1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස

Monday, April 9, 2018

අජාසත්ත - දෙවෙනි කොටස

මං එක හුස්මට ඒක කියෙව්වා. නාට්‍යයක්. අජාසත්ත කතාව.

"අපි පොසොන් එකට අජාසත්ත නාට්ටිය පෙන්නමු. හැබැයි ගොඩක් මහන්සි  වෙන්න වෙනවා."

රෙඩිෆියුෂන් එකෙන් නාට්‍ය අහලා තිබුණා මිස අපි කොහේ නාට්‍ය බලලාද?
එක රැයෙන් අජාසත්ත නාට්‍ය පිටපත ලියාපු ගුණපාල උන්නැහැව මට පෙනුණේ විශ්මකර්ම දේව පුත්තරයා වගේ.

"වටපිටේ ඉන්න සමරෙලා, විමලෙලා, සිරියාවතීලා, ජයන්තිලා වගේ තව අයටත් අද හවසට මෙහාට එන්න කියහන්. අපි නාට්ටියක් කරන්න යනවා කියලත්...." 
ඉතින් තාත්තාගේ උපදෙස් විදියට, තකහනියේ හති දමමින් දුව-දුවා මං ළඟපාත කොලු-කෙලි හැමෝටම පණිවිඩේ බෙදුවා. ඒ ගොල්ලොත් එදා හවසම ආවා.

හවස තාත්තාම නළු-නිළිවරණය පැවැත්තුවා. අල්ලපු වත්තේ ගෙදර කඩවසම් පිරිමි ළමයා; ලියනරත්න බිම්බිසාරට. 
කළු; මැරෑටි පෙනුමැති විමලසිරි දේවදත්තට. 
මහා සැර තේජාන්විත කටහඬක් තිබ්බ බන්දුල අජාසත්තට. 
සමරේ මහ ඇමති චරිතෙට. 
සිරියාවතී, ජයන්ති දෙන්නාම රඟපාන්න ආවට මෙලෝ රහක් තිබුණේ නෑ. තාත්තා මට කිව්වා එයාලාට බිම්බිසාර දේවිය වගේ රඟපාලා පෙන්නන්න. කොච්චර උනන්දුවෙන් බලා හිටියත් කරගන්න ගියාම එයාලා අජ-පල්. අන්තිමට ඒ චරිතේ මටම සින්න වුණා.

තාත්තා තමයි අධ්‍යක්ෂ. මම සහාය. එතකොටත් තාත්තා හිටියේ අසනීපෙන්,ටිකක් කොර ඇන-ඇන වගේ. 
රඟපාන්න ඕනේ විදිය තාත්තා කියනවා, මං රඟපාලා පෙන්නනවා.

ලස්සණම වැඩේ වුණේ බන්දුට; අජාසත්ත කුමාරයට.
මට දැන් ඒකෙ දෙබස් නම් එකක්වත් මතක නෑ. 
නිකමට හිතාගමුකෝ මෙහෙම. 

"වධකය, වහාම මේ බිම්බිසාර රජු පිටිතල හයා ගැටගසා ගෙනගොස් දඟ ගෙයි දමා, දෙපතුල් පලා ලුණු දමව්!"
දැන් අජාසත්ත කුමාරයාට තියෙන්නේ තරහෙන් විධානය දීලා එහාට මෙහාට සක්මන් කරන්න; නොඉවසිල්ලෙන්. 
බන්දුල බොහෝම තේජාන්විතව මූඩ් එකට ඇවිත් දෙබස කියලා රඟපානවා, හැබැයි ඒක ඉවර වෙච්ච ගමන්ම කරන්නේ 
අත දිග ඇරලා- සරම කැටි කරලා අරං- 
හරියටම එයාගේ පරම්පරා කුට්ටමට යටින් ඉකිළි දෙක මැද්දේ 
ගහගන්න එක.


