li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Sunday, October 4, 2020

මාරක හී පහර - නවවෙනි කොටස

පණ තියෙන නයෙක්, වඳුරෙක් - පණ නැති කොටියෙක් එක්ක එකම stage එකකට....

අපේ තාත්තාවත්, වෙනින් කෙනෙකුවත් ‘වඳුරන් කොටින්ට බය වෙන බව’ හිතා බලා තිබුණේ නැත. සිරි අයියා වේදිකාවට කොටියාව තල්ලු කරද්දී වඳුරා හිටියේ අඹ අත්තේ උඩය. ඒ තිරිසනාව දම්වැලකින් අත්තට ගැට ගසා තිබුණේ අඩියක්-දෙකක් එහාට-මෙහාට පනින්නට ඉඩ තියලාය. කොටියා දැක බිය වුණු වඳුරා, ඒ ළඟින්ම ගැට ගසා තිබුණු පේර අත්තකට පැන්නේය. පේර අත්ත තරමක් ළපටි එකකි; වඳුරාගෙ බර දරන්නට නොහැකි එකකි.

“ඒ අස්සේ මට පෙනුණා අර අහිගුණ්ටික වේසිගෙ පුතා නයාව හුඹහේ කටෙන් එළියට දානවා. එතකොටම නයා පේර අත්තේ වෙළිලා උඩට නැග්ගා....

-සර්පයාත් බය වෙලා ඉන්න ඇත්තේ. අහිගුණ්ටිකයාට නයාව ආපහු ඇතුළට ඇදගන්න බැරි වුණේ ඒකයි.... ඒකෙන් වැඩේ දෙක වුණා. වඳුරා තමයි හොඳටම කලබල වුණේ. මෙහෙන් නයා.... එහෙන් කොටියා.... ඌ එලොවක්-මෙලොවක් නැතිව අයිලේ පදින අස්සේ....” 

විපත්තියේ පශ්චාද් පරීක්ෂණයෙදී සාක්ෂි දෙමින් අපේ තාත්තා කීවේ එහෙමය.

“.... අරූ අයිලේ පදිනවා. නයා ගහ උඩටම ඇදෙනවා. එහෙම ඇදෙනකොට ඌව අල්ලා ගන්න අහිගුණ්ටිකයා නැඟිට්ටා. එතකොටම තමයි මං තිරේ...තිරේ කියලා කෑගැහුවේ! ඌවත් මිනිසුන්ට පෙනෙයි කියලා....”

තිරේ වහගෙන අවුල ළෙහා ගන්නට....

“ඒ වුණාට ගුණපාල අයියේ තිරේ වහන්න කලින් මිනිස්සු බාගෙට දැක්කා, හුඹහ අස්සෙ ඉඳලා නයි නටවන මිනිහා නැඟිටපු හැටි!”

“ඒකට මක් කරන්නද නිහාල්.... නාට්‍යයක්නේ... ඔහොම දේවල් වෙන්න ඉඩ තියෙනවනේ!” අපේ තාත්තා නිහාල් ලියනගේ අයියාට කිව්වේය.

එදා නම් තිරය වහගෙන අවුල ළෙහාගන්නට ටික වෙලාවක් ගියේය. දැනුත් එහෙමය. බලය අඩු නම්, අවුලක් තිබේ නම් තිරය වැහෙයි. නඩු අනඩු වෙයි; පක්ෂ මාරු වෙයි; වරදාන- පට්ටම්- තානාන්තර පූජා කෙරෙයි. බලය වැඩි වෙයි....  එව්වාට අකමැති නම්- දිගටම ලෙඩ දමනවා නම්, ඒ උදවිය සීන් එකෙන් අයින් කෙරෙයි; සමහරවිට ටිකකට- සමහරුන්ව සදහටම.

ඉතින්, වහාම ක්‍රියාත්මක වෙන පරිදි වඳුරාවත් අපේ නාට්‍යයෙන් ඉවත් කරන ලදී! ගෙදර යවන ලදී!! අහිගුණ්ටිකයාට බැනුම් කෝටියක් අසාගෙන ඉන්නට වුණේය. ඒ නයාව අල්ලා ගන්නට කලබලයෙන් නැඟිටින අතරේ මිනිහාගේ අරක්කු බාග බෝතලයක් බිමට වැටිලා හින්දාය.

