li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, September 12, 2019

හරෝහරා! - නවවෙනි කොටස


“උප්පුරවි උයන්නේ පරිප්පුත් දමලා. ඒවා උයනකොට ලුණු දාන්නේ නැහැ. උප්පුරවි ලුණු රහ නිසා. පස්සේ මදි නම් විතරක්....”

ඒ දමිළ අම්මලාට තිබුණු ඉවසිල්ල... නිස්කාන්සුව. 

ඔවුන්ට කිසිම හදිසියක් තිබුණේ නැත. Targets තිබුණේ නැත. නාඳුනන, දමිළ බස  නොවැටහෙන සිංහල මට වැටහෙන විදියට ඒ සේරම දෙමළ බසිනුත්- ඉඟිබිඟි හා හස්ත මුද්‍රාවෙනුත් කියා දෙන්නට ලැබීම ගැන සතුට පමණය ඔවුනට තිබුණේ!

ඒ අම්මලා එච්චර කරුණාවන්ත වුණත්, ඒ කරුණාව දිගටම දරා ගන්නට මට බැරිවිණි. ‘කෝ අපේ පස් දෙනා? ඉස්සර වෙලා යන එකේ මේ යක්කුන්ට ලකුණක්වත් තියලා යන්න බැරිද?’

ඒ නිසාය අර අම්මලා ඉසුඹු ලද්දී වුණත් මට වාඩි වෙන්නට බැරි වුණේ. 

අනෙක් කාරණාව පිටේ එල්ලාගෙන හිටි බෑගයයි. ඒ මඟුල් බෑගයේ කෑම ජාති එකක්වත් තිබුණේ නැත. අර මොට්ටයන් පස් දෙනා මඟ හැරුණෝතින්...... 
තවත් දවස්  තුනක් යන්නට වෙන්නේ හාමතින් තමාය.

ඇත්තටම අනෙක් වන්දනාකරුවන්ට නැති කඩි කුලප්පුවකි අපට තිබුණේ! (foto-කසුන් ප්‍රියලාල්)
ඉතින් ගියා.... ගියා.... ගියා තමා. හරියටම උදේ 9.30ත් පහු වෙන තුරු! පැය තුනක් විතර!!

පුරුදු නැති ගමනක. පළමුවෙනි වතාවට. දැන් පාරේදී වෙනින් බැතිමතුන් හමුවන්නෙත් අඩුවෙනි. අව්ව සැරවෙන්නට කලින් හැකිතාක් දුර ගිහින් නැවතෙන එකය එයාලගෙ සිරිත.

ඒ වෙද්දී මං, මගේ සපත්තු දෙකත් ගලවාගෙනය. කකුලක කටුවකුත් ඇනිලාය. 

‘අම්මට සිරි.... අර තියෙන්නේ වැටිච්ච ගහක්. බෑග් එක ඒකෙ උඩට හිටින විදිහට බිමින් වාඩි වෙනවා. එතකොට බෑග් එක ගලවන, ආයේ දාගන්න ප්‍රශ්නේ එනවයැ?’ 
Idea එකට පින් දිදී ගිහින් එතැන වාඩි වුණා විතරය! කතා සද්දයක් ඇහෙයි!!

මං වාඩිවී හිටියේ වංගුවකය. හඬ එන්නේ ඉදිරියෙනි. ‘අපේ වාහෙලත් මේ හරියෙදීම නැවතිලාද?’

මගේ කකුලෙත් යක් කටුවක් ඇනිලාද කොහෙදය! (foto-කසුන් ප්‍රියලාල්)
මම බැරි-බැරි ගාතේම නැඟිටගත්තෙමි. වංගුවෙන් ඉදිරියට පිය නැඟුවෙමි. “දෙයියනේ....”

එතැන හිටියේ අපේ නඩය නොවේ. හමුදා භටයන් කිහිප දෙනෙකි. ඔවුහු කඩිසරව පස් කන්දක් ගසමින් සිටිති. ඒ plastic වතුර ටැංකියක් තබන්නටය. එක්කෙනෙක් දත්බෙහෙත් ටියුබයක් මිරිකමින් ඒවායින් ‘බොන වතුර’ කියා පොල්ගෙඩි අකුරෙන් ලියමින් උන්නේය. 

මම අපේ පස් දෙනා ගැන කියා, එහෙම පිරිසක් දැක්කාදැයි ඇසුවෙමි.

“සිංහල අය නං දැක්කෙම නැති තරම්.... ඔය කියන විදිහේ පස්දෙනෙක් ගියා නම් යන්න ඇත්තේ පාන්දරින්ම තමා.”

මම බෑගය උරහිසින් පන්නා දමා එතැනම, ටිකක් ඈතින් තිබුණු ගහක් හෙවණේ බිම දිගා වුණෙමි. 

“එහෙනං මේ යක්කු තවම එනවා. ඒත් මෙච්චර පරක්කු? කොහොමද මට වැඩිය එයාලා පහු වුණේ? හොඳ ගමනක් ඇවිත් කේන්ති ගත්තට දෙයියොත් අමනාප වෙලාවත්ද? තරහෙන්ම පිටත් වුණා මිසක් අතු  කෑල්ලක් කඩලා එල්ලුවෙත් නැහැ. තින්නෝරු ටිකක් ගාගත්තෙවත් නැහැ....”

