li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, June 3, 2024

විදර්ශනෙන්, තෑගි අරං, එනව බොලං - සිව්වෙනි කොටස

 “මේක ටිකක් ඒකාධිපති ගතියක් නේද? මම කියන්නේ තනි මතයටම වැඩ කිරීම...”

“කොහොමද නිමල් අයියේ, තනි මතයටම වැඩ කිරීම වැරදි වෙන්නේ- ඒ තනි මතය දරන්නා නිවැරැදියි නං... වැඩේ තියෙන්නෙ publishing සම්බන්ධව ගොඩක් දේවල් කරන්න හැකියාව මට තියෙනවා. වෙන පබ්ලිෂින් ආයතනයකට නං කාව හරි හයර් කරලා- කුලියක් ගෙවල කරවාගන්න වෙන දේවල් මටම කර ගන්න පුළුවන්. ඇත්තෙන්ම මට ඒක ලොකු වාසියක්!

එඩිටින් පැනල් එකක් හරි ඉන්නවා නං ගහන්න හොඳ පොත් මොනවද කියල තීරණය කරන්නේ එයාලනේ.

-ප්‍රකාශන ආයතනයකට Publishing Manager කෙනෙක් හරි එඩිටින් පැනල් එකක් හරි ඉන්නවා නං ගහන්න හොඳ පොත් මොනවද කියල තීරණය කරන්නේ එයාලනේ. අපේ ආයතනේ ඒ රාජකාරිය කරන්නේ මං.

-අද වෙනකොට මම සන්තෝස වෙනවා, මගේ සාහිත්‍ය දැනුම ඇතුළෙදී නවකතාවක් පළ කිරීමට සුදුසුද නැද්ද කියලා තීරණය කරන්න මට යන්නේ, හරියටම මිනිත්තු දහයයි. ‘මිනිත්තු දහයයි’ කියලා කියන්නේ... මගේ දැනුමෙන් මට කියන්න පුළුවන් මෙයාට ඇත්තටම නවකතා ලියන්න පුළුවන්ද, බැරිද- මෙයා මොන මට්ටමේ නවකතාකරුවෙක්ද- විදර්ශන එකට මෙයාගේ පොත කරන්න පුළුවන්ද බැරිද කියලා.’

පහුගිය posts ගණනාවකදී, ජීවිතේ සෑහෙන කාලයක් මුද්‍රණ කර්මාන්තයට; විශේෂයෙන් පොත්වලට සම්බන්ධ වෙලා හිටි බව මගෙන් කියැවුණා විතරයි...
පොතක් ගහන්නෙ කොහොමද- විකුණා ගන්නෙ කොහොමද- හොඳ ප්‍රකාශකයකු contact කර ගන්නෙ කොහොමද වගේ ප්‍රශ්න
වරින්-වර මට යොමු වෙලා තිබුණා. මොකද, යහමින් ලියන හැමෝගෙම වගේ ඊළඟ අදහස ලියපුවා පොතක් විදිහට අච්චු ගස්සවන එකනෙ.
එහෙම උනන්දු අය බොහොමයි! ඒ උනන්දුව හින්දාම සමහරුන් ‘අතින් කාලා හරක් බලල’ තිබුණු විත්තියත් මට ලියා එව්වා.

මේ posts පෙළ කියවපු අය වෙන්නෝනි, කිහිප තැනක ‘පොත් ප්‍රකාශනේ ගැනත්’ එකේක විදිහේ විස්තර කියල තිබුණා, පහුගිය දවස් කිහිපයේ. මේ මෙතැනට අදාළ විස්තර ටිකක්.

Pra Jay:
මං සිංහල නවකතාවලින් දැන් කියවන්නේ අයිතිහාසික හෝ අතීත මතක පොත් විතරයිනෙ. පිටරට ඉංග්‍රීසි සහ ලංකාවෙ සිංහල නවකතාවල ලොකුම වෙනස මට පේන්නෙ රිසර්ච් සහ එඩිටිංවල වෙනස. ප්‍රේමකීර්ති රණතුංග වගේ අය රිසර්ච්වල අඩුපාඩු අවම කරගන්න හුඟක් වෙහෙසෙන අය. ඒත් එඩිටිංවල අඩුපාඩු එහෙමමයි. වචන, මුද්‍රණ දෝෂ නෙමෙයි මං කියන්නෙ. ප්ලොට් එකේ වරදින තැන්
, නම් වරදින තැන්, රිපීට් වෙන තැන් වගේ ඒවා.

හැබැයි පිටරට හොඳ ඉංග්‍රීසි නවකතා කර්තෘවරුන්ට තමන්ගෙ රිසර්ච් කණ්ඩායමක් ඉන්න නිසා (හුඟක් වෙලාවට එක පොතේම වෙනස් විෂයයන්ට වෙනමම රිසර්චර්ස්ලා ඉන්නව) සහ ප්‍රකාශකයින්ගෙන් එඩිටර්ස්ල කණ්ඩායමක් ලැබෙන නිසා ලංකාවෙ නවකතා පොත් එක්ක සංසන්දනය අසාධාරණයි.
ඒත් කියවන අපිට ඒ වෙනස හොඳින් දැනෙනවා

Mahesh Rathnayake:
ඉංග්‍රීසි නවකතා එක්ක මේව සසඳන එක තේරුමක් නෑ. ඒක හරි. සාමාන්‍යයෙන් මම ලේසියකට එහෙම කම්පෙයා කරන්නෙ නෑ. නමුත් අනිත් අයට එහෙම වෙන්න පුළුවන් නෙ. ඒක හරි.

ඒ විදිහට බලද්දී නං මට හිතෙනවා ‘සුදුසු පොත් තේරීමේ- ජනක ඉනිමංකඩ One Man පැනල් එක’ සම්පූර්ණයෙන්ම වගේ සාර්ථකයි කියලත්. (Foto-හේමන්ත අරුණසිරි)

ප්‍රේමකීර්ති මහත්මයගෙ පොත්වල රිසර්ච් පැත්ත හොඳයි. එඩිටිං අවුල්. ඔයා කියන ප්‍රශ්නෙ නිතරම මම දකිනව.

ලංකාව වගේ රටක ලොකු කෘ එකක් තියාගෙන පොතක් කරනව කියන්නෙ බැරි වැඩක් නෙවෙයි. කරන්නම බැරි වැඩක්.
ඒකට කාටවත් දොස් කියල හරියන්නෑ.

පොත් කියන ජාතිය එක කුලකයකට හිර කරගන්න දඟලන විදග්ධ විදිහට පෙනී හිටිය ඔලමොට්ටලයො තමා මේවට වග කියන්න ඕන.
මොකද ලංකාව කියන්නෙ ග්‍රන්ථ සාහිත්‍යට ආගන්තුක රටක් නෙවෙයිනෙ.’

