li Item

Sunday, April 11, 2021

දහතුනේදී.... -හයවෙනි කොටස

 අරූ බබෙක් රංජි මල්ලී.... සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ...

ඒ අත හිමියා මට කෑ ගැසෙන්නට නොදී මගේ කට වසාගෙන, කණට කෙඳිරුවේය. එතකොටත් භානු ඈතට ගිහින් ඉවරය.

අරූ බබෙක් රංජි මල්ලී.... සැපක් ගන්න දන්නෙත් නෑ- දෙන්න දන්නෙත් නෑ... කමක් නැහැ නේද........අඳුරේම කොඳුරන ඒ කටහඬ හඳුනා ගන්නට තැත් කෙරෙන අතරේ, දැවෙන දෙතොලක් මගේ සිරුර පුරා ගමන් කරන්නට පටන් ගත්තේය..... 

ඒ සිපගැනීම් අතරේම කෙරුණු කෙඳිරිලිවලින් අන්තිමේදී මම ඒ කවුදැයි හඳුනා ගත්තෙමි.

විටින්-විට මගෙන් අනවශ්‍ය ප්‍රශ්න අසමින් මගේ අවධානය දිනා ගන්නට තැත් කළ භානු යාළු-1! ඒත් එදාට කලින් නම් ඒ හාදයා ‘මෙහෙම සෙල්ලමකට’ අර අඳින බවට කිසිම හෝඩුවාවක්වත් මට දැනෙන්නට ඉඩක් දීලා තිබ්බේ නැති හැටි! මටම පුදුමය!!
මෙතැනදී ඔහුටත් සාධාරණය ඉටු කරන්නට වෙයි. මට පෙන්නන්නට බැරිව හිටියත්, භානු යාළු-1 දක්ෂ ලිංගික සහකරුවෙකි.

‘... ටික කාලෙකට ඉස්සර මට තිබුණු ප්‍රශ්නයක් තමයි ඔය වගේ සමරිසි අය තමන්ගෙ අවශ්‍යතා අනුව ඒ සමාන අය හොයාගන්නෙ/තෝරගන්නෙ කොහොමද කියන එක. ඇයි ඉතින් විරුද්ධ ලිංගික අය පවා අරයා මට ඇත්තටම ආදරෙයිද, බලන්නෙ බොරුවටද කියලා තේරුම් ගන්න කන පරිප්පුවෙ විදිහට මං හිතුවා, සමරිසි අයට ඕක තවත් අමාරු ඇතිනෙ කියලා. මම ඒක මගේ යාළුවෙක්ගෙන් ඇහුවා LGBT එකේ. එයා කිව්වා ‘නෑ හරි ලේසියි. ඒක දැනෙනනවා’ කියලා. එකම feelings තමයි ඉතින්....’ 

දහතුනේදී posts ටික විතරක් නොවේ, comments ටිකත් කියෙව්වා නම් ඔබට උඩ ඡේදය අමතක වෙන්නට බැරිය. මේ පෝස්ටු මාලාවේ තෙවැන්නටය, Lotus ඒ කමෙන්ටුව එවා තිබුණේ.

භානුලාට මා ගැන රාගික හැඟීමක් ඇති වූයේ ඇයි?

යෞවනෝදයෙදී සමහරෙකුට සිදු වන අධික ලිංගික හෝර්මෝන වහනය නිසාද මෙලෙස...

භානු යාළු-1 සමරිසි අයෙකුද නැතිද කියන්නට තරම් පුළුල් දැනීමක් නම් මට නැත. භානු ගැනත් කිව යුත්තේ ඒ ටිකමය.

මගේ දැනීමේ හැටියට නම් තරුණ වයස එළඹෙද්දී, ලිංගික හෝර්මෝන වැඩියෙන් වහනය වෙන අයට උරුම වෙන ‘අරුම දැවිල්ලක්’ නිසා මෙහෙම වෙනවා විය යුතුය!

යෞවනෝදයෙදී සමහරෙකුට සිදු වන අධික ලිංගික හෝර්මෝන වහනය නිසාද මෙලෙස වෙන්නේ....

