li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, June 4, 2020

JVP නිමල්ගෙ දානෙත් එපා!- පළමු කොටස

“දිසානායක, xxxxx ලොකු සාදු හම්බ වෙච්ච වෙලාවේ කිව්වා, නොවැරදීම මේ සැරේ දායක සභාවේ රැස්වීමට ඔයාවත් එක්ක ගෙන එන්නයි කියලා.” කුලතුංග සර් කිව්වේය.
කටුස්සෝ හිතාගෙන ඉන්නේ උන් උකුස්සෝ කියලා..............
ලොකු හාමුදුරුවන්ගේ වචනය අහක දැම්මත්, කුලතුංග සර්ගේ වචනයට ගරු නොකර ඉන්නට බැරිය. ඒ මං කටුස්සෙකු නොවෙන හින්දාය.
බෙල්ලේ රත්තරන් බැන්ද කටුස්සා ගැන මෑත දිනයෙක දයාබර ඔබට කිව්වා මතකය. ඊයේ-පෙරේදාවක තවත් කටුස්සන් වර්ගයක් ගැන ත්‍රී වීලරයක පිටුපස තිබුණු සටහනකින් දැනගත්තෙමි. හැබෑ අර්ථවත් සටහන මේකය: ‘කටුස්සෝ හිතාගෙන ඉන්නේ උන් උකුස්සෝ කියලයි’.

කොහොම හිතුවත් කටුස්සා කටුස්සාමය. ඕනෑ කරන වෙලාවට, ඌට ඕනෑ විදිහට පාට මාරු කරන්නට හැකියාව ඇත්තේ උන්ට විතරය.

අපට, අවුරුද්දටත් ගේ අස්සෙම ඉන්න කියා, වෙසක් එකටත් ගෙට වෙලාම ඉන්න කියලා, මඟුලට- මරණෙට පිටස්තරයන් වද්දා ගන්නට එපාය කියලා නීතිත් දම්මලා අපව ආරස්සා කළ උත්තමයෝ....
උන්ගේ එකෙකු මියගියාම තම-තමුන්ගේ ආරස්සාව ගැන නොහිතුවෝය; උන්ම දැමූ නීති ගැන පයිසෙකටවත් මායිම් නොකළහ.
ඒ නීති කඩන්නන් ගැන මොනවා කරන්නද?

Three වීල් පාඨයකින්ම කියනවා නම් ගුල්ලා වැඩ්ඩෙක් වෙන්නේ බාල ලෑල්ලක් දැක්කාමය!

මම නම් නීතියට බයය. ගුල්ලන්ට බයය.
ඒ මා බාල ලෑල්ලක් හින්දා නොවේ. මේ කොදෙව්වේ අප වැනි පුංචි සිඤ්ඤෝලාට එක නීතියකුත්, ඉදිමී ඉන්නා අයට තව නීතියකුත් බව දන්නා හින්දාය.
ඒ නිසාම පොසොන් පෝයටත් ගෙට වෙලා ඉන්නෙමි.

එහෙම කළාය කියලා මහින්ද මහ රහතන් වහන්සේවත්, දෙවියන්ට පවා ප්‍රියවූ තිස්ස රජතුමාවත් අහිංසක අප හා උරණ නොවෙනු ඇත.

අප සිරිපා මුඳුනේ ඉර සේවය බලන්නට පේවී සිටින අතරේ අපේ තාත්තා............
1976 අප්‍රේල් 17 වෙනිදා උදේ අප ශ්‍රී පාදස්ථානයේ උඩ මළුවේ වාඩිවී ඉර සේවය නරඹන්නට පෙළ ගැසී හිඳිද්දීය, අපේ තාත්තා ගෙල වැලලාගෙන සියදිවි නසාගෙන තිබුණේ. අප්‍රේල් 19 වෙනිදා හවස අප එනවිටත් පශ්චාද් මරණ පරීක්ෂණ නිමාවී, අවමංගල්‍යයේ වැඩ සේරම සංවිධානය කෙරිලාත් ඉවරය.
ඒවායේ බර කරට අරගෙන තිබ්බේ පිරිමි ළමා නිවාසයේ පාලක කුලතුංග සර්, සේ ටීචර්, රංජිත් ගුණසේකර අයියා, සෝමවීර ඇතුළු පිරිසයි .

කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන්’ පොස්ටු කියවූ කෙනෙකුට නම් සෝමවීර ගැන අමුතුවෙන් මතක් කරන්නට ඕනෑ නැත.

