li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, March 16, 2020

ශ්‍රී ලංකා not Vs England - දොළොස්වෙනි කොටස

ලොකා, ඔයාට තමයි උසාවියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ, අයිතිකාරයා විදිහට........
“ඔයා ඉක්මනට ලැහැස්ති වෙන්නකො, ලොකා. පරක්කු වුණොත් තව මඟුලක්. ඔයාගේ නමටනේ කඩේ තියෙන්නේ. අයිතිකාරයා විදියට, ඔයාට තමයි උසාවියට ඉදිරිපත් වෙන්න තියෙන්නේ. මේ තියෙන්නේ සිතාසිය........!” අනිල් දික් කළේ කඩදාසියකි. 
මගේ සිරසට ආලවකයාම ආරූඪ වුණේ එතකොටය. 
“අද උදේද මේක තමුසෙට ගෙනත් දුන්නේ?” 
අන්නා පෑවේ හිස් බැල්මකි. “ඊයේ හැන්දෑවෙයි ලොකාට මේක ගෙනත් දෙන්න හිටියේ. කොහෙද.... කුමාර මල්ලිලාගේ නංගිගෙ කොටහළු මඟුල් ගෙදර යන්න වුණානෙ. එහෙ කෑම මේසේ ඉඳුල් කරන්න එන්න කියලා තිබුණේ පොඩි මාමාටයි මටයි! නොගිහින් බැරි නිසා ගියා.... එනකොට රෑ වුණා......” 
කුමාර කිව්වේ බොරලැස්ගමුවේ අපේ කඩය අයිනේම කීර වෙළෙඳාම් කළ පිරිසය. එයාලා හිටියේ වේරහැර හරියේ තිබුණු වත්තකය.
තමුසෙලා දෙන්නද බොරලැස්ගමුවේ කොටහළු වෙන කෙල්ලොන්ව නාවන්නේ?
“දැන් තමුසෙලා දෙන්නටද බොරලැස්ගමුවේ කෙල්ලෝ කොටහළු වුණාම නාවන්නයි, ඉසදිය මංගල්ලවලට පිරුවට එළන්නයි වෙලා තියෙන්නෙත්? ඇයි යකෝ, බඩවියත හම්බ වෙන කෙරුවාව නෙවෙයිද වැඩියෙන් වැදගත්? රෙද්දෙ කොටහළු....” 
කේන්තිය හින්දාම වගපල කිව්වා වුණත් මම ඉක්මනින්ම ලැහැස්ති වීමි. 
සූදානම් වෙන අතරෙත් මගේ හිතේ වැඩ කළේ අනිල්ගේත්, පොඩි මාමාගේත් නොසැලකිල්ලය. විශේෂයෙන් අනිල්. 
ඒ වෙද්දී අපේ ගෙදරින් බිහිව සිටි උගතා අනිල්ය. එහෙව් කෙනෙකුටත් මේ තරම් සැහැල්ලුවෙන් වගකීම් පැහැර හැරිය හැකිද? උගත්කම වැඩිවෙන තරමට බුද්ධිමත්කමත් වර්ධනය වියයුතු නේද? අපේ රටට හෙණ ගැහිලා තියෙන්නේ බලයත්, නිලයත්, ධනයත් ළඟා කරගන්නා උදවියට ‘වග කිවයුතු භාවය’ අමතක වෙන නිසා නේද? 
එතෙක් මා උසාවියකට ගොඩ වැදී තිබුණේ නැත. කොටින්ම ගංගොඩවිල උසාවිය තියෙන්නේ කොහිද කියලාවත් මට නිනව් නොවිණි. 
“ගම්සභා හන්දියෙමයි.... රත්මලානේ ඉඳලා 117 බස් ඇවිත් නුගේගොඩට යන්නේ ඒ පාරේ.... සුභද්‍රාරාම පිරිවෙනට යන පාරේ....” අපේ අනිලා ඒවා නම් හොයා බලලා තිබුණේය. උසාවිය තිබුණේ පැරණි ගෙදරකය. අප එතනට යනවිටත් ඊස්-මීස් නැතිව සෙනඟය.

