li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Thursday, July 2, 2020

JVP නිමල්ගෙ දානෙත් එපා!- තෙවෙනි කොටස

ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය...........

‘ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය - මෝව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය’ කියලා දහංගැටයකිනි, ගියවර පෝස්ටුව අවසන් කළේ. දහංගැට තේරුම් ගන්නට බහුශ්‍රුතකමක් ඕනෑය; ඊටත් වඩා දැනුම්-තේරුම් ඇතිකමක් දහංගැට නිර්මාණය කරන්නට අවැසි වෙයි!

මේ දවස්වල එහෙම නැතිව නිර්මාණය කෙරුණු දහංගැට නිර්මාණ රැසක් මුහුණු පොතෙන් දැකගන්නට ඇහැකි වෙයි. ඒවා ආපහු පත්තුවී ඇති බව පෙනෙන්නේ ඒවාට වැටෙන කමෙන්ටුවලිනි. ප්‍රභූහු; ප්‍රභූ පුත්‍රයෝ, පුතාණෝලා විතරක් නොවේ පුරුදු පරිදිම අප්‍රමාණ සංඛ්‍යාවක් එකට එකතුවී, එව්වායින් තම-තමන්ගේ වරුණ හුදී ජනතාවට කියා දෙමින් හිඳිති.

රටට කෙළින්නට; අපට කෙළවන්නටය ඒ.

කාට කෙළවා හරි, කෙසේ හෝ ජයග්‍රහණය කළහොත්  සැණකෙළි කෙළින්නට හැකි බව උහු පළපුරුද්දෙන්ම දනිති.

මහ බැංකුව කොල්ල කෑවේ යැයි චෝදනා ලද්දවුන්ගෙන් ‘සන්තෝෂම් ලබාගත් 118ක්’ දැන් තරග බිමේලු. ‘මම සුදනෙක්මි’යි තවම එකෙකුවත් කියා නැතිවා වගෙය.

හැටෙන්-හැටපහෙන් විශ්‍රාම යා යුතු යැයි රටුනට කියමින් ඔවුහු (තමන් වියපත්ව; මහලුව; වළ පයයි- ගොඩ පයයි තබාගෙන හිටිද්දීත්) රට හදන්නට තමන්ටම බලය දෙන්නැයි ඉල්ලති. අපට සිදුවී ඇත්තේ ‘හිකෙන් පුනා වෙවී’ බලාගෙන ඉන්නටය!

පහුගිය පාර්ලිමේන්තුවේ 70ව පැනපු අයම 69 දෙනෙකි!

ඉතින් අපේ පන්සලේ ලොකු හාමුදුරුවන් වහන්සේත් (එහෙම හිනා වෙවී වෙන්නැති) දායක-දායිකාවන්ටම දානය පිළියෙළ කිරීමට ඉඩ ලබා දුන්හ.

රතන සූත්‍ර සජ්ජායනයට සපැමිණ, පන්සලේම ලැගුම් ගෙන හිටි සංඝයා වහන්සේලා පිරිස වෙනුවෙන් උදේ හීල් දානය, දහවල් දානය හා ගිලන්පස ආදිය දිගටම පිළියෙළ කිරීම පොඩිපටු සෙල්ලමක් නොවුණු බවත් එහෙන්-මෙහෙන් කියවෙන්නට පටන් ගැනිණි. ඒවා කනට වැටී තිබුණත්, මා අනුන්ගේ සීනි කිරන්නට ගියේ නැත!

ඒ දවස්වලමය; පිරිත් මණ්ඩපයේ තබා තිබුණු පැන් කළ උතුරා ගියේ!

ඒකෙන් ගම්මණ්ඩියේ සැදැහැවතුන්ගේ ශ්‍රද්ධාවත් උතුරා පිටාර ගලන්නට වුණේය.!!

