“මේක ටිකක් ඒකාධිපති ගතියක් නේද?
මම කියන්නේ තනි මතයටම වැඩ කිරීම...”
“කොහොමද නිමල් අයියේ, තනි මතයටම වැඩ
කිරීම වැරදි වෙන්නේ- ඒ තනි මතය දරන්නා නිවැරැදියි නං... වැඩේ තියෙන්නෙ publishing
සම්බන්ධව ගොඩක් දේවල් කරන්න හැකියාව මට තියෙනවා. වෙන පබ්ලිෂින් ආයතනයකට නං කාව හරි
හයර් කරලා- කුලියක් ගෙවල කරවාගන්න වෙන දේවල් මටම කර ගන්න පුළුවන්. ඇත්තෙන්ම මට ඒක
ලොකු වාසියක්!
 |
එඩිටින් පැනල්
එකක් හරි ඉන්නවා නං ගහන්න හොඳ පොත් මොනවද කියල තීරණය කරන්නේ එයාලනේ. |
-ප්‍රකාශන ආයතනයකට Publishing Manager
කෙනෙක් හරි එඩිටින් පැනල් එකක් හරි ඉන්නවා නං ගහන්න හොඳ පොත් මොනවද කියල තීරණය කරන්නේ
එයාලනේ. අපේ ආයතනේ ඒ රාජකාරිය කරන්නේ මං.
-අද වෙනකොට මම සන්තෝස වෙනවා, මගේ සාහිත්‍ය
දැනුම ඇතුළෙදී නවකතාවක් පළ කිරීමට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න මට යන්නේ,
හරියටම මිනිත්තු දහයයි. ‘මිනිත්තු දහයයි’ කියලා කියන්නේ... මගේ දැනුමෙන් මට කියන්න
පුළුවන් මෙයාට ඇත්තටම නවකතා ලියන්න පුළුවන්ද, බැරිද- මෙයා මොන මට්ටමේ
නවකතාකරුවෙක්ද- විදර්ශන එකට මෙයාගේ පොත කරන්න පුළුවන්ද බැරිද කියලා.’
පහුගිය posts ගණනාවකදී, ජීවිතේ සෑහෙන කාලයක්
මුද්‍රණ කර්මාන්තයට; විශේෂයෙන් පොත්වලට සම්බන්ධ වෙලා හිටි බව මගෙන් කියැවුණා
විතරයි...
පොතක් ගහන්නෙ කොහොමද- විකුණා ගන්නෙ කොහොමද- හොඳ ප්‍රකාශකයකු contact කර ගන්නෙ
කොහොමද වගේ ප්‍රශ්න වරින්-වර මට යොමු
වෙලා තිබුණා. මොකද, යහමින් ලියන හැමෝගෙම වගේ ඊළඟ අදහස ලියපුවා පොතක් විදිහට අච්චු
ගස්සවන එකනෙ.
එහෙම උනන්දු අය බොහොමයි! ඒ උනන්දුව හින්දාම සමහරුන් ‘අතින් කාලා හරක් බලල’ තිබුණු
විත්තියත් මට ලියා එව්වා.
මේ posts පෙළ කියවපු අය වෙන්නෝනි, කිහිප
තැනක ‘පොත් ප්‍රකාශනේ ගැනත්’ එකේක විදිහේ විස්තර කියල තිබුණා, පහුගිය දවස්
කිහිපයේ. මේ මෙතැනට අදාළ විස්තර ටිකක්.
‘Pra Jay:
මං සිංහල නවකතාවලින් දැන් කියවන්නේ අයිතිහාසික හෝ අතීත මතක පොත් විතරයිනෙ. පිටරට ඉංග්‍රීසි
සහ ලංකාවෙ සිංහල නවකතාවල ලොකුම වෙනස මට පේන්නෙ රිසර්ච් සහ එඩිටිංවල වෙනස. ප්‍රේමකීර්ති
රණතුංග වගේ අය රිසර්ච්වල අඩුපාඩු අවම කරගන්න හුඟක් වෙහෙසෙන අය. ඒත් එඩිටිංවල අඩුපාඩු
එහෙමමයි. වචන, මුද්‍රණ දෝෂ නෙමෙයි මං කියන්නෙ. ප්ලොට් එකේ වරදින තැන්, නම් වරදින තැන්, රිපීට් වෙන තැන් වගේ ඒවා.
හැබැයි පිටරට හොඳ ඉංග්‍රීසි නවකතා කර්තෘවරුන්ට තමන්ගෙ රිසර්ච් කණ්ඩායමක් ඉන්න
නිසා (හුඟක් වෙලාවට එක පොතේම වෙනස් විෂයයන්ට වෙනමම රිසර්චර්ස්ලා ඉන්නව) සහ ප්‍රකාශකයින්ගෙන්
එඩිටර්ස්ල කණ්ඩායමක් ලැබෙන නිසා ලංකාවෙ නවකතා පොත් එක්ක සංසන්දනය අසාධාරණයි.
