1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස

Sunday, February 28, 2021

යුවති කිරිල්ලී - විසිවෙනි කොටස

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත.

බරාඳයට යාබද කාමරය තුළට වී, ධනුෂ්ක එළියේ සිදු වෙනදේ හොඳහැටි අසා- දැනගත්තේය. ඔහු මාලතීව දුටුවේ යාන්තමිනි; ඒත් දොර රෙද්ද අතරිනි.

ඇයට පෙනෙනසේ කාමරයෙන් එළියට එන්නට සිතුණත් ඔහු එසේ කළේ නැත.

‘මාව දැක්ක ගමන්ම කලබල වුණොත්.... අප්පච්චිත් බලයි මොකද කියලා...’ අනපේක්ෂිත මොහොතක තමාව දැක ගැන්මට සැලැස්වීමෙන් ඇයව කලබලයකට පත් කරවීමට ඔහු බිය වූයේය.

******** 

“මෙච්චර කාලෙකට මමවත් අප්පොගෙ ඔය වගේ ගති ඇතිය කියලා දැනගෙන උන්නෙ නැහැනෙ!” මුදලිහාමි පළමුවෙන්ම කතාව පටන් ගත්තේය.

මාලතීලා ආපසු එනතුරු කිරි අම්මාත්, චන්ද්‍රාත්, කුසුමාවතීත් සිටියේ මඟ බලමිනි. පිල් කණ්ඩිය මත වාඩි වී සිටි චන්ද්‍රා, පාරේ ඈත කොණෙන් මතු වූ මාලතීව හඳුනාගත් විගසම කේතලය ළිපේ තැබුවාය.

“විල්මට්ලගේ තුන්මාසෙ දානෙ කටයුතු බොහොම හොඳට කරන්ඩයි කියලා රුපියල් පන්දාහක්ම දීලා මේ කෙල්ලට... හරියට වෙස්සන්තර රජ්ජුරුවෝ දාන පාරමිතාව පිරුවා වගේ, අප්පොත් මොකක් හරි පාරමිතාවක් පුරනවාද කවුද දන්නෙ?”

“මදැයි! එන්ඩ කියව්වේ ඔහොම දේකටය කියලා, අපි කාටවත්ම හිතුණෙ නැති එක නෙවැ පුදුමේ!” කුසුමාවතී චීත්තය සකසා හැඳගත්තාය.

“උඹලටත් ඉතිං ඕක දැනගන්නකල්නේ ඉවසිල්ලක් නැතිව ඉන්ඩ ඇත්තේ.... දැන් ඉතිං දැනගත්තනෙ! යමල්ල- යමල්ලා ගෙදර...”

 “මගෙ වාතෙ පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ තියේවිනෙ!”

“ටිකක් ඉඳලා යං අප්පච්චි... මං වතුර ළිප තිබ්බා තේ හදන්ඩ.” ගෙට වැදුණු චන්ද්‍රා තසිමක තැබූ ලඩු ගුළි කිහිපයක් ගෙනවිත්, මුදලිහාමිට පෑවාය.

“මේ කොහෙන්ද දුවේ?”

“අර වැල ගහ යට කොස් ඇට වකාරෙට.... බැදලා ලඩු කෙටුවා... අපෙ අම්මත් කැමතියිනෙ. ගන්ඩකො අපෙ අම්මා තව එකක්.... ඇයි, කිරි අම්මා කන්නෙ නැතිය?”

කිරි අම්මා සිනාසී අහක බැලුවාය. “මගෙ වාතෙ පුරෝ දාලා තියෙද්දින් කොස් ඇටත් කෑවොත්.....”
“.... රතිඤ්ඤා වැලක් පත්තු කළා වගෙ තියේවිනෙ!” මුදලිහාමි හක-හක ගා සිනා වුණේය.

“වයසට යනකොට ඔහොම තමයි... ආයෙ ඉතිං නවත්ත ගන්ඩයැ....”

තේ පානයෙන් පසු නික්මී යන මවට, ලඩු ගුළි කිහිපයක් දැමූ බෑගයක් දීමට චන්ද්‍රා අමතක නොකළාය. “මේවා නංගිල- මල්ලිලට....”

“අක්කලාගේ අප්පච්චිගෙත් වැඩ පාළු වුණා, මාත් එක්ක වලව්වට යන්ඩ ඇවිදිල්ලා...” මුදලිහාමිත්, කුසුමාවතීත් යනතුරු මඟ බලා සිටි මාලතී ආපසු හැරුණාය.

“ඒකට කමක් නෑ.... ඉක්මනට වරෙන්... අර කඳුරේ පේමවතීගෙ ගවුම් ටික මහලා ඉවර කරන්ඩ ඕනේ. හෙට උදේට ඒකි එයි එව්වා ගෙනියන්ඩ. පේමවතීට ගාමන්ට් එහෙක රස්සාවක් හම්බ වෙලා!” චන්ද්‍රා මාලතීවත් ඇදගෙන ආවාය.

යෙහෙළියෝ ඇඳුම් මසද්දී කිරි අම්මා නින්දකට වැටුණාය. “ඕං මාලතී කිරි අම්මා ගොරෝනවා.... ඔළුව අඩමානෙට හිටලා වෙන්ඩැති....”

මැෂිම නවත්වා නැඟී සිටි මාලතී, මිත්තණියගේ හිස සකසා තැබුවාය. “පව්! හොඳටම නින්ද ගිහිල්ලා.”

“උන්දෑ හිතේ හයියෙන් තමා දැන් පණ ගැට ගහගෙන ඉන්නේ!”