කූඩුවට නැග්ගට පස්සේ මම කියනවා නිවැරදිකාරයයි කියලා......
“ලොකා... ඉස්සෙල්ලාම ලෝයර් කෙනෙක් අල්ලා ගන්න වෙනවා.... කූඩුවට නැග්ගට පස්සේ මොනව කියන්න ඕනිද කියලවත් අපි දන්නේ නැහැනේ....” 
“මොනවා දැනගන්නද? මං කියනවා මම නිවැරදිකාරයයි කියලා. මම වැරද්දක් කරලා නැහැනේ....”
“අයියෝ ලොකා.... ඔය පණ්ඩිතකම් උසාවිවලට හරි යන්නේ නැහැල්ලු. වෙන එකක් තියා ලෝයර් කෙනෙක්ව අල්ලාගන්නේ නැතිව නඩුවට පෙනී ඉන්න මිනිස්සුන් එක්ක නඩුකාරයොත් තරහයිලු. 
-උන්ගේ සනුහරේ එවුන්ට ගණනක් හම්බ වෙන විදිහටලු වැඩ කෙරෙන්න ඕනි. අදට විතරක්වත්.....” 
මිනිසුන් එහෙමය! මොළේ තියෙන ඇත්තන් එහෙමය. 
ඔවුහු හැකි හැම ඉඩ ප්‍රස්තාවකින්ම පල නෙළා ගනිති. අන්නාටත් ඒවාට මොළේ තියෙයි. බලාගෙන යද්දී මිනිහාත් ගොනා වෙලා තියෙන්නේ මා සම්බන්ධයෙන් විතරය.
වරෙක කුඩා ගැටයෙකු ටවර් හෝල් භූමියේ තිබී සත පහක් ...........
හෙන්ද්‍රික් සෙනෙවිරත්න ශූර ව්‍යාපාරික ඥානයක් තිබුණු; චුට්ටං ඉඩකින් පවා වැඩක් ගන්නට පුරුදුවී හිටි පැරණි ප්‍රභූවරයෙකි. 
චාල්ස් ඩයස්ගේ මාමණ්ඩිය මේ සෙනෙවිරත්න මහත්මාය. බවුස්ටඩ් සමාගමේ බස් රථ ධාවනය ඇරඹුණු නිසා, මරදානේ මෙරිඤ්ඤගේ වත්තේ පිහිටි අශ්ව ගාල වසා දමන්නට සිදුවූ විට එහිම ‘ටවර් රඟහල’ ගොඩ නැංවූ සෙනෙවිරත්න මහතාගේ දුර දක්නා තන්වැසි නුවණේ මහිමය ගැන මේ කියන්නට යන කතාවටත් වඩා උදාහරණ අවැසිද? 
ඒ පුවත ‘සරසවිය’ පුවත්පතට ලියා තිබුණේ අරුණ ගුණරත්න විසිනි. 
‘වරෙක කුඩා කොලු ගැටයෙකු ටවර් හෝල් භූමියේ තිබී සත පහක් අහුලා ගෙන යනු දුටු ඔහු දරුවා කැඳවූයේය.
ඇයි ළමයෝ නාට්‍ය නරඹන්නේ නැත්ද?
නෑ. මුදලාලි සල්ලි නෑ.” කොලුවා උත්තර දුන්නේය. 
ඇයි දැන් සල්ලි වගයක් ඇහිලුවා නේ.”
එතැන තියෙන්නේ සත පහයි.”
අතින් සල්ලි දීලා නාට්‍ය පෙන්වන්නේ?
කොලුවා ඇත්තම කීවේය. ප්‍රවේශ පත්‍රයට එය මදිය. සෙනෙවිරත්න මුදලාලි සත පහක් සාක්කුවෙන් ගෙන කොලුවා අත තැබුවේය. පස්වනක් ප්‍රීතියෙන් පිනා ගිය කොලුවා වහා දුව ගියේ ප්‍රවේශ පත්‍රයක් ගන්නටය.
මුදලාලි ඒ මොකක්ද කළේ. අතින් සල්ලි දීලා නාට්‍ය පෙන්නන්නේ?”
කළමනාකරුවෙකු එය දැක පැවසුවේය.
අතින් සල්ලි දුන්නාට, මම සත පහක් හම්බ කළා කියලා පෙනුණේ නැද්ද?”
සෙනෙවිරත්න මුදලාලි ඇසුවේ ඇඟට පතට නොදැනීය. 
ඇත්ත නම් කොලුවා අසුලා ගත් සත පහ ද මුදලාලි අතින් දුන් සත පහ සමඟ එක්ව ශාලාවේ ආදායමට එක් වීමය.’
හෙන්ද්‍රික් සෙනෙවිරත්න මහත්තයා වගේම දූරදර්ශී කෙනෙක් ගංගොඩවිල උසාවි බිමේදී මගේ පිටට තට්ටු කළේය. “මොකද දිසානායක මෙහෙ? ඔයා නිමල් නේද?”

