li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, February 10, 2019

වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස

මාර්ක් ට්වේන් පොත් කතුවරයෙකු මෙන්ම අරුත්බර කියමන් සඳහාත්..............
ලෝකයේ හැම දෙනාම ‘මාර්ක් ට්වේන්’ දන්නේ පොත් කතුවරයෙකු වශයෙනි. ටොම් සෝයර්, හකල්බෙරි පින් පොත් දෙක ගැන කිව්වාම හොඳටෝම ඇතිය. ඔහුගේ  අනෙක් පොත් ගැන කියන්නට ඕනෑ නැතිය. පොත් වගේම ‘කියමන්’ ගැනත් මාර්ක් විද්වතා ප්‍රසිද්ධය.

‘ඔබේ අරමුණු හැමවිටම ලඝුකොට සලකන දුබල මිනිසුන්ගෙන් ඈත් වන්න. නමුත් ශක්තිමත් මිනිස්සු ඔබටත් උදාර කෙනෙකු විය හැකි යයි ඒත්තු ගන්වනු ඇත!’ ඒකත් මාර්ක්ගේ අනගි  කියමනකි. ඊටත් වඩා අනගි කියමනක් ගැන සිහිපත් කරන්නටය; මා ට්වේන්ව මෙතැනට ඇද ගත්තේ.

“හොඳම වෛද්‍යවරයෙකුටත්, හොඳම ප්‍රතිකාරවලටත් කළ හැකිවාට වඩා හොඳක් සාමාන්‍ය රෝගියෙකුට කරන්නේ සරල උපවාසයයි!”
   
සරල උපවාසය ‘කෝකටත් තෛලය’කි. ඒක සාමාන්‍ය රෝගියෙකුට යහපතක් කරනවා නම්, සාමාන්‍ය මනුස්සයෙකුට ඒකෙන් මොන තරම් යහපතක් වෙන්න පුළුවනිද?  එකක් නොවේ. ගොඩක් හොඳ දේවල් සිදුවෙයි! ඒවා ලැයිස්තුවක්ම හදලා තියාගන්නට තරම් වටියි!!

 1. ධාරණ ශක්තිය වැඩි වෙයි. අවධානය යොමු කිරීමේ හැකියාව දියුණු වෙයි. 
    සිරුරේ (Inflammation) ප්‍රදාහයන් ඇතිවීමේ සම්භාවිතාව අඩුවෙයි.
 2. අක්මාව හා පේශි ඉන්සියුලින්වලට දක්වන සංවේදීතාව වැඩි වෙයි.
 3. (atherosclerosis) ධමනි බිත්තිවල මේදය තැන්පත්වී, බිත්ති ඝණවීම අඩු වෙයි.
 4. රුධිර පීඩනය අඩු වෙයි. හෘද ස්ඵන්දන වේගය යහපත් වෙයි.
 5. (fatty liver) අක්මාවේ මේදය තැන්පත් වීම අඩුවෙයි.
 6. සිරුරේ මේද දහනය වැඩි වෙයි. මේ ටික විතරක්ම වුණත් මදිද?

මගෙ අම්මෝ! සරල උපවාසය කිරීමෙන් මෙච්චර දේවල්?
අද ලෝකයේ වැඩියෙන්ම විකිණෙන දේවල් අතර මුල් තැනක් ‘රූප ලාවන්‍ය’ කටයුතුවලට ගන්නා දේවලට හිමිය. පිට ඔපය නැත්තං සේරම හබක් ලෝකයක එහෙම වීම පුදුමයක් නොවේ. සදාකාලිකව තරුණ පෙනීමකින් ඉන්නට හිතාගෙන අප කරන, කරවාගන්නා දේවල්වල  නිමක් නැත. එයින් වැඩිම හරියකින් සත්කාර කෙරෙන්නේ පිටවැස්මටයි; හමටයි; skin එකටයි. 