“කිරි අම්මව මෙහාට එවිච්ච එක කොච්චර එකක්ද අක්කා. නැත්තං අපි දෙන්නා විතරයිනෙ මේකෙ තට්ට තනියම ඉතිරි වෙන්නේ!” මාලතී සුසුමක් හෙළුවාය.

කඩිසරව කුඹුරු-වතු පුරා ඇවිදිමින් ඈ දහසක් කටයුතුවල නියැළුණු අයුරු.....

අම්මා සිටියදී කවමදාවත් ගෙයි පාළු බවක් දැනුණේ නැත. කඩිසරව එහෙ-මෙහෙ ඇවිදිමින් ඈ දහසක් කටයුතුවල නියැළුණු අයුරු මාලතීට මතකය.

කිරි අම්මා තම නිවසට පැමිණි පසු සිසිලියානා සතුටු වූ සැටි මාලතී සිහිපත් කළාය. “අපෙ අම්මගෙ පණ තියෙනකල්ම මට පුළුවනි, මේ අත් දෙකෙන්ම අපෙ අම්මට සාත්තු-සප්පායම් කරන්ඩ.”
එදා ඇයගේ පැතුම සිහිනයක් වී ගියේ කෙතරම් අනපේක්ෂිත ලෙසින්ද? ජීවිතය පැතුම්වලින් පිරුණු එකකි. එහෙත් ඒවායින් ඉටු කරගත හැක්කේ කීයෙන් කීයක්ද?

“ඔහොම කල්පනා කර-කර හිටියොත් නං මැහිලා තියෙයි අද!”

“මට අපෙ අම්මලාව මතක් වුණා චන්ද්‍රක්කා. උන්දැ කොච්චර නං දේවල් හිතාගෙනද හිටියේ? හොරු අරං ගියා වගෙ....”

“කොච්චර ඕවා ගැන කතා කළත් දැන් වැඩක් ඇතියැ... කෝ, ඔය කර්ණාකාර පටිය අල්ලලා ඉවරද? එහෙනං මේකෙත් ඉණ රැලි කරලා ගනිං...” චන්ද්‍රා මාලතීට වැඩ කිහිපයක්ම පැවරුවාය.

“ඒක නෙවෙයි බං... මට මතකම නැති වුණා. අද උදේ ලියුමක් ආවා. උඹට මතකයිද, අර අයියගෙ මරණ ගෙදරට යාළුවො වගයක් ඇවිත් හිටියා... එයින් උස එක්කෙනා...”

සොහොයුරාගේ මිතුරන් කිහිප දෙනෙකුම අවමඟුලට සහභාගි වූ බව මාලතීට මතකය. සමහරු හත්දොහේ දානයටත් පැමිණුණහ. එහෙත් එයින් එක අයෙකු පිළිබඳවවත් ඇයට විශේෂත්වයක් හැඟුණේ නැත.

“ඇයි බං අර උස හීන්දෑරි එක්කෙනා... ගිනිකූරු කට් එක තියලා හිටියේ... චන්දන. මතක නැද්ද? වැඩියත්ම අපි එක්ක කතා කළේ..”

“ඉතිං?”

“එයා ගැන තමයි වික්‍රම ඒ දවස්වල කියල තිබුණේ.... උඹලගේ අයියගෙ හොඳම යාළුවා එයාලු!” චන්ද්‍රා ඉඳිකටුවට නූල් පොටක් ඇමිණුවාය. මාලතී හිස ඔසොවා බැලූ අයුරු ඇය දුටුවේ නැත.

ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්!

“එයාව තමයි උඹට.....”

“අනේ චන්ද්‍රක්කෙ... අපි ඔය ගැන කතාව නවත්තලා දාමු!”

“නවත්තල දාන්න හම්බ වෙන එකක් නෑ... එච්චරටම ලේසියෙන්. ඔන්න එයාල මෙහෙ එනවලු, ආයෙමත්!”

මාලතී චන්ද්‍රා දෙස බැලුවේ ඈ විහිළුවක් කරනවාදැයි දැනගනු සඳහාය.  එවැන්නක් නොදුටු ඈ විස්මයට පත් වූවාය. “මෙහෙ එනවා....?” ඇයට ඇසුණේ ඉබේමය.

නැඟී සිටි චන්ද්‍රා අල්මාරිය මතවූ ලිපිය මාලතී දෙසට දිගු කළාය. මැහුම පසෙකට කළ මාලතී ලිපිය දිග හැරියාය.

එය කෙටි ලිපියකි. ලිපිය ලියවී තිබුණේ මාලතීගේ නමට නොවේ. චන්ද්‍රාට ලියැවී තිබුණු එහි, තුන් මාසයේ දානය යෙදෙන දින ආදිය විමසා- අනෙකුත් ඒ හා අදාළ විස්තරද දන්වන්නැයි කෙරුණු ඉල්ලීමක්ද විය. වික්‍රම වෙනුවෙන් ඔවුන්ගේ සුහදතාවත්- බැඳීමත් පහදා දී තිබූ ඔහු, ඔවුන්ට හැකි උපරිම අයුරින් මාලතීලාට සහාය දෙන බවද ලියා තිබිණි.

“දැන් ඉතිං උත්තරයක් ලියන්න වෙයි!”

ලිපිය නැවතත් කවරය තුළට බහා ආපසු දිගු කළ මාලතීට චන්ද්‍රා කීවාය. මාලතී හෙළුවේ උදාසීන බැල්මකි.