ඒත් කියවන අපිට ඒ වෙනස හොඳින් දැනෙනවා
Mahesh
Rathnayake:
ඉංග්‍රීසි නවකතා එක්ක මේව සසඳන එක තේරුමක් නෑ. ඒක හරි. සාමාන්‍යයෙන් මම ලේසියකට එහෙම
කම්පෙයා කරන්නෙ නෑ. නමුත් අනිත් අයට එහෙම වෙන්න පුළුවන් නෙ. ඒක හරි.
 |
ඒ විදිහට
බලද්දී නං මට හිතෙනවා ‘සුදුසු පොත් තේරීමේ- ජනක ඉනිමංකඩ One Man පැනල් එක’
සම්පූර්ණයෙන්ම වගේ සාර්ථකයි කියලත්. (Foto-හේමන්ත අරුණසිරි) |
ප්‍රේමකීර්ති මහත්මයගෙ පොත්වල රිසර්ච් පැත්ත හොඳයි. එඩිටිං අවුල්. ඔයා කියන
ප්‍රශ්නෙ නිතරම මම දකිනව.
ලංකාව වගේ රටක ලොකු කෘ එකක් තියාගෙන පොතක් කරනව කියන්නෙ බැරි වැඩක් නෙවෙයි. කරන්නම
බැරි වැඩක්.
ඒකට කාටවත් දොස් කියල හරියන්නෑ.
පොත් කියන ජාතිය එක කුලකයකට හිර කරගන්න දඟලන විදග්ධ විදිහට පෙනී හිටිය ඔලමොට්ටලයො
තමා මේවට වග කියන්න ඕන.
මොකද ලංකාව කියන්නෙ ග්‍රන්ථ සාහිත්‍යට ආගන්තුක රටක් නෙවෙයිනෙ.’
උඩින් දක්වපු අදහස් දෙක ගත්තේ ‘අවන්හල’ අඩවියේ ‘මුක්කරු ගොඩැල්ල’ පොත ගැන පෝස්ටුවේ comment තීරුවෙන්.
ඒ විදිහට බලද්දී නං මට හිතෙනවා ‘සුදුසු
පොත් තේරීමේ- ජනක ඉනිමංකඩ One Man පැනල් එක’ සම්පූර්ණයෙන්ම වගේ සාර්ථකයි කියලත්.
මගේ දැනීමේ හැටියට ජනකට වැරදුණේ එකම එක වතාවයි. මටත් තවම පුදුමයි ඒ ගැන. ඒ පොත
ගැහුවෙත් අපි.
ඒ පොත ලිපි පෙළක් විදිහට ‘රාවය’ පත්තරෙත් පළ
වුණා. ඒ රසබර ලිපි පෙළ කියවල තිබුණු මං හිතුවෙත් පොත ‘යයි’ කියලා. (ගණ පිහිටුවලා
දාපු නමක් වගේ පොතේ නමත් හොඳයි.) නමුත් වුණේ අනිත් පැත්ත-
‘සුමන මතක’ පොත ගියේම නෑ!
ඒකෙ එච්චර පුදුමෙකුත් නෑ, හැරී පොටර් පොතත් මුලින් ප්‍රකාශකයන් වෙතින් රිජෙක්ට්
වෙච්ච එකක්ලුනෙ- පස්සේ hit වුණාට.
ආයෙමත් ජනකගේ කතාව නවත්තපු තැනටà
‘දැන් අපේ විදර්ශන එකට අනුබද්ධ තවත් ආයතන
දෙකක් තියෙනවා. ප්‍රෝග්‍රස් කියලා එකකුයි, Baby Bee කියලා එකකුයි. බේබි බී එකෙන්
මුද්‍රණය කරන්නේ ළමා පොත්.
-විදර්ශන එකේ ගහන කොලිටි එකට නැති පොතක්
වුණත් විදර්ශන කොලිටියකින්ම ප්‍රින්ට් කර ගන්න කැමති කෙනෙකුට මුද්‍රණ වියදම දීල ඒ
පොත Progress ආයතනයෙන් කර ගන්න පුළුවන්. පොත විකිණිලා ඉවර වුණාම, අපි ඒ මුද්‍රණ
වියදම return කරනව.
-ඒක අපි ගොඩනඟාගෙන තියෙන අපේ ආයතනික
පෞරුෂය; විදර්ශන පෞරුෂය!
ඒකත් එක්ක අපි ඉදිරියටත් වැඩ කරනවා.
අපිට printing press එකක් ඇරුණුකොට අනෙකුත් සියලු කටයුතු දැනටමත් මෙතැනදීම කරන්න
පුළුවන්.