ඒත් ආහාර පාලනයකදී; උපවාසයකදී ඊටත් වඩා ඵලදායීව තාරුණ්‍යය රැකෙයි!

ක්‍රමවත්, නිරන්තර උපවාසයෙදී, විශේෂයෙන්ම සීනි, පිටි රහිත ආහාර ගැනීමේදී සිරුරේ ඇති මේදය දහනය වෙන්නට පටන් ගනී. එවිට අපේ සිරුරේ පිටියුටරි ග්‍රන්ථිය වැඩි කාර්යක්ෂ්මතාවකින් යුතුව ක්‍රියාත්මක වෙයි; වර්ධක හෝර්මෝන වැඩියෙන් නිපදවෙයි. 

අප වයසට යන්නේ වර්ධක හෝර්මෝන නිපදවීම අඩුවෙන විටයි! මේ කාරණය නම් කලිනුත් කිව්වෙමි. මෙයින් පැහැදිලි වෙන්නේ උපවාසය කරන අය වියපත් වෙන්නේ හෙමිහිට බවයි.

හිමාලයේ ඉන්නා වසර සිය ගණන් වයසැති යෝගීන් හැමෝම වාගේ වයස්ගතවී ඇති තරමට දිරාපත්වී නැත්තේ මේ හේතුවෙන්ද?

දැන් මුහුණුපොත හරහාත් උපවාසය කිරීමේ වැදගත් බව කියවෙන පණිවුඩ දැකිය හැකිය.
දැන්-දැන් පිෂ්ඨය හා සීනි අඩු ආහාර ගැනීමේ නැමියාව වැඩි වෙමින් පවතී. පත්තර, රූපවාහිනී විතරක් නොවේ, ‘මුහුණුපොත’ හරහාත් දැන් මේ දැනුම බෙදා හැරෙයි. මේ තියෙන්නේ ටික දවසකට කලින් මගේ ඇහැ ගැහුණු එවන් සටහනකි. 

ඒකෙන් කියන්නෙත් පිළිකාව මාරාන්තික නොවෙන විත්තියයි; ග්ලූකෝස් අඩු කිරීමෙන් පිළිකා සෛල මැඩලිය හැකි බවයි!

“අනේ නෙවිල් අයියේ, උඹත් මේකට කර ගහලා තව කොච්චර කාලයක් ඉන්නද හදන්නේ? බලපංකො මචං මුගෙ දිහා. මූ හරියට දහ අටේ බොඩි එකකට හැත්තෑවේ මූණක් ෆික්ස් කරලා ගත්තා වගේනෙ!” පෝල් හැකර හිනා පාමින් කිව්වේය. 

(පෝල් කියා අප ඔහුට ඇමතුවත් පිළියන්දල පැත්තේ උදවිය එයාට කියන්නේ ‘ඩොක්ටර් one shot’ කියලාය. පෝලුත් පීරිස්ගේ ‘බැචෙකි’. අකල් මරණෙකට හවුල් වී පොස්ටුවෙදී කියූ විදියටම, සම්පත්ගේ අනතුරේදී අපට ගොඩක්ම උදව් කළේ පෝල්ය.)

පෝල්ට හිනාවෙන්නට කට මදිය. කොතැන හිටියත් සද්දෙට හිනාවෙන්නට මිනිහා කැමැතිය. අනුන්ව හිනස්සවන්නටත් ඒ වගේම කැමැතිය. අපේ මේසය වටේම හිටි හැමෝම මහ සද්දෙට හිනා වෙද්දී කෙනා-දෙන්නා හැරිලාත් බලන්නට විණි.
අප හැමෝම මහ සද්දෙට හිනාවෙද්දී............
අයස්මන්ත මහත්තයලගේ ‘සුඛිත’ ආයතනය දියත් කරන දවසේ, එතැනට ඇවිත් හිටි සිම්පල්ම කිහිප දෙනා අපය. 