ඒරෝප්පෙදී වුණත් වැඩක් වැරදුණාම Oh God කියන්නේ දෙවියන් මතක් වෙන නිසා නේද?
මිනිසුන්ට දෙවියන් මතක් වෙන්නේ යමක් වැරැදුණාමය; පිහිටක් ඕනෑ වුණාමය. ‘Oh God!’ කියලාත් යස අගේට කියන්නේ. මටය කියලා වෙනසක් නැත. ඒ වෙලාවේ දහසක් දේවල් කල්පනා වුණේය. 

යාල block 2 ඉසව්වේ ගහක් යට වැතිරී සිටියදී, දාහක් දේවල් හිතට එද්දී කොහොම ඒවා නවත්තන්නද?

පහුගිය කොටසේදී තින්නෝරු ගැන කිව්වා මතකද?

බ්ලොගය නිසා මාත් එක්ක ඉස්සෙල්ලාම මිතුරු වුණු ‘කොළොම්පුරේ’ අසංග රණසිංහ ආරච්චි හිතවතා ඒ පෝස්ටුවට කමෙන්ටුවක් දමමින් අගනා link එකකුත් එවා තිබිණි. ලින්ක් එක The Sunday Times පත්තරයේ තිබුණු වාර්තාවක එකකි.

‘කතරගම ඇසළ පෙරහරට මාස කිහිපයක් තිබියදී හුණුකැටවල හෙවත් තින්නෝරුමලේ හෙවත් විභූතිකන්දේ තින්නෝරු කැණීම් ඇරඹෙයි. 
ඒ මැයි, ජුනි මාසවලදීය.

වසරේ මැයි, ජුනි මාසවලදී තින්නොරු කැණීම් ඇරඹෙයි!
පෙරහර සමයේ බැතිමතුන්ට අලෙවි කෙරෙන තින්නෝරු කුඩු, කඳ සුරිඳුන්ගේ ආශීර්වාදයෙන් පහළ වෙතියි විශ්වාස කෙරේ. 

ඇසළ පෙරහර අවසන්වී තුන් මසකින් මේ තින්නෝරු නිධි නොපෙනී යාම විශේෂ කරුණකි!’ යනුවෙන් ඒ වාර්තාව කියයි. අදාළ ඡායාරූපත් තිබුණේ ඒ වාර්තාවෙමය. 
අපේ රසිකයන් වෙනුවෙන් ‘ද සන්ඩේ ටයිම්ස්’ පත්තරයටත්, අසංග රණසිංහ ආරච්චිටත් ලොකු ස්තුතියක් පිරිනමන්නටත් මෙය සුදුසුම අවස්ථාවයි! ස්තුතියි!!

මේ වෙද්දී අපෙන් හතර දෙනෙකු තුන් වතාවක් එකටම පාද යාත්‍රාවේ යෙදිලාය. 

පීරිස්, නෙවිල්, මර්වින් හා නිදි. නිශාන්ත දෙවතාවකි. සුනිල්, ජයශංඛ දෙන්නා එක වතාව බැගිනි. ඒකෙන් ලොකුම වාසිය විඳින්නේ මේ බ්ලොගය කියවන රසික ඔයාලාය.

හරෝහරා පෝස්ටුව ගොඩාරියක් පරිපූර්ණව, සවිස්තරාත්මකව කියවන්නේ ඔයාලාය. මා ලියන්නේ ගමන් තුනක අත්දැකීම්ය.

පාද යාත්‍රා ගමනට පෙර කුඩුම්බිගල ආරණ්‍ය සේනාසනයේදී පුංචි ශ්‍රමදානයකටත් .............
පළමු ගමන ගැන ලියූ පොතේ අත් පිටපතේ කරුණුත් මෙයට යොදාගන්නා බව මම කිව්වෙමි. ඒ පොතේ සමහර තැනකදී නඩයේ අනෙක් අයටත් ඔවුන්ගේ කෝණයෙන් යම්-යම් දේ ලියා දෙන්නැයි කියන්නට සිදු විණි. එයාලාත් ලියා දුන්හ. මා කළේ ව්‍යාකරණ නිවැරැදි කිරීම පමණි.

මගේ පාන්දර පිටත්වීම ගැන මේ ටික ලියා තිබුණේ අපේ සුනිල්ය.

“වෙලාව 6.30යි. නඩේ ගුරාට තරහ ගිහින් එයා තනිවම ගමනේ යෙදෙන්න තීරණය කරලා. අනිත් අය හරිම නිශ්ශබ්දයි. බෑග් මලුත් පිටේ එල්ලාගෙන එයා පිටත් වෙලා ගියා. පීරිස් මහත්තයා ඡායාරූප ශිල්පී රාජකාරිය පටන් ගන්න හදන්නෙ දැන්.

-“හරි.... පොර වටෙන් ගිහින් එනකොට අපි ගඟෙන් එතෙර වෙමු. ඒකට ඕනෙ තරම් වෙලාව තියෙනවා. එයාට හිනාවෙන්න අපිට හොඳ චාන්ස් එකක් මේ එන්නේ. ටක් ගාලා ලෑස්තිවෙලා ගඟෙන් එතෙර වෙමු.” අයස්මන්ත පීරිස් මහත්තයා කිව්වා.

-මෙතැනදී මේ කාරණාවත් නොකියා ඉඳීම බරපතළ වරදක්. මේ මහ කැලය තුළ අයියා තනිව ගමන් කිරීම කිසිසේත් අනුමත කළ  නොහැකි වැඩක්. වන සතුන් හිටියොත්?

