li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, December 10, 2019

පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස

මනාලියත් එක්ක කෙරෙන පළමු කතාබහ 'අ' අක්ෂරයෙන් පටන් ගන්නට හිතපු ...........
“විවාහවූ දවසේ මනාලිය සමඟ යද්දී ඇය හා කතාව පටන් ගත යුත්තේ ‘අ’ අක්ෂරයෙන් බව ඔහු හිතා ගත්තේය.
“අයියා ආවද?”
“ඉස්සර කාර් එකේ ඉන්නේ.”
“මං ගාව ඇපල් මුද්දරප්පලම් බෑග් එකක් තියෙනවා. ආ.”
“එපා.”
“නෑ. කන්නම ඕනෑ.”
ඇය එකම එක මිදි ගෙඩියක් කඩා ගත්තාය. ඉතුරු මිදි ටික ඔහුටම කන්නට විය.’
එලිසබත් ප්‍රනාන්දු මෙනෙවිය එහෙම හරි කණුපුලගේ ඌගෝ ප්‍රනාන්දුට බුරුලක් පෙන්නුවා යයි කියන්නේ 1935 අවුරුද්දේ හලාවතදීය.

2019දී අනූ කිරිල්ලවල එච්චරවත් බුරුලක් මට පෙන්නුවේ නැත. ඒත් නිකම්ම නොතකා හරින්නට පුළුවනිද? මගේ ජීවිත කතන්දරය ලියද්දී ‘අනූ’ ගැන නොලියා කොහොමද? අනූට පණිවිඩ යවමින් මාස කිහිපයක් තිස්සේ උත්සාහ කළෙමි. අනූව අල්ලාගන්නට වෑයම් කළෙමි. 

“තවම නං කිසිම උත්තරයක් නැහැ අරුණ! මට කොහොම හරි එයාව contact කරගන්න ඕනේ. මේ වැඩේට.......”

නිදිගෙ ජීවිත කතන්දරය ලියද්දී කිරිල්ලී ගැන නොලියා ඉන්නම බැරිය!
“ඉතින් අපි මොකද කරන්නෙ නිමල් අයියේ?”

“ඔයාට බැරිද මැසේජ් එකක් යවන්න. නැත්තං ටෙලිෆෝන් කරන වෙලාවක හරි කියන්න.....”

“හරි... ඒත් තව පොඩ්ඩක් බලමුකෝ.”අරුණ කිව්වා හරිය. බලා හිඳිද්දී.............

අනූ කිරිල්ලවල මෝදු වුණාය; මැසේජ් එකක් එව්වාය. මම පස්වනක් ප්‍රීතියෙන් පිනා ගියෙමි. එවෙලේම අරුණටත් ඒ බව කිව්වෙමි.

එයාට නොකියා කොහොමද? ඒ සේරම වුණේ අරුණ දිසානායක හින්දාය! මට ‘කිරිල්ලී’ මුණ ගැහුණේ අරුණ හින්දාය! අවුරුදු තිහක් විතර ..... සමහරවිට ඊටත් වැඩි වෙන්නැති. නොසලකා ඇරලා වගේ; අමතක කරලාම වගේ ඉඳපු මට ‘කිරිල්ලී’ ගැන විස්තර ඕනෑ වුණේ අවසර ගන්නටය. 

අප ගැන ලියනවා නම් නම-ගම විස්තර ඇතිවම ලිවිය යුතුය. මගේ විස්තර විතරක් කියලා ‘රහ’ නැත. කෑලි අඩුවෙන් ලියලත් බරක් නැත. මගේ ගැන සේරම කිව්වත්, එයාගෙන් අවසර නැතිව ප්‍රධාන චරිතය ගැන ලියතෑකිද?

ඔන්න ඒක ලැබිණි!

තවමත් අරුණ දිසානායක ඉන්නේ අනුරාධපුරයේය. කිරිල්ලී ඉන්නේ කූඩුවක නොවේ, ඉතාලියේය. 
“නිමල් අයියේ, එයා සෑහෙන කාලෙක ඉඳලා ඉතාලියේ ඉන්නේ. කිරිල්ලී කිව්වට එයා.....”