පෙරකදෝරු හිතවතා අප හා කතා කරන වෙලාවෙත් උකුසු ඇසින්............
මම හැරී බැලුවෙමි. ඒ විද්‍යාකර විද්‍යාලයයේ ඉගෙනගත්තෙකි. අපට ඉහළ පන්තිවලය. “නඩුවක් නේද? ඉතින් මොකක්ද අපෙන් කෙරෙන්න ඕනේ?” බොක්කටම වදින හිනාවකින් සංග්‍රහ කරමින් ඒ හිතවතා ඇසුවේය. 
පෙරකදෝරු හිතවතාට කතාන්දරය කිව්වේ අපේ අනිල්ය. 
“මේකයි සර් වැඩේ. මේ ලොකු අයියගේ නමටයි අපේ කඩේ රෙජිස්ටර් කරලා තියෙන්නේ. ප්‍රයිස් කන්ට්‍රෝල් එකෙන් කඩේට පැනලා ඇල්ලුවා කහ කුඩු පැකට් වගයක්. ඒවා අපිත් ගන්නේ කඩේට බඩු දාන අයගෙන්.... ඒ මිනිස්සුත් ලියාපදිංචි කට්ටියක් නෙවෙයිලු..... ඉතින්.......” 
“That’s enough. දැන් ක්ලියර්........ රෙජිස්ටර් නොකරපු තැනක බඩු අරගෙන කඩේක විකුණන එක තහනම් වැඩක් නේන්නම්.... බොහොම ලොකු වැරැද්දක්... ඒත් නිමල් වෙනුවට මම නඩුවට පෙනී ඉන්නවා. 
-එච්චර සීරියස්ලි හිතන්න එපා. චෝදනාව කියවපුවම ‘මම වැරදිකාරයා’ කියල කියමු. නඩු කියන්න ගියොත් කෙළවරක් නැහැ.... ඇදෙයි. කරදර වෙන්නයි, තව වියදම් කරන්නයි, රස්තියාදු වෙන්නයි තමා වෙන්නේ. දන්නවනේ, අපේ රටේ හැටි. වැරදිකාරයා කිව්වම පොඩි දඩයක් ගහයි.... එච්චරයිනෙ. අදම කේස් එක ඉවරයි... මොකද කියන්නේ?” 
පෙරකදෝරු මිත්‍රයා කතා කළේ කලබලයෙනි; වටපිට බලමිනි. උකුසු ඇස් එහා-මෙහා යවමිනි.
දඩ ගෙවාගන්න බැරි නම් මාව හිරේ ගියාවේ! මට හොඳ වැඩේ තමුසෙලා වගේ එවුන් එක්ක.........
“ඔයාලගේ කේස් එක ගනිද්දී මම එතැනට එනවා. බය වෙන්න එපා!” 
මනුස්සයා ඈතට ගියා විතරය. අන්නාගේ කට ඇරිණි. “තව කාව හරි බිලී බාගන්න තමයි ඔය රවුම් ගහන්නේ.... ඒක නෙවෙයි, ලොකා. පොඩි දඩයක් ගහයි කිව්වනේ. කලබලේට මං සල්ලි අරගෙන ඇවිත් නෑ. ඔයා ළඟ..........?” 
