li Item

  1. වස් කවි කීම - පළමු කොටස
  2. වස් කවි කීම - දෙවෙනි කොටස
  3. වස් කවි කීම - තෙවෙනි කොටස
  4. නොදෙන්න හිටි රන් පදක්කම
  5. නීච කුමන්ත්‍රණේ
  6. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -පළමු කොටස
  7. මංජුලගේ 'මරියා'ට මම පැටලුනෙමි -දෙවෙනි කොටස
  8. තුම්පනේ, මාතර, බදුල්ලේ කියලා වෙනස්යැ
  9. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... -පළමුවෙනි කොටස
  10. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - දෙවෙනි කොටස
  11. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - තෙවෙනි කොටස
  12. නැණ ලැබ ගත්තෙමි; ඔහු සෙවණේ හිඳ... - හතරවෙනි කොටස
  13. අඟුල්මල් දහනය - පළමුවෙනි කොටස
  14. අඟුල්මල් දහනය - දෙවෙනි කොටස
  15. අඟුල්මල් දහනය - තෙවෙනි කොටස
  16. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පළමුවෙනි කොටස
  17. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දෙවෙනි කොටස
  18. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - තෙවෙනි කොටස
  19. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හතරවෙනි කොටස
  20. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පස්වෙනි කොටස
  21. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හයවෙනි කොටස
  22. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - හත්වෙනි කොටස
  23. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - අටවෙනි කොටස
  24. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - නවවෙනි කොටස
  25. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහවෙනි කොටස
  26. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - එකොළොස්වෙනි කොටස
  27. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දොළොස්වෙනි කොටස
  28. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහතුන්වෙනි කොටස
  29. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහතරවෙනි කොටස
  30. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - පහළොස්වෙනි කොටස
  31. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දහසයවෙනි කොටස
  32. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලෝමා - දාහත්වෙනි කොටස
  33. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහඅටවෙනි කොටස
  34. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - දහනවවෙනි කොටස
  35. වැරැදි බෝනස් එක - මල්ටිපල් මයෙලොමා - විසිවෙනි කොටස
  36. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - පළමුවෙනි කොටස
  37. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - දෙවෙනි කොටස
  38. හරි හුරතල් විනාකිරි සංග්‍රාමය - තෙවෙනි කොටස
  39. වීරයා ගෙදරද? - පළමුවෙනි කොටස
  40. වීරයා ගෙදරද? - දෙවෙනි කොටස
  41. වීරයා ගෙදරද? - තෙවෙනි කොටස
  42. වීරයා ගෙදරද? - සිව්වෙනි කොටස
  43. වීරයා ගෙදරද? - පස්වෙනි කොටස
  44. ගණිත ගැටේ - පළමුවෙනි කොටස
  45. ගණිත ගැටේ - දෙවෙනි කොටස
  46. ගණිත ගැටේ - තෙවෙනි කොටස
  47. ගණිත ගැටේ - සිව්වෙනි කොටස
  48. දෙපා අවසඟ පාපන්දු පිස්සා - පළමුවෙනි කොටස
  49. දෙපා අවසඟ පාපන්දු පිස්සා - දෙවෙනි කොටස
  50. දෙපා අවසඟ පාපන්දු පිස්සා - තෙවෙනි කොටස
  51. දෙපා අවසඟ පාපන්දු පිස්සා - සිව්වෙනි කොටස
  52. ශ්‍රී ලංකා not Vs England - පළමුවෙනි කොටස
  53. ශ්‍රී ලංකා not Vs England - දෙවෙනි කොටස
  54. ශ්‍රී ලංකා not Vs England - තෙවෙනි කොටස
  55. ශ්‍රී ලංකා not Vs England - සිව්වෙනි කොටස
  56. ශ්‍රී ලංකා not Vs England - පස්වෙනි කොටස
  57. ශ්‍රී ලංකා not Vs England - හයවෙනි කොටස
  58. ශ්‍රී ලංකා not Vs England -හත්වෙනි කොටස
  59. ශ්‍රී ලංකා not Vs England -අටවෙනි කොටස
  60. ශ්‍රී ලංකා not Vs England -නවවෙනි කොටස
  61. ශ්‍රී ලංකා not Vs England -දහවෙනි කොටස
  62. ශ්‍රී ලංකා not Vs England -එකොළොස්වෙනි කොටස
  63. ශ්‍රී ලංකා not Vs England -දොළොස්වෙනි කොටස
  64. ශ්‍රී ලංකා not Vs England -දහතුන්වෙනි කොටස
  65. JVP නිමල්ගෙ දානෙත් එපා! -පළමු කොටස
  66. JVP නිමල්ගෙ දානෙත් එපා! -දෙවෙනි කොටස
  67. JVP නිමල්ගෙ දානෙත් එපා! -තෙවෙනි කොටස
  68. චිත්තම්මා
  69. ආදර පූජාසනේ...- පළමුවෙනි කොටස
  70. ආදර පූජාසනේ...- දෙවෙනි කොටස
  71. ආදර පූජාසනේ...- තෙවෙනි කොටස
  72. ආදර පූජාසනේ...- සිව්වෙනි කොටස
  73. ආදර පූජාසනේ...- පස්වෙනි කොටස
  74. ආදර පූජාසනේ...- හයවෙනි කොටස
  75. ආදර පූජාසනේ...- හත්වෙනි කොටස
  76. ආදර පූජාසනේ...- අටවෙනි කොටස
  77. ආදර පූජාසනේ...- නවවෙනි කොටස
  78. ඇස් පෑදේවා! - පළමුවෙනි කොටස
  79. ඇස් පෑදේවා! - දෙවෙනි කොටස
  80. ඇස් පෑදේවා! - තෙවෙනි කොටස
  81. අන්දොස් මංගල්ලේ - පළමුවෙනි කොටස
  82. අන්දොස් මංගල්ලේ - දෙවෙනි කොටස
  83. අන්දොස් මංගල්ලේ - තෙවෙනි කොටස
  84. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පළමුවෙනි කොටස
  85. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - දෙවෙනි කොටස
  86. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - තෙවෙනි කොටස
  87. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - සිව්වෙනි කොටස
  88. සුමානෙක හුටප්පර- කියන්නෙමි එකතු කර - පස්වෙනි කොටස
  89. ළඟට එන්නෙපා, මට කොරෝනා! - පළමුවෙනි කොටස
  90. ළඟට එන්නෙපා, මට කොරෝනා! - දෙවෙනි කොටස
  91. ළඟට එන්නෙපා, මට කොරෝනා! - තෙවෙනි කොටස
  92. පොඩි නිමල්ට ලොකු නිමල් මාමාගෙන්.....
  93. නොසොයමි නුඹව අම්මේ ආපහු නාව!
  94. දහතුනේ මාරකේ...Thirteen Lives
  95. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... - පළමුවෙනි කොටස
  96. යුවති කිරිල්ලීගෙන් බිරිඳට... -දෙවෙනි කොටස
  1. අජාසත්ත - පළමු කොටස
  2. අජාසත්ත - දෙවෙනි කොටස
  3. අජාසත්ත - තෙවෙනි කොටස
  4. අජාසත්ත - හතරවෙනි කොටස
  5. අජාසත්ත - පස්වෙනි කොටස
  6. කෙලින් සනා - පළමු කොටස
  7. කෙලින් සනා - දෙවෙනි කොටස
  8. කෙලින් සනා - තෙවෙනි කොටස
  9. පේව්මන්ට් එකේ රජවී - පළමු කොටස
  10. පේව්මන්ට් එකේ රජවී - දෙවෙනි කොටස
  11. පේව්මන්ට් එකේ රජවී - තෙවෙනි කොටස
  12. පේව්මන්ට් එකේ රජවී - හතරවෙනි කොටස
  13. පේව්මන්ට් එකේ රජවී - පස්වෙනි කොටස
  14. පේව්මන්ට් එකේ රජවී - හයවෙනි කොටස
  15. පේව්මන්ට් එකේ රජවී - හත්වෙනි කොටස
  16. පේව්මන්ට් එකේ රජවී - අටවෙනි කොටස
  17. පේව්මන්ට් එකේ රජවී - නවවෙනි කොටස
  18. පේව්මන්ට් එකේ රජවී - දහවෙනි කොටස
  19. මඩ ගොහොරුවක පචවී - පළමුවෙනි කොටස
  20. මඩ ගොහොරුවක පචවී - දෙවෙනි කොටස
  21. මඩ ගොහොරුවක පචවී - තෙවෙනි කොටස
  22. මඩ ගොහොරුවක පචවී - හතරවෙනි කොටස
  23. මඩ ගොහොරුවක පචවී - පස්වෙනි කොටස
  24. මඩ ගොහොරුවක පචවී - හයවෙනි කොටස
  25. මඩ ගොහොරුවක පචවී - හත්වෙනි කොටස
  26. මඩ ගොහොරුවක පචවී - අටවෙනි කොටස
  27. මඩ ගොහොරුවක පචවී - නවවෙනි කොටස
  28. මඩ ගොහොරුවක පචවී - දහවෙනි කොටස
  29. ඉඳියාප්ප ගන්නවද? - පළමුවෙනි කොටස
  30. ඉඳියාප්ප ගන්නවද? - දෙවෙනි කොටස
  31. ඉඳියාප්ප ගන්නවාද? - තෙවෙනි කොටස
  32. ඉඳියාප්ප ගන්නවද? - හතරවෙනි කොටස
  33. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පළමුවෙනි කොටස
  34. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දෙවෙනි කොටස
  35. දිව්‍ය අංගනි සේ මම සැරැසී - තෙවෙනි කොටස
  36. දිව්‍ය අංගනි සේ මම සැරැසී - සිව්වෙනි කොටස
  37. දිව්‍ය අංගනි සේ මම සැරැසී - පස්වෙනි කොටස
  38. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හයවෙනි කොටස
  39. දිව්‍ය අංගනි සේ මම සැරැසී - හත්වෙනි කොටස
  40. දිව්‍ය අංගනි සේ මම සැරැසී - අටවෙනි කොටස
