li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Friday, December 4, 2020

යුවති කිරිල්ලී - පස්වෙනි කොටස

ධනුෂ්ක කතා කළේ සිනාසෙමිනි. මිලින්දගේ දෙතොල් අතරෙත් සිනා රැල්ලකි. එහෙත් මාලතී සිටියේ....

මෙතෙක් දිනක් සිහිනයෙන් දුටු ඒ මුහුණ... සිය දහස් වාරයක් සිතෙන් මවා ගත් ඒ මුහුණ... ඔහු ඇය ඉදිරියට පැමිණෙමින් සිටියි. සියුම් සතුටක් සියොලඟ වෙළා ගනිද්දී නුහුරුම කිතියකින් මාලතී දැවී ගියාය. 

“කොහොමද.....? කකුල සනීපයි වගේ...”

ධනුෂ්ක කතා කළේ සිනාසෙමිනි. මිලින්දගේ දෙතොල් අතරෙත් සිනා රැල්ලකි. එහෙත් මාලතී සිටියේ ප්‍රතිසිනා පෑ හැකි මානසික මට්ටමක නොවේ. සිනා නොවීම අවිනීතකමකියි සිතුණු විට ඈ ආයාසයෙන් සිනහ වූවාය. එය සිනහවකට වඩා විරිත්තීමකි.

“එදා මං එතනට එන්න කලින් පැනල දිව්වනේ....?”

“උඹගෙ මූණත් තහඩුව දැක්කම බය හිතෙන්න ඇති කොටියෙක් කියලා, නේද නංගී?” මිලින්ද මිතුරාට සහයෝගයක් දුන්නේ සිනා වෙමිනි. මාලතීටත් සිනා නැඟුණත් ඈ සිටියේ නොඉවසිල්ලෙනි.

‘අප්පොලා එක්ක මෙතැන කදේ දාගෙන ඉන්නවා කවුරුවත් දැක්කොත්...’ මාලතීගේ සිතට වද දුන් හැඟීම එයයි. සහජ ඉව ඇයට අනතුරු අඟවමින් සිටී!

“මං යන්නං.... අප්පෝ...”

මම නං හප්පෝ නෙවෙයි නංගී. ඔය ඉන්නේ හප්පා....

“මම නං හප්පෝ නෙවෙයි නංගී. ඔය ඉන්නේ හප්පා තමා!”

මාලතීගේ පැකිළීම ධනුෂ්කට වැටහී තිබිණි. ගැමි යුවතියෙකු නාඳුනන තරුණයන් දෙදෙනෙකු සමඟ තනි පංගලමේ දිගින්-දිගට කතා කරමින් සිටීම සුදුසු දෙයක් සේ නොසැලකෙන බව ඔහු දනියි.

“... ගියාට කමක් නෑ... මට ඔයාව හම්බ වෙන්න ඕනේ... ඔයා ආයෙමත් කවදද ඇල්ලට එන්නෙ?”

මාලතීගෙන් පිළිතුරු නොලැබෙන විට ධනුෂ්ක නොඉවසිලිමත් වූයේය. “අද... හෙට... කවදටද?” ඔහු කටට උත්තරය දී ඇසුවේය.

“හෙ..ට හවසට... එන්නං අප්පෝ....”

දෙමිතුරෝ පිටුපා යන යුවතිය දෙස බලා සිටියහ.

“මිස්ටර් ධනුෂ්ක රුවන් දන්තුරේ බණ්ඩාර ... දැන්වත් උඹට සන්තෝසයිද?” මිලින්ද ඇසීය.

******

දන්තුරේ වලව්ව තරමක් විශාල එකකි. තරමක් උස් බිමක එය ඉදිකොට තිබුණේ ඈතින් සිට බලන අයෙකුට වුවද දිස්වෙන ආකාරයෙනි. ‘අපේ මී මුත්තෝ මේක හදෝල තියෙන්නෙත් සෙංකඩගලපුරේ හැදුවා වගේ ජය බිමකලු!’යි දන්තුරේ බණ්ඩාර උදම් ඇනුවේ වරක් හෝ දෙකක් හෝ පමණක් නොවේ.

දෝතළු ගොල්ල අසල වූ තණ බිස්සේ වාඩි වී සිගරැට්ටුවක් උරමින් සිටි මිලින්ද වලව්ව දෙස බලා සිටියේ ආසාවෙනි.

දෝතළු ගොල්ල අසල වූ තණ බිස්සේ වාඩි වී සිගරැට්ටුවක් උරමින් සිටි.....

“මාර ගති මචං....!”