“ඇයි බූරුවෝ, මමද දන්නේ මොනවද වෙන්නේ කියලා. සල්ලි....? දඩ ගෙවන්න බැරි නම් මාව හිරේ ගියාවේ..... එතකොටවත් තමුසෙලගෙ බඩ පිරෙයිනෙ. තමුසෙලත් එක්ක වැඩ කරනවට මට මෙහෙම වෙලා මදි, ඕයි.” 
අන්නා ඔළුව ඉස්සුවේ නැත; කෙලින් බැලුවෙත් නැත. “මම ටක් ගාලා බොරලැස්ගමුවට ගිහින් සල්ලිත් අරන් එනවා. නඩු ඔක්කොම අහල ඉවර වෙලාලු දඩ අය කරගන්න පටන් ගන්නේ. මම ටක් ගාලා එන්නම්!” මිනිහා ඉගිල්ලුණේ තත්පරයෙනි. 
නඩුව අඬගැසිණි. මම විත්ති කූඩුවට නැංගෙමි. 
‘වැරදිකාරයා’ යැයි පිළිගත්තෙමි. දඩයක් නියම කෙරිණි. ඊළඟට ඒ ගොඩනැඟිල්ලේම පැත්තකවූ රිමාන්ඩ් සිර මැදිරියට ගාල් කරනු ලැබීමි. 
අම්මෝ..... එහෙම ගන්දස්සාරයක්.... හුලිජ්ජ ගන්ධකේ බැරිය. ඒ මදිවාට මුත්‍ර වාෂ්පයෙන් ඇස් දෙක අරින්නට බැරි තරමට දැවිල්ලකි. බීඩි- සුරුට්ටු- දහදිය ගඳවල් සේරම එකට මුසුවී; කැලත්තී නැඟෙන දුමාරයෙන් පිරුණු මිහිපිට අපායකි.
හිර කුටියේ හිටි වැඩිම දෙනා අයි.ආර්.සී.කාරයන් වගෙය..... (1970 නිව්යෝක් කල්ලියක ෆොටෝවකි.)
සිර කුටියේ හිටි වැඩිම දෙනා පෙනුමෙන්ම අප්‍රසන්නය; අයි.ආර්.සී. කාරයන් විදිහය......... ඒත් උසාවි වැඩ ගැන දැනුවත් දැනමිත්තන්ය. නිතරම එතැනට යන-එන්නන් වගෙය. “මහත්තයාගේ මල්ලිත් මාර පොරක්නේ. මල්ලීට එන්න පරක්කු වුණෝතින් තමයි ඔයාට ලෙඩේ වෙන්නේ. අදම දඩේ ගෙව්වේ නැත්තං වැලිකඩට දායි!” මගෙන් විස්තර ඇසූ කෙනෙක් කිව්වේය. 
“ඈ?” 
මට කියැවුණේ නිකම්මය. 
සිරි ලියනගේ මහතාගේ ‘නිරුක්ති සහිත සිංහල ශබ්දකෝෂය’ පොතේ 178 පිටුවේ ‘ඈ’ යටතේ නිරුක්ති දක්වා තියෙන්නේ මෙහෙමය. 
‘ඈ, 1. සිංහල වර්ණ මාලාවේ සිවුවැනි ස්වරය, ඇකාරයේ දීර්ඝය. 2. ඇය, ස්ත්‍රිය, ඒ තැනැත්තිය. 3. ප්‍රශ්නාර්ථයෙහි යෙදේ, මොකක්? 4. එනම් සතා. ඈයා. 5. ආඥාව, අණ. 6. ආදායම, අය. 7. වඳ බවට පත්, අභාවයට ගිය. 8. ආර්ය.’
