![]() |
මේ
මිතුරු සංසදයේ අය අතර ඒ කාලයේ තිබුණු දඩබ්බර ගතිය- එකෙකුව bite කරද්දී කිසිම
බුරුලක්.... |
“....මිනිහා අපේ ගෙදර ඉස්සරහිනුත් එහාට-මෙහාට ගියා හතර-පස් වතාවක්ම! හැබැයි,
අපේ ගේ පැත්තවත් බැලුවේ නැතිව.....හරියට අපට මූණ දෙන්න බැරිව
වගේ. එයා අපේ ගෙදරට නොඑන කෙනෙකුත් නෙවෙයිනෙ.... ඒකයි අපිට...”
නෙවිල්ල තාත්තා කිව්වේ අන්ත අසරණ ලීලාවකිනි....
Full
Story එක දැන ගන්නට හැකි වුණේ දවස් කිහිපයකට පස්සේ නෙවිල් ආපහු ආවාමය. එතෙක්
එයාලගේ අම්මාත්, තාත්තාත් හිටියේ බඩේ ගින්දරෙනි. අනිත් ගමන් සගයන්ගේ ගෙවල්වල
උදවියත් එහෙමමය.
ඒ සේරම සිද්ද වුණේ මේ මිතුරු සංසදයේ අය අතර ඒ කාලයේ තිබුණු දඩබ්බර ගතිය- එකෙකුව
bite කරද්දී කිසිම බුරුලක් නොපෙන්වීම හින්දාය.
“ඔන්න
ඒ කාලේ අපේ කට්ටියෙන් රස්සාව කරන අය හිටියේ එකයි-දෙන්නයි. හරිශ්චන්ද්‍ර තමයි
ඉස්සෙල්ලාම රස්සාවට ගියේ, නේවි එකට. ඒ හින්දම දියතලාවේ නේවි බංගලාව අඩු ගණනකට බුක්
කරගන්න හරිසයට පුළුවන් වුණා.... ඒත් නිමල්, අපේ සමහර අයට දියතලාවට train ටිකට්
එකටවත් සල්ලි තිබ්බේ නෑ!”
එක්කෙනෙක් මතක් කරයි.
![]() |
“අඩෝ, හරිශ්චන්ද්‍රගේ ඉස්සෝ....” තවත් එක්කෙනෙකු
ඒ අතීතාවර්ජනයට බාධා කර, උඩගෙඩි දෙන ගමන්... |
“ඊට
හපන්නෙ, දංකොටුවේ, දිලෙන තරු ක්‍රීඩා සමාජය කියලා, රුපියල් දහයේ බොරු රැෆල් ටිකට් අච්චු ගස්සාගෙන වික්කේ!” කට්ටියම හිනා පළති. “සමහර අයට
නං වොරන්ට්ස් ලියවා ගන්නත් ඉඩ තිබුණා, තාත්තලාට ඒ facility එක තිබුණු හින්දා...
සමහරුන්ට ඒකත් නෑ...ඉතිං, හරි අමාරුවෙන් තමයි....”
“අඩෝ,
හරිශ්චන්ද්‍රගේ ඉස්සෝ....” තවත් එක්කෙනෙකු ඒ අතීතාවර්ජනයට බාධා කර, උඩගෙඩි දෙන
ගමන් සිනා වෙයි. ඒ හිනා වෙන්නේත් හරිශ්ට ඔලොක්කු කරමිනි. “අඩෝ මූ අහිංසක මාළු
බෝට්ටුකාරයන්ට තග දාලා තමයි එහෙම ඉස්සෝ ගෙනාවේ, සල්ලිත් නොදී!”
මට
හමුවී ඇති අහිංසකම මනුස්සයා මේ කියන හරිශ්චන්ද්‍රය. හැමෝටම එයාව bite එකට ගන්නට ඉඩ
පෑදෙන්නේ හරිශ්ගේ කියුම්-කෙරුම් නිසාය. නේවි එකේ ඉඳලාත් දැන් පීනන්නට බැරි නිසාය!
හරිශ්චන්ද්‍ර පිහිනලා තියෙන්නේ පුහුණු වෙන කාලයේ විතරයිලු. ඒ ටිකේදීත් ජීවිත
කාලයකටම සෑහෙන්නට කරදිය බීලා තියෙනවා කියලා එයාම කියයි.
