li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Tuesday, October 13, 2020

ඩිංගෙන් Hong Kong හිරේ! -දෙවෙනි කොටස

මමත් ඉතිං කන් දෙක හාවෙකුගේ වගෙ දික් කරගෙන....

එතකොටත් ෆස්ලුල් හක් මහත්තයා International Organization of Good Templers ආසියානු කලාපයේ ගරු සභාපතිය..........

ඉතින් මං හාවෙකුසේ කන් දෙකම පුළුවාන් තරම් දික් කරගෙන බලා හිටියේ ලාල් අයියා ඊළඟට, ඒ‘හක් ගෙඩියා’ ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය! Fazlul haque ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය. 

ලාල් අයියා මං වාගෙ කට හැකරයෙක් නොවේ; එක විදිහක ගල් ආඳෙකි. (සමාවෙන්න ලාල් අයියේ එහෙම රෞඩි ශෛලියෙන් ඇත්තම කීවාට! ඒ වැකිය ඔබේ ක්‍රමයට නම් කියනු ඇත්තේ මෙහෙමය. ‘ඔහු සුපරීක්ෂාවෙන්, හොඳින් සොයා බලා විචක්ෂණශීලීව කටයුතු කරන්නෙකි.’)

ලාල් හේවාපතිරණ ලේසියෙන් වචනයක් වරද්දන්නෙ නැති කෙනෙකි. බහුශ්‍රුත විද්වතුන් කොහොමත් එහෙමය. ලාල් අයියා වැනි අය හා කටයුතු කිරීමෙන්ය ‘කබ්බෙකු’ වුණු නිදි වුණත් පන්නරය ලැබුවේ!

“.... නිමල්ට පළවෙනි දවස් දෙකේ room එක share කරගන්න වෙන්නේ හක් උන්නැහෙත් එක්කලයි.”

ඒ කතාන්දරයේ හැංගිලා තිබුණේ ‘warning’ පණිවුඩයකි.

හම්මෝ! මට හීල්ලුණි. ඒ පණිවිඩයේ සැඟවුණු ‘අනතුරු ඇඟවීම’ වටහා ගන්නට නම්, ඒ වචන ටික කියද්දී ලාල් අයියගේ දෙබැම එසවුණු හැටි, කට කොණක හිනාවක් හංගා ගෙන හිටි හැටි සහ වචන උච්ඡාරණය කෙරුණු හැටිත් මැනැවින් නිරීක්ෂණය කළ යුතුමය.

මිස්ටර් ෆස්ලුල් හක් මට පළමුවෙන්ම හමු වුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේදීය. ලාල් අයියා විදේශිකයන් පිරිසක් අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය පෙන්වන්නට කැටුව ආ දවසේය. අනෙක් හැමෝම සුදු හම ඇත්තවුන් වෙද්දී, හක් මහත්තයා තලෙළු පැහැත්තෙක් වුණේය! ඒ මදිවාට තොප්පියකුත් දාගෙන හිටියේය.

‘බලාගෙනයි, මං තොප්පි දාන්නෙක්!’ කියලා නොකියා කියනවා වගෙය.

ෆස්ලුල් ඕනෑම කෙනෙකු හා හරිම සුහදව සිනාසෙයි; අතට අත දෙයි; එයාගෙම ඉංගිරිසි accent එකකින් සංවාදයේ යෙදෙයි. ආසියානු ගතිය නිසාද මන්දා, මටත් පළමු දවසේදීම දැනුණේ ෆස්ලුල් හක් කාලයක සිට දැනගෙන සිටින බවකි! ඒ මනුස්සයාගේ නියම සුද පෙනෙන්නට පටන් ගත්තේ ඉගිලෙන්නට පටන් ගත්තාමය!

මේ බ්ලොගයේ සියලුම පෝස්ටුවලදී මං කියන කාරණා සේරගේම වගකීම මගේ අතේය.

අපේ රටේ තියෙන්නෙම ‘වැඩි කතා - අඩු වැඩ’ සංකල්පයයි.... 