අරුණ අනූගේ වත්පොතේ නමත්, දුරකථන අංකයත් මට දුන්නේ මාස කිහිපයකට කලින්ය.

අප හැමෝටම තිබුණේ එකම ජාතියේ උණකි. 'පර වැඩ' කිරීමේ උණ!
එතකොට; නවසිය අසූ ගණන්වල අරුණ, කිරිල්ලී, උපාලි හා මං වහන්සේ ඇතුළු අප හැමෝම හිටියේ එක විදිහක උණකිනි. ඩෙංගු - වයිරස් වගේ මාරාන්තික උණවලින් නොවේ; ලෙහෙසියෙන් සනීප වෙන්නේ නැති උණකිනි. පර වැඩ කිරීමේ උණ!

‘පර’ කිව්වේ ‘එපා කරපු’ කියන අර්ථයෙන් නොවේ;  ‘අන්‍ය’ - අනුන් කියන අරුතිනි. 
තවත් පැහැදිලිකොට ‘බණ’ පදයකිනුත් කියනවා නම් ‘පරත්ථං පටිපපජ්ජථ - අනුනට සේවා කරන්නට කැප වෙමු’ය.

මං එහෙම කරමින් උන්නේ තරුණ ජනගහණ කමිටුව හා එකතු වෙලාය. 

අරුණ දිසානායක එහෙම කරමින් උන්නේ ‘සෞඛ්‍යදාන ව්‍යාපාරයේ’ අනුරාධපුර ශාඛාව හා එකතු වෙලාය.

තව ඩිංගෙන් අමතක වෙනවාය. පෝස්ටුවේ මුලදීම කිව්වේ ඒ.ඩී. රන්ජිත් කුමාර සහෘදයා 2019 ඔක්තෝබර් 10 වෙනිදා ‘සරසවිය’ පත්තරයට ලියා තිබුණු ලිපියකින් ගත් කොටසකි. ලිපිය සිංහල සිනමාවේ අමරණීය චරිතයක් වන හියුගෝ ප්‍රනාන්දු මාස්ටර් ගැනය. 

එතකොටත් මා හියුගෝ මාස්ටර් ගැන සෑහෙන්නට දැනගෙන හිටියත්, සෞඛ්‍යදාන සංගමය ගැන නම් මොනවාවත්ම දැනගෙන හිටියේ නැත. දැනගත්තේ අප පත්තරයේ දැන්වීමක් පළ කළ පසුවය.

එක කොටසක් වැඩ කරද්දී අනෙක් කොටස ලකුණු දමා ගන්නට වැඩ කරති..... ගාන්ධිතුමා කියා......
‘ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ තරුණ ජනගහණ කමිටුව 
ලාංකේය තරුණ නායක-නායිකාවන් උදෙසා 
‘ජනගහණය, පවුල් සැලසුම හා නායකත්වය’ පිළිබඳව තෙදින නේවාසික වැඩමුළුවක් නොමිලේ පවත්වයි. 
ඔබත් ස්වේච්ඡාසේවී තරුණ නායකයෙක් හෝ නායිකාවක්ද? 
විශේෂ පුහුණු වැඩසටහනකට සහභාගී වන්නට කැමැතිද? 
නොපමාවම අපට ලියන්න!’ 
ඔහොම දැන්වීමකටය අරුණ ඉල්ලුම් පත්‍රයක් එව්වේ.

එවන ඉල්ලුම් පත්‍රයෙන්ම එවන්නා ගැනත් ගොඩාරියක් රහස් දැනගන්නට අපි සමත් වීමු.

ලියා තිබෙන පිළිවෙල, අඩංගු කරුණු විතරක් නොවේ- කොළය නවා තිබෙන හැටි, මුද්දරය අලවා තිබෙන හැටි පවා මගේ නම් සැලකිල්ලට බඳුන් විණි. 
ඒවා සලකමිනි අප උත්තර යැවුවෙත්. ඒ හැම එකකින්ම අරුණ දිසානායක score කොට තිබිණි.