“ඒ
වුණාට මචං ඉන්ක්‍රිමන්ට්ස් ගන්න නං මීටර් සීයක් පීනලා පෙන්නන්න ඕනිනේ.... දැන්
පීනන්න බැරි වුණාට ඒකත් කරපු කොල්ලෙක් මං....හරිද? ඕනේ නැති කතා කිව්වට...” හරිශ්
ඇවිස්සුණාම කියයි.
![]() |
ඇයි යක්ෂයෝ, අපේ ගෙදර අම්බලමක් කියලා
හිතුවද, මටත් නොකියා අපේ ගෙදරදී set වෙන්න දාගෙන... |
ඒ ටික කරද්දීත් උන්නැහේ අම්බානක බැනුම් අහයි!
බොහොමයක් දවසට මගෙනුත්.
එහෙම වෙන්නේ, කට්ටියම එකතු වෙන්නේ අපේ ගෙදරදී වුණත්- ඒ විත්තිය මට කියන්නේ
අන්තිමටම වුණාමය.
“ඇයි
යක්ෂයෝ, අපේ ගෙදර අම්බලමක් කියලා හිතුවද, මටත් නොකියා අපේ ගෙදරදී set වෙන්න දාගෙන
අන්තිමට කියන්නේ?” අනෙක් අයගෙන් කලින්ම
ආරංචිය ලැබී තිබෙන නිසා, මම කඩා පනිමි. “...දවසක තමුසෙලා එනකොට මම දොර-ජනෙල් වහගෙන
ගේට්ටුවත් lock කරගෙන ඉන්නවා සද්ද නැතිව.... එක්කෝ එළවලා දානවා.”
(එළවන ටික නං හැම සාදය දවසකදීම මගෙන් කෙරෙයි. ‘දැන් හරි. කෝපිත් බිව්වනේ... මං
නිඳා ගන්නේ කීයටද? දැනුත් පාන්දර දෙකයි.... යනවලා!’ මට කියන්නට වෙයි.)
“හඃ
හඃ හඃ! ඒව කොහේ කරන්නද නිමල් අයියේ? අපිටත් දැන් මේ ගෙදරට එන්න අයිතියක් තියෙනවා.
අපි දැන් අවුරුදු තිහක් විතර මේ ගෙදරදීනෙ දිගටම set වෙන්නේ!” කණ පාත්වී ඉන්නා
හරිශ්චන්ද්‍ර නිහතමානී tone එකෙන් කියයි. එහෙව් මිනිහෙකුට බැනලා කට රිද්දා ගන්නට
යන්නේ මොකාද?
![]() |
‘නෙවිල්
අනුරසිරි පෙරේරා මහත්තයා ජීවිතයේ එකම වතාවක් දෙවෙනි මනාලයා වුණේය’ කියලාය මට මීටර්වී
තිබෙන්නේ.... |
“හැම
සැරේම දියතලාවේ යද්දී, මූ තම්බාගෙන ගේනවා ඉස්සෝ රාත්තල් හය හතකටත් වැඩිය....
අන්තිමට අපට ඉස්සෝ කාලාම එපා වෙනවා....”
“හඃ
හඃ! ඔව් නිමල් අයියේ, මෙයාලා එතකොටත් මට බනිනවා.... හොඳයි කියන්න. මමද වැරදි, එහෙම
දෙයක්වත් අරන් ගියාට?” හරිශ් අහයි.
ඒ
කට්ටිය හැම අවුරුද්දෙම වගේ ගිය ගමන ඕකය. දියතලාව නිවස්නයේ සිට කෝච්චියෙන් ඔහියට
ගොස් ලෝකාන්තයට යාමය.
“අපිත් ගියේ, නිමල්ට මතකයිනෙ... ඔහියේ ඉඳලා පයින් ගිය හැටි...