“පින්වතුනි, මේ තාක් දුරට අපේ පිංකම කිසිම අඩුපාඩුවක් නැතිව සිද්ද වෙලා තියෙනවා. ඒ නිසා තමයි පිරිත් පැන් කළගෙඩි උතුරලා ගියේ...” හාමුදුරුවෝ දෙසූහ. පිරිස සාදුකාර දුන්හ. එයින් පසු ලොකු හාමුදුරුවන් වහන්සේ තවත් තුරුම්පුවක් ඇද්දාහ. මුලදීත් යන්තමින් විතරක් සඳහන් කෙරුණු යන්ත්‍ර - සුර - සුවඳ කුඩු ගැන කතාවකි ඒ.

“පින්වතුනි, ඔබලාට මතක ඇති, අපි සඳහන් කළා ‘පිරිත් සජ්ජායනය කරද්දී ගමටම බෙදන්නට පිළියෙළ කෙරෙන පිරිත් පැන් ගැන.... ඒ විතරක් නෙවෙයි රතන සූත්‍ර යන්ත්‍ර හා සුර ගැන. ඒ විදියට අපි රතන යන්ත්‍රය සටහන් කරවපු රත්තරන්- රිදී හා තඹ තහඩුත්, සුරත්, සුගන්ධ ධූප කුඩුත් සිද්ධි වෙන්නට තිබ්බා..... පිරිත් සජ්ජායනය අවසන් වුණාම ඒවා මහජනතාවට ලබා දෙනවා. ඒත් නොමිලෙම නෙවෙයි... යම්කිසි මුදලක් අය කරලා...

හැබැයි, අපේ දායක සභාවේ උදවියට ඒවා සපයන්නේ ඒ ගණනටම නෙවෙයි.... අඩු මුදලකට.....”

පිරිත් පැන් කළගෙඩි උතුරලා ගියාටත් වැඩියෙන් මගේ ආවේගයන්............

අනේ සමාවෙන්න.

එදා හාමුදුරුවන් වහන්සේ කියූ ගණන්-හිලවු නම් එකක්වත් මට මතක නැත. හැබැයි, ඒ කතාවෙන් සිද්ද වුණු දේත් මගෙන් කියැවුණු දේත් මතකය.

මොකද කියනවා නම්, පිරිත් පැන් කළගෙඩි උතුරා ගියාට වැඩියෙන් මගේ ආවේගයන් උතුරා ගිය බැවිනි.

මම ගණිතයට සමතෙක් නොවෙමි. O/L විභාගයේදී ඒ විෂය ගොඩ දාගත්තේ ක්වින්ටස් අල්විස් වීරක්කොඩි මිතුරාට පින් සිදු වෙන්නටය. එහෙම මොට්ටයෙකු වුණත්, තවමත් පොඩි-පොඩි ගණන් කිහිපයක් එකතු කරගන්නට, අඩු කරගන්නට, වැඩි කරගන්නට, බෙදා ගන්නට කැල්කියුලේටර පාවිච්චියක් මට නුපුරුදුය.

මහා ගණිතඥ රාමනුජන් උන්නැහේ නම් තත්පරෙන් හදන ඒ ගණන්, විනාඩි කිහිපයක් ගෙන; එවෙලේ මනෝමයෙන් හදාගත් මම උඩ ගියෙමි! ඉතින්, කට පියාගෙන ඉන්නද?

“අවසරයි හාමුදුරුවනේ!” මම නැඟිට්ටෙමි.

ඒ දවස වෙනතුරුම උන්වහන්සේ මා හා බෙහෙවින් හිතවත්ව හිටියහ.

ඒ බවට මා සතුව ඇත්තේ එකම සාක්කියකි. ඒ ඡායාරූපය ගත්තේ පන්සලේ බුදු මැඳුරේ පඩිපෙළ උඩදීය; කැමරාකරුවා වුණේ උන්වහන්සේය; 1968-70 අතර දවසකය; මා පේව්මන්ට් එකේ රජ වෙන කාලයේය.

මා එදා; දායක සභාවේදී එහෙම අවසර පැතුවේ ඊට අවුරුදු දහයකටත් වැඩි කලකට පසුවය.

