන්නේ වචන එකතු කර ගන්නට වෙන්නැති.

”ඔව් නිමල්. මට හරියටම රස්සාවක් හම්බ වෙලා- දිගටම නවතින්න තැනක් හොයා ගත්තම- පර්මනන්ට් ඇඩ්රස් එකක් කියන්නං කියලත් ලිව්වා...
ඊට පස්සේ... ඊට පස්සේ එයාලා ඉන්නවද- මළාද- මොනවා වෙලාද... මොකුත්ම මං දන්නෑ බං.”

“ඔයාට ලියන්න හිතුණේ නැද්ද?”
“හිතුණට මං මොනවද ලියන්නේ? තවමත් මට එක දිගට කරන්න job එකක් නෑ. ඒ තියා මට ජීවත් වෙන්නවත් විදිහක් නෑ. සමහර දවසකට බඩගින්නේ ඉන්නයි මට සිද්ද වෙලා තියෙන්නේ. මෙව්ව කොහොමද නිමල් අම්මලට ලියලා අරින්නේ... ඊට වැඩිය හොඳයි, මං මැරිල ගිහිං කියල එයාලට හිතා ගන්න අරිනවා... Do you know?
අවුරුද්දකට විතර පස්සේ අද තමයි මෙහෙමවත් මගේ දුක කියල හිතේ බරෙන් ටිකක් අඩු කර ගන්න හම්බ වුණේ, නිමල්. Thank you so much! දැන් මට ලොකු සහනයක් දැනෙන්නේ, සත්තයි!”

මගේ ඇස් අත් ඔරලෝසුවට ගිය හැටි ප්‍රසාද් දැක්කාවත්ද?
“අද මං හිංදා උඹට බස් දෙකක්ම මිස් වුණා. අනේ සොරි නිමල්. මට කියාගන්න තව දේවල් ගොඩක් තියෙනවා. අද නෙවෙයි, අද නෙවෙයි... වෙන දවසක... ටික ටික කියන්නං, උඹ අහගෙන ඉන්නවා නං... උඹට කරදරයක් නෙවෙයි නං.”

එතකොට අපට පෙනුණේ ඈතින් එන Hounslow තට්ටු දෙකේ බස් එකයි.
“හරි නිමල්. ගොඩක් ස්තුතියි. බස් එක එනවනේ. හෙට හම්බ වෙමු එහෙනං. Good Night!”

මං එච්චර වෙලාවක් ප්‍රසාද්ට සවන් දෙමින් උන්නේ හුදෙක්ම අනුකම්පාව නිසාද? නැත්තං මනුස්සකම නිසාද? ඒත් නැත්තං ඔහු වෙත ආසක්ත වුණු ජාගර චිත්තය නිසාද?

ඩබල් ඩෙකර් බසයේ උඩ තට්ටුවේ ආසනයක වාඩි වුණු මම හිතට එබුණෙමි.
‘අනුකම්පාව! මනුස්සකම!! අනෙඃ පලයං නිමල් යන්න. උඹේ මහ ලොකු අනුකම්පාවයි මනුස්සකමයි... ප්‍රසාද් ටිකක්වත් ප්ලසන්ට් කෙනෙක් නොවුණ නං- අජූව මිනිහෙක් වුණා නං එහෙමත් උඹ මෙච්චර වෙලා ඒ මිනිහ වෙනුවෙන් ඉඳියි මෙන්න කියලා. ඒක හිතපංකො ඉස්සෙල්ලම...’

මං වහන්සේ හවුන්ස්ලෝවලදී බසයෙන් බැස ගත්තෙත්- ගෙදරට ගියෙත් ඒ පුරස්නවලට හරිහමං උත්තරයක් හොයාගෙන නොවේ!

“මොකද රංජි වුණේ? අපි හොඳටම බය වෙලයි හිටියේ. තව ටිකක් බලලා යසිරු පුතාට කතා කරල කියන්නයි හිත-හිතා හිටියේ.” දොර ඇරෙනවාත් එක්කම අම්මා දොරකඩය; අටුවාවක් කියමින්ය.

මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ?

“පිං සිද්ද වෙයි අම්මේ, මෙන්න වැන්දා! කොයිම වෙලාවකවත් ඒ වැඩේ නං කරන්න එපා. යසිරු මට මේ රස්සාව හොයලා දුන්නයි කියලා- ඊට පස්සේ සිද්ද වෙන හැම මඟුලකටම ඒ මනුස්සයටම කරදර කරන එක හරිද?

... අනෙක තමයි- වැඩ ඇරෙන වෙලාව ටිකක් එහෙ-මෙහෙ වෙන්න බැරිද?
මට යාළුවෙක් හම්බ වෙලා චුට්ටක් කතා කර-කර ඉන්න බැරිද? මමත් ඔරලෝසු කටු එක්කම කැරකෙන්න ඕනියි කියලද අම්මා හිතන්නේ? මමත් මනුස්සයෙක්නේ අම්මේ... පණ නැති යන්තරයක් නෙවෙයිනේ.”යි උත්තර දීගෙනමය මා කාමරයට වැදුණේ.

ප්‍රසාද් දුටු විගසම මගේ නෙත් පැහැර ගන්නා විදිහේ හාදයෙක් නොවේ. දර්ශන මාත්‍රයෙන්ම මා කැලඹූ කෙළිලොල් අමන් වැන්නෙකුත් නොවේ.
එහෙත් ඔහුගේ ‘උණුසුම් වැළඳ ගැනීමේ මතකය’ එදා රාත්‍රියේ වඩාත් සජීවීව මට රිදුම් දෙන්නට විය. ඒ මතකය ‘නිදි දෙව් දුව’ ඉක්මනින් මගේ යහනට වැඩමවීමත් වළක්වා ලූවේය.
මගේ ඉඳුරන් අවදිව තිබිණි. එය නොතකමින් නින්දට වැටෙන්නට කොතෙකුත් වෙර දරා; වෙර දරා බැරිම තැන
‘කර කර්මයේ පිහිට’ පතන්නටය මට සිදු වුණේ. ඉන් පසුවය, මට නින්දට වැටෙන්නට හැකි වූයේ.

එදායින් පසුව ප්‍රසාද් මට වඩාත් හිතවත් විය; සමීප විය. ඒ ටිකෙන්-ටික හෙමින්-හෙමින්ය. ඒ අතරේ ඉඩක් ලැබුණාම ඔහුගේ කතන්දරයත් කොටසෙන්-කොටස මට පැවසුවේය. එය කතන්දරයකැයි කියනවාට වඩා සුදුසු දුක් ගැනවිල්ලකියි කීමය.

ඒ අතරවාරයේ දවසකය, බඩා මල්ලාත් මාත් බිමල්ගේ බැචලර්ස් පාටියට ගියේ.
මගේ මතකය හරි නං ඒ පාටිය තිබ්බෙත් එයාලගෙ ගෙවල් කිට්ටුවම තැනකය. අපි දෙන්නා ඉස්සෙල්ලම ගියේ බිමල්ලගෙ අක්කා ඩ්රුතීලගේ ගෙදරට. එහෙ තමයි සමන්ති නැවතිලා හිටියේ.

“මල්ලා, ඔයා කොහොමද පාටියෙදී බීලා වාහනේ එළවන්නේ?” සමන්ති ඇහුවේ අපට සිසිල් බීමක් පිරිනමන ගමන්.
“නෑ සෑම්. මම අද නොබී ඉන්නයි හදන්නේ!”
“ලොකූ නොබිව්වට කමක් නෑ. ඔයා බොනවා. වෙනද වගේ මෙහෙම නිඳාගෙන ඉඳලා උදේට ගෙදර යන එකනෙ තියෙන්නේ.” බිමල් යෝජනා කරනකොටම මල්ලා බැලුවේ මගේ දිහා.