එහෙම යනකොට එක speed එකට යන අය දෙන්න-තුන්දෙනා කට්ටි ගැහිලා පයින් යන්නේ... xxx
තමයි හැමදාම වගේ ඉස්සර වෙන්නේ... ඒ සැරෙත් ඌ ඉස්සර වුණා. දන්නවනෙ සීතලේ ගැහි-ගැහී,
මීදුමේ පොද වැහිවලට තෙමි-තෙමී, කන්ද නැඟගෙන යනකොට විදිහ...
අපි කරන්නේ උඩහට යන වාහනවලට අත දාන එක.... ලිෆ්ට් එකක් ඉල්ලා ගන්න...” එක්කෙනෙකුටම
කතාව කියන්නට කවරදාකවත් ඉඩ ලැබෙන්නෙ නැතිය.
![]() |
අන්තිමටම පොරත් ඉන්නවා පාර අයිනේ, මිනිහා
අපිවත් දැක්කා....කෑ ගහලා අතත් දැම්මා..... |
“ඔව්
නිමල් අයියේ, අන්තිමටම පොරත් ඉන්නවා පාර අයිනේ, මිනිහා අපිවත් දැක්කා....කෑ ගහලා
අතත් දැම්මා. ට්‍රැක්ටරේ කට්ටියට අපි
කිව්වා ‘නවත්තන්න එපා’ කියලා. ‘නවත්තන්න කිව්වත් දැන් බෑ’ කියල උනුත් නැවැත්තුවේ
නෑ!”
හිතා
ගන්නට පුළුවන්ද? අපේ මිත්තරයන් රොත්තම එකට එකතුවී පාර අයිනේ හිටි xxx හිතවතාට
කොහොම කෝචෝක් කරන්නට ඇතිද කියලා.
“එතකොට අපේ එකාට මළ පැන්නා. ඌ නං යකෙක් නිමල්! අච්චර මහන්සියෙන් ඉඳලත් මූ ට්‍රැක්ටරේ
එක්කම අපේ පස්සෙන් සෑහෙන දුරක් දිව්වයි කියපන්කො!”
“එතකොටවත්
ට්‍රැක්ටරේ නැවැත්තුවේ නැද්ද?” ට්‍රැක්ටරය පිටුපසින් දුවන ධාවකයාගේ චිත්ත රූපයක්
මවා ගනිමින් මම ඇසුවෙමි.
“නැහැනෙ හලෝ! අපි බැහැල බලාගෙන හිටිද්දී xxx මූ ආවේ හෙණ වෙලාවකට පස්සෙ... නප්පියටම
තද වෙලා.... ‘අඩෝ, උඹලත් යාළුවොද බං?’ කියාගෙන....”
![]() |
එදා ලෝකාන්තය බලන්නට යන තුරුමත්, බේකර්ස් ඇල්ල
බලා ආපසු එනතුරුමත් xxx එක දිගටම bite වෙන්නට.... |
“ඒකනෙ වුණේ. ඊට පහුවදාත් ඒ වගේම වැඩක් වුණා. අපි ගියා නුවරඑළි...
පිදුරුතලාගත් නැග්ගා.... නඟින අතරේ හීනියට drink එකකුත් ගත්තා. Xxx ඒ වෙලාවෙත් පොර
වෙන්න ඕනි නිසා වැඩියෙන් ගැහුවා... බීලා එතැනදිත් xxx දිග රිටක් හොයා ගත්තා කන්ද
නඟිද්දී ලේසියි කියලා.... බහිනකොටවත් මේ යකා ඒ රිට වීසි කළේ කළේ නෑ කියපංකො.... කන්ද
නඟින්න උදව් කරපු රිට වීසි කරන්න බෑ කියලා..... ලජ්ජාවේ අපේ පණ ගියා. Bus Stand
එකේදිත් මූ හිටියේ අර පොල්ල උරුක් කරගෙන....”
“ඌ
එක විදිහක පිස්සෙක්නෙ මචං!”
“උඹට මතකද.... අර පෙට්ටි බස් එකේ කොන්දා -ඕක කොහේ ගෙනියන්නද මේකෙ- කියල ගෝරි
දාත්දිත් මූ වලියට ලෑස්ති වෙච්චි හැටි.... නෙවිල්, උඹ නේද මචං ඒ රිට උදුරලා අරන්
හෙණ පල්ලමකට වීසි කළේ? එතැනත් තව ඩිංගෙන් හෙණ මරාලයක් නිමල්! රිට ගිහින් වැටුණේ
ගෙදරක ටකරන් වහලේ උඩට....”