ඈ අක්ෂරය තියෙන්නේ සිංහල භාෂාවේ විතරක් බව.........
ඈ අක්ෂරය තිබෙන්නේ සිංහල භාෂාවේ විතරක්ය කියන පෝස්ටුවක් මුහුණු පොතේ තිබිණි. බාසා වෙසරදයෝ ඒ මතය පිළිගනිත්දැයි මා දන්නේ නැත. එහෙත් එදා ගංගොඩවිල උසාවියේ සිර කුටියේදී නම් නිදිට ‘ඈ?’ කියැවුණේ බයටමය; නොහිතාමය. 
ඒ හිර කුටියේ හිටි පැය දෙකකට ආසන්න කාලය මට කිසිදා අමතක නොවන්නකි. 
මොන වරදක් කළත් සිරකරුවොත් ආශ්වාස-ප්‍රාශ්වාස කරන; නාඩි වැටෙන ප්‍රාණකාරයෝ වෙති. ඔවුන්ගේ අසරණකම මා හොඳටම අත් දුටුවේ වීරවිල හා පල්ලෙකැලේ එළිමහන් සිර කඳවුරුවලදීය! මහියංගනයේ මාපාකඩවැව තාවකාලික රැඳවුම් කඳවුරේදීය!! 
දඩ මුදල් ගෙවන්නට පටන් ගනිද්දී, අපේ අනිල් උසාවියට ඇවිත් උන්නේය; සල්ලිත් අරගෙන. මම අපායෙන් මිදුණෙමි. ඒ දවස ගැන සිහි කරද්දී තවමත් ලජ්ජාවෙන් මිරිකෙන කොටසකුත් තිබේ. 
දඩය ගෙව්වාට පස්සේ පෙරකදෝරු ගාස්තුව ගෙවන්නට, මා වෙනුවෙන් අධිකරණයේ පෙනී සිටි පෙරකදෝරු මහත්තයාව සෙව්වත් ඒ මනුස්සයා පෙනෙන මානයක නොසිටියේය. උසාවි භූමිය සෙනඟින් පිරිලා නිසා ඔහු සොයා ගැනිල්ල පහසු කටයුත්තකුත් නොවිණි. 
“අනේ ලොකා. ඔන්න ඔහේ යං. ගිනි කන මිනිස්සුනේ. අපේ ගාස්තුව නොගෙව්වට ඒ මනුස්සයා බංකොලොත් වෙන්නෑ.” යෝජනාව කළේ අනිල්ය.
එහෙන් මුත්‍රා බරකි; මෙහෙන් සරුවාංගයෙන් හමන අප්‍රසන්න කුයිලකි!
ඒ වෙනකොට මටත් ඇති වෙලාය! එහෙන් මුත්‍රා බරකි. මෙහෙන් සරුවාංගයෙන්ම හමා එන කුයිලකි. ගෙදර දුවන්නටත්, බරෙන් හා කුයිලෙන් මිදෙන්නටත් තිබුණු නොඉවසිල්ල නිසා මම අන්නාට කීකරු වීමි; යුතුකම පසෙකට දැම්මෙමි! 
ජීවිතයේ පළමු හා එකම වතාවට නීතියෙන් වැරදිකරුවෙකුවී, දඩයකුත් ගෙවා දමා මා ගෙදර ආවේ නීතීඥ ගාස්තුව නොගෙවා හොරෙකු මෙනි! 