“මම තමුසෙට කිව්ව නේද ඕයි, නාට්‍ය ඉවර වෙනකල් බොන්න එපා කියලා.... කාලකන්නියා.... බීලා ආවා මදිවට, බෝතලයක් ඉනේ ගහගෙනත් ඇවිත්.... ඉතින් තමුසෙට නයාගේ වලිගෙ අතෑරෙන්නෙ නැතිව තියෙයිද ඕයි?”

හිතේ තරහ නිසා ඒ මනුස්සයාට බැන්නත්, තාත්තා හිටියේ අහිගුණ්ටික මනුස්සයාට ඇහැ ගහගෙනමය. “ඇයි බං... බැන්නට තරහ වෙලා ඌ නයාවත් අරගෙන හොරෙන්ම යන්න ගියොත්. වඳුරා මදිවට නයාවත් නාට්‍යයට නැති වෙනවනෙ!”

ඇති යන්තං! අපේ තාත්තා කිව්වේ...

එහෙම වුණේ නැත. ආපහු තිරය ඇරුණේය. අවුලක් නැතිව නාට්‍ය දර්ශනය කෙරීගෙන ගියේය.

අපේ නාට්‍ය වැඩිය දිග නැතිය. පැයකින් හමාරකින් ඉවර වෙයි. (නාවින්නේ ලියනෝරිස් මාමලාගේ නාට්‍ය නම් එක දවසකදී පෙන්වන්නට පුළුවන් වුණේ එක දර්ශනයක් විතරය.) ඒත් එක දර්ශනයක් පටන් ගත්තාම පමාවක් නැතිව එය පෙන්නා ගෙන ගිය නිසා, අපේ නාට්‍යවල දර්ශන දෙකක් හෝ තුනක් හෝ පෙන්විය හැකි විණි.

“ඇති යන්තං, ගිරහෙක් මාරු වුණා වගෙයි!” පළමුවෙනි දර්ශනය අවසානයේ තාත්තා කිව්වේය.

“මම අහන්නම හිටියේ.... කොහොමද මගෙ ඇක්ටිං?” සිරි අයියා තාත්තාගෙනුත්, මගෙනුත් වෙන-වෙනම ඇසුවේය. “ඔය යසට කළේ... දෙවෙනි ෂෝ එකේදී තමුසේත් වචනයක් දෙකක් දානවා.... අර ෆිල්ම්ස්වලදී ඇන්තනි, ක්‍රිස්ටි ලෙනාඩ් එහෙම කරනවා වගේ....” අපේ තාත්තා සිරි අයියාට කිව්වේය. කියලා විතරක් නතර නොවී, උසස් වීමකුත් දුන්නේය.

“සිරී, පිළියක් රජ්ජ්රුවන්ගේ ඊතල කොපුව එල්ලා ගන්නවා තමුසෙගෙ පිටේ. කොහෙද? තමුසේ අන්තිම වෙනකල් හිටියයින් මාලයක්- අත් පටියක්වත් හදාගන්න බැරි වුණානෙ...”

“කමක් නෑ ගුණපාලයියේ. මේ මදැයි...” සිරි අයියා නිරුවත් පපුව හරහා ගැට ගසා තිබුණු නූල පෙන්නුවේය.

පූන නූලක් විදිහට ටුවයින් පොටවල් කීපයක්....

නාට්‍යය පෙන්වන්නට ඔන්න-මෙන්න කියලා තියෙද්දිනෙ, සිරි අයියාට නාට්‍යයේ කෑල්ලක් ඕනෑ වුණේ. ඒ හදිස්සියේ අමතර කෙනෙකුට රාජාභරණ හැදියෑකිද කාඩ්බෝඩ්වලින් වුණත්... අපේ තාත්තා කළේ සිරි අයියාට සාරියකින් දෝතියක් අන්දවලා, පපුව හරහට (පූන නූලක් විදිහට) ටුවයින් නූල් කිහිප පොටක් දැමීමයි. ඒකෙන් පස්සේ වුණත්, නාට්ටියේ අනෙක් කට්ටිය එක්ක බලද්දී සිරි අයියා පෙනුණේ හෙළුවෙන් වගෙය!

