li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, October 14, 2019

දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස

රාජමනි අංකල් කියවීමටත් හුරු වූවෙකි. ‘කියවනවා’ කිව්වම දෙකමය. 

පොත-පත කියවීම එකය; කා සමඟ හෝ කතාවට වැටිලා කියවීම දෙකය. රෝද පුටුවකට සින්නවී, තනිවම ඉන්නා මිනිහෙකුට ඉඩක් ලැබුණු වහාම ආලාප-සල්ලාපවලට යොමුවීම වැරැද්දකුත් නෙවෙයිනේ. ඊටත් බොහෝ ඇසූ-පිරූ තැන් ඇති කෙනෙකුට.......... දැනීම update කරගන්නා කෙනෙකුට.
කියවීම කිව්වාම පළමුවැන්න පොත-පත කියවන එකය. දෙවැන්න........
ඇත්තම කිව්වොත් දැනීම යාවත්කාලීන කරගැනීම අතින් අංකල් හිටියේ අපට වඩා ගව් ගණනාවක් ඉස්සරහිනි! එහෙම කෙනෙකුගේ කෝච්චියට අහුවීමත් එක අතක වාසනාවකි.

දිනපතාම ගන්නා Daily News පත්තරය හැරුණුවිට වෙනත් පොතක්-පතක් මිලදී ගන්නට තරම් බරැති පොකැට්ටුවක් අංකල්ට තිබුණේ නැතිවා විය යුතුය. ඕස්ට්‍රේලියාවේ හිටි අක්කා කියවන Women’s Day සඟරා අංකල්ට එවන්නට ඇත්තේ, ඒ අඩුව පුරවන්නට විය යුතුය.

අංකල් ඒ සඟරා කියෙව්වේ නැතිකමට වගෙය. එහෙම ඒවා කියවන අංකල් මටත් ඒ සඟරා දුන්නේය. 

මගෙන් පස්සේ ලංකාවේ හිටි අක්කාටත්!

ඒ සඟරා නිසා මා සොයාගත් එක කාරණයක්; කුකරි රහසක් හැම දෙනාටම කියා දෙන්නට වටියි!

ඒ සඟරා නිසා මා සොයාගත් කුකරි රහසකුත් හිතවත් ඔබට කියා දෙන්නට ..........
සඟරාවේ එක පිටුවක් පුරා කෑම වට්ටෝරුවක් තියෙනවාමය. පිස්සු වට්ටන ෆොටෝස් ගොඩකුත් එක්කම. 

පුළුවන් ඒවා මමත් අත්හදා බැලුවෙමි. 

ආසියාතික සුප් වට්ටෝරුවක Lemon Grass කියලා එකකුත් තිබුණේය. මං කළේ ගුණපාල මලලසේකර මහත්තයාගේ ඩික්ෂනරිය පෙරළීමය. ලෙමන් තිබිණි. ලෙමන් ග්‍රාස් නැත. අංකල්ගෙනුත් ඇහුවාමය කාරණය කිව්වේ!

“Lemon Grass කියන්නේ සේරවලටනේ නිමල්!”

මස් උයනවා නම්, මට ‘සේර’ නැතිවම බැරිය. 
කිහිප වතාවක්ම සේර පඳුරක් වත්තේම වවාගන්නට හැදුවත් හරි ගියේ නැතිය. ඒකත් ඔළුවේ තියෙද්දී ලෙමන් ග්‍රාස් හින්දා මට අලුත් අයිඩියාවක් ආවේය. 

දන්නවානේ මාත් ‘දිසානායක් හේවගේ’ අයිඩියානන්ද පරම්පරාවේ ජානවල උරුමක්කාරයෙකු බව

ඉතින්, මේ ලියන මං කළේ අත්හදා බැලීමක් කරන එකය! ලෙමන් ග්‍රාස් වෙනුවට .....
මා කළේ අත්හදා බැලීමකි. සේර වෙනුවට දෙහි- ලෙමන්- හීන් නාරං කොළ යොදමින් බැලීමය. තුනම ගැළපෙයි! හරියටම හරිය!! ඔන්න ගුරු මුෂ්ටි නැතිවම කියා දුන්නාය.
  
වුමන්ස් ඩේ සඟරාව නිසා මගේ ඉංගිරිසියත් ටිකාක් විතර දියුණු වුණේය. 

ඇස් කඩා හැලෙන පිංතූරත් එක්කම තියෙන වල්පල්-ඕපාදූප....  ඒවා කියවන්නට පොළඹවන සුලුය. 

(‘ධම්මපදයෙන් ඉගෙනගත්’ අත්තානං උපමං කත්වා- තමා උපමා කොට සිතා වැඩ කරන එක මගේ පුරුද්දය.)   

නිදිගෙ පංච තන්තරේ හැඩවෙන්නේ; යහමින් පින්තූර යෙදවෙන්නේ මගේ රුචිය හිතාදර රසික ඔබෙත් රුචිය වේයැයි හිතාගෙනය. 
මගේ බ්ලොගය වැටී තියෙන්නේ Visual Story Teller ගණයටය. 