මා වැරදි වෙන්නටත් ඉඩක් තිබේ. ඒත් මගේ නිරීක්ෂණ අනුව නම් කිව යුත්තේ වැඩි දෙනෙකු සම්බන්ධයෙන් වන ඒ නිගමනය නිවැරදි බවයි.

මට මතක හැටියට නම්, ඉන්පසු කිසිම දිනෙක මා භානු සමඟ ලිංගික සබඳතාවක් පවත්වා නැත. (ඒ හාදයා එහෙම දෙයකට මා පොළඹවා ගන්නට උත්සාහ කළාය කියලාත් මට සිහි නොවෙයි.)
නමුත් භානු යාළු-1 ඉඳහිට මට ‘කාමුක ආරාධනාවන්’ කළේය. ‘ඒවා අවඥාවෙන් යුතුව බැහැර කළෙමි’ කියලා උදම් අනන්නට මට හැකියාවක් නැත.
වාතමිග ජාතකය දේශනා කරන්නට නිමිත්තවූ චුල්ලපිණ්ඩපාතිකතිස්ස තෙරුන් වහන්සේ මෙන්; සංජය
උයන්පල්ලාගේ උපායට අසුවූ ‘වාතමිග ජාතකයේ මුවා මෙන්’ මමත් රසයට ලොල් වූවෙක් වීමි. 

ඉන්පසු ටික කාලයක් තිස්සේ භානු යාළු-1 හා මා අතර සම්බන්ධයත් පැවතීගෙන ගියත්, අඳුරු පොල්වත්තේ සිදුවීමෙන් පසු භානු වචනයකින්වත්, මට කිසිම බලපෑමක් කරන්නට ආවේ නැත. ඔහුගේ කාම දාහය එතෙකින්ම සංසිඳුණිද? නැතිනම් ඔහු මූලික වුණේ ඉත්තෙකුගේ කොටස ඉටු කිරීමටද? ඔහු කැප වුණේ මිතුරාගේ අභිලාෂය සපුරා දෙන්නටද....
භානු නිහඬ වුණේ ඒ නිසාද- එහෙමත් නැතිනම් මට බිය වුණු නිසාවත්ද?

ඒ වෙද්දී මා පෙම්වතුන් යුවලකට උදව් වෙමින් හිටි බව....

බය වුණා නම් වෙන්නට ඇත්තේ භානු යාළු-2 හා කවකටුවේ සිදුවීම නිසාය!

ඔබ දැනටමත් දනියි. ඒ වෙද්දී මා පෙම්වතුන් යුවලකට උදව් වෙමින් හිටි බව. (ඒ ගැන පසුව ලියන බවත් මා කියා ඇත. භානු මා බය ගන්වා ගත්තේ ඒ ලිපියක් උදුරා ගැනීමෙනි.) ඒ අකරතැබ්බයෙන්වත් මා පාඩමක් ඉගෙන ගත්තේ නැත. යළිත් වතාවක් පන්තියේදීම ලියුමක් ගෙනයාමට ඇගෙන් බාර ගත්තේ, කිසිම පරෙස්සමක් නැතිව- වටපිටවත් නොබලමිනි. 

“මච්චාං අන්න නිමලයට අරකි ලියුමක් දුන්නා.....” භානු යාළු-2 සිනාසෙමින් කෑ ගහනවිටය, මට තරු පෙනුණේ; ඉන්නේ කොතනදැයි සිහිපත් වුණේ. මං හැදුවේ හනික පන්තියෙන් එළියට ඉගිලෙන්නටය.

“අල්ල ගනිං, අල්ලා ගනිං, බට්ටව අල්ල ගනිං...” කියමින් භානු යාළු-2ට උඩගෙඩි දුන්නේ ඒ වෙලාවේ පන්තියේ හිටි රණවකයි. (එතකොට රණවකත් මාත් අතර කිසිම ඇයි-හොඳයියක් තිබුණේ නැත.) ඒ කීමෙන් වඩාත් එඩිතර වුණු ‘භානු යාළු-2’ මගේ පැත්තට එන්නට වුණේය. මං කළේ ඉක්මනටම ලියුම යට ඇඳුම ඇතුළට ඔබා ගැනීමයි.