  41. දිව්‍ය අංගනි සේ මම සැරැසී - නවවෙනි කොටස
  42. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දහවෙනි කොටස
  43. දිව්‍ය අංගනි සේ මම සැරැසී - එකොළොස්වෙනි කොටස
  44. දිව්‍ය අංගනි සේ මම සැරැසී - දොළොස්වෙනි කොටස
  45. මෝස්‌තර එක්ක හත් වසරක් - පළමුවෙනි කොටස
  46. මෝස්‌තර එක්ක හත් වසරක්- දෙවෙනි කොටස
  47. මෝස්‌තර එක්ක හත් වසරක් - තෙවෙනි කොටස
  48. මෝස්‌තර එක්ක හත් වසරක් - සිව්වෙනි කොටස
  49. මෝස්‌තර එක්ක හත් වසරක් - පස්වෙනි කොටස
  50. මෝස්‌තර එක්ක හත් වසරක් - හයවෙනි කොටස
  51. මෝස්‌තර එක්ක හත් වසරක් - හත්වෙනි කොටස
  52. මෝස්‌තර එක්ක හත් වසරක් - අටවෙනි කොටස
  53. මෝස්‌තර එක්ක හත් වසරක් - නවවෙනි කොටස
  54. මෝස්‌තර එක්ක හත් වසරක් - දහවෙනි කොටස
  55. මෝස්‌තර එක්ක හත් වසරක් - එකොළොස්වෙනි කොටස
  56. මෝස්‌තර එක්ක හත් වසරක් -දොළොස්වෙනි කොටස
  57. මෝස්‌තර එක්ක හත් වසරක් -දහතුන්වෙනි කොටස
  58. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහතරවෙනි කොටස
  59. මෝස්‌තර එක්ක හත් වසරක් -පහළොස්වෙනි කොටස
  60. මෝස්‌තර එක්ක හත් වසරක් -දහසයවෙනි කොටස
  61. මෝස්‌තර එක්ක හත් වසරක් -දාහත්වෙනි කොටස
  62. මෝස්‌තර එක්ක හත් වසරක් -දහඅටවෙනි කොටස
  63. මෝස්‌තර එක්ක හත් වසරක් -දහනවවෙනි කොටස
  64. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිවෙනි කොටස
  65. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඑක්වෙනි කොටස
  66. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිදෙවෙනි කොටස
  67. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිතුන්වෙනි කොටස
  68. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහතරවෙනි කොටස/a>
  69. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිපස්වෙනි කොටස
  70. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහයවෙනි කොටස
  71. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිහත්වෙනි කොටස
  72. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිඅටවෙනි කොටස
  73. මෝස්‌තර එක්ක හත් වසරක් -විසිනවවෙනි කොටස
  74. මෝස්‌තර එක්ක හත් වසරක් -තිස්වෙනි කොටස
  75. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පළමුවෙනි කොටස
  76. තණමල්විල කොල්ලගෙ යටිබඩ -දෙවෙනි කොටස
  77. තණමල්විල කොල්ලගෙ යටිබඩ -තෙවෙනි කොටස
  78. තණමල්විල කොල්ලගෙ යටිබඩ -සිව්වෙනි කොටස
  79. තණමල්විල කොල්ලගෙ යටිබඩ -පස්වෙනි කොටස
  80. තණමල්විල කොල්ලගෙ යටිබඩ -හයවෙනි කොටස
  81. කපුටු ගෙත්තම නං... -පළමුවෙනි කොටස
  82. කපුටු ගෙත්තම නං... -දෙවෙනි කොටස
  83. පතාගෙන ඇවිත්...- පළමුවෙනි කොටස
  84. පතාගෙන ඇවිත්...- දෙවෙනි කොටස
  85. පතාගෙන ඇවිත්...- තෙවෙනි කොටස
  86. පතාගෙන ඇවිත්...- සිව්වෙනි කොටස
  87. පතාගෙන ඇවිත්...- පස්වෙනි කොටස
  88. පතාගෙන ඇවිත්...- හයවෙනි කොටස
  89. පතාගෙන ඇවිත්...- හත්වෙනි කොටස
  90. පතාගෙන ඇවිත්...- අටවෙනි කොටස
  91. පතාගෙන ඇවිත්...- නවවෙනි කොටස
  92. පතාගෙන ඇවිත්...- දහවෙනි කොටස
  93. පතාගෙන ඇවිත්...- එකොළොස්වෙනි කොටස
  94. පතාගෙන ඇවිත්...- දොළොස්වෙනි කොටස
  95. පතාගෙන ඇවිත්...- දහතුන්වෙනි කොටස
  96. පතාගෙන ඇවිත්...- දාහතරවෙනි කොටස
  97. කෝච්චියේ හොර ගෙඩියා
  98. Brighton Marathon - දිව්වද හයියෙන්
  99. බ්‍රොයිලර් මනමේ! -පළමුවෙනි කොටස
  100. බ්‍රොයිලර් මනමේ! -දෙවෙනි කොටස
  101. ඒනං ඔයාට අපිව විස්වාස නෑ!
  102. ගස් නැති රටේ
  103. හොන මුත්තක්ද බලන්නේ?
  104. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පළමුවෙනි කොටස
  105. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දෙවෙනි කොටස
  106. සුප්පා දේවිගෙ බඩේ මයිල් - තෙවෙනි කොටස
  107. සුප්පා දේවිගෙ බඩේ මයිල් - සිව්වෙනි කොටස
  108. සුප්පා දේවිගෙ බඩේ මයිල් - පස්වෙනි කොටස
  109. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හයවෙනි කොටස
  110. සුප්පා දේවිගෙ බඩේ මයිල් - හත්වෙනි කොටස
  111. සුප්පා දේවිගෙ බඩේ මයිල් - අටවෙනි කොටස
  112. සුප්පා දේවිගෙ බඩේ මයිල් - නවවෙනි කොටස
  113. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහවෙනි කොටස
  114. සුප්පා දේවිගෙ බඩේ මයිල් - එකොළොස්වෙනි කොටස
  115. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දොළොස්වෙනි කොටස
  116. සුප්පා දේවිගෙ බඩේ මයිල් - දහතුන්වෙනි කොටස
  117. මට වෙච්ච දේ - පළමුවෙනි කොටස
  118. මට වෙච්ච දේ - දෙවෙනි කොටස
  119. තිහේදී... - පළමුවෙනි කොටස
  120. තිහේදී... - දෙවෙනි කොටස
  121. තිහේදී... - තෙවෙනි කොටස
  122. තිහේදී... - සිව්වෙනි කොටස
  123. තිහේදී... - පස්වෙනි කොටස
  124. තිහේදී... - හයවෙනි කොටස
  125. තිහේදී... - හත්වෙනි කොටස
  126. තිහේදී... - අටවෙනි කොටස
  127. තිහේදී... - නවවෙනි කොටස
  128. තිහේදී... - දහවෙනි කොටස
  129. තිස් එකේදී... -පළමුවෙනි කොටස
  130. තිස් එකේදී... -දෙවෙනි කොටස
  131. තිස් එකේදී... -තෙවෙනි කොටස
  132. තිස් එකේදී... -සිව්වෙනි කොටස
  133. තිස් එකේදී... -පස්වෙනි කොටස
  134. තිස් එකේදී... -හයවෙනි කොටස
  135. තිස් එකේදී... -හත්වෙනි කොටස
  136. තිස් එකේදී... -අටවෙනි කොටස
  137. තිස් එකේදී... -නවවෙනි කොටස
  138. තිස් එකේදී... -දහවෙනි කොටස
  139. තිස් එකේදී... -එකොළොස්වෙනි කොටස
  140. තිස් එකේදී... -දොළොස්වෙනි කොටස
  141. තිස් එකේදී - 12ට comment එකක්...
  142. තිස් එකේදී... -දහතුන්වෙනි කොටස
  143. තිස් එකේදී... -දාහතරවෙනි කොටස
  144. තිස් එකේදී... -පහළොස්වෙනි කොටස
  145. තිස් එකේදී... -දහසයවෙනි කොටස
  146. තිස් එකේදී... -දාහත්වෙනි කොටස
  147. තිස් එකේදී... -දහඅටවෙනි කොටස
  148. තිස් එකේදී... -දහනවවෙනි කොටස
  149. තිස් එකේදී... -විසිවෙනි කොටස
  150. තිස් එකේදී... -විසිඑක්වෙනි කොටස
  151. තිස් එකේදී... -විසිදෙවෙනි කොටස
  1. මීන සංහාරය
  2. ගස්සලා යවමුද? -පළමුවෙනි කොටස
  3. ගස්සලා යවමුද? දෙවෙනි කොටස
  4. ගස්සලා යවමුද? තෙවෙනි කොටස
  5. ගස්සලා යවමුද? හතරවෙනි කොටස
  6. අකල් මරණෙකට හවුල් වී -පළමු කොටස
  7. අකල් මරණෙකට හවුල් වී -දෙවෙනි කොටස
  8. අනේ කුරුලු කූඩුවලට ගහන්නෙපා කැට කැබිලිති
  9. ආවොත් නොයා බැරිය! - පළමු කොටස
  10. ආවොත් නොයා බැරිය! - දෙවෙනි කොටස
  11. ආවොත් නොයා බැරිය! - තෙවෙනි කොටස
  12. මගේ චූස් - මටම චූස්
  13. මගෙන් මංගල යෝජනාවක්.....- පළමුවෙනි කොටස
  14. මගෙන් මංගල යෝජනාවක්.....- දෙවෙනි කොටස
  15. අනේ පාලි, තව චුට්ටක්....
  16. රේස්වලින් රේස් එකට පිම්මක් - පළමුවෙනි කොටස
  17. රේස්වලින් රේස් එකට පිම්මක් - දෙවෙනි කොටස
  18. රේස්වලින් රේස් එකට පිම්මක් - තෙවෙනි කොටස
  19. හයටත් කලින්........ - පළමුවෙනි කොටස
  20. හයටත් කලින්........ - දෙවෙනි කොටස
  21. හයටත් කලින්........ - තෙවෙනි කොටස
  22. දුකේ දුක හිතෙන කතන්දරේ - පළමුවෙනි කොටස
  23. දුකේ දුක හිතෙන කතන්දරේ - දෙවෙනි කොටස
  24. දුකේ දුක හිතෙන කතන්දරේ - තෙවෙනි කොටස
  25. දුකේ දුක හිතෙන කතන්දරේ - සිව්වෙනි කොටස
  26. දුකේ දුක හිතෙන කතන්දරේ - පස්වෙනි කොටස
  27. දුකේ දුක හිතෙන කතන්දරේ - හයවෙනි කොටස
  28. යකුන් බලන්නට ගිය යක්කු - පළමුවෙනි කොටස
  29. යකුන් බලන්නට ගිය යක්කු - දෙවෙනි කොටස
  30. යකුන් බලන්නට ගිය යක්කු - තෙවෙනි කොටස
  31. දුන්හිඳ අද්දර මාරකේ - පළමුවෙනි කොටස
  32. දුන්හිඳ අද්දර මාරකේ - දෙවෙනි කොටස
  33. දුන්හිඳ අද්දර මාරකේ - තෙවෙනි කොටස
  34. දුන්හිඳ අද්දර මාරකේ - සිව්වෙනි කොටස
  35. දුන්හිඳ අද්දර මාරකේ - පස්වෙනි කොටස
  36. දුන්හිඳ අද්දර මාරකේ - හයවෙනි කොටස
  37. දුන්හිඳ අද්දර මාරකේ - හත්වෙනි කොටස
  38. නෑනා නැතත් කල දවසක් ..... -පළමුවෙනි කොටස