මං කියන්නේ මගේම ජීවිත කතන්දරය වුණත් ඒකත් එක වර්ගයක කතන්දරයක්ම තමාය.
ගත යුතු දෙයක් තිබෙයි නම් කොතැනින් හෝ එය අරගැනීමට මා පැකිළෙන්නේ නැත. එතැනදී මට ගුරුවරයා වෙන්නේ රාහුල පොඩි හාමුදුරුවන් වහන්සේය. 

ගිහි කාලයේදී, සිදුහත් කුමාරයාගේ පුතනුවන් වුණාට රාහුල හාමුදුරුවෝ ආඩම්බර වුණේ නැත. හැමදාම උදේට, වැලි අහුරක් අතට ගෙන උන්වහන්සේ අධිෂ්ඨානයක් කළාලු. ‘මේ වැලි කැට තරම් අවවාද ගොඩක් අද මට ලැබේවා!’ කියල. 

නුවණැති අය එහෙමයි..... නුවණ නැති අය මෙහෙමයි!
  
පොඩ්ඩක් බලන්නකෝ... අපේ නුවණ නැති නොට්ටිගෙ පුතාලා.... කාගේවත් අවවාද නොතකා, කුඩුම්බිය නොනමා මහන්තත්තකමට කරන දේවල්..... 
  
1937 වසරේ පළ කිරීම ආරම්භ කළ Women’s Day සඟරාව පිටපත් 33,94,754 ක අලෙවියක් වාර්තා කර තිබිණි. ඒ 2013 දීය. 
ආසන්න වශයෙන් තිස්හතර ලක්ෂයක්.... 
එහෙම තැනකින් පිටුවක් සැකසීම ගැන ආදර්ශයක් ගැනීම නරකයිද?

ජීවිතය රස ගන්වන්නේ විවිධත්වයයි. Variety is the Spice of Life!....
ඊළඟට මා අමතක නොකරන කාරණය මට කියා දුන්නෙත් රාජමනි අංකල්ය. Variety is the Spice of Life! 

මේවා අප නොදන්නා දේවල් නොවේ. එහෙත් තුට්ටුවකටවත් නොසලකන ඒවාය. 

කොච්චර හරවත් අදහසක්ද? ජීවිතය රස කරවන්නේ විවිධත්වයයි! කුළුබඩුවලින් ආහාර රස ගන්වනවාසේ, විවිධත්වයෙන් ජීවිතය රස ගැන්වෙයි.
  
අද මා ඇඳෙන් බැසගත් නැකතේ වැරැද්දක්ද මන්දා, මං ටිකාක් දාර්ශනික වෙලා වගෙය. එහෙම නම් මට සමාවෙන්න. මේවා කියන්නේ ලියන-කියන නවකයන්ට සෙතක් වෙතැයි හිතාගෙනය. 
මිත්‍ර සමාගමකට ‘ස්ටෙලා’ වෙන (අනෙක් අයටත් වාතයක් වෙන) අයටත් කැමතියි නම් මෙයින් වැඩක් ගන්නට පුළුවන් වෙයි.

හැබැයි, මෙහෙම උද්ධෘත කොච්චරක් උපුටලා ඇහේම ඇන්නත් සමහරුන් නම් මේ කපේදී ඉගෙනගන්නේ නැත. 

2019 සැප්තැම්බර් 14 වෙනිදා මන්දාරම් විලාවේදී නන්ද කුමාර (දකුණු කෙලවරේ) කියූ නැවක කතන්දරවලින්.......
ලියන්නට ගියත්, කියවන්නට ගියත් එයට විවිධත්වයක් එකතු කරගන්නට හැකියි නම් කවම කවරදාකවත් ඔබට රසිකයන් හිඟ වෙන්නේ නැත! එහෙම වෙන්නේ හැම දෙනාටම හැම දේම නාල්ලන හින්දාය; ගහකට ගල් දහයක් ගැහුවොත් එකක් හරි වැදෙන්නට ඉඩ තියෙන හින්දාය.

අපේ ගෙදරට එකතු වෙන, අප සමඟ ගමන්-බිමන් යන අයව හොඳ සිහියෙන් යුතුව නිරීක්ෂණය කරද්දී පෙනෙන්නේ සමහරුන් අර උපදේශය තුට්ටුවකටවත් මායිම් නොකරන බවයි; එහෙම අය ළඟට එද්දී අනෙක් අය කකුල් දෙකට වැඳ-වැඳ දුවන බවයි!
  
කරුණාකර, අපේ කල්ලියෙන්ම මා දන්නා හොඳම උදාහරණයක් දෙන්නට ඉඩ දෙන්න. මේ positive උදාහරණයකි.

නන්ද කුමාර! ගම මාතරය. බින්න බැහලාද කොහෙද, ඉන්නේ ඇඹිලිපිටියේය. ඉස්සර සීමන් කෙනෙකි. දෙදරු පියෙකි. 
Trip එකක් ගියත්, set වුණත් මේ මනුස්සයාවත් ගෙන්වා ගන්නට අප කවුරුත් කැමතිය. (නන්දෙත් එන්නට පය උස්සාගත් ගමන්ය ඉන්නේ.) 
ඒ නන්දෙගේ නැව්වල ජීවිතය ගැන රසකතා නිමක් නැති හින්දාය. 
මේ වතාවෙත් මන්දාරම් නුවර ගමනේදී ඒ කතන්දර වැස්සක්ම වැස්සේය.