උඩින් දක්වපු අදහස් දෙක ගත්තේ ‘අවන්හල’ අඩවියේ මුක්කරු ගොඩැල්ල පොත ගැන පෝස්ටුවේ comment තීරුවෙන්.

ඒ විදිහට බලද්දී නං මට හිතෙනවා ‘සුදුසු පොත් තේරීමේ- ජනක ඉනිමංකඩ One Man පැනල් එක’ සම්පූර්ණයෙන්ම වගේ සාර්ථකයි කියලත්.
මගේ දැනීමේ හැටියට ජනකට වැරදුණේ එකම එක වතාවයි. මටත් තවම පුදුමයි ඒ ගැන. ඒ පොත ගැහුවෙත් අපි.
ඒ පොත ලිපි පෙළක් විදිහට ‘රාවය’ පත්තරෙත් පළ වුණා. ඒ රසබර ලිපි පෙළ කියවල තිබුණු මං හිතුවෙත් පොත ‘යයි’ කියලා. (ගණ පිහිටුවලා දාපු නමක් වගේ පොතේ නමත් හොඳයි.) නමුත් වුණේ අනිත් පැත්ත-
‘සුමන මතක’ පොත ගියේම නෑ!
ඒකෙ එච්චර පුදුමෙකුත් නෑ, හැරී පොටර් පොතත් මුලින් ප්‍රකාශකයන් වෙතින් රිජෙක්ට් වෙච්ච එකක්ලුනෙ- පස්සේ hit වුණාට.

ආයෙමත් ජනකගේ කතාව නවත්තපු තැනටà

‘දැන් අපේ විදර්ශන එකට අනුබද්ධ තවත් ආයතන දෙකක් තියෙනවා. ප්‍රෝග්‍රස් කියලා එකකුයි, Baby Bee කියලා එකකුයි. බේබි බී එකෙන් මුද්‍රණය කරන්නේ ළමා පොත්.

-විදර්ශන එකේ ගහන කොලිටි එකට නැති පොතක් වුණත් විදර්ශන කොලිටියකින්ම ප්‍රින්ට් කර ගන්න කැමති කෙනෙකුට මුද්‍රණ වියදම දීල ඒ පොත Progress ආයතනයෙන් කර ගන්න පුළුවන්. පොත විකිණිලා ඉවර වුණාම, අපි ඒ මුද්‍රණ වියදම return කරනව.

-ඒක අපි ගොඩනඟාගෙන තියෙන අපේ ආයතනික පෞරුෂය; විදර්ශන පෞරුෂය!
ඒකත් එක්ක අපි ඉදිරියටත් වැඩ කරනවා.
අපිට printing press එකක් ඇරුණුකොට අනෙකුත් සියලු කටයුතු දැනටමත් මෙතැනදීම කරන්න පුළුවන්.

-එතකොට ලංකාවේ ඉන්න ප්‍රධාන පෙළේ ලේඛකයෝ සෑහෙන ප්‍රමාණයක් දැන් අපිත් එක්ක තමයි වැඩ කරන්නෙ. මම හිතන්නේ... එක ආයතනයක් තුළ ගොනු ගැහිලා ඉන්න ලේඛකයෝ ගොඩක් ඉන්න අයගෙන් සරසවි එකයි, ගොඩගේ එකයි ඇරුණුකොට දැන් අපි තමයි ඉන්නෙ.”

සිද්ධාර්ථ කුමාරයා වුණත් තාත්තට කීකරු වුණා නං... (සිතුවම- සුධාර රන්ජිත්ප්‍රිය)

යකාට බය කෙනෙක් සොහොනක දපන්නේ නැත!

විදර්ශන ආයතනය මඟින් ජනක ලෝක සාහිත්‍යයේ කිරුළු පැළඳි සම්භාව්‍ය ලේඛකයන් රැසක්ම අපට හඳුන්වා දුන්නේය. ගබිරියෙල් ගාර්ෂියා මාර්කෝස්, මිලාන් කුන්දේරා, ඉසබෙල් අයියන්දේ, ඉෂාක් බෂේවිස් ෂිඟර් ...... ලැයිස්තුව ඉතා දිගු එකකි.
මේ හාදයා ඉතා පෙරළිකාර පොතුත් ගොඩක් විදර්ශන ප්‍රකාශන යටතේ අච්චු ගැස්සෙව්වේය. සියක් වසක හුදෙකලාව, සමුගනිමි ගුල්සාරි, මිනිත්තු එකොළහේ කතන්දරේ, අසිරි සිරිනි, ෂැන්හයි සොඳුරිය, නිරුවත් ගැහැනිය- ඒ ලැයිස්තුවත් කොට නැත: සම්පූර්ණ පෝස්ටුවක් ලියන්නට තරම් දිගය.
අගේ ඇති ශ්‍රී ලංකේය ලේඛක- ලේඛිකාවන් ගොඩ දෙනෙකුගේ පොතුත් පළ කළේය. සුනේත්‍රා රාජකරුණානායකගේ රිදී තිරංගනාවි- ප්‍රේම පුරාණය, නිශ්ශංක විජේමාන්නගේ කීඩෑවෝ ඇවිල්ලා- වැලන්ටයින් කුමාරයා... වගේ පොතුත් ලංකාවේ පාඨකයන්ට තිළිණ කළේ විදර්ශනෙනි.
හැබැයි ඒ අතරෙත් ‘විදර්ශන’ කඩාගෙන වැටුණේය!

‘ඔය හත්තිලව්ව අතාරිනවා’ කියපු තාත්තගේ අවවාදයට ජනක ඉනිමංකඩ කීකරු වුණා නං...

“ලෝකය වෙනස් කරපු හැම මනුස්සයෙක්ම තාත්තගේ තීරණයට පිටින් ගියපු අය. එයාල තමයි ලෝකය වෙනස් කරන්නේ. තාත්තා සමඟ ඉන්න අය ලෝකෙ වෙනස් කරන්නේ නෑ. ඉතිහාසය බලද්දී පෙනෙන්නේ ඒ විදිහටයි- ඒක ඉතිං සිංහබාහුගේ... දුටුගැමුණු කුමාරයගෙ ඉඳල ඔය ඔක්කෝගෙම කතන්දර ටික අරගත්තත් එහෙම තමයි... ලෝකයේ ඕනෑම තැනක... ඇත්ත වශයෙන් ගත්තොත් ‘තාත්තාගේ ක්‍රමය කියන්නේ සම්ප්‍රදායික විදිහ’නෙ.