“මචං රණේ, වැඩේ වැරදුණා!”
භානු යාළු-2 රණවකට කියලා, එහෙම්ම මඟ නැවතුණේය.
“පිස්සුද බං.... උඹ බට්ටව අල්ල ගනිං, මම අත දාලා ගන්නං ලියුම!” රණවක කිව්වේය; ඒ විතරක් නොවේ පුටුවෙනුත් නැඟිට්ටේය. එහෙම කියන්නේ ඇත්තටම බවත් මට පෙනුණි. රණවක ඒක කරන එකත් කරනවා නිසැකය.

මං කළේ, desk එක උඩම තිබුණු කවකටු පෙට්ටියෙන් කවකටුව අතට ගැනීමයි.

“ළඟට එන්නෙපා.... සත්තයි, අනින එක අනිනවා ළඟට ආවොත්!”
“අඩෝ..... xxxxx, ඔය කිව්වට ඕකා උඹට අනින්නෙ නෑ. හිටපංකෝ මාත් එන්නං....” රණවක වහසි කියමින් කමිසයේ අතුත් උඩට අදිනවා පෙනුණි. ඒකෙන් භානු යාළු-2 අලුත් ජවයක් ලබා ගත්තා වගෙය; මගේ ළඟටම ආවේය; මාව අල්ලා ගන්නට අතක් දික් කළේය.

මගේ අත යදම්වලින් වෙළී තිබුණා වැනිව දැනුණත්, මම ඒ බව නොතැකුවෙමි.

මගේ ඇස් දෙක පියවිණි; තද හුස්මක් ගැනුණි.

කවකටුව සහිත මගේ දකුණත දිග හැරුණේත්, ඉහළට ගත් හුස්ම මුදා හැරුණේත්, මගේ ඇස් දෙක වැසී තිබුණු ගමන්මය. මගේ අත යදම්වලින් වෙළී තිබුණා වැනිව දැනුණත්, මම ඒ බව නොතැකුවෙමි..... මගේ එල්ලය වැරදුණේ නැත.
ඇස් ඇර බලද්දී, කවකටුවේ අඟල් දෙක තුනක් විතර දිග- උල් කොටස එහෙම පිටින්ම භානු යාළු-2 හාදයාගේ අත් ගොබයට කිඳා බැහැලාය....

කවුරුන් ප්‍රථමාධාර දුන්නාද- කොහොම ඒ තුවාලයෙන් ලේ ගැලීම නවත්තා ගත්තාද කියලා හොයන්නටවත් මට හැකි වුණේ නැත. මම ඩෙස්කුවට මුහුණ ඔබා ගත්තෙමි; ඒ දිගටම වැක්කෙරෙන්නට පටන් ගත් කඳුළු හංගා ගන්නටය.

මගේ පෙර වාසනාවකට වගේ ඒ සිදුවීම ගැන කිසිම ගුරුවරයෙකුට පැමිණිලි කෙරුණේ නැත. එදාම පාසල ඇරෙන්නට පෙර රණවක කවකටුව මට ගෙනත් දුන්නේ, මට රැවුමක් හෙළමිනි.
“බට්ටො... උඹ එහෙනං දිනුවා...” කියලාත් රණවක දත්මිටි කමින් කිව්වේය.
මං ඒවාට උත්තර දෙන්නට ගියේ නැත්තේ, ඒ වෙද්දීත් සෑහෙන බයකින් හිටි නිසාය!

“මොකද වුණේ?”
තුවාල අත වෙළුම් පටිවලින් වෙළාගෙන, ඒ ළඟම දවසක භානු යාළු-2 හාදයා අපේ ගෙදරට ආවාම අපේ තාත්තා ඇසුවේය.

මගේ කෝණයෙන් බලද්දී නම් එයා කැපී පෙනෙන හාදයෙකුනොවීය. 