“මටයැ එවල තියෙන්නේ? චන්ද්‍රක්කටනේ!”

“ඒකට කමක් නෑ.... උත්තරයක් යවමුකෝ.”

“චන්ද්‍රක්කට ඕනි නං ලියන්න. මට ඕනෑ ඇති චන්දනයෙක් නෑ අක්කා....”

“මෝඩි! ඔළුවේ කැක්කුමක් හැදුණත් සඳුන් ටිකක් තමා දෙහි ඇඹුලෙන් උරච්චි කරලා ගාන්නේ.... චන්දනගෙන් නරකක් වෙන එකක් නෑ බං.....”

“මට නං චන්දනගෙන් අමුතු  හොඳක් වෙන එකකුත් නෑ අක්කා...” මාලතීත් හරහට උත්තර දුන්නාය.

********

අපි මොනවා කිව්වත් වැඩ සිද්ද වෙන්නේ බලධාරීන්ටම ඕනෑ විදිහටය... හොඳයි නැද්ද?

පොතක් ලියනවාට වඩා ගොඩක් අමාරු ඒක පළ කරගන්නා එකය. ලංකාවේ සාක්ෂරතාව ඉහළ යද්දී පොත්-පත්තර කියවීම සීග්ගරයෙන් පල්ලම් බහිමින් තියෙන බවය, පෙනෙන්නේ.

දැන් අප කියවන්නේ ප්‍රවෘත්ති මාතෘකා විතරය.... අප කිව්වේ මාත් ඇතුළුවය. එවෙලෙ ආතල් එකක් ගන්නවා මිස; ලේ කෝප කර ගන්නවා මිස, ඒ පුවත්වලින් වැඩි හරියක ගත යුත්තක් නැතිය කියලාය, මට නං හිතෙන්නේ.
ජහමනතාව සැලකිල්ලක් දැක්වුවත් නැතත්, එපා කියලා පර සක්වළ ගැහුවත් නැතත් හීන් සීරුවේ බලධාරීන්ට උවමනා විදියට වැඩ සිද්ධ වෙයි.
මගේ අසංවර වදන් කොස්ස නිරායාසයෙන් එළියට පනින්නේ මෙහෙම වෙලාවක ප්‍රශ්නයක් අහද්දීය. ‘අපි ඕවා කියෙව්වා කියලා අමුතු ලබ්බක් වෙනවයැ?’

අනෙක් අතට අප උනන්දු වන්නේ ස්ත්‍රී දූෂණ; ප්‍රසිද්ධ අයගේ දික්කසාද වගේ දේවල් ගැන කියවන්නටය. අද්‍යතන ශ්‍රී ලංකාවේ දවසකට පිළිකා රෝගීන් 80ක් විතර වාර්තා වෙන බව කියවනවාට වඩා, රූමත් තරුණියකට කෙරුණු අඩන්තේට්ටමක් ගැන විස්තරයක් අපේ අවධානය දිනා ගන්නවා නේද?

එහෙව් පසුබිමක, පොතක් පළ කරවා ගැනීමටත්- එය පාඨකයා වෙත ගෙන යාමටත් තියෙන්නේ හරිම දුක හිතෙන ක්‍රමවේදයන්ය!

යුවති කිරිල්ලී පොත අච්චු ගහන්නට හදන කාලේ මට ‘ගිහාන් ශ්‍රීනාත් අල්විස්’ සහෘදයා හමුවී තිබිණි. ඒ ගිහාන් TYTP- අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයට පැමිණි වෙලාවලදීය. ගිහාන් ආවේ, උපුල් සාන්ත සන්නස්ගලගේ ‘සරසවි දියණියෝ’ පොත බෙදා හැරීමේ වැඩවලටය.  

“නිමල් අයියා පොත ගහනවා නං මම බෙදා හරින්නම්!” ගිහාන් පොරොන්දුවක් දුන්නේය.
“හැබැයි නිමල් අයියේ, පොතෙන් කොටසක් හරි ගොඩගේ- දයාවංශ ජයකොඩි වගේ තැනකටත් දෙන එක හොඳයි බෙදා හරින්න.... අපි වුණත් දුර පැතිවල යන්නෑනේ පොත් උස්සගෙන.....” ගිහාන් තේරුම් කළේය.

“මගේ අකමැත්තක් නැ ගිහාන්. ඔයා ක්‍රමේ දන්න මිනිහනෙ.”
“එහෙම වුණාට මම ඉස්සෙල්ලම ඒ තැනක් එක්ක කතා කරලා බලන්න ඕනි. ඉස්සෙල්ලම ගොඩගේ මහත්තයට කියල බලන්නංකො. කැමති වුණොත්, පොතේ බෙදාහැරීම ගොඩගේ එකෙන් කියලත් පොත් දාහකට විතර දාන්න වෙයි... අනෙක් දෙදාහට විතරක් මගේ නම දාමු- බෙදා හැරීමට.” වැඩේ සිද්ධ වුණෙත් ඒ විදිහටය. ඒ 1996 දීය.

මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන විතරය....

අද වෙද්දී; මාසයකදී පොත් රැසක් පළ කරන පොත් ප්‍රකාශන සමාගම් ගොඩාරියකි. කර්තෘ ප්‍රකාශකයනුත් ගොඩකි. ඒ නිසාද කොහෙද, ඒ ඒ සමාගම්වල පොත්වලටමය- එයාලාගේ පොත් සාප්පුවල ඉඩ ලැබී තියෙන්නේ....