“එතකොට ගුණපාලයියේ මට විදින්න ඊතල?” රංජිත් ගුණසේකර අයියා ඇහුවේය.

“ඔව්වත් ප්‍රශ්නද අයිසේ? මුව දඩයමේ ගිහින් එක ඊතලයයිනෙ තමුසෙට විදින්න තියෙන්නෙ. එතකොට අලුතෙන් කෑල්ලක් කියනවා සිරීට ‘වහාම මට ඊතලයක් දෙව’ කියලා!”

ඔහොම කිව්වාට ඒ මහ ලොකු ඊතල හදාගෙන තිබුණෙත් හීනි ලාඩප්පා කෝටු ටිකකට silver පේන්ට් ගාගෙනය! (එක-එක පළාත්වලදී ලාඩප්පා එක-එක නම්වලින් හැඳින්වෙයි. මා දන්නා විදිහට ගිනිසීරියා, නංචිමරන්, වැටිමාර කියන්නේ ඒ නම් කීපයකි. මකුලත, වැටහිරියා, ඇල්බීසියා නම්වලින්ද, දමිල බසින් සිමෙයි කිලුවෙයි හා කොන්නමරම් යන නම්වලින්ද හඳුන්වන්නේ මේ Gliricidia sepium ශාකයමය.)

“අඩෝ රංජියා, ස්ටේජ් එකේදී උඹ රජ්ජුරුවෝ වෙලානේ ඉන්නේ. ඉල්ලපංකො ඊතල.... දෙන්නං උඹට ඊතලයක්.... ඒ වෙලාවට මට වැඳලා ඉල්ලුවොත් විතරයි මචං, උඹට ඊතලයක් දෙන්නෙ! ඔන්න මචං දැන්මම කිව්වා!” සිරි අයියා උඩ පනිමින් කිව්වේ අප කවුරුනුත් හිනස්සමිනි.

මේ සිරෝ, අලුතින් කෑලි එකතු කළාට ඔහොම මඟුල් නං....

“මේ සිරෝ.... නාට්‍යවලට අලුතින් කෑලි එකතු කළාට ඔහොම මඟුල් දාන්න නම් බෑ ඔන්න. තමුසේ පිස්සු කෙළින්නෙ එහෙම නෑ ඕං.” අපේ තාත්තා එවෙලේම සිරි අයියාට අනතුරු ඇඟෙව්වේය. ඒ යක්ෂයා ඒ වෙලාවේ ඔළුව වනලා ‘හා’ කිව්වේය. කියලා වෙනින් පිස්සුවක් කෙළියේ නාට්‍යයේ අන්තිම දර්ශනයේදීය!

සිරි අයියාට කලින් තවත් පිස්සුවක් කෙළියේ උපාලිය. උපාලි ඇවිත් හිටියේ නාට්‍යයට සංගීතය සපයන කට්ටිය එක්කය. සංගීත භාණ්ඩයක් වැයීමට නොවේ.

අප්පුඩියක්වත් ගහන්නටත් නොවේ. හාල්පාරුවෙකු වගේ ඒ කට්ටියට හේත්තු වෙලාය. වැඩක් කෙරෙන වෙලාවට එහෙම හේත්තු වෙන අය කොහෙත් ඉන්නවානේ?

දෙවෙනි සැරේටත් ‘මාරක හී පහර’ පෙන්වලා ඉවර වුණත් සෙනඟ පිට්ටනියෙන් ගියේ නැත. “තව පාරක් නාට්‍යය පෙන්නන්නයි වෙන්නේ!” අපේ තාත්තා තීන්දුව ප්‍රකාශ කළේය. “හැබැයි, ඊට ඉස්සෙල්ලා කට්ටියටම කන්න දීලා ඉන්න වෙයි. මේ පොඩි එවුන් ටික බඩගින්නෙනේ.”

අජාසත්ත නටද්දී වගේ නොවේ. අපට කාගෙ-කාගෙනුත් වැඩියෙන් ආධාර ලැබී තිබිණි. ඒ නිසාම, ඇති වෙන්නට බත් මාළුපිණි උයාගෙන ඇවිදින්ය. ඒවා කෙරුණේ (මරු සිරාට පිහියෙන් ඇන්න චුට්ටෙගේ සොයුරියන් වූ) සිරිමා, ජයන්ති අක්කලාත් අපේ අම්මාත් ප්‍රධාන කට්ටියකිනි.