අයිසේ, තමුසෙගෙ බිජු වල්ල කඩන් වැටෙන්නේ නැහැ......
"අයිසෙ, බන්දු. තමුසෙගෙ බිජු වල්ල කඩා වැටෙන්නෙ නැහැ ඕයි! අත අහකට ගන්නවා!" 
ගිරිය කඩාගෙන කෑ ගහලා, අපේ තාත්තාට පුදුම වීරියක් දරන්න වුණා මේ පුරුද්ද අත්අරවන්න. මුලින්ම එයා බන්දුට සරම ඇඳිල්ලේ මානව හිමිකම අහිමි කළා. ඊළඟට සරං කොටයක් ඇඳීමේ අයිතිය. 
කොටට කොටේ කලිසමක් ඇඳගෙන ආවාට පස්සෙත් 
අජාසත්ත රජ්ජුරුවන්ගේ අත පල්ලෙහාට දුවන පුරුද්ද බොහෝම අමාරුවෙන් තමා නැවතුණේ.

නාට්‍යය පුරුදු වෙන අතරේම අපි; නළුවෝ කට්ටි කීපයකට බෙදිලා ආධාර එකතු කරන්න ගියා. අන්තිමට නාට්‍යය 
පෙන්වන දවස වෙද්දී හරියටම රුපියල් හැටතුනක් එකතු වෙලා තිබුණා. ඒ 1966 දී. 
වැඩිම ආධාර ලැබිලා තිබුණේ මායි, තව කවුරු හරිත් 
එකතු වෙලා අරන් ගිය ලැයිස්තුවලටයි.

වැදගත්ම දේ තමා ඒ දවස්වල අපටවත් හරි-හමන් ආදායමක් නොතිබුණු එක. අග-හිඟකම් එමට. සමහර දවසකට නාට්‍යයේ වැඩවලට එන අයත් අපි කන-බොන නෙවෙයි; උලා කන වෙලාවට අපේ ගෙදර. ඒත් අපට තියෙන්නේ පාන් ගෙඩියද අපි ඒක බෙදාගෙන කෑවා. 
එක දවසක මරේ-මරු වැඩක් වුණා.

එදා බත් ටිකක් හරි, පාන් ගෙඩියක් දෙකක් හරි, 
තම්බපු කොස් ටිකක් හරි තිබුණා. හැබැයි ඒක කන්න 
වෙන මොනවාවත් තිබ්බෙ නෑ.

"ගුණපාල අයියේ, අපි වනාතේ පොල් ගහකට නැඟල වැඩක් දෙන්නද?" මැරෑටි විමලසිරි ඇහුවා.

වනාතෙ වත්ත අපේ ඉඩමට අල්ලපු එක. හෙණ විශාලයි, 
කොටසක රබරුත් තිබුණා. තව ඕවිටක්, කුඹුරු යායක් එහෙමත්. 
වනාතේ ගෙදර හිටියා සැරම-සැර පිරිමියෙක්. 
අපි එයාට නම දාලා තිබුණේ රත්තා කියලා. එයාලගෙ මවු යානෙත් මහම- මහ සැර අම්මණ්ඩියෙක්. 


නැග්ගා වගේ නෙවෙයි, වනාතේ අම්මණ්ඩිලාට අහු වුණෝතින් නම්!
"නැග්ග වගේ නෙවෙයි විමලෙ, රත්තලාට අහුවුණොත් වෙඩි කන්නයි වෙන්නේ." අපේ තාත්තා අන්තරාව මතක් කළත් විමලසිරියි, සමරසිරියි පස්ස ගැහුවෙ නෑ.
"පොල් ටික අහුලගෙන එන්නත් කවුරු හරි එපෑ. උඹලත් පලයල්ලා." රාත්තිරි අටට- නවයට විතර සුනිල්ටයි, මටයි ඒ බිහිසුණු ව්‍යායාමයට සම්මාදම් වෙන්න වරම් ලැබුණේ එහෙම.
ඒකෙන් ජීවිතයේ දුටු සොඳුරුම දසුනක් දකින්න අවස්ථාවක් 
මට එදා උදා වුණා.