මේ foto එක මට අරගෙන දුන් ඡායාරූප ශිල්පියා වුණෙත් මේ ලොකු හාමුදුරුවන්මය...........

“ඔව්, ඔව්... රංජි?”

“... හාමුදුරුවනේ, මට පොඩි-පොඩි ප්‍රශ්න වගයක් තියෙනවා....”

“ඒ මොනවද දිසානායක ඒ?” සිනහ මුසුව එතුමෝ විමසූහ. කුලතුංග සරුත්, රම්‍යා ඇන්ටිත්, අපේ ආච්චිත් වගේ අනිත් හැමෝමත් කන් දීගෙන සිටිති. මම කතාව කරගෙන ගියෙමි.

“දැන් ඔබ වහන්සේ කිව්ව විදිහට මේ මුළු පින්කමටම වියදම් වුණු මුදල මෙච්චරයි. ඒත් ඔබ වහන්සේම කියපු යන්ත්‍ර, සුර ටික මෙච්චරයි.... එව්වා විකුණන්න යන්නේ මේ, මේ ගණන්වලටයි. එහෙම ගණන් හදද්දී ඔබ වහන්සේගෙන් පුංචි අතපසු වීමකුත් වුණා කියලයි මට හිතෙන්නේ..... අපි මුලින් සූදානම් වුණේ පිරිත් කියන කාලෙදී ස්වාමීන් වහන්සේලාගේ දාන-මාන සේරම පන්සලේදීම හදාගන්නනේ. පස්සේ ඒ කටයතු සේරමත් ගමේ අයම බාරගත්තු නිසා එතනිනුත් ලොකු වියදමක් අඩු වුණානෙ.....”

එතකොට නම් උන්වහන්සේට ටිකක් තරහ ගියා වගෙය.

“හරි දිසානායක. මම හැම සතේම ගණන් හැදුවා නෙවෙයි. මේ නිකම් කියන්න ලැහැස්ති වුණේ....”

මගේ නොසරුප්කම! කට පියාගෙන වාඩි වෙන්නේ නැතිව තවත් කතා කළෙමි. “අවසර.... මමත් කියන්න හැදුව ප්‍රධාන කාරණාව ඒක නෙවෙයි!”

ශිව දේවයාට වගේ තෙවෙනි ඇසක් අපේ උපාසකම්මලාට තිබ්බා නම්, එදා මගේ අළුවල අළුවත්...

“එහෙනං?”

“දැන් මේ වියදමයි, සුර-යන්තර එහෙම විකුණන්න ලැහැස්ති වෙන ගණනුයි බැලුවාම හාමුදුරුවනේ, පන්සලත් නිකං ජාවාරම්කාර කළු කඩයක් වගේ වෙන්නනේ හදන්නේ....” ඇත්තය. දායක සභාවක් ඉදිරිපිටදී ‘කළු කඩය’ යන වචනය සැර වැඩියි වගෙය.

ජාවාරම කියන වදනත් උපහාසාත්මකය.

වචනයක් පිට වුණොත් වුණාමය. ආයේ අලි-ඇතුන් ලවාවත් අද්දනු බැරිය. මුහුණ රතු කරගත් ලොකු හාමුදුරුවෝ රවා බැලූහ. ශිව දෙවියන්ට වගේ අපේ උපාසිකාවන්ට තුන්වෙනි ඇහැක් තිබ්බා නං හෙම, මගේ අළුත් අළු වෙලා ඉවරය.

“මේකයිනෙ හාමුදුරුවනේ... ඔබ වහන්සේ මේ රතන සූත්‍ර සජ්ජායන පිංකම පටන් ගත්තේ ලංකාවේම මිනිස්සුන්ට සෙතක්- ශාන්තියක් යහපතක් කරන චේතනාවෙන්නෙ...”

“ඉතින්...”

