li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Saturday, June 8, 2024

අටේ කෝච්චිය

මේ සැරේ වෙසක් වැස්සට සේදිලාම ගියා වගෙයි! වැස්ස වැස්ස වැස්ස. මදිය නොකියන්නම. ‘හිටගෙනම වැහි වතුරෙන් පුx හෝදන්න පුළුවන් වැස්සක්නේ මේ!” (අවුරුදු 45කට විතර ඉස්සර, අනෝරා වැස්සක් දවසක ඒ පස්ස හෝදන කතන්දරේ කිව්වේ, ‘අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලයේ’ කොම්පෝසින් බාස් උන්නැහේ. එයා නියම සීලවන්ත උපාසක මහත්තයා. මං උන්නැහේ ගැන කලින් කියල තියෙනවා.) හැබැයි, උන්නැහේගේ ඒ කියමන නං වෙනින් කොහෙදිවත් මෙතෙක් මට ආයෙමත් අහන්න- දකින්න හම්බ වෙලා නෑ.

ඉරාවතී- ආදි කාලෙට ඔබින, මහ කැත නමක්...

ඉතිං වෙසක් දවසේ, අරහෙම වැස්සක් අස්සෙ ගෙදරටම සින්න වෙල ඉන්නයි මං වහන්සේට සිද්ද වුණේ. උණ හැදිලා නිසා.

අපරාදේ, ප්‍රියන්තල ගිය ට්‍රිප් එකටත් යන්න වුණේ නෑ. ගිහිං, අනිත් අයටත් වෛරස් බෙදන්නයැ. ඉතිං එහෙම ගෙදරම ඉන්න වෙලාවේ බැලුවයි කියමුකො film එකක්.

බලලා ඉවර වෙනකොට දැනුණේ මගේ උණ double වෙලා වගේ....
ඉරණමකට මෙච්චරටම; මේ තරමටම කුරිරු වෙන්න පුළුවන්ද? පැය බාගයක් විතර මම එහෙමම; පුටුවෙම ගල් ගැහීගෙන කල්පනා කරමින් හිටියෙ ඒක...

ඉරාවතී... ප්‍රීතම් දෙන්න ඒ අතරවාරේ එහෙන්-මෙහෙන් හිටි-හිටි ගමන් හිතට එබි-එබී ගියත් එක්ක.

ඉරාවතී- ආදි කාලෙට ඔබින, මහ කැත නමක්... දැන් කාලෙ කෙල්ලෙකුට නං. ‘ඒත් එයා කෙල්ලෙකුත් නෙවෙයිනෙ, අවුරුදු 29ක අම්ම කෙනෙක්- දරු දෙන්නෙකුත් ඉන්න...’
ඉරාවතීගේ තාත්තා කවියෙක් නිසා වෙන්නැති ලොකු දූට ඒ වගෙ නමක් තෝරා ගත්තේ.

Film එකේ අද්දියක්ෂකතුමන්ගේ කැමැත්ත නිසා වෙන්නැති, මුලදීම ඉරාවතීව ඒ තරං සුන්දර අංගනාවක් විදිහට නොපෙන්නන්නෙ! එහෙමත් නැත්තං ‘ඔල්මොරොන්දන් නිදි’ට ‘උණ මරගාතේ’ ඒ දර්ශන ටික පෙනුණු හැටි වෙන්නත් ඇති. හැබැයි, පහු වෙනකොට නං මං වහන්සේටත් ඉරාවතීගේ අමුතු ලස්සනක් පෙනෙන්න ගත්තයි කියන කාරණයත් කියන්නම වෙනවා!

මට හිතෙන විදිහට නං උමේෂ්ටත් වෙන්න ඇත්තේ ඒකමයි. හැබැයි අනෙක් පැත්තට.
ඒ කිව්වේ මුල් කාලෙ; කෙල්ලව එයාට යෝජනා වෙච්ච කාලෙ- උමේෂුත් ඉරාවතීව දිවියාංගනාවක් වගෙ දකින්න ඇති. හැබැයි කසාද බැන්දට පස්සේ; දරුවෝ දෙන්නෙකුත් ලැබුණට පස්සෙ ඉතිං...
දන්නවනෙ,
‘දෙවේලේ දකින කුකුළාගෙ කරමලා - එවේලේ පෙනෙයි සක සේම සුදු වෙලා’ කියල කියන්නෙත් නිකම්මයැ...