එතකොටත්, දැන් වගේම මා වසඟ වෙන කරුණු අතර අත් අකුරුත් තිබිණි. අරුණගේ අත් අකුරුත් හරිම අපූරුය! කලාත්මකය!!

අරුණගේ මේ ලිපිය පූනානි රැඳවුම් කඳවුරේ සිට හදිසියේ ලියූවක් නිසා අත් අකුරු ටිකාක්........
එයාවත් තේරුණේය; තෝරාගත් අයට වැඩමුළුවත් පැවැත්වුණේය; එහෙම තෝරාගැනුණු ගොඩාරියක් අය ‘මහත්මා ගාන්ධි’තුමාගේ පියාණන්ට අනුව නම් පළමුවෙනි වර්ගයේ මිනිසුන්ය.

‘මිනිසුන් වර්ග දෙකක් සිටින බව මගේ පියා මට පවසා ඇත.

ඉන් එක කොටසක් වැඩ කරන අයයි. අනෙක් කොටස ඒ සඳහා ලකුණු දමාගන්නා අයයි.

මගේ පියා මට නිතරම උපදෙස් දී ඇත්තේ මින් පළමු කොටස වී සිටින ලෙසයි.

එයට හේතුව වැඩ කරන මිනිසුන් අතරේ තරගයක් නැති බැවිනි. තරගයක් ඇත්තේ ලකුණු දමා ගන්නා මිනිසුන් අතරේ බැවිනි. 
-මහත්මා ගාන්ධි

පළමු මනුස්ස ගොඩට වැටුණු අරුණ ඇතුළු ගොඩක් අය මොකක් හෝ ස්වෙච්ඡාසේවී සංවිධානයකට සම්බන්ධවී කටයුතු කරමින් සිටියහ. 

“78 මැදවච්චිය මහා විද්‍යාලයෙන් තමයි මං සෞඛ්‍යදාන මූමන්ට් එකට බැඳුණේ. සෙනඟ එකතු වෙන තැන්වල අසනීප වෙන අයට උදව් වෙන වැඩ තමයි ඒකෙන් කෙරුණේ. 
පෙබරවාරි 4 වෙනිදා නිදහස් දවසේ වගේ ජාතික උත්සව තියෙනකොට....., 
කතරගම- නුවර- බෙල්ලන්විල- මහියංගනේ- ගංගාරාමේ වගේ තැන්වල පෙරහැර කාලවලට කොච්චර සෙනඟ එකතු වෙනවද......?” ඒ අරුණය.

සෞඛ්‍යදානෙන් පෙරහර, ජාතික උත්සව වගේ ඒවා තියෙන දවස්වලදී............ 
“ආ.... එහෙම තැන්වලදී ඔයාලා වෛද්‍ය ආධාර දෙනවා!”

“එහෙම උත්සවවලදී විතරක් නෙවෙයි නිමල් අයියේ, ස්වභාවික විපත්තිවලදී..... ගංවතුර, නියඟ, සුළිසුළං, යුද්ධ..... වගේ දේවල්වලදි තමයි අපි වගේ අයට වැඩ වැඩිවෙන්නේ. 
සමහර බ්‍රාන්චස්වල අය වැඩිහිටි නිවාස, ළමා නිවාස..... ඔය විකලාංග නිවාස තියෙන්නේ. ඒවායේත් වැඩ කරනවා.”

“එහෙම දේවලට දැනුමකුයි, පුරුද්දකුයි නැතිව පුළුවනියැ?” මට කියැවුණේ නිකම්මය.

“ඒකට තමයි අපි එයාලටත් සම්මන්ත්‍රණ, work shops කරන්නේ ඔයාලා වගේම.” එහෙම කියූ අරුණ, 1983 වෙද්දී ශ්‍රී ලංකා සෞඛ්‍යදාන ව්‍යාපාරයේ දිස්ත්‍රික් ලේකම් ලෙසිනි, කටයුතු කරමින් හිටියේ.    

සෞඛ්‍යදාන ශාඛා සාමාජික- සාමාජිකාවන් උදෙසා සම්මන්ත්‍රණ  ගණනාවක්මත් සංවිධානය කළ අරුණ, පසුව තජකයේ වැඩ සටහන්වලට දේශකයෙකු විදිහටත් සම්පත් දායකත්වය ලබා දුන්නේය! 