“වැඩියෙන්ම ඔහොම පිහිටක් ඕනි වෙන්නෙ අසරණ වෙලා ඉන්න දුප්පත් මිනිස්සුන්ටනේ. දැන් ඒ මිනිසුන්ට පිහිට වෙනවා නම් අපි කරන්න ඕනේ, මේ රතන යන්තරයි, සුරයි පුළුවන් තරම් අඩු මුදලකට ඒ මිනිස්සුන්ට දෙන්න හදන එක නේද?”

“අඩුම මුදලකට දෙන්න නේන්නං මේ ලැහැස්ති වෙන්නේ, දිසානායක.”

පැටලුනාට පස්සේ අතෑරලා පස්සට යන්නට බැරිය. පෙනුණේ හාමුදුරුවන් වහන්සේ තර්කයට සූදානම් නැති බවය. ඒත් ගොන්කම නිසාම මගේ කට වැහුණේ නැත.

මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ..... (foto- චන්දන දිසානායක) 

“මට නම් එහෙම දෙයක් පෙනෙන්නේ නැහැ හාමුදුරුවනේ..... ඔබ වහන්සේ දැන් කියපු ගණනට සුරයි, යන්තරයි විකුණනවා නම් ආදායම මෙච්චරයි.... එතකොට ලාබය මෙච්චරයි....” මම ගණන් හදා පෙන්වීමි.

“... ඒ කියන්නේ වියදම වගේ හතර ගුණයක් විතර වෙනවා ආදායම..... එතකොට හාමුදුරුවනේ පන්සලත් ජාවාරමක් කරන කළු කඩයක් වගේ වෙනවා නේද?”

පන්සලේ සමිති ශාලාවෙන් කසුකුසු නැඟෙන්නට විණි. ඒවා මුණු-මුණුවක්ම විනා තේරුම් ගත හැකි ඒවා නොවීය.

“නිමල් දිසානායක මහත්තයාට මම කියන්න කැමතියි, එහෙම ලැබෙන ලක්ෂ ගණනාවම යහපත් වැඩකට යොදවන්නයි අපි ලැහැස්ති වෙලා ඉන්නේ. ඒකත් දැන්මම කියන එක හොඳ බවයි මට පෙනෙන්නේ.... අපේ අදහසක් තියෙනවා, අපේ පන්සලට ලොකු සංඝාවාසයක් හදන්න... කාමර ගණනාවක් තියෙන, ලොකු සංඝාවාසයක්.... ස්වාමින් වහන්සේලා විසිහතර නමකට වැඩ ඉන්න පුළුවන් එකක්."

(දැන් මතක් වෙයි..... ඔය 1976-80 විතර විය යුතුය. අපේ තාත්තා මියගියේ 76 දීය. ‘ඇට අටක් දෙනව’යි කියා ජයවර්ධන උතුමාණෝ 77 බලයට පත්වී සිටියහ. එහෙත් තුන් හවුල්; සමඟි පෙරමුණු ආණ්ඩුවේ ඉඩම් ප්‍රතිසංස්කරණ පනත්, කෙනෙකුට හිමිව තිබිය හැකි නිවාස ගණන... වගේ දේවල් එතකොටත් අපට මතක තිබිණි.)

මැතිනියගේ ආණ්ඩුවෙනුත් කිව්වේ ඕනැවට වඩා ලොකුවට ගෙවල් හදන්න එපා කියලනේ!

“අනේ හාමුදුරුවනේ, පහුගිය ආණ්ඩුවෙන් ගිහි අපටත් කිව්වානෙ ඕනිවට වඩා ලොකු ගෙවල් හදන්න එපාය කියලා.... පන්සලේ ඉන්නෙ ඔබ වහන්සේලා හතර දෙනයි.... එහෙම එකේ විසිහතර නමකට වැඩ ඉන්න සංඝාවාසයක් හදන එක.......”

හාමුදුරුවෝ, මට ඉවරයක් කරන්නටවත් ඉඩ නොතියා අන්තිම තුරුම්පුවත් සෙල්ලම් කළහ.  ඉන් පසුව මම කට පියා ගත්තෙමි.