අපේ ගෙදරට විදුලියවත් නොතිබුණු ඒ කාලයේ, හදිසියෙවත් කෙනෙකු මට දුරකථන ඇමතුමක් දුන්නෙත් ළමා නිවාසයටයි.
ඒ මදිවාට සතියකට දවස් තුන-හතරක්වත්, අපේ සුනිලුත් මාත් හවස හතේ සිට දහය-එකොළහ වෙනතුරු අල්ලාප-සල්ලාපයේ යෙදී හිටියෙත් කුලතුංග යුවල සමඟයි. එච්චරකුත් නොවේ. “ඔන්නොහෙ රෑටත් කාලා තව ටිකක් කයිය ගහගෙන ඉඳලා යන්න නිමල්.... තාත්තිටත් කතාබහ කරන්න ඉන්නේ ඔයාලා විතරයිනේ....”
සමහර දාට කුලතුංග මහත්මියම අපට කියයි.

(ඒ ජෝඩුව එකිනෙකා අමතාගත්තේ ‘තාත්ති’ ‘අම්මි’ පදවලිනි.)

අපත් බැහැයි කියන්නේ කලාතුරකින් විතරය. ඒ රාත්‍රී භෝජනයටත් වඩා අපේ කතාබහ රසවත් හා හරවත් වුණු හින්දාය. (කුලතුංග යුවලත්, දරු තිදෙනාත් අපෙන් ඈත් වුණේ සර්ට ‘කළුතර-රිච්මන්ඩ් කාසල් ළමා නිවාසයේ’ පාලක තනතුර ලැබුණාමය.)
මං ඔය ගොඩක් මහත්තුරු වගේ වැඩි සැදැහැවතෙක් නෙවෙයිනේ!
“සර් දන්නවනේ මම ලොකු සර්ධාවන්තයෙක් නෙවෙයි කියලා. මම දායක සභාවටත් සැරේකට දෙකකට වැඩිය ගිහින් නැහැ, මෙච්චර කාලෙකට.” මම කීවෙමි.
ඒ ‘පුළුවන්කමක් තිබේ නම් මාව හළලා යන්නකෝ’ කියන ටික ඇඟවෙන තාලයටය.

“ඔන්නොහෙ යං. ගෙදර මරණයක් වුණත්, පාංශකූලේ දෙන්න වෙන්නේ ගමේ පන්සලටනේ මනුස්සයෝ!”

“සර් කියන නිසා මම එන්නං. මට ඔය සභාවේ ඉන්න උපාසකම්මලාගේ වැඩ දැක-දැක කට වහගෙන ඉන්නයි බැරි. ඒකයි මම පන්සලට යන එක අත ඇරලම දැම්මේ.”

ඒ දවස්වල xxxxx පන්සල හොඳටෝම පොඩි එකකි. එතකොට ලොකු හාමුදුරුවන් වහන්සේ මංගල සාදුය. පන්සලේ හිටියෙත් හාමුදුරුවරුන් වහන්සේලා හතර නමක් හෝ පස් නමක් හෝ විතරය.
චතුර ධර්මකථික හබරකඩ ඉන්ද්‍රරතන හාමුදුරුවන් වහන්සේත් එයින් කෙනෙකි. 
මහරගම ඒ පන්සලේ ආවාස ගෙය දියවින්නේ පන්සලේ මේ ආවාසයටත් වඩා පුංචිය.........
ආවාස ගෙය පැරණි ගෙදරකි. බණ මඩුව බාග බිත්තියකින් වටවුණු පුංචි ශාලාවකි. එකම කුටීරයකින් සැදුණු බුදු ගෙය ගොඩ නැඟුණේත් පසුකාලීනවය. “ඒ වෙලාවේ තමයි නිමල් මට පන්සල්වලට අරක්ගෙන ඉන්න දායක අම්මණ්ඩිලා එපාම වෙලා ගියේ.”
රේස්වලින් රේස් එකට පිම්මක්’ post එකේදී ඔබට හමුවුණු RPR මට කිව්වේ තරහෙන් පුපුරමිනි. (RPR 71 කැරැල්ලේ වැරදිකාරයෙකුවී හිරේ තැප්පෙකි.)

“අර මොකෝ?”

“xxxxx ලොකුම දායිකාව වත්තේගෙදර ....හාමිනේනෙ. බුදු ගේ හදද්දී ඒකේ මල් ආසනේ ඒ ගෑනිට තනියෙන්ම හදවන්න ඕනි කියලා එක යුද්ධයක් කළානෙ. වෙන කිසිම කෙනෙකුට හවුල්වෙන්න දුන්නෑ. දිවිය ලෝකෙට ගිහින් සක්කරයාව තනියෙන්ම අයිති කරගන්න හිතන්නැති.”

“ඉතින් මංගල සාදුවත් ඒකට මොකුත් කිව්වේ නැද්ද?”
“කොහේ කියන්නද නිමල්? කොයි උන්නාන්සේද ප්‍රධාන දායකයන්ව තරහ කරගන්න කැමති?”