අපටත් හෙරළිගස්ආරටම ගිහින් එගොඩ වෙන්නට සිදුවිය. (foto-අනුර පල්ලිමුල්ල) 
-අපේ සැලසුම අසාර්ථක වුණේ අප නොසිතූ විලසිනි. කඹය ගැලවීම නිසා අපටත් අයියා ගිය මඟ දිගේම යන්නට සිදුවිය.අමතර කිලෝ මීටර් ගණනාවක්. පරක්කුවී පිටත් වුණු අපි කඩිනම් කළෙමු. අයියා කොහෙ ඇතිද?

-කුඹුක්කන් ඔයෙන් එගොඩ වුණු තැන සිට මඟ සුදු වැල්ලෙන් ගහණය. වැලි තල මත විශාල කොටියෙකුගේ හා පැටියෙකුගේ අඩි සලකුණු නිශාන්ත අපට පෙන්නුවේය.

-අමාරුවෙන් නමුත් අපි ගමනේ වේගය වැඩි කළෙමු. නඩේ ගුරාගේ ලකුණක්වත් තවම නැත. මිනිහාව ඉක්මනින්ම හොයාගත යුතුය. අපට ඔහු හමු වුණේ උදේ දහයයි තිහටය. හොඳට අතපය දිග ඇරගෙන අයියා විවේක ගනිමින් හිටියේය. අව්වේ කර වෙවී ආවේ අපය. මේ මිනිහා පැය හතරක් තනියමය. නරකත් නැත. ඒත් අප දමා තනියම ඒමෙන් අයියා කළේ වරදකි.”  

මේ අයස්මන්ත මහත්තයාගෙ ලියවිල්ල.

දෙමළ අය පා ගමනට එන්නෙ භක්තියෙන්...(foto-ගිහාන් වික්‍රමසිංහ)
“සිංහල මිනිස්සුන්ට පිස්සුද? දෙමළ අය පා ගමනට එන්නේ භක්තියෙන්. වන්දනාවක..... අපේ මිනිස්සු ආතල් ගන්න. ලොකුකම පෙන්නන්න. 
අපට ටිකක් එහායින් ටෙන්ට් එක ගහගෙන හිටි තඩියගෙ නඩේ ගඟ ළඟ ඩියුටි හිටි අයට පොර ටෝක් දීල. 
'ඇයි අපිට මෙතැනින්ම එගොඩට යන්න බැරි. එහෙනම් මොකටද මේ ලණුවක් ඇදල තියෙන්නේ?’ මිනිහා අහලා.

-ගඟ ළඟ ඩියුටි කරපු සෝල්ජර්ස්ලට අම්බානකට තද වෙල. ලණුව ගලවල. ‘කාටවත්ම මෙතනින් යන්න දෙන්නෙ නැහැ. යනවා, හෙරළිගස්ආරට ගිහින් එගොඩ වෙනවා’ කිව්වලු.

-නිමලයා ගිහින් ගොඩක් වෙලා. හරි වැඩේ. වටයක් ගහල යද්දී අපි සෑහෙන්න පරක්කු වෙයි..... අපිටත් නිදි ළමයා ගිය පාරෙමයි අදින්න වෙන්නෙ.... මාර අප්සෙට් එක......”

එයාලා මා නැවතී හිටි තැනට ආවේ දහයයි තිහත් පහුවෙලාය. ඒ ඇවිත් ටිකකින්ම දිල්හාන්ලාත් එතැනට ආවෝය. තරුණ පිරිසක්වූ ඔවුනුත් පෙරදා රාත්‍රියේ කූඩාරම අටවාගෙන හිටියේ අපට ආසන්නයෙනි. 

“අපි තේ හදනවා.... ටිකක් ඉඳලා බීලා යන්න.” මම කීමි.

දවසෙන්ම කිලෝ මීටර් 10 ඉක්මවීමේ දිල්හාන්ලගේ ඉලක්කය............
දිල්හාන්ලගෙ ඉලක්කය වුණේ දවසෙන්ම කිලෝ මීටර් සීය ඉක්මවීමයි; රෑත් ගමනේ යෙදී හෝ. 
පළමු දවසේ මඩමේතොටෙන් එගොඩ වෙන්නට කිසිවෙකුට අවසර තිබුණේ නැති නිසාය, ඒ ඉලක්කය හරි නොගියේ. “අද කොහොම හරි ඉතිරි හරිය අදිනවා!” තේ බීලා පිටත් වෙන්නට හදද්දී ඔවුහු කීහ.

“කෝ ඔයාලගේ යාළුවා.... අරා?” මං එහෙම ඇහුවේ ඒ නඩයේ උන් ලොකුම කතාකාරයා දකින්නට නොහිටි හින්දාය.

“පොර අපේ යාළුවෙක් නෙවෙයි. යාළුවෙක්ගේ යාළුවෙක්. 
කට තමයි. ඌට ඕනේ හෙමින් එන්නලු.... අපි දාලා අවා. 
අහම්බෙන් අපිට ප්ලග් වුණා වගේ තව කට්ටියකට plug වෙයි.”

අපි එතැනම නැවතී දවල්ට උයා-පිහාගන්නට තීරණය කළෙමු. ‘අරා’ ආවේ එතකොටය. “අන්න යාළුවො නම් ගියා, දැන් ටිකකට ඉස්සෙල්ලා.”