ඔහෙලට කියන්න, එතකොටම ආවා 'බාජ්' එකක්. ඒකෙ හිටිය කිකිළියෝ දැක්ක ගමන් අපේ ඉන්ජාට.......
“ඔහෙලට කියන්න, එදා අපි හිටියේ වියට්නාමේ... අපේ නැවේ හිටිය second engineerකාරයයි, මගේ යාලුවා රොෂානුයි, මමයි ඩෙක් එක උඩ හිටියේ. එතකොටම ආවා බාජ් එකක්... 
  
-බාජ් එකක් කියන්නේ පාරුවක් වගේ එකක්. එහෙ මිනිස්සු පවුල් පිටින් එව්වයේ පදිංචි වෙලා ඉන්නවා. ඉතින් .... අර බාජ් එකේ කිකිළියෝ රංචුවකුත් හිටියා. 
ඒක දැක්ක ගමන් අපේ ඉන්ජාට හෙණ හැපී. 
‘හේ රොෂාන්.... යූ සී... that කොක්?’ ඌ කිව්වා. 

-රොෂානයා එබිලා බැලුවා..... ඉන්නේ කිකිළියෝනේ. 
ඌත් දන්න ඉංගිරිස්වලින් උත්තර දුන්නා. ‘No second. ඉට් ඊස් හෙන්. නෝ කොක්..... හෙන්, හෙන්...It is hen.
  
-ඔන්න ග්‍රීක්කාරයට තද වුණා. 
ඔහෙල දන්නවැයි? උන්ට පොඩ්ඩ ඇත්තං තද වෙනවා. 
‘What? හෙන්? නෝ මලාකා.... No, no, no රොෂාන්. කොක්, cock, කොක්’ අම්මට සිරි. දෙන්නා එක පොකුරට වාදේ.... ඉන්ජා කොක් කියනවා.... රොෂානයා hen කියනවා. 
ඉන්ජා පොළොවේ අඩි හප්පනකොට රොෂානයා යටි ගිරියෙන් බෙරිහන් දෙනවා......

අම්මට සිරි! දෙන්නා එක්ක එක පොකුරට වාදේ. එකෙක් cock කියනකොට අනෙකා hen කියනවා.....
-මට තේරුණා වැඩේ. ග්‍රීක්කාරයන්ට ඉංග්‍රීසි බැහැනෙ.....
මක්කැයි දෙඩුවේ?   මට ඇහුණා, හොඳේ ... 
අපිටත් ඉංගිරිස් බැහැ තමයි බං. රොෂාත් එහෙමයි. 
‘යකෝ, ඉන්ජට තේරෙන්නේ නැහැ හෙන් කිව්වට. ඌට හෙමින් සැරේ කියපං තේරුම් කරලා. වලියක් දාගන්නෙ නැතිව.’ මං රොෂාන්ට කිව්වම ඔන්න ඌ ටිකාක් නිවුණා. හිතුවා!!
  
-‘You know සෙකන්ඩ්? එග්....එග් ....එග්... egg?’

-‘Yaaa, I know egg!’

-‘හා, ආන්න හරි, එග්...එග්. egg කමින් hen!’
  
-එතකොට තමයි ග්‍රීක්කාරයට හිනාවක් ගියේ. 
ඌ රොෂාන්ගෙ පිටටත් තට්ටුවක් කාරිය දාලා කිව්වා ‘No hen, අයි අන්ඩර්ස්ටෑන්ඩ් යූ. It is no hen. චිකන්, චිකන්. Lady chicken, ලේඩි චිකන් මලාකා!’ කියලා.”

යා, අයි understand යූ! ඉට් ඉස් no Hen මලාකා, Lady.. ලේඩි... lady චිකන් මලාකා!
මෙච්චර වෙලා කතාව කිව්වේ නන්ද කුමාරය. 

අතුරු ප්‍රශ්න- හරස් ප්‍රශ්න- හැඟීම් ප්‍රකාශ කිරීම් එමට තිබුණේය. 
ඒ සේරම නිසි බලධරයා විසින් කප්පාදුවට ලක් කෙරිණි! 
අන්තිම ප්‍රශ්නය විතරය ඉදිරිපත් කරන්නට යන්නේ. “කාටද ‘මලාකා’ කියන්නේ?”

“ඒක මචං ග්‍රීක් වචනයක්!” නන්දෙ කිව්වේය. 

වචනයේ අරුත කියනවා මිස වචනය මෙතැනට ඔබන්නට සදාචාරවත්, සුචරිතවාදී මගේ චිත්තය ඉඩ දෙන්නෙම නැත. 
ශුක්‍ර තරලයට කියන ග්‍රාම්‍ය වචනය මතකයිද? 
අකුරු දෙකේ එකකි. ඒකෙ අගට ‘යා’ අකුරක් එකතු කරගන්න! නැතිනං ‘යෝ’ අකුරක් වුණත් කමක් නැත!!

“නිමල්, කොහෙට ගියත් ඉංග්‍රීසි ඕන වෙනවා. පිටරටකදී විශේෂයෙන්ම...” 
අංකල් කී කතාවක් මට මතක් වුණේ නන්දෙගේ රස කතාව ඇහුවාමය.