කුලතුංග සර් ලොකු සාදුගේ ආරාධනය ගැන මට දන්වන කාලයේ, අර කියූ මංගල හාමුදුරුවන් වහන්සේ අපවත්වී, ප්‍රධාන ගෝල හිමි නමට පන්සලේ නායක තනතුර ලැබිලාය. එතකොට උන්වහන්සේ උපාධියක් හෙමත් අරගෙන ඉවරය.
දැන් තියෙන දායක සභාවල තනතුරු හිමිවෙන්නෙත්  බල-පුළුවන්කාර උදවියටමය........
දායක සභාවට ඇවිත් හිටි අය අතරේ නැන්සි ආච්චී, කේ.ඩී.ඒ. රම්‍යලතා (අනුලා ඇන්ටි), නන්දා මලවිසූරිය අක්කාගේ තාත්තා මලවිසූරිය අංකල්, වී.ජී. පියදාස අයියා වගේ ගොඩ දෙනෙක් වූහ.

(මට හරියටම නිච්චි නැතත් ඒ වෙද්දී පන්සලේ ලොකු සාදුට ‘ග්‍රාමෝදය මණ්ඩලයේ සභාපති’ තනතුරත් ලැබිලාද කොහෙදය.)

“අද දායක සභාවේ තමුන්නාන්සේලාව විශේෂයෙන්ම පන්සලට කැඳෙව්වේ අපේ පන්සලේ කරන්නට යන මහ විශාල පුණ්‍ය කටයුත්තක් ගැන සාකච්ඡා කරන්නයි. මේ කාලය රටට, ගමට, දායක උපාසක-උපාසිකාවන්ට විතරක් නෙවෙයි, ආර්ය බුද්ධ පුත්‍රයන් වන අපටත් ත්‍රිවිධ රත්නයේ වගේම සියලු සම්‍යක්දෘෂ්ටික දෙවි-දේවතාවුන් වහන්සේලාගේත් ආරක්ෂාව ඇල්ම-බැල්ම අවශ්‍ය කාලයක්.....”
ලොකු හාමුදුරුවන් එහෙම කිව්වාට ඒ කාලයේ කොරෝනා තිබුණේ නැත; ඩෙංගු තිබුණේත් නැත. සාර්ස්, කුරුළු උණ, මී උණ එහෙමත් තිබ්බේ නැතිය.
තිබුණේ තද පෑවිල්ලක් විතරය.

“.... අපේ තථාගත සම්මා සම්බුදු පියාණන් වහන්සේ දේශනා කරලා තියෙන විදිහට මේ වගේ කාලයක පරිත්‍රාණ ධර්ම දේශනාවකින් ලැබෙන පිහිට මනින්න පුළුවන් තරමේ එකක් නෙවෙයි. විසාලා නුවරට තුන්බිය ආව වෙලාවෙත් බුදුහාමුදුරුවෝ පිරිත් දේශනා කළා. මේ කාලේ අපිත් තීරණය කළා ඒ විදිහටම රතන සූත්‍රය සජ්ජායනා කරන්න.....”
වට වන්දනාවේ යන නඩය ඈතින් රුවන්වැලි සෑය පෙනෙන්නට ගන්නා විටම සාදු නාද දෙන්නට .............
“සාදු සාදු සාදූ!” වට වන්දනාවේ යද්දී රුවන්වැලි සෑය ඈතින් පෙනෙද්දීම සාදුකාර නැඟෙයි.
එදාත් එහෙමය!
රතන සූත්තර දේශනාව ගැන කියවෙනවාත් එක්කම, කලින් උගන්වලා තිබ්බා වගේ ප්‍රධාන දායිකා උපාසිකාව දොහොත් මුඳුනේ තියා මහ හයියෙන් සාදුකාර දුන්නාය.
“අනේ සාදු!”

ඊයේ රාත්තිරියේ අපූරු වීඩියෝවක් බලාගන්නට මට වාසනාව ලැබිණි. ‘විලාප දෙමින් හැඬීමේ පෙරහුරුවක්’. ශ්‍රී ලංකේය දේශපාලන බිමේ ‘රජුන් තනන්නන්’ ලෙස විරුදාවලී ලද පරම්පරාවේ ‘ආරුමුගම් තොණ්ඩමන්’ ප්‍රජා සවිබල ගැන්වීම් සහ වතු යටිතල පහසුකම් සංවර්ධන ඇමතිතුමාගේ අවමඟුල රාජ්‍ය ගෞරව සහිතව ඊයේ පැවැත්විණි.

කොරෝනා මර්දන සටනේ ඉහළ සෙන්පතියන්ගේ උපදෙස්, සෞඛ්‍යාරක්ෂිත උපායන් නොතකමින් VIPලාත් එකතුවී පැවැත්වුණු ඒ අවමඟුලේදී හඬා වැලපෙන හැටිය, අර වීඩියෝවේ rehearsal කළේ.
දැන් දේශපාලන රැස්වීම්, උත්සව, පෙළපාලි, මාරාන්තික උපවාස හැම එකක්ම වාගේ මෙහෙම කල් ඇතිව පිටපත ලියවී; පෙරහුරු පවත්වා කෙරෙන නාඩගම් වුණත්- ඉස්සර ඒ තරම් දියුණුවක් තිබුණේ නැතිය.