උමේෂුත් වැඩි-වැඩියෙන් රස්සාවට බර වෙද්දී; කුටුම්බයේ රාජකාරි ගොඩ ගැහෙද්දී...

අනෙක් කාරණේ තමයි රස්සාව! දැන් කාලෙ මිනිහෙකුට එක රස්සාවක් නෙවෙයි, දෙක තුනක්ම කරන්නනෙ සිද්ද වෙලා තියෙන්නෙ. උමේෂුත් වැඩි-වැඩියෙන් රස්සාවට බර වෙද්දී; කුටුම්බයේ රාජකාරි ගොඩ ගැහෙද්දී මිනිහගෙ ‘ගේහසිත ප්‍රේමය’ හීතල වෙවී ගියාවත්ද... ඉරාවතීට එහෙම හිතෙන්නත් ඇති.

තාත්තගේ කවිකම උපතින්ම හිමි කරගෙන උන්නු ඉරාවතීත්, අරහෙම අප්සෙට් හිතිවිල්ලක් ආවාමයි; තනිකම මකා ගන්නයි වගේ කවි කුරුටු ගානවා; අදහසක් හිතට ආව ගමන්ම. ඉන්නෙ කොහේද කියලවත් නොතකා.

ඔහොම ඉන්න අතරෙයි- හයිද්‍රාබාද්වල ඉන්න ඉරාවතීගේ නංගිව හදිසියේ රෝහල්ගත කළා කියන පණිවිඩේ හම්බ වෙන්නෙ. ඉරාගෙ නංගි; රියා දරුවෙක් ලැබෙන්න ඉඳිද්දි බ්ලීඩ් වෙන්න පටන් ගෙන තිබුණු නිසයි ඒ.
රියාගෙ මහත්තයා අභිරාම් පිටරටකට ගිහිං නිසා, රියා තනිවෙලයි ඉන්නේ කියලත්, ඉරා දැනගන්නෙ ඒ කතාබහේදී!

එයාලගෙ අම්මයි, තාත්තයි දෙන්නම නැතිවෙලා නිසා දැන් ඒ දෙන්නට දෙන්නා තමයි කොයි දේකදී වුණත් එයාලගේ පිහිටට ඉන්නෙත්!

කොහොමින් හරි අන්තිමේදී ඉරා ඉස්පිරිතාලෙට ගිහිං රියාව බලනවා!

‘මේ වෙලාවේ රියාව තනියෙන් තියන්න බෑ. මමවත් මේ සුමාන දෙකේ එයා ළඟ ඉන්න ඕනි. මාව හයිද්‍රාබාද්වලට ඇරලවන්නකො.’ ඉරාවතී උමේෂ්ට කියනවා.

‘ඉරා. ඔයාට තනියම තමයි එහාට යන්න වෙන්නේ. මට එන්න විදිහක් නෑ. වැඩ ගොඩ ගැහිල ඉහටත් උඩින්. මම ළමයි දෙන්නවත් බලාගෙන මෙහෙ ඉන්නං. ඔයා බය නැතිව යන්න.’ තනියෙන් හයිද්‍රාබාද් යන්න පස්ස ගහන බිරියට උමේෂ් කියනවා.

පස්සෙයි එළිවෙන්නේ, ඉරාවතී දැරියක සන්දියේ කෝච්චියේ යද්දී හරීම අවාසනාවන්ත අත්දැකීමකට මුහුණ දීල. ඒක නිරන්තරවම මතක් වෙන නිසා ඉරා කෝච්චියක යන්න කැමති නෑ. හැබැයි, අනිත් කවුරුන්වත් ඒ භීතිකාව ගැන දන්නෙ නෑ!

ඉතිං, ඉරාවතී කෝච්චියෙන් තනියම ඒ ගමන යන්නේ ‘මරන්න ගෙනියන එළදෙනක්’ වගේ; බොහොම අමාරුවෙන්... කොහොමින් හරි අන්තිමේදී ඉරා ඉස්පිරිතාලෙට ගිහිං රියාව බලනවා.