කොල්ලු කාපු අස්සයෝ වගේ ඔහෙ දුවනවා...........
“උන්ට පිස්සු අයියා. කොල්ලු කාපු අස්සයෝ වගෙ ඔහෙ දුවනවා. foto එකක් ගන්නෙ නැහැ. සීනරි එකක් enjoy කරන්නෙ නැහැ.” මැසිවිල්ලක් කියාගෙන, අප උන් තැනින්ම දිගාවුණු මිනිහා දවස් දෙකක්ම අපට plug වුණේය.

එහෙම චරිතත් කලාතුරකින් හරි පාද යාත්‍රාවේ යෙදෙනවිට හමු වෙයි!

දැන් පණ්ඩිතකම් කියෙව්වත්, ඇත්තම කියන්නට ඕනෙය. 
මිනිහා මාව නම් නියමෙටම ඇන්දුවේය! 

පීරිස්ලා ඒකට කියන්නේ ‘නිමල් අයියා සමහරුන්ව දැක්ක ගමන් ප්‍රේමෙන් වෙළීගෙන- වෙළීගෙන යනව. ගිහින් ඇඳගන්නවා’ කියලාය. හැබෑය, අරාත් ඉතා ප්‍රියමනාප තෙපුල් ඇති, ප්‍රසන්න තරුණයෙකි. එහෙම මිනිහෙකුට කපටියෙකු- බොරුකාරයෙකු වෙන්නටත් පුළුවනිද?

අරා ඇවිත් තිබුණේ කෑම-බීම ගැන සූදානමක් නැතිවම වගෙය. 

එහෙම යමක් තිබුණත්, ඒවා එළියට ගන්නට නැත්තේ අපේ නඩයේ හය දෙනෙකු හිටි නිසා වෙන්න ඇති! කොහොම නමුත් මනුස්සයාගේ ‘වදනින් කෙරුණු සතර සංග්‍රහ වස්තු පරිභෝජනය’ නම් හරිම ඉහළය. එයාත් කැමරාකාරයෙකි.

අයියා බලන්නකො මගේ ෂොට්ස් කොහොමද කියලා...........
“ඔන්න බලන්න අයියා, මගේ ෂොට්ස් කොහොමද කියලා. කොළඹ ගිය ගමන් මං අයියට මේ ගමනේ පින්තූර සේරම cd එකකට දාලා දෙන්නම්කො!” 

අරා එහෙම පොරොන්දුවකුත් දුන්නේය.

කොළඹ ආවාට පස්සේ මනුස්සයා එකම-එක වතාවක් මට පිළිතුරු දුන්නේය. ඒත් තවමත් අර cd එක නම් ලැබුණේ නැත.

ඒත් මොකෝ? අරාගේ මඟින් මට තවත් නුවණක් දෙන්නට ගණේෂ උත්තමයා හිතුවා වෙන්නට ඇතිය. ‘පෙනෙන පෙනුමෙන්ම මිනිස්සු මනින්න එපා දරුවා! බුදුහාමුදුරුවෝ ‘වචීපරම’ කියලා මිත්‍රයන් කොටසක් ගැන දේශනා කරලා තියෙනවා නේද?’ 

ගණ දෙවියන් මට කියන්නට ඇත; නුවණ දෙන්නට try කරන්නටත් ඇත.

නුවණ අනෙක් හැම දෙයටම වැඩියෙන් වටිනා නිසාදෝ ......... 

'ප්‍රථමංච යනුවෙන් ගණ දෙවියන් හඳුන්වයි. “ප්‍රථමයෙන් වැඳිය යුතු” යන්න සිංහල අරුතවේ. පූජා වට්ටියක පොල් ගෙඩිය සැම විටම අයිති වන්නේද ගණ දෙවියන්ටය. ශිව දෙවියන්ට, එහෙමත් නැත්නම් ඊශ්වර දෙවියන්ට මුලින්ම වන්දනා කරද්දී ශිව දේවියන් කීවේ ගණ දෙවියන්ට වන්දනා කර එන ලෙසය.’

ඒ විස්තරය තිබුණේ ‘තරිඳුගේ ලෝකය’ බ්ලොගයේ  
'ගණ දෙවියන්ගේ උපත’ පෝස්ටුවට 2018 නොවැම්බර් 11 වෙනිදා ‘
කලන’ නම් රසිකයෙකු ලියූ කමෙන්ටුවකය.

මට නුවණ ටිකක් දෙන්නටත් ගණ දෙවියන් වහන්සේ try කරන්නට ඇතිය.........
“ඇද්ද තොට? මේකා මහ ලොකුවට අරූව ඔළුව උඩම තියාගෙන ආවා. ඌ ලෝක කපටියෙක් කියලා කිව්වට ඇහුවේ නැහැ. ඔය එව්වේ cd එක.... උගේ පුරුද්දම වෙන්න ඇති ඔහොම කාට-කාට හරි plug වෙලා, පිනට කකා-බිබී ගමන් යන එක.”

අරාගේ කෙරුවාව හින්දා මට කට-උත්තර නැතිවුණු එක ඇත්තය.

ඒත් ඒ හින්දාවත්, ඊට පස්සෙවත් ගමනේදී කෑම-බීමට අවශ්‍ය බඩු ලැයිස්තුව හදද්දී රෙට්ටෙට ගණන් බැලිල්ල මගේ අතින් කෙරුණේ නැත. මේ ගමනේ යෙදෙද්දී, දමිළ බැතිමතුන් වුණත් එහෙම බවය පෙනුණේ! 

ළඟ තියෙන දෙයක් වටේ ඉන්නා අයත් එක්ක බෙදාගන්නට ඔවුන් පැකිළෙන්නේ නැත.