ආරුමුගම් තොණ්ඩමන් ඇමතිතුමාගේ අවමඟුල් උත්සවයේදී විලාපදී හඬන්නට වතුකර කතුන්ට විශේෂ පුහුණුවක්........
හැබැයි, ඒ කාලෙත් අර උපාසකම්මා කල් තියා පුරුදු-පුහුණුවී හිටි බව නම් මොනවට පැහැදිලි විණි.

“කලබල නොවී ඉන්නකෝ උපාසිකා නෝනා මහත්තයා මම කියනකල්..... මේක සාමාන්‍ය පිරිත් සජ්ජායනයක් නෙවෙයි.... සතියක දෙකක පින්කමකුත් නෙවෙයි. මහ විශාල එකක්.... අපේ පන්සල වගේ පුංචි පන්සලකින් කරන්න තියා හිතන්නවත් බැරි තරමේ විශාල කටයුත්තක්.
ඒ නිසාමයි මම අද දායක සභාවට ගමේ හැම දෙනාටම එන්නය කියලා දැනුම් දුන්නෙත්. මොකද මට මේ ගමේ හැම දෙනාගේම උදව්ව ඕනෑ වෙනවා මේ පින්කමේදී... හැම දෙනාගෙම.....”

xxx ලොකු සාදු හොඳ කථිකයෙක් නොවේ. කියන ටික කිව්වෙත් වරුවක් අරගෙනය. ඒත් පන්සලේ නායක තනතුර ලැබුණාට පස්සේ එතෙක් නොතිබුණු තේජසක් නම් ඇවිදින්ය. එතෙක් නොතිබුණු බලයක්.....?

“මම පන්සල් යන ජාතියෙ එක්කෙනෙක් නෙවෙයි. හැබැයි මම පිලොසොෆි එකෙන් බුඩිස්ට්. මං කාටවත් වරදක් කරන්න යන්නෙත් නැත්තං, මං කාටවත් ගේමක් ගහන්න යන්නෙත් නැත්තං, මගේ පව් වැඩ නැත්තං මට මේක ඇතුළේ බය වෙන්ඩ දෙයක් නැහැ.”

එහෙම කියන්නේ ස්වාමීන් වහන්සේ කෙනෙකු ලෙස රඟපාන්නෙකි. මං මේ කියන්නේ ලංකාව පුරා බොහොමයක් පන්සල්වල ඉන්නා උදවිය ගැන නොවේ. ටෙලියක ඉන්නා කෙනෙකු ගැනය. චීවරධාරීන් යහමින් හිටියත්, මේ මනුස්සයාට ටෙලිය සඳහා සිවුර පොරවා ගන්නට පෙර පේ වෙන්නැයි කියලාත් සමහරුන්ගෙන් උපදෙස් ලැබිලාය.
සිවුරු පොරවාගෙන හාමුදුරු චරිතය රඟපාන්න කලින් පේවෙන්න කියලත් සමහරු මට කිව්වා............
“... මට සමහර කට්ටිය පේ වෙන්ඩත් කිව්වා.... මං කිව්වා, නෑ...” මේ කියාගෙන යන්නේ ‘තණමල්විල කොල්ලෙක්’ ටෙලි නාට්‍යයේ සිරිරතන හාමුදුරුවන් වහන්සේට රඟපෑ දසුන් පතිරණ කියූ දේවලින් ටිකකි.

“... මං කිව්වා ‘නෑ’.... මිනිස්සු ආදර ගෞරව කරන මේ සිවුර කියන එක ඇඳුමක් විතරයි. අපි සිවුරට වඳිනවා තමයි. ඒත් අපි වඳින්න ඕනේ සිවුර ඇතුළේ ඉන්න මනුස්සයටනේ. මට නම් මනුස්සයෙකුට වඳින්න සිවුරක් දරාගෙනම ඉන්න ඕනේ නැහැ.... මනුස්සයෙක් වුණාම ඇති, මට පුළුවන් බිම දිගා වෙලා වඳින්න.....”.

ඒ ටික කිව්වේ මට දැනුණු වැදගත්ම දෙයක් කියන්නටය. සිවුර දරාගෙන ස්වාමීන් වහන්සේ නමක් ලෙස රඟපානවිට හිතමිතුරු යාළුවන් වඳිද්දී සිතට නැඟුණු හැඟීම් ‘දස්සා’ හංගන්නේ නැත. “යාළුවො කට්ටියම වඳිද්දී නම් පර්සනල්ටිය up වුණා!”.