-එතකොට ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ලේඛකයෝ
සෑහෙන ප්‍රමාණයක් දැන් අපිත් එක්ක තමයි වැඩ කරන්නෙ. මම හිතන්නේ... එක ආයතනයක් තුළ
ගොනු ගැහිලා ඉන්න ලේඛකයෝ ගොඩක් ඉන්න අයගෙන් සරසවි එකයි, ගොඩගේ එකයි ඇරුණුකොට දැන්
අපි තමයි ඉන්නෙ.”
 |
සිද්ධාර්ථ
කුමාරයා වුණත් තාත්තට කීකරු වුණා නං... (සිතුවම- සුධාර රන්ජිත්ප්‍රිය) |
යකාට බය කෙනෙක් සොහොනක දපන්නේ නැත!
විදර්ශන ආයතනය මඟින් ජනක ලෝක සාහිත්‍යයේ කිරුළු පැළඳි සම්භාව්‍ය ලේඛකයන් රැසක්ම
අපට හඳුන්වා දුන්නේය. ගබිරියෙල් ගාර්ෂියා මාර්කෝස්, මිලාන් කුන්දේරා, ඉසබෙල්
අයියන්දේ, ඉෂාක් බෂේවිස් ෂිඟර් ...... ලැයිස්තුව ඉතා දිගු එකකි.
මේ හාදයා ඉතා පෙරළිකාර පොතුත් ගොඩක් විදර්ශන ප්‍රකාශන යටතේ අච්චු ගැස්සෙව්වේය.
සියක් වසක හුදෙකලාව, සමුගනිමි ගුල්සාරි, මිනිත්තු එකොළහේ කතන්දරේ, අසිරි සිරිනි,
ෂැන්හයි සොඳුරිය, නිරුවත් ගැහැනිය- ඒ ලැයිස්තුවත් කොට නැත: සම්පූර්ණ පෝස්ටුවක්
ලියන්නට තරම් දිගය.
අගේ ඇති ශ්‍රී ලංකේය ලේඛක- ලේඛිකාවන් ගොඩ දෙනෙකුගේ පොතුත් පළ කළේය. සුනේත්‍රා
රාජකරුණානායකගේ රිදී තිරංගනාවි- ප්‍රේම පුරාණය, නිශ්ශංක විජේමාන්නගේ කීඩෑවෝ
ඇවිල්ලා- වැලන්ටයින් කුමාරයා... වගේ පොතුත් ලංකාවේ පාඨකයන්ට තිළිණ කළේ විදර්ශනෙනි.
හැබැයි ඒ අතරෙත් ‘විදර්ශන’ කඩාගෙන වැටුණේය!
‘ඔය හත්තිලව්ව අතාරිනවා’ කියපු තාත්තගේ
අවවාදයට ජනක ඉනිමංකඩ කීකරු වුණා නං...
“ලෝකය වෙනස් කරපු හැම මනුස්සයෙක්ම තාත්තගේ තීරණයට පිටින් ගියපු අය. එයාල තමයි
ලෝකය වෙනස් කරන්නේ. තාත්තා සමඟ ඉන්න අය ලෝකෙ වෙනස් කරන්නේ නෑ. ඉතිහාසය බලද්දී පෙනෙන්නේ
ඒ විදිහටයි- ඒක ඉතිං සිංහබාහුගේ... දුටුගැමුණු කුමාරයගෙ ඉඳල ඔය ඔක්කෝගෙම කතන්දර ටික
අරගත්තත් එහෙම තමයි... ලෝකයේ ඕනෑම තැනක... ඇත්ත වශයෙන් ගත්තොත් ‘තාත්තාගේ ක්‍රමය කියන්නේ
සම්ප්‍රදායික විදිහ’නෙ.
-හැම වෙලාවෙම change එකක් කරන; වෙනසක් ඇති කරන මිනිස්සු ඔන්න ඔය සම්ප්‍රදායට විරුද්ධවයි වැඩ කරල තියෙන්නේ.
සම්ප්‍රදායට එකඟව; කීකරුව බැට්න් එක අරගෙන යන කෙනා ඉදිරියෙදි ජීවිතේ කියන්නේ නිසංසලව ගලාගෙන යන
ගඟක්. මේ changes කරන කෙනා ළඟදී මේ ගඟ සලා වැටෙන- අපූරු දියඇලි හදන එකක්... සිද්ධාර්ථ කුමාරයා
වුණත් තාත්තට කීකරු වුණා නං බුද්ධත්වයට පත් වෙන්න හම්බ වෙනවද?
-එතකොට අන්න ඒ වගේ, ඒ මොහොතේ තියෙන system එකට විරුද්ධව ගිය අය තමයි ලෝකෙ වෙනස් කරල
තියෙන්නෙ. එහෙම කරන්න ගිය සමහර මිනිස්සු එයාලගෙ ජීවිත කාලය තුළදී අසාර්ථක වෙලත් තියෙනවා.
එහෙම අය වුණත්- මැරුණට පස්සේ හරි; එයා කරපු චේන්ජ් එක නිසාම ලෝක පූජිත වෙලත් තියෙනවනෙ...