ඒ තජකය එක-එක්කෙනාට ‘කොක්ක ගැසූ’ විදිහය. මටත් කළේ එහෙමනේ.

සෞඛ්‍යදාන ස්වේච්ඡා සේවීන් සඳහා වැඩ සටහන් රැසක්ම සංවිධානය කර දුන් අරුණ........
අරුණ දිසානායක අනුරාධපුර දිස්ත්‍රික්කය පුරාම වගේ තජක වැඩ සටහන් ගොඩාරියක් සංවිධානය කරද්දී, අප ඒවාට සහභාගී වෙන්නට ගියේ හරිම කැමැත්තෙනි. 

එහෙම ගමනකදීය අප කොත්තු කෑවේත්! මා නම්, එතකොට එහෙම කෑමක් තිබෙන බවක්වත් අසා තිබුණේ නැත.

ඒ දවස්වල ලංකාවට ‘කොත්තු රොටි’ ආවා විතරක් වගෙය. 
කෑම ගැන අඩුවෙන් දැන හිටි මට ‘කොත්තු’ ගැන මුලින්ම කිව්වේ අරුණ බව හොඳටම මතකය. “නිමල් අයියලා කැමතියි නම් අද රෑට කොත්තු රොටි කමු. කඩ පනහේ තැනක් තියෙනවා. එතැන කොත්තු මරු!”

එක විදිහකින් අනුරාධපුරය මාරය!

එහෙම කියන්නේ අනුරාධපුරයේ තරම් හංදි කැඩෙන හංදි තොගයක් වෙන කිසිම දිහාවක නැති හින්දාය. 

“ඔයාලට විතරක් නෙවෙයි නිමල් අයියේ, හුඟක් අයට අනුරාධපුරේදී පාරවල් වරදිනවා. එක වගේම හන්දි ගොඩයි. Round about ගොඩයි. මෙහෙ; අනුරාධපුරේම තමයි පුත්තලම් හන්දියක් තියෙන්නේ. 
මාතලේ- කුරුණෑගල හන්දි විතරක් නෙවෙයි යාපනේ හන්දියකුත් තියෙන්නේ.... 
මං ඔයාලට කිව්වා නේද කඩ පනහේ කොත්තු කඩේ ගැන. කඩ තිහකුත් තියෙනවා. කඩ 12- කඩ 10 වගෙම කඩ 5කුත් තියෙනවා!”

“එහෙනං අපි අද රෑට කොත්තු කමු, අරුණ. එතකොට වියදමත් අඩුයිනේ!”

අනුරාධපුරයේදී පාරවල් හොයාගන්න හරි අමාරුයි. හංදි කැඩෙන හන්දි ගොඩකුයි, රවුන්ඩබවුට් ගොඩකුයි.........
තජකයේ අපත් හැමවිටම බැලුවේ අරපිරිමසා ගන්නටය. ‘මාතර තානායමේ අමු හෙළුවෙන් පෙළපාලි ගියා වගේ දේවල් වුණේ ඉතා කලාතුරකිනි.

අනුරාධපුර ගමන් එකකදීවත් අප තානායමක නැවතුණේ නැත. එක ගමනකදී අප නවාතැන් ගත්තේ ඉස්කෝලයක පන්ති කාමරයේ ඩෙස්ක්-බංකු උඩය. 

“නිමල් අයියලට නම් ඒ ඉස්කෝලේ නම දැන් මතක නැතිවෙන එක පුදුමයක් නැහැ. දැන් ඒ පැති හරි දියුණුයි. එහාට ගියත් ඔයාලට අඳුනාගන්න බැරි තරමට වෙනස් වෙලා. 
85ටත් කලින්නෙ, ඔයාලා හොරොව්පතාන කපුගොල්ලෑවේ ඉස්කෝලෙට ගියේ. මතකද එතකොට එහෙ හිටිය ප්‍රින්සිපල් සර් සෝමපාල මහත්තයා........”