එයා අදත් ඉන්නවා නම් ඉංග්‍රීසි නොදන්නා ග්‍රීක්කාරයනුත් නැව්වල් රස්සාව කරන බව..........
අදත් එයා ඉන්නවා නම් ඉංග්‍රීසි හරියට නොදැන ඉන්නා ග්‍රීක්කාරයන් ගැන එයාට කියන්නට තිබිණි.

එයා අසනීප වුණේ හිටි ගමනය. ඉස්සෙල්ලාම ආවේ කෑම අරුචියයි. “කන්න බැහැ නිමල්. බඩත් පුරවලා දාලා!”

බෙහෙත් ගෙනාවත් සනීපයක් ලැබුණේ නැත. 

රාජමනි මිසී මස්සිනාව බලන්නට එක වතාවක්වත් අපේ ගෙදරට ආවේ නැතත්, ඒ වෙලාවේ කර ඇරියේ නැතිය. අංකල්ව දොස්තරලා ළඟට ගෙනියන්නට, පරීක්ෂණවලට ගෙනියන්නට වාහනය එව්වාය. 

ඕස්ට්‍රේලියාවට කතා කරලා එහි සිටි අක්කාටත් එන්නට කිව්වාය.

“අක්කා ආවම සේරම decide කරයි නිමාආආආආආආල්. අනේ කොල්ලෝ..... මේ අහිංසකයා ගැන මේ වෙලාවේ බලන්න ඕනේ උඹ තමයි.... 
අක්කා ඉන්නවා තමයි බං. ඒ වුණාට ඒ නාකි මල ඉලව්ව නමට විතරනේ නිමාල්..... ඔහෙ ඉන්නවා. මං වගේම තමයි. 
සද්දන්ත ඇඟක් තිබුණට මාත් ලෙඩෙක්නෙ කොල්ලෝ. 
Please නිමල්.... මට මේ ෆේවර් එකත් නොකළොත් නං කොල්ලො, මං උඹව මරනවා!”

එතකොට අංකලුත් අපේම පවුලේ සාමාජිකයෙක් වෙලා ඉවරය!
රාජමනි මිසී කිව්වාය කියලා අලුතින් වෙනසක් කරන්නට තිබුණේ නැත. 
අංකල් අපේම පවුලේ කෙනෙකු වෙලා ඉවරය. 
මගේ වගේම, අපේ ගෙදරට එන-යන හැම දෙනාගෙමත්; අපේ අසල්වැසි හැම දෙනාගෙමත්.....

දවසක් උදේ තේ එක හදාගෙන උඩට ගියාම මට තරු පෙනුණේය. 

ගන්දස්සාරේ බැරිය. රාජමනි අංකල්ට ඇඳේම මළ-මුත්‍රා පහවෙලාය. මට හිත හදාගන්නට විනාඩියක් දෙකක් ගියා මතකය! 

උදේ වැඩට යන මං හවසට ගෙදර එන්නේ ඇඳුම් අහවර කරන්නට නොඉවසිල්ලෙනි. 
ඒ මගේ නහය හොඳ හින්දාය. 
මගේ දහඩිය ගඳ මටම දැනෙන හින්දාය. 

Perfume චිත්‍රපටයේ කොල්ලාට වගේම, අසාමාන්‍ය ආඝ්‍රාණ හැකියාවක්  නිමල් දිසානායකට තිබෙන බව මං කලිනුත් කිව්වා මතකය. 

ගඳ-සුවඳට මගේ නහය අසාමාන්‍ය විදිහට සංවේදී වෙනවා වගෙය! Perfume ෆිලුමේ කොල්ලා වගේ...............
ඒ මදිවාට මට අපිරිසිදු දේවල්, ජරා දේවල් එහෙමත් ඕනෑවටත් වැඩියෙන් පිළිකුල්ය. 

ඒ සුද්දවන්තකම නිසාමය, අපේ ගෙදර කිසිවෙකු කොයියම්ම වෙලාවකවත්- තාත්තාගේ හෝ සීයාගේ හෝ ලෙඩකදීවත් මට ආවතේවයන් නොපැවරුවේ. 
එහෙව් නිමල්..... දැන් මොකද කරන්නෙ දෙයියනේ? 
මේ අහිංසක මනුස්සයාට ඒ ජරා ගොඩේම ගඳ ගගහා කුණු වෙන්නට අරිතහැකිද?
  
දත කාගෙන අංකල්ව රෝද පුටුවට ගත්තෙමි; ඇඳේ ඇතිරිලි සේරමත් ඉවත් කරගත්තෙමි. නාන කාමරයට එක්කාසු කරගෙන ගිහින් අංකල්ව නාවා-සෝදා-පිරිසිදු කළෙමි. 

අර bed sheets සේරමත් හෝදලා දැම්මෙමි.

ඇත්තම කිව යුතුය. මං ඒ සේරම කළේ ඉවසාගත නොහැකි තරම් පිළිකුලකින් යුතුවය; උත්තරීතර මනුස්සකමකින් යුතුව හෙම නොවේ. 

ඒ වෙලාවේ වෙනින් choise එකක්; විකල්පයක් නොතිබුණු බැවිනි. වෙන මොනවා කරන්නද?

