li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, July 3, 2018

ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස


ඩී.බී. මහත්තයාගේ අකුරුවලින් හැරිලා අපි ගොඩ දුර ආවා නේද?

ඉතින් අත් අකුරු ප්‍රශ්නේ ඉබේම විසඳුණා කුරුප්පු මහත්තයා කොම්පියුටරෙන් කොටන්න ගත්තාම. අහලා ඇතිනේ 'එකක් කඩතොළු මකා ගන්නට ගොහින් මට වුණු වියෝයා - 
දෙකක් කඩතොළු හදා දුන්නයි ඉඳුරුවේ ආචාරියා' කියන එක. 
ඒ වගෙනෙ වුණේ. මට වැඩ වැඩිවුණා!

කුරුප්පු මහත්තයා 'කී' කරන ඒවායෙ 'ප්‍රින්ට් අවුට්' එකකුයි CD එකකුයි මට එවනවා. 
අර කොපියේ හරි-වැරැදි බලලා මං එව්වා ධම්මිකාට දෙනවා. "නිමල් අයියේ, කුරුප්පු මහත්තයා සමහර තැන්වල double space තියලනේ කී කරලා තියෙන්නේ. ඔයා එව්වා ලකුණු කරලා නැහැනේ." ධම්මිකා කිව්වා. ඉතින් මං proof බලන ගමන්ම ඉඩ-පරතර ගැනත් 
බලන්න ගත්තා.

'විසිදුනු ප්‍රකාශනයක්' කියවලා තියේද? ගෙවිඳු කුමාරතුංග මහත්තයාගේ. 
අන්න පොතක නිමාව ගැන උපරිමයෙන්ම හොයන කෙනෙක්. මගේ ප්‍රින්ටින් ජීවිතයේ අන්තිම බොසා. මං එහෙ වැඩට සම්බන්ධ වෙද්දී හිතුවේ කුමරතුඟුවන්ගේ 
බස් ආර විතරයි සැලකිල්ලට ගන්න ඕනේ කියලා. මොන? ගෙවිඳුට ඒ වගේම 
වැදගත් දේවල් ගොඩක් තියෙනවා. පිටුවක තියෙන උස, සමස්ත කෘතියේම එකම සයිස් වෙන්න ඕනේ. නූලක් වෙනස් වෙන්න බෑ! පරතර.... ඒත් එහෙමයි. 
ඔය ටික තේරුම් කරන්නම්කො ඊට වඩා හොඳ උදාහරණෙකින්.

ගෙවිඳු කුමාරතුංග
කී බෝර්ඩ් එකේ දකුණු පැත්තට වෙන්න තියෙනවානේ 'එක යතුරක්' " හා ' වදින. 
මොනම වෙලාවක හරි අර " යොදන්න අවශ්‍ය තැනකට ' ලකුණෙන් දෙකක් යොදලා තිබුණත් ඒක වරදක් විදියටයි ගෙවිඳු දැක්කේ. කාලය කියන්නේ සල්ලි කියන එක නෙවෙයි 
ගෙවිඳු හිතුවේ. කොලිටිය ගැන. "නිමල් වෙලාව ගත්තාට කමක් නෑ. වැඩේ හරියටම 
කරන්න ඕනේ!" ගෙවිඳු කිව්වේ එහෙම.

මං දන්නවා කුරුප්පු මහත්තයා කොටපුවා හදනවට වැඩිය අලුතෙන්ම කී කරන එක ලේසියි කියලා ධම්මිකා හිතපු බව. මට කිව්වත් එක්ක. ඒත් ධම්මිකාගේ නංගි උදයංගනීත් 
කුරුප්පු මහත්තයා ගැන අක්කට කියලා තිබුණා. උදයංගනී වැඩ කළේත් මං 
වැඩ කළ තැනමනේ. ඒක වාසියට හිටියා. ඒ දෙන්නම එකතු වෙලා තමයි 
කඩිමුඩියේ ඒ වැඩ කරලා දුන්නේ. එහෙම කරලත් අපේ අතින් මගෑරුණු තැන් - 
වැරැදුණු තැන් තිබ්බත් කුරුප්පු මහත්තයා ඉවසුවා. 