  39. නෑනා නැතත් කල දවසක් ..... -දෙවෙනි කොටස
  40. කොරෝනා කොරපු; කොරන හරිය!-පළමුවෙනි කොටස
  41. කොරෝනා කොරපු; කොරන හරිය!-දෙවෙනි කොටස
  42. කොරෝනා කොරපු; කොරන හරිය!-තෙවෙනි කොටස
  43. කොරෝනා කොරපු; කොරන හරිය!-සිව්වෙනි කොටස
  44. කොරෝනා කොරපු; කොරන හරිය!-පස්වෙනි කොටස
  45. කොරෝනා කොරපු; කොරන හරිය!-හයවෙනි කොටස
  46. කොරෝනා කොරපු; කොරන හරිය!-හත්වෙනි කොටස
  47. කොරෝනා කොරපු; කොරන හරිය!-අටවෙනි කොටස
  48. මගෙ ඡන්දෙට මිලක් දියෝ!
  49. එකෙන්ම ඇති වුණා....
  50. දහතුනේදී...- පළමුවෙනි කොටස
  51. දහතුනේදී...- දෙවෙනි කොටස
  52. දහතුනේදී...- තෙවෙනි කොටස
  53. දහතුනේදී...- සිව්වෙනි කොටස
  54. දහතුනේදී...- පස්වෙනි කොටස
  55. දහතුනේදී...- හයවෙනි කොටස
  1. නීල බිඟු කැල
  2. නිල් බෘංගයන්ගේ වස වැරැද්දක්
  3. සමුදුරු මූර්තිය
  4. දහ බලු කතා වස්තුව- පළමුවැනි කොටස
  5. දහ බලු කතා වස්තුව- දෙවෙනි කොටස
  6. මගේ දෛවය මගේ රිස්සට...
  7. කූචු කුචයියෝ
  8. අපේ කුණු අපට එපාවී.... - පළමු කොටස
  9. අපේ කුණු අපට එපාවී.... - දෙවෙනි කොටස
  10. දියවිනි ඉනාව- පළමුවැනි කොටස
  11. දියවිනි ඉනාව- දෙවෙනි කොටස
  12. දියවිනි ඉනාව- තෙවෙනි කොටස
  13. දියවිනි ඉනාව- හතරවෙනි කොටස
  14. දියවිනි ඉනාව- පස්වෙනි කොටස
  15. සිඳු දකින සඳ - පළමුවෙනි කොටස
  16. සිඳු දකින සඳ - දෙවෙනි කොටස
  17. සිඳු දකින සඳ - තෙවෙනි කොටස
  18. රැජින COLOMBO එයි! - පළමුවෙනි කොටස
  19. රැජින COLOMBO එයි! - දෙවෙනි කොටස
  20. රැජින COLOMBO එයි! - තෙවෙනි කොටස
  21. අම්මගෙ රෙද්දෙ මමාස් - පළමුවෙනි කොටස
  22. අම්මගෙ රෙද්දෙ මමාස් - දෙවෙනි කොටස
  23. අම්මගෙ රෙද්දෙ මමාස් - තෙවෙනි කොටස
  24. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - පළමුවෙනි කොටස
  25. විරූපීට රැවටෙන්නේ සුරූපි කියලා - දෙවෙනි කොටස
  26. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - පළමුවෙනි කොටස
  27. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - දෙවෙනි කොටස
  28. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - තෙවෙනි කොටස
  29. කොහොඹ කොළ කැවූ රාම් පූර් කා ලක්ෂ්මන් - හතරවෙනි කොටස
  30. පත්තෑයාට පෙත්තෙන් - පළමුවෙනි කොටස
  31. පත්තෑයාට පෙත්තෙන් - දෙවෙනි කොටස
  32. පත්තෑයාට පෙත්තෙන් -තෙවෙනි කොටස
  33. පත්තෑයාට පෙත්තෙන් - හතරවෙනි කොටස
  34. පත්තෑයාට පෙත්තෙන් - පස්වෙනි කොටස
  35. පත්තෑයාට පෙත්තෙන් -හයවෙනි කොටස
  36. පත්තෑයාට පෙත්තෙන් - හත්වෙනි කොටස
  37. මාතර තානායමේ අමු හෙලුවෙන්...- පළමුවෙනි කොටස
  38. මාතර තානායමේ අමු හෙලුවෙන්...- දෙවෙනි කොටස
  39. හරෝහරා - පළමුවෙනි කොටස
  40. හරෝහරා - දෙවෙනි කොටස
  41. හරෝහරා - තෙවෙනි කොටස
  42. හරෝහරා - සිව්වෙනි කොටස
  43. හරෝහරා - පස්වෙනි කොටස
  44. හරෝහරා - හයවෙනි කොටස
  45. හරෝහරා - හත්වෙනි කොටස
  46. හරෝහරා - අටවෙනි කොටස
  47. හරෝහරා - නවවෙනි කොටස
  48. හරෝහරා - දහවෙනි කොටස
  49. හරෝහරා - එකොළොස්වෙනි කොටස
  50. හරෝහරා - දොළොස්වෙනි කොටස
  51. හරෝහරා - දහතුන්වෙනි කොටස
  52. හරෝහරා - දාහතරවෙනි කොටස
  53. හරෝහරා - පහළොස්වෙනි කොටස
  54. හරෝහරා - දහසයවෙනි කොටස
  55. හරෝහරා - දාහත්වෙනි කොටස
  56. හරෝහරා - දහඅටවෙනි කොටස
  57. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-පළමු කොටස
  58. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-දෙවෙනි කොටස
  59. හිස් රැල්ලක් නොවී හස රැල්ලක් වේවා!-තෙවෙනි කොටස
  60. දොළහ වෙද්දී.... පළමු කොටස
  61. දොළහ වෙද්දී.... දෙවෙනි කොටස
  62. දොළහ වෙද්දී.... තෙවෙනි කොටස
  63. දොළහ වෙද්දී.... සිව්වෙනි කොටස
  64. දොළහ වෙද්දී.... පස්වෙනි කොටස
  65. දොළහ වෙද්දී.... හයවෙනි කොටස
  66. මාරක හී පහර පළමුවෙනි කොටස
  67. මාරක හී පහර දෙවෙනි කොටස
  68. මාරක හී පහර තෙවෙනි කොටස
  69. මාරක හී පහර සිව්වෙනි කොටස
  70. මාරක හී පහර පස්වෙනි කොටස
  71. මාරක හී පහර හයවෙනි කොටස
  72. මාරක හී පහර හත්වෙනි කොටස
  73. මාරක හී පහර අටවෙනි කොටස
  74. මාරක හී පහර නවවෙනි කොටස
  75. රටටම බැඩ උලෙන දා - පළමුවෙනි කොටස
  76. රටටම බැඩ උලෙන දා - දෙවෙනි කොටස
  77. Un දොස් මංගල්ලේ -පළමුවෙනි කොටස
  78. Un දොස් මංගල්ලේ -දෙවෙනි කොටස
  79. ටිකිරි මාමට මනාලියෙක්
  80. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - පළමු කොටස
  81. ඉරෙන් හඳෙන් - එළිය අරං...
  82. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - දෙවෙනි කොටස
  83. මටත් ඉඩ දෙන්න ඔබෙ ගී සඳැල්ලේ - තෙවෙනි කොටස
  84. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- පළමුවෙනි කොටස
  85. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- දෙවෙනි කොටස
  86. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....- තෙවෙනි කොටස
  87. හෙනහුරු ගුණ්ඩු- බත්තලං....-සිව්වෙනි කොටස
  88. කියන්න කවි කර ආවේ මහතුනි....
  89. අවුරුදු දෙදොහක විත්ති
  90. උතුමාණෙනි, 200 Halla Ho සහ අරගලය
  91. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-පළමුවෙනි කොටස
  92. සතුටේ ‘සතුට’ සොයන ගමන්....-දෙවෙනි කොටස
  93. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පළමුවෙනි කොටස
  94. හරෝහරා! හතරවෙනි සැරේටත්... -දෙවෙනි කොටස
  95. හරෝහරා! හතරවෙනි සැරේටත්... -තෙවෙනි කොටස
  96. හරෝහරා! හතරවෙනි සැරේටත්... -සිව්වෙනි කොටස
  97. හරෝහරා! හතරවෙනි සැරේටත්... -පස්වෙනි කොටස
  98. හරෝහරා! හතරවෙනි සැරේටත්... -හයවෙනි කොටස
  99. 2022 අන්තිමේ හිතට වැදුණු තිදෙනෙක්!
  100. මුරදොල්ලේ හැඩකාරම මිනිහා
  101. ලොකු අම්මත් එක්ක... - පළමුවෙනි කොටස
  102. ලොකු අම්මත් එක්ක... - දෙවෙනි කොටස
  103. ලොකු අම්මත් එක්ක... - තෙවෙනි කොටස
  104. ලොකු අම්මත් එක්ක... - සිව්වෙනි කොටස
  105. ලොකු අම්මත් එක්ක... - පස්වෙනි කොටස
  106. හරෝහරා - පස්වෙනි සැරේටත්... පළමුවෙනි කොටස
  107. හරෝහරා - පස්වෙනි සැරේටත්... දෙවෙනි කොටස
  108. හරෝහරා - පස්වෙනි සැරේටත්... තෙවෙනි කොටස
  109. හරෝහරා - පස්වෙනි සැරේටත්... සිව්වෙනි කොටස
  110. හරෝහරා - පස්වෙනි සැරේටත්... පස්වෙනි කොටස
  111. හරෝහරා - පස්වෙනි සැරේටත්... හයවෙනි කොටස
  112. හරෝහරා - පස්වෙනි සැරේටත්... හත්වෙනි කොටස
  113. වනචර වෙමුද? - පළමුවෙනි කොටස
  114. වනචර වෙමුද? - දෙවෙනි කොටස
  1. සීයයි..!
  2. මරිසි මංගල්ලේ - පළමුවෙනි කොටස
  3. මරිසි මංගල්ලේ - දෙවෙනි කොටස
  4. සැවුළු සංහාරය - පළමුවෙනි කොටස
  5. සැවුළු සංහාරය - දෙවෙනි කොටස
  6. සැවුළු සංහාරය - තෙවෙනි කොටස
  7. සැවුළු සංහාරය - හතරවෙනි කොටස
  8. සැවුළු සංහාරය - පස්වෙනි කොටස
  9. සැවුළු සංහාරය - හයවෙනි කොටස
  10. සැවුළු සංහාරය - හත්වෙනි කොටස
  11. යාල රිලවුන් පැන්නූ පූරි කොළඹදී හිට් වෙයි! - පළමුවෙනි කොටස
  12. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - දෙවෙනි කොටස
  13. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - තෙවෙනි කොටස
  14. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - සිව්වෙනි කොටස
  15. යාල රිලවුන් පැන්නූ පූරි හිට් වෙයි! - පස්වෙනි කොටස
  16. දුකයි! අන්තිම දුකයි!! සත්තෙන්ම හිරිකිතයි!!!
  17. දිසානායකලගෙ ටිකිරි මොළේ - පළමුවෙනි කොටස
  18. දිසානායකලගෙ ටිකිරි මොළේ - දෙවෙනි කොටස
  19. Neil හඳට - Sunil කරඬුවට - waල්ල බිමට
  20. වීරයා පණ පිටින්...........
  21. Desert Rose, අරවින්ද හා reiki - පළමුවෙනි කොටස
  22. Desert Rose, අරවින්ද හා reiki - දෙවෙනි කොටස
  23. කොටවන කතන්දරේ
  24. ඒකත් මංගල මුත්තමං!
  25. බක්කරේගේ Pork දානය - පළමුවෙනි කොටස
  26. බක්කරේගේ Pork දානය - දෙවෙනි කොටස
  27. පණ බේරපු කිරිල්ලී - පළමුවෙනි කොටස
