li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, July 14, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - දෙවෙනි කොටස

නෙවිල් අනුරසිරිගේ තරුණ නායකත්වය යටතේ හරි ගස්සපු බඩු ලයිස්තුවේ තිබ්බේ හාල් කිලෝ දෙකයි, පරිප්පු 750යි, පාන් පිටි කිලෝ 1 ½ යි වගේ හින්නිකිතර දේවල් ටිකක්.

“මට නං ලජ්ජාවේ බෑ. හදිස්සියෙවත් වෙන නඩේක මනුස්සයෙකුට බත් කටක් දෙන්න වුණොත් කොහොමද හලෝ දෙන්නේ මෙහෙම බඩු ගෙනිහිං?” මම නහයෙන් ඇඬුවෙමි...

දමිළ පාද යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු එකතු වෙන්නේ එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි.

“මේ හලෝ. එහෙනං අමතර හාල් පොල් ගෝනියක්ම ගෙනියන්න අරගන්නවා. හැබැයි අපිට නං එව්වා කර ගහගෙන යන්න බෑ! ඒ අමාරුව දන්නෙ බඩු උස්සගෙන යන අපිනේ... නේද මචං.  පව් කිය-කියා මෙයාගෙ ඇඳුම් bag එකවත් එයාටම උස්සගෙන යන්න නොදෙන්නේ මෙන්න මේ නමියා තමයි... උඹල තමයි මෙයාව තවත් නරක් කරන්නේ... ගොළුවා වගේ කට වහගෙන ඉන්නේ- දැන්වත් මගේ පැත්තට වචනයක් කියපංකො නමී...”

එහෙම වෙලාවට නමිනං උන්නැහේ ගොඩින්ම ෂේප් වෙයි. “ඕගොල්ලෝ පරණ  යාළුවොනේ. මම ඔය ගෝරි දන්නවයැ. ඉතිං කොහොමද කාගෙවත් පැත්තක් ගන්නේ?”
“අපොයි ඔව්! උඹ බබා... පැත්තක් ගන්න ඕන්නෑ නමී, උඹට තේරෙන දේවත් කියපංකො!” නෙවිල් නමීගේ ඇඟට ගොඩ වුණේය.

එයා හැදූ list එකේ දේවල්වල බර ගණනය කිරීම පටන් ගත්තේ ඊට පස්සෙය. ඊටත් ටිකකට පස්සේ...

“... පාද යාත්‍රාවේ යෙදෙන්නට එකතු වෙන පින්වතුන් වෙත ‘තරුණ නායකත්වය’ ඉතා සතුටින් නිවේදනය කරන්නේ- මේ වතාවේ එක සාමාජිකයෙකුට උස්සාගෙන යන්නට වෙන්නේ කිලෝ දෙකහමාරකට කිට්ටු බරක්  බවයි!”
“අසව් අසව්...”
“සව් නෙවෙයි බාර්ලි! කිලෝ දෙකහමාරක්?”
“ ඔව් හලෝ. එකතු කරලා බලනවකො වැරදිද කියලා. බඩු list එකේ බර එකතු කරලා හයට බෙදුවම එන්නේ එහෙම තමයි.”

“එතකොට වළන් පිඟන්... බිමට එළන රෙද්ද... ටූත් පේස්ට්- සබන්... චුට්ට චුට්ට තමයි යක්ෂයො බර එකතු වෙන්නේ. ඒත් ඒවාත් ඔය බරටම එකතු කරල ගණන් හදන්න වෙයි!”
“අම්ම.ට සි..රි!”
“ඇයි, තමුසෙලට කන්න ගෙනියනවයි කියාපු උයපු කෑම... වැකුම් පැක් කරුවට පස්සේ එව්වයේ බර නැති වෙලා යනවද? පොඩ්ඩක්ය... පොළොස්, අඹ, පොල් සම්බෝල, කෙහෙල් මුව... තව ලබ්බවල් ගොඩක් තියෙනව නේද?”

දමිළ පාද යාත්‍රාකරුවන් විශ්වාස කරන්නේ ඔවුන් ඔසවාගෙන යන බෑගයට වැඩියෙන් බඩු-මුට්ටු එකතු වෙන්නේ එකිනෙකාගේ පව්වල බරට සාපේක්ෂව බවයි. ඒ නිසාම ඔවුහු ඒ බෑගයට ‘පව් මල්ල’ කියාත් වහරති; කිසිම කන්-කෙඳිරියකින් තොරව කැමැත්තෙන්ම ඒ ‘පව් මුට්ට’ උස්සාගෙනත් යති!

එහෙමත් ඇදහීමක් තිබියදී, එදා ‘තව ලබ්බවල් ගොඩක්’ යැයි මං කට කැඩුණු කතාවක් කිව්වාම (දෙමළ බසත් දන්නා) අයස්මන්ත හිතවතාගේ හිත රිදෙන්නට ඇතිවා නිසැකය!

“මචං, අපි මෙච්චර මහන්සියෙන් කරන කීටෝ ඩයටින් වැඩේට මේ නිමල් දිසානායක ගොබිලාගෙන් නං කිසිම අනුග්‍රහයක් ලැබෙන්නෙ නෑ වගෙයි නේද... මං අහන්නේ එහෙම අපිව සවුත්තු කරන්න හොඳද නිමල් අයියේ... අපි පව්නේ!
මේ ඒක නෙවෙයි, දිසානායක මැතිතුමා... ඉල්ලනවට තරහ වෙන්න එපා. අසරණ අපිට තව කෝපි එකක් හදනවද?” අයස්මන්ත පීරිස්ට කෝපි නැතිවම බැරිය. “නෙවිල් අයියේ- ඔය ලැයිස්තුවේ කෝපි එහෙම තියෙනවා නේද?”

“නෑනේ පීරා! දිසානායක නම් සාර්ථකව අපේ වැඩේ දෙල් කරන්න හදනවා වගේ...”

‘හිච්චි’ මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ දවසේ සිටයි!

“මඟුලක් කියනවා. දෙල් කරන්න... ඇයි, එහෙම කළාම මට මොනව ලැබෙනවටද? List එක හැදුවේ කඩෙන් ගන්න බඩු මොනවද කියලනෙ. ගෙදර කෝපි තියෙනවා. ගිය සැරේ කරපු විදිහට එක සැරේකට ඕනි කරන තරමට වෙන වෙනම පොඩි බෑග්ස්වල දාපුවම ලේසියි... එතකොට වෙන කෙනෙකුට වුණත් වතුර ටිකක් උණු කරලා අරං ටක් ගාලා කෝපි හදතෑකි.” 

“මෙයාට ඕනි පීරා, පුළුවා..න් තරං දේවල් අපි ලවා..ම කරවා ගන්න.”
“හරි, හරි මචං- දැන් නිමල් අයියට කෝපි එක හදන්න ඇරපංකො බං... බඩගින්නක් එනවා... කෝපි එකක් ගැහුවම හරි!”

Fasting කරද්දී කෝපිවලින් ලොකු පිරිමැහීමක් කෙරෙන විත්තිය මං වහන්සේ තේරුම් ගත්තේ අත්දැකීමෙන්මය.
“කීටෝ ඩයටින් කරද්දීත් එහෙමමයි අයියේ. මම තමිරට කිව්වා මේ ගමනට ප්ලාස්ක් එකක් අරගෙන යමුයි කියලා. අපි තුන් දෙනාට ඕනි වෙච්ච වෙලාවට වතුර උණු කර කර ඉන්නෙ නැතිව කෝපි එකක් බොන්න පුළුවන්නෙ එතකොට.”