"මට උදව්වට කරන්නේ අයිති නැති හරියක්නේ." කනට ගහලා කියනවට වැඩිය ඒවා වැදෙනවා!

ලොකුම ප්‍රශ්නය වුණේ එක පොතක් ගහලා ඉවරවෙන පමාවෙන්ම තවත් 
පොතක් ගහන්න කුරුප්පු මහත්තයාට තිබුණු හදිස්සිය. මෙතැනදී මට නම් තේරුණා ප්‍රකාශකයෙක් හිතන විදිය. එයා ව්‍යාපාරික කෝණයකින් නොබැලුවොත් බිස්නස් එක 
කඩා වැටෙනවා. පොතක් අච්චු ගැහුවාම සේරම ඉවරයැයි, ඒක විකිණෙන්නත් ඕනිනේ. කොච්චර උගතා වුණත් කුරුප්පු මහත්තයා ඒ පැත්තෙන් හිතුවේ නැහැ වගෙයි. 
ඒ මට පෙනුන විදිය.

අද 2018 ජුනි 17 පාන්දර විදුලි කොටමින් වැස්සා! ඊයේ කොටන එක නවත්තපු තැනින්
පටන් ගන්නේ කොහොමද හෙණ පුපුරද්දී. ඒ වගේ වෙලාවට මං කියවලා ඉවර කරන්න බැරිවුණු පත්තර කියවනවා. ඒකට කියන්නේ කාල කළමනාකරණය කියලද? 
ඕනේ බම්බුවක්. ගිය සතියේ අපි හිටියේ දියවින්නේ. ට්‍රිප් එකක් ගිහින්. 
'දියවිනි ඉනාව' කියලා පෝස්ටුවකුත් කොටන්න පටන් ගත්තා. ඉතින් ගිය ඉරිදා; 
10 වැනිදා 'රාවය' කියවද්දී 'මම කෙලින් මිනිහෙක් - ක්‍රමයේ අලුත් මුහුණුවරයි - 
නාට්‍යවේදී අසංක සායක්කාර' කියන හෙඩිමෙන් "මාරුතය" අතිරේකයේ 
තිබුණු ලිපියෙත් මෙතනට අදාළ කොටහක් තිබුණනේ.





ගොඩගේ මහත්තයා වුණත් කැමැතියැ ඔහේ රාක්ක පුරවා-පුරවා ඉන්න. කුරුප්පු මහත්තය එතැනදී නම් හිටියේ  1925 විතර ඈත අතීතයේ. ඔන්න 1927 දී ඩබ්ලියු. ඒ. සිල්වා මහත්තයාගේ 'දෙයියන්නෙ රටේ' පොත නම් 4000 ක් ගහලා තියෙනවා. 
පියදාස සිරිසේන මහත්තයාගේ 'ඩිංගිරි මැණිකා'ත් (ඩිංගිරි මැණිකාට කියලා 
පටලවා ගන්නවා හෙම නෙවෙයි ඕං!) 1925 දී 3000 ක් ගහලා. 
හැබැයි ඒ අපේ ලිවීමේ හා කියවීමේ හැකියාව අඩු ගණනක තියෙද්දීය.