මං කියන්නේ දේවල් මට පෙනුණු අයුරුය. දේවල් මා වටහා ගත් අයුරුය. මට වැරදිලා වෙන්නටත් ඉඩ තිබේ. එක-එක්කෙනාට යම්-යම් දේවල් පෙනෙන්නේ වෙනස් කෝණවලිනි. තේරුම් යන්නේ- තේරුම් ගන්නේ වෙනස්ම කොන් අල්ලා ගන්නා විදිහටය. එහෙම බලද්දී මාත් full චාටර් වගේ බව අමතක නොකරනු මැනැවි. එදාත් මං දැක්කේ ලාල් අයියා කිව්වාට වඩා ගොඩාරියක් දේවල්, නොකියා කියූ බවයි.

මට පෙනුණු විදිහට නම් ෆස්ලුල් හක් මහත්තයා රස්සාවට කළේ රට-රටවල පැවැත්වෙන සමන්ත්‍රණ- වැඩමුළු- සාකච්ඡා ආදියට සහභාගී වීමයි. ‘සම්මන්ත්‍රණ කාක්කෙකි’ කියලා පහුගිය පෝස්ටුවෙදී මට ලියැවුණේ එබැවිනි.

අපේ රටවල්වලට මෙය වසංගතයකි. කොරෝනාවලටත් වඩා බියකරු වසංගතයකි. හැමදාම කොහේ හෝ තැන්-තැන්වල තියෙන රැස්වීම් කන්දරාව? කතා- කතා- කතා විතරය. ගැනෙනා තීන්දු හරිම අල්පය. ඒවායින් ක්‍රියාත්මක වෙන තීන්දු ඊටත් අල්පය. මේ ව්‍යසනය; වැඩ නොකිරීම ළඟදී අපේ ජනාධිපතිතුමාටත් ඇහැ ගැහිලා තිබිණි.

හක් උන්නැහේට කිසිම අඩු-පාඩුවක් නැතිව ඒ සුවිශේෂී රස්සාව දිගටම කරගෙන යන්නට ලොකුම වාසියකුත් ලැබිලා තිබ්බේ එතුමා උපදින කොටමය. හැම තැනදීම ඒ මනුස්සයා ඒ කාරණය උලුප්පා පෙන්නුවේය. රට, ජාතිය හා ආගම!

ෆස්ලුල් ගොයියා රට යන අත දැනගෙන ඒ විදිහට.....

“මම නියෝජනය කරන්නේ ඉතාම දුප්පත් රටක්.... ඉස්ලාම් භක්තිකයෙක් විදිහට.....” හැම තිස්සෙම එයාගෙන් කියවුණේය.

ඒ දවස්වලත් දැන් වගේම ජාතීන් අතර- ආගම් අතර වෙනස්කම් නොතකා කටයුතු කරන්නට ඕනෑ කියලා නිතරම කියැවිණි. ඕනෑම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන හෝ සංවිධානයක, කමිටුවක, රැස්වීමක සියලු ආගම්- සියලු ජාති නියෝජනය වෙනවා නම් ඉස්තරම්ය. ඔය ‘න්‍යාය’ දැනගෙන හිටි ඒ හාදයා නියම තැනට ඇනේ ගහන්නට දැනගෙන හුන් නිසා, ෆස්ලුල් මහත්තයාට තමන්ගේ රටේ ඉන්නට වෙලාවක් තිබ්බෙම නැති තරම්ය.

මම හිත හදා ගත්තෙමි. නොදන්නා රටකදී මෙහෙම කෙනෙකු හරි ඉන්නා එකත් ලොකු දෙයකි. මිනිහ කොහෙද මාව තම්බන්නේ?

International Conference on Youth සම්මන්ත්‍රණය පැවැත්වුණේ 1989 දෙසම්බර් 4-9 දිනවලදීය. තේමාව වුණේ ‘A Caring Community for Young People’ යන්නයි.

දෙසැම්බරය පටන් ගන්නවාත් එක්කම අපේ අම්මා ලංකාවට ආවාය. දැන් වගේ අවුරුද්දකට තුන් වතාවක් මෙහාට එන්නට අපේ අම්මාට ඉඩක් තිබුණේ නැත. එතකොට dadaa ජීවතුන් අතර සිටි බැවිනි. “මොකද්ද රංජි, මම එනවයි කියල කිව්වා නේද කලින්ම, ඔයා සුමානයක්ම රට යන්න හදන්නේ!” අපේ අම්මා ආව ගමන්ම නහයෙන් ඇඬුවාය.