“පොඩි තුවාලයක් වුණා, ගුණපාල අයියේ...” කියමින් මගේ දිහාවටත් හොර බැල්මක් දැමුවා මිස, මිනිහා මගේ හපන්කම ගැන තාත්තාට කීවේ නැත.

එකම මව්පියන්ට ජනිතව ඉපදෙන දරුවන් පවා විවිධය. ඔවුන්ගේ හැඩරුව, රුචි-අරුචිකම්, හැසිරීම් රටාවන් පවා වෙනස්ය. ඒ බව තවත් තහවුරු කර ගන්නට ලැබුණු අවස්ථාවක් මට මඟ හැරී ගිය හැටිත් මේ posts මාලාව අවසන් කෙරෙන අදම කිව යුතුය; ඒ සිදුවීමටත් අභී අයියලාගේ පවුලේම සාමාජිකයෙකු ගෑවෙයි.

“රංජි මල්ලී... ඔයා දන්නවා නේද, බිංදුව?” දවසක් භානු යාළු-1 මගෙන් ඇසුවේය.
“මොන?”
“අපේ යාළුවගේ පොඩි අයියා... භානුවලගේ අයියා.... කෙට්ටු- කළු එක්කෙනා...” හාදයා විස්තරත් කිව්වේය.

“දැක්කම හිනා වෙලා තියෙනවා....” මට කියැවුණේ දුරක්-දිගක් නොසිතාය.

“එහෙමද? බිංදු ඔයාට රහසක් කියන්න කිව්වා...” හරිහැටි කතා කරලාවත් නැති කෙනෙකුගෙන් මොන රහසක් දැන ගන්නද? මං මොකුත් නොකියා හිටියේ ඒ හින්දාය.

භානුලාගේ පවුලේ පිරිමි හතර දෙනෙකි. එක කෙල්ලකි. ලොකු අයියා අභීත්, දෙවෙනියාත් ඒ වෙද්දී හමුදාවෙය. බිංදුටය තාත්තාගේ කුඹුරු- ඕවිටි වැවිල්ලත්, එළුවන්- හරකුන් බලා ගැනිල්ලත් පැවරී තිබුණේ. ඒ රාජකාරි නිසාදෝ, ඒ මනුස්සයා කළු ගැහී උන්නේය. ඒ පවුලේ අනෙක් දරුවන් හතර දෙනාම පැහැපත් අයයි.

මගේ කෝණයෙන් බලද්දී නම්- කොහොමත් බිංදු අයියා ‘කැපී පෙනෙන හාදයෙකු’ නොවීය.
ඇත්තම කියනවා නං මට ඒ මනුස්සයාගේ මුහුණුවර විතරය, යන්තමට මතකයේ තිබුණෙත්.

පස්සේ දුරට හිතා බලනවිටය, මට මීටර් වුණෙත්; භානු යාළු-1 ඒ පවුලේ තෙවෙනි-සිව්වෙනි කොල්ලන් දෙන්නා; අයියලා-මල්ලිලා දෙන්නා එක්කම හිතවත්ය.

හොඳ නං නරක් වෙන්න එපැයි කියන්න.මම කීවෙමි. (ශාඛ පත්‍රයකින් කැපූ කැටයමකි.)
“බිංදු රංජි මල්ලිට හරිම ආදරෙයිලු....” භානු යාළු-1 ආයෙමත් කිව්වේ එපා කරපු තාලේකටය. “....රංජි දන්නවද, භානුට වැඩිය හොඳයි....”

“හොඳ නං නරක් වෙන්න එපැයි කියන්න.” මම කීවෙමි.

එයින් පස්සෙත් කීප සැරයක්ම භානු යාළු-1, බිංදු අයියා ගැන මට කිව්වේය. ඒ හැම වෙලාවකම මගෙන් එයාට කිසිම බුරුලක් පළ වුණේ නැත.
ඒ වෙද්දී මොකක්දෝ එඩිතරකමක් මා තුළ වර්ධනය වෙමින් තිබුණි.
කරුණාකර පටලවා නොගන්න!
එඩිතරකමක්ය කිව්වේ- මට උවමනා දේ කරන්නටත්, මට එපා දේ නොකර සිටින්නටත්.... ඒවා මොනවාදැයි තීරණය වුණේ මගේම මනාපය අනුවය. සමාජ සම්මත අනුව නොවේ!