දැන් මට කියන්නට වෙන්නේ අතීත අත්දැකීම් ගැන විතරය, හොඳේ!
ශාඛා රැසක්ම තියෙන ප්‍රකාශන සමාගමකිනුත්, ‘අනුන්ගේ පොත්’ ළඟට ගෙනිහිල්ලාම දුන්නත් දුර-බැහැර ශාඛාවලට යවන්නේ නැතිය. “ඒ ශාඛාවකින් එවන්නයි කියලා ඉල්ලලා එවන පිටස්තර පොත් විතරයි අපි ඒවාට යවන්නෙ.... අපේ පොත් ගොඩක් තියෙනවනේ, සාප්පුවල display කරන්න බැරි තරමට.” වතාවක් මටම ලැබුණු උත්තරයකි ඒ.

“නිමල් අයියේ, ඔන්න ඔයාට තමයි තීරණේ කරන්න වෙන්නේ.
පොතක් බෙදා හරිද්දී, ලොකු සමාගම්වලින් පොත් සීයක්-දෙසීයක් ගන්නවා අත්පිට මුදලට... හැබැයි 50%ට. එහෙම ගන්නේ පුස්තකාල ටිකට යවා ගන්න.
එහෙම නැතිව පොත් විකිණුණාම සල්ලි දෙන්නත් බාර ගන්නවා; ඒ 40% කොමිස් එකට..... හුඟක් වෙලාවට එයාලා 10%ක් තියාගෙන තමයි, පිට පළාත්වලට පොත් යවන්නෙ....” ගිහාන් කියාපු දේවල් අනුවය මං ගණන් හැදුවේ.

“විකිණුණාම සල්ලි දෙනවයි කිව්වේ....”
“අපි හිතමුකො පොත් දහයක් සාප්පුවකට දැම්මාය කියලා. හුඟ වෙලාවට ඒ පොත් දහයම විකිණෙණකල් ඉන්න වෙනවා සල්ලි හම්බ වෙන්න.” ගිහාන් එදා කියූ තත්ත්වය දැන් වෙනස්වී ඇතිදැයි දන්නා කෙනෙකු වේනම්, කරුණාකර මටත් දැනගැනීම වෙනුවෙන් විස්තර ලියා එවනු මැනවි.
“....හුඟක් තැන්වලින් ගන්නෙත් පොත් පහයි- දහයක් දෙන්න වෙන්නේ බලෙන් වගේ.... සාප්පුවේ ඉඩ නැහැයි කියනවා....”

“මාර වැඩක්නේ ගිහාන්!”
“ඒක හින්දම තමයි නිමල් අයියේ පොත් ගැහිල්ල ලොකු කම්පැණිවලටම සින්න වෙවී යන්නේ... ඒක වුණත් ලොකු දෙයක්, දැන් පොත් සාප්පු වැහීගෙන-වැහීගෙන යන විදිහට..... නිකමට හොයල බලන්නකො, ප්‍රධාන ටවුමක වුණත් පොත් සාප්පු තියෙනවද කියල...” එදා ගිහාන් ශ්‍රීනාත් අල්විස් තරුණ පොත් බෙදා හරින්නා මට පැවසුවේ එහෙමය!

ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින්  සිටින්නේ.....

ඒ අනාවැකියක්ද? අද වුණත් සොයා බලන්නට වටිනවාය.

“එන්න එන්නම පොඩි-පොඩි සිල්ලර කඩ වුණත් වැහීගෙන යනවා වගේ තමයි නිමල් අයියේ, පොත් සාප්පුත්... ආසාවට කරගෙන ගියාට, මම වුණත් මේ වැඩේ නවත්තයි- තව ටික කාලෙකින්... නවත්තයි  නෙවේ, අනිවාර්යෙන් නවත්තන්න වෙයි වගේ!”

ගිහාන්ගේ මුහුණේ එදා තිබුණු විමසුම් බැල්ම නොවේ, මිලින්දගේ දෑසේ තියෙන්නේ....

“ඉතිං මිස්ටර් ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර?”

මිලින්ද දෙඅත් බැඳගෙන මිතුරා දෙස බැලුවේ ආඩම්බර ලීලාවකිනි. ධනුෂ්ක වාඩි වී කල්පනා කරමින්  සිටියි. දෝතළු ගස් ගොල්ලේ සෙවණැල්ල තණබිම හරහා තවත් දිගු වෙමින් තිබේ. ධනුෂ්ක වතාවක් මිලින්ද දෙස බලා නැවතත් බිම බලා ගත්තේය.

“කියපංකො හපාචියෝ, උඹලගෙ ප්‍රේම වෘතාන්තයේ අලුත්ම එපිසෝඩ් එක මොකක්ද කියලා.... බුම්මගෙන ඉන්නෙ නැතුව!”

“එපිසෝඩ් එක නෙවෙයි මචං, දැන් වෙනින් ප්‍රශ්නයක් තියෙනවා. උඹට පුළුවන් නං ඒකට විසඳුමක් දීපං.”

“යකෝ! උඹට ඉතිං ප්‍රශ්න නැති දවසක් නැහැනෙ... මච්චාං... මේ අපි වගේ ඉඳපන්... එතකොට නෝ ප්‍රොබ්ලම්. කොහෙද? මේ බුවා අහක යන ප්‍රශ්නයක් හරි ඇදගෙන ඇඟට දාගන්නවනේ.”

“දැන් අපේ අම්මගෙන් මට බේරිල්ලක් නෑ... නිල්ගල වලව්වෙ පූර්ණිමා ගැන කියලා. මට පේන්නෙ, අපේ අම්මා මාව ඉක්මනටම ලංකාවට ගෙන්නගෙන තියෙන්නේ පූර්ණිමා නිසා වගෙයි.”