“හ්ම්!”

මිලින්ද සිත් සේ සිගරැට්ටුව රස වින්දේය. ගෙදරදී නම් ඔහු වැඩිමල් සොයුරු දමින්ද ඉදිරියේදී පවා දුම් පානයට පැකිළුණේ නැත. අම්මාත් තාත්තාත් දෙදෙනාම තම පුතුන් දෙදෙන දුම් පානය කරන බව දැන සිටියෝය. තම දෙමවුපියන් කෙරෙහි ඇති ගෞරවයටත් වඩා බැතිබර ගෞරවාන්විත හැඟීමකින් කුමාරිහාමිට සැලකූ මිලින්ද වලව්වේදී සිගරැට්ටුවක් ඉරුවේ එහෙමත් වෙලාවක පමණි. එයද කාමරයට වැදී දොර වසාගත් පසුවය.

කල්පනාවේ ගැලී සිටින ධනුෂ්ක අසලටම ගිය මිලින්ද තණ බිස්ස මතින් වාඩි වූයේය.

“උඹට මොකද මචං වෙලා තියෙන්නේ....?”

“....”

“උඹට බාගෙට පිස්සුද? පහුගිය දවස් ටිකේම උඹ කියා-කියා හිටියනෙ ඒකි ගැන හිතෙන් අතෑරියා කියලා... දැන් මූඩ් ගහලා.... ඒකිව දැක්කා විතරයි උඹට ඔක්කොම අමතක වුණා.”

මෙවැනි ප්‍රශ්නයක් මතු විය හැකි බව ධනුෂ්කට වැටහී තිබිණි. එහෙත් ඒ සඳහා ප්‍රමාණවත්; පිළිගත හැකි පිළිතුරක් ඔහු දැන සිටියේ නැත.

බලා සිටියද පිළිතුරක් නැති තැන මිලින්ද නැඟිටින්නට තැත් කළේය. ධනුෂ්ක මිතුරාට එතැනින් ඉවතට යන්නට ඉඩ හළේ නැත.

එංගලන්තේදී නිදහසේ කකා හිටපු එකාට දැන් මෙහෙ ආවාම පො...ර...සෝ...කේ! සැප නෑ...!!

“කොහෙද යන්නේ? ඔන්න ඔහෙ හිටපං ටිකක්...”

“මෙතැන ඉඳං මූඩ් ගහගෙන හිටියොත් නැන්දා හිතයි අපි කුඩු ගහලා කියල.....”

“හරි, හරි.... අම්මා දන්නවා උඹ කුඩු ගහනවා කියලා... ආයෙ මොනවා අමුතුවෙන් දැන ගන්නද?”

“විහිළු නෙවෙයි බං. මට දැන් උඹේ ඔය ඉලව් ‘ලව’ එපාම වෙලා. උඹේ හිතේ තියෙන කෙහෙල්මලක් එක්කෝ මටවත් කියන්න ඕන. ඒකත් නෑ.... ඇයි උඹට මාව අවිශ්වාසද?”

අසල වූ ගල් කැටයක් අහුලාගත් ධනුෂ්ක එය ඈතට වීසි කළේය. සිනාසී මිතුරා දෙස බැලූ ඔහු ගැඹුරු සුසුමක් පිට කළේ ලොවම දවා අළු කරන්නට මෙනි.

“උඹ දන්නවද මට හිතිලා තියෙන දේ? එක්කෝ ඕනෙ නෑ.... මං ඒක කිව්වොත් උඹ තරහ වෙන එක විතරයි වෙන්නෙ.”

“කියපං බලන්න.” ධනුෂ්ක මිතුරා දෙසට හැරුණේය.

“ඔන්න එහෙනං අහගනිං.... සුද්ද සිංහලෙන්ම කියනවා නං, උඹටත් උඹලගෙ අප්පච්චිට ඒ කාලෙ වුණා වගේ දැන් මදනය ඉහට ගහලා. එංගලන්තේදී නිදහසේ කකා හිටපු එකාට දැන් මෙහෙ ආවාම පො...ර...සෝ...කේ! සැප නෑ...!! හැබැයි උඹට ගට්ස් ඇත්තෙත් නෑ ඔය ඕනි ටික කරගන්න.”

මිලින්ද සිතූ අයුරින් ධනුෂ්ක කෝප වූයේ නැත. ඔහු සිනා වුණා පමණි. එය මිලින්දගේ කෝපය තවත් වැඩි කරවූවක් විය.

උඹටත් මට වගෙම ඉවසිල්ලක් නැද්ද අද?