කිහිප වරක්ම කියා ඇත්තෙමි; මං මේ අතීත තොරතුරු නොසඟවා ලියමින් කරන්නේ එක්තරා අන්දමක ‘භාව විරේචනය’කි.

කිතු දහම අදහන අය ‘පව් සමා කර ගන්නවා’ වගේ දෙයකි. ඔවුහු තම-තමන්ගේ හැම වරදක් ගැනම පාපෝච්ඡාරණය කරතිලු.

මා අවංකවම මගේ අභ්‍යන්තරය හෙළිදරව් කරන්නේ එලෙස, කිසිවකුගෙන් සමාවක් බලාපොරොත්තුවෙන් නොවේ; පාප මෝචනයක් කර ගන්නටත් නොවේ. මගේ මතකයන්ගේ බරෙන් තරමක් හෝ අඩු කර ගන්නට විතරය.... ඒවා හොඳටම වැඩිය....
ඒ ගැන බොහෝ දෙනා නොදන්නා නිසාදෝ, හැබෑම මට ලැබිය යුතුවාට වඩා පිළිගැනීමක්; ගෞරවයක්; හොඳ නාමයක් දැනටමත් මට ලැබී තිබෙයි. මමත් ඒවා ලබන්නට කැමැත්තෙමි. එහෙත් ඒවා ලැබිය යුත්තේ නිමල් දිසානායක යනු කවරෙකුදැයි තේරුම් ගත් අයගෙනි. මගේ යථා ස්වරූපය දැකගත් අයගෙනි.

... අළු ගසා දමා නැඟිටගෙන හිටි ෆීනික්ස් කුරුල්ලෙකි.

මගේ ජාගර හිත ‘කැතම කැත- ගැටළු සහගත’ එකකි!

මේ හිත කොච්චර කැතද- ප්‍රශ්නකාරීද කියලා කියනවා නම්, බිංදු ගැන කියන මේ ටිකෙන් වුණත් කෙනෙකුට තේරුම් ගත හැකිය.

ඒ දිනවල මම බිංදු අයියාව තරයේම ප්‍රතික්ෂේප කළෙමි. ඊට අවුරුදු කිහිපයකට පස්සේ බිංදු අයියාත් හමුදා සේවයට ගියේය. ඊට පස්සේ මට මුණ ගැසුණේ ප්‍රතාපවත් බිංදු කෙනෙකි; අළු ගසා දමා නැඟිටගෙන හිටි ෆීනික්ස් කුරුල්ලෙකි.
ඔහුට නොකිව්වත්, කලින් ඔහු පිළිකෙව් කර තිබීම ගැන මට ඇති වුණේ පසුතැවිල්ලකි. ‘අපරාදේ!’ ලජ්ජාවෙන් වුණත් කිව යුත්තේ, එහෙම හිතිවිල්ලක් මට පහළ වුණු බවයි.

ශාරීරිකව නොකරන වැරදි කොච්චරක්, අප මානසිකව කරනවාද?
මුලින් බිංදු කෙරෙහි ඇති නොවුණු ආකර්ෂණයක් පසුකාලීනව ඇති වීම ගැන මටම වටහා ගන්නට අසීරුය.

ඒ ඇයි? මා සොයන්නේ පෞරුෂයක්ද? කාකි පාට ඇඳුමෙන් සැරසුණු කෙනෙකුද? (ෂර්ලිගේ නිල ඇඳුම හා එහි වර්ණය මගේ යටි හිතේ රජයමින් තිබෙනවාවත්ද....) 

මගේ ගැන, මගේ චින්තාවලිය ගැන හරිහැටි තේරුම ගන්නට තවත් බොහෝ දේ ඔබට කිව යුතුය. එතකොට මනුෂ්‍යත්වය ගැනත් යම් තරමකට හෝ තේරුම් ගත හැකිවනවා ඇතිය.