කේන්දරයෙනුත් කියවිලා තිබුණේ අම්මාටත්, මටත් එක ගෙදරක විසිල්ල...

“අම්මට පිස්සුද? මේක අතින් සල්ලි දීලා යන ගමනක්ය? ලාල් අයියලා අමද්‍යපෙන් යවන්නේ. ගොඩක් රටවල්වලිනුත් එනවා. ඒ මිනිස්සු ඕවා ඔර්ගනයිස් කරන්නේ මාස ගණනාවක ඉඳලා. මම වගේ කබ්බෙක් නිසා එයාලගෙ plan වෙනස් කරන්නද, අම්ම කියන්නේ.....”

අපේ අම්මා නිරුත්තර වුණේ එතකොටය.

මම කියා ඇත්තෙමි. අපේ අම්මාටත් මටත් එක වහලයක් යට ඉන්නට බැරිය. අම්මාට කොහොම වෙතත් මට. එක තත්ත්පරයෙන් මගේ යකා නග්ගවන්නට අපේ මෑණියන් වහන්සේට තියෙන්නෙ පුදුමාකාර හපන්කමකි. ඉතින් අප අතර ගෝරිය. හැබැයි, කොයි තරම් දබර වුණත් අපේ අම්මාගේ දරු කැලතෙන් එයාට විශ්වාසවන්තම පුත්තරයාත් මේ මංය. (එයා හිතන විදිහ වෙනස්ද මන්දා, මට නම් පෙනී ගිහින් තියෙන්නෙ එහෙමය.)   

‘ඔව්වා කලිනුත් කියවලා තියෙනවනේ. මෙතැනට අදාළද?’ කියලා නේද, මෙච්චර දුරට කියවපු ඔය රත්තරන්ලා හිතුවේ. අනේ, නැත. හොඳටම අදාළය. මේ පූර්විකාව විතරය.

“හරි. මම එන්නං එයාර්පෝර්ට් එකට නිමල්ව ඇරලවන්න. කාමරේ බලාගන්න ඕනි නං, ඔයා යන වෙලාවට යතුරත් ඉල්ලාගෙන මගෙ ළඟ තියාගන්න වෙනවනෙ.” නෙවිල් කිව්වේය. මා නැවතී හුන් කාමරය සතියක්ම වසා දමා තියන්නට බැරි තත්ත්වයෙනි මං හිටියේ.

හොරෙකුට ආවත් ගෙනියන්න වෙනින් මොනාද තියෙන්නෙ?

“වෙන ඉලව්වක් නං නෑ, හොරෙකුට ආවත් ගෙනියන්න. TV එකයි, වීඩියෝ ඩෙක් එකයි දෙක හරි පරෙස්සම් කරගන්න එපැයි..... දොරට නිකං කොන්ඩි පට්ටමක් අල්ලලා, ඉබ්බෙක් දාලා විතරයිනෙ. ඔයා රෑට මෙහාට ඇවිත් ඉන්නවද?” මා කලින්ම නෙවිල්ට කියා තිබිණි.

ගුවන් තොටුපළට යන්නට වෙන් කර ගත් වෑන් රිය ආවේ තරමක් පමා වෙලාය. ටයි-බයි දාලා, කලිසං කෝට් ඇදලා හිටි නිසා, වාහනය පමා වෙද්දී මං හිටියේ හීන් දාඩිය පෙරමිනි.

“අන්න ආවා.... යං යං...” මං කියද්දී, කාමරයේ දොර වැසුවෙත් නෙවිල්ය. එතකොටත් මං වාහනය ඇතුළේය. කටුනායකටම ගියාමවත් මගේ කලබලය නිමාවී තිබ්බේ නැතිය. නෙවිල්ට සමුදී, ලගේජ් එකත් පවරා කවුන්ටරයෙන් ඇතුළට ගියාමය මට හුස්මක් වැටුණේ. කියන්න ලජ්ජා වෙන්නේ මොකටද? එතකොට උහුලන්නට බැරි තරමටම ‘හුලිජ්ජ බොක්ක’ පිරිලාය! 

මුත්‍රා පහ කරන්නට වැසිකිළියට ගියාමය, මට තරු පෙනුණේ.