එයාලාගේ
මතකයේ හැටියට, එදා නම් xxx කණ්ඩායමත් සමඟ හොඳටම තරහ වෙලාය.
“හෙට උඹලා පලයල්ලා පිළිමතලාවේ... මං උඹලා ලොකු අම්මලාගේ ගෙදර යන්න එන්නෑ. කෙළින්ම
කොළඹ යනවා....” Xxx අන්තිමට කියලාය.
![]() |
‘කොළඹ
යනකං කකා යනවා’ කියලා, අපට පේන්නම තඩි වඩේ මල්ලකුත් අරගෙන, අපෙනුත් ඈත් වෙලයි
කෝච්චියට නැග්ගේ. |
-කෝච්චිය
පිළිමතලාවට එද්දී, xxxත් අපිත් එක්කම බහින්න ලෑස්ති වුණා. -අඩෝ, උඹ පොර වගේ තනියම
කොළඹ යන්නනේ හැදුවේ; ලබ්බටද එහෙනං අපිත් එක්ක එන්නෙ, ලජ්ජ නැතිව.... දිගටම පලයංකො
කොළඹ.
පල- පල ඩෝ! කොළඹම පල ඩෝ!- කියලා ආයෙමත් xxxව ඔරොප්පු කළා....”
එයින් උරණ වුණු xxxය, ඉක්මනින් තලපත්පිටියට ඇවිත් ‘සක්මන් පූජා’ පවත්වමින්, අනෙක් ගමන් සගයන්ගේ ගෙවල්වල උදවිය කුලප්පු කළේ!
එහෙව් මිතුරනුත්, සැවොම අතිශය විශ්වාසවන්ත අයුරින් ‘නෙවිල්ගේ 35 වෙනි උපන් දින උත්සවය’ රහසින් සංවිධානය කෙරෙද්දී රහස රැක්කෝය. ඒ ගැන කටේ කෙළ බිමට නොවැට්ටූහ.
“බලනවා,
අද දවල් .....නුත් මගෙන් ඇහුවා නිමල් අයියා මොනවද අර blogවල ලියන්නේ කියලා.... එයත්
කියනවා ඔහොම ලිව්වම තමුසෙට නේද හොඳ නැත්තේ කියලා....” නෙවිල් අද (2021 ජනවාරි 25
වෙනිදා) කිව්වේය. එහෙම කියන්නේ මට තිබෙන හිතවත්කමට මිස අරෝවකට නොවේ. (අර නම නොලියු
හිතවතාත් මට හොඳටම හිතවත්ය.)
![]() |
මේ කතාවල ඇත්ත ජීවිතේ ඒ විදියටම තියෙනවා...
මෙහෙම අවංකව ලියන්න පුළුවන්කම කියන්නෙම... |
‘මේ කතාවල ඇත්ත ජිවිතේ ඒ විදියටම තියෙනවා...
මෙහෙම අවංකව ලියන්න පුළුවන්කම කියන්නෙම නිදි ලොකු වාසනාවක්...’-
පැතුම් හේරත්
‘ඇත්ත මචං. අවංකව ලියන බ්ලොගර්ස්ලා මම
දැක්කෙම දෙන්නයි. නිදියි, සුරංගයි විතරයි.’-
ඩ්රැකී
එය ප්‍රමාණවත් ප්‍රශංසාවක් නොවෙයිද?
මා ‘නිදිගෙ පංච තන්තරේ’ ලියන්නට පටන් ගත්තේම හිතළු ලියනවා කියලා නොවේ. මගේ ඇත්තම
ජීවිත කතන්දරය ලියන බව කියමිනි. මට මගේම නීති-රීති තිබේ; අරමුණක පිහිටා පටන් ගත් දෙයක්
එලෙසින්ම පවත්වාගෙන යාමට ශක්තියද තවමත් තිබේ.
එහෙත් අද ඉන්නේ එදා හිටි නිමල් දිසානායක නොවේ; හෙට මා තවත් වෙනස්වී සිටිනු ඇත.