එවෙලෙ හොඳට- රිදීවන් සඳ කිරණින් ගස්-වැල් නෑවෙද්දී, සුදු පාට සමරෙයි- කළු පාට විමලෙයි ඇඳුම් ගැලෙව්වා. දැන් දෙන්නම අමු හෙළුවෙන්.

ඊළඟට එකෙක් ගහට නඟින්න පටන්ගත්තා. එයා කරටියට කිට්ටු වෙද්දී අනෙකත් ගහට බඩ ගෑවා. එයා ගහේ තුන්කාලක් නඟිනකොට මුලින් නැග්ග එකා, පොල් ගෙඩියක් කඩලා, නැට්ටෙන් කටේ එල්ලගෙන එතනට බැහැලා. ඒක දෙවැන්නාට දීලා පළමුවෙනියා 
ආයෙම උඩට...
හොඳම සීන් එක ගහ මැදදී සුදුම සුදු එකෙකුයි, 
කළුම කළු  එකෙකුයි- අමු නිරුවස්තරෙන් අතින් අතට 
හොර පොල් මාරු කරගන්නකොට....ඊටත් හඳ එළියෙන් නෑවෙවී!
හොර පොල්වලින් හදාගත්තේ මොනවද කියලා වගක්වත් 
මතකේ නැතත්, අර සීන් එක නම් තාම මතකයි!

අපේ සුනිල්ගෙනුත් අහලා බලන්නෝනේ මතකද කියලා.

කොයි තරම් හිඟ-පාඩුකම් තිබුණත් නාට්‍යයට ලැබුණු ආධාරවලින් තඹ සතයකටවත් අපි අත තිබ්බෙ නෑ. "ඒක කෙලින්ම නාට්ටියෙ වැඩවලට විතරයි!" තාත්තා නියෝග දීලයි තිබුණේ මුලින්ම.

හැබැයි, අපට ඉඩ දීලා තිබුණා, ආධාර එකතු කරන්න යන ගමන්වලදී දවල්ට කන්න හරි තේ එකක් බොන්න හරි සොච්චමක් වියදම් කරන්න.

"එහෙම ගමන්වලදී තමන්ගේ අතේ සල්ලි වියදම් කළත් දකින මිනිස්සු හිතන්නේ එකතු කරන සල්ලිවලින් පොංගල් කෙළිනවා කියලයි." තාත්තගේ අදහස ඒක. අපිත් ඒක පිළිගත්තා; හැබැයි බාගෙට. එහෙම චාන්ස් එකක් හැමදාම හම්බ වෙනවයැ. අපි අර සල්ලිවලින් බඩ පැළෙන්නම කෑවා. ඒත් ගණන් අඩුම තෝසේ!

අපේ තාත්තා පරමාදර්ශී කෙනෙක් නෙවෙයි. නමුත් හුඟාක් හොඳ දේවල් වගේම ආදර්ශත් අපට කියලා දුන්නා. ඇයි ඍජුකම්?

දයාවෙන්, කරුණාවෙන් සිත් ඇළලී ගිය රජ්ජුරුවන්ද...........
"දයා කරුණාවෙන් ඇලලී ගිය සිත් ඇති රජු ද, අපරීක්ෂාකාරී 
අධිකරණ නායකයා ද, දුරාචාරී ස්ත්‍රිය ද, ද්‍රෝහී සිත් ඇති මිත්‍රයා ද, කෙළතොලු බමුණා ද, දුර්වච සේවකයා ද දුරින්ම දුරු කට යුත්තේය"යි දමනකයා වැඩිදුරටත් කීවේ ය.

දැන් නම් පොරගේ පිස්සුව තද වෙලා- එහෙම නේද හිතුවේ? එහෙම තමයි මෙහෙම පීලි පැනිල්ලක් දැක්කම හිතෙන්නේ. එහෙම හිතෙන එක ඉන්තේරුවෙන්ම සාධාරණයි. දන්නවද වෙච්ච දේ?