(ඒ කීමට අවනතවී තමිර උණුවතුර බෝතලයක් ගෙනාවේය. තුන්වෙනි දවසෙ හැන්දෑවේ බලද්දී, ඒ ප්ලාස්ක් එක කැඩිලාය! “මෙහෙම හාඩි ගමනකට ඔය වගේ දේවල් හරි යන්නේ නෑ.” කියමිනි, එයාලා හිත සනසා ගත්තේ.)

අපි අරහෙම ලැයිස්තු හදද්දී අපට ආරංචි වෙලා තිබ්බේ ’කුමනින් පාද යාත්‍රාකරුවන් සඳහා ගේට්ටුව ඇරෙන්නේ ජුලි 2 වෙනිදා’ විත්තියයි.
“ඒක වැඩියත්ම හොඳයි. ප්‍රියන්ත අයියලාගේ අම්මගෙ;
චිත්තම්මගේ තුන් අවුරුද්දේ බණ තියෙන්නෙ ජුනි 28 රෑ. 29 දවල් දානේ වෙලාවටත් ගිහිං ආවට පස්සේ 30 උදේ ඔය ලයිස්තුවේ බඩු ටික ගනිමු. ජුලි 1 උදේ මහරගමින් පිටත් වෙමු.”

“ප්‍රියන්ත මගෙනුත් තුන් හතර පාරක්ම ඇහුවත් එක්ක. බණ ගෙදරටයි, දානේ වෙලාවටයි දෙකටම එනවා නේද කියලා.” මර්වින් මතක් කළේ එතකොටය. “හැබැයි, ගියාට නං කමක් නෑ. පේ වෙලා ඉන්න නිසා අපිට නොකාම වගේ තමයි ඉන්න වෙන්නේ.”

“ඔව්, ඔව්. නෙවිල් අයියේ. ඔයා තමයි විශේෂයෙන්... දිසානායක ප්‍රේතයා ඊළඟට...”

අවුරුදු තුනකට ඉස්සර පාද යාත්‍රා ගමනකදීම අප හා හිතවත් වුණු ‘හිච්චි’ මේ ගමන වෙනුවෙන් පේ වෙන්නට පටන් ගෙන තිබ්බේ වෙසක් පොහෝ දවසේ සිටයි! ඒ කියන්නේ එයාලා දවස් හැටක් විතර පේ වෙන බවයි.
“එහෙම නොකර කොහොමද මාමේ? උන්නාන්සෙ හින්දනේ අපි අවුරුද්ද තිස්සෙම කාල-ඇඳල ඉන්නේ. මෙහෙම දෙයක් කරලා හරි අපි කතරගම දෙයි හාමුදුරුවන් වහන්සෙට ඒ කෙළෙහිගුණේ ඔප්පු කරන්න එපැයි.”

කතරගම මල් කඩයක් පවත්වාගෙන යන...

කතරගම මල් කඩයක් පවත්වාගෙන යන හිච්චි කියූ දෙයක් මෙතැනදී මට මතක් වෙයි. “අපේ කඩ කෑල්ල අඩි හයයි හයේ එකක්. මාසෙකට කුලිය විතරක් ලක්ෂ තුනක්. ඒ කියන්නෙ මාමේ, දවසකට රුපියල් දහදාහ ගණනේ කඩ කුලියම අයින් කරන්න ඕනි. ඊට පස්සෙනේ මාමේ- අපේ පවුලෙම විය-හියදම් පිරිමැහෙන්නේ. ඒ සේරම අපිට දෙන උන්නාන්සේට බුදු බවම හම්බ වෙන්න ඕනි නේද?”

ගිය වතාවේ මේ ගමන යන්නට සූදානමින් පේ වෙවී හිටි ඒ නඩයේ හිරූ ‘මරණ කිල්ලකට’ හසු වුණු නිසා- අවසන් මොහොතේ ගෙදර නැවතිලාය. “මරණ කිල්ල කියන්නේ හරි ලොකු එකක් මාමේ! එකයි හිරූ ආවේ නැත්තේ...” කියලය හිරූගේ මිතුරු දෙනෙත් මට කිව්වේ.

එයාලත් එක්කලා සසඳා බලද්දී, (ඒ පැත්තෙන් නම්) මගේ හැදියාව අන්තිමය. ඒ විත්තිය අයෙමත් වතාවක් ඔප්පු වුණේ ජුනි 28 වෙනිදාය.

එදා දවල් අයස්මන්ත මහත්තයා අපේ නඩේ උදවියට විශේෂ පණිවිඩයක් එවා තිබිණි. ‘හදිසි තීරණයක් ගන්න වෙනවා. කුමනින් ගේට්ටුව අරින එක දවස් දෙකක් ඉස්සරහ දිනේකට අරං. පාද යාත්‍රාව පටන් ගන්නෙ ජුනි 30. ඒ ගැන අද හවස 5 ට කතා කරල තීරණයක් ගනිමු.’

“ප්‍රියන්තලගේ බණට වඩම්මන්නේ වතුරුවිල සුජාත හාමුදුරුවන්වනෙ. මම ඒ වැඩේට යන්න ඕනි. මං නැතිවට කමක් නෑ. වැඩි දෙනාගේ කැමැත්තට- ඔයාලා ඕනි තීරණයක් ගන්න. යන ඕනි වෙලාවක යන්න මට පුළුවන්.” මර්වින් බොතේජු කල්තියාම පීරිස්ට කියලය.

“මචං පීරා. මට නං හෙට උදේ යන්න බැරි වෙයි!” එදා සවස නෙවිල් ඉස්සෙල්ලාම නිශේධනාත්මක උත්තරයක් දුන්නේය. “හෙටයි අපේ site එකේ කට්ටියට පඩි දෙන්න තියෙන්නෙ. ඒ මදිවට චිත්තම්මගේ දානෙත් හෙට දවල්ට... ඒ අස්සෙ ප්‍රියන්තට පුළුවන්ය හෙට උදේ පඩි දෙන්න එන්නවත්. මම දවස් හයක්ම නැති නිසා අපේ සයිට් එක සතියකට වහනවයි කියලයි එයා කිය-කියා ඉන්නේ...”

“හරි- මම ප්‍රියන්ත අයියට අද බණ ගෙදරදී කතා කරන්නං. උඹේ පැත්තෙන් කෙරෙන්න තියෙන රාජකාරි ටික ඉවර කරන්න පුළුවන්ද කියපන්කො උදේ දහයට කලින්? ප්‍රියන්ත අයියා හෙට ඉඳලා උඹට නිවාඩු දෙන්න කැමැතියි නං...” අයස්මන්තගේ ප්‍රශ්නයට නෙවිල් උත්තර දුන්නේ කට පුර හිනා පාමිණි.
“No problem!”

“එතකොට නමී?”
“මටත් ෂේප් කර ගන්න පුළුවන් ඩොක්ටර්!”

අපේ කීටෝ ඩයට් එකට හදවාගෙන යන ජාති අද රෑම හදව ගන්න වෙනවා. හෙට උදේට ඒවා එකතු කරගෙන වැකුම් pack කරවා ගන්නත් වෙනවා...