එහෙම වෙනවාය කියලා, 100%ක්ම සුදු චරිතයක් ලෙස පෙනී හිටින්නට මට කොහෙත්ම උවමනාවක්
නැත. මම දෙබිඩ්ඩෙක්මි; දවල් මිගෙල් රෑ දනියෙල් කෙනෙක්මි; සුදු-කළු සම්මිශ්‍රණයක්මි.
එය හංගන්නට මට අවශ්‍ය නැත. කවුරුන් කෙලෙස සිතුවද, මට අවශ්‍ය වන්නේ මට හිමි තැන
සිටීම පමණකි.
‘පතාගෙන
ඇවිත්’ පෝස්ටු මාලාව වුණත් බැලූ බැල්මට පෙනෙනවා ඇත්තේ නෙවිල් අනුරසිරි හිතවතා ගැන
ලියුවක් ලෙසිනි.
![]() |
හොඳ රචකයෙක් හඳ එළිය ගැන කෙළින්ම කියනවා
වෙනුවට කරන්නේ, හඳ එළිය වැටී දිළිසෙන වීදුරු කැබැල්ලක් ගැන කීමය... |
මා
ලියන්නේ හැකිතාක් එය සිහියේ තබාගෙනය!!
අනෙක්
අතට, නිදි ලියන්නේ ඔහුගේ අත්දැකීම් සියල්ලමත් නොවේ; අමතක නොවන තරමට වැදගත්
සිදුවීම් පමණි. එසේ වුවද අනෙක් අයට අපහාසයක්; මදි පුංචිකමක් වෙතියි හැඟෙන දේවල්
ඔහු ලියන්නේ නැත. (ඒ මගේ මිනුම් දණ්ඩෙන් බලලාය. සමහර දෙනෙකුගේ කෝදුව මගේ මිම්මට
වඩා වෙනස් වෙන්නටත් ඉඩ තිබේ.)
නමුදු කළලයක් ලෙසින් සිටියදීම ‘ගස්සලා
යවන්නට’ යෝජනා වුණු කුළුඳුලෙකු,
අවුරුදු හයටත් කලින්
සමරිසි තරුණයෙකුගේ ආදරයට ලක් වුණු
සිඟිත්තෙකු;
අවුරුදු දොළහටත් කලින්
ලිංගික කරුණු පවා ආච්චීත් එක්කලා කතාබහ කළ
කොල්ලෙකු;
දොළහෙදීම සමරිසි සබඳකමකට ලක් වුණු ගැටවරයෙකු;
අවුරුදු දහනවයේදී ‘නැවත දරු පිළිසිඳගැනීමක් නොවිය
යුතුයැයි’ අම්මාටත්, තාත්තාටත් තග දමන්නට සිදු වුණු
ලොකු පුතෙකු
වූ මගේ සදාචාර කෝදුව එච්ච්ර කොට එකක් වෙන්නේ නැතිකම
වැරැද්දක් නම්, ඒ වගකීම මම නිහතමානීව බාර ගන්නෙමි!
![]() |
මගේ ජීවිතයේ බොහෝ දේ
ඔබෙන් කවුරුන්වත් නොදන්නා බව යළිදු අවධාරණයෙන් කියමි! |
ඇත්තය, ‘වස් කවි කියවීම' පෝස්ටු හෝ ‘ආදර පූජාසනේ’ පෝස්ටු හෝ විතරක්ම වුණත්, ඒ බවට දෙස් දෙයි.
මට
පෙනෙන විදිහට නම්, මා වටා ඉන්නා අයට- මා ඇසුරු කරන අයට ‘නිදි’ දේව දූතයෙකු විදිහට
පෙනෙනවා වගෙය. (එහෙම වෙන්නේ අපේ අම්මාගෙන් මට උරුමවී තිබෙන ප්‍රසන්න පෙනුම නිසා
වෙන්නැතිය.) ඔවුහු මා තුළ හැංගී සිටින ‘සාතන්ගේ දරුවා’ නොදකිති. අසරණ මං ඒකට
වැරදිකාරයෙක් නොවේ.
මගේ සටකපට ලියැවිල්ල ඊටත් හපන්ය.