අපේ රටේ 'ලිටරසි රේට්' එක නම් මං කීයටවත් විශ්වාස කරන්නේ නෑ. සහේතුකවම. 
දැන් අපේ රටේ සාක්ෂරතා මට්ටම 92% ක් කියලයි වාර්තා වෙන්නේ. 
අදටත් අදාළ පරණ කතාවකින්ම මම මේක පැහැදිලි කරන්නම්කො. ගස්සලා යවමුද - 1 පෝස්ටුවේදී  අප කළ මානව ලිංගිකත්ව වැඩ සටහන් පෙළක් ගැන මා කිව්වා මතකද? 
ඒ වැඩ සටහන් පටන් ගන්නට කලින්ම සහභාගී වන්නන් ලවා ප්‍රශ්නාවලියකට 
පිළිතුරු ලබා ගැනිණි. එක වැඩ සටහනකට සහභාගී කර ගැනුණේ 
විවාහක යුවල 20-25 ක් පමණි. වැඩ සටහන පැවැත්වූ මතුගම, ඇල්පිටිය, 
කුරුණෑගල වැනි දුර-බැහැරදීත් මොරටුව, හබරකඩ වැනි නගරවලදීත් අර ප්‍රශ්නාවලියට පිළිතුරු ලියන්නට නොහැකිවූ අය අපට හමුවිණි.

සංගණන නිලධාරීහු ජනතාව හමුවී ප්‍රශ්න විමසති. "ලියන්න කියවන්න පුළුවන්ද?"

යාන්තමට කන අත්සනක් ගහන්න විතරක් පුළුවන් කෙනාත් කියන්නේ 'ඔව්' කියාය. 
මිනිසුන්; විශේෂයෙන් අපේ රටේ අය නෑ-බෑ-දන්නේ නෑ කියන්නට කැමැති නැත. 
රටේ ඕනෑම තැනකදී 'නැති' පාරක් ගැන කාගෙන් හරි අහන්න. 
'අනේ මම නම් දන්නේ නැහැ' වෙනුවට 99% ක්ම කියන්නේ 'තව කාගෙන් හරි අහලා බලන්න' කියලාය. කෙලින්ම "මං දන්නේ නැහැ" කියන්නට මැළිය. 
එහෙව් එකේ සංගණන නිලධාරියා ඉදිරියේ පාච්චල් වෙන්නට ඇති අකැමැත්ත නිසා 
a b c d විතරක් අඳුනන කෙනාත් කියන්නේ 'ඉංග්‍රීසිත් දන්නා' බවය. 
එතකොට සාක්ෂරතාව අතින් අපට ආසියාවේ ඉහළම තැනක් හිමිවීම අරුමයක්ද?


විනෝදයටත් එක්කම FB එකේ තරුණ පිරිස අතර ඉංගිරිසියෙන් 
'නෝ ජොබ් කොම්පැනියේ වැඩ කරන' බව කියා ඇති සංඛ්‍යාව බලන්න. 
එයාලාගේ ගැන පොඩි විපරමකුත් කළාම හොඳ චිත්‍රයක්; හැංගුණු චිත්‍රයක් 
මතු වෙනවා නිසැකය!

එහෙම රටක දැන් පොතකින් පිටපත් දාහක් අච්චු ගහන්නෙත් කලාතුරකිනි. 
සමහරුන් ඒක ගහන්නෙත් කතුවරයාගෙන්ම සල්ලි ලබාගෙනය. කුරුප්පු මහත්තයා 
හිතුවෙත් පොත මුද්‍රණද්වාරයෙන් පළ කිරීම ගැන පමණි. මට ඕනෑ වුණේ නයාත් නොමරා, පොල්ල කඩා ගන්නෙත් නැතිව දෙපැත්තම සමබර කරගන්නටය. මේ ප්‍රශ්න සියල්ල ඇරැඹුණේ මහින්ද කුමාර දළුපොත මහත්තයාට  ගොඩගේ ආයතනයේ තිබුණු 
සබඳතාව හමාරවූ පසුවය. හමාර වෙන්නට කලින් ගොඩක් දේ සිද්ද වුණේය.

"හැන්දෑවට පායන හිරු". ඒ කුරුප්පු මහත්තයාගේ ජීවිත කතාවේ පළමු කොටසයි. 
පළමු කොටස කිව්වාට එක ගහද්දි 'දෙකක්' ගැන එයාගෙ හිතකවත් තිබ්බෙ නැත. 
එහි පළමු සෝදුපත බැලුවේ මාය. ඒ මට අයිති නැති එකකි. (මා එය කළේ කුරුප්පු මහතාට උදව්වක් වශයෙනි. අනෙක් පොත්වලටත් එය අදාළය.) එහෙම බලාගෙන යද්දී 
'මරු' පොටක් අහුවුණේය. 'ගොළු හදවත'!