“බොක්කෙ පින මචං! අපිට නැහැනෙ ඔහොම වාසනාවක්. කවුරු හරි මට ඔහොම හොයලා දෙනව නං.... පින නෑ මචං, පින නෑ!” මිලින්ද කියාගෙන ගියේය.
“...අරහෙන් මාලතී... සිරාවටම ලව්! මෙහෙන් පූර්ණිමා. ඇයි බං බල-බලා ඉන්නේ? ගට්ස් අරං- පපුව ඉස්සරහට දාලා- පලයං අම්මලත් එක්කලා නිල්ගල වලව්වට. කියපං පූර්ණිමාට කැමැතිය කියලා... හොඳ බරකුත් හම්බ වෙනවනේ!”

පූර්ණිමාව බැඳ ගත්තාය කියලා... (foto- ඉෂාර වනසූරිය)

“එතකොට මාලතී...?”

“ඉස්සර උඹලගේ සීයලත් කරල තියෙන්නේ ඔය වගේ වැඩනෙ! පූර්ණිමාව බැඳ ගත්තාය කියලා මාලතී අහක බලන එකක් නෑ.... ඒකිත් ඔහේ සයිඩ් එකෙන් ඉඳියි. උඹට ඉතිං දෙකක් වැඩි නැහැනෙ මචං...ඔන්න ඉතිං බෑෑෑෑෑෑෑමයි කියලා හිතෙනවා නං, ඒත් බය වෙන්න එපා මචං... මේ මස්සිනා මිලින්ද ඉන්නවා! මාත් සපෝට් එකක් දෙන්නං, ඔය ස්පෙයාර් වීල් එක හරි බලාගන්න...”

කියවෙන්නට ආ කුණුහරුපය ගිලගත් ධනුෂ්ක දත්මිටි කෑවේය. විසිවෙනි සියවසෙහි අග භාගයේදී ආදරය මෙතරම්ම හෑල්ලුවට පත් වී ඇත්තේ කෙසේද?
ආදරය යනු ආශාවන්ට වහල් වීමම නොවේ; හැඟීම්වලට ඉඩ දීමද නොවේ; එය පිවිතුරු හැඟීමක් විය යුතුය.

‘මිලින්දය හිතන්නේ මාත් අපේ අප්පච්චිලා වගේම මාලතීව මගේ ඇඳට ගෙන්න ගන්න බලා ඉන්නවා කියලා. මුංට තේරෙන්නෙ නැත්තෙ ඇයි මං මේ තරමටම කුපාඩියෙක් නෙවෙයි කියලා...’

තමාගේ සිතේ රෝස්මරී ගැන තිබුණේත් පිවිතුරු ආදරයක්ද? ධනුෂ්කට සිහි වූයේ පිළිතුරු නොමැති පැනයකි. ‘ඇයි නැත්තේ? වෙච්ච වැරැද්ද නැති කරන්න බෑ... ධනුෂ්ක. උඹ රෝසිට ඇත්තටම ආදරේ කළේ නෑ!’යටි සිත කෑ ගසයි. යෙදුණු අවස්ථාවන්ට අනුකූලව පාළුවේ; කාංසියේ සිටියදී තමා රෝසිගේ ඇසුරට වැටුණා පමණි.
මුලදී එය ආශාවක් විය; තාවකාලික පිළියමක් විය.

‘අන්තිමටම මං හිතුවෙ රෝසිට මගෙන් කෙරෙන්න ඕනි යුතුකමක් හැටියට...! මාත් ලංකාවෙ ඉපදිලා මෙහෙ විදිහට හැඩ ගැහිච්චි එකෙක් නොවුණා නං, රෝසිට කියාවි අපි නොගැළපෙන නිසා වෙන් වෙමු කියලා...එච්චර කාලයක් එකට හිටියට පස්සේ ඒ විදිහට කියන්න බැරිකමනේ මට තිබුණේ....
හොඳයි, එතකොට මාලතී? කවුද දන්නෙ මගේ හිතේ මාලතී ගැන තියෙන්නෙත් ඒ වගේ උණුසුම් හැඟීමක් විතරමද කියලා....’

මං මාලතීට ආදරෙයි! ඇත්තටම ආදරෙයි!!

ධනුෂ්ක දෙපැත්තටම කරුණු සෙව්වේය; ඉදිරිපත් කළේය. වැඩි වෙහෙසක් නොමැතිවම ඔහු තීරණයකට එළඹුණේය.
‘මං මාලතීට ආදරෙයි! ඇත්තටම ආදරෙයි!!’

ප්‍රශ්නය එය නොවේ; ඒ ආදරයේ අරමුණ කුමක්ද? තමාට එවැනි ආදරයකට උරුමකම් කියන්නට අයිතියක් තිබේද යන්න මුලින්ම විසඳාගත යුතුය.

‘තව වැඩි දවසක් මේවා හංගගෙන ඉන්න බැරි වෙනවා.... එදාට... එදාට ඔක්කොම එළි කරන්න වෙයි!’යටි සිත අනතුරු අඟවන බව ධනුෂ්කට වැටහිණි. හැකිතාක් කල්ගෙන සිටියත් එහි අවසානය එළඹෙමින් තිබෙන බව දැන් ඔහුට පෙනෙයි.