“අපි හෙට දවල්ට පිටත් වෙනවා නං අපේ කීටෝ ඩයට් එකට හදවාගෙන යන ජාති අද රෑම හදව ගන්න වෙනවා. හෙට උදේට ඒවා එකතු කරගෙන වැකුම් pack කරවා ගන්නත් වෙනවා...” තමිර පෙන්නා දුන්නේ තවත් අසීරුතාවකි. “මං මේ හදිස්සි සාකච්ඡාවට එනකොටත් ආවේ අපේ දර්ශිට උදව් වෙවී හිටිය එකත් නවත්තලා.”

“ශානිලයි සිස්ටරුයි හදනවයි කිව්ව ජාතිත් අදම ඕනි කියලා මම කියන්නං. රත්නපුරේ අය හදල දෙන ජාති දැනටත් මගේ වාහනේ. අපි හෙට දවල්ටම පිටත් වෙනවද එතකොට?”
“පීරිස් මහත්තයෝ, තවම අපේ ලැයිස්තුවේ බඩු මොනවත් අරගෙන නෑ. අදම ඒවා ගන්නවා නං මට බණ ගෙදර නොගිහින් ඉන්න වෙනවා. හෙට උදේට ඒවා ගන්න තියා ගත්තොත් උදේ දහය එකොළහවත් වෙයි- මටත්.”

“නිමල් අයියා දන්නවද, ලොකුම ප්‍රශ්නෙ තවම මම ඔයාලට කිව්වේ නෑ. හම්බන්තොට ඉඳලා ඔකඳට යනකල් අපිව එක්කගෙන ගිහිං බස්සන van එක ලෑස්ති කරගෙන තිබ්බේ ජුලි පළවෙනිදට. දැන් හදිසියේ දවස වෙනස් වුණාම ඒක තියෙනවද මංදා... යන වෙලාව හරියටම තීරණේ වෙනකල් ඒ ගැන අහන එකේ තේරුමකුත් නැහැනෙ.”

ඒ සේරම තීරණ ගන්නට වෙන්නේ WAL Constructions අධිපති ප්‍රියන්තගේ තීරණය දැනගත් පසුවයි.

“අපි කොයිකටත් possitive විදිහට වැඩේ වෙයි කියල හිතමු. බණ ගෙදර කලබල ඉවර වෙච්ච ගමන්ම මම ප්‍රියන්ත අයියගෙන් තීරණේ අහලා ගමන පටත් වෙන වෙලාව තමිරටයි නමීටයි කියන්නං. හම්බන්තොටටත් call කරලා නසාර් එක්කත් කතා කරන්නං.”
“එතකොට තිස්සමහාරාමේ ප්‍රියන්තටත් කියන්න වෙයි නේද?”

“නැතුව නැතුව. මේ සැරෙත් කොඩි මිසී අපිට උදේ කෑම හදනවය කිව්වා. ප්‍රියන්ත දවල් කෑම හදන්න ready පිට ඉන්නේ... පීරිස් වාර්තා කරද්දීය, නෙවිල්ටත් මතක් වුණේ. “පීරා, ප්‍රියන්ත කිව්වා එයා අපට ගෙනියන්නත් වම්බටු- අච්චාරු- පොළොස්- බැදුම් වගේ මොන-මොනවද හදනවයි කියලා.”

“බලපං මචං, එක තීරණයක් ගන්න බැරිව වැනෙන xත්තලා නිසා අපි වගේ කී දෙනෙක් අමාරුවේ වැටෙනවද කියලා. හැබෑටම ඔය ලොකු පුටුවල ඉන්න එවුන්ට තේරෙන්නෙ නැද්ද මෙහෙම වුණාම මිනිස්සුන්ට වෙන කරදර?”

හැබෑය!
ලොකු ලොකු තනතුරු ලැබෙනවාත් එක්කම අපේ රටේ හුඟක් උදවියට ‘පොදු ජනතාවගේ දුක්ඛ දෝමනස්සයන් තේරුම් ගැනීමේ හැකියාව’ නැති වී යයි! සමහරුන්ට එහෙම වෙන්නේ පොහොසත්කම ළඟා වෙද්දීය.

කතරගම දෙයි හාමුදුරුවෝ අපි දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං!

අපට මතුවී තිබුණු ප්‍රශ්නය තේරුම් ගන්නට ප්‍රියන්තට නම් හැකි වුණේය. උදේ දහය විතර වෙද්දී කෙසේ හෝ නෙවිල්ව නිදහස් කරන විත්තිය ප්‍රියන්ත පීරිස්ට පවසා තිබිණි.

“අනේ සර්! Van එක ගන්න වෙන්නෙ හවස් වෙද්දී. ඒක වෙන හයර් එකක් යනවලු. මම කොහොම හරි වෑන් එක තිස්සමහාරාමේ කොඩි මිසීලගේ ගෙදරට අරගෙන එන්නං හවස හතර වෙද්දී.” නසාරුත් කියා තිබිණි.

“කොඩි මිසීලගේ ගෙදරට යනකල් මගේ වාහනේ යමු. එකම ප්‍රශ්නෙ ගෙනියන බඩුයි, ඇඳුම් බෑග්ස්සුයි පටව ගත්තම අපි හය දෙනෙක් යන එක. හිර වෙලා තමයි යන්න වෙන්නේ.”
“ඔව් පීරා, එහෙම කරමු. උපරිම පැය දෙකහමාරක්නේ අපිට හිර වෙලා යන්න වෙන්නෙ.”
“ඔයාගේ වාහනේ තියෙන නිසාම හොඳයි. කොළඹ ඉඳලම නිඳි මරාගෙන රෑ බස් එකේ පානමට යන පාද යාත්‍රාකාරයෝ... ඒ මිනිස්සු එතැන ඉඳන් කිලෝ මීටර් 20 ක්
ඔකඳට යන්නත් කන පරිප්පුව...”

“අපේ හාමිනේ ඒත් කිව්වා මගේ වාහනේ ඉඩ මදි නං, එයාගේ වාහනෙත් අරගෙන අපි එක්කම හම්බන්තොටට එන්නං කියලා බඩු ටික පටෝගෙන.”
“පිස්සුද පීරා? කොච්චර කරදරයක්ද මච...”
“පීරිස්! ප්‍රීතිකා නංගිට කියන්න ගොඩක් ස්තුතියි කියලා. පොඩි කරදරයක්ද- ඒ වගේමයිනේ වියදමත්. අපි ඔන්නොහෙ ටිකක් හිර වෙලා යමු!”

“හැබැයි යක්ෂයිනේ, ඔන්න දැන්මම කිව්වා. අපි ඔකඳ දේවාලේ ගාවට යද්දී හෙට රෑ දොළහවත් වෙයි. කීයට එහාට යැවුණත් ඔන්න පාන්දර පූජාවට යන්න බලාගෙන අපිට උදෙන් නැඟිටින්න වෙයි.”
“අපි හොඳ ගමනක්නෙ යන්න හදන්නේ, පීරා- හොඳ චේතනාවෙන්. කතරගම දෙයි හාමුදුරුවෝ අපි දිහා දිවැසින් බලලා අපට පිහිට වෙයි. අවුලක් වෙන එකක් නෑ මචං.” අපේ දේවාල මාමා කිව්වේය.

අවුල ඇති වුණේ මර්වින් එහෙම කියලා පැය බාගයක්වත් යන්නට පෙරාතුවය!