  28. පණ බේරපු කිරිල්ලී - දෙවෙනි කොටස
  29. පණ බේරපු කිරිල්ලී - තෙවෙනි කොටස
  30. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පළමුවෙනි කොටස
  31. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - දෙවෙනි කොටස
  32. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - තෙවෙනි කොටස
  33. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - සිව්වෙනි කොටස
  34. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - පස්වෙනි කොටස
  35. යන්ත්‍ර මන්ත්‍ර හරං කත්වා! - හයවෙනි කොටස
  36. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- පළමු කොටස
  37. බය වෙන්නෙපා, ඔයා එකයි, මං එකයි!- දෙවෙනි කොටස
  38. හැඟුම් දඩමීමාට වහංවී - පළමු කොටස
  39. හැඟුම් දඩමීමාට වහංවී - දෙවෙනි කොටස
  40. හැඟුම් දඩමීමාට වහංවී - තෙවෙනි කොටස
  41. හැඟුම් දඩමීමාට වහංවී - සිව්වෙනි කොටස
  42. හැඟුම් දඩමීමාට වහංවී - පස්වෙනි කොටස
  43. හැඟුම් දඩමීමාට වහංවී - හයවෙනි කොටස
  44. හැඟුම් දඩමීමාට වහංවී - හත්වෙනි කොටස
  45. ඩිංගෙන් Hong Kong හිරේ!-පළමු කොටස
  46. ඩිංගෙන් Hong Kong හිරේ!-දෙවෙනි කොටස
  47. ඩිංගෙන් Hong Kong හිරේ!-තෙවෙනි කොටස
  48. ඩිංගෙන් Hong Kong හිරේ!-සිව්වෙනි කොටස
  49. ඩිංගෙන් Hong Kong හිරේ!-පස්වෙනි කොටස
  50. ඩිංගෙන් Hong Kong හිරේ!-හයවෙනි කොටස
  51. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පළමුවෙනි කොටස
  52. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - දෙවෙනි කොටස
  53. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - තෙවෙනි කොටස
  54. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - සිව්වෙනි කොටස
  55. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - පස්වෙනි කොටස
  56. ඇල්ලට පරෙයියන්, බිල්ලට ඩිංගෙන් - හයවෙනි කොටස
  57. දාහතර වෙද්දී... - පළමුවෙනි කොටස
  58. දාහතර වෙද්දී... - දෙවෙනි කොටස
  59. දාහතර වෙද්දී... - තෙවෙනි කොටස
  60. දාහතර වෙද්දී... - සිව්වෙනි කොටස
  61. දාහතර වෙද්දී... - පස්වෙනි කොටස
  62. දාහතර වෙද්දී... - හයවෙනි කොටස
  63. දාහතර වෙද්දී... - හත්වෙනි කොටස
  64. දාහතර වෙද්දී... - අටවෙනි කොටස
  65. දාහතර වෙද්දී... - නවවෙනි කොටස
  66. දාහතර වෙද්දී... - දහවෙනි කොටස
  67. ප්‍රේමණීය චාරිකාවක් - පළමුවෙනි කොටස
  68. ප්‍රේමණීය චාරිකාවක් - දෙවෙනි කොටස
  69. පහළොවේදී...- පළමුවෙනි කොටස
  70. පහළොවේදී...- දෙවෙනි කොටස
  71. පහළොවේදී...- තෙවෙනි කොටස
  72. පහළොවේදී...- සිව්වෙනි කොටස
  73. පහළොවේදී...- පස්වෙනි කොටස
  74. පහළොවේදී...- හයවෙනි කොටස
  75. පහළොවේදී...- හත්වෙනි කොටස
  76. පහළොවේදී...- අටවෙනි කොටස
  77. පහළොවේදී...- නවවෙනි කොටස
  78. පහළොවේදී...- දහවෙනි කොටස
  79. පහළොවේදී...- එකොළොස්වෙනි කොටස
  80. නාමල් බේබිට නිදිගෙන්...
  81. පැය 69 - 1 = 68 ගෝඨා ගෝ ගමේ උපවාසය
  82. උපවාස කුටියේ, වතුරෙන් යැපුණු පැය 68 දී...
  83. උපවාසේ වෙන අස්සේ...- පළමුවෙනි කොටස
  84. උපවාසේ වෙන අස්සේ...- දෙවෙනි කොටස
  85. උපවාසේ වෙන අස්සේ...- තෙවෙනි කොටස
  86. උපවාසේ වෙන අස්සේ...- සිව්වෙනි කොටස
  87. උපවාසේ වෙන අස්සේ...- පස්වෙනි කොටස
  88. ‘පදේට උඩ යයි’ වෙන දේවල් බැලුවාම සිතා!
  89. නඩු බලවපු නඩුවක්!
  90. අබ්ලික් snack - පළමුවෙනි කොටස
  91. අබ්ලික් snack - දෙවෙනි කොටස
  92. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - පළමුවෙනි කොටස
  93. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - දෙවෙනි කොටස
  94. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - තෙවෙනි කොටස
  95. සීත හිමේ මැඳුරක හිර වුණාදෝ - සිව්වෙනි කොටස
  96. දෙපිලම එකය - වළඳන්නේ එක පතය
  97. Nice View
  98. ගෞරව කිරීම, කෘතවේදීත්වය හා සුහදත්ව වර්ධනය
  99. මල්සර ආගමනය
  100. ජීවිතේම ප්‍රීතිමත් කරන්නෙ ආදරේ!
  101. පුදමි තුති කුසුම්!
  102. මවුනි මා ඔබ රැවටුවා නොවේ! පළමුවෙනි කොටස
  103. මවුනි මා ඔබ රැවටුවා නොවේ! දෙවෙනි කොටස
  104. මවුනි මා ඔබ රැවටුවා නොවේ! තෙවෙනි කොටස
  105. ‘සැනසුම’ ඔබ නැතිව හිඳිනෙමි!
  1. අසිරිමත්වූ දේකි - පළමුවෙනි කොටස
  2. අසිරිමත්වූ දේකි -දෙවෙනි කොටස
  3. අසිරිමත්වූ දේකි -තෙවෙනි කොටස
  4. අසිරිමත්වූ දේකි -සිව්වෙනි කොටස
  5. අසිරිමත්වූ දේකි -පස්වෙනි කොටස
  6. අසිරිමත්වූ දේකි -හයවෙනි කොටස
  7. අසිරිමත්වූ දේකි -හත්වෙනි කොටස
  8. අසිරිමත්වූ දේකි -අටවෙනි කොටස
  9. අසිරිමත්වූ දේකි -නවවෙනි කොටස
  10. අසිරිමත්වූ දේකි -දහවෙනි කොටස
  11. අසිරිමත්වූ දේකි -එකොළොස්වෙනි කොටස
  12. අසිරිමත්වූ දේකි -දොළොස්වෙනි කොටස
  13. අසිරිමත්වූ දේකි -දහතුන්වෙනි කොටස
  14. යුවති කිරිල්ලී -පළමුවෙනි කොටස
  15. යුවති කිරිල්ලී -දෙවෙනි කොටස
  16. යුවති කිරිල්ලී -තෙවෙනි කොටස
  17. යුවති කිරිල්ලී -සිව්වෙනි කොටස
  18. යුවති කිරිල්ලී -පස්වෙනි කොටස
  19. යුවති කිරිල්ලී -හයවෙනි කොටස
  20. යුවති කිරිල්ලී -හත්වෙනි කොටස
  21. යුවති කිරිල්ලී -අටවෙනි කොටස
  22. යුවති කිරිල්ලී -නවවෙනි කොටස
  23. යුවති කිරිල්ලී -දහවෙනි කොටස
  24. යුවති කිරිල්ලී -එකොළොස්වෙනි කොටස
  25. යුවති කිරිල්ලී -දොළොස්වෙනි කොටස
  26. යුවති කිරිල්ලී -දහතුන්වෙනි කොටස
  27. යුවති කිරිල්ලී -දාහතරවෙනි කොටස
  28. යුවති කිරිල්ලී -පහළොස්වෙනි කොටස
  29. යුවති කිරිල්ලී -දහසයවෙනි කොටස
  30. යුවති කිරිල්ලී -දාහත්වෙනි කොටස
  31. යුවති කිරිල්ලී -දහඅටවෙනි කොටස
  32. යුවති කිරිල්ලී -දහනවවෙනි කොටස
  33. යුවති කිරිල්ලී -විසිවෙනි කොටස
  34. යුවති කිරිල්ලී -විසිඑක්වෙනි කොටස
  35. යුවති කිරිල්ලී -විසිදෙවෙනි කොටස
  36. යුවති කිරිල්ලී -විසිතුන්වෙනි කොටස
  37. යුවති කිරිල්ලී -විසිහතරවෙනි කොටස
  38. යුවති කිරිල්ලී -විසිපස්වෙනි කොටස
  39. යුවති කිරිල්ලී -විසිහයවෙනි කොටස
  40. හිනා වෙන්න හිනා - පළමුවෙනි කොටස
  41. හිනා වෙන්න හිනා - දෙවෙනි කොටස
  42. හිනා වෙන්න හිනා - තෙවෙනි කොටස
  43. හිනා වෙන්න හිනා - සිව්වෙනි කොටස
  44. හිනා වෙන්න හිනා - පස්වෙනි කොටස
  45. හිනා වෙන්න හිනා - හයවෙනි කොටස
  46. හිනා වෙන්න හිනා - හත්වෙනි කොටස
  47. හිනා වෙන්න හිනා - අටවෙනි කොටස
  48. හිනා වෙන්න හිනා - නවවෙනි කොටස
  49. හිනා වෙන්න හිනා - දහවෙනි කොටස
  50. හිනා වෙන්න හිනා - එකොළොස්වෙනි කොටස
  51. හිනා වෙන්න හිනා - දොළොස්වෙනි කොටස
  52. හිනා වෙන්න හිනා - දහතුන්වෙනි කොටස
  53. හිනා වෙන්න හිනා - දාහතරවෙනි කොටස
  54. හිනා තවත් හිනා - පළමුවෙනි කොටස
  55. හිනා තවත් හිනා - දෙවෙනි කොටස
  56. හිනා තවත් හිනා - තෙවෙනි කොටස
  57. හිනා තවත් හිනා - සිව්වෙනි කොටස
  58. හිනා තවත් හිනා - පස්වෙනි කොටස
  59. හිනා තවත් හිනා - හයවෙනි කොටස
  60. හිනා තවත් හිනා - හත්වෙනි කොටස
  61. හිනා තවත් හිනා - අටවෙනි කොටස
  62. හිනා තවත් හිනා - නවවෙනි කොටස
  63. හිනා තවත් හිනා - දහවෙනි කොටස
  64. හිනා තවත් හිනා - එකොළොස්වෙනි කොටස
  65. හිනා තවත් හිනා - දොළොස්වෙනි කොටස
  66. ‘හොඳටම කරලා’, අපටම කෙළලා යන්නයි මුන්දැල සැරසෙන්නේ
  67. මැංචෝසන් චාරිකා - පළමුවෙනි කොටස
  68. මැංචෝසන් චාරිකා - දෙවෙනි කොටස
  69. මැංචෝසන් චාරිකා - තෙවෙනි කොටස
  70. මැංචෝසන් චාරිකා - සිව්වෙනි කොටස
  71. මැංචෝසන් චාරිකා - පස්වෙනි කොටස
  72. මැංචෝසන් චාරිකා - හයවෙනි කොටස
  73. මැංචෝසන් චාරිකා - හත්වෙනි කොටස
  74. මැංචෝසන් චාරිකා - අටවෙනි කොටස
  75. මැංචෝසන් චාරිකා - නවවෙනි කොටස
  76. මැංචෝසන් චාරිකා - දහවෙනි කොටස
  77. මැංචෝසන් චාරිකා - එකොළොස්වෙනි කොටස
  78. මැංචෝසන් චාරිකා - දොළොස්වෙනි කොටස
  79. මැංචෝසන් චාරිකා - දහතුන්වෙනි කොටස