*********  

තුන්මාසයේ දානයට දින නියම කරගෙන තිබිණි. චන්ද්‍රා ඒ බව සඳහන් කරමින් චන්දනට ලිපියක් ලිව්වාය.
“ඉඳා, මේක හොඳද බලපංකො!” ඈ ලිපිය මාලතීටත් පෙන්නුවාය. එහෙත් මාලතී එය කියවූයේ නැත.

ධනුෂ්ක අප්පෝ නැවතත් ලංකාවට පැමිණ ඇති බව දැන් ඈ දනියි. මාලතී මෙතෙක් දිනක් පවත්වාගෙන ආ චිත්ත සමාධිය බිඳ වැටුණේ ඒ බව ඇසූ මොහොතේමය. කොතෙක් වෑයම් කළත් සිත අයාලේ දිව යයි. එය නවතා ගැනීම කළ නොහැක්කකි.

‘ධනුෂ්ක අප්පෝ ලංකාවට ආවා නං ඇයි මට පණිවිඩයක්වත් නොඑව්වේ?’ මාලතීට සිතුණේ ඉබේමය.

... කරන්ඩ තියෙන්නේ ඉෂ්ට දේවතාවුන්ට පහනක් පත්තු කරලා පිං දෙන්ඩයි; උඹව ඔය වගේ එකෙක්ගෙන් ඉක්මනටම ගලව ගත්තට....

“උඹලා එදා වලව්වට යනකොටත් අප්පො ලංකාවට ඇවිල්ලලු හිටියේ. ඔච්චරටම ආලවන්තකමක් නෙවෙයි; හිතෙසිවන්තකමක්වත් තිබුණා නං එදා උඹට වචනයක් කතා කරන්ඩ තිබුණනෙ.... නිකං මනුස්සකමටවත්! .. එයත් ඉතිං අමුතු වේවිය? අප්පච්චිගේ ලේමනෙ ඒ ඇඟේ දුවන්නෙත්.... දැන් නං මට පේන්නෙ නංගියේ, උඹට කරන්ඩ තියෙන්නේ ඉෂ්ට දේවතාවුන්ට පහනක් පත්තු කරලා පිං දෙන්ඩයි; උඹව ඔය වගේ එකෙක්ගෙන් ඉක්මනටම ගලවා ගත්තට.... මොකුත් කරදරයක්-වැරැද්දක් වෙන්ඩ කලින්!”

චන්ද්‍රාට විරුද්ධව ඉදිරිපත් කළ හැකි කිසිම තර්කයක් මාලතීට නැත. ධනුෂ්ක අප්පොගේ හැසිරීම සැබවින්ම ප්‍රහෙලිකාවකි.

“තනි හිතකින් ආදරේ කරන්ඩ පුළුවනි බං.... ඒත් මාලතී ඒක ජීවිතේම දුක් කන්දරාවකට ඇදලා දා ගැනිල්ලක් විතරයි....”
මිතුරියගේ එවැනි වදන් දැන් මාලතීට හොඳහැටි පුරුදුය.

ධනුෂ්ක අප්පොගේ හැසිරීම කෙතරම් ගුප්ත ස්වභාවයක් ගත්තත්, එය වැදගත් දෙයක් නොවේ. දැන් තමාගේ හදවතේ නිදන්ව ඇත්තේ ඒ රුව පමණක් බව මාලතී දනී. ධනුෂ්කගෙන් තොර ජීවිතයක් ගැන සිතන්නටවත් බැරි තරමටම ඈ ඔහුට පෙම් කරන්නීය. එය පැහැදිලිය.
ප්‍රශ්නය වනුයේ ඔහුත් තමාට නොගැළපෙන බව පෙනෙන මේ ගැමි යුවතියට සැබවින්ම පෙම් කරන්නේද යන්නයි.
‘මෙච්චර ඉක්මනට මාලතී කියල කෙනෙක් හිටියද කියලවත් මතක නැතිවෙන තරමට නපුරු වුණේ කොහොමද අප්පෝ?’

“මාලතී, හැමදාම ප්‍රශ්න යට ගහ-ගහ ජීවත් වෙන්ඩ බෑ නංගියේ.... මට තේරෙනවා.... මාත් ආදරේ කරපු කෙල්ලක් බං. උඹේ හිතේ පත්තු වෙන ගින්දර මට තේරෙනවා.
ආදරේය කියලා, ඔය ගින්දරෙන් හැමදාම පිච්චි-පිච්චී ඉන්න එකේ තේරුමක් නෑ නංගියේ.... මං කියන එක අහපං! මම උඹට කියන්නෙ නෑ දැන්මම තීරණයක් ගන්ඩය කියලා.... එහෙම හදිස්සියක් නෑ. හැබැයි, උඹ තේරුම් ගන්ඩ ඕනෑ උඹ වගේ කෙල්ලෙකුට හැමදාම තනියම ජීවත් වෙන්ඩ බැරි බව.”

අපේ අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා.....

“එහෙනම් චන්ද්‍රක්කා ඔය ඉන්නේ?”

“මෝඩි! උඹ හිතනවද, මං වුණත් මැරෙන තුරාවටම මෙහෙම තනියම ඉඳීවි කියලා.... නෑ බං. මට ඕනෑ වුණත් ඒක කරන්ඩ බෑ...
අපේ අම්මලා-අප්පච්චිලා දහදුක් විඳලා අපිව හදල-වඩලා ආසාවෙන් බලා ඉන්නවා, අපේ ජීවිතත් හොඳට ගෙවෙනවා දකින්ඩ. දැනටමත් උන්දැලා පපුවේ ගින්දරෙන් ඉන්නේ මාව ගෙදරටම නාකි වේවිද කියලා...
ගමේ එවුන් කියනවා මගේ කාලකන්නිකමටමයි වික්‍රම මැරුණේ කියලා. මං ඕවා නොදන්නවා නෙවෙයි බං.