බණ ගෙදරට සහභාගි වී සිටි වැඩි දෙනෙකු මුලින්ම ‘ධර්ම දානයෙනුත්’ දෙවනුව ආහාර-පානවලිනුත් සංතෘප්ත වෙලා නික්ම ගිහිංය. කලකින් හමුවී නොතිබුණු හිත-මිතුරන් විතරකි, අල්ලාප-සල්ලාපයෙන් පසු වුණේ.
“නිමල් අයියේ, මටත් බඩගිනියි. කෑම මේසවල rush එකකුත් නෑ... අපි කන්න යමුද?”
“ඔයාට කොහොම වෙතත් ප්‍රීතිකා නංගි- අපි හතර දෙනාට නං කන්න පුළුවන් දේවල් තියේවිද දන්නෑ.”

“තියෙනවා අයියේ තියෙනවා. බඩු have! ඉස්සෙල්ලා අපි ඔයාල ගැන කතා වුණා. ඔයාලා පේ වෙවී ඉන්න එක ගැන... යමුකෝ බලන්න. අඩුම තරමින් ඉඳියාප්පයි පරිප්පුයි විතරක් හරි තියෙනවනෙ කියල අපේ එක්කෙනත් කලින්ම කිව්වා. හෙට ඉඳලත් පරිප්පු කන එකේ අදම පටන් ගත්තම මොකද වෙන්නේ? හඃ හඃ හඃ!”

 (වමේ සිට) දහනායක, සරත්, නිදි, නෙවිල්, මර්වින්, වෙනුජ, සාන්ත හා පීරිස් 

අපරාදේ කියන්නට බැරිය. කෑම මේසය ඉතාම සරුය. Mixed Rice, කුකුළු මස්, මාළු වගේ හුඟක් ජාති පිළිහුඩු ගොඩේය. ‘ආ ඉඳියාප්ප තියෙනවා. පරිප්පුත් තියෙනවා. මසල වඩේ එකකුත් ගනිමු.’

“මේ පැටිස් එළවළුද”
“නෑ සර්!”

ඊළඟටත් අපට තහංචි ජාති කිහිපයකි. මං වහන්සේ එහෙම කෑම වර්ගවල ජාතකය සොයමින් ඉඳිද්දී, ප්‍රීතිකා නංගි නං කෑම බෙදාගෙන පුටුවකට ගිහිනුත් ඉවරය.

“නිමල්, මේ මොකද මේ... ඔයාගේ පිඟානේ මොකුත් නැහැනේ. පොල් මැල්ලුම්- සීනි සම්බෝල ටික ටික බෙදන්නං. හරිම ර..ස..යි.” ඒ හිතවතියට එපා කියන්නත් කලින්ම ඒ දෙජාතියම මගේ පිඟානේය. “බිත්තර ආප්පෙකුත්?”

“තැන්ක්ස් ... ප්ලේන් ආප්පයක් අරං දෙන්නකෝ එහෙනං....”

මං වහන්සේ දැන් කෑම කන්නේ පුළුවන් තරං හැංගීගෙනය. කලක සිටම යටි තොලේ දකුණු කොටස හිරි වැටී තිබෙන නිසාය ඒ.
මගේ ඇඟිලි ටිකත් මට ටිකාක් විතර අකීකරු නිසා, හැන්දක උදව්වත් අරගෙන කෑම ටිකක් කටට දමා ගනිද්දීත් බොහෝ විට කට වටේ ඉඳුල් සුඟක් තැවරෙයි.
මට වුණත් ඒක ලස්සන දර්ශනයක් නොවේ. වෙන කෙනෙකුට වුණත් එහෙමය!

ඒ අප්‍රසන්න දර්ශනය අනුන්ගෙන් වසං කරන්නටය, දැන් මගේ මුලු ගැන්වීම සිද්ද වෙන්නේ.

මර්විනුත් කෑම බෙදාගෙන ඇවිත් මගේ පිටුපස පුටුවකට බර දුන්නේය. එතකොටම අපේ ප්‍රියන්ත හිතවතාගේ පොඩි මස්සිනා; මැණිකේ නංගිගේ සැමියා සරතුත් එතැනට ආවේය.
“මොකද නිමල් අයියේ හැංගිලා කන්නේ... මොනවද තව බෙදන්නේ?”

එතකොටත් අර ප්ලේන් ආප්පය මගේ කුසේය. “අනේ සරත්, එහෙනං හොඳ ළමය වගේ මට ඔය ආප්පයක් අරං දෙන්නකො. ආප්ප නං හරිම රසයි...”
“ඔව්, ඔව්. ආප්ප නං රසයි තමා.” මර්විනුත් මගේ කතාවට අලගු තිබ්බේය.

සරත් ආප්පයක් අරගෙන මගේ පිඟානෙන් තියා මොනවාදෝ කියන්නටත් හැදුවේය. සරත්ට ඒක නවත්තා ගන්නට වුණේ හිතවතෙකු ඔහුගේ පිටට තට්ටුකොට කතා කළ නිසාය. ඒ දෙන්නාගේ සල්ලාපය අස්සේ දෙවෙනි ආප්පයත් මගේ ආමාශයට...
සරත්ගේ හිතවතා නික්ම ගියා විතරය. එයා නැවත්තූ කතාව ආයෙමත් පටන් ගෙන කියාගෙන ගියේය.

“නිමල් අයිය දන්නවද ආප්ප රස වෙලා තියෙන්න හේතුව? හාල් පිටි කිලෝ විසිපහට නෙස්ටමෝල්ට් පැකට්ස් දෙකක්ද කොහෙදයි, ටිකිරි මාරි පැකට් එකකුයි, බිත්තර විසිපහකුයි දාලනෙ ආප්පවලට පිටි ඇනුවේ.”

කතරගම දෙයි හාමුදුරුවනේ.....

දෙයියෝ සාක්කි!

හිතුණු කිසිවක් නොකියා මං බැලුවේ අපේ ‘දේවාල මාමා’ දිහාවය. එයාට  සරත්ගේ කතාව ඇහිලා නැතුවා වගෙය.

“නිමලෝ- සීනි සම්බෝලවලට උම්බලකඩ දාල වගේද?” මර්වින්ගෙනුත් ප්‍රශ්නයක්.
“නැති පාටයි මර්වින්. මං දැනුයි චුට්ටක් කෑවේ.”
“කේටරින් සර්විස් එකේ කොල්ලා නැහැයි කිව්වට මොකද පොල් මැල්ලුමටත් කූනිස්සෝ දාලා වගෙයි. කොයිකටත් මං ඒ දෙජාතියම අයින් කරලයි කන්නේ...”

අයස්මන්ත මහත්තයා කෑම පිඟානත් උස්සාගෙන ආවේ එතකොටය. මම නොදන්නා සෙයියාවෙන් ඒ පිඟානට එබුණෙමි. උන්නැහෙගෙ පේ වීමට බාධාවක් වෙලා නැත. එයා බෙදාගෙන තිබුණේ ඉඳියාප්පත් පරිප්පුත් විතරය.

‘අනේ කතරගම දෙයි හාමුදුරුවනේ! හිතට එකඟව මේ අසරණයා දවස් ගණනාවක් පේ වෙවී හිටිය විත්තිය තමුන්නාන්සේට පෙනෙන්න ඇතිනෙ. නොදැන ඒ සීලේ කැඩුණා තමයි. දැන් ඉතිං පිඟානට බෙදාගෙන තියෙන සීනි සම්බෝලයි, පොල් මැල්ලුමයි අහක දාන්නැයි... පිඟානට බෙදාගෙන කෑම අහක නොදාන මගේ පුරුද්ද අදත් රකිනවාට තමුන්නාන්සේ මට සමා වෙන්න ඕනෑ.’ කියලා හිතෙන් හිතාගෙනය, මං වහන්සේගේ දකුණතත්- මුඛයත් ඊළඟ විනාඩි දහය-පහළොව තිස්සේ නොකඩවා වැඩෙහි යෙදුණේ!      
à ඉතිරිය තෙවෙනි කොටසට...