ඉස්සර නං ‘gal කාරයන්’ කිව්වොත් අපාගත වෙන්නටම උපන්නවුන්ය. ඊට පස්සේ ඒ නම වෙනුවට ‘සමලිංගික’ නම ආදේශ වුණේය. දැන්  ඒ යෙදුමත් යල් පැනලා වගෙය. එය විතැන්වී ‘සමරිසි- සාමකාමී’ වචන එතැනට ආදේශ වෙලාය. (ඒ පිරිස ගැන තීන්දු-තීරණ ගන්නට නොවේ මේ හදන්නේ; හුදු නිරීක්ෂණයක් ගැන කියන්නට විතරය.) භානුලා එවැනි අයද, නැතිනම් සාමාන්‍ය උදවියද?

ලෝකය ගැන යම්කිසි අවබෝධයක්; දැනීමක් තිබෙනවා වගේ වුණත්, මගෙන් නම්....

සමාජ ව්‍යවහාරය අනුව පවසනවා නම්, භානු තමන්ගේ මිතුරෙකු වෙනුවෙන් ‘පිම්පිකමක්’ කළේය. භානු යාළු-1 තමන්ගේ මිතුරු බිංදු වෙනුවෙන් ‘පිම්පිකමක්’ කරන්නට උත්සාහ ගත්තේය. ඔවුන්ට ඒවා අමතකවී ගිහින්ද? පරහිතකාමීත්වය අතින් ඔවුන් සිටින්නේ, මටත් වඩා ඉදිරියෙන් වගෙය.

මට එහෙම හිතෙන්නේ ටික කාලයකට පෙර සිටන්මය;
භානුගේ විවාහ මංගල්‍යය සිදු වුණාට පස්සෙය.

භානුගේ මනාලිය වූයේ භානු යාළු-1 මිත්‍රයාගේ නැඟණියයි!

ලෝකය ගැන යම්කිසි අවබෝධයක්; දැනීමක් තිබෙනවා වගේ වුණත්, මගෙන් නම් එවැනි දෙයක් කෙරේවිද? මටම පුදුමය. මා යම් තරමක හෝ පුළුල් දැක්මක් සහිත කෙනෙකු යැයි උපකල්පනය කරගෙන හිටියත්, එය වැරදි බවය හිතෙන්නේ.
ප්‍රශ්නයක් අනුන්ගේවී තිබෙන විට අදහස් වරුසාවක් වස්සවන්නට; උපදෙස් ගංවතුරක ඒ මනුස්සයාව ගිල්වන්නට අපට පුළුවනිය. ඒත් ප්‍රශ්නය අපේ නම්.....

භානු යුවල දරු-මල්ලන් ලබා සතුටින් ජීවිතය ගෙවති. දැන් භානු සාර්ථක ව්‍යාපාරිකයෙකි. එහෙත් ජීවිතය අපට සරදම් කරන්නටත් අමතක නොකරයි.

දෙතුන් අවුරුද්දකට පෙර දවසක මං කොල්ලුපිටියේ ‘වාසන් පෞද්ගලික රෝහල’ට ගියේ අයස්මන්ත පීරිස් අක්ෂි ශල්‍ය වෛද්‍ය විශේෂඥ හිතවතාගෙන් මගේ ඇස් දෙක පරීක්ෂා කරවාගෙන කන්නාඩිය අලුත් කර ගන්නටය. භානුත් ඒ සායනය පැවැත්වෙන තැන තමාගේ වාරය එළඹෙනතුරු අසුන් ගෙන හිටියේය. ඔහුගේ බිරියත් එතැනම වාඩිවී සිටියාය. මම ඔවුන් ළඟට ගොස් කතා කළෙමි.

අවුරුදු දොළහේ පමණ කාලයේ පටන් ශුක්‍ර ධාතුව වැඩීමට....

භානු මගේ හඬ ආ දෙසට හැරුණේය....