ඍජුකම් කියන වචනේ කොටපු ගමන් ඒක තියෙන ශ්ලෝකයක් 
මතක් වුණා. මෙහෙම තැනකදී හරියටම, අක්ෂර වින්‍යාසයත් එක්කම ඒවා ලියන්න ඕනේ. ඒ මගෙ හැටි. ඉතිං හෙව්වා
'සිංහල සාහිත්‍ය විශ්ව කෝෂය' පොත. සීමාසහිත ඇම්. ඩී. ගුණසේන සහ සමාගමෙන් 1953 පළ කළ ග්‍රන්ථ රත්නයක්. 
(මං ඉපදිලාවත් නෑ, එතකොට. ඉන්න ඇත්තේ අපේ තාත්තාගෙ නැට්ටේ.- ඒ යෙදුම මං ඉගෙන ගත්තෙත් තාත්තගෙන්.)

මගේ ළඟ තියෙන්නේ 1960 දෙවෙනි මුද්‍රණයේ පිටපතක්. රුපියල් විස්සයි. ඩිමයි අටෙන් එක සයිස් එකේ පිටු 888 ක දැවැන්ත පොත- 
හොඳ ඝන සුදු කඩදාසියක ප්‍රින්ට් කරලා, සෙක්ෂන් මහලා, 
හාර්ඩ් කවරයකුත් දාලා. හැබැයි මම පොත ගත්තේ 70 දශකයේදී 
රුපියල් දහතුනයි සත පනහකට හරි දහයකට හරි. 
අගෝස්තු නැත්තම් සැප්තැම්බර් මාසෙකදී! එතකොට 
හැම අවුරුද්දෙම සාහිත්‍ය මාසයට ගුණසේන පොත්හළේ 
සේල් එකක් තියෙනවා.

ඒ කාලේ මුළු අවුරුද්ද පුරාම මං සතෙන්- සතේ එකතු කරනවා අර කියාපු  සේල් ඒකට යන්න. ඒ එකතුවට කවදාවත් රුපියල් විසිපහක උපරිමයටවත් යන්න බැරි වුණා. 
පොත් කඳු පිටින් තිබුණා 33% වට්ටමක් එක්ක. 
50% බාගෙට-බාගයක් අඩු කරපු පොතුත්. ගිය ගමන් මං යන්නේ 
ඔය දෙවෙනියට කියාපු ගොඩවල්වලට. 33% ත් අපට 
very  expensive ඒ දවස්වල. ඔය සාහිත්‍ය විශ්ව කෝෂය 
පොත ගත්තෙත් ඒ සේල් එකකදී.

සිංහලයේ සම්ප්‍රදාය, උපමා, ප්‍රස්තාව පිරුළු, අලංකාර, ආප්ත වචන, ජනසම්මත වාක්‍ය ආදියෙන් සමලංකෘතයි- කියලා තමයි 
ඒ පොතේ ටයිටල් පිටුවේ නමට යටින් විස්තරේ තියෙන්නේ.
ඊට යටින් 8 පොයින්ට් අකුරෙන් මෙහෙමත් තියෙනවා. 
"සිංහල බෞද්ධයා" පත්‍රයේ ප්‍රධාන කර්තෘ ධුරය, කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ "ගොවිකම් සඟරා" කර්තෘ ධුරය හා 
ලංකාණ්ඩුවේ නීති ග්‍රන්ථ පරිවර්තක ධුරය දැරූ 
ඩේවිඩ් කරුණාරත්න විසිනි. (කතුතුමාගේ නම පොයින්ට් 18 අකුරෙන්, 'විසිනි' වචනේ 12 පොයින්ට්.)
ඒ පොතුත් එක්ක සංසන්දනය කරද්දී දැන් අතිපණ්ඩිත අපි ලියන්නෙ කොළපොත්!


රන් පුහුල තඹ විණි නම් ඔබගේ පුත්‍රයා වානර පැටියෙකු වීම.............
ඒකෙ 69 පිටුවේ යටින්මයි අර ශ්ලෝකය තියෙන්නේ.