Tuesday, July 9, 2024

හරෝහරා හයවෙනි වරටත් සහ කීටෝ - පළමුවෙනි කොටස

කඳ සුරිඳුන් වහන්සේ මෙව්වා දන්නවාද කියන්නට; දිව්‍ය නේත්‍රා යුග්ම හයක් ඇති උන්නාන්සේට මේවා පෙනෙනවාද  කියන්නට නං නොදන්නෙමි!

2024 ජුනි මාසයේ අන්තිම දවස් කීපයේ අප හිටියේ යුද්ධයකය.

අපේ ඒ යුද්දේ, ඒ දවස්වල කතරගම දේවාලයේ කපු මහත්වරුන් අතරේ හටගෙන තිබණු ‘මහා යුද්ධය’ විදිහේ එකක් නං නොවේ. කපු උන්නැහේලා එහෙම සටන් වැදී උන්නේ උග්‍ර දේව භක්තිය නිසාවෙන් නං නොවෙන හැඩය; ‘කාසි වඳවෙන’ කාලයක වාසිය හිමි කර ගන්නට වගේ කියලාය මට හිතුණේ. ඒ  තොරතුරු තිස්ස රවීන්ද්‍ර පෙරේරා මාධ්‍යවේදියාණන් වාර්තාකොට තිබුණේ මෙහෙමය:

පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන...

‘කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර ගැටුමක් 

කතරගම ඇසළ මංගල්‍යය ආරම්භ වීමත් සමග පූජා වට්ටිවලින් ලැබෙන රුපියල් කෝටි ගණනක මුදල් සහ රන් ආභරණ වෙනුවෙන් රුහුණු කතරගම මහා දේවාලයේ කපු පරපුර දෙකක් අතර දේවාලයේදී පෙරේදා (30 වැනිදා) පස්වරුවේ ගැටුමක් ඇති වී තිබේ.

දේවාලයේ තේවාව භාර රත්නායක කපු පරපුර හා ආරාපක්ෂ කපු පරපුර අතර මෙම ගැටුම ඇති වී තිබේ.

මෙම මාසය බාර කපු මහතකු වන ගයාන් ආරාපක්ෂ පහරදුන් බව පවසා රත්නායක කපු පරපුරේ උපුල් රත්නායක යන අය ප්‍රතිකාර සඳහා කතරගම රෝහලට ඇතුළත් වී තිබේ. තවද මෙම පහරදීම සම්බන්ධයෙන් කතරගම පොලිසියට ලැබුණු පැමිණිල්ලක් මත පරීක්ෂණ ආරම්භ කරන ලදී.

මේ සම්බන්ධව කතරගම පොලිසිය මගින් ගයාන් ආරාපක්ෂ නමැති කපුවා ඊයේ (01 වැනිදා) පොලිසියට කැඳවා අත්අඩංගුවට ගෙන තිස්සමහාරාම මහෙස්ත්‍රාත්වරයා හමුවට ඉදිරිපත් කළ පසු රුපියල් ලක්ෂ පහක ශරීර ඇප මත මුදා හැර තිබේ.

පෙරහර සමයේ මෙම පරම්පරා දෙක අතර ගැටුම පවතින බවත්, පෙරහර සමයේ පූජා වට්ටිවලට එකතුවන රුපියල් කෝටි හය හතක මුදල වෙනුවෙන් මෙම ගැටුම පවතින බවත් හෙළි වී ඇත. ‘පූජා වට්ටියේ සම්පූර්ණ ආදායම කපු මහත්වරු ගන්නවා. ඒ මුදල බෙදා ගන්න බැරි වුණාම පෙරහර සමයේ එක එක ගැටුම් හටගන්නවා’ යැයි රුහුණු මහා කතරගම දේවාලයේ බස්නායක නිලමේ ඩිල්ෂාන් ගුණසේකර ‘‘අරුණ’’ කළ විමසුමකදී පැවැසීය.

“කතරගම දේවාලයේ යතුර බස්නායක නිලමේ බාරයේ මෙච්චර කාලයක් තිබුණා. බස්නායක නිලමේ මාස ගණන බෙදලා දුන්නා. මට ඉස්සෙල්ලා හිටපු බස්නායක නිලමේගෙන් කපු මහත්තුරු යතුරු උදුරා ගත්තා. එයාට ගහලා නිලමේකමින් එලෙව්වා. මගේ කාලයේත් යතුරු උදුරාගත්ත. මම ගැටුමකට යන්නේ නැතිව උසාවි ගියා. දැන් නඩුව උසාවියේ යනවා. එතකම් ඒ අය ඕනෑ විදියට රාජකාරි බෙදා ගන්නවා. ඒ නිසා ඒ අය අතර ගැටුම් ඇතිවෙනවා. පෙරහර කාලේ කෝටි හය හතක ආදායම බෙදා ගන්න තමයි මේ මරා ගැනිල්ල වෙන්නේ. බැතිමතුන් තමයි තීරණය කරන්න ඕන මේ අයට ගහමරාගන්න මුදල් දෙනවද කියලා’’ යැයි බස්නායක නිලමේ ඩිෂාන් ගුණසේකර වැඩිදුරටත් පැවැසීය.

‘පවුල් තුනකට කෝටි ගණන් වටිනා රන්,රිදී,මුදල් පූජා වට්ටියේ තබා නොදී මෙම මුදල් පිළිකා රෝහලට හෝ ඉගෙන ගන්නා දිළිඳු දරුවන් වෙනුවෙන් පූජා කරන ලෙස’ බැතිමතුන්ගෙන් ඉල්ලා සිටින බව මෙම කපුවන්ගේ දූෂණයට එරෙහි රජයේ නිලධාරීහු ‘අරුණ’ට පැවැසූහ.

මේ වංගියේ පාද යාත්‍රාවේ යෙදුණු අපි: (වමේ සිට) තමීර, නෙවිල්, නමී, නිමල්, මර්වින්, අයස්මන්ත හා ප්‍රියන්ත

“පසුගිය වතාවේ කපු පවුල් කිරි වෙහෙරේ නායක හාමුදුරුවන්ටත් ගැහුවා. මේ පාර පෙරහර පටන් ගන්නත් කලින් කුලප්පු වෙලා ගහගන්නවා.’’ යැයි එම නිලධාරීහු පෙන්වා දුන්හ.

රුහුණු මහා කතරගම දේවාලයේ තේවා කටයුතු රත්නායක පරපුර,ආරාපක්ෂ පරපුරමුණසිංහ පරපුර යන පරම්පරා තුන කටයුතු කරන අතර ඇසළ මංගල්‍යයේදී තේවාව ගැනීම සඳහා වසර ගණනක පටන් මෙම පරපුරවල් අතර ගැටුම් පැවතුණ බව අනාවරණ වේ.

මෙම ගැටුම් හේතුවෙන් මෙවර පෙරහර කාලයේ පොලිසියේ සහයට ශ්‍රී ලංකා යුද හමුදාවද කැඳවීමට බස්නායක නිලමේවරයා තීරණය කර ඇත.’