-හැම වෙලාවෙම change එකක් කරන; වෙනසක් ඇති කරන මිනිස්සු ඔන්න ඔය සම්ප්‍රදායට විරුද්ධවයි වැඩ කරල තියෙන්නේ.
සම්ප්‍රදායට එකඟව
; කීකරුව බැට්න් එක අරගෙන යන කෙනා ඉදිරියෙදි ජීවිතේ කියන්නේ නිසංසලව ගලාගෙන යන ගඟක්. මේ changes කරන කෙනා ළඟදී මේ ගඟ සලා වැටෙන- අපූරු දියඇලි හදන එකක්... සිද්ධාර්ථ කුමාරයා වුණත් තාත්තට කීකරු වුණා නං බුද්ධත්වයට පත් වෙන්න හම්බ වෙනවද?

-එතකොට අන්න ඒ වගේ, ඒ මොහොතේ තියෙන system එකට විරුද්ධව ගිය අය තමයි ලෝකෙ වෙනස් කරල තියෙන්නෙ. එහෙම කරන්න ගිය සමහර මිනිස්සු එයාලගෙ ජීවිත කාලය තුළදී අසාර්ථක වෙලත් තියෙනවා. එහෙම අය වුණත්- මැරුණට පස්සේ හරි; එයා කරපු චේන්ජ් එක නිසාම ලෝක පූජිත වෙලත් තියෙනවනෙ...

-දැන් බලන්න, වින්සන් වැන්ගෝ එයාගේ ජීවිත කාලෙදී චිත්‍ර දෙදහස් ගණනක් අඳිනවා. නමුත් එක චිත්‍රයක්වත් විකිණෙන්නෙ නෑ. එයාට බඩගින්නට කන්න දෙයක්වත් නෑ... සීතල කාලෙට සීතල නිවා ගන්න තමන් ඇඳපු චිත්‍රම තමයි පුච්චන්න වෙන්නේ; දර ටිකක් ගන්න සල්ලි නැති හින්දා.

අද වෙනකොට වින්සන් වැන්ගෝගෙ චිත්‍ර විසිපහක් ලංකාවට තියෙනවා නං ලංකාවේ ණය ටික ගෙවා ගන්න පුළුවන්. අද ඒ චිත්‍රයක් එච්චර මිල...

-නමුත් අද?

-අද වෙනකොට වින්සන් වැන්ගෝගෙ චිත්‍ර විසිපහක් ලංකාවට තියෙනවා නං ලංකාවේ ණය ටික ගෙවා ගන්න පුළුවන්. අද ඒ චිත්‍රයක් එච්චර මිල වෙනවා.
හැබැයි
, එයාගේ ජීවිත කාලෙ තුළ එයා ආර්ථික වශයෙන් සාර්ථක වුණේ නැහැනෙ. නමුත් එයා චිත්‍ර කලා ඉතිහාසය චේන්ජ් කරපු මනුස්සයෙක්.

-එතකොට මිනිස්සු කරන changesවල ආසන්න ප්‍රතිඵල විතරක්ම නෙවෙයි නේද බලාපොරොත්තු වෙන්න ඕනේ. මම හිතන්නේ එහෙමයි; හිතාගෙන වැඩ කරන්නේ එහෙමයි!            

-ලොකුම දේ තමයි, ලංකාවේ සාහිත්‍ය ලෝකය තුළ සෑහෙන වෙනසක් කරන්න මට දැනටමත් හැකියාව ලැබිල තියෙන එක. තව ඉදිරියටත් ඒ තත්ත්වය පවත්වාගෙන යන්න මං උපරිමයෙන්ම වැඩ කරනවා. ඇත්ත! ඒක මගේ වෘත්තිය තමයි. ඒත් මං මේ කරන වෘත්තිය මගේ දැනුමත් වර්ධනය වෙන ව්‍යාපාරයක්. ඒ නිසා මම මේ වැඩ කරන්නේ හරිම ආශාවෙන්.  

-ආසාවෙන් කරනවා කියන්නේ මම වැඩට එන්නෙ සන්තෝසෙන්... මම මෙතන ගත කරන්නෙ සන්තෝසෙන්. හරිද, මගේ ජීවිතය තුළ මම තමයි රැකියා කිරීම හෝ නොකිරීම- වැඩ කරන වෙලාව- විවේක ගන්න වෙලාව තීරණය කරන්නේ. ඒ බලය අයිති මනුස්සයෙක්නෙ මං.
ඒ කියන forcing
power එක මනුෂ්‍යයෙකුට තියෙනවා කියන්නේ, ඒ මනුස්සය ලබන විශාල ජයග්‍රහණයක්.

-ඊළඟ කාරණය තමයි, මගේ මේ කීර්ති නාමය ඇවිල්ල තියෙන්නේ, මම දීර්ඝ කාලයක් දරපු වෙහෙසකට පස්සෙනේ; වෙච්ච මහන්සිවලට ප්‍රතිඵලයක් විදිහටනෙ.

-නිමල් අයියා පියසිරි එකේ වැඩ කරන කාලය තුළ ඔයාට මේ ප්‍රකාශන කර්මාන්තයට සම්බන්ධ විවිධ මට්ටමේ පුද්ගලයෝ හම්බ වුණානෙ. ඒ නිසා ඒ බොහොමයක් දෙනා මං ගැන කියපු කතන්දරත් ඔයාට ඇහෙන්න ඇති. මොකද, ඒ දවස්වල මම සෑහෙන්න කතන්දර අහපු මනුස්සයෙක්නේ... විවිධ නිග්‍රහයන්ට පත් වෙච්ච මනුස්සයෙක්නේ... ආර්ථික වශයෙන් වැටිල, සල්ලි ගෙවන ඒවා වෙලාවට කර ගන්න බැරිව- එතකොට මගේ චෙක් රිටර්න් වෙනවා... අනෙක් අතින් කර්තෘලාට රෝයල්ටි ගෙවාගන්න විදිහක් නැතිව... එහෙම අවාසනාවන්ත මට්ටමක හිටිය කෙනෙක් විදිහට අද...

-අද වෙනකොට කොහුවල සම්පත් බැංකුවේ නම්බර් one කස්ටමර් මම. බැංකුවෙන් මට දීලා තියෙන චෙක් පොතත් අර ප්‍රයිම් කස්ටමර් කෙනෙකුට හම්බ වෙන වෙනත් පාටක චෙක් පොතක්.
අද මට බැංකු ණයක් ගන්න ඕනේ නං
, මම බැංකුවට යන්න ඕනි නෑ, බැංකුව මගේ ළඟට එනවා. හරිද...
සමහරදාට ඒගොල්ලොම කතා කරල කියනවා ‘මිස්ටර් ජනක
, මෙන්න මේ ෆැසිලිටි එකක් ඇවිල්ල තියෙනවා- මෙන්න මේ රේට් එකට, ඔයාට කොච්චරක් අවශ්‍යද...’ කියලා. ඒ මට්ටමට ‘විදර්ශන’ එක අද ඇවිත් තියෙනවා.