ඕනෑම රාජකාරියක් අමාරු වෙන්නේ ඉස්සෙල්ලාම වතාවේ ඒක කරනවිටය.
ඕනෑම රාජකාරියක් වැඩියෙන්ම අමාරු පළමු වතාවේ කරද්දීය.
ඊට පසුව අපි ක්‍රමයෙන් ඒවාට හුරු වන්නෙමු. 

මටත් වුණේ ඒකය. රාජමනි අංකල්ගේ වෛද්‍ය පරීක්ෂණවල වාර්තා ආවේ සතියකටත් වඩා පහුවෙලාය. ඕස්ට්‍රේලියාවේ සිටි අක්කා ආවේ ඊටත් පහුවෙලාය. ඒවා පහුවුණාට ලෙඩ-දුක් හින්දා සිද්ධවෙන දේවලුත් පහුවෙනවාද? නැහැනේ.

දවස් අටක්ද- නවයක්ද තිස්සේ, දවසට දෙසැරයක්වත් රාජමනි අංකල්ගේ කැත-කුණු අදින්නට, හෝදන්නට, නාවන්නට, පිරිසුදු කරන්නට විතරක් නොවේ- ඇඳ රෙදි, ඇඳුම් හෝදන්නටත් මේ කොටන ‘පිරිසිදුවාට’ සිද්ධ වුණේය! 

(ඒ සමහර දවසකට මා යමක් කෑවෙත් නැතිය. දුක නිසා නොවේ. පිළිකුල නිසාය.)

“අනේ සොරි නිමල්.... මං හින්දා උඹට හරි කරදරයි.... 
Thanks Nimal .... උඹ මට මගේම දරුවාටත් වැඩියෙන් උදව් වෙනවා....” 

රාජමනි අංකල් කිව්වේ ඇස්වල කඳුළු දෝරෙ ගලද්දිය. තාත්තා හොඳටම අසනීපයෙන් බව අංකල්ගේ පුතාට දන්වා තිබිණි. තාත්තා පණපිටින් ඉඳිද්දී නොආ ඒ නොට්ටිගෙ පුතා පියාගේ  මළගමටවත් ආවේ නැත.

මල්ලිට පිළිකාවක්ලු නිමල්. What to do? තව වැඩි දවසක්..........
“මල්ලිට පිළිකාවක් නිමල්.... What to do? 
එයාට තියෙන කාලය ගොඩාක් අඩුයිලු.... Cancer Hospital එකට නෙවෙයි ‘හොස්පීස්’ එකටම දාන්නයි අපි ලැහැස්ති වෙන්නේ. Paying Ward එකකට. 
එයාලා හොඳට බලනවත්නේ!” අක්කලා දෙන්නාත්, රාජමනි මිසීත් තීන්දු කොට තිබ්බේ එහෙමය.

දෛවය කොතරම් පුදුමාකාරද? 

ඊට අවුරුදු කිහිපයකට පස්සේ අපේ සුනිල්ගේ බිරිය මල්ලිකාත් පිළිකාවෙන් බැට කා, කාලයක්ම ‘හොස්පීස්’ එකේ නේවාසිකව උන්නාය. 
දැන් එය තියෙන්නේ වෙනින්  නමකිනි. ‘සුව සෙවන’ද කොහෙදය. අපේ පවුලේ හතරවැනියා අනිලුත් මේ අවුරුද්දෙම අවසන් ගමන් ගියේ එතැනදීමය. 

සමන්ති නංගී නම් පිළිකාවෙන් මියෙනු ඇත්තේ එංගලන්තයේදීය; ඇයගේ සැමියා බිමල් වගේම.

සමන්ති නංගි 2019 මුල- නිදි 2014 අග .................
එතකොට මං?

රාජමනි අංකල් හොස්පීස් එකට ඇතුළත් කළාට පස්සේ දවසකට එක වතාවක්වත් ඔහු බලන්නට යාම මගේ පුරුද්දක් විණි. 
දෙවෙනි දවසේ අංකල් මට රහසක් කිව්වේය!

“නිමල්, උඹ දන්නවා නේද මගේ මේසය. 
ඒකේ දෙවෙනි ලාච්චුවේ තියෙනවා මිනි කැසට් පීස් එකක්.... 
මම මළාට පස්සේ මාව කොහෙවත් ගෙනියන්න දෙන්න එපා. 
මට ආසයි නිමල් මගේ රිලෙෂන්ස්ලගේ කිට්ටුවෙන්ම ඉන්න. 
Please මාව මෙහෙ බෙරියල් ග්‍රවුන්ඩ් එකේම ......”

“අනේ අංකල්, අපි පස්සේ ඔව්වා කතා කරමු!”

කවුරු හරි object කළොත් උඹ ඒ කැසට් එක play කරලා පෙන්නපං!
“No, නිමල්. We have to face reality. 
මට තව වැඩි දවසක් නැහැ. 
උඹ දැන්ම මේවා අපේ සිස්ටර්ස්ලට කියන්න ඕනේ නැහැ. 

-මාව මෙහෙ සිමෙට්‍රියේම වළක දාන්න කියලා මං කැසට් එකේ කියලා තියෙනවා..... කවුරු හරි object කළොත් උඹ ඒක play කරලා පෙන්වන්න ඕනේ, නිමල්..... 

-පහුගිය අවුරුදු ටික.... What a sweet of memory! 