‘අක්කේ, ඔයා අපේ ගෙදරට ගිහිං ටිකක් විවේක අරගෙන එන්න.’ රියා අක්කට කියනවා. ඉරා රියාලගේ ගෙදරට යන්න හදන්නේ ත්‍රී වීල් එකකින්. ‘ඒ මොන මෝඩ වැඩක්ද? ඔටෝ එකක ගියොත් රුපියල් 500/-ක් විතර වෙයි. ඊට හපන්, ට්‍රැෆික් එකට අහුවෙලා පැය ගාණක් යයි. කෝච්චියේ යන්න රුපියල් පනහයි යන්නේ- විනාඩි 20න් ගෙදර.’
ඉරා අක්කට රියා නංගිගෙ කීම පිළිගන්න වෙනවා. තවත් කෝච්චි ගමනක්...

මම නං ෆිලුම බා ගත්තේ ‘සිනෙරූ’ අඩවියෙන්. ඉඳුවර නිසල් තමයි සිංහල සබ්ස් දීල තිබුණේ.

හිතුවේ මම දිගටම කතාව කියාගෙන යයි කියලද?
අපොයි නෑ. හොඳයි නේද මේ චිත්‍රපටයේ ඔෆීසියල් ට්‍රේලර් එක බලලා හිටියොත්. එතකොට ඔයාලටම අදහසක් ගන්න පුළුවනිනේ. මෙන්න link එක:
https://www.youtube.com/watch?v=Sf6l492kclQ

මම නං ෆිලුම බා ගත්තේ ‘සිනෙරූ’ අඩවියෙන්. ඉඳුවර නිසල් තමයි සිංහල සබ්ස් දීල තිබුණේ.

ඉඳුවර මහත්තයෝ, හින්දි භාෂාව නොදන්නවා වුණාට- මට නම් තේරුණේ ඔයා මේ ෆිලුමට අපූරුවට subs දීලා තියෙන බවයි. ගොඩක් ස්තුතියි!

හැබැයි, ඉඳුවර නිසල් රජෝ- film එක ගැන ඔයා ලියලා තිබුණු ලිපියේ ‘මෙන්න මේ කොටසෙ දෙවෙනි වැකිය’ට නං මම කීයටවත් එකඟ වෙන්නෙ නෑ.
‘මේක ගැන කියනව නම් ඇත්තටම ලස්සන වෙනස් විදියක ෆිල්ම් එකක්... හරියටම කියනව නම් ස්ට්‍රෙස් එකේ වගෙ ඉන්න වෙලාවක බලන්න පුළුවන් හිත සැහැල්ලු වෙන ලස්සනම ෆිල්ම් එකක්...’

ආච්චිගෙ රෙද්ද!
හිත සැහැල්ලු වෙන? ස්ට්‍රෙස් එකේ ඉන්න වෙලාවක බලන්න හොඳ...
මඤ්ඤංද නිසල්? ඔයාට එහෙම හිතුණට මොකෝ- මට නං තවමත් දැනෙන්නෙ මහාමේරුව ගෙනත් මගේ ඔළුව උඩින් තිබ්බා වගේ බරක්...
ෆිල්ම් එක බලපු වෙලාවේ ඉඳලම එහෙමයි. හැබැයි ඒක වේදනාකාරී; වෙහෙසකර; අඳුරු හැඟීමක් නෙවෙයි. හරිම සොඳුරු; අරුත්බර වේදයිතයක්!

සමහර නළුවන්ට තියෙන ‘ග්ලැමර්’ එක ප්‍රීතම් ළඟ යන්තංවත් තිබුණේ නැති පාටයි. පරාජිත පෙම්වතෙකු වගෙයි...

Film එක බලලා ඉවර වෙච්ච ගමන්ම, මම කළේ අන්තර්ජාලයෙන් ෆිලුම ගැන තොරතුරු හෙව්ව එක. එතකොටයි, Gulshan Devaiahගේ නමත් හොයා ගන්න ලැබුණේ. මගෙ හිතේ මේ ෆිලුමේ නං ගුල්ෂාන් රඟපාන්නේ නැහැ, චරිතයේ ජීවත් වෙනවා. ප්‍රීතම්ට ඉන්නේ එයා.