-දැන් බලන්න, වින්සන් වැන්ගෝ
එයාගේ ජීවිත කාලෙදී චිත්‍ර දෙදහස් ගණනක් අඳිනවා. නමුත් එක චිත්‍රයක්වත් විකිණෙන්නෙ
නෑ. එයාට බඩගින්නට කන්න දෙයක්වත් නෑ... සීතල කාලෙට සීතල නිවා ගන්න තමන් ඇඳපු චිත්‍රම
තමයි පුච්චන්න වෙන්නේ; දර ටිකක් ගන්න සල්ලි නැති හින්දා.
 |
අද වෙනකොට
වින්සන් වැන්ගෝගෙ චිත්‍ර විසිපහක් ලංකාවට තියෙනවා නං ලංකාවේ ණය ටික ගෙවා ගන්න පුළුවන්.
අද ඒ චිත්‍රයක් එච්චර මිල... |
-නමුත් අද?
-අද වෙනකොට වින්සන් වැන්ගෝගෙ චිත්‍ර විසිපහක් ලංකාවට තියෙනවා නං ලංකාවේ ණය ටික
ගෙවා ගන්න පුළුවන්. අද ඒ චිත්‍රයක් එච්චර මිල වෙනවා.
හැබැයි, එයාගේ ජීවිත කාලෙ තුළ එයා ආර්ථික වශයෙන් සාර්ථක වුණේ නැහැනෙ. නමුත් එයා චිත්‍ර
කලා ඉතිහාසය චේන්ජ් කරපු මනුස්සයෙක්.
-එතකොට මිනිස්සු කරන changesවල ආසන්න ප්‍රතිඵල විතරක්ම නෙවෙයි නේද බලාපොරොත්තු වෙන්න ඕනේ. මම හිතන්නේ එහෙමයි; හිතාගෙන වැඩ
කරන්නේ එහෙමයි!
-ලොකුම දේ තමයි, ලංකාවේ සාහිත්‍ය ලෝකය තුළ සෑහෙන වෙනසක් කරන්න මට දැනටමත් හැකියාව ලැබිල තියෙන
එක. තව ඉදිරියටත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න මං උපරිමයෙන්ම වැඩ කරනවා. ඇත්ත! ඒක මගේ
වෘත්තිය තමයි. ඒත් මං මේ කරන වෘත්තිය මගේ දැනුමත් වර්ධනය වෙන ව්‍යාපාරයක්. ඒ නිසා
මම මේ වැඩ කරන්නේ හරිම ආශාවෙන්.
-ආසාවෙන් කරනවා කියන්නේ මම වැඩට එන්නෙ සන්තෝසෙන්... මම මෙතන ගත කරන්නෙ සන්තෝසෙන්.
හරිද, මගේ ජීවිතය තුළ මම තමයි රැකියා කිරීම හෝ නොකිරීම- වැඩ කරන වෙලාව- විවේක ගන්න
වෙලාව තීරණය කරන්නේ. ඒ බලය අයිති මනුස්සයෙක්නෙ මං.
ඒ කියන forcing power එක මනුෂ්‍යයෙකුට තියෙනවා කියන්නේ, ඒ මනුස්සය ලබන විශාල ජයග්‍රහණයක්.
-ඊළඟ කාරණය තමයි, මගේ මේ කීර්ති නාමය ඇවිල්ල තියෙන්නේ, මම දීර්ඝ කාලයක්
දරපු වෙහෙසකට පස්සෙනේ; වෙච්ච මහන්සිවලට ප්‍රතිඵලයක් විදිහටනෙ.
-නිමල් අයියා පියසිරි එකේ වැඩ කරන කාලය තුළ ඔයාට මේ ප්‍රකාශන කර්මාන්තයට සම්බන්ධ
විවිධ මට්ටමේ පුද්ගලයෝ හම්බ වුණානෙ. ඒ නිසා ඒ බොහොමයක් දෙනා මං ගැන කියපු කතන්දරත්
ඔයාට ඇහෙන්න ඇති. මොකද, ඒ දවස්වල මම සෑහෙන්න කතන්දර අහපු මනුස්සයෙක්නේ... විවිධ නිග්‍රහයන්ට පත් වෙච්ච
මනුස්සයෙක්නේ... ආර්ථික වශයෙන් වැටිල, සල්ලි ගෙවන ඒවා වෙලාවට කර ගන්න බැරිව- එතකොට
මගේ චෙක් රිටර්න් වෙනවා... අනෙක් අතින් කර්තෘලාට රෝයල්ටි ගෙවාගන්න විදිහක් නැතිව...
එහෙම අවාසනාවන්ත මට්ටමක හිටිය කෙනෙක් විදිහට අද...
-අද වෙනකොට කොහුවල සම්පත් බැංකුවේ නම්බර් one කස්ටමර් මම. බැංකුවෙන්
මට දීලා තියෙන චෙක් පොතත් අර ප්‍රයිම් කස්ටමර් කෙනෙකුට හම්බ වෙන වෙනත් පාටක චෙක් පොතක්.
අද මට බැංකු ණයක් ගන්න ඕනේ නං, මම බැංකුවට යන්න ඕනි නෑ, බැංකුව මගේ ළඟට එනවා. හරිද...