දේව භක්තිකයන්ට පුදනවාය කියන්නෙත් දෙවියන් පිදීමක්ම නේද?

අපි දැන් ළිං තුනට එන බැතිමතුන් හැමෝටම පාන් විස්කෝතුයි, ඔසු පැන් කොප්පෙකුයි, හකුරුයි දෙනවා......... 
“කලින් අවරුදු හයක් මාත් පාද යාත්‍රාවේ ගියා. එතකොට පෙනුණා මේ යාල බ්ලොක් 2 හරිය ගොඩක් අමාරුවෙන බව... 
ළිං තුනට එනකොට හැමෝටම හොඳටම මහන්සියි. මෙතැන නවතින්න බලාගෙන එන්නේ..... මෙතැනට එනකොටම තේ එකක් තිබුණොත් කියලා අපට හිතුණා. 
ඉතින් තවත් කට්ටියක් එක්ක අපි මෙතැන හර්බල් ප්ලේන් ටී දන්සලක් දෙන්න පටන් ගත්තා!” කෙරෙන යහපත් ක්‍රියාවට මිස තම-තමන්ට ප්‍රසිද්ධියක් නොපතන ‘ඖෂධීය තේ පැන්’ දන්සලේ සංවිධායක මහත්තයෙක් අනුර පල්ලිමුල්ල හිතවතාට කියා තිබිණි.

එයාලා ළිං තුන නැවතුමේදී දෙන ඔසු පැන් දන්සල අපූරුය. 
තේ- ඔසු පැන් විතරක් නොවේ, ඔවුහු පාන් විස්කෝතුත් (ඉස්සර කිව්වේ හුළං විස්කෝතු කියලාය. අපට උණක් හැදුණාම බඩගින්න නිවාගන්නට දුන්නේ ලුණු කැඳත්- හුළං විස්කෝතුත්ය!) හකුරුත් බැතිමතුන්ට පුදති!

ඔවුන් එහෙම කරන්නේ- ක්‍රිතිකා පුත්‍ර, පාර්වතී නන්දන, විශාඛ, ශිඛි වාහන, ශක්තිධර හෙවත් ක්‍රෞඤ්චාධාරණ නම්වලටත් හිමිකම් දරන කඳ කුමරුන්ට කරන පූජාවක් ලෙසිනි. 
(හරෝහරා 1 පෝස්ටුවෙදී කඳ සුරිඳුන්ට කියන නම් 84ක් හිතවත් ඔබට හෙළි කළෙමි. දැන්, මේ නම් හයත් සමඟ ඒ ලැයිස්තුව 90ක් දක්වා ප්‍රසාරණය වෙයි!) 

කඳ කුමරුවන් හඳුන්වන නම් 90ක් දැන් ඔබට කියා ඇත!
“නිමල් අයියා කතරගම දෙවියන් අදහනවද?” 
මගේ මිත්‍රයෙකු- ගමන් සගයෙකු වන සාන්ත (කිංස්ලි හේවාගමගේ) මගෙන් ඇහුවේ 2013 දවසකය; පාද යාත්‍රාවේ යන්නට සැරසෙන අතරේය.

“මම අදහන්නෙත් නැහැ. නැත්තෙත් නැහැ. හැබැයි, අදහන අයට ගරහන්නෙත් නැහැ. මම තවම ඒ ගැන හොයනවා!” අදටත් මට කියන්නට ඇත්තේ ඒකමය.

එය මහා ලාචෝරු උත්තරයකි. මටම වුණත් එහෙම හිතෙන නිසා, ‘හරෝහරා අත් පිටපතෙන්’ තව ඩිංගක් උපුටා දක්වන්නට හිතෙයි!

‘නිමල් දිසානායක නමින් කෙනෙක් සිටියි. ඒ නම අසන කෙනෙක් එය එතැනින්ම අමතක කර දමයි. තවකෙක් ඒ නම ගැන, ඒ නම දරන්නා ගැන සොයා බලයි; ඔහු කරන-කියන දේ ගැන විමසා බලයි. එසේ සොයන තරමටය නිමල් ගැන විස්තර දැනගන්ට ලැබෙන්නේ. 
නිමල් ගැන නොසෙව්වොත්, උනන්දු නොවුණොත් කිසිවක් දැනගන්නට ලැබෙන්නේ නැත.’ මේ න්‍යාය දෙවියන් ගැන වුණත් එහෙමම නේද?

අවුරුදු 2500ක් -3000ක් විතර අතීතයේදී, පේරු රටේ කතරක අඳින ලද මේ දැවැන්ත 'නාස්කා' චිත්‍ර.............. 
-දෙවියන්ගේ පැවැත්ම මීටත් වඩා සාඩම්බර එකකැයි මම අදහමි. 
තමන්ව අගයන; අදහන; විශ්වාස කරන දහස් ගණනක් සිටියදී අන්‍යතර පුඟුලන් හමුවේ දර්ශනය වීමට දෙවියන්ට අවශ්‍යද? 
මට හිතෙන්නේ ‘එහෙම ඕනේ’ යයි, දෙවියන්ට නොහිතෙන බවයි!’

පේරු රටේ ආදිතමයෝ ක්‍රිස්තු පූර්ව 500-1000 අතර කාලයේදී, වර්ග මීටර් 450කටත් වඩා විශාල කාන්තාර බිම් පෙදෙසක් පුරා, වැලි මත සුවිසල් චිත්‍ර වගයක් ඇන්දෝය. 
ඒ නාස්කා චිත්‍රයක් ගුවනට පෙනෙන හැටිය; ඉහළ foto එකෙන් පෙනෙන්නේ. 