“ලොකා මොකුත් කියන්නෑ මල්ලෝ. නේද ලොකූ?”
“එතකොට ලොකා කොහොමද හෙට වැඩට යන්නේ? මම ඒ ගැනයි හිතුවේ Sam.”
“ඒක ප්‍රශ්නයක් කර ගන්න එපා දීපාල්. දවසක් වැඩට නොගියයි කියල මිස්ටර් අහීර් මාව අස් කරන්නෑ.”        

“හේ, I told you! හැමදාම දෙන ජාතියේ පාටියක් නෙවෙයිනෙ D. අද විතරනේ...” බිමල්ම එයාගේ යෝජනාව ස්තිර කළේ එහෙමයි.

සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව!  

පාටියේ නිමිත්ත මොකක් වුණත්, මොන නමකින් හැඳින්නුවත් සාදයක් කියන්නේ යහමින් බොන එකක් වගෙයි නෙව! කෑමටත් වැඩියෙන් බීම තියෙන එකනේ දැන් සිරිත. එදා පාටියෙත් එහෙමමයි.

හැබැයි, බිමල්ගේ සාදයේ හිටි අයගෙන් එක්කෙනෙකුවත් මං නොබොන කෙනෙක්ය කිව්වම ඤරු-ඤුරු ගෑවේ නෑ. ඤං-පචං කිව්වේ නෑ. බොමු බොමු කියලා පෙරැත්ත කළේවත්- බලපෑම් කළේවත් නෑ! (ඩැඩා එක්කලා හවුන්ස්ලෝ Pub එකට ගිය දවසෙත් එහෙමයි. ඩැඩාගේ හිතවතුන්ගෙන් කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ; මට බොන්නයි කියලා බල කළෙත් නෑ.)

අපේ රටේදී නං එහෙම නෙවෙයිනේ. ‘යාළු fit එකටනෙ මචං. අද විතරක් හීනි ෂොට් එකක් දාමු! / දැන් කාලේ කෙල්ලොත් බොන එකේ... පොඩි අඩියක් ගහමු! / පොඩ්ඩක් නොගන්න මිනිහ මොකෙක්ද? / පොඩ්ඩක් නොගත්තොත් ඔලුවේ හලනවා!’ වගෙ කියුම් කොච්චරක් නොබොන කෙනෙකු ඉදිරියේ කියවෙනවද?
බිමල්ගේ සාදයේදී එක්කෙනෙකුවත් එහෙම කිසිම දෙයක් කීවේ නැති එක තමයි ලොකුවටම මට මතක තියෙන්නේ.

ම්... තව එකක් කියන්න ඕන- පාටියට යන්න කලින් සමන්තිල ගෙදර ෆෝන් එකෙන්ම මං බල්නූර්ට කෝල් කළා. කරලා එයාට පැවරුවා ‘මං ඊට පහුවදා වැඩට නොඑන විත්තිය අහීර් මහතාට කීමේ’ රාජකාරිය.

එහෙම කරලා තියෙද්දිත් තමයි ඊට පහුවදා උදේ බල්නූර් මං වැඩට එනතුරු මඟ බලාගෙන උන්නේ.

“අනේ බ්‍රදර්, බොස් උඹටත් දොස් කිව්වත් මොකුත් නොකියා අහගෙන හිටපං. ඊයේ මාත් බොස්ගෙන් හොඳටම බැනුම් අහලයි ඉන්නේ. ප්ලීස් බ්‍රදර්... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ? Please... ප්ලීස්!”

ඉතිරි හරිය ඊළඟ කොටසින්...