මෙහෙම කියන්නට තරම් වටිනවාය කියලා මට හිතෙන දේවල්ය තවමත් මට සිද්ද වෙන්නේ! කෙළවෙන- කෙළවාගන්නා වැඩමය මට නම් වෙන තරමක් වෙන්නේ. මුත්‍රා කරන්නට කලිසමේ zip එක විවර කරන්නට කෝට් බෑය මෑත් කරද්දීය, මට කෝට් සාක්කුවේ තිබුණු බර දැනුණේ!

ඊට කලිනුත් ජොකා අස්සේ සල්ලි හංගාගෙන ඇවිත් පුරුදු මට....

අපේ අම්මාගේ ස්ටර්ලින් පවුම් දාහකට කිට්ටු මුදලක් සාක්කුවේය. නෝට්ටුවලින්ම!

දැන් තේරෙනවද ‘අපේ මව් යානය මාව විශ්වාස කරනවා’ය කියලා පැවසූ හේතුව? මුදල් ගනුදෙනුවලදී අපේ අම්මට මාව විශ්වාසය. කොච්චරද කියනවා නම්, ලංකාවට එන දවසක් ඇත්නම්- මා හමුවෙන පළමු මොහොතේදීම ඇය ගෙනවුත් තිබෙන මුදල් සේරම මගේ අතේ තියයි. වරන්-වර ඒවා ඉල්ලා ගන්නේ පස්සෙය. එතෙක් ඒවා පරෙස්සම් කරන්නේ මං වහන්සේය.

දැන් වුණත් බයක් නැතිව මේවා කියන්නේ, දැන් ඒ චාරිත්තරය නොකෙරෙන නිසාය.

“අනේ අම්මේ, දැන් මම කොයි මොහොතේ ගිහින් තියෙයිද ෂුවර් නැහැනෙ. ඔව්ව මගේ ළඟ තියන එක හොඳ නැහැ නේද?” අපේ අම්මාත් මගේ කතාව පිළිගත්තාය. වෙනින් විකල්පයක් සොයා ගත්තාය. මං එහෙම කියූ වෙලාවේ නම් මොකුත්ම කිව්වෙත් නැත. ලොකු පුතාව අහිමි වෙනවා මදිවාට, සල්ලිත් නැති කරගන්න ඕනිද කියලාය- ඉස්සර විදියට නම් එයා හිතන්නේ! දැන් 84ක් නිසා අම්මාගේ චින්තනය වෙනස් වෙලා වෙන්ටත් ඉඩ තිබේ.....

ඉතින්, එදා අර කාමරයේ එච්චර සල්ලියක් තියලා එන්නට බැරිය. ඒ මුදල් තිබුණු කවරය පිටින්ම කෝට් සාක්කුවේ ඔබා ගත්තේ නෙවිල්ගේ අතේ ඒක අම්මාට යවන්නටය. කලබලය නිසා මට ඒ විත්තිය සහමුලින්ම අමතක වෙලාය.

එච්චර සල්ලියක් ‘ප්‍රකාශ නොකොට’ නෝට්ටු වශයෙන්ම රටකින් රටකට ගෙන යාම නීතියෙන් තහනම්ය!

එහෙම කළාම මට දැනුණේ නිළමේ කෙනෙකුට ඇඳලා ඉන්නවා වගෙය!

මට  බය හිතුණේ; තරු පෙනුණේ මං ඒ විත්තිය දැනගෙන හිටි නිසාය. ඉතිං මං කළේ ඒ වෙලාවේ කරන්නට ඉතිරිවී තිබුණු එකම දෙයයි. ඒ වැඩේ මට නොපුරුදු එහෙකුත් නොවේ. බෙන්තොට ඉඳලා එද්දී, සීයේ නෝට්ටුවලින් රුපියල් හැට-හැත්තෑ දාහක්  ආරක්ෂාකාරීව ගෙදර ගෙනාවේ එහෙමය.
ඒ ක්‍රමයටම මං කළේ මුදල් කවරය පිටින්ම ‘ජොකා’ ඇතුළට දමා ගැනිල්ලයි. මරේ මරුය! එහෙම කර ගත්තාම මට දැනුණේ ‘නිළමේ කෙනෙකුට අන්දවලා’ වගෙය.