මේ හපන්කම ඔවුන් කළේ කොහොමද?මොකටද? තවමත් ඒ ගැන ප්‍රමාණවත් පැහැදිලි කෙරීමක් සිදු කොට තිබෙනවාද?

දෙවිවරුන් ඉන්නවාද? දෙවියන් කියන්නේ උත්තරීතර ජීවින් කොට්ඨාශයක්ද?

මට වැටහෙන විද්‍යාත්මක කතන්දර එක්කත් ‘දේව සංකල්පය ගැන’ යම් පැහැදිලි කිරීමක් කරන්නැයි මගේ ‘පණ්ඩිතමානී’ ඔළුගෙඩිය මට අණ කරයි! 
හැබැයි මේ මතය ඛණ්ඩනය කිරීමේ; සුනුවිසුණු කර දැමීමේ අයිතියත් හිතාදර රසික ඔබට තිබේ. එය සහේතුක නම් මගේ මතවාද අතහැර දමන්නටත් මා පැකිළෙන්නේ නැත.

වලාකුළකටත් විද්‍යුත් අරෝපණයක් සිදුවිය හැකිද?
“-ස්ථිති විද්‍යුත් ආරෝපණය! 
මේ යෙදුම මා ඉගෙන ගත්තේ සාපෙළ පන්තියේදීය. 
පනාවකින් හිස පීරා පනාව ඉවතට ගනිද්දී කෙස් ගස් කිහිපයක් උඩට ඉස්සෙනවා දැක තිබෙනවාද? එහෙම වෙන්නේ විද්‍යුත් ආරෝපණය නිසාය. එහෙමය ඒ පාඩමේදී පැහැදිලි කෙරුණේ.

-සියවස් හතරකට-පහකට එහා පැත්තේ සිටි මිනිසුන් රේඩියෝ තරංග, රූපවාහිනී තරංග වගේ දේවල් ගැන දැනගෙන හිටියේ නැත. ඒවා ගමන් කරවන්නට, යළි එක්කාසු කරගන්නට, ඒවා මෙහෙයවන්නට හැකි බව දැනගෙන හිටියෙත් නැත. (රයිකී පෝස්ටුවෙදී මෙවැනි දේවල් හා චිත්ත ශක්තිය ගැන මගේ අදහස් ලියුවෙමි.)   

-කළු ගලක් දෙවියන් යැයි හිතන මිනිස්සු එයට පුදන්නට ගනිති; අදහති; යදිති.

-එවිට සිදුවන්නේ එක්තරා ආකාරයක චිත්ත තරංග රැසක් යටකී කළු ගලට යොමුවීමය. එවිට විද්‍යුත් ආරෝපණයක් සිදුවන්නේ නැතිද? එසේ ආරෝපණය වනවා නම් අර කළු ගල (ආරෝපිත වස්තුවක්වී) යම්කිසි බලයක් ලබාගන්නවා වන්නට බැරිද?

ඒ ආරෝපිත වස්තුව හා ඒකාත්මික වෙන යමෙකුට............
-ඉන්පසු ඒ කළු ගලට යදින කෙනෙකු එය හා සමාධිගත වෙද්දී- සුසර වෙද්දී-  ඒකාත්මික වෙද්දී; ඔහු හෝ ඇය හෝ වෙත එයින් යම්කිසි තරංගයක් නිකුත් වීමට ඉඩක් නැතිද? 

-ඒ තරංගවලට මොනයම් හෝ බලයක් තිබිය නොහැකිද?”

සැමන් මත්ස්‍යයන්ගේ මහා දිග ගමන විද්‍යාවෙන් විස්තර කරන්නට පුළුවන්ද?

ඔවුහු අත්ලාන්තිකාවේ සයුරේ සිට ගංගා ඔස්සේ මිරාමිචි ගඟේ ඉහළම කොටස තෙක් දිගටම පිහිනා යති. එහි සීතල ජල තටාක පතුළේ පුලින තලා මත්තේ බිත්තර දමා ආපසු ගමන් අරඹති.

ඒ මාරක ආපසු ගමනේදීය ඔවුන් දහස් ගණනින් ධීවරයන්ට අසුවෙන්නේ.


බිත්තර පුපුරා බිහිවෙන සැමන් පැටවුන් යන්තම් ලොකුවෙන විට...........
කල් යත්ම බිත්තර පුපුරා බිහිවෙන සැමන් පැටවුන්, මඳක් වැඩුණු පසු ගංගා දිගේ පහළට; මුහුදට පිහිනා යති.

මුහුදේ හැදී-වැඩුණත් උන් බිත්තර දමන්නට යන්නේ ජන්ම භූමියටමය. උපන් අඩවියටමය! 

පහළ ගලන ජල දහරාවන්ට විරුද්ධ අතට; උඩුගං බලා යා යුතු ඒ මාර්ගය ඔවුනට කියා දෙන්නේ කවුද? කරදියෙන් මිරිදියට කෙරෙන මේ සංක්‍රමණය සඳහා කාලයෙන් කාලයට ඔවුන් මෙහෙයවන්නේ කුමන බලවේගයක් විසින්ද?

ඔන්න ටිකාක් හිතන්නට විරාමයක්!


16 comments:

  1. //ඒ දමිළ අම්මලාට තිබුණු ඉවසිල්ල... නිස්කාන්සුව.//
    ඒකවත් ආදර්ශයට අරගෙන කට්ටිය එක්ක කේන්ති ගන්නේ නැතිව යන්නයි තිබුනේ.