Monday, April 5, 2021

යුවති කිරිල්ලී - විසිහයවෙනි කොටස

අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්.....

මිලින්ද මෙවර දැහැනින් මිදුණේ ධනුෂ්කගේ කටහඬිනි.

අ...ම්...මා... ම් මට වත්තුර ටිකක්.....

දන්තුරේ බණ්ඩාරත් අවදියෙන් බව මිලින්ද වටහා ගත්තේය. ඒ ඔහුත් කාමරයට පැමිණි බැවිනි. වතුර ටිකක් පානය කළ ධනුෂ්ක නැවතත් ඇඳේ වැතිරුණේය. 

ඔහුගේ උණ බැස ගොස් තිබිණි!

********    

ඉඳා! මේක කියවලා බලපං...

චන්ද්‍රාගේ අතෙහි වූයේ ලිපියකි.

කාටද?”

අරගෙනම බලපංකො කාටද කියලා.....

චන්ද්‍රා කීවේ ඇස් කරකවමිනි. ඇයගේ මුහුණ ප්‍රමුදිතය. චන්ද්‍රාගෙන් පළ වෙන නැවුම්, කෙළිලොල් විලාසය පසුගිය මාස කිහිපය මුළුල්ලේම නොතිබුණු එකකි. මාලතීට සැකයකුත් සිතුණත්, ඒ ගැන ඇසීමෙන් පලක් නොවෙන බව ඈ දනියි.

කීයටවත් කියනෙකක් නෑ! ලියුමම බලන්ඩ කියනව මිසක්....මාලතී ලිපිය අතට ගන්නට අදිමදි කරන බව දුටු චන්ද්‍රාම කතා කළාය.

චන්දන එවල තියෙන්නෙ!

මාලතී තිගැස්සුණාය. බැණලද අක්කා?”

ඔච්චරටම ඕනි නං කියෝලා බලන එක නෙව. උඹට ගොඩක් ස්තුතියි කියන්ඩලු! කෙලින්ම කියන්ඩ පරක්කු නොවිච්ච එක හොඳයිලු.... එයා හිත හදා ගත්තලු......

මමත් හිටියේ දෙලොවක් අතරට මැදි වෙලා වගේ.

අනේ අක්කා. මං චන්දනට වචනයක් දීලා තිබුණයැ හිත හදා ගත්තා කියන්නේ.... මම කොහොමද දන්නේ එයාගෙ හිතේ තිබිච්චි ඒවා මොනවද කියලා.....

හිතේ තිබිච්චි ඒවා විතරක් නෙවෙයි, දැන් තියෙන ඒවාත් එක්ක ඔක්කොම තමයි මෝඩියේ මේකෙ ලියල තියෙන්නෙ...චන්ද්‍රා ලිපිය වීසි කර දමා, ගස්සාගෙන පිට වී ගියාය.

ඒ අමනාපය මවාගත් එකක් බව වටහා ගැනීම මාලතීට අසීරු නැත. නැඟෙන කුතුහලය මැඩ ගන්නට නම් ලිපිය කියවිය යුතුය. ඈ ලිපිය අහුලා ගත්තාය.

... චන්ද්‍රා, මමත් හිටියේ දෙලොවක් අතරට මැදි වෙලා වගේ. වික්‍රම මට මුලින්ම මාලතී ගැන යෝජනා කරලා තිබුණට මම වචනයක් දීලා තිබුණෙ නැහැ. අඩුම තරමින් ඒ වෙනකොට මම මාලතීව තියා, එයාගෙ ෆොටෝ එකක්වත් දැකල තිබුණෙත් නෑ.

-ඒත් වික්‍රම එක්ක කතාබහ කරද්දී, ඔයා ගැන නම් නිතරම කියවෙලා තිබුණු නිසා, ඔයාගෙ ගතිගුණ- හැඩරුව ගැන මගේ හිතේ එක විදිහක චිත්‍රයක් ඇඳිල තිබුණා.

-වරදවලා තේරුම් ගන්න එපා. මම අනුන්ගේ වස්තුවකට ආසා කරපු මිනිහෙක් හෙම නෙවෙයි.

-මාලතී ගැන මගේ හිතේ තිබුණේ එච්චරටම තදබල හැඟීමක් නෙවෙයි. මට හිතෙන්නේ, අපි වගේ කර්කශ රස්සාවක් කරන; රළු විදිහට හැඩ ගැහිලා ඉන්න කෙනෙකුට මාලතී වගේ හුඟක් අහිංසක කෙල්ලෙක්ව ගැළපෙන එකකුත් නැහැය කියලයි.

වික්‍රමට ඔයාගෙ හිතේ තිබුණු ඉඩ එහෙමම තියෙද්දී, මටත් පුංචි ඉඩක් දෙන්න ඔයාට පුළුවන් නම්....

-එදා බණ ගෙදර දවසෙම මට තේරුණා මාලතීගෙ හිතේ මං ගැන එහෙම හැඟීමක් නැති බවක්.... ඉතිං, මම ඒ අදහස අතහැරලා දැම්මා. සමහරවිට මාලතී නංගිගේ හිතේ වෙන කවුරු හරි ඉන්නවා ඇති.

-කොහොම හරි මට හිතෙනවා වික්‍රමට ඔයාගෙ හිතේ තිබුණු ඉඩ එහෙමම තියෙද්දී, මටත් පුංචි ඉඩක් දෙන්න ඔයාට පුළුවන් නම්.... වික්‍රමගේ තැන මට දෙන්නය කියල මම ඉල්ලන්නෙ නෑ! ඒත් චන්ද්‍රා, ඔයාගෙත් අනාගතය ගැන හිතලා- මගේ අනාගතේ ගැනත් හිතන්න කැමතියි නම්..... අපි  දෙන්නම එකතු වෙලා අපේ අනාගතේ ගැන හිතමු!