ඍජුකං ඍජුකං චෛව - වංක වංක මෙවච
ස්වර්ණ තාම්ර ඵලං චෛව - පුත්‍රෝ භවති වානරඃ

ශ්ලෝකය විතරක් කිව්වාට ඇතැයි, තේරුමත් එතනම තියෙනවා මෙහෙම, මං වගේ හුදී ජනයා ගැන කරුණාධ්‍යාශයෙන්.
'අවංක කමට අවංක ලෙසත්, වංක කමට වංක ලෙසත් ක්‍රියා කළ යුතුය. රන් පුහුල තඹ පුහුලක් වුණා නම් පුත්‍රයා වානරයෙක් වීම පුදුමයක් ද?'

ඕක තියෙන්න ඕනේ පංච තන්ත්‍රය පොතේ. උපුටනය ඒකෙන්ම තමා, මට ෂුවර්. හැබැයි එතන ඒ බවක් නැහැ. මට ඔය කතාවත් ටක්කෙටම මතකයි. හෙව්වා ඒකත්. අනේ! එතැන තියෙන්නේ 
අදහස විතරයි. ශ්ලෝකය නෑ. ඒක අසංක්ෂිප්ත පරිවර්තනයක් නෙවෙයිනේ, අනුවාදයක්. ඒ නිසා හේමපාල මුනිදාස මහත්මයා 
ඒවා හළන්න ඇති.

හැබැයි ප්‍රස්තුතයට අදාළ 'යකඩ කෑ මීයෝ' කතාව ආපහු කියවද්දී 
පුදුම හිතුණා. අවුරුදු දෙදාහකටත් එහා හිටිය විෂ්ණු ශර්මන් 
වියත් පඬිතුමා කොහොමද වර්තමානයේ ඉල්ලන්කාවේ ඉන්න 
මුල්ම පුර වැස්සියෝ- වැරදුණා...පුර වැසියෝ- වැසියෝ කෙළින නරිනාටක විගඩම් දැක්කේ? ඒ නිසානේ 'ඍජුකම්' වචනෙන් turn එක ගත්ත ගමන් මං කොටා තියෙන ටික කියන්න ඇත්තේ, මෙයාලටත් පොරෝජන් වෙන්න. ඒක තිබුණේ, මයෙ ළඟ තියෙන පංච තන්ත්‍රයේ 1980 දෙවෙනි මුද්‍රණයේ 185 පිටේ.

පිටේ කියපු ගමන් පිට, නාරාහේන්පිට, පිට ගියා, පිටට යැව්වා  වගේ තව-තව එව්වා-මෙව්වා කෙලෝරක් නැතිව සිහි වෙනවා. එව්වා පැත්තකටම දාලා ඕන්න හැටහයේ අජාසත්ත නාට්ටි කාලෙට යනවා. 
කුණුහරුප කියන්න බැරියැයි පස්සෙන්-පහු. 

අපේ සුනිල් මල්ලී තරහ වෙයි මේක අමතක කළොත්. පස්සෙ-පස්සේ අවුරුදුවල අර සේල් ඒකට යද්දී මං එයාවත් එක්ක යනවා. ඒ වෙනකොට මට වැඩියත්ම ගන්න ඉතිරි වෙලා තිබ්බෙ 50% පොත්. එක වතාවකට තනියම උස්සාගෙන එන්න බෑ. ඉතින් සුනිල් බෑ නොකියා 
නාටාමියා වුණා. එච්චරයැ, පොත් පිස්සෙකුත් වුණා!

දැන් නම් සුන්නට පොත් පිස්සුව නැහැ වගේ. ඌ tv බලනවා වැඩියි.
මං නම් tv එක ඔන් කරන්නෙත් මාස ගණනකට වතාවක්. බලන 
හොඳම ටෙලි නාට්‍ය වුණත් මං බලන්නේ අන්තර්ජාලේ පිහිටෙන්. දැන්වීම් නෑනේ. ඒත් තවමත් මගේ පොත් පිස්සුව එහෙමමයි. 
2016 සැප්තම්බරේ පොත් සේල් එකට BMICH ගියා නෙවිල්වත් අඬගහගෙන. දහඅටදාස් ගණනක පොත් ගෙනාවා. 
තවම ඒ ටිකවත් කියවාගන්න බැරි වුණා. බාගයක් නම් කියවලා ඉවරයි. සංසාරේ, සංසාරේ. ලෙඩ වැඩිද- වැඩ වැඩිද- කම්මැළි වැඩිද?