පොදු ජනතාවගෙන්; එහෙයියන්ගෙන් හිටු කියලා වැඳුම්-පිදුම්-උපහාර ලබන අයගෙ මොන-මොනවා up වෙනවා ඇතිද? උන්නැහේලාට වැඳ-පුදා; බදා -වැළඳ; පඬුරු-පාක්කුඩම් පිරිනමා එතුමන්ලාව වරදට පොළඹවන්නේ අපමය. ඒවා රස වැටුණාම දැන් ඇති කියා දාලා යන්නට හිතේවිද?
නායකකම්-පට්ටම්-තානාන්තර ලැබෙද්දී.....(පලා කටුස්සාගේ ෆොටෝ එක චන්දන දිසානායකගේය.)
එදා ලොකු හාමුදුරුවන් වහන්සේටත් වෙලා තිබෙන්නට ඇත්තේත් මේකමය. නායකකම ලැබෙනවාත් එක්ක, personalty එක up වීමය! යසිසුරු-සම්පත් ලැබීමය!! බලය වර්ධනය වීමය!!!
මේ හදන්නේ ඒ තේජස රටටම පෙන්වන්නටය. එමඟින් තව-තවත් බලවත් වෙන්නටය.

“මට ඕනේ මේ පුංචි මහරගමෙන් සිරි ලංකාවටම සෙතක්-ශාන්තියක් පතුරවලා අරින්න.... රතන සූත්‍රය ලක්ෂ වාරයක් සජ්ජායනා කරලා....” උන්වහන්සේට කතාව නවත්තන්නට වෙන තරමේ සාදුකාරයකි, එතකොට නම් බණ මඩුවෙන් නැඟුණේ. දැන් රැස්වීමේ නිඳා වැටෙමින් උන් වැඩිම දෙනෙකු පණ ගසා ඇවිදින්ය; ප්‍රබෝධවත් වෙලාය.

“මේ සජ්ජායනා කරන එකට මාස ගණනාවක් යනවා. පටන් ගත්තාට පස්සේ ලක්ෂ වාරය සම්පූර්ණ වෙනකල් මොනම හේතුවක් නිසාවත් පිරිත් දේශනාව නවත්තන්න බැහැ. රෑ දවල් නොබලා, නොකඩවා පිරිත සජ්ජායනා කරන්න වෙනවා!...”

එවෙලේම උන්වහන්සේ ඒ සඳහා යන මාස ගණනාව ගැනත් කීවෝය. මට ඒ ගණන නම් හරියටම මතක නැත.

“... මේ පිරිත් සජ්ජායනා කරන උන්නාන්සේලා සම්පූර්ණයෙන්ම මස් මාංශවලින් වැළකිලා..... පිරිසිදුව පේ වෙලා ඉඳගෙනයි පිරිත් දේශනාවට සහභාගී වෙන්නේ. අඩුම ගන්නේ උම්බලකඩ ටිකක්වත් දානෙට මුහු කරන්න බැහැ...”
දැන් කාලයේ සර්ධාවන්තයන් වැහි-වැහැලාය... හැම තැනමය.............
මගේ මතකය මහ පුදුමාකාර එකකි.
අද මේවා මතක් වේගෙන-වේගෙන එන්නේ සිනමා පටයක් පරිද්දෙනි. කලින් වතාවල ‘මුල් පිටුව බලන්නට මහ පාන්දර උපාසිකාවකගේ ගෙදරට වැඩිය හිමි නම’ ගැන කියද්දීවත්,
බක්කරේගේ pork දානය’ ගැන කියද්දීවත් අද කියන දේවල් මතක් වුණේ නැති හැටි. 

“ඔබ වහන්සේ කියනවා නම් උම්බලකඩ ටිකක්වත් නොදා දානේ ටික පිළියෙළ කරලා ගේන්න අපිට පුළුවන් හාමුදුරුවනේ...” කලබලය නිසා තවත් උපාසිකාවකට හාමුදුරුවරු ‘කියන්නේ නැති’ බව අමතක වෙලාය. උන්වහන්සේලා ‘වදාරනවා’ විතරනේ.

“අනේ උපාසකම්මේ.... මෙහෙම දෙයක් කරද්දී ඒ වගේ අවදානමක් ගන්න විදිහක් නැහැනේ.... අපි හිතාගෙන ඉන්නේ වෙනම කෝකියන් දෙතුන් දෙනෙක් ගෙන්වලා, පන්සලේම නතර කරවාගෙන ඒ දවස්වල දානේ පිළියෙළ කරවාගන්න....”

අනේ හත්තිලව්වේ... ලොකු සාදු එහෙම ‘වදාරපුවාම’ බණ මඩුවේ හිටි අයගෙන් ඇහුණු හීල්ලීම.... හූස් කියලා උඩට හුස්ම ඇදීම....
පහුගිය ජනාධිපතිවරණය කටේ තියෙද්දී කැලණිය පන්සලට නයි පැටෙව්වේ නාග ලෝකයෙනි! මෙදා පොටේ මහ මැතිවරණයේදී ..
පහුගිය ජනාධිපතිවරණයට කලින් දවස්වල; ප්‍රචාරණ කටයුතු අවසන්වූ දවස්වල නාග ලෝකයෙන් නයි පැටෙව්වා මතකද? කැලණි ගඟෙන්...?
ඒ වංගියේය ‘නාග ලෝකයෙන් චීන කරඬුවක දමාගෙන ආ ධාතුන් වහන්සේලාත්’ කැලණිය පන්සලේම අසීමිත මහජන ප්‍රදර්ශනේට තිබ්බේ...