සංගීත ශිල්පීන් එක්ක කෑමත් කාලා අත සෝදාගත් උපාලි අපේ අම්මාගේ සාරියෙන් අත පිහදාගෙනය!

තාත්තාට එතැන ඩෙඟා නටන්නට නොදුන්නේ...

කවුදෝ ඒ කතාව අපේ තාත්තාගේ කනෙත් තියලාය. ඌරු ජුවල් පිටම තාත්තා බනින්නට පටන් ගත්තේ අම්මාටය. “තොට බැරි වුණාද යකෝ ඌට හොඳවයින් කම්මුල් පාරක් ගහන්න.... ඇයි යකෝ, තොගෙ අම්මගේ රෙද්දෙන් පිහදගනින් කියලවත් නොකිව්වේ? කෝ ඒ පරයා?”

කෝපාවේෂවී හිටි අපේ තාත්තාට ඩෙඟා නටන්නට නොදුන්නේ රංජිත්, සිරී, නිහාල් අයියලාය.

“පොඩ්ඩක් ඉවසමු ගුණපාලයියේ.... මං ඌව දැන්මම ගෙදර යවනවා... ඕනි නම් පස්සේ ගෙදරටම හරි ගිහින් දෙකක් ඇනලා එමු!” සිරී අයියා තාත්තාව අල්ලාගෙන ඉඳිද්දී, රංජිත් ගුණසේකර අයියා කිව්වේය. ඒ කීම අහලා ටිකාක් මෝදු වුණත් අපේ තාත්තගේ කේන්තියට පඤ්ඤං වුණේ අම්මාය. “මේ ලීලා, මාව මිනීමරුවෙක් නොකර හොඳ හිතින් ගෙදර පලයන්... මේ දැන්ම! කිව්වම අහලා පලයං ඉතින්.”

වැරැද්ද කළේ කවුරුන්වත්ය. දඬුවම් වින්දේ අම්මාය. (ඊට පස්සේ කෙරුණු කිසිම නාට්‍යයකදී අපේ අම්මා වේදිකාවක පැත්ත-පළාතේ ආවේ නැත! උපාලිත් එහෙමය.... එදායින් පස්සේ අපෙන් කිසිවෙකු හෝ එනවා දැක්කත් පාරෙන් එහා පැත්තට පැනලා නොදැක්ක ගණනට ගියේය.)

ජාතක කතාවේ විදිහට නම්, අඳ මව්පියන් පෝෂණය කරන්නට පලවැල සොයා වන වදින සාම කුමාරයාගේ පිරිවර වෙන්නේ මුව රංචුවකි. දඩ කෙළියේ යන පිළියක් රජතුමා ඊතලය විදින්නේ මුව රංචුව මැදින් යන දරුවා කවුදැයි බලා ගන්නටය; කරුමෙට වගේ ඊතලය වදින්නේ සාම කුමාරයාගෙ මරු නිලයකටය. එතකොටය, බහුසෝදරී දෙව්දුව පෙනී හිටින්නේ. ජාතක පොතේ විදිහට නම්, ඊට ජාති හතකට පෙර බෝසතුන්ගේ මව ලෙස උපත ලබා සිටි එකියකි; මේ බහුසෝදරී දෙවඟන.

සාම ජාතකේ විදිහට නම් බහුසෝදරී දේවතා දූ...........

“සාම කුමරුන් මිය ගියහොත් අර අහිංසක මාපියන්ට සිදු වන්නේ කුසගින්නේ මැරෙන්නටය. එනිසා වහාම ගොස් ඔවුන් මෙතැනට කැඳවාගෙන එව!” දේවතා දුවෙක් ගැනවත්, ඇයගේ එවන් අණ කිරීමක් ගැනවත් අමරේ හෝ වින්සන් මාමා හෝ සාම ජාතක නාට්‍යය ලියූ අර අධ්‍යක්ෂවරයා හෝ දැනගෙන හිටියේ නැහැ වගෙය; ඒ තියා අපේ ආච්චීවත්!

ඔය විස්තර ඔහොම උලුප්පලා කිව්වේ නිකම්ම නොවේ.