අනෙක් හැමෝම වෛද්‍ය ක්ෂේත්‍රයේ කීර්තිමත්, විභූෂිත උදවියයි. ඒ අස්සේ වෛද්‍ය එම්.ආර්.සී. පෙරේරා නොහොත් පෝල් පාලු මකන්නට අල්ලා ගත්තේ නෙවිල්වය. 
“මච්චාං, කොච්චර මහන්සි වෙලා බොඩි එක මේන්ටේන් කළත් වෙලාව ආවම යන්න වෙනව කියලත් අමතක කරන්න එපා! මතකයිනේ සම්පත්”.

එක විදියකට නම් පෝල්ගේ කතාව ඇත්තය. 

‘සම්පත්’ එදා මහ රෑ අපේ ගෙදරින් අවසන් ගමනට නික්මුණේ අයියාව පිටකොටුවට හැරලවා ඇවිත් බත් කන්නටය! එයාට පිටකොටුවට තියා නාවින්නටවත් යන්නට ලැබුණේ නැත. ඒ සම්පත් ගෙනාපු තරමය. 

මට වඩා පසුව මයෙලොමාව වැලඳුණු, මට වඩා ශක්තිමත්- තරුණ කිහිප දෙනෙක්මත් දැන් ‘ගිහිල්ලා’ ඉවරය. ඒත් ලෝකේ එහෙම වෙනවාය කියා අප නිකම්ම අත් බැඳගෙන බලා හිටිය යුතුද? වෙනසක් කරන්නට උත්සාහ ගත යුතු නැතිද?

මා නම් කරන්නේ උත්සාහ කිරීමයි!

දවසක් ගල් වඩුවෙක් ලොකු කැලයක් මැද්දෙන් ගමනක් යමින් හිටියා. මෙන්න වැඩක්! තියෙනවා නෙව අපූරු ගල් කුළු දෙකක්. මිනිහ නැවතුණා; බැලුවා. එතැන දාලා යන්න ගල් වඩුවාට හිතුණෙම නැහැ. වැඩියෙන්ම එයාගේ හිත ගත්ත ගල් කුළ ළඟට ගිහින් මිනිහා මෙහෙම ඇහුවා. “මං ඔහේව වෙනස් කරලා; බොහොම අපූරු දෙවි කෙනෙකුගේ පිළිමයක් කරන්නයි යන්නේ. හැබැයි ඉතින් ඒක කරද්දී මගේ ගල්කටු පහරවල්, මිටි පහරවල් එහෙම ඉවසගෙන ඉන්න වේවි. ටිකක් රිදෙයි. මොකද කියන්නේ, කැමැතියිද?”

අපොයි බැහැ. මට මේ ඉන්න විදියට හිටියාම හොඳටම..........
“නෑ, නෑ. මං කැමැති නැහැ පොඩ්ඩක්වත් කරදර විඳින්න. මට වෙනස් වෙන්න ඕනත් නැහැ! මේ ඉන්න විදියටම හිටියාම හොඳටෝම ඇති” ගල් කුළ කිව්වා.

වඩුවා දෙවෙනි ගල් පර්වතය ළඟටත් ගියා. එයාගේ අදහස කිව්වා. “මං කැමැතියි වෙනසක් වෙලා බලන්න. එක විදියකටම ඉන්නවට වැඩිය ඒක හොඳ වෙයිනෙ.” දෙවෙනි ගල් කුළ කීවා.

ගල් වඩුවා කාලාන්තරයක් තිස්සේ මහන්සි වෙලා, දෙවෙනි ගල් පර්වතය විස්මිත දෙව් පිළිරුවක් බවට පත් කළා. හරියට කවුරුන්වත් නොදැන හිටි ගල් පරුවතයක් ‘ආසියාවේ විශාලම සෙල්මුවා හිඳි පිළිමය; රිදීගම, රම්බඩගල්ලේ සමාධි බුදු පිළිමය’ බවට පත් කළා වගේ. මිනිසුන් බුරුතු පිටින් ඇවිත් ඒ පිළිමයට මල්-පහන්-සුවඳ දුම් පුදන්න වුණා. හරසර කරන්න පටන් ගත්තා. 