මාලතී ලිපියේ ඉතිරි කොටස කියවූයේ නැත.

චන්ද්‍රක්කායැයි කියමින් මාලතී සතුටින් දුවගෙන එද්දී, චන්ද්‍රා පේර ගසට පිටදී නිල්වන් අහස ගැබ දෙස බලා සිටියාය.

********

පෙර දින රාත්‍රියේ ඇද හැළුණු වැස්සේ සලකුණු තවමත් මැකී ගොස් නොමැත. හාත්පස කඳුකරයේ ඇත්තේ තෙත් බවකි. හමන සුළං රොද පවා සිසිල්ය. පරිසරයේ නවමු බව වැඩි කරන්නට මෙන් සිඟිති කුරුල්ලෝ කිචි-බිචි සංගීතය සපයමින් සිටිති. දිය ඇල්ල පේර සේම ප්‍රාණවත්ව සරුවට ගලා හැළෙයි.

ගල් කුළ මත වාඩි වූ ධනුෂ්ක අවට සිසාරා බැලුවේය. මිලින්දත් මිතුරා අසලින්ම වාඩි වූයේය.

අසල තණ පඳුරු අතරේ දම් පාටින් පිපී දිලෙන බිනර මලක් නෙත ගැටුණු ධනුෂ්ක ඇසි පිය නොහෙළා ඒ දෙස බලා සිටියේය.

බිනර මලක් ගැන එහෙමකියන්නට ගිහින් නෝන්ඩිවෙන්නට සිදු වෙතැයි....
වැඩි විස්තරයක් නොදන්නාමුත්, සිංහල සැරසිලි චිත්‍ර කලාවේත් තියෙන බිනර මලක් ගැන ‘එහෙම’ කියන්නට ගිහින් ‘නෝන්ඩි’ වෙන්නට සිදු වෙතැයි නිමල් දිසානායක හීනෙකින්වත් හිතුවේ නැත! පොත කියවා, ඒ ගැන අදහස් දක්වමින් ලියූ දිග ලිපියක් මට ලැබිණි.
ඒ පොත පළවී සතියකිනි. මුතුවන් අකුරින් ලියැවී තිබුණු ඒ ලිපිය යුවතියක ලියූවකි. හැබැයි නිර්නාමිකය.

‘නිමල්, ඔයා නුවර පැත්තේ නේද දන්තුරේ වලව්ව තියෙන බව කියන්නෙ. ඒ හරියේ බිනර මල් පිපෙනවද? ලංකාවට ආවේනික ශාඛයක් වෙන බිනර හැදෙන්නේ හෝර්ටන් තැන්න වගේ උසම තැන්වල නේද?’ ඇය තර්කානුකූලව ප්‍රශ්න රැසක්ම අසා තිබිණි.
(එබඳු ලිපි රැසක් තවමත් ගෙදර කොතැනක හරි ආරක්ෂිතව තිබෙතත්, තියෙන තැනය තවමත් මගේ මතකයට නොආවේ! එහෙම වුණා නං ලිපියේ ඒ කොටසම මෙතැනට ඔබනවාමය!)

“නිමල්ගේ පොත කියවලා අපේ අක්කා එවපු ලියුම හම්බ වුණාද?” තජකයේ අපත් එක්ක හිටි ඩී.ඩී. පද්මසිරි පසු දවසක ඇහුවේ ඒ අතරේය. රහස හෙළි වුණේ ඒකෙන්ය. නිර්නාමිකව ලිපිය ලියා තිබුණේ කුසුම් දෙහිගස්පිටිය සොයුරියයි. 

යමක් ලියද්දී කොතරම් පරෙස්සම් විය යුතුදැයි අදත් ‘රතු එළි දල්වා’ මට සිහිපත් කරන්නේ ඒ ‘බිනර මල’ පිළිබඳ සඳහනයි!

දැන් ඉතිං උඹලගේ අප්පච්චි ඔක්කොම දන්නවා!මිලින්ද පළමුව කතා කළේය.

“..... අප්පච්චි දන්නවා කොයි වෙලේ හරි ලෙඩින් වැටිලා, උඹව ඉක්මනටම මැරිල යන්න පුළුවන් බව. උඹ හරියට පුපුරන්න කිට්ටු ගිනි කන්දක් මුඳුනේ වාඩි වෙලා ඉන්න එකෙක් වගේ බව උඹලගෙ අප්පච්චි දන්නවා..........

පරිසරයේ සුන්දරත්වයෙන් වසඟ වී සිටි මිලින්ද සිතට නැඟුණු සිතිවිලිවලින් හඬ නඟා කියුවේ පළමු වැකිය පමණි.

ඒකත් ලොකු සහනයක් මචං.... මට දැන් තියෙන ප්‍රශ්නේ....   

ඒ එකම වැකියෙන් ධනුෂ්කට සියලු දේම සිතාගත හැකිවනු ඇතැයි ඔහුට නිසැකය.

ඒකත් ලොකු සහනයක් මචං.... මට දැන් තියෙන ප්‍රශ්නේ අපෙ අම්මට කොහොමද මේක කියන්නෙ කියලා.... ඊටත් එරන්දතී අක්කා.... උඹලගෙ අයියා! මේවා කියලත් බෑ, නොකියත් බෑ.

උඹ ඒ ගැන කරදර වෙන්න ඕන නෑ.... මමවත් හිතාගෙන හිටියේ නෑ උඹලගෙ අප්පච්චිට ෆේස් කරන්නෙ කොහොමද කියලා. හැබැයි ධනුෂ්ක, මුල පටන් ගත්තට පස්සේ ඒක එච්චර අමාරු වුණේ නෑ! උඹලගෙ අප්පච්චි අපෙ අයියත් එක්ක කතා කරලා හොඳ පිළිවෙලක් කරනවයි කිව්වා, මචං!

ධනුෂ්ක සුසුමක් හෙළුවේය. ළය සැහැල්ලු විණියි ඔහුට සිතිණි.

මම මාලතීටත් මේවා ඔක්කොම කියනවා........ දැනට එයා දන්නේ බාගයයි.... මුල් ටික විතරයි! එදායින් පස්සේ එයා දිය ඇල්ලට ආවදවත් මන්දා. කොහොම හරි එයාව හම්බ වෙලා මේවා එයාට කිව්වම මගෙ හිත නිදහස්.... ඊට පස්සෙ මට පුළුවන් හිතේ බරක් නැතිව මැරෙන්න....

ඔක්කොම බලාපොරොත්තු අත් ඇරලා ඔය විදිහට කලකිරිලා හරි යන්නෑ මචං. ඔය වාගේ වෙලාවක පොසිටිව් තින්කින් හරි වැදගත්.... උඹ දන්නවද?”

මටම ආඩම්බරය! 1996 කාලයේදීත් මා සුභවාදීව සිතන්නෙකුවී සිටි බවට ඉහත වැකිය සාක්කිය. ඒ ගුණාංගය මට කොතරම් පිහිටවී තිබෙනවාද? 2013දී මට ලැබුණු වැරදි බෝනස් එකෙන්; පිළිකා රෝගයෙන්;
මල්ටිපල් මයෙලෝමාවෙන් මිදී, මා දැන් ඉන්නේ රෙමිෂන් අවදියේය. මේවා ලියන්නේ තවත් කෙනෙකුට සවියක් වෙන්නට හිතා ගෙනය. ජීවිතයට ප්‍රශ්න එළඹෙන විට සාර්ථකව ඒවාට මුහුණ දීමේදී කෙනෙකුට අත්‍යවශ්‍ය වන දේ දැඩි චිත්ත ශක්තියයි. කුඩා අවදියේ සිටම මට ඇවිත් තියෙන්නේ හැබෑම ප්‍රශ්න නේද? ඒවාට මුහුණ පෑවා කියන්නේම fight ගොඩකි. 

රංගන කණ්ඩම්බි හිතවතා 2019 අවුරුද්දේදී මට ලියලාම දුන් විදිහට මා ‘Born Fighter’ කෙනෙකු වී තියෙන්නෙත් එනිසාවත්ද?

ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට....   

ධනුෂ්ක සිනා වුණේය. උඹ හිතන්නෙ මං අසුභවාදියෙක් කියලද? නෑ මචං, උඹට වැරදිලා! මැරෙන මොහොතේත් මගේ හිතට තුරුල් කරගෙන මැරෙන්න තරම් ලස්සන හීන මගෙ හිතේ තියෙනවා මචං!

ඒවා මොනවාදැයි මිලින්ද ඇසුවේ නැත.

‘අවසන් සුසුම් පොද නිසල වා තලයට මුදා හැර අජීවී මළකඳක් වන්නට මොහොතකට පෙර හෝ ඒ රෝස පැහැති දෙතොල් මත තම උණුසුම් දෙතොල තබා නිමේෂයක මිහිරි හාදුවක් දෙන්නට ඇත්නම්....

-ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට ඇයට ඇති ආදරය ගැන කියන්නට ඇත්නම්.....
ඇයගේ හිස තම ළය මඬලට තදින් සිර කරගෙන, ඒ නළල් තලයට හාදු වැස්සක් වස්සවන්නට ඇත්නම්.....!’
හිතේ තෙරපෙන එබඳු අපේක්ෂාවන්ගෙන් එකක්වත් ධනුෂ්ක මිලින්දට හෙළි කළේ නැත.

මිලින්ද වචන අහුලමින් වෙනත් කල්පනාවක ගැලී සිටියේය.

මයෙ කොල්ලා කැමති නං මාලතීව වලව්වටම කැන්දන් ආවත් කමක් නැතෙයි කියන්ඩ පුතේ! මැරෙන්ඩ ඉන්න ටික දොහේ හරි ඒකා සන්තෝසෙන් ඉන්නවා දකින්ඩයි මට ඕනා....අප්පෝ එදා මිලින්දට කීවේ වැලපෙන තරමේ දුකකිනි.