“උඹ ඕනෑ බම්බුවක් ගහගනිං..... මං හෙටම ගෙදර යනවා!”

කෝපයෙන් කියූ මිලින්ද වලව්ව දෙසට ගියේ අසල වූ මල් පඳුරකටත් පයින් ගසමිනි.

********

“මොකද කෙල්ලේ අද පාන්දරින්ම නැඟිටලා...?”

ළිප මොලවමින් සිටි සිසිලියානා මාලතී දෙස බැලුවේ පුදුමයෙනි.

“ඇහැරුණා අපෙ අම්මා.... මං කිරි දොවන්නං!”

බාල්දියට පුන්නක්කුත් වතුරත් දමා එය කැලැත්තූ මාලතී හරක් මඬුවට ගියාය. පුන්නක්කු බාල්දිය හඳීට දුන් ඇය වසු පැටියා ගෙනවුත් වඩාත් ළඟ වූ කණුවක ගැට ගැසුවාය.

“හිටපං ටිකක් ඉවසලා... උඹටත් මට වගෙම ඉවසිල්ලක් නැද්ද අද?”

මඳක් උණුසුම් වතුරෙන් හඳීගේ කිරි බුරුල්ල සෝදා හළ මාලතී කිරි දොවන්නට වූයේද එළදෙන හා කතා කරමිනි.

“කියාපං හඳියෙ, උඹ හිතන්නේ මං හවසට එහෙ යන එක හොඳයි කියලද? කෝ.... උඹ කිව්වේ නෑනෙ.... ඔන්න මං එහෙනං උඹේ කිරි ටික ඔක්කොම දොවා ගන්නවා, උඹේ පුතාටවත් නොතියා...”

“මොනවද මයෙ දුවේ තනියෙන් කියවන්නේ? කෝ, කිරි ටික දොවල ඉවරෙයි? ආං අප්පච්චිත් ඇහැරිලා....”

දියණියගේ පමාව බලන්නට ආ සිසිලියානා කීවාය.

වටපිට බැලූ රාමන් කිසිවෙකු නැති බව සැක හැර දැනගත් නමුදු....

පින්නෙන් තෙමී ඇති බණ්ඩක්කා ගස් දුටු මාලතී එතැනත් රැඳුණාය. කහ පැහැති බණ්ඩක්කා මල් සමඟින් සිනාසුණු මාලතීට වසු පැටියා අඬා වැටෙන හඬත් ඇසුණේ නැත.

“ඇයි බං අර පැටියව ලෙහුවෙ නැත්තෙ.... ආං ඌ බෙරිහං දෙනවා.... අනේ මන්දා, උඹේ සිහියට මොකක් වෙලාද කියලා...”

‘ඇත්තටම මට මොකක්ද වෙලා තියෙන්නේ...?’ මාලතී මවට නොඇසෙන තරම් සෙමින් තමාටම කියා ගනිමින් වසු පැටවා මුදා හැරියාය. පිම්මක් ගැසූ වසු පැටියා හඳී සමීපයට දුවගොස් කිරි උරන්නට වූයේය.

********

“මිලින්ද මාත්තියා.... මිලින්ද මාත්තියා...”

කාමරයේ ජනේලයෙන් එබෙන රාමන් දුටු මිලින්ද එතැනට ගියේය. රාමන් නිතර කතාබහේ යෙදෙන්නෙක් නොවේ. තමන්ගේ පාඩුවේ කර බාගෙන වැඩෙහි නිරත වෙන ඔහු වැඩිමනත්ම කතා කළේ දන්තුරේ බණ්ඩාර සමඟිනි. අනෙක් අතින් දවස මුළුල්ලේම වැඩෙහි යෙදුණත් කරන්නට තරම් වෙන වැඩ කන්දරාවක් රාමන්ට පැවරී තිබිණි. එසේ තිබියදී රාමන් මෙලෙස තමා සමඟින් කතාවට පැමිණියේ මන්දැයි මිලින්ද සිතුවේය. වටපිට බැලූ රාමන් කිසිවෙකු නැති බව සැක හැර දැනගත් නමුදු කතා කළේ සෙමිනි.

නේ... නේ.... නේ. යේක පලාගෙන... පලාගෙන... පරේස්සමෙන්...

“මොකද බං?”

“මාතියා... රාසක් තමා තීනවා....!”

රාමන්ගේ සිංහල උච්චාරණයට නැඟුණු සිනහව මිලින්ද සඟවා ගත්තේ නැත.