මේ පෝස්ටු කිහිපය ලියන්නට කලින් සාම ජාතකය ආපහු සැරයක් කියවා බැලූ හින්දාය. හුඟාක් ජාතක ගැන හරියටම නොදන්නා නිසා අපට; ශ්‍රී ලාංකික අපට කොච්චර කෙළවෙනවාද? කොච්චර වරද්දා ගන්නවාද? අප සුජාත පුතුන්ය කියලා හිතාගෙන පජාත පුතුන් කොච්චරක් නම් උඩටම යවලා තියෙනවාද?

ඉතින් ‘මාරක හී පහර’ නාට්ටියෙදී රජ්ජුරුවන්ට, අන්ධ දෙමව්පියන්ගේ වගතුග කියන්නේ සාම කුමාරයාමය. ඒ දෙමවුපියෝ එතැනට විත් අඬා-දොඩා සත්‍යක්‍රියාවක් කරති. ඒ සත්තක්කිරියාවේ ආනුභාවයෙන් සාම කුමාරයාට ජීවයත්, දෙමවුපියන්ට පෙනීමත් යළි ලැබෙයි!

ඒ සීන් එකේදී නම් හුඟාක් කාන්තාවන් අඬවන්නට රමණී නංගි සමර්ථ වෙලා තිබිණි.

“අර දැරිවි සාම කුමාරයාමයි..... පිට්ටනියේ හිටපු ගොඩක් ගෑනු ඇඬුවා ගුණපාලයියේ!” විස්තර ඇතිවම රමණී නංගිගේ රඟපෑම ගැන අපට වාර්තා කළේ ‘ටැයියා’ගෙ අම්මා නුගේගොඩ ඇන්ටිය. 

සතුන් මැරීමේ ආදීනව ගැන කෙටි දහම් දෙසුමක්.........

“කවුරු ඇඬුවත් ඔහෙට ඇඬුණේ නැහැනෙ?” ඒ වෙලාවේම, ඒ යකඩ ගෑනු මනුස්සයාට hint එකක් ගහන්නටත් අපේ තාත්තා අමතක කළේ නැත! “.... ඔහෙ ඉතින් අඬවන ජාතියෙ මිසක් අඬන ජාතියෙ නෙවෙයිනෙ.”

සිරි අයියා අර පිස්සුව කෙළියේ නාට්‍යයේ ඒ කෑල්ල; සාම කුමරුගේ යළි ඉපදීම තිබෙන තැනදීය. තුන්වෙනි වතාවට නාට්‍යය පෙන්වන වෙලාවේදීය.

සාම කුමාරයා යළි පණ ලබා නැඟිටියි. දූකුල-පාරිකා දෙන්නාට පෙනීම ලැබෙයි. කාටත් පුදුමය; සතුටුය. ඒ වෙලාවේ දූකුල තාපසයා පිළියක් රජතුමාට සතුන් මැරීමේ ආදීනව ගැන කෙටි දහම් දෙසීමක් කරයි!

හරියටම, මරණ දණ්ඩනයට නියමවී හිටින කෙනෙකු උත්තරීතර පාර්ලිමේන්තුවේ ගරු මන්ත්‍රීවරයෙකු ලෙස දිවුරුම් දෙන කලබගෑනියෙ ප්‍රවෘත්තිය යට ගහන්නට, හරක් මැරීම තහනම් කළා කිව්වා වගෙය! එදා කෙරුණු තහනමක් විණිද? එහෙම නීතියක් සම්මත වෙන්නටත් ඕනෑ නේද?

ඒ විත්තිය ඇහුණු ගමන් ශ්‍රී ලංකාවාසී සමහරක් ප්‍රීතියෙන් පිනා ගියා වගේ, සිරි අයියාත් යළි පණ ලැබූ සාම කුමාරයා වටේ නැටුවේය. එහෙම කරන්නැයි කියලා කවුරුන්වත් ඒ හාදයාට කියාදී තිබුණේ නැත. ඒ නළුවෙකුගේ රංග කුසලතාවයයි. ඒ නැටිල්ල දැක්ක ගමන්ම, ජාලරයක් අයිනේ මුවාවී හිටි අපේ තාත්තාටත් චූන් වුණේය! පොඩ්ඩක් හෙම නොවේ. මාරෙටම!!