    ReplyDelete
    Replies
    1. එක නේන්නං සෑම්. එහෙම තමා කෙරෙන්න ඕනේ, ඒත් මං අයිති වෙන්නෙත් දැන-දැනත් සමහර වැරදි කරන මෝඩයන්ගේ ගණයටනේ.

      Delete
  2. කාලයකට ඉස්සර කියවු සිව්දෙස සගරාවේ තිබුනා තින්නොරු ඇතිවුනේ රාම රාවණා යුද්දයේදි මිය ගිය රාමගේ සේනවාට පන දෙන්නට හනුමා විසින් හිමාලයෙන් ගෙන ආපු ඖෂධ වනය රාවණා විසින් ගිනි තැබිමක් නිසායි කියලා. රාම සැරය වැනි ආයුධ වලින් සතුරන් සුන්නද්ධුලී කලේ එවා නෂ්ටික බලැති ආයුධ බවයි. මේ තින්නෝරු වල තියෙන්නෙත් දැවුනු ශාකමය කොටස් බවත් එවා දැවි තිබෙන්නේ ශක්තියකින් බවත්ය. මේ කතාව ඇත්තද බොරුද කියන්න දන්නේ නැත.
    හැබැයි සැමන් මාලුවන් බිත්තර දාලා ආපහු මුහුදට යන්නේ නෑ. උන් එතැනම මියැදෙනවා. උන්ගේ සරිර කොටස් කාලා තමයි පොඩි පැටවුන් ලොකු මහත්වෙනනේ.

    ReplyDelete
    Replies
    1. මහා භාරතයේ කුරු-පාණ්ඩව යුද්ධයේදීත් කියවෙන අවි-ආයුධ නූතන අවිවලටත් වඩා විනාශකාරී- සංකීර්ණ ඒවා වගෙයි නේද අසංග? ඒවා පරිකල්පනයමද කියලාත් හිතන්න අමාරු තරම්.

      ඉතිහාසයේ තොරතුරුවලින් විතරක් නෙවෙයි අද ප්‍රවෘත්තිවලිනුත් ඇත්ත-නැත්ත තෝරාගන්න කොච්චර අමාරුද?

      Delete
  3. හැක්.. එහෙනං කට්ටියටත් නිමල් අයිය ගිය පාරෙම එන්න වෙලා. ඒකෙන් උනේ අයියට රෙස්ට් එකක් ගන්න හොඳ අවස්ථාවක් ලැබිච්ච එකයි.

    ඔය වගේ ගමනකදි දමිළ මිනිස්සුන්ගෙ හැසිරීම සිංහල අයට හාත්පසින්ම වෙනස් එකක් කියලයි මට හිතෙන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඇත්තමයි ප්‍රසන්න, ඔයා හරි!

      දෙමළ ජාතිකයන් මේ යන්නේ පිරිපුන් වන්දනාවක. හරියටම කිව්වොත් අපි වුණත් එහෙම නෙවෙයි, විශේෂයෙන් මං!

      Delete
  4. //“මම අදහන්නෙත් නැහැ. නැත්තෙත් නැහැ. හැබැයි, අදහන අයට ගරහන්නෙත් නැහැ. මම තවම ඒ ගැන හොයනවා!” අදටත් මට කියන්නට ඇත්තේ ඒකමය.//

    දෙයියෝ ඉන්නවාද නැද්ද ප්‍රස්නවක් නැත. ඉන්නවා නම් ඇයි මේ තරම් තක්කඩියන්ට තමන්ගේ නම විකුනලා අහිංකයන් හූරා කන්න දෙන්නෙ?
    මට තියන එකම පුස්නව මේකය.

    ReplyDelete
    Replies
    1. මධු, මට නම් ඔයා අහන ප්‍රශ්නයට කියන්න තියෙන්නේ කරුණු දෙකයි. තමන්ගේ නම විකුණාගෙන කන අයට, හොරුන්ට, තක්කඩියන්ට වුණත් දඬුවම් කරන්නේ දෙයියන්ටත් හිතුණු වෙලාවක වෙන්නැති. දෙවියෝ කියන්නෙත් ප්‍රාණීන් කොටසක් නම්!!

      වැඩිම දෙනා පිළිගන්නා විදියට හින්දු, ක්‍රිස්තියානි, බෞද්ධ, මිසදිටු, සම්දිටු කොයි ආගමික කතාන්දරවල වුණත් නිරූපිත දෙවිවරුන් මනුස්ස ගති සොබා ඇති- අබල දුබලකම් ඇති අයම නේද? හොඳට විමසිල්ලෙන් බලද්දී මට නම් පෙනෙන්නේ එහෙමයි.

      කඳ සුරිඳුන්ම බලන්නකෝ. පළමු බිරිය තනිකර සංසාරගත ප්‍රේමයක් සොයා එනවා. තමන්ට උදව් කළ පිරිසක් නිසා සිංහල ජාතික කපු මහත්තුරුන්ට විතරක් තේවාව පවරනවා. උදව් නොකළ දෙමළ මිනිසුන් කිහිප දෙනෙක් නිසා ඒ ජාතියටම ස්වයං දණ්ඩන පනවනවා. මේවා විශ්ව සාධාරණ ක්‍රියාද?