ධාතු වන්දනා කරන්න පෝලිමේ එන උපාසක-උපාසිකාවන්ට එක නෙලුම් පොහොට්ටුව ගණනේ හාමුදුරුවන් වහන්සේලාම සතර අගතියෙන් තොරව බෙදුවේ....

ඒ වගේ ‘කේඩෑරි නයි පැට්ටෙකු’ නොවේ,
ළඟ එන මහ මැතිවරණයට ඉස්සෙල්ලා නාග ලෝකේ ඔක්කොම නයි මෙහාට පැටෙව්වත් එදා අපේ පන්සලේ ධර්ම ශාලාවෙන් නැඟුණු ‘හූස්’ ගෑම පරද්දන හූස් කීල්ලක් ඇහෙනු බැරිය.

‘අනේ හාමුදුරුවනේ.... කොහොමද එහෙම කරන්නේ...?”

“එක නේන්නං. මෙහෙම පිනක් කරගන්න ලේසියෙන් හම්බ වෙනවද?”

“අපේ ගෙවල්වල කිරි දාන දෙනකොට අපි ලුණුවත් රස බලන්නැතිව උයන්නේ....”
සකුණ යුද්ධය වගේම එදා ධර්ම යුද්ධයකුත් කෙරීගෙන ගියේය!
විනාඩි ගණනාවක් යන තුරුම ‘ධර්ම යුද්ධය’ කෙරීගෙන ගියේය.
එතකොටවත් මට වචනයක්වත් කතා කරන්නට හිතුණේ නැත.
ඒ ශ්‍රද්ධාව ගැන මට හිනා නැඟුණා මිස තරහක් හිතට ආවේම නැත.

බුදු දහම ආරක්ෂා වෙන්නේ සංඝ පරම්පරාවක් පවතිනවා නම් පමණි. එහෙම වෙන්නට පන්සල් තිබෙන්නට ඕනෑය. පන්සල් රැකෙන්නේ අර වාගේ සැදැහැතියන් නිසාය.

මා වැනි නසරානියන්ගෙන් පන්සලකට වෙන සෙතක් නැත.

‘කණ කැස්බෑවා විය සිදුරෙන් අහස දකිනවා වගේ’ හරිම කලාතුරකින් අපට සර්ධාවක් ඉපදිලා පිනක් කරගන්නට හැදුවත් ඒක ඉවර වෙන්නෙත් අවුලකිනි.
එක්ගල්ඔය පන්සලේදී ලක්ෂ ගණනක පිනක් කරන්නට ගිහින් වුණේ ඒ සන්තෑසියයි.

වාසනාවට දියවින්නේදී එහෙම දෙයක් වුණේ නැත.
හැබැයි, ඒ දෙපොලේමත්.. අපේ පන්සලෙත් නායකකම් ඉසිලුවේ උගත් හිමිවරුන්ය.

උගතුන් වෙනවාත් එක්කම; වියතුන් වෙනවාත් එක්කම ප්‍රායෝගික බුද්ධිය මකබෑවී යනවාද?
දියවින්න පන්සලේ ශබ්ද පූජාව ... (foto- මිෂාන් රන්දික)
අපේ ලොකු හාමුදුරුවන් ඒ කාරණයේදී නම් greatය.
විරෝධතාව නැඟෙන්නට ඉඩදී බලාගෙන හිටි සේක. සිනා මුහුණින් යුතුව ඉවසාගෙන අසා සිටි සේක.
උපාසක- උපාසිකා පිරිසගේ ආවේගයන් අඩුවී.... ධර්ම සංවේගය හීනවී යනතුරු බලා සිටීමෙන් පසුවය එතුමෝ මුව විවර කළේ.........

18 comments:

  1. //පන්සල් රැකෙන්නේ අර වාගේ සැදැහැතියන් නිසාය.//

    සියලු දේ අනිත්‍යයි කියන දහමක පන්සල රැකගන්න වෙහෙසෙන්නේ මක්කටෙයි?

    ReplyDelete
    Replies
    1. හරිම විදිහට නම්, මම අදහස් කරන්නේ ආගම් (ඕනෑම ආගමක්) රැකෙන්නේ දාර්ශනික මතවාද දරන්නන් නිසා නොව සැදැහැතියන් නිසා බවයි. ලිපිය අනුවයි පන්සල කියා යෙදුනේ, ඊටත් මා බොදුනුවෙක් නිසා.