එහෙම දේකට ඕනි කරන ධෛර්යයෙන් දිගටම මහන්සි...

-එතකොට... දැන් මම ඇයි මේවා බය නැතුව කියන්නෙ, වෙන මිනිස්සු නං මෙහෙම දේවල් හංගනවනේ. නමුත් මම මේවා එළිපිටම කියනවා බොහොම සතුටින්. මොකද මේවා එකක්වත් නිකංම නිකං හරි ගියේ නෑ.

-මං වෙනස් වෙන්න ඕනෙයි කියන කාරණය මම තේරුම් ගත්තා. මම ගොඩ යන්න නං, ඒ වෙනස්කම් කරගන්නම ඕනෙයි කියන එක මටම කියා ගත්තා. එහෙම දේකට ඕනි කරන ධෛර්යයෙන් දිගටම මහන්සි වුණා.
ඉතිං මං හිටිය තැන ඉඳල අද වෙද්දී ඇවිත් ඉන්න තැන ගැන මට හුඟක් ආඩම්බර වෙන්න පුළුවන්. මම හිතනවා වෙන ඕනෙම කෙනෙකුටත් මේ තියරිය වැඩ කරයි කියලා.

-අද වෙනකොට මගේ මේ ගොඩනැඟිල්ලේ වටිනාකම රුපියල් කෝටි හතලිහක් විතර වෙනව- මේකේ rent එකට දීල තියෙන කොටස්වලින් විතරක් මට මාසෙකට කුලිය වශයෙන් රුපියල් ලක්ෂ දහයක් හම්බ වෙනවා. ඒත් මම මහ පොළොවෙ පය ගහගෙනයි ඉන්නේ. මම කැසිනෝ ගහන මිනිහෙක් නෙවෙයිනෙ. බොහොම නිදහසේ සරල; සාහිත්‍යකාමී; කලාකාමී මිනිහක් විදිහට ජීවිතේ විඳිනවා මිස.

-මට ඕනි නං මගේ මුළු ජීවිත කාලයම කිසිම දෙයක් කරන්නෙ නැතිව ඉන්න දැන් මට පුළුවන්... ඒත් වැඩ කිරීම මට ලොකු සතුටක්....”

ජනක එහෙම කියද්දී මට මතක් වුණේ විදර්ශන එකෙන්ම අච්චු ගැස්සූ පොත් තුනක නම්ය. සරුංගල් ලුහු බඳින්නා - තැවුල් සිත හා පියාපතක් වන් ජීවිතයක්!
සරුංගල් ලුහු බඳින්නෙක් වගේ ‘ලොකු හීනයක් පසුපස ගිය’ ජනක අද තැවුල් සිතකින් තොරව පියාපතක් වන් ජීවිතයක් ගෙවනවා නේද?

“ඔව්! මම මේ කරන වැඩවලින් ඉතාම සතුටට පත්වෙනවා, මං හය දෙනෙකුට රස්සාවල් දීලා තියෙනවා. එතකොට ඒ ගොල්ලන්ගෙන් කාටවත් කියන්න බෑ එක මාසයකවත් සැලරි එක පරක්කු වෙලා ගෙව්වයි කියලා; EPF, ETF ගෙවල නැහැයි කියල.

-හොඳට අධ්‍යාපනය ලබලා තියෙන මගේ දරුවෝ තුන් දෙනාගෙන් කාටවක්වත් කියන්න බෑ, තාත්තා පිළිබඳව නරක දේවල් තියෙනවය කියලා. ඒ වගේ ජීවිතයකුයි මම ගත කරල තියෙන්නේ.
ඒ කියල කියන්නේ පුද්ගලයෙකුට තමන්ගෙ පිටිපස්ස දිහා හැරිල බලද්දී ආඩම්බර වෙන්න පුළුවන් අතීතයක් තියෙන්න ඕනේ!

-අද මගේ ලොකු දුව online stores එකේ වැඩ කරනව. එයා වෙන තැනකනේ job එක කරන්නෙ, සයිකොලොජිස්ට් කෙනෙක් හැටියට. එතකොට එයා මගේ ළඟ වැඩ කරනවා සතියකට දවස් දෙකක් විතර... වරුව ගණනේ. මං එයාට මාසෙකට දෙනවා රුපියල් පනස්දාහක්. ඒ එයාගේ වැඩ ගැන හිතලම නෙවෙයි.

මේ සහතිකයේ ඇති අත් අකුරුවල හිමිකාරිනියට ඉන් මාස කිහිපයකට පසු මෙම ජයග්‍රාහී කෙටිකතාකරුවාගෙන් පෙම්පතක් ලැබුණි.

-මං නෝනට දෙනවා, මාසයකට රුපියල් විසිපන්දාහක්...”

දැන් නං මහතුනේ; නෝනා මහතුනේ...මං වහන්සේට චුට්ටකට පීලි නොපැන බැරිය.

ජනක  නෝනා කිව්වේ තුෂාරිටය. මට නං තුෂාරි නංගී!
තුෂාරි නංගි ගැන අලුතෙන් කියන්නට දෙයක් නැත. ‘කපුටු ගෙත්තම නං...’ post එකේදී
ඒ සේරම ලිව්වා වගෙය මට මතක. ‘ගෝඨා ගෝ ගමේදී’ මං වහන්සේ ‘පැය 68ක අඛණ්ඩ උපවාසය’ට වාඩිවී හිඳින වෙලාවෙත් තුෂාරි නංගි, අපූර්ව පුතාත් සමඟිනි අරගල බිම පුරා ඇවිද්දේ; මට අත් ඇඳි සහිත පුටුවක් සොයමින්!

මූනිච්චාවට කියනවා නොවේ. මට මුණ ගැසී තිබෙන වඩාත්ම මව්වත් ලලනාවන්ගෙන් කෙනෙකි තුෂාරි නංගී.
දුක සැප දෙකෙහිදීම ජනක ඉනිමංකඩ හා එක්ව සිටින මේ අංගනාව ඔහුට ලැබී තිබෙන්නේත් විභවිය නිසා බව සමහරු නොදනිති. ඒ දිග කතාව ජනකගේම
කෙටි සටහනකින් කියවමු:

‘මේ සහතිකයේ ඇති අත් අකුරුවල හිමිකාරිනියට ඉන් මාස කිහිපයකට පසු මෙම ජයග්‍රාහී කෙටිකතාකරුවාගෙන් පෙම්පතක් ලැබුණි.

ඉන්පසු සිව් වසරක් පුරා හුවමාරු වූ පෙම්පත් සිය ගණනකට පසු ඔවුන්ගේ ජීවිත කෙටිකතාවක් නොවී නවකතාවක්ම විය.