ඒ උන්නැහේලාගේ යුද්දේ ඇතිවී තිබුණේ පාර්ශව තුනක් අතරේ වුණත්, අපේ යුද්දෙට හය දෙනෙක් මැදිවෙලා හිටියෝය.
දොස්තර අයස්මන්ත පීරිස්, මර්වින් බොතේජු, තමීර බෝගහවත්ත, නෙවිල් අනුරසිරි, නමින්ද පරණගම හා නිමල් දිසානායක ඒ හයදෙනාය. මේ වතාවේ පාද යාත්‍රා ගමනට අපි හය දෙනාත්, දෙබරවැවින් ප්‍රියන්ත ගුණසේකරත් යන්නටය සූදානම් වෙලා හිටියේ.

අයස්මන්ත- නෙවිල්- නිමල් තුන්දෙනා මීට කලින් 5 වතාවක් පාද යාත්‍රාවේ ගිහිං තිබෙන අයයි. මර්වින් 4 වතාවකි. තමීර- ප්‍රියන්ත, නමී 3 වතාවක් මේ පා ගමන ගිහිං පළපුරුදු උදවියයි.

“ඕන දවසක මම රෙඩි, ඩොක්ටර්.” ප්‍රියන්ත අපේ අයස්මන්තට කියා තිබිණි.
‘දවස් පහක් හරි හයක් හරි නිවාඩු ගන්නකොට කල්තියා කියන්න වෙනවනේ!’ තමීර- නෙවිල් සහ නමී කියමින් සිටියහ.
“මචං, මට වුණත් ප්‍රශ්නයක් නැතුව නෙවෙයිනෙ. ලලිතා විතරයිනෙ ගෙදර... ඒ ගැනත් මොනව හරි පිළිවෙලක් යොදන්න වෙනවනේ... ඒකයි හරියටම යන දවස දැනගන්න ඕනේ.” මර්විනුත් අයස්මන්තට කීවේය.

“යකෝ, මම නෙවෙයි කුමනින් ගේට්ටුව අරින දවස තීරණේ කරන්නේ. මමත් පුළුවන් තරම් මහන්සි වෙනවා හරියටම පාද යාත්‍රාව පටන් ගන්න දවස කවද්ද කියලා දැනගන්න. සැරයක් කියනවා ජුනි 30 කියලා. ආයෙම කියනවා ජුලි 2 කියලා. පෙනෙන විදිහට යාල, කුමන, කතරගම අය විතරක් නෙවෙයි දැන් ඔව්වා ගැන තීරණ ගන්නේ...” ඒ අයස්මන්තගේ පැත්තයි.

අවුරුදු සිය ගණනාවකට කලින් හිටය, පාද යාත්‍රා වන්දනා ගමන ඇරඹිලා තිබෙන්නේ. ඒ දමිළ බැතිමතුන්ගේ කැපවීමෙනි. එයාලා මේ ගමන ගියාය කියන්නේ කැලේ කපාගෙන- කටු පඳුරු අස්සෙන් රිංගාගෙන- මැකී ගිය අඩිපාරවල් පාදාගෙනය; ජීවිතේ පරදුවට තියලය.
2023 පාද යාත්‍රාවේ යෙදෙන අතරෙත් දෙදෙනෙකුට දිවි අහිමි විණි. වල් අලි ප්‍රහාරයකින් හා නාග දෂ්ටයකින්...

ඒ කාලයේ වනජීවී -වන සංරක්ෂණ දෙපාර්තමේන්තු තිබ්බේ නැත. ප්‍රාදේශීය සභා- පළාත් සභා තිබ්බේ නැත. ගෝනි කනක්කුවේ මන්ත්‍රී උන්නැහේලා උන්නෙත් නැත. ඒ නිසාමදෝ පාද යාත්‍රාවේ යන උදවියට පහසුකම් සපයන කමිටු ආදිය තිබ්බෙත් නැත. නමුත් කතරගම ඇසළ පෙරහර කෙරුණේය. පෙරහරට කප් සිටුවන විටම පාද යාත්‍රාව පටන් ගන්නා දිනය ගණන් බලා ගන්නටත් අර දමිළ බැතිමතුන්ට ඇහැක් වුණේය.

වතුර බවුසරයක් එනකොටම මේ මිනිස්සු වතුර පුරවගන්න තියෙන කලබලේ...

දැන් කමිටු ගොඩකි; සංවිධානත් ගොඩකි; සමහරක් අයිති අම්පාරටය; තව සමහරක් කතරගමටය- මොනරාගලටත් කොටහක් අයිතියිද මන්දා... ඒ අස්සට දේශපාලන උත්තමයන් වහන්සේලාගෙන් කෙරෙන ඇඟිලි ගැහිලිත් එකතු වෙලා තිබෙන බව අහන්නට ලැබිණි. ඒ අතරමඟදීය.

“ඔව්වයේ අගමුල හොයාගන්න කතරගම දෙයි හාමුදුරුවන්ටවත් බෑ මහත්තයෝ.
ඉස්සර නං කතරගම පෙරහරට දවස් දාහතරකට කලින් කුමන ගේට්ටුව ඇරියා, වන්දනාකාරයන්ට යන්න. මේ සැරේ මුලින්ම කිව්වා ජුලි 2 ගේට්ටුව අරිනවය කියලා. ඒකත් වෙනදා වගේ උදෙන්ම නෙවෙයි. දහයටද කොහෙද... එහෙම කරන්න ගියේ ඔය දේශපාලුවෙකුට සුබ පළ අත් වෙන්න නැකතක් තිබ්බේ ඒ වෙලාවට නිසාලු කියලත් ආරංචියි.
එයාලාට සුබ වෙන්න වන්දනාකාර අපි පරිප්පු කන්න ඕනිද?
ඇයි මහත්තයෝ- හාල් තුනපහ, හට්ටි මුට්ටි වළන් සේරම උස්සගෙන උදෙන්ම ගමන පටන් ගන්න එක නෙව කොයි කාගේත් පුරුද්ද. යාන්තං බිමට එළිය වැටෙනකොටම ගමන පටන් අරං, අව්ව පායනකොට හෙවණක් යට නැවතෙන එක නෙව අපි මෙච්චරකල් කළේ.
දැන් දැන් ඒකටත් හෙනහුරා ලබලා. ගේට්ටුව අරින්නේ දේසපාලුවෝ ආවට පස්සේ. උන්නැහෙලා ඕනි කෙනෙක් ආවාවේ... ඕනි විවුර්තයක් කර ගත්තාවේ. හැබැයි පරක්කු නොවී. එවුන් එන්නේ උන්ටෝනි වෙලාවටනෙ... ඒකයි වැරැද්ද. එකෙක් දෙන්නෙක් හින්දා මේ දාස් ගාණක් අපි කරදරේ වැටෙන්න ඕනිද?” පාද යාත්‍රාවේ යන්නට පැමිණ හිටි ඒ මනුස්සයා ගොඩාරියක් දේවල් දන්නා පාටය.

“අපිටත් මුලින්ම ආරංචි වුණේ ජුලි දෙක ගේට්ටුව අරිනවා කියලයි.”

“ඔතැනදී ලොකු කඹ ඇදිල්ලක් ගිහිං. නියම විදිහටම නං ජුනි 30 තමයි පාද යාත්‍රාව පටන් ගන්න ඕනි කියලා කට්ටියක් කියලා. අන්තිම මොහොතේදී තමයි තිස්වෙනිදාට ගේට්ටුව අරින්න තීරණේ වෙලා තියෙන්නෙ, මහත්තයෝ.”