“අනේ එච්චර දේවල් කොහෙ මතක හිටිනවද අරුණ? හැබැයි, මං පුදුම වුණු දෙයක් නං එහෙදි හරි, ඔයාම අපිව එක්කං ගිය ඉස්කොලෙකදී හරි දැක්කා. 
වතුර කළගෙඩිය රුපියල් දෙකකට ගෙනෙන මිනිස්සු. හෙණ ඈත ඉඳලා.”

ඉන්දියාවේ වගේ ගවු ගණන් නොගියත් අපේ උදවියටත් ඒ කාලේ වතුර කළගෙඩියක් ගන්නට වුණේ..........
ඒවා අතීතයට එකතුවී හමාරය. ඒ පලාත්වල උදවිය වකුගඩු රෝගය නිසා මැරෙන හැටිත් දැන් කාටවත් මතක නැතිවෙලා වගෙය. 
අනෙක් උදවිය එපා, මේ ලියන මොහොතේය; මේ හරකාටත් එක දෙයක් click වුණේ!

දැන් අවුරුදු කිහිපයක් තිස්සේ අපි හමසකට වතාවක්වත් හම්බන්තොට යන්නෙමු. ඒ විනෝදයට නොවේ. මට ප්‍රතිකාර ගන්නටය

එහෙම යද්දී ‘පිරිසිදු වතුර විකිණීමට ඇත - ලීටරය රුපියල් .....’ කියා තිබෙන පුවරු කීයක් දකින්නට ඇතිද? 
ඇයි, මට ඒ boards දැකලා අමුත්තක් නොහිතුණේ? 

වතුර වගේම දැන් හැම මළදානයක්ම විකිණෙන හින්දාවත්ද?

කල් ඇතිවම අරුණ අපට අනතුරු ඇඟෙව්වා මට හොඳටම මතකය.

“නිමල් අයියේ. කපුගොල්ලෑව ඉස්කෝලේ කිට්ටුව නං ඔයාලට රෑට කන්න දෙයක් අරගන්න තැනක් නැහැ. වැඩ සටහන උදෙන් පටන් ගන්න වෙන හින්දා කලින් දවසේ ගිහින් ඉන්නත් වෙනවා. මොකද කරන්නේ?” අරුණ ඇහුවේය.

කපුගොල්ලෑවේ ඉස්කෝලෙට රෑ වෙලා යන්නත් බැහැ, පාන්දරින්ම යන්නත් බැහැ අලි හින්දා!
“ඔච්චර දෙයක්යැ මනුස්සයෝ. යන ගමන්ම පානුයි, සැමන් ටින් එකකුයි, ළූණු අමුමිරිස් ටිකකුයි අරන් ගිහින් සම්බෝලයක් හදා ගනිමු!” 
ඒ වගේම එදා අපේ රාත්‍රී භෝජනය වුණේ ඒකය! 
හැබැයි, ඒ ගමනට තජකයේ එකම ගැහැනු පරාණයක්වත් එක්ක ගියේ නම් නැතිය.

එවැනි දේට අප පෙළඹවූයේ අරුණ දුන් ආදර්ශයයි; 
අරුණගේ දේශපාලන ජීවිතයයි. 
(පස්සෙය දැනගත්තේ; මේ මනුස්සයා තදේටම දේශපාලන උණෙන් දුඃසාධ්‍ය රෝගියෙකි! ‘අසාධ්‍ය’ කියන්නේ අමාරුවෙන් හරි සනීප කළ හැකි කියන එකය. දුස්සාධ්‍ය කියන්නේ සදහටම රෝගය සින්න කරගෙන ඉන්නා අයටය.)

ඔහොම යද්දී, කාලයක්ම අරුණ දිසානායක අපෙන් අතුරුදහන්ව හිටියේය. 
මගේ ලියුමකට දෙකකට උත්තර නොලැබිණි. 
ඒක ඒ තරමට දැනුනෙත් නැත!

අප වයසෙන් වැඩි වෙද්දී ‘තජක නායකත්වයේ බැට්න් එක- යෂ්ටිය’ අලුත් පිරිසකට බාර දෙන්නට විණි; ඊට පස්සේ සැලසුම් හැදුවේ, ඒවා ක්‍රියාත්මක කෙරුවේ ඔවුන්ය. 