මේ දවස්වල ‘සත්‍යා’ ටෙලිය බලද්දීත් ප්‍රදීප්, අකලංක වැනියන්ගේ රැඟුම් දකිද්දී අර චූන් එක....

සමහරුන්ට එහෙම වෙයි. මට වුණත් එහෙමය. මේ දවස්වල ‘සත්‍යා’ ටෙලිය බලද්දී ප්‍රදීප් අරගම තරුණ නළුවා ‘සංජය’ විදිහට රඟපානවා දකිනකොට ලේ රත් වෙයි. අකලංක ප්‍රභාස්වර වැනි අය ගැන වුණත් කියන්නට තියෙන්නේ ඒකමය.

නාමල් ජයසිංහ පිටපතේදී ලියලා තිබෙනවාට වැඩි දෙයක්; අධ්‍යක්ෂ චරිත් අබේසිංහ ඉල්ලා තිබෙනවාට වැඩි දෙයක් ප්‍රවීනයන්ගෙන් ‘සත්‍යා’ට එකතු වෙන බව මට විශ්වාසය. එතනදී ප්‍රදීප්, අකලංක දෙන්නාත් පුරුදු අය හා කරට-කර හිටිමින් ප්‍රේක්ෂක අපව ‘චූන්’ කරති. එහෙම කොතරම් ඔකඳ වුණත් අප වැඩි දෙනෙකු රූපවාහිනිය ඉදිරිපිට හිඳගෙන ඉන්නවා විතරය.  පසුව අපේ ප්‍රතිචාර ඔවුනට යොමු කරනවා වුණත් ඒවා ඔවුනට දැන ගැනීමට ලැබෙන්නෙත් ටිකක් පමා වෙලාය.

එදා නවක නළු සිරි අයියාගේ රැඟුමෙන් අපේ තාත්තා චූන් වෙන්නට ඇත්තෙත්, මෙදා අප වගේමය. ඒත් තාත්තා ප්‍රතිචාර දැක්වුවේ අපට වඩා ඉක්මනින්මය; වේදිකාවේ ජාලරයක මුවාවේ හිටගෙන ඉන්නා ගමන් අලුත්ම විධානයක් දෙමිනි.

“වඳිනව... වඳිනවා... කතරගම.... කතරගම...වගේ.”

ඉස්තරම් කතරගම බැතිමතෙකු වුණු සිරී අයියා බිම පෙරළී....

සිරි අයියට කතන්දරේ තේරුණේය. ඒ හාදයා ඉස්තරම්ම කතරගම බැතිමතෙකි. අප එක්කත් එහි ගිය වතාවක කතරගම දේවාලය වටා බිම පෙරළෙමින් වැන්දේය. තාත්තාට සිහි වෙන්නට ඇත්තේ ඒ වැඳිල්ලය. සිරි අයියා බිම දිගාවී, පෙරළි-පෙරළී සාම කුමාරයාට වැන්දේය.

තැන-නොතැන නොබලා, නිසි-නොනිසිකම් නොබලා වඳින්නං වාලේ වඳින උදවියට වඳින මිනිසුන්ය එදත්-අදත් මේ කොදෙව්වේ ඉන්නේ. ඉතින්, සිරී අයියාගේ කතරගම වැඳිල්ල කෙරුණාම පිට්ටනියෙන් අත්පුඩියකුත් නැඟුණේය- ඒ මදිවාට විසිල් පාරවල් කිහිපයකුත් ඇහුණේය.

දැන් සිරී අයියාත් තව චූන් වෙලාය.

මිනිහා ඉද්ද ගැහුවා වගේ කෙලින් වුණේය! ඊතල දෙක තුනක් අතට ගත්තේය; ඒවා දණහිසට තියලා කැඩුවේය; කඩලා ඊතල කෑලි නරඹන්නන් දිහාවට විසි කළේය! ‘ආයේ දඩයම් එපා!!’ කියලාත් කීවේය.

“මොකක්ද ඕයි, අර කරපු අමන වැඩේ? මිනිස්සුන්වත් හිනස්සලා..... තමුසෙ දසමහ යෝධයන්ගෙන් එකෙක්ද ඕයි යකඩ ඊතල දෙකට කඩන්න?”