මම ඔය ඔක්කොමලටම පෙන්නනවා දවසක...
ඉරණමටම ඔක්කොම බාර දීලා, මම නං නිකං බල ඉන්නෙ නැහැ බං.... අන්තිම මොහොත වෙනකල්ම පුළුවන් දහිරිය සේරම දානවා.....!”

............  

11 comments:

  1. පොතක් ලියන එක තමයි අමාරුම දේ කියලයි මම හිතාගෙන හිටියේ. නමුත්, මේවා කියෙව්වාම තමයි තේරෙන්නේ, පොත ලියන එක තමයි පහසුම කටයුත්ත, මුද්‍රණය, බෙදා හැරීම වගේ දේවල් ඊට වඩා බොහොම අමාරුයි කියලා. ඒ හැර කොමිස් මුදල 10% -15% වගේ මිසක් 40%-50% කියලා නම් කවදාවත් හිතුනේ නැහැ.
    අර නිලමේ සූට් එකේ ඉන්න සහෝදරයෝ දෙන්නා ඔය පින්තුරෙත් එක්ක ලස්සන කතාවක් දාලා තිබිලා මමත් කියෙව්වා.

    ReplyDelete
    Replies
    1. අනේ, දැන් නම් හිතෙනවා ලියන්නට හිතාගෙන ඉන්න අයව අධෛර්යවත් කළාවත්දෝ කියලත්. කවුරුවත් බය වෙන්නවත්, දිරිය- උනන්දුව නැති කරගන්නවත් එපා. හැබැයි, යතාර්ථය දැනගෙන හිටියම එන ප්‍රශ්න අවම කරගත්තැකිනෙ.

      සෑම් මහත්තයෝ, ඔයා හරි, ඒ foto එක තිබුණේ 'අඩයාලම' group එකේ. ඉෂාර වනසූරිය නමින්. ඒ නිවුන් අයියයි, මල්ලියි අපූරු නිසා මම ඒ foto එක බාගෙන තිබුණා.

      Delete
  2. පොත් කඩවල වැඩ කරන අයගේ අකාර්යක්ෂමබවත් බලපානවා. ශෙල්ෆ් එකේ පොත් නෑ, කම්පියුටර් එකේ පෙන්නනවා. පබ්ලිශර්ගෙන් ඕඩර් කරන්නෙ නෑ.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයා වගේ ඇයට නම් මේ උත්තරය දෙන්න ඕනිත් නෑ. කරුණු දන්නවා ඇති මට වඩා හොඳට.
      පොත් සාප්පුවලට සේවයට ගන්නේ තරුණ තරුණියන්නෙ. ඒ අය අතරේ පොත්වලට ආදරේ කරන අය හරිම අඩුයි. ඒ රස්සාවේ හුඟක් කල් ඉන්න අදහසක් නැතිවද මන්දා දැනීම යාවත්කාලීන කරගන්න උනන්දුවකුත් නෑ. ඉතා කලාතුරකින් තමා කැපවීමෙන් වැඩ කරන අයව පොත් අලෙවි ක්ෂේත්‍රයේදී මටත් හමුවී තියෙන්නේ.
      එයාලා මේ කර්මාන්තය ගැන දන්නවා නං කතුවරුන් ගැන මීට වඩා මානුෂීයව සලකයි!

      Delete
  3. ප්‍රා ජේ ගෙ කමෙන්ටුවත් එක්ක මාත් එකගයි. පොතක් හොයා ගන්ඩ ඇත්තටම උදව් වෙන සහායකයෝ මට තාම හම්බ වෙලා තියෙන්නෙ මරදානේ සූරිය ප්‍රකාශකයො ගාවය් තර්ස්ටන් එක ඉස්සරහ විජිත යාපා එකෙයි විතරයි. දවසක් ආන්ඩුවේ පොත් විකුණන තැනකට ගිහින් එතන් ඉන්න කැෂියර් නෝනා බත් කාලා අත හෝදගෙන එනකල් මට ඉන්ඩ උනා. තවත් දවසක එතනම මට ඉතුරු සල්ලි දුන්නේ ඉදුල් අතින්. එතන කාඩ් වලින් ගෙවීමේ පහසුකම නෑ කියල කියන්ඩ ඕන නෑ නෙ.
    තාම පිට පලාත්වල තියෙන හොද පොත් කඩේකට මට හම්බ වෙලා තියෙන්නෙ අම්පාරෙ වැලිගම පොත් හල.මම මේ කියන්නෙ 2005 දි විතර. 2016 විතර අම්පාර හරහා යන වෙලාවක ඒ පොත් කඩේට ගොඩ වෙන්ඩ හැදුවත් මට පොත් කඩේ හොයා ගන්ඩ බැරි උනා. සමහර විට වහල දාලාද දන්නෙ නෑ!!

    ReplyDelete
    Replies
    1. ලොකූ, ඔයාට අමුතුවෙන් උත්තර ලියන්නේ වෙනම කාරණයක් ගැන. Pra Jay මහත්තයට ලියපු පිළිතුර ඔබතුමාටත් අදාලයි වගෙනෙ.

      එක්තරා ප්‍රසිද්ධ පොත් ප්‍රකාශන සමාගමක ගබඩාවේ සේවය කරන කාන්තාවක් පුරුදු වෙලා හිටියා 'නිමල් අයියේ, මේ පොත අපිද අච්චු ගහලා තියෙන්නේ?' කියලා මට ඇමතුමක් දීලා අහන්න. ඒ සමාගමෙන් මුද්‍රිත පොත් ගැනවත් එයාට මතක නෑ!