ඒ පිළිබඳව ධනුෂ්කගේ ප්‍රතිචාරය කුමක් විය හැකිදැයි මිලින්දට සිතාගත නොහැකිය.

උඹත් හිතනවද මචං, මම ඒ තරම්ම පාදඩ බල්ලෙක්ය කියලා?

එහෙත් ඒ ගැන ධනුෂ්කට දැන්විය යුතුය. දන්තුරේ බණ්ඩාර මාමණ්ඩිය තමාට පැවරූ ඒ රාජකාරිය හමාර කළ යුතුය. මිලින්ද ධනුෂ්කව මෙතැනටම කැඳවාගෙන ආවේද ඒ සඳහාමය.

උඹත් හිතනවද මචං, මම ඒ තරම්ම පාදඩ බල්ලෙක්ය කියලා?”
මිලින්දගේ කීම ඇසූ ධනුෂ්ක මුලදීම කෝප වූයේය. ක්‍රමයෙන් ඔහුගේ කෝපය නිවී යනතුරු මිලින්ද බලා සිටියේ ඉවසිල්ලෙනි.

මචං....! මං මාලතීට ඇත්තටම ආදරෙයි!

-ඒ ආදරේ එකම ඉලක්කේ ඒ අහිංසකීව මගෙ තුරුල්ලට ගන්න එකම නෙවෙයි මචං.... ඇත්ත! මට පුළුවන්කමක් තියෙනව නං මම ආසයි තමා ඒ කෙල්ලව මගෙ තුරුල්ලට ගන්න.

-හැබැයි මේ තත්ත්වෙන්... මෙහෙම මාරාන්තික ලෙඩක් තියාගෙන මම කීයටවත් ඒක කරන්නෑ මචං!
මාලතීවත් මාරයාට කැප කරන්න මම ලෑස්ති නෑ
, මගෙ පව්කාර ජීවිතේ ඉතිරි ටික දවස වෙනුවෙන්!
කොච්චර දුකක් වුණත්
, මගේ කාලකන්නිකම මම තනියම විඳ ගන්නවා.....
ඔව් මාලතී! ඔයා ඒකට පළි නෑ කෙල්ලෙ!!

ධනුෂ්ක දෙදණ මත දෙඅත් නවා බැඳ ඒ උඩින් හිස තබා ගත්තේය.

කළු ගල් තලය මතට කඩා හැළුණු ධනුෂ්කගේ කඳුළු බිඳු ගලේ තෙතමනය ඇති කරවන්නට අකැමැතිවා සේ කළු ගල මතම රැඳී තිබිණි.

********

එදින රාත්‍රී ධනුෂ්කට නැවතත් උණ ගැනී තිබිණි.

මා... ලතී..... මාලතී! මා...ල...තී....!!!ඔහුගේ මුවෙන් නැඟුණු සිහින් කෙඳිරිල්ලෙන් කියැවුණේ ඒ නම පමණි.

ඒවා සැබෑවන්ද, මායාවන්ද යනු ඔහු නොදත්තේය....

දෙනෙත් මත පටලයක් බැඳී ඇති බවක් ධනුෂ්කට දැනුණි. ඔහු ඒ රාත්‍රියේ බොහෝ දේ දුටුවේය; ඇසුවේය.

එහෙත් ඒවා සැබෑවන්ද, මායාවන්ද යනු ඔහු නොදත්තේය.

අප්පච්චි කඳුළු පිරි දෙනෙතින් ඔහු දෙස බලා සිටියි....
මිලින්ද අසහනයෙන් මෙන් එහා-මෙහා සක්මන් කරයි....
සිළිඳු මැණිකා වරින් වර ඔහුගේ නළලත මොනවදෝ ගල්වයි....
ආඬවනේ
, පුංචි අප්පෝ! රාමන් වැළපෙයි...

මාලතී....ඔහුට කෙඳිරි ගෑවෙනු මතකය.
රාමන්ව යවමු!කවුදෝ කියයි.
මමත් යන්නම්!ඒ අප්පච්චිගේ කටහඬය.

ඊළඟට මිලින්ද....
නෑ මාමා, මම යන්නම් රාමන් එක්ක.

-අප්පච්චිලා කොහෙද යන්න හදන්නේ? උඹල ඔක්කොමලා මාව දාල යන්නද හදන්නෙ මචං?-

හිතට හිතෙන දේවල් කියන්නට දිවට පණ නැත. එය නොසෙල්වෙයි. ඔහුට කළ හැක්කේ කෙඳිරිගෑම පමණකි.

ඡායාවන් කිහිපයක්ම තමා මැදි කරගෙන සැරිසරන බව ඔහුට පෙනෙයි..... ඒ යාන්තමටය. නෙතු පියන් පවා ඔහුට අකීකරුය. නෙත් හැර පැහැදිලිව දකින්නට අවශ්‍ය වුවත් ඊට පවා සවි නැත. ධනුෂ්ක එසේම වැතිර සිටියේය!
දිගටම වැතිරී සිටියේය.........

... එවර කවුරුන්දෝ ඇඳ මතින් වාඩි වෙයි....

ඒ මුහුණ ඔහුගේ ළමැදට තුරුලු වෙද්දී දැනුණු සුමුදු පහසින්....

-කවුද ඔය මගෙ ඔලුව අත ගාන්නේ?... අ...නේ! හරිම සනීපයි, හරීම සනීපයි. තව ඩිංගක්.... තව ඩිංගක්... අනේ, නවත්තන්න එපා.

ආ, මාලතී ඔයා? ඔයා කොහෙද මෙහෙ?

-ඔයා මොකද මගෙ මූණට වතුර ඉහින්නේ? වතුර නෙවෙයි... කඳුළු...

-ආ...ආ...ආ, ඔයා අඬනවා නේද මාලතී.... කෙල්ලෙ, ඔයාගෙ කඳුළුවලින් මාව තෙමෙයි!-

අප්‍රාණිකව සයනයේ වැතිර සිටින ධනුෂ්කට නිඳිමතය.

ඒ රාත්‍රියේ තවත් දෙනෙතක් නිඳි නොමැතිව, පැය ගණනාවක් මුළුල්ලේ අනිමිස ලෝචනයෙන් ඔහු දෙස බලා සිටි බව ඔහු නොදත්තේය. අන්තිමේදී ඒ දෑස නිඳි බරින්ම පියැවී, ඒ මුහුණ ඔහුගේ ළමැදට තුරුලු වෙද්දී දැනුණු සුමුදු පහසින් පිබිදුණු ඔහු, තවත් වතාවක් මාලතීයයි කෙඳිරුවේය; කොඳුරා එහෙමම තද නින්දකට වැටුණේය.

********

නිශා කත ඇගේ සීතල අඳුරු සළුවෙන් මිහි තලයම වසාගෙන සිටියදී, කිසිදු බාධාවකින් තොරව ආලිංගන නිද්‍රාවකට පත් වී සිටින අවිහිංසක පෙම්වතුන් යුවලක් දැක ගන්නට අඹරෙහි දිදුලන තාරකාවෝ තරග වැදුණෝය!

ධනුෂ්කගේ තුරුලු කැදැල්ලෙහි සුවයත්; සුවඳත්; උණුසුමත් සොයා ආ යුවති කිරිල්ලිය සංසාරගත පුරුද්දෙන්ම ඒ උණුසුම් පහස හඳුනාගෙන තිබිණි.

පහන් තාරකාවියගෙන් මේ අවිහිංසක සුපෙම්වතුන්ගේ ආනන්දනීය සංයෝගය පිළිබඳ පුවත අසා- දැනගත් ළහිරු, පෙරඹරින් උදා වී; නැඟී ආවේ ඔවුන් දෙදෙනා දැක ගැනීමටමය. විවර වී තිබුණු ජනෙල් පියන් පත් අතරින් ගලා ආ පළමු අරුණලු දහර එක එල්ලේම ඒ සයනය මතට පතිත විය.

පහන් තාරකාවියගෙන් මේ අවිහිංසක සුපෙම්වතුන්ගේ ආනන්දනීය සංයෝගය පිළිබඳ පුවත අසා- දැනගත් ළහිරු....

සයනය මත වැතිරී සිටින තුරුණු පෙම්වතාගේ ළය මඬලෙහි මුහුණ හොවාගෙන සිටින අවිහිංසක යුවතිය සුව නින්දේය.

ඇගේ මුව කමලෙහි රැඳී ඇති තෘප්තිමත් සිනහව දැක ගන්නට මෙන් තව-තවත් හිරු කිරණ නොකඩවා ගලා ආයේය෴

පොතේ කතන්දරයට ‘කුණ්ඩලිය’ ලකුණ යොදා අවසන් කළා වුණත්, මා ලියූ විස්තරවලින් තව ඩිංගිත්තක් මේ පෝස්ටු මාලාවේ අවසන් එකට යෙදිය යුතුය.

‘යුවති කිරිල්ලී’ පොත කියවූ බොහෝ දෙනෙක් ලිපිවලින් මට ප්‍රතිචාර දැක්වූහ. එයිනුත් වැඩිම දෙනෙක් රසිකාවියන්ය. (ඒ සමහරෙක ප්‍රේමාරාධානාවනුත් සැඟවී තිබිණි.) උත්තර ලියා, ඒ පාඨක රසික-රසිකාවන්ට කාරුණික වෙන්නට ඕනෑයැයි ගොබ්බ- මොට්ට- තකතීරු මට ඒ දවස්වල හිතුණේ නැතිය. (Hong Kong ගිහින් ආවාට පස්සේ වගේ. ඒ වංගියේ නම් මං ජෝට උත්තර නොලිව්වේ ‘කඩුව වැනිල්ල’ නුහුරු නිසාය. මෙවර...) 
එහෙම වුණේ මගේ හිත චාං-චඃ වෙලා තිබුණු හින්දාය.

මගේ හිත ඔද්දල් වෙන්නට හේතුව, යුවති කිරිල්ලී කියවූ ආදරණීය කියවන්නන්ගෙන් වැඩි දෙනෙකු පොතේ අවසානය පටලවාගෙන තිබීමය! 

ඒ හැමෝම වාගේ තේරුම් ගෙන තිබුණේ ධනුෂ්ක මියගිය ලෙසකි. ඒ මදිවාට සමහරුන්ට මාලතීත් මිය ගිහින්ය.