ඉතිං-ඉතින්, තාත්තාගෙ ගුරූපදේශ එමටයි. ඒවා ගැනත් තව පස්සේ.
මං හිතන්නේ දැන් අපේ අන්නා ගැනත් කියන්න වෙලාව හරි. 
නැත්තං අකලංකත් තරහ වෙයි. ඌව තරහ කරගත්තොත් බ්ලොග් වැඩේ හමාරයි.

කොම්පියුටර් වැඩවල මං දන්නේ බොහෝම සීමාසහිත ඩිංගිත්තක්. අපරාදේ කියන්න බෑ, මට ඕනේ කරන එව්වා කරලා දෙන්න 
රොත්තක්ම ඉන්නවා. ගුරුවරුත්! පළමුවෙනියා වෙන්න ගියේ ගුරුතුමියක්. උදයංගනී. ඊළඟට එයාගේ අක්කා ධම්මිකා. 
ධම්මිකා තමයි 'රාවය' පත්තරේ ටයිප් සෙටර්. ඒ වෑයම් වයිවාරන්න අහේතු හේතුවෙන් වැළකුණා. ඊට අවුරුදු හත-අටකට පස්සේ තමයි 
මට ඉඩක් ලැබුණේ මේකට අත තියන්න.

වමේ සිට දකුණට: ලසිත්, ගාමිණී, ලලීන්ද්‍ර, අකලංක, සිදත් හා මදීෂ..........

මේ අංශේදී මගේ ගුරුතුමාලා සේරම අවුරුදු තිහක්වත් නැති කොල්ලෝ.මුලින්ම එන මංජුලට නම් තිහ පැනලා. ඊළඟට චිරන්ත. සංජය, රාජිත, ලලීන්ද්‍ර. අන්තිමට අකලංක.

අකලංක නයනප්‍රිය. 
මම දමාපු නමක්. මිනිහා අපේ අනිල් මල්ලිගේ වැඩිමල් පුතා. අපේ පවුලේ පළමු උපාධිධරයා. IT කාරයෙක්. එයාලා හිතන්නේ 
මේ මැන්ටල් මාත් wifi එක්කම ඉපදිලා කියලයි. මොනවා හරි ඇහුවාම පට-පට ගාලා කියාගෙන- කියාගෙන යනවා. කියා දෙන 
ඒවායින් අරික්කාලක්වත් මගේ මොට්ට මොළේට වැටෙන්නේ නෑ.
ඒත් උන් හැමෝම ඉවසනවා, නොඉවසා බැරිකමට හරි, උන්ගෙ හොඳකමට හරි.

අනිල් ධර්මකීර්ති දිසානායක. මගේ දෙවෙනි මල්ලියා. අපේ පවුලේ හතරවෙනියා. නාට්‍ය දවස්වල මිනිහාට අවුරුදු පහයි. හරි වැඩේ! එයාටත් චරිතයක් ඉල්ලුවා.

ලියලා තිබුණු පිටපතේ අවුරුදු පහක කොලු පැංචෙකුට කරන්න ඇහැකි චරිතයක් නෑ. ඒත් තාත්තා ඒකටත් විසඳුමක් දුන්නා, අපේ අම්මාව තරහ කරගෙන බැරි හිංදා.

ලෝක ඉතිහාසේ පුරාම කෝච්චරවත් හස්ති රාජයෝ ඉස්තිරියාවන් ඉස්සරහා දණ ගහලා තියෙන්නේ, අපේ තාත්තා විතර යැ? (කෑලි-බෑලි එකතු-පහදු වුණාම ඔන්න පින්තුරේ හැදෙයි. දුක, සිංහල භාෂාවෙ අඹුසොඬ කියලත් වචනයක් තියෙන එක ගැන. පුදුමේ, අදටත් අපේ අම්මාගේ favourite ම පුතා අනිල් වීම ගැන. හැබැයි මිනිහව සත පහකටවත් විශ්වාස කරන්නේ නෑ; අපි කවුරුවත්!)