අපේ ජනකාන්ත ගායක මිල්ටන් මල්ලවාරච්චි, නිවේදක රසවතා ප්‍රේමකීර්ති ද අල්විස් බියෙන් හිටියා යැයි කියන්නේ ගුවනින් යන්නටය.

එදා පැය ගණනාවක් මුළුල්ලේ මා බයෙන් ගැහෙමින් හිටියේ ගුවන් යානයෙන් බැහැලා, හොංකොං ගුවන් තොටුපළෙන් එළියට පැනගන්නා තුරුය. ඒ කඩුල්ල පැන ගැනිල්ල ලෙහෙසි වුණේ එහාට යන්නේ ඇයිදැයි කිව්වාමය. හැබැයි ඊට පස්සේ....

අපට එවා තිබුණු විස්තර අනුව නම් ගුවන් තොටුපළේ ‘වෙනම පිළිගැනීමේ කවුන්ටරයක්’ තිබෙන්නට ඕනෙය. එතැන ඉඳලා නවාතැන් සූදානම් කොට තිබෙන හෝටල වෙත යාමට Shuttle Bus එකකුත් තිබෙන්නට ඕනෙය. ඒ සඳහා US$ 6ක් අය කෙරෙනු ඇති බවත් දන්වා තිබිණි. ඒත් ගුවන් තොට පාලුම පාලුය. කෝ? මෙලෝ යකෙකු නැත. ටිකක් එහාට-මෙහාට ගොස් බලද්දී ආරක්ෂක නිලදරුවෙක් මා ළඟට ආවේය. උදව්වක් අවශ්‍ය දැයි ඇසුවේය.

හොංකොං ගුවන් තොටුපළේ නිලධාරියෙක් ටැක්සියක් ගෙන්නලා දුන්නේ....

ඔහුට අනුව ඒ විශේෂ පිළිගැනීමේ කවුන්ටරය වසා දමා තිබුණේ ඊට පැයකට විතර කලින්ය. මගේ ගුවන් යානය එදා පැයකටත් වඩා ප්‍රමාද වෙලාය.
අනේ! එදා කරදරත් එතැනින් ඉවර වුණේ නැති හැටි.

අර ආරක්ෂක නිලධාරියාම ටැක්සියක් කතා කොට දුන්නේය. ඒ දෙන්නා කතා කළේ ඉංග්‍රීසියෙන් නොවේ. එහෙත්, මං ටැක්සියට ගොඩ වෙන්නට කලින් අර නිලදරුවා ‘අය කරන්නට නියමිත ගාස්තුව’ත් රහසෙන් වගේ මට කිව්වේය. අපි පිටත් වුණෙමු. ගමන පටන් ගත් වෙලාවේම රියදුරු මහතා ‘මං වහන්සේ’ ගැන සම්මුඛ පරීක්ෂණයකුත් පටන් ගත්තේය; ඉංගිරිසියෙන්.... අන්තිමේදී......

නියමිත තැනට ළඟා වුණාම ඒ හාදයා ලොකු ගණනක් ඉල්ලුවේය. ආරක්ෂක නිලධාරියා මට කියූ ගණන පමණක් මම ඔහුට දිගු කළෙමි.

මගෝ ඩිගො ඩයි - sorry, මට පරතරය මාරු වෙලාය. ආයෙමත් කොරෝනා යස්සයා ඔළුව උස්සාගෙන එද්දී සමාජ පරතරය; Social Distance එක තියාගන්නත්, ‘මාක්ස්වාදී වෙන්නටත්’..... (අප්පට සිරි..... තවත් වැරැද්දකි; ඒක ‘මාස්ක්වාදී’ වෙන්නට ඕනෙය.) තරයේ සිත තබාගත යුතුය.

ඉතින්, ‘මගෝඩි ගොඩයි’ තියෙන්නෙ ඉන්දීය සාගරයේ මුතු ඇටය හරියේ විතරක් නොවෙන බව එදා මම තේරුම් ගනිමින් සිටියෙමි. ආරක්ෂක නිලධාරියා මට ගෙවන්නට කිව්වේ මෙච්චරකැයි මම එක හෙළා කියා සිටියෙමි. ඒ මා දන්නා ඉංග්‍රීසියෙනි. එතකොට අර මාතලියා ගොබ්බ පාර්ට් එකක් රඟන්නට ගත්තේය. “No English.... නෝ ඉංග්ලිෂ්. මී නෝ ඉංග්ලිෂ්!”