“දිසානායක දන්නවද, මම ලැහැස්ති වෙන්නේ ප........ වගේ අපේ පන්සලෙත් පිරිවෙනක් පටන් ගන්න.....”

අපේ පන්සලේ සිට විනාඩි පහක පා ගමනින් යා හැකි දුරක පිහිටි ප....... පන්සලේ එවිටත් පිරිවෙනක් තිබුණේය. එහෙමය කියලා, උන් වහන්සේගේ අභිලාෂයට විරුද්ධ වන්නට අයිතියක් මට නැත.

‘ඉස්සන් පිසාපිය - රා කළයක්ම බීපිය - මෝව අඹවාපිය - මෙතුන කරලා මාව කාපිය’ කවිය ගැන මෙච්චෙල්ලා නොලිව්වේ සුදුසුම තැනදී කියන්නටය. දැන් නම් එය කියන්නට සුදුසුය!

ඉස්සන් කිව්වේ ඉරිසියාවටය. ඉරිසියාව උයලා; කාලා හරි ඉවර කරපිය! රා කළයම බීලා ඉවර කරපල්ලා කියන්නෙත් - රාගය නිමා කරගන්න කියන අදහසින්.

මෙතැන ‘මෝ’ කියන්නේත් මවට නෙවෙයි; මෝහයට. ඉතින්....ඉරිසියාව, රාගය, මෝහය විතරක් නෙවෙයි ‘මමත්වයත් දුරු කරලන්න’ කියලයි කවියේ අවසන් පදයෙන් කියන්නේ. ‘මාව අඹවාපිය!’

අපේ පන්සලේ සේරම වැඩ කෙරුණේ නුහුරට වගෙය!

මට හිතුණේ අපේ පන්සලේ වැඩ කෙරෙන්නේ ඔය සේරටම විරුද්ධව කියලාය.

මම කලාතුරකින්වත් පන්සලට යාම අතහැර දැම්මෙමි. අපේ ගෙදර අය නම් එහි ගියහ.

කිසිම ගණන් වෙනස් කිරීමක් නැතිව, ජීවම් කෙරුණු රතන යන්ත්‍ර, සුර පමණක් නොවේ සුවඳ දුම් කුඩු පවා මාස ගණනාවක් තිස්සේ අලෙවි කෙරිණි.

ඒ අතරේ දවසක පන්සලේ තිබුණු ලොකු දානමය පින්කමකට අපේ ආච්චීත් සහභාගි වූවාය. මොනවාදෝ ව්‍යංජනයක් පිළියෙළ කරගෙන අපේ ආච්චී පන්සලට ගියේ රම්‍යා ඇන්ටිත් එක්කය.

“අනේ රංජි, හාමුදුරුවරු සේරම පේළියට වාඩි වෙලා හිටියා. ඔයාලගේ ආච්චියි, මායි දෙන්නත් අපි ගෙනිච්ච එළවලු බෙදන්න ගියා..... ලොකු සාදු පාත්තරේ අතින් වහලා, ආච්චිට දානේ බෙදන්න දුන්නේ නෑනෙ- තරහ පිරිමහන්න ඕනේකමට....”රම්‍යා ඇන්ටි කිව්වාය.

“...එහෙම කරලා විතරක් නිකන් හිටියා නං කමක් නැහැ පුතේ..... අර හාමුදුරුවරුයි මිනිස්සුයි මැද්දේ කිව්වනේ, JVP නිමල්ගේ දානේ මට බෙදන්න එපයි කියලා...” අපේ ආච්චී කිව්වේ හඬමිනි.

ඇය හරිහැටි දැනගෙන හිටි jvp කතන්දරයක් නොවීය. ආච්චී ජවිපෙට කිව්වෙත් ‘චේ ගුරාකාරයන්’ කියලාය. අපේ ආච්චීට ඔවුන් පෙනුණේ ‘ජාතියක්-ජන්මයක්-ආගමක් ධර්මයක් නැති; මිනී මරණ; තුවක්කුවලින් ආණ්ඩු පෙරළන්නට යන්නවුන් විදිහටය; අඩු වයසෙන් මැරෙන්නට උපන් එවුන් විදිහටය.