-මං හරිම සන්තෝසෙන් උඹලත් එක්ක හිටියේ.... නෙවිල්, ශාන්ති, දේවිකා, උඹේ යාළුවො..... එයාලා තමයි මගේ නියම නෑදෑයෝ වුණේ..... 
ඒකයි මට මෙහෙදීම පොළොවට පස් වෙන්න ඕනේ.”

මම ඔහුට පොරොන්දු වුණෙමි. 

ඒ පොරොන්දුව එසේම ඉටු කිරීමට බාධාවක් පැමිණුණේ නැත. 1996 මැයි 17 වෙනිදා අභාවප්‍රාප්තවූ, 78 හැවිරිදි ඒ. රාජමනි නම්වූ ඉන්දීය දෙමළ ජාතිකයා, මහරගම දෙහිවල පාරේ රෝහිණී මල් ශාලාවේ දෙදිනක් උඩුකුරුව සැතපී හිඳ - මහරගම ගොඩිගමුව සුසාන භූමියෙදී මිහිදන් වුණේ සතුටෙනි; සමාදානයෙනි!

හිතවත් දිලිප් ජනක කුමාර ෂෙයාර් කරගෙන තිබුණු අර්ථාන්විත පෝස්ටුවකි මේ!
මිනිසුන්ට මිලියනයකත් බිලියනයකත් වෙනස එතරම්ම දැඩිව දැනෙන්නේ නැත. තත්පර මිලියනයක් යනු දවස් 11කි. තත්පර බිලියනයක් යනු අවුරුදු 31.5කි. කොහොමද වෙනස?

පෝල් ෆ්‍රාන්ස් මුහුණු පොතට එකතුකර තිබුණු ඒ පෝස්ටුව කියෙව්වාට පසුවය මිලියන, බිලියන වෙනස හොඳින්ම මගේ හඳුන්පොතට වැදුණේ! 

ඒ ගණනය කිරීමට අනුව නම් අංකල් අප හා එක්ව හිටියේ ආසන්න වශයෙන් තත්පර බිලියනයකින් අටෙන් පංගුවකි. අවුරුදු හතරක් විතර චුට්ටන් කාලයකි.

ජීවිතයේ අන්තිම දවසෙත් රාජමනි අංකල් මට මතක හිටින සතුටක් ලබා දුන්නේය. 

තව ඩිංගෙන්, අපේ නෙවිල් උන්නැහේ නිසා ඒ සතුට අමතක නොවෙන දුකක් බවට පෙරළෙන්නටත් තිබිණි. සිද්දිය සහසුද්දෙන්ම කියනවා නම් මෙහෙමය.

1996 මැයි 16 වෙනිදා දහවලුත් මම රාජමනි අංකල් බලන්නට ගියෙමි. “නිමල්.... මට ආසයි ජෙලි ටිකක් කන්න... උඹට පුළුවනිද හදාගෙන එන්න.”

මට ආසයි ජෙලි ටිකක් කන්න..... උඹට පුළුවන්ද ටිකක් හදාගෙන එන්න?
“මං හවසට ගේන්නං, අංකල්.” 

ගෙදර ආ ගමන්ම මං කළේ ජෙලි බඳුනක් හදලා ශීතකරණයට දැමීමය. ‘හවසට නෙවිල් ආවම එයාත් එක්කම අරන් යතහැකි.’ මං හිතාගෙන හිටියේ එහෙමය. ඒත් මොන.....

“පිස්සුද හලෝ? අද මට අම්බානක වැඩ තිබුණා. 
ඕක අදම ගෙනියන්න ඕනෙ නැහැනෙ. ජෙලි පිළුණු වෙනවය? හෙට ගෙනියමු!” 

බැහැයි කියනවාටත් වැඩියෙන් මට රිදුණේ ඒ අටුවාව ඇහුණාමය. මං ටිකක් නොඉවසූ හින්දා ‘පාලි’ට වුණු දේත් මට මතක් විණි. ‘හෙට මොනවා වුණත් කමක් නැහැ. අදම ගෙනිහින් දෙනවා.’ මට හිතිණි.

නෙවිල්ට ඇනෙන්නටම වගේ, එහෙන්-මෙහෙන් සද්ද-බද්ද දමා ෆුට් සයිකලය එළියට දමලාත් ඉවර වෙලාය, මං ඇඳුමක් දමා ගත්තේ. 

ඒ එතකොටවත් ඒ මනුස්සයා ‘හා යමු.’ කියලා කියාවි යැයි හිතමිනි. 

එහෙම වෙලාවට ‘නාඩි වැටෙන්නේ නැති’ ඒ යක්ෂයා ඔළුව උස්සා බැලුවේවත්, මොකුත් කිව්වෙවත් නැත. 

හොස්පීස් එකට ජෙලි ගෙනිච්චේ මං විතරය. එහෙම තකහනියේ ගෙනිච්චත් අංකල් එයින් හැඳි දෙක තුනක් විතරය, කෑවේ. 

පහුවදා උදේ මිනිය බාර ගන්නට පිළිකා රෝහලට ගියාම...........
“ඔයා ඇවිත් ජෙලි කැව්වට පස්සේ මිස්ටර් රාජමනි මොකුත්ම කෑවේ නැහැ.” පසුවදා උදේ මිනිය බාරගන්නට ගියාම උපස්ථායිකාවක් මට කීවාය.