“තියෙනවා නං තියා ගනිංකො....” මුලින් කියූ ඔහු, රහසින් ඒ කුමක්දැයි ඇසුවේය.

“මාතියා.... යේක පුංචි අප්පො කතා කරාපු ගේනි තමා.... ඒකිගෙ අප්පා අරි වෂ මුනියා. අපේ පුංචි අප්පොට පලාගෙන කීන්න මාත්තියා....”

“මොනව පලාගෙන කියන්නද බං?”

“නේ... නේ.... නේ. යේක පලාගෙන... පලාගෙන... පරේස්සමෙන්...”

“හා... බලාගෙන...”

“ෂරි ෂරි.... යේක තමා මාතියා.... යේක විල්මට් මෙහෙ තමා හිටියා... අරී වෂ මුනියා... යේක ලොක්කු අප්පෝ එක්ක තමා තරා....”

තවත් නිමල් දිසානායක කෙනෙක් පොත් ලියයි; පරිවර්තනයත් කරයි....

මිලින්ද කල්පනාවට වැටුණේය. විල්මට්! ඇයගේ පියා වලව්වේ සිටි අයෙකි. එහෙත් ඔහු දන්තුරේ බණ්ඩාර අප්පෝ සමඟ දැන් අමනාපය. රාමන්ගේ අනතුරු ඇඟවීම ධනුෂ්කට කිව යුතු යැයි මිලින්ද නිගමනය කළේ බොහෝ දේ කල්පනා කිරීමෙන් අනතුරුවය.

ආපසු යාමට සැරසෙන මිතුරා ඒ සඳහා සූදානම් වෙන බව දැන සිටි ධනුෂ්ක සිය කාමරයටම වැදී සිටියේය. තමා සමඟම අමනාපයෙන් සිටි ඔහුට ඇඳෙහි හාන්සි වී සිටි වනම නින්ද ගොස් තිබිණි.

******

කෙනෙකුට කිව්වාට අදහන්නේ නැතිව ඉන්නත් පුළුවන්ය. හැම එකකම වගේ පැටලිල්ලක් හැදෙන මගේ, මේ නවකතා කෙරුවාවෙත් පැටලිල්ලකි!

තවත් නිමල් දිසානායක කෙනෙක් පොත් ලියයි; පරිවර්තනයත් කරයි. ඒකෙන් වෙලා තියෙන්නේ ඒ මහත්තයාගේත් මගෙත් පොත් එකම ගොඩට වැටෙන එකය.

පොත් කැටගරි කරද්දී බලන්නේ කතුවරයාගේ නම විතරයිනේ... ගම, ලිපිනය වගේ වංහු ටිකත් හොයන්නේ; සසඳන්නේ කවුද? ඒ විදිහට බලද්දී මාත් ලොකු නවකතාකාරයෙකි. ඒ අනෙක් නිමල් දිසානායක පොත් ගණනාවක්ම පරිවර්තනයත් කරලා තිබෙන නිසාය!

මේ කොහෙන්ද අකලංක නිමල් දිසානායක නමට කලින් mr එකක්.... මම මරාගේ පන්දමෙක්ද යකෝ?

වෙන කෙනෙකු නම් කරන්නේ සද්ද වහලා ඉඳගෙන ඒ credit ටිකත් තමන්ගේ මල්ලට වැටෙන්නට ඉඩ හැරීමය. මට නං එහෙම කරන්නට නොහිතෙන නිසාය මෙහෙම ලියුවේ.

“මහප්පේ..... බ්ලොග් සයිට් එකක් හදන්න නං ඔයාට gmail එකවුන්ට් එකක් තියෙන්න ඕනි.” 2018 මාර්තු මාසයේ අග හරියේ ඉරිදාවක අපේ අකලංක නයනප්‍රිය දිසානායක කිව්වේය. (fb එකෙත් අකලංක දිසානායකලා දෙන්නෙක් සිටිති.) “ඉතිං මට මොකක්ද යක්ෂයෝ කරන්න කියන්නේ....” මම කුස්සියේ සිටම ඇසුවෙමි. 

“මට බ්ලොග් සයිට් එක හදන වැඩේ තමුසෙ කරලා දෙනවා, ලස්සනට... තීරණයක් ගන්න ඕනිම තැනදී විතරක් අහනවා... මං දවල්ට උයන්න යනවා...” කියලාය මං අකලංකට එදා dutyය බාර දුන්නේ.

“ඔන්න මහප්පේ එහෙනං ඔන්න මං ඔයාට gmail account එකක් හදනවා!”

“හා යක්ෂයෝ හා...”