මිනිසුන් හිනාවීම හින්දා උද්දාමයෙන් හිටි සිරි අයියාගේ හුළං බැස්සේ තාත්තා එහෙම ඇහුවාමය. මාරක හී පහරෙදී සිදු වුණු අලකලංචිවලින් මගේ මතකයේ තියෙන ටිකය, ඔය කිව්වේ! ආාාාාාාා!!  කියන්නට තව එකම-එකක් ඉතිරිය!!!

මරු සිරාගේ මාරක කැති පහරය ඒ!

නාට්‍යය ඉවර වුණත් අර නාඳුනන මනුස්සයා වඳුරාව ගෙනියන්නට ආපහු ආවේ නැත. “ඒ මිනිහට ඕනි වෙන්න ඇත්තේ වඳුරව අපේ ඇඟේ ගහලා නිදහස් වෙන්න!” තාත්තා නිගමනය කළේය. “... ඒකා ආයෙ මේ පැත්ත බලන එකක් නෑ.”

මිනිස්සු හිනාවීම නිසා උද්දාමයෙන් හිටි එයාගේ හුළං බැස්සේ... 
“ඒක හොඳා, නේද බං?” කියලා තිරිසනාට කී අපේ ලොකුම සනා; අපේ සීයා සුපුරුදු පරිද්දෙන්ම වඳුරාත් එක්කලා සතුටින්, සමාදානයෙන්, සහජීවනයෙන් වාසය කළේය. එහෙම ඉඳලාත්ය ඒ VP දවසක් අපේ සීයාගේ ඔළුව හැපුවේ. උකුණන් බලන්නට ඌට ඔළුව දීගෙන ඉඳලා, සීයා නැඟිටින්නට හැදුව වෙලාවක කේන්තියට...... 

“මේ ගුණේ. හොඳ හිතින් ඔය පාඩාවි වඳුරව කාට හරි දීලා දාපං. ඔන්න අද මං කියනවා තාත්තටයි, පුතාටයි දෙන්නටම.... තමුසෙත් මින් මනත උගේ ළඟට ගිහින් අහු වෙනවකො මට.....” අපේ ආච්චී; දසනායක රත්නවතී උපාසිකාව ඩී.එච්. චාර්ල්ස්ටත්, ඩී.එච්. ගුණපාලටත් කිව්වේ දත්මිටි කමිනි. 

නිසි බලධරයාගේ ඒ තර්ජනය තිතටම වැඩ කළේය. වඳුරා ඇඟේ ගහන්නට කෙනෙකු හොයද්දී මරු සිරා ආවේය; හරිම සන්තෝසයෙන් හා උජාරුවෙන් ඒ පරිත්‍යාගය බාරගෙන, වඳුරාව ගෙදර කැන්දන් ගියේය.

“ගුණපාල මාමේ, හරි වැඩේනෙ වුණේ. ගෙනිච්චට පහුවදාම වඳුරා අපේ තාත්තවත් හැපුවනේ. ඉත්..තින්.. තාත්තා ඌට කැත්තෙන් ග...හ...ලා මරලා, මසුත් උයාගෙන කෑවා!” ඒ සත්‍ය වාර්තාව අපට ගෙනාවේ මරු සිරාගේ දියණියමය෴

14 comments:

  1. වදුරාව අරන් ගියේ මසට ගන්න බලාගෙන වෙන්නැති.

    ReplyDelete
    Replies
    1. අනේ අසංග, ඒ මනුස්සයා මරු සිරා බව ඇත්ත. තරහව පාලනය කරගන්න බැරි මනුස්සයෙක් විදිහටයි මට නං හිතුණෙ.
      වඳුරව මරාගෙන කන්න ඇත්තෙත් ක්ෂණික කෝපේ නිසා වෙන්නැති.

      Delete
  2. කීප විටක් රඟ දක්වද්දි මහන්සි නැද්ද අප්පා...?

    අනික, ස්ක්‍රිප්ට් එක සජීවීව වෙනස් කිරීම මාර අත්දැකීමක්. ඒ වගේම ටීටර්වලටම ආවේණික වාසියක්. නළුවා ඕවර් යන එක රසිකයන්ට හොඳ රසවින්දනයක් ගෙන දෙනවා.