(අත් අකුරු : තුෂාරී තනූජා දිල්හානි මානවඩු [පසුව ඉනිමංකඩ] මෙනෙවියගේය.)’

ඔන්නොන්න ආපහු track එකටම...

“මං නෝනට දෙනවා, මාසයකට රුපියල් විසිපන්දාහක්... පොඩි දෙන්නට දෙනවා- මාසෙකට දහදාහ ගණනේ. එයාලා කොහොමද ඒ සල්ලි වියදම් කළේ කියල මම හොයන්නෑ. මම එයාලට එහෙම දෙන්නේ තමන් ස්වාධීනයි; තමන් ශක්තිමත් කියන හැඟීම එයාලට ඇති කරවන්නයි. ඒ කාට හරි සෙරෙප්පු දෙකක් ගන්න හිතුණයි කියමුකො. එතකොට එයාලා ඒකට තාත්ත ළඟට ඇවිත් සල්ලි ඉල්ලන්න ඕන නැහැනෙ.

-තමන්ගෙ අවශ්‍යතාවකදී, තමන් තනියෙන් තමන්ගේම මුදලක් කියලා වියදම් කරනකොට ඇති වෙන හැඟීම හරි තෘප්තිමත් එකක්. තමන් ස්වාධීනයි කියලා දැනෙන හැඟීම හරි වටින එකක්. ඒවා මං ඉගෙන ගත්තේ මම මුහුණ දීපු දේවල් තුළින්.’

“නිමල් අයියේ, රටක පුරවැසියන්ට පොත්පත් කියවීම සාර්ථකව පුරුදු කරවන්න ඕනි නං ඒක පටන් ගන්න ඕනේ තොටිල්ලෙන්; කිරි දරුවෙක් කාලෙ ඉඳන්. කිරිකැටි දරුවගෙ අතට මුලින්ම දෙන්න ඕනි සෙල්ලම් පොත්. එතකොට එයා ඒ හැඩය අඳුනගන්නවා; ඒකට ආදරේ කරන්න ගන්නවා.”යි කියා අවුරුදු විසි ගණනකට කලින්, ජනක ඉනිමංකඩ මේ දිසානායකයාට කීවේය.
ඊළඟට මා ඔහුගෙන් විමසුවේ ඒ ගැනයි.

“කියවීම කියන එක සමාජයක ගොඩනඟන්න පුළුවන් ක්‍රමවේද කීපයක් තියෙනවා. එකක් තමයි පවුල ඇතුළෙන්. ඒ කියන්නේ ළමයි දෙමව්පියෝ දිහා බලනකොට දකිනවා නං- ඒ ගොල්ලෝ එදිනෙදා කනවා බොනවා වගේම පොතපත කියවන එකත් කරනවයි කියලා... එතකොට ඒ ළමයිනුත් ඉගෙන ගන්නවා ‘ජීවත් වෙනවා කියන එකේ අනිවාර්ය කොටසක් තමයි කියවීම’ කියන කාරණයත්.

මේ පොත් කියවීම වටින දෙයක්; මේක දිගටම කරන්න!
-ඕනෑම ගෙදරක කුඩා හෝ පුස්තකාලයක් තියෙනවා නං ඒකත් ඉතාම වැදගත්. එතකොට එතැනින් කවදා හෝ, මොකක් හෝ පොතක් කවුරුන් විසින් හෝ  අරගෙන කියවන හැටි ළමයෙකුට පෙනෙයි නේද? ඒ විදිහෙන් වුණත් පුරුද්දකට මුල පිරෙන්න පුළුවන්.

-දෙවෙනි කාරණාව තමයි නාලන්දෙදි මට වුණා වගේ අහම්බ!
අහම්බෙන් කෙනෙක් ඒකට යොමු වෙනවා.

-තව දෙයක් තමයි යම්කිසි පුද්ගලයෙක් විසින් කියවීමට පෙළඹවීම. ගුරුවරයෙක් වැඩිහිටියෙක් වගේ කවුරු හරි කෙනෙක් කෙනෙක්ව පොළඹවනවා ‘මේ පොත් කියවීම වටින දෙයක්; මේක දිගටම කරන්න’ කියලා. හරිද?

-මට හිතෙන හැටියට පවුල් පසුබිමෙන් එන බලපෑමත් හරියට බලපානවා, කියවීමේ පුරුද්ද ඇති වෙන්න. දැන් මගේ තාත්තා ඉස්කෝලේ හතරෙ පන්තියට විතරක් ගිය කෙනෙක්. නමුත් ඕලෙවල් වෙනකල් ගිය අපේ අම්මට තිබුණා පොතපතට ලැදියාවක්- ඒක වෙන්නෝනි මටත් ආවේ.

-අපේ පවුලේත් පුතා ඇරුණු කොට අනිත් හැම කෙනෙක්ම වගේ කියවනවා... දැනට පුතා නං කියවනව අඩුයි.

-නෝනගේ නම් මේ ජූලි මාසෙ කවි පොතකුත් පිට වෙනවා. එයාගේ සින්දු හයක්ද කොහෙදත් එනව මගෙ හිතේ.
එතකොට විෂයන් දොළහකට අදාළ පොත් හයදාහකට වැඩියෙන් තියෙන පෞද්ගලික පුස්තකාලයකුත් අපේ ගෙදර තියෙනවා.

-පුදුමය කියන්නෙ නිමල් අයියේ, අද ඉන්න හුඟක් දෙමව්පියන් දරුවන්ට පොතක් දෙන්නත් බයයි. සමහර දරුවන්ට නොමිලේ කියවීම් පොත් දුන්නු වෙලාවලදී මේක මට වෙලා තියෙනවා.
‘අයියෝ
, ඔය ළමයින්ට පොත් දෙන්න එපා අනේ! ඕවාට හුරු වුණාම ළමයි පාඩම් කරන්නෑ.’ කියල සමහර දෙමවුපියෝ මටම කියල තියෙනවා...
සමහර දෙමවුපියන්ට අධ්‍යාපනය ගැන තියෙන වැරදි ආකල්ප එහෙමයි. එයාල දරුවන්ව හදන්නේ අධ්‍යාපන තරගයට.

-කවදාවත් මං මගේ දරුවන්ව ඒ රේස් එකට දැක්කුවෙ නෑ. හැබැයි, මම මුල ඉඳලම තීරණය කරගෙන හිටියෙ- කොච්චර අමාරුකම්  තිබුණත් එයාල තුන් දෙනාවම ඉංග්‍රීසි මීඩියම් පාසලකට යවනවයි කියලා. මට ඕනෑ වුණේ නෑ, එයාලට ඉංග්‍රීසිය බාධකයක් වෙනවා දකින්න. සිංහල විතරක් දැනගෙන ලෝකයම ගවේෂණය කරන්න බෑනෙ!
ඒ නිසාමයි කොච්චර ආර්ථික අමාරුකම් තිබුණත් මං එයාලව ලයිසියම් එකට දැම්මේ...