“මේ රංජි නේද? අම්මේ දැක්ක කල්.... ඒයි, ගුණපාල අයියලාගේ ගෙදර රංජි.... ඉස්සර නාට්‍ය නැටුවේ...” සැමියාට කියූ බිරිය යළිත් මගේ පැත්තට හැරුණාය.
“මෙයාගේ පෙනීම හොඳටම අඩු වෙලා, රංජි.... ඡායාව විතරයි පේන්නේ.... ආරෙටද මන්දා... බිංදු අයියටත් එහෙමයි!”

දැන් කොහොමදැයි කියන්නට නම් මට දැනුමක් නැතත්, අවුරුදු කීපයකට කලින් නම් අභී අයියාගේ පෙනීමේ දුබලකමක් තිබුණේ නැති බව මට සහතිකය. එහෙම දුබලකමක් තිබුණා නම් ‘දැන්.... එහෙම හිටගෙන ඉන්නා අතරේ අභී අයියාගේ බැල්ම යොමු වෙන්නේ පාරේ ගමන් කරන ගැටවර පිරිමි ළමුන් දිහාවටය....’ කියලා මට කියන්නට ඉඩක් ලැබෙන්නේ නැත.

බැරි වෙලාවත් අභී අයියලා ගැටවර වයසේදීම යට කියන විස්තර කියවලා තිබුණා නම්....

‘අවුරුදු දොළහේ පමණ කාලයේ පටන් පුරුෂයාගේ ශුක්‍ර ධාතුව වැඩීමට පටන්ගණී. මෙයින් ඔවුන්ට ස්ත්‍රීන් කෙරෙහි රාග තෘෂ්ණාවක් හටගැණෙන්නේය. මෙසේ හටගත් විට ප්‍රඥා සම්පන්න හෙතුවන්ත භාවය පතන්නාවූ තරුණයෝ එය මැඬපවත්වා නිසි කාලය වෙනතුරු ක්‍රියා කරත්. අවශේෂ තිරශ්චීන ගති ඇති කාලකණ්ණි පුද්ගලයෝ ශරීරයේ පිණීම කරන්නාවූ එම ශුක්‍ර ධාතුව තම ලිඟුව පිරිමැඬ ගැණීමෙන් හෝ අන්‍ය වූ අයථා ක්‍රමයකින් හෝ පහකර ගණිත්.....’

‘සිතියම් සහිත ස්ත්‍රී චිකිත්සාවලිය’ පොතේ ‘අයථා ශුක්‍ර මෝචනය’ මාතෘකාව යටතේ කියා තිබිණි.

දෛවය මා වෙනුවෙන් සැලසුම් කර තිබුණේ වෙනත්….

ඒ යටතේම තවත් විස්තරත් ගොඩක් තිබේ. මට නම් වැඩියෙන්ම හිතට කා වැදුණේ මේ ටිකය: ‘.... ශාස්ත්‍රාචාර්ය වංශාධිපති අයිසෙක් නිව්ටන් තුමා කිසි කලෙකවත් ස්ත්‍රී සංසර්ගයක නොයෙදුන බවත් එසේ වීමට හේතුව එතුමාගේ මුළු කල්පනාව “පෘථිවියේ ආකර්ෂණ ශක්තිය” ආදී ඉතා සූක්ෂ්ම වූ ගැඹුරු ශාස්ත්‍ර ක්‍රම පිළිබඳව නොකඩවා යෙදී සිටින්ට වීම බවත් කියා තිබේ.....” (පිටුව-193, 14 වෙනි මුද්‍රණය- 1973)

අවාසනාවට වාගේ ඔය තරම් ගැඹුරු කාරණාවල් ඒ කාලේ මගේ ඔළුවට ආවේ නැත.

ඒ දෛවය මා වෙනුවෙන් සැලසුම් කර තිබුණේ වෙනත් ක්‍රමයකට නිසා වෙන්නැතිය. ඒ විස්තරවලින් ඊළඟ ටික ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨක ඔබට ඉක්මනින්ම කියන්නේ ‘දාහතර වෙද්දී’ posts කිහිපයෙනි෴


11 comments:

  1. Looks like I miss a few, you are going ballistic NiDi.

    Gal kapeema kawruth kara atha adu ho wediyen, though it was done at young age most of us did not become gay (Wijebahu)

    ReplyDelete
    Replies
    1. විජේබාහු මහත්තයා ටික දවසකින් බ්ලොගය පැත්තේ ඇවිත් තිබුණේ නැහැ තමයි.