සමහරදාට ඒගොල්ලොම කතා කරල කියනවා ‘මිස්ටර් ජනක, මෙන්න මේ ෆැසිලිටි එකක් ඇවිල්ල තියෙනවා- මෙන්න
මේ රේට් එකට, ඔයාට කොච්චරක් අවශ්‍යද...’ කියලා. ඒ මට්ටමට ‘විදර්ශන’ එක අද ඇවිත් තියෙනවා.
 |
එහෙම දේකට
ඕනි කරන ධෛර්යයෙන් දිගටම මහන්සි... |
-එතකොට... දැන් මම ඇයි මේවා බය නැතුව කියන්නෙ, වෙන මිනිස්සු
නං මෙහෙම දේවල් හංගනවනේ. නමුත් මම මේවා එළිපිටම කියනවා බොහොම සතුටින්. මොකද මේවා එකක්වත්
නිකංම නිකං හරි ගියේ නෑ.
-මං වෙනස් වෙන්න ඕනෙයි කියන කාරණය මම තේරුම් ගත්තා. මම ගොඩ යන්න නං, ඒ වෙනස්කම් කරගන්නම
ඕනෙයි කියන එක මටම කියා ගත්තා. එහෙම දේකට ඕනි කරන ධෛර්යයෙන් දිගටම මහන්සි වුණා.
ඉතිං මං හිටිය තැන ඉඳල අද වෙද්දී ඇවිත් ඉන්න තැන ගැන මට හුඟක් ආඩම්බර වෙන්න
පුළුවන්. මම හිතනවා වෙන ඕනෙම කෙනෙකුටත් මේ තියරිය වැඩ කරයි කියලා.
-අද වෙනකොට මගේ මේ ගොඩනැඟිල්ලේ වටිනාකම රුපියල් කෝටි හතලිහක් විතර වෙනව- මේකේ rent එකට දීල තියෙන
කොටස්වලින් විතරක් මට මාසෙකට කුලිය වශයෙන් රුපියල් ලක්ෂ දහයක් හම්බ වෙනවා. ඒත් මම මහ
පොළොවෙ පය ගහගෙනයි ඉන්නේ. මම කැසිනෝ ගහන මිනිහෙක් නෙවෙයිනෙ. බොහොම නිදහසේ සරල; සාහිත්‍යකාමී; කලාකාමී මිනිහක් විදිහට ජීවිතේ විඳිනවා මිස.
-මට ඕනි නං මගේ මුළු ජීවිත කාලයම කිසිම දෙයක් කරන්නෙ නැතිව ඉන්න දැන් මට
පුළුවන්... ඒත් වැඩ කිරීම මට ලොකු සතුටක්....”
ජනක එහෙම කියද්දී මට මතක් වුණේ විදර්ශන එකෙන්ම අච්චු ගැස්සූ පොත් තුනක
නම්ය. සරුංගල් ලුහු බඳින්නා - තැවුල් සිත හා පියාපතක් වන් ජීවිතයක්!
සරුංගල් ලුහු බඳින්නෙක් වගේ ‘ලොකු හීනයක් පසුපස ගිය’ ජනක අද තැවුල් සිතකින් තොරව පියාපතක්
වන් ජීවිතයක් ගෙවනවා නේද?
“ඔව්! මම මේ කරන වැඩවලින් ඉතාම සතුටට පත්වෙනවා, මං හය දෙනෙකුට රස්සාවල්
දීලා තියෙනවා. එතකොට ඒ ගොල්ලන්ගෙන් කාටවත්
කියන්න බෑ එක මාසයකවත් සැලරි එක පරක්කු වෙලා ගෙව්වයි කියලා; EPF, ETF ගෙවල නැහැයි
කියල.
-හොඳට අධ්‍යාපනය ලබලා තියෙන මගේ දරුවෝ තුන් දෙනාගෙන් කාටවක්වත් කියන්න බෑ, තාත්තා පිළිබඳව නරක දේවල් තියෙනවය
කියලා. ඒ වගේ ජීවිතයකුයි මම ගත කරල තියෙන්නේ.
ඒ කියල කියන්නේ පුද්ගලයෙකුට තමන්ගෙ පිටිපස්ස දිහා හැරිල බලද්දී ආඩම්බර වෙන්න
පුළුවන් අතීතයක් තියෙන්න ඕනේ!
-අද මගේ ලොකු දුව online stores එකේ වැඩ කරනව. එයා වෙන තැනකනේ job එක කරන්නෙ, සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට.
එතකොට එයා මගේ ළඟ වැඩ කරනවා සතියකට දවස් දෙකක් විතර... වරුව ගණනේ. මං එයාට මාසෙකට
දෙනවා රුපියල් පනස්දාහක්. ඒ එයාගේ වැඩ ගැන හිතලම නෙවෙයි.
 |
මේ සහතිකයේ
ඇති අත් අකුරුවල හිමිකාරිනියට ඉන් මාස කිහිපයකට පසු මෙම ජයග්‍රාහී කෙටිකතාකරුවාගෙන්
පෙම්පතක් ලැබුණි. |
-මං නෝනට දෙනවා, මාසයකට රුපියල් විසිපන්දාහක්...”