27 comments:

  1. මේක කියවද්දි මට මතක් උනේ බොහෝ කලකට පෙර කියවූ විද්‍යා ප්‍රබන්ධයක්. නම මතක නෑ. එකෙදි මිනිසුන්ගේ නළලේ පුංචි සිග්නල් ලයිට් එකක් සවි කරනවා. කෙනෙක් හමු උනාම එයා ගැන ලිංගික හැඟීමක් ඇති උනොත් අර ලයිට් එක රෝස පාටට පත්තු වෙනවා. අවසානයේ මිනිස්සු හරි අපහසුතාවලට ලක්වෙනවා මේ උපකරණය සවිකරගැනීම නිසා.

    ReplyDelete
    Replies
    1. මම ආසම ෂානරයක් විද්‍යා ප්‍රබන්ධ. ඒත් Litseeker ඔයා කියන කතාව මට හමුවෙලා නෑ. ඒක හරි ලස්සන කතාවක් වෙන්නැති!

      Delete
  2. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහත්තයෝ!

      Delete
  3. Replies
    1. ඔයාටත් ස්තුතියි බස්සා මහත්තයෝ!

      Delete
  4. බටහිර සංස්කෘතියෙ කැමැත්තෙන් හිටි දෙයක් තමයි පබ් කල්චර් එක - දවසම වැඩ කරලා. හැන්දෑවට දෙකක් නමන අතරේ සතුටු සාමචීයේ යෙදීම. වටේම තිබ්බ "පබ්" හෙමීට වැහිලා ගියා, "සීරෝ ඇල්කොහොල් ටොලරන්ස්" ආවට පස්සෙ. එකාතකට ඒකත් හොඳ දෙයක්.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම බකුසුතුමෝ මම දැකපු විදිහට පබ්වල කට්ටිය කළේ බොන එකම නෙවෙයි- මිතුරන් හා සතුටු සාමීචියේ යෙදීම.
      දැන් පබ් නැද්ද?
      "සීරෝ ඇල්කොහොල් ටොලරන්ස්" ඇහුවෙත් අදයි!

      Delete
    2. ආ... සින්දුවේ link එකට ස්තුතියි. අපූරුයි!

      Delete
    3. මෙහෙත් පබ් වැහිගෙන යනව. ගෙවල් ගාව පබ් 5 ක් වැහුන පහුගිය අවුරුදු 4 තුල . දැන් දෙකයි තියෙන්නේ .

      Delete
  5. Uncle, ko Lotus akki? Akki ekka mata පරමෝත්කර්ෂය ganna puluwanda?

    ReplyDelete
  6. සමලිංගිකත්වය කියන්නේ සොබාදහමට අනුවම සමහර මිනිස්සුන්ට ඇති වන හැඟීමක්. ඒක වර්ණයක්, සුවඳක්, නැත්නම් හදවතේ රහසක් වගේ. ඒත්, ලංකාවේ සමාජය බොහෝ වෙලාවට මේ වගේ හැඟීම් දකින්නේ අමුත්තක් විදිහට. විශේෂයෙන්ම ගැහැනුන් අතර ඇති වන ආදර සබඳතා ගැන කතා කරනකොට, සමාජ මාධ්‍ය කියන වේදිකාව හැමෝටම ගල් ගහන්න පුළුවන් තැනක් වෙලා. "පව්කාරියට ගල් ගැසීම" කියන පුරාණ අදහස අද ඩිජිටල් යුගයේ අලුත් මුහුණුවරකින් ඉස්මතු වෙලා.