කොල්වින් සේනාරත්න, මර්වින් බොතේජු, අනුර ජිනදාස, අසෝක කපුරුගේ, ඉන්දිරා හෙට්ටිහේවා, ඩී.ඩී. පද්මසිරි, නිමල් දිසානායක වැනි අය ක්‍රමයෙන් තජකයෙන් ඈත් වෙමින් උන්හ.

තජකයේ සිරිත වුණේ හැම වසරකදීම නායකත්වයේ බැටන් එක නවක කෙනෙකුට දීමය!
ඒ අතරේම අපේ වැඩි දෙනෙක් පවුල්-පන්සල් වූහ. (එයාලා ගිහියන් නිසා පන්සල්-පවුල් වුණේ නැත!).

ඒ දවස්වල අපට දුරකථන තිබුණෙත් නැත. ඉතින්, අරුණට යැවූ ලියුමකට- දෙකකට උත්තරත් නැති වුණාම....... 

සෑහෙන කලකට පස්සේ, බ්ලොගය නිසා මම fb යන්නෙක් වීමි. ඒ ‘අකල් මරණෙකට හවුල්වී’ පෝස්ටුවට හිතවත් චරිත් සුදර්ශනගේ ෆොටෝ එකක් බාගන්නට ගිහින්ය. ඊළඟට, මුහුණු පොත හරහා හොයද්දී ‘නිදිගෙ නැතිවුණු පුරුක් ගොඩාරියක්’ හමු විණි. අරුණත් එයින් එක්කෙනෙකි! 

එහෙම හමුවී ටික දවසකින්ම; දැනට මාස කිහිපයකට කලින්,
අරුණ දෝණියන්දෑත් එක්කම අපේ ගෙදර ආවේ මගේ සැපදුක් බලන්නටය.

“තවමත් ගෙදරක් හදාගෙන ඉවර නැහැ නිමල් අයියේ. දැන් ටීචින්වලින් පෙන්ෂන් ගිහිල්ලත්.... දැන් තමයි හිතෙන්නේ ගෙයක්-දොරක් ඕනෙයි කියලා....” මාස කිහිපයකට කලින් අපේ ගෙදර ආ වෙලාවේ කිව්වත්, 
තවමත් මනුස්සයාගේ මුල් තැන නම් ‘පර වැඩ’ කරන එකටමය.

89 ඉඳලා 94 වෙනකල් මං හිටියේ හිරේ. පූනානිවල, මැගසින් එකේ.... පොලිසිවල කූඩුවල......
“නිමල් අයියල දන්නෙ නැහැ. මං එතකොට JVP එකේ වැඩ. 82 පක්ෂේ තහනම් කළාට පස්සේ, සෞඛ්‍යදාන වැඩ වැඩියෙන් කළා. එක විදිහකට ඒවා උදව් වුණා ජීවිත ආරස්සාවටත්.
89 ඉඳලා අවුරුදු 5ක්.... 94 වෙනකල් මං හිටියේ හිරේ.”

“දෙයියෝ සාක්කි, හිරේ?”

“ඔව් නිමල් අයියේ. පොලීසි පහක කූඩුවල හිටිය. 
පූනානි වධකාගාරෙත් කාලයක් මාව දමල තිබ්බා. 
අන්තිමට තමයි බොරැල්ලේ මැගසින් එකට දැම්මේ. 
ඉතින් කොහොමද ඔයාලට ඒවා කියන්නේ.” 

අරුණගේ දෑසම දිලිසෙයි.

“එහෙම කාලෙක මුල්ම අවදියේ තමයි ඔයා අපිට අනුරාධපුරේ එන්න කිව්වේ?” 