-එතැනදිත් මට තියෙනවා, දුක හිතෙන රස කතාවක්.

-ඉස්කෝලේ ළමයින්ගේ ගාස්තු ගෙවන්න කියලා ලයිසියම් එකෙන් ඉස්සෙල්ලම එවන්නේ නිල් පාට බිලක්. මාසයක් ඇතුළත ඒ බිල නොගෙව්වොත් කළු පාට බිලක් එනවා. තුන්වෙනි මාසය ඇතුළත ගෙව්වේ නැත්තං රතු පාට බිලක් එනවා- ඒත් සල්ලි ගෙවල නැති නං තද රතු පාට බිලක් තමයි අන්තිමට එන්නේ.

නමුත් අද්‍යතන සමාජයේ...
-මම ඉතාම අඩු වාර ගණනක් තමයි නිල් පාට බිල ගෙවල තියෙන්නෙ. වැඩියෙන්ම ගෙවල තියෙන්නෙ රතු පාට සහ තද රතු පාට බිල්!

-ඒ කියන්නේ ගෙවා ගන්න බෑ- ගෙවා ගන්න බෑ!
එතකොට ගෙවා ගන්න බැරිකම තියෙද්දිත් ළමයි තුන් දෙනාවම ලයිසියම් එකට දාලා තමයි ඉගැන්නුවේ!
(ඒ පාසලේ තිබිච්ච ඉතා හොඳ ප්‍රතිපත්තියක් තමයි ළමයින්ව කියවීමට හුරු කරවීම.)

-නමුත් මෙයාලා තුන් දෙනාම අධ්‍යාපනය පැත්තෙන් ගනිද්දී එච්චර සුවිශේෂ දක්ෂතා තිබිච්ච අය නෙවෙයි, ඕලෙවල් වෙනකන්.
මගේ පුතාට ඉස්කෝලෙ පහේ පන්තිය වෙනකල්ම ටී එච් ඊ -
the ද කියලා ලියා ගන්න බැරිවයි හිටියෙ.
මට මතක විදිහට අපේ ළමයි කවදාවත් පන්තිවල මුල් පහළොස් දෙනා අතරට ඇවිල්ලත් නෑ.
පුතා... සාමාන්‍යයෙන් පන්තියේ ළමයි 33ක් ඉන්නවා නං
, මිනිහා 32. නමුත් දැන් මිනිහා විශ්වවිද්‍යාලේ දෙවෙනි වසරේ. ඊයේ මිනිහගේ තීසීස් එකක් බාර දුන්නලු- වචන 30,000ක.

-මම මගේ දරුවන්ට අධ්‍යාපනයෙදි කිව්වේ ‘තරග කරන්න යන්න එපා, 24 වෙනියද 25 වෙනියද කියන එක නෙවෙයි වැදගත්. තමන් ලබා ගන්න දැනුමයි, වැදගත්.’ කියලයි.’

නමුත් අද්‍යතන සමාජයේ තරගවලට මැදිහත් නොවී ඉන්නටත් බැරිය!
ඒ නිසාවෙනි ‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ උදෙසා
තරගකරුවන් 401 දෙනෙකු ඉදිරිපත් වී සිටින්නේ.

‘2024 'විදර්ශන සාහිත්‍ය ත්‍යාගය' සඳහා ලැබී ඇති අත්පිටපත් ප්‍රමාණය පහත සඳහන් පරිදි වේ:

1. නවකතා අත්පිටපත් - 92
2. කෙටිකතා අත්පිටපත් - 107
3. කාව්‍ය අත්පිටපත් - 181
4. ඉංග්‍රීසි බසට පරිවර්තනය වූ සිංහල සාහිත්‍ය කෘති (නවකතා
, කෙටිකතා, කාව්‍ය) අත්පිටපත් - 21

එකතුව - අත්පිටපත් 401’

“අපි හිතුවෙවත් නැති ගණනක්! අපි හිතුවේ අත්පිටපත් සීයක්- උපරිමෙන් එකසිය පනහක් විතර හම්බ වෙයි කියලා. මේ විදිහට බලද්දී ලබන අවුරුද්දේ...” ජනක ඉනිමංකඩ උද්දාමයෙන් උපකල්පනය කරයි.

‘විදර්ශන සාහිත්‍ය ත්‍යාග’ පිළිබඳව මෙතෙක් කියැවී තිබෙන දහසක් දේ අනුවම කටයුතු සිදු වෙනු ඇතැයි ශ්‍රී ලාංකේය සාහිත්‍යප්‍රේමීන්ද උපකල්පනයකොට සිටිනවා විය යුතුය.
තරග වැද සිටින 401 දෙනාගෙන් නියම සුදුස්සන්ට ත්‍යාග හිමි වෙනු ඇතැයිද, සාධාරණ විනිශ්චයයන් ලැබෙනු ඇතැයිද, මේ සාහිත්‍ය ත්‍යාග උළෙල- ශ්‍රී ලංකාවේ පැවැත්වෙන අනෙකුත් සාහිත්‍ය උළෙලවලට සුසමාදර්ශයක් වෙනු ඇතැයිද ඔවුන් බලාපොරොත්තු වෙනවා විය යුතුය. මමත් ඔවුන්ගෙන් කෙනෙක්මි෴0෴

ඌන පූරණයකි.
ශ්‍රී ලංකාවේ පළමු පොත් දොරට වැඩුම මහරගම සරසවි පොත් හළේදී සිදු වුණු බව පසුගිය කොටසේදී මම කීවෙමි. ඒ බව සනාථ කරමින් සිරිබිරිස් හිතවතා ඕස්ට්‍රේලියාවේ සිට එවා තිබුණු මුද්‍රිත සාක්ෂියකි මේ.
ස්තුතියි සිරිබිරිස් උන්නැහේ. 


37 comments:

  1. අන්තිම ගොන් මොලෙක් නේ ලයිසියම් කඩේ බිල නොගෙවා ඉදලා ගේරුවාට අධිභාරයක් (Surcharge) එක්ක බිල ගෙවන එක.

    ReplyDelete
    Replies
    1. ජනක මහතාගේ කීමෙන් මට නම් තේරුම් ගියේ, ගෙවා ගන්න බැරිකම නිසා බිල් ගෙවීම පමා වුණු බවයි, Ano.

      Delete
  2. //මට මාසෙකට කුලිය වශයෙන් රුපියල් ලක්ෂ දහයක් හම්බ වෙනවා.//
    නිදි ලොක්කා මේවා දාලා ඉනිමංකඩව දියමංකඩේ ගිල්ලවන්නද හදන්නේ..
    හෙට ඉදන් ආදායම් බදුකාරයෝ ගේ වටකරයි..