එහෙම වන්දනා-මාන කරන්න එන අයගේ සපත්තු-සෙරෙප්පු ගලවලා තිබ්බේ අර පළමුවෙනි ගල් කුළ පාමුලයි. දෙව් පිළිම භූමිය අතු ගාලා සේරම කුණු ගිහින් දැම්මෙත් ඒ ගල ළඟටයි. ඔන්න වෙනස් නොවී හිටියම වෙනදේ!

හැබැයි ඉතින් මොන වෙනසක් වුණත් වෙන්න ඕනේ හොඳ සෝදිසියෙන්. විමසිල්ලෙන්. 
මද කිපිච්ච ගොනෙකු වගේ ඉවක්-බවක් නැතිව කලබලෙන් නෙවෙයි.

 මද කිපිච්ච ඉවසිල්ලක් නැති ගොනෙක් වගේ.......
කලබලයක් නැති මිනිහෙකුට වුණත් සමහර දේවලින් බේරිලා ඉන්න අමාරුයි. මං කියන්නේ mobile phone වගෙ දේවල්වලින්.

මාව ලෙඩ වෙච්චි ගමන්ම අපේ යහළුවා මර්වින් මට ජංගම දුරකතනයක් උස්සන් ආවා. “නිමලෝ, උඹ සුනිල්ලගේ ගෙදරට හරි, මානෙල්ලගේ ගෙදරට හරි යන්නෙත් නැතිව මෙහෙ තනියම ඉන්නනෙ හදන්නේ. එහෙනං මේකවත් ළඟින් තියා ගනින්. රෑක වුණත් හදිස්සියක් වුණොත්....”

“පිස්සුද මර්වින්. මං මොබයිල් එකක් පාවිච්චි කරන්න කැමැති නැහැ. මට මගේ නිදහස වටිනවා!”

“උඹ මේක තියා ගනින්කෝ. අපි කිහිප දෙනාට විතරක් නොම්මරේ රහසෙන් දීපන්. එතකොට ඉවරයිනේ.” ලොකු තර්ක ගොඩකට පස්සේ, මර්වින් කීවේය. 
එයා එහෙම කිව්වාට කිහිප දෙනෙක් අතර රහස් රැඳෙන්නේ නැතිය. 

ඉතින් මොබයිලය ඔහේ තිබුණේය. (මට තියෙන්නේ සියඹලා කොළයක් බිමට වැටෙන සද්දෙත් ඇහෙන කන් දෙකකි. පුදුමේ කියන්නෙ ජංගම දුරකතනයක් කණට තිබ්බාට, ඒකෙන් දොඩන එව්වා නම් මට ඇහෙන්නේ නැතිම ගාණය! ඒත් ඒ කාරණයටත් වැඩියෙන් මට වැදී තියෙන්නේ නිදහස අහිමි වීමේ කරුණයි.) මාස කීපයකට පස්සේ මට පලු යන්නට බණිමින් මර්වින්ම ඒක ආපහු ගෙනිච්චේය.
පුදුමේ කියන්නේ ජංගම දුරකතනයක් කණට තිබ්බාට.............
එදා මර්විනුත්, මාත් දෙන්නාම නොදත් කරුණක් අද හැමෝම දනිති.

Weizmann Institute of Science ඊශ්රායල ආයතනය කියන්නේ, ඉහළ විකිරණවලින් යුතු ජංගම දුරකථන නිසාත් පිළිකා සෛල ඇතිවීමේ සම්භාවිතාව ඉතා වැඩි බවයි! එහෙම විද්‍යාත්මක පර්යේෂණවල ප්‍රතිඵල අනුව කියවෙන දේ වුණත් විශ්වාස කරන අය අඩුය. පදනමක් ඇතිව හරි - නැතිව හරි එහෙන්-මෙහෙන් අහුලාගත් දේවල් පිළිගන්නට නම් අප කවුරුනුත් සූදානම්ය!