      කමෙන්ටුවට ගොඩක් ස්තුතියි!

      Delete
  2. https://www.huffpost.com/entry/isaac-newton-facts-physicist_n_4058836

    ReplyDelete
  3. https://en.m.wikipedia.org/wiki/LGBT_culture_in_London

    ReplyDelete
    Replies
    1. දැනුම්වත් links දෙකටම ස්තුතියි Pra Jay මහත්තයෝ.

      Delete
  4. අයිසෙක් නිව්ටන් තුමා ගැන ඒ කතන්දරේ දැනගෙන හිටියෙ නැහැ. ප්‍රාජේ දාපු ලින්ක් එකටත් ගිහින් කියෙව්වා.

    දහතුන සීරීස් එක ඉවරද, නිමල්.

    ReplyDelete
    Replies
    1. ඔව් Lotus! දහතුන සීරීස් කිහිපය ඉවරයි. ඒකට සබැඳි අනෙක් තොරතුරු 'දාහතර වෙද්දී' පොස්ටුවලින් ලියනවා.

      Delete
  5. මම හිතන්නේ මෙතෙක් ලියපු කොමෙන්ට් අනුව හරියටම ඇවිත් තියෙනවා තැනට නිදි.
    මේ පොස්ටුවේ තියෙනවා හිතේ බර අඩු කරගන්න ලියනවා.ඇයි බර - ඔයාගේ ජාගර හිත කියල ඔයාම කියන නිසාද? මම කලින් ලිව්වා වගේ ලංකාවේ ගැහැණු සම්බන්ධය අඩු නිසා පිරිමි පොඩි කොල්ලන් භාවිතා කරනවා. ඔයාට වුනෙත් (ඔයා කැමති වුනත් නැතත්) ඕක නේ. අපි හාමුදුරු වරු විවේචනය කරනවා. පල්ලියේ ෆාදර් ලා ඕක අක්රන්ව. මුස්ලිම් අයගේ මාද්‍රසා වල වෙනවා. ඔය ඔක්කොම වැරදියි. ඔක්කොම කලේ කරන්නේ එකම වැරැද්ද. වැරැද්ද නැත්තේ සහ මෙතන අහිංසක ඔයා

    ReplyDelete
  6. //ඉස්සර නං ‘gal කාරයන්’ කිව්වොත් අපාගත වෙන්නටම උපන්නවුන්ය. ඊට පස්සේ ඒ නම වෙනුවට ‘සමලිංගික’ නම ආදේශ වුණේය. දැන් ඒ යෙදුමත් යල් පැනලා වගෙය. එය විතැන්වී ‘සමරිසි- සාමකාමී’ වචන එතැනට ආදේශ වෙලාය// සමරිසි, සමකාමී කියන්නේ වැඩිහිටි දෙන්නෙක් අතර වෙන දෙයක් නිසා මේ ලියන එකට ඒ නම යොදන එක වැරදියි. දැනට ලංකාවේ සමරිසි LGBT අයට විරුද්ද වෙන්නෙත් බොහෝ අය එක ළමා අපයෝජනයට සම්බන්ධ අකරණ නිසා.

    ReplyDelete
    Replies
    1. මේ සිදුවීම් ගැන අජිත් මහත්තයා බලන කෝණයෙන් මම බලලා තිබුණේ නැහැ. 'දාහතර වෙද්දී' පොස්ටු ලියද්දී මේ ගැන අනිවාර්යයෙන් සඳහන් කරනවා!

      Delete
    2. ඒක මම බලන කෝණය නෙමේ.මේ බ්‍රිතාන්‍ය ඇතුළු යුරෝපයේ රටවල් වල නීතියෙන්ම තියෙන එක.

      Delete

පසුගිය මාසයේ වැඩිම පිවිසුම්