මේ පෝස්ටුව ඉවර කරන්නට හිතාගෙන හිටියේ එක ප්‍රශ්නයකිනි. හරි නම් එය අහන්නට තිබුණේ අංකල්ගෙන්මය.

රාජමනි අංකල් විතර පාපන්දු ලෝලියෙකු බ්‍රසීලයෙවත් ඉන්නට ඇතිදැයි සැකය. 

මේ මනුස්සයා සේරම වැඩ කළේ කලට-වෙලාවට-පිළිවෙලටය. මොනම හේතුවක් හින්දාවත් දවසේ රූටින් එක වෙනස් නොකළ ඒ මනුස්ස පුත්‍රයා.... Foot Boll මැච් එකක් විකාශය කෙරෙනවා නම් අනෙක් සේරම කටයුතු අත්හැරියේය. 

මහ රෑ- හිමිදිරි පාන්දර වුණත් නිඳි මරාගෙන; ඇහැරීගෙන ඉඳ ඒවා නැරඹුවේය.
අදටත් මට තේරුම් ගන්නට බැරි කාරණාව ඒකය.

අංකල්, ඔයා රෝද පුටුවට වැටෙන්න කලින් Foot Boll ගැහුවද?
තනිවම කෙලින් හිටගන්නටවත් දෙපා අවසඟ මිනිහෙකුට දෙපා සවිය නැතිවම බැරි ක්‍රීඩාවක් එච්චරටම හිතට ඇල්ලුවේ කොහොමද? 

කවදාවත්, එයාගෙන් අහන්නට හිත එකඟ කරගත නොහැකිවුණු ප්‍රශ්නය දැන් මම ඔබට යොමන්නෙමි. 

අංකල්, ඔයා පුටුවට වැටෙන්න කලින් foot boll ගැහුවද෴  

21 comments:

  1. ටිකක් සංවේදී වුනත් සතුටක් දැණුනා.

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඉයන්.
      රස භාව නවයක්ම තියෙනවනේ. මගේ ලියවිල්ලෙන් ඒ කොයිවා හරි උද්දීපනය වෙනවා නම් මට සතුටුයි!

      Delete
  2. මං හිතං හිටියෙ ලොකාට කිසියම්ම කිසි දෙයක් කෙටියෙං කියන්ඩ බෑ කියල....එහෙමමත් නෙවෙයි කියල හිතෙනවා දැං....රාජමනී මහත්තය තව අවුරුදු ගානක් හිටියනං ලොකාට වාතයක් වෙලා තමයි නවතින්නෙ. කෙනෙක් යන්ඩ ඕන ඇයි යන්නෙ කියල මිනිස්සු අහන වෙලාවෙ. ඇයි නොයන්නෙ කියල අහන කොට ඌ මලාකා වෙලා හුගක් කල්...

    ReplyDelete
    Replies
    1. ටොක්ක හීනි වුණාට දැනුණා! ස්තුතියි ලොකූ අවංකව කිව්වාට!

      Delete
  3. https://thepoodleanddogblog.typepad.com/the_poodle_and_dog_blog/2011/09/cerberus-orpheus-and-eurydice.html

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay,

      ග්‍රීක පුරාවෘත්ත හරිම රසවත්.

      මං රැකියාව කළ අවසන් වසරේ 'විසිදුනු' එකේදී මෙවැනි ග්‍රීක කතා එකතු කොටස් තුනක සෝදුපත් බැලුවා. මට මතක හැටියට පොතේ නම 'ග්‍රීක පුරාණෝක්ති' හෝ 'ග්‍රීක පුරාණ'. කතුවරයාගේ නමත් හේමරත්න ලියනාරච්චි වගෙයි මතක. පොත් ටික නම් හරිම රසවත්. හරවත්.

      Delete
  4. ඔක්කොම කොටස් නොකියෙව්වත් මේ කොටස රසවත්. එදා ජෙලි එක ගෙනිච්ච නිසා හොදයි. නැත්නම් එක ලොකු පසු තැවීමක් වෙන්න ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. 0ක්කොම කියෙව්වේ නැතත් මේක කියෙව්වනේ. නිකං ඉන්න මට අහල ගියත් මදැයි කියන්නැහේ මේ මදැයි! ස්තුතියි පැතුම්!

      Delete
  5. ග‍්‍රික්කාරයෝ කියනවාලු තුස්කි මලාකා කියලා වාගේම පෝලන්තකාරයෝ නිතරම කියන වචනයක් තමයි කුර්වා. කුර්වා කියන්නේ වෙශ්‍යාව/ බැල්ලි කියන තේරුමයි.

    ReplyDelete
    Replies
    1. අසංග, තුස්කි කියන්නේ මොකක්ද? ඔයාත් ග්‍රීක් දන්නවා වුණාට අපිත් දන්නවය.

      Delete
  6. තනියෙන් හරි ජෙලි එක ගිහින් දෙන්න හිතිච්ච එක දෙන්නගෙම වෙලාව වෙන්න ඇති. නැත්තං අංකල්ට දුකකුයි නිමල් අයියට පසු තැවිල්ලකුයි ඉතුරු වෙන්න තිබුණ.