සැරෙන්-සැරේ පත්තරවලින් කියූ උපදෙස් අදහනවා නම් එක-දෙකක් හැරෙන්නට, මේ මිහිතලයේ වැවෙන සියලු පලා වර්ගත්, පලතුරු වර්ගත්, අල වර්ගත් පිළිකාවට හොඳය. 
හැබැයි ඒවා කියවෙන්නේ කාලෙන් කාලෙටය. 

කාලෙකට ‘කටුපිල’හොඳය. කාලෙකට ‘මඤ්ඤොක්කා’ හොඳය. තව කාලයකට හොඳ ‘අනෝදා’ය. ඊළඟට ‘ඩ්‍රැගන් ෆ්රුට්’ ඒ තැන ගනියි. ‘කරවිල’ වගේම ‘වරකාත්’ හොඳ ගොඩේය! ඔහොම කතන්දර හිංදා මම නම් සහමුලින්ම නන්නත්තාර වීමි.
පිළිකාවට කටුපිල හොඳයි කියා කාලෙකට රාවයක් යයි. ඊළඟට ආරංචි වෙන්නේ.......................
මල්ටිපල් මයෙලොමා නමැති රුධිර පිළිකාව වැලඳී, යම් තාක් දුරකට හෝ එය මර්දනයවී ඇතැයි කියවෙන මට මෙහෙම ගොඩ වෙදකම් ගැන තරහක් නැත. ඒවා ගැන මා දන්නා දෙයක් නැතිම තරම්ය. ඉතින් කොහොම තර්ක කරන්නද? 

සමහරු මාධ්‍යවලින් වෛද්‍ය පකීර්ලා  බවට පත් වෙති. (මේ කොටන මාත් එහෙම යැයි හිතුවද? සමාවෙනු මැනවි. මෙතෙක් මා ලියා ඇති හැම වෛද්‍ය විද්‍යාත්මක කරුණක්ම නිවැරැදි බවට, සුදුසුකම් සහිත අය අනුමත කර ඇත. රසික කියවන්නන්ට ගෞරව කළ යුත්තේ එහෙමය!) ඒ අස්සෙම හොඳට සොයා  බලා ලියන අයත් හිඳිති.

සැලකිල්ලෙන් ලියන මාධ්‍ය සගයන්ට වුවද අහම්බෙන් හෝ වැදගත් කරුණු මඟ හැරෙන්නට හැකිය. පිළිකාව ගැන බොහෝ පොත-පත කියවා ඇතත් ‘රෙමිෂන්’ තත්ත්වය ගැන මට හමුවී නැත. වැරැදි බෝනස් එක -19 පෝස්ටුව’ ලියවෙන ඉතාම මෑත අවදියේදීය මා ඒ ගැන දැනුම්වත් වුණේ.

සොනාලි බෙන්ද්‍රේ හින්දි සිනමා තාරකාවත් පිළිකා රෝගිනියකි. 

2018 දෙසැම්බර් 4 වෙනිදා ප්‍රවෘත්තියකින් කීවේ “සොනාලි දැන් පිළිකා රෝගයෙන් මිදිලා’ කියලයි. රසික ඔයාලත් දැන් දන්නා (remission) විදියට නම් ඒක වැරැදි යෙදුමක් නේද? 
පරතෙරට ගිහින් කෙරෙන්නේ නැතත් මාධ්‍යවලින් කෙරෙන මෙවැනි දැනුවත් කිරීම් මං නම් සලකන්නේ පොසිටිව් විදියටයි.              