    මේකට හොඳම උදාහරණයක් විදියට
    මෑතකදී සමාජ මාධ්‍යවල කතාබහට ලක්වුණ වෛද්‍ය මහේෂි විජේරත්න මහත්මියට සිදුවුණ අවාසනාවන්ත අත්දැකීම ගැන ගැන මතක් වුණාම ඒ තත්ත්වය හොඳින්ම පැහැදිලි වෙනවා. ඇයගෙන් ප්‍රතිකාර අරගෙන සුවය ලැබූ අය ගණනින් හුඟක් වැඩියි. සුව නොවූ අය ඉන්නේ ඒකෙන් ඉතාම සුළු පිරිසක් විතරයි. එල්ල වෙලා තියෙන්නේත් සීමිත චෝදනා කීපයක් විතරයි. එහෙත් මේකවත් නොදැන, නීතිය සහ සාධාරණත්වය පැත්තක තියලා, දේශපාලන වාසි, නොදැනුවත්කම සහ වෛරය නිසා දේශපාලන වහල්භාවයෙන් අන්ධ වූ හිතක් පපුවක් නැති අමන මිනිස්සු, ඒ අම්මාට සහ දුවටත් අපහාස කළා. එයාලටත් අපහාස කරන්න පෙළඹුණේ තමන්ගේ වැරදි දැකලා නැති නිසා වෙන්න ඇති.
    ​අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්න කලින් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන එක හරිම වැදගත්. වරදක් කරලා තියෙනවා නම් ඒකට දඬුවම් දෙන්න ඕනේ නීතිය සහ හෘද සාක්ෂිය අනුවයි. අනුන්ව හෙළා දකිමින්, බොරු චෝදනා නගමින් සමාජ මාධ්‍යවල හැංගිලා ඉන්න එක නියම මනුස්සකම නෙමෙයි.
    ​අපේ සමාජය ඉදිරියට යන්න නම්, අනුන්ගේ පෞද්ගලික ජීවිත විනිශ්චය කරනවා වෙනුවට, හැම කෙනෙක්ම තේරුම් ගන්න පුළුවන් විදියට කටයුතු කරන්න ඕනේ. පටු දේශපාලන අරමුණු මත අන්ධව විනිශ්චය කරනවාට වඩා, එකිනෙකාට ගරු කරන සමාජයක් හදන එක වඩාත් වැදගත්. අපි හැමෝම වැරදි කරන මිනිස්සු. ඒ නිසා අනුන්ගේ වැරදි විතරක් දකින එක සාධාරණ නැහැ. එහෙම නේද?

    ReplyDelete
    Replies
    1. Dimitri මහත්තයෝ, ඔයාවත් නිදිගෙ පංච තන්තරේට සාදරයෙන් පිළිගන්නවා!

      //අනුන්ගේ ජීවිත විනිශ්චය කරන්න කලින් තමන්ගේ හෘද සාක්ෂියෙන් අහලා බලන එක හරිම වැදගත්.//
      දැන් කාලේ හුඟාක් උදවියට හෘදය සාක්ෂ්‍යය කියල දෙයක් නැහැ වගේ. ඒ මදිවට කිසිම දෙයක් අහලා බලන්න - හිතලා බලන්න ඉස්පාසුවකුත් නෑ වගෙයි නේද?

      Delete
  7. //කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ; මට බොන්නයි කියලා බල කළෙත් නෑ.//
    ඒක හරිම හොඳ දෙයක්. අපේ මිත්‍රයෝ බොහොමයක් අතර නැති දෙයක්. ඔය බලකිරීමට පටන්ගත්ත සමහරු නවතින්නේ ඇබ්බැහියකින්. කවුද මද පමණකට ඇරගෙන පාලනය කරගන්නේ කවුද ඇබ්බැහියකට යොමුවෙන්නේ කියලා වේලාසනම කියන්න බැහැනේ.ඒක නිසා කිසිකෙනෙකුට බල කරන්න හොඳ නැහැ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි නිහඬපාල මහත්තයෝ. Press එකේ වැඩ කරන කාලේ මං දැක්ක දෙයක් තමයි ඔය බොන්න බල කළාට පස්සේ බීලා- ඒකට ඇබ්බැහි වෙලා කාලකන්නි වුණු තරුණයන්. එතකොට අර බල කරපු මිනිස්සු සද්ද නෑ.
      අනෙක බොන ප්‍රමාණය ගැන වුණත් අපේ ගොඩ දෙනා බලපෑම් කරනවා. ඒක අරිටත් වඩා වැරදියි නේද?
      ගිය සතියෙත් එහෙම දෙයක් දැක්කා. එක තරුණයෙක් දැන් මට ඇති කියල කිව්වා- ටිකක් බිව්වට පස්සේ. 'අයියෝ- ඔච්චරද මචන් උඹ බොන්නේ / අපි නං තව බොනවා' වගෙ දේවල් කියමින් එතැන හිටි මිතුරන් අර තරුණයාට සමච්චල් කළාම අර මෝඩ වහන්සේත් 'හා එහෙනං' කියලා තව බිව්වා. කරටිය කඩා ගත්තා; හෝටලයකුත් දැම්මා; නොකාම ගෙදර ගියා!