පුදුමේ කියන්නේ (මට අනුව නං) මිනිහත් එච්චර attractive; කඩවසම් හාදයෙක් නොවෙන එකයි. සමහර නළුවන්ට තියෙන ‘ග්ලැමර්’ එක ප්‍රීතම් ළඟ යන්තංවත් තිබුණේ නැති පාටයි. පරාජිත පෙම්වතෙකු වගෙයි. ‘විරාගයේ අරවින්ද’ වගේ, කලබල නැති- ටිකක් විතර නෝංජල් ගතියකුත් තියෙන මනුස්සයෙක්...

හැබැයි ඇක්ටිං නං මල්! නිකංම මල් නෙවෙයි- මල් හතයි, තව ටිකයි!!

ඉතිං, කොච්චර හොඳට ගුල්ෂාන්, ප්‍රීතම්ට පණ පොවනවද කියනවා නං, මට හිතුණෙ ඒ හාදයාට වෙනස් විදිහෙ කැරැක්ටර් එකක් නං මේ සම්මජාතියේදී කරන්න බැරිව ඇති කියලයි. ඒකත් වෙන්න බැරි දෙයක්... ගුල්ෂාන්ගෙ රංගනයන් කිහිප වතාවක්ම සම්මානවලට නිර්දේශ වෙල තියෙනවා; සම්මාන ලබලත් තියෙනවා. එහෙම වෙන්නෑනෙ එකම වගේ චරිත විතරක් රඟපානවා නං...
ඒ රඟපෑමට මං වහ වැටුණු තරම කියතොත්- පහුගිය අවුරුදු 13 තිස්සේ ගුල්ෂාන් දේවයියා රඟපෑ ෆිල්ම්ස් කිහිපයක් බාගෙන බලන්නයි සූදානම.

දන්නවනෙ, මාත් එක විදිහක් චිත්‍රපට පිස්සෙක් විත්තිය. ඒ වගේමයි, හිතට හොඳටම වැදුණු film එකක් බැලුවම, ඉඩක් තිබ්බොත් ඒ ගැන ඔයාලටත් කියන විත්තිය. මීට කලිනුත් එහෙම films හත-අටක් ගැන ඔයාලට කිව්වා.

සමුදුරු මූර්තිය, විරූපීට රැවටෙන්නේ, හරි හුරතල් විනාකිරි සංග්‍රාමය, ප්‍රේමණීය චාරිකාව, උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය, දහතුනේ මාරකේ... Thirteen Lives, Nice View වගේ posts කිහිපයකින්.

නමුත් ඒ posts එකක්වත් සිනමා විචාර නං නෙවෙයි. මේකත් එහෙමයි. මොකද film එකේ අංග රචනය- කැමරාකරණය- ආලෝකකරණය- පසුතල නිර්මාණය- සංගීතය- සංස්කරණය වගේ ගොඩාරියක් දේවල් ගැන ගැඹුරින් යමක් කියන්න තරමට මගේ දැනුම මදි. අනෙක. සිනමාහලකදී බලන්න ඕනි films පරිගණකයක පුංචි තිරයකින් බලලා අතිපණ්ඩිතකම් කියන එක සාධාරණයැ?

එක දෙමාපියෙක්ට මම පොරොන්දු වුණා, එයාගේ අළු පා කරනවා කියල.. ඒත් මට කවදාවත් ආපහු මෙහෙ එන්න ධෛර්යයක් අරගන්න බැරි වුණා!

Raj Rachakonda තමයි මේ film එකේ තිර රචනය ලියලා අධ්‍යක්ෂණය කරල තියෙන්නෙ. Andamina Jeevitam කියන නවකතාව පාදක කරගෙන.  Malladi Venkata Krishna Murthyගේ නවකතා පොතෙත් මේ සිද්ධි මේ විදිහටම තියෙනවද මන්දා- ඒ තරං අපූරුවටයි ෆිලුමේ සිදුවීම් පෙළ ගැහෙන්නේ.

බිරියගේ 25වෙනි උපන් දිනයට තෑගි 25ක් දෙන්නට තරම් ආදරණීය වුණු, පසුව අනියම් සබඳතාවයකට පැටලෙන්නෙක් / රූපවාහිනියේ මාලා නාටකවලටම ජීවිතය බද්ධ කරගත්තවුන් / කවියෙක්, කිවිඳියක් හා කවිය අගයන්නට පුරුදු වුණු කාව්‍යලෝලියෙක් / සියදිවි හානි කරගන්නට යද්දී පවා පරෝපකාරයට ඉදිරිපත් වන්නෙක් / ලෝක සම්මතවලට පිටු නොපාමින් හද පතුලෙන්ම ආදරය කරන දෙදෙනෙක් / Panic Attack රෝග තත්ත්වයට ගොදුරු වන්නියක් වගේ පිරිසක් මේ කලාත්මක film එකේදී ඔයාලට හමු වෙයි.