සොනාලි බෙන්ද්රේ පිළිකාවට මුහුණ දුන් පසුව, (ඇයගේ පුතු සමඟ) ගත් ඡායාරූපයකි.
“...... අනේ ගීත්, මට කියන්න ඕන වුණේ මගේ අසනීපයටත් වඩා වෙනත් කතාවක්. වෛද්‍යවරු, හෙදියෝ, රෝගීන්ට දක්වන සැලකිල්ල ගැන..... රාගම රෝහලේදී මට හමු වුණේ දෙවිවරු වගේ වෛද්‍යවරු පිරිසක්.හෙදියන්ගෙන් ලැබුණු උදව් උපකාරත්, අනුකම්පාවත් වචනයෙන් කියන්න බෑ.සමහරුන්ට රජයේ රෝහල්වලින් ලබාදෙන සේවය ගැන ප්‍රශ්න තියෙනවානේ. ඒත් මට කියන්න ඕනෑ වුණේ “නෑ..... එහෙම නෑ... මෙන්න මගේ අත්දැකීම” කියලයි.”

ඉහත ඡේදයම ලිව්වේ මා නොවේ. ‘ඉරිදා ලක්බිම’ පුවත්පතත් සමඟ එන ‘රිද්ම’ අතිරේකය සංස්කරණය කරන ගීත් ගුණසේකරය. 2019 ජනවාරි 27 වෙනිදා ‘රිද්ම’යේ දෙවෙනි පිටුවටය.

අභාවප්‍රාප්ත නළු ‘මාර්ක් සැම්සන්’ ගැන ලියන අතරේය. 

රාගම ඉස්පිරිතාලයේ කාර්ය මණ්ඩලයට තුති පුදමින්, ඔවුන් ගැන ගීත්ට කියන්නට ‘මාර්ක්’ වෙලාවක් ඉල්ලා ගත්තේලු. ඒ 19 වෙනි සෙනසුරාදාය. යොදාගත්තේ 21 වෙනි සඳුදා උදේ 10 ට කතා කරන්නටලු. ඒත් ඉරිදා මාර්ක් සැම්සන් නොඑන ගමන් ගියේය.

මටත් කියන්නට තිබෙන්නේ ‘මාර්ක්’ බාගෙට කියූ දෙයමය. 

ඉස්සර අපේ හිත්වල ඉස්පිරිතාල ගැන තිබුණු චිත්‍රය දැන් ගොඩාරියක්ම වෙනස් වෙලාය. දැන් බොහොමයක් රෝහල් ගඳ ගහන්නේ නැත; අපිරිසිදු නැත; කම්මැළිත් නැත. පියකරුය; පිළිවෙලය; ඉක්මන්ය. 
බොහොමයක් පෞද්ගලික රෝහල්වලදී මා මුහුණ පෑ අත්දැකීම් එක්ක බලද්දී රජයේ රෝහල් මසුරන්ය!!!!!!! රජයේ රෝහල්වල කාර්යමණ්ඩල සාමාජිකයනුත් හොඳය. මට විතරක් නොවේ; අනෙක් ලෙඩුන්ටත් එහෙමය.

මාර්ක් සැම්සන් නික්ම ගියත් මගේ බෝනස් එක තවම ඉතිරිය.
මල්ටිපල් මයෙලොමාව සීරෝ මට්ටමටම අඩුවී ඇතත් මා දිගටම ප්‍රතිකාර ගත යුතුය. ක්ලිනික් යා යුතුය. වෛද්‍ය එල්.එස්. බස්නායක මැඩම් ඇතුළු ක්ලිනික් එකේ වෛද්‍ය මඩුල්ලේම අදහස ඒකය. ඒ විදියට බලද්දී වැරැදි බෝනස් එක තවම ඉවර නැත. 

ඒත් එහෙමය කියලා මෙගා ටෙලියක් වගේ, මේ පෝස්ටු මාලාව තවත් දිග්ගැස්සිය යුතු නැත. මෙතෙක් මට ප්‍රතිකාර කළ; අදහස් දක්වමින් මේ පෝස්ටු 20 බර කරන්නට- රස කරන්නට උදව් කළ; මොනම විදියකින් හෝ මට සහායවූ සෑම-සියලු දෙනාටම ගොඩාරියක් පිං! 