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ ජනක මහතා ඔය තත්ත්වය ගැන නොදන්නවා නෙවෙයි, අසංග... නිසි විදිහට ආදායම් බදු ගෙවන කෙනෙකුට බය වෙන්න දෙයක් නැහැනෙ.

      Delete
  3. නිදි අයියා , මේක නිකං ඉනිමංකඩ මං පොර කතාවස්තුව වගේ නේ ? ඔයාම හිතල බලන්න. ප්‍රතිචාර නිකන් ඇල් මැරුණ ස්වභාවයක් තියනවා නේද

    ReplyDelete
    Replies
    1. Ano, කරදර ගොඩකට මුහුණ පාලා ඒවායින් ජයගෙන අද ඒවා දිහා බලන කෙනෙකුගේ උදානයන් විදිහටයි මම ඒ ප්‍රකාශ දකින්නේ.
      ඒවා බොහොමයක්ම ලියන්නට වටින් දේවල් විදිහට මට පෙනුණේත්, ඒවායින් අපට ඉගෙන ගන්නට බොහොම දේ තිබෙන නිසයි.

      ප්‍රතිචාර වැඩි වෙනවා නං මාමාත් කැමැතියි, මොකද ඒවායින් ඔයාලගේ අදහස් දැනගන්න හැකි නිසා. නමුත්, කියවන හැමෝම comment කරන්නේ නැහැනෙ.
      ගණනින් අඩු වුණත් හරවත් comments වැඩියෙන් ලැබීමත් වාසනාවක්. ඒවා එවන හැම දෙනාටම ස්තුතියි.
      commentස් අඩු වුණත්, පහුගිය ටිකේ නරක කාලගුණය අස්සෙත් මේ සීරීස් එක සාහිත්‍යකාමී ගොඩ දෙනෙක් කියවල තිබෙන බව නං hit කවුන්ටරේ කීවා!

      Delete
    2. //ප්‍රතිචාර වැඩි වෙනවා නං මාමාත් කැමැතියි//
      මාමා විතරක් මදි, නැන්දයි, නෑනයි දෙන්නත් කැමති වෙන්න ඕන නේද?🤔

      Delete
    3. විදර්ශනේ ජනක කෙසේ වෙතත් විනී ප්‍රඩක්ෂන් එකේ පම්පෝරි ජනක මතක් වුනා නිදි අයියේ , මේ සීරිස් එක කවදද ඉවර වෙන්නේ . දින ගැණ ගැණ ඉන්නේ මම

      Delete
    4. බස්සා මහත්තයෝ, පේනවා නේද මගෙත් නොසැලකිල්ලේ තරම වෙලාවකට. සමාවෙන්න හොඳේ.

      Delete
    5. Ano, මේ සීරීස් එක ඔයාගේ හිතට ඇල්ලුවේ නැති එක ගැන කණගාටුයි. මේ තියෙන්නෙ අවසන් කොටසයි. අවසන් කොටසෙ අවසානයටයි මම කුණ්ඩලි ෴ ලකුණු යොදන්නේ.

      Delete
  4. https://milanote.com/guide/novel-research

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay මහත්තයෝ. ඔයාගෙ ලින්ක් එක ගොඩ දෙනෙකුට වැදගත් වැඩ ගන්නවා නං!

      Delete
  5. ආයතනයකට නෙම් මිනිහෙක්ට උනත් ප්‍රතිපත්තියක් තියෙන්ට ඕන. ඒ වගේම ඒව අවැසි තැන නිසි විදියට නම්‍යශීලීව ගෙනියන්න හැකියාව තියෙන්නත් ඕන... කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔය කාරණා දෙකම හරියටම හරි නමී.
      ප්‍රතිපත්ති නැති මිනිස්සුන්ව වගේම මට ඔබින්නේ නැති ප්‍රතිපත්ති සහිත මිනිසුන්ව මම නම් දුරින්ම දුරු කරනවා!
      ප්‍රතිපත්ති තියෙන මිනිසුන් ඉන්න රටකට හරි යන හැටි කුරු ධර්ම ජාතකයේ හරි අපූරුවට කියවෙනවා.

      Delete
  6. හුම්. පොඩි කාලෙ ඉඳල කියවීමට හුරැ කරන එක වගේම අර කියාපු විදිහට ගෙදර පසුබිමත් ඒ විදිහට හදා තිබීමනම් වැදගත් තමයි!

    ReplyDelete
    Replies
    1. හැම ගෙදරකම චුට්ටං පුස්තකාලයක් හරි තියෙන දවසකට...
      ඔයා දැකල තියෙනවනේ අපේ දීපාල්ගේ පුතා මාකෝ, අකලංකගේ දරුවෝ දෙන්නා හා හිමන්‍යා හෙම කියවීම නිසාම කොච්චර නිර්මාණශීලී වෙලාද කියලත්...

      Delete
  7. හ්ම්.......කියෙව්වා. ආයතනය තුන් පාරක් කඩාගෙන වැටිලා දැන් සාර්ථකව පවත්වගෙන යනවා කිව්ව නේද? ඔහු ඒවයින් පාඩම් ඉගෙන ගන්න ඇති, ඒත් ඒවා පාඨකයාත් එක්ක බෙදාගන්න කැමති පාටක් පේන්න නෑ.

    කොළඹ සුපිරි පාසැල් සෙල්ලමෙන් නියම ප්‍රයෝජනේ ගත්තෙ ලයිසියම් ඇතුලු ප්‍රයිවේට් අධ්‍යාපන ආයතන තමයි. හ්ම්....නිදහස් අධයාපනය?

    ReplyDelete
    Replies
    1. අම්මෝ බස්සා මහත්තයෝ, ඒ විස්තර ඔක්කොම ඇහුවා නං posts කීයක් කියල ලියන්නද?
      නිදහස් අධ්‍යාපනය.... හොඳයි නේද තමුන්නාන්සේ ඒ ගැන පෝස්ටුවක් දෙකක් ලියන එක.

      Delete
    2. පෝස්ට් ලියන්න? බැහ්!
      " අපිට කොයින්දෑ මහත්තයො ඉන්ටනැසනල් කොලීජී, මම කෙලීව පල්ලියෙ ඉස්කෝලෙට දැම්මා". දුප්පත් වුනත්, සංඥාපනය තිබ්බ තාත්තා කෙනෙක් මට වරක් එහෙම කිව්වා. ස්වස්ථි සිද්ධම්!