පොසොන් එකට අපේ මෙඩිකල් කෑම්ප් එකට එන්නකෝ නිමල් අයියේ!
“නිමල් අයියේ, එන්නකෝ පොසොන් එකට අනුරාධපුරේ! 
සෞඛ්‍යදානෙන් අපි වන්දනාකාරයන්ට බෙහෙත් කරනවා... ප්‍රථමාධාර දෙනවා.... හැබැයි youth එකට වගේ සම්පත් නං නැහැ. 
අපිට කන්න දෙන්නෙත් එහෙ දන්සැලකින්.... 
ඒවාම තමයි ඔයාලටත් දෙන්න වෙන්නේ. කැමතියි නං ඇවිත් බලන්න....” 

1983 හෝ 84 හෝ අරුණගෙන් කෙරුණු ඒ ආරාධනාව පිළිගත්තේ, එවිට නිවාඩු ගැනීමේ ප්‍රශ්නයක් නොතිබුණු උපාලි ජයරත්නත්, මාත්ය....... 

ඉතින්.....

10 comments:

  1. ලොකා අසාධ්‍ය කියන්නේ සාධ්‍ය කල නොහැකි ඒ කියන්නේ හොද කරන්ඩ බැරි කියන එක නේද? මට හිතන්නෙ එහෙමයි...

    ReplyDelete
    Replies
    1. ලොකු, මං දන්නා විදිහ තමයි අසාධ්‍ය= සුව කිරීමට අමාරු, දුස්සාධ්‍ය= සුව කළ නොහැකි කියන්නේ. මටත් ඕනේ වඩාත් නිවැරදි වෙන නිසා මා ළඟ තිබෙන පොත් ත්නක්ම පෙරළුවා. එයාලට ඒ වචන පෙන්වන්න අමතක වෙලා, තියෙන්නේ සාධ්‍ය විතරයි.

      නිශ්චිතවම දැනගත්තොත් මටත් කියන්න,හොඳේ.

      Delete
  2. Replies
    1. සමාවෙන්න ඕනේ කසුන් මහත්තයෝ, උත්තර පමා වුණාට. 12,13 දෙකේ හම්බන්තොට ගිහින් හිටියේ ප්‍රතිකාර ගන්න.

      Delete
  3. මිස්ටර් තට්ස්තුමාගේ අනුගාමිකයෙක් නිසාද කොහෙද නිමලුත් අපිකානු අලි පින්තූර දානවා හම්බන්තොට අලි ගැන ලිව්වත්https://africafreak.com/african-vs-asian-elephant-guide

    “Irony; we want our handwriting to look like typed fonts, and our computer fonts to look like handwritten text.”
    ― Vikrmn, Corpkshetra

    ReplyDelete
    Replies
    1. අලියි, බලියි, මුහුදයි කොච්චර දැක්කත් එපා වෙනවා කියනවනේ, Pra Jay. ඒ ගතියක් හින්දද මන්දා මං ලස්සන අලි ෆොටෝස්වලට කැමතියි. හිත ඇදගන්න ෆොටෝස් සංචිතයෙන් අදහසකට කැපෙනවා නං ජන්ම රට නොසොයා අලි ෆොටෝස් වැටෙනවා. අලි වැරද්දක් නම් තමයි! සමා වෙන්න .

      Delete
  4. මං හදිස්සියෙ ඇවිත් කියෙව්වා. කමෙන්ට් එකක් දාන්නෙ දැන්...

    ReplyDelete
    Replies
    1. ඒකට මොකෝ? ආවනේ!

      ස්තුතියි ඩ්රැකී.

      Delete
  5. අනුරාධපුරේ හංදි ගැන කියනකොට මතක් උනේ, පුංචි කාලෙ එක සැරයක් එහේ ගිහින්, නවතින්න වෙන් කරගත්තු තැන සොයා ගන්න බැරුව හෙන පරිප්පුවක් කෑවා... පැයක් විතර යනකම් කොහෙන් ගියත් මතු උනේ එකම හන්දියකින්... ඒ මදිවට මහ රෑ... නිදි කිව්වා වගේ හරියට නොදැන පාරක් සොයාගන්න එක නම් හංදි කැඩෙන වැඩක්ම තමයි...

    ReplyDelete
    Replies
    1. මං හිතන්නේ මියුරු, තවමත් නොපුරුදු අයට පාර වැරදෙනවාම තමයි, එහෙදී.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්