මා ඉස්සෙල්ලාම කියෙව්වේ මාරක කතා පොතකි. 'මරලත් මදි'! 

අවුරුදු දහය වෙන්නටත් කලින් මාරක කතා පොතක් කියවූ හින්දා මාව මරලත් මදි කියා කිව්වා නොවේ, ඒ පොතේ නම ඒකය. 1876 ඉඳලා 1962 වෙනතුරු අච්චු ගැහුණු බව වාර්තාවෙලා තියෙන විදියට නම් 996 වෙනි නවකතාව. ඊ.ඩී.එස්. හේනේගොඩ කියලයි කතුවරයාගේ නම තියෙන්නේ. මං මෙව්වා හොයාගන්නේ 'දහ බලු කතා වස්තුව-1 පෝස්ටුවේදී' කියපු ග්‍රන්ථ රත්නයෙන්.

'මරලත් මදි' අපේ අම්මාට කවුදෝ දුන් පොතකි. මා දන්නා තරමින් නම් අපේ අම්මා 
පොතක් කියවූ කිසිම දවසක් නැත. හැබැයි පොතක් අතට ගන්නවා නම් දැක ගන්නට හැකිය. 'මදි' පොතත් අතට ගෙන හංගනවා දුටු මා අම්මාට හොරෙන් එය අරන් කියවූ හැටි 
තවම මතකය. ඉස්කෝලේදීත් අපට පොත් කියවන්නට වුණේ හොරෙන්ම හංගා ගෙනය. නැතිව 'ප්‍රංස රස' 'මකුණා' වගේ පොත් එළියේ දමාගන කියවන්නයැ?
'දහ බලු.... -1' විස්තර කියපු නිසයි ආයේ රිපීට් කරන්නෙ නැත්තේ.
'ගොළු හදවත' පවා අප කියෙව්වේ රහසිනි.

කරුණාසේන ජයලත්
ගොළු හදවතේ ප්‍රේම ත්‍රිකෝණයේ එක කොනක ඉන්නේ කුරුප්පු මහත්තයාය. 
මේක එළියට දාමු යැයි මම කුරුප්පු මහතාට කිව්වෙමි. 
මගේ බල කිරීමටය ඔහු 'හා' කිව්වේ. අවසරය ලද විගස මම දළුපොත  මහතාට ඒ බව කිව්වෙමි. "පොත විකිණෙන එකටත් මේක උදව්වක් කරගන්න පුළුවන්. 
බැරිද මේකට පොඩි පබ්ලිසිටි පාරක් දෙන්න?" යෝජනාව මගෙනි. ක්‍රියාත්මක වීම මහින්දගෙනි. මහින්ද කුමාර දළුපොත මහත්තයා 'ලේක් හවුසියේ' ඔහුගේ මිතුරෙකුට 
කතා කළේය. කතන්දරය කිව්වේය. කුරුප්පු මහත්තයා ආපහු ඔස්ට්‍රේලියාවට 
යන්නට කලින් ඔහුව අල්ලා ගන්නට ඕනෑය. මෙවැන්නකට ඔහු කැමැති 
කරවා ගත්තෙත් අසීරුවෙනි. "අනේ ඕනේ නෑ ළමයෝ!" ඔහු මුලින්ම කීවේ එහෙමය.

එහෙත් තව රහසකුත් මට කීවේ ඒ අතරමය. 
"ඇත්ත දමයන්තිත් දැන් ලංකාවට ඇවිත් ඉන්නවා!" නැත්තේ කරුණාසේන ජයලත් 
මහතා පමණි.