    ReplyDelete
    Replies
    1. ඇත්තටම ඔව් ප්‍රසන්න.

      පාලි සියදිවි නසාගත්තට පස්සේ මට තවමත් හිතෙන්නේ එදා මං ඒ මනුස්සයා එක්ක ටික වෙලාවක් කතා කළා නම් කියලයි. ඒ පසුතැවිල්ල මතක තියෙන නිසාමයි මම වැඩ කල් දාන්න- අතපසු කරන්න අකමැති.

      ඒක තවත් තහවුරු වුණා ජෙලි කතන්දරේ හින්දා.

      Delete
  7. ඉතාම සුළු සිද්ධි සමහර විට මුළු ජීවිතය පුරාවටම මතක හිටින සිහිවටන බවට පත්වෙනවා. ඔයාගේ ජෙලි කතාවත් ඒ වගේ එකක්.
    අපි කාට කාටත් ජීවිතයේ අවසානයේ අත පය වලංගු නැතුව ඇඳක වැතිරිලා ඉන්න වෙනවා කියන කාටවත් වලක්වන්න බැහැ. නමුත් මාස කිහිපයකට පෙර Voluntary euthanasia නීතිය වික්ටෝරියා ප්‍රාන්තයේ සම්මත වෙච්ච නිසා යම් ආකාරයක සුබවාදී තත්වයකුත් තියනවා. මේ වගේ බරපතල කරුණු ගැන කරදර නොවී හිනා වෙන්න පුළුවන් කතාවක් ලියන්නම්.
    මහලු නිවාසයක ඉන්නා වැඩිහිටියන් තිදෙනෙක් තමන්ට තියන ආබාධ ගැන කතා වෙනකොට, පළමුවැන්නා මෙසේ කිව්වාලු. "මට තියන ලොකුම ප්‍රශ්නය මුත්‍රා කිරීමයි. උදේ 8 ට වැසිකිලියට ගියාම මුත්‍රා කරලා ඉවරවෙනකොට දහයවත් වෙනවා". එතකොට දෙවැන්නා "මට තියන ප්‍රශ්නය මළපහ කිරීමයි. උදේ අටට වැසිකිලියට ගියොත් අමාරුවෙන් දහය වෙනකොට වැඩේ ඉවර කර ගන්න පුළුවන් " කිව්වාලු. එතකොට තුන්වැන්නා කිව්වාලු "මටනම් එහෙම ප්‍රශ්නයක් කොහොමවත්ම නැහැ. උදේ අට වෙනකොටම මලපහ කරලා, මුත්‍රා කරලා ඔක්කොම ඉවරයි." "" හැබැයි මට ඇහැරෙනකොට නම් දහය විතර වෙනවා"" !

    ReplyDelete
    Replies
    1. ගොඩාරියක් ස්තුතියි සෑම්, ඔයාටත්.

      සෑම් කියනකොටම අපේ සමන්ති නංගිව සිහිවෙන නිසා මං ඒ නමටත් කැමතියි.

      ස්තුතිය ඒකට නෙවෙයි. රසබර 'යාන්' එකට!

      Delete
  8. සමන්තිගෙ පින්තූරයි පවුලෙ පිළිකාවෙන් මැරුණු අය ගැනයි විස්තරේ ඇහුවම හරිම දුක හිතුනා. මටත් එහෙම කිව්වහැකි. ඒ වගේම අර කැත කුණු අදින එක ගැන නම් මමත් ඔය වගේමයි. ඒ උනාට හිතට ධෛර්යයක් ආවා ඒ වගේ එක්කෙනෙක් මෙහෙම කළා කියලා ඇහුවම. අර කිව්වා වගේ පළවෙනි සැරේනෙ අමාරු. මං ඒක හොඳට හිතේ තියාගන්නවා. ඒ තත්වෙට පත්වෙනකොට කෙනෙක් මොන තරම් අසරණද? අද නිදිට සතුටු වෙන්න පුළුවන්නෙ ඒ ගැන හිතලා. නිදිගෙ ජෙලි එක ගැන වගේ අත්දැකීමක් මටත් තියෙනවා. වෙලාවක ලියන්න ඕන.

    ReplyDelete
    Replies
    1. මියුරු, ඔහොම වෙලාවක ලියන්න ඕනේ කියනවා දකිනවාට වඩා මං කැමතියි'ඔන්න මං ලිව්වා, මෙන්න ලින්ක් එක' කියලා තියෙනවා දකින්නයි!

      ඒක කියලා එවන්න!!!

      Delete
  9. දුක හිතුන ඒකට නම්

    ReplyDelete
    Replies
    1. තවමත් අංකල්ව සිහිවුණාම අපේ අසල්වැසියෝ වුණත් හූල්ලනවා, මධු!

      Delete
  10. හ්ම්.. හිතුන මොහොතේ ඒ දේ කරන්ට ඕන ඒ වෙලේ. නැහ්නං කවදාවත් කරන්න බැරිවෙන්ට පුලුහං....

    ReplyDelete
    Replies
    1. සුබ මොහොත කියන්නේ එළඹී තියෙන මොහොත නෙව නමී මහත්තයෝ.

      Delete
    2. හ්ම්.. බුදුහාමුදුරුවො පවා ඔය ගැන කීව නෙව

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්