‘යක්ෂ හා’ එකේ තරම තේරුණේ ටික දවසකට පස්සේ ඊමේල් එන්නට ගත්තාමය. “මේ කොහෙන්ද අකලංක නිමල් දිසානායක නමට කලින් mr එකක්.... මම මරාගේ පන්දමෙක්ද යකෝ?”

මගේ නම මැද්දට දාන්නට හැදූ ‘රංජිත්’ කෑල්ල හැලුව නර්ස් නෝනාට පිං දෙන්නට ඕනෑය....

“නෑ, නෑ, මරා නිමල් නෙවෙයි.... මහප්පේ! මිස්ටර්... මිස්ටර් නිමල් දිසානායක...!”

“යකෝ, මෙච්චර IT උගතෙක් වෙලත් උඹේ මොළේ මැටිද මිනිහෝ.... මොන ලජ්ජ නැති කමක්ද තමන්ගේ නමට ඉස්සරහින් තමන්ම Mr. කියලා දමා ගැනිල්ල?”

“ඕකනේ කියන්නේ මහප්පේ.... දැන් ඔයාට තද වුණාට කරන්න දෙයක් නෑ.... නිමල් දිසානායක කියලා නමෙන්ම ඊමේල් account එක හදන්නය කිව්වට නිමල්ලා දහයක් විතර හිටියා. මම ඉතිං ඔයාව අඳුරගන්න ලේසිවෙන්න mr මුලට දැම්මා.... ඔයාගෙන් ඒකත් අහන්න ගියා නං ඒ වෙලාවේ මාව කනවනේ.... දැන් ඒක වෙනස් කරන්න ගියොත් හෙණ අවුල් මහප්පේ... ඔන්නොහෙ එහෙම්ම තියෙන්න අරිමු...”

දැන් විස්තර හොයාගෙන යනකොට පෙනෙන්නේ අකලංකගේ කතාවේ ඇත්තයි.

fb එකේ ඉන්නා නිමල් දිසානායක රොත්තෙන් කෙනෙකු නඩුකාර උන්නාන්සේ කෙනෙකි. තවකෙක් විශාරද සංගීත ශිල්පියෙකි. තවත් කෙනෙක් අධ්‍යාපන අධ්‍යක්ෂ කෙනෙකි. අම්මලා මගේ නම මැද්දට දාන්නට හැදූ ‘රංජිත්’ කෑල්ල හැලුව නර්ස් නෝනාට පිං දෙන්නට ඕනෑය. නම නරකම නැත! බැබළෙන උදවියට අයිති එකක්නේ!! 

එච්චරකුත් නොවේ.....

ගොඩ රළුවේ හේන් ගොවිතැනින් පවුලේ දිවි පෙවෙත ගැට ගහ ගන්නා ඔහු රජරට අව්‍යාජ අහිංසක ගොවියෙකි. ඔහු නමින් ‘නිමල් දිසානායක’ය...

බ්ලොගයක් ලියනවා තියා මං කම්පියුටරයෙන් අකුරක්වත් කොටන්නට නොදන්නා කාලයේ, මගේ ලටපට මල්ලට එබූ ; 2009 ජුලි 19 වෙනි ඉරිදා ‘රිවිර’ පත්තරයේ 25 වෙනි පිටුවෙනුත් මේ වගේ වැඩක් වෙතියි කියලා එදා නං මට හිතුණේ නැත. ඒ පිටුව පුරා තිබ්බේ, එප්පාවල රත්න බී. ඒකනායක ලියූ වාර්තාවකි.

හෙඩිම ‘රුපියල් හය ලක්ෂයකට පයින් ගසා ගව පට්ටියම පන්සලට පූජා කළ නූතන වෙස්සන්තර’ය.

‘දිය ලබු ගෙඩිය කණු මන්දක එල්ලා තබා උදේ සිට රෑට, රෑ වන තුරු ගිනිසුකුළු අව්වේ මහ පොළොව සමඟ පොර බදමින් ගොඩ රළුවේ හේන් ගොවිතැනින් පවුලේ දිවි පෙවෙත ගැට ගහ ගන්නා ඔහු රජරට අව්‍යාජ අහිංසක ගොවියෙකි. ඔහු නමින් ‘නිමල් දිසානායක’ය. 1947 දී පොල්ගහවෙල, පොරමඬල ගමේ උපන් ඔහු තරුණ වියේදී රජරට තලාවේ තිරප්පනේ නම් වූ රජකාලේ සිට පැවත එන ගම්මානයට පැමිණ කරුණාවතීගේ නිවසේ බින්න දීගයට එකතු විය......’