දැන් නං මහතුනේ; නෝනා මහතුනේ...මං වහන්සේට චුට්ටකට පීලි නොපැන බැරිය.
ජනක නෝනා කිව්වේ තුෂාරිටය. මට නං
තුෂාරි නංගී!
තුෂාරි නංගි ගැන අලුතෙන් කියන්නට දෙයක් නැත. ‘කපුටු ගෙත්තම නං...’ post එකේදී ඒ සේරම ලිව්වා වගෙය මට මතක. ‘ගෝඨා ගෝ ගමේදී’ මං වහන්සේ ‘පැය 68ක අඛණ්ඩ උපවාසය’ට වාඩිවී හිඳින
වෙලාවෙත් තුෂාරි නංගි, අපූර්ව පුතාත් සමඟිනි අරගල බිම පුරා ඇවිද්දේ; මට අත් ඇඳි සහිත පුටුවක් සොයමින්!
මූනිච්චාවට කියනවා නොවේ. මට මුණ ගැසී තිබෙන වඩාත්ම මව්වත් ලලනාවන්ගෙන් කෙනෙකි
තුෂාරි නංගී.
දුක සැප දෙකෙහිදීම ජනක ඉනිමංකඩ හා එක්ව සිටින මේ අංගනාව ඔහුට ලැබී තිබෙන්නේත්
විභවිය නිසා බව සමහරු නොදනිති. ඒ දිග කතාව ජනකගේම කෙටි සටහනකින් කියවමු:
‘මේ සහතිකයේ ඇති අත් අකුරුවල හිමිකාරිනියට ඉන් මාස කිහිපයකට පසු මෙම ජයග්‍රාහී
කෙටිකතාකරුවාගෙන් පෙම්පතක් ලැබුණි.
ඉන්පසු සිව් වසරක් පුරා හුවමාරු වූ පෙම්පත් සිය ගණනකට පසු ඔවුන්ගේ ජීවිත කෙටිකතාවක්
නොවී නවකතාවක්ම විය.
(අත් අකුරු : තුෂාරී තනූජා දිල්හානි මානවඩු [පසුව ඉනිමංකඩ] මෙනෙවියගේය.)’
ඔන්නොන්න ආපහු track එකටම...
“මං නෝනට දෙනවා, මාසයකට රුපියල් විසිපන්දාහක්... පොඩි දෙන්නට දෙනවා- මාසෙකට දහදාහ ගණනේ.
එයාලා කොහොමද ඒ සල්ලි වියදම් කළේ කියල මම හොයන්නෑ. මම එයාලට එහෙම දෙන්නේ තමන්
ස්වාධීනයි; තමන් ශක්තිමත් කියන හැඟීම එයාලට ඇති කරවන්නයි. ඒ කාට හරි සෙරෙප්පු
දෙකක් ගන්න හිතුණයි කියමුකො. එතකොට එයාලා ඒකට තාත්ත ළඟට ඇවිත් සල්ලි ඉල්ලන්න ඕන
නැහැනෙ.
-තමන්ගෙ අවශ්‍යතාවකදී, තමන් තනියෙන් තමන්ගේම මුදලක් කියලා වියදම් කරනකොට ඇති
වෙන හැඟීම හරි තෘප්තිමත් එකක්. තමන් ස්වාධීනයි කියලා දැනෙන හැඟීම හරි වටින එකක්. ඒවා
මං ඉගෙන ගත්තේ මම මුහුණ දීපු දේවල් තුළින්.’
“නිමල් අයියේ, රටක පුරවැසියන්ට පොත්පත් කියවීම සාර්ථකව පුරුදු කරවන්න ඕනි නං ඒක පටන් ගන්න
ඕනේ තොටිල්ලෙන්; කිරි දරුවෙක් කාලෙ ඉඳන්. කිරිකැටි දරුවගෙ අතට මුලින්ම දෙන්න ඕනි සෙල්ලම්
පොත්. එතකොට එයා ඒ හැඩය අඳුනගන්නවා; ඒකට ආදරේ කරන්න ගන්නවා.”යි කියා අවුරුදු
විසි ගණනකට කලින්, ජනක ඉනිමංකඩ මේ දිසානායකයාට කීවේය.
ඊළඟට මා ඔහුගෙන් විමසුවේ ඒ ගැනයි.