බ්ලොගයේ ලිපි සියල්ල කියවා අවසන් වෙන තුරු ‘නිමල් දිසානායක’ යනු කවුරුන්දැයි තීරණය
කිරීමට හිතාදර රසික-රසිකාවනට ඉඩක් නොදෙන තරමට මා සූක්ෂ්මය; බ්ලොගය ලියද්දී මගේ
නසරානි- කුප්පිදු ගතිය උපරිමයෙන්ම පාවිච්චියට ගන්නටත් මැලි නැතිය.
එයට
අවශ්‍ය දැනුමින් පෝෂණය වීම තවමත් මගෙන් කෙරෙයි!
![]() |
ඒ ඒ විනිසුරුවරයා ගායකයාගේ හෝ ගායිකාවගේ
හෝ කැමැත්ත දිනා ගැනීමට යොදන උපක්‍රම... එළන දැල්.... එමටය! |
මේ චුට්ට කියන්නේ එය බලා නොමැති අය වෙනුවෙනි.
මූලික
පරීක්ෂණවලින් සමත්වූවෝ වේදිකාවේදී ගීයකින් කොටසක් ගායනා කරත්. විනිසුරුවන්ට ඔවුන්
නොපෙනේ; ඇසෙනවා විතරය. ආසන පනවා තිබෙන්නේ වේදිකාවට පිටුපාලාය. ගායනය ප්‍රශස්ත නම්
ඒ බව අඟවා- වේදිකාව පැත්තට හැරෙන්නට හැකිය.
විනිසුරන් හතර දෙනෙකි.
උමාරියා
සිංහවංශ, භාතිය සහ සන්තුෂ්, ශෂිකා නිසංසලා හා කසුන් කල්හාර.
ගයන්නාට
මනාපය පෙන්වා තිබෙන විනිසුරුවරුන්ගෙන් තමා කැමති කෙනෙකුගේ කණ්ඩායමට ඇතුළු වීමට
ගායකයාට අවසර ලැබෙයි. ගායිකාවකට වුවද එහෙමමය. ගයන්නන්ගේ ප්‍රමුඛ අභිලාෂය එක
විනිසුරුවරයෙකුගේ හෝ මනාපය ලබා ගැනීමය. එසේ කළ නොහැකිවන්නන් තරගයෙන් ඉවත් කෙරෙයි.
විනිසුරුවන් හතර දෙනාගේ සූදානම වඩාත් දක්ෂයන්ගේ කැමැත්තෙන්, ඔවුන්ව තමන්ගේ
කණ්ඩායමට ඇතුළත් කරවා ගැනීමය. ඒ සඳහා
විනිසුරුවෝ වචනවලින් සටන් වදිති.
වැඩ
සටහනේ මා වඩාත් අභිරුචියෙන්; විමංසනාත්මකව බලන්නේ ඒ සටන් වැදීමය.
ඒ ඒ විනිසුරුවරයා ගායකයාගේ හෝ ගායිකාවගේ හෝ කැමැත්ත දිනා ගැනීමට යොදන උපක්‍රම...
එළන දැල්.... එමටය. එහිලා කවුරුන් වඩාත් දක්ෂදැයි මෙතැනදී මා කියන්නේ නැත.... එකම
වැඩ සටහනක් වුවත් බැලූ පමණින් ඔබටම එය වැටහෙනු ඇතිය. කළ යුතු මෙන්ම නොකළ යුතු
දේවලුත් එකෙන්ම දැනගත හැකිය.
![]() |
එදා අප හිටියේ trip එකක් ගිහින්ය. තිහක්
විතර... ගමන සවිධානය කළේ සුමිතුරු උදේනි දසනායකය. |
එදා
අප හිටියේ trip එකක් ගිහින්ය. තිහක් විතර... ගමන සවිධානය කළේ සුමිතුරු උදේනි
දසනායකය. (උදේනි කියන්නේ ඉන්දිරා හෙට්ටිහේවාගේ මස්සිනාය. උදේනි ගමනක් යොදා ගන්නේ
නෙවිල්ටත්, මර්වින්ටත්, මටත් යන්නට හැකි දවස් හොයලාමය.) නවාතැන වූයේ බෝඹුරුඇල්ල
බාලදක්ෂ පුහුණු මධ්‍යස්ථානයය.