      Delete
  8. මම කල්පනා කලේ නිදි ගේ ප්‍රකාශන ව්‍යාපාරය කොහොමද අසාර්ථක වුනේ කියල

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, මට ඕනි වුණේ මගේ පොත් පළ කාර ගන්නනේ. බෙදා හරින වැඩවලට රස්තියාදු වෙන්න මං කොහොමත් අකමැත්තෙන් හිටියෙ. ඒ අස්සේ ලෙඩ වුණාම...
      තව කාරණා දෙකක් තියෙනවා.
      1. මම බිස්නස් මයින්ඩඩ් කෙනෙක් නෙවෙයි.
      2 . සිඟාලෝවාද සූත්‍රයේ කියවෙන
      " ඒකේන භෝගේ භුංජෙය්‍ය
      ද්වීහි කම්මං පයෝජයේ
      චතුත්ථඤ් ච නිධාපෙය්‍ය
      ආපදාසු භවිස්සති." විදිහට ජීවිතේ ගෙවන්නයි මං වඩා කැමති.

      Delete
    2. හෑ, මම හිතන් හිටියෙ නිදි, වෙන කාට හරි අයිති ප්‍රකාශන ව්‍යාපාරයක මැනේජර් විදිහට හිටිය කියලයි. ඒක එහෙම නෙමෙයිද?🤔😯

      Delete
    3. බකුසුතුමෝ, මම ප්‍රින්ටින් මැනේජර් විදිහටයි වැඩිම කාලයක් සේවය කරල තියෙන්නෙ,

      Delete
  9. http://sinduano.blogspot.com/2016/04/blog-post.html?m=1

    ReplyDelete
    Replies
    1. ස්තුතියි නමී, කලබලෙන් ඉන්නේ. පස්සේ ගිහිං කියවන්නන්,

      Delete
    2. ස්තුතියි නමී, අපූරු ඔත්තුවක් කිව්වාට. දැනුයි ඒ ලින්ක් එකට ගිහිං කියෙව්වේ. මරු!

      Delete
  10. "මේක ටිකක් ඒකාධිපති ගතියක් නේද?" හොඳ නායකයින්ට යම් තරමකට ඒකාධිපති ගති තියෙන්න එපැයි. ඒගොල්ලො intuitively දන්නවා "executive decisions" ගන්න ඕනෙ කොයි වෙලාවෙද කියලා. (හැබැයි අර ඒකාධිපතියෙක් ඇවිල්ලා රටේ විනය හදයි කියලා රටේ මිනිස්සු කට ඇරගෙන හිටිය "ඒකාධිපතිකම" නෙවෙයි).

    ReplyDelete
    Replies
    1. කොයි දේත් හොඳයි වගේම ඕනේ වෙනවනෙ Lotus. හැබැයි පමණට වැඩි නොවී.

      Delete
  11. "මං වෙනස් වෙන්න ඕනෙයි කියන කාරණය මම තේරුම් ගත්තා. මම ගොඩ යන්න නං, ඒ වෙනස්කම් කරගන්නම ඕනෙයි කියන එක මටම කියා ගත්තා" මේ වගේ වැදගත් කාරණා තියෙද්දිත්, මේ පම්පෝරියක් විතරයි කියලා කමෙන්ට්ස් වැටිලා නේද. සමහරවිට අපි ගොඩක් අයට self worth, self esteem ගැන හැඟීමක් නැති නිසා තව කෙනෙක් තමන්ගෙ ජීවිතේ ගැන ආපහු හැරිලා බලලා සතුටින් කතා කරද්දි ඒ පම්පෝරියක් විදිහට විතරයි දකින්නෙ. ඉතාම පොඩි දෙයක් හෝ තමන්ගෙ ජීවිතේට අදාල කරගන්නවත් එහෙම නැත්නම් තමනුත් ඒ දෙවල් කරනවා නේද කියලා සතුටු වෙන්නවත් ඕනෙ කමක් නැතුව ඇති.

    "දැන් බලන්න, වින්සන් වැන්ගෝ එයාගේ ජීවිත කාලෙදී චිත්‍ර දෙදහස් ගණනක් අඳිනවා. නමුත් එක චිත්‍රයක්වත් විකිණෙන්නෙ නෑ. එයාට බඩගින්නට කන්න දෙයක්වත් නෑ". වින්සන් වැන්ගෝ ගැන මෙච්චර දෙයක් දැනගෙන හිටියෙ නෑනෙ. Amsterdamවල එයාගෙ මියුසියම් එකට ගියාම නම් එලියට එන්න හිතෙන්නෙ නෑ. Power of marketing තමයි නේද.

    ReplyDelete
    Replies
    1. අපේ ගොඩක් දෙනා පුරුදු වෙලා ඉන්න කෝණයෙන් මිසක් වෙනත් විදිහකින් බලන්න කම්මැලියි වගේනෙ Lotus.
      අනෙක ඉතිං එක එක්කෙනා ගන්නේ තමන්ට කැමති දේවල්නේ.

      ඔය උඩින් නමී දාල තියෙන ලින්ක් එකට එබුනා ටිකකට කලින්. ඉඩක් තියෙනවා නං එතනට ගිහිං පළමු comment එක බලන්නකෝ හැකි නම්... වෙළෙන්දෝ මත අපේ යැපීම තීරණේ වෙන හැටි ගැන...

      Delete
    2. Dear Lotus, I believe people understand self esteem and self worth and are happy in general to acknowledge someone's achievement without any rancour. For instance everyone appreciates what Nidi has achieved. After re-reading the article and comments I too believe that the interviewee smacks of narcissistic tendencies, hence the label "pampori" No one in his right mind talks about the colour of their cheque book ...come on

      Delete
  12. 2024 ජුනි 6 වෙනිදා සිරිබිරිස් හිතවතා අගනා ඡායාරූපයක් මට එව්වේය. එයින් සනාථ වෙන්නේ ශ්‍රී ලංකාවේ පළමු පොත් දොරට වැඩුම 1972 දී මහරගම සරසවි පොත් හළේදී පැවැත්වුණු බවයි. ඒ ඡායාරූපය මේ කොටසේ අවසානයට එකතු කළෙමි.

    ReplyDelete
  13. කියෙව්ව.
    මේ කතා ටික මුල ඉඳලම කියෝගෙන එන්න වෙයි වගේ.

    ReplyDelete
    Replies
    1. ඔක්කොම කොටස් හතරයි නෙව ප්‍රසන්න.

      Delete
  14. Replies
    1. හොඳින් අරං තියාගත යුතුයි කියලා හිතුනු නිසා ඒ පෝස්ටුව copy කරලා අරං තියා ගත්තත් එක්ක, බස්සා මහත්තයෝ. ස්තුතියි!
      ඊයේ රෑ බැලුවේ. වැස්ස නිසා comment කරගන්නත් බැරි වුණා. අද ඒ වැඩේ කරන්න ඕනි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්