      (මගේ පිළිගැනීම) දෙවියන් කියන්නේ 'ආරෝපණයෙන් එක්තැන්වූ බලයක් වැනි' දෙයක් නම් එයින් දඬුවම් දෙන්නට බැහැ නේද? කවුරුන්වත් තමන්ටම දඬුවම් දෙන්නැයි ඉල්ලන්නෙත් නැහැනේ.

      Delete
    2. එහෙම අය මත්තෙ අපේ අය මැරෙන්න යන එකන අයි්ය අවුල

      Delete
    3. ඒක මධූ, එක-එක්කෙනාගේ බුද්ධිය අනුව වෙනස් වෙනවනේ!

      බුදු සමිඳු පවා බණ කියන්න ගියේ නැහැනේ හැමෝටම.

      Delete
  5. https://www.wanderlust.co.uk/content/giant-chalk-hill-figures-england/

    http://marinesciencetoday.com/2013/02/13/how-do-salmon-find-their-way-home/

    https://www.adn.com/alaska-news/2016/05/22/how-do-salmon-find-their-home-stream-maybe-by-hanging-out-with-the-right-crowd/

    //එසේ ආරෝපණය වනවා නම් අර කළු ගල (ආරෝපිත වස්තුවක්වී) යම්කිසි බලයක් ලබාගන්නවා වන්නට බැරිද? //

    සමහරවිට වෙන්න පුලුවන්. "වෙන්න පුලුවන්" කියන්නේ අනිවාර්‍යයෙන්ම වෙනවා කියන එක නෙමෙයි. එයට අමතරව වෙන්න පුලුවන් සම්භාවිතාව ලොකුද පොඩිද බලන්න ඕනෑ. වෙන තියරීස් තියනවද තියනවද බලන්නත් ඕනෑ. වෙන්න නොපුලුවන්ද බලන්නත් ඕනෑ. වෙනවානම් එක යමෙකුට හෝ යමකට බලපෑමක් කල හැකි පමණට වෙනවාද කියා බලන්නත් ඕනෑ. වෙන්නේ මොන ක්‍රමයකටද හා නොවෙනවානම් වෙනවා වගේ පේනවාද කියා බලන්නත් ඕනෑ.
    ප්‍රශ්නෙ තියෙන්නේ "වෙන්න පුලුවන්" තියරීස් ඔප්පුකල නිගමනයන් ලෙස ගෙන එයමත තවත් තියරීස් පටවා අන්තිමේදී අදහන ගාණට විශ්වාසයන් ගොඩනැගීම.
    http://www.dangreller.com/weak-evidence-folklore-pseudoscience-and-superstition/

    ReplyDelete
  6. ගොඩාක් ස්තුතියි Pra Jay.

    ඔයාගේ කමෙන්ට් එක වගේම ලින්ක්ස්වලිනුත් හුඟාක් දේවල් හිතන්නට, විමර්ශනය කරන්නට පොළඹවනවා.

    මට හැඟෙන විදියට නම් තවමත් මා ස්ථිර නිගමනවලට එළඹ සිටින කෙනෙක් නෙවෙයි! ඒ නිසාමයි මට මේවා වඩාත් වැදගත් වෙන්නේ.

    ReplyDelete
    Replies
    1. සම්භාවිතාව තමයි වැදගත් . උදා: කවුරු හරි කිව්වොත් මට මං මේ පිං කැටේට රු 5ක් දැම්මොත් අනිවාර්‍යයෙන්ම මට හෙට රු 10,000/- ක ලොතරැයියක් ඇදෙනවා කියලා මාත් ඉතින් තියනවනම් රු 5ක් දායි.
      රු 500ක් දාන්න හෝ බෝධිපූජාවක් , සුරයක් වගේ කරදරවෙන්න වෙනදෙයක් කරන්න කිව්වොත් මං කරන්නේ නෑ. ඒ මං විස්වාස නොකරන නිසා. වෙන්න පුලුවන් සම්භාවිතාවක් තිබීම විස්වාස කිරීමට හේතුවක් නෙමෙයි

      Delete
    2. කොච්චර විදුහුරුව හිතනවා කිව්වත් මගේ මොට්ටකම පේන්නෙ මේ වගේ වෙලාවට. ඇත්තටම සම්භාවිතාව කියන එකට මගේ චින්තනයේ තියෙන්නේ හරිම අඩු ඉඩක්, Pra Jay මහත්තයෝ.

      ඉස්සරහට හරි එහෙම හිතන්න අදිටන් කරගත්තා! මාව එතනට තල්ලු කළාට ගොඩක් ස්තුතියි!!

      Delete
  7. විමලරත්න කුමාරගමගේ කවියක් මතක් උනා

    "සන්හිද ලඟ බාරයට කිරි ඉතිරීම
    කෙම්මුර දවස්වල පහනින් සැරසීම
    වන අතු කඩා ගස් දෙබලක දැවටීම
    මා නොකෙරුවත් නොකලෙමි එය ගැරහීම"

    ReplyDelete
    Replies
    1. චමි, කුමාරගම මහත්තයාගේ මම කැමතිම කවියක් ඔයා මතක් කළේ!

      හැබැයි, මාව හොඳටම සසල කළ කවිය 'හේරත් හාමි' එකේ මේ කවියයි.

      නැගණිය මළ විටදී දොස්තර සමඟ ගොසින්
      ඇගෙ කය කපන ලදී හේරත් හාමි විසින්
      බැන්නත් ඔහුට මේ ගැන ගම නරක බසින්
      ඔහුහට වැඩක් නැත ලොව ඇති මිහිරි බසින්

      ඒ තමයි කවියෝ!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්