පෙනුණේ වැඩි දෙනෙකුම අවසානය පටලවාගෙන....

‘ආලිංගන නිද්‍රාව’ කියන්නේ ‘සදාකාලික නින්දට’ කියලා වගේය ඔවුන් තේරුම් ගෙන තිබුණේ!

‘... බොහොම පුංචි විසබීජයකින්; වෛරස් එකකින් මේ ලෙඩේ හැදෙන්නේ.... ඒක ලේවලට ඇතුළු වුණාම අපේ ලේවල ඒ විසබීජේ පැතිරෙනවා.... අන්තිමට අපිට උණක් හෙම්බිරිස්සාවක් හැදුණත් ඒක සනීප කර ගන්න බැරිව යනවා.....
මොකද, අපේ ඇඟට විසබීජ ඇතුළු වුණාම ඒවා විනාශ කරන්න අපේම ලේවලට තියෙන පුළුවන්කම නැති වෙලා යන නිසා....
ඔය විසබීජේ ඇඟේ තියෙන අයගෙන් සීයට පණහක් විතරම අවුරුදු ගණනාවක්; සමහර වෙලාවට අවුරුදු දහයක්-පහළොවක් වුණත් කිසිම ලෙඩක් නැතිව වගේ ඉන්නවා...
යනුවෙන්, මිලින්ද ලවා දන්තුරේ බණ්ඩාර අප්පොට කියෙව්වේ ධනුෂ්කව දිග කාලයක් ජීවතුන් අතර තියන්නටය.

ඒඩ්ස් වෛරසය ශරීරගත වෙන හැම කෙනෙකුටම; එක්වරම ඒ රෝගය නොවැලඳෙයි. ඒ වෙනවිටත් හෙළිවී තිබුණු විදිහට සමහරු රෝගී නොවී, රෝග වාහකයන් ලෙස දිගු කලක් ජීවත්වී තිබුණෝය. මා සිතුවේ ධනුෂ්කවත් ඒ ගොඩට දාන්නටය.

සාමාන්‍ය උණ රෝගයකින් පීඩා විඳි ධනුෂ්ක, මරණ මංචකයේ යැයි අප්පෝත්, මිලින්දත් සිතුවෝහ. ඔවුන් මාලතීව වලව්වට ගෙන්වා ගත්තේ ධනුෂ්කගේ අවසන් මොහොත ප්‍රසන්න; සැනසිලිදායක එකක් කරවනු පිණිසය.
එසේ පැමිණි මාලතී, ධනුෂ්කට තුරුලුව- ඔහුගේ ළය මඬලෙහි මුහුණ හොවා සැතපී සිටි පමණින්, ඇයට ඒඩ්ස් රෝගකාරක වෛරසය සම්ප්‍රේෂණය වන්නේ නැත; මිය යන්නට ඉඩක්ද නැත.

දැන් මම ඔබෙන් මෙසේ අසන්නෙමි. ‘ඔයාලට මොකද හිතෙන්නේ, පොත ගැන?’
මෙතෙක් නොකියූ අදහසක් තිබෙනවා නම් දැන් එය මට කියනු මැනවි෴

11 comments:

  1. මමත් හිතුවේ මිලින්ද මිය ගියා කියලයි. පොතේ, ඒක වචනයෙන් නොකිව්වාට, ඒ සඳහා අවශ්‍ය වටපිටාව සකස් කර තියනවානේ.

    //‘අවසන් සුසුම් පොද නිසල වා තලයට මුදා හැර අජීවී මළකඳක් වන්නට මොහොතකට පෙර හෝ ඒ රෝස පැහැති දෙතොල් මත තම උණුසුම් දෙතොල තබා නිමේෂයක මිහිරි හාදුවක් දෙන්නට ඇත්නම්....

    -ඇයගේ දඟකාර කෙහෙරැලි මෑත්කොට, ඒ සුසිනිඳු කන් පෙත්තකට මුව ළංකොට ඇයට ඇති ආදරය ගැන කියන්නට ඇත්නම්.....
    ඇයගේ හිස තම ළය මඬලට තදින් සිර කරගෙන, ඒ නළල් තලයට හාදු වැස්සක් වස්සවන්නට ඇත්නම්.....!’
    හිතේ තෙරපෙන එබඳු අපේක්ෂාවන්ගෙන් එකක්වත් ධනුෂ්ක මිලින්දට හෙළි කළේ නැත.//

    ඉතින් මාලතීව තුරුළු කරගෙන මිලින්ද මැරුණා කියන දුඛාන්තයෙන් කතාව ඉවර වෙනවා කියලා තමයි මටත් හිතුනේ!

    මේක චිත්‍රපටියකට නැගුවානම්, කතාවේ අවසානය, නරඹන්නන්ට කැමති විදියකට හිතා ගන්න අවස්තාව ලැබෙන ආකාරයට නිමා කරන්න පුළුවන් නේද?

    ReplyDelete
    Replies
    1. සෑම්, මේ කතාවෙන් film එකක් හදනවා නං, ඒ ගැන තීරණය කරන්න වෙන්නේ එහෙම දෙයක් නිර්මාණය කරන කෙනාටයිනේ.
      මතකයිද 'පෙම්බර මධු' film එක? අවසානයන් දෙකක් තිබුණු ෆිලුම, සුගතපාල සෙනරත් යාපා මහතාගේ....

      සරලයි වගේ පෙනෙන්න, ඒත් ටිකක් පැටලිලි සහිතව, බාගෙට හංගලා කියන ක්‍රමයට මගේ තියෙන කැමැත්තෙ විදිහටයි මම ඒ කාලේ පොත ලියල තියෙන්නෙ. ඒ මට හිතෙන විදිහ, හොඳේ.

      Delete
  2. මිය ගියා කියලා හිතුනෙ නැහැ, නමුත් තව එක වාක්‍යයක් අන්තිමට එකතු කලානම් සමහරවිට කාටවත් එහෙම හිතෙන එකක් නැහැ- දෙන්නම ඇස් ඇරල දෙන්නා දිහා බලගෙන ඉදලා ආයිත් තුරුලු වෙනවා වගේ එකක් (හී හී.. මගේ මෝඩ අදහස්). හැබැයි ධනුෂ්ක තව අවුරුදු කීපයක් ජීවත්වෙනවා කියලා නිමල්ට පෙන්නන්න ඕනෙ වුනත් ඒක platonic love එකක් වගේනෙ වෙන්නෙ ඒ දෙන්නට විවාහ සම්බන්ධතා පවත්වන්න බැරි නිසා.

    'යුවති කිරිල්ලිය සංසාරගත පුරුද්දෙන්ම ඒ උණුසුම් පහස හඳුනාගෙන තිබිණි' රසික රසිකාවියො හිතන්න ඇති මෙහෙම ලියන නිදි love bomb එකක් කියලා.

    ReplyDelete
    Replies
    1. Lotus, දැන් නම් මට මතකයක් නැහැ. නමුත් වැඩිපුර ඉංග්‍රීසි films බලන නිසා පස්සේ දෙවෙනි කොටසක් ලියන්නත් හිතේ තිබුණා වෙන්නැති; ඔහොම අවිනිශ්චිත අවසානයක් ලිව්වේ.

      අන්තිම කාරණය ගැන නං වැඩිය මොකුත් කියන්න යාම හරි භයානකයි. හිතන නිදහස කාටත් තියෙනවානේ. නමුත්, එහෙම එක පාරටම තීරණවලට එනවාට මම නං හරිම අකමැතියි. "බය වෙන්නෙපා, ඔයා එකයි...." post එකේදී මගේ ඒ ගතිය ගැන ලිව්වා. අමතක නං, වෙලාව තියේ නං ගිහින් බලන්න ලේසි කරනවා, ඔන්න.
      https://nidigepanchathanthare.blogspot.com/2020/05/blog-post_17.html

      Delete
    2. 'අවිනිශ්චිත අවසානයක්' දුන්න එක හොඳයිනෙ. එතකොට හැමෝම තමන් කැමති විදිහට අවසානය හදාගන්නවනෙ. ධනුෂ්ක සහ මාලතී මියගියා කියලා හිතුව අය The Notebook වගේ අවසානයක් ගැන හිතන්න ඇති. උඩ කමෙන්ට් එකේ සෑම් මහත්තය කොච්චර නිර්මාණාත්මක වෙලාද කියනවානම් සයිඩ් සපෝර්ටර් වුනු මිලින්ද මියගියා කියලා හිතලා. ඒ ටිකට මිලින්දයි මාලතියි යාලු කරලානේ.

      love bomb කියන වචනය ඇත්තටම හොඳම වචනයක් නෙවෙයි, හේතුව ඒ වචනය යොදාගන්නවා තමන්ට ඕනෙ විදිහට අනිත් අය හසුරුවන අරමුණ ඇතුව (manipulate) ආදරය පෙන්වන අයට. මේ දවස්වල කතාකරන එක ප්‍රසිද්ධ උදාහරණයක් තමයි හැරී කුමරුගෙ බිරිඳ මෙගන් කුමරිය. නිමල් එහෙම කෙනෙක් නෙවෙයිනෙ. (ලින්ක් එක දාපු පෝස්ට් එක මම බලලා ඇති, ආයිත් බලන්නම්).

      Delete
    3. ගොඩාරියක් ස්තුතියි Lotus!

      Delete
  3. This comment has been removed by the author.

    ReplyDelete
  4. බොබැල්ලේ බිනරමල් ගැන සර්ච් කරලා බලන්න

    ReplyDelete
    Replies
    1. බිනර මල් ප්‍රභේද ගොඩක් තියෙන බව දැනගත්තා. ස්තුතියි, ඔත්තුවට. ඒත් ඒ කාලේ අන්තර්ජාල පහසුකම් අපිට තිබුණේ නෑනෙ Pra Jay මහත්තයෝ.

      Delete
  5. ඉතාම කෙටියෙන් කියනවානම් “පට්ට“. තව පොතක් ලියන්න මේ හොඳම කාලයයි.

    ReplyDelete
    Replies
    1. චමී, ඔයාලා මේ කියවන්නෙත් ලොකු පොතක් තමා! බලමුකො!!

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්