හාමුදුරුවන් මාත් ඒ ගොඩට දැමීම ආච්චීට රිස්සුම් දුන්නේ නැත.


ආයෙත් එතන පස් පාගන්න මම නම් යන්නේ නෑ!

“අනේ රත්තරන් පුතේ... ඔය උඹට අපහාස කරපු පන්සලේ පස් පාගන්න මම නම් ආයෙත් යන්නෑ.... මම අද හෙට මැරෙයි... එදාට මගේ පාංශුකූලෙටත් ........ එහෙන් වඩම්මන්න එපා පුතේ....”

ආච්චිගේ මළගමට ගමේ පන්සලෙන් කවුරුන්වත් සහභාගී කරවා ගත්තේ නැත. එහෙත්, ඒ වෙද්දී අපට තිබුණු සබඳතා මත ගිගුම්මඩුවේ අනෝම හිමියන් ඇතුළු පිරිසක් පාංශුකූලයට සහභාගී කරවා ගැනීමට හැකිවිය.

ආච්චියේ.... ඊටත් වඩා ලොකු හපන්කමකුත් අපට කරගත හැකි විණි. ඔබේ හත් දොහේ බණට වැඩියේ ගංගොඩවිල සෝම හාමුදුරුවන් වහන්සේය! (ඔව්, එක අතකට මේවා තනිකරම පම්පෝරිය!)

ඒත් මේ කතාව එතැනින්වත් ඉවර නොවේ!

අපේ පන්සලට යාබදවම තිබෙන පාරෙන් වත්තේගෙදර හන්දියට යන එක ඉතා පහසුය. දවසක් මා එතැනින් යද්දී ලොකු හාමුදුරුවන් වහන්සේ මා නවත්වා ගත්හ. නවත්තා ගත්තා විතරක් නොවේ, දිරච්ච ලණුවකුත් ගිල්ලන්නට වෙර දැරූහ.

“එදා ළමා නිවාසේ කුලතුංග මහත්තයා නේද රංජිට අරහෙම කතා කරන්න ඉගැන්නුවේ? නැත්තං rprද? මාත් එවෙලේ තරහ ගත්තු එක වැරදියි තමා. රංජි තවමත් මා එක්ක අමනාපෙන්ද ඉන්නේ?”

කිසිම කෙනෙක් මාව නං උසි ගැන්නුවෙ නෑ හාමුදුරුවනේ!

“අනේ හාමුදුරුවනේ, කුලතුංග සර් හරි වෙන කවුරු හරි උසි ගන්නලා නෙවෙයි මම කතා කළේ... මට පෙනිච්චි දේ... මට හිතුණු දේ.... ඔබ වහන්සේ එක්ක නම් මගේ කිසිම අමනාපයක් නැහැ.... අදහස් එක්ක මිස....”

මට ඉමහත් සහනයක් දැනුණේ එච්චරට දෙයක් කියා ගත්තාමය. ‘ආච්චියෙ, මම ඒ කෝන්තරය පිරිමැහුවේ ඔයා වෙනුවෙනි!’

මා දන්නා විදිහට නම් පන්සලේ තවත් පිරිවෙනක් පටන් ගැනුණේ නැත. ලොකු හාමුදුරුවන් වහන්සේ අපවත් වීලාය. සුවිසල් සංඝාවාසයක් පමණක් ශේෂවී තිබෙයි෴

13 comments:

  1. පන්සල් ජාවාරම් ආදිය ගැන කියන්න කටට ආව වචන ටික සැර වැඩි නිසා ගිළ ගත්තෙමි.

    ReplyDelete
    Replies
    1. අම්මෝ හොඳා ඩ්රැකී, පරෙස්සමෙන්, උගුරේ හිරවෙයි!

      Delete
  2. අසංග එහෙම දැක්කද ළඟදි...?