ලේක් හවුසියේ යහළුවා කිව්වේ වාහනයක් එහෙම දාගන්නට දවසක් දෙකක් යන බවය. 
ඒ අතරේම 'ලක්බිමට' ලියන ඒ.ඩී. රංජිත් කුමාර මහතාටත් රහස 'ලීක්' වුණේ අපෙන්මය. 

'අනේ නිමල්, ලේක් හවුස් එකට ඉස්සෙල්ලා මං එන්නම්! මට කියන්න කොහොමද එයාලව කන්ටැක්ට් කර ගන්නේ කියලා." රංජිත් මහත්තයා තිරසාර හඬකින්ම මට කිව්වේය.


'රුක්මණී දේවි - යුගයක ස්වර්ණ ගීතය' සරසවි ප්‍රකාශනයක් ලෙසින් මුද්‍රණය වෙද්දී 
ඒ.ඩී. රංජිත් කුමාර මහත්තයා අපේ ප්‍රෙස් එකට ආවේය. පොතේ කර්තෘ ඔහු බැවිනි. 
අප අතර තිබ්බේ යාන්තම් දැන-හැඳුනුම්කමක් විතරය. ඒත් රංජිත් මහතාගේ PR එක 
හරි ඉහළය. මහජන සම්බන්ධතා ඇති කර ගන්නට සූර ඔහු දෙතුන් වතාවක්ම 
මට කතා කොට 'මිෂන් එක' ගැන ඇහුවේය. 
ලේක් හවුසියේ මාධ්‍යවේදියාට වචනයක් දී තිබුණු නිසාය මා පොරොත්තු වෙමින් උන්නේ. අනෙක කුරුප්පු මහත්තයාත් මෝබයිල් පාවිච්චි නොකරන්නෙකු බැවින් 
හිතූ-හිතූ ගමන් කතා කරගන්නට බැරි වීමයි. 
ඒ අවාසි සියල්ල රංජිත් මහතාගේ වාසියට හිට්ටේය!

කෙටි කලකට ලංකාවට ඇවිත් හිටි පද්මා ලාලනී මහත්මිය කුරුප්පු මහතාටත්, 
රංජිත් කුමාර මහතාටත් භෝජන සංග්‍රහයකට ඇරියුම් කරන්නට මඟ පෑදුනේ එහෙමය. "ළමයෝ, දැන්මම කියන්න එපා, රංජිත් අපේ දුවගේ යාළුවෙක්. මෙහෙ ඇවිල්ලත් 
තියෙනවා. ඒ තියා අනුලා කරුණාතිලකත් අපිව දන්නවා. හැබැයි ඇත්ත දම්මි 
මමය කියලා තාම දන්නේ නෑ!"

හමුවේ ප්‍රතිඵලය 2006 ජනවාරි 29 'ඉරිදා ලක්බිම' පත්තරයේ 'මංජුසාව' කොටසේ 
40 පිටුව පුරා තිබිණි; 'ගොළු හදවතේ  ඇත්ත දම්මි සොයා ගතිමි' සිරස්තලයෙන්. 
රංජිත් කුමාර එතැනින් නතර වුණේ නැත. ඒ ආසන්න දිනයකම පෙරවරුවේ 'ස්වර්ණවාහිනියේ' පැයක වැඩ සටහනකට 'ඇත්ත දම්මිව' කැන්දා ගන්නටද කටයුතු 
යෙදුවේය. එහි පූරක වුණේ ඔහුය! ඒ වනවිට කුරුප්පු මහතා ආපහු ඕස්ට්‍රේලියාවේය.

පද්මා ලාලනී කුරුප්පු
ඊට පස්සේ..........

5 comments:

  1. "ගොළු හදවත" පිටුපස කතාව ඇත්ත එකටත් වඩා රසවත් කුතුහලය දනවන්නක්ද මන්ද ?

    ReplyDelete
    Replies
    1. කණ්ඩා, ප්‍රබන්ධයට වඩා ඇත්ත රසවත්ය කියලා කියනවානෙ. ඒකයි ඒ.