      නමුත් මම මොනම ආගමක් වුනත් හැබෑවටම පිළිගන්නා අයට; පිලිපදින අයට කැමතියි. ඒ (මා දන්නා තරමට) හැම ආගමකින්ම කියන්නේ හැමටම යහපතක් කරන්නය කියලා නිසයි.

      මට හිතෙනවා කිසිම දහමක්- ප්‍රතිපත්තියක් නැති අය වඩා දුෂ්ටයි කියලා. මිතිල, ඒ මගේ මතයයි.

      Delete
  2. කැළණියෙන් හම්බවෙච්ච ධාතු කරඬුවටයි නාග රාජයාටයි මොකද උනේ? චන්දෙ දිනවලා දීලා ආපහු නාග ලෝකයටම ගියාද? සොරි, වැරදුනා, වැඩියද ??

    ReplyDelete
    Replies
    1. ඒකනෙ සෑම් මහත්තයෝ පුදුමේ. ඒවා හොයන්න, විමසන්න ජනමාධ්‍ය ආයතන නැහැනේ. අපට පසු විපරම් අරහං වගේ.

      Delete
  3. මට නිදිගේ කතා කියවනකොට දවසක් යනවා. මොකද දාල තියන ලින්ක් වලට ගිහින් එනකොට මුලින් බැලුවේ මොකක්ද කියල මටම මතක නැහැ හේ හේ

    ReplyDelete
    Replies
    1. මෙහෙමනේ වැඩේ සජිත් මහත්තයෝ. ගමක හිටිය, අවුරුදු හැටක් තිස්සේ වරින්-වර මගේ ජීවිතය හරහා ආව-ගිය උදවිය ගැන කියන්න වෙනවනේ, මගේ ජීවිත කතාව කියද්දී.

      මට එයාලව මතක තිබුනට ඔයාලා වගේ යට එයාලව මතක නොහිටින්න ඉඩ තියෙනවා තමයි. ඒ නිසයි කලින් කියවුණු ලින්ක්ස් යොදන්නේ. හැබැයි, මතක අයට ඒ links නොතකා කියවන්න පුළුවන්.

      අලුතින්ම කියවන අයටත් මේ links උදව්වක් වෙනවා.

      ඒ සේරෝම වගේම තවත් හේතුවකුත් තියෙනවා. මට ලොකුම බලපෑමක් කළ සමහර කෙනෙකුට මම කොච්චර කෘතවේදී වුනත් එක සැරයක්-දෙකක් විතරක් ලියන්න වෙන වෙලාවල් තියෙනවා. අද; මේ පොස්ටුවේ නන්දා මලවිසූරිය අක්කා වගේ.

      එකෙත් අවාසනාව කියන්නේ මේ ලිනක්ස් දානවිට සමහර ඒවා වෙනම වර්ණයකින් පෙන්වන්න බැරිව යනවා. එකම ක්‍රමයකට දැම්මත්.... ඒ වැඩේට ලොකු වෙලාවකුත් යනවා... ඒත් මට හිතට සතුටුයි එහෙම හරි එයාලට කළගුණ සලකන්න- ගරු කරන්න ඉඩක් ලැබෙන නිසා. එහෙම අය නිසා ලෝකේ හරියට වර්ණවත් වෙලා ලස්සන වෙනවානේ!

      Delete
    2. ගොඩක් සමාවෙන්න ඕනේ අජිත් මහත්තයෝ. කමෙන්ටුවේ ඔයාගේ නම වැරද්දුවාට. ඔන්න මම මටම ටොක්කක් ඇනගත්තා.

      Delete
  4. පන්සල් පල්ලි කෝවිල් වල මොනව කරගත්තත් මට නම් දැන් ප්‍රශ්නයක් නෑ. ලවුඩ්ස්පීකර් නැතුව කරනවනම්.

    ReplyDelete
    Replies
    1. ලස්සනම වැඩේ තමයි Pra Jay මහත්තයෝ, මේ දැනුත්.... අද මම කියන පන්සලේ හෝ ඊට ඉතාම යාබද පන්සලේ (ඒ දෙකටම විනාඩි පහක පා ගමනින් යත හැකි වත්තේගෙදර හන්දියේ ඉඳලා.) දාලා තියෙන පිරිත් මගේ කනේ ඇනෙනවා... කොරෝනා නිසා වෙන්නැති ... උදේ හවස දෙකේම දානවා....

      පමුණුවේ ඉන්න මට මෙහෙම ඇහෙනවා නම් ඒ කිට්ටුවම ඉන්න අයට? එකම හොඳේ දවස තිස්සෙම නෙවෙයිනේ.... උදේ -හවස පැය බැගින් වගේ විතරයි...

      Delete
  5. NiDi thada UNP karayek wage, Sajith Sajith kiyala gemboth kiwwalu neda?