ඒ නිමල් ගොවිතැනට අමතරව හරක් හැදීමත් කරලාය. අන්තිමට ගොන් නාම්බන් 12ක්, කිරි එළදෙනුන් 11ක් හා පැටවුන් 5ක් හිටි හරක් පට්ටියම දන් දීමෙන්ය, මේ විශේෂාංග ලිපියට මඟ පෑදී තියෙන්නේ.

‘....ඊට පස්සේ මීගස්සෑගම පන්සලේ නායක හාමුදුරුවන්ටත් එන්න කියලා මීගස්සෑගම ගමේ දුප්පත් ගොවි පවුල් දහතුනකට මගේ හරක් ටික ඇසළ පෝය දා තලාපවාපි පන්සලේදී දන් දුන්නා!.....’

අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ; උන් උන්ගේමය. ඉතිං, මං උන්ව දන් දෙන්නේ කොහොමද?
අනේ මටත් එහෙම පින්කමක් කර ගන්නට හැකියාව හම්බ වෙනවා නං!

මගේ මොට්ට මොළේට ඔහොම පිං සිතුවිලි පහළ වුණාට ඒවා කවම-කවරදාකවත් හරි යන්නේ නැති එව්වාය. අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ; උන් උන්ගේමය. ඉතිං, මං උන්ව දන් දෙන්නේ කොහොමද? මොන අහම්බයකින් හරි මට එහෙම බලයක් හම්බ වුණත් මේ හරකුන්ව බාර ගන්නට එන්නේ මොන අප්පච්චිද?

මගේ මනස්ගාත එහෙමම තිබිච්චාවේ! ආයෙමත් ‘යුවති කිරිල්ලී’ පොතේ 39 පිටුවේ මැදට; 4 පරිච්ඡේදයේ අග භාගයට යමු!!

කළ ගෙඩියේ ඉතිරිව තිබුණු දිය බාල්දියට දැමූ මාලතී තවත් වරක් මිදුල දෙස බැලුවාය. පහන් පැලේ සෙවණැල්ල තවමත් මිදුල කොණට ළඟා වී නැත. ඈ වෙනදා දිය ඇල්ලට යන වෙලාව එයයි.

‘කමක් නෑ.... අප්පො ඇවිල්ල ඇති මයෙ හිතේ....!’

සිතෙහි තිබුණු දෙගිඩියාව මැඬගත් මාලතී ඔහු හමු වීමට යා යුතු යැයි තීරණය කළාය.

අළුයම සිටම සිත දෙමෝලෙන් පිටි කොටන වංගෙඩියක් මෙන් යැයි ඇයට හැඟී තිබිණි. නැවත වරක් ධනුෂ්ක අප්පෝ හමුවීමේ ආශාව විටෙක මතු වී එයි... ඊළඟ නිමේෂයේ චන්ද්‍රාගේ අවවාදය.... තාත්තගේ රළු බව... අම්මගේ අවවාද සිතේ කඳවුරු බැඳ ගනී. එදා වෙලාව ගත වුණේද සෙමින්-සෙමින් බව මාලතීට සහතිකය.

ඈ වෙනදා දිය ඇල්ලට යන වෙලාව එයයි...

“පරෙස්සමෙන් මයෙ දුවේ.... මතකයිනෙ...?”

“අපෙ අම්මා බය වෙන්ඩ ඕනැන්නෙ නෑ. මාව ආයෙමත් ලෙස්සන්නේ නෑ...” මාලතී හිනැහී කීවේ මව සනසාලමිනි.

අවට සියලුම දේ අසිරිමත් චමත්කාරයකින් නැහැවී ඇතුවාක් සේ දුටු මාලතී ඔකඳ වූවාය. වියළී ගිය මානා පඳුරක පවා සිත වසඟ කරවන සුන්දරත්වයක් ගැබ්වී ඇතැයි ඇයට සිතුණි. දින ගණනාවකට පසු දකින දිය ඇල්ලද අන් කවරදාකටත් වඩා අලංකාරය.

චකිතයෙන් වටපිට බැලූ මාලතී පණ ඇති කිසිවෙකු හෝ නොදුටුවාය. ගින්නට හසු වූ ළා දලුවක් සේ හේබා ගිය ඈ දෙවන- තෙවන වරටත් හාත්පස සිසාරා බැලුවාය.

ගල්කුළ වෙනදා මෙන්ම අහසට නැඟී සිටී. එහෙත් ඒ මත කවරෙකුවත් නැත.