“කියවීම කියන එක සමාජයක ගොඩනඟන්න පුළුවන්
ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි පවුල ඇතුළෙන්. ඒ කියන්නේ ළමයි දෙමව්පියෝ දිහා
බලනකොට දකිනවා නං- ඒ ගොල්ලෝ එදිනෙදා කනවා බොනවා වගේම පොතපත කියවන එකත් කරනවයි
කියලා... එතකොට ඒ ළමයිනුත් ඉගෙන ගන්නවා ‘ජීවත් වෙනවා කියන එකේ අනිවාර්ය කොටසක්
තමයි කියවීම’ කියන කාරණයත්.
 |
| මේ පොත් කියවීම වටින දෙයක්; මේක දිගටම කරන්න! |
-ඕනෑම ගෙදරක කුඩා හෝ පුස්තකාලයක් තියෙනවා
නං ඒකත් ඉතාම වැදගත්. එතකොට එතැනින් කවදා හෝ, මොකක් හෝ පොතක් කවුරුන් විසින් හෝ අරගෙන කියවන හැටි ළමයෙකුට පෙනෙයි නේද? ඒ විදිහෙන්
වුණත් පුරුද්දකට මුල පිරෙන්න පුළුවන්.
-දෙවෙනි කාරණාව තමයි නාලන්දෙදි මට වුණා වගේ අහම්බ!
අහම්බෙන් කෙනෙක් ඒකට යොමු වෙනවා.
-තව දෙයක් තමයි යම්කිසි පුද්ගලයෙක්
විසින් කියවීමට පෙළඹවීම. ගුරුවරයෙක් වැඩිහිටියෙක් වගේ කවුරු හරි කෙනෙක් කෙනෙක්ව
පොළඹවනවා ‘මේ පොත් කියවීම වටින දෙයක්; මේක දිගටම කරන්න’ කියලා. හරිද?
-මට හිතෙන හැටියට පවුල් පසුබිමෙන් එන
බලපෑමත් හරියට බලපානවා, කියවීමේ පුරුද්ද ඇති වෙන්න. දැන් මගේ තාත්තා ඉස්කෝලේ හතරෙ
පන්තියට විතරක් ගිය කෙනෙක්. නමුත් ඕලෙවල් වෙනකල් ගිය අපේ අම්මට තිබුණා පොතපතට
ලැදියාවක්- ඒක වෙන්නෝනි මටත් ආවේ.
-අපේ පවුලේත් පුතා ඇරුණු කොට අනිත් හැම
කෙනෙක්ම වගේ කියවනවා... දැනට පුතා නං කියවනව අඩුයි.
-නෝනගේ නම් මේ ජූලි මාසෙ කවි පොතකුත් පිට
වෙනවා. එයාගේ සින්දු හයක්ද කොහෙදත් එනව මගෙ
හිතේ.
එතකොට විෂයන් දොළහකට අදාළ පොත් හයදාහකට වැඩියෙන් තියෙන පෞද්ගලික පුස්තකාලයකුත් අපේ
ගෙදර තියෙනවා.
-පුදුමය කියන්නෙ නිමල් අයියේ, අද ඉන්න
හුඟක් දෙමව්පියන් දරුවන්ට පොතක් දෙන්නත් බයයි. සමහර දරුවන්ට නොමිලේ කියවීම් පොත්
දුන්නු වෙලාවලදී මේක මට වෙලා තියෙනවා.
‘අයියෝ, ඔය ළමයින්ට පොත් දෙන්න එපා අනේ! ඕවාට හුරු වුණාම ළමයි පාඩම් කරන්නෑ.’ කියල
සමහර දෙමවුපියෝ මටම කියල තියෙනවා...
සමහර දෙමවුපියන්ට අධ්‍යාපනය ගැන තියෙන වැරදි ආකල්ප එහෙමයි. එයාල දරුවන්ව හදන්නේ
අධ්‍යාපන තරගයට.
-කවදාවත් මං මගේ දරුවන්ව ඒ රේස් එකට
දැක්කුවෙ නෑ. හැබැයි, මම මුල ඉඳලම තීරණය කරගෙන හිටියෙ- කොච්චර අමාරුකම් තිබුණත් එයාල තුන් දෙනාවම ඉංග්‍රීසි මීඩියම්
පාසලකට යවනවයි කියලා. මට ඕනෑ වුණේ නෑ, එයාලට ඉංග්‍රීසිය බාධකයක් වෙනවා දකින්න.
සිංහල විතරක් දැනගෙන ලෝකයම ගවේෂණය කරන්න බෑනෙ!
ඒ නිසාමයි කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් මං එයාලව ලයිසියම් එකට දැම්මේ...
-එතැනදිත් මට තියෙනවා, දුක හිතෙන
රස කතාවක්.
-ඉස්කෝලේ ළමයින්ගේ ගාස්තු ගෙවන්න කියලා
ලයිසියම් එකෙන් ඉස්සෙල්ලම එවන්නේ නිල් පාට බිලක්. මාසයක් ඇතුළත ඒ බිල නොගෙව්වොත්
කළු පාට බිලක් එනවා. තුන්වෙනි මාසය ඇතුළත ගෙව්වේ නැත්තං රතු පාට බිලක් එනවා- ඒත්
සල්ලි ගෙවල නැති නං තද රතු පාට බිලක් තමයි අන්තිමට එන්නේ.
 |
| නමුත් අද්‍යතන සමාජයේ... |
-මම ඉතාම අඩු වාර ගණනක් තමයි නිල් පාට
බිල ගෙවල තියෙන්නෙ. වැඩියෙන්ම ගෙවල තියෙන්නෙ රතු පාට සහ තද රතු පාට බිල්!