    ReplyDelete
    Replies
    1. ඩ්‍රැකි දන්නවාද නිසල දිය ගැඹුරුයි කියලා. සද්දේ වහලා බලන් ඉන්නේ වෙලාවට වැඩේ දෙන්න

      Delete
    2. නාවිකයා නිසා කිමිදෙන්නත් දන්නවා ඇතිනේ. අසංග, නිසල දිය යට ඉඳගෙනද කල් බලන්නේ?

      Delete
  3. පිටිසර පලාත්වල තවමත් "සිල්වත් හාමුදුරුවරු" වැඩ ඉන්න "පන්සල්' ඉතුරු වී තිබීම වාසනාවක්.
    If you don't have anything nice to say, don't say anything at all කියන කියමන නිසා පන්සල් ගැනවත් සෝම හිමියන් ගැනත් මුකුත් නොකියා ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ, ගොඩාරියක් හාමුදුරුවරු නරක නැහැ. අපේ උපාසක-උපාසිකාවෝ අන්ධ භක්තිය නිසා එයාලව spoil කරනවා කියලයි මට හිතෙන්නේ. හාමුදුරුවන් වහන්සේලාට වුණත් ඒ track එකට වැටුණොත් හැරීමක් නැහැ.

      කියවලා ඇති නේද ගුණදාස ලියනගේ මහත්තයාගේ 'තෙවෙනි සිල් පදය නොකඩමි' පොත.

      Delete
  4. යකඩෝ මේකත් අර අනගිරත්න උන්නැහැ පන්සල් ගියා වගේ වැඩක් නොවැ කරලා තීන්නේ.
    //ගංගොඩවිල සෝම හාමුදුරුවන්
    ඒකනං අවුලක් නැහැ නිමල් ඒකාලේ රජ වෙන්න හිතලවත් නැති කාලෙනේ.මඩිහේ හාමුදුරුවන් එක්ක කොක්ක පටලවා ගන්නාතෙක් අවංක බුද්ධ පුත්‍රයෙක්.
    //දිරච්ච ලණුවකුත් ගිල්ලන්නට
    හෙහ් ඒකත් නරකම නැහැ.පොලිස් කාරයෝ වගේ.

    ReplyDelete
    Replies
    1. ඒක නේන්නං සිරිබිරිස් උන්නැහේ.

      විරුද්ධකාරයෝ සේරම එක්කෝ JVP, නැත්තං අබෞද්ධයෝ හරි දේශද්‍රෝහියෝ!

      Delete
  5. අපායට යන්ට ඕනෑනම් නුඹට
    කරපන් මහ ඇමතිකම තුන් දවසකට
    නැත්තම් පන්සලක දේවාලයක සිට
    නායකකමක් කරපන් එක දවසකට

    -උපුටා ගැනීමකි-

    ReplyDelete
    Replies
    1. ස්තුතියි චමී!

      ගොඩක් සතුටුයි ඔයාටත් 'යක්කඩුවේ ශ්‍රී ප්‍රඤ්ඤාරාම' හාමුදුරුවන්ගේ 'වනකතා පොත් දෙක' මතක තිබීම ගැන. ඔය කවිය හින්දද කොහෙද තමා පොත ටිකකට හරි තහනම් කෙරෙන්නත් ගියේ... තහනම් කෙරුණාද කියල නම් මතක නැහැ.

      Delete
  6. කිිිිිිසිදා සාදා නිම න‌ොව‌ෙන ලංකාවේ පංසල්.
    (ම‌ේක කියල බුකියෙන් ගුටි න‌ොකා බේරුන‌ේ 99න් )

    මාස ගානකින් ග‌ොඩ උන‌ේ කොටස් තුනම කිය‌ෙව්වා ඉතිරි ටිකත් බලන් ඒන්නම්

    ReplyDelete
    Replies
    1. කාලෙකින් නේන්නං මධු. FB එකෙන් නං දැක්කා ගමන් ගොඩක් ගිය බව!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්