    ReplyDelete
    Replies
    1. මට නම් බලා ඉන්න උදවිය වැඩි නම්, උනන්දුවෙන් බලන බව පෙනෙනවා නම්, රඟපාද්දී වෙහෙසක් දැනෙන්නේ නෑ. කතාවක් පවත්වද්දීත්. අහගෙන ඉන්න අය වැඩි තරමට මගේ උනන්දුවත් වැඩියි.

      එහෙම වෙන්නේ ඩ්රැකී, මගේ ලජ්ජා නැතිකම ඕනෑවටත් වඩා වැඩි හින්දා වෙන්නත් පුළුවන්; සබකෝලය අඩුම නිසා වෙන්නත් පුළුවන්.

      ඔය තියරියම නේද blog පෝස්ට් එකක් කියවන රීඩර්ස්ලා වැඩි නම්, කමෙන්ට්ස් වැඩි නම් සතුටක් දැනීමේ පදනම වෙන්නෙත්.

      ඇත්තටම වේදිකා රංගනය මාරම සජීවීයි. මට හිතෙන හැටියට වීදි නාට්‍ය ඊටත් වඩා තෘප්තිය ගෙන දෙනවා....

      Delete
    2. බ්ලොග් ගැන කියනවනං, රීඩර්ස් කමෙන්ට් සහ ලිවීමේ කාර්යක්ෂ්මතාව, එකිනෙක මත රඳා පවතින, එකකින් අනික පෝෂණය වෙමින් වර්ධනය වන සාධකයක්. ඒ බව මට මේ ළඟකදි ප්‍රත්‍යක්ෂ වශයෙන් දැනුණා.

      Delete
  3. අරූ අත පිහදාගත්තෙ ඇඳගෙන උන්න සාරියෙ ම ද?

    ReplyDelete
    Replies
    1. ඒකනෙ ඩ්රැකී අපේ තාත්තාට මල පැන්නේ!

      Delete
    2. උගෙ ඔළුව පලන්ඩ නෙ තිබුණෙ... අම්ම පව්.

      Delete
    3. සමහර වෙලාවට ඔහොම වෙනවනෙ ඩ්රැකී. මිටි තැනින් නෙව වතුර ගලන්නේ.

      Delete
  4. සත්තු වත්තේ ඉන්න සත්තු ඔක්කොම ස්ටේජ් එකට අරං ඔය තරමින් ජාම බේරා ගත්තා ඇති. වඳුරා බයවෙච්ච හැටි ගැන කියෙව්වාම හිතුනේ, "මරණ තුනක් ඇති මිනිසෙක් පැණි කෑය' වගේ තත්වෙකට නේ ඒකාව පත් කරලා තියෙන්නේ. වඳුරා දම්වැල කඩාගෙන ස්ටේජ් එකෙන් නරඹන්නන් දිහාට පැන්නා නම් වෙන් දේ හිතා ගන්නවත් බැහැ. හපා කෑවා කියලා, වඳුරාට කැත්තෙන් ගහලා මැරීම හදිසි කෝපය කියලා හිතන්න පුළුවන්. ඒ උනාට, "උයලා මස් කෑවා" කියන කොට නම් හිතෙන්නේ, ඌ හපා කෑවත්, නැතත්, වෙන වරදක් හරි හොයාගෙන ඒකාව මරණ අදහස කලින් ඉඳලාම තියෙන්න ඇති කියලයි.

    ReplyDelete
  5. ඇත්තටම සෑම් මහත්තයෝ, අදටත් පුදුමයි ඒ සත්තු එකිනෙකාට බය බව අපේ කාටවත්ම මීටර් නොවීම ගැන. ඒ වෙලාව ඔච්චරටම අපූරු වුණෙත් ඒ මර බය නිසාම තමයි.

    මරු සිරා නම් මවලා පෙන්නගෙන හිටි තරම් අමනුස්සයෙක් නෙවෙන විදිහයි මම දැක්කේ. පවුලට- දුවට ආදරෙන් සලකපු විදිහ හෙම.... නමුත් හැඟුම්බර, ආවේගශීලී, මෝඩ ගති තියෙන්නැති වගෙයි නේද?

    ReplyDelete
  6. Replies
    1. ගොඩක් ස්තුතියි Pra Jay මහතාණෙනි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්