"අනිලෝ, උඹව ගන්නවා වධක පැටියගෙ කෑල්ලට."

කුරුමිණි මාන්දමද, බඩපණුවෝ වැඩිකමද මන්දා අනිල් මල්ලිට තිබුණේ වයසේ තරමට; ඇඟේ තරමට නොගැළපෙන බංඩි ගෙඩියක්. 
ටිකාක් විතර බරි තොල්. (ඔන්න අකලංකෝ, මේක කියවලා තරහ වෙනවා එහෙම නෙවෙයි. අකලංකටත්; දැනුත් තියෙන්නෙ එයාගෙ තාත්තණ්ඩියාගෙන් උරුම වුණු පිරිච්ච- බරි තොල් දෙකක්!

වධකයාට තෝරාගෙන හිටියේ මිටි- මහත- පැහැපත් පාට හාදයෙක්. 
නම තිස්ස. එයාලා හිටියෙ වනාතෙ වත්තේ ගෙදරක. කුලියට. 
මිනිහටත් තිබුණේ බරි තොල් නිසා වැඩේ අපූරුවට මැච් වෙලා ගියා. තකට-තක! වධක තාත්තයි වධක පුතයි.

නාට්‍යයට සංගීතය ෆවුසි මාස්ටර් සහ පොඩි මහත්තයාගෙන්. කොච්චර මතකය කැළඹුවත් වෙන කාවවත් මතක් වෙන්නෙම නෑ. අර දෙන්නාම සර්පිනාව සෙල්ලම් කළ අය. ඩොල්කියයි, තබ්ලාවයි දෙකවත් තියෙන්නම ඇති, එව්වා ගැන මතක නැතිවට. ඒ ගොල්ලෝ සංගීතය කළේ නොමිලේ, ඒ කාලේ හුඟක් කලාකාරයෝ වගේ. 

වැඩිහිටියෝ, නෑදෑයෝ, ගුරුවරු හැමෝම බාලයන්ට දුන්නු උපදේශේ 'කවදාවත් කලාකාරයෙක් වෙන්න හිතන්නවත් එපා. කලාකාරයා කියන්නෙ හිඟන්නෙක්!'

විදුලි ආලෝකය ඒකනායක ඉලෙක්ට්‍රිකල්ස්ලා. මං හිතන්නේ තවමත් ඒ ආයතනය මහරගම යහතින් වැජඹෙනවා. චිරං ජයතු! එයාලා වුණත් වියදම විතරයි, අපෙන් අය කළේ. ඒකට හේතුව අපේ තාත්තාට තිබුණු සබඳකම්; contacts!

ඒ දවස්වල තාත්තයි, සීයයි, ආච්චියි තුන් දෙනාම රේස් දානවා. තාත්තා තමයි කප්පිත්තා. ආච්චි මැද. සීයා අන්තිමයා. මං එහෙම ග්‍රේඩ් කළේ ඒ ගොල්ලෝ ඔට්ටු අල්ලපු විදිය අනුව. සීයා තමා වැඩිපුර දිනුවේ. හැබැයි ඒ දවසටවත් මහ ගණනක් ලැබුණේ නැහැ, එයා ඔට්ටු ඇල්ලුවේ 'ඊච්චවේ' විදියට හින්දා. 
මටත් ඔය කොටි වලිගෙ දුන්නා, ඒ තුන් දෙනාගෙන් කවුරු හරි. 
මාත් රේස් තුණ්ඩු දාන්න ඇති, තුන්-හතර පාරක්. ඒකත් එයාලා 
'හොඳටම ෂුවර්, මේක හොඳම ටිප් එකක් රංජියෝ' කියලා 
පොළඹවාපු වෙලාවට. ඒ ගොල්ලොන්ගේ ෆේවරිට්ම 'ලෙස්ලි පිගොට්' විතරයි මගේ රේස් ගැන මතකෙකට අදත් තියෙන්නේ. ඔය රේස් දැමිල්ලත් අපේ 'ජීවන නම්වූ මේ රඟමඬලේ' හැරවුම් ලක්ෂ්‍යයක් නිසා තව විස්තර පසුවට. කිව්වේ නැති නම් මතක් කරන්න, හොඳේ!
 