ඉතිං එහෙම පිං දෙමින් අලුත් ආරම්භයකට පිය නඟන්නට අවසර෴

16 comments:

  1. රිදියගම නෙමෙයි අයියා රිදීගම. අපේ ගෙදරට ටිකක් විතර එහා.

    මේක නවත්තනවාට නම් මම කැමතිම නැත.

    මටත් වැඩේ පටාන් ගන්න ඕනි හැකි ඉක්මනින්ම. මාව පරයා බඩ ඉස්සරහට එනව මේ දවස්වල.

    ReplyDelete
  2. මං රිෆර් කළ තැන වැඩි හරියක තිබුණේ රිදියගම කියලයි. මට හිතුණේ මාතලේත් රිදීගමක් තිබුණු නිසා මේක වෙන එකක්ය කියලා. දැන් මට පෙන්නේ මේ ඒ රිදීගමම වගෙයි. හරිද මධූ? ඔයා ඒ ගං පැත්තේ නිසා මේක පහදලා දුන් හැටියේම නිවැරැදි කරන්නම්!

    ReplyDelete
  3. තව එකක්, බඩ ඉස්සරහට එනවා නම්, හිත තියෙනවා නම් යන්තමට අමාරු වැඩ ටිකක් කියන්නම් කරලා බලන්න.
    වෙරදී බෝනස් එක අවසන් කළාට අත්දැකීම් ලැබෙන හැටියට ලියනවා, හොඳේ.

    ReplyDelete
    Replies
    1. අයිය දන්නවනෙ ඉතිම්. අපි කෙිරන්නෙම අමාරු වැඩනෙ. අනික අයිය දෙයක් කියනවනම් එ්ක වැරදිදෙයක් වෙන්නත් විදියක් නෑනෙ කරලම බලමු

      Delete
  4. It's not the size of the dog in the fight, it's the size of the fight in the dog. - Mark Twain

    Get your facts first, then you can distort them as you please.- Mark Twain

    ReplyDelete
    Replies
    1. Pra Jay,
      ස්තුතියි! තවත් වැදගත් දෙයක් .මට මේ කියමන් දෙකම අහුවෙලා තිබ්බේ නැහැ!

      Delete
  5. මේ ඉතා ප්‍රයෝජනවත් ලිපි මාලාව පලකරාට ගොඩක් ස්තුතියි. මමත් අධික තරබාරුවෙන් පෙලෙන කෙනෙක්. ඔබේ සමහර රෙකමදාරු අත්හදා බලමින් ඉන්නවා. පොඩි ප්‍රගතියක් තියෙනවා.

    ReplyDelete
  6. ඉතාම සතුටුයි යම් තරමක හෝ ප්‍රගතියක් අත් කරගත්තා නම්. උවමනා ඕනෙම විටෙක තොරතුරු අහන්න, ප්‍රායෝගිකව අත්දුටු දේ කියන්නම්!

    ReplyDelete
  7. 'අටම්පහිය' වත්පොත් සමූහයේ පළවී තිබුණු ,මේ ලිපියේ කොටස කියැවූ Chamida Rajakaurana රසිකයාත් කියලා තිබුණා රිදියගම නොව 'රිදීගම' විය යුතු බව. රිදියගම දකුණේලු තියෙන්නේ. හිතවත් මද්දාගේ කමෙන්ටුවෙනුත් මේ වැරැද්ද පෙන්වලා තිබුණු නිසා ඔන්න 'රිදියගම' රිදීගම කරනවා!
    මට හරිම සතුටුයි ඉතා සැලකිල්ලෙන් පෝස්ටුව කියවා වැරදි පෙන්වා දීම ගැන! ඒක මටත්, අනෙක් රසිකයන්ටත් කරන ලොකු ගෞරවයක්.