      Delete
  2. 1. හිඟන කොල්ලා, ඩිංගිරි මැණිකා පිටපත් තුන්දාහක් හාරදාහක් මුද්‍රණය කළා පමණක් නොවේ මා අසා තිබෙන විදිහට පියදාස සිරිසේනගේ ජයතිස්ස සහ රොසලින් හෙවත් වාසනාවන්ත විවාහය කියන පොත පිටපත් විසිපන්දාහක් අලෙවි වෙලා තිබෙනවා.

    මේ දත්ත උපයෝගී කරගෙන ඒ දවස්වල, සාක්ෂරතාවයක් අඩු ඒ කාලයේ, එච්චර පොත් අලෙවි වුණාට දැන් ඇයි නවකතාවකින් පිටපත් දාහක් අලෙවි කරගන්න අමාරුයි යනුවෙන් තර්ක කරන අය අමතක කරන ලොකු කාරණයක් තිබෙනවා.

    ඒක තමයි පියදාස සිරිසේන ලා පොත් ලියපු කාලේ අවුරුද්දකට පොත් පළ වුණේ දෙක තුනයි. ඔබම මෙහි වෙනත් කොටසක කියා තිබෙන පරිදි මෑත කාලයේ ගොඩගේ සමාගමෙන් පමණක් සතියකට පොත් පහක් එළිදක්වනවා.

    ජනගහනය වැඩි වුණාට සාක්ෂරතාව වැඩි වුණාට පොත් කියවන විට මිනිසුන් ප්‍රමාණය වැඩි උනාට ප අමතක නොකළ යුතු කාරණා තමයි මිනිහකුට පොතක් කියවන්නට තමන්ගේ පැය විසි හතරේ කොපමණ ප්‍රතිශතයක් ගත කළ හැකිද සහ ඒ සමගම පොතක් මිලදී ගැනීමට තමන්ගේ ආදායමෙන් සියයට කීයක් වැය කළ හැකිද යන්න. ඒවා වැඩි වී නැහැ මං හිතන විදියට, අඩුවෙලා මිස.

    ReplyDelete
  3. 2. මා ගොලු හදවත කිව්වේ වයස අවුරුදු 23 දී පමණයි ඔය පොත ගැන අසා තිබුණු කරුණු අනුව මං හිතාගෙන හිටියේ මේක නිකං මාර සාහිත්‍යයමය ආශ්චර්යයක් කියලයි.

    අන්තිමට බලාගෙන ගියාම නිකංම නිකං මොන්ටිසෝරි ලව් එකක් කොටින්ම කොල්ලා කෙල්ලගෙ අතින්වත් අල්ලලා නැති හිතක විතරක් තිබුණු එකක්.

    මම ගොළු හදවත ගැන ලිපියක් ලිව්වා ඒකට මාතෘකාව දැම්මෙ සිලි හදවත හෙවත් මුල්ලේරියානු ආදරේ කියලයි.

    ඒ ලිපියේ අන්තර්ගතය ිරෝධය පාමින් නවසීලන්තයේ සිට ප්‍රියානන්ද විජේසුන්දර ගොළු හදවත පසසමින් පිළිතුරු ලිපියක් පළ කළා.

    එයට පිළිතුරු ලෙස මා ලියූ දෙවැනි ලිපිය අවසන් කළේ මට මතක විදිහට මෙන්න මේ ආකාරයටයි.

    අපට අවශ්‍ය සුගත් නාමයෙන් බූට් එක දරාගන්න බැරුව බෝතලේට ඇබ්බැහිවී කැරකෝප්පුව ට යන තරුණයින් නොව "හැන්දෑවට හෝ පායා එලිය දෙන්නට හැකි හිරු" වැනි අය ය.

    ReplyDelete
  4. කාලය වැයකොට දිගු සංසන්දනාත්මක උත්තරයක් ලිවීම වෙනුවෙන් ගොඩක් ස්තුතියි!

    ReplyDelete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්