දිගටම මේ යක්ෂයාත් එක්කලා හෙට්ටු කරමින් ඉන්න පුළුවන්ද?

මට තරහය. රෑ දොළහට විතර මේ යක්ෂයාත් එක්ක දිගටම හෙට්ටු කරමින් ඉන්නද?

කළ යුතු හොඳම දේ මගේ සිරසට ආවේ එතකොටය. ඌරාගේ මාළු කපන්නට ඕනෙ ඌරාගේ ඇඟේම තියලය.

“No money....! මී පේ නෝ මනි... කෝල් පොලීස්.... පොලීස්....පොලීස්....”

දේසේ හැටියට බාසේ කියන්නේ ඒවාටය. ‘පොලීසිය’ මතක් කළා විතරය. ටැක්සි ඩ්‍රයිවරයා මගේ අතේ තිබුණු නෝට්ටු කිහිපයත් උදුරාගෙන වාහනයෙන් ඉගිල්ලුණේය. පෙනුණේ නම් ඒකා දන්නා හොඳම කුණුහරුප ටිකත් ඒ අතරේ ජප කළ බවයි. මගෙ මොකෝ? මට තේරුණේ මිනිහාගේ ඇක්සන්ට් එක විතරය. ඊට අවුරුදු විසි ගණනාවකට පස්සෙය එවැනි අත්දැකීමක් මට යළිදු ලැබුණේ. කිලෝ මීටර් සීයක් පා ගමනින්; පාද යාත්‍රාවේ කතරගමට යන අතරේ අර සිංහල නොදන්නා දෙමළ අම්මලත් එක්ක කතාවක් දමාගෙන....දෙමළ නොදන්නා මං පැය ගණනාවක් යාල කැලය මැදින් තනිවම ගියේ!

එදා හොංකොංහි හෝටලයට ගියා මතකය. උඩින්-පල්ලෙන් ඇඟ හෝදා ගත්තාත් මතකය. ඇඳට වැටුණාත් මතකය. හොඳට නින්ද ගියාද, හීන පෙනුණාද වගේ ඒවා මතක නැත.

හොංකොං හෝටලයේ සැපට නිඳාගෙන හිටි මට.....

ඇහැරුණේ කවුරුන්දෝ දොරට තඩි බාන සද්දෙටය. ඇඳෙන් බිමට බහිනවාත් එක්කම, බිමට වැටුණේ සල්ලි කවරයයි.  අච්චර මහන්සියෙන් ඉඳලාත් මට ඒ කවරය අමතක වෙලා නැත. මං නිදා ගන්නට ඇත්තෙත් ඒක තුරුලු කරගෙනය. ඉක්මනින්ම ඒක කොට්ටය යටට ඔබලා, හංගලා ගිහින් දොර ඇරියෙමි.....

14 comments:

  1. NiDi ta me wede une kondy diga kale wenn be neda? Ahema unanam iwrai, thamby ekka eke room eke (rest is for your imagination)

    Lawata disclaimer ak dala thamai dan pacha gahanne neda (Wijebahu)

    ReplyDelete
    Replies
    1. හොංකොං යන කාලේ වෙද්දී මගේ කොන්දේ කපලා.
      විජේබාහු මහත්තයෝ, අමනාප නැහැනෙ කිව්වට. තවම ලාවටවත් බොරුවක් ලියන්න නම් ඕනි වුණේ නැහැ. හැබැයි මම ලියන සමහර තොරතුරු වැරදි වෙන්න නම් පුළුවන්.... මම දැක්ක- තේරුම් ගත්තු විදිහටනෙ ලියන්නේ.... ඊටත් මගේ මතකයෙන්...
      එහෙම දෙයක් දැනෙනවා නං සමාවෙන්න ඕනි ඔන්න.

      Delete
  2. ලොකා හුදී ජන පහන් සංවේගය උදෙසා අහන්නෙ...ඔය පකිස්ථානෙ මුස්ලිම් රටක්නෙ. ඉතිං එහෙ ඇල්කොහොල් භාවිතා කරන්නෙ පොඩි ප්‍රමාණයක් මිනිස්සුනෙ. එහෙව් රටට අහවල් එකකටද අමද්‍යප සංවිධාන? හැබැයි මං දන්න අමද්‍යප සංවිධාන සැට් එක තමා නොම්බර එකේ බේබද්දො...