    ReplyDelete
  8. මාක් ට්වේන් මම කැමතිම රචකයන්ගෙන් කෙනෙක්. පරිවර්තනය කරනවනම් මාක් ට්වේන්ගේ පොත් සෑහෙන තියෙනවා පරිවර්තනය නොවිච්ච. මැරිලා අවු. 70ත් පැනලා නිසා අමුතුවෙන් අවසරය ගන්න ඕනත් නෑ. මම මෑතකදි මාක් ට්වේන්ගේ Adam and Eve's Diary පොත පරිවර්තනය කරා. ඔයත් පරිවර්තනයක් කරන්න පටන් ගන්න.

    ReplyDelete
    Replies
    1. සාධනීය යෝජනාව ගැන ගොඩක් ස්තුතියි මිතිල! ඒත් පොත් ගැන මට ලැබීමක් නැහැ වගෙයි. එක්තරා ප්‍රකාශක මහතෙකු 'හකල්බෙරි පින්' ඇතුළු ගැටවර පිරිස වෙනුවෙන් එඩිට් කර තිබුණු පොත් තනක් මට දුන්නා පරිවර්තනය කරන්න. (මගේ ඉංග්‍රීසි දැනුම අනුව ලොකු වැඩවලට නම් ඇත ගහන්නෙත් නැහැ.)කළා, ටයිප් සෙටින් කරලා සෝදුපතුත් බැලුවා. චිට්‍රත් ඇන්දෙව්වා. දැන් අවුරුදු හත අටකටත් වැඩියි. වැඩේ කෙරුනේ නැහැ.
      තව ඉවර නැහැ. හොඳේ.ටයිප් සෙටින් කළෙත් ප්‍රකාශන ආයතනයක කෙනෙක්. මේ පොත් තුන නොකෙරෙන නිසා, එයාලගෙ ආයතනයේ ලොක්කාට දීලා බලමුද ඇහුවා. හා කියලා දුන්නා. එකත් තවම කෙරුනේ නැහැ.
      දැන් නම් එච්චර දේකට අත ගහන්න තත්වෙක නෙවෙයි ඉන්නේ.
      එක නෙවෙයි. ඔයාගේ පොත පළ කළාද? එහෙම එකක් ගැන මං දැක්කේ නම් නැහැ!

      Delete
    2. මේ දවස් ටිකේ සෝදුපත් කියවමින් යන්නෙ...

      Delete
  9. නිදුක් නිරෝගී ව දිර්ගායු සම්පත් ලැබ දැනුම විනෝදය සහ අත්දැකීම් වලින් පිරි බ්ලොග් ඉදිරිපත් කිරීමට ධෛර්ය හා ශක්තිය ලැබේවායි පතමි

    ReplyDelete
    Replies
    1. සුබාසිරි පැතුමට ගොඩාරියක් ස්තුතියි, town arachchi mahaththayo!

      Delete
  10. මගේ බිරිඳගේ මවත් පිළිකා ප්‍රතිකාර ගෙන දැනට රෙමිෂන් තත්වයේ ඉන්නව නමුත් දිගටම බෙහෙත් අර ගන්නව. කට පරිස්සම් කරගෙන ඔය උපවාස වැඩේ මට කරන්නම බෑනෙ කෙරුවොත් වෙන්නෙ :

    - අධික කුසගින්න නිසා නිතර ෆ්ලවර් ජම්පින් වීම
    - ෆ්ලවර් ජම්පින් වීම නිසා ලේ වතුර වීම
    - වැඩක් කරන්නට නොසිතීම සහ අලස බව
    - නොකා හිටියාට වැඩි ප්‍රමාණයක් නැවත කෑම

    ReplyDelete
    Replies
    1. ඔයා නොවැම්බරයේ ආවාම කතා කරමු. tips ටිකක් දෙන්නම්.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්