ඒ ගැන නම් මට තවමත් ලජ්ජා හිතෙයි. එදා මගේ ඒ අකෘතඥකම ඒ තරම්ම ප්‍රබලය. 
“ලොකූ, ඔයා එහෙනම් ගෙදර යන්න. කඩේ වහලා තියන එක අපරාදෙනෙ. මම මෙහෙන්ම බොරලැස්ගමුවට යනවා....” මහරගම හන්දියේදී අපේ අනිල් කිව්වේය. 
මට වැටහුණේය. මිනිහාට උවමනා වුණේ, මගේ දෙහි කැපිල්ල මඟ හැරගන්නටය. කට කොකියමින් හිටියත් පාර-තොටේදී ඒකාට මොකුත් කියන්නට විදියක් නැතිය. එහෙම සීලවන්තකමක්; හැදියාවක් තියෙන නිසා මම තනිවම ගෙදර ගියෙමි. 
ඒත් පමුණුව පාර දිගේ ගෙදරට යන ඩිංගෙදී මගේ හිත කිව්වේ යමක් තදබල ලෙසින්ම වැරැදී ගිහින් කියලාය.
යමක් වැරදී ගිහින් තියෙන බව මට කල්පනා වුණේ පමුණුව පාර දිගේ.......
‘අල්ලපු කඩයේ ඉඳලාත් සුනිල්ලා, මල්ලිකාලා මේවා එකක්වත් දන්නේ නැතිද? මේ යක්කු ඉන්නෙත් ඇහැ-කණ පියාගත් ගමන්ද?’ 
මට කල්පනා වුණේ එතකොටය. පොඩි කාලේ එක පොකුරට; එකට වැටී හිටියත් දැන් පවුලේ එකිනෙකා වෙනම ඉගිලෙන්නට පටන් ගෙන තිබෙන බව මට වැටහුණේ එතකොටය. සංසාරයේ හැටි එහෙමය. ‘අදම ගිහින් ටිකාක් අවුස්සලා බලන්න ඕනේ!’ 
එදාම හවස මම කඩයට කඩා වැදුණෙමි. ඒ වෙනදා මා එහි යන වෙලාවක නොවේ; අහම්බෙනි. මගේ ප්‍රාදූර්භූත වීම පොඩි මාමාත්, අනිලුත් විතරක් නොව කීර ලෑල්ලේ කුමාරලාත් අන්ද-මන්ද කරවූ බව හොඳටම පෙනුණේය. 
අන්ද-මන්ද දැඩි චණ්ඩ සිතුම් ඇති පුඟුලන් මැද දෙරණේ - ඉන්ද්‍රඛීලයක් සේ මම ඉන්නෙමි....’ නාරද දිසාසේකර අදත් ගයන්නේ විවිධ- විෂම මිනිසුන් ගැනය. ඒ යෙදුම වෙනත් කිසිම ගීතයක තිබෙතැයි මට මතක් වෙන්නේ නැති හැටි..... 
බොරලැස්ගමුවේ කඩයට ගිය වහාම අන්ද-මන්ද, වික්ෂිප්ත මුහුණුවලින් යුතුව මා වට කරගත්තේ එහෙම කිහිප දෙනෙකි. එයින් කැපී පෙනුණේ කුමාරලාගේ අම්මාගේ මුහුණයි.....