    ReplyDelete
    Replies
    1. //හැබැයි මං දන්න අමද්‍යප සංවිධාන සැට් එක තමා නොම්බර එකේ බේබද්දො//
      ඒ කතාව බොරුවක් කරන්නේ උප්පත්තියෙන්ම අමද්‍යපකාරයෙක් වෙච්චි අපේ නිදි ලොක්කා තමයි.

      Delete
    2. ලොකු, බොන අමද්‍යප අයත් ඇති. නමුත් වගකීමෙන් කියන්නට පුළුවන්, ලාල් හේවාපතිරණ- මර්වින් බොතේජු- අනුර ජිනදාස- ඩී.ඩී. පද්මසිරි- යූ.ඩී. නිශාන්ත කුමාර- ශාන්ත කුමාර අපොන්සු, නලින් ප්‍රියදර්ශන වගේ ගොඩක් අමද්‍යපේ හිටපු මගේ හිතවතුන් ප්‍රතිපත්ති ගරුකයි තවමත්. ඔය නම් වැල තවත් දිගයි. බ්ලොගයේ ලියවුණු අය ගැන විතරයි කියන්නේ, මෙතනදී.

      මෙගේ අතිජාත මිතුරු නෙවිල් අනුරසිරිව සුද්ද කරන්න නම් දෙයක් නැහැ. ඒ කාලෙත් අපට හොරෙන් බිව්වා. අහලා- බනිද්දී කිව්වේ 'මම රස්සාවට ප්‍රෙස් එකට ආවා මිසක් අමද්‍යප කරන්න ආවේ නැහැ' කියලයි.

      මගේ අදහස නම් එහෙම බොන අයටත් අමද්‍යප සංවිධානවල කටයුතු කරන්නට ඉඩ දිය යුතු බවයි. එතකොට තමයි එයාලට යම්කිසි හැඟීමක් එන්නේ බීම කන්ට්‍රෝල් කරගන්නවත්.

      අසංග, ගොඩක්- ගොඩක් ස්තුතියි මගේ වෙනුවෙන් පෙනී හිටලා සහතිකයක් දුන් එක වෙනුවෙන්.....

      Delete
  3. ආපහු ලංකාවට එනකොටත් ඔය සල්ලි කවරෙ අඩු නැතුව ඔහොමම තිබ්බයි කියල අපි විස්වාස කරන්න ඕනද?

    ReplyDelete
    Replies
    1. ප්‍රසන්න මහත්තයෝ, විශ්වාස කරන නොකරන එක ඔයාලා වගේ හිතාදර පාඨක පිරිසගේ අයිතියක්නේ. මගේ යුතුකම වෙච්චි දේ ඒ ව්දිහට වාර්තා කිරීම.
      මොකද මම පටන් ගත්තෙම ඇත්තම කියනවා කියලනෙ.
      අපේ තාත්තා මට උගන්නලා තියෙන්නෙ 'අම්මව දෙනවය කිව්වා නම් තාත්තව ගස් බැඳලා හරි දීපං' කියලයි.

      සල්ලි කවරෙත් මේ සිද්දි ගොඩේ දිගටම ඉන්නා වැදගත් චරිතයක් බව විතරයි ඔන්න දැනට කියන්නේ....

      Delete
  4. මුදල් රේගුවට ප්‍රකාශ නොකර රැගෙන යාමත්, ජොකා අස්සේ දමාගෙන යාමත් දෙක අතර ලොකු වෙනසක් තියනවා. නිකම්ම සාක්කුවේ තිබිලා අහු උනොත්, ඒක අතපසු වීමක්, එහෙම නැතිනම් (නීතිය) නොදන්නා කමක් විදියට රඟ පාන්න පුළුවන් උනාට, ජොකා අස්සේ සල්ලි දාගෙන ගිහිල්ලා අහු උනොත්, ඒක අනිවාර්යයෙන්ම සලකන්නේ වංචාවක් හෝ හොරකමක් ලෙසටයි.