ඒ ගොල්ලන්ගේ රේස් තුණ්ඩු බාර දුන්නේ ලියනගේ කියලා එක්කෙනෙකුට. එයා හිටියේ; ඒ කිව්වේ එයාගේ රේස් බුකිය තිබුණේ හෝටලයක මේසෙ උඩ; මේසෙ අයිතිත් හෝටලේටමයි. 
මහරගම ගැන මතක අයට මතක ඇති මල්ලිකා ස්ටෝර්ස් එකට
අල්ලපු හෝටලේ. ඊට යාබදව තිබුණේ විල්මන් අයියාගෙ 
බයිසිකල් වින්කලේ, අර ජෑම් ගහකුත් ඉස්සරහින්ම තිබුණේ. 
ඒ ඉසව්වේ දැන් තියෙන්නේ මහරගම හන්දියේ ඉඳලා කොට්ටාව පැත්තට යනවා නම් දෙවෙනියට හම්බ වෙන කහ ඉරේ අවසාන භාගය.
(කඩ පේළිය, හෝටල්, වින්කල් වගෙම පෙට්‍රල් ෂෙඩ් එකත් හයිලෙවල් පාර පළල් කරද්දී බිල්ලට ගත්තා.)

අපි වගේ අය ඉතිරි වුණා ඒ අතීතය වමාරන්න!

6 comments:

  1. නිදි,රෙඩිෆියුෂන් මහරගමටත් තිබුනද? ඒගොලන්ගේ මහ ඔපිසිය තිබ්බේ පෑලියගොඩ ඉස්සව්වේ නේද

    ReplyDelete
  2. තිබුණා! හැබැයි අපේ ගෙදර නෙවෙයි,
    සිල්ලප්පු ආතලාගේ ගෙදර.
    මහ ඔෆිසිය ගැන නම් කිසිම දෙයක්
    දැනගෙන හිටියේ නෑ ඒ දවස්වල.
    දැක්කොත් පද්මාවතිවත් මතක් කළා කියන්ඩ.

    ReplyDelete
  3. එයා මේ දවස්වල දිගට අඳින්නේ සිලුත් ගන්නවා දැන් ආගමට බරයි :-)
    නිදි, ඔය රෙඩිෆියුෂන් ගැන ටිකක් හොයනවා.ඔය ස්පීකර් පෙට්ටියේ හැඩය ගැන මතකද?

    ReplyDelete
  4. ම්හු. මතක නැහැ. හොයලා බලන්න https://antiqueradio.org/welcome.htm
    එකේ තියේද කියලා.

    ReplyDelete
  5. ඩී. එච්. ගුණපාල උන්නැහේත් හොඳ කලාකාමී මනුස්සයෙක් නෙව .. අනික ගහේ කටු උල් කරන්න ඕනෙ නෑ කියල පේනව මේ කයි කතන්දර කියවනකොට.

    ඒ වගේම මතක විදිහට ඔය කියාපු ඩේවිඩ් කරුණාරත්න මහත්තයව මට මුලින් හම්බ වෙන්නෙ ඒ කාලෙ අපි කාගේත් වීරයා ඔහු පරිවර්තනය කරපු රොබින් හුඩ් පොතෙන් වෙන්න ඕන.

    ReplyDelete
    Replies
    1. ගුණසේන එක 'අපි ලංකාවට කියවීම පුරුදු කළෙමු' වගේ උද්ධෘතයක් පාවිච්චි කළාය කියලා මං අහල තියෙනවා. කණ්ඩා, බලාගෙන යද්දී ඒක සහතික ඇත්තනේ!

      Delete