කලාත්මක කිව්ව ගමන් බය වෙන්න එපා. අපේ රටේ හැදෙන කලාත්මක චිත්තරපටයක නං sex සීන්ස් එහෙම තියෙනවනේ, හුඟ වෙලාවට. මේ ෆිලුමේ එහෙම එක දර්ශනයක්වත් නෑ.

ම්..ම්.. තවත් අවවාදයකුත් නොකරම බෑ. අපේ මෙගා ටෙලීස් බලන්න ඇබ්බැහි වෙලා ඉන්න රසික-රසිකාවන් ගොඩේ නං, මේ post එක කියවන ඔයාත් ඉන්නේ- ඔයාට මේ අවවාදය අදාළයි.
මේ ෆිලුම බලනවා නං ඉතාම අවධානයෙන් එහෙම කරන්නත් ඔයාලට සිද්ද වෙනවා. මොකද, හුඟක් දේවල්වල අග-මුල ගලපගන්න වෙන්නේ ඔයාලටමයි!

”මෙහෙ ළමයි තැන්පත් කරලා තියෙනවා. ඒවා ආදාහනය කරන්නේ නෑ.
සමාවෙන්න...
මගේ හොඳම යාළුවො හතරක්... මාස හයකට කලින්... ගොඩක් නරක අනතුරකින්...
එයාලගෙන් එක දෙමාපියෙක්ට මම පොරොන්දු වුණා, එයාගේ අළු පා කරනවා කියල..
ඒත් මට කවදාවත් ආපහු මෙහෙ එන්න ධෛර්යයක් අරගන්න බැරි වුණා.’

Film එකේ පැයයි විනාඩි නවහමාරේ සිට 1.10.30 දක්වා විනාඩියෙදී; සොහොන් පිටියකදී කියවෙන දෙබසයි ඒ. එතන සමහර වචන කියවෙන්නේ නෑ. ඒවා අපියි හිතාගත යුත්තේ.

මම නං ආදරණීය ඔයාලට යෝජනා කරන්නෙ ‘8 A.M. Metro’ චිත්‍රපටය බලන්න කියලයි.

ඒ කතාවේ ඉතිරි හරිය කියැවෙන්නෙ ඊටත් ගොඩක් වෙලාවකට පස්සේ. දෙතුන් පොළකදී... ඉතිං අර විනාඩියෙන් බාගයක් මිස් වුණත්... තත්ත්වේ ඔයාලටම හිතා ගත්තැකිනේ...

ඔය කිව්වා මදැයි.
මම නං ආදරණීය ඔයාලට යෝජනා කරන්නෙ ‘8
A.M. Metro’ චිත්‍රපටය බලන්න කියලයි. එහෙම කළොතින්, එතකොට ඔයාලට හිතුණු දේත් අපට කියන්නකො෴0෴

34 comments:

  1. Thank you Nidi. Must watch this film. Thanks again for your lovely comment/critique.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ හිතාදර comment එකටත් ස්තුතියි කපිල වස්තුව. ෆිලුම බලලා හොඳයි නම් කියන්නකෝ.

      Delete
  2. මට හොඳම ෆිල්ම්ස් රෙකමදාරු ලැබිලා තියෙන්නේ මේවා වලින්:
    https://hashanrandika.blogspot.com
    https://hotchocolatedays.blogspot.com
    දැන් ඒකට නිදිගෙ එකත් එකතුවීම සතුටක්. අර කිව්වා වගේ මේක හරි අපූරු කතාවක්. ස්තූතියි.💐👌🙏

    ReplyDelete
    Replies
    1. බස්සා මහත්තයෝ, ගොඩක් ස්තුතියි ඔයාගේ රෙකමදාරුවට. ඒ ලින්ක් දෙකෙන්ම මටත් ප්‍රයෝජනයක් තියෙනවා වගේ...