‘මං වේලාසනින් ආවනේ... අප්පො තාම මඟ වෙන්නැති!’

බොහෝ වෙලාවක් ගතවෙන තුරුත් නොසැලී සිටි ඇයට කිතියක් දැනී තිගැස්සී බැලුවාය. කුඩා මාළු රංචුවක්...

ඇය කළයට දිය පුරවා තබා වාඩි වූවාය. දෙපතුල දියට දමා බොහෝ වෙලාවක් ගතවෙන තුරුත් නොසැලී සිටි ඇයට කිතියක් දැනී තිගැස්සී බැලුවාය. කුඩා මාළු රංචුවක් පිහිනමින් ඇගේ රෝස පැහැති දෙපතුලට කොටමින් සිටිති.

සුසුමක් හෙළූ මාලතී නැඟිට්ටාය. දිය කැළඹෙද්දී මාළු ඈතට පිහිනා ගියහ.

‘ඇයි ධනුෂ්ක අප්පෝ මට මෙහෙම කළේ?’

දිය දෝතක් ගෙන කඳුළින් තෙමී ගිය මුහුණ සෝදා දැමූ මාලතී අවසන් වරටත් හැරී බැලුවාය. බලා, දිය කළය උකුළට ගෙන කඩිනම් ගමනින් අඩි පාර දිගේ පිය නැඟුවාය.

ළතැවිල්ලෙන්ම අකල් නින්දකට වැටී සිටි ධනුෂ්ක අවදි වෙන විට අඳුරු වැටී තිබිණි!

5 

“ආයෙත් ටික දවසක් ඉඳලා යන්න වරෙං!”

ධනුෂ්ක මිලින්ද දෙස නොබලාම කියුවේය. මිතුරාගේ වියෝව ඔහුට දරුණු පහරකි.

“මං එන්නම්කො.....”

“උඹ තරහ වෙන්න එපා... අවිශ්වාසෙකට නෙවෙයි, තවම මමවත් දන්නෙ නෑ මම මොනවා කරනවද කියලා. මං උඹට ඔක්කොම කියන්නංකො දවසක....”

“ටේක් ඉට් ඊසි මචං!”

මිලින්ද මිතුරාගේ පිටට තට්ටු කළේය. ධනුෂ්ක සුසුමක් හෙළා ළය සැහැල්ලු කර ගත්තේය.

ආයෙ එන්නම ඕනෑ... ඕවායි විස්ස විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ.

කාරයේ ඩිකිය විවෘත කළ රාමන් ඇඳුම් බෑගය එහි තැන්පත් කළේය. දන්තුරේ බණ්ඩාරත්, කුමාරිහාමිත් වලව්ව්වට ගොඩ නැඟෙන පඩි පෙළ මුඳුනේ සිටියෝය. කාමරයෙන් පිටවී ආ මිලින්ද පහත් වී මාමාටත් නැන්දාටත් වැන්දේය.

කුමාරිහාමි මිලින්දගේ හිස සිප ආසිරි පැතුවේ කඳුළු සලමිනි.

“මිලින්ද පුතා ගියාම මයෙ පුතාට තමා හොඳටෝම පාළු....”

“මම ආයෙ එනවා නැන්දා... මෙඩිකල් කොලේජ් එක වහල හින්දා ඉක්මනටම එන්නංකො!”

“ඔව්, ඔව්. ආයෙ එන්නම ඕනෑ... ඕවායි විස්ස විද්දියාලයි මේ කාලේ තිස්සෙම වහල දාපු ගමන් නොවැ.” දන්තුරේ බණ්ඩාර මිලින්දට සමු දුන්නේය.....

11 comments:

  1. කාකෙකට ඉස්සර මොකක් හරි වැඩකට විදුලි ලිපිනය ඉල්ලා ගත්තා. ඒක දැක්කාම හිතුනේ මේ මනුස්සයා තමන්ටම මිස්ටර් කැල්ල දාගෙන කියලා. හැබැයි පස්සේ හිතුනා මිස්ටර් එක හොදයි නිමල් 55 හරි වෙන කැලි එකතු කරනවට වඩා.

    ReplyDelete
    Replies
    1. කලෙකට ඉස්සර ලෙසින් නිවැරදි විය යුතුය

      Delete
    2. ඒක නේන්නං අසංග.... වෙච්චි දේට එන්න සෙයියදු කියලා බලං ඉන්නවා.

      Delete
  2. මට තියන ඊමේල් කොන්ටැක්ට්ස් වලින් එකම මිස්ටර්.