    අමද්‍යප සංවිධානයේ අය බොන්නේ නැතිනම්, බීමේ ආදීනව ගැන දන්නෙත් නැහැනේ. එතකොට ඒ ගොල්ලෝ කරන දේශනා, අනුශාසනා, කිසිම ප්‍රායෝගික දැනුමක් නැතිව, පොතකින් කියවා හෝ කාගෙන් හරි අසා දැනගත් දේවල් මිසක්, ප්‍රායෝගික දැනුමක් නැහැනේ. ඒ නිසා අමද්‍යප සංවිධානයට බඳවා ගන්න අය ඉඳ හිටලාවත් දෙකක් දාගන්න කෙනෙකු වීම අනිවාර්යය සුදුසුකමක් වෙන්න ඕනෑ. "කට්ටකාඩුවේ ලොකු මල්ලි" ගේ කොමෙන්ට් එකේ කියැවෙන්නේ ඒ විදියට "නිසි සුදුසුකම් ලත්" අමද්‍යප සාමාජිකයන් ගැනයි.

    ReplyDelete
    Replies
    1. සෑම් මහත්තයෝ අපේ නිදි ලොක්කා ඉපදිලා තියෙන්නෙත් ලෝක අමද්‍යප දිනයේ තමයි. මේ මනුස්සා නොබි උන්නාට බොන උන්නෑහෙලට අඩුමකුඩුම පහිණිපත් හදලා දීලා බීලා වැඩිඋනාම කොරන දේවල් ගැන විචක්ෂණශීලීව ඉතා සුපරික්ෂාකාරීව බලාගෙන ඉන්නා එක්තරා විදිහක ගල් ආදෙක්...😁😁😁

      Delete
    2. අනවසරයෙන් මුදල් රැගෙන යාම වැරද්දක්ය කියන එක විතරයි එදා මගේ ඔලුවට ආවේ. ඒ වෙලාවේ මට කල්පනා වුණෙත් ඒක හොරෙන්ම හරි පරෙස්සම් කරගන්න හැටියක් ගැන විතරයි.

      අමද්‍යප සාමාජිකයන් විය යුතු අය ගැන ඔයාගේ අදහසත් එක්ක මාත් එකඟයි සෑම්. හැබැයි, ඒකෙ අනතුරකුත් තියෙනවනේ. මිනිස්සු කියාවි නේද 'අමද්‍යපකාරයෝ' නම් කොහොමද බොන්නෙ, මුන් බොරුකාරයෝ' කියලත්. සමාජය බලාගෙන ඉන්නෙ හොඳ 99 අමතක කරලා වැරදි 01 අල්ලා ගන්නනේ.ඒකෙන් බේරෙන්නත් ඕනිනේ. මම වගේ මොකා මොක කිව්වත් ගණන් නොගන්නා කබර හමක් තියෙන උදවිය අඩුයිනෙ.

      තවමත් මගේ සමහර මිතුරන් ඔය set වෙන තැන්වලදී බෝතල් මගේ ළඟින් තියලා ෆොටෝ ගන්නවා, ඒත් මම විරුද්ධ වෙන්නේ නැහැ. මොකද මම නොබොන බව මං ගැන දන්නා උදවිය දන්නා නිසා.

      අනෙක තමයි, (මේක මගේ නිරීක්ෂණයක්) බොන හුඟක් උදවිය වැරැද්දක් කරගන්නේ තමන්ටමයි. කුහක සදාචාර සම්පන්න-සිල්වතුන් විදිහට ඉන්න අයගෙන් ඊට වැඩිය වැරදි සමාජයට වෙනවා. ඒ වැඩි දෙනෙකුගෙ බොක්ක කුණුවෙලා.

      Delete
  5. ඔය අමද්‍යප සංවිධාන වගේ ඒවල වැඩ කරන්නේ හොඳ කටහ්වට දක්ෂ මායම් කාරයෝ හේ හේ

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ, හැම සංවිධානයකම- ආයතනයකම වැඩ කරන අයටත් වඩා නායකත්වයට පත් වෙන අයට හොඳ කතා කාරයෙක්- හොඳ සන්නිවේදන හැකියාවක් තියෙන්නම ඕනිනේ. නැතිව කොහොමද අනුගාමිකයන්ව තමන්ගේ අරමුණ කරා ගෙනියන්නේ?

      එහෙම අය අතරේ අර ඔබතුමා කියන ජාතියෙ අවස්ථාවාදී මායම් කාරයොත් ඕනි තරම්!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්