      Delete
  3. "බිරියගේ 25වෙනි උපන් දිනයට තෑගි 25ක් දෙන්නට තරම් ආදරණීය වුණු".., මට නම් එතන පේන්නෙ ආදරය නෙවෙයි, පොඩි red flag එකක්. ආදරේ නැති අය තමයි ඕනවට වඩා ආදරේ පෙන්වන්නෙ (ඒක මගේ අදහස).

    "පහු වෙනකොට නං මං වහන්සේටත් ඉරාවතීගේ අමුතු ලස්සනක් පෙනෙන්න ගත්තයි කියන කාරණයත් කියන්නම වෙනවා!" සමහරවිට එයාට ප්‍රීතම් හම්බවුනාට පස්සෙ එයාට එයාගෙ ඇත්ත ස්වරූපයෙන් (authentic self) හැසිරෙන්න පුලුවන් වෙච්ච නිසා වෙන්න ඇති. (මම guess එකක් කලේ නිමල් ලියලා තියෙන දේ කියවලා. ෆිල්ම් එක බලලා නෑ). එහෙම වුනාම ඇතුලෙ තියෙන ලස්සන පිටට පේන්න ගන්නවනෙ.

    ReplyDelete
    Replies
    1. //ආදරේ නැති අය තමයි ඕනවට වඩා ආදරේ පෙන්වන්නෙ (ඒක මගේ අදහස).//
      බොහෝ දුරට මමත් එකඟයි Lotus.
      මගේ ඥාති දියණියක් හිටියා, ආදරේ කරලා බැන්දා. හැමදාම වගේ කුරුළු ජෝඩුවේ foto fb එකේ තිබ්බා. දරුවෝ දෙන්නෙක් ඉපදුනාට පස්සෙයි මිනිහගෙ අනියම් සබඳකම් හෙළිවුණේ.

      දෙවෙනි අදහසත් පංකාදුයි. authentic self වචන දෙකත් මට මීට කලින් අහු වෙලා තිබ්බේ නැහැ වගෙයි! ස්තුතියි!

      Delete
    2. Film එක බැලුවොත් අදහස කියන්න, හොඳේ.

      Delete
  4. නිමල් animation movies බලනවනම් Migration ලස්සණ ෆිල්ම් එකක්. ටිකක් විතර මෝඩයි, හැබැයි සන්තෝශෙන් බලන්න පුලුවන්. ජීවිතේට පොඩි ආදර්ශයකුත් තියෙනවා.

    ReplyDelete
    Replies
    1. මම ඇනිමේෂන් මූවීස් නං ඉතාම කලාතුරකින් බලන්නේ. ඒත් Lotus, ඔයාගෙ කලින් නිර්දේශ දෙකක්ම හොඳට තිබුණු නිසා මේකත් බලන්න හිතුණා. ස්තුතියි.

      Delete
    2. ට්‍රේලරය නං බැලුවා දැන්. ෆිලුම බලලා කියන්නන්කෝ.

      Delete
    3. Lotus, මට Migration ෆිල්ම මධ්‍යස්ථ එකක්.

      Delete
  5. ෆිලුමක් බලන්ට කලියෙන් විස්තර, රිවිව් නොකියනව උනත් මේ පෝස්ටුව කියෙව්ව හිටං... නිදි ලොක්ක දාපු හන්ද.
    ඒත් ෆිලුම් බලන එක තාවකාලිකව නතර කරල තියෙන්නෙ. ඒ හන්ද මේකත් නොබලන ගොඩට තමා වැටෙන්නෙ !

    ReplyDelete
    Replies
    1. නමී, විස්තර තියෙනවා නං කලින්ම එව්වා කියවලා ඉන්න මම කැමැතියි- film එකක් බලන්න කලින්.
      කොච්චර වැඩ තිබුණත් නමී- අපි අපිවම සන්තෝස කරගන්න එකටත් වෙලාවක් දෙන්න ඕනි නේද?

      Delete
  6. නිලියගෙ අමුතු ලුක් එකක් තියෙනව නේද හිටං 🙈

    ReplyDelete
    Replies
    1. ඒකනේ ..... ඇක්ටිං තමයි සුපිරි.

      Delete
  7. පොඩි කාලෙ ඉදන්ම බැලුවේ පට පට ගාල වෙදඩි තියාගන්න ඇක්ෂන් ෆිල්ම් විතරයි. ටීවී ඩ්‍රාම නම් බලන්නෙම නෑ , සංචාරක වීඩියෝ නම් බලනවා.