      අම්පාරේ යාලුවෙක් ඉන්නවා. වැලිගම පොත් සාප්පුව තියෙනවා නං ඔයාගේ පැසසුම ඒ යාළුවා හරහා ඒ සාප්පුවේ අයට දැනගන්නට සලස්වන්නම්!

      Delete
  4. මේ කතාවේ පොඩි ප්‍රශ්නයක් තියෙනවා. මට මිස්වුන කොටස් තියනවද මන්ද? මෙච්චර මාලතිට ලව් ගහන්න එකපාරක් දෙපාරක් හමුවෙලා විතරනේ. ටිකක් අභව්‍යයි වගේ.
    ප්‍රක්ෂණ ගැන නම් මතක කරන්න එපා. කරපු පොත් තුනෙන්ම කෑව හේ හේ

    ReplyDelete
    Replies
    1. අජිත් කියන දේම මටත් තරමක් දුරට හිතුනා. පලවෙනි හේතුව ධනුෂ්ක හා මාලතී වෙනස්ම සමාජ ස්ථර දෙකක් නිසා (තව කෙනෙක් පහත් කරන්න නෙවෙයි, background එක වැදගත් බව හැමෝම දන්න නිසා කිව්වේ), දෙවෙනි හේතුව පවුල් දෙකේ අතීත සිදුවීම් නිසා ඇති නොරිස්සුම් සහගතබව. මේ ඔක්කොම දැනගෙනත් ධනුෂ්ක මේ තරම් තදබල ලෙස ආදරේ ඇයි කියන එක නිමල් තව ටිකක් convincingly පෙන්නුවා නම් .....

      (වාක්‍ය දහයක්වත් ලියාගන්න බැරි මන් වගේ කෙනෙක් මෙච්චර මහන්සියෙන් පොත් ලියපු කෙනෙකුට පන්ඩිතකම් කියනවා කියන වරදකාරි හැඟීම ඇතුව උනත් කමෙන්ට් එක දානවා)

      Delete
    2. අජිත්, Lotus දෙන්නගෙම ඍජු විවේචනවලට ස්තුතියි. ඔයාලා හරි. පොත පළ කළාට පස්සේ මටත් හිතුණා ඒ ආදරය එච්චරටම බලවත් වීම ඒත්තු යන විදිහට ලියවිලා නැති බව.

      පොත ඒ විදිහටම ඔයාලටත් ඉදිරිපත් කරනවා මිස ආයෙ සංස්කරණයක් නොකරන නිසා අඩුපාඩුත් පොත ලියූ කාලේ වගේම තියෙනවා.

      තවත් රහසකුත් කියන්නම වෙනවා දැන්. පළමු දැකීමෙන්ම - එහෙමත් නැතිනං රූපය දැකීමෙන්ම - කටහඬ ඇසීමෙන්ම වගේ දෙයකින් වුණත් දෙදෙනෙක් අතර බලවත්ම ආකර්ෂණයක් ඇතිවිය හැකි බවයි මගේ හැඟීම. මට නම් එහෙම වෙලා තියෙනවා. මං හිතන්නේ ඒ 'සසරෙ පුරුදුකමක් නිසා' කියලයි. ඒ හින්දද කොහෙද මට ඔහොම ලියවෙන්න ඇත්තේ.

      Lotus, කෑමවල රහ-ගුණ නියමෙටම තේරෙන හැමෝටම හොඳට උයන්න බැහැයි කියලා කතාවක් මම අහලා තියෙනවා. ඔයා කියවන; වටහාගන්නා හා ග්‍රහණය කරගන්නා විදිහ මටත්, වෙනත් අඩවිවලටත් එවන කමෙන්ට්ස්වලින් දකිනවා. ඒ අනුව නම් මට හිතෙන්නේ ඔයාටත් ලියන්න ඕනෑකමක් විතරයි අඩු! ඔයාට ලියන්න බෑ කියන බොරුව කවුද කියන්නේ?
      කමෙන්ට්ස් හරි කමක් නෑ දිගටම ලියන්න.

      96 ලිව්වට පස්සේ මම ආයෙමත් ලිව්වේ 2000 විතර. ඒ තරමට කම්මැලිව හිටියේ. මෙහෙම නොකඩවා ලියන්නේ 2018 බ්ලොගය ලියන්න ගත්තමයි. ඒකත් වෙලාව ගත කිරීම ලේසි වෙන්න.

      අජිත් මහත්තයෝ, පොත් පළ කරන වැඩෙත් හරියට දරුවෙක් බිහි කරනවා වගේද මන්දා. හරිම වේදනාවෙන් දරු ප්‍රසූතිය කරන අම්මලා කියනවලු 'ආයෙ නම් දරුවෝ එපා' කියලා. ඒත් එතැනින් නවතින්නේ නැහැල්ලු.

      Delete
    3. නිමල් කියන දේ හරි. සමහර අයට මුලින්ම හමුවුනු ගමන් ආකර්ෂණය වෙනවා හිතාගන්න බැරි විදිහට. කොහොම වුනත් අදහස ධනාත්මකව ගත්ත එකට ස්තුතියි.

      කරුණාවන්ත වචනවලට ස්තුතියි. මන් එහෙම කිව්වෙ පොත් ලියන අය තව තවත් අගය කරන්න ඕනෙ නිසා.

      Delete