-ඒ කියන්නේ ගෙවා ගන්න බෑ- ගෙවා ගන්න බෑ!
එතකොට ගෙවා ගන්න බැරිකම තියෙද්දිත් ළමයි තුන් දෙනාවම ලයිසියම් එකට දාලා තමයි
ඉගැන්නුවේ!
(ඒ පාසලේ තිබිච්ච ඉතා හොඳ ප්‍රතිපත්තියක්
තමයි ළමයින්ව කියවීමට හුරු කරවීම.)
-නමුත් මෙයාලා තුන් දෙනාම අධ්‍යාපනය
පැත්තෙන් ගනිද්දී එච්චර සුවිශේෂ දක්ෂතා තිබිච්ච අය නෙවෙයි, ඕලෙවල්
වෙනකන්.
මගේ පුතාට ඉස්කෝලෙ පහේ පන්තිය වෙනකල්ම ටී එච් ඊ - the ද කියලා ලියා ගන්න
බැරිවයි හිටියෙ.
මට මතක විදිහට අපේ ළමයි කවදාවත් පන්තිවල මුල් පහළොස් දෙනා අතරට ඇවිල්ලත් නෑ.
පුතා... සාමාන්‍යයෙන් පන්තියේ ළමයි 33ක් ඉන්නවා නං, මිනිහා 32. නමුත්
දැන් මිනිහා විශ්වවිද්‍යාලේ දෙවෙනි වසරේ. ඊයේ මිනිහගේ තීසීස් එකක් බාර දුන්නලු-
වචන 30,000ක.
-මම මගේ දරුවන්ට අධ්‍යාපනයෙදි කිව්වේ
‘තරග කරන්න යන්න එපා, 24 වෙනියද 25 වෙනියද කියන එක නෙවෙයි වැදගත්. තමන් ලබා ගන්න දැනුමයි, වැදගත්.’
කියලයි.’
නමුත් අද්‍යතන සමාජයේ තරගවලට මැදිහත්
නොවී ඉන්නටත් බැරිය!
ඒ නිසාවෙනි ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ උදෙසා තරගකරුවන් 401 දෙනෙකු ඉදිරිපත් වී සිටින්නේ.
‘2024 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සඳහා ලැබී ඇති
අත්පිටපත් ප්‍රමාණය පහත සඳහන් පරිදි වේ:
1. නවකතා අත්පිටපත් - 92
2. කෙටිකතා අත්පිටපත් - 107
3. කාව්‍ය අත්පිටපත් - 181
4. ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය කෘති (නවකතා, කෙටිකතා, කාව්‍ය) අත්පිටපත් - 21
එකතුව - අත්පිටපත් 401’
“අපි හිතුවෙවත් නැති ගණනක්! අපි හිතුවේ
අත්පිටපත් සීයක්- උපරිමෙන් එකසිය පනහක් විතර හම්බ වෙයි කියලා. මේ විදිහට බලද්දී
ලබන අවුරුද්දේ...” ජනක ඉනිමංකඩ උද්දාමයෙන් උපකල්පනය කරයි.
‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ පිළිබඳව
මෙතෙක් කියැවී තිබෙන දහසක් දේ අනුවම කටයුතු සිදු වෙනු ඇතැයි ශ්‍රී ලාංකේය සාහිත්‍යප්‍රේමීන්ද
උපකල්පනයකොට සිටිනවා විය යුතුය.
තරග වැද සිටින 401 දෙනාගෙන් නියම සුදුස්සන්ට ත්‍යාග හිමි වෙනු ඇතැයිද, සාධාරණ
විනිශ්චයයන් ලැබෙනු ඇතැයිද, මේ සාහිත්‍ය ත්‍යාග උළෙල- ශ්‍රී ලංකාවේ පැවැත්වෙන
අනෙකුත් සාහිත්‍ය උළෙලවලට සුසමාදර්ශයක් වෙනු ඇතැයිද ඔවුන් බලාපොරොත්තු වෙනවා විය
යුතුය. මමත් ඔවුන්ගෙන් කෙනෙක්මි෴0෴
ඌන පූරණයකි.
ශ්‍රී ලංකාවේ පළමු පොත් දොරට වැඩුම මහරගම සරසවි පොත් හළේදී සිදු වුණු බව පසුගිය
කොටසේදී මම කීවෙමි. ඒ බව සනාථ කරමින් සිරිබිරිස් හිතවතා ඕස්ට්‍රේලියාවේ සිට එවා
තිබුණු මුද්‍රිත සාක්ෂියකි මේ.
ස්තුතියි සිරිබිරිස් උන්නැහේ.