    ReplyDelete
    Replies
    1. 1970 මම UNP වේදිකාවල කතිකයෙක් වුනු බව මම හංගන්නේ නැතිවම 'මඩ ගොහොරුවක පචවී' පොස්ටුවලින් කිව්වා. ඊළඟට වෙච්චි දේවලුත් ගොඩාරියක් කියලා ඉවරයි.

      ඒත් විජේබාහු මහත්තයෝ, අද වෙනතුරු කවදාවත් සජිත් මහත්තයා වෙනුවෙන් කිසිම ප්‍රියමනාප බවක් ඇතිවෙලා නැහැ.

      ඒ මම මෝඩ මිත්තරයාට වඩා නුවණක්කාර හතුරාට කැමති කෙනෙකු නිසා වෙන්නැති. අනෙක මම පෞරුෂය හා ප්‍රතිපත්තිගරුක බවත් තදින් බලනවා...

      Delete
  6. මේකෙ මාතෘකාව දැක්කම මට පරණ කතාවක් මතක් වුනා. අපේ ගම කිට්ටුව තියනවා ආරණ්‍ය සේනාසනයක්.ඒකට අපේ අම්මත් අවුරුදු පතා දානයක් දෙනවා. මගේ යාළුවකුගේ ගෙදර අයත් එක්ක වගේ එතනට දානය දෙන දවසේ මමත් ගියා. දානය පිලිවෙල කරල ආරාධනා කරන්න ලොකු හාමුදුරුවෝ ඉන්න කුටියට ගිය මගේ් යාළුවගේ තාත්තට හාමුදුරුවෝ කියපි මහත්තයාගේ දානේ අපිට එපා කියලා.අපි ඉතිං හොල්මන් මොකද මේ ගමේ පන්සල නෙමෙයි ආරණ්‍යයක් නිසා. පස්සේ හොයල බැලුව හම දැනගත්තේ හේතුව. ආරණ්‍ය තියෙන ඉඩම අයිතිකරුවන් සමග හාමුදුරුවෝ මොකක්ද ප්‍රශ්නයක් හදාගෙන.මගේ යාළුවගෙ ළගම නෑදෑයන් ඒ අය.

    ReplyDelete
    Replies
    1. කුමාර, අද්‍යතන සංඝ පරම්පරාවේ වැඩිම දෙනෙකු විවිධාකාර අගතිවල බැඳිලා ඉන්න අය විදිහටයි මට පෙනෙන්නේ- ගිහි අපටත් වඩා.

      Delete
  7. /“xxxxx ලොකුම දායිකාව වත්තේගෙදර ....හාමිනේනෙ. බුදු ගේ හදද්දී ඒකේ මල් ආසනේ ඒ ගෑනිට තනියෙන්ම හදවන්න ඕනි කියලා එක යුද්ධයක් කළානෙ. වෙන කිසිම කෙනෙකුට හවුල්වෙන්න දුන්නෑ. දිවිය ලෝකෙට ගිහින් සක්කරයාව තනියෙන්ම අයිති කරගන්න හිතන්නැති.”/

    දුටුගැමුණු රජ්ජුරුවො රුවන්වැලිසෑය හදද්දි පඩි නොගෙවා වැඩ ගන්ඩ එපා කිව්වෙත් ඔය නිසානෙ. පින තනියම අයිති කර ගන්ඩ. ඒ වෙලාවෙ හාමුදුරු කෙනෙක් ගඩොලක් හදාගෙන ඇවිත් සෑය කර්මාන්තෙට මුහු කළාම, ඒ්කට හරියන්ඩ ඒ හාමුදුරුවන්ටත් මොන මොනවද දීලා, ඒ පින තතනියම අයිති කරගත්ත කියල වංශකතාවල තියෙනව.

    ReplyDelete
    Replies
    1. ඒකනේ කියන්නේ ඩ්රැකී මහත්තයෝ, එතනත් තණ්හාව... ලොකුම ගොඩ අයිති කරගන්න! අපේ හැටිම තමයි....

      Delete
  8. //දිවිය ලෝකෙට ගිහින් සක්කරයාව තනියෙන්ම අයිති කරගන්න හිතන්නැති
    හෙහ් සක්කරයාගේ වැඩ දන්නවන් එවුනදැ මරණ හතයි

    ReplyDelete
    Replies
    1. දිවිය ලෝකවල දෙයියන්ලා කන්නේ නැහැල්ලු. දැකලා සුවඳ දැනෙන පමණින් කුස පිරෙනවලු.
      දිවියාන්ගනාවන් බෙදා ගන්න බැරිව නඩුත් කියනවලු. එහෙමත් කරලා ඒ බඩු අයිති කරගත්තට ඒවා භුක්ති විඳින්නෙත් අර මුලින් කන විදිහටම වෙන්ටැ!

      Delete
    2. සිරිබිරිස් උන්නැහේ, කිසිම බනකදී හාමුදුරුවරුන් මෙව්වා නම් පොතේ තියෙන බව වදාරන්නේ නැහැ.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්