    ReplyDelete
    Replies
    1. වෙඩි තියාගන්න කෑලි මේකෙ නැති නිසා ලලිත් මහත්තයෝ, ඔයාට මේ ෆිලුම හරි යන එකක් නැති වෙයි.

      Delete
  8. 8 a.m .Metro බැලුවා, මම බැලුවේ සිනේ සබ්ස් එකෙන්

    ReplyDelete
    Replies
    1. ඔයාට මේ ෆිලුම හොඳයිද ඉවාන්?

      Delete
    2. මට නම් හොඳයි, ඕක බලද්දී ආයෙමත් ද ග්‍රේට් ඉන්දියන් කිචන් කියන එකත් මතක් වුනා, කොහොමත් මම මලයාලම් ලෝලියෙක්, වැඩිපුර බලන්නේ මලයාලම් ෆිල්ම්, මේක හින්දි වුනාට බැලුවා ඉතින්

      Delete
    3. ආන්න ජංසං, මේ බානවා. තෑන්ක්ස්.👌💐
      //වැඩිපුර බලන්නේ මලයාලම් ෆිල්ම්//
      එහෙම බලලා, හොඳ ඒව අපටත් රෙකමන්ඩ් කලා නං තමා හොඳ.🙏😋

      Delete
    4. ඉවාන්, මටත් මලයාලම් ෆිල්ම්ස් ගොඩක් අල්ලලා යනවා. ද ග්‍රේට් ඉන්දියන් කිචන් එකේ කෙල්ල මිනිහගෙ තට්ටේ පලලා නොයන එකටයි මට තරහ!

      Delete
    5. බකුසුතුමෝ, අටේ කෝච්චිය හිතට ඇල්ලුවොත් තව වෙනස් තේමාවන් දෙකක films දෙකක් දෙන්නන්.
      Laapataa Ladies 2023
      Patna Shukla 2023

      Delete
    6. අහා! අල වගේද ගෝවා? හිතට ඇල්ලුව නැතත් කාරි නෑ, රෙකමන්ඩේෂන් එකයි වටින්නෙ. ඒවයින් තමයි මිණිකැට මතු වෙන්නෙ.👌💐🙏😊

      Delete
  9. මම අද යු බටෙන් දඩුබස්නාමානය බලන්න ගත්තා .. හින්දි මලයාලම් බලන්න ගන්න ඕනේ ආයෙත් .. ඉංගිරිස් ඒවා දැන් කම්මැලියි ..

    කාලෙකට පස්සේ බ්ලොග් පළාතේ ආවා

    ReplyDelete
    Replies
    1. සමහර ජනප්‍රිය ෆිල්ම්ස් වුණත් මට හරි යන්නේ නැති වෙලාවල් තියෙනවා. භාෂාව මොක වුණත්.
      ඉතිං පැතුම් කාලෙකින් blog පළාතේ ආව වගේ post එකකුත් ලියමු!

      Delete
    2. කොහොම පටන් ගෙන මොනවා ලියන්නද නැත මට තේරෙන්නේ ... හෙහ් හෙහ්

      Delete
  10. බලලාම නැති ෆිල්ම්ස් , තව යාලුවෙක් කීව මලයාලම් හොඳයි කියල. නෙට්ෆ්ලික්ස් දෙක තුනක් උඩින් පල්ලෙන් බැලුව ඇල්ලුවේ නැහැ. සොරි. මේ ෆිල්ම් එක ගැන ෆේස්බුක් එකේ කතා වෙනවා දැක්ක. නෙට්ෆ්ලික්ස් හරි amazon ප්‍රයිම් හරි තියෙනවද දන්නේ නැහැ නේද

    ReplyDelete
    Replies
    1. මලයාලම් ෆිල්ම්ස් දැන් හරි දියුණුයි වගේ අජිත්... ඉඩ තියෙන වෙලාවක හොයා බලන්නකො.

      Delete
  11. ඉරාවතීට තවත් තරඟකාරයෙක්..... පරක්කුවෙලා ඇවිත් අයිතිවාසිකම් කියන්න එපා. එයා දැන් මගේ😏😏😏😏

    ReplyDelete
    Replies
    1. ඔහේගෙ නං ඔහේ ගන්න
      හොඳ නැහැ නොව දොස් කියන්න

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්