      Delete
  8. මෙහෙ බල කරන්නේ නැත්තේ බෝතල් ගණන් වැඩි නිසා බං. බොන්නේ නැත්නම් අපට ඉතුරුයි . 😀

    ReplyDelete
    Replies
    1. අරහෙම බලපෑම් කරන ගොඩක් අය අජිත් මහත්තයෝ, එහෙම කරන්නේ එයාලගේ තැන්වලදී නෙවෙයි.
      ලංකාවේ ගොඩ දෙනාට හොඳට පුරුදු වැඩක් නෙව අනුන්ගේ මඟුල් ගෙදරදී තමන්ගෙ ආදරේ පෙන්නිල්ල.

      Delete
  9. මම පහල දාල තියෙන ලින්ක් එකේ ප්‍රවීණ දාර්ශනික දීප්ති කුමාර ගුණරත්න විසින් වඩාත් පුළුල්ව ඔහුගේ නිරීක්ෂණය, පැහැදිලි කිරීම සහ යෝජනාව මෙහිදී ඉදිරිපත් කරනවා.

    මම නම් මේ ඇතැම් කරුණු පිළිබඳව එකඟ වන අතරම, ඇතැම්වාට ප්‍රතිතර්ක ඉදිරිපත් කළ හැකියි. මට දීප්තිගෙන් බොහොම සරලව අහන්න පුළුවන් "So what?" කියලා. නමුත් ඔහු මතු කරන කාරණය අපට සැබැවින්ම ප්‍රශ්ණයක්ද නැද්ද කියලා තව විමසන්න ඕනේ. ඒ සඳහා ඔහු සමග සංවාදයක් වෙන්න ඕන නේද?

    මේක බලන්න;

    https://youtu.be/zSLOfshMkVw?si=B5ncjehzuH2WDqpN

    ReplyDelete
    Replies
    1. සංවාදයක් ඕනියි කියල හිතනවා නං- එහෙම කරන්න. හැබැයි මහත්තයෝ මට නං එහෙම දේකට වෙලාවක් නෑ, හොඳේ...

      Delete
  10. මේ වගේ කාම මිථ්‍යාචාරයේ යෙදුනා නම් ඒ ගැන පාපොච්චාරණය කරලා පවු සමා කරගන්න අමතක කරන්න එපා, බයිබලයෙ උපුටා දැක්වීම් හා සැලැස්වීම්:

    1. ආදම් සහ ඒවා සෑදීම (උප්පත්ති 2:7, 2:21-23)

    දෙවියන් වහන්සේ මිනිසා ආදම් මවයි.

    පසුව, ඔහුගේ ඉල ඇටයෙන් ඒවා මවයි.

    2. කායින් සහ ආබෙල් (උප්පත්ති 4:1-2)

    ඔවුන් දෙදෙනා ආදම් සහ ඒවාගේ පුත්‍රයි.

    කායින්, ආබෙල්ව ඝාතනය කරයි.

    3. කායින්ගේ භාර්‍යාව (උප්පත්ති 4:17)

    “කායින් තම භාර්‍යාව දැනගෙන, ඇය සන්තානයක් උපදිනවා” කියලා සඳහන් වෙයි.

    නමුත් කායින්ගේ භාර්‍යාව කවුද කියලා නොසඳහන්.