    ReplyDelete
    Replies
    1. Pra Jay මහත්තයෝ, ඔයාට තියෙන contacts විතරක් නෙවෙයි, ලෝකේ එකම mr ඊමේල් ලිපිනය වෙන්නැති! ලජ්ජාවේ පණ යනවා. හොඳ වෙලාවට මෙච්චර කාලෙකට පස්සේ හරි මේක ලිව්වේ!

      Delete
  3. ධනුශ්කට මොකද මේ ලමයා එනවා කිව්ව දවසෙම නින්ද ගියෙ. මාලතීගෙ excitement එකෙන් සුලු ප්‍රමානයක් වත් ධනුශ්කට නැත්තෙ ඇයි. බරපතල ප්‍රශ්නයක් වගෙයි.

    'අපේ රටේ ඉන්නා ගොඩාරියක් හරක් මගේ නොවේ' අම්මෝ...
    පාර්ලිමේන්තුවේ ලඟදි රාසමනිකම් මන්ත්‍රිතුමා කරපු කතාවක බාශා තුනෙන්ම කතා කරමින් ඔහු කියන එක දෙයක් තමයි මේ ආන්ඩුව ලැජ්ජා වෙන්න ඕනෙ අහින්සක සින්හල මිනිස්සුන්ව මේ විදිහට රවට්ටන්න කියලා. හැබැයි අපේ අය ඇඳගන්න එවරෙඩි වගේම ඇඳගෙන ඉඳීම මහා වීරකමක් කියලයි හිතන්නෙ.

    ReplyDelete
    Replies
    1. ඔයාගේ අනුමානය හරියටම හරි Lotus... ධනුෂ්කට ප්‍රශ්නයක් තමා....

      අපි එදත් රැවටුණා.. අදත් රැවටිලා හෙටත් රැවටෙනවා....! ඒක නේන්නං අපේ මානව නිදහස!

      Delete
  4. ධනුෂ්කයි මිළින්දයි වෙන් කරපු එක හොඳා. මට තිස්සෙම දෙන්නා මාරු වෙනවා...

    ධනුෂ්ක නිරාකරණය කරගෙන නැතුව ඇති තවම එයා මාලතීට ආදරෙයි කියලා. සංස්කෘතිය කොයි තරම් නම් මනුෂ්‍ය ජිවිත හා හැඟීම්වලට බලපානවද කියලා තේරෙනවා මේ සිද්ධියෙන්

    ReplyDelete
    Replies
    1. ස්තුතියි ඩ්රැකී, මොකුත් උත්තර දෙන්න යන්නේ නෑ, කතාව ගැන.

      ඔය නම් පැටලෙනවා වගේ තැනකදී මං කරගන්නේ පොඩි උප්පරවැට්ටියක්. ධනුෂ්ක වෙනුවට දුනුවායා වගේ මතක හිටින නමක් ආදේශ කරගන්නවා.

      Delete
  5. මේ නිමල් දිසානායක කවුද මන්ද , දැන්නම් මටත් ෂුවර් නැහැ. ඔයා කතාව ලියන් යන සිංහල භාෂාව ලස්සනයි. හැබැයි මේක වලව් කතාවක් වගේ. හැබැයි නිදි තරහ වෙන්න එපා මේක කිව්වට. මේ වට්ටෝරුවක් වගේ දැනෙන්නේ මට. කොල්ලා වලව්වක , මෙඩිකල් කොලේජ් යන්නේ (වලව් වල එවුන් මෙඩිකල් කොලේජ් යන්නේ ස්ටීරියෝ ටයිප් එක . කෙල්ල දුප්පත් . හැබැයි මාර ලස්සනයි. මේක කොයි කලේද ලීවේ. ඒ කාලෙට ගැලපෙන පොතක්. යටින් ලියන විස්තර ටික හැමදාමත් වගේ මරු

    ReplyDelete
    Replies
    1. අජිත් මහත්තයෝ. අනෙක් නිමල් දිසානායකලා කොහොම වෙතත් මේ නිමල් දිසානායක කවුද කියලා මාත් තවම හොයනවා.

      ඔයා හරි. වට්ටෝරුවක් තමයි. ඒත් පසු භාගයේදී පොඩි වෙනසකුත් කරලා තියෙනවා... දිගටම කියවන්නකෝ.

      පොත ලියලා පබ්ලිෂ් කළේ 1996.

      කතාවත් එක්කම අමතර විස්තර ලියන්නේ ඒවා වෙන-වෙනම පෝස්ට්ස් වලට තරම් දිග නැති නිසයි. ඒත් වැදගත් නිසයි.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්