7 comments:

  1. 1.a as in apple, cat, anchór, paŧh, grass
    2.á as in stáble, áprøn, cápe
    3.ä as in cär, fäŧher, bäll and wäś, äbøve, górillä
    4.ã as in ãwfül, sãw, cãuśe
    5.â as in ânÿ, mânÿ, sâid, sâyś

    http://www.tysto.com/articles04/q1/20040226ara.shtml



    https://en.wikipedia.org/wiki/Acute_accent

    https://en.wikipedia.org/wiki/Diacritic

    https://www.merriam-webster.com/words-at-play/how-to-use-and-understand-diacritics-diacritical-marks/what-is-a-diacritic-anyway

    ReplyDelete
    Replies
    1. ස්තුතියි Pra Jay.
      ඈ ශබ්දය පෙන්වන්නට අකුරක් තියෙන්නේ සිංහල භාෂාවේ විතරක්ය කියන කතාව ඇත්ත වගෙයි.

      ඔයාගේ නිදසුන්වලට ass වචනේ මිස් වුනේ කොහොමද?

      මිතිල (යටින්) කියල තියන කතාවත් හරියටම හරි, නේද?

      Delete
  2. ඈ කියල වෙනම අකුරක් අනික් භාෂා වල නැති වුනත් [තියෙනවද කියල හරියටම දන්නෙ නෑ] ඒ ශබ්දය එන වචන තියෙනවා. සිංහල භාෂාවේ හැම ශබ්දයකටම අදාල අකුරක් තියෙනවා කියල දවසන් මම ෆේස්බුක් එකේ පෝස්ට් එකක දැක්කා. ඒත් ඒක නන් වැරදියි... 'මම' වචනෙම අරගෙන බලන්නකො... එක අකුර උනාට ශබ්ද දෙකක්නෙ....

    ReplyDelete
  3. සමහර (සංවෘත) අකුරු වෙන්නෝනි, සඳහාත් අපේ හෝඩියේ තියෙන්නේ එකම අකුරු තමයි මිතිල.

    මමත් සිංහලයට කැමතියි. ඒත් ඒක ලෝකයේ තියෙන පිරිපුන්ම, සකලාංග සම්පූර්ණ භාෂාවය කියල හිතන්නේ නැහැ.

    ReplyDelete
  4. ඔය සිංහල අකුරු ගැන ලස්සන කතාවක් තියෙනවා. අපේ ඉතිහාසයේ තියෙන අඳුරුතම කාලෙකට පස්සේ මානවම්ම කියලා කුමාරයෙක් රජ වෙනවා. ඔහු අවුරුදු තිහක් හතළිහක් විතරම ජීවත් උනේ දකුණු ඉන්දියානු පල්ලව රාජධානියේ. මේ මානවම්ම රජ්ජුරුවන්ගෙන් පටන් ගන්න රාජ පරම්පරාව තමයි අනුරාධපුරයේ බිඳ වැටීම දක්වාම රජකම් කලේ. හරි අමුතු ගති සිරිත් තිබ්බ හැබැයි එකිනෙකා අතර ගහ මරා ගැනීම් අඩුම පරම්පරාවක්. ඉතින් මම කිව්වා වගේ ඔවුන්ගේ පරම්පරා දෙක තුනකටම පල්ලව ආභාසය තදින් දැනුනා. ඒ කාලෙන් - ක්‍රි. ව. 7 සියවසේ අග බාගෙන් -පස්සේ තමයි සිංහල අකුරු මේ දැන් තියෙන හැඩේට විකරණය උනේ.....අදත් සමහර ද්‍රවිඩ බාෂාවල අකුරු හැඩ එක්ක සිංහල බසේ ලොකු සමාන කමක් තියෙනවා. ඊගාවට ඔය ඇ කාරය සිංහල බසට එක වෙන්නෙත් ඔයිට් ඔයිට ටික කාලෙකට පස්සේ. දැනට තියෙන සාක්කි එක්ක නං පොළොන්නරු යුගයේදී. හැබැයි අනුරාධපුර යුගයේ අන්තිම කාලේදී නෙවෙයිද කියල හොයල බලන එකත් වටිනවා. එහෙම නං සිංහල අකුරු තමයි මාරම කියල පාරම් බාන්ඩ ඉස්සර ටිකක් හොයල බලමු නේ....

    ReplyDelete
    Replies
    1. කොහොමත් ඕනෑම සංස්කෘතියක අංග බොහෝ ප්‍රමාණයක් තවත් සංස්කෘතියකින් ණයට අරගත්තුවා...

      Delete
    2. සහතික ඇත්ත.නොමුහුන් සංස්කෘති ගැන කියන්නේ; අදහන්නේ ළිඳේම ඉන්න අය විතරයි.

      මානවම්ම කුමාරයා නේද ලොකූ, කතරගම දෙවියන්ගේ මොනරාට ඇහැක් බිලි දුන්නේ?

      ලොකූ හරි මිතිල හරි බූෂණ හරි තමයි මට හිතෙන විදිහට සිංහල අකුරු පුරාණයක් ගැන හොයලා ලියන්න ඉන්නේ, බ්ලොග්ස් ලියන අය අතරේ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්