“නිමලෝ, මම අදත් නාට්‍යයක් ලියාගෙන ආවා. උඹයි නෙවිලයි මර්වියයි තුන් දෙනාටම කෑලි
තියෙනවා...” උදේනි කලින්ම කිව්වේය.
“අපි
දෙන්නා නං හරි.... ඒත් උදේනි නෙවිල්...? තවම මටවත් එකම එක වතාවයි මිනිහව මෙහෙම
වෙලාවකවත් නළුවෙක් කරවන්න පුළුවන් වුණේ.... නාග විහාරෙදී... ඒක නං තිතට කළා...” මං
කිව්වා මතකය.
“ඇත්තට....
නෙවිලා කාටද මචං act කළේ?”
“ගමේ චණ්ඩියෙකුට... අඩෝ කියාගෙන එන්නයි තිබ්බේ. වලියක් බේරන්න.... සරමේ
පැත්තකිනුත් උස්සගෙන ලස්සනට ආවා.... මොකක්ද ඔයාගේ නාට්‍යයේ මිනිහට කරන්න
තියෙන්නේ?” මම ඇසීමි.
![]() |
උඹට තියෙන්නේ බෙහෙත් ගන්න එන ආච්චීට
ඉන්නයි. ආච්චී එක්ක තනියට එන ළමිස්සී මර්වින්.... අපේ රවිඳු තමයි ඩොකාට ඉන්නේ... |
“එතකොට
නෙවිල්...?”
“මමයි
චීෆ් ඇටෙන්ඩන්ට්... නෙවිලා දෙවෙනියා.... පොඩි කොටසයි පොරට තියෙන්නේ.... මං නාට්‍යයේ
කොපීස් කීපයක් foto කොපි කරලා ලැහැස්ති කරගෙනයි ආවේ... කවුරුවත් නැති කාමරයක්
අල්ලාගෙන දෙතුන් පාරක් practice කරපුවාම හරි, වෙනදා වගේ...”
නාට්‍යය
පිළිබඳ උදේනිගේ යෝජනාව ඇසූ ගමන්ම නෙවිල් පස්ස ගැහුවේය.
“යකෝ, මාවම කන්න හදන්නේ අර ඉන්න වෙනින් එකෙක්ව අල්ල ගනිංකො. උඹේ වැඩේ පටන් ගත්ත
වෙලාවේ ඉඳලා, ඉවර වෙනකල්ම කොංගෝ එක ගහන්නත් එපැයි.... ඒ මදිවට නොබී.....”
නෙවිල්
කිව්වෙත් ඇත්තකි. උදේනිලාගේ ඒ ගමන්වලදී මත-දුම දෙකම නැතිය. හැබැයි බුලත් විට
තියෙයි; ඒ චිත්‍ර ශිල්පී (බලන්ගොඩ සරත්මධුගේ සොහොයුරු) සිනෙත් බැද්දගේට උවමනා නිසාය.
ප්‍රසංගය ඉවර වෙද්දී කොංගෝ drum එක වයන නෙවිල්ටත්, තබ්ලාව හා ඩොල්කිය වයන
සිනෙත්ටත් පාන් කියා ගන්නට බැරි තරමට මහන්සිය.
![]() |
මොන ඉතිරියක්ද බං.... දැක්කනේ අද දවල් ගේම්ස්වලදිත්
සිනෙතයා මැරීගෙන fight කරපු හැටි. එයත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට..... |
“මොන ඉතිරියක්ද බං.... දැක්කනේ අද දවල් ගේම්ස්වලදිත් සිනෙතයා මැරීගෙන fight කරපු හැටි. එයත් ඉන්නවා.... ඌ ඉන්නේ ලෙඩෙකුට..... අනේ මචං නෙවිල්.... උඹව තමයි මම second ඇටෙන්ඩන්ට්ට ගන්න හිතාගෙනම හිටියේ... බැහැයි කියන්න එපා මචං... නිමලෝ... මූට කියපංකො බං උඹත්.... කට වහගෙන බලා ඉන්නේ...” උදේනි පෙරැත්තයකුත් කළේය! ....


