    ඒත් බොහෝ ආගමික පැහැදිලි කිරීම් අනුව:

    1. අනික් දරුවන්:

    උප්පත්ති 5:4 කියනවා:

    > “ආදම් සත්තුන්, දියණියන් උපදින ලදී.”

    එනම්, ආදම්ට කායින් සහ ආබෙල් හැර අනිත් පුත්තු සහ දියණියන් පවා හිටියා.

    2. කායින්ගේ භාර්‍යාව – ඔහුගේ සහෝදරියක්

    බොහෝ විවරණ අනුව, කායින් තම සහෝදරියක් (දියණියක් ආදම්ගේ) විවාහ කළා.

    මේ ගැන බයිබලය පැහැදිලි නොකියන නමුත්, උප්පත්ති 5:4 අනුව ඔවුන්ට තවත් දරුවන් හිටිය කියා හෙළිවේ.

    3. අනෙක් නරම විවරණ

    යම් පුරාණ යූදාත්මක සම්ප්‍රදායන්ට අනුව “ලිලිත්” කියන පුද්ගලියක් ගැන සඳහන් වෙනවා (බයිබලයේ නෙමෙයි – එය යූද පුරාවෘත්තයකි).

    > එය පශ්චාත් කාලීන විවරණයකි – බයිබලයෙ නෑ.

    බයිබලයෙ කායින්ගේ භාර්‍යාව ගැන පැහැදිලි නාමයක් නෑ.

    නමුත් ආදම්ට පුත්තු සහ දියණියන් ලැබුණු බව සඳහන්.

    ඒ අනුව කායින් තම සහෝදරියක් විවාහ කළා කියන අදහස ආගමික විවරණ අනුව පිළිගන්නා ලදී.

    ඔහුගේ දරුවන් හරහා මිනිස් වංශය විස්තාර වුණා.

    ---

    📌 අතීතයේ නීති:
    ඉදිරියේදී, ලෙවි නීතියෙ (Leviticus) සහෝදර විවාහ තහනම් වුණා. නමුත් උප්පත්ති කාලයේදි එවැනි නීති නොතිබූ බව විශ්වාස කෙරේ.

    මව සහ දියණිය එකම පුරුශයෙක් විසින් තබාගැනීමේ පුරුද්ද තහනම් බවට නීති ගෙනාවේ බයිබලයේ මුල් කාරයෙන් පස්සේ
    .

    ඉන්පසුවයි බහු භාර්යා සේවනය නවතන නීතිය ආවේ

    ඊටත් පසුවයි කාමමිත්‍යාචාරයට හැර වෙනත් හේතු මත කිසිසේත් අත් නොහරින්න කියන නීතිය ගෙනාවේ..

    ඇත්තටම වර්තමාන ආත්මික කිතුණුවෙකුට කාමමිත්‍යාචාරය නිසාවත් භාර්යාවක් අතහරින්න බෑ..

    මේ දේවල් පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය වර්ධනය වීමත් සමගයි සිදු වන්නේ..
    ආධ්‍යාත්මිකව දුර්වල අය වර්තමානයේත් තමාගේම දුව සමග.. සහෝදරිය සමග.. බහු භාර්යාවන් සමග.. දික්කසාද සමග... දික්කසාද නොවී සිටිමින් තම වෛශ්‍යා භාර්යාව සමග ජීවිතය ගෙවනවා..

    මේ දේවල් තෝරාගැනීම පුද්ගලයාගේ ආධ්‍යාත්මික තත්ත්වය මතයි සිදුවන්නේ.

    බයිබලයේ මුල සිට අගට යනවිට ක්‍රමානුකූලව මෙම තත්ත්වය දක්වා පුද්ගලයන් වර්ධනය වෙනවා.

    ReplyDelete
  11. නිදිගෙ FB ඇඩ්‍රස් එක මොකක්ද? අකමැත්තක් නැත්නම් විතරක් දෙන්න.