“එහෙනම් ඒක තමයි මේ!”
“එක පැත්තක උදවිය ඒකට අකැමති වෙලත් තියෙනවලු. එයාලා කිව්වලු, මේ සැරේ වැඩි දෙනෙක් පාද යාත්‍රාවේ එන විදිහයි පෙනෙන්නේ- පහසුකම් දෙන්න වැඩියෙන් මහන්සි වෙන්න වෙයි- ඒකට ලැහැස්ති වෙන්න ඕනි නිසා දෙවෙනිදාටම ගේට්ටුව අරිමුය කියලා.
මේවා මෝඩ විහිලුනේ මහත්තයෝ. පහසුකම් කිව්වට ලොකුවටම කෙරෙන්නේ පාර දිගේ තැනින් තැන ලොකු වතුර ටැංකි තියලා වතුර පුරෝන එක නෙව. මහත්තයල ගිය වතාවෙත් ආවද? ආවා නං දකින්න ඇතිනේ, දෙවෙනි දවසේ මඩමේතොට ඉඳලා ළිං තුනට යනකොට වතුර තිබ්බද කියලා...
මහත්තයලටත් පේන්නැතිනෙ වතුර බවුසරයක් එනකොටම මේ මිනිස්සු වතුර පුරවගන්න තියෙන කලබලේ...”

නිකමට බලනවකො අර දෙමළ මිනිස්සු උස්සගෙන යන බඩු කන්දරාව. අපි වගේද?

අපි නං ගමනට සැලසුම් හැදුවේ- කල් තියාම කිසි කලබලයක් නැතිවය. හැබැයි, සුපුරුදු විදිහටම අප අතරේ වාද-විවාදත් නොතිබුණා නොවේ!

“අයියේ, ඔයා කවදද අපි ගෙනියන බඩු ලැයිස්තුව හදන්නේ...”
“මගෙන් අහන්නේ? නෙවිල්ගෙන් අහන්න. ගිය වතාවෙම මං කිව්වනේ- ආයෙම නං මම ලැයිස්තුව හදන්නේ නෑ කියලා. මොකටද නිකං දොස් අහන්නේ.” මං කිව්වේ අමනාපයෙන් වගෙය. (ඒත් නඩේ කට්ටිය මට දොස් නැඟීම සාධාරණය!)

පහුගිය පස් වතාවෙම අපි උස්සාගෙන ගිහිං තිබුණු හාල්- තුනපහ- එළවලු වගේ දේවල් ගොඩාරියක් පාවිච්චියට ගැනුණේ නැත.
“දිසානායකට පුළුවනිද මචං හරියට වැඩක් කරන්න. දැන් බලපං... මේ යකා list එක හදලා ගත්තු දේවල් ඔක්කොම උස්සගෙන යන ඕනේ අපිනේ. ඊළඟ සැරේ මම හදන list එකටයි බඩු ගන්නේ. එතකොට නිමල් දිසානායකට පෙන්නන්නංකො තරුණ නායකත්වයේ වැඩත් කොහොමද කියලා...” ගිය වතාවේ ගමනේ අන්තිමටම ඉතිරිවී තිබුණු චව්-චව් වගේ දේවල් කැලයට විසි කරද්දී නෙවිල් නෝක්කාඩු කිව්වේය.

“ඔව්, ඔව්. නෙවිල් අයියා ඒ රාජකාරිය බාර ගන්න.”
“ඔන්න දැන්මම කිව්වා. දිසානායක- මගේ කකුලෙන් අදිනවා හෙම නෙවෙයි.”

“කකුලෙන් අදින්න මේ මම? නිකමට බලනවකො අර දෙමළ මිනිස්සු උස්සගෙන යන බඩු කන්දරාව. අපි වගේද? ඔන්න දැන්මම කිව්වා, ඔයාලත් සාක්කි. ලබන සැරේ ගේන list එක හදන්නේ නෙවිල්.”

මේ වංගියේ ඒ කතාව මතක් කළත් වැඩක් වුණේ නැත. “මේ නිමල් අයියේ, ඔයයි නෙවිල් අයියයි ඕනි තරං වෙලාවක් රණ්ඩු කරලා හරි කමක් නෑ- අපිට list එක හදලා දෙනවලා.” අයස්මන්ත මහත්තයා කිව්වාම? බැහැයි කියන්නද?
අනෙක ඒ සොච්චම් වැඩේ විය-පැහැදම්වලට විතරය මා උර දෙන්නේ.

නෙවිල්- මර්වින්- නමී- තමීර එහෙමත් ඒකට සම්මාදම් වෙන්නට හැදුවත් මං වහන්සේ ඒකට ඉඩ දුන්නේ නැත.
ගමනට යාන-වාහන, නවාතැන්, පූජාවන් ආදී සේරටම බරපැන දරන අයස්මන්තත් බොහොමයක්ම ඒවා කරන්නේ තනියමය!  

“කොහොමද නෙවිල් අපි කෑම ලැයිස්තුව හදන්නේ- ඔයාලා තුන්දෙනා කීටෝ ඩයට් එකෙන් යනවයි කියලනේ පීරිස් මහත්තයා කියන්නේ. අපි හතර දෙනාට විතරයිනෙ බත් උයන්න වෙන්නේ. ඔයාලට මොනවද හදන්නේ?” ලැයිස්තුව හැදිල්ල පටන් ගන්නට කලින් සොයා විමසාගත යුතු කාරණයක් මම නෙවිල්ට කිව්වෙමි.

“ඒකනේ, පීරාට බැහැයි කියන්න බැරි නිසයි මමත් මේ ටිකේ කීටෝ ඩයට් එකෙන් යන්නේ. පේ වෙලා හින්දා මස් මාළු බිත්තර මොකුත් කන්නත් නෑ...  කොයි වෙලාවේ හරි මාව කලන්තේ දාල වැටෙනවා... දෙහිවල site එකේ බිල්ඩිම තට්ටු හතක්. හරිහමන් කෑමක් නැතිව ඉන්න අස්සේ තට්ටු හතක උඩ-පහළ යනවා කිව්වම... පීරා කොහොම ඉස්පිරිතාලේ වැඩ කරනවද මංදා. තමීර ඔයාට මොනවත් කිව්වේ නැද්ද?”

එකටම එක ගමනක් යන...

“තමිරත් සෑහෙන අමාරුවෙන්ලු ඉන්නේ. එදා ඇවිදින්න ආව වෙලාවේ මට කිව්වා. ඒත් එයාටත් බර අඩු කරගන්න ඕනි නිසා කාගෙන ෆාස්ටින් කරනවලු.”

පාද යාත්‍රාව පටන් ගන්නා දිනයක් ගැන නිශ්චිතවම තීරණයක් නැතිව තිබෙද්දීය, අයස්මන්ත මහත්තයා තවත් පර්යේෂණාගාර මීයන් දෙන්නෙකුත් එක්කලා ‘කීටෝ ඩයට්’ එකෙන් යැපෙන්නට තීරණය කළේ. “නිමල් අයියටත් කරන්න පුළුවන් නම් හොඳයි නෙවිල් අය්යේ. කොහෙද... මෙයා බත්ම ගිලිනවනේ...”

“අනේ අම්මේ, පුළු-පුළුවන් විදිහට මම කරන දවසකට පැය 16 උපවාසේ හොඳටම ඇති- අද හෙට යන්ඩ ඉන්න මට ඔච්චර මැරෙන්ඩ බෑ!” කියමිනි මං වහන්සේ ඒ ‘යහපත් උගුලෙන්’ ගැලවුණේ.