    ReplyDelete
    Replies
    1. fb ලිපිනය දෙන්නං. පරක්කු වුනාට සමාවෙන්න.
      https://www.facebook.com/nimal.dissanayake.10420

      Delete
  12. "... මම විස්තරේ පස්සේ කියන්නං. එතකල් උඹ මොකුත් නොදන්නවා වගෙ ඉවසගෙන ඉන්නවනෙ?...". ඒ පාර මොකද උණේ? ප්‍රසාද් මොකක් හරි අනවශ්‍ය වැඩක් කරලද. නිමල් ලියන විදිහට ඉතින් curiosity gets the better of us වෙලා, අපි ඉතින් ජම්ප් ද ගන්ස් වෙලා හිත හිත ඉන්න ඕනෙ.

    මට මතක් වුණේ නිමල් මේ සීරීස් එක ලියාගෙන එනකොට නිමල්ගෙ ලිංගිකත්වය ගැන ලියනවා වැඩියි කියලා කමෙන්ට්ස් තිබුණා නේද. ඕනෙ කෙනෙකුට තමන්ගෙ අදහස් කියන්න පුලුවන්, ඒකෙ කිසිම ප්‍රශ්ණයක් නෑ. නමුත් නිමල් මේ සීරීස් එක නොලියන්න තීරණය කළා නම් සමන්තිට නිමල්ගෙ රහස කියන, දීපාල්ට කියන (?), ප්‍රසාද්ට උදව් කරපු (but not sure he is just playing the victim card) වගේ 'රසවත්' හා අපිටත් යමක් හිතන්න පෙලඹවෙන දේවල් ලියවෙන්නෙ නෑනෙ. That's the importance of standing up for what you believe is right (within the moral framework of course).

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Lotus, සිදු වෙච්ච දේවල් වුණත් කුතුහලය දනවන විදිහට පෙළ ගස්සලා ලිව්වමනේ රහ වැඩි. ප්‍රසාද් නිසා වෙච්ච දේ ඊළඟ කොටසේ ලියමින් ඉන්නේ.
      මං කැමතිත්, පුරුදු වෙලා ඉන්නෙත් යමක් බලනකොට හරි කියවනකොට හරි හිතමින්; විග්‍රහ කරමින් ඒ කාරිය කරන්නයි. ඉතිං අනිත් අයත් එහෙම කරන්න කැමතියි කියන පදනමේ ඉඳගෙනයි මම ලියන්නේ.
      දෙදවසක් කම්පියුටරේ පැත්තටවත් එන්න ලැබුනේ නෑ. ඒ නිසා උත්තර දීම පරක්කු වුණා. සොරි හොඳේ...

      Delete
  13. "ඩැඩාගේ හිතවතුන්ගෙන් කවුරුවත් මගේ අමද්‍යප ප්‍රතිපත්තියට අවමන් කළේ නෑ". දියුනු සමාජවල සාමාන්‍යයෙන් අනිත් කෙනාට තමන් විදිහටම ඉන්න (authentic වෙන්න) ඉඩ දෙනවා නේද, සෑහෙන දුරකට . කට්ටියට එකතුවෙලා බීලා දඟලලා ජනප්‍රිය වෙන්න පුලුවන් වගේම, තමන් තමන් විදිහට ඉඳලත් ඕනෙ තරම් socialize වෙන්න පුලුවන්.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus, කෙනෙකුට තමන් විදිහටම අනෙකුන් ඉදිරියේ පෙනී සිටින්නට ඉඩ දීමත්- ඒ කැමැත්තට බාධා නොකිරීමත් කොතරම් වටිනවද?
      ඒත් ඒ බව වැටහෙන්නේ ටිකක් හරි බුද්ධිමත් අයට විතරයිනේ...

      තමන් තමන් විදිහටම පෙනී හිටින්නත් කෙනෙකුට ලොකු ආත්ම ශක්තියක්; ගට්ස් ගොඩක් තියෙන්නත් ඕනි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්