කීටෝ ඩයට් එකේදී සිරුරේ ඇති මේදය ඉක්මනින්ම දහනය වෙයි.
Six Pack බොඩි එකක් හදා ගන්නට වෙර දරන නෙවිලුත්, සිරුරේ බර අඩු කර ගන්නට වෙහෙසෙන අයස්මන්ත- තමීර දෙන්නාත් ‘පාද යාත්‍රාවේ’ යෙදෙන මුල් පැය 80 (අසූව) තුළත් Keto ඩයට් එක අනුගමනය කරන බව අන්තිමේදී තීන්දු වුණේය.

“එතකොට තමුන්නාන්සේලාට කෑම එපා?”
“අපේ කෑම අපි බලා ගන්නං.”
“එහෙම කොහොමද? එකටම එක ගමනක් යන හත් දෙනෙක්ගෙන් තුන් දෙනෙක් නොකා ඉන්නකොට, අපි හතර දෙනෙකුට විතරක් කන්න පුළුවන්ද යක්ෂයො?” මං කෝන්තර කිව්වේ, මගේ හිත වද කළ බැවිනි.

“නිමල් අයියේ. ඔයා ඒ ගැන වද වෙන්න එපා. දොස්තර මහත්තය ඒකට වැඩක් set කරලයි තියෙන්නෙ.” තමිර කිව්වේය.
“මොකක්ද වැඩේ?”
“දැන් ඉතිං මෙයාට කියපල්ලකෝ සේරම විස්තරේ... යකෝ- අපිට කෑම වෙනම හදවාගෙන යනවා පොළොස් ඇඹුලුයි, අඹ කරියකුයි, කෙසෙල් මුව බැදුමුයි, සුදුළූණු කරියකුයි, රටකජු බැදුමකුයි, පොල් සම්බෝලෙකුයි.”
“දිසානායකට උයාගන්න වෙන්නේ තමුසෙලා හතර දෙනාට විතරයි.” නෙවිලුත් පීරිස් මහතාට උඩගෙඩි දුන්නේ එහෙමය.

“මිනිහෝ, තමුසෙලාට බඩ යන්න පටන් ගනියි ඔව්වා ගෙනිහිල්ලා කෑවොත්. උයපු දවසේ නෙවෙයිනෙ කන්නේ- පරණ වෙලානේ. කුමනයි, යාලයි දෙකේ තියෙන රස්නේ... ඔව්වා ඉක්මනටම නරක් වෙයි!”

“හඃ හඃ හඃ! ඔන්න මචං- දිසානායක දන්න තරම. මිනිහා තවම ඉන්නේ බර කරත්ත යුගේ.”
“මේකගේ ප්‍රශ්න පත්තරේට උත්තර දෙන්න තමිරටම කියමු... පේනවනේ තමීර- ටිකක් කියලා මෙයාගෙන් බේරෙන්න බැරි බව...
නිමල් අයියේ, ඒවා උයලා එක වේලකට ඇතිවෙන ඇතිවෙන විදිහට වෙන් කරලා- වැකුම් පැක් (vacuum pack)
කරලයි ගෙනියන්නේ. ඔය පිටරට ඉන්න අයට යවන්නේ එහෙමනේ...” දොස්තර  මහත්තයා කිව්වේ උජාරුවෙනි.

පෙළක් වෙලාවට අපේ පීරිස් උන්නැහේ පිෂ්ට වර්ගවල ජන්මාන්තර හතුරෙකු වගෙය!    

“එතකොට තමීරගේ රොටි දොළදුක...”

කෑම ලැයිස්තු හදන්නට සැරසෙනකොටම තමීර මට කිව්වේ ‘ස්ට්‍රින්ග්ස්’ එපා කියලාය. ගිය වතාවේත් අරගෙන ගිය ස්ට්‍රින්ග්ස් හදන්නට ලේසිය!
“ඇයි- මොකෝ ස්ට්‍රින්ග්ස් එපා?”
“මම ඉඳියාප්පවලට කැමති නෑ. ඒකයි... වේල් දෙකක්ම හරි රොටි හදමු.”

තමීරගේ යෝජනාව ගැන මම අයස්මන්ත පීරිස්ට සිහිපත් කළෙමි.

“පැය 80කට පස්සේ රොටි බැරි නං ඕනි බම්බුවක්. බතුයි පිටි ජාතියි ඇරෙන්න යුෂ්මතුන්ලට වෙන කන්න දෙයක් ඇත්තෙම නැද්ද හැබෑටම?” පෙළක් වෙලාවට අපේ පීරිස් උන්නැහේ පිෂ්ට වර්ගවල ජන්මාන්තර හතුරෙකු වගෙය!
“මෙහෙමයි මචං- උඹලා දෙන්නයි මමයි ගමන පටන් ගන්න කලින් Ketones එකක් වෙන
β hydroxy buterate බොන්න ඕනි. එතකොට ඇඟේ muscle breakdowns වෙන්නෑ. මේ xකෝරිස්ලා බත් ගිලින වෙලාවට අපිට කන්න පුළුවන්, අපි වැකුම් පැක් කරලා ගෙනියන උයපු කෑම. ඒවා සේරම non caloric foods!”

ගමනේ අන්තිම හරියේදී; කටගමුවෙදී secrets of nature චැනලයේ අනුරාධ හිතවතා එක්කලා කෙරුණු සාකච්ඡාවලදීත් අයස්මන්ත මේ කීටෝ ඩයට් එක ගැන ගොඩාරියක් විස්තර කියන්නට අමතක නොකළේය.  

ගමනේ අන්තිම හරිය ගැනත් කියවුණාට මොකද, අපට ගමනේ මුල හරියට ආයෙම යන්න වෙනවා.

හැබැයි මෙදා සැරේ ගමනේ විස්තර නං කියන්න වෙන්නේ අඩුවෙන්. මොකෝ දන්නවද? හරෝහරා නමින් පාද යාත්රාව ගැන සීරීස් තුනක්ම ලිව්වනේ.
හරෝහරා නමින් posts 18කින් යුතු ලිපි මාලාවක්,
හරෝහරා!
හතරවෙනි සැරේටත්... මාතෘකාවෙන් කොටස් 6ක්, 
හරෝහරා - පස්වෙනි සැරේටත්... කියලා කොටස් 7ක්... ලියල තියෙනවා
අප්පච්චියේ- පාද යාත්‍රා ගැන එහෙම posts 31ක් ලිව්වට පස්සෙත් තව ලියන්න දේවල් ඉතිරි වෙනවයැ,
නේද?

හැබැයි, ඉතිං අලුතින් සිද්ද වෙච්ච දේවල් තියෙනවනේ... ඒවා ලියන්නං. හොඳේ.
ඉස්සෙල්ලම ගෙනිච්ච බඩු. නෙවිල් අනුරසිරිගේ තරුණ නායකත්වය යටතේ හරි ගස්සපු බඩු ලයිස්තුවේ තිබ්බේ හාල් කිලෝ දෙකයි, පරිප්පු 750යි, පාන් පිටි කිලෝ 1
½ යි වගේ හින්නිකිතර දේවල් ටිකක්.

“මට නං ලජ්ජාවේ බෑ. හදිස්සියෙවත් වෙන නඩේක මනුස්සයෙකුට බත් කටක් දෙන්න වුණොත් කොහොමද හලෝ දෙන්නේ මෙහෙම බඩු ගෙනිහිං?” මම නහයෙන් ඇඬුවෙමි...